Thursday, July 28, 2016

ඡායා කැබිනෙට්ටුව සහ රණවිරුවන් පාවාදීම

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජනතා විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රී වරුන්ගේ සංසදය වන "ඒකාබද්ධ විපක්‍ෂය" විසින් ඡායා කැබිනෙට්ටුවක් පත් කර ගත් බව පුවත් පත් වල පල විය. මේ වනාහී බ්‍රිතාන්‍යයේ වහරේ එන shadow cabinet යන්න පදගත පරිවර්තනයට ලක් කිරීමෙන් තනා ගත්තකි.

ජාතිවාදීන් ලෙස නිකරුනේ චෝදනාවට ලක් වන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සිංහලය නාඳුනන බව ඉහත සිද්ධියෙන් පෙනේ. ඉංගිරිසි මනුෂ්‍යයෙක් shadow cabinet ය යන්නෙන් ලබා ගන්නා අදහස සිංහලයෙකුට 'ඡායා කැබිනෙට්ටුව' යැයි කී විට ලැබේද?

වෙනත් වචනයෙන් කියතොත්: පොල් බූරුවාට ඉංගිරිසි මනුෂ්‍යයා coconut donkey යැයි කියන්නේ නම් ඒ මිනිසා විසින් පකිස් බූරුවා හැඳින්වීම පිණිස භාවිතා කළ යුත්තේ කවර වදනක්ද?

සිංහලය නාදුනනු පමණක් නොව, ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සිංහලයා වෙනුවෙන් පෙනී නොසිටින බවද තවත් තහවුරු කරමින් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටුවීමේ පනත අධිකරණයේදී අභියෝගයට ලක් නොකර සිටීමටද ඒ අය තවදුරටත් කටයුතු කර තිබිණි. ඒ දිනවල උදය ගම්මන්පිල්ල රිමාන්ඩ් භාරයේ සිටින්නට ඇත. එහෙත් අනික් අයවළුන් අල හිටෙව්වා ද?





ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !