Friday, December 9, 2016

මරණ තුනක්

අමරදේව මළේය. අපි කට වහගෙන සිටියෙමු. ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා™ මහතා මිය ගියේය. අපි නුදුටු ලෙස සිටියෙමු. ජයලලිතා මෙනෙවිය මිය ගියාය. එහෙනම් ඇයි මේ අමුතු සද්දයක්?
කොටි කතක් ද?
ජයලලිතා මෙනෙවියගේ මරණයෙන් අන්තර්ජාලය පරිශීලනය කරන සිංහලයින් අමන්දානන්දයට පත් වී සිටින බව පෙනී යාම මේ අවදි වීමට හේතුවයි.





Monday, November 14, 2016

හිලේරියස් ට්‍රම්පට්

ජනමත සමික්‍ෂණ වලින් කියවුණේ හිලරි ක්ලින්ටන් දිනන බවය. ජනමාධ්‍ය වලට ඇගෙන් තොර අනාගත ඇමරිකාවක් නොවීය. සුප්‍රකට නිවුස්වීක් සඟරාව ඇගේ රුව මුල් පිට කවරයට යෙදූ සඟරා දහස් ගණනක් මුද්‍රණය කර බෙදා හරින ලද බවට අන්තර්ජාල කටකතා පැතිරුණේ එහෙයිණි.
ජනාධිපති නෝනා

ඇමරිකාවේ පමණක් නොව ලොව පුරාම බලවත් පාර්ෂව බලාපොරොත්තු වූයේ හිලරිගේ ජයග්‍රහණයයි. ලංකාවේද මේ තත්වයේ වෙනසක් නොවීය.





Thursday, November 10, 2016

තුරුම්පුවා

ඩොනල්ඩ් ට්‍රම්ප් අභය මුද්‍රාව දක්වමින්
වර්තමාන ලංකාවේ ජනතාව ලංකාවට ආදරය කරනවාට වඩා ඇමරිකානු ජනතාව ඇමරිකාවට ආදරය කරන බව පෙන්වා දී තිබේ. 2005 දී රනිල් sms ජනාධිපති ලෙස සහ 2010 දී සරත් facebook ජනාධිපති ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් වූ අයුරින් දැන් හිලරිද ඇමරිකාවේ ජනමත විමසුම් ජනාධිපති ලෙස සතුටු විය හැකිය.

ලංකාවේ සිරිසේන සේම ඇමරිකාවේ හිලරි ක්ලින්ටන් ද ඇමරිකානු ජනතාවගේ නොව ජාත්‍යන්තර ප්‍රජාවගේ අපේක්ෂිකාව වූවාය. වෙනත් වචන වලින් කියතොත් හිලරි ක්ලින්ටන් ටොයියන් ආමන්ත්‍රණය කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ආමන්ත්‍රණය කරන ලද්දේ ඇමරිකානු බයියන් වෙතය.

සිරිසේන වෙත ජනමාධ්‍ය සහය සහ ජාත්‍යන්තර සහය පැවති අයුරින්ම හිලරි වෙතද ජනමාධ්‍ය සහ ජාත්‍යන්තර සහය පැවතිණි. ජනාධිපතිවරණයට වසර කිහිපයක් පෙර සිටම රාජපක්‍ෂ ප්‍රතිරූපය වැට්ටවීමට ලංකාවේ ජනමාධ්‍ය ක්‍රියා කළ අයුරින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිරූපය වැට්ටවීමට ඇමරිකාවේ සහ ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් ක්‍රියා කෙරිණි.

මේ ක්‍රියා මල්පල ගන්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා වැඩි ඡන්ද ගණනක් දිනා ගැනීමට ක්ලින්ටන් සමත් වූයේ ලංකාවේ සිරිසේන වැඩි ඡන්ද හාරලක්‍ෂ ගණනක් ගත් අයුරින් මය. එහෙත් ඇමරිකානු ටොයියන්ගේ අවාසනාවට ඇමරිකානු ජනාධිපතිවරයා මහජනතාවගේ සෘජු ඡන්දයෙන් තේරී පත් වන්නේ නැත.

ජාත්‍යන්තර ප්‍රජාව වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට වාසනාවන්ත වීම පිළිබඳව ඇමරිකානු ප්‍රජාව වෙත දෙතිස් කතාවේ සුභ පැතුම් !




Sunday, August 21, 2016

ව්‍යවස්ථා සම්පාදනය outsource කරමුද ?

අද ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව පසුගිය ලියමනේදී අප පහත ප්‍රකාශය කළෙමු.
ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන බල අධිකාරියන් තමා අතට නතු කරගෙන සිටින වික්‍රමසිංහ කිසිවක් ඉදිරියේ නැමෙන්නේ නැති බවත්, ඔහුගේ ස්වාමිවරුන් ඔහුව අතිශයින් විශ්වාස බවත් පසුගිය සමයේ ඔහු පාර්ලිමේන්තුවේ හැසිරුණ අයුරින් සහ ඔහුගේ ස්වාමිවරුන් තරඟයට ඔහුට චරිත සහතික නිකුත් කරන අයුරින් පෙනේ. මේ තත්වය යටතේ ජාතියට අනාගතයක් ඇත්තේම නැත. අප කිසි අඩුපාඩුවක් නැතිවම යටත් විජිතයකි. මෙය එකවර සතුටට සහ දුකට පත් විය යුතු තත්වයකි.

සතුටට හේතුව අප යටත් විජිතයක් බව අප දැන සිටීමයි - දුකට හේතුව කාගේ යටත් විජිතයක් දැයි නොදැන සිටීමයි.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර මහතා අපට වඩා මේ ගැන දන්නා වගකිවයුතු මහත්මයෙකි. එතුමා අද දිවයිනට ඉදිරිපත් කර ඇති ලිපිය අනුව ලංකා මාතාව පර දේශයන් දෙකක් විසින් එක ගෙයි කෑමට ලක් වී ඇති බව පෙනේ. එසේනම් වැඩි-බයිලා නවතා ඒ ලිපිය කියවමු.





Friday, August 19, 2016

හාල් මොටද තණකොළ කන ගොන්නුන්ට


අප කුඩා සංදියේ තිබුණු එකම ගුවන් විදුලි සේවය ගුවන් විදුලිය™ පමණක් වුවත් බොහෝ හොඳ ගීත එයින් අසන්නට ලැබිණි. ඒවා අප හදවත් තුල කිඳා බැස තවමත් රැව් දෙමින් පවතී. මේ ගීතය අසා බලමු.



කරුණු කාරණා පෙළ ගැසෙන සැටියට රටක් තබා මේ ගීතවත් හෙට අපේ දරුවන්ට උරුමද?

මේ ගී දරුවන්ට අසන්නට සැළැස්වීමෙන් අප ඔවුන් ඉදිරියේ විහිළු කාරයන් බවට පත් නොවේද? මේ ගී අසන අපේ දරුවන් ඒවා නාසන අන්‍යයන් ඉදිරියේ හෑල්ලුවට ලක් නොවේද? ඒ අපට පසුගිය කෙටි කාලයේ වද දුන් පැනයයි.





Thursday, July 28, 2016

ඡායා කැබිනෙට්ටුව සහ රණවිරුවන් පාවාදීම

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජනතා විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රී වරුන්ගේ සංසදය වන "ඒකාබද්ධ විපක්‍ෂය" විසින් ඡායා කැබිනෙට්ටුවක් පත් කර ගත් බව පුවත් පත් වල පල විය. මේ වනාහී බ්‍රිතාන්‍යයේ වහරේ එන shadow cabinet යන්න පදගත පරිවර්තනයට ලක් කිරීමෙන් තනා ගත්තකි.

ජාතිවාදීන් ලෙස නිකරුනේ චෝදනාවට ලක් වන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සිංහලය නාඳුනන බව ඉහත සිද්ධියෙන් පෙනේ. ඉංගිරිසි මනුෂ්‍යයෙක් shadow cabinet ය යන්නෙන් ලබා ගන්නා අදහස සිංහලයෙකුට 'ඡායා කැබිනෙට්ටුව' යැයි කී විට ලැබේද?

වෙනත් වචනයෙන් කියතොත්: පොල් බූරුවාට ඉංගිරිසි මනුෂ්‍යයා coconut donkey යැයි කියන්නේ නම් ඒ මිනිසා විසින් පකිස් බූරුවා හැඳින්වීම පිණිස භාවිතා කළ යුත්තේ කවර වදනක්ද?

සිංහලය නාදුනනු පමණක් නොව, ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සිංහලයා වෙනුවෙන් පෙනී නොසිටින බවද තවත් තහවුරු කරමින් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටුවීමේ පනත අධිකරණයේදී අභියෝගයට ලක් නොකර සිටීමටද ඒ අය තවදුරටත් කටයුතු කර තිබිණි. ඒ දිනවල උදය ගම්මන්පිල්ල රිමාන්ඩ් භාරයේ සිටින්නට ඇත. එහෙත් අනික් අයවළුන් අල හිටෙව්වා ද?





Monday, May 30, 2016

සත්ත්වයින් යනු ජීවීන්ද? ජීවීන් යනු සත්ත්වයින්ද?

ජීවීන්හට පොදු වූ ලක්ශණ රාශියක් හා ඒ මගින් ජීවින් අජීවීන්ගෙන් වෙන්කොට ගත හැකි වගක් අපි කුඩා කාලයේදීම උගත්තෙමු.
ගලක් ?
ඒ අනුව ජීවීන් ආහාර ගනියි, ස්වසනය කරයි, තම වර්ගයා බෝ කරයි ආදී වශයෙන් වූ පොදු ලක්ෂණ භාවිතා කරමින් ජීවීන් අජීවීන්ගෙන් වෙන්කර ගැනීමේ ශාස්ත්‍රය අපි උගත්තෙමු. ඒ අනුව ගස් වැල්ද සතා සීපාවාද ඇසට නොපෙනෙන කුඩා කෘමිසතා හා අන්වීක්ශීය ක්ශුද්‍ර ජීවියා දක්වාද ජීවීන් ලෙස අපි පැහැදිලිවම ශාත්‍රානුකූලව හඳුනා ගතිමු. එසේම ඒ ජීවීන් ජීවත් වන බවත් උන් තුල ජීවයක් ඇති බවත් ඒ ජීවය හානි වීමෙන් මරණයට පත් වන බවත් ඇසින් දැක, කනින් අසා, අතින් ස්පර්ශ කොට නුවනින් වටහා ගතිමු. තවත් කුමක්ද, මේ සියළු දෙනා ජීවීන්මය එය අපි ප්‍රත්‍යක්ශයෙන් දනිමු.
නෑ, ගල් ආදෙක් !
එහෙත් අද වන විට නූතන විද්‍යාව ජීවී අජීවි වෙන් කිරීමෙහි නිර්නායක ගැන පැහැදිලි කිරීමකින් වැලකී සිටිති. එසේනම්, මෙසෙ අප ප්‍රත්‍යක්ශ කල දැනුම සත්‍යයද?

මේ පිළිබඳව ධර්මානුකූලව සලකා බැලීමෙන් වෙනත්ම මානයකින් මේ කරුන විග්‍රහ කල හැකි බවක් මට වැටහේ.




Monday, May 9, 2016

සිතුවිළි වෙනස් වෙලා !

සිතුවිළි අපට එකතු වූයේ මේ අඩවියේ මුල්ම කාලයේ දී ය. බුදු පිළිම අඩවිය පවත්වාගෙන ගිය (මෙහි යාවත්කාලීන කිරීමක් කලෙකින් දුටුවේ නැත) බිංදු සහ සිතුවිළි දෙතිස් කතාවේ ප්‍රාරම්භක පාඨකයෝ ය. ප්‍රතිචාර තීරය හරහා පළමුව අදහස් බෙදා ගත්තද ඔහුගේ සාරවත් අදහස් වලට ඉඩ දීම පිණිසත්, නව මං ඔස්සේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා දීම පිණිසත් ලේඛකයෙකු ලෙස දෙතිස් කතාව හා එක් වන ලෙස මිතුරු ජොසෙෆ් හා සිතුවිළි වෙත කළ ආරාධනාව ජොසෙෆ් විසින් ප්‍රතික්‍ෂේප කෙරුණත් සිතුවිළි විසින් බාර ගන්නා ලදී.
නයනේ නිසා උපන් සිතුවිළි
ඒ අනුව සිතුවිළි විසින් රචිත ලිපි බොහොමයක් දෙතිස් කතාවේ පල කෙරිණි. පහත දැක්වෙන්නේ ඒවාය. දැන් සිතුවිළි නම වෙනුවට සැබෑ නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට සිතුවිළි සුදානම්ය. ඔහුගේ නව අඩවියට මෙතැනින් පිවිසිය හැක.




Tuesday, April 12, 2016

අවුරුද්දට නිවාඩු කෝ

අප්‍රේල් මස 15 වැනිදා, සිකුරාදා, රජයේ නිවාඩු දවසක් බව පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. අප මේ ලියමනට මාතෘකාව යොදන ලද්දේ ඊට කළිනි. එබැවින් එහි වෙනසක් නොකරම අවුරුද්ද සහ නිවාඩු සම්බන්ධව කතා කරමු.
මූලාශ්‍රය: කාලය වෙබ් අඩවිය
අවුරුද්ද වෙනුවෙන් අපට නිවාඩු දින දෙකක් ලැබිණි. ලංකාව බොහෝ රටවලට වඩා නිවාඩු වැඩි රටකියි ද ලංකාව ඊනියා දියුණුවක් නොලබන්නේ නිවාඩු වැඩි හෙයිනියි ද කියා මන්තරයක් සේ මතුරන ප්‍රාඥයින් දුසිම් ගණනින් සිටින තත්වයක් යටතේ නිවාඩු දින දෙකක්වත් ලැබීම ද ලොකු ජයකි. එහෙත් අමතක නොකළ යුතු කරුණ නම් මේ නිවාඩු දින දෙක අපට දුන්නේ ඉංගිරිසින් විසින්ම වන බවයි.





Tuesday, March 22, 2016

සුභ සහ යස

දොරටුපාලයෙක් රජ වීම ගැන කතාවක්?


අපේ කතා අවශ්‍ය නැත. රහතන් වහන්සේගේ දේශනාවට සවන් දෙමු. සාදු සාදු සාආආදු !!!






රහතන් වහන්සේ නමක් බොරු කියද්ද ?

Monday, March 7, 2016

වත්ත බද්දට දී ඇස්සට දත නියවීම

නේරුලා විසින් නූතන ඉන්දියාව සාදා ගැනීම පිණිස කෙවට්ඨ උපක්‍රමය භාවිතා කළ අයුරු අප පෙර ලිපියෙන් සංවාදයට ගතිමු. එහි ලා අවාසිදායක ගිවිසුම් වලට එළැඹීමට ස්වකිය අසල්වාසීන් පෙළඹවීම පිණිස මිලිටරි බලහත්කාරය යොදා ගත් අයුරු උදාහරණ සහිතව හැදෑරුවෙමු. තත් කාරණයේදී ඉන්දියාව විසින් උපකරණ කර ගත් ගිවිසුම් පිළිබඳව අද විමසා බලමු. මින් පළමුවැන්නෙන් අදහස් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ඉන්දියාව හා සමග වූ ගිවිසුම්ගත බැඳීම් එළෙසම අභිනව `නිදහස්` ඉන්දියාව සමගද වලංගු බවයි. සැකෙවින් කියතොත් වාංශික රාජ්‍ය වලට ස්වෛරීභාවය වෙනුවට ඉන්දියාවේ අභිමතය පරිදි පමණක් විදේශ සම්බන්ධතා හා ආරක්‍ෂක කටයුතු පවත්වාගෙන යාමට මින් බල කෙරිණි.

ඉන්දීය මහකොමසාරිස් යටතේ ක්‍රියාත්මක වන බවට බැලූ බැල්මට පෙනෙන වර්තමාන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ අමාත්‍යතුමා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යවල දී කිසියම් පිරිසක් අමතමින් ශ්‍රී ලංකා හමුදා බලය 1/3 කින් අඩු කරන බව ප්‍රකාශ කිරීමත්, බ්‍රිතාන්‍ය අගමැති විසින් රුපියල් බිලියන ගණනක් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා `ප්‍රතිසංවිධානය` උදෙසා `දන් දීමට` ප්‍රතිඥා දීමත් මේ සන්ධර්භය යටතේ විග්‍රහ කළ යුතු කරුණු වේ.




Thursday, February 25, 2016

කේවට්ඨ සූත්‍රය

ඉන්දියාව සෑදුණු හැටි

ඉන්දියාව අරාබින්ගේ නිර්මාණයකැයි සිතමි. තමන් යුරෝපයට විකුණන අගනා කුළුබඩු සහ මුතු මැණික් ඈ වටිනා දේ උකහා ගන්නා මූලාශ්‍රය සඟවනු කැමති අරාබීහු අල් ටකියා ක්‍රමයට ඒවා උපදින්නේ ඉන්දියාවේ යැයි යුරෝපීයයන්ට කියන්නට ඇත. ඉතා වටිනා දෑ උපදින අරුම පුදුම රටක් වූ ඉන්දියාව සොයා යාමට යුරෝපීයයන්ට අවශ්‍ය වන්නේ එහෙයිණි.
බුරුමයද ඇතුලත් වන බ්‍රිතාන්‍ය ඉන්දීය අධිරාජ්‍යය (මෙහි කහ පැහැයෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් යටත් කර නොගත් දේශීය පාලකයන් යටතේ පැවති අර්ධ ස්වාධීන රාජ්‍ය වේ) - මූලාශ්‍රය: Wikipedia
අරාබීන් තමන්ට ඉන්දියාවට යාමට මග කියා නොදෙන බැව් දත් යුරෝපීයයෝ සාගරයට බටහ. සොයා ගත් සැම ගොඩබිම ම ඉන්දියාව යැයි සිතූහ. වර්තමාන ඇමරිකාව සොයා ගත්තේ යැයි කියන කොළොම්බස් ඉන්දියාව සොයා ගත් බව සිතුවේත්, එහි (සහ මහද්වීපික ඇමරිකාවේ) ජීවත් වූ ස්වදේශික ජනයා රතු ඉන්දියානුවන් ලෙස හැඳින්වූයේත්, එපමණක් නොව කැරිබියන් මුහුදේ ඇති දූපත් රාජ්‍යයන් බටහිර ඉන්දීය කොදෙව් ලෙස අද දක්වාත් හැඳින්වෙන්නේ ත් ඉන්දියාව සොයා යාමේ මේ ආසාව හේතුවෙනි.





Saturday, February 20, 2016

මිතුරෙක් නැති රටක්

වර්ථමාන ඉන්දියාව ගැන හැඳින්වීමක්


ඉන්දියාව: එය දන්නා කාලයේ පටන් අපේ අසල්වැසියන්ගේ සතුරු රාජ්‍යයකි. ඉන්දියාවට මිතුරන් නැත - සිටින්නේ අපරාධකාරී හවුල්කරුවන් පමණි. සෝවියට් සමුහාණ්ඩුව විසුරුවා හරින තෙක් ඕ තුරුළේ සිට සිය අසල්වාසීන්ට කෙණෙහිලිකම් කළ ඈ දැන් ඇමරිකා එක්සත් ජනපද ප්‍රමුඛ බටහිර රටවල සහය ඇතිව ස්වකීය අසල්වාසී රාජ්‍යයන්ට අතපෙවීම් කරන්නීය.
බෙදීමට පෙර ඉන්දියාව: එහි ප්‍රාන්ත සහ අර්ධ ස්වාධීන රාජ්‍ය සමග
බ්‍රිතාන්‍යයන් යටතේ ඉන්දියාව - මූලාශ්‍රය: The British Library
ඉංගිරිසින් විසින් දෙකට-තුනට කඩා නිදහස නොදුන්නේනම් වර්තමාන ඉන්දියාව චීනය අබිබවන ජන ගඟකට සෙවන දෙන සුවිසල් රාජ්‍යයක් වනු ඇතැයි සමහරු කියත්. අනෙක් අතින්, ඉංගිරිසින් විසින් එකිනෙකින් ස්වාධීනව තිබූ ප්‍රදේශ රාජ්‍ය සහ වංශික රාජ්‍ය එකතු කර බ්‍රිතාන්‍ය ඉන්දියාව (British India) නොසෑදී නම් අද එහි තිබෙනු ඇත්තේ ලංකාවට වඩා මදක් විශාල රාජ්‍යයන් විසි තිස් ගණනකි - සමහර විට මේ ගණන සිය ගණනක් වීමටද ඉඩ නැතුවා නොවේ.




Wednesday, February 10, 2016

CEPA එපා නම් ETCA හොඳද ?

ශ්‍රී ලංකාවේ හෙට දවස අඳුරු කරවන ETCA ගිවිසුම පරදවමු


ඒ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉංජිනේරු සංගම් / වෘත්තීය සමිති එකාබද්ධව පිහිටුවා ගනු ලැබූ ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය විසින් බෙදා හරිනු ලැබූ පත්‍රිකාවක සිරස්තලය. එයින් ශ්‍රී ලංකික මහජනතාවට ආයායචනය කර සිටින්නේ වික්‍රමසිංහ රෙජීමය විසින් ඉන්දියාව සමග ලහි ලහියේ අත්සන් කිරීමට සැරසෙන ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගිතා ගිවිසුමට එරෙහි වන ලෙසයි.

පළමුව අපි ඒ අත් පත්‍රිකාව කියවා සිටිමු.

පත්‍රිකාවට අනුව අප මෙකී ගිවිසුමට විරුද්ධ විය යුතු වන්නේ ප්‍රධාන කරුණු දෙකක් නිසාය.
  1. ලාංකිකයන්ගේ රැකියා වෙළෙඳපොල ඉන්දියානුවන් විසින් ඩැහැ ගැනීම
  2. ගිවිසුම් පාර්ශවකරුවන් අතර ගැටළුකාරී තත්වයක් ඇති වුවහොත් වියදම් අධික එසේම ශ්‍රී ලංකා අධිකරණ බලාධිකාරියෙන් එපිට ඇති බේරුම්කරණ ආයතන වෙත යාමට සිදු වීම
ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය තමන්ගේ පත්‍රිකාවේ කුමක් කීවත් යෝජිත ගිවිසුම පිළිබඳව අදහස් දැක්වීමට පෙර ඉන්දියාව සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු වෙයි. ඒවා මීළඟ ලිපියෙන් සළකා බලමු.




Friday, January 8, 2016

ඒවා එයාකාරයි, මේවා මෙයාකාරයි, හැබැයි ලෝකෙ ගෝලාකාරයි

හෙවත් කළු පාටින් සමරණ බ්‍රා-සිරා ගේ වර්ෂ පූර්ණය



ගමයා අලියාගේ එල්ලී දෙව් ලෝ ගොස් අදට වසරකි. මේ වසරට මෙලෝ ගොබිලෙක් නුදුන් වින්දනයක් අපට ලබා දීමට ගමයා සමත් උනේ නැද්ද? අපේ මාමා "අයියෝ සිරිසේන !" කීවේ මේවාටමය.




ගමයාගේ අණ්ඩ දැමීම


සොඳුරු ඒකාධිපතිත්වය අවසන් කරන්නෙමැයි පාරම් බාමින් පැමිණි මේ ගෝතයා අඩුවක් නොතබාම එය ඉටු කළේ කුරිරු ඒකාධිපතිත්වයක් ආරම්භ කරමිනි. තමා දිව්‍ය ලෝකයට ගෙන ගිය අලියාට කෙළෙහි ගුණ සැළකීම පිණිස කළ මැටි-මෝල් වැඩ ගැන පසුගිය වසර පුරාම කතා කර ඇති මුත් කතා කර නැත්තේ අයවැයට දිනපතා අණ්ඩ දැමූ ආකාරය වේ.

මෙවර අයවැය අමුතුම තාලේ එකකි. ජුන්ටාධිපතිට අවශ්‍ය වන්නට ඇත්තේ 'ෆුල් සූට්' එකක් බවට සැකයක් නැතත් ඉදිරිපත් කරන ලද්දේ කොට කලිසමකි. මේක ටයිඩ් එකක්ද තුන්කාලක් ද නැතිනම් දෙපැත්ත කැපූ රනින් ෂෝටක් ද එසේත් නැත්නම් වෙනම එකක් දැයි අයවැය ඉදිරිපත් කළ පිස්සු බහුබූතයා දන්නේ නැත. හරිහැටි සිංහලවත් නොදන්නා මේ හාදයා වාහන ගැනවත් අඩු තරමින් දන්නේ නම් හීලියම් කාර් වලට බදු සහන දෙන්නට කතා කරන්නේ ද නැත.

කොහොමින් කොහොමින් හරි ඉදිරිපත් කර ගත් අයවැය ජනතාවට ගින්දර සමග විහිළු සපයන්නක් වීම හේතුවෙන් ගමරාළට එයට අත නොදා සිටීමට නොහැකි විය - නැතිනම් ගමයාට ඒකත් ආතල් එකක් ලෙස පෙනෙන්නට ඇත. කළින් සිටි 'සොඳුරු ඒකාධිපතියා' ප්‍රශ්නයක් ඔඩු දුවන තෙක් නිසොල්මනේ සිට අවසන් මොහොතේ අත දමා ලකුණු දා ගන්නා අයුරු මේ ගමයා ද නොදැන සිටීමට හේතුවක් නැත. කෙසේ හෝ වැඩේ නැගලාම ගියේය. ගමයාගේ අණ්ඩ දැමීම කෙළවර වූයේ කොට කළිසම අමුඩ ලේන්සුවක් වීමෙනි.

මේ අමුඩ ලේන්සුව ජෝකෙක් හෙවත් ලංකට් එකක් ලෙස දුටු කවුන්සිලේ හරක් පට්ටිය තප්පු ලා එය තුනෙන් දෙකක් දී පාස් කළහ. ඒ අයවැයට අණ්ඩ දැමීමේ පුරාවෘත්තයයි. සම්මත වූ අයවැයේ ඇත්තේ කවරක්දැයි දන්නෝ වෙත්ද ?


කළ හොඳ පස්සෙන්


ගමරාළ දිව්‍ය ලෝකයේ සිටි මේ වසරට ඔහු අලියාට හොඳට සැළකිය. එසේම අනෙක් සත්තුන්ට ද මදි නොකියන්නට සළකමින් ඇත. කොටියාට අවුරුදු 100 පමණ තර්ක-වාද කර අවුරුදු 30 ක් කැරළිගසා ලබා ගත නොහැකි වූ දේ දීමට සියල්ල සුදානම් ය. ඔටුවාට ද අවශ්‍ය දේ රටේ සතර දිග්භාගයෙන්ම ලැබෙමින් පවතී. නරින්ට ඕනෑ දේවල් ලැබෙන බවට කිසි සැකයක් නැතුවා පමණක් නොව 2001-2004 කාලයේ තිබූ පරාක්‍රමය එළෙසින්ම පෙන්වමින් සිටී.

එහා රටේ වඳුරු හමුදාව 'සීපා' වෙනුවට වෙනත් නමකින් ගෙනෙන පොරොන්දුවක් පසුපස සඟවා මෙරට ආක්‍රමණය කරනු ඇත. සීපා නොව මොන නමින් ආවත් එන්නේ "හනුමා" බව ගමරාළ දැන ගත යුතු අතර දැන්වත් සිහි එළවා නොගත්තොත් මේ හනුමා මොන මොනවා නොකරාවි දැයි කිව නොහැක. 'සීපා' නම් හනුමා වෙත සුදු හුණු ගාන නූතන විභීෂණ ලා ජනමාධ්‍ය ලෝකයේ පමණක් නොව බ්ලොග් ලෝකයේ ද පහල වන්නේ නිකං ම නොවේ.

ජෙනිවා කවුන්සිලේ චෝදනා කුණු කූඩයට විසි කර දැමිය යුතු මුත් ගමරාළට ඒවා ගැන වගේ වගක් නැත. ලඟදි ඉන්දියාවේ පුවත් පතකට මේවා කෙරෙන්නේ අපට ඕනෑ හැටියටයි කියා ගෝරනාඩුවක් දැම්මත්, ඇත්ත තත්වය "මේවා කෙරෙන්නේ හොර රහසේ" බව අපි දනිමු. සියල්ල අවසන් වූ පසු ගමරාළ මං දන්නෙවත් නෑ නොවැ, හිටං යැයි කියනු ඇති බවට සැකයක් නැත.

එසේ කියා ගිරාඳුරුකෝට්ටේ හෝ මහවිලච්චියේ හෝ දහම් පාසැලක තෑගී බෙදා දීමට ගොස් ඕකුන්ට මඩු වලිගෙන් තලන්න කතා කරනු ඇත. උන්දෑගේ වැඩ එයාකාරය. මෙතරම් ප්‍රශ්න තියෙන රටේ එයාගේ ලොකුම ප්‍රශ්නය ගෑණියෙක් මිනිහෙක් වෙත විසි කළාය කියන තනපටයකි'ය කියා සමහරු කියත්.


ඉතිං එයාකාර වැඩ කරන ගමරාළ ගේ මීළඟ වසර වෙනුවෙන් මොනවා පතන්නද ? මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරවන්න හොඳ ගොන් මාතෘකා ලෙස බ්‍රා-සිරාට තනපටවල් සහ තවත් එවැනි දේවල් වැඩි වැඩියෙන් ලැබෙන ප්‍රීතිමත් වසරක් වේවා කියා පතමුද ?

Friday, January 1, 2016

සමුගැනීම ?

2015 වසරට සමු දුන්නේ ඊයේ ය. අදත් සමු ගැනීමක් ගැන කතා කිරීමට සිදුව තිබේ.

දෙතිස් කතාව ආරම්භ කෙරුණේ 2012 ජූලි මස 5 වැනිදා ය. 2013 ජූලි 5 වැනිදා "අද ජූලි 5 !" ලිපියෙන් දෙතිස් කතාවේ පළමු වසර සමාලෝචනය කළෙමු. අලුත් ග්‍රෙගරියන් දින දසුනක් වෙත මාරු වීම නොව දෙතිස් කතාවට වසරක් පිරීම මෙවැන්නකට සුදුසු අවස්ථාව බව තවමත් අපගේ අදහස වේ.

එහෙත් එහි වෙනසක් කිරීමට දැන් සිදුව තිබේ.




ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !