Sunday, August 21, 2016

ව්‍යවස්ථා සම්පාදනය outsource කරමුද ?

අද ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව පසුගිය ලියමනේදී අප පහත ප්‍රකාශය කළෙමු.
ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන බල අධිකාරියන් තමා අතට නතු කරගෙන සිටින වික්‍රමසිංහ කිසිවක් ඉදිරියේ නැමෙන්නේ නැති බවත්, ඔහුගේ ස්වාමිවරුන් ඔහුව අතිශයින් විශ්වාස බවත් පසුගිය සමයේ ඔහු පාර්ලිමේන්තුවේ හැසිරුණ අයුරින් සහ ඔහුගේ ස්වාමිවරුන් තරඟයට ඔහුට චරිත සහතික නිකුත් කරන අයුරින් පෙනේ. මේ තත්වය යටතේ ජාතියට අනාගතයක් ඇත්තේම නැත. අප කිසි අඩුපාඩුවක් නැතිවම යටත් විජිතයකි. මෙය එකවර සතුටට සහ දුකට පත් විය යුතු තත්වයකි.

සතුටට හේතුව අප යටත් විජිතයක් බව අප දැන සිටීමයි - දුකට හේතුව කාගේ යටත් විජිතයක් දැයි නොදැන සිටීමයි.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර මහතා අපට වඩා මේ ගැන දන්නා වගකිවයුතු මහත්මයෙකි. එතුමා අද දිවයිනට ඉදිරිපත් කර ඇති ලිපිය අනුව ලංකා මාතාව පර දේශයන් දෙකක් විසින් එක ගෙයි කෑමට ලක් වී ඇති බව පෙනේ. එසේනම් වැඩි-බයිලා නවතා ඒ ලිපිය කියවමු.





ශ්‍රී ලංකාවේ පය තැබීමේ ඇමෙරිකානු සහ ඉන්දියානු මෙහෙයුම

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර - දිවයින ඉරිදා සංග්‍රහය

අමෙරිකානු නාවික හමුදාව යටතේ පාලනය වන දිගුදුර විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි මැරීන් භටයින් රැගත් ''නිව් ඕර්ලියන්'' යුද නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේය. එම අවස්‌ථාවේදී පැවැත්වූ පිළිගැනීමේ උත්සවයේදී අදහස්‌ පළකළ ඇමෙරිකානු තානාපති අතුල් කේaෂාප් විශේෂ ප්‍රකාශයක්‌ කළේය. ඔහු එහිදී කියා සිටියේ ශ්‍රි ලංකාවේ ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියට ඇමෙරිකාව කොටස්‌කරුවෙකු ලෙස දායක වන බවය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ හමුදාවේ ප්‍රතිසංස්‌කරණ සිදුකිරීම සඳහාද තම රට කොටස්‌කරුවෙකු වන බව ඔහු ප්‍රකාශ කළේය. එම නෞකාවේ කාර්යමණ්‌ඩලය දින 3 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ හමුදාවට ''යහපත් පුරුදු'' හඳුන්වාදීම සඳහා අදහස්‌ හුවමාරුකරගන්නා බවද සඳහන් විය.

එම නෞකාව ඇමෙරිකාව සතු ප්‍රධාන පෙළේ යුද යාත්‍රාවක්‌ වන අතර එහි අංගසම්පූර්ණ යුද ආම්පන්න සහිතව මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි ''මැරින් භටයින්'' 700 ක්‌ රැදවිය හැක. ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්‌වූ බින්ලාඩන් මරා දැමීමේ විශේෂ මෙහෙයුම දියත් කළේද එම භටයින් විසිනි. එහිදි ඔවුන් පකිස්‌ථානයට ගුවනින් සහ ගොඩබිමින් කඩා වැදුනේ පකිස්‌ථාන රජයේ අවසරය නොමැතිවය. එම භටයින් මැරීන් යන නමින් හැඳින්වුවද ඔවුන් නාවික, ගුවන් සහ ගොඩබිම් යන තුන් ආකාරයේම විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි කොමන්ඩෝ භට කණ්‌ඩායමකි. මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍යවල සහ ආරක්‍ෂක තොරතුරු වාර්තා කරන වෙබ් අඩවිවල පළවූ වාර්තා අනුව එම මැරීන් බටයින් සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ මුහුද ආශ්‍රිතව අක්‌කර 06 ක නාවික කඳවුරු සංකීර්ණ ඉදිකෙරේ. එම කඳවුරු තුළ නේවාසිකාගාර, ආයුද ගබඩා සහ ගුවනින් සහ මුහුදින් කරනු ලබන ගොඩබැසීම් වලට පහසුකම් පවතින බව වාර්තා විය. එහෙත් ශ්‍රී ලංකා රජය හෝ ඇමෙරිකානු තානාපති අංශ එම වාර්තා ප්‍රතික්‍ෂෙප කළේ නැත.

මැරින් භටයින් රැගත් නෞකාව ගැන හෝ ඇමෙරිකානු හමුදාව ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ප්‍රතිසංස්‌කරණ සඳහා මැදිහත්වීම ගැන හෝ ඇමෙරිකානු භටයින් සඳහා කොළඹ නගරයේ කඳවුරු සංකීර්ණයක්‌ ඉදිකිරීම පිළිබඳව ඉන්දියාවද එක වචනයකින් හෝ විරෝධය පළකොට නැත. චීන රජයට අයත් සබ්මැරීනයක්‌ හෝ යුද නෞකාවක්‌ ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයට ඇතුල්වූ විගස ඉන්දියාව ප්‍රතිචාර දක්‌වන්නේ ඊට වෙනස්‌ ආකාරයකටය. මේ වන විට ඉතා සූක්‍ෂමව දියත් වී ඇති ශ්‍රී ලංකාවේ පය තබාගැනීමේ මෙහෙයුම ඇමෙරිකානු සහ ඉන්දියානු ඒකාබද්ධ ව්‍යාපෘතියක්‌ බවට කිසිදු සැකයක්‌ නැත.

ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්‍ෂ, විශේෂයෙන්ම වාමාංශික පක්‍ෂ විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිත ඇමෙරිකානු මැදිහත්වීම්වලට ඉන්දියාව විරුද්ධ බවය. නමුත් සීතල යුද්ධය අවසන්වීමෙන් පසුව එනම් 90 දශකයේ සිට ඉන්දු - ඇමෙරිකානු සබඳතා සහ ශ්‍රී ලංකාවට අදාලව එම රටවල් දෙක විසින් පවත්වාගෙන යන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම වෙනස්‌ විය. නමුත් අප රටේ දේශපාලන පක්‍ෂ විසින් එම වෙනස සහ එය ශ්‍රී ලංකාවේ අනාගත ඉරණමට කෙසේ බලපාන්නේද යන බරපතළ දේශපාලන අභියෝගය පිළිබඳව ගැඹුරු සංවාදයක්‌ ඇති කරන්නේ නැත. ඔවුන් තවමත් ඉතා බොළඳ ආකාරයට ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමට ඇමෙරිකාව ක්‍රියාකරන්නේ ඒ මගින් ඉන්දියාව බෙදා වෙන්කොට දුර්වල කිරීමට යයි තර්ක ගොඩ නගති. එම පටු දේශපාලන විග්‍රහ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව දියත්වන ඉන්දු - ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුම පිළිබඳ සැබෑ සංවාදය යටපත් වේ. 2013 වසරේ සිට එම රටවල් දෙකේ ඔත්තුසේවා විසින් දියත්කළ මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ මෙහෙයුම එදා ආණ්‌ඩුව විසින් අවතක්‌සේරු කළේද එම ජාත්‍යන්තර උපාය මාර්ගික දේශපාලන මෙහෙයුම නිවැරදිව කියවා ගැනීමට අසමත්වීම නිසාය.

ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ දේශපාලන සහ හමුදාමය ප්‍රතිසංස්‌කරණ සඳහා ඇමෙරිකාව සක්‍රියව මැදිහත්විය යුතු බවට ඇමෙරිකානු ආරක්‍ෂක උපදේශකයකු වන ඇඩ්මිරල් ඩෙනිස්‌ බිලේයාර් පවසන්නේ මහින්ද රාජපක්‍ෂගේ පරාජයෙන් පසුවය. මහින්ද රාජපක්‍ෂ පරාජය කළ මැතිවරණය සමස්‌ථ ලෝකයටම වැදගත් බව පවසමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ ගමනාගමන මර්මස්‌ථානයක්‌ බවය. එම මර්මස්‌ථානයට චීනය පය තබාගැනීම ඔවුන් කිසිසේත්ම ඉවසන්නේ නැත. මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරායේ ණය හිලව්වට චීන සමාගම්වලට ඒවායේ ප්‍රාග්ධන අයිතිය ලබාදීම සඳහා ශ්‍රී ලංකා ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කළ යෝජනාව චීන රජය විසින් පළමු වටයේදී ප්‍රතික්‌ෂේප කොට ඇත. එය එක්‌තරා ආකාරයක තාවකාලික මවා පෑමක්‌ ලෙසද විග්‍රහ කෙරේ.

කෙසේ වෙතත් හම්බන්තොට සහ කොළඹ වරාය නගරය ආශ්‍රීත චීන මැදිහත්වීම ඉන්දියාවට සහ ඇමෙරිකාවට බරපතළ ප්‍රශ්නයකි. එය වඩාත් උග්‍ර වන්නේ බටහිර පකිස්‌ථානයේ ගොවඩාර් වරාය ආශ්‍රිතව චීනය විසින් ආරම්භකොට ඇති සංවර්ධන ව්‍යාපෘතිවල බරපතලකම නිසාය. ඇමෙරිකානු ඩොලර් බිලියන 50 කට අධික එම ආයෝජනය මගින් එම වරාය නගරයේ සිට කි.මි. 1500 ක මහා මාර්ගයක්‌, ගෑස්‌ නලයක්‌ සහ තෙල් නලයක්‌ චීන දේශසීමාව දක්‌වා ඉදිකෙරේ. පකිස්‌ථාන චීන සබදතා විසින් ඉන්දියාව මත ඇතිකරන බලපෑම විසින් ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉන්දු - අමෙරිකානු මැදිහත්වීම තවදුරටත් ත්‍රීව කරන බව ඉතා පැහැදිළිව පෙනේ. එම තත්ත්වය තුළ ඉන්දියාව සහ ඇමෙරිකාව විසින් ඒකාබද්ධ මෙහෙයුම් තිප්පොලක්‌ ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ගොඩනගන බවට ජාත්‍යන්තර ආරක්‍ෂක විශ්ලේෂකයෝ සැක පළකරති. දැනටමත් ත්‍රිකුණාමලය වරායේ පිවිසුම පාලනය කිරීමේදී ඉතා වැදගත්වන සාම්පූර් ප්‍රදේශයට බලාගාරයක්‌ මුවාවෙන් ඉන්දියාව පය තබා ඇත. එම ප්‍රදේශයේ පැවැති නාවික කඳවුරක්‌ද මේ වන විට ඉවත්කොට ඇත. ඊට අමතරව ත්‍රිකුණාමලය වරායේ ''බන්කරින් ව්‍යාපාරය'' හෙවත් නැව්වලට තෙල් ලබාදීමේ වාණිජ මෙහෙයුම ඉන්දියානු අයි.ඕ.සී. සමාගම විසින් තම අතට ගෙන ඇත. ඒ අතර වරාය ආශ්‍රිත තෙල් ටැංකි සංකීර්ණයද ප්‍රතිසංස්‌කණය කිරීමේ මුවාවෙන් දිර්ඝ කාලීන වානිජ ගිවිසුමක්‌ යටතේ අත්පත්කර ගැනීමට ඉන්දියාව ක්‍රියාකරමින් සිටියි. එසේම ත්‍රිකුණමලය වරාය ආශ්‍රිතව ඉන්දියානු කර්මාන්ත පුරයක්‌ හෙවත් ඉන්දියාවට වෙන්වූ ආයෝජන කලාපයක්‌ද වෙන්කිරීමට ශ්‍රී ලංකා ආණ්‌ඩුව එක`ග වී ඇත.

මෑතකදී ශ්‍රී ලංකා ආණ්‌ඩුව විසින් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව වරාය නගරයක්‌ බිහිකිරීම සඳහා ඊට අදාල සක්‍යතා අධ්‍යන සිදු කිරීම සහ ආයෝජකයින්ගේ උනන්දුව විමසීම ආදී කටයුතු සඳහා සිංගප්පුරු සමාගමකට රහසිගතව කොන්ත්‍රාත්තුවක්‌ ලබාදී ඇති බව වාර්තාවිය. එය රහසිගතව හෝ එළිපිට හෝ කුමන ආකාරයට කළද ඉන්දියාව සහ ඇමෙරිකාව ඒකාබද්ධව ත්‍රිකුණාමල වරායට පය තබන්නේ දැවැන්ත වානිජ ව්‍යාපෘති ජාලයක්‌ හරහා බවට නම් කිසිදු සැකයක්‌ නැත. වානිජ මැදිහත්වීම තුළ යුද්ධමය උවමනා ඉටුකරගැනීමේ කිසිදු බාධාවක්‌ නැත. Rජු හමුදාමය පෙනී සිටීමකට වඩා වානිජ ව්‍යDපෘතියක ආවරණය යටතේ හමුදාව ක්‍රියාත්මක වීම දේශපාලන වශයෙන් දිර්ඝකාලීනව වාසිදායක වේ. යම් අවස්‌ථාවක වානිජ ව්‍යාපාරවලට ත්‍රස්‌තවාදී ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සහගත උපක්‍රමයක්‌ මගින් හමුදාව Rජුව මැදිහත්වීමද සාධාරණිකරණය කෙරේ.

මේ වනවිට ඉන්දියාව විසින් ත්‍රිකුණාමල වරාය කලාපය මුල්කරගෙන කරනු ලබන මැදිහත්වීම් සිදුවන්නේ ඇමෙරිකානු ආශිර්වාදය සහ මගපෙන්වීම යටතේ බවද පැහැදිලිව පෙනේ. ඉන්දියාවේ ධනුෂ්කොඩි වල සිට ත්‍රිකුණාමලයට මහා මාර්ගයක්‌ සහ රේල් පාරක්‌ හැදීම සඳහා අවශ්‍ය ඊනියා හනුමාන් පාලම් ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් බිලියන 5ක්‌ වෙන්කරන්නේ ශ්‍රී ලංකා ආණ්‌ඩුව නිල වශයෙන් එම ව්‍යාපෘතිය අනුමත කිරීමටත් පෙරය. පසුගියදා ඉන්දුනිසියාවේදී ඊට අදාලව මුට්‌ටියක්‌ දමා බැලීමට කබිර් හෂීම් ඇමැතිවරයා යොදාගන්නේ මහජන විරෝධතා පිළිබඳ අවබෝධයක්‌ රජයන් දෙකටම තිබෙන බැවිනි. කෙසේවෙතත් දැනටමත් සැලසුම්කොට ඇති කි.මි. 125 දිග රේල් පාර ත්‍රිකුණාමලයේ සිට තලේමන්නාරමට ලගාවන්නේ මැදවච්චිය හරහාය. එවිට ඔවුන්ගේ දිර්ඝ කාලීන සැලසුම අනුව උතුරු නැගෙනහිර බෙදාවෙන්කිරීමෙන් පසුව එම රේල්පාර රටවල් දෙකක්‌ මැදින් ගමන් කරන ජාත්‍යන්තර මාර්ගයක්‌ බවට පත්වේ.

ඉන්දියාවේ දිර්ඝකාලීන උපාය මාර්ගික සැලසුම අනුව උතුරු නැගෙනහිර පළාත් බෙදා වෙන්කළ පසුව බොහෝ වාමාංශික පක්‍ෂ තර්ක කරන ආකාරයට බෙදුම්වාදී ව්‍යාපාරය තමිල්නාඩුවට පැතිරි තමිල්නාඩුව ඉන්දියාවෙන් වෙන් වන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ ආරක්‍ෂක ගිවිසුමක්‌ සහ ආර්ථික ගිවිසුමක්‌ මගින් බෙදී වෙන්වුණු ඊළාම් රාජ්‍යය දේශපාලන වශයෙන් අර්ධ කොලනියක්‌ ලෙස පමණක්‌ නොව පාලමක්‌ මගින් භූගෝලීය වශයෙන්ද තමිල්නාඩුව සම`ග එක්‌වීමය. එම ක්‍රියාවලියට ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව පැලපදියම් වීමට නියමිත ඇමෙරිකානු හමුදාවේ ආශිර්වාදය නොමදව ලැබෙනු ඇත. යම් අවස්‌ථාවක ත්‍රිකුණාමලය වරායේ සිට ඉන්දියාවට භාණ්‌ඩ ප්‍රවාහනය කරන දුම්රියකට 'හඳුනානොගත් ත්‍රස්‌තවාදීන්'' පහරදුන් විටක එම ජාත්‍යන්තර මාර්ගය ආරක්‍ෂා කිරීම සඳහා ඉන්දියානු හමුqදාව කැදවිය හැක. එවිට මැදවච්චිය ආශ්‍රිතව ශ්‍රී ලංකාව තුළ ද ඉන්දියානු හමුදාව රැදවිමේ ''සාධාරණ - ඉඩක්‌'' ඉන්දියාවට ලැබේ.

අනාගතයේදී ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුකිරීමට නියමිත ඉන්දු-ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුමට පහසුකම් සැලසීම සඳහා ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ප්‍රධාන ආරක්‍ෂක ගිවිසුම් 3ක්‌ අත්සන්කොට ඇත. පළමුවැන්න එල්.එස්‌.ඒ. ගිවිසුම හෙවත් ක්‍රමෝපායීක සහායක ගිවිසුමයි. ඒ මගින් රටවල් දෙකේ හමුදා පහසුකම් වලට අවතීර්ණ වීමේ කොන්දේසි සපිරේ. ඒ මගින් ඒකාබද්ධ මෙහෙයුම්වලට පමණක්‌ නොව අදාළ කඳවුරු වල අරමුණු සහ ක්‍රියාකාරී පරාසයන් අනෝන්‍ය අවබෝධයෙන් පුළුල් කිරීමේ ඉඩ ද ලැබේ. දෙවන ගිවිසුම සී.අයි.එස්‌.එම්.ඕ. ගිවිසුම හෙවත් සන්නිවේදන සහ තොරතුරු ආරක්‍ෂක අවබෝධතා ගිවිසුමයි. ඒ මගින් රටවල් දෙකේ ආරක්‍ෂක කටයුතු වලට අදාලව පොදු සන්නිවේදන වේදිකාවක සකස්‌ වේ. තුන්වන ගිවිසුම බී.ආර්.සී. ගිවිසුම හෙවත් තොරතුරු හුවමාරු සහයෝගිතා ගිවිසුමයි. ඒ මගින් සැටලයිට්‌ හරහා ලබාගන්නා තොරතුරු සහ අනෙකුත් ආරක්‍ෂක තොරතුරු හුවමාරු කරගැනීමට ඉඩ සලසයි. ශ්‍රී ලංකාව ගූගල් ලුන් බැලූන් ව්‍යාපෘතිය හෙවත් ශ්‍රී ලාංකික ජනතාවගේ හිසට උඩින් සිට තොරතුරු එක්‌රැස්‌ කිරීමට ඉඩ සැලසින ව්‍යාපෘතිය සඳහා ජෝර්- සෝරෝස්‌ නැමති ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්කාරයා සම`ග ගිවිසුමකට එළඹීමේ ක්‍රියාවද ඒ සමග බැදී ඇත.

මෙම සියලු ක්‍රියාකාරකම් ඇමෙරිකාව සහ ඉන්දියාව අපේක්‍ෂා කරන ආකාරයට ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යqහය බෙදුම්වාදය ශක්‌තිමත් කෙරෙන ආකාරයට දුර්වල කරන අතර ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා දුර්වල සහ දුර්මුඛ කොට ඒවා ඇමෙරිකානු ගැති හමුදා බවට පත්කළ යුතුය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියට සහ හමුදා ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියට ඇමෙරිකාව මැදිහත්වන බවට ඇමෙරිකානු තානාපතිවරයා ඒකපාර්ශවීයව ප්‍රකාශයක්‌ කරන්නේ තමා ඉදිරියේ පවතින ඒ අභියෝගය ජයගන්නා බව සහතික කිරීම සඳහාය. නපුංසක භූමිකාවක්‌ ඉටුකරන අප රටේ විදේශ අමාත්‍යාංශය ඉන්දු - ඇමෙරිකානු අභියෝගය ජය ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සලසන බවට කිසිදු සැකයක්‌ නැත.

ඉහත ලිපියේ අන්තර්ගතය සත්‍ය නම් ලංකාව ගොඩ ගත නොහැකි ආගාධයකට ඇද වැටෙමින් තිබේ. ඒකාබද්ධ විපක්‍ෂය ලෙස තමාව හඳුන්වා ගන්නා කණ්ඩායමටවත් ඊට අදෘශ්‍යමාන නායකත්වය දෙන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂටත්ම මේ ඇමරිකානු ධවල භීෂණය පිළිබඳ අබමල් රේණුවක හැඟීමක් ඇති බවක් නොපෙනේ. එසේනම් අප කළ යුත්තේ කුමක්ද ?

අප කළ යුත්තේ කුමක්ද යන්නට පිළිතුර දිටිමි.
  1. දන්නා කාලයේ සිට මහින්දට කඩේ යන සා රස තුමා
  2. සෑම ප්‍රශ්නයක්ම ආර්ථික විද්‍යාවට ඌනනය කරන ඉකොනොමැට්ටා
  3. දෙමළ ප්‍රශ්නය ගැනත් ඉඳ හිට කතා කරන මුත් ආර්ථික ප්‍රශ්න වලට හේතුව මහ බයියා බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති ඉයන් තුමා
අපි කළ යුත්තේ කුමක්ද? අපි සිංදු තෝරමු ! වහ වහා සිංදු තෝරමු !!



මේ ගීතය දැනට මගෙන්.



26 comments:

  1. ඉකොනොමැට්ටා පෞද්ගලිකව සිතීමේදී හෝ තීරණ ගැනීමේදී සෑම ප්‍රශ්නයක්ම ආර්ථික විද්‍යාවට ඌනනය කරන්නේ නැත. වියුණු සටහන් ලිවීමේදී, ප්‍රශ්නයක වෙනත් පැති ගැන කතා කරන්නට ඉකොනොමැට්ටාට වඩා සුදුසු අය ඕනෑ තරම් සිටීම සලකා, ගොඩක්ම නොදන්නා දේ හෝ 'අනාගතයේ වේයැයි හිතන දේ' ගැන කතා කිරීමට අඩුවෙන් කාලය යොදවා, ඉකොනොමැට්ටා තරමක වැඩි පුහුණුවක් ලබා ඇති ආර්ථික විද්‍යාවට අදාළ කරුණු වලට වැඩි අවධානයක් යොමු කරනවා පමණි. ඒ නිසා, ඉකොනොමැට්ටාගේ ලිපි දෙස සමස්තයෙන් බැහැර කොට හුදෙකලා වියුණුවක් ලෙස බැළුවොත් බොහෝ ලිපි වල බොහෝ ප්‍රශ්න ආර්ථික විද්‍යාවට ඌනනය කර ඇති බව පෙනෙන බව ඇත්තකි. ඉකොනොමැට්ටාගේ ලිපි කියවන පිරිස් ඉකොනොමැට්ටාගේ වියුණුවට අනන්‍ය නොවූ, වෙනත් බොහෝ වියුණු හා වියුණු නොවන වෙනත් මාධ්‍ය පරිශීලනය කරන පොදු රසික පිරිසක් නිසා මේ ප්‍රවේශය හානිකර එකක්යැයි ඉකොනොමැට්ටා දැනට සිතන්නේ නැත. කෙසේ වුවද, ඉකොනොමැට්ටා විසින් ආර්ථික විද්‍යා විෂයයට වැඩි අවධානයක් යොමු කරවීමට එකම හේතුව ඉකොනොමැට්ටා එම විෂයයෙහි තරමක පුහුණුවක් ලබා තිබීම පමණක්ම නොවේ. ඉකොනොමැට්ටා සිතන පරිදි, මේ විෂයය පිළිබඳ ලංකාවේ බොහෝ දෙනෙකු 'දන්නා දේ' සම්මත විෂයය සංකල්ප වලට සාපේක්ෂව නිවැරදි නොවන හෝ ප්‍රමාණවත් නොවන නිසා එවැනි නිවැරදි හා ප්‍රමාණවත් දැනුමක් ඇති රටේ ජීවත්වන සීමිත පිරිසක් අනෙක් අයට එරෙහිව වැඩි වාසියක් ගැනීමත්, රටින් පිටත පිරිස් සමඟ කරන ගනුදෙනු වලදී රට තුළ හා පිටත මේ විෂයය හා අදාළව පවතින දැනුම් පරතරය රට තුළ ජීවත් වන්නන්ගේ අවාසියට හේතු වීමත් ගැන සලකමින් මේ විෂයය ගැන සාමාන්‍ය පාඨකයින්ගේ උනන්දුව හා දැනුම වර්ධනය කිරීමද ඉකොනොමැට්ටා ගේ අරමුණකි. එහිදී ඉකොනොමැට්ටා ප්‍රමුඛතාවය දෙන්නේ හා අපේක්ෂා කරන්නේ වෙනත් අයට ඉකොනොමැට්ටා මෙන් සිතන්නට පුරුදු කරන්නට නොව, විෂයය හා අදාළ සම්මත සංකල්ප ඔවුන්ගේ දැනුමේ කොටසක් කරගෙන තමතමන්ගේ සිතීමේ සීමාවන් පුළුල් කර ගැනීම සඳහා හැකි උදවුවක් කිරීමට පමණි. ඉකොනොමැට්ටා විශ්වාස කරන පරිදි එය වඩා පහසුවන්නේ හැකි තරම් සරල, කාටත් තේරෙන හා උනන්දුවක් ඇති තැන් වලින් පටන් ගත් විටය.

    ReplyDelete
  2. දැන් කල යුත්තේ කුමක්ද
    මට නම් සිතෙන්නේ බලා සිටීම හැර කිසිම දෙයක් කරන්නට නැති බවයි. නිකම් බලා සිටින්නට බැරි නිසා සිංදු තේරීම කල හැක.
    මහා නාගයෙක් මෙන් දැවැන්ත සුනාමියක් එන විට අපට එය නැවැත්විය නොහැකිනම් කිසිත් නොකට බලා සිටීම සුදුසු වන්නේ එය නවත්වන්න යාමෙන් පාරෙ ඇති ටයරයක පය පැකිලී වැටීමට ඉඩ ඇති නිසාය.

    ජාතික ව්‍යාපාරයට මුල සිටම වැරදුනි. එය මහින්ද පවුලේ උරුමයක් කරගෙන රජ නැටුම නටන්නට පටන් ගත් පසු මහින්දට ගහන පහරවල් ජාතික ව්‍යාපාරයටද වදින්නට විය.මහින්ද වැටුන විට ජාතික ව්‍යාපාරයද කඩා වැටුනි.

    වත්මන් ලෝක දේශපාලන වාතාවරනය තුල ඉන්දියන් සාගරයේ ඉන්දු ඇමරිකන් අවශ්‍යතාවයන් වෙයි.රටක් ලෙස අපට මෙයට එරෙහිවීමට බැරිය. බැරිවෙලාවත් ජනවාරි 8 විප්ලවය සිදුනොවුනානම් ලංකාව සිරියාවක් වනු ඇත.

    ඇමරිකානු පීඩනය දැන් එහි උච්ඡාවස්ථාවට ලංවී ඇත.ගොඩබිමෙන් රූකඩ රාජ්‍ය සමග රුසියාව වටලා ඇත්තේ පැරනි සෝවියට් භූමියටම ඇතුලුවීමෙනි.පැසිෆික් සාගරයේ රූකඩ රාජ්‍ය සමග චීනය වටලා ඇත.ඇමරිකාව ඉදිරි දශකයේදී ලෝක සුපිරි බලවතා තත්වයෙන් පහලට වැටීමට නියමිත අතර ඉන් පසු ලෝක දේශපාලනය උඩු යටිකුරු වීමට ඉඩ ඇත.එතෙක් මේ සියළු අයුක්තීන් ඉවසීමට අපට සිදුවෙයි.

    ReplyDelete
    Replies
    1. ජාතික ව්‍යාපාරයට මුල සිටම වැරදුනි. එය මහින්ද පවුලේ උරුමයක් කරගෙන රජ නැටුම නටන්නට පටන් ගත් පසු මහින්දට ගහන පහරවල් ජාතික ව්‍යාපාරයටද වදින්නට විය.මහින්ද වැටුන විට ජාතික ව්‍යාපාරයද කඩා වැටුනි.

      මම දකින පැත්ත තමයි, ජාතික ව්‍යාපාරය තමන්ගේ වැඩේ මහින්දට බාර දීල තමන් මහින්දට හුණු ගාන වැඩේ බාර ගත්ත එක. හරියට බල්ලගේ වැඩේ බූරුවට බාර දීල බල්ල බූරුවට ප්‍රශස්ති ගායනා කර කර යන්න පටන් ගත්ත වගේ.

      Delete
  3. මම නම් හුදී ජනයෙක් මට මෙතනදී කරන්න පුළුවන් ප්‍රධාන කටයුත්ත චන්දය දැමීම.
    ගියපාර චන්දෙදී මනාප දෙන විදිය ගැන ඔයාගෙන් උපදෙස් පැතුව බවත් මතක ඇති.
    හැබැයි ඔයා නීතීඥයෙක් වියයුතුයි. මම හිතන්නේ නීතීඥයෝ කණ්ඩායමක් එකතුවෙලා වැඩි සද්දයක් නැතුව ආණ්ඩුවෙන් රටට වන හානි වලට එරෙහි සටනක්නීති මාර්ගයෙන් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නීතීඥයෝ කියන්නෙම හොරු සැට් එකක්.

      Delete
  4. ජාතියකට නියම සාහිත්‍යක් කලාවක් රසාස්වාදයක් නැතිව ගිය කල උන්ට ඇවැසි වන්නේ ගතට ෆන් එකක් පමණි. උන්ට නායකයෙක් ඇවැසි නොවේ. උන්ගෙන් නායකයෙක් බිහි වන්නේද නැත. එහෙව් කාලකණ්නි කාලයක ලංකා කුමක් කරන්ද?

    ReplyDelete
  5. අපි සිංදු තෝරමු !

    මීට කලකට පෙර භද්‍ර යෞවනයේ විසූ අපි,
    අල්ලපු ගෙදර කොල්ලා මහ රාත්‍රියේ මිට්සුබිශි ජීප් රියකින් පැමිණි නාදුනන කලිසම් කමිස ඇඳගත් තුවක්කු කරුවන් විසින් පැහැර ගෙන යද්දී,
    හන්දියෙ කඩේ මුදලාලි මහ දවාලේ නාඳුනන තුවක්කු කරුවන් විසින් හිසට වෙඩි තබා මරා දමද්දී,
    මහ රාත්‍රියේ මර හඬත් වෙඩ්ඩි හඬත් ඇසෙද්දි,
    උදේට වැඩටයන්නට එළියට බහින විට හන්දියේ ටයර් සේය තවමත් දුම් දමද්දී අඩක් දැවුනු ගැහැණු පිරිමි සිරුරු බල්ලන් ඇදගෙන යද්දී.

    අපි අපේ පෙම්වතියන් බැලීමට ගියෙමු.
    දෙමාපියන් අපගේ ජීවිත ගැන අවධානමෙන් දැඩිව කේන්ති ගෙන බැන වදිද්දී අපි මිතුරන්ගේ දුක සැප සොයා බැලුවෙමු.

    එවන් වූ අඳුරු යුගයක් පසු කල අපි,

    අද සිරුරු නොදැවී ජීව්ත දැවෙද්දී
    නිලධාරීන් අපිව නොමරා අපගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය වූ ඡන්ද බලය පවා පැහැර ගැනෙද්දී
    තුවක්කු ඔළුවට නොතබාම අපේ මහජන නියෝජිතයන් අපිට එරෙහිව යොදා ගැනෙද්දී.
    අපේ මතය දරන නියෝජිතයන්හට විපක්ෂය පවා අහිමි වෙත්දී.
    දේශපාලන මතයක් දරන නිසා අප වහලුන් ලෙස අවඥාවට ලක් වෙද්දී
    හිටපු උන් සොරකම් කලා කලා කියමින් මහ දවල් රටේ ආර්ථිකය කොල්ලා කද්දී
    අපට ජීවිත දානය දුන් රණ විරුවන් මිනිමරුවන් වී අවමානයට ලක් වෙත්දී


    අපි සිංදු තෝරමු.
    අතීත කාමයෙන් ඔද වැඩී මේ සිංදු වලින් අපි රසවත් වෙමින් අපටත් නොදැනීම ජීවත් වෙමු.

    ReplyDelete
  6. කණිෂ්ක,
    මේ ලිපිවලට කිසිදු ප්‍රථිචාරයක් නොදක්වන අපගේ ජෝසප් මිතුරා, කථා 32 නැවත සක්‍රීය කල යුතුයැයි මා කියනා විට ප්‍රථිචාර දක්වයි.
    මේ ලිපිවලට ඔහු නිහඬව දෙන ප්‍රථිචාරය කියැවීම නොමැනවිද?

    ReplyDelete
    Replies
    1. නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ විරෝධතා නැති බවයි.

      Delete
  7. සතියක පූර්ණ නිහඬ තාවයක් !

    ලියන්න තරම් මාතෘකාවක් හිතට නැගෙන්නෙත් නැහැ. බලහත් කාරයෙන් මාතෘකාවක් අරගෙන ලිව්වොත් ඒක සාර්තක වෙන්නේත් නැහැ.
    ඒක නිසා මට කල හැකි දේකුත් නැහැ.
    කණිශ්ක, දැන් වත් කථා 32 පෙර සුපුරුදු මාවතට ගෙනෙමුද?

    ReplyDelete
  8. ශ්‍රී ලංකාවට මැලේසියානු ත්‍රස්තයන්ගෙන් එල්ල වුණු ප්‍රහාරය පිළිබඳව ඔබලාගේ අදහස් කෙසේද ?

    ReplyDelete
    Replies
    1. මම නම් ඕවට නිහඬයි,
      මේ දේශාඅලන කුණු හරුප දැන් ඇති වෙලා

      Delete
    2. මටත් වයින් දෙන්න

      Delete
  9. කණිෂ්ක, වෙන බ්ලොග් වල ඇවිල්ලා කමෙන්ට් දාලා යන ඔබ තුමා මේ කතා 32 කේ අහන ප්‍රෂ්ණ වලට මුනිවත රැකීමේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හික් !
      >> http://lankacnews.com/sinhala/main-news/147170/

      Delete
    2. හ්ම්ම්ම්ම්!
      අපි තවම බලා හිඳිමු.....!

      Delete
  10. බ්ලොග් එක කොරන්න බැරිනම්,
    "ඕක දීපං ළමේකුට"

    ReplyDelete
  11. තාම ළමයා හම්බ වෙනකන් බලා ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හික් !
      මාස ගානක් බලං ඉන්න වෙයිද දන්නේ නෑ.

      Delete
    2. කමක් නැහැ, මේ යන විදියට කොහොමත් බබා හම්බ වෙයි !

      Delete
    3. හුදෙක්ම පෞද්ගලික හේතුමත ඉදිරියේදී මා බ්ලොග් වෙත පිවිසීම් ඉතාමත් සීමිත විය හැක. එම නිසා අළුත් ලිපියකට වුව ප්‍රථිචාර නොදීමේ ඉඩක් ඇත.

      Delete
  12. අනිච්චාවත සංඛාරා
    උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී
    තේසං වූප සමෝ සුඛෝ

    අපි ලබන මාසේ කතා32 ට තුන් මාසේ දානේ දීල ඉවරයක් කරනවා.
    ඊට පස්සේ මේ පැත්ත පළාතේ එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. තවම මාස දෙකයි දින හතයි.
      ලබන මාසෙ 21 වැනිදාට තුන් මාසයයි.
      කාලෙ ගත වෙන ඉක්මන. අපි කවුරුවත් හිතපු දෙයක්ද මේ වුනේ.අකාලේ...!
      තුන්මාසේ දානෙට මටත් කියන්න පුලුවන් විදියකට උදව් කරන්නම්.

      Delete
    2. මෙයාව අවුස්සලා නැගිටවන්න "කන්‍යා ධර්මපාල" වගේ වචනයක් මතක් වෙන්නෑනේ!!

      Delete
  13. කණිශ්ක මහත්තයෝ
    අමරණීය දේවයා (දේව කුලවතා) ගැන ලියමුද?

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !