Friday, January 8, 2016

ඒවා එයාකාරයි, මේවා මෙයාකාරයි, හැබැයි ලෝකෙ ගෝලාකාරයි

හෙවත් කළු පාටින් සමරණ බ්‍රා-සිරා ගේ වර්ෂ පූර්ණය



ගමයා අලියාගේ එල්ලී දෙව් ලෝ ගොස් අදට වසරකි. මේ වසරට මෙලෝ ගොබිලෙක් නුදුන් වින්දනයක් අපට ලබා දීමට ගමයා සමත් උනේ නැද්ද? අපේ මාමා "අයියෝ සිරිසේන !" කීවේ මේවාටමය.




ගමයාගේ අණ්ඩ දැමීම


සොඳුරු ඒකාධිපතිත්වය අවසන් කරන්නෙමැයි පාරම් බාමින් පැමිණි මේ ගෝතයා අඩුවක් නොතබාම එය ඉටු කළේ කුරිරු ඒකාධිපතිත්වයක් ආරම්භ කරමිනි. තමා දිව්‍ය ලෝකයට ගෙන ගිය අලියාට කෙළෙහි ගුණ සැළකීම පිණිස කළ මැටි-මෝල් වැඩ ගැන පසුගිය වසර පුරාම කතා කර ඇති මුත් කතා කර නැත්තේ අයවැයට දිනපතා අණ්ඩ දැමූ ආකාරය වේ.

මෙවර අයවැය අමුතුම තාලේ එකකි. ජුන්ටාධිපතිට අවශ්‍ය වන්නට ඇත්තේ 'ෆුල් සූට්' එකක් බවට සැකයක් නැතත් ඉදිරිපත් කරන ලද්දේ කොට කලිසමකි. මේක ටයිඩ් එකක්ද තුන්කාලක් ද නැතිනම් දෙපැත්ත කැපූ රනින් ෂෝටක් ද එසේත් නැත්නම් වෙනම එකක් දැයි අයවැය ඉදිරිපත් කළ පිස්සු බහුබූතයා දන්නේ නැත. හරිහැටි සිංහලවත් නොදන්නා මේ හාදයා වාහන ගැනවත් අඩු තරමින් දන්නේ නම් හීලියම් කාර් වලට බදු සහන දෙන්නට කතා කරන්නේ ද නැත.

කොහොමින් කොහොමින් හරි ඉදිරිපත් කර ගත් අයවැය ජනතාවට ගින්දර සමග විහිළු සපයන්නක් වීම හේතුවෙන් ගමරාළට එයට අත නොදා සිටීමට නොහැකි විය - නැතිනම් ගමයාට ඒකත් ආතල් එකක් ලෙස පෙනෙන්නට ඇත. කළින් සිටි 'සොඳුරු ඒකාධිපතියා' ප්‍රශ්නයක් ඔඩු දුවන තෙක් නිසොල්මනේ සිට අවසන් මොහොතේ අත දමා ලකුණු දා ගන්නා අයුරු මේ ගමයා ද නොදැන සිටීමට හේතුවක් නැත. කෙසේ හෝ වැඩේ නැගලාම ගියේය. ගමයාගේ අණ්ඩ දැමීම කෙළවර වූයේ කොට කළිසම අමුඩ ලේන්සුවක් වීමෙනි.

මේ අමුඩ ලේන්සුව ජෝකෙක් හෙවත් ලංකට් එකක් ලෙස දුටු කවුන්සිලේ හරක් පට්ටිය තප්පු ලා එය තුනෙන් දෙකක් දී පාස් කළහ. ඒ අයවැයට අණ්ඩ දැමීමේ පුරාවෘත්තයයි. සම්මත වූ අයවැයේ ඇත්තේ කවරක්දැයි දන්නෝ වෙත්ද ?


කළ හොඳ පස්සෙන්


ගමරාළ දිව්‍ය ලෝකයේ සිටි මේ වසරට ඔහු අලියාට හොඳට සැළකිය. එසේම අනෙක් සත්තුන්ට ද මදි නොකියන්නට සළකමින් ඇත. කොටියාට අවුරුදු 100 පමණ තර්ක-වාද කර අවුරුදු 30 ක් කැරළිගසා ලබා ගත නොහැකි වූ දේ දීමට සියල්ල සුදානම් ය. ඔටුවාට ද අවශ්‍ය දේ රටේ සතර දිග්භාගයෙන්ම ලැබෙමින් පවතී. නරින්ට ඕනෑ දේවල් ලැබෙන බවට කිසි සැකයක් නැතුවා පමණක් නොව 2001-2004 කාලයේ තිබූ පරාක්‍රමය එළෙසින්ම පෙන්වමින් සිටී.

එහා රටේ වඳුරු හමුදාව 'සීපා' වෙනුවට වෙනත් නමකින් ගෙනෙන පොරොන්දුවක් පසුපස සඟවා මෙරට ආක්‍රමණය කරනු ඇත. සීපා නොව මොන නමින් ආවත් එන්නේ "හනුමා" බව ගමරාළ දැන ගත යුතු අතර දැන්වත් සිහි එළවා නොගත්තොත් මේ හනුමා මොන මොනවා නොකරාවි දැයි කිව නොහැක. 'සීපා' නම් හනුමා වෙත සුදු හුණු ගාන නූතන විභීෂණ ලා ජනමාධ්‍ය ලෝකයේ පමණක් නොව බ්ලොග් ලෝකයේ ද පහල වන්නේ නිකං ම නොවේ.

ජෙනිවා කවුන්සිලේ චෝදනා කුණු කූඩයට විසි කර දැමිය යුතු මුත් ගමරාළට ඒවා ගැන වගේ වගක් නැත. ලඟදි ඉන්දියාවේ පුවත් පතකට මේවා කෙරෙන්නේ අපට ඕනෑ හැටියටයි කියා ගෝරනාඩුවක් දැම්මත්, ඇත්ත තත්වය "මේවා කෙරෙන්නේ හොර රහසේ" බව අපි දනිමු. සියල්ල අවසන් වූ පසු ගමරාළ මං දන්නෙවත් නෑ නොවැ, හිටං යැයි කියනු ඇති බවට සැකයක් නැත.

එසේ කියා ගිරාඳුරුකෝට්ටේ හෝ මහවිලච්චියේ හෝ දහම් පාසැලක තෑගී බෙදා දීමට ගොස් ඕකුන්ට මඩු වලිගෙන් තලන්න කතා කරනු ඇත. උන්දෑගේ වැඩ එයාකාරය. මෙතරම් ප්‍රශ්න තියෙන රටේ එයාගේ ලොකුම ප්‍රශ්නය ගෑණියෙක් මිනිහෙක් වෙත විසි කළාය කියන තනපටයකි'ය කියා සමහරු කියත්.


ඉතිං එයාකාර වැඩ කරන ගමරාළ ගේ මීළඟ වසර වෙනුවෙන් මොනවා පතන්නද ? මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරවන්න හොඳ ගොන් මාතෘකා ලෙස බ්‍රා-සිරාට තනපටවල් සහ තවත් එවැනි දේවල් වැඩි වැඩියෙන් ලැබෙන ප්‍රීතිමත් වසරක් වේවා කියා පතමුද ?

Friday, January 1, 2016

සමුගැනීම ?

2015 වසරට සමු දුන්නේ ඊයේ ය. අදත් සමු ගැනීමක් ගැන කතා කිරීමට සිදුව තිබේ.

දෙතිස් කතාව ආරම්භ කෙරුණේ 2012 ජූලි මස 5 වැනිදා ය. 2013 ජූලි 5 වැනිදා "අද ජූලි 5 !" ලිපියෙන් දෙතිස් කතාවේ පළමු වසර සමාලෝචනය කළෙමු. අලුත් ග්‍රෙගරියන් දින දසුනක් වෙත මාරු වීම නොව දෙතිස් කතාවට වසරක් පිරීම මෙවැන්නකට සුදුසු අවස්ථාව බව තවමත් අපගේ අදහස වේ.

එහෙත් එහි වෙනසක් කිරීමට දැන් සිදුව තිබේ.




ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !