Friday, January 8, 2016

ඒවා එයාකාරයි, මේවා මෙයාකාරයි, හැබැයි ලෝකෙ ගෝලාකාරයි

හෙවත් කළු පාටින් සමරණ බ්‍රා-සිරා ගේ වර්ෂ පූර්ණය



ගමයා අලියාගේ එල්ලී දෙව් ලෝ ගොස් අදට වසරකි. මේ වසරට මෙලෝ ගොබිලෙක් නුදුන් වින්දනයක් අපට ලබා දීමට ගමයා සමත් උනේ නැද්ද? අපේ මාමා "අයියෝ සිරිසේන !" කීවේ මේවාටමය.




ගමයාගේ අණ්ඩ දැමීම


සොඳුරු ඒකාධිපතිත්වය අවසන් කරන්නෙමැයි පාරම් බාමින් පැමිණි මේ ගෝතයා අඩුවක් නොතබාම එය ඉටු කළේ කුරිරු ඒකාධිපතිත්වයක් ආරම්භ කරමිනි. තමා දිව්‍ය ලෝකයට ගෙන ගිය අලියාට කෙළෙහි ගුණ සැළකීම පිණිස කළ මැටි-මෝල් වැඩ ගැන පසුගිය වසර පුරාම කතා කර ඇති මුත් කතා කර නැත්තේ අයවැයට දිනපතා අණ්ඩ දැමූ ආකාරය වේ.

මෙවර අයවැය අමුතුම තාලේ එකකි. ජුන්ටාධිපතිට අවශ්‍ය වන්නට ඇත්තේ 'ෆුල් සූට්' එකක් බවට සැකයක් නැතත් ඉදිරිපත් කරන ලද්දේ කොට කලිසමකි. මේක ටයිඩ් එකක්ද තුන්කාලක් ද නැතිනම් දෙපැත්ත කැපූ රනින් ෂෝටක් ද එසේත් නැත්නම් වෙනම එකක් දැයි අයවැය ඉදිරිපත් කළ පිස්සු බහුබූතයා දන්නේ නැත. හරිහැටි සිංහලවත් නොදන්නා මේ හාදයා වාහන ගැනවත් අඩු තරමින් දන්නේ නම් හීලියම් කාර් වලට බදු සහන දෙන්නට කතා කරන්නේ ද නැත.

කොහොමින් කොහොමින් හරි ඉදිරිපත් කර ගත් අයවැය ජනතාවට ගින්දර සමග විහිළු සපයන්නක් වීම හේතුවෙන් ගමරාළට එයට අත නොදා සිටීමට නොහැකි විය - නැතිනම් ගමයාට ඒකත් ආතල් එකක් ලෙස පෙනෙන්නට ඇත. කළින් සිටි 'සොඳුරු ඒකාධිපතියා' ප්‍රශ්නයක් ඔඩු දුවන තෙක් නිසොල්මනේ සිට අවසන් මොහොතේ අත දමා ලකුණු දා ගන්නා අයුරු මේ ගමයා ද නොදැන සිටීමට හේතුවක් නැත. කෙසේ හෝ වැඩේ නැගලාම ගියේය. ගමයාගේ අණ්ඩ දැමීම කෙළවර වූයේ කොට කළිසම අමුඩ ලේන්සුවක් වීමෙනි.

මේ අමුඩ ලේන්සුව ජෝකෙක් හෙවත් ලංකට් එකක් ලෙස දුටු කවුන්සිලේ හරක් පට්ටිය තප්පු ලා එය තුනෙන් දෙකක් දී පාස් කළහ. ඒ අයවැයට අණ්ඩ දැමීමේ පුරාවෘත්තයයි. සම්මත වූ අයවැයේ ඇත්තේ කවරක්දැයි දන්නෝ වෙත්ද ?


කළ හොඳ පස්සෙන්


ගමරාළ දිව්‍ය ලෝකයේ සිටි මේ වසරට ඔහු අලියාට හොඳට සැළකිය. එසේම අනෙක් සත්තුන්ට ද මදි නොකියන්නට සළකමින් ඇත. කොටියාට අවුරුදු 100 පමණ තර්ක-වාද කර අවුරුදු 30 ක් කැරළිගසා ලබා ගත නොහැකි වූ දේ දීමට සියල්ල සුදානම් ය. ඔටුවාට ද අවශ්‍ය දේ රටේ සතර දිග්භාගයෙන්ම ලැබෙමින් පවතී. නරින්ට ඕනෑ දේවල් ලැබෙන බවට කිසි සැකයක් නැතුවා පමණක් නොව 2001-2004 කාලයේ තිබූ පරාක්‍රමය එළෙසින්ම පෙන්වමින් සිටී.

එහා රටේ වඳුරු හමුදාව 'සීපා' වෙනුවට වෙනත් නමකින් ගෙනෙන පොරොන්දුවක් පසුපස සඟවා මෙරට ආක්‍රමණය කරනු ඇත. සීපා නොව මොන නමින් ආවත් එන්නේ "හනුමා" බව ගමරාළ දැන ගත යුතු අතර දැන්වත් සිහි එළවා නොගත්තොත් මේ හනුමා මොන මොනවා නොකරාවි දැයි කිව නොහැක. 'සීපා' නම් හනුමා වෙත සුදු හුණු ගාන නූතන විභීෂණ ලා ජනමාධ්‍ය ලෝකයේ පමණක් නොව බ්ලොග් ලෝකයේ ද පහල වන්නේ නිකං ම නොවේ.

ජෙනිවා කවුන්සිලේ චෝදනා කුණු කූඩයට විසි කර දැමිය යුතු මුත් ගමරාළට ඒවා ගැන වගේ වගක් නැත. ලඟදි ඉන්දියාවේ පුවත් පතකට මේවා කෙරෙන්නේ අපට ඕනෑ හැටියටයි කියා ගෝරනාඩුවක් දැම්මත්, ඇත්ත තත්වය "මේවා කෙරෙන්නේ හොර රහසේ" බව අපි දනිමු. සියල්ල අවසන් වූ පසු ගමරාළ මං දන්නෙවත් නෑ නොවැ, හිටං යැයි කියනු ඇති බවට සැකයක් නැත.

එසේ කියා ගිරාඳුරුකෝට්ටේ හෝ මහවිලච්චියේ හෝ දහම් පාසැලක තෑගී බෙදා දීමට ගොස් ඕකුන්ට මඩු වලිගෙන් තලන්න කතා කරනු ඇත. උන්දෑගේ වැඩ එයාකාරය. මෙතරම් ප්‍රශ්න තියෙන රටේ එයාගේ ලොකුම ප්‍රශ්නය ගෑණියෙක් මිනිහෙක් වෙත විසි කළාය කියන තනපටයකි'ය කියා සමහරු කියත්.


ඉතිං එයාකාර වැඩ කරන ගමරාළ ගේ මීළඟ වසර වෙනුවෙන් මොනවා පතන්නද ? මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරවන්න හොඳ ගොන් මාතෘකා ලෙස බ්‍රා-සිරාට තනපටවල් සහ තවත් එවැනි දේවල් වැඩි වැඩියෙන් ලැබෙන ප්‍රීතිමත් වසරක් වේවා කියා පතමුද ?

31 comments:

  1. සවිස්තරාත්මකව සාකච්චා කලයුතු මාතෘකා රැසක් ගැන කල සංක්ශිප්ත ඉදිරිපත් කිරීමකි. කියන දේවල් වලනම් විවේචනය කල යුතු දෙයක් නැත. ඒ වගෙම මේවාට ඌන් පූර්ණ දෙමින් දිගින් දිගටම කථා කිරීමෙන් වෙන්නේ අපේ කාලය හානි වීම මිස ගමයා ගෙදරයාම නොවනා කල නිහඬව සිටීම වඩා උචිත බව සිතමි.
    ගමයා දෙව්ලොව ගියේය.
    ගමයා දෙව් ලොව ගෙන ගිය පින භුක්ති විඳිමින් අලියා වැජබෙන්නේය.
    ඒත් ඉතින් ජනමාධ්‍ය විජ්ජාවට හසුවී ගමයා දෙව්ලොව යැවූ සුනක රැල...? උන්ට කලයුත්තේ කුමක්ද?

    ReplyDelete
  2. හ හහ් හා බුවාහ්!!!

    ReplyDelete
  3. ගමරාලට දේශීයත්වය වෙනුවෙන් පෙනී සිටින්න හැකියාවක් නැහැ. ඔහු කලින් බලවත් සේ එසේ පෙනී සිටි අයෙකුත් නෙවෙයි. අද බලවත්වී ඇත්තේ දේශීයත්වයට එරෙහි බලවේගයි. මහින්දත් කලේ බොරුව. ඔහු දේශීයත්වය සැබෑවටම නියෝජනය කලෙත් නෑ. මමත් දේශීයත්වය නියෝජනය කර ලියන්නෙක් නොවෙයි.දේශීයත්වය නියෝජනය කලයුතුය කියා දෙයක් නෑ. නමුත් ප්‍රශ්නය දේශපාලනඥයන් ජනතාව රැවටීමට දේශීයත්වය වැනි වචන භාවිතා කිරීමයි. ඒ අතින් අවංක රනිල්ට මා නම් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් ගමරාල දෙව්ලොව ගියදා පටන් උදේ හවා නොකඩවා කරන "කටමැත දෙඩවීම" එක්ක බලන කොට ඊට සාපේක්ශවනම් රනිල් හොඳා තමයි. මොකද රනිල් කියනදේ කරන්නේත් නැති, කරන දේ කියන්නේත් නැති නිසා.
      ගමයා නම් කට කමසෙයියාවක් නැතිව කියනවා කරපු කෙංගෙඩියක් නැහැ

      Delete
  4. ගමරාල දිව්‍යලෝකෙ ගිය කතාව සිංහල ජනකතාවක් නොවන බවත් ලංකාවේ මුලින් ආරම්භකල මිශනාරි පාසල්වල ඉගැන්වු කතාවක් බවස් අහලා තියෙනවා.

    මහින්දනම් දැන් පරක්කු වැඩියි. මටත් කියන්න තියෙන්නේ අප්පච්චි මා කියලා තමා. එයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහරින්න බැරිවීම එයාගේ වරදක් අපි එයාට චන්දෙ දුන්නේ ඒ වෙනුවෙන් නෙමෙයි. ගම්මන්පිලට සහ විමල් වීර වංශ ට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. බුද්ධිමත්ව කටයුතු කලහොත් ඔවුන්ට ජාතික වීරයන් වීමට අවස්ථාවක් තියෙනවා.

    ReplyDelete
  5. ඔන්න අපිත් මේ පැත්තේ ආවා කියවපු පලවෙනි ලිපියට කණගාටුවෙන් වුනත් අදහසක් දැක්විමෙන් වැලකී සිටිමී (තිත් දෙකයි ඇල ඉරක්)

    ReplyDelete
    Replies
    1. ඔබ සාදරයෙන් පිළිගනී.

      Delete
  6. වේලෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ?
      මේකනම් හරියන වැඩක් නෙවෙයි.....!

      ආයෙමත් විවිධ මාතෘකා ඔස්සේ කථා 32 පන ගහලා නොගත්තොත් වැඩේ ජෝං බාස්ටම යයි වගේ....

      Delete
    2. මම හිතන්නේ ආයෙත් කොම්පීටරේ කැඩිලා...
      එහෙම නැත්නම් මිනිහ ලෙඩ වෙලා.
      යංද මාරි පැකට් එකක් අරං???

      Delete
    3. ඉන්න තැනක් දන්නවානම් යමු බලන්න.
      මම එන්නං...
      මගේ ගානෙත් මාරි බිස්කට් පැකට් එකක්.

      Delete
    4. පණ තාම තියේ, සනීපෙන් සිටිමි. සෙවිල්ලට පිං, මාරි අනවශ්‍යයි.
      ලිවීමට දේ අටෝරාසියක් ඇත, කාල වෙලාවද ඇත. ඒත් මොන කරුමයක්ද මංදා, වචන පෙළ ගැසෙන්නේ නැත.

      Delete
    5. ඔය හෝන්දු මාන්දු ගතිය මග හැරෙන්න, ආයෙත් හිතට ගතට පන එන්න,
      වැදගත් ධර්ම කාරනයක් ගැන කථාවක් පටන් ගනිමු.
      මම බ්ලොගයක දැක්කා විනය පිටකයේ පාරාජිකා පාලිය ගැන පලවෙලා තිබුනා. එතැන අදහස් පල කරපු උන්ගේ අදහස් දැක්කහම එකින් එකටම පිළිතුරු දෙන්න තරම් හිතුනා ඒ තරමට අදහස් දක්වන උන් දහම පටලවාගෙන. ඒත් මට කාල වේලාව තිබුනේ නැහැ.
      ඊට කලින් අර තම මතයම හරි කියල හිතපු මධ්‍යස්ත මත ධාරියා බුදුන් සර්වඥ්ඥය යන්න අභියෝගයට ලක කලා ඒත් ඒගැන සාකච්චාවකට එළැඹීම මගහැර ගියා.
      මෙහෙම බලන කොට බ්ලොග් අතර අපිට කල යුතු මෙහෙයක් තියෙනවා කියලා මම හිතනවා.
      මේ ගැන අපේ ජෝසප් සහෝදරයාගෙනුත් මම විමසනවා.
      සුදුසු දෙයක් කරමු..

      Delete
    6. සිතුවිළි දක්වන්නේ ඉතාම වැදගත් අදහසක්. ඊට පෙර, ඉතාම කෙටියෙන් ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන ගැන ඔබේ අදහස කුමක්ද ?

      Delete
    7. ඉතාම සරලයි.
      ලංකාව එක රටක් නම් එයට තිබිය යුතු වන්නේ එකම ජාතික ගීයක් පමණයි. එහි යම් පද මාලාවක් වෙයිනම් එය කුමන බසකින් කුමක් වුවත් එය එකම පද මාලාවක්ම පමණක් විය යුතුයි.

      දෙමළුන්ට සිංහල පද සහිත ජාතික ගීය ඇසෙන විට ඇතිවන ආසාත්මික තාවයෙන් මා නොපෙලෙන බැවින් ඒ එකම පද මාලාව දෙමළ බසින් ගැයුනද වරදක් නැතැයි මා සිතමි.
      එය එකක් පමණක්ම විය යුතුයි යන්න මා තරයේ විශ්වාස කරමි.
      තව දුරටත් අපේ වත්මන් ජාතික ගීය පදයෙන් පදය විමසුවහොත් එහි අඩංගු සැබෑ සිංහල වචන සංඛ්‍යාව කොපමණ දැයි සොයා බැලීමද සුදුසුයි. එහි ඇති සංස්කෘත වචන ගනන සිංහල වචන ගනනට වඩා වැඩි බව මා අනුමාන කරමි.

      Delete
    8. මමත් අදහසක් දාන්න කැමතියි.
      බාශාවක කොටස් තුනක් තියෙනවා ඒ අකුරු, වචන, ව්‍යාකරණ. මෙයින් වැඩිම වැදගත් කමක් ඇත්තේ ව්‍යාකරණ වලයි. වෙනත් බාශාවල වචන දැම්මත්. වෙනත් හෝඩියක් යොදාගෙක ලියුවත් සිංහල ව්‍යාකරණ රටා යොදා ගන්නවා නම් සිංහලම තමයි.

      Delete
    9. ජාතික ගීය දෙමලෙන් ගැයීමට අවශ්‍ය වුනේ මනෝ ගනේශන්ටයි. මේ වගේ දේ නිසා වන්නේ සිංහල දෙමළ මිනිසුන් වෙන්කර තැබීමයි. මෙහි කිසිම හොඳක් නෑ.

      Delete
  7. ජාතික ගීය දෙමළෙන් ගැයීම

    ජාතික ගීය (එහි තාලයට දෙමළ පරිවර්ථනයක්) ඊයේ ජාතික දිනයේදී ගැයී තිබේ. මේ පිළිබඳ මීට පෙර කතා කෙරුණු මතකයක් තිබේ.

    මේ ලිපිය එහි ප්‍රතිචාර සමග කියවන්න.
    http://katha32.blogspot.com/2015/03/national-anthem.html

    අපගේ අදහස තවම වෙනස් වී නැත. කෙටියෙන් කියතොත්,

    1. දෙමළ ගීය ජාතික ගීය නොවේ. එය ගැයෙන විට නැගී නොසිටියාට කමක් නැත.

    2. යම් හෙයකින් කෙනෙක් ජාතික ගීය විකෘති කිරීම යටතේ දෙමළ ගීයට විරුද්ධව නඩු මගට යයි නම් අපගේ සහය ඔහු වෙත වේ.

    3. මිස්ටර් බින් නාමධාරී ජුන්ටාධිපති තුමා ප්‍රමුඛ පවත්නා රෙජීමය විසින් දෙමළ පරිවර්ථනය ශ්‍රී ලංකාවේ සම ජාතික ගීය ලෙස ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබා දීමට උත්සාහයක් ගනිතොත් ඊට විරුද්ධ විය යුතුය - එවැනි යෝජනාවකට පක්‍ෂ වන මන්ත්‍රීවරුන් සහ ඔවුන්ට නාම යෝජනා දෙන පක්‍ෂ සිංහලයින් විසින් ප්‍රතික්‍ෂේප කළ යුත්තේය.

    4. පවත්නා අයුරින් දෙමළ ගීය ගැයීමට විරුද්ධව දැඩි ක්‍රියා මාර්ග නොගත යුතු අතර දෙමළ වර්ගවාදීන්ට වෙනත් කප්පම් දීමට සැරසෙන සෑම විටම "අරකත් දුන්නනේ, ඒ නිසා මේක ඕනේ නෑ" කියා වැළැක්විය යුතුය.

    5. අනාගත ආණ්ඩුවක් යටතේ මේ විකාර නැවැත්වීමට හැකි බව තරයේ සිහී තබා ගත යුතු අතර රටටවත් සිංහලයාටවත් වැඩක් නැති "සිංදුවක්" වෙනුවෙන් පාරට බැස වෙඩි කෑමට ජාතියට ආදරය කරන සිංහලයන් නොපෙළඹවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ජෝසප් ඒ ගැන මතුකල නිසා ලීවා මිස මේ මාතෘකාව මා සාකච්චාවට ඉතාම අකමැති මාතෘකාවකි.
      කණිෂ්ක මතුකරන අදහස් ගැන මා විරුද්ධත්වයක් නොදක්වමි. එහෙත් ඒ මුල් ලිපියේදී මා කී දේම මෙහිදීත් නැවත නැවත කියමි.
      මේ ශ්‍රී ලංකාව එක් රටක් එක් දේශයක් නම් එයට ජාතික ගී දෙකක් තිබිය නොහැකිය.
      ජාතික උත්සවයකදී යම් ලෙසකින් ජාතික ගී දෙකක් ගායනා වනවානම් එහි අරුත එම ජාතික උත්සවය ජාතීන් දෙකක් (දේශයන් දෙකක ජනතාව ) එක්වී පැවැත්වූ පොදු ජාතික උත්සවයක් බව මිස එය එක් රටක ජාතික උත්සවයක් නොවනා බවයි.

      Delete
    2. ඉකොනොමැට්ටා ලියූ ගීත තුනක්... මේ පිළිබඳ ආන්තික එහෙත් නොසළකා හැරිය නොහැකි විග්‍රහයක් එයි. දෙමළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිච්චේදය පිළිබඳ කොටස බලන්න.

      Delete
    3. මම ඒ ලිපිය කියෙව්වා
      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනය වෙනස් විදියට ලියැවීම කුමන්ත්‍රණයක් විය හැකියි.

      Delete
    4. ආප්ප කෑ රාත්‍රියට මග හෙළි කිරීමේ සිට මේ දක්වා සිදු වූ සහ සිදු කෙරෙමින් පවතින බොහෝ දේ කුමන්ත්‍රණ බව සැබැවි. එහෙත් ජාතික ගීය නම් අපගේ ඇස් පනාපිට තිබූ දෙයකි.

      සිංහලයන්ගේ නොසැළකිල්ල, වඩා නිවැරදිව කිවහොත්, සියුම් දේ පිළිබඳව ගැඹුරින් නොහැදෑරීම නිසා මෙතෙක් කල් අන්ධයන් සේ සිටියෙමු. මෙවැනි කාල බෝම්බ බොහෝ ගණනක් අපේ ව්‍යවස්ථාව තුල ඇත.

      විශේෂයෙන් 13 වන, 17 වන (මෙය 18 වැන්නෙන් බොහෝ දුරට බල රහිත විය) සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන තුලින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දුර්වල කර ඇත. දැන් මුළුමහත් පාර්ලිමේන්තුවම හයිජැක් කර ඇති වාතාවරණයක් යටතේ රටේ තත්වය බලවත් අවදානමක පවතී.

      අපට ගැලවුමක් ඇත්තේ ඉන්දියාව සහ බටහිර අතර ඇති නො-එකඟතාවයන් තරම මත පමණි.

      පහත ලිපි 19 වන සංශෝධනය පිළිබඳව ලියැවිණි.
      * වෙසක් සතිය
      * අප්පච්චි මලා !

      Delete
    5. සිංහලයන්ගේ ප්‍රධාන දුර්වලකමක් තමයි වියුක්ත චින්තනය අඩුවීම. සංයුක්තව හිතන අය කොතරම් පහසුවෙන් රැවටිය හැකිද හැකිද යන්නට උදාහරණයක් ලෙස දෙමළ ජාතික ගීය ගැන අජිත් ජී පෙරේරා කියන රසකතා දැක්විය හැකියි.

      Delete
    6. ආප්ප කෑ රාත්‍රියට මග හෙලි කිරීමේ සිට නොවෙයි. මේ දෙමළ ජාතික ගීය යනු 1978 ව්‍යවස්ථාව දෙමළ පරිවර්ථනය පිටපත් කිරීමේ සිට පැවත ආ කුමන්ත්‍රනයක ප්‍රථිපලය කූටප්ප්‍රාප්තියට පැමිණීමකි.
      එය ජගත් පැවසූවා මා දකින හැටියටත් ඉතාම නිවැරදියි.
      මේ දෙමළ පද මාලා ව මා මුලින්ම ඇසුවේ 1980 පමණ ඈත කාලයේදී කොළඹ මෙහෙකාර කමකට පැමිනි වතුකරයේ දෙමළ ළමයෙකුගෙනි (මගේ සම වයසේ) ඔවුන් පාසැලේදී එම ගීතය උගෙන තිබිනි.
      1978 දී බස පෙරළා පිටපත් කළ ගීතය 1980 වන විට දෙමළ පාසැල් දරුවන්ට උගන්වා තිබීමෙන් මේ පරිවර්ථන දෝශය කොතරම් සූක්ශම හා සංවිධානාත්මකදැයි සිතා ගත හැක.

      Delete
    7. "වියුක්ත චින්තනය", ඊට ආචාර්ය නලින් ද සිල්වා දෙන අරුතින්, සිංහලයින්ට අඩු බව සැබෑවකි. එහෙත් අප දකින අයුරින් මීට හේතුව සිංහලයින් ඉතා කුඩා කරුණු ගෙන සමස්ථය තුල ගොණු කර ගැනීමට උනන්දුවක් නොදැක්වීමයි.

      සරල උදාහරණයක් දෙතොත්, පාසැල් වර්ෂාවසානයේදී දෙන පෙළ පොත් කියවා මීළඟ වර්ෂය සඳහා කටු සටහනක් ගොඩ නගා ගන්නා දරුවෝ සිටිත්ද? (මා මෙය කර ඇත.)
      ---

      සිංහලයින් නොසැළකිය හැකි කුඩා කරුණු ලෙස දකින බොහෝ දේ, දෙමළ සිංදුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කිරීම, උතුරු නැගෙනහිර දෙපළාත් හි ග්‍රාම නාම දෙමළකරණය සිට 19 වන සංශෝධනය ගෙන ඒම දක්වා බොහෝ දේ දෙමළ වර්ගවාදය විසින් උපක්‍රමික ලෙස දිනා ගත් දේ වේ.

      මේවා දුටු සිංහල ප්‍රාඥයින් සිටියද ඔවුන් උගුරු ලේ රහ වන තුරු ඒ ගැන මොර දුන්නද අප ජාතියක් ලෙස මේවා කණකට ගත්තේ නැත. එසේ නිහඬව සිට අවසානයේ කෙළවෙන විට "කුමන්ත්‍රණ" යැයි ලේබල් කර අඬා වැළපීමෙන් පලක් ද නැත. අප ජාතියක් ලෙස කටයුතු කළ යුත්තේ මේ පරාජයන් ආපිට හැරවීමට ක්‍රම සෙවීමත් එය කළ නොහැකිනම් හානිය අඩු කර ගැනීමට කටයුතු කිරීමත් ය.
      ---

      සිතුවිළි, 1978 ව්‍යවස්ථාව දෙමළට පරිවර්ථනය කරන ලද්දේ අපකීර්තිමත් ගාන්ධි-ජයවර්ධන ගිවිසුම හා සමගාමීව බවයි අපගේ මතකය. මෙය වැරදි විය හැකි වුවත් ගීයේ දෙමළ පරිවර්ථනයනම් ඊට වඩා බොහෝසෙයින් පැරණි එකක්. ඒ නිසා ඔබේ උදාහරණය සත්‍ය බව පිළිගත යුතුයි.

      Delete
    8. දෙමළ සිංදුවක් ගැන කතා කිරීම පලක් නැති උනත් වසා තිබුණු කඩයක දොරට ගසා වෙළෙඳාම පිණිස විවෘත කරවීමේ ප්‍රීතිය විඳිමි. මේ ගැම්මෙන්ම ඊළඟ එකත් ලියන්න.

      Delete
    9. මමත්මේ කල්පනා කලේ ඒකම තමයි. හොඳ නැකතක් බලලද කොහේද දොරට තඩි බාලා තියෙන්නේ.
      ඒකෙන් කමක් නැහැ, දැන් අර මගේ අදහස විමසපු එකට මම උත්තර දුන්න ඒත් ජෝසප් මහත්තයා ඒ ගැන වගේ වගක් නැත්තේ මොකද? ප්‍රෂ්නේ ඇහැව්වේ අපිව බයිට් එකට ගන්න නෙවෙයි කියල මම හිතනවා.

      Delete
    10. හා... හරි එහෙනම් මම හිතුවා...
      අපි බයිට් උනා හොඳේ...

      Delete
    11. "වයි දිස් කොලවරී කොලවරී කොලවරී ඩී" කිය කියා හිටි අපේ හැත්ත "සිරි ලංකා තායේ" කියන්නේ නම් එය වර්ධනයක් ලෙස දකිමි. එනයින් ජාතික උත්සවයක දෙමළ සිංදුවක් කීමේ වැරද්දක් නැත.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !