Sunday, December 27, 2015

ජුන්ටාධිපතිගේ ව්‍යවස්ථා තැනීම

Sri Lanka to convert its Parliament to ‘Constitutional Assembly’ next year: ඒ පසුගිය 18 වැනිදා ඉන්දීය "ද හින්දු" පුවත්පත විසින් පල කරන්නට යෙදුණු ලිපියක සිරස්තලයයි. ඒ සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න.

දෙතිස් කතාව පසුගිය වසර පුරා පුන පුනා ප්‍රකාශ කළ කරුණක් නම් ජනවාරි 9 දින ප්‍රකාශ කළ මැ.කො. ගේ ඡන්ද ප්‍රතිඵලයේ සැබෑ ප්‍රතිඵලය වශයෙන් සිංහලයින්ට -විශේෂයෙන් සිංහල බෞද්ධයින්ට - තමන්ගේ රටේ උරුමය අහිමි වන බවයි. උපන් ගෙයි තක්කඩියෙක් සහ බෞද්ධ විරෝධියෙක් වන රනිල් වික්‍රමසිංහ පියවරින් පියවර මේ ඉලක්කය වෙත ලඟා වන බව අප කළින්ම දුටුවෙමු; එය සටහන් කර තැබුවෙමු.

ජනවාරි 9 දා තකහනියේ හොර අගමැති කෙනෙක් පත් කරන විට අප විරුද්ධ වීමු. කැබිනට් චිට් එකෙන් අගවිනිසුරු ඉවත් කර අධිකරණය විහිළුවක් බවට පත් කරන විට ඊට එරෙහිව හඬ නැගුවෙමු. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහදවාලේ 'හයිජැක්' කර ඒ පක්‍ෂයේ 'දූෂිත' මන්ත්‍රීවරුන්ගේ සහයෙන් කැබිනට් එකක් සාදන විට එයටත් එරෙහි වීමු. නිදහස් පක්‍ෂය සිරිසේනට පාවා දීමේ වරද මහින්ද රාජපක්‍ෂගේ බව අප තවමත් අදහමු.

එසේම කුප්‍රකට 19 වන සංශෝධනය ගෙන එන විට හැකි සියළු වෙර යොදා එය පැරදවිය යුතු බව සටහන් කළෙමු. ගෙන ඒමට තැත් කළ 20 වන සංශෝධනයට එරෙහි වීමු. මහමැතිවරණයෙන් පසු හොරට සාදා ගත් ඊනියා ජාතික ආණ්ඩුවට එරෙහි වීමු. (මෙය තමන් විසින්ම පම්පෝරි ගසා අටවා ගත් 19 වන සංශෝධනයට පවා විරුද්ධ බව රනිල්ගේ ජුන්ටාව නොදන්නේ නොවේ.) තමාට මේ සම්මජ්ජාතියේ ලැබිය නොහැකි ජනාධිපති පුටුවට පාර පෙන්වීම වෙනුවෙන් දෙමළ බෙදුම්වාදයට දෙන කප්පම වශයෙන් විරුද්ධපක්‍ෂ නායක කම දෙන විට ප්‍රතිවිපාක පිළිබඳව ලිපි එකක් නොව තුනක් ම ලිවීමු.

දැන් එළඹී ඇත්තේ ඉහත සියළු නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී සහ සම්ප්‍රදාය විරෝධී උපක්‍රම වල කූටප්‍රාප්තියයි. ජුන්ටටාධිපති නාමධාරී රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පතට පවසන්නේ තමා විසින්ම කඩිමුඩියේ 19 වැනි සංශෝධනයක් ගෙනැවිත් මන්ත්‍රීවරුන්ගේ බෙලි ඇඹරීම මගින් එය සම්මත කර ගනිමින් තමාට රිසි අයුරින් සකස් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසි කර දමා එජාප ව්‍යවස්ථාව වැනි බහුබූතයක් සකසා ගැනීමට තමාගේ අභිප්‍රායක් පවතින බවයි.

මේ බහුබූත වලට ඉඩ දුන්නොත් ලංකාව තවදුරටත් මෙලෙස නොපවතිනු ඇති අතර සිංහලය එහි අවසානය දකිනු ඇත. සිංහලයා තම නිජබිමෙහිම දෙවන පංතියේ පුරවැසියෙක් බවට පත් වනු ඇත. සිංහලයන් ලෙස පෙනී සිටිමින් පරවැඩ කරන වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සේනාරත්න, ජයම්පති වික්‍රමරත්න, නිර්මාල් රංජිත් වැනි අසිංහලයින්ට පමණක් මේ රටේ තත්වයක් ලැබෙනු ඇත. අප මෙතක් කරුණු පෙන්වා දී ත් මේවා කියවන සිංහලයින්ට මේවායේ වගේ වගක් නැත්නම් මීට වඩා කරන්නට දෙයක් නැත. පෙරද සටහන් කර ඇති පරිදි පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් කරගත හැකි සුළු කරුණක් වෙනුවෙන් මහමගට බැස වෙඩි කෑමේ ආසාවක් හෝ අභිප්‍රායක් හෝ අපට නැත.





පහත දැක්වෙන්නේ අද දිවයිනේ මේ සම්බන්ධව පල වූ ලිපියකි. සියල්ලෝ සාවධානව එය කියවත්වා; කළ යුතු දේ කිරීමට සිතට ගනිත්වා !

යෝජිත ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ යටි අරමුණක්‌ තිබේද?


ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා 72 ව්‍යවස්‌ථාවේ අවසන් කෙටුම්පත ඉදිරිපත් කරමින්
ජනවාරි 9 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ සිදුකර, සමස්‌ත පාර්ලිමේන්තුවම 3 වන ජනරජ ව්‍යවස්‌ථාව සැකසීම සඳහා ව්‍යස්‌ථාදායක සභාවක්‌ බවට පත්කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වූ රජයේ නිල නිවේදනයට අනුව මෙය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයකි. මේ දෙආකාරයෙන්ම අදහස්‌ වන්නේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම හා පැනවීම සඳහා පිහිටුවනු ලබන මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සභාවකි. මෙවැන්නක්‌ පිහිටුවීමේ එකම පරමාර්ථය වනුයේ පවත්නා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව ගොස්‌ නව ව්‍යවස්‌ථාවක්‌ පැනවීමය. එහිදී නව ව්‍යවස්‌ථාව තම වලංගුභාවය සඳහා මුල් ව්‍යස්‌ථාව මත රඳා පැවතීමේ මූලික කොන්දේසීය බලහත්කාරයෙන්ම කඩකර අහෝසි කර දමනු ලැබේ.

ඊට සමාන අවස්‌ථාවක්‌ ලෙස හුවා දක්‌වන එහෙත් න්‍යායාත්මකව එසේ නොවන උදාහරණයක්‌ ඇත- ඒ 1972 ජනරජ ව්‍යවස්‌ථාව සමිමත කිරීමේ ක්‍රියාවලියයි- 1970 මැයි 27 දින බලයට පත්වූ ආණ්‌ඩුව විසින් එවකට පැවති පාර්ලිමේන්තුවේ ආසන 157 කින් 116 ක්‌ ලබාගන්නා ලදී. එහිදි ඡන්ද දායකයින්ගෙන් 84.9% ක පමණ ප්‍රතිශතයක්‌ ඡන්දය පාවිච්චි කර තිබුණි. ආණ්‌ඩුකාරයා විසින් පත්කළ මන්ත්‍රී 6ත් සමඟ පෙරමුණට ආසන 122 ක්‌ වුණි. ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ මගින් නව ජනරජ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ පනවනු ලබන බවට පැහැදිලිව හා නිශ්චිතව පෙරමුණ විසින් ඡන්දයට පෙර ප්‍රකාශ කර තිබුණි. අග්‍රාමාත්‍ය වරයාගේ ආරාධනාවෙන් 1970 ජූලි මස 19 දින කොළඹ නවරගහලට රැස්‌වූ සියලුම මහජන නියෝජිතයින් විසින් ඒකමතිකව සම්මතකරගත් යෝජනාවක්‌ මත ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ ලෙසට පරිවර්ථනය වන ලදි. වසර 2 ක වෙහෙසකාරී ක්‍රියාදාමයකින් පසුව ප්‍රමථම ජනරජ ව්‍යවස්‌ථාව 1972 මැයි 22 දින ඡන්ද 119 කින් සම්මත කරගන්නා ලදී.

1970 දී ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවීමට සුවිශේෂ හේතු තිබුණි. එවකට තිබූ ව්‍යවස්‌ථාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් පනවන ලද නෛතික පදනම් විය. ශ්‍රී ලංකාවට ස්‌වාධින ජනරජයක්‌ ලෙසට පත්වීම සඳහා අප රටේ ජනතාවගේන් සාරෝපණය වන බලය ඇති ව්‍යවස්‌ථාවක්‌ සැකසිය යුතු විය. එමගින් පැරණි ව්‍යවස්‌ථාව හරහා ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු බලය බිඳහෙළිය යුතුවිය. එනම් බ්‍රිතාන්‍ය කිරීටය සතුවූ පරමාධිපත්‍ය බලය මහජනයා වෙත සතු කිරීමේ අවශ්‍යතාව එමෙන්ම පැවති ව්‍යවස්‌ථාව, 1970 දී පැවති නව තත්ත්වයන්ට උචිත නොවූ අතර එම ව්‍යවස්‌ථාවේ හරයාත්මක වෙනස්‌කම් ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාදායකය විසින් සිදුකළ නොහැකි විය. පැවති ව්‍යවස්‌ථාවෙන් කැඩී වෙන්වීම සඳහා ව්‍යවස්‌ථාවෙන් පරිබාහිර ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීමට සිදුවූ බැවින් මෙය ව්‍යවස්‌ථාමය විප්ලවයක්‌ වශයෙන් හැඳින්වේ. සමකාලිනව ඉන්දියාව, පකිස්‌තානය වැනි රටවල් විසින් ද මීට සමාන ව්‍යසවස්‌ථා සම්පාදක මණ්‌ඩල පිහිටුවා ඒ ඒ රටවලට උචිතවන පරිදි බ්‍රිතාන්‍ය රාජ්‍ය බලයෙන් මිදීම සිදුකරගන්නා ලදී.

1978 දෙවන ජනරජ ව්‍යවස්‌ථාව බිහිවූයේ පළමු ජනරජ ව්‍යවස්‌ථාවට සිදුකරන ලද පූර්ණ සංශෝධනයක්‌ වශයෙනි. ඒ සඳහා පාර්ලිමේන්තුව මුල් ව්‍යවස්‌ථාවට අනුකූලව කාරක සභාවක්‌ වශයෙන් ක්‍රියාකරන ලදී. 1978.08.16 දින තුන්වර කියවීමෙන් පසුව සම්මත වූ එම ව්‍යවස්‌ථාව 1978.09.22 සිට ක්‍රියාත්මක විය. ඒ අනුව 1970 පටන් ජනතාවගේ (පරමාධිපත්‍යස) බලය මත බිහිවු අඛන්ඩ ව්‍යවස්‌ථාමය පැවැත්මක්‌ අපට ඇත. එහිදී සිදුවන්නේ පසුවට පනවන ව්‍යවස්‌ථාව මුල්විය ව්‍යස්‌ථාවේ බලාත්මක බවය මත පිහිටා එහි වලංගුබාවය අත්කරගැනීමය.

වත්මන් පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථාදායක සභාවක්‌ බවට පත්කිරීම සඳහා හෝ එයට ව්‍යවස්‌ථාදායක සභාවක්‌ ලෙසට කටයුතු කිරීම සඳහා හෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කිසිදු ප්‍රතිපාදනයක්‌ නොමැත. එවැනි බලයක්‌ ජනාධිපතිවරයා වෙත ලබාදීමක්‌ ද සිදුකර නොමැත. අනෙක්‌ අතට මෙවැනි සභාවක්‌/මණ්‌ඩලයක්‌ පිහිටුවීමකින් තොරව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කොටස්‌ වශයෙන් හෝ මුලුමුනින්ම හෝ සංශෝධනය කර නව ව්‍යවස්‌ථාවක්‌ පැනවීම සඳහා නිශ්චිත හා පැහැදිලි ප්‍රතිපාදන අප ව්‍යවස්‌ථාවේම (82 වන වගන්තියේ) පනවා ඇත. එසේනම් 3 වන ජනරජ ව්‍යවස්‌ථාව නමින් අභිනව ව්‍යවස්‌ථාවක්‌ පවත්නා නීතියෙන් පරිබාහිර ක්‍රමයකින් එළි දැක්‌වීමට ගන්නා උත්සාහය තුළ වෙනත් යටි අරමුණක්‌ තිබේද?

1970 දී තිබූ තත්ත්වයන් හා සන්සන්දනය කිරීමේදී මෙවැනි ව්‍යවස්‌ථා විප්ලවයක්‌ සිදුකිරීමට අවශ්‍යතාවක්‌ වර්තමානයේදී උද්ගත වී ෙනැමත. මේ ආකාර වූ ව්‍යවස්‌ථාමය විප්ලවයක්‌ කිරීමට ජනතාව විසින් ආණ්‌ඩුවට හෝ ජනාධිපතිවරයාට හෝ කිසිදු මන්ත්‍රීවරයෙකුට බලයක්‌ ලබා දී නොමැත. ජනාධිපතිවරණයේදී ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිsතුමා විසින් පැහැදිලිව ප්‍රකාශ කරන ලද්දේ ජනමත විචාරණයකින් පමණක්‌ සංශෝධනය කළයුතු වන ව්‍යවස්‌ථාවේ ඇති කිසිදු වගන්තියකට අතනොතබන බවය. මහ මැතිවරණයේදී ද එක්‌සත් ජාතික පක්‌ෂය විසින් මූලික කරනගන්නා ලද්දේ විධායක ජනාධිපති ක්‍රමයේ වෙනස්‌කම් සිදුකිරීම පමණක්‌ය. කිසිදු පක්‌ෂයක්‌ විසින් සම්පූර්ණ ආණ්‌ඩුකම ව්‍යවස්‌ථාවම ඉවත්කර ඒ වෙනුවට නව ව්‍යවස්‌ථාවක්‌ පැනවීම සඳහා ජන වරමක්‌ ඉල්ලා නොමැත.

ඒ අනුව ව්‍යවස්‌ථා සභාවක්‌ (සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවා ඒ තුළින් නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට වත්මන් ආණ්‌ඩුවට සදාචාරමය හෝ නෛතික අයිතියක්‌ නොමැත. එදා සිරිමාවෝ බණ්‌ඩාරණායක මැතිනියගේ ආණ්‌ඩුව විසින් ව්‍යවස්‌ථා විප්ලවයක්‌ සිදුකළේ ව්‍යවස්‌ථාවට ලැබෙන නීතිමය බලය බ්‍රිතාන්‍ය රජයෙන් වෙන්කර (හා අවසන් කර එම බලය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දීමටය. ඉන් පසුව බිහිවූ පළමු ජනරජ ව්‍යවස්‌ථාව අපේම ව්‍යවස්‌ථාවක්‌ බවට පත්විය. ඒ සඳහා එදා විශේෂ ජනවරමක්‌ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉල්ලා සිටි හෙයින් එම බලය එම ආණ්‌ඩුවට හා රජයට හිමිවිය. එහෙත් අද ව්‍යවස්‌ථාදායකය ක්‍රියාකිරීමට තැත්කරනුයේ ඔවුන් වෙත ජනතාව විසින් ලබා දී නොමැති බලයක්‌ මතය. එදා රජය විසින් සත්බාවයෙන් ක්‍රියා කළ හෙයින් පාර්ලිමේන්තුවෙන් පිටත ස්‌ථානයකදී ව්‍යවස්‌ථාදායක සභාව රැස්‌වී ව්‍යවස්‌ථා ඛන්ඩනය විනිවිදබාවයෙන් යුතුව ප්‍රකාශ කළේය. අද එම සභාව පාර්ලිමේන්තුව තුළ පැවැත්වීම මගින් නව ව්‍යස්‌ථාවේ සැබෑ ස්‌වරූපය ජනතාවගෙන් වසන් කිරීමට උත්සාහයක්‌ ගෙන ඇත.

තවත් වැදගත් කරුණක්‌ ඇත. 1970 දී අප රටේ වැසියන් විසින් අත්පත් කරගන්නා ලද පරමාධිපත්‍ය බලය වනතෙක්‌ම පවතින්නේය. අප විසින් ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයකුද මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ද පත්කර ඇත්තේ මෙම පරමාධිපත්‍ය බලය පාවිච්චි කරමිනි (3 හා 4 ව්‍යවස්‌ථා වගන්ති). එම පරමාධිපත්‍ය බලය මත බලාත්මක වන ව්‍යවස්‌ථාවක්‌ පවතිද්දී ඊට සමගාමීව ව්‍යවස්‌ථාදායක සභාවක්‌ පිහිටුවා එම සභාව වෙත ඔවුන් වෙත ලබා දී නොමැති බලයක්‌ කෘත්‍රිමව ආරෝපණය කරගැනීම මගින් කිසිසේත්ම පවත්නා ව්‍යවස්‌ථාව පරිචින්න කිරීමේ බලය ඇති නව ව්‍යවස්‌ථාවක්‌ පැනවිය නොහැක. එසේම ජනාධිපතිවරණයේදී ජනතාව විසින් වත්මන් ජනාධිපතිවරයාව විධායකයේ ප්‍රධානියා ලෙසට පත්කර ඇත්තේ ව්‍යවස්‌ථාදායකයේ මන්ත්‍රිවරුන් පත්කිරීමේදී ඔවුන් වෙත ලබා දෙන බලයට පරිබාහිරවය. මෙය බලබෙදීමේ න්‍යාය පැහැදිලිව අප ව්‍යවස්‌ථාවෙන් පිළිගෙන තිබීමේ ප්‍රතිථලයකි. එබැවින් වත්මන් ව්‍යවස්‌ථාවේ නිශ්චිතව පැහැදිලිකර තිබෙන ක්‍රමවේදයෙන් බැහැරව යමින් විධායකයට හෝ විධායකයේ බලතලවලට බලපාන කිසිදු (ව්‍යවස්‌ථාවිරෝධි) සංශෝධනයක්‌ ව්‍යවස්‌ථාදායකයට පත්වී සිටින්නන්ට සිදුකළ නොහැක.

ඉහත හේතුන් නිසා ජනවාරි 9 දින පිහිටුවීමට නියමිත ව්‍යවස්‌ථාදායක සභාවට කිසිදු ආකාරයකින් වලංගු ව්‍යවස්‌ථාවක්‌ පැනවීමට කටයුතු කළ නොහැක. එම ව්‍යවස්‌ථාදායක සභාවත් එහි කටයුතුත් මුල සිටම නීති විරෝධිය. එම සභාව හරහා එන ඕනෑම ව්‍යවස්‌ථාවක්‌ මුල සිටම බලශුන්‍ය වනු ඇත. මෙවැනි අවදානම් හා ව්‍යවස්‌ථා විරෝධි කටයුතු කිරීමේ ප්‍රතිඵලය වන්නේ රට තුළ තව තවත් අර්බුද ඇතිවීම හා ජාත්‍යන්තරය ඉදිරියේදී ශ්‍රී ලංකා රජය රජයක්‌ වශයෙන් හා ශ්‍රී ලංකාව රටක්‌ වශයෙන් පිළිගැනීම අවදානමට හා අවිනිශ්චිත තාවයට පත්වීම වේ.

මේ ආකාරයෙන් ව්‍යවස්‌ථා ඛන්ඩනයක්‌ සිදුකිරීම පෙර සඳහන් පරිදි ජනතාවගේ පරමාධිපත්‍ය බලයටද හානිකරය. විශේෂයෙන්ම ජාත්‍යන්තරය විසින් රටේ ස්‌වෛරීත්වයට හා ඒකීයභාවයට තර්ජනයක්‌ වන පරිදි මැදිහත්වන මෙවැනි යුගයකදී මෙවැනි අවදානම් කටයුත්තක්‌ සිදුකිරීම අතිකර භයංකාරය. ව්‍යස්‌ථාදායක සභාවක්‌ හරහා සිදුවන්නේ නව ව්‍යස්‌ථාවක්‌ අලුතින්ම ලිවීමය. එසේ ලිවීමේදී රටේ ඒකිය බාවය, දේශසීමාවන්, පළාත්සභා හා ඒවායේ බලතළ, ඡන්ද ක්‍රමය, අධිකරණ, මුල්‍ය පාලනය, බුද්ධාගමට පරහා ප්‍රමුඛත්වය දීම ආදී සියලුම අංගවලට අයත් වගන්ති නැවත හරිගැස්‌විය නොහැකි ලෙසට වෙනස්‌විය හැකිය. ස්‌වයංපාලන අයිතිය මත පරමාධිපත්‍ය බලය ඇති ඒකකයක්‌ ලෙසට උතුරු-නැගෙනහිර ඒකාබද්ධකරන ලද භුමියක පාලන අයිතිය (හා එවැනි ඒකක ඇති ෙµඩරල් ක්‍රමයක්‌) ඉල්ලා සිටින ඊනියා විරුද්ධ පක්‌ෂ නායකයා නියෝජනය කරන ටී.එන්.ඒ සංවිධානය/පක්‌ෂය විසින් අභිනව ව්‍යවස්‌ථාව යටතේ නැවතත් ඒකීය රාජ්‍යයක්‌ බිහිවීමට ඉඩනොතබනු ඇත. දැනට ඇති ව්‍යවස්‌ථාව යටතේ කිසිසේත් අතතැබිය නොහැකි ජනතාවගේ පරමාධිපත්‍ය, බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදීම, ජාතික කොඩිය, ජාතික ගීය, පාර්ලිමේන්තුවේ උත්තරීතර ව්‍යවස්‌ථාදායක බලය හා මුල්‍යම බලය යනාදි විෂයන් සම්බන්ධ වගන්ති ව්‍යවස්‌ථාදායක සභාවට පහසුවෙන්ම වෙනස්‌කළ හැකි වනු ඇත. ඒ අනුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ හරහා එළිදැක්‌වෙන අභිනව ව්‍යවස්‌ථාව යටතේ සම්පූර්ණයෙන්ම විකෘති වූත් අවුල් වූත් බිඳීගිය රටක්‌ හා රජයක්‌ බිහිවීමේ අවදානම ඇත. දහස්‌ ගණනක්‌ ජීවිත පරිත්‍යගයෙන් දිනාගත් සාමය හා රට ලාංකිකයින්ට අහිමිවීමටද ඉඩ ඇත. මෙරට රාජ්‍ය හා ජනතාව දුර්වල කර ශ්‍රී ලංකාව කේන්ද්‍රීමය කොටගෙන ආසියාව පුරා තම බලපරාක්‍රමය පැතිරවීමට කුමන්ත්‍රණය කරන ඇමරිකාව ඇතුලු විජාතික බලවතුන්ගේ සිහිනය ද වනුයේ මෙම රට භෞමික හා පරිපාලනමය වශයෙන් බිඳ දමා ජනතාව එකිනෙකාට එරෙහිව කෙටවීමය.

ගරු අගමැතිතුමා විසින් තම වෙබ් අඩවියේ ව්‍යවස්‌ථා සභාවක්‌ පිහිටුවීම හා එය ක්‍රියාත්මකවීම සම්බන්ධව පටිපාටියක්‌ ප්‍රකාශයට පත්කර ඇත. එම පටිපාටියට අනුව ව්‍යවස්‌ථා සභාව විසින් සම්පාදනය කරනු ලබන කෙටුම්පත බිල්පතක්‌ වශයෙන් ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට අදහස්‌ කරන බව පෙනේ. මෙම ක්‍රියාවලියේ අවසාන පියවර පවතින ව්‍යවස්‌ථාවට අනුව සිදුකරන බවට හුවාදැක්‌වීමට එමගින් උත්සාහ ගෙන තිබුණත් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය (ව්‍යවස්‌ථාදායක සභාව) පිහිටුවීමත් සමගම නව ව්‍යවස්‌ථාව පවතින ව්‍යවස්‌ථාවෙන් ඛන්ඩනය වීමක්‌ සිදුවී හමාරය. එමෙන්ම ජනමත විචාරණයට යොමුවන ව්‍යවස්‌ථාව කුමන ආකාරයකට වෙනස්‌ වන්නේද යන්නද කිසිවකුට කිව නොහැකිය. එම නිසා ජනමත විචාරණයට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කළ පමණින් අභිනව ව්‍යවස්‌ථාව දැනට පවතින ව්‍යවස්‌ථාවෙන් බලය හා වලංගුබාවය ලැබූ ව්‍යවස්‌ථාවක්‌ වන්නේද නැත.

වත්මන් ආණ්‌ඩුවට විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම හෝ වෙනත් සංශෝධනයක්‌ ව්‍යවස්‌ථාදායක සභාවක්‌ වෙනුවට සම්පූර්ණ පාර්ලිමේන්තුවම (අවශ්‍ය නම්) කාරක සභාවක්‌ ලෙසට පත්කර සිදුකළ හැකිය. ඒ සඳහා ස්‌ථාවර නියෝගවල ද ප්‍රතිපාදන ඇත. එවැනි ක්‍රියාවලියක්‌ ව්‍යවස්‌ථානුකූල වන අතර එමගින් දැනට ඇති ව්‍යවස්‌ථාවේ පදනමට හානියක්‌ හෝ ව්‍යවස්‌ථා බලය සාරෝපනය වීමේ ඛන්ඩනය වීමක්‌ ද සිදුවන්නේ නැත. එබැවින් රටට අනවශ්‍ය මොහොතකදී අනපේක්‌ෂිත ප්‍රතිඵල ගෙනදිය හැකි ව්‍යවස්‌ථාදායක සභාවක්‌ පිහිටුවීමෙන් වැළකී සිටීම ප්‍රඥාගෝචරය. ඒ සඳහා වගකීම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම අත ඇත.
මේ 2015 වසරත් අවසන් වෙමින් යන මොහොතේත් රනිල් වික්‍රමසිංහගේ ටිකිරි මොළය ගැන නොදන්නා අයට හුරතල් කරමින් කියා දීමට කාලයක් අපට නැත. අනෙක් අතින්, මහින්ද රාජපක්‍ෂ පාර්ශවය ද රනිල් වික්‍රමසිංහ සමග කිසියම් ආකාරයක "ඩීල්" එකක සිටිනු පෙනේ. 1978 ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් තැනීම සහ එමගින් පළාත් සභා ඇතුළු බෙදුම්වාදයට දුන් කප්පම් අහෝසි කිරීම මහින්ද රාජපක්‍ෂ විසින් ත්‍රස්තවාදය පැරදවීමෙන් අනතුරුව වහ වහා කළ යුතුව තිබුණු කර්තව්‍යයක් විය. ඔහු ඒ වෙනුවට කළේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි.

වික්‍රමසිංහ, කිරිඇල්ල ඇතුළු එක්සත් ජාතික පක්‍ෂය එදාත් දෙමළ බෙදුම්වාදයට පක්‍ෂ විය, අදත් එසේමය. එසේනම් වරද දෙමළුන්ගේ නොව සිංහල අපේමය. සිංහල ජාතික ව්‍යාපාරය සිංහල අරමුණු වෙත යාම වෙනුවට රාජපක්‍ෂ වන්දනාව කරමින් ඔහු ගැලවුම්කරුවා ලෙස පත් කර ගත්තේය. පසුගිය ජනවාරි 8 වැනිදා ඔහු ඇද වැටුණේ සිංහල ජාතික ව්‍යාපාරයද සුන්නද්දූලි කරමිනි.

අද ජාතියක් වශයෙන් අප අත්විඳිමින් සිටින්නේ කළ යුතු දේ කළ යුතු මොහොතේ නොකිරීමේ ප්‍රතිවිපාක මිස වෙනකක් නොවේ.



16 comments:

  1. මට මතක විදියට ඔහෙත් මහින්ද මහත්තයව එලවලා පොලොන්නරුවෙ හොරගෙඩියා පත් කරගන්න බ්ලොග් ලියාපු හාදයෙක් නේද

    ReplyDelete
    Replies
    1. මං දන්නෑ, මට මතක නෑ.
      ලින්ක් එකක් දෙන්න.

      Delete
    2. පට්ට උත්තරේ !
      උත්තරේ හොඳයි පත්තරේ දාන්න.

      Delete
    3. Sa rasa තුමා අප විසින් වෙනත් බ්ලොග් අවවියක පල කරන්නට යෙදුණු පහත ප්‍රතිචාරය කියවන්නට ඇතැයි හඟිමි.
      http://mallepol.blogspot.com/2015/12/blog-post.html?showComment=1449129687115#c5504746585641744672

      Delete
  2. 2016 වසරේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් සිංහල ජාතිය හා එහි අරමුණු වනසා දැමීමත්,
    2016 වසරේ කිරීමට යෝජිත ධර්ම සංගායනාව මගින් තේරවාදි බුදු දහමේ අනන්‍යතාවය හා එහි අරමුණු වනසා දැමීමත්,

    එකවිට සිදුවන අයුරු දිහා බලා සිටිමින් අහා... අපි දැන් එක රටක් තුල එක ජාතියක් වහයෙන් ජීවත් වීමට වරම් ලත් ශී ලාංකිකයන් යැයිඋදම් අනනා අවජාතකයන් දිහා බලා සිටිමු....
    උන්ට සුදෝ සුදු පිරිත් නූල් බඳින මහා නායක යැයි කියා ගන්නා උන්නන්සේලාගේ දෙපා මුල වැටී වැඳ නමස්කාර කරමු...!

    එදාට වත් අපි ශ්‍රී ලාංකිකයැයි කියනා එකදු දෙමළෙකු හෝ මුසල්මානයෙකු දැකගන්නට ලැබේදැයි බලා සිටිමු.....

    ReplyDelete
    Replies
    1. දෙමළුන් පිළිබඳව අපට ඇති අමුතු මුසුප්පුවක් නැත.

      එහෙත්, සිංහලය ව්‍යවස්ථානුකුලවම දුර්වල කර බෙලහීන කර දැමූ කල, ඊළඟට එන්නේ රුධිර ධාරා ගලා යන 88-89 කාලයට වඩා නපුරු භීෂණ කාලයක් බවටනම් සැකයක් නැත. ඒ දෙවියෙක් ලෙස සළකාගෙන ම්ලේච්ඡ ප්‍රාදේශීය යක්‍ෂයෙක් අදහන ජනකොටස් දෙකක් අතරය.

      ලෝකය පුරා බෙලි කපා ගන්නා මේ හාදයින් මෙහි මෙතෙක් සාමකාමීව ඉන්නේ සිංහල බෞද්ධයින් අතර සිටින හේතුවෙනි. ගෙනෙන්නට නියමිත ව්‍යවස්ථාවෙන් බුදුදහමට මෙතෙක් හිමිව තිබූ රාජ්‍ය රැකවරණය නැති වූ කල සිදු වන්නේ එය වේගයෙන් ගරා වැටී අර හාදයින් දෙපැත්තෙන් තම ගොඩ ලොකු කර ගැනීමයි. එක්තරා අවස්ථාවක මෙය පිපිරී යනු ඇත්තේ සියළු දෙනාට විනාශය අත් කර දෙමිනි. ඉතිරි වී සිටියොත් සිංහල බෞද්ධයිනුත් දෙමළ හින්දුනුත් මෙහි අවාසනාවන්ත ගොදුරු බවට පත් වනු ඇත.

      කළ යුතුව ඇති එකම දෙය ජුන්ටාධිපති විසින් තමා විසින් පත් කරගත් පඹයා යොදාගෙන කරන්නට යන මේ ඉලව්ව ලත් තැනම ලොප් කිරීමයි. එහෙත් සිරිකොතේ සිට විසි කරන කට්ට ලෙවකන්නට මල්වත්තේ සිට දුව එන මහානායක කෙනෙක් සමග කළ හැකි මල්වර මගුලක්වත් නැත.

      පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි හැරුණු කොට මේ ගැන කතා කරන්නට එක ස්වාමින් වහන්සේ කෙනෙක්වත් ඉදිරිපත් වේ'යැයි අපේ විශ්වාසයක් නැත.

      Delete
    2. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් නායක හිමියන් ගැන යම් බලාපොරොත්ටුව තැබිය හැකි බවට සිතේ හැඟුමක් ඇත. එහෙත් ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ගුප්ත නිහඬ බවට හේතු කවරේද? උන්වහන්සේ මේ අවනඩුව ඉදිරියේ වෙහෙසට පත් වීද නැතහොත් අන් යම් හේතුවක් විය හැකිද?

      Delete
    3. ඕනෑම කෙනෙකුට දෙයක් කරගෙන කරගෙන යන විට ඇති වන තැනක් එයි. එසේ නොවීමට නම් ප්‍රමාණවත් පාරිතෝෂිකයක් ලැබිය යුතුයි. ඉහත නම් සඳහන් පරයින් සහ වෙනත් පරයින් හුස්මක් නොගෙන ජාතියට වින කටින්නේ ඔවුන්ට ඒ සඳහා ගෙවීම් ලැබෙන නිසාය. චන්ද්‍රිකාගේ හිටපු මස්සිනා වන කුමාර් රූපසිංහ නෝවේ තානාපති කාර්යාලයට නඩුවක් දැමුවේ තමාගේ ගතමනාව ලැබුණේ නෑ කියාය. ඒ ගාන මතකද ?

      සිංහල ජාතිය ගැන කතා කරන්නට කවුරුවත් එසේ ගෙවන්නේ නැත. එහෙත් ජාතිය විහිළුවක් කරන්නට නම් (උදා:බො.බ.සේ.) එසේ ලැබෙන බවයි ආරංචි.

      චාම් පක රණ වක වංගු ගැසුවේ මේ නිසාම නොවෙතත් ආචාර්‍ය නලින් ද සිල්වා පසුගිය වසර පුරා ලියූ ලිපි වලත් අපේ කණියා (පැණියා නොවේ) දැන් ලියන ලිපි වලත් මේ කළකිරීම පැහැදිළිව පෙනේ. මේ අයට මෙසේනම් ලිවීමට වඩා බොහෝ වැඩ කළ ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේට මේවායේ අවසානයක් දැකීමට සිත් දීම පුදුමයක් නොවේ.

      Delete
    4. සත්තකින්ම ජෝසප්, මා ඔබ සමග එකඟයි, ඇල්ලේ ගුණවංශ හිමියන් යනු ශ්‍රී ලංකාවේ 78 සංශෝධිත ජනරජ ව්‍යවස්ථාවට රජයට බලපෑම් කොට ඒකීය වචනය ඇතුලත් කල උත්තමයානන් වහන්සේයි. උන් වහන්සේ වැනි අය කල කිරීමට පත් වීම පිටුපස සිංහල ජාතික ව්‍යාපාරයේ තැබිය හැකිව තිබූ එකම බලාපොරොත්තුව වූ රාජපක්ෂ රජයේ අවසන් කාලයේ සිදුවූ අත්තනෝමතික හැසිරීම් ප්‍රභල හේතුවක් වූ බව මට සිතේ. අවසානයේ එල්ලීමට තිබූ එකම වැලත් දිරච්ච ලනුවක් වූ සෙයක් උන් වහන්සේ දකින්නට ඇති.
      මේ මට සිතෙන හැටියි...

      Delete
    5. 78 ව්‍යවස්ථාවට "ඒකීය" යන්න එක් කළේ ඇල්ලේ ගුණවංශ හිමි බව මා දැන සිටියේ නෑ. ඒත් ඒ වහන්සේ ජනාධිපති ප්‍රේමදාස කොටින්ට එරෙහි යුද්ධය අරඹන විට ගී ලියමින් කළ සේවය දුටුවා. එසේම පසුගිය සමයේද ඒ වහන්සේගේ දායකත්වය ඉතා ප්‍රසංෂනියයි.

      >>> http://awaken.lk

      Delete
    6. ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපති ප්‍රේමදාස වෙත ඉතාම සමීපව සිටි බව රහසක් නොවේ. උන් වහන්සේ විසින් රචිත ගී අතරින් අප වඩාම කැමති ගීයත් ලියා ඇත්තේ ඉන්දියාව විසින් ගාමිණී දිසානායක ලවා ගෙන එන්නට යෙදුණු දෝෂාභියෝගය සමයේ.

      නැති බැරි උන් වැටී වැටි නැගිටිනකොට අත දුන්නේ කවුදෝ
      ඒ අත සිඹිනට අසිපත් එන විට වළකන්නේ කවුදෝ
      යන ගීය ඔබලාට මතක ඇතැයි සිතමි.

      මාධ්‍ය නිදහස උපරිම වශයෙන් පැවති ඒ කාලයේ පල වූ දුසිම් ගණනක් පත්තර අතර එකක් වූ "ත්‍රිශුලේ" නම් ඕපාදුප පත්තරයේ (මෙය කැලෑ පත්තරයක් ලෙස හැඳින්වුවද වරදක් නැත. අද මේ දුසිම් ගණනින් ඉතිරි වී තිබෙන්නේ රාවය පමණි. හේතුව: අරමුදල් ප්‍රවාහය දිගටම රඳවා ගැනීමේ අපහසුව) ඇල්ලේ ගුණවංශ හිමියන්ට මඩ ගැසීමට යෙදූ සිරස්තලයක් අපට මතක අයුරින් "ඇල්ලේගේ වල්ල සොරා ගනී" ලෙස වේ.

      Delete
    7. මුල සිටම දේශපාලන ක්‍රියාධරයෙකු වූ ඇල්ලේ ගුණවංශ හිමියෝ අප දන්නා මුළු කාලය පුරාම එක මතයක සිටියෝය. රාජ්‍ය අනුග්‍රහය ලදද නොලදද ස්වකිය යුතුකම ඉටු කොට තැබූහ.

      ස්වර්ගස්ථ නාග විහාරාධිපති මෙන් ගුණවංශ හිමි කිසිදා බෞතිස්ම වුණේ ද නැත. (මෙයින් අදහස් කරන්නේ සිංහල බෞද්ධ වටිනාකම් වෙනුවට ක්‍රිස්තියානි නූතනත්ව වටිනාකම් වැළඳ ගැනීමයි) අනාගතය දැකීමේ නුවණක් අපට නැතත් ඉහත හේතු කරණ කොට ගෙන ගුණවංශ ස්වාමින් වහන්සේ අපගේ ගෞරවාදරයට පාත්‍ර වේ.

      මේ බැඳිය ඔස්සේ ගොස් උන් වහන්සේ විසින් රචිත ගී රස විඳිය හැක.

      ස්තූතිය: ජොසෙෆ් වෙත.

      Delete
  3. මහින්ද රාජපක්ෂ අද කල් ඉකුත් වූ චරිතයකි. ශ්‍රීලනිප හංවඩුවෙන් මිදීමට ඔහු එඩිතර නොවෙයි. ඔහු එම තීරණය ගත යුතුව තිබුනේ පසුගිය මැතිවරනයට පෙරය. එසේ වී නම් එජාපය විශිෂ්ට ජයක් ලබන අතර මහින්දට තමන්ගේය කියා මන්ත්‍රී පිරිසක්වත් ඉතිරිවෙයි.අඩුතරමින් විපක්ෂ නායක කමවත් ලැබෙයි. උදය ගම්මන්පිලට පමනක් මොලේ තිබුනි.
    නමුත් දැන් තත්වය තවත් අවදානම්ය. දැන් ඔහුව ජනතාවට කෙමෙන් කෙමෙන් අමතක වෙමින් යයි. විවිධ චෝදනා වලින් පවුලේ අය බේරා ගැනීමට ඩීල් දේශපාලනයක් කරාද ඔහු යන බව පෙනේ. මේ තුල ඔහුට විපක්ෂයකට නායකත්වය දීමට හැකියාව ඇත්ද යන්න ගැටළුවකි.

    ReplyDelete
    Replies
    1. සිව්වැනි මානය,
      ඔබ කියන කාරනය මට පෞද්ගලිකව පිළිගත හැකියි, මහින්ද යනු මේ ලක් පොළොව මත ජනිත වූ තවත් එක් දේශපාලන චරිතයක් පමණයි. ඒ ගැන මගේ කිසිදු සැකයක් නැහැ. එනමුත් ඔහු සිංහල ජාතික බලවේගයේ විශ්වාසය යම් තරමකින් දිනා ගැනීමට සමත් වූවෙක්. ඉතිහාසය දෙස බැලුවහොත් එය කිරීමට සමත් වූයේ සිරිමා, ප්‍රේමදාස හා මහින්ද යන පුද්ගලයින් පමණයි.
      එහෙත් මහින්ද මැතිඳු කිසි ලෙසකින්වත් යුද්ධය ජය ගැනීමේ වාසිය රටේ යහපතට යොදා ගැනීමට සමත් වූයේ නැහැ. මා කථා කරන්නේ සංවර්ධන ව්‍යාපෘති ගැන නොවෙයි, නිර්භයව ගත යුතුව තිබූ දේශපාලන ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය ගැනයි.
      එහිදී ඔහු පසු බැසි සේම ඡන්ද පරාජයෙන් පසු ඔහු ශ්‍රී ල නි ප අනන්‍යතාවය රැක ගැනීමට දරන වෑයම ඇත්තෙන්ම අශෝබනයි. ඔහුගේ එම උත්සහය නිසාම ඔහුව විශ්වාස කල බල වේග අසරණ වී ඇති බවක් තමයි අපි සැවොම දකින්නේ.
      කුමක් වේදැයි අපි බලා හිඳිමු.

      Delete
    2. ඔබේ මුල් ඡේදයම ආචාර්ය නලින් ද සිල්වා විසින් ලියූවක් බව ප්‍රකට කෙරෙන ලක්‍ෂණ ඇත. ඒ ගැන වාදයට නොඑමි. එහෙත් මහින්දගේ අප දකිනා වැරදි දෙකක් වෙයි.
      1. අකාලයේ ජනාධිපතිවරණය කැඳවීම
      2. ශ්‍රී.ලං.නි.පක්‍ෂය සිරිසේනට පවරා දී පසුබැසීම.

      මේ බව පසුගිය වසර පුරා නැවත නැවත මතක් කර ඇත්තෙමි. එළැඹෙන වසරේදී මේවා පට්ට ගැසීමේ බලාපොරොත්තුවක් නැත. එබැවින් දැන්ම සටහන් කර තබමි.

      19 වන ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වීම මගින් ඔහු තම මිනී වල තමාම කපා ගත්තේය. සිරිසේන යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් කළේ ඒ වලට බැස උඩුබැල්ලෙන් වැතිරීමයි. පස් දමා වැසීම දැන් කරගෙන යයි.

      Delete
    3. හිරුණිකා පසුගියදා කළේ කුමක්ද ? ඈ කළේ පස් දමා වසමින් සිටින මහින්ද ගේ මූණ මතට පාත් වී චූ කිරීමට වැඩි දෙයක් නොවේ. කළු ඩිෆෙන්ඩර් සංස්කෘතියක් ගැන කතා කිරීමට මහින්දට සිදු වීමම ඔහුගේ පරාජයකි. හේතුව භාරත ඝාතනයත් සමග අමතක වී ගෙදරට නාකි වීමට සිටි පිස්සු හුචක්කුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බවට පත් කිරීමට ඔහුගේද දායකත්වය අසීමිත නිසාය.

      පැහැදිළිවම මහින්ද දැන් සිටින්නේ ඩීල් දේශපාලනකය. අනුරාධපුරේ බාල-බොළඳ තට්ටයා මහින්දට කෝචෝක් දමන්නේ තුරුම්පු තමන් අත බව දන්නා නිසාය. හදිසි ජනපතිවරණයක් කැඳවීමත්, සිරිසේන පොදු අපේක්‍ෂකයා කිරීමත්, ලෝකයම නො-අදහන මැතිවරණ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කර මැදමුලනට පල්ලම් බැසීමත් එකම ඩීල් එකක කොටස් බව සිතෙන්නේ අපට පමණද? එසේනම් මහින්දගේ ඩීල් එක ඇත්තේ එක්සත් ජනපද සමගද ? මේ ටෙරා ඩීල් එකේ දේශීය ඒජන්තයා බැසිල්ද ?

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !