Monday, May 9, 2016

සිතුවිළි වෙනස් වෙලා !

සිතුවිළි අපට එකතු වූයේ මේ අඩවියේ මුල්ම කාලයේ දී ය. බුදු පිළිම අඩවිය පවත්වාගෙන ගිය (මෙහි යාවත්කාලීන කිරීමක් කලෙකින් දුටුවේ නැත) බිංදු සහ සිතුවිළි දෙතිස් කතාවේ ප්‍රාරම්භක පාඨකයෝ ය. ප්‍රතිචාර තීරය හරහා පළමුව අදහස් බෙදා ගත්තද ඔහුගේ සාරවත් අදහස් වලට ඉඩ දීම පිණිසත්, නව මං ඔස්සේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා දීම පිණිසත් ලේඛකයෙකු ලෙස දෙතිස් කතාව හා එක් වන ලෙස මිතුරු ජොසෙෆ් හා සිතුවිළි වෙත කළ ආරාධනාව ජොසෙෆ් විසින් ප්‍රතික්‍ෂේප කෙරුණත් සිතුවිළි විසින් බාර ගන්නා ලදී.
නයනේ නිසා උපන් සිතුවිළි
ඒ අනුව සිතුවිළි විසින් රචිත ලිපි බොහොමයක් දෙතිස් කතාවේ පල කෙරිණි. පහත දැක්වෙන්නේ ඒවාය. දැන් සිතුවිළි නම වෙනුවට සැබෑ නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට සිතුවිළි සුදානම්ය. ඔහුගේ නව අඩවියට මෙතැනින් පිවිසිය හැක.




පහත දැක්වෙන්නේ නයනේ නමින් එහි ඉදිරිපත් කෙරෙන සිතුවිළිගේ පළමු වන බ්ලොග් ලිපියයි.

වැට් බද්ද නිසා කාලා හමාරද?

ව්‍යාපාර පිරිවැටුම් බද්ද ඇතුළු තවත් බොහෝමයක් වූ බදු එකම බදු ක්‍රමයකට යටත් කිරීමටත් බදු ක්‍රමය වඩාත් සරල හා ඍජු කිරීමටත් කලකට පෙර හඳුන්වා දුන් වැට් බද්ද ඇත්තෙන්ම පසු ගිය කාලයේ භාවිතා වූයේ එම අරමුනින්මද යන්න විමසා බැලිය යුතු කාලය පැමිණ ඇතැයි සිතමි.

එහෙත් මේ බදු ක්‍රම ඇතුළු ආර්ථික කරුනු විග්‍රහ කිරීමට මා ආර්තික විශය පිළිබඳ විශේෂ්ඥ දැනුමක් ලද්දෙකු නොවන බව කල් තියා කීම වඩා යෝග්‍යය. මේ කරුන ගැන මා සාකච්චාවට එළැඹෙන්නේ රටේ ආර්ථික ප්‍රවාහය තුල ගැවසෙන තවත් එක් හුදී ජනයෙකු ලෙස පමණි.

වැට් බදු ක්‍රමය සමස්ථ රටේ ආර්ථිකය පාලනය කිරීමට රජයක් සතු අපූරු මෙහෙයුම් පද්ධතියකි. මේ ක්‍රමය තුළින් රටේ බොහෝ කුඩා වෙළඳ සැල දක්වා රජයට බදු එකතු කිරීමේ මධ්‍යස්ථාන බවට අමතර පිරිවැයකින් තොරව පත්කර ගත හැකි සංකල්පයකි. එමගින් රටේ ආර්ථිකය තුල සංසරණය වන භාණ්ඩයක් හෝ සේවාවක් එය උපන් තැනදි තිබූ අගයෙහි සිට අවසානයෙහි පරිභෝජනය කොට අවසන් වනතෙක් පියවරින් පියවර අගය එකතුවීමක් වන සෑම අවස්ථාවකදීම එම එකතු වූ අගයට සමාන්තර වූ බදු කොටසක් රජය වෙත බදු ගෙවන්නා විසින්ම ගනනය කොට ගෙවා දමන අපූරු සංකල්පයකි.

මෙහිදී ඉතාම කුඩා ව්‍යාපාරික කොටස අවසන් පරිභෝජනයට සමාන කොට නොතකා හැරීම මගින් සමාජයේ පහළම ස්ථරයේ බදු අත් හැර දැමීමක් වර්ථමානයෙහි සිදු කරනු ලබයි. මෙය බැලූ බැල්මට ඉතා සමාජ හිතවාදී පියවරකි. දුප්පතුන්ට කරනා සහනයකි. එහෙත් ඇත්තෙන්ම එය එසේද?

ව්‍යාපාරිකයන්හට වැට් බද්දෙහි බලපෑම..

වැට් බද්දෙහි සාකච්චාවට ගත යුතුම තැන එතැනයි. මෙයට වසර කිහිපයකට පෙර රජය විසින් මාසික පිරිවැටුම රු ලක්ෂ 15 නොඉක්මවන ව්‍යාපාර වැට් බදු සඳහා ලියපදිංචි කිරීමෙන් මුදා හැරිණි (මුදා හැරිණි කීවාට වඩා ලියාපදිංචිය තහනම් කෙරිනි කීම වඩා යෝග්‍ය වේ ). මේ තීරණය එවකට සිටි කුප්‍රකට මුදල් ලේකම් වරයාගේ ඍජු අවශ්‍යතාවය මත සිදුවූ බවට කථා පැවතිනි. එහි සත්‍ය අසත්‍යතාවය කීමට අපි නොදනිමු. එහෙත් එහි ප්‍රථිපලය පිළිබඳ විමසා බැලීමට අපට අයිතියක් ඇත. මේ තීරනය නිසා පිරිවැටුම ලක්ෂ 15 නොඉක්මවන කුඩා ව්‍යාපාරයන් මින් මතුවට ක්‍රමයෙන් වැඩී විසල් ව්‍යාපාරවලට අභියෝග කරන්නන් බවට පත් වීමේ අභියෝගය විසල් ව්‍යාපාරිකයන්හට ස්ථාවරව විසඳා දීමක් සිදු විය.

ඒ අනුව කුඩා ව්‍යාපාරිකයන්හට තමන් වැට් ගෙවීමක් කලද එය නැවත අයකරගත නොහැකි අතර තමන්ගේ පාරිභෝගිකයා වැට ලියාපදිංචි අයෙකු වුවත් ඔහුගෙන් වැට් අයකරගැනීමේ හැකියාවෙන් නෙරපා හැරීමක් සිදුවිය.

එම නිසා වැට් බද්ද භාණ්ඩ වල මිලට අතුලත් කර බිල් නිකුත් කරන කුඩා ව්‍යාපාරිකයා වෙනුවට විසල් ව්‍යාපාරිකයින් සැමවිටම වැට් බද්ද වෙනම අයකරගැනීමට සමත් අයම තමන්ගේ සැපයුම් කරුවන් ලෙස තෝරා ගන්නා ලදී. එමගින් කුඩා ව්යාපාරිකයන්හට තිබූ අවස්තාද බිඳ හෙලීම මගින් ඔවුන් කිසිදාක අපේක්ෂිත 15 ලක්ශයේ පිරිවැටුම් සීමාව ලඟා කර නොගැනීම මගින් සදා කුඩා ව්‍යාපාරිකයෙකුගේ මට්ටමට පහත හෙලන ලදී.

යම් කිසි ව්‍යාපාරිකයෙකු උපරිම වෙහෙස වී 15 ලක්ෂයේ පිරිවැටුම් සීමා ලඟා කර ගෙන වැට් සඳහා ලියා පදිංචි වූවානම්, එතැන් සිට ඔහු කරනු ලබන සෑම අලවි කිරීමකදීම 15% ක වැට් බද්දක් රජයට ගෙවිය යුතු වේ. මෙහි වරදක් නැත ක්‍රමය එයයි. එහෙත් ලියාපදිංචියට පෙර එම ව්‍යාපාරිකයා ආනයනය කල යම් තොගයක් වෙයි නම් ඔහු එයට දැනටමත් ගෙවා ඇති වැට් බදු මුදල නැවත අය කර ගැනීමට ඉඩක් නොලැබේ. එම භාණ්ඩ වැට් බදු නොගෙවා ලබා ගත් භාණ්ඩ ලෙස රජය විසින් සලකනු ලබයි. එවිට මෙම තොග වලින් කරනු ලබන වෙළඳාම සඳහා අලුතින් 15% ක් ගෙවීමට සිදු වීමේන් සමස්තයක් ලෙස මෙම තොගයට 30%ක වැට් බද්දක් ගෙවීමට සිදු වේ.

අපට පිළිගත හැකි සීමාව තුල කිසිදු ආනයන කරුවෙකු 30% ක් තරම් අධික ලාභ කොටසක් තම ආනයන මත නො පටවයි. එම නිසා අළුතින් වැට් බදු සඳහා දායක වන ව්‍යාපාරිකයෙකු දැනට තමන් සතු සමස්ත (නොවිකුනා ඇති ) ආනයනිත තොග සඳහා 30% ක වැට් මුදලක් රජයට ගෙවීමට සිදු වේ. මෙවන් වූ අලාභයක් සහිතව ව්‍යාපාරයක් කරගෙන යෑම කොතරම් දුරකට ප්‍රායෝගිකදයි ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.

අවසන් ප්‍රතිපලය වන්නේ වැට් සීමාවට පැමිණි ආනයන කරුද හැකි තුරුම්පුවක් ගසා වැට් ලියා පදිංචි වීමෙන් වැලකී තම ව්‍යාපාරය සුළුවෙන් කරගෙන යෑමට උනන්දු වීමයි. මෙමගින් නියත ලෙසම වැඩි දියුනු විය හැකි සුළු ව්‍යාපාර වැඩි දියුනු වීමට ඉඩ අහුරා මැඩ පැවැතවීමක් සිදු කෙරේ.

මෙය පැහැදිලිවම කුමන්ත්‍රනයකි. එහි ප්‍රථිපලය සාමාන්‍ය ජනයා අතර මුදල් ගැවසීම දුර්වල වී, සමස්ත ආර්ථිකයම නිසල වී එක තැන පල් වන ස්වරූපයක් ඇති වීමයි. රටේ කොතරම් විසල් ව්යාපෘති ක්‍රියාත්මක වූවද ජනතාව අත මුදල් නොගැවසෙන බවට වූ චෝදනාවට මෙය එක් ප්‍රභල සාධකයක් විය හැකිය.

ඒ සියල්ල අතරේ වත්මන් රජය විසින් එම බදු සඳහා වූ පිරිවැටුම් සීමාව ලක්ෂ 15 සිට 10 දක්වා අඩු කිරීමක් මෑතක සිදුවූ වැට් සංශෙධනය හරහා ගෙන ඒමෙන් මදක් ඉදිරි පියවරක් තබා ඇති බවක් පෙනේ. එහෙත් මෙය කලින් පහර දී පා දෙකම බිඳ දමා සිටි එකෙකුට කිහිලි කරුවක් දීමක් වැන්නකි. දැන් කිහිලි කරුවෙන් පලක් නැත දිය යුත්තේ රෝද පුටුවකි.

එනම් වැට් සඳහා වූ පිවැටුම් සීමාව මසකට ලක්ෂ 5 දක්වා පහත හෙලිය යුතුය. එසේම ඕනෑම ආනයන කරුවෙකුට තම අභිමතය පරිදි වැට් සඳහා ලියා පදිංචි වීමේ අවස්ථාව උදා කර දිය යුතුය. ඒ මගින් අති විශාල ලෙස වැඩි වන වැට් ලිපිගොනු තොගය කලමනාකරණය කිරීම රජයට අවාසියක් වන බැවින් යම් වැට් ලියා පදිංචි සමාගමක් හෝ ආනයන කරුවෙකු අවම පිරිවැටුම් සීමාව වූ ලක්ෂ 5 පවත්වා නොගන්නා විටකදී වැට් බදු කලමනාකරන ගාස්තුවක් රජයට අයකර ගත හැකිය.

මේ මගින් රටේ සෑම පුර වැසියෙකුටම ව්යාපාර ලෝකය තුලදී සමාන අවස්තා ලබා දිය හැකි අතර, රජයේ බදු එකතු කිරීම් වඩා පහත මට්ටමකදී අමතර පිරිවැයකින් තෝරව කර ගත හැකි වනු ඇත. සියළු ලොකු කුඩා සමාගම් එකම බදු චක්‍රයක් තුල ක්‍රියාත්මක වීමෙන් බදු ක්‍රමය මෙන්ම රටේ මුදල් සංසරනයද වඩා ක්‍රමවත් හා සෞඛ්‍ය සම්පන්න වනු ඇත.
෴෴෴
නයනේ ගේ සිතුවිළි ඔබ වෙත ගෙන එන නයනට දෙතිස් කතාවේ සුභාසිංෂණ පිළිගැන්වීමට මේ සුදුසු අවස්ථාවයි.



24 comments:

  1. ඔබට පින් කණිෂ්ක, ඔබෙන් මෙවන් ප්‍රචාරයක් බලාපොරොත්තු වුනේ නැහැ.
    මා තවම මේ බ්ලොග් පිටුව ආකර්ෂ්නීය ආකාරයට හැඩ ගස්සවා ගැනීම ගැනවත් දන්නේ නැහැ. එය ඉතාම ප්‍රාථ්මික ලෙස මා විසින් සකසා ගනු ලැබූවක්.
    කිසිවෙකුට ඒ ගැන කීමට පෙර ඔබට ඊ මේල් පණිවුඩයක් මගින් දැනුම් දුන්නේ එය ඔබ කෙලෙස දකියි දැයි දැන ගැනීමටයි.

    මා ස්වභාවයෙන්ම කිසිවෙකුගෙන් උදව් බලාපොරොත්තු නොවන්නෙක්. ඒත් මෙතැනදී ඔබ ඉඩ පහසු ඇති ආකාරයට මා හට උපදේශනාත්මකව උදව් කරාවියැයි සිතනවා.

    ReplyDelete
  2. මැයි 18 මෙතරම් ලෙහෙසියෙන් අමතක කළේ කෙසේද ?

    ReplyDelete
    Replies
    1. මැයි 18 අමතක කල රටට දේව කෝපයන් උදාවී ඇත.
      රට සමය රැකීමට කැප වූ විරුවන් පාවා දුන් සිංහල ජාතිය දේව උදහසට ලක් වී ඇත.
      කොටියා සමූලඝාතනයේ සැමරුමක් සමරද්දී අපේ ආරක්ෂක අමාත්‍යාංශය සංස්කෘතික උත්සව පවත්වමින් අපිට සහජීවනය උගන්වයි.
      හෙල ජාතියට බුදු සමයට මේ කරන අවමන් හමුවේ දේව කෝපයන් නොවූවොත් නොවැ අරුමය.

      Delete
    2. දෙවියන් සහ දේව කෝපය ප්‍රත්‍යක්ෂෙයන් දැනගැනීමට හිත දියුනු කර නැති බැවින් ඒ ගැන කිසිවක් කිව නොහැකිය.

      Delete
    3. දේව කෝප ගැන කියවෙන්නේ ජන-වහරේ ය. කැළණිතිස්ස රජු රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දමා කැවුම් බදින සේ බැදීමෙන් ඇති වූ දේව කෝපයේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් දුටුගැමුණු රජු බිහි විය. අද සිටින "ධර්මිෂ්ඨ" එළාරලා පළවා හරින වීරයෙක් පහල වේනම් මේ දේව කෝපයත් යහපති.

      Delete
  3. මේ බලන්න.
    https://nesciencetoscience.blogspot.com/
    ජපන් ජාතිකයන් බටහිර විද්‍යාව තාක්ෂණික භාවිතාවන් සඳහා යොදා ගැනීමේ විශේෂ දක්ෂතාවයක් ඇති ජන කොටසක්. නමුත් විද්‍යාව සහ තාක්ෂණය යනු දෙකක්. මෙම ලේඛකයා එම ජපන් තාක්ෂණයට වශීවී ඒ හරහා බටහිර විද්‍යාව කෙරෙහි අන්ධ භක්තියක් ඇතිකරගත් අයෙක්දැයි සැකයක් ඇතිවුනා. නමුත් තවම ඔහුගේ අරමුණු පැහැදිලි නෑ.

    ReplyDelete
    Replies
    1. ජපනුන් සංස්කෘතියෙන් වෙනස් වුවත් චින්තනයෙන් ක්‍රිස්තියානි චින්තනයට සමාන බවයි මගේ අදහස. බටහිර විද්‍යාව හා නූතනත්වය තමන් තුලට අවශෝෂණය කර ගැනීම අපට මෙන් ඔවුන්ට අපහසුවක් නෑ. ජපන් මහායාන බුදුදහමත් එහි ශින්තෝ වැනි දේශජ දර්ශනත් සමුරායි වැනි සම්ප්‍රදායනුත් කබුකි වැනි කලාවනුත් බොන්සායි වැනි ශිල්ප ක්‍රමත් සහිත තමන්ගේම ලෝකයක සිටින ජපනුන්ට ඒවා වැඩි දියුණු කර ගැනීමේ මෙවළමක් ලෙස බටහිර විද්‍යාව හා තාක්‍ෂණය යොදා ගැනීමට අවස්ථාව ලැබීම වාසියක්.

      ඊට අමතරව පසුගිය සියවස තුල, විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ඇති වූ ඇමරිකානු බලපෑම් මෙන්ම ප්‍රබල සෝවියට් දේශයට එරෙහිව යුධ කඳවුරක් ලෙස ජපානය යොදා ගැනීමේ උපායමාර්ගික සැලැස්මේ කොටසක් ලෙසත් මේ තාක්‍ෂණ ලබා දීම සිදු උනා. ඉතින් ජපානය බටහිර තාක්‍ෂණයෙහි (අප මෙන්) වහලෙක් නෙවේ. එහි ස්වාමියෙක්.

      නමුත් බටහිර විද්‍යාව සම්බන්ධයෙන් එසේ කීමට හැකියාවක් නෑ. චින්තනයෙන් අපට සාපේක්‍ෂව බටහිරට සමාන යැයි කීවත් බටහිර විද්‍යාවේ නව දැනුම් නිර්මාණය කිරීමට තරම් සෛද්ධාන්තික අංශයේ ඉදිරි ගමනක් ජපනුන් පෙන්නුම් කරන්නේ නෑ. හේතුව ජපනුන්ගේ චින්තනය වියුක්ත එකක් නොවන නිසා යැයි මා විශ්වාස කරනවා.

      Delete
    2. ජපානය සහ ලංකාව අතර ඓතිහාසික සබඳතා පවතින බවට නිතරම කියවෙනවා. ඒත් මටනම් ඒක තේරෙන්නේ නෑ. චීනය සමඟ පැරණි සම්බන්ධතා තිබුණු බව ඇත්ත. ඒත් 1850ට පෙර ජපානය හා ලංකාව අතර සම්බන්ධතාවක් තිබුනද? 1850 කියන්නෙත් ඓතිහාසික තමයි. ඒත් මදි.

      Delete
    3. ජපානය සහ ලංකාව අතර ඓතිහාසික සබඳතා ගැන මගේනම් විශ්වාසයක් නෑ. ජපන්නු මූදෙන් හරි ගොඩින් හරි ලංකාවට ආව ගිය බවක් මටනම් කිසිම තැනක හමු වෙලා නෑ. 1850 ආවනම් ඇවිත් තියෙන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිතයකටනේ. ඒවා ඔට්ටු නෑ.

      Delete
  4. ක්ණිෂ්ක,
    තවත් එක් පින්බර වෙසක් පොහොය දිනයක් උදා වුනා.
    අපිට ධර්ම සාකච්චා අමතකම වෙලාද?
    ඔබ තුමාගේ හරබර ලිපියක් කාලෙකින් නොකයවූ බවකුයි හැඟෙන්නේ !

    ReplyDelete
    Replies
    1. මම කියවලා තියෙනවා 1942 වසරේ පළකල නුවණ සඟරා එකතුවක්. එහි "නයන නදන" නම් ලමා නාට්‍යයක් තිබුනා.

      Delete
    2. කණිෂ්කගේ මොලේ වැඩියි. එයාගෙන් බණ අහලා වැඩක් නෑ. ඒ වුනාට බුදුහාමුදුරුවන්ට මොලේ නෑ. මොලයක් තියෙනවා නම් දේවදත්ත මහන කරයිද? - (පිටිදූවේ සමන්ත භද්‍ර හිමිගේ දෙසුමක් ඇසුරින්)

      Delete
    3. ඇත්තෙන්ම සමන්ත බද්‍ර එවන් මුග්ද කථාවක් කීවාද?
      මා ඔහුගේ නොයෙකුත් දේශනා යම් පමණකට අසා තියෙනවා. ඔහු කට වාචාල කමට ඇතැම් විට කියන්නේ මොනවාද නොදැන කියවන අවස්ථා ඕනෑ තරම් දැක තියෙනවා.
      අපි ඔහුට අනුකම්පා කරමු මිත්‍රයා.
      කණිෂ්කගේ මොළේ නම් සමහර විට අපිට වඩා වැඩි ඇති (සාපේක්ෂව ) ඉතින් එහෙම නම් එතුමාගෙන් යමක් අරගෙන අපිටත් මොළේ වඩවා ගත හැකිනම් වැඩේ අපූරුයි නේද?
      බලමු කණිෂ්ක සහෝදරයගේ පිළිතුර කොහොම වෙයිද කියලා.

      Delete
    4. කණිෂ්කගේ මොලේ වැඩි නිසා ඒකේ බරට එයාගේ හදවත තැලිලා රොටියක් වගේ වෙලා. බුදුහාමුදුරුවන්ට මොලයක් නැතිනිසා එයාගේ හදවට පිම්බිලා.

      Delete
    5. මිත්‍රයා, ගොනුන් උම්බෑ කීවාට මිනිසුන් වූ අපි උම්බෑ කියන්නේ නැහැ නේද?

      Delete
  5. අනේ අපේ kkk කොහි ගියාදෝ - ඇහිඳ කකා ගම්මැද්දේ ගියාදෝ
    රෑට ඇවිත් blog අත්තේ ලගීදෝ - කැළණි ගඟේ ගිලිලා පණ, ගියාදෝ !

    ReplyDelete
    Replies
    1. නියමයි!
      ඇහිඳ "කකා" නෙවෙයි ඇහිඳ "කථා" කීවානම් එකෙන්ම... හඃ හා

      Delete
    2. හික් !

      Delete
  6. ස්වර්ණවාහිණියේ කලකට පෙර විකාශයවූ ධර්ම සාකච්ඡාවක මෙහෙම විස්තරයක් කෙරුනා,
    සක්වලවල්(Galaxy ??) 3කින් සීමාවන ත්‍රිකෝණාකාර ප්‍රදේශයේ උපමාවක් ලෙස කරත්ත රෝද 3ක් එකට ස්පර්ශවනලෙස තැබූවිට ඇතිවන ත්‍රිකොණාකාර හිස් ඉඩ දැක්වෙයි. ඉතා අධික සීතලකින් සහ අඳුරු බවකින් යුක්තයි. මෙහි දැවැන්ත හිම කඳු පාවෙමින් පවතිනවා. මෙම හිමකඳුවල ගස්ගෙම්බන් මෙන් එල්ලී සිටින සත්ව විශේෂය අසුරයන් ලෙස දැක්වෙනවා.
    මේ ගැන යමක් දන්නවද?

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ ලෝකාන්තරික නරකය ගැන.

      ලෝකාන්තරික නරකය:
      ලෝකාන්තරික නරකය යනු මහත් වූ ශීත නරකයෙකි. එය හැම කල්හි ම ගනඳුරින් වැසී තිබේ. එහි පත්ලෙහි අතිශයින් ශීතල ජලය ඇත්තේ ය. නිරිසත්තු වවුලන් සේ පර්වතවල එල්ලී ඔබමොබ යති. ඔවුහු තවත් සත්ත්වයකු දුටු කල්හි ආහාරයකැ යි සිතා අල්ලා ගැනීමට තැත් කෙරෙති. එයින් දෙදෙනාම පර්වතයෙන් ගිලිහී දියට වැටෙති. එහිදී හුණු තෙල්හි ලූ පිටි බැදෙන්නාක් මෙන් ඔවුන්ගේ ශරීරයෝ පුපුරා ශීතලයෙන් බැදෙති.
      Source: http://archives.dinamina.lk/2010/12/29/_art.asp?fn=a1012295&p=1

      Delete
  7. ස්තුතියි,
    හැබැයි මේකෙන් අර සක්වල ආකෘතිය ටිකක් අවුල් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. සක්වල ආකෘතිය මටත් ඒ තරම් පැහැදිළි නෑ. සක්වල කියන්නේ පැතලි රොටියක් වගේ එකක් නම් නෙවෙයි. ඒ නිසා ඒවා තුනක් අතර හිස් ඉඩ කරත්ත රෝද තුනක් අතර වක්‍ර ත්‍රිකෝණාකාර ඉඩට සමාන කරන්න බෑ. මේකට සැළකිය යුතු උසක් තියෙනවා. අනික් එක, සක්වලවල් එකිනෙක ගැටී ස්පර්ශයේ තියෙන්න ඕනේ බවක් මම දැකල නෑ, ඒවා තරමක් ඈතින් පිහිටන්න බැරි කමක් නෑ නේ. කොහොම උනත් මේකේ ලක්‍ෂණය වෙන්නේ හිරුට ඈතින් පිහිටීම සහ වෙන ඉරවල් වලටත් ඈතින් පිහිටීම.

      Delete