Tuesday, April 12, 2016

අවුරුද්දට නිවාඩු කෝ

අප්‍රේල් මස 15 වැනිදා, සිකුරාදා, රජයේ නිවාඩු දවසක් බව පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. අප මේ ලියමනට මාතෘකාව යොදන ලද්දේ ඊට කළිනි. එබැවින් එහි වෙනසක් නොකරම අවුරුද්ද සහ නිවාඩු සම්බන්ධව කතා කරමු.
මූලාශ්‍රය: කාලය වෙබ් අඩවිය
අවුරුද්ද වෙනුවෙන් අපට නිවාඩු දින දෙකක් ලැබිණි. ලංකාව බොහෝ රටවලට වඩා නිවාඩු වැඩි රටකියි ද ලංකාව ඊනියා දියුණුවක් නොලබන්නේ නිවාඩු වැඩි හෙයිනියි ද කියා මන්තරයක් සේ මතුරන ප්‍රාඥයින් දුසිම් ගණනින් සිටින තත්වයක් යටතේ නිවාඩු දින දෙකක්වත් ලැබීම ද ලොකු ජයකි. එහෙත් අමතක නොකළ යුතු කරුණ නම් මේ නිවාඩු දින දෙක අපට දුන්නේ ඉංගිරිසින් විසින්ම වන බවයි.





ඉංගිරිසින් ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය අපට දී අපේ අගමැති වරයෙක් පත් කරගෙන වසර 69 කි; ලංකාව ජනරජයක් බවට පත් කරගෙන වසර 35 කි. එහෙත් අපේ අවුරුද්ද රිසි සේ සැමරීමට අපට නිවාඩු නැත.


අපේ අවුරුද්දේ විශේෂත්වය

බටහිර (ක්‍රිස්තියානි), ඉස්ලාම් හෝ චීන අවුරුද්ද මෙන් නොව සිංහල අවුරුද්දේ විශේෂත්වයක් වෙයි. බොහෝ දෙනා මේ විශේෂත්වය ලෙස දකින්නේ නැකත මුල් කරගෙන ක්‍රියා කිරීමයි. එහෙත් සිංහල අවුරුද්දේ සැබෑ වැදගත් කම ඇත්තේ වැඩ අත් හැරීම තුලයි. වෙනත් කිසිම අවුරුදු උත්සවයක මෙවැනි අංගයක් නැත. මේ සම්බන්ධව වැඩි දුර යාමට පෙර මේවර අවුරුදු නැකත් පිළිබඳව අවධානය යොමු කරමු.

අලුත් අවුරුදු සිරිත්

නව සද බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 08 වන සිකුරාදා ද, අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 08 වන ඉරිදා ද නව සද බැලීම මැනවි.

පරණ අවුරුද්ද සදහා ස්නානය

අප්‍රේල් මස 13 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලූත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 07:48 ට අලූත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 01:24 සිට 14 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 02:12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන දින සවස 01:24 ට පළමුව ආහාර පාන ගෙන සියලූ වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද,
පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 13 වන දින අපරභාග 07:48 සිට 14 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 02:12 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 08:06 ට ළා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකූණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා ගිතෙල් මිශ්‍ර කිරි බතක් සහ මුං ඇට මිශ්‍ර කැවිලි ආහාරයක් පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 08:54 ට ළා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකූණු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වන සෙනසුරාදා පූර්වභාග 10:41 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී බටහිර දිශාව බලා හිසට නුගපත්ද පයට කරඳපත්ද තබා නුගපත් මිශ්‍ර නානුද තල තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.

රැකිරක්ෂා සදහා පිටත්ව යෑම

අප්‍රේල් මස 18 වන සඳුදා උදෑසන 06:27 ට සුදූ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි හා ගිතෙල් මිශ්‍ර කිරි බතක් ද කැවිලි වර්ගයක්ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
෴ ෴ ෴


ඉහත නැකත් සටහනට අනුව අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 07:48 ට අලූත් අවුරුද්ද උදා වෙයි. එහෙත් අප්‍රේල් මස 13 වන දින සවස 01:24 ට පළමුව ආහාර පාන ගෙන සියලූ වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම එයින් නිර්දේශ කෙරේ. දෙවනුව පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 13 වන දින අපරභාග 07:48 සිට 14 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 02:12 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීම ද එයින් යෝජනා කෙරේ.

අප ඉහත උපුටා ගත් අයුරින්ම යෙදුවද ඉහත ඡේදයේ අවසන් කොටස පුණ්‍ය කාලයේ අපර කොටස නොව නොනගතයේ අපර කොටස විය යුතුය. පුණ්‍ය කාලය සහ නොනගතය යනු එකක් නොව දෙකකි. පුණ්‍ය කාලය යනු නොනගතයේ ප්‍රථම භාගයයි. එහි නැකත් නොයෙදේ. මේ කාලය එළැඹීමට ප්‍රථම තම තමන් විසින් කෙරෙමින් පැවති සියළු වැඩ කටයුතු අත්හැර දැමිය යුතුය. ගෘහණියන් විසින් දල්වා තබා ගන්නා ලිප් ගිණි පවා නිවා දැමීම මෙයින් අදහස් කෙරේ. මීන රාශිගතව සිටි සූර්යයා එයින් නික්මීම ආරම්භ කළ බව මෙහි නක්ෂත්‍රාර්ථයයි. මේ කාලය පිං දහම් හි නියැලෙමින් පසුගිය වසරේ කළ මරි කම්-මෝඩ කම් ගැන සිතමින් අනාගත එළැඹෙන වසරේ මීට වඩා යහපත් අයුරින් කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගත යුතුය. එසේම මේ කාල සීමාව අයත් වන්නේ පැරණි අවුරුද්දට බවත් සැළකුව මනාය.

අවුරුදු උදාවත් සමග නොනගතයේ දෙවන භාගය එළැඹේ. මෙය පුණ්‍ය කාලය නොවේ. ලිප ගිණි මෙළවීම ඇතුළු අවුරුදු සිරිත් මේ සමගම ඉටු කෙරේ. අලුත් අවුරුද්දේ අලුත් ආරම්භයක් මෙයින් සනිටුහන් කෙරේ. නොනගතය අවසානය විසින් සනිටුහන් කරන්නේ අවුරුදු උදාවේ අවසානයි. එනම් අලුත් අවුරුද්ද මුළුමනින්ම එළඹී ඇත. නක්‍ෂත්‍රය අනුව මීන රාශියෙන් නික්මුණු සූර්යයා මේෂ රාශියට මුළුමනින්ම ඇතුල් වී සිටී. මේ සංක්‍රාන්තිය පිණිස සූර්යයා ගත කරන මුළු කාලය හෝරා 12 කුත් මිනිත්තු 48 කි. ඒ කාලය දෙකට බෙදා හරි මැද වේලාවයි අවුරුදු උදාව ලෙස සළකනු ලබන්නේ. ඉහත දක්වා ඇති රූප සටහනේ මෙය මැනවින් විග්‍රහ කෙරේ. එය උපුටා ගන්නා ලද කාලය වෙබ් අඩවියේ ආචාර්ය නලින් ද සිල්වාගේ 'නොනගතය' ලිපිය මෙතැනින් කියැවිය හැක.


අපේ අවුරුද්දට නිවාඩු අවශ්‍ය මන්ද

ජනවාරි 1 දිනට යෙදෙන ක්‍රිස්තියානි අවුරුද්දේ හෝ වෙනත් අවුරුද්දක හෝ මෙවැනි සුවිශේෂ අනන්‍යතා ලක්‍ෂණයක් නැත. එබැවින් ඒ දිනට වැඩ අත හැරීමක් - නිවාඩුවක් - අවශ්‍ය නැත. එසේ වුවත් අපේ රටේ බොහෝ පෞද්ගලික ආයතන නත්තල් සතියම නිර්ලෝභීව නිවාඩු දේ. සිංහල අවුරුද්දට එසේ දෙන්නේ සීමිත ආයතන කිහිපයක පමණි.

සිංහල අවුරුද්ද යනු දිනය යොදන විට ඉලක්කමක් වෙනස් කිරීමට වඩා වැඩි දෙයකි. එය පවුල් තුල පවුල් අතර ඥාති මිත්‍රාදීන් සහ අසල්වැසියන් සමග එක්තැන්වී එක්සිත් වී කෙරෙන සංස්කෘතික උත්සවයකි. පරිසරයම කල-එළි වන මේ කාලයේ සිංහලයෝ සිය වත්ත-පිටිය ගේ-දොර ශුද්ද-පවිත්‍ර කර ගනිති. කැවිලි-පෙවිළි සාදාගෙන ඒවා සුරක්‍ෂිතව අසුරා තබති. කෙසෙල් කැනක් කපා ඉදවා ගනිති. මේවා වැඩ අත හැරීමට පෙර නිවී-සැනහිල්ලේ කර ගත යුතු කර්තව්‍යයන් මිස කඩිමුඩියේ කළ හැකි-කළ යුතු දේ නොවේ. එකිනෙකාට උදව් කර ගන්නා සිංහලයෝ මේ කටයුතු දින ගණනාවක් පුරා කරති.

අවුරුදු එළැඹීමෙන් පසු වැඩිහිටි ඥාතීන් දැක්මට යා යුතුය. අවුරුද්දකට වරක් පමණක් දකින සමහර ඥාතීන් හා සමග නෑ කම් අලුත් වන්නේ මේ ගමන් වලිනි. පෙර මෙන් කරත්ත වලින් ගමන් නොගියද, ඉන්ධන අඩු මිලට දුන්නද, මේවාට යන කාලය තවත් දින කිහිපයකි. එබැවින් බොහෝ පෞද්ගලික ආයතන හා රජයේ ආයතන වලද මේ කාලයේ සේවක නිවාඩු ගැනීමේ ප්‍රමාණය අධිකය. පුරාණයේ කාර්යාල රාජකාරි නොව තම කෙතේ-කමතේ වත්ත-පිටියේ වැඩ කළ සිංහලයාට නිවාඩු ප්‍රශ්නයක් තිබුණේ නැත. එහෙත් ඉංගිරිසින් දුන් අධ්‍යාපනයේ පිහිටෙන් කාට කාට හෝ කඹුරන වර්තමාන සිංහලයාට අවුරුද්දට නිවාඩු අවශ්‍ය ය.


කළ යුත්තේ කුමක්ද

අපි වර්තමානයට ගැළපෙන දින දසුනක් තනා ගත යුතුය. අවුරුද්දට දින 365 හෝ 366 හෝ තිබේ. වැඩ කරන ජනතාව වෙනුවෙන් දින 30 මාස 12 ක කැලැන්ඩරයක් සකස් කළහොත් දින 5 ක් (අධික අවුරුද්දකනම් දින 6 ක්) ඉතිරි වේ. මේ දින කිහිපය අවුරුදු නිවාඩුව වෙනුවෙන් වෙන් කළ යුතුය. ඉතාම අත්‍යාවශ්‍ය වේවා වන, හමුදා-පොලිසි-රෝහල්-බලශක්ති-වරාය-ගුවන්තොටුපොළ-රේගුව ආදී සේවාවන් හැරුණු කොට අනෙක් සියලු ආයතන සඳහා මේ නිවාඩුව අනිවාර්‍ය කළ යුතුය. වැඩ කරන මාස 12 ට එය අයත් නොවන බැවින් සේවක වැටුප් ගෙවීමේ ප්‍රශ්නය පැන නොනගින මුත් සේවක ප්‍රසාද දීමනා හෝ අවුරුදු අත්තිකාරම් වැනි ක්‍රම මගින් වැඩ කරන ජනතාව අතට මුදලක් පත් කළ හැකිය. මේ දින වල සේවය කරන ආයතන (ඇඳුම්-ආයිත්තම් වෙළෙඳ සැල්, වෙඩි සහ ගිනිකෙළි ආදී) වල සේවක සේවිකාවන්ට සැළකිය යුතු අතිකාල දීමනාවක් රජය මගින් නියම කළ යුතුය (එය ගෙවීම පාඩු නම් වෙළෙඳ සැල වසා තැබිය හැක).

දළ වශයෙන් පරණ අවුරුදු දිනට දෙදිනක් පෙර ආරම්භ වන මේ ජාතික සැණකෙළි නිවාඩුවේ මැද දිනය අලුත් අවුරුදු දිනය වේ. අලුත් අවුරුදු දිනයෙන් දින දෙකකට පමණ පසු එළඹෙන "රැකී රක්‍ෂා සඳහා පිටත්ව යාමේ" නැකත යෙදෙන දිනය මීළඟ වර්ෂයේ පළමු වැඩ දිනය වේ. එතැන් සිට දින 30 මාස 12 ගිය තැන නැවතත් පෙර පරිදිම ජාතික සැණකෙළි නිවාඩුව එළැඹෙනු ඇත.

අවුරුදු නොසමරණ ඉස්ලාමිකයන් සහ සමහර ක්‍රිස්තියානිනුත්, ක්‍රිස්තියානි බෞද්ධයිනුත් ඒකීය ජාතියක් තුලට අන්තර්ග්‍රහණය කර ගැනීමට මීට වඩා සුදුසු ක්‍රියා මාර්ගයක් තිබේද? සංහිඳියාවක් ගැන දිවා රෑ ජප කරන ආණ්ඩුවක් කොළොඹ පදිංචි යාපනේ දෙමළුන්ට දෙමළ අවුරුද්ද සැමරීමට යාපනේ යෑමට නිවාඩු දෙන්නේ දින දෙකක් පමණක් නම්, ඒ සංහිඳියාවත් ජන්ද කාලයේ අඩු මිලට දෙනවා යැයි පොරොන්දු දුන් කාර් රථත් අතර වෙනසක් ඇත්ද?




52 comments:

  1. මිතුරනි,
    අලුත් අවුරුද්දට පෙර ලියා පල කිරීමට සිටි මේ ලිපිය මෙතෙක් පල නොවූයේ අපගේම ප්‍රමාද දෝශයෙනි. එයට සමාව භජනය කරත්වා !

    ReplyDelete
  2. ලිපියත් හොඳයි, යෝජනාවත් අර්ථවත්
    ඒත් ඉතින්, මේ වගේ අදහස් අපි අපිම යෝජනා කරගෙන සාකච්චා කරනවාට වැඩි යමක් කල හැකිද?
    අඩු ගානේ සිංහල බෞද්ධ කම ගැන විශ්වාසයක් ඇති එකෙකු රටේ පාර්ලිමේන්තුවට යවා ගත නොහැකි අපි........
    තව කුමක් කියන්නද?

    ReplyDelete
    Replies
    1. අප අපම කතා කිරීමත් පලදායක බව සිතමි. වෙල් විදානේ ගිය දුර මතක් කර ගන්න.

      Delete
    2. වෙල් විදානේ නම් පාර්ලිමෙන්තුවටත් ගියා (දෙ අර්ථයෙන්ම ගත හැක )
      හොඳයි ඒත් ඉතින් අපිට පුලුවන්ද සිංහල බෞද්ධ කම මත ඕනෑම කැප කිරීමකට සූදානම් එකෙක් පාර්ලිමේන්තුවට යවා ගන්න.

      වැඩිය නෙවෙයි දෙසිය විසි පහටම එකෙක්...?

      Delete
    3. වෙල් විදානේ සමග හබය පනත් විජේටම බාර දී පල්ලම් බසිමු. එක්නැළිගොඩ ගැන සොයන අයියලා ලසන්ත වික්‍රමතුංග ගැන නොසොයන්නේ එක්නැළිගොඩ කොටියෙක් වීම සහ වික්‍රමතුංග එසේ නොවීම නිසාම නොවේ.

      Delete
    4. ජෝසප්, මේක හොඳ අදහසක්. ඔයා කියන දේ 100% ඇත්ත.

      Delete
    5. ඔව්ජෝසප්ගේ ඒ කියමන නම් හරියටම හරි

      Delete
  3. අර්ථවත් ..ඒත් ප්‍රාෙයා්ගිකව මේක කරන්න පුළුවන්ද

    ReplyDelete
    Replies
    1. උවමනාවක් ඇත්නම් කළ හැක.

      Delete
    2. බෑ බෑ කියන උන් එක්ක බෑ.

      Delete
  4. ඕක නම් කරන්න බෑ. ඕක නම් කරන්න බෑ. හරියන්නෑ හරියන්නෑ හරියන්නෑ හරියන්නෑ

    ReplyDelete
    Replies
    1. මොකෝ ජගත් ?
      චව් චව් ගේ අයියද?

      Delete
    2. හික් !
      තත්කාලීන ජාතික දේශපාලන සන්ධර්භය උණ්ඩුක පුච්චය හරහා නැගී එන යථාර්තවාදී මෙව්වා එක තුලින් කිඳා බැස කළ ගැඹුරු විග්‍රහයක්.

      Delete
    3. චව්චව් නෙමෙයි ලිලිපුට්ටො

      Delete
  5. ගමක හතරෙන් තුනක්‌ පමණ වූ පිරිස රැකියාව කරන්නේ නොඑසේනම් වාසය කරන්නේ (කොළඹය) නගරයේය. අලුත් අවුරුදු දිනවල කොළඹ හා තදාසන්න ප්‍රදේශ සුනාමියට හසුවූවා සේ පෙනෙන්නේ ඒ නිසාය. කොටින්ම කීවොත් මුළු කොළඹම ගමේ ගොසිනි.

    අතීතයේ මෙන් නොව මේ ගමට යන කවරෙකුට වුවද යහපත් මානසික ඒකාග්‍රතාවකින් යුතුව අලුත් අවුරුද්ද සඳහා සූදානම් වීමට කාලයක්‌ නැත. සියල්ල සිදුවන්නේ කඩිමුඩියේය.

    බොහෝ දෙනකුට ගමට පැමිණෙන්නට නිවාඩුවක්‌ ලැබෙන්නේ හරියටම අලුත් අවුරුද්දට පෙර දිනයේය. ඒ නිසාම එම පිරිස ගමට එන්නේම යහපත් මානසික තත්ත්වයකින් නොවේ දැඩි පීඩනයකින් යුතුවය. ඒ නිසාම ගමට පැමිණ අවුරුදු කෑම (චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීම) බොහෝ දෙනකුට බරකි. එහෙත් "කළ යුතුම" නිසා අවුරුදු සමරති. ඒ නිසාම අවුරුදු සැමරීම එක්‌තරා ආකාරයකට විලාසිතාවක්‌ බවට පමණක්‌ පරිවර්තනය වෙමින් යන බවක්‌ පෙනේ.

    සිංහල අලුත් අවුරුද්දට අනන්‍ය වූ සාරධර්ම ගුණාංග, බොහොමයක්‌ වෙළෙඳ වටිනාකම් මත තීරණය කරන්නට සිදුව ඇති බවද කිව යුතුය. සමස්‌තය වෙළෙඳ වටිනාකම් අනුව තීරණය වන මොහොතක සිංහල අලුත් අවුරුද්ද ගැන අමුතුවෙන් කිවයුතු නැත. ගමේ වෙල් ඉපනැල්ලක පැවැත්වෙන අවුරුදු උත්සවයකට සහභාගි වී අත්දැකීම් විඳගන්නවාට වඩා, බහුජාතික සමාගමක අනුග්‍රහය මත රූපවාහිනි තිරය මත දිස්‌වන "මහා බක්‌මහ උළෙලක්‌" නැරඹීම අද රටේ බොහෝ දෙනකුගේ පුරුද්ද වී තිබේ. නෑගම් යනවාට වඩා, වැඩි දෙනෙක්‌ කැමැත්ත දක්‌වන්නේ විනෝද චාරිකාවක්‌ යැමටය.

    අලුත් අවුරුද්දේ ලිප ගිනි මොලවා, ආහාර අනුභවයෙන් හා ගනුදෙනු කිරීමෙන් පසු එක මොහොතක්‌ හෝ නිවසෙහි රැඳී නොසිට සවාරිය යැම වඩා වැදගත් බව බොහෝ දෙනකුට සිතෙන්නේ ඇයි? එම සවාරිය දූ දරුවන්ගේ විනෝදය පිණිසම නම් සාධාරණය. එසේත් නැත. වැඩිහිටියන්ගේ මධුසාද සවාරිවල ප්‍රධානම අරමුණයි.

    http://www.divaina.com/2016/04/13/editor.html

    ReplyDelete
  6. ඔයා එල කොල්ලෙක් ......
    මාර අදහස් ඔයාට එන්නේ.

    ReplyDelete
  7. දැන් අවුරුදු ඉවරයි ඉස්සරහට එන්නේ වෙසක්. මට ආගම ගැන ප්‍රශ්ණයක් තියෙනවා. සහස්සී ලෝකධාතුවක මනුශ්‍ය ලෝක 1000ක් තියෙනවා මේ අනිත් මනුශ්‍ය ලෝක 999 ගැන වැඩි විස්තර තියෙනවද? ඔය ගැන ඉස්සරහට කතා කරමුද?

    ReplyDelete
    Replies
    1. මේවා සෘද්ධි වලින් එදා අය දුටු දේ වේ. අද සෘද්ධි ඇති අය නැති බැවින් මේ ගැන කතා කිරීම පලක් ඇත්ද ?

      Delete
    2. ‍එහෙනම් මේක දැම්මෙ අහවල් කෙන්ගෙඩියකටද?
      http://katha32.blogspot.com/2014/02/gods.html

      මේ බ්ලොග් එක වහල දාලා කැලෑවකට ගිහින් බනක් භාවනාවක් කරගෙන ඉඳහල්ලා.

      Delete
    3. ජගත් වැඩිය ගනන් ගන්න එපා, මේ දවස් වල අපේ ජෝසප් මල්ලිගේ උත්තර දීමේ රටාවට මොකක්දෝ අවුලක් වෙලා.
      පොඩ්ඩක් ඉවසන්න කණිෂ්ක ඔබට පිළිතුරක් දෙයි.
      ඒකේ අපි කාටත් ගන්න දෙයක් තියේවි.

      ජෝසප් හා ජගත් කිව්වහම අර නයයි මුගටියයි වගේ නෑදෑ කමක් එහෙම නැහැනේ නේද?

      Delete
    4. http://marcuspriyanthaperera.blogspot.com/2015/12/enrique.html
      මේකෙ තියෙන PHENOMENA චිත්‍ර‍ය ප්‍රේත ලෝකයක් වගේ නේද?
      අපේ තාත්තා තරුණ කාලේ දෙපාරක් ගංජා පාවිච්චි කර තියෙනවා. එතකොට ලබපු අත්දැකීම ඔහු විස්තර කරනු අසා තියෙනවා. ඒ අනුව එතකොට දකිනලෝකයත් මේ වගේ විය යුතුයි.
      සමහර විට මේ චිත්‍ර‍ශිල්පියත් ඒ වගේ මත්ද්‍ර‍්‍යයක් පාවිච්චි කලාද දන්නෙ නෑ

      Delete
    5. ගංජා ගැහුවහම පෙරේත ලෝකේ පේනවානම් හෙරොයින් ගැහැව්වොත් අවීචි මහා නරකයත් දකින්න පුළුවන් වෙයි.
      එතකොට තුසිතය, චතුර් මහා රාජිකය, නිම්මාන රතිය වගේ ඒවා දකින්න මොනවද ගහන්න ඕනේ?
      ඒක විහිළුවට කිව්වේ
      ගංජා වලට මනස් විකෘති වෙනබව අපි කවුරුත් දන්නවානේ.
      ඒත් ඉති අපිට ගෝචර නොවෙන පෙරේත ලෝකයක් මොන වගේද කියලා කියන්න මම හිතන්නේ දුශ්කර වෙයි. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් උත්තර දෙයි කියල බලා පොරොත්තු වෙමු.

      Delete
    6. ප්‍රේත ලෝකයක් වගේ නේද? යන පැනයට පිළිතුරු දිය නොහැක්කේ අප එය මේ භවයේදී දැක නැති බැවිණි. සක්වළ විස්තරය තුල අපට ප්‍රේත ලෝකයක් හමු නොවේ.

      ප්‍රේත ලෝකය අවකාශ වශයෙන් වෙනම ස්ථානයක පවතින්නක් නොවේ. එහෙත් අපගේ පසඟට සාමාන්‍ය තත්ත්ව යටතේ ගෝචර නොවන තත්වයක මේවා පවතී.

      විමාන වත්ථු-පේත වත්ථු යනු මිහිඳු මාහිමියන් විසින් පළමු දින කිහිපයේදී ම පුරාණ සිංහලයින්ට දේශනා කළ ධර්ම කාරණා බව සැලකූ කල ප්‍රාග් බෞද්ධ සිංහලයින් තුලත් ප්‍රේත ලෝක පිළිබඳ හැඟීමක් තිබූ බව සිතේ. අනුරාධපුර යුගයේ මුල් භාගයේ ලියැවුණු සීහළ වත්ථුව අනුව සිංහලය පුරා නොයෙක් ආකාර වල ප්‍රේතයින් එදා සිටි බවත්, ඔවුන් මනුෂ්‍යයින් හා අදහස් හුවමාරු කර ගත් බවත් පැහැදිළිය.

      බටහිර ජන කතා වලද (උදා: ග්‍රීම් සොහොයුරන්ගේ කතා) මෙවැනි අද්භූත සත්ත්වයින් අපට හමු වන මුත් එහිදී ඔවුන් මනුෂ්‍යයින් හා අන්තර්ක්‍රියා (බොහෝ විට හානි ගෙන දේ) කරත්. ඒ අනුව ඔවුන් අප දන්නා ප්‍රේතයින් නොව වෙනත් කොට්ඨාශයක් බව පෙනේ.

      මිනිසුන් ඇසුරේ සිටි යක්කු චාතුර්මහාරාජික දෙවියන්ගෙන් කොටසක් වන්නේ යම් සේ ද මිනිසුන් ඇසුරේ හෝ මිනිසුන් නැති කඳු පර්වත, වන ගහණ ඇසුරේ හෝ සිටින ප්‍රේතයින් අපායෙන් කොටසක් වේ. ප්‍රේතයෝ පින් අනුමෝදන් වී දිව්‍යමය සැප ලබති. ඒ අරුතින් ඔවුන් දිව්‍ය කොට්ඨාශයක් ලෙසද සැළකිය හැක.

      එහෙත් අර චිත්‍රය ගැන මේ කිසිවකින් පැහැදිළි නොකෙරේ. හේතුව අප ප්‍රේත ලෝකයත් මත් ද්‍රව්‍යත් යන දෙකම මේ භවයේදී අත් දැක නැති බැවිණි.

      Delete
  8. මොකද සද්ද නැත්තේ?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ, මරා එලව ගත්තනේ... හික් !

      Delete
  9. නිවාඩු පිළිබඳ මේ ලියමනට ඌන පූර්ණයක් ලෙස එක් කළ හැකි කරුණක් වන්නේ, මැයි මස පළමුවැනිදා ට යෙදෙන ප්‍රේමදාස අනුස්මරණ නිවාඩු දිනය මෙවර ඉරුදිනට යෙදී ඇති බවත්, ඒ වෙනුවට මැයි දෙවන දින නිවාඩු දිනයක් බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවත් ය.

    ReplyDelete
  10. සහස්සී ලෝකධාතුවක මනුශ්‍ය ලෝක 1000ක් තියෙනවා මේ අනිත් මනුශ්‍ය ලෝක 999 ගැන වැඩි විස්තර තියෙනවද? ඔය ගැන ඉස්සරහට කතා කරමුද?

    මනු ලොවින් දෙව්ලොවට ලිපියේ රූ සටහන බැලුවේ නම් සක්වළ ගැන හොඳ අවබෝධයක් ලබා ගත හැක. සක්වළක දිව්‍ය-බ්‍රහ්ම, මනුෂ්‍ය සහ අපාය වශයෙන් වෙන් වෙන් තල වල වෙන් වෙන් ලෝක පවතී. මෙවැනි සක්වළවල් බොහෝ ගණනක් තිබුණද ඒවා එකිනෙක අංගසමය. අපේ සාහිත්‍ය ග්‍රන්ථ වල දස දහසක් සක්වළ වල දස දහසක් ශක්‍රයින් බුදු පුදට සේසත් දරමින් (හෝ සක් පිඹිමින් හෝ) පැමිණි බව කියැවෙන තැන් ඇත.

    මේවා අංගසම වන හෙයින්ම වර්තමාන බටහිර විද්‍යාත්මක උපමාවකින් විස්තර කළහොත් සක්වළවල් සමාන්තර ලෝක ලෙස සැළකිය හැක. සහස්සී ලෝක ධාතුව යනු මෙවැනි සමාන්තර ලෝක දහසකි; ද්වි සහස්සී යනු දෙදහසකි; ත්‍රිසහස්සී යනු තුන් දහසකි.

    ඉඳින් මේවා වෙන වෙනම ගෙන විග්‍රහ කිරීමේ අවශ්‍යතාවයක් හෝ හැකියාවක් හෝ අපට නැත. හේතුව: අපේ පැරැණ්නන් මේවා ගැන විස්තර කිරීමට යොදා ගත් දැනුමේ පදනම් දැනට අප සතුව නැති බැවිණි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔතන තමයි හිතන්න ඕන පොයින්ට් එක.
      ඇයි සමාන්තර විශ්ව ගැන අදහස බෞද්ධ පඬිවරයෙක් අතින් මුලින්ම බිහි නොවුනේ. අපි පුරුදු වෙලා ඉන්නේ.
      1. ලෝක විශය අචින්තයි කියා ලිස්සන්න. නැත්නම්
      2. මනස දියුණු කලවිට පමණක් ඕවා දකින්න පුළුවන් කියමින් මනස දියුනු නොකර සිටීම.

      Delete
    2. ජගත් , සමාන්තර විශ්ව කියන මතය සම්පූර්ණයෙන්ම බෞතික වාදී මතයක්. ඒ වගේම කිසිම සාධාරණ පදනමකින් ඔප්පු කොට නැති මත වාදයක්. මම හිතන්නේ අපේ මිනිස්සු බටහිර විද්‍යාවේ පදනමක් නැති මත වාදයක් වුනත් පහසුවෙන්ම ග්‍රහනය කර ගන්නා නිසා කණිෂ්ක ඒක මෙතැනදී යොදා ගන්න ඇති.
      බුදු දහම නිවැරදිව දකින කෙනෙකුට භෞතිකය යනු තවත් එක් සංගටකයක් පමණයි නිසා ඒ ගැන මතවාද ගොඩ නැගීමට බෞද්ධයෙකු නොවෙහෙසීම අරුමයක් නොවෙයි.
      ලෝක විශය අචින්තයි කීමෙන් ලිස්සා යාම නම් කපටි කමක් තමයි. ඒත් ඉතින් ලෝක විශය ගැන මේ නූතන බටහිර විද්‍යාව සොයා ගෙන ඇත්තේ කුමක්ද? ඔවුන් මේ විශ්වයේ ආරම්භය හෝ අවසානය ගැන විද්‍යාත්මකව සහතික කල සිද්දාන්තයක් ඉදිරිපත් කොට තිබෙනවාද?

      මනස දියුනු කල විට මේවා දකින්නට පුළුවන් කියා අප අසා තිබෙන බව අසත්‍යයක්ද? ඒත් අනෙකෙකුට ගෝචර වූ කරුනක් අප ග්‍රහනය කර ගන්නේ දෘශ්ඨි වශයෙන් නේද? බටහිර විද්‍යාව මතුකරන මතවාද වලින් කීයක් ඔබට ගෝචර වනවාද? එයත් ඔබ ග්‍රහනය කර ගන්නේ දෘෂ්ඨි වශයෙන්ම පමණයි.
      අනෙක ඔබ මනස දිටුනු කිරීමට වෙහෙසෙන්නේ ලෝක විශය සෙවීමටමනම්, එතැනදීම ඔබට වැරදිලා. පළමුව ඔබ ලෝකය යනු කුමක්ද යන්නෙහි සිට වටහා ගත යුතු බවයි මම සිතන්නේ.
      මේ මට හිතෙන හැටි
      අපි බලමු කණිෂ්ක මේ ගැන කියන්නේ මොනවාද කියලා.

      Delete
    3. බටහිර භෞතික විද්‍යාවේ තාපගතිකයේ දෙවෙනි නියමයට අනුව අපට යම් ශක්ති පුමාණයත් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනවත් කාර්යයක් බවට පත් කරන්න බෑ.
      උදාහරණයක් ගතහොත් රූපවාහිණියකට ලබාදෙන විදුලිය ශක්ති ප්‍රමාණයට වඩා, එයින් පිටවන රූප (ආලෝක ශක්තිය) සහ ශබ්දයේ ශක්තියේ එකතුව අඩුයි. එනම් ‍ශක්ති කොටසක් අපතේ යනවා.
      රූපවාහිනිය කොතරම් දියුනු තාක්ෂණයකින් හැදුවත් මෙම අපතේ යාම 0 කල නොහැකියි. එය විශ්වයේ ගුණයක්.
      එසේ වුවත් හැකිතාක් ශක්තිය අපතේ යාම අවම වන ලෙස රූපවාහිනී තැනීමේ උත්සාහය අත්හැර නෑ.

      (සමහරවිට ලොස් ඇන්ජලීස් වල තාපගතිකයේ දෙවැනි නියමය ක්‍රියාත්මන නොවෙනවා ඇති)

      Delete
    4. තාප ගතික විද්‍යාවගැන ඔබ කියන්නේ අප කරමින් සිටි කථාවට අනුකූලවද නැතහොත් වෙනස්ම කථාවක් ලෙසද?
      මට පැහැදිලි නැහැ

      Delete
    5. තාපගතික විද්‍යාවට අනුව 100% කාර්යක්‍ෂම යන්ත්‍ර හදන්න බෑ. නමුතු උපරිම කාර්්යක්‍ෂම යන්ත්‍ර හදන උත්සාහය අතහැරලත් නෑ.
      ඒ වගේම ලෝක විශය අචින්ත්‍යයි කියන්නේ ඒක නොහිතන්න හේතුවක් විය යුතු නෑ

      Delete
    6. ඔව් ඒක අපූරු උපමාවක්.
      100% ක් කාර්‍යක්ෂමයන්ත්‍ර හදන්න බැරි වුනාට එය 100% ආසන්නයට උපරිමයකට ගැනීමයි නූතන විද්‍යාවේ උත්සහය.
      ඒ වගේ ලෝක විශය අචින්ත්‍යයයි කියල කියනවානම් අපි ඒක බොරු කියන්න කල බල වෙන්න ඉස්සෙල්ලා ලෝක විශය අචින්ත්‍යය වෙන්නේ ඇයි කියන එක හොයලා බලමුද?

      Delete
    7. ලෝක විෂය අචින්ත්‍යයකි - ඉරකි - තිතකි. මේකේ මහා ලොකු දෙයක් නෑ.

      පොඩි එකෙක් ගන්න, උගේ ලෝකය ඇඳ (තොටිල්ල) විතරයි. ඊට පස්සේ ඌ කාමරේ ලෝකේ කර ගන්නවා. ඊට පස්සේ ගෙදර. ඔය අතරේ යන එන ගමන් නිසා තව කෑලි උගේ ලෝකෙට එකතු වෙනවා. මේ යකා නාකි වෙනකොට මහා ලොකු ලෝකයක් හදා ගන්නවා.... ඒ අපි වාගේ හිටියොත්.

      දැන් හිතන්න මූ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ නැතුව ලෝකේ ගැන හොයන්න යනවා. අහසේ තරු රටා ගැන, පොළොවේ භූ විෂමතා ගැන, සත්තු ගස් කොළන් ගැන, එහෙම හොයන්න ගන්නවා. මුගේ ලෝකෙට තව තව කෑලි එකතු වෙනවා. කොච්චර එකතු උනත් තව හොයනවනම් හොයන්න දේවල් තියෙනවා. ඉවරයක් කරන්න බෑ. ඔන්න ඕකයි කියන්නේ.

      Delete
    8. ස්තුතියි ජෝසප්,
      කථාව නියම තැනට ඇදලා දැම්මා.
      ජගත් දැන් ඔබට ලෝකය කියන්නේ මොකක්ද කියලා තේරුනාද?
      එහෙමනම් ලෝක විශය අචින්ත්‍ය වෙන්නේ ඇයි කියන එකත් තේරුම් යන්න ඇති.

      Delete
    9. ස්තූතියි සිතුවිළි, ඒ වගේම...

      ලෝක විෂය අචින්ත්‍යයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිස ගිණි ගත්තෙකු ඒ ගිණි නිවන්නට උත්සාහ කරන අයුරින් සසර කතරින් එතෙර වීමට උත්සාහ දරන යෝගියෙකුට. එහෙම නැතුව එදා වේල ගැට ගහ ගන්න මොකක් හරි දහම් ගැටයක් ගහන්න දඟලන අපි-සිතුවිළි-ජොසෙෆ්-බහිජටා වගේ හුදී ජනයාට නෙමේ. අපි ඕව ගැන කැමතිනම් හෙව්වා කියල අවුලක් නෑ. ජොසෙෆ්ටත් ස්තූතියි කාලෙකට පස්සේ ඇත්තෙන්ම අර්ථ පූර්ණ උත්තරයක් දැම්මට.
      ---------

      Delete
    10. දැන් ජගත්ගේ ප්‍රශ්න වලට ආවොත්:
      * ඇයි සමාන්තර විශ්ව ගැන අදහස බෞද්ධ පඬිවරයෙක් අතින් මුලින්ම බිහි නොවුනේ.

      සමාන්තර විශ්ව ගැන අදහස එන්නේ සාම්ප්‍රදායික (නිව්ටෝනීය) භෞතික විද්‍යාව ඇතුලේ නෙවෙයි. ඒක එන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ නැගීමත් එක්ක. මේවා ගැන තොරතුරු මුල්ම කාලේ යුධ රහස් විදියට තමයි තිබුණේ. ඇත්තටම මේ තොරතුරු නිදහසේ හුවමාරු වෙන්නේ නෑ තාමත්. අපිට හරිහමං බටහිර විද්‍යාඥයෙක් නැතිකොට මේවා ගැන තොරතුරු කිසිවක් දැන ගන්න විදියක් නෑ. එවැනි තත්වයක් යටතේ සමාන්තර විශ්ව ගැන කතාවක් අපේ එකෙක් අතින් නිමැවෙන්න විදියක් නෑ. (මෙතැන අපි කියනකොට ජපන්නුත් අයිතියි)

      මම දකින ගැටළුව තියෙන්නේ තොරතුරු ගලා යාමේ.
      ---------

      ඊළඟට, අපිට සංකල්පයක් තියෙනවා (සක්වළ) සමාන්තර විශ්ව සමග අනුරූප වන. ඒත් සක්වළ ගැන තිබුණ දැනුම් සම්භාරය මේ වෙනකොට නැති වෙලා. මේවා ඒ කාලේ මිනිසුන්ගේ හිතළු කියල මම හිතන්නේ නෑ. අපිට ලෝකය පෙනෙන්නේ අපි දකින්න කැමති විදියට - අපිට උගන්නලා තියෙන විදියට. යම්කිසි විදියකින්, ඒ දේශීය (මෙතැනදී දඹදිව පැවති දැනුමත් ඇතුළුව) දැනුම ගොඩ නගන්නට අපේ පැරැණ්නන් යොදා ගත් උපකරණ නැවත සොයා ගතහොත් එතැන් සිට අපට අලුත් ලෝකයක් ගොඩනැගිය හැකියි. එහි සමාන්තර විශ්ව නොතිබුණත් වෙනත් බොහෝ දේ තිබිය හැකියි. ඒත් අපි දැනට දන්නා එකම උපකරණය 'ධ්‍යාන සහ අභිඥා' ඉපදවීම පමණයි. ධ්‍යාන උපදවන්නේ කෙසේදැයි හරියටම දන්නා කෙනෙක් වෙත්ද?

      Delete
  11. ලොකයේ ජනගහනය කෝටි 6.
    කෝටි 1 = 10,000,000 = 10^7
    ප්‍රකෝටි 1 = 10^14
    නහුත 1 = 10^21
    නින්නහුත = 10^28
    |
    |
    අක්ෂව්බිනි = මතක නැත
    |
    |
    අසංකය = 10^140


    (මතක එකෙක් ඉන්නවනම් දාපල්ලා)

    බ්‍රහ්මදත්තයන් මහව්ෂඩ පන්ඩිතගෙ මිටුලු නුවර වෙටලීමට ගෙන ආ සේනාව අටලොස් අක්ෂව්බිනි. උම්මග ජතකය පෘතුවියෙ සිදුවිය නොහැක.

    දීපල්ල අදහස්?

    ReplyDelete
    Replies
    1. ලොකයේ ජනගහනය කෝටි 6 - හුකෑස් !!!
      ලංකාවේ ජනගහණය කීයද ?

      Delete
    2. සිතුවිළිMay 5, 2016 at 2:44 PM

      බිලියන 7යි හෙවත් කෝටි 700 යි නේද?

      Delete
    3. සිතුවිළිMay 5, 2016 at 2:47 PM

      හුටා...!
      මේ මම කිව්වේ ලෝකේ හොඳේ
      ලංකාවේ නෙවෙයි

      Delete
    4. ඒක තමයිි මම කිව්වේ ඕක වෙලා තියෙන්නේ වෙනත් මනුශ්‍ය ලෝකයක.

      Delete
    5. හැබෑට !!! හික් !

      Delete
    6. මා විසින් විහිළුවක් කියවුනාද?

      Delete
    7. සජ යනු ජගත් පතිරණද?
      ---------
      1. පළමුව කිව යුත්තේ අපගේ අනෙක් මිතුරන් පෙන්වා දී ඇති පරිදි වර්ථමාන ලෝක ජනගහණය කෝටි 6 නොව බිලියන 7 බවයි. එනම් මිලියන 7000 කි. කෝටි වලින් නම් 700 කි.

      Delete
    8. 2. දෙවනුව, ලක්‍ෂ සියයක් කෝටියක, කෝටි සියයක් ප්‍රකෝටියක ආදී වශයෙන් මහා කඨාන කෝටියක් අසංඛ්‍යය වේ'ය යන්න දක්වා උගන්වන ගණිත චක්‍රයේ අක්ෂෞහිනිය යන්න නොදකිමි. එහි සංඛ්‍යාත්මක අගය කොපමණදැයි කිව නොහැක. එය ඉතා විශාල අගයක් බවට සැකයක් නම් නැත.

      උම්මග්ග ජාතකයේ පවා ඒ බව දක්වා ඇත්තේ මේ මහා සේනාව පස් මිට බැගින් ගෙනැවිත් හෙළුයේ නම් මියුළු නුවර වටා කැණ තිබූ අගල් පුරවා පවුරු සමතලා කර දමන්නට තරම් පස් කන්දක් එකතු වනු ඇති බවයි.

      Delete
    9. 3. උම්මග්ග ජාතකය පෘතුවියේ සිදු වූ බවට කිසි සඳහනක් නැත. එය දඹදිව සිදු වූ බවයි කියැවෙන්නේ. ඒ මීට කල්ප ගණනකට ඉහතදීය. ඔබට කාරණය වැටහෙන්නට ඇතැයි සිතමි.

      Delete
    10. //සජ යනු ජගත් පතිරණද?
      මම නෙමෙයි.

      Delete
    11. හා ඇත්තද !

      Delete
    12. මොකක්ද මේ අපේ ජෝසප් සහෝදරයාගෙයි ජගත් පතිරණගෙයි ආරෝව?

      Delete
    13. මල කෙලියයි, ආයෙත් වරදක් වුනා, නම හඳුන්වා දෙන්න බැරි වුනා.
      මේ ඉන්නේ අර ඉස්සර හිටපු සිතුවිළිගේ පුණර්භවයක් හරිද?

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !