Monday, August 3, 2015

ප්‍රතිපත්ති

එළැඹෙන මැතිවරණයේ ප්‍රධානම ප්‍රතිවාදී කණ්ඩායම් දෙක වන යහපාලනය උදෙසා එක්සත් ජාතික පෙරමුණ ලෙස පෙනී සිටින එක්සත් ජාතික පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සංධානය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස අද දෙතිස් කතාවේ අවධානය යොමු වේ.

"අනාගතයට සහතිකයක්" දෙස බලවත් විස්සෝපයෙන් බලා සිටින ජුන්ටාධිපති වික්‍රමසිංහ මහතා

එළිපිටම එක්සත් ජාතික පක්‍ෂයේ 'ප්‍රාථමිකය' බවට පත් වී එයට ඡන්ද එකතු කර දීම සහ එජාපය වෙනුවෙන් පෝස්ටර් ඇලවීම තම ජීවනෝපාය කරගෙන ඇති ජනතවි මුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව සොයා නොබලන්නේ එහි ගත යුත්තක් තිබීමේ ඉඩක් ඇතත් ඒ වෙනුවෙන් වැය කරන කාලය ඊට වඩා වටිනා නිසාය. මීට අමතරව ද්‍රවිඩ ජාතික සංධානය ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටින ද්‍රවිඩ රාජ්‍ය පක්‍ෂය විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙතොත් එයත්, එසේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නම් මූලධර්මවාදී ව්‍යාපාරයත් විසින් ඉදිරිපත් කරන ප්‍රකාශනයක් වෙතොත් එයත් විමසා බැලීම වැදගත්ය. අවාසනාවට අප සතුව ඒ සඳහා කාල වෙලාවක් හෝ පරිචයක් හෝ නැත.






පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවන විට ඒවායේ ඇති අකුරු සහ වචන මෙන්ම වචන අතර ඇති හිස්තැන් සහ විරාම ලක්‍ෂණ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුව තිබේ.

උදාහරණයක් ලෙස, මුස්ලිම් කොංග්‍රසයේ සිහින 'අරාබිය' හෙවත් මූලධර්මවාදී මුස්ලිම් කලාපය ලබා දෙන බව මේ දෙකින් එක ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඇතුලත්ය. එය ඇත්තේ "මහාමාර්ග" සංවර්ධනය පිළිබඳ පරිචඡේදය තුල බැවින් මේ ප්‍රකාශනය සෑදූ කූට මනුෂ්‍යයන් මිස ඊට අනුකූලතාව දක්වන සහ ඒ ප්‍රකාශනය වෙනුවෙන් පෙනී සිටින අයවත් ඒ පක්‍ෂයට ඡන්දය දෙන හුදියන්වත් නැගෙනහිර පිහිටුවීමට නියමිත ඉස්ලාම් අන්තවාදී කොළනිය මේ ප්‍රතිපත්ති ප්‍රකාශණය තුල දකින්නේ නැත. විශේෂයෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශන නොකියවා පුරුද්දට ඡන්දය දමන සාමාන්‍ය සිංහලයන්නම් මෙය දැකීමේ කිසිදු ඉඩකඩක් නැත.

එසේනම් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස නෙත් යොමමු.


මාස 60 කින් අලුත් රටක්




මාස 60 කින් අලුත් රටක් යනු එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ පොරොන්දු මාලාවයි. මාස 60 කින් සෑදෙන අලුත් රට කවරක් දැයි මෙහි සඳහන් නොවෙතත් එක්සත් ජාතික පක්‍ෂයේ හවුල්කාර කණ්ඩායමක් වන ද්‍රවිඩ රාජ්‍ය පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඒ පක්‍ෂයේ අපේක්‍ෂකයන්ගේ ප්‍රකාශ වලින් මේ පිළිබඳ ඉඟි ලැබේ. එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරියක් සහ ඊනියා යහපාලන ආණ්ඩුවේ ඇමැති වරියක් වන විජේකලා මහේස්වරන් මහත්මිය තම රැස්වීම් වලදී මේ අලුත් රටේ සිතියමක් ප්‍රදර්ශනය කරන සේයා රූ අන්තර්ජාලයේ සොයා ගත හැක.



අනාගතයට සහතිකයක්




අනාගතයට සහතිකයක්, යනු මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ මැතිවරණ ප්‍රකාශනයයි. මෙය සමස්ථයක් ලෙස ගත් කළ ඉටු කළ හැකි පොරොන්දු වලට වඩා ඉටු කළ නොහැකි සහ ඊටත් වඩා ඉටු කළ නොයුතු පොරොන්දු බොහොමයකින් සුසැදි බරසාර ලියැවිල්ලකි.

2 comments:

  1. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුල ගැබ්වී එන වෙස්වලා ගත්යකුන් හඳුනා ගැනීමේ තැත නම් ඉතාමත් වැදගත් කාරනයකි.
    මහා මාර්ග යටතේ කල්මුනේ නගරය ගැන කථා කිරීම එවැනි වූ සිවිශේශී සැඟ වුනු යක්ශයෙකි. එහෙත් ඒ අප ලේකකයා හඳුනා ගත් යකා ය. තවත් යකුන් සැඟව නැතැයි කියන්නේ කෙසේද?

    ඒ හැරුනු කල මේ ප්‍රතිපත්ති ප්‍රකාශ හෝ වැඩපිළිවෙලවල් වල අන් ගත යුත්තක් නම් නැතැයි මා සිතමි. උදාහරනයක් ලෙස ගත හොත් එජාපය මෙගා පොලිස් නගර ඒකක ගැන කථා කරයි. ඇත්තෙන්ම මේ ජනතාව අවශ්‍යතාවයක් ලෙස දැක් ඉල්ලා සිටි දෙයක්ද? මේවා දෙන්නේ කාගේ වුවමනාවකටද?
    එසේම බැලුවහොත් වරාය නගර කොළඹ කුලුණු ජනතාව ඉලා සිටි දේද? මේවා දෙන්නේ මොකටද?
    හැබැයි අද රටේ සැබෑම දැවෙන ප්‍රශ්නයක් වූ පොදු ප්‍රවාහන සේවා පිළිබඳ කිසිදු සැලැස්මක් කිසිවෙකු තුල නැත්තේමය. කොළඹින් සැතපුම් 15 දුර සිටින්නේකු කොළඹට එන්නට පැය 2 1/2 ක් ගන්නා බව මේ බලධාරීන් කිසිවෙකු දන්නේ නැත. දැන ගත්තද පිළිතුරු දෙන්නට වුවමනාවක් නැත. මන්ද ඡන්දයකදී තමන් ක්‍රියා කරන ආකාරය තීරනය කිරීමට මිනිසුන්ට ඊට වඩා ප්‍රමුක කාරනා කොතෙකුත් ඇත.

    ඉතින් අපි ඉවසා හිඳිමු !!!

    ReplyDelete
  2. මේවාට උත්තර ලියන්නට තබා කියවන්නටත් කාල වේලා නැති වීම අවාසනාව මිස වෙන කුමක්ද !

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !