Saturday, February 20, 2016

මිතුරෙක් නැති රටක්

වර්ථමාන ඉන්දියාව ගැන හැඳින්වීමක්


ඉන්දියාව: එය දන්නා කාලයේ පටන් අපේ අසල්වැසියන්ගේ සතුරු රාජ්‍යයකි. ඉන්දියාවට මිතුරන් නැත - සිටින්නේ අපරාධකාරී හවුල්කරුවන් පමණි. සෝවියට් සමුහාණ්ඩුව විසුරුවා හරින තෙක් ඕ තුරුළේ සිට සිය අසල්වාසීන්ට කෙණෙහිලිකම් කළ ඈ දැන් ඇමරිකා එක්සත් ජනපද ප්‍රමුඛ බටහිර රටවල සහය ඇතිව ස්වකීය අසල්වාසී රාජ්‍යයන්ට අතපෙවීම් කරන්නීය.
බෙදීමට පෙර ඉන්දියාව: එහි ප්‍රාන්ත සහ අර්ධ ස්වාධීන රාජ්‍ය සමග
බ්‍රිතාන්‍යයන් යටතේ ඉන්දියාව - මූලාශ්‍රය: The British Library
ඉංගිරිසින් විසින් දෙකට-තුනට කඩා නිදහස නොදුන්නේනම් වර්තමාන ඉන්දියාව චීනය අබිබවන ජන ගඟකට සෙවන දෙන සුවිසල් රාජ්‍යයක් වනු ඇතැයි සමහරු කියත්. අනෙක් අතින්, ඉංගිරිසින් විසින් එකිනෙකින් ස්වාධීනව තිබූ ප්‍රදේශ රාජ්‍ය සහ වංශික රාජ්‍ය එකතු කර බ්‍රිතාන්‍ය ඉන්දියාව (British India) නොසෑදී නම් අද එහි තිබෙනු ඇත්තේ ලංකාවට වඩා මදක් විශාල රාජ්‍යයන් විසි තිස් ගණනකි - සමහර විට මේ ගණන සිය ගණනක් වීමටද ඉඩ නැතුවා නොවේ.




ඉන්දියාවට අසල්වාසී මිතුරන් නැත. ඉන්දියාවේ නිවුන් සහෝදරයා වන පාකිස්ථානය එහි සතුරෙක් ලෙස සැළකෙයි. අසල්වැසි චීනය කෙරේ ඉන්දියාව බලවත් බියකින් පසු වෙයි. බංග්ලාදේශය හා ම්‍යන්මාර රට ඉන්දියාව සමග සංක්‍රමණික ප්‍රශ්න වල පැටලී සිටී. එසේම ගංගා ජලය සම්බන්ධයෙන්ද මේ රටවල් අතර ගැටළු ඇත. දේශසීමා මතභේද ද නැතුවාම නොවේ. නේපාලය හා භූතානය ඉන්දියාවේ බලපෑම් හමුවේ බොහෝ අපහසුතා වලට පත් වී සිටී. වරාය පිවිසුම් අවහිර කරන බවට නිරන්තරයෙන් කෙරෙන තර්ජන මේ රටවල් වලට බොහෝ සෙයින් හුරු පුරුදුය.

ව්‍යාජ රාජ්‍යයක්


ඉංගිරිසින් විසින් සිය අධිරාජ්‍යය බැඳ තබනු පිණිස සෑදූ ශක්තිමත් රැහැන් පොටවල් සිය ගණනකින් වර්තමාන ඉන්දියාව තවමත් බැඳී තිබෙන මුත්, ඓතිහාසිකව කිසි දිනෙක එක් රටක් නොවූ ඉන්දියාව එක්සත්ව තබා ගැනීම පහසු නැත. එය නැවත කැබලි වලට බිඳී යාම හුදෙක් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. පසුගිය ශතවර්ෂයේ ලෝක බලවතෙක් වූ එක්සත් සමාජවාදී සෝවියට් සමුහාණ්ඩුව සීතල දෙසැම්බර් රාත්‍රියක කැඩී බිඳී විසිරී යනු අප දුටුවේ යම් සේ ද, සිදු විය යුතු පරිදිම ඉන්දියාව බිඳී විසිරී යන අන්දම මේ ශතවර්ෂයේ ජීවත් වන අපේ දරුවන්ගේ පින්වත් දෑස් විසින් දකිනු ඇති බවට සැකයක් තබා ගත යුතු නොවේ.

කැඩී බිඳී යාම වැළැක්විය නොහැකි වුවත් ඉන්දියාවේ බලය හෙබවීම පිණිස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් එහි ඇති කර ගිය "ඉන්දියානුවන්" (මෙය ඔවුන් විසින් ලංකාවේ ඇති කර ගිය සිලොනිස්ලාට සමානය) එය හැකිතාක් පමා කිරීමට උත්සාහ දරති. ඉන්දියාව වාංශික හෝ ජාතික හෝ රාජ්‍යයන් කිහිපයකට බිඳී ගියහොත් එයම මේ ව්‍යාජ ජාතියේ අවසානය වන බැවිණි. ඇමරිකා එක්සත් ජනපද පසුගිය වසර 300 තුල ප්‍රසාරණය වූ අයුරින් ඉන්දියාව ද ප්‍රසාරණය වෙමින් සිටී. ප්‍රසාරණය වීම - එනම් අනෙක් රටවල් වල කොටස් ඈඳා ගැනීම මූලික ප්‍රවණතාවය වූ කල්හි වෙන්වී යාමේ ප්‍රවණතා බාල වේ. වඩා ප්‍රබල වූ බාහිර සතුරෙක් පෙන්වූ කළ අභ්‍යන්තර සතුරුකම් බාල වී පොදු සතුරාට එරෙහිව සැවොම එකතු වන බැවිණි.

අද පවතින ඉන්දීය ජනරජය බිහි වූයේ ම බ්‍රිතාන්‍ය ඉන්දියාව සමන්විතව තිබූ අර්ධ ස්වාධීන වාංශික රාජ්‍ය වල මහජන මතය පයිසෙකට මායිම් නොකර මිලිටරි බලහත්කාරය යොදවා ඒවා ඊනියා එක්සත් ඉන්දියාවක් තුලට ගොනු කර ගැනීමෙනි. එවැනි ව්‍යාජ රාජ්‍යයක "බලය විමධ්‍යගත කිරීම" කින් තොරව පැවැත්මක් නැති බව සත්‍යයක් විය හැකි මුත් සදාකාලිකවම ඒකීය සහ අව්‍යාජ රාජ්‍යයක් වූ ලංකාව කෙරේ එකී ප්‍රවාද ගැළපෙන්නේ නැත.

ජනතවි මුක්ති පෙරමුණට අමතක වූ දේ


රෝහණ විජේවීර සහෝදරයා මහතා ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරන කාලයේ කුප්‍රකට "පංති පහ"ක් පැවැත්වූ බවට අප අසා තිබේ. මෙයින් එකක් ඉන්දියානු ව්‍යාප්තවාදය නම් වී ල. 1987 ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව මහජනතාව පාරට බසින විට ජනතා විමුක්ති පෙරමුණත් ඒ සමග වූ අතර ඒ පෙරමුණේ බොහෝ තරුණ පිරිස් බටලන්ද ඇතුළු වධකාගාර තුලදී සිය ජිවිත වලට සමු දුන්හ.

අද ජනතා විමුක්ති පෙරමුණ නැත. මෑන් පවර් කොම්පැනියක් බවට වර්තමාන නායකතුමා විසින් පරිවර්ථනය කරන ලදුව එය අද දවස් කුළියට විදෙස් ආධාර ලබන නොරාජ්‍ය සංවිධාන වල සහ එජාපයේ පෝස්ටර් අලවයි - මාධ්‍ය සාකච්චා තබමින් පෙර කී සංවිධාන වල හොරි කසයි. ඉන්දියානු බලහත්කාරය පිළිබඳව කතා කිරීමට අපට සිදු වන්නේ මේ මාතෘකාවේ උරුමක්කාරයන් විසින් එය අතහැර දමා ඇති බැවිණි.

නේරුලා විසින් බලහත්කාරය යොදවා එක්සත් ඉන්දියාව තැනූ හැටි මීළඟ ලිපියෙන් සළකා බලමු.


4 comments:

  1. ඉන්දියාව කෑලිවලට කැඩෙයි කියා හිතන්නට ඉක්මන්වීම නම් මම හිතන්නේ නැහැ නුවනට හුරු සෙයක් කියා. ඉන්දියාව වටේම ඉන්න රටවල් (විශේෂයෙන් ගොඩබිමෙන් ගෑවී තිබෙන) ඉන්දියාවත් එක්ක තරහ බව ඇත්ත. නමුත්, දේශපාලන උප්පරවැට්ටි යෙදීම අතින් ඉන්දියාව තම සතුරු රටවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. යුද්ධෝපාය අතිනුත් තම බලපුලුවන්කාරකම ප්‍රදර්ශනය කරමින් චීනය සහ පාකිස්ථානය හැර අනෙකුත් රටවලට බලපෑමක් කරගෙන ඉන්නවා.

    ඉන්දියාව කෑලිවලට කැඩුනොත් ඒ කුඩා රාජ්‍යයන්ට පැවැත්මක් තිබෙයිද?

    ReplyDelete
    Replies
    1. පුද්ගලයින් වශයෙන් අපගේ ජිවිත කාලය හා සසඳන කළ ජාතියක ආයු කාලය ඉතා විශාලය. එහෙත් ව්‍යාජ ජාතියක් වන ඉන්දීය ජාතියට මේ කතාව වලංගු නැත. ලෝකයේ දෙවන බලවත්ම හමුදාව සහ ඔත්තු සේවාව ද සහිතව සිටි සෝවියට් සමුහාණ්ඩුවට සිදු වූ දේ අප ඇස් පනා පිටම දුටිමු.

      උප්පරවැට්ටි යෙදීම අතින් සහ ඊටත් වඩා බලහත්කාරය යෙදීම අතින් ඉන්දියාව ඉදිරියෙන් සිටින බව සත්‍යයක්. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ඉන්දීය ජාතික දේහය තුලමනම් බලහත්කාරයත් සටකපට කමත් එයට පිළියම් සපයන්නේ නෑ.

      ඉන්දියාව බිඳී යන්නේ බාහිර බලපෑම් වලින් නොව අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා හේතුවෙන් බව මේ ලිපියේ සඳහන් නොකිරීම අඩුවක් බව සිතමි.

      ඉන්දියාව කැඩුණු පසු කුඩා රාජ්‍ය ලෝක දේශපාලන සන්ධර්භය තුල සමහන් වීමට යම් කාලයක් ගනීවි. ඒත් ඉස්ලාම් මුලධර්මවාදය විසින් මේවා ගිල නොගන්නේ යැයි උපකල්පනය කළහොත් උප ඉන්දීය රාජ්‍යයන්ට ස්වාධීන පැවැත්මක් ඇති කර ගත හැකි බව සිතමි.

      Delete
    2. ඉන්දියාව කඩන්නට පෙර ලංකාව ගැන බැලිය යුතු !

      Delete
    3. ජොසෙෆ් ඔබ හරි.

      මේ යන ආකාරය බැලූ කළ, මීට දශක හතරකට පෙර සිකීම් දේශයේ සිදු වීම් පෙළ ගැසුණු ආකාරයට සම්‍යයක් දක්වයි.

      නුදුරු දිනෙක ජුන්ටාධිපති විසින් ගෙන එන බලහත්කාරී නව ව්‍යවස්ථාවට එරෙහිව භූමිපුත්‍ර මහජනතාව විදී බැසීමත් රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීම පිණිස විපක්‍ෂ නායක විසින් ඉන්දියාවට ආයාචනා කිරීමත් සිදු නොවීය හැකි දේ නොවේ. ප්‍රතිඵලය වශයෙන් අපට ලැබෙන්නේ ජුන්ටාධිපති තුමාගේ මැතිවරණ පොරොන්දුව - මාස 60 න් අලුත් රටක් - විය හැකියි.

      මෙය ඉන්දියාව භංග වීමට බොහෝ පෙර සිදු වීමේ ඉඩකඩ ඉතා විශාලය.

      (ඔබේ ප්‍රතිචාරය අපගේ මීළඟ ලිපිය කෙරේ ප්‍රබල බලපෑමක් කරන ලද බව ද සළකන්න)

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !