Saturday, October 31, 2015

ශ්‍රීමත් ඩෙස්මන්ඩ් සමග "යුද අපරාධ"

ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ලෝරන්ස් ද සිල්වා බ්‍රිතාන්‍යයේ රාජනීතිඥයෙකි. ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ ලංකා තානාපති ලෙස සේවය කළ ෆෙඩ්රික් ද සිල්වාගේ පුතණුවන් වන ඔහු ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ සහ ධීවර අමාත්‍ය ධුරය දරණ ලද ජෝර්ජ් ඊ ද සිල්වා ගේ මුණුපුරෙකු ද වේ. ඔහු යුගෝස්ලාවියාවේ කත්‍රිනා කුමරිය ආවාහ කරගෙන සිටී.
ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ලෝරන්ස් ද සිල්වා
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සියෙරාලියොන් රාජ්‍යයේ සිදු වූවායැයි කියන යුධ අපරාධ පිළිබඳ සෙවීම සඳහා ප්‍රධාන විමර්ශක ලෙස පත් කරන ලද්දේ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ය. අපරාධ පිළිබඳ බ්‍රිතාන්‍යයේ සිටින මුල් පෙළේ නීතිඥයෙකු වන ඔහු එහි ප්‍රිවි කවුන්සිලයේ සාමාජිකයෙකු ද වේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් බෙල්ග්‍රේඩ්හිදී අගමැති වොයිස්ලාව් කුෂ්තුනිට්සා (Vojislav Koštunica) වෙත යුධ අපරාධ චෝදනා පිළිබඳව අනතුරු අඟවා එම රජය අවනත කර ගැනීම සඳහා නියෝජිතත්වය ලබා දෙන ලද්දේ ඩෙස්මන්ඩ් ද සිල්වා ය.

යුධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, ත්‍රස්තවාදය, මානව හිමිකම් යන ක්‍ෂේත්‍රයන්හි විශේෂඥයෙකු වන ඔහු විසින් යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් 2001 වසරේදී හේග් අධිකරණයේදී වරදකරු බවට පත් කරන ලද්දේය. ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කොටි හිතවාදීන් විසින් ප්‍රචාරය කෙරෙන ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් ඔහු විසින් පළ කරන ලද වාර්තාව සාරාංශගත කිරීමෙන් පහත ලිපිය සකසා ඉරිදා දිවයින පුවත්පතේ පළ කර තිබිණි.




යුද අපරාධ කළේ කවුද?

2009 වසර වන විට ශ්‍රී ලංකා රජය, දෙමළ විමුක්‌ති කොටි සංවිධානය සමඟ එළැඹී තිබුණු අභ්‍යන්තර සන්නද්ධ ගැටුමට අවුරුදු 30 ක්‌ සැපිරිණි. ශ්‍රී ලංකාවේ උතුර හා නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ම්ලේච්ඡ බෙදුම්වාදී අරගලයක්‌ කොටි සංවිධානය විසින් දියත් කර තිබුණි.

සාමය උදාකර ගැනීම සඳහා අනේකවාරයක්‌ අසාර්ථක ලෙස උත්සාහ ගැනීමෙන් පසුව මේ සටන හමුදාවේ මෙන්ම සිවිල් වැසියන් ද දසදහස්‌ ගණනක ජීවිත මත නිමාව දැකීය. සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීම අරබයා යුද මුක්‌ත කලාප රජය නිර්මාණය කිරීමට කටයුතු කළේය. ඉන් පළමුවැන්න පිහිටු වූයේ 2009 ජනවාරි මාසයේය. මෙවැනි යුද මුක්‌ත කලාපයකට යුද හමුදාව වෙඩි ප්‍රහාර එල්ල නොකරන බව අවබෝධ කරගත් එල්.ටී.ටී.ඊ. ය තම සේනාංක හා යුද උපකරණ සිවිල් වැසියන් අතරට ගෙනෙනු ලැබීය. මේ වූ කලී එල්.ටී.ටී.ඊ. ය සිදුකළ යුද අපරාධයකි. සටනේ අවසාන අදියරේ එල්.ටී.ටී.ඊය නිත්‍ය පරාජය අභිමුඛව සිටි අවස්‌ථාවේ සිවිල් වැසියන් මනුෂ්‍ය පලිහක්‌ ලෙස යොදාගෙන යුද මුක්‌ත කලාපයේ සිට ශ්‍රී ලංකා හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් අතර එසේ කරනු ලැබුවේ යුද හමුදාව ලවා සිවිල් වැසියන් දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කර සිවිල් වැසියන් යුද හමුදාව විසින් මරා දමන බවට චෝදනා කිරීමට මග පාදා ගැනීම පිණිසය. එපමණක්‌ නොව එල්. ටී.ටී.ඊ. ය තම වැසියන්ට එරෙහිව ද ප්‍රහාර එල්ල කළ බවට සාක්‍ෂි මූලාශ්‍ර ගණනාවක්‌ තුළින් ලැබී තිබේ. තම පරාජය හමුවේ ජාත්‍යන්තර මැදිහත් වීමකට ඉඩ සලසනු පිණිස මාධ්‍ය චණ්‌ඩ මාරුතයක්‌ නිර්මාණය කිරීම මෙවැනි සටනක උපයෝගී කරගන්නා ප්‍රකට සැලසුමකි.

එල්.ටී.ටී.ඊ. ය බලෙන් රඳවාගෙන සිටි සිවිල් පුරවැසියන් නිදහස්‌ කර ගැනීමේ පරම වගකීම ශ්‍රී ලංකා ජනරජය සතුය. නීති විරෝධී ලෙස රඳවාගෙන සිටි එකී පුරවැසියන් නිදහස්‌ වීමට උත්සාහ දැරූ අවස්‌ථාවන්වලදී ඔවුනට වෙඩි තබනු ලැබිණි. ඒ අනුව එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීම සඳහා ඔවුන්ගේ ග්‍රහණයේ සිටි සිවිල් පුරවැසියන් බේරා ගැනීම සඳහා දියත් කළ ක්‍රියාවලියේදී සිවිල් වැසියන් 8000 ක්‌ සිට 40,000 ක්‌ අතර ප්‍රමාණයක්‌ අනතුරට ලක්‌විය. මෙම සංඛ්‍යාවල නිවැරැදිතාවය කවරක්‌ වුවත් එල්.ටී.ටී.ඊ. ය විසින් තම ග්‍රහණයට නතු කරගත් සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක්‌ නිදහස්‌ කරගෙන ඇත. මේ වූ කලී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එල්.ටී.ටී.ඊ. ය පරාජය කොට ලබාගත් මානුෂික විජයග්‍රහණයකි. එමගින් එල්.ටී.ටී.ඊ. ය එක පවුලකින් එක ළමයකු තම සේනාංකවලට බඳවා ගැනීමේ සුපුරුදු ක්‍රියාදාමය නිමා විය. යුද්ධයේ ප්‍රගමනයත් සමග එල්.ටී.ටී.ඊ.යේ මේ බඳවා ගැනීමේ ක්‍රියාදාමය තවත් උත්සන්න කළ අතර එය ම්ලේච්ඡ ලෙස ක්‍රියාවට නංවනු ලැබිණි. එහි ප්‍රතිඵලය වූයේ එක පවුලකින් ළමයින් ගණනාවක්‌ ස්‌වකීය සේනාංකයට බඳවා ගැනීමය. මීට අවුරුදු 14 ක්‌ තරම් ලාබාල ගැහැනු හා පිරිමි දරුවන් ඇතුළත් විය.

එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව සිවිල් වැසියන් ඉලක්‌ක කරමින් නීති විරෝධී සමාන්තර හානි සිදුකළ බවට අනේක විධ චෝදනා එල්ල කිරීම ආරම්භ විය.

දෙවැනි ලෝක සංග්‍රාමය අවසානයේ පාවිච්චි කරනු ලැබූ පරමාණු බෝම්බ නිසා සිදුවූ හානිය පිළිගත හැකි සමාන්තර හානියක නිර්නායකයක්‌ ලෙස යොදා ගැනීම සුදුසු නොවේ. මක්‌ නිසාද යත් දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව මේ පිළිබඳ අදාළ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය වෙනස්‌ වී තිබීමයි. දෙවැනි ලෝක යුද්ධ සමයේ වූ පිළිගැනීම වූයේ නීත්‍යනුකූල යුදමය ඉලක්‌කයක්‌ සඳහා පහරදුන් අවස්‌ථාවක විශාල ලෙස සිවිල් පුරවැසියන්ගේ ඝාතන සිදුවූවත් එය නීත්‍යනුකූල බවයි. මෙම පුළුල් මතය දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව තියුණු ලෙස වෙනස්‌ විය. ඒ අනුව වර්තමානයේ ජාත්‍යන්තර ප්‍රජාව, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය තවදුරටත් පුළුල් කර සන්නද්ධ අරගලයකදී සිදුකළ හැකි සිවිල් පුරවැසියන්ගේ ඝාතනයන් පිළිබඳව සීමා ඉහළ දමා ඇත.

වර්තමානයේ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය අනුව සන්නද්ධ අරගලයකදී සිදුවිය හැකි සිවිල් වැසියන්ගේ ඝාතන ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ කරුණු 03 ක්‌ පදනම් කරගෙනය. එනම්,
  1. වෙන්කොට හඳුනා ගැනීම (Distinguish)
  2. යුදමය අවශ්‍යතාවයන් (Military necessity)
  3. සමානුපාතික භාවය (Proportionality)
යුද්ධයේ අවසාන භාගයේදී සිදුවූ සිවිල් වැසියන්ගේ ඝාතනවල නීත්‍යනුකූලභාවය විමසීමේදී ඉඩදෙනු ලබන සමාන්තර හානිය කොපමණද යන්න තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය වීමක්‌ ලෙස සැලකෙනුයේ සිවිල් වැසියන් ඉලක්‌ක කර ඕනෑකමින් ප්‍රහාර එල්ල කර ඇත්නම් පමණි. (මෙය වෙන් කර හඳුනා ගැනීමේ මූලධර්මය කඩ කිරීමකි) එසේම යුදමය ඉලක්‌කයකට ප්‍රහාරයක්‌ එල්ල කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා සිවිල් වැසියන්ගේ ඝාතනයක්‌ සිදුවිය හැකි බව දනිමින්ම ප්‍රහාර එල්ල කරනු ලැබුවහොත් එය ද ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීමක්‌ වනු ඇත. (මේ සමානුපාතික පිළිබඳ මූලධර්මය උල්ලංඝනය වීමකි)

එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් පත් කළ විශේෂඥ කණ්‌ඩායමේ වාර්තාවට අනුව යුද්ධයේ අවසාන භාගයේදී තුන්ලක්‍ෂ තිස්‌දහසක්‌ පමණ සිවිල් වැසියන් සිරවී සිටි අතර ඔවුන් මිනිස්‌ පළිහක්‌ ලෙස එල්.ටී.ටී.ඊ. ය හා ඉදිරියට එන ශ්‍රී ලංකා හමුදාව අතර රඳවාගෙන සිටින ලදී. 2009 පෙබරවාරි මස සිට එල්.ටී.ටී.ඊ. ය යුද කලාපයෙන් මිදීමට උත්සාහ කරන සිවිල් පුරවැසියන් අමු අමුවේ මරා දමනු ලැබිණි. යුද කලාපයෙන් පිටතදී ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමයි. අප්‍රේල් 03 වැනි සිකුරාදා එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් සිවිල් වැසියන්ට යුද කලාපයෙන් පිටතට ඒමට ඉඩදෙන ලෙස එල්.ටී.ටී.ඊ.යෙන් ඉල්ලා සිටින ලදී. ඔහු කියා සිටියේ කුඩා ප්‍රදේශයක්‌ තුළ දැඩි ජීවිත හානියකට ලක්‌වීමේ අවදානම් ඇතිව බලෙන් සිවිල් වැසියන් රඳවාගෙන සිටීම ඔහුගේ කම්පාවට හේතු වී තිබෙන බවය. එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා තවදුරටත් කියා සිටියේ මෙසේ සිවිල් වැසියන් විශේෂයෙන්ම දරුවන් බඳවා ගැනීමෙන් හා නිදහසේ ගමන් කිරීමට ඇති අයිතිය එල්.ටී.ටී.ඊ.යේ දැඩි සීමාවන්ට නතු කරගැනීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්‌ බවයි. මේ අනුව රජයේ පරම වගකීම වූයේ බලෙන් අල්ලා ගෙන සිටි මේ වැසියන් මුදා ගැනීමය. ඒ සඳහා සමානුපාතික නීති මූලධර්මයන්ට යටත්ව අවශ්‍ය බලය අවශ්‍ය පමණින් යොදා සතුරා පරාජය කිරීම සිදුකළ හැකිය. ඒ අනුව දෙලක්‍ෂ අනූ හය දහසක්‌ ජනතාව මුදා ගනු ලැබිණි. මාගේ අදහසට අනුව මෙය යුදමය හා මානුෂික අවශ්‍යතාවක්‌ වේ. සටනකදී සිදුවන ඝාතනය බලාපොරොත්තු වන යුදමය ක්‍රියාවලියක්‌ සමානුපාතික නම් එය නීත්‍යනුකූල වේ.

රජය සිවිල් වැසියන්ගේ මරණ ප්‍රමාණය අවම තත්ත්වයකින් පවත්වා ගනිමින් අවශ්‍යතාව වෙන්කොට හඳුනා ගැනීම හා සමානුපාතික භාවයේ මූලධර්ම අනුගමනය කරමින් යුද්ධය නොපමාව අවසන් කිරීමට අවශ්‍ය බව මා තරයේ විශ්වාස කරමි. හැකි සෑම සිවිල් පුරවැසියකු බේරාගැනීම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පලා යැම වැළැක්‌වීමත් අත්‍යවශ්‍ය වේ. මක්‌නිසාද යත් එසේ ඔවුන් පලා ගියහොත් ඔවුන්ට ලෝකයේ වෙනත් තැනක එකතු වී ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව ත්‍රස්‌තවාදී කටයුතුවල නිරත වීමට අවස්‌ථාව සැලසෙන නිසාය. පිටත සිට රජයකට එරෙහිව ත්‍රස්‌තවාදී ක්‍රියාවල නිරතවීමේ සංකල්පයට 2001 දී නිව්යෝර්ක්‌ නගරයේ ද්විත්ව කුලුනුq මත අල්කයිඩා සංවිධානය එල්ල කළ පහරදීම හා ඉන්දියාවේදී රජිව් ගාන්ධි මහතාගේ ඝාතනය කිරීම කදිම නිදසුනක්‌ වේ. මෙම යුද්ධයේදී සිදුවූ ජීවිත හා දේපළ හානිය පිළිබඳ කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතු වන්නේ එය හුදෙක්‌ සමාන්තර හානියක්‌ බවයි. මේ අනුව මගේ නිගමනය වන්නේ යුද අපරාධ සිදුකළ බවට රජයට චෝදනා නැගීම සිදුකළ නොහැක්‌කක්‌ බවයි.

මේ පිළිබඳ හේතු සාධක මගේ තීරණයේ 9 හා 10 වගන්තිවල වැඩිදුරටත් දක්‌වා ඇත. මෙයින් මා අදහස්‌ කරන්නේ තනි පුද්ගලයකු අතරින් යුද අපරාධ සිදුවිය නොහැකි බව නොවේ. නමුත් ඉදිරිපත් වී ඇති සාක්‍ෂිවලට අනුව සිදුවී ඇති සමාන්තර හානි මඟින් යුද අපරාධ සිදුකිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක්‌ නොතිබුණ බවය. වෙනත් වචනවලින් කිවහොත් රාජ්‍ය අනුග්‍රහයෙන් යුද අපරාධ සිදුකළ බවට කිසිදු සාක්‍ෂියක්‌ නැත.
ඉහත දිවයින ලිපිය කාලීන වැදගත්කම සළකා සංවාදයට බඳුන් කිරීමේ අවශ්‍යතාවය උදෙසා උපුටා දැක්විණ. දිවයින වෙබ් අඩවියේ එම ලිපිය වෙත බැඳිය පහත දක්වා තිබේ.




10 comments:

  1. ලියන්න ගත්ත එක්ක ගැන සතුටුයි. මම මේ සයිට් එකේ තියන අමුතු ශෛලිය ට හා තර්ක වලට කැමති නිසා මට සතුටුයි පෝස්ට් එකක් දකින එක.

    මේ යකා බටහිර වැදගතුන් අතර ට ගිහින්. අපේ බාසාවෙන් කීවොත් පොරක් වෙලා නේද
    ප්‍රීවි කවුන්සිල් ගිහින් කත්‍රිනා කුමාරි කසාද බැදල. මාරයි ඈ.

    යුධ අපරාධ ගැන මේ කරන නෙයියාඩමෙන් එකක් පැහැදිලියි මුන්ට ඕන නෑ සැබෑ අපරාධකාරයො හොයන්න. මුන්ට අනුව ගඩාෆි අපරාධකාරයෙක් ( කතාව ඇත්ත තමා ) හැබැයි පිනෝෂෙ හොද මිනිහෙක්. ජර්මන් නාසීන්ගෙ ගෑස් කුටි වැරදියි හැබැයි හිරෝෂිමාවට බෝම්බ දාපු එක හරි.

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිගැන්වීම අගය කරමි. සර් ඩෙස්මන් ගැන මා එතරම් දෙයක් නොදන්නා මුත් ඔහු පිළිබඳව අපට උදම් වීමේ අවශ්‍යතාවයක් නොදකිමි. ඔහු සිංහලයෙක් නොවේ. ඔහුගේ මුත්තාත් පියාත් ලංකාවට සේවයක් කරන්නට ඇති මුත් ඩෙස්මන් ස්වකීය ජීවිතය කැප කළේ බ්‍රිතාන්‍යය වෙනුවෙනි. අර දෙදෙනාද බ්‍රිතාන්‍ය ලංකාව (British Ceylon) සහ ඩොමිනියන් ලංකාව වෙනුවෙන් පෙනී සිටින්නට ඇත. සිංහලය රජබස කර සිංහලයාට තරමක තත්වයක් ලැබෙන විට මේ අයගේ පරම්පරා රට හැර යන්නට ඇත. මෙය සත්‍ය නම් ඩෙස්මන් ප්‍රිවි කවුන්සිල් යාම හා කතිරිනා සරණ පාවා ගැනීම ලංකාවේ අපට කිසි වැදගත් කමක් නැත.

      එහෙත් පසුගිය රජයේ ආරාධනය අනුව (මෙය පින් තකා කළ දෙයක් වීමේ ඉඩ ඉතා අඩුය) යුධාපරාධ චෝදනා පිළිබඳ ඔහුගේ නිගමන සාධාරණ අයුරින් ඉදිරිපත් කිරීම (සිංහල පරිවර්ථනය දෝෂ රහිතය යන උපකල්පනයට යටත්ව) වෙනුවෙන් අපගේ කෘතඥතාව ඔහු වෙත හිමි විය යුතුය.

      Delete
  2. මේ ඇත්තෙන්ම ඉතා හොඳ ලිපියක්. දිවයින අරුණු කොට අනෙක් 'ජාතික' පුවත්පත් මෙවැනි ලිපි පල නොකිරීම කණගාටුවට කරුණක්.

    මධ්‍යස්ථ මතධාරියා ගේ අදහසත් ඇත්තෙන්ම අගය කරන්න ඕනේ. ගොඩක් අය හිතාගෙන ඉන්නවා (හිතන්න පොළඹවල තියෙනවා) මේ කරන්න යන්නේ සාධාරණ නඩු විභාගයකින් චෝදනා වල ඇත්ත නැත්ත විමසලා වැරදිකාරයන් "නම්" දඬුවම් දෙන එක කියලා. රෙද්ද තමා !

    නඩුවක් පටන් ගන්න ඕනේ විත්තිකාරයා "වැරදිකාරයා බව ඔප්පු කරන තෙක්" නිවැරදිකාරයා බව උපකල්පනය කරලා. මුන් පටන් ගන්නෙම වැරදිකාරයෝ බවට පූර්ව නිගමන වලට ඇවිත්. නඩු අහන්නේ උන් දැනටත් අරං තියෙන තීන්දුව අපි මතට පටවන්න විතරයි. මට මතක් වෙන්නේ 1818 සුද්දන්ගේ යුද්ධාධිකරණ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි. ඒත් බටහිරට උවමනා උනේ තමන්ට නැමෙන ආණ්ඩුවක් මෙහෙ අටවගෙන තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම නිසා මේ කරන්න යන යුධපරාධ පරීක්‍ෂණ වලින් "රටට" වැඩි හානියක් නෑ. ඒත් භයානක වෙන්නේ යුධපරාධ එක්කම එකට අමුණලා ගෙනෙන විධායක, අධිකරණ සහ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ. ඒ ගැන මානව හිමිකම් වාර්තාවේ සඳහන්. ඒත් අපේ සත්තු (ගම්මන්පිල/විමල් ඇතුළුව) මේ ගැන වැඩි කතා නෑ.

      මට හිතෙන හැටියට අපි 1815 සාර්ථකව පහු කළා. 1818 එමින් තියෙනවා. ඒත් වඩාම භයානක වෙන්නේ 1821. කවුරුත් මේ ගැන කතා නොකිරීම ඉතාම කණගාටුදායකයි.

      Delete
    2. අපේ සත්තු කතා කරන්නෙ උං උංගෙ න්‍යාය පත්‍රවලට අදාල දේවල් නම් විතරයි. මෙවැනි දිසානතීන් ගැන හැඟීමක්වත් දකින්න නෑ

      Delete
    3. ඔව් සාරිකා හැබැයි තවත් දෙයක් තියෙනවා.
      ඔය හාදයෝ හතර පස් දෙනාට පුළුවනිද මේ ඔක්කොම බලා ගන්න? මම හිතන්නේ බෑ !
      නිකමට පුළුවන් කියලා හිතමු. ඒත් ඒ මිනිස්සු කරන කියන දේවල් අනිත් මිනිස්සු අතරට යන්නෙත් නෑ - දැන් තියෙන ජනමාධ්‍ය නිදහස නිසා.

      Delete
  3. ඩෙස්මන්ට පිං දෙමු !
    සෝභිතට නිවන් සුව පතමු !!
    http://www.divaina.com/2015/11/09/news12.html

    ReplyDelete
  4. වෙල් විදානේගේ "නාම යෝජනා" කළ කතාවට පොරක් link එක දමා තිබෙනු දුටුවා. පනත් විජේ පවා ඒ නම ප්‍රසිද්ධියේ භාවිතා කර ඇති බව එයින් දැන ගත්තා. කාරණා දෙකක් මේ ගැන කියන්න ඕනේ.
    1. කතා32 අප හිතනවාට වඩා වැඩි දෙනෙක් කියවනවා.
    2. කියවන අය සංවාදයට පොළඹවා ගැනීම අතින් කතා32 අසාර්ථකයි.
    මේ ගැන ඇත්තටම ටිකක් හිතන්න වෙනවා. දැන් බලන්න සිතුවිළි තුමා...............
    සිතුවිළි තුමාගේ මල ගෙදර ගිය කෙනෙක් ඉන්නවද මෙතන ?

    ReplyDelete
  5. "රණවිරුවන්ට එරෙහිව තවත් ජාත්‍යන්තර හෝ දේශීය හෝ දෙමුහුන් හෝ පරීක්‍ෂණ අනවශ්‍ය බව අපි නැවතත් අවධාරණය කරමු. පරණගම කොමිසමේ ආරාධනයෙන් උපදේශකයන් ලෙස පත්කළ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, හිටපු මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් ආදීහු තම මත ප්‍රකාශ කරමින් ඊනියා ජාත්‍යන්තර නීතිය යටතේ හා හමුදා නීති යටතේ අප හමුදාව යුද්ධාපරාධ කර නැති බව ඉතා පැහැදිලි ව සඳහන් කරති. ඒ් මත දි අයිලන්ඩ් විද්‍යුත් පුවත්පතෙහි පසුගිය 18 වැනි දා පළකර තිබිණි. පරණගම වාර්තාවට අමුණා තිබුනේ හෝම්ස් මතය පමණකි. අනෙක් මත වාර්තාවට අමුණා නැත්තේ බලපෑමකින් ද? ඩෙස්මන්ඩ් ද සිල්වා මතය පිළිබඳ වැදගත් ලිපියක් දි අයිලන්ඩ් පුවත්පතේ පසුගිය 4 වැනි දා පලකර තිබිණි. ඒ ලිපියෙන් කියා තිබුණේ ඩෙස්මන්ඩ් ද සිල්වා මතය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම වැළැක්වීමට අගමැති ක්‍රියාකර ඇති බව ය. ඒ මත බෙදාහැරීමට විරුද්ධව ක්‍රියාකරන්නන්ට ආණ්ඩුව තර්ජනයක් කර ඇති බව ද එහි සඳහන් වෙයි. ඒකාබද්ධ විපක්‍ෂය ඒ මත සිංහලට පරිවර්තනය කර, ආණ්ඩුව එකී මත ජෙනීවා හි දී හා අදාළ සංසදවල දී ඉදිරිපත් කරමින් හමුදාවේ නිරදෝෂිභාවය හෙළිදරවු කළ යුතු යැයි උද්ඝෝෂණය කළ යුතු ය."

    නලින් ද සිල්වා
    2015 නොවැම්බර් 08

    ReplyDelete
    Replies
    1. මිතුර ජොසෙෆ් ඔබට ස්තූතියි.

      Delete