Tuesday, November 24, 2015

පොඩි එකාගේ ළියුම...!

කලකට ඉස්සර පොඩි එකාගේ ලියුම නමින් ඉරිදා පත්තරයක අපූරු භාෂා ශෛලියකින් ලියැවුනු ලිපි පෙලක් තිබූ බව යලි මතකයට නැගුනේ ඊයේ පෙරේදා කවුන්සිලයේ ඉදිරිපත් කෙරුනු අපූරු අය වැය ප්‍රකාශනයෙනි.

"පොඩි එකා ලියන්නේ", "..... කියා අපේ තාත්තා කියනවාය" අදී ලෙසිනි. එහෙම බැලුවහම මේ අති දීර්ග ලියැවිල්ල පොඩි එකාගේත් පොඩි එකෙකුගේ බව සිතේ.

එහෙම නැතිව බැරිම තැන මුදල් ඇමති කම පොඩි එකෙකුටවත් (ළමේකුට !) දුන්නාදැයි සැකයක් සිතේ......

එය ඉදිරිපත් කල භාශා ශෛලියෙන් නම් මෙලෝ යකෙකුට එම අයවැය ප්‍රකාශනයේ තිබුනේ මොනවාදැයි නොවැටුහුනු බවනම් සැක නැත. එක අතකට එහෙම වීමත් හොඳ ඇති. මොකද එතකොට කාටවත් අය වැය විවේචනය කල නොහැකි නිසා. ඊට පසු පත්තර කාරයින් එකින් එක උලුප්පා දැක්වීම නිසා දැන් අපිට මේ අයවැයේ තිබුනේ මොනවාදැයි යන්තමට තේරෙන්නට පටන් ගෙන ඇත.



මෙහි වඩාත් කථා බහට ලක් වන්නේ ප්‍රවාහන ක්ශේත්‍රය ගැන කියැවෙන කොටස නිසා ඒ ගැනම ටිකක් බලමු.

රටේ රථ වාහන වැඩි නිසා බදු වැඩි කර ඇත. මුදල් ඇමතිට අනුව රටේ වසරකට මෝටර් කාර් 60,000 අලුතින් ලියා පදිංචි වන නිසා රටේ ආදායම් හිඟයක් නැත.

බැලුවහම ඒකත් ඇත්හ කියා අපටත් සිතේ. එහෙත් බදු වැඩි කර ඇත්තේ මොනවාටද?
  • විද්‍යුත් කාර රථ, හයිබ්‍රිඩ් කාර් රථ:- මේවා සාමාන්‍ය පන්තියේ උගතුන් විසින් බොහෝ විට මිලදී ගන්නා වාහන මිස සල්ලි කාරයින් බූදල් කාරයින් හෝ ව්‍යාපාර හිමිකරුවන් මිලදී ගන්නා වාහන නොවෙයි.
  • බට්ටා වෑන් රථ:- දුප්පත් සුලු පරිමාන ව්‍යාපාරිකයන්ගේ ප්‍රියතම වාහනයකි. ව්‍යාපාර කටයුතුත් ඉඳ හිට යෙදෙන මඝුල් ගෙදරක යාමටත් දෙකටම ගැලපෙන ලෙස මිලදී ගන්නා දුප්පත් වාහනයකි.
  • හයීඅස් වෑන් රථ:- යමෙකු මිලදී ගන්නවානම් ගන්නේම ව්‍යාපාරික අරමුනකිනි. මේවා ගන්නේ සල්ලි කාරයින් නොව රට ගොස් සොච්චමක් එකතු කරගෙන ආ අහින්සකයින් විසිනි. එයාපොර්ට් එකට හෝ ටුවරිස්ට් කොම්පැනියකට එය දමා කීයක් හෝ උපයා ගැනීමේ චේතනාවෙනි.
ත්‍රී රෝද රථ හා මෝටර් බයිසිකල් ගැන කියා වැඩක් නැත. ත්‍රී රෝද රථ තහනම් කරනවානම් ඒක වෙනමම දෙයකි ඒකටනම් මාත් කැමති කාරනයකි.


මේ සියල්ල අතරේ ඉතා සිත්ගන්නා සුළු තීරනයක්ද විය. මැති ඇමති වරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට මින් පසු ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් නැත. එය නම් සතුට දනවන්නකි. රජයට සියලු බදු හා දඩ ගෙවන සුළු පරිමාන ව්‍යාපාරිකයින් හා රැකියා කරන්නන් විසින් උපයා දෙන බදු මුදලින් පඩි ලබන රජයේ උන් පමණක් වාහනයත් බද්දෙන් නිදහස්ව ගැනීම හෙන ගහන වැඩකි. සියළු බදු උපයා දෙන උන් ගන්නා පරන ලදරමට 300% ක බදු ගසන විට එසේ නොසිතෙන්නේනම් එය පිස්සුවකි.

වාහන වැඩි නිසා එදා රාජපක්ෂ ආණ්ඩුව කලේ මාර්ග පද්දතිය දියුනු කිරීමයි එය එක් අතකින් සාධනීය ක්‍රමයකි. එහෙත් එදා පාරවල් කන්නදැයි ඇසූ උන් අද කරන්නේ පාරවල් හැදීම නත්වා (පාරවල් කන්නට බැරි නිසා විය යුතුය) රථ වාහන ගෙන්වීමට වැට කඩුළු බැඳීමයි. ක්‍රමය අපූරු බව කාහටත් වැටහෙනු ඇති.



ඒ මේ අතරේ වැරදීමකින්වත් පොදු ප්‍රවාහන සේවා නැංවීමක් ගැන වචන මාත්‍රයකුදු නෑසේ. ලොකු උන් කාර් වල යා යුතුය දුප්පතුන් බසයේ එල්ලී වවුලන් සේ යායුතුය. ත්‍රී රෝදයක වත් යාම ඉදිරියේදී අකැපය...

අවුරුදු 10ක් පහළොවක් තිස්සේ ගෙදර තිබුනු පරන කාර් කට්ටද දැන් ඉතින් ලයිසන් කර හමාරය. අය වැය ඉදිරිපත් කල පොඩීකාට අනුව කාර් පාවිච්චි කරන්නේ සල්ලි කාරයන් නිසා අවුරුද්දකට 20,000 ක් බදු ගැහැව්වාට කමක් නැත.

ඉඳහිට මගුල් ගෙදරක යන්නට විතරක් කාර් එකක් ගෙදර පෝටිකොව යට තියාගෙන ඉන්නා අසරණයින් ගැනනම් දුක සිතේ. උන් අඩු ගනනේ අවුරුදු 2කකට සැරයක්වත් කාර් එක සර්විස් කරන්නේ නැත. ඒ අවුරුදු 2ටම කිලෝ මීටර් 3000 දුවා නැති බැවිනි. උන් ගැනනම් අනේ පව් කියනවාට වඩා කීමට දෙයක් නැත.



එදා නාමල් බේබිලා ලැම්බෝගිනි පදිනකොට (එසේ කලායැයි කියති ) අපිට අඩු ගනනේ මරුටි කට්ටක් ලක්ශ 10 කට පමණ ගෙන රු 500 ට දුම් සහතිකය ගසා රු 2700 කට ලයිසන් කර තව 25,000 පමණ දී ෆුල් ඉන්සුවරන්ස් එකකුත් දමාගෙන පවුල් පිටින් හයි වේ එකේ ගාලු යන්නට හැකි විය.

අද කුමන බේබිලා මොන "ගිනි" පදිනවාදැයි අපි නොදනිමු. අපිට එදා තිබුනු බයිසිකල් කට්ටවත් පැද ගැනීමට නම් බැරි වන සෙයක් මැවී පෙනේ.......

අපි පොඩි එකාගේ ළියුම රස විඳිමු......



බජට් ගැන කතා:

  • Sri Lankan budget woos foreign investors with sops:
    Identifies 8 thrust areas including oil refinery, renewable energy and integrated car manufacturing, with an investment potential of over $two billion
    තව කියවන්න ⋙
  • Banking sector the worst hit by Budget 2016 - Analysts:
    Sri Lanka’s banking and finance sector seems to be the worst hit from the 2016 fiscal budget with an estimated total impact of a whopping Rs. 7 billion as a result of the proposed increase in taxes, ...
    තව කියවන්න ⋙
  • Sri Lanka unveils foreigner-friendly budget:
    Sri Lanka's new government Friday used its first full budget to lift taxes on foreign investors and vowed to reverse "isolationist" policies of the former regime, which faced international censure ...
    තව කියවන්න ⋙

21 comments:

  1. සැබෑ වෙනසක් ඇති කර ගැනීමේ යථාර්තයට මුහුන් දෙමින් සිටිමු. කළ කම් පලදෙන්නේ හරකා පිටුපස එන කරත්තය රෝදය ලෙස පසු පස එමින් භව බුදු දහමේ ද පැවසේ. ඉවසා වදාර ගෙන ඉමු.. ඊළන්ග ඡන්දය වෙනකම් නේ?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ප්‍රියන්ති ඔබ කියනවා වගේ බුදු බනේ එහම කියලා තියෙනවා, ඒත් හැබැය් බුදු බනේ කියන විදියට ගොනා බැඳු කරත්තය වගේ පස්සෙන් එන්නේ තමන් ම කල කර්මයේ ඵලයයි.
      ඒත් අපි විඳවන්නේ අපි නොකල කරමයක ඵලයයි.
      මී ලඟ ඡ්න්දෙ වෙන කොට අපිට චන්දයක් දෙන්න වත් රටක් ඉතුරු වෙලා තියෙයිද?

      මේ අය වැයේ අපූරු අපූරු කොටස් තවම අපිට පොඩි එකාගේ ලියුමෙන් පහද ගන්න බැහැ.
      දේශීය ව්‍යාපාරිකයන්ට රිස්ස යන්නටම බදු ගැසූ පොඩි එකා විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීමේදී තිබූ 100% ක බද්ද ඉවත් කරලා.
      මේ දුප්පත් අපෙ උන්ට පුළුවන්ද වටිනා මිලකට ඉඩමක් ගන්න. අන්න ඒකට යුරෝපයේ ඉන්න සුදු මහත්තුරු. උන් ලඟ සල්ලි තියෙනවා ඉතින් තියෙන එකෙකුට සල්ලි දීලා ඉඩම් ගන්න දෙමු නේද? අනික ඉතින් මේ රටෙ භූමිය පොඩි එකාගේයි රනිල් ලොක්කගෙයි අම්මා අප්පගේ බූද්ලේ නෙවැ. එද මහ රජා කියපු මහින්ද මහත්තයා කවදාවත් රටේ භූමිය තමන්ගේ අම්මාගෙ අප්පගෙ බූදලේ වගේ කාබාසිනියා කලේ නම් නැහැ.

      Delete
    2. ප්‍රියන්තිගේ බස් විලස අපේ බිංදු සිහියට නගන්නේ නැත්ද සිතුවිළි? මේ දෙදෙනා පූරුවේ සිට එන යාළුවන් (යෙහෙළියන්?) යැයි මට සිතේ.

      ගොනා පසුපස කරත්තය එන උදාහරණය මීට ගැළපේයැයි මටද සිතෙන්නේ නැත. අපි මේ විඳවන්නේ අප කළ දෙයක විපාකය නොවේ. එහෙත් මෙවැනි දෙයක් ඇත.

      "අප විඳවන්නේ අප නොකළ දෙයක විපාකය" නම් එහි වරද අපේම නේද?

      ප්‍රියන්ති ඔබව දෙතිස් කතාවට සාදරයෙන් පිළිගනිමි.

      Delete
  2. අය වැය ඇහුවහමනං කාමීනි කරුපයියට අභිරමනය කරන්ඩ හිතෙන්නේ හොයාගන ගිහින් , පොඩි එකාගේ ලියුව පොඩි උන් විදිහට කියවපු රසනං තාම දැනෙනවා

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත, මේ බඩ කඩුත්තුවට පොඩි එකාගේ ලියුම කියලා මම පොඩි එකාගෙ ලියුමට අපහාස කලාද මන්දා...

      Delete
    2. අනේ අටම්... එහෙම කොරන්න නම් එපා ! ලංකාවේ සතියකට 9 දෙනෙකුට දෙවියන් වහන්සේගේ ලෙඩේ බෝ වෙනවා ඒත් බේත් ගන්න එන්නේ පස් දෙනයි කියලා ගිය සතියේ ලොකු දොස්තර මහත්තයෙක් කියලා තිබුණා.

      Delete
  3. වාහන පර්මිට් තීරණය ගැන සතුටු වෙන්න තාම කල් වැඩියි කියල හිතෙන් නැද්ද? වර්තමාන පාර්ලිමේන්තුව පර්මිට් කාල බීල විකුණලා ඉවරයි. ආපහු ඕන වෙච්ච් දවසට විශේෂ කැබිනට් අනුමැතියකින් පර්මිට් එකක් ගන්න එක සුළු දෙයක්. පළාත් සභා චන්දයකුත් ළඟ පාත නෑ. ඒ නිසා මේ තීරණයෙන් වැඩියෙන්ම කලබල විය යුතු කිසිවෙක් කලබල නෑ.

    ඊළඟට වදින කණ්ඩායම නිලධාරි පැලැන්තිය. මේ අයට පරණ පුරුදු විකල්පය ඉතුරුයි. ඒ තමයි රජයේ වාහන භාවිතය. මෙලෝ නඩත්තුවක් නැතුව අමාත්‍යංශ වාහන, දෙපාර්තමේන්තු වාහන වලින් නිලධාරීන් ගමන් බිමන් ගිහින් ලදරන් වාහන තැන තැන ගොඩ ගැහුනා මතකද?

    පර්මිට් කතාවේ හොඳම හරිය ඇහුනේ ගිය සතියේ ශ්‍රී.ල.නි.ප. පාර්ලමේන්තු කණ්ඩායමට දීපු ඔෆර් එකේ. (පගාවේ) අය වැයට පක්ෂ අයට වාහනයක් හා ඉන්ධන දෙන්නත් නැති අයට නොදෙන්නත් රුපියල් හයදාහේ උත්සවෙන් දිවුරුම් දීපු රටට සල්ලි ඉතුරු කරන උත්තමය පොරොන්දු උනාලු නේද? (ශුවර් එකට කියයි මං දන් නෑ කියල) පර්මිට් තිබුණා නම් රජයට බදු මුදල් අහිමි වෙනවා. හැබැයි වාහන ගන්නේ පුද්ගලික මුදලින්. දැන් වාහනයේ මුදලත් බදු මුදලත් දෙකම රජය විසින් රජයටම ගෙවල ජනතාව වෙනුවෙන් වැය විය යුතු මුදලින් සැලකිය යුතු කොටසක් වාහන වලට වියදම් නොකරතැයි සිතිය හැකිද? (ලොකු මහත්තය මන්ත්‍රීලට දෙන්න හදන පගාවේ හැටියට)

    අත ලෙවකෑමට මී කඩන්නන් ලාංකීය දේශපාලනයේ නැත. ලෙවකන බව පෙන්වන උන් නම් ඇත.

    ප.ලි. ජීවිතයේ සැන්දෑ සමය ගෙවන ආර්ථික විද්‍යා උගතකු මගේ පියා සමග කියූ කතාවක් සිහිවිය. අයවැයක කොටස් දෙකකි. පම්පෝරි ගැසීමේ කොටස සහ පතුරු ගැසීමේ කොටස වශයෙනි. පම්පෝරි ආණ්ඩුවටය. පතුරු විපක්ෂයටය. සැබෑවට සිදුවන්නේ ප්‍රොජෙක්ට් හා ඩීල් ය.

    ReplyDelete
    Replies
    1. ඔව් ජනක් ඔබ ඒක දැක්ක හැටි හරි.
      කොහෙන් ගියත් අපේම මාළු අපේ පිටේ තියලා කපන එක තමයි මේ අපූරු යහ පාලකයෝ කරන්නේ.
      අර අධ්‍යාපනේට 6% දුන්නා වගේ තමයි මුළු අයවැයමත් ඒ ආස්‍රිතව සියල්ලන් ගනා වූ තීරණ තීන්දුත්.

      Delete
    2. ඔයානම් එල කොල්ලෙක්. මාත් කියන්න හැදුවේ ඕකමයි.
      උන් ගන්න ඕනේ දේවල් අරං ඉවරයි. දැන් කැන්සල් කරනවා. තව අවුරුදු 4 ගිහිං ආයේ ඕව දෙයි. ගිය පාර්ලිමේන්තුව විසිරවපු හැටි දැක්ක නේද, කොල්ලන්ටයි බල්ලන්ටයි ඔක්කොටම පැන්ෂන් හරි යනකං බලං ඉඳල. කාගේ සල්ලිද මේවා !!!

      Delete
    3. සැබෑවකි !

      කරු අයියා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු අයවැය රසාංගය නැරඹීමේ / සවන් දීමේ භාග්‍යය අපට ලැබුණේ නැත. ඒ පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් කියැවීමේ අවස්ථාවක්ද තවම නොලැබිණි. එහෙත්:

      මෙය නොරටුන් පිනවීම පිණිස සැකසූ අයවැයක් බවනම් පැහැදිළියි. විශේෂයෙන් රාජපක්‍ෂ රජය විසින් ස්වාදේශාරක්ශාව උදෙසා ගනු ලැබූ බොහෝ තීන්දු තීරණ මේ රෙජීමය විසින් අනෙක් පිට හරවමින් සිටිනු පෙනේ.

      ඉඩම් පිළිබඳ නීති රෙගුලාසි, පුරවැසිබව පිළිබඳ රෙගුලාසි ළිහිල් කර ත්‍රස්තවාදයට සහය දුන් කණ්ඩායම් වල තහනම ඉවත් කර ඔවුන්ට මෙහි සැණකෙළි කෙළීමට ආරාධනා කරන පසුබිමක වාහන බදු වැඩි කිරීම ගැන කතා කිරීම පලක් ඇති දෙයක්ද නොවේ. එහෙත් ඒ ගැන කතා නොකර සිටීමද නොහැකිය.

      දුම් සහතිකයේ ගාස්තු වැඩි කිරීම තක්කඩි කමකි. පාතාල ලෝකයේ කෙරුමන් කප්පං ගන්නා ක්‍රමයේත් මේ ක්‍රමයේත් ඇති වෙනසක් නැත. හරිනම් දින සීයේ යහපාලන ආණ්ඩුවේ ඉන්දීය වාහන සහනය යටතේ වාහන ගත් මහජනතාව (අපි නොවේ !) ඉදිරියට පැමිණ මහපාර හරස් කර වාහන නවතා ඒවා පුළුස්සමින් තමන්ගේ "යහපාලන" රජයට "ප්‍රජාතන්ත්‍රවාදිව" විරෝධය ප්‍රකාශ කළ යුතුය.

      Delete
    4. ඔව් කණිෂ්ක, මේ අයවැයේ බොහෝ ලෙස සාකච්චාවට බඳුන් වෙන කාර් බදු වැනි දේ ඇතුලත් කර ඇත්තේ ජන අවධානය ඒ වෙත යොමුකරවා ගැනීමේ කූට උපක්‍රමයක් ලෙස බවයි මගේ නම් අදහස. ඒත් අපි ප්‍රවාහන ක්ශේත්‍රයේ කර ඇති මේ විනාශය ගැන නිහඬව සිටින්නේ කෙසේද?
      සමස්තයක් ලෙස ගත් විට මේ අයවැය ගැන මගේ අදහස නම් මේ ඔස්සේ රජය අපිට (ස්වදෙශික ජනතාවට ) කියන පණිවුඩය නම්
      "තොපිට ව්‍යාපාර කිරීමට ආයෝජනය කිරීවට වත්කම් නැත.
      සුදු මහත්වරුන් සතු වත්කම් සමග බලන විට තොපි හිඟන්නන්ය.
      එම නිසා අපි සියළු වාසි සුදු මහත්වරුන්ට පිරිනමා ඔවුන්ව මේ රටට වඩමවා ගත යුතුය.
      තොපි තොපේ සියළු ආසාවල් රෙද්ද පල්ලේ ගසා දැන් ඉතින් සුදු මහත්වරුන්ගේ කොම්පැනි වල රස්සා කිරීමට සැරසියව්.
      තොපිට සැප කාර් ඉලෙක්ට්‍රික් කාර් වුවමනා නැත. ඒවා අපි පාවිච්චි කොරන්නම්.
      තොපි බස් එකෙ කෝච්චියේ පුළුවන් විදියකට ගොස් අර රස්සා කර දෙන දෙයක් කා වෙන දෙයක් බලා හිටපියව්..!

      Delete
  4. විපක්‍ෂනායක ඇතුළු දෙමළ සංධානය අයවැයට පක්‍ෂ වීමේ "ආතල් එක" ගැන ඔබලාගේ අදහස් දක්වන්න.

    ReplyDelete
    Replies
    1. ඔහු ආණ්ඩුවේ විපක්ෂ නායක බව මොනවට ඔප්පු කොට ඇත.

      Delete
    2. මොනවා කියන්නද?

      Delete
    3. අයවැය ගැන කියන්නම දෙයක් නැති විය නොහැක. එය කොත්තමල්ලි තරම්ම ගුණ නැතත් කිරිපිටි තරම් රසවත් එකකි.

      Delete
    4. යහපාලන සන්ධානයේ පාර්ලිමේන්තු බලය කැවුම් කන යෝධයන්ට පෙන්වා ඇත. සැලසුමට අනුවම සියල්ල සිදුවේ. කැවුම් කන එකාලාට ජම්බු ලැබෙන දිනය වැඩි ඈතක නොවේ.

      Delete
  5. පචෝරිස් (පට්ට නම !) උන්නැහේ හොඳ කලෙක්ෂන් එකක් කරනවා වගේ. දැනුත් උණු උණු පොස්ට් එකක් දාල. හැබැයි මම ඔරිජිනල් එක හොයා ගත්ත.

    * https://www.gov.uk/government/news/chogm-2015-uk-steps-up-reconciliation-and-human-rights-support-for-sri-lanka
    * http://www.divaina.com/2015/12/03/feature.html

    ReplyDelete
  6. වාහාන මීල වැඩි වුනාට මටනම් කම් නැත මන්දයත් මා දහඅතේ කම්පොනා කොරන්නෙ ලැයිසන් එක හදාගන්නෙ කෙසෙද කියාය (තිත් දෙකයි ඇල ඉරක්)

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !