Wednesday, August 12, 2015

"බහුකේන්ද්‍රීය", "සර්ව දිසාවන්ට විහිදුනු" විදේශ ප‍්‍රතිපත්තියක්?

සනත් ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂ වේදිකාවේ
දින 100 කින් අලුත් රටක් සෑදීමට වෙර දරණ සනත් ජයසූරිය

දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාළාව

"ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන" රටක් බව ප්‍රතිපත්ති ප්‍රකාශනයක පිළිගත යුතු කරුණක් නොව ජනසංගණනයක නිගමනයකි. එය "ජාතික හා ආගමික විවිධත්වයෙන් යුත් රටක්" බව ද ප්‍රතිපත්ති ප්‍රකාශනයක දක්වා විශේෂයෙන් පිළිගත යුතු කරුණක් නොවේ. වර්තමාන ලෝකයේ "ජාතික හා ආගමික විවිධත්වයෙන් යුත්" නොවන රටක් නම් කළ හැකි ද? වතිකානු රාජ්‍යයවත් එවැනි රටක් බව කිව හැකිද?

මේ විකාර වෙනුවට "ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්" බව කෙළින් නොකියන්නේ ඇයි? මෙය සැක කටයුතු තැනකි. එක්සත් ජනතා නිදහස් සංධානයට දෙමළ මුස්ලිම් වාර්ගිකයන් පමණක් නොව සිංහල කතෝලිකයින් ද රැවටිය නොහැක - ඔවුන් තම මනාපය ප්‍රකාශ කරන්නේ ඉහළින් දෙන අණ අනුවය. මේ රවටන්න තැත් කරන්නේ සිංහල බෞද්ධයා ද?
අප එසේ විවේචනය කළේ කළේ ජාතික ඒකාග‍්‍රතාව සහ තිරසාර සංහිඳියාව පිළිබඳ ප‍්‍රතිපත්තිය ලෙස හැඳින්වෙන එ.ජ.නි.සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළමු පරිච්ඡේදයයි. එහි ඊළඟ පරිච්ඡේද අද විමසමු.






2. දූෂණය පිටුදැකීම සහ අධිකරණයේ ස්වාධිපත්‍යය සුරැකීම පිළිබඳ ප‍්‍රතිපත්තිය

සැමට සමාන නීතියක් – ක‍්‍රමවත් නිවැරදි පාලනයක්…

මේ පරිච්ඡේදය සාධනීය කරුණු වලින් පරිපූර්ණ ලියැවිල්ලක් බව පෙනේ. අංක 1, 2, සහ 3 සාමාන්‍ය පොරොන්දු වේ. අංක 4 න් කතා කරන්නේ යහපාලන ජුන්ටාවේ සංකල්පයක් මත අග්‍රාමාත්‍ය ධුරන්ධර ජුන්ටාධිපති තුමාගේ බලතල අවභාවිතා කර තැනූ, එහෙත් නීති විරෝධී කැලෑ පොලීසියක් බවට මෙතෙක් අධිකරණය විසින් තීරණය නොකෙරුණු, FCID නමින් හඳුන්වන ආයතනයේ අනාගතය පිළිබඳවයි. එහි නීත්‍යානුකූල භාවය තීන්දු කිරීම අධිකරණයට පැවරීමට පොරොන්දු වීම 'යහපාලනය' අතින්නම් හොඳ ක්‍රියාවක් බව පෙනේ.

එහෙත් එසේ කිරීමේ නිත්‍යානුකූල අවශ්‍යතාවයක් නැත්තේ ගැසට් නිවේදනයක් මගින් එය අවලංගු කර විසුරුවා හැරීමට හැකි බැවිණි. එහෙත් නීති විරෝධී පොලීසි පිහිටුවා විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීමට කටයුතු කළ අයවළුන්ට දඬුවම් පැමිණවීම පිණිස අධිකරණය අවශ්‍ය වේ.

"දූෂණය පිටුදැකීම සහ අධිකරණයේ ස්වාධිපත්‍යය සුරැකීම පිළිබඳ ප‍්‍රතිපත්තිය" යටතේ සඳහන් කෙරෙන ඉතාම වැදගත් කරුණක් වන්නේ එහි 5 වැනි කරුණයි. මින් කියවෙන්නේ මහබැංකු කොල්ලය කළ පුද්ගලයින් නීතිය හමුවට ගෙනෙන බවත් දේපල රාජසන්තක කිරීම දක්වා වූ ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත් ය. මේ ඉතාම යහපත් ප්‍රවණතාවකී. දූෂණය පිටුදැකීමට අරමුණක් ඇති ආණ්ඩුවක් විසින් කළ යුතු ප්‍රධානම කටයුත්ත වන්නේද මෙයයි. චූදිතයා ජීවතුන් අතර නැතත් ඔහුගේ උරුමක්කාර පොල්මඃකාර සියල්ලන්ගේ පවරා ගත හැකි දේපල පවරා ගැනීමට පසුබට නොවන තාක් කල් දූෂණය පිටු දැකිය නොහැක්කේමය.

මහබැංකු මංකොල්ලයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාණ්ඩුවට වූ අලාභය පියවා ගැනීමට රනිල් වික්‍රමසිංහගේ දේපල ප්‍රමාණවත් නැතිනම් ඔහුගේ නීත්‍යානුකූල භාර්‍යාව ලෙස මැතිවරණ රැළි වල පෙනී සිටින මෛත්‍රී මහත්මියගේ දේපළ රාජසන්තක කිරීමෙන් පියවා ගත යුතුය. අර්ජුන් මහේන්ද්‍රන් සහ ඇලෝසියස් සම්බන්ධයෙන් ද මෙය ක්‍රියාත්මක කළ යුතුය. පාඩුව පියවා ගත නොහැකි නම් ඔවුන් සිරගත කළ යුතුය. ධිවර සංස්ථාව ඇතුළු අනෙක් ආයතන වල සිදු වූ වංචා පිළිබඳවත් මේ අයුරින්ම ක්‍රියාත්මක විය යුතුය.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වේ. පාටලී චම්පික රණවක මන්ත්‍රී තුමා දූෂණ පිළිබඳ පොතක් මුද්‍රණය කරවීය. රංජන් රාමනායක මන්ත්‍රී තුමා රුපවාහිනී වැඩසටහන් වල පෙනී සිටිමින් බොහෝ දූෂණ හෙළිදරව් කළේය. එසේම අප මෙතෙක් නම අසාවත් නැති එක්තරා මන්ත්‍රී තුමෙක් මාධ්‍ය හමු තබමින් බොහෝ දූෂණ සඳහා සාක්‍ෂි ඉදිරිපත් කළේය. මේ සියලු දූෂණ පිළිබඳව සෙවිය යුතු අතර අර නම් කී මහත්වරු රජයේ සාක්‍ෂිකරුවන් කර ගත යුතුය. උසාවි යනු මිස වෙන වැඩක් කිරීමට නොහැකි වන සේ මේ සඳහා මේ මහත්වරු කැඳවිය හැකි අතර සාක්‍ෂි සැපයීමට අපොහොසත් වෙතොත් අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පවරා දඬුවම් කළ යුතුය. එසේ කළ යුත්තේ දූෂණ පිළිබඳ දැන දැන යුක්තිය පසිඳලන ආයතන වෙත ඒ තොරතුරු ලබා නොදීම දූෂණ වලට සහය දීමක් වන බැවිණි.

ඉතිරි කරුණු අතර 9 වැන්න හැරුණු කොට අනෙක් කරුණු බොහෝ සාමාන්‍ය කරුණු වේ. 9 වැන්නෙන් කියවෙන්නේ රාජ්‍ය ආයතන වල පත් වීම් කෙරෙන පටිපාටිය වෙනස් කිරීම පිළිබඳවයි. ඒ සම්බන්ධ යෝජනා දෙකත් යහපත් යෝජනා බව අපේ අදහස වේ. සමස්ථයක් ලෙස ගත් කළ දෙවන පරිච්ඡේදයේ කිව හැකි වැරැද්දක් නැත.



3. ආර්ථික කළමනාකරණ ප‍්‍රතිපත්තිය


පිබිදෙන ආර්ථිකයක්, ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක්…
මේ පරිච්ඡේදය හිතා මතාම අත්හැර දැමුවෙමු. ඉතාම දිගු එසේම අංග ගණනාවකින් යුත් මේ පරිච්ඡේදය තුල එකඟ විය හැකි සහ නොවිය හැකි අංග බොහෝ වේ.



4. විදේශ ප‍්‍රතිපත්තිය

අදීන වූත්, නොබැඳි වූත්, මිත්‍රශීලී වූත් විදේශ ප්‍රතිපත්තියක්…

මෙහි පළමු අංගය වැදගත් කරුණක් ඉස්මතු කරයි. ඒ වචනම නොවූවත් මෙහි මූලික අදහස වන්නේ යටත් විජිත ස්වාමින්ගේ අභිලාෂ වෙනුවට ජාතික අභිලාෂ ඉටු කර ගැනීමේ දිශානතියක් වෙත යොමු වූ විදේශ ප්‍රතිපත්තියක් සකස් කිරීම නම් දෙතිස් කතාව ඊට සහයෝගය පල කර සිටී.

තෙවැනි අංගය යටතේ විස්තර කෙරෙන "බහුකේන්ද්‍රීය", "සර්ව දිසාවන්ට විහිදුනු" යන පද වල තේරුම් කියා දෙන්නේ කවුද? විදේශ ප්‍රතිපත්තිය (හෝ වෙනයම් ඕනෑම ප්‍රතිපත්තියක්) බහු කේන්ද්‍රීය වන්නේ කෙසේද? එසේ වීමේ ප්‍රයෝජනය කිම? අපගේ අදහස අනුව රටක විදේශ ප්‍රතිපත්තිය ඒක කේන්ද්‍රීය විය යුතුය. රටේ ජාතික අභිලාෂයන් කේන්ද්‍ර කරගෙන අසමමිතික ලෙස ගොඩනැගුණු සම්බන්ධතා වලින් යුත් විදේශ ප්‍රතිපත්තියකිනි රටකට යහපතක් වන්නේ. මෙහි අසමමිතික' යනුවෙන් අප අදහස් කරන්නේ සතුරන් සමග මිතුරු වීමත් මිතුරන් හා සමග වඩා හොඳින් මිතුරු වීමත් වේ.

උදාහරණයක් ලෙස ලංකාව ජාත්‍යන්තර තලයේ සමග සැම විට එකට සිටි මහජන චීන ජනරජය සමග සැම විටම එකාවන්ව ක්‍රියා කළ යුතු අතර ලංකාවට බොහෝ උදව් ඇති ජපානය සමග සෑම විටම හොඳ හිත පවත්වාගෙන යා යුතුය. ඒ රටවල් දෙක අතර ගැටුමක් වේ නම් එය සමහන් කිරීමට මැදිහත් විය යුතු අතර සමහන් කළ නොහැක්කේ නම් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ යුතුය. අනෙක් අතින් සැම විටම අප යටපත් කර ගැනීමට උත්සාහ කරන ඉන්දියාව සමග පමණට වැඩි සබඳතා පවත්වා ගැනීම නපුරුය. විශේෂයෙන් සීපා අනවශ්‍ය ගිවිසුම් වලට ඇතුල් නොවී සිටිය යුතුය. ඒක කේන්ද්‍රීය ලෙස අසමමිතික විදේශ සබඳතා පවත්වා ගැනීම යනුවෙන් අප අදහස් කරන්නේ රටේ ජාතික අභිලාෂයන් සා එකඟ වන මට්ටමින් එක් එක් රට සමග සුදුසු පමණින් සම්බන්ධතා පැවැත්වීමයි.

BRICS රටවල් සමග එක් වී ගුණාත්මක විදේශ සබඳතා ගොඩ නැංවීමක් පිළිබඳව අංක 5 යටතේ කියැවේ. මේ සබඳතා ආර්ථික කරුණු වලට සීමා වන්නේනම් මැනවි. රාජ්‍ය බලයෙන් වැඩි පංගුකාරිත්වයක් දෙමළ ජනයා විසින් දරණ ඉන්දියාවත් දකුණු අප්‍රිකාවත් යන රටවල් දෙකම අන්තර්ජාතික දේශපාලන ක්‍ෂේත්‍රයේ දී අපට පසමිතුරු රටවල් වේ. මේ අංගය යටතේම නොබැඳි ජාතීන්ගේ සංවිධානය පිළිබඳවත් සඳහනක් වේ. නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සමනිර්මාතෘ වන ලංකාවට එහි ප්‍රතිපත්ති සම්පාදනයේදී අනුල්ලන්ඝනිය අයිතියක් ඇත. ලංකාව එය භාවිතා කළ යුතුය. වෝර්සෝ සංවිධානය ලෙස හැඳින්වුණු සෝවියට් කඳවුර බිඳ වැටී ඇති තත්වය තුල නේටෝ බල කඳවුරට විකල්පයක් වීම නොබැඳි ජාතීන්ගේ සංගමයේ අරමුණ විය යුතුය. ඒ අරමුණ බලාත්මක කරවීමටත්, එක පොකුරට එකතු කර ගත් නොබැඳි ජාතින් වශයෙන් ඇමරිකානු බල කඳවුරට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර වේදිකා මතදී අභියෝග කිරීමටත් එම සංවිධානය සවිබල ගැන්වීම නොබැඳි සංවිධානය හා සම්බන්ධ ලංකාණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය විය යුතුය.



5. නිවාස හා ඉඩම් ප‍්‍රතිපත්තිය

සැමට නිවසක්, හිතට සවියක්…

මේ සම්බන්ධව ගැටළු සහගත කරුණු නැත්තේ මෙහි බොහොමයක් යෝජනා ක්‍රියාත්මක කිරීමේ අදහසක් කිසිවෙකුටවත් ඇතැයි නොපෙනෙන බැවිණි.



6. අධ්‍යාපන ප‍්‍රතිපත්තිය

නිදහස් අධ්‍යාපනය තුලින් ප්‍රබුද්ධ සමාජයක්…

මෙහි තීරණාත්මක මට්ටමේ ගැටළු කිසිත් නැත. බොහෝ දුරට මහින්ද චින්තන ඉදිරි දැක්මේ ම දිගුවකි.



7. සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය

නිදහස් සෞඛ්‍ය තුලින් නිරෝගීමත් සමාජයක්…

සංවාද කළ යුතු බරපතල මට්ටමේ කරුණු නැත. අඩු ආදායම්ලාභීන්ට යෝජනා කර ඇති සෞඛ්‍ය රක්‍ෂණය, එය සැබවින්ම ලැබේනම්, හොඳ යෝජනාවකි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දීමට යෝජනා කෙරෙන ඖෂධ සඳහා වන වට්ටම දැනටත් රාජ්‍ය ඔසුසල් වලින් ලැබෙන බව අපගේ වැටහීමයි.



8. පාරිසරික සහ වනජීවී ප‍්‍රතිපත්තිය

ගහකොළ ද, සතුන් ද, මේ හැමත් සුරකිමු…

මේ යටතේ ඉතාම වැදගත් කරුණක් නම් "දෘෂ්ඨි" යන්නත් එක් කර පංචවිධ දූෂණයක් හඳුන්වා දීමයි. විශේෂයෙන් මහා මාර්ග දෙපස ඉදි කෙරෙන දැන්වීම් පුවරු ඉවත් කිරීමට මේ යටතේ හැකියාව ලැබේනම් ඉතාම සුදුසුය. නාගරික පෙදෙස් වල හංදි අසල ඉදි කර ඇති මෙවැනි චංචල (ඩිජිටල් පුවරු හෝ කැරකෙන දැන්වීම් පුවරු) දැන්වීම් රියැදුරන්ගේ අවධානය බිඳ අනතුරු වලට මග පාදන අතර පිටිසරබදව ඉදි වන මෙවැනි පුවරු මගින් සොබා සොඳුරු බව වසා ලමින් මගියන්ගේ සිත් අවිවේකී චංචල බවින් පුරවා ලයි. මේවා ඉවත් කිරීම කාලින අවශ්‍යතාවයකි.

මහමගට පෙනෙන ලෙස ගල් පර්වත මත (දඹදෙණියේ මහ ගල් පර්වතය, කුරුණෑගල ඇතුගල වැනි ඓතිහාසික ස්ථාන වල පවා මේ මිනිසුන් වර්චස් දමා තිබෙනු පෞද්ගලිකව දැක ඇති අතර එය ඉතාම අශෝබනය) සුදු පාටින් සීනු සමග කතිර අඳින සහෝදරවරුන්ට ද අච්චු කිරීමට මේ යටතේ නීති ගෙන ආ යුතුය.

මේ ප්‍රතිපත්තියේ සය වන අංගය වශයෙන් රිෂාඩ් බද්යුද්දීන් මුස්ලිම් සහෝදරයා සිරගත කරන බව ව්‍යංගයෙන් සඳහන් කර ඇත. එය ඉතාම සාධනීය ලක්‍ෂණයකි. වෙනකෙක් ඔහු කළ දේම නොකරන්නට පෙළඹෙන අයුරින් ඒ දඬුවම දිය යුතු බවට අප යෝජනා කරන මුත් එය කෙරේය යන කිසිදු විශ්වාසයක් නම් නැත.

වෙරළාරක්ෂක නීති පිළිබඳව වන සත් වන අංගය ඉතාම වැදගත්ය. දෙමළ කැරැල්ල මැඩ පැවැත්වීමේ දී සුවිශාල සේවාවක් කළ නාවික හමුදාවේ කුඩා වේගයාත්‍රා (Arrow boat) යොදාගෙන නාවික හමුදා කඳවුරු සහ රට වටා පිහිටි ධීවර වරායන් ආශ්‍රය කරගෙන වෙරළාරක්ෂාව පිණිස වෙනම ඛණ්ඩයක් පිහිටුවිය යුතුය. ඉන්දියාවේ සිට කෙරෙන හොර ජාවාරම්, මාළු මංකොල්ලය, සහ නීති විරෝධී සංක්‍රමණ (කල්ලතෝනි සහ ඇන්ටි-කල්ලතෝනි) ආදී බොහෝ ගැටළු වලටද මෙමගින් සරළ විසඳුමක් ලැබේ. අමතර වාසියක් වශයෙන් මේ යාත්‍රා තැනීමේ කර්මාන්තයට නව ආලෝකයක් ලැබීමත්, (නව වෙළෙඳපොල හේතුවෙන්) මේ යාත්‍රා තාක්‍ෂණික වශයෙන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය උත්තේජනය සැපයීමත් එයින් සිදු වේ. මෙය විදේශ විනිමය ඉපැයීමේ මගක් ද වේ.

පරිසරය පිළිබඳ කෙරෙන අනෙක් වර්ණනාවන්ගේ එතරම් නවතාවයක් නැත.



9. සංස්කෘතික, කලා සහ සන්නිවේදන කටයුතු ප‍්‍රවර්ධන ප‍්‍රතිපත්තිය

කලාවෙන්, සංස්කෘතියෙන් සහ මාධ්‍ය නිදහසින් ඔප්නැගුණු සංවේදී සමාජයක්…

මේ යටතේ එතරම් හරවත් දෙයක් සඳහන් වන්නේ නැත. "සකලවිධ ජාතීන්" පිළිබඳ තුප්පහි කතාවෙන් ආරම්භ කර මාධ්‍යවේදීන්ට මහජන මුදලින් කප්පම් දීමට යෝජනා කෙරෙන නොවැදගත් ප්‍රතිපත්තියකි. කිසිසේත් ක්‍රියාත්මක නොකෙරේනම් රටට වඩාත් යහපත් බව පෙනේ.



10. ක‍්‍රීඩා සහ තරුණ කටයුතු ප‍්‍රතිපත්තිය

ක්‍රියාශීලි, නිරෝගී සහ පෞර්ෂත්වයෙන් යුතු තරුණ පරපුරක්…

මෙහි එතරම් වැදගත් කරුණු කාරණා අන්තර්ගත නොවේ. එ.ජා.ප. ප්‍රතිපත්ති මාලාවට පිළිතුරු දීමට සැකසූවක් බව කැපී පෙනෙන්නේ අවසන් කරුණු තුන තුලදී ය. අඩු ආදායම්ලාභී පවුල් වල තරුණ තරුණියන්ට යුගදිවියට 200,000 ක ණයක් ලබා දීම නරක යෝජනාවක් නොවේ. එහෙත් ක්‍රියාත්මක වීමේ ගැටළු පවතී. කිහිප දිනක් මෙය ලබා දී නැවත අය කර ගැනීමේ ගැටළු හේතුවෙන් අතහැර දැමීමට නියමිත යෝජනාවකි.

ප්‍රථම වාහනයට සහන පොළියට ණය දීමේ ප්‍රතිපත්තියක් ඇත්නම් එය තරුණ තරුණියන්ට පමණක් සීමා කිරීමේ අර්ථයක් නැත. මැදි වියේදී ප්‍රථම වාහනය ගන්නේ තරුණ වියේදී වාහනයක් ගැනීමට මුදල් නොතිබූ නිසා නොවේද? එවැනි අයෙකුට සහන ණයක් දීම තරුණයෙකුට දීමට වඩා වටී. තරුණයෙකුට වාහනයක් ගැනීමට පෙර කළ යුතු / කළ හැකි බොහෝ දේ පවතී. මේ යෝජනාව ක්‍රියාත්මක නොකළ යුතු අනවශ්‍ය යෝජනාවකි. පැහැදිළිවම තරුණයක් රවටා (මට ලැම්බෝජිනියක් දියව්!) ඡන්ද ගැනීමට ගැසූ ගැටයකි. ජහඃපාලනයට මාස 7 තුල ඔප්පු කර ගැනීමට බැරි වූ නාමල්ගේ ලැම්බෝජිනි චෝදනාව තමා විසින්ම ගෙලේ පළඳා ගැනීමකි.

සෑම නිවසකටන බ්‍රෝඩ්බෑන්ඩ් දීමේ යෝජනාවත් එවැනිම එකකි. සෑම නිවසකටම බ්‍රෝඩ් බෑන්ඩ් අවශ්‍යද? ඒ කුමටද? යන ප්‍රශ්න යුගලය දෙතිස් කතාව මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තැනූ ඊනියා විද්වතුන්ගෙන් අසා සිටී.

හැරත්,

Online Market කියා මෙතුමන්ලා හඳුන්වන ක්‍රම වලින් ඔතරම් දෙනෙකුට ඔතරම් මුදල් ඉපයිය හැකිද? හැකිනම් අපට වඩා පරිගණක සාක්‍ෂරතාවය ඇති රටවල් වල ආණ්ඩු මේ ගැන කිසිවක් නොකරන්නේ ඇයි?



11. කාන්තා සහ ළමා ප‍්‍රතිපත්තිය

දිරිලියයි, දරු කැළයි - දැයේ ජීවනාලියයි…

මෙහි එතරම් වැදගත් අංගයක් නැති මුත් අපූරු කරුණක් එහි අවසන සඳහන් වෙයි.

15. බෙදුම්වාදී ත්‍රස්තවාදය සහ 87, 88, 89 භීෂණ සමය නිසා පියා අහිමි වූ දරුවන්ගේ රැකවරණය සඳහාත් මරණය සහ සදාකාලික ආබාධිත තත්වය හේතුවෙන් ප්‍රධාන ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහාත් මාසිකව රුපියක් 5,000 ක දීමනාවක් ප්‍රදානය කෙරේ.

මෙහි කොටස් තුනකි. එහෙත් අරමුණ වන්නේ මියගිය කොටි ත්‍රස්තවාදීන්ගේ දරු පවුල් වලට දීමනාවක් දීම වේ. JVP භීෂණ සමයේ මිය ගියවුන්ගේ දරුවන් 89 දී ඉපදී නොසිටියත් දැන් අවුරුදු 25 පමණ වයස යස තරුණයෝ ය. ඔවුන්ට මේ දීමනා ලැබෙන්නේ නැත. අනෙක් හේතු නිසා මිය ගිය ආබාධිත වූ අයගේ දරුවන්ට දීමනාවක් ගෙවීමට ත්‍රස්තවාදී උවදුරු වලට ලක් වූවන් සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවයක් නැත. එසේනම් මේ කරන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ දරුවන්ට දීමනාවක් ගෙවීමයි. දෙතිස් කතාව මීට විරුද්ධ නැත. එහෙත් මහජන මුදලින් නොව රජය විසින් මූලික මුදලක් යොදා ඒ සඳහාම පිහිටවූ අරමුදලකින් එය ගෙවිය යුතුය. මුදල් හදල් යහමින් ඇති "ඩයස්පොරවල්" මීට ආධාර කරනු ඇත. ඒ කොටි දරුවන් නිසි වයස් පිරි ආධාර ලැබීම නැවතුණු පසු අරමුදලේ කිසියම් ඉතිරියක් වේ නම් එය තුන් වැනුව කී අන්‍ය හේතු වලින් මරණයට-අකර්මන්‍යතාවයට පත් පියවරුන් ඇති පවුල් වලට දීමනාවක් ගෙවීමට යොදා ගත හැක.



12. ආයෝජන සහ යටිතල පහසුකම් ප‍්‍රවර්ධන ප‍්‍රතිපත්තිය

දේශයෙකි ගොඩනැගෙන, හෙට දිනයෙ ලොව දිනන…

මෙහි බොහෝ සාධනීය කරුණු අඩංගු වේ. ෴



මේ හැරුණු කොට ප්‍රතිපත්ති ප්‍රකාශනයට "දේශපාලන ප්‍රතිසංස්කරණ" නමින් අමතර පරිච්චේදයක් ඩ ඇතුලත්ය. අවස්තාව ලැබෙතොත් ඒ පිළිබඳව නැවත දිනෙක අදහස් දක්වමු.

මතු සම්බන්ධයි...


සබැඳි පෙර ලිපිය: දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාළාව


25 comments:

  1. මේ හැබෑට නලීන් ද සිල්වාට මොකද වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නොදනී. ඔහු ලිපි වලින් මිස වෙන'යුරකින් හඳුනන්නේ නැත.
      කාලය වෙබ් අඩවිය දින කීපයකින් යාවත්කාලීන නොවී තිබෙනු දිටිමි. සමහර විට මැතිවරණය හේතුවෙන් කාර්‍යබහුල වී සිටිනු විය හැක.

      Delete
    2. Do not vote for these people.
      හම්බන්තොට දිස්ත්රික්කය
      – මහින්ද අමරවීර (ධීවර අමාත්ය),
      මාතර දිස්ත්රික්කය
      – ලක්ෂ්මන් යාපා අබේවර්ධන (පාර්ලිමේන්තු කටයුතු අමාත්ය / සිවිල් ගුවන් සේවා නි. අමාත්ය), හේමාල් ගුණසේකර (නිවාස හා සමෘද්ධි රාජ්ය අමාත්ය), විජය දහනායක (ක්රිස්තියානි කටයුතු නි. අමාත්ය)
      ගාල්ල දිස්ත්රික්කය
      – පියසේන ගමගේ (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්ය)


      කළුතර දිස්ත්රික්කය
      – මහින්ද සමරසිංහ (මුදල් රාජ්ය අමාත්ය), රෙජිනෝල්ඩ් කුරේ (සිවිල් ගුවන් සේවා අමාත්ය)
      කොළඹ දිස්ත්රික්කය
      – තිලංග සුමතිපාල (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නි. අමාත්ය), ඒ. එච්. එම්. ෆවුසි (ආපදා කළමනාකරණ අමාත්ය), ජීවන් කුමාරණතුංග (කම්කරු රාජ්ය අමාත්ය), ප්රසන්න සෝලංගආරච්චිලා
      ගම්පහ දිස්ත්රික්කය
      – ෆීලික්ස් පෙරේරා (විශේෂ ව්යාපෘති අමාත්ය), සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ (උසස් අධ්යාපන නි. අමාත්ය), ලසන්ත අලගියවන්න (ග්රාමීය ආර්ථික කටයුතු නි. අමාත්ය), පණ්ඩු බණ්ඩාරනායක (මහජන පරිපාලන හා ප්රජාතාන්ත්රිය පාලන රාජ්ය අමාත්ය), Ruwan Ranathunga


      කුරුණෑගල දිස්ත්රික්කය
      – ශාන්ත බණ්ඩාර (ජනමාධ්ය නි. අමාත්ය),
      පුත්තලම දිස්ත්රික්කය
      – වික්ටර් ඇන්තනි (පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නි. අමාත්ය), දයාශ්රිත තිසේරා (ධීවර නි. අමාත්ය)


      අනුරාධපුර දිස්ත්රික්කය
      – දුමින්ද දිසානායක (වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්ය),


      මහනුවර දිස්ත්රික්කය
      – එස්. බී. දිසානායක (ග්රාමීය ආර්ථික කටයුතු අමාත්ය), එරික් වීරවර්ධන (වරාය හා නාවික නි. අමාත්ය), සරත් අමුණුගම (උසස් අධ්යාපන අමාත්ය)
      මාතලේ දිස්ත්රික්කය
      – ජනක බණ්ඩාර තෙන්නකෝන් (පළාත් සභා හා පළාත් පාලන අමාත්ය), නන්දිමිත්ර ඒකනායක (සංස්කෘතික හා කලා කටයුතු රාජ්ය අමාත්ය)


      මොනරාගල දිස්ත්රික්කය
      – විජිත් විජයමුණි සොයිසා (වාරිමාර්ග අමාත්ය), ජගත් පුෂ්පකුමාර (වැවිලි කර්මාන්ත නි. අමාත්ය)
      බදුල්ල දිස්ත්රික්කය
      – ලක්ෂ්මන් සෙනෙවිරත්න (ආපදා කළමනාකරණ නි. අමාත්ය),


      කෑගල්ල දිස්ත්රික්කය
      – රංජිත් සියඹලාපිටිය (පරිසර රාජ්ය අමාත්ය, / ස්වදේශ කටයුතු නි. අමාත්ය), ලලිත් දිසානායක (වාරිමාර්ග නි. අමාත්ය)

      Delete
    3. මේ සැලෙන අය නේද?

      Delete
    4. ඔහු අසනීපයෙනි.

      මා අසනීපයෙන් බැවින් ලිපිය මෙතෙකින් අවසන් කරමි.
      නලින් ද සිල්වා
      2015 අගොස්තු 14

      http://www1.kalaya.org/2015/08/blog-post_14.html

      Delete
    5. නලින් ද සිල්වා නැවතත්: http://www1.kalaya.org/2015/08/blog-post_24.html

      මේ ඉතාම වැදගත් ලිපියකි.

      Delete
  2. මට මේ විචාරය කියවූ විට හිතුනේ, මේ රටට ආදරය කරන මිනිසුන් මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන විට එහි හමුවන රටට අහිතකර වූ ප්‍රති පත්ති දකින්නේ මේවා මෙහෙම දැම්මට මහින්ද ඕවා ක්‍රියාත්මක කරන්නට යන්නේ නැහැ යන පූර්ව නිගමනයෙන්ය.
    එසේම එවන් වූ අහිතකර යෝජනා එලිපිට නොදක්වන රනිල්ගේ ප්‍රකාශයේ ඇති ක්ශුද්‍ර වූ ඉඟියක් මිනිසුන් කියවන්නේ අන්නඔය තියෙන්නේ දෙන්න යන වැඩේ කොලේ වහලා ගහලා තියෙන්නේ වැනි අදහසකින්ය.
    ඇත්තටම මෙහෙම වන්නේ ඇයි ?
    ඒ මිනිසුන් සබුද්ධික නිසාද නැතිනම් පක්ෂ හා හෝ පුද්ගල ප්‍රතිරූප වන්දනා කරන්නන් නිසාද ?

    ReplyDelete
    Replies
    1. මෙයට හේතුව අප ඒ ඒ පුද්ගලයින්ගේ පැරණි චර්යාවන් හේතුවෙන් ඔවුන් පිළිබඳව අප සිත් තුල ඇති අවිඥානික තක්සේරුවයි.

      රනිල් වික්‍රමසිංහ LTTE විසින් කරන ලද ඝාතන මතින් UNP නායකත්වයට ගෙනැවිත් 1994 පටන් අද දක්වා එය පාලනය කරන පුද්ගලයාය. රනිල් නායකත්වයට පත් වීමෙන් පසු UNP වෙත එල්ල වූ LTTE තර්ජනය පහ විය. එසේම ඔහු එළිපිට සහ රහසේ LTTE පෙරමුණු සංවිධාන සමගත් LTTE සහායකයින් සමගත් සම්බන්ධතා පවත්වයි. ඔහු දෙමළ ජාතිවාදයට දක්වන සහයෝගය රහසක් නොවන තත්වයක් යටතේ ඔහු විසින් මැතිවරණය දිනා ගැනීම උදෙසා රැවටිය යුතු වන්නේ සිංහල ජනතාව වෙයි. දෙමළ ජනතාව දෙමළ රාජ්‍ය පක්‍ෂය විසිනුත් මුස්ලිම් ජනතාව කොංග්‍රසය විසිනුත් එකතු කර අවසානයේ ඔහුටම දෙන බැවිනි. කතෝලික පටියේ ජන්ද කොහොමත් ඔහුට ලැබෙන්නේ ඔහු ඇන්ග්ලිකානු පල්ලියේ බැතිමතෙක් සහ ක්‍රියාවෙන් ක්‍රිස්තියානි ආණ්ඩුවක් පවත්වාගෙන ගොස් පක්‍ෂපාතිත්වය පෙන්වා දී ඇති නිසාය.

      සරළව කියතොත් රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කෙරෙන්නේ සිංහල බෞද්ධයන් රැවටීමයි. මහින්ද මෙහි අනෙක් පාර්ශවය වෙයි. මහින්දට රැවටීම මගින් අන් ජන වර්ග වල ජන්ද ගත නොහැකි අතර "සිංහල බෞද්ධ" ජන්ද කොහොමත් ලැබේ. ඔහු මේ ලිපියේ පෙන්වා දී ඇති ආකාරයේ කරුණු තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන්නේ තමන් "සිංහල ජාතිවාදී®" බවට අනෙක් ජාතිවාදීන් විසින් කරන චෝදනා නිෂ්ප්‍රභා කිරීම පිණිස බව මගේ අදහස වේ.

      එහෙත් ඔහු අමතක කරන එක දෙයක් වෙයි. UN එක හෝ ගත්‍රෝස් ගත්‍රෝස් බූලි හෝ ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව හෝ බටලන්ද කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස චන්ද්‍රිකාට බල කරමින් ජෙනිවා වල ඩෙඟා නැටුවේ නැති මුත් ඒ සියලු දෙනා (බූලි වෙනුවට මංකි බූන්) LLRC වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස මහින්දට බල කරමින් පොල් ගැසුවේ නැතුවා පමණය.

      ඒ බව දැන දැනම මහින්ද ඉල්ලං කන්න හදන්නේ ඇයි? ඒ අද දවසේ ප්‍රශ්නයයි.

      Delete
    2. රනිල්ව ඉක්මනට ස්වර්ගස්ථ කරනමෙන් අප යාඥා කරම්හ

      Delete
    3. රනිල්ව ඉක්මනට ස්වර්ගස්ථ කිරීමෙන් UNP එකට මිස රටට වන යහපතක් නැත. දැන් UNP එක ආණ්ඩුවක් පිහිටුවා ඇති නිසා ඒ යහපතත් පලක් ඇති දෙයක් නොවේ.

      රනිල් ස්වර්ගස්ථ වුවහොත් එතනට ඒමට නියමිත කවුරුන්ද ?
      මහබැංකු හොරා වෙනුවට සතොස කෑ හොරා UNP නායක වීම හොඳද නරකද ?

      Delete
    4. රනිල් කෙරේ අප තුල ඇත්තේ උපේක්‍ෂාවකි. ඔහු කෙරේ කිසිදු අපේක්‍ෂාවක්නම් නැත.

      ඒ හේතුවෙන්ම, මහින්ද විසින් කළ යුතුව තිබුණු එහෙත් නොකළ බව කියා අප විසින් මහින්ද වෙත වරින් වර කරන ලද චෝදනා රනිල් වෙත නැඹුරු කිරීමට අවශ්‍යතාවයක් පැන නොනගී.

      රනිල් පිරිසිදු පුද්ගලයෙක් නොවේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදය සහ ඊනියා යහපාලනය ගැන තකන්නෙක්ද නොවේ. මහින්ද රාජපක්‍ෂ රජයට 'රෙජීමය' යැයි නම් පටබැඳ එය පරාජය කිරීමට ජනමතය සකස් කළ ජනමාධ්‍ය (විජය සමාගම, සිරස ජාලය, BBC ඇතුළු විදෙස් මාධ්‍ය සහ නොයෙක් වෙබ් අඩවි) වලට රනිල්ගේ ආණ්ඩුව හැඳින්වීම පිණිස නමක් සොයා ගැනීමට නුදුරු අනාගතයේ සිදු නොවේ නම් එයට එකම හේතුව මේ අයත් රනිල්ගේ හවුල් කරුවන් වීම ම පමණි.

      එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රතිපත්ති විවේචනයෙන් පසු එජාප ප්‍රතිපත්ති වෙත අත තැබීමට සිතා සිටි මුත් කාල වේලාව අවහිර විය. ඉඩක් ලැබෙතොත් පසුව සළකා බලමි.

      Delete
  3. Replies
    1. සනීපදත් අහනවා, එලම කිරි, මාරම සනීපයි......

      ප්‍රජාතන්ත්‍ර වාදය යනු.....
      අති බහුතරයක් මීහරකුන් සිටින ප්‍රදේශයක පාලනයට මීහරකෙකුම පත් කර ගැනීම උදෙසා පවතින යාන්ත්‍රනයයි.
      එම ප්‍රදේශය පාලනයට කොතරම් බුද්ධිමත් වුවද වෙනකෙකු පත් වුවහොත් පොදු බහුතරයගේ අභිලාශයන් ඉටු නොවනු ඇත........

      Delete
    2. ඔබ කියන දෙයින් ගම්‍ය වන්නේ මෙය අති-පිරිසිදු, සර්ව-සාධාරණ, ජිල්මාට් නැති මැතිවරණයක් බවයි. සත්‍යය එයද?

      Delete
    3. නැහැ නැහැ මම කීවේ සමස්ත ප්‍රජාතන්ත්‍ර වාදය යන සංකල්පය ගැන මිස ආසන්නයේ පැවති මැතිවරණය නම් වූ ක්‍රියා වලිය ගැන නම් නොවෙයි.
      අනික ඔය ජිල්මාට් වැනි කථා කියන්න ඔහේ කවුද?
      සුදු අප්පච්චිලයි, ඉන්දියානු මහප්පලයි, මන්කී බූන් කුඩප්පච්චියි ඔක්කොමල දැන් සහතික දීලා තියෙන්නේ මේක අති පිරිසිඳු සර්ව සාධාරණ මැතිවරනයක් කියලා. අනික දැන් සිරිලක යහපාලනයෙනුයි ප්‍රජාතන්ත්‍ර වාදෙනුයි බබලනවාලු. මං හිතන්නේ අපේ ඇස් ගිනි කණ වැටිලා ඒකයි අපිට ඔවා පෙනෙන්නේ නැත්තේ.
      අනික ඉතින් අපි ප්‍රොජාතන්තරවාදේ කියලා හිතන් ඉන්න එකම නෙවෙයි වගෙයි හැබෑ පොරජාතන්තර වාදේ.
      අපි කියලා ඉතින් ඕවා සහ සුද්දෙන් දන්නා එකක්යැයි.

      Delete
    4. වැරදියි.
      අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පැහැදිළි කිරීම කාලයෙන් කාලයට වෙනස් වෙයි. මේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය යනු තානාපති කාර්යාල වල මුදල් වලින් ජනමාධ්‍ය බදුගත් පණ්ඩිත ඔස්තාර්ලා විසින් මහජනතාව මී හරක් රැළක් සේ හැසිරවීමයි. මහින්ද ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී බවට මතවාදයක් සකස් කර ඊනියා යහපාලනයක් ගෙනෙන බවට සපථ කර මහජනතාවගේ චන්ද අයිතිය ඔවුන්ටත් නොදැනීම මංකොල්ල කෑවේ මේ පණ්ඩිතයින් විසිනි. විද්වතුන් වශයෙන් තමන් සහය දක්වන්නේ ජවිපෙට බව මුර ගෑ තක්කඩි ටිකවත් ජවිපෙට චන්දය දී නැති බව ලැබී ඇති මේ ප්‍රතිඵලය අනුව පැහැදිළි ය. එසේනම් ඒ අය පොන්සේකා රැවටූ ලෙසම ජවිපයත් රැවටූවාද?

      Delete
    5. ප්‍රජාතන්ත්‍රවාදය යනු...
      මහජනතාවට තමා කැමති ඒකාධිපතියෙක් පත් කර ගැනීමට අවස්ථාව ලබා දීමයි.


      සොඳුරු ඒකාධිපතියෙක් ය යනුවෙන් ප්‍රතිවාදීන් විසින් හැඳින්වූ රාජපක්‍ෂ පරාජය කළ මහජනතාව කුරිරු ඒකාධිපතියෙක් බව නැවත නැවතත් ඔප්පු කර පෙන්වූ වික්‍රමසිංහ තම පාලකයා ලෙස පත් කරගෙන ඇත.

      Delete
    6. තමන්ගේ පක්ශයට එරෙහි පක්ශ නායකයෙකු විසින්, පාක්ශිකයන් පල කල ඡාන්දය ගනිකා වෘත්තියේ යෙදවූ මෙවන් අවස්ථාවක් මීට පෙර ඔබ කිසිවෙකු දන්නා ඉතිහාසයේ සඳහන්ව තිබේද?

      Delete
    7. සිරිසේන පක්‍ෂ නායකයෙක් ලෙස ඔබ පිළිගන්නේ නම් රොබට් බ්‍රවුන්රිග් ලංකාවේ රජ ලෙස පිළිගැනීමේ බාදාවක් ද නැත.

      Delete
    8. පිලිගන්නේ නෑ තමයි, ඒත් ඒකට ප්‍රායෝගික විසඳුම කොතැනද?

      නිලයක් පවරාගෙන සියළු අකටයුතුකම් අත්තනෝමතිකව සිදුකරමින්, යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැදිබන දෙසමින් සිටින එකා ට කුමක් කල යුතුද?

      ජනතාවට කල හැක්කේ මීලඟ ඡන්දයකදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකීම පමනයි. ඉන් පලක් වේද? කලහැකි යමක් වේද?

      Delete
    9. සිරිසේන මදාවියෙකි - හෙවත් අඩු ආයුෂ ඇත්තෙකි. ස්වභාවික ලෙස හැඟෙන'යුරින් ඔහුගේ අභාවය සිදු වූ පසු ඉතාම චාම් උත්සවයකින් (රුපියල් 6000 පමණ විය පැහැදම් කර) අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත. එතෙක් බලා සිටිමු.

      Delete
  4. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පලනයක් ආ පසු බිහිවූ දරුණුම ඒකාධිපතියා.
    ඇත්තෙන්ම ප්‍රභාකරන් පවා එම සංජවිධානයේ අනෙක් සාමාජිකයන්ගේ අදහස් වලට සවන් දුන්නා.
    රනිල් නම් කිසිම සිංහලයෙන් කියන දෙයක් අහන්නේ නෑ ඒ වගේම සිංහල නොවන ලාංකික දේශපාලනඥයෙක්ගේ අදහස්වලටත් ඔහුගේ ඇත්තේ අවම සැලකිල්ලක්. ඔහු බටහිර හා ඉන්දියානු දේශපාලනඥයන්ගේ ෑපදෙස් පිලිපදින අයෙක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන් එම සංජවිධානයේ අනෙක් සාමාජිකයන්ගේ අදහස් වලට සවන් දුන්නා දැයි අපට හරියටම දැන ගැනීමට ක්‍රමයක් නැත. එහෙත් ආප්ප සිරා මෙවැනි ගැට ගැසීමේ සමතෙක් බව පිළිගැනීම අපහසුය.
      මේ පිටුපස බලවත් සංවිධාන පවතින බවත්, සිරා තවත් එක බළල් අන්ඩක් පමණක් බවත් සිතමි. ආප්ප සිරා පමණක් නොව රොටී සෝභිත ද බළල් අඬු පමණි. සාමාන්‍ය පිළිගැනීම නම් රොටී සෝභිත නටවන ලණුව කරුංක හොරා සතුවත් ආප්ප සෝභිත නටවන ලණුව චෞරිය වෙතත් පවතින බවයි.
      උපන් ගෙයි ඒකාධිපතියෙක් වන රනිල් ගැනනම් කීමට දෙයක් නැත. k ඔහු ගැන ඕනෑවටත් වඩා කියා ඇත.

      Delete
  5. මේ ගත වෙන්නේ කතා 32කේ දෙසතියක හයිබර්නේශන් කාලයයි
    ලබන සති අන්තයෙන් පසු අළුත් ලිපියක් බලා පොරොත්තු වන්න.

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !