Monday, November 14, 2016

හිලේරියස් ට්‍රම්පට්

ජනමත සමික්‍ෂණ වලින් කියවුණේ හිලරි ක්ලින්ටන් දිනන බවය. ජනමාධ්‍ය වලට ඇගෙන් තොර අනාගත ඇමරිකාවක් නොවීය. සුප්‍රකට නිවුස්වීක් සඟරාව ඇගේ රුව මුල් පිට කවරයට යෙදූ සඟරා දහස් ගණනක් මුද්‍රණය කර බෙදා හරින ලද බවට අන්තර්ජාල කටකතා පැතිරුණේ එහෙයිණි.
ජනාධිපති නෝනා

ඇමරිකාවේ පමණක් නොව ලොව පුරාම බලවත් පාර්ෂව බලාපොරොත්තු වූයේ හිලරිගේ ජයග්‍රහණයයි. ලංකාවේද මේ තත්වයේ වෙනසක් නොවීය.





විශේෂයෙන්ම හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් ධුරය දරන සමයටත් පෙර ඈ නාම යෝජනා සඳහා බරක් හුසේන් හා තරඟ වදින සමයේත් ඊට පෙරත් ඈ හා සමග සිටි දෙමළ වර්ගවාදී කොටස් තුල මේ විශ්වාසය දැඩිව පැවතිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙමළ මන්ත්‍රී වරයෙක් විසින් යාපනයේදී හිලරිට ජය පතා පොල් ගෙඩි දහස් ගණනක් ගැසීමේ පූජාවක් ද පවත්වන ලදී. හිලරි දිනුවානම් එක රැයින් උතුරට එක්සත් ජාතීන්ගේ ලේබලය යටතේ හමුදාවක් ගොඩ බස්වා දෙමළ ඊළම සාදා ගැනීම ගැන මේ අයියලා හීනෙනුත් දකින්නට ඇත.

එහෙත් අවාසනාවට ඇමරිකානු බයියන් විසින් ලංකා ටොයියන්ගේ හාම්පුතාලාගේ මේ බලාපොරොත්තුව සුන් කර දමන ලද්දේ අමු-අමුවේම ය. කම්පාවට පත් වූ හිලරි, හිලේරියස් තත්වයට පත් වූයේ සාමාන්‍යයෙන් කෙරෙන ජයග්‍රාහකයාට සුභ පැතීමේ කතාව පැවැත්වීම පමා කිරීම නිසාය. ලංකාවේ අයියලාට සිදු වූයේ ඊට වඩා අකරතැබ්බයකි.

පොල් ගසා හිලේරියස් තත්වයට පත් වූ මේ අයියලාට දැන් ට්‍රම්ප පසුපස ට්‍රම්පට් ගසමින් යාමට සිදු වී ඇත. දෙතිස් කතාව මේ ගීතය ඉදිරිපත් කරන්නේ ඒ අයියලා වෙනුවෙනි.

Oh my darling, Clementine




In a cavern, in a canyon,
Excavating for a mine,
Dwelt a miner, forty-niner,
And his daughter Clementine.

Oh my darling, oh my darling,
Oh my darling Clementine
You are lost and gone forever,
Dreadful sorry, Clementine.

Light she was, and like a fairy,
And her shoes were number nine,
Herring boxes without topses,
Sandals were for Clementine.

Walking lightly as a fairy,
Though her shoes were number nine,
Sometimes tripping, lightly skipping,
Lovely girl, my Clementine.

Drove she ducklings to the water
Ev'ry morning just at nine,
Hit her foot against a splinter,
Fell into the foaming brine.

Ruby lips above the water,
Blowing bubbles soft and fine,
But alas, I was no swimmer,
Neither was my Clementine.

In a churchyard near the canyon,
Where the myrtle doth entwine,
There grow rosies and some posies,
Fertilized by Clementine.

Then, the miner, forty-niner,
Soon began to fret and pine,
Thought he oughter join his daughter,
So he's now with Clementine.

I'm so lonely, lost without her,
Wish I'd had a fishing line,
Which I might have cast about her,
Might have saved my Clementine.

In my dreams she still doth haunt me,
Robed in garments soaked with brine,
Then she rises from the waters,
And I kiss my Clementine.



ඉහත දැක්වුණේ සම්පූර්ණ ගීයම නොවේ. ඇමරිකාව විසින් කැලිෆෝනියාව ඈඳා ගැනීමෙන් අනතුරුව එහි රන් හමු වීමෙන් ඇති වුණු ගෝල්ඩ් රෂ් නම් කලබගෑනිය පසුබිම් කරගත් මේ ගීය ජන ගීයකි, එහි බොහෝ අනුවාද පවතී. පහත දැක්වෙන අනුවාදයේ අපට වඩා වැදගත් කොටස තිබේ.

Listen fellers, heed the warning
Of this tragic tale of mine,
Artificial respiration
Could have saved my Clementine.

How I missed her, how I missed her,
How I missed my Clementine,
Til I kissed her little sister,
And forgot my Clementine.





ක්ලේමන්ටයින් වෙත පෙම් බැඳගෙන රැයක් දවාලක් නැතිව හීනෙනුත් දොඩවමින් ගැහෙමින් හූ කියමින් පොල් ගසමින් සිටි අයියලාගේ ඒ පිස්සුව හොඳ වීමට අවශ්‍ය වන්නේ ක්ලේමන්ටයින්ගේ නංගි විසින් දෙන එක හාදුවක් පමණකි.

ක්ලින්ටන් නෝනා පසුපස පිස්සුවෙන් යමින් සිටි අපේ අයියලා දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් නංගි පසුපස ට්‍රම්පට් ගසමින් ඇදෙන සැටි දකින අපට තවත් හිලේරියස් ය. ඔවුන්ට හොඳ නිමිත්තක් ද තිබේ, සිරිකොතේ ලියන්නෙක් විසින් එය පසුගිය දිනෙක බ්ලොග් අඩවියක ඉදිරිපත් කර තිබෙණු දිටිමි. (දළ වශයෙන්) ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පක්‍ෂයේ ලංකා නියෝජනය කවර පක්‍ෂයක් විසින් කරන්නේ දැයි සොයා බලන ලෙස ඔහු ලියා තිබිණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව හිලරි ක්ලින්ටන්ගේ පක්‍ෂය ද උන්ගේය. අපට කීමට ඇත්තේ උඹේ නම් උඹ ගනිං කියා පමණි. හේතුව ඇමරිකානු ජනාධිපති ක්‍රියා කරන්නේ ඇමරිකානු අභිලාශ වෙනුවෙන් මිස අපේ අයියලා මෙන් තමන්ට පංති දමා ආණ්ඩු පෙරළීමට මුදල් දී ආධාර කරන විදේශ රටවල් වල අභිලාශ වෙනුවෙන් නොවන බැවිණි.

ඇමරිකාවේ මොන ජොකා ජනාධිපති උනත් ඇමරිකාව ලංකාවේ මිත්‍රයෙක් වන්නේවත්, අපට හතරමහා නිධානය පහල වන්නේවත් නැත. සිංහලයාට නම් විශේෂ සෙතක් අත් වන්නේම නැත. සිදු විය හැකි එකම සෙත නම්, ලිබියාවේ "වසන්තය" සෑදූ හිලරි ක්ලින්ටන්ගෙන් ඒ වසන්තය ලංකාවට නොලැබෙන බවට වන බලාපොරොත්තුව පමණි.

තමන් අනුන්ගේ සීනි කිරන්න යන්නේ නැතැයි කියූ ට්‍රම්ප් දැන් ඇමරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටී, එහෙත් අපේ කරුමෙට අපි හදාගෙන තිබෙන ආණ්ඩුව සීනි අරං කිරා ගැනීම පිණිස ඉන්දියාවටත් ඇමරිකාවටත් යුරෝපා සංගමයටත් වරින් වර දුවන එකකි.

මෙච්චර දෙනවනම් ඔන්නොහෙ ! කියා ට්‍රම්ප්ට සිතුණොත් අපට පුදුමයක් නැත.


ආශ්‍රිත ලිපි:
  • http://ingeb.org/songs/inacaver.html
  • http://genius.com/Traditional-oh-my-darling-clementine-lyrics

20 comments:

  1. මම ඉන්නෙ ඔය මතයේම තමයි බං. කොහෙවත් තියෙන රටක චන්දෙයකට උඩ බුරන්නෙ හෙට උං ඇවිත් අපේ රට සුරපුරයක් කොරයි කියල. ඒත් අපේ අවුං ඇත්තටම කොරන්නෙ ඒ ඒ රටවලට ගිහිල්ල හිඟන එක.

    හය්යෝ පද්මිණි..!!! 🙄

    ReplyDelete
    Replies
    1. ඇත්ත !
      මා මේ ලිපිය ලියන්නේ ට්‍රම්ප් ජයෙන් උද්දාමයට පත් වීමට අපට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් හෝ නැති බව කියා පෑමටයි.

      එහෙත්,
      හිලරි ජය ගත්තානම් උද්දාමයට පත් වීමට සිටි අය මුඛ-පූට්ටු වීම පිළිබඳවනම් අපට අවංක සතුටක් තිබේ.

      Delete
  2. අනේ මන්දා
    අපි පව්! ද කොහේද?

    ReplyDelete
    Replies
    1. අපි එතැනමයි. ආචාර්ය නලින් ගේ ලිපිය බලන්න. ඔහු යෝජනා කරන්නේ ලංකාවේ ඒකාබද්ධ විපක්‍ෂය ලෙස හඳුන්වා ගන්නා කණ්ඩායම ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ආමන්ත්‍රණය කළ යුතු බවයි.

      පහත දැක්වෙන්නේ ඔහුගේ වචන:
      ඒකාබද්ධ විපක්‍ෂය ට්‍රම්ප්ට ලිපියක් ලිවිය යුතුයි. ඒ අපේ ප්‍රශ්නවලට මැදිහත්වන්න කියන්න නොවෙයි. ජාතිකත්වය අගය කරන්නකු ලෙස ඔහු අපේ ප්‍රශ්නවලට මැදිහත් නොවිය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂය ඔහුට කිව යුතුයි

      Delete
  3. හික් !

    ඇත්තටම හරිම සංවේදී ගීතයක්. ඒත් අනික් බයිලා නිසා ගීතයේ රස මැරෙනවා.

    ReplyDelete
  4. ඉතා වැදගත් අදහසක්. කවුරු දිනුවත් ඇමරිකානු ප්‍රතිපත්ති වෙනස් වෙන එකක් නෑ. නමුත් එහෙම නොවෙයිම කියල කියන්නත් බැරි ගතියක් තියනව. හිලරි නියෝජනය කල ලිබරල්වාදය පරාජය වෙලා. ට්‍රම්ෆ් ආමන්ත්‍රනය කල සුදු ජාහිකත්වය ජය අරන්. වෙනත් රටවල ප්‍රශ්නනිර්මානය නොකර ඇමරිකාව ඇතුලෙ ඕන මගුලක් කරගනිල්ල කියන මතයෙන් තමයි මම නම් ට්‍රම්ප්ට කැමති.
    මගෙ ලිපියෙනුත් කියන්න උත්සාහ කලේ මේක මේ ට්‍රම්ප් කියන පුද්ගලයගෙ ව්‍යාපාරයකට වඩා ඇමරිකානු සමාජයෙ මේ මතය වෙනුවෙන් ජනබලවේගයක් පැවතුනා. මෙය පවුල් වටිනාකම් ඇතුලු ක්‍රිස්තියානි සදාචාරය දක්වාම විහිදුනා. නිරාගමික ලිබරල්වාදය අභියෝගයට ලක්වීමක්.මෙම චින්තන පෙරලියේදි කල්ලන්ට හිස්පැනිකයන්ට ගුටි කන්න වෙයි.

    මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන එක ලේසිත් නෑ. ඇමරිකාවෙ අධිපති මතවාදය පරාජය කරන එක ලෙහෙසි නෑ. මාධ්‍ය මාෆියාව හිලරි වෙනුවෙන් පෙනී සිටිය කියන්නෙ අධිපති මතවාදය හිටියෙ හිලරි එක්ක කියන එක.චීනය හා අරාබි රටවල් එක්ක ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.

    ලංකාවෙ අය මේ චන්දෙ ගැන උනන්දුවක් දක්වන්න ඇත්තෙ ට්‍රම්ප් දිනුවොත් ඌ උගෙ රටේ ගෑස් කාමර හැදුවත් දෙයියනේ කියල අපට කරදරයක් නැතිව ඉන්න පුලුවන් වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. ට්‍රම්ප් අයත් රිපබ්ලිකන් පක්‍ෂය වෙත සභා දෙකේම බලය හිමිව තිබෙන බැවින් ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අපහසු වේ යැයි මා නම් සිතන්නේ නෑ. එහෙත්, එක්සත් ජනපද රාජ්‍ය වල ව්‍යවස්ථා කුමන්ත්‍රණයකට තවමත් ඉඩකඩ පවතින බව අමතක කළ යුතු නෑ.

      නොවැ. 8 දින දිනුවේ ට්‍රම්ප් නොව ඔහුගේ පක්‍ෂයේ (ඡන්ද විද්‍යාල යන කැත සිංහල නාමයෙන් හැඳින්වෙන) ප්‍රාන්ත අපේක්‍ෂකයින්. ට්‍රම්ප් ජනාධිපති විය යුත්තේ මේ අයගේ ඡන්දයෙන්. මින් බහුතරය ට්‍රම්ප්ගේ පක්‍ෂයේ අපේක්‍ෂකයින් වීම මත ට්‍රම්ප් ජයග්‍රාහකයා ලෙස සැළකුවද, ඒ පක්‍ෂයේම සමහරුන් ට්‍රම්ප්ට දක්වන අකමැත්ත අනුව ඔහුගේ ජනාධිපති ධුර බලාපොරොත්තුව සුන් වීමේ සුළු ඉඩකඩක් තවම පවතින බව අමතක කළ නො-යුතුයි.

      හිලරිට හා ඈ පසුපස සිටි බලවේග වලට මේ පරාජය තවම විඳ දරා ගැනීමට හැකි බවක් ඔවුන් පෙන්නුම් කරන්නේද නෑ. ට්‍රම්ප් එපා කියමින් මහපාරේ උද්ඝෝෂණය කිරීමෙන් ඔවුන් පෙන්නුම් කරන්නේ ඇමරිකානු ව්‍යවස්ථාව එපා කීම බව ඔවුන් නොදන්නවා ද නොවෙයි.

      ට්‍රම්ප්ගේ ජය ඇමරිකානු ක්‍රිස්තියානි සංස්කෘතියේ ජයක් බවත් පැහැදිළියි. ලංකාවේ ක්‍රිස්තියානි සංස්කෘතියේ ජය වන්නේ ලෝක ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික සංගමයේ සාමාජික එ.ජා.පය බලයේ රැඳී සිටීම බවත් ඒ තරමටම පැහැදිළියි.

      Delete
  5. හිස්පැනිකයන්ට තියෙන්නේ කතෝලික චින්තනය සුද්දන්ට ත්ියෙන්නේ යුදෙව් ක්‍රිස්කියානි චින්තනය. යම්විදියකින් ඇමරිකාවේ කතෝලික චින්තනය බලවත් වුනානම් එයත් තවත් ලතින් ඇමරිකානු රාජ්‍යයක් වෙයි.

    ReplyDelete
  6. මම අන්තර්ජාලයෙන් යෙහෝවා ලිපි කියවනවා.
    ඔවුන්ගේ සියවසක අත්දැකීම් ගැන වූ වාර්තා චිත්‍රපටයක ඇමරිකාවේදී ඔවුන්‍ට වූ හිරිහැර ගැන සඳහන්වුනා.
    ඒ අනුව පලමු ලෝක යුද්ධයට ඇමරිකාව සම්බන්ධවූ විට ඔවුන් හමුදා සේවයට යෑම ප්‍රතික්ශේප කලා.
    එසේම එකල ඇමරිකාවේ පැවැත්වුජාතික අභිමානය වඩවන උත්සව වලට හවුල්වීමත්.
    ජාතිකගීය ගැයීමත්. ජාතික කොඩියට ආචාර කිරීමත් ඔවුන් ප්‍රතික්ශේප කලා
    එමනිසා ඔවුන්ට දැඩි හින්සාවන්ට මුහුණදෙන්න සිදුවුනා.
    මැරපිරිස් සහෝදරවරුන්/ සහෝදරියන් කොටුකරගෙන ඔවුන් ලවා ජාතිකගීය ගැයවීමටත්, ජාතිකකොඩියට ආචාර කරවීමටත් තැත්කලා.
    සමහර සාමාජික පවුල්වල ගෙවල් ගිනිතිබ්බා. ඔවුන් රැකියාවලින් ඉවත්කලා.
    ගම්වලින් පලවා හැරුනා.
    සමහර සහෝදරවරුන්ගේ වෘෂණ කපා ඉවත්කලා
    හ්ම්ම්....
    ඕකතමයි රංජනී ඇමරිකාවෙ තත්වේ

    ReplyDelete
    Replies
    1. යෙහෝවා බොරු කාරයින්ගේ කල්ලියක්. ඇමරිකාවේ එසේ වුණා යැයි ඔවුන් දැන් බොරු කියනවා. ඔබ බැලුවොත් අප්‍රිකාවේ, ආසියාවේ සහ යුරෝපය පුරාමත් ඔවුන්ට එසේ සිදු උන බව ඔවුන් කියා තිබෙනු ඔබට හමු වෙයි. මධ්‍යතන යුගයේ කතෝලික පල්ලිය නො-ඇදහිලිවන්තයින්ට දුන් දඬුවම්, පසුගිය සියවසේ ජර්මන් කාරයින් විසින් යුදෙව්වන්ට කල විනාශ ආදිය ඔවුන් තමන්ට සිදු වූ දේ ලෙස උපුටා දක්වනවා.

      ඔබ සොයා බැලුවොත් අතිශයෝක්තියට නැංවූ මෙවැනි ප්‍රචාර ලංකාව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම සිංහල බෞද්ධයා සම්බන්ධයෙනුත් ප්‍රචාරය කර තිබෙනු දක්නට හැකි වෙයි. මට හිතෙන හැටියට නම් මේක යෙහෝවා කාරයින්ගේ මානසික ව්‍යාධියක්. ඔවුන් තමන් වධයට පත් වීමේ ආසාවකින් පෙළෙනවා. එසේ නැතිනම් ඔවුන් මෙවැනි අභූත ප්‍රචාර propaganda එකක් ලෙස භාවිතා කරනවා.

      Delete
    2. යෙහොවාහඃ යනු ක්‍රිස්තියානි මුලධර්මවාදී සංවිධානයකි. රාජ්‍යයට එරෙහිව එහි ජනතාව සංවිධානය කිරීම එහි ප්‍රතිපත්තියයි. අනාගතයේ එතැයි බලාපොරොත්තු වන ඊනියා ගැළවුම්කාරයෙකු විසින් ගලවා ගැනීම පිණිස මහජනතාව උගුලට දැක්කීම මේ සංවිධානයේ අරමුණ බව සිතමි. මේ ගැන ඊට වඩා කතා කිරීමට කැමැත්තක් නැත.

      Delete
  7. ඒ වුනාට ඇමරිකාවේ බාගයක්ම චන්දෙ දාලා නෑ ! :o

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක සාමාන්‍ය තත්වය. එහෙ ජෙප්පෝ හිටියනම් ඒවත් ගැනල උන් දිනුව කියයි.

      Delete
  8. මටත් බ්ලොග් එකක් ලියන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ ලියන්න ඔබ ලියන්න...

      Delete
    2. එපා! එපා!! (මස් කන්නට කිරිඅම්මාගේ)

      Delete
    3. ඔල්ලවටත් වල පෛනව චාමර !

      Delete
    4. අන්න ඒකනේ කියන්නේ, අපි බැරි වැඩ කරන්න ගිහින් දැන් සද්දේ වහලා නිකන් ඉන්නවා
      ඒ වගේද හැකියාව ඇති මිනිස්සු වැඩේට බහින්න ඕනේ.
      අපේ ෆුල් සපෝට් එක
      ආයි නෑ
      එකෙන්ම !

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !