Wednesday, September 23, 2015

චරිත දෙකක් ගැන කතා ගොඩක්

චරිත දෙකක් පිළිබඳ මේ ලිපිය දින කිහිපයකට පෙර අවසන් කර පල විය යුතුව තිබුණු මුත් කරුණු සම්පිණ්ඩනය කර අවසන් කර ගත නොහැකිව තිබුණු ලිපියකි.

Parliament of World Religions, Chicago, Sept. 1893
අප අද මාතෘකා කර ගත් චරිත දෙක මෑත කාලීන ලාංකීය ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ, ලාංකීය ඉතිහාසය වෙනස් කිරීමට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දායක වූ සුවිශේෂ චරිත දෙකකි. මේ දෙක එකට ගෙන කතා කිරීමට හේතු භූත වූ කරුණ වන්නේ මේ මහතුන් දෙදෙනාගේම ජන්ම දින සැප්තැම්බර් මස 17 දිනට යෙදී තිබීමයි.

සැප්තැම්බර් මස 17 දින එකට ජන්ම දිනය සමරන මුත් නිවුන් සොහොයුරන් නොවන මේ යුග පුරුෂයන් දෙදෙනා වන්නේ ක්‍රි.ව.1864 උපන් දොන් ඩේවිඩ් හේවාවිතාරණ සහ ඊට දශක සතරකට පසු 1906 දී මෙලෝ එළිය දුටු ජූනියස් රිචඩ් ජයවර්ධන යන මහතුන්ය.





දොන් ඩේවිඩ් හේවාවිතාරණ මහතා ඉංගිරිසි ඌරුව ගත් තම නාමය `ධර්මපාල` යන නාමයට පෙරළාගෙන එනමින් පෙනී සිටියේය. පසුකාලීනව සිරි දේවමිත්ත නමින් පැවිදිව බ්‍රිතාන්‍ය ඉන්දියාවේ සාරනාත් හි දී 1933 අප්‍රේල් 29 දින අපවත් වී වදාළහ. ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා ජේ-ආර් යන නමින් ලාංකිකයන් අතර ජනප්‍රිය වූ අතර විශ්‍රාමික ජනාධිපති වරයෙකුට හිමි වරප්‍රසාද විඳිමින් සිට 1996 නොවැම්බර් මස පළමුවැනි දින කොළඹදී අභාවප්‍රාප්ත විය.



ආගම් පිළිබඳ ලෝක සමුළුව සහ සැන් ෆ්රැන්සිස්කෝ සාම සමුළුව


අර්ධ පැවිදි තත්වයක් ලෙස සැළකිය හැකි අනගාරික සීලයක් රකිමින් සිටි ධර්මපාල තුමා ලෝක ප්‍රකට වන්නේ 1893 දී ඇමරිකානු එක්සත් ජනපද වලට අයත් චිකාගෝ නගරයේ පැවති ආගම් පිළිබඳ ලෝක සමුළුවේ කළ දේශනයෙනි. නව ලෝක තත්වයන්ට හැඩ ගැසුණු ගෝලීය (ලෝක ව්‍යාප්ත යන අදහසින්) ධර්මයක් ලෙස බුදුදහමේ ඇති සුදුසුකම පෙන්වා දීමටත්, බ්‍රිතාන්‍ය පාලනය යටතේ රාජ්‍ය නිග්‍රහ ලැබීමෙන් ඊට අත් වී තිබෙන කණගාටුදායක ඉරණම ලෝකවාසීන් ඉදිරියේ දිග හැරීමෙන් අනුකම්පාව දිනා ගැනීමටත් එතුමා සමත් වූ අතර මෙය ලෝක බෞද්ධ පුනරුදයක අඩිතාලම බවට ද පත් විය.


මීට වෙනස් ලෙස ජයවර්ධන මහතා ලෝක පූජිත බවට පත් වන්නේ දෙවන ලෝක සංග්‍රාමය ලෙස පොදුවේ හැඳින්වෙන අධිරාජ්‍යවාදී රටවල් අතර සංග්‍රාමයේදී පරාජයට පත් වූ පාර්ශවයට ඔවුන් විසින් කළැයි චෝදිත අපරාධ වලට දඬුවම් (සහ වන්දි) නියම කිරීම සඳහා ජයග්‍රාහකයින් විසින් කැඳවුණු සම්මේලනයේ දී පරාජිත ජපන් ජාතියේ අභිමානය නසා ඔවුන් ජයග්‍රාහකයන් ඉදිරියේ වාලුන් බවට පත් කෙරෙන ඇමරිකානු-බ්‍රිතාන්‍ය යෝජනා වලට එරෙහි වෙමින් ජපානය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි.

යුද්ධයෙන් පරාජය වුවත් ජපනාටත් අභිමානයක් ඇති බවත් ජපනුන්ද අප වැනිම මිනිස් වර්ගයක් බවත් යෝජනා කරමින් ධම්මපදයේ එන නහි වේරේන වේරානි ගාථාව උපුටා දක්වමින් නිදහස් ලංකාවේ මුදල් අමාත්‍ය වශයෙන් එතුමා කළ කතාව ශ්‍රී ලංකාවත් ජයවර්ධන නාමයත් ලෝක දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවීමට සමත් විය.

මේ සිද්ධිය විකියේ ලියැවෙන්නේ පහත අයුරිණි.

Ceylon's defense of Japan

A major player in providing support for a post-war free Japan was the delegation from Ceylon (now known as Sri Lanka). While many were reluctant to allow a free Japan capable of aggressive action and insisted that the terms of surrender should be rigidly enforced in an attempt to break the spirit of the Japanese nation, the Ceylonese Finance Minister J.R. Jayawardene spoke in defence for a free Japan and informed the conference of Ceylon's refusal to accept the payment of reparations that would harm Japan's economy. His reason was "We in Ceylon were fortunate that we were not invaded, but the damage caused by air raids, by the stationing of enormous armies under the South-East Asia Command, and by the slaughter-tapping of one of our main commodities, rubber, when we were the only producer of natural rubber for the Allies, entitles us to ask that the damage so caused should be repaired. We do not intend to do so for we believe in the words of the Great Teacher [Buddha] whose message has ennobled the lives of countless millions in Asia, that 'hatred ceases not by hatred but by love'." He ended the same speech by saying;

This treaty is as magnanimous as it is just to a defeated foe. We extend to Japan the hand of friendship and trust that with the closing of this chapter in the history of man, the last page of which we write today, and with the beginning of the new one, the first page of which we dictate tomorrow, her people and ours may march together to enjoy the full dignity of human life in peace and prosperity.

Minister Jayewardene's speech was received with resounding applause. Afterwards the New York Times stated, "The voice of free Asia, eloquent, melancholy and still strong with the lilt of an Oxford accent, dominated the Japanese peace treaty conference today."
කාලාන්තරයක් මුළුල්ලේ ජපානය සහ ජපන් ජාතිකයන් ශ්‍රී ලංකාවට දැක්වූ ත්‍යාගශීලී මිත්‍රත්වය මේ උතුම් කාර්‍යයේ ඉෂ්ඨ විපාකය වේ. ජයවර්ධන මහතා මිය ගියත් ඒ නාමයට අදටත් ජපනුන් සළකන බව කියත්.



ලංකාවේ අනාගතය පිළිබඳ දැක්ම


ජයවර්ධන ජනාධිපති වශයෙන් කළ දේ බොහෝ දෙනා දනිති. බටහිර නූතනත්වය අප රට තුලට කඩා වදින ලෙස වට කඩුලු බිඳ දැමුවේ ඔහුය. 1977 මහමැතිවරණයෙන් පෙර නොවූ විරූ ජයග්‍රහණයක් ලැබූ හෙතෙම මෙරට ආර්ථික ප්‍රතිපත්ති සහමුලින් වෙනස් කරමින් විවෘත ආර්ථික ක්‍රමයකට ඉඩ සැළසීය. ඔහුගේ ප්‍රතිපත්තිය නිදහස් වෙළෙඳපොළ සහ විදෙස් ආයෝජන මත රඳා පැවති බව අපගේ නිරීක්‍ෂණය වේ. සෘජු විදෙස් ආයෝජන වලට ඉඩ සළසමින් නිදහස් වෙළෙඳ කලාප ඇති කර කර්මාන්ත දියුණු කිරීම ඔහුගේ ප්‍රමුඛ ක්‍රමෝපාය විය.
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ඉටු නොවූ පැතුම
එහෙත් නිරතුරු අප ගිල ගැනීමට බලා සිටින දැවැන්ත සතුරු රාජ්‍යයක් මුවවිට සිටින අපට ජයවර්ධනයන්ගේ ආර්ථික ක්‍රමෝපායයන්ගේ නිසිපල නිසි වේලාවට නෙළා ගැනීමට නොහැකි විය. ඔහුගේ දෙවන ධුර කාලය ඉන්දියාව විසින් ඇති දැඩි කර පුහුණු කර ලංකාවට එවූ දුසිම් ගණනක් ත්‍රස්තවාදී සංවිධාන සමග අනවරත අරගලයක යෙදුණු කාලකන්ණි පරිච්ඡේදයකි.

1988 දී ජයවර්ධනයන් තම ධුරයෙන් විශ්‍රාම යන්නේ ලංකා ධරණී තලය මත එතෙක් අත්සන් කෙරුණු නින්දිතම ගිවිසුම අත්සන් කළ අවාසනාවන්ත පාලකයා ලෙසිණි. ඔහුගේ බෑණනුවන් කෙනෙක් විසින් 1987 කුප්‍රකට ඉංදු-ලංකා ගිවිසුමටත් එහා ගිය පාවාදීමේ ගිවිසුමක් 2002 දී අත්සන් කළ බැවින් මේ අවමානය ජයවර්ධන නාමයෙන් යම් තරමකට ඉවත් විය. ඉන්දියාව විසින් මහළු ජනාධිපති ජයවර්ධනයන් වෙත එල්ල කළ පීඩනය එවකට මෙරට ඉන්දීය මහකොමසාරිස් වූ ජේ. එන්. ඩික්‍ෂිට් පසුකාලීනව සිය චරිතාපදානයේ දක්වන ලදී.



අනගාරික ධර්මපාල තුමන්ගේ ආර්ථික දැක්ම මෙයින් වෙනස් ය. එතුමා ද ජයවර්ධන සේම ජපන් මිත්‍රයෙකි. තරුණ ධර්මපාල ජපානයේ කිහිප වරක් සංචාරය කළ අතර එහි ව්‍යාපාර සහ කර්මාන්ත කළමනාකරණ ආදර්ශය ලංකාවට වඩාත් ගැලපෙන බව ඇදහිය. සාමූහිකත්වය පදනම් කරගත්, එසේම ව්‍යාපාර පක්‍ෂපාතිත්වය ඉහළින් සළකු ජපන් ව්‍යාපාර ක්‍රම ඉගෙන ගැනීම පිණිස තරුණයින් ජපානයට යැවීමේ වැඩ පිළිවෙලක් ද ඔහු ආරම්භ කළේය.

ලක්දිව සිංහල ව්‍යවසායකයින් ඇති කිරීම පිළිබඳ ඔහුගේ පැවති අතිමහත් උනන්දුව පහත කතාවෙන් සපථ වේ.
වරක්‌ රැස්‌වීමක්‌ අමතමින් අනගාරික ධර්මපාලතුමා මෙසේ කීය.

මේ රැස්‌වීමේ එළියෙත් හිටියා හම්බන්කාරයෙක්‌ ඉන්දියාවෙන් ආපු. ඒ මිනිහා එතන මිනිසුන්ට බොම්බයි මොටයි විකුණනවා. විකුණල සල්ලි හම්බ කරගන්නවා. අපේ සිංහලයෙක්‌ ඉන්නවාද බොම්බායි මොටයි හදන්න දන්න.

එවිට කෙනෙක්‌ නැගී සිට `මම දන්නවා බොම්බයි මොටයි හදන්න` කීවේය. අන්න සිංහල ගොන් තඩියෙක්‌ වල් අලියෙක්‌ ඌ බොම්බයි මොටයි හදන්නත් දන්නවා. හදාගෙන කන්නත් දන්නවා. හැබැයි ඒවා විකුණලා සල්ලි හම්බ කරන්න දන්නෙ නෑ ධර්මපාලතුමා පිළිතුරු දුන්නේය.
ජයවර්ධනයන් විදෙස් ආයෝජන මත සිය සිහින ලංකාව ගොඩ නැගුවත් ධර්මපාලයන්ගේ අරගලය සිංහලයන් වෙත ආර්ථික ස්වාධිපත්‍යය ලබා ගැනීම උදෙසා විය. ජයවර්ධන සේම ප්‍රවේණිගත ධනස්ඛන්ධයක උරුමක්කාරයා වූ ධර්මපාල තුමා ඒ අතිමහත් ධනය සිංහලයන්ගේ ආර්ථික වර්ධනය උදෙසා ආයෝජනය කිරීමට සූදානම්ව සිටි මුත් එහි පල ප්‍රයෝජන විඳ ගැනුමට සිංහල ජාතිය සූදානම් වූයේ නැත. සිංහලයා නගා සිටුවීම පසෙක දමා වැනසෙමින් පැවති බුදුදහම සහ එහි සිද්ධස්ථාන රැක ගැනීමට තම කාලය ධනය සහ ශ්‍රමය වැය කිරීමට ධර්මපාල තුමා සිතට ගන්නේ ඒ නිසාය. එතුමාගේ පළමු ප්‍රයත්නය සාර්ථක වී නම් දෙවන ප්‍රයත්නය දැරීමවත් අවශ්‍ය නොවන්නේ ආර්ථික ස්වාධිපත්‍යය ලඟා කරගත් සිංහලුන් විසින් බුදුදහම රැක ගැනීම අනායාසයෙන් කෙරෙන බැවිණි.

සිංහලයින් විසින් ආර්ථික ස්වාධිපත්‍යයක් ගොඩ නගා ගැනීමට අපොහොසත් වීම, වඩා නිවැරදිව කිවහොත් ඒ සඳහා මන්දෝත්සාහී වීම, ධර්මපාල තුමා දුෂ්කර තත්වයට පත් කළේය. එතුමාගේ බොහෝ දේශන සේම රචනාද කඨෝර වීමට හේතුව මෙය විය හැක. හොඳින් කියා හික්මවිය නොහැකි තැන නරකින් කීමත්, නරකින් කියා බැරි තැන අත්හැර දැමීමත් මිස වෙන කළ හැකි දෙයක් ඇත්ද.

පහත දැක්වෙන්නේ එතුමා සිය කලකිරීම වචනයට පෙරැළූ අවස්ථාවකි.
ගුථභක්ත සංඛ්‍යාවට අයිති ග්‍රාම සූකරයන්...
මෙල්බන් නුවර වාසය කරන තිරාජ් අධිකාරි නම් සහෘදයා විසින් තම බ්ලොග් අඩවියේ 2011 වසරේ තැබූ සටහනක් උපුටා දක්වමින් අද ලිපිය අවසන් කරමි.
මෙල්බරන් නුවර යනු ලොව වෙසෙන නානාප්‍රකාර ජාතින් වාසය කරන තැනකි. මෙහි වෙසෙන්නාවූ ඒ නානාප්‍රකාර ජාතින් ගේ කුඩා දරුවන් බොහෝකොට තම මවු බසින් දෙමාපියන් සමග කතා කරනු දැක ඇත්තෙමි. වෙළද සල් වල, පාරේ හෝ පොදු ස්ථාන වල හමුවන මෙම නානාප්‍රකාර ජාතීන්ගේ කුඩා දරුවන් (අතෙහි සිටින්නාවූ බහ තෝරන අත දරුවන් පවා) තම දෙමාපියන් සමග තම බසින් පමණක් කතා කරයි. එම චීන, කොරියානු, යුරෝපිය, ඉන්දීය, තායි, ජපන් ආදී වූ විවිධ ජාතීනට අයත් මෙම දෙමාපියන්ද තම දේශයෙන් කෙතරම් ඈත විසුවද තම දේශයට හා සංස්කෘතියට ඇති ප්‍රේමයෙන් තම දරුවන් තම මවුබස ඉගනීමට උනන්දු කරනු ලබන්නේ, එහි ඇති අගය වටහාගෙන ඇති බැවිනි.

අහෝ ඉංගිරිසිය දොහොත් මුදුනින් ගත් කාලකන්නි අඳබාල සිංහල දෙමවුපියන් පමණක්, කැඩිච්ච ඉංගිරිසියෙන් තතන තතනා හෝ තම දරුවන් සමග ඉංගිරිසියෙන් පමණක් කතාකරනු මා සැමවිටම දැක අතෙමි.

භාෂාව යනු සංස්කෘතියකට පිවිසීමේ දොරටුවයි. තම මාතෘ භාෂාව හරිහැටි නොදන්නා එහි භාවිතාවේ විවිධත්වය නොදන්නා දරුවා හට පසුවට එම භාෂාවෙන් විස්තර කරන්නාවූ තම මාතෘ දේශයෙහි ඇති කරුණු විහිළුවකි, දුරවබෝධ ආත්මයට සමීප නොවූ දුරස්ථ දෙයකි. ටිකෙන් ටික වයසින් වැඩෙන විට මෙම දුරවබෝධ භාෂාව හා ඒ හා සමග බැදුණු සංස්කෘතිය හා සභ්‍යත්වය ඔහුගෙන් ගිලිහි ගොස් පරිපුර්ණ ABCD (Australian Born Confused Desi) කෙනෙකු බවට පත්වීම හෝ, සම්පුර්ණයෙන් පර භාෂා චරිත්‍රයනට අනුගත වීම වැළැක්විය නොහැකිය.

දෙමපියන්නට මෙය වැටහෙන විට කල් ගොස් වැඩිය. දරුවනට තම භාෂාව හා චාරිත්‍ර හදුන්වා නොදී, ඉංග්‍රීසි භාෂාව හා ඒ සමග බැදුණු හොද හා නරක චාරිත්‍ර අකුරක් නෑර උගන්වා ඔවුන් හොද ඔසියන් වූ පසු, යුරොපියන්ගේ ගේ චාරිත්‍ර පරිදි දෙමවුපියන් සමග කතාබස් කරන විට (You mind your own business old man) හැසිරෙන විට සුසුම්ලමින් සිටිනා කාලකන්නි දෙමාපියන්ද මා දැක අතෙමි. කලයුතු දේ නිසිකල නොකොට දිය සිදී ගිය විලක අතරමන් වී ඇති කණ කොකුන් වන් වූ ඔවුනට අප අනුකම්පා කල යුතුද ?
කළ යුතු දේ නිසිකල නොකොට දිය සිදී ගිය විලක අතරමන් වී ඇති කණ කොකුන් වන් වූ ඔවුනට අප අනුකම්පා කල යුතුද ?

විදෙස්ගත සිංහලයින් වෙනුවෙන් පමණක් නොව මෙරට වෙසෙන සිංහලයින් වෙනුවෙන්ද අන්‍ය ජාතින් විසින් ඉහත ප්‍රකාශය කෙරෙන දිනය වැඩි ඈතක නොවේ.

අපට අප පිළිබඳ කැක්කුමක් නැති තැන චීනය රුසියාව තබා අප නිසාම තරමක අභය දානයක් ලැබූ ජපානයවත් අප වෙනුවෙන් පෙනී සිටීවිද ?




50 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔබේ ලිපියේ අවසන් ඡේද තුන කියවන විට ඇත්ත නේදැයි සිතෙමින් කම්පාවක් ඇතිවෙනවා කණිෂ්ක ගොඩක් වටිනා ලිපියක්. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අප සිත් තුල කැකෑරෙන ඒ කම්පාවමයි වචනයට පෙරළන ලද්දේ.

      Delete
  3. අවසනට කියා ඇති හයිලයිට් ඡේදයේ ඇති දේ මෙල්බර්න් වැනි පරදේශයන්ට පමණක් නොව ලංකාවේ ඉන්න සම හරක් ට ත් අදාලයි කණිෂ්ක..
    මං තටම දන්න මනුස්සයෙක් ඉන්නව වැසිකිළි යන්නෙත් ඉංගිරිසියෙත් (අහන්නෙපා කෝමද කියල හිහික්) ඒ මනුස්සයගෙ ළමයි ගැන කියන්න දෙයක් නෑනෙ...
    අහගන්නකො හොද කතාවක්..
    අපි පොඩි කාලෙ සමහර බර වචන වෙනුවට කතා කරන සිගිති ශබ්දකෝෂයක් තියෙනව නෙ.. ඔය බයියං, දොය්ය, තැත්ත වගේ.. මේක ඔය තැත්ත කියල වචනෙ ට අදාල කතාවක්.. තැත්ත කිය්නෙ ගවය හෙවත් හරක කියල කණිෂ්ක දන්නව ඇති නෙ..
    අර කියපු මනුස්සයගෙ පුතෙක් ආව අපේ නෑ ගෙදරකට තමන්නෙ පොඩි එකත් එක්ක.. අනේ ඉංගිරිස් බේරෙනව කෝමහරි පොඩි එකා හූ තියන්න ගත්ත කියන්නකො මොකක් හරි සීන් එක්කට.. අපේ බාප්ප පොඩි එකාව වඩාගෙන ගියා හරක් ගාල පැත්තට තැත්තො පෙන්නන්න කියල අනේ අර පොඩි එකාට තැත්තා කීවට ඌ දන්නෑ කියන්නකො.. හරක කීවට තේරෙන්නෙත් නෑ...
    අන්තිමට පොඩි එකාම අත දික් කර කර
    කව්ව.... කව්ව කව්ව කියන්න ගත්ත මං ඒත් කම්පනා කොලා යකෝ මොකාටද මේ කව්ව කියන්නෙ කියල පස්සෙ තමා මීටරේට වැටුණෙ කව් කියන්නෙ එළදෙන ට නේද කියල ඒක තමා මේ කව්ව කියල පොඩ්ඩ කියන්නෙ..
    සෝචනියයි බං

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හා.... !!!
      පොඩි කාලේ කව් ජූස් බීල හැදුනමත් එහෙම වෙනවලු.

      (කොහොම වෙතත් ඒ කොටස තිරාජ් අධිකාරිගේ Other Way බ්ලොග් අඩවියෙන් ගත් බව කෘතඥතා පූර්වකව නැවත මතක් කරමි.)

      Delete
    2. කව් ජූස් --- එළ කිරි !!

      Delete
  4. සිංහලයන් ආර්ය නම් ගතයුතුයි කියන අදහස ගැන මට තියෙන්නේ වෙනත් අදහසක්.
    අපූර්වි ඔමායා, අනර්කලී ආකර්ශා වගේ නමක් ලංකාවේ කාටහරි තියෙනවානම් එයා සිංහල කියලා නිගමනය කරන්න පුලුවන් ඒක සිංහල ජාතියේ අනන්‍යතාවයක් හැටියට සලකන්න පුලුවන්. ඒකෙන් ලොකුම පාඩුව වෙලා තියෙන්නේ දෙමලුන්ට උන්ට තමන්ගේ දරුවෙක්ට නමක් දානකොට රැඩිකල් නමක් දාන්න අමාරුයි. එතකොට ලමයා සිංහලයෙක් වගේ පෙනෙන්න පුලුවන්. ඉතින් දෙමලු දරුවන්ට දමන්නේ උන්ගේ ආච්චිල/ සීයලගේ නම්.

    ReplyDelete
    Replies
    1. ආර්ය නම් ගැනීම දැන් යල් පැන ගිය දෙයක්. ධර්මපාලලා, මෛත්‍රීපාලලා නැවත බිහි වෙන්නේ නෑ. ආරියසේන ගේ හෙළ™ ලෙස නම් කළ 'හබක්' නම් දැමීමත් දැන් ඇත්තේ බසින කලාවේ. එය කළේ ඔහුමයි. ඒ `ජපන් නම් සේ ඇසෙන`, `ඉංගිරිසි නම් සේ ඇසෙන`, `ප්‍රංස නම් සේ ඇසෙන` ආදී වශයෙන් නම් සෑදීම පටන් ගැනීමෙන්. ඇසෙන්නේ ජපන් ලෙසනම් එය සිංහල නමක් වන්නේද ? ජපන් ලෙස ඇසෙන සිංහල නමකට වඩා ජපන් නමක් හොඳ නැද්ද ?
      ---

      මේ නම් `ලොවෙත් නැති` නම් වීම හේතුවෙන් `නාමික` අනන්‍යතාවයක් අපට ලැබුණු බවනම් සිකුරුයි. ඒත් ආරියසේන අශුබෝධගේ ඇට කටුත් දිරා ගොස් තිබෙන මේ කාලයේ ඔහු විසින් දමන ලද නම් වල තේරුමක් ඇත්ත වශයෙන්ම නෑ.

      අශුබෝධ කළේ කුමක් හෝ ශබ්දයකට `ඒත්තු ගැන්විය` හැකි අර්ථයක් ආරෝපණය කිරීමට වඩා වැඩි දෙයක් නොවේ. එහෙත් ඔහු ආරම්භ කළ දෙයින් සිදු වුණේ සිංහලයන් සීය දරුවන්ට `ලොවෙත් නැති` නමක් දැමීමට පෙළඹවීම පමණයි. එය රැල්ලක්.

      ඔබ රැඩිකල් නම් ය කියන්නේ `ලොවෙත් නැති` නම් වලට බව පැහැදිළියි. ආරියසේන අශුබෝධයෙක් නැති දෙමළුන්ට එවැනි නම් අවශ්‍ය විය යුත්තේ ඇයි ?

      Delete
  5. 2010 - 2012 කාලයේ ගොඩක් බ්ලොග් බැලුව , ලිව්වා සහ කොමෙන්ට් කරා. දැන් බ්ලොග් පැත්තේ යන්නේ බොහොම අඩුවෙන්. ඔබ කරගෙන යන අගනා බ්ලොග් අඩවියට සුභ පැතුම්.

    ඔබ සඳහන් කල චරිත දෙකම එක වගේ. කන්‍යා ලග්නයෙන් එකම දවසේ ඉපදීම ඒකට හේතුව වෙන්න ඇති. දෙදෙනාම අතිශයෙන් බුද්ධිමත් , වැඩක් කරන්න කැමති , හිතට එකඟව වැඩ කරන අවංක මිනිස්සු දෙන්නෙක්. ඒ වගේම හොඳම හොඳ බෞද්ධයන් දෙදෙනෙක්. දෙදෙනාගේ සමාජ පසුබිමේ ඇති වෙනස නිසා දියුණුව (ආර්ථික , සමාජීය සහ අධ්‍යාත්මික ) සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා දැරුව ආකල්ප වල වෙනසක් ඇතිවුනා. ඒ වෙනස් සමාජ දැක්මවල් මගින් කාල දෙකකදී රටක් වෙනස් කරපු මිනිස්සු දෙන්නෙක් ඔවුන්.

    ධර්මපාල තුමා බෞද්ධ දර්ශනය මත පදනම් සමාජ සහ අර්ථ ක්‍රමයක් ලංකාව තුල ඇති කිරීමට උත්සාහ කළා. නමුත් ඒ ආකල්ප සහ ජිවන වෙනසට බෞද්ධ ජනතාව සුදානම්ව සිටියේ නැහැ. සිංහල බෞධයන් ලංසි ජාතිකයන් මෙන් සැහැල්ලුවෙන් , සෙල්ලක්කාර ලෙස හෙටක් ගැන නොහිතා ජිවත් වීමට කැමති පිරිසක්. ඕනෑම පර සිරිතක් ඉතා ඉක්මනින් ඔවුන් අතරට අවශෝෂණය වීමට එය හේතුවක්. එමෙන්ම ඔහු බෞද්ධ දර්ශනය මත පදනම්ව කටයුතු කිරීම සහ දියුණුව විග්‍රහ කිරීම නිසා අන්‍ය ජාතිකයන් සහ ආගමිකයන් සංවර්ධන ක්‍රියාදාමයන් තුලින් දුරස් උනා. ගාන්ධි මෙන් රටක සියලු ජාතින් සාමුහිකව පෙරමුණක් බවට පත් කර එක අරමුණක් කරා ගෙන යාමට ඔහුට ඕන කමක් තිබ්බත් හැකි උනේ නැහැ.

    JR මහතා එයට වෙනස් ආකාරයකින් බෞද්ධ දර්ශනය පෞද්ගලික අධ්‍යාත්මික වර්ධනය සඳහා පමණක් භාවිතා කළා. ඔහුට එය මිනිසුන්ගේ පෞද්ගලික ඇදහිල්ල සම්බන්ධ දෙයක් පමණක් උනා. ඔහු සංවර්ධනය සඳහා යුරෝපිය රටවල් භාවිතා කල අර්ථ ක්‍රමය මත විශ්වාසය තැබුවා. නමුත් 77 දී කිසිම සැලසුමකින් තොරව චන්ද පොරොන්දු ක්‍රියාත්මක කිරීම මත පමණක් පදනම්ව රටේ ආර්ථිකය විවුර්ත කිරීම නිසා දේශීය කෘෂි ආර්තිකය සහ සුළු හා මාධ්‍ය පරිමාන කර්මාන්ත සියල්ල බිඳ වැටුනා. රටේ අස්ථාවර භාවය, විදෙස් අත පෙවීම් සහ සන්නද්ධ කැරලි දෙකකට එය හේතු වුනා. ලෝකයේ දියුණු වුන කිසි රටක් එලෙස සම්පුර්ණයෙන් , සැනකින් තමන්ගේ ආර්ථිකය විවුර්ත කර නැහැ. ඇමරිකාව දැනටත් තමන්ගේ නැගී එන විවිධ ක්ෂේත්‍ර බදු සහ සහන මගින් ආරක්ෂා කරනවා , ඒ ක්ෂේත්‍ර ලෝක වෙළඳ පොලේ තරඟකාරීව ක්‍රියාත්මක වීමට සමත් වෙන තෙක්.

    කනගාටු දායක ලෙස මේ චරිත දෙකටම තමන්ගේ රට දියුණුකරන සිහිනයන් සැබෑ කරගැනීමට නොහැකි වුනා. නමුත් ඔවුන් දෙදෙනාම ලංකා ඉතිහාසයේ හොඳ හෝ නරක සැලකිය යුතු වෙනසකට දායක වුනා. ඔවුන් දෙදෙනා වෙනත් රටක වෙනත් සාධක යටතේ ඉපිද ක්‍රියාත්මක වුවා නම් ප්‍රතිඵලය බොහෝ වෙනස් වීමට හේතු සාධක තිබු බව මගේ විශ්වාසයයි.

    ReplyDelete
    Replies
    1. මේ පුද්ගල චරිත දෙක පිළිබඳව නැවත ලිපියකින් කීමට සිතූ දේ ඔබ පරසිත් දන්නා නුවණින් දුටු අයුරින් මැනවින් විස්තර කර තිබෙනවා (ඉතා සුළු කරුණක් හැරුණු කොට).

      ඔබ ඉස්මතු කරන කරුණු අනෙක් සහෘදයන්ගේ සංවාදයට බඳුන් වේ නම් බොහෝ යහපත්.

      මිතුර, ඔබ මෙහි පැමිණ අදහස් බෙදා හදා ගැනීම පිළිබඳ හද පිරි ස්තූතිය පුද කරමි.

      Delete
  6. මට මේ දවස්වල බඩේ දැවිල්ලක් හැදිලා එලෝ පොල් පෙනිලා ඉන්නේ ඒ හින්දා මොකවත් හිතෙන්නේ නෑ. ඔයාලා හිතන හැටියට ධර්මපාල තුමාගේ අදහස්වලින් අදට නොගැලපෙන දේවල් මොනවද?
    අපහාසයක් හැටියට නෙමෙයි මේ කාරනාව මතුකලේ.

    ReplyDelete
    Replies
    1. හොඳට හුණු දාල විටක් කන්න.
      ---
      ධර්මපාල තුමාගේ අදහස්වලින් අදට නොගැලපෙන දේවල්
      1. අනගාරික
      2. ධර්මපාල
      3. සිංහලයිනි නැගිටිව්
      4. බුද්ධගයාව බේරා ගනිව්
      5. සුද්දෝ කවද හරි මේ රට දාල යනවා
      ... සහ තව බොහෝ දේ ...

      Delete
    2. අප දකින'යුරින් නම් ධර්මපාල තුමා තම කාලයට ඉදිරියෙන් සිටි දාර්ශනිකයෙකි. බොහෝ දාර්ශනිකයන් සතු දුර්වල කම - එනම්, ස්වකීය දර්ශනය තුලම ගිලී ජීවත් වීම මිස හාත්පස නොබැලීම - එතුමා සතුවත් තිබුණු බව සිතමි.

      සාර්ථක ව්‍යාපාරික පවුලක උපත ලද එතුමා ඒ පවුල් පසුබිම තුලින් ලද ආර්ථික හික්මීම අනෙක් සිංහලයන් තුලද ඇති කිරීමට උත්සාහ දැරීය. සිංහලයින් සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමටත් එනයින් ලක්දිව ආර්ථික බලය අත්පත් කර ගැනීමටත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදු වීමට නියමිත බෞද්ධ පුනරුදය ජාතිවාත්සල්‍යය සමග මුසු කර ක්‍රමානුකුලව දේශපාලන බලය සිංහලයින් සතු කර ගැනීමත් එතුමාගේ අභිප්‍රාය වූ බව සිතමි (වෙන කිසිවෙක් එසේ නොසිතීම පිළිබඳ කණගාටුවක් නැත !).

      එහෙත් එතුමාගේ ව්‍යාපාරය සාර්ථක වීමට ඇවැසි පසුබිම එවකට නොවීය. සත්‍ය වශයෙන් කිවහොත් ඒ පසුබිම ඇති කරන ලද්දේ ජයවර්ධන අගමැතිතුමා විසිනි. ඒ ධර්මපාල තුමාගේ මරණයෙන් අඩ-සියවසකට පසුවය. ධර්මපාල තුමාගේ සමයේ දකුණේ සිංහලයින් කිහිප දෙනෙක් හැරුණු විට පොදුවේ ගත් කළ සිංහලයින් තුල ව්‍යාපාරික ඥානයක් නොවීය. ව්‍යාපාර කිරීම පවක් වැනි හැඟීමක් ඔවුන් තුල අවිඥානිකව තිබෙන්නට ඇතැයි සිතමි.

      මේ පසුබිමේ සිට ඔබේ ප්‍රශ්ණය වෙත ආවොත් කිව හැක්කේ ධර්මපාල තුමාගේ අදහස්/කියමන් නොගැලපෙන්නේ එදාට මිස අදට නොවේ.

      Delete
  7. "… කළ යුතු දේ නිසිකල නොකොට දිය සිදී ගිය විලක අතරමන් වී ඇති කණ කොකුන් වන් වූ ඔවුනට අප අනුකම්පා කල යුතුද ?
    විදෙස්ගත සිංහලයින් වෙනුවෙන් පමණක් නොව මෙරට වෙසෙන සිංහලයින් වෙනුවෙන්ද අන්‍ය ජාතින් විසින් ඉහත ප්‍රකාශය කෙරෙන දිනය වැඩි ඈතක නොවේ.
    අපට අප පිළිබඳ කැක්කුමක් නැති තැන චීනය රුසියාව තබා අප නිසාම තරමක අභය දානයක් ලැබූ ජපානයවත් අප වෙනුවෙන් පෙනී සිටීවිද ?"


    මේක තමයි පෙරාපු ඇත්ත.
    මුන් මේක ශ්‍රී ලංකාව නෙවේ, 'හරාකිරි' ලංකාව කරලයි තියෙන්නේ. අපිට තියෙන්නේ එහෙම ආණ්ඩුවක්.

    ReplyDelete
    Replies
    1. තරහ කාරයෝ ගෙදර උන් අල්ලගෙන පාලු තැනකට ඇදගෙන ගිහිං (ජෙනිව කියමුකෝ) හොඳට නෙළන අතරතුරේ ගෘහ මූලිකයා තැබෑරුමකට වැදිලා (නව යෝරකය කියමුකෝ) තරහකාරයෝ එක්කම බීල බඹර පදම් වෙන්න වැදිලා වැටිලා ඉඳල පහුවදා එනකොට ඌව පාවඩ දාල පිළිගන්න උන් මේ රටේ ඉන්නේ මල්ලි.

      කතා කරලා වැඩක් නෑ - ගොබ්බ හැත්ත ගැන. මම ඒකමයි "දෙතිස් කඩේ" වහල දාල හිටියේ - පහුගිය ටික දොහේ. නැතුව වැඩ නිසා නොවේ.

      Delete
  8. කාලෙකට ඉස්සර විදුසර පත්තරේ අන්තිම පිටුවේ තිබුනා ඔක්ස්ෆර්ව් විශ්වවිද්‍යාලයෙන් කල අපූරු සමීක්ෂණයක් එහි අරමුණ විවිධ ආගම් සම්බන්ධයෙන් ස්ත්‍රී / පුරුෂ ආකර්ෂණය කෙසේ සිදුවන්නේදැයි සොයා බැලීම. එයින් අනාවරණය වූ කරුණු අනුව කතෝලික බෞද්ධ හින්දු ආගම් වලට වැඩියෙන් කැමති ගෑණු. මුස්ලිම්, ශීක්, යුදෙව්, මූලධර්මවාදී ක්‍රිස්තියානි ආගම් ආදියට වැඩියෙන් කැමති පිරිමි.
    ඒක බ්‍රිතාන්‍යයට වගේම ලංකාවටත් ගැලපෙනවා. ධර්මපාල තුමා වගේම සෝම හාමුදුරුවොත් උත්සාහ කලේ බුද්ධාගම පුරුශ ලිංගයට හැරවීමටයි කිව්වහැකි නේද?

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි කියල හිතෙනවා නේද ?

      අනගාරික ධර්මපාල කියන්නේ මේ කාලෙට ගැලපෙන 'දෙයක්' නම් නෙවේ - මේ කාලෙට ගැලපෙන්නේ කොට-කෙතන, කොට-දෙනියාව, කොට-කදෙනිය වගේ "කොට" කෑලි. මම මුලින් කීවා වගේ, අනගාරික ධර්මපාල කියාපු කිසිම දෙයක් මේ කාලෙට ගැළපෙන්නේ නෑ. එයා ගැලපෙන්නෙත් නෑ. ඔන්න කොණ්ඩයා ගැන ඇහැව්වනම් උත්තර ලැබෙයි සිය ගානක්.

      මේකයි අද රටේ යථා තත්වය.

      'පුරුෂ ලිංගයට හැරවීම' අලුත් කතාවක්. හින්දු ආගම ගෑණු ආගමක් වන්නේ උන් සිව ලිංගය කිරෙන් නාවන නිසාද ?

      Delete
    2. බලන්න පන්සල් සිංහල දේවාල, තමිල්නාඩු සම්ප්‍රදායේ දේවාල වගේ තැන් වලට වැඩිපුර යන්නේ ගෑණු. නමුත් මුස්ලිම් පල්ලිවලට යන්නේ පිරිමි. මේ කාරණය පුරුෂ ආධිපත්‍යයටම ලඝු කරන්න බෑ. මේ ගැන අදහස් කීපයක්ම ඔලුවට එනවා. මෙතන ගැහැණු/ පිරිමි හිතන විදියේ වෙනසක් තියෙනවා. ලේඛකයෙක් සහ ලේඛිකාවක් ලියන පොත් බැලුවත් මේ වෙනස අහුවෙනවා. ලේඛකයෙ‍ා් වැඩියෙන් ලියන්නේ ප්‍රථම පුරුෂයෙන්, ලේඛිකාවෝ වැඩිපුර ලියන්නේ උත්තම පුරුෂයෙන්.

      Delete
    3. ජගත්, ඔබ විමසන පැනය මග හැර සිටියේ අනවශ්‍ය දේ ලියවීමේ ඉඩක් පැවති නිසා. ඒ ගැන පළමුව සමාව ඉල්ලමි.

      එය පහතින් සංවාදයට ගැනීමට අවසර !

      Delete
  9. ජගත්,

    ඔබ සඳහන් කරන සමීක්‍ෂණය පිළිබඳ අප දැනුවත්ව නොසිටියත් එහි නිගමනය සමග එකඟ විය හැක. මෙය traits ලෙස ඉංගිරිසියෙන් හඳුන්වන `චරිත ලක්‍ෂණ` හා සබැඳි නිරීක්‍ෂණයක් බවයි අපේ අදහස. මේ අදහසේ පදනම වන්නේ ස්ත්‍රී ලක්‍ෂණ හා පුරුෂ ලක්‍ෂණ ලෙස වෙන් කරගත හැකි පුද්ගල චරිත ලක්‍ෂණ සමූහයක් ඇති බව.

    අප සියල්ලන් තුලම මේ ලක්‍ෂණ අඩු වැඩි වශයෙන් පවතින මුත්, සමස්ථයක් ලෙස ගත් කළ පිරිමින් තුල `පිරිමි` ලක්‍ෂණ වැඩි වශයෙනුත් ස්ත්‍රීන් තුල `ස්ත්‍රී` ලක්‍ෂණ වැඩි වශයෙනුත් පවතින බව පැහැදිළි දෙයක්. මීට වෙනස් අවස්ථා වල ඒ පුද්ගලයන් අවට සමාජය ඉදිරියේ අපහසුතාවට පත් වන බව ඔබලා දැක ඇතැයි සිතමි.

    "අපෝ ! කෙල්ලෙක් වගේ අඬන්නේ", "කොල්ලෝ වගේ ගස් නගිනවද ගෑණු ළමයි" යන තැන්හි දී ඔබට අප කියන කරුණ පසක් වනු ඇත.

    "සිතුන නිසා" බ්ලොග් අඩවියේ සාරිකා විචාරනීය හා සමග මේ කරුණ සම්බන්ධයෙන් අපගේ සංවාදයක් විය.

    "විෂයමාලාව ස්ත්‍රී ලිංගිකද ?" යන පැනය නැගු ඈ ට, "විෂයමාලාව ස්ත්‍රී ලිංගික වී නැත. එහෙත් සමාජය (ස්ත්‍රී පක්‍ෂය පවා) දැඩි ලෙස පුරුෂකරණය වෙමින් පවතී." යැයි කීමි. ඒ සංවාදය මීට සබැඳේ යැයි සිතමි.

    http://madthoughtful.blogspot.com/2015/09/blog-post_21.html?showComment=1442901688869#c788332844713183426

    ReplyDelete
    Replies
    1. ඔබ සඳහන් කරන සමීක්‍ෂණයේ ප්‍රතිඵලය "කතෝලික බෞද්ධ හින්දු ආගම් වලට වැඩියෙන් කැමති ගෑණු. මුස්ලිම්, ශීක්, යුදෙව්, මූලධර්මවාදී ක්‍රිස්තියානි ආගම් ආදියට වැඩියෙන් කැමති පිරිමි." නම් එහි කිසි ගැටළුවක් නැත. එය එසේම විය යුතුය. මෙකී ආගම් විසින් එහි අනුගාමිකයන් වෙත ආරෝපණය කෙරෙන ලක්‍ෂණ අනුව මීට වඩා වෙනසක් විය නොහැක.

      මෙහි දෙවනුව කී ආගම් යුදෙව් ආගමින් බිඳී ආ "එක පිරිමි දෙවියෙක්" මූලික කර ගත්, ඒ දෙවියා විසින් පිරිමියා මවා ඌට ආතල් ගැනීම පිණිස ගැහැණිය මවා දුන් බව ඉගැන්වෙන ආගම්ය. උතුරු ඉන්දීය ඇදහිල්ලක් වන සික් ආගම පවා හිංදු ආභාෂය ලැබූ ඉස්ලාමීය ඇදහිල්ලක් බව අමතක නොකළ යුතුය. මේවාට පිරිමින් ආකර්ෂණය වන්නේ මේ ආගම් විසින් ව්‍යාප්ත කෙරෙන ඊනියා 'පිරිමි' කමක් නිසාය. කාල් මාක්ස් "ආගම මිනිසාගේ අබිං" ය කීවේ බොහෝ දුර හිතාමතා බව සැකයක් නැත.

      අනෙක් අතින් හිංදු, බෞද්ධ, සහ කතෝලික ආගම් වල ස්ත්‍රීන්ට විශේෂ වැදගත් කමක් ඇත. කෙනෙක් කතෝලිකාගම යුදෙව් ආගමේ විකාශනයක් බව කීමට ඉක්මන් විය හැක. එහෙත් අපට ඒ ගැන කිව හැක්කේ එය යුදෙව් ආගම තවරා ගත් රෝමානු ඇදහිළි වල දිගුවක් පමණක් බවයි.

      Delete
    2. "ධර්මපාල තුමා වගේම සෝම හාමුදුරුවොත් උත්සාහ කලේ බුද්ධාගම පුරුශ ලිංගයට හැරවීමටයි කිව්වහැකි නේද?"

      --- ධර්මපාල තුමාට එවැනි අදහසක් තිබුණු බව කිව නොහැකියි. සූර ව්‍යවසායකත්වය 'පිරිමි' ලක්‍ෂණයක් නොවෙයි. හැරත් එතුමා කළේ තමන්ට හදා ගැනීමට අවශ්‍ය අයවළුන්ට ගැරහීමයි. මෙය පිරිමි කම ඇති කිරීමේ උපායක් ද නොවේ.

      පිරිමි කම ඇති කිරීම නම් (බොරුවට හෝ) පොරත්වයක් ආරෝපණය කිරීමයි. නැතිනම් මනුෂ්‍යයා තුල කෙසේ හෝ පෞරුෂත්වයක් ඇති කිරීමයි. අද ධනාත්මක චින්තන කාරයින්, විභාග සමත් වීමට කුටෝපක්‍රම කියා දෙන කූටගුරුන්, බොදුබල සේනා වැනි සංවිධාන නම් කරමින් සිටින්නේ එවැනි දෙයක් බව කිව හැකියි.


      --- සෝම ස්වාමින් වහන්සේගේ ව්‍යාපාරයේ තරමක් දුරට මේ ලක්‍ෂණය දක්නට ලැබුණත් අද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ ව්‍යාපාරය හා සසඳන විට සෝම හිමිගේ ව්‍යාපාරය ළදරු පාසැලක්. මහමෙව්නාව හා මහාමේඝ ව්‍යාපාරය හරහා ඤාණානන්ද හිමියන් විසින් බෞද්ධ සමාජයේ ස්තරයක් සංස්කෘතික වශයෙන් සිංහල-බෞද්ධ සංස්කෘතියෙන් විතැන් කරමින් සිටින බව ඔබ විසින් නිරීක්‍ෂණය කරන්නට ඇතැයි සිතමි. සෝම හිමියන්ගේ ව්‍යාපාරය එතරම් දුර ගියේ නෑ.

      සෝම හිමි තරමක් දුරට සිංහල බුදුදහම 'නවීකරණය' කළත් ඤාණානන්ද හිමි කරමින් සිටින්නේ ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් නිර්මාණය කිරීමයි. අද සිංහල බුද්ධාගමට ඇති එක් තර්ජනයක් ලෙස සිංහල සමාජය විසින් මේ ව්‍යාපාරය හඳුනා ගත යුතුව තිබෙන බව අපගේ අදහස වේ.

      Delete
    3. සමාජය පුරුෂකරණය කිරීම පිළිබඳව සාරිකා විචාරිනියට ලියූ ප්‍රතිචාරයක් මෙහි දක්වමි.

      විශේෂයෙන් ජනමාධ්‍ය, ජනමාධ්‍ය විසින් පොරත්වයට නංවන ලද පුද්ගලයින්, චිත්‍රපට-කාටූන්, පමණක් නොව අපේ ගුරුවරුන්ගේ (විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ගුරුවරුන්) සහ පූජ්‍ය-පූජක දෙපක්ෂයත් සමාජය තුලට විසරණය කරන අදහස් මේ තත්වයට බලපායි. අද ළමයින් උදෙසා නිර්මාණය කෙරෙන කාටුන් වල වීරවරියන් ගෑණු ද? ජංගියක් සහ තනපටයක් විශාල බූට් පැළඳගත් තමාට වඩා විශාල කඩුවක් හසුරුවන "අහවල් එක විතරක් අඩු" පිරිමින් ලෙස `අපට` පෙනෙන ගෑණු චරිත ළදරු වියේ ළමා මනස දූෂ්‍ය කරන්නේ නැද්ද ?

      සමාජයම පුරුෂකරණය කෙරෙමින් ඇති මේ කලියුගයේ "බුද්ධාගම පුරුශ ලිංගයට හැරවීමට" පිළිබඳ කතා කිරීමේ පලක් තිබේද ?

      Delete
    4. බොහොම ස්තුතියි.
      මට හිතෙන්නේ වෙනස් දෙයක් ගල් යුගයේදී අපේ පිරිමි අය දඩයමේ ගියේ රංචු වශයෙන් එම නිසාම නූතන පිරිමියා තුලත් සාමූහිකත්වය ගැන හැඟීමක් (සමාජවාදී නැඹුරුවක්) තියෙනවා ගැහැණිය වඩා පුද්ගලවාදීයී.
      ආගම වගේ දේවල් වලදී ගැහැනිය සංයුක්ත චින්තනයක් ඇති කෙනෙක් පිරිමියා වියුක්ත චින්තනයට බරයි. මම මුලින් කියූ ලේඛකයන් සහ ලේඛිකාවන් අතර වෙනස ගැන කතාව මෙයින් පැහැදිලි කල හැකියි.

      Delete
  10. වැදගත් සංවාදයකට දොරටු විවරවෙමින් තිබීම හරිම සතුටක් කණිෂ්ක මේ ලිපිය වගේම පැමිණ තිබෙන කොමෙන්ටුත් විවේතීව සිතා බලමින් නැවත නැවත කියවීමෙන් පසුව අදහස් දැක්වීමට සිතමි

    ReplyDelete
    Replies
    1. සාරිකා මේ දවස් වල හිටගෙනත්, ඉඳගෙනත්, නිදාගෙනත්, ඇවිද ඇවිදත් මේ ගැනම කල්පනාව ලු. මට කීවේ එයාව හප්පගෙන නවත්තන්නේ නැතුව ගිය 3-වීල් මල්ලි.

      Delete
    2. සාරිකා ගේ අදහස් දැක්වීම බලාපොරොත්තු වෙමි.

      Delete
  11. බාලවර්ගයේ දේශපාලනය ගැන මහ ඉහලින් කථා කරමින් සිට නැවතත් කියැවීමට වටිනා අදහස් සමග සාකච්චාවක් ගොඩනැගීම ගැන සතුටුයි.
    අපි කල යුත්තේ හැකි තරම් අපි අපිවත් මේවා කියැවීමට ඉඩ ඇති සැවොමත් දැනුමින් පෝශනය වන ආකාරයේ සාකච්චාවන්හී නියැලීම තමයි.
    සාකච්චාව හොඳ තැනකට ගෙන ආ ජගත්ට පැසසිය යුතුයි.

    ReplyDelete
  12. ඇයි මේ ????
    කථා 32 නිහඬ වෙලා.......

    ReplyDelete
    Replies
    1. හික් !
      ඔයා මල ගෙදර ගියේ නැද්ද ?

      Delete
    2. මා මළේ නැත. හුදෙක් මරණය සමාන දුකකට පත් වූවා පමණි.

      Delete
  13. කාලෙකින් නලීන් ද සිල්වාගේ ලිපියක් පලවෙලා.
    හැබැයි එයා ඒකෙ මහින්ද ගැන කියන දේ ගැන එකඟ වෙන්න බෑ. දැන් පෙනෙන්නේ මහින්ද දඩයම් කිරීම අතහැරලා එයා එක්ක ඩීල් ගහලා කෙලින්ම රට බෙදීමේ වැඩපිලිවෙලකට යාම කෙරෙනවා වගෙයි.
    මෙතනදී ධර්මපාල තුමාගේ අදහස් වලින් වැඩක් ගත්තහැකි ධර්මපාල තුමා අපිට දේශපාලන නායකයො මත රැඳෙන්න කිව්වේ නෑ. සිංහලයෝ මුස්ලිම්වරු වගේ පෞද්ගලික මට්ටමින් ජාතීවාදී වීම වඩා වැදගත්

    ReplyDelete
    Replies
    1. http://www1.kalaya.org/2015/10/blog-post.html
      ජෙනීවා යෝජනාවලින් නඩු පැවරෙන්නේ සිංහලයන්ට හා මුස්ලිම් කිහිප දෙනකුට ය. පැමිණිලිකරු මෙන් ම විනිසුරුවෝ ද හයිබ්‍රිඩ් යටත්විජිතවාදීහු වෙති. ආණ්ඩුව හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන්ගේ සාක්‍ෂිකරුවකු බවට පත්වී ඇත. එමගින් රට, විශේෂයෙන් ම සිංහලයන් පාවා දී ඇත. ආණ්ඩුවට ස්වාධීන පැවැත්මක් නැත. හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන් නොවන්නට මෛත්‍රිපාල රනිල් ආණ්ඩුවක් නැත. ජාතියේ නිදහස උදෙසා මේ ආණ්ඩුව හැකි ඉක්මණින් පරාජය කළ යුතු ය.

      Delete
    2. ක්‍රමානුකුල මෙහෙයුම් මගින් සිංහලයන් අසිංහලයන් බවට පත් කර අසිංහලයන් අතට බලය සංකේන්ද්‍රණය කරගෙන ඇති මොහොතක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

      සිංහලය වෙනුවෙන් ඉදිරිපත් වන්නේය කියා මොරදෙන අයවළුන් (ජා.හෙ.උ., බො.බ.සේ., රාවන බලය ආදී) කරන අලුකුත්තේරු වැඩ දකින අපට, සිංහලයින්ට 'ජාතිවාදී' වන්නැයි ඉල්ලීම් කළ හැකිද යනුම ප්‍රශ්නයකි.

      Delete
  14. අපේ io සිරිසේන කාරයා "වළගම්බා රජ්ජුරුවෝ කරවපු 4 වෙනි ධර්ම සංගායනාව කැබිනට් චිට් එකකින්" වගේ අහෝසි කරලා අලුත් 4 වෙනි සංගායනාවක් කරන්න යනවලු. මොකද ඒ ගැන කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත,
      මමත් මේ පුවත් දැකලා විශ්මයට පත් වුනා. අශෝක අධිරාජයා කල තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ අපේ වත්මන් ජනාධිපතිතුමා හතර වැනි ධර්ම සංගායනාවක් කරන්න යනවැයි කිව්වහම අපේ රටේ කිසිම බුද්ධිමතෙක් හඬක් නොනැගුවේ ඇයි.

      මට මෙහෙම හිතෙනවා, මේ කථාව කිව්වේ ඇත්තටම ධර්ම සංඝායනාවක් කිරීමේ අදහසින්ද නැතිනම් සිංහල බෞද්ධයාට හඬ නගා කථා කිරීමට මාතෘකාවක් සැපයීම මගින් ජිනීවා මර උගුල ගැන ඇතිවෙමින් පවතින සමාජ කතිකාව යටගැසීමටද කියා...

      කෙසේ වෙතත් ධර්ම සංගායනාව කියන කාරනය ගත්තොත් මෙවන් අවස්ථාවක අප ධර්ම සංගායනාවක් සඳහා නිවැරදි දැක්ම මතුකර ගන්නේ කුමන බෞද්ධ බික්ෂූන්ගේ දැනුම භාවිතයට ගෙනද?
      අද එක් එක් භික්ශුව විසින් දේශනා කරන ධර්මය එකිනෙකට පටහැනියි. එසෙම අද වන විට බෞද්ධයන්ටත් තවත් බෞද්ධයෙකුගෙන් ඇසීමට සිදුව තිබෙනවා ඔබ කුමන බුද්ධාගමේද කියා (මේ ගැන බ්ලොග් අඩවියක අපූරු ලිපියක් කියැවූවා "මම ඔයාගේ බුද්ධාගමේ නෙවෙයි" කියා )

      ඉතින් එවන් පසුබිමක සිදු කරන ධර්ම සංගායනාවක් යනු සැබෑ බුදු දහම පෙට්ටියකට දමා අවසන් ඇනය ගසා දැමීමක් නොවිය හැකිද?

      Delete
    2. ඔව්, එක අතකින් අවධානය වෙනතකට හැරවීම ප්‍රධාන අරමුණ ලෙස ගත හැකියි. අනෙක් අතින්, මෙය නිහඬව සිටිය හැකි දේකුත් නෙවෙයි. ඔබම කියන අයුරින් පඹයෙක් ඉදිරියෙන් තබාගෙන ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ඒකාධිපතියෙක් විසින් රට පාලනය කරන 'පසුබිමක සිදු කරන ධර්ම සංගායනාවක් යනු සැබෑ බුදු දහම පෙට්ටියකට දමා අවසන් ඇනය ගසා දැමීමක්' බව අමතක නොකළ යුතුයි.

      Delete
    3. "ගමරාළගේ වික්‍රම" පිළිබඳ කලබල විය යුතු නැත, විශේෂයෙන් ඔහු කියන දේ ගැන. අප උත්සුක විය යුත්තේ, සෙවිය යුත්තේ, කලබල විය යුත්තේ ඔහු නොකියන දේ ගැනයි.

      Delete
  15. ඕල්කට් බුදුදහම (වික්ටෝරියානු බුදුදහම) කියන එක කියන තරම්ම නරකද? ඒක නොතිබුනානම් බෞද්ධයන්ට ඊටත් වඩා අවාසි වෙන්න පුලුවන් නේද? අද වනවිට ලංකාවේ තමිල්නාඩු ඇදහිලි (ඊනියා හින්දු ආගම) ඇන්ටික් ආගමක් වෙලා. ඒකට බලපාන එක හේතුවක් තමයි දෙමලාට ඒක ඊලාම් වැඩවලදී සාර්ථකව යොදාගත නොහැකි වීම (පුලුවන්නම් නොකර ඉන්නෙත් නෑ, නැත්නම් උං දෙමෙල්ලු නෙමෙයි)
    අනෙක් කරුන ඊනියා හින්දු ආගම පමණට වඩා සාම්ප්‍රදායික වීම. ඒ අතින් බුද්ධාගම තරුණයි. එහෙම වෙන්න ඕල්කට් බුද්ධාගමෙනුත් වැඩක් වුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. jagath,
      `වික්ටෝරියානු බුදුදහම`: අලුත් වචනයක්.
      `ඕල්කට් බුදුදහම`: ආචාර්ය නලින්ගේ වචනයක්.

      මේ දෙකම එකනම්, මට කියන්න තියෙන්නේ ...

      ඒක ඒ කාලයේ අවශ්‍යතාවයක්. එපමණක් නොවෙයි. ඕල්කොට් පැමිණීමට පෙර `විශේෂයෙන්` දකුණු පළාතේ හිමිවරුන් විසින් ආරම්භ කරන ලද බෞද්ධ ප්‍රබෝධයේ ක්‍රමානුකුල කූටප්‍රාප්තිය විදියට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. ඕල්කොට් ආ නිසා මීට සුළු වෙනස් කම් උනා මිස සැළකිය යුතු වෙනසක් උනේ නැති බවයි මට හිතෙන්නේ. ඕල්කොට් කළේ ඒ වන විට නැගීගෙන ආ "බුද්ධාගම" ජාත්‍යන්තරකරණයත් එමගින් ඊට විදෙස් ආධාර ලබා ගැනීමත් බවයි මගේ අදහස.

      මේ විදෙස් ආධාර මගින් "බුද්ධාගමට" ලැබුණු ශක්තිය නිසා ඊට උපස්තම්භක වුන ඕල්කොට් වෙත පොරත්වයක් ආරෝපණය කිරීමත් ලංකාවේ ඒ වන විට තිබූ බුද්ධාගම "ඕල්කොට් බුද්ධාගම" ලෙස නම් කිරීමත් අනවශ්‍ය දේවල්.

      මේ මගේ අදහස. පැනලා දීම ගැන සමාව භජනය කරන්න.

      Delete
    2. ආචාර්ය නලින් ට අනුව ඕල්කොට් බෞද්ධයින් යනු, ඕල්කොට් මෙන්ම සංස්කෘතික ව බෞද්ධ නොවන එහෙත් බුදු දහමේ ඇති තර්කානුකූල බව / දාර්ශනික ස්වභාවය (සහ ඊනියා විද්‍යාත්මක බව) නිසා බුදු දහමට සමීප වන උගත් සිංහලයින් (හෝ වෙනත් ජාතිකයින්) බවයි මගේ අදහස.

      Delete
    3. ඔව් අනූෂ, මටත් ඒක තේරෙන්නේ එහෙම තමයි.
      ඒ ආකාරයටව්ත් ඒ සංකල්පය මම තේරුම් ගත්තේ අපේ ජෝසප් සහෝදරයා සමග ලොකු ගැටුමක් ඇති කර ගත්තට පස්සේ.

      Delete
    4. anuhasa2011 ගේ අදහස මගේ අදහස සමග ගැටුමක් නෑ. මම කියන්න උත්සාහ කළේ `ඕල්කොට් බුද්ධාගම` යනුවෙන් නමක් පටබැඳිම ඕල්කොට් වෙත කෙරෙන අනවශ්‍ය ගෞරවයක් බවයි. මෙය ආතර් සී ක්ලාක් යනු ලංකාවේ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස හඳුන්වා දීම වැනි විහිළුවක්. ක්ලාක් කිසි සේත් ම විද්‍යාඥයෙක් නොවන්නේ යම් සේ ද ඕල්කොට් ද බෞද්ධයෙක් නොවේ. ඔහු සංස්කෘතියෙන් ක්‍රිස්තියානි මුත් දේවවාදය ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක්. ඔහු කළේ එකල නැගී ආ බුද්ධාගමට ශක්තියක් වීම පමණයි. අනෙක් අතින් ඔහු ගිහියෙක්.

      ඕල්කොට් පැමිණීමට පෙර නුවර යුගයේ සිට පැවතගෙන ආ බුද්ධාගමට 'සරණංකර' බුද්ධාගම කීවොත් කෙසේ වේද ?

      අපේ සිතුවිළි සහෝදරයාට ඕල්කොට් බුද්ධාගම යනු කිමැයි පැහැදිළි කර දුන් බව සත්‍යයක් වුවත් මා ඒ අදහස පිළිගන්නා බවක් එයින් ගම්‍ය විය යුතු නැත.

      Delete
    5. නැහැ ජෝසප්, ඔබ මට පහදා දුන්නේ ඔල්කට් බෞද්ධයා යන සංකල්පය මිස ඔල්කට් බුද්ධාගමක් ගැන නොවෙයි.
      ඒ නිසා ඔබ දරන මතය හා ඔබත් මාත් අතර වූ වාදය අතර ගැටුමක් නැහැ.
      ඔල්කට් බුදු දහමක් ගැන කථා කරනවාට වඩා ඔල්කට් බෞද්ධයා යන සංකල්පය හරවත් දෙයක් බවයි මටත් සිතෙන්නේ.

      Delete
    6. ටම් දවස්වල යන කඩුල්ල ටෙලි නාට්‍යයේත් ඔය සම්බන්ධ කරුණු ඉදිරිපත් වෙනවා.
      කුරුතේලිස් මුදලාලිලේ පුතා එංගලන්තයට ගිහින් ඉගෙනගෙන පසුව බුදු දහම වැලඳගන්නවා නමුත් ඔහුට සාම්ප්‍රදායික සිංහල බෞද්ධ ගැමියා දිරවන්නේ නෑ.

      Delete
    7. ඔව් ඒක ඇත්ත.
      ගරුතර සෝම ස්වාමින් වහන්සේ පවා ඒ අරුතින් ඉතා දැඩි 'ඕල්කොට්' බෞද්ධයෙක්.

      Delete
    8. ඔබ නගන පැන නව ලිපියකට ප්‍රමාණවත් ප්‍රස්තුතයක් සපයයි. හැකි විටෙක මේ ගැන ලියන්නම්. එතෙක් අපගේ අනෙක් මිතුරන් දරණ අදහස් හා එකඟ වන්නම්.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !