Friday, December 9, 2016

මරණ තුනක්

අමරදේව මළේය. අපි කට වහගෙන සිටියෙමු. ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා™ මහතා මිය ගියේය. අපි නුදුටු ලෙස සිටියෙමු. ජයලලිතා මෙනෙවිය මිය ගියාය. එහෙනම් ඇයි මේ අමුතු සද්දයක්?
කොටි කතක් ද?
ජයලලිතා මෙනෙවියගේ මරණයෙන් අන්තර්ජාලය පරිශීලනය කරන සිංහලයින් අමන්දානන්දයට පත් වී සිටින බව පෙනී යාම මේ අවදි වීමට හේතුවයි.





ජයලලිතා

ජයලලිතාගේ ජාතකය සහ චරිත කතාව අන්තර්ජාලය තුලිනුත් පුවත් පත් තුලිනුත් ඇති පදම් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් ඒ ගැන කතා කිරීම අනවශ්‍යය. ඇය අඩු වයසින්ම චිත්‍රපට ලෝකයට කඩා පාත් වූ බවත්, සාමාන්‍යයෙන් සිදු වන පරිද්දෙන් ඉතිරි වැඩ කටයුතු කෙරෙන්නට ඇති බවත් සිතා ගත හැක. රංගනයේදී අතින් අතට මාරු වූ ඈ වඩාත්ම සාර්ථක වූයේ නාවලපිටියේ ඉපදී නිජබිම කරා සංක්‍රමණය වීමට වාසනාවන්ත වූ බව සඳහන් වන රාමචන්ද්‍රන් සමග කළ රංගනයන්ගෙනි.

රාමචන්ද්‍රන්ගේ ආභාෂය තුලින් දේශපාලනයටද සැපත් වන ජයලලිතා පසුව ඔහුටද වඩා දේශපාලනයෙන් සාර්ථක වන්නේ උපන් ගෙයි මෝඩයන් කෝටි ගණනක් සිටින දෙමළරටේ සාර්ථක වීමට සුදුසුම ක්‍රමය මිනිසුන් රැවටීම බව මොනවට පැහැදිලි කරමිනි. දුප්පතුන් සමග දේශපාලනය කළ ජයලලිතාගේ දුප්පත් කම් හෙළි වූයේ ඇගේ හදාගත්© පුත්‍රයාගේ ආවාහයට කළ වියදම් තුලිනි.

දූෂණ චෝදනාවන්ට ලක් වූ ජයලලිතා වරක් බන්ධනාගාර ගත වූ නමුත් පසුව නිදහස් වූයේ ඇගේ දුප්පත් ඡන්ද දායකයින් කිහිප දෙනක් ගිණි තියා ගැනීමෙන්ද පසුවය.


දේශපාලනය

ඇම් ජී ආර් ලෙස සිංහලයින් විසින් හඳුන්වනු ලබන රාමචන්ද්‍රන්ගේ දේශපාලන ප්‍රතිවාදියා වූයේ කරුනානිතිය. කරුනානිති සහ ඔහුගේ පක්‍ෂය විසින් ඉතාම පහත් ලෙස සළකනු ලැබීම නිසා ඔහු සමග වෛර බැඳ ගත් අපගේ කතා නායිකාව තමන්ගේ මුළු දේශපාලන දිවියම මේ පළිගැනීම වෙනුවෙන් කැප කළාය. රාමචන්ද්‍රන් ලංකාවේ දෙමළ ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධතා පැවැත්වීය. එහෙත් කරුනානිති ඊට එහා යමින් එළිපිටම ලංකාවේ දෙමළ බෙදුම්වාදී සංවිධාන වෙනුවෙන් පෙනී සිටියේය.

ඉන්දිරා විසින් කිරි පොවා හදා වඩා ගත් සුරතල් කොටි පැටවුන් විසින් ඉන්දිරාගේ වහු පැටියා බිලි ගත් සමයේ දෙමළරට පුරා ඉන්දීය රජයේද සහායෙන් ඇති කෙරුණු ත්‍රස්තවාදී විරෝධී රැල්ලට එකතු වන ඈ ලංකාවේ දෙමළ ත්‍රස්තවාදයට සහය නොදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළාය. එහෙත් ඒ රැල්ල අවසන් වූ පසු රටක් නැති දෙමළුන්ගේ ජාතිවාදී රැල්ල පදින කරුනානිති හා තරඟ කිරීමටනම් ජාතිවාදය අවශ්‍ය වන බව ඇගේ කපටි මොළයට නොතේරීමට හේතුවක් නැත.

ජයලලිතා ලංකාවේ ත්‍රස්තවාදී දෙමළ බෙදුම්වාදයට වචනයෙන් සහය දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සැබෑ හේතුව දෙමළරටේ ජාතිවාදී මෝඩ දෙමළුන් රංචු පිටින් ගොස් කරුනානිතිට කතිරය ගැසීම වැළැක්වීම හෝ එසේ නොහැකිනම් අඩු කිරීම මිස වෙනකක් නොවේ. ජයලලිතා හෝ කරුනානිති හෝ වෙනත් කෙනෙකුට හෝ ඉන්දියාවේ බෙදුම්වාදය කතා කරමින් දේශපාලනය කළ නොහැක. කෘතීම රටක් වන ඉන්දියාවේ ඒකාග්‍රතාවය රඳවා තබාගෙන ඇත්තේ එවැනි නීති මගිනි.

එහෙත් වෙනත් රටක බෙදුම්වාදය ඇති කිරීම හෝ අනුබල දීම හෝ ඉන්දීය ව්‍යවස්ථාවට හෝ නීතියට හෝ අනුව වැරද්දක් නොවේ. ජයලලිතා කරන්නේ දෙමළරටේ ජාතිවාදී ඡන්ද නතු කර ගැනීම පිණිස සැබෑ නිදහස් නිවහල් දෙමළරටක් පිළිබඳ "දෙමළ ඊළම්" මන්ත්‍රය ජප කිරීමයි. මුහුදින් එතෙර සරුසාර රටක බිහි කෙරෙන්නේ යැයි කියන මේ රාජ්ජය කවදාවත් පහළ වන්නේ නැත. ක්‍රිස්තියානින්ගේ ස්වර්ග රාජ්ජය සේ කවදාවත් පහළ නොවන පොරොන්දු දේශයක් වන නිසාම දෙමළ ඊළම සෑම මැතිවරණයකදීම වෙන්දේසියේ දැමිය හැකිය.


ජයලලිතාගෙන් පසු . . .

ජයලලිතා ලංකාවට පුකේ වනයක්© වූ බව සැබෑය. ඈ සිටි තැන කරුනානිති සිටියේනම් වනයක් නොව වන රාජයෙක් වන බවට සැකයක් නැත. දැන් ජයලලිතා මිය ගොස්ය. ඈ වෙනුවට ඇගේ පක්‍ෂය නව නායකයෙක් පත් කරගෙන ඇත. ඔහු ජයලලිතාට වඩා වෙනස් වේද? ලංකාව සම්බන්ධයෙන් නම් වෙනසක් දැකිය නොහැකිය. මක් නිසාද යත්, කිසිම බියකින් සැකයකින් තොරව දෙමළරටේ දී තැලිය හැකි මුව හම ලංකාව වන හේතුවෙනි.

දැන් ලංකාවේ පවතින්නේද යටත් විජිත ආණ්ඩුවකි. ලංකාණ්ඩුව ඉන්දියාව කියන කියන පදයට නටයි. ඉන්දීය ආණ්ඩුව පවත්වාගෙන යාම පිණිස දෙමළරටේ මහජන මන්ත්‍රී සහය අත්‍යාවශ්‍යය. මේ තත්වය යටතේ ජයලලිතාගේ මරණයෙන් අපට උදම් වීමට කිසිම හේතුවක් නම් නොපෙනේ.



අභාවප්‍රාප්ත ජයලලිතා පුංචි අම්මාට නිවන් සැප ලැබේවා !

40 comments:

  1. දෙමල රටේ ජයලලිතට චන්ද ලැබුනේ එහේ මාතෘ මූලික සංස්කෘතික බලපෑමක් නිසා නේද?

    ReplyDelete
    Replies
    1. දෙමළු මාතෘ මූලික ද?

      Delete
    2. දෙමළ සමාජයේ ඇති බ්‍රාහ්මණ ආධිපත්‍යය නිසා ඔවුන් තුල පුරුෂ ආධිපත්‍යය ඇවුවත්. යටපත්වී ඇති මාතෘ මූලික අංගත් තියෙනවා.

      Delete
    3. දෙමළ සමාජයේ බ්‍රාහ්මණයෝ සිටිත්ද ? ලංකාවේනම් දෙමළ බමුණන් නැත.

      Delete
    4. අපේ තාත්තා දෙමළ ගෑණු ගැන හොඳ කතාවක් කිව්වා.
      දෙමළ ගෑණු සිංහල ගෑණුන්ට වඩා සාම්ප්‍රදායිකයි. ඒත් වල් වුනොත් සිංහල උන්ට වඩා වල් වෙනවා. මටත් හිතෙනවා ඒක ඇත්ත කියලා.
      දකුණු ඉන්දියානු ඇදහිලිවල වුවත් මාතෘ මූලික කමක් තියෙනවා.

      Delete
    5. තමිල්නාඩුවේ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඔවුන්ට තියෙන්නේ උතුරු ඉන්දියානු ජානලු

      Delete
    6. ලංකා වාසී දෙමළ සමාජයේත් හම සුදු, පූන නූල් බැඳි බ්‍රහ්ඃමන වංශිකයින් යැයි කියා ගන්නා, පරම්පරා හතකින් මෙපිට මස් මාංශ අනුභව කොට නැතැයි කියන කොටසක් සිටිති.

      Delete
    7. දකුණු ඉන්දීය දෙමළුන්ට වඩා උතුරු ඉන්දියානුවන් මාතෘ මූලික ලක්‍ෂණ දක්වන බව සිතමි.

      Delete
  2. Q: ජයලලිතා මිය ගොස්ය. ඈ වෙනුවට ඇගේ පක්‍ෂය නව නායකයෙක් පත් කරගෙන ඇත. ඔහු ජයලලිතාට වඩා වෙනස් වේද?

    A: ජයලලිතාගේ අනුප්‍රාප්තිකයා වෙනස් වේයැයි කිව නොහැක්කේ පක්‍ෂය තුල බල අරගලයක සාංකාවක්වත් නොතිබුණු නිසාය. ජයලලිතා යනු ඈ වටා සිටි හෙංචයියන්ගේ ප්‍රකාශනයයි. දකුණු ඉන්දියාවේ දෙමළ ජාතිවාදී චන්ද ලබා ගැනීමට ලංකාවේ දෙමළ ඊළම වෙනුවෙන් පෙනී සිටීමත් දකුණු ඉන්දියාවේ මාළු මුදලාලිලාගේ සහය ලබා ගැනීමට ලංකාවේ දෙමළ ධීවරයින්ගේ බත් පතට පා පහර දීමටත් ජයලලිතාට හැකි වන්නේ එහෙයිනි.

    කරුණානිධි මෙන් නොව ජයලලිතා ප්‍රතිපත්තියක් ඇති දේශපාලනඥයෙක් නොවේ. ලංකාවේ පබා-අනා(චා)ර්කෙලී-වෘෂනිකා ආදීන් හා ජයලලිතා අතර තමන් ගොඩනගා ගත් බලය සම්බන්ධයෙන් මිස ප්‍රතිපත්ති දේශපාලනය සම්බන්ධයෙන් වෙනසක් නැත.

    ජයලලිතාගේ අනුප්‍රාප්තිකයාගේ ක්‍රියා මාර්ග තෝරන්නේ ජයලලිතාගේ ක්‍රියා මාර්ග තේරූ අය විසින්මනම් අපට මේ මරණය නරකක් මිස හොඳක් වීමට ඉඩක් නැත. ජයලලිතාගේ රැස් වළල්ලෙන් එපිටට විත් තමාගේ රැස් වළල්ලක් තනා ගැනීම පිණිස ඔහුට වඩා වෙහෙසීමට සිදු වන බැවිණි.

    ReplyDelete
    Replies
    1. good comment
      වෘෂනිකා - beautiful name

      Delete
    2. වෘෂනිකා නම හැදුනේ කොහොමද?

      Delete
    3. ඒ නම දෙමාපියන් විසින් දුන් එකක් වීමේ ඉඩක් නැත.

      Delete
    4. මෙය ඇගේ උගත් කම සහ කතුර චතිකත්වය සළකා විද්වත් සභාවකින් ලබා දුන් ගෞරව නාමයකි.

      Delete
  3. ජයලලිතා පුංචි අම්මාට ???

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ ඈයෝ "අම්ම මළා" කියලලු කියන්නේ.

      Delete
  4. මක්කෛයි ඔය පසුබිමට දාලා තීන්නෙ

    ReplyDelete
  5. හසන්ත මහත්මයා, මට දොරමඩලාව හරසරණියෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා
    නිකලස් කියන්නෙ කෙලෙස් නැසූ කියන අදහස නේද?
    එහෙනම් නත්තල්සීයා කියන්නේ රහතන්වහන්සේ කෙනෙක්නේද?

    ReplyDelete
    Replies
    1. නිකලස් කියන්නේ කලස් නැසූ කියන එකයි. ඒ කියන්නේ අවර්ණ !

      Delete
    2. අපි දෙන්නා විතරද මේක බලන්නේ?

      Delete
  6. මම මේකේ දැක්කනේ අපේ ජෝසප් තුමා අළුතින් බ්ලොග් එකක් ලියන්න යනවා කියලා.
    ඒත් දැන් එහෙම එකක් නැහැනේ
    මම හීනයක්වත් දැක්කද?

    ReplyDelete
  7. ඉස්සරහට චන්දයක් එයිද? ආවොත් කාටද දෙන්න ඕනේ?

    ReplyDelete
    Replies
    1. චන්ද ! ඒ මොනවද අප්පා.

      Delete
    2. ජගත් සහෝදරයා මොනවද මේ කථා කරන්නේ?
      ඡන්ද කියන්නේ ඒකාධිපතීන් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක්. ඒකනේ රාජපක්ශ යුගයේ අවුරුද්දකට ඡන්ද කිහිපයක් පැවැත්වුනේ.
      දැන් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී යහ පාලනයක්. ඒක යටතේ ඔය විකාර වැඩ නැහැ. 62 ලක්ෂයක් ජනතාව මේ රජයට බලය දීලා තියෙනවා ඕනේනම් රට සින්නක්කරව විකුනා දමන්න හරි කැමතියි කියලා.
      ඔබ හදන්නේ ආයෙත් ඒකාධිපති පාලනයකට යන්නද?

      Delete
    3. චන්දය දුරු කර දමල ඉන්නේ අපේ වික්කම-සිංහ මුනිතුමා.

      Delete
  8. මේක හරියට එපා වාහෙට හොදි බෙදනවා වගේ.

    ReplyDelete
    Replies
    1. monawa karannada saho eyaata hithunama liyanawa
      api ethakota uththara denawaa
      liyanne nathi kota api naahen andanawaa
      eyaa nehuna wage innawaa
      sithuwili

      Delete
    2. මොනවා කරන්නද ජෝසප් සහෙදරයා
      "කේ" තුමාට හිතුනාම ලියනවා
      අපි එතකොට වටකරගෙන පිළිතුරු දෙනවා
      නොලියා ඉන්න කොට අපි නාහෙන් අඬනවා
      එයා නෑහුනා වාගේ ඉන්නවා

      ඉතින් අපි මොකද කොරන්නේ?

      Delete
    3. ජනවාරි 1: මරණ තුනක්.
      ජනවාරි 2: මරණ තුනක්.
      ...
      ...
      අද: ජනවාරි 11: මරණ තුනක්.
      ...
      ...
      අවුරුද්දම මූසල වෙලා කියල හිතෙන්නේ මට විතරද, හිටං !
      කතා කතු තුමත් මැරිලද.

      Delete
    4. අනේ නැහැ, එතුමාට එහෙම අපල උපද්‍රවයක් වෙලා නැතිව ඇති.

      ඒත් ඉතින් දැන් වෙන කොට අපි ආදරය කරපු කථා 32 නම් නොමලත් මලා වගෙයි කියල තමයි හිතෙන්නේ.
      ජෝසප් සහෝදරයා නරකද බ්ලොග් එකක් ලියන්න ගත්තොත්?

      Delete
    5. මට බැහැ සිතුවිලි. ඒ වගේ කැප කිරීමක් කරන්න පුළුවන් තත්වයක නෙමේ මම ඉන්නේ. මම කලිනුත් කිව්වේ. දැන් අපිට අපේම මැනේජර් කෙනෙක් ඉන්නවා. ඌ පිටිපස්සෙන් ඉඳන් බලන් ඉන්නවා මුන් මොකද කරන්නේ කියල. මම ඉන්න තැන ඌට කෙලින්ම පේනවා. මට ගෙදර ගිහින් මේ වගේ දෙයක් කරන්න වෙලාවක් නෑ. ඒ නිසා, කණගාටුයි - ඔබේ ඉල්ලීම මේ අවස්ථාවේ ඉටු කළ නොහැක.

      Delete
  9. සුපිරි ඇමති පනත සිංහලයන්ට හොඳද නරකද?

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !