Friday, January 20, 2017

GSP+ කා වෙනුවෙන් ද?

අපට යුරෝපා සංගමයෙන් GSP+ ලැබිනැයි ආණ්ඩුවේ සමහරු උදම් අනනු අසන්නට ලැබිණි. ඇත්ත වශයෙන්ම එය තවම ලැබී නැත. මතක හැටියට 2005 දී එය අපට නැති වන විටත් දැන්නම් සාගතයක් එනු ඇත; ව්‍යාපාර කඩා වැටෙනු ඇත; යුද්ධය පරදිනු ඇත; ආණ්ඩුව බිඳ වැටෙනු ඇත ආදී වශයෙන් භයංකර කතා කියූවන් දැන් උද්දාමයට පත් වී සිටීම අපට තේරුම් ගත හැක.

එහෙත්, එය එදා නැති වීමෙන් ලංකාවේ අප සාගතයට ලක් නොවූවා පමණක් නොව GSP+ නැති කිරීමේ යුරෝපා සංගමයේ තක්කඩි අරමුණ ද පරාජය කරමින් දෙමළ ත්‍රස්තවාදයට නින්දා සහහගත පරාජයක් අත් කර දීමට අපට හැකි විය. එසේනම් GSP+ දැන් අපට ලැබීමෙන් උදා වන අමුතු සෞභාග්‍යයක් නැති බව හුදී ජනයා දැන ගත යුතුය.




Tuesday, January 17, 2017

රතනලියා අතුරෙගියා

ජීවීන් සඳහා විද්‍යාත්මක නාමකරණයක් තිබේ. ලතින් භාෂාවෙන් කෙරෙන මේ නාමකරණය සාමාන්‍යයෙන් කොටස් දෙකකි. නාම පදයක තේරුමක් තිබීම අත්‍යාවශ්‍ය නැති සේම නාමපදයක් සාමාන්‍යයෙන් වෙනත් භාෂා වලට පර්වර්තනය කෙරෙන්නේද නැත. උදාහරණයක් දෙතොත් එක්සත් ජනපද වල ජනාධිපති ට්‍රම්ප් මහතාව තුරුම්පුවා ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති වල හෝ වෙනත් තැනක හෝ කියවෙන්නේ නැත. ඒ අනුව බොහෝ විද්‍යාත්මක නාම වලට ලතින් භාෂාවේ තේරුමක් නැත - ඒවා ලතින් මෙන් ඇසෙනවා පමණි.

හැලපේනියාස් ඔතේනියාස් යනුවෙන් කැන්ද ගසට 'විද්‍යාත්මක' නාමයක් පට බැඳෙන්නේ ඒ අනුවය. එසේනම් "රතනලියා අතුරෙගියා" යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ලංකාවට ආවේණික අරුම පුදුම සත්ත්වයා කවුද ?




ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !