Monday, August 31, 2015

WG Grace & IO Sirisena

ක්‍රිකට් ක්‍රීඩාව ගැන බිංදු මාත්‍රයක්වත් දන්න කෙනෙක් නම් WG ග්‍රේස් ගැන අහල නැති වෙන්න බෑ. එතුමා ජන්ම දායාදය ලබල තියෙන්නේ ඒරොප්පේ (England), පාතාන්තය (Downend) කියන ගමේ.
W.G.ග්‍රේස්, පිත්ත අතැතිව
ඒ 1848 දී, ඒ කියන්නේ එතුමාගේ නෑදෑයෝ මෙහෙ අපේ මානව හිමිකම් රකින්න, අපිට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා දෙන්න පුරන්අප්පු (මොරටුවේ ෆ්‍රැන්සිස්), ගොංගාලේගොඩ බණ්ඩා (පෑලියගොඩ ඩේවිඩ්) ඇතුළු පිරිස දඩයම් කරන කාලේ. ඒ කාලෙත් අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැති කරලා තිබිල තියෙන්නේ අපේම උන්, බලං යනකොට. ඒත් ඒක වෙනම කතාවක්. අද කතාව WG ග්‍රේස් උත්තමය ගැනයි.





William Gilbert Grace


අර කිව්ව විදියට ග්‍රේස් උත්තමය ඉපදිලා තියෙන්නේ 1848 ජූලි මාසේ, අවසන් ගමන් ගිහිං තියෙන්නේ 1915 ඔක්තෝබර් මාසේ - ඒ කියන්නේ ලංකාවේ ම්ලේච්ඡ සිංහලයෝ අහිංසක ඉස්ලාම් භක්තිකයන්ගේ පෙරහැරකට ගල් ගහල කලබල කරනකොට ඒවා සංසිඳවන්න ඒරොප්පේ උත්තමයෝ අවම බලය පාවිච්චි කරන කාලේ. හෝව් හෝව්.... ආයේ කැලේ පැන්නා !

WG ග්‍රේස් වෛද්‍යවරයෙක්. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවක් කියල දෙයක් හරි හැටි නොතිබුණු ඒ කාලේ එතුමා වෛද්‍ය වෘත්තියෙන් උපයපු මුදලට වඩා මුදලක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයපු බව තමයි කියැවෙන්නේ. ඇත්තටම ටෙස්ට් ක්‍රිකට් කියන දේ ස්ථාවර නොවුණු ඒ කාලේ 1880 ඉඳල 1899 දක්වා එතුමා ක්‍රීඩා කළ තරඟ ගණන 22 විතරයි. ඒ ඔක්කොම ඔස්ට්‍රේලියාවට එරෙහිව. ඒ තරඟ වලදී ශතක දෙකක් ඇතුළුව ලකුණු 1098 ලබා ගන්න පමණයි එතුමා සමත් වෙන්නේ. ග්‍රේස් තුමා තමන්ගේ බල පරාක්‍රමය විහිදුවන්නේ එංගලන්ත ප්‍රාන්ත තරඟ වලදියි.

1865 - 1908 අතරතුර අවුරුදු 40 වඩා වැඩි කාලයක් පුරා විහිදෙන එතුමාගේ ප්‍රථම පංතියේ (First class) තරඟ ජීවිතයේ තරඟ 870 කට සහභාගී වීමෙන් ලකුණු 54211 රැස් කළ බවයි cricinfo වෙබ් අඩවිය දක්වන්නේ. මීට ශතක 124 සහ අර්ධ ශතක 251 ඇතුළත්.

ඒ වගේම එතුමා යෝධ පුරුෂයෙක්. පිත්තක් තියාගෙන පුංචි කඩුල්ල ඉදිරිපිට සූදානම් ඉරියව්වෙන් ඉන්න ග්‍රේස් වෙතට පන්දු යවනකොට ඕනෙම පන්දු යවන්නෙකුට පොඩි චකිතයක් ඇති වීම සාමාන්‍ය දෙයක්. එංගලන්තය පුරාම ඉතාම ජනප්‍රිය මේ ක්‍රීඩකයා සහභාගී වන තරඟ නරඹන්නට වැල නොකැඩි එන මහා ජනකාය නිසාම ආරාධිත තරඟ වලිනුත් ඔහුට අඩුවක් නෑ. එතුමා යන යන තැන පසුපස යන ක්‍රීඩා ලෝලීන් පිරිස විශාල වගේම ඔවුන් ප්‍රතිවාදී පිළට එල්ල කරන පීඩනයත් සුළුපටු නෑ. ඒ නිසාමයි WG ග්‍රේස් තුමා විපක්‍ෂයේ පොදු.... අයියෝ ආයෙත් පීලි පනිනවා.

ඒ කාලේ ග්‍රේස් තුමා සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාව මත පවත්වාගෙන ගිය බල පරාක්‍රමය ගැන මේ පරිච්චේදය කියවල ඉමුකෝ. මේ cricinfo වෙබ් අඩවියේ එතුමාගේම පිටුවෙන්.
It was the social historian Eric Midwinter who, some years ago, pointed out that on Grace's first tour of Australia in 1873-74 (when he was a medical student simultaneously enjoying his honeymoon) he extracted a fee of £1500 from the organisers, which would be well over £100,000 at present values.

On his second tour in 1891-92, one-fifth of the entire cost of transporting 13 English cricketers across the world, supporting them in Australia and paying them for what they did there, went into Grace's pocket. He regularly collected testimonials - one, worth £1458, was organised by MCC so that he might buy a medical practice - and overall probably took something like £1 million in today's currency out of the game; and, remember, there was no sponsorship nor endorsements in those days to inflate a star's income.

This was in a period when the prosperous middle classes were earning no more than £1000 a year, a highly skilled artisan £200, and a labourer half as much if he was lucky. A good professional county cricketer in the second half of the 19th century saw his wages rise from £100 to £250. No wonder it cost twice as much to get into some English grounds if Grace was playing than if he was not.
කොහොම හරි... කියන්න උවමනා උනේ මේකයි. WG ග්‍රේස් කියන්නේ එතෙක් මෙතෙක් ලෝකයේ පහල වුන ප්‍රබලම - ක්‍රිකට් පිටියේත් ඉන් පිටතත් - ක්‍රීඩකයෙක්. සමස්ථ ක්‍රීඩාවට පමණක් නොවේ ඔහු සහභාගී වන තරඟයටත් ඔහුගේ බලපෑම අති විශාලයි. ඔහුව ඉක්මනින් දවා ගැනීම තමා ප්‍රතිවාදී පිලේ ඒකායන ප්‍රාර්ථනාව.

WG ග්‍රේස් මැතිතුමාට ආරාධිත තරඟ වලිනුත් අඩුවක් නෑ කියල කලිනුත් කිව්වනේ. මේ එහෙම තරඟයක උණු සිද්ධියක්.

ග්‍රේස්තුමා ආරාධිත තරඟයකට සහභාගී වෙනවලු. ඔන්න එතුමාගේ පිළේ ක්‍රීඩකයා දැවී ගිහිං දැන් එතුමාගේ වාරේ. අර දෙහෙත ශරිරෙත් උස්සගෙන පොඩි පිත්තත් වන වන එතුමා පිටියට සැපත් වෙනකොට වට වෙලා හිටි දහස් ගණන් සෙනග ජය ගෝසා නගන්න ගත්තලු මුළු පිටියම ගිගුම් දෙන්න.

අපේ ග්‍රේස්තුමා නරඹන්නන් සංසුන් වෙනකම් පොඩ්ඩක් බලං ඉඳල හෙම, අරවින්ද වගේ සීමාවෙන් පිටතට පොඩ්ඩක් ඇවිදගෙන ගිහිං, පිත්තෙන් තණනිල්ලට පොඩි තට්ටුවක් කාරිය දාල ආපහු ඇවිත් විනිසුරුගෙන් ඉන්න ලබා ගත්තලු. ඊට පස්සේ අපේ සනා බෝයි වගේ, පෑඩ්, ආම් ගාඩ්, බෝල් ගාඩ් ආදී අවයව ඔක්කොම අතගාල බලල, සියල්ල නිසි පරිදි ඇති බව දැනගෙන රිකී පොන්ටිං වගේ පිටිය සිසාරා බැල්මක් හෙළලා හෙම ලෑස්ති උනාලු පන්දුවට පහර දෙන්න.

අනේ අනිත් පිළේ පොඩි කොල්ලෙක් බෝල් කරන්න ඉන්නේ - උපුල් චන්දන වගේ තුනී හාදයෙක්. මේ නස්පියා අමාරුවෙන් අමාරුවෙන් දුවගෙන දුවගෙන ඇවිත් අඹරල දැම්මලු බෝලයක් ............ අර තඩි ග්‍රේස් කාරයාගේ දෙපරන්ද අස්සෙන් කැරකිලා ගිහිං මැද පොල්ල ගැලවිලා බිමලු .... අනේ අපොයි !

නරඹන්නෝ ඔලුවේ අත් ගහ ගත්තලු සනා ඛේත්තාරමේදී 340 ට අවුට් උන වෙලාවේ වගේ. විස්තර විචාරකයෝ කලවැද්දෝ වගේ බුකු බුකු ගාන්න ගත්තලු. මුළු පිටියම නිශ්ශබ්දයි.......... මේ අස්සේ අර බොලේ දාපු හාදය විතරක් මරු විකලෙන් වගේ දඟලනවලු - ග්‍රේස් අවුට් කරගත්ත කියන්නේ ලේසි පාසු වැඩක් යැ - ඒකත් එකම එක බෝලෙකින්.

අපේ ග්‍රේස් මැතිතුමා ඕවට සැලෙන කෙනෙක් නෙවේ. එතුමා කණුව ආයෙත් හිටවලා බේල් දෙකත් ඒ උඩින් තියල, බොලේ අහුලාගෙන අර පොඩි එකා ගාවට ගියාලු. දුන්නලු බොලේ අතට.

පුතා!
මේ මිනිස්සු පවුම් ගාණක් වියදම් කරගෙන දුර ඉඳල ඇවිත් තියෙන්නේ මං බැට් කරනවා බලන්න මිස තමුසේ බෝල් කරනවා බලන්න නෙවෙයි. නිකං පිස්සු නැතුව ගිහිං බෝල් කරනවා.


අපේ රටේත් මේ වගේ එකක් උණා පහුගිය සුමානේ.

ග්‍රේස් වගේම බලවත් එක්කෙනෙක් අපේ රටේ පන්දු යවන - වැරදුණා, ඡන්දෙ දමන - මහජනතාවට කියනවා...

ඒරොප්පේ සුදු මහත්තුරු පවුම් මිලියන ගාණක් වියදං කරගෙන ඇවිත් අපිට ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන සහතික දෙන්නේ මං ජාතික ලැයිස්තුව නම් කරන හැටියට මිසක් තමුසෙලා ඡන්දෙ දාන හැටියට නෙමෙයි.




26 comments:

  1. අඩේ මේක දැන්ද දාන්නේ........... ජන්දෙට කලින් නේ පබ්ලිස් කොරන්න තිබ්බේ...... එදත් ඔයවගේ දේවල් උනා අදත් වෙනවා හෙටත් වේවි.........

    ReplyDelete
    Replies
    1. එක හැබැයි !
      ඒත්, මම අනාවැකි කීම අත්ඇරියා.

      Delete
  2. ඔබ තුමා මේකට ජුන්ටාව කියල නම දාපු එක හරියටම හරි. මේක ආණ්ඩුවක් නෙවේ ජුන්ටාවක් තමයි. රාජකීය ජුන්ටාව. බයියා වගේ හිටියට සිරාත් පොළොන්නරුව රාජකීය කියල කවුදෝ බයියෙක් කීවා. (පොළොන්නරුවේ උනත් රාජකීයනේ... හික් !)

    ග්‍රේස් කරපු දේ වැරද්දක් නෑ. ඒක ප්‍රදර්ශන තරඟයක් වෙන්නැති. ඒත් ලංකාවේ දේශපාලන අනාගතේ කියන්නේ එක එකාට ප්‍රදර්ශනය කරන්න තියෙන දෙයක් නෙමේ. සිරා ඒක දැන ගන්න ඕනේ. මේ සෙල්ලං කරන්නේ ජාතියක අනාගත පැවැත්ම එක්කයි කියන දේ මුන්ට තේරෙන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. 'ජුන්ටාව' යි හැඳින්වුයේ ජාතික විධායක සභාව වැනි නමකින් හැඳින්වුණු, සම්පන්තන්, මනෝ කනේසන්, රෞෆ් හකීම්, අසත් සාලි, වික්රමපාහු, පන්ඩාරනායකම් කුමාරතුංග ආදී සිංහල විරෝධීන්ගෙන් සැදුම් ලත් ව්‍යවස්ථා විරෝධී මොකද්දෝ එකයි. එහි අධිපතියා බැවින් රනිල් වික්‍රමසිංහ හැඳින්වීමට 'ජුන්ටාධිපති' නාමය තනා ගතිමි.

      ඉතාම වැදගත් රාජ්‍ය ව්‍යුහය පිළිබඳ තීරණ ගැනුණේ ඒ ජුන්ටාවෙනි - එය අප්‍රසිද්ධියේ උව තවමත් ක්‍රියාත්මක බවයි අපේ අදහස.

      මෙකී ජුන්ටාව පිළිබඳ සිංහලයින් අතර සංවාදයක් ඇති කිරීමට උත්සාහ ගත්තත් එය එතරම් පළ දැරුවේ නැත.

      Delete
    3. අවිද්‍යාට මොකද උනේ ?
      stealth mode එක වැරදිලා off උනාවත්ද.

      Delete
    4. අනේ මන්දා හිටි ගමන් පෙනී නොපෙනී යනවා හරියට UFO එකක් වගේ.

      Delete
  3. අපේ මිනිස්සු කතන්දර ගොතන්න දුර්වලයි. (ආචාර්ය නලින් සිල්වා ). ඒක පහුගිය මහජන චන්ද (මහා ජනය ඉන්නේ මේ රටේද කියල අහන්න එපෝ ) ව්‍යාපාර දෙකේදීම හොදින් පෙනුන. ජාතිකත්වයට මුල් තැන දුන්නු පුද්ගලයින් කලේ අනිකාගේ කතා වලට ප්‍රතිචාර දක්වපු එක විතරයි. අනිකා හැමවිටම කතා ගෙතුව. කතා බොරු වීම කථා කාරයින්ට ගැටළුවක් නොවෙයි. ආහ්හ් ඔන්න මමත් පීලි පනිනවා. මේක නම් නිර්මාණාත්මකයි සහ සුපිරියි. සීනිබෝල කාරයින්ට ගැලපෙන්නේ මෙහෙම කතා තමයි. "අපේ රටට අන්තර් ජාතික බලපෑම් තියෙනවා" වගේ කෙලින් කිව්වම තේරෙන්නේ නැහැ. අපෝයි ඔන්න පීලි පනිනවා. සුපිරියි යාළුවා!!!.

    ReplyDelete
    Replies
    1. සුපිරියි !

      "ඒරොප්පේ සුදු මහත්තුරු පවුම් මිලියන ගාණක් වියදං කරගෙන ඇවිත් අපිට ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන සහතික දෙන්නේ මං ජාතික ලැයිස්තුව නම් කරන හැටියට මිසක් තමුසෙලා ඡන්දෙ දාන හැටියට නෙමෙයි, හිටං !"

      ...කියල තිබුණනම් තවත් සුපිරියි !!

      Delete
    2. "අපේ මිනිස්සු කතන්දර ගොතන්න දුර්වලයි" යන්න ආචාර්ය නලින් ගේ අදහසක් යැයි පිළිගැනීම අපහසුය. පොදුවේ ගත් කළ ආසියාතිකයින්, විශේෂයෙන්ම සිංහලයින් වියුක්ත ප්‍රවාදකරනයේ අසමත් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. මෙහි වැදගත් වචනය 'වියුක්ත' යන්න වේ.

      ඒ හැරුණු කොට ඔබේ ඉතිරි අදහස් සමග එකඟ වෙමි.

      Delete
    3. සිංහලයින් වියුක්ත ප්‍රවාදකරනයේ අසමත් බවයි ආචාර්ය නලින් සිල්වාප්‍රකාශ කරන්නේ.
      +++

      Delete
  4. මෛත්‍රී පාල රනිල්ගේ වම් අත වෙලා
    හැබැයි මගේ වම් අතට ඔය කතාව අදාල නෑ මම හැම දෙයක්ම කරන්නේ වමෙන්

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ !!!
      ඇත්ත !
      ගඳේ බෑ.

      Delete
    2. ජගත්ගේ කථාවනම් හරියට හරි,
      උන්දෑ දකුණත් කාරයෙක් වෙච්ච රනිල්ගේ වම් අත තමයි.

      Delete
  5. මචෝ මෙන්න නියම ග්‍රේස්

    https://www.youtube.com/watch?v=Fi6EbtEgIc0

    ReplyDelete
    Replies
    1. අඩේඅප්පා ! මූද ග්‍රේස් ?

      Delete
  6. ඔය ගේස් ලොක්ක ගැන කතාවක් මාත් අහලා තියෙනවා. වතාවක් එයාගේ ප්‍රාන්ත මැච් එකේ සෙල්ලම් කරන්න ඉන්න කෙනෙක් ඒ මැච් එක වෙනුවට එංගලන්ත ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න ගිහින්.. මේකට කේන්ති ගිය මනුස්සයා, ග්‍රවුන්ඩ් එකට ගිහින් අර ක්‍රීඩකයව උස්සන් ආවලු සෙල්ලම් කරන්න..

    ReplyDelete
    Replies
    1. ඉහත විකි පිටුවේ මේ කතාව එයි.
      There was bad feeling between Grace and some of the 1878 Australians, especially their manager John Conway; this came to a head on 20 June in a row over the services of Grace's friend Billy Midwinter, an Australian who had played for Gloucestershire in 1877. Midwinter was already in England before the main Australian party arrived and had joined them for their first match in May. On 20 June, Midwinter was at Lord's where he was due to play for the Australians against Middlesex. On the same day, the Gloucestershire team was at The Oval to play Surrey but arrived a man short. As a result, a group of Gloucestershire players led by W. G. and E. M. Grace went to Lord's and persuaded Midwinter to accompany them back to The Oval to make up their numbers.[65] They were pursued by three of the Australians who caught them at The Oval gates where a furious altercation ensued in front of bystanders. At one point, Grace called the Australians "a damned lot of sneaks" (he later apologised). In the end, Grace got his way and Midwinter stayed with Gloucestershire for the rest of the season, although he did not play for the county against the Australians."

      Delete
  7. අපූරු උපමා යෙදීමක්.
    ඒ වගේම අපේ මිතුරෝ බොහෝ දෙනෙක් හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා නොබලා හඳ දිහාම බලන බවත් සහතිකයි. ඒකනේ වැඩි දෙනෙක් අර ග්‍රේස් කියන සුදු මහත්තැන් ගැන කථා නොකර අපේ කළු ග්‍රේස් හුටං ගැනම කථා කොරල තියෙන්නේ.

    දෙමළ චන්ද අති බහුතරයක් මගින් සිංහල බහුතරය කැමති රජය පෙරළා දැමූ පසු, දෙමළ බහුතරයට කැමති පරිදි පාර්ලිමේන්තු බලය පිහිටුවා ගත් පසු, දෙමළ සන්ධානයට විපක්ශනායක ධූරය දිය යුතු යැයි කියමින් සිංහල බහුතරය පගා දැමීමට සැරසීම අපූරු සිදුවීමකි.

    සිංහලයාට විපක්ශයවත් උරුම නැතිද?

    ReplyDelete
    Replies
    1. දෙමළ සන්ධානයට විපක්ශනායක ධූරය දීමේ වරද කුමක්ද ?
      මෙය ඉතාම වැදගත් සංවාදයක් විය හැක.

      Delete
    2. අප සිතන'යුරින් නම්:
      * සිංහලයාට විපක්ශයවත් උරුම නැතිද ?
      --- වැරදි ප්‍රශ්නයකි.
      * දෙමළ සන්ධානයට විපක්ශනායක ධූරය දීමේ වරද කුමක්ද ?
      --- වැරදි ප්‍රශ්නයකි.

      Delete
    3. පිළිතුර දුටුවා. සිතුවිලි මේ ගැන අදහස් දැක්වූ පසු දිගටම සාකච්චා කරමු.

      Delete
  8. සින්හලයාට විපක්ශයවත් උරුම නැතිද?
    පවතින සන්දර්භය තුල ප්‍රශනය වැරදි බව පිළිගනිමි, එනම් සිංහලයා සිංහල කම සලකා ඡන්දය ප්‍රකාශ කලද ශ්‍රී ලංකාව තුල පැවති කිසිදු රජයක් තුල මන්ත්‍රී වරුන් එකෙකුගේ දෙදෙනෙකුගේ හැරුනු කල කිසිදු සිංහල නියෝජනයක් කිසිදා තිබී නැත. සිංහලාය ට උරුම වූ ආණ්ඩුවක් කිසිදා තිබී නැති සන්ධර්බය තුළ ප්‍රශ්නය අත්‍යන්තයෙන්ම වැරදිය.
    එහෙත් ප්‍රශ්නය වැරදි වූ පමණින් ප්‍රශ්නය අහෝසි වන්නේද නැත.

    දෙමළ සන්ධානයට විපක්ෂ නායක කම දීමේ වරද කුමක්ද?
    මට හිතෙන හැටියට මේ ප්‍රශ්නය වැරදි වන්නේ ඔවුන් සතුව විපක්ශයේ බහුතර නියෝජනය නොමැති විටෙක නෛතිකව ඔවුනට විපක්ශ නායක ධූරයට හිමිකම් කිව නොහැකි පාර්ලිමේන්තුවක් තුල මේ ප්‍රශ්නය වලංගු නොවන නිසාවෙනි. (කණිෂ්ක අදහස් කලේ කුමදැයි නොදනිමි )
    එහෙත් ශ්‍රී ල නි ප සියල්ලන් යම පාලනයට මුක්කු ගැසුවේ නම්, එවිට විපක්ෂයේ විශාලතම කණ්ඩායම වූ දෙමළ සංධානයට ඒ තැන ලැබිය යුතුය (මේ නෛතික රාමුව තුල ප්‍රශන කෙරෙන හා විසඳන අයුරිනි )
    එහෙත් ඇත්ත වශයෙන්ම පැවතියේ සිංහලයන් බහුතරයක් අනුමත කළ ආණ්ඩුවකි. එය පෙරලා නව රජයක් බිහි වූයේ සිංහලයන් සුලුතරයක හා දෙමළුන්ගේ හා මුස්ලිමුන්ගේ අති බහුතරයක වුවමනාව වෙනුවෙනි.
    එසේනම් මේ රජය සිංහලයන් අති බහුතරයක පිළිගැනිඋම හෝ පක්ශ පාතිත්වය ඇත්තක් නොවෙයි. එහෙත් දෙමළුන්ගෙන් අති බහුතරයක පක්ශපාතීතවය ඇත්තක්.
    එසේනම් විපක්ශ බලය උරුම විය යුත්තේ සිංහලයන් ගේ කැමත්ත ලබන පාර්ශවයක් වීම නොවෙයිද සාධාරණය.
    දෙමළ සන්ධානය පාර්ලිමේන්තු සභාවේ විපක්ශ අසුන් වල වාඩි ගැනීම ඔවුන්ගේ මනාපය මිස එහි අරුත මේ පවතින්නේ ඔවුන්ගේ අනුදැනුම රහිත ඔවුන්ට විරුද්ධ රජයක් යන්න නොවෙයි යන්නයි මගේ අදහස. ඔවුන්ගේම වුවමනාට පිහිටුවා ගත් රජයක් විපක්ෂයේ අසුන් ගැනීමෙන් ඔවුන් කරන්නේ ඔවුනට සුපුරුදු ලොවම මුලා කිරීමේ කාර්‍යයම යන්නයි මගේ මතය.

    ReplyDelete
    Replies
    1. හා අගෙයි මීට සුළු මොහොතකට පෙර ප්‍රෂ්ණය් විසඳී ඇත.

      මෙසිරිලක විපක්ෂ නායක ධූරය නෛකශ්‍රීන් විරාජමාන මහා බල පරාක්‍රමයෙන් යුක්ත ආර් සම්පන්දන් මහාදිරාජයා වෙත පිරිනමා ඇත.

      සිංහල හුදී ජනයෙනි ඒ උත්තමයානන් හට දන නමස්කාර කිරීමට පෙළ ගැසෙනු.

      Delete