Wednesday, June 10, 2015

විස්සට විස්වාසබංගයක්

විස්ස පිළිබඳ කතිකාවතක් දැන් ඇති වී තිබේ. ඒ පිළිබඳ දැනට ඉදිරිපත්ව ඇති කරුණු මත අප අදහස් කෙටියෙන් ඉදිරිපත් කරමු.

රනිල්ගේ යෝජනාව අර්බුද තුනකට හේතුවක්‌

කැෆේ අධ්‍යක්‍ෂ කියයි
චමින්ද සිල්වා
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ ඡන්ද කොට්‌ඨාස 125 ක්‌ හා මන්ත්‍රී ධුර 225 ක්‌ ඇතිකිරීමේ යෝජනාව ප්‍රධාන අර්බුද තුනක්‌ ඇතිවීමට හේතුවනු ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

එහිදී;
  1. කොට්‌ඨාස 125 කට සීමා නිර්ණය කිරීම සඳහා ඉතා විශාල කාලයක්‌ අවශ්‍ය වීම,
  2. සුළු ජාතික නියෝජනය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් බහු ආසන ස්‌ථාපනය කළ නොහැකිවීම, සහ
  3. උතුරු - නැගෙනහිර පළාත්වල (වවුනියාව, සේරුවිල හා අම්පාර වැනි) සිංහල නියෝජනය සේම උතුරු නැගෙනහිරින් පිට දෙමළ මුස්‌ලිම් නියෝජනය කොට්‌ඨාස මට්‌ටමින් තහවුරු කළ නොහැකිවීම
එම අර්බුදයට හේතු වන බව ඒ මහතා කියා සිටී.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර සංඛ්‍යාව 225 ක්‌ ලෙස තබාගනිමින් සහ කේවල ඡන්ද කොට්‌ඨාස 125 කට සීමාකිරීම සුළු දේශපාලන පක්‍ෂ සඳහා ඇති ඉඩකඩ අහුරා දැමීමට හේතුවනු ඇත. මුස්‌ලිම් හා ඉන්දීය සම්භවයක්‌ සහිත දෙමළ ප්‍රජාවට ද, ජනතා විමුක්‌ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය වැනි දේශපාලන පක්‍ෂවලට ද මෙය ඉතා අහිතකර ලෙස බලපානු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
ඉහත උපුටා දැක්වූයේ අද දිවයින පුවත්පතේ මේ පිළිබඳව පල වූ පුවතක්. අප විසින් මේ කෙරෙන විග්‍රහයට පාදක කර ගන්නේ ඒ පුවතයි. ඊට අමතරව ජනාධිපති සිරිසේන විසින් මන්ත්‍රී වරුන්ට අනියමින් තර්ජනය කිරීම උදෙසා සංවිධානය කළ රැස්වීමකදී ප්‍රකාශ කළ අදහස් කීපයක් ද මෙතැනින් කියැවිය හැක.





ඊට අමතරව මේ පිළිබඳවම සවිස්තරාත්මක හා විශ්ලේෂණාත්මක විග්‍රහයක් ආචාර්ය නලින් ද සිල්වාගේ කාලය වෙබ් අඩවියේ කර ඇත. එයත් කියැවීම සුදුසුය.

විස්ස හා පාර්ලිමේන්තුව

මෛත්‍රිපාල තම කාර්යය ඉටුකර ඇත. විස්ස කැබීනට්ටුව විසින් සම්මත කෙරී ඇත. මෛත්‍රිපාල ජූනි 8 වැනි දා විහාර මහා දේවී උද්‍යානයේ දී පැවසුවේ තම කාර්යය විස්ස කැබිනෙට්ටුවේ සම්මත කර දීම බවත් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීම මන්ත්‍රීවරුන්ගේ කාර්යය බවත් ය. දැන් ඉතිරි වී ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ කාර්ය ය. එය අමාරු කාර්යයක් බවට පත්වන ලකුණු පහළ වී ඇත.
සම්පූර්ණ ලිපිය කියවන්න


20 වන ව්‍යවස්ථා සංශෝධනය


20 වන ව්‍යවස්ථා සංශෝධනය (මේ අංකය කිසිසේත් වැදගත් නැත) විසින් මාතෘකා කර ගැනෙන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයයි. වඩා නිවැරදිව කිවහොත් එයින් යෝජනා කෙරෙන්නේ දැනට පවතින සමානුපාතික නියෝජන ක්‍රමය වෙනස් කිරීමටයි. නාග විහාරවාසී සෝභිත තෙරුන්නාන්සේ ක්ලාන්තය හැදෙන තෙක් ගිණි පිඹිමින් තැටිය රත් කළේ මේ රොටිය පුළුස්සා ගැනීමට බව උන් වහන්සේම වදාරණ ලදී - ඉඳින් ඊට වඩා වෙන කුමන කතාද?

එය එසේ වුවත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම උන් වහන්සේගේම අදහසක් නොවේ. එය උන් වහන්සේගේ අදහසක් පමණක් වී නම් මීට මේ රටේ දේශපාලන කරළියේ මෙතරම් ගැම්මක් ලැබෙන්නේද නැත. අප දකින අයුරින් නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමත් මනාප ක්‍රමය වෙනස් කිරීමත් අනුග්‍රාහක භවතුන් (මේ අය දායකයන් නොවේ) විසින් මේ ස්වාමින් වහන්සේට පංගනාත කරන ලද මන්ත්‍ර දෙකකි. උන් වහන්සේ දිවා රෑ පිරිත් කියන්නා සේ එයම ජප කරති.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම උදෙසා පසුගිය රජය යටතේ ඉදිරිපත් කෙරුණු යෝජනාවක් ද විය. එය පාර්ලිමේන්තුවේ සම්මත නොවී බාලගිරි දෝෂයට ලක් වන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ වල කඹ ඇදිල්ල හේතුවෙනි. දේශපාලන පක්‍ෂ විසින් විමසා බැලෙන්නේ වෙන් වෙන් වශයෙන් තම පක්‍ෂයට ලැබිය හැකි මන්ත්‍රී ධුර සංඛ්‍යාව නව ක්‍රමයෙන් ප්‍රසාරණය කර ගැනීමේ ඉඩක් පවතීද යන්න මිස වෙනකක් නොවේ. ඒ නිසා සියල්ලන් සතුටු කිරීම පිණිස මන්ත්‍රී ධුර සංඛ්‍යාව වැඩි කිරීමට සිදු වේ. මෙය එතරම් සුදුසු දෙයක්ද නොවේ. යන්තම් කෝටි දෙකක ජනගහණයක් සිටින රටේ පළාත් සභාය කියා කෝලම් මඩු 9ක් අටවාගෙන ජනතා මුදල් කාබානිසියා කරන අතරතුර, ඇමති වරු 100 පමණ සිටින 25 හේ අමාත්‍ය මණ්ඩලයක් (මෙහි 25 යනු අමාත්‍ය මණ්ඩලයේ වෙළෙඳ නාමයයි, එහි සංඛ්‍යාත්මක වටිනාකමක් ඇතැයි වරදවා වටහා ගත යුතු නැත) නඩත්තු කරන ගමන් මන්ත්‍රී ධුර සංඛ්‍යාව තවත් වැඩි කරන ලෙස යෝජනා කිරීම තක්කඩි කමකි. කළ යුතු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225 ම රඳවාගෙන පළාත් සභා අහෝසි කිරීමයි. මේ දෙවැන්න පිළිබඳව මෙහිදී කතා නොකර සිටිමු.

රනිල්ගේ විස්ස

රනිල්ගේ විස්සේ ප්‍රධාන ලක්‍ෂණ දෙකක් වෙයි. පළමු ලක්‍ෂණය මනාප ක්‍රමය අහෝසි කිරීම පිණිස සකස් කළ යෝජනාවකට මනාප ක්‍රමය තහවුරු කෙරෙන ආකාරයේ ආකෘතියක් යොදා ගැනීමයි. කොට්ඨාශ ක්‍රමයට තේරී පත් වන මන්ත්‍රී සංඛ්‍යාව 125 කට සීමා කර දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයට පත් වන මන්ත්‍රී සංඛ්‍යාව 75 දක්වා වැඩි කිරීම මගින් මෙය ඉටු කෙරේ. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම විසුරුණු ඡන්දදායක පිරිසක් සිටින එජාපය එදා ජයවර්ධන ජනාධිපති සිතූ අයුරින්ම අදත් සිතන බව මෙයින් තහවුරු වේ.

ඡන්ද කොට්ඨාශ ගණන 125 කට සීමා කිරීම පහසු කර්තව්‍යයක් ද නොවේ. එය කල් ගතවන කාර්‍යයකි. එහි සුපැහැදිලි අර්ථය මීළඟ මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්වීම කළ නොහෙන බවයි. මේ රනිල්ගේ විස්සේ දෙවන ලක්‍ෂණය වේ. මනාප ක්‍රමය එජාපයට වාසි සහගත නම් මන්ත්‍රී ධුර 75 වෙනුවට 196 ක් ම ඒ ක්‍රමයට තෝරා නොගන්නේ ඇයි?

රනිල්ගේ සැළසුම්

අප මෙහිදී රනිල්ය යනුවෙන් සඳහන් කරන මුත්, සිරිසේන රනිල්ගේ වාලෙක් වන්නේ යම් සේ ද රනිල් වික්‍රමසිංහ බටහිර රූකඩයක් බවත් සිහියේ තබා ගත යුතුය. ප්‍රමුඛ සැළැස්ම බටහිර රටවල් විසින් සකස් කෙරෙන අතර වික්‍රමසිංහ කරන්නේ ඊට ආරළු බූරුළු එකතු කිරීමයි.

රනිල්ට සහ ඔහුගේ ස්වාමිවරුන්ට 19 වෙනුවෙන් අප්‍රමාණ තදියමක් තිබුණු බව පැහැදිළිව පෙනිණ. අප කලින් සඳහන් කළ පරිදි (පෙර ලිපිය මෙතැනින්) 19 යේ අරමුණ වූයේ රාජපක්‍ෂලා දේශපාලනයෙන් අතු ගා දැමීමත් සිංහල බෞද්ධයින් සතුව පැවති දේශපාලන බලය විතැන් කිරීමත්ය.

තවමත් ලංකාවේ බහුතරය සිංහල බෞද්ධයින් වන නිසා විධායක ජනාධිපති ධුරයට පත් වන්නේ සිංහල බෞද්ධයෙකි. එංගලන්ත සභාවේ වික්‍රමසිංහ වෙනුවට පළමුව ෆොන්සේකාත් දෙවනුව සිරිසේනත් අත්හදා බැලෙන්නේ එහෙයිණි. දෙවනවර තම වාලෙක් විධායක ජනාධිපති කර ගැනුමට මේ බලවේග සමත් වුවත් මේ කොතරම් කාලයකටද යනු අවිනිශ්චිත බැවින් ජනතා ඡන්දයෙන් පත් වන ජනාධිපති මගහැර ගොස් විදේශ නියෝජිතයන්ට බලය ලැබෙන ක්‍රමයක් තනා ගැනීම අවශ්‍ය විය.

ඊනියා ස්වාධින කොමිෂන් සභා යනු මේ උපක්‍රමය හඳුන්වන නාමයයි.

දැන් විස්ස වෙත එමු.

කොට්ඨාශ ගණන 125 කිරීම සහ සීමා නිර්ණය

19 යටතේ විධායක ජනාධිපති සතු බලතල වලින් කොටසක් මංකොල්ල කා ගැනීමට ඉහත කී බලවේග සමත් වූ බව අපි දනිමු. ඒ අනුව සෘජු විදේශ නියෝජිතයන් තිදෙනෙක් සිටින ව්‍යවස්ථා සභාවක් පිහිටවේ. එහි සිටින සිංහල බෞද්ධයින් ගණන ගණන් කිරීමට ඇඟිලි අවශ්‍ය නැත. ව්‍යවස්ථා සභාව විසින් සීමා නිර්ණය කොමිසම ස්ථාපිත කෙරේ. ඉහත කී පත් වීම විදේශ ස්වාමි වරුන් විසින් අනුමත කිරීම පමණක් සෑහේ.

ජනතා ඡන්දයෙන් පත් වන ජනාධිපතිට කළ හැක්කේ ඒ පත් වීම් දෙසතියක් ප්‍රමාද කිරීම පමණක් වන අතර ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන්නේ යැයි කියන පාර්ලිමේන්තුවට කළ හැකි ඉටි ගෙඩියක් නැත. මෙකී සීමා නිර්ණය කොමිසම ඇතුළු කොමිෂන් සභා 'ස්වාධීන' යි නම් කරන්නේ ම ඒවා මෙරට ජනතා අභිලාෂයන් වෙනුවට ලෝකයේ කොහේවත් නැති ඊනියා යහපාලන මූලධර්ම නියෝජනය කරමින් ඒ අනුව කටයුතු කරන බැවිණි.

දැන් මෙවැනි කොමිසමක් විසින් සීමා නිර්ණය කෙරෙන විට රටක් වශයෙන් ලංකාවේ ජාතික අභිලාෂයන් නිරූපණය කෙරෙන පරිදි සීමා නිර්ණය කරයිද යනුම ගැටළුවකි. සිංහල බෞද්ධ නියෝජනය 70% ලෙස පාර්ලිමේන්තුව තුල නිරූපණය කිරීමට මේ කොමිසම ඉදිරිපත් වෙයිද?

සමානුපාතික නියෝජනය

සමානුපාතික නියෝජනය 75 දක්වා ඉහල නැංවීමට එජාපය යෝජනා කර ඇත. එජාපයට ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයක කිසියම් ඡන්ද ප්‍රතිශතයක් තිබේ. එහෙත් සමානුපාතික නියෝජනය ඉහළ නැංවීමේ වාසිය සැබැවින්ම ලබා ගන්නේ වර්ගවාදී පක්‍ෂ - විශේෂයෙන් මුස්ලිම් කොන්ග්‍රසය වැනි පක්‍ෂ - වේ. ඒවාට කොට්ඨාශයක් දිනා ගත නොහැකි වුවත් කොට්ඨාශ සියල්ලේ ඡන්ද එකතු කර ගැනීමෙන් දිස්ත්‍රික්කයේ සමානුපාතික අසුනක් දිනා ගැනීමේ ඉඩකඩ මින් විවර වේ. ඒ ඔවුන් විසින් යෝජනා කිරීමට නියමිත වාර්ගික කොට්ඨාශ වල මන්ත්‍රීධුර වලට අමතරවය.

වෙනස් කමකට අවස්ථාව සුදුසුද ?

ඉහත හේතු නිසා මෙවැනි වෙනස් කමක් ඇති කිරීමට මේ අවස්ථාව සුදුසුද යන්න සළකා බැලිය යුතු වේ. සෝභිත තෙරුන්නාන්සේ නම් පිස්සෙක් සේ ගිණි පිඹ තැටිය රත් කර දී ඇත. විහාරමහාදේවී උද්‍යානයේදී සිරිසේන මොරදුන් ආකාරය අනුව ඉන්දියාවට (සහ රෝ සංවිධානයට) මෙය අවශ්‍ය බව පැහැදිළිය. දෙමළ මුස්ලිම් වර්ගවාදී පක්‍ෂ විරුද්ධ බව රටට පෙන්වන මුත් ඔවුන් උත්සාහ කරන්නේ තම කුට්ටිය වැඩි කර ගැනීමට මිස වෙනකකට නොවේ. ඔවුන් තම හිතමිත්‍ර වික්‍රමසිංහ සමග කොට්ඨාශ නිර්ණය පිළිබඳ එකඟත්වයට එළැඹුණු විට සිරිසේනට කළ හැකි කෙංගෙඩියක් නැත.

විශේෂයෙන් අද රටේ පාලන බලය, අධිකරණය ඇතුළුව, පවතින්නේ විදේශ බලවේග යටතේය. මෙවැනි තත්වයක් සුභ කටයුත්තක් කිරීමටවත් සුදුසු නැත. ඡන්ද ක්‍රමය වෙනස් කිරීම වැනි රටේ පාලන බලය කෙරේ තීරණාත්මකව බලපාන වෙනසක් කිරීමට මේ සුදුසු කාලය නොවේ.

චන්ද්‍රිකා ළමාතැනී ඊනියා 'සිංහල බලාධිකාරයක්' බිඳ දැමීම පිළිබඳ පාරම් බෑවේ නිකංම නොවන බව සියළු දෙනා විසින් මෙනෙහි කළ යුතුය.

කළ යුත්තේ කුමක්ද ?

නාග සෝභිත තෙරුන්නාන්සේ ඇතුළු විදෙස් නියෝජිතයන්ගේ බලවත් දෝෂාරෝපණයට ලක් වූ මුත් ජනාධිපති ජයවර්ධන කළ බොහෝ දේ අදටත් රටට හිතසුව පිණිස පවතී. 1987 ඉන්දු ලංකා ගිවිසුම බලහත්කාරයෙන් අත්සන් කරගත් එකක් මිස ජේ ආර් විසින් සිය කැමැත්තෙන් සාදා ගත් එකක් නොවන බැවින් 13 වන සංශෝධනය වෙනම කාරණාවකි.

සමානුපාතික ක්‍රමය යටතේ එක් එක් පක්‍ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාවට දළ වශයෙන් සමානුපාතික වන ලෙස මන්ත්‍රී ධුර ලැබිණි. අතුරුදහන් වීම (මේ විගමන නීති උල්ලංඝනය කරමින් විදෙස්ගත වීමට කියන නමකි) හෝ විදේශගත වීම හෝ හේතුවෙන් යාපනයේ ලියාපදිඤ්චි ඡන්දදායක සංඛ්‍යාව අඩු වූ විට යාපන දිස්ත්‍රික්කයෙන් එක මන්ත්‍රී ධුරයක් අඩු විය. නව ක්‍රමය යටතේ සිදු වන්නේ කුමක්දැයි පැහැදිළි නැත.

සාමාන්‍යයෙන් සීමා නිර්ණය කෙරෙන්නේ ජනසංඛ්‍යාවෙන් ගණනකට එකක් (උදා: ලක්‍ෂයකට එකක්) හෝ වපසරියෙන් ප්‍රමාණයකට එකක් (උදා: වර්ග කිලෝ මීටර 100 කට එකක්) වශයෙනි. ජනගහණ ඝනත්වය අඩු පෙදෙස් වලට (උතුරු සහ නැගෙනහිර පළාත්) ජනසංයුතිය විකෘති කෙරෙන ප්‍රමාණයක මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලැබෙන සේ සීමා නිර්ණය කිරීමට නොහැකියාවක් නැත. විදෙස් ස්වාමිවරුන්ගේ අවශ්‍යතාව එයනම් වෙනත් දෙයක් සිදු වීමේ ඉඩකඩක්ද නැත.

එසේම,
මෙය සම්මත වුවත් එළැඹෙන මහමැතිවරණයේදී යොදා නොගැනෙන්නේ යැයි කියැවෙයි. එසේනම් මෙය සම්මත කර ගැනීමට මෙතරම් තදියමක් ඇයි? මේ තනන්නේ තැටිය රත් වී ඇති විට, ගිණි පිඹින සෝභිත සහ රතන උන්නාන්සේලා ක්ලාන්ත වී වැටි යාමට පෙර රොටිය පුළුස්සා ගැනීමට බව පැහැදිළිය.


වත්මන් පාර්ලිමේන්තුවේ සිටින සිංහල ජනයා නියෝජනය කරන මන්ත්‍රී ගණන අපි 19 පිළිබඳ ඡන්ද විමසීමේ දී දැන ගතිමු. ඒ ගණන අඩු වන්නේද වැඩි වන්නේද යන්න පිළිබඳව අපි 20 පිළිබඳ විවාදයේදී තීන්දු කරමු.



73 comments:

  1. මේක ටිකක් ව්‍යාකූලයි. මාතෘකාව "විස්සට විස්වාසබංගයක්" උනාට ඇතුලේ එහෙම දෙයක් පෙනෙන්න නෑ.

    20 ට පක්‍ෂද විරුද්ධද?
    කෙලින් කියන්න. විරුද්ධ වෙන්න හේතු මොනවද?

    [මනාප ක්‍රමේට මාත් මනාපයි ඉස්සර. ඒත් ඒක මෙතනට අදාළ නෑ.]

    ReplyDelete
    Replies
    1. ගෙන එන්නට සැරසෙන 20 ට කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතුය.
      ---
      හේතුව:
      1. දෙන්නට යන 20 ඇත්තේ කුමක්දැයි තැටි රත් කරන උන්දැලාවත් දන්නේ නැත. අප ගැන කවර කතාද?
      2. දෙන්නට යන දේ සිංහලයින්ට හොඳක් නැති බව පෙනේ --- මෙය බොහෝ දුරට පාර්ලිමේන්තුවේ සිංහල නියෝජනය අඩු කිරීමේ ඉලක්කයෙන් යුතුව ගෙනෙන යෝජනාවකි. මෙය සිදු කෙරෙන්නේ පාර්ලිමේන්තුව තුලදී නොව ඊනියා ස්වාධීන කොමිෂන් සභාවක් විසිනි. එතැනදී අපට කළ හැකි දෙයක් නැත. පාර්ලිමේන්තුව තුල ඡන්දයකින් කළ හැකි දෙයක් වෙනුවෙන් පාරට බැස වෙඩි කෑමේ අවශ්‍යතාවය කුමක්ද?
      3. ඉහත 2 සනාථ කිරීමට චෞර රැජිණ නාමධාරී හිටපු ජනාධිපතිනියත් බෞද්ධයන් කෙරේ ජාති වෛරයකින් පෙළෙන සේ පෙනෙන අධිකරණ ඇමති වරයාත් විසින් මෑතක කළ ප්‍රකාශ ගෙනහැර දැක්විය හැක.
      ----
      ඒ නිසා, ගෙන එන්නට සැරසෙන 20 ට හිටපු රජා කැමතිය කීවත්, සරත් වීරසේකර මන්ත්‍රී තුමා එකඟ වුණත්, අප විසින් විරුද්ධ විය යුතුය.

      Delete
  2. කියෙව්වා,
    අනේ අන්දා දැන්නම් මේ දේශපාලන කථා කියවන කොට ඔළුව මඤ්ඤං වෙනවා.
    කොටින්ම මුං එකෙකුටවත් රටවත් ජාතියවත් ඕනෑ නැහැ. අපි වගේ ටික දෙනෙක් උදේ හවා කෑමොර දෙනවා.
    අනික් උං දෙයියනේ කියලා පරම්පරා හත අටකට හම්බ කරගෙන දරු මරු මල්ලොත් එක්ක සුර සැප විඳිනවා. අපි කීයක් හරි සාධාරනව හම්බ කරගන්න තියෙන කාලේ මේවා ගැන හිත හිතා, බ්ලොග් පිටු පුරවා පුරවා කාලා දානවා.
    අපේ දරු මල්ලො අපිට කවද හරි සාප කරන්නේ මේ වැඩේට මිසක් රට ජාතිය රැක ගන්න වැඩ කලේ නැහැ කියල නොවෙයි.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියා කලින් පෙන්වා දුන් පරිදි සිංහල විරෝධීන් බඩපිණුම් ගසන සිංහල blog අවකාශයේ අපේ නිහැඬියාව උන්ටම උල්පන්දම් දීමකි.

      Delete
    2. හොඳයි එහෙමනම් ආයෙත් දේශපාලනය කථා කරමු!

      Delete
  3. තැටිය හා රොටිය

    මේ දිනවල බොහෝ දේශහිතෛශීන් කලබලයට පත් වී ඇත. විග්නේස්වරන් උතුරේ කඳවුරු ඉවත්කර ගැනීම පිළිබඳ ව උද්ඝෝෂණ කරයි. එක්සත් ජාතින්ගේ සංවිධානය උතුරු පළාත් සභාව උතුරු පළාත් ආණ්ඩුව ලෙස හඳුන්වයි. මංගල සමරවිර ලංඩනයේ දී ලෝක දෙමළ සංසදයේ එම්මානුවෙල් පූජක ඇතුළු දෙමළ විසුරුණු ජනයාගේ සංවිධානවල නියෝජිතයන් හමුවෙයි. මංගල ඒ සාකච්ඡාවලට සහභාගි වන්නේ කුරුඳු පොළු හමුදාවේ නියෝජිතයකු ලෙස නොව ලංකාවේ විදේශ ඇමති ලෙස ය. ඒ සාකච්ඡාවලට සම්බන්ධන් හා සුමන්තිරන් ද සහභාගි වෙති. එපමණක් නොව සොල්හයිම් ද එහි වෙයි. ලංකාවේ දී විසිරුණු දෙමළ ජනයාගේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු කෙරෙයි. ඒ අතර කාදිනල්වරයා පාසල් රජයට පවරා ගැනීමේ වැරද්ද කියයි. ඔහුට අනුව රජයට පවරාගැනීමෙන් පසුව පාසල්වලට දේශපාලනය රිංගා ඇත. ඒ අතර විග්නේස්වරන්ට අනුව 2009න් පසු උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය පැතිර යයි. ඔහු ව්‍යංගයෙන් කියන්නේ හමුදාව මත්ද්‍රව්‍ය බෙදාහරින බව ය.

    මෛත්‍රිපාල රනිල් පික්පොකට් ආණ්ඩුව බලයට පත් වූ දිනයේ සිට බටහිරයෝ ද ඉන්දීයයෝ ද එයට ස්තොත්‍ර ගයති. ඇතැම්හු මෙරටට එති. කැමරන්, මෝදී, කෙරී, සොල්හයිම් ආදීහු ඒ අතර වෙති. බෑං කි මූන් ස්තෝත්‍ර ගැයූ නවතමයා වෙයි. සාමාන්‍යයෙන් ස්තොත්‍ර ගයන්නෝ වන්දිභට්ටයෝ ය. එහෙත් මේ අය පික්පොකට් ආණ්ඩුවේ වන්දිභට්ටයෝ නො වෙති. රනිල් මෛත්‍රිපාල ඒ අයගේ වන්දිභට්ටයෝ වෙති. මේ අබුද්දස්ස කාලය බැවින් එසේ වන්නේ යැයි නොසිතිය යුතු ය. එක්තරා ආකාරයකින් ගතහොත් එයත් වෙනසකි. ජනතාව මෛත්‍රිපාලට ඡන්දය දුන්නේ වෙනසකට යැයි කියැවෙයි.

    අපි සාම්පුර් කඳවුර ඉවත් කිරීම, උතුරේ කඳවුරු ඉවත්කිරීම, යාපනයේ පුවඟු දිවයිනේ (මේ මහාවංසයෙහි ද සඳහන් වන පුවඟු දිවයින ය, ගැමුණු රජතුමා සැනසීමට රහතන් වහන්සේ වැඩම කෙළේ පුවඟු දිවයිනෙනි) විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීම ගැන ඇති වූ උද්ඝෝෂණ, තැනින් තැන ආයුධ සොයා ගැනීම්, ආදී සිද්ධි ගැන ද වෙන වෙන ම කතා කරමු. එහෙත් මේ සිද්ධි, ස්තොත්‍ර ගැයීම්, ලංඩනයේ හමුවීම් එක ම දැවැන්ත සිද්ධියක (රොටියක) කොටස් පමණක් බව හඳුනා නො ගනිමු. එසේ හඳුනා ගන්නා තෙක් අපට දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය පරාජය කළ නො හැකි ය... >>>


    නලින් ද සිල්වා
    2015 ජූනි 12

    ReplyDelete
    Replies
    1. ඔබ සැබෑ ලිපිය ලියූ ආචාර්‍ය නලින් නොවේය කියා සිතමි. මේ ලිපිය ඔබ දැක්වීමට පෙර කියැවූ බව මතක් කරමි.

      Delete
  4. මන්ත‍්‍රී ධුර 237 කරන්න යනවලු
    20 වන සංශෝධනයෙන් ස්ථාපිත වන නව මැතිවරණ ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තු ආසන ප‍්‍රමාණය 237ක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
    ඒ අනූව ආසන මට්ටමින් 145ක්, සමානුපාතික ක්‍රමයට 55ක්, ජාතික ලැයිස්තුවෙන් 25ටද පාර්ලිමේන්තුවට පිවිසීමට යෝජනා කරයි.

    ReplyDelete
    Replies
    1. මොනවා කිව්වත් එක සිතින් විරුද්ධ වෙමු !

      Delete
  5. 20 ට කොන්දේසි විරහිතවම විරුද්ධ වෙමු යනුවෙන් කණිෂ්ක පවසන්නේ වර්තමානයේ මේ පවතින විදිහ හොඳම ක්‍රමය බවද ?

    ReplyDelete
    Replies
    1. හොඳම ක්‍රමය මේ යැයි සහතික දීමට නම් සියළු ක්‍රම දැන සිටිය යුතුය. අප සියල්ල දන්නේ නොවේ.

      එහෙත් එක් දෙයක් දනිමි. මනාප ක්‍රමයට එරෙහිව ගෙනෙන චෝදනා සියල්ලම පාහේ කොට්ඨාශ ක්‍රමය තුලත් අන්තර්ගත වෙයි. මේ අය අපට ඒ බව සඟවති. කොට්ඨාශ ක්‍රමයේත් දිස්ත්‍රික් මනාප ක්‍රමයේත් වෙනස වන්නේ දෙවන ක්‍රමයේදී චන්ද කොට්ඨාශය ලෙස දිස්ත්‍රික්කයම ගැනෙන බැවින් එය ආවරණය කිරීමට වැඩි පිරිවැයක් දැරීමට සිදු වීමයි. මන්ත්‍රී වීමේ පිරිවැය වැඩි වීම අපගේ ප්‍රශ්නයක් නොවන්නේ අප පාර්ලිමේන්තු යෑමේ අදහසක් නැති බැවිණි. ඒ නිසා අපට යෝජිත ක්‍රමයේ වාසියක් නැත.

      ඊට අමතරව, සීමා නිර්ණය කොමිෂන් සභාව තවම පත් නොකර ඇති තත්වයක් යටතේ, එය පත් කිරීමේ බලය තානාපති කාර්යාල වලට මිස රටට (ජනතාවට/ පාර්ලිමේන්තුවට/ ජනාධිපතිට/ අඩු තරමින් අධිකරණයටවත් මේ අය වග කියන්නේ නැත) වග නොකියන ඊනියා ව්‍යවස්ථා සභාවකට පැවරී ඇති මොහොතක, සිංහල විරෝධී ආණ්ඩුවක් (රාජපක්‍ෂ ආණ්ඩුව රෙජිමයක් වන නිසා අද පවත්නේ ජුන්ටාවකි) යටතේ මෙවැනි දේකට එකඟ වීම සිංහලයින් විසින් සිංහල දේශය පිළිබඳ අයිතිවාසිකම අතහැරියා නම් වේ.

      මේ ක්‍රමයට පක්‍ෂ විය යුත්තේ අඩු තරමින් මීළඟ මහමැතිවරණයේදී නව ක්‍රමය යොදා ගැනෙන්නේනම් පමණි. එය සැක සහිතනම් විරුද්ධ වීම අනිවාර්‍යයෙන් කළ යුතුය. දරුණු ඒකාධිපතියෙක් වන රනිල් වික්‍රමසිංහගේ දෙන්නම් කාසි වලට අසු නොවිය යුතුය. සිංහලයින් රෑ වැටුණු වලේ දවල් නොවැටිය යුතුය.

      අප 20 ට එරෙහිව හඬ නගන්නේ ඒ පදනමෙනි.

      Delete
  6. කේවල ආසන ක්‍රමයට වඩා මැතිවරණ කොට්ඨාස 3 ක් පමන බැගින් ‍වන ගොඩවල් වලට ගොනුකර (අවශ්‍යනම් එම කාන්ඩයකට නමක් දමා) සමානුපාතික ක්‍රමයට චන්ද තබන්න බැරිද. මං හිතන්නේ එහෙම කරනවනම් මීට වඩා හොඳයි. අවශ්‍යනම් ආසන 3ට මන්ත්‍රීවරු 4ක් බැගින් පත්කරන්න පුලුවන්
    මනාප ක්‍රමයේ තියෙන ප්‍රධාන දුර්වලකම තමයි
    1. අධික මැතිවරන වියදම.
    2. මන්ත්‍රීවරයාට පක්ෂ නායකත්වයට ගැතිවීමට සිදුවීම (සරත් වීරසේකර වගේ අයට අසාධාරනයක් වීම)
    නමුත් කේවල ක්‍රමයතුල ඊට වඩා හානිකරයි
    1. එයින් ජනමතය විකෘතිවීම වැඩියි.
    2.එයින් බහු මන්ත්‍රී ආසන එනවා. බහු මන්ත්‍රී ක්‍රමය ශබ්දකෝශයෙන් ඉවත්කලයුතු වචනයක් (හරියට මායිම් ගම්මාන වගේ)

    ReplyDelete
    Replies
    1. මනාප ක්‍රමයේදී අධික මැතිවරණ වියදම ගැටළුවක් බව සැබෑවක්. එහෙත් එය ක්‍රමය වෙනස් කිරීමට හේතුවක් නම් නොවේ. ඔබට අපට එය මහා ගැටළුවක් බව සිතෙන්නේ අපට එසේ නැවත නැවතත් කියා හුරු කර ඇති බැවින් මිස වෙන හේතුවක් නිසා නොවේ.

      අධික මැතිවරන වියදම
      අධික වියදම ගැටළුවක් නම්, කළ යුතු වන්නේ වියදම් සීමා කිරීම සහ ප්‍රචාරණය සීමා කිරීම උදෙසා නීති පැනවීමත්, ඊනියා ස්වාධීන මැතිවරණ කොමිෂන් විසින් ඒවා සක්‍රීයව ක්‍රියාත්මක කිරීමත් වේ.

      පෝස්ටර ගැසීම වරදකි. එහෙත් ඒ වරදට දඬුවම් ලද්දෝ වෙත්ද? නැත. ඊනියා ස්වාධීන පොලිස් කොමිෂමක් ඇති මේ රටේ රාත්‍රී පොලිස් මුරසංචාර වැඩි කර පෝස්ටර අලවන ගොබිලන් දිගට හරහට අත්අඩංගුවට ගෙන මැතිවරණය අවසන් වන තෙක් රිමාන්ඩ් කර තැබුවොත් මේ ගැටළුව යම් තරමකින් විසඳෙන්නේ නැද්ද? රටේම පෝස්ටර ගසන්නේ මිනිස්සු දසදහස් ගණනක් නොවේ. මුන් සියළු දෙනාම ටික ගාල් කර තබා ගැනීම අවශ්‍ය නොවන්නේ කිහිප දෙනෙක් ගාල් කළ විට අනික් උන් මුලුගැන්වෙන බැවිණි.

      විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වල දැන්වීම් පල කිරීම පිණිසද නිර්ණායක සහ සීමා පැනවිය යුතුය. ප්‍රචාරය පිණිස නොවන අල්ලස් දීම් වැනි දෑ නැවත්වීමට සාමාන්‍ය නීතිය ප්‍රමාණවත්ය. මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ සේවකයන් ද, ඒවායේ නියෝජිතයන් සහ සම්බන්ධතා ඇති අයද මන්ත්‍රී ධුර සඳහා නුසුදුස්සන් කළ යුතුය. මෙසේ කිරීමෙන් මුදල් ඇතත් එය වියදම් කිරීමේ ක්‍රම ඇහිරේ. දුප්පත් අපේක්‍ෂකයා පරදා ලීමට පොහොසත් අපේක්‍ෂකයාගේ මුදල එවිට හේතුවක් නොවේ.

      Delete
    2. මන්ත්‍රීවරයාට පක්ෂ නායකත්වයට ගැතිවීමට සිදුවීම
      මෙය මැතිවරණ ක්‍රමයේ වරද නොවේ. පක්‍ෂ ව්‍යවස්ථාවේ සහ රටේ මූලික නීතියේ වරදයි.

      පසුගිය දින වල ආන්දෝලනයක් ඇති වූයේ පක්‍ෂ මාරු කිරීම පිළිබඳවයි. ගිණි පිඹින ස්වාමින් වහන්සේ පවා මේ ගැන මහත් පිළිකුලෙන් දේශනා කරනු අප බලා සිටියා මතකයි. බොහෝ දෙනාට අවශ්‍ය කරන්නේ ඔබ කියන දේ නොව එහි විරුද්ධ පැත්තයි. එනම් මන්ත්‍රී වරයා පක්‍ෂ නායකයාගේ ගැත්තෙක් කර තබා ගැනීමටයි. පක්‍ෂ මාරු කිරීමෙන් මන්ත්‍රී ධුරය අහෝසි වන තත්වයට නීති පැනවීමට යෝජනා කරන්නේ ඔවුන් විසිනි. මේ තත්වය යටතේ ඔබ පෙන්වා දෙන කරුණ වෙත කිසිවෙක් අනුකුලතාවයක් දක්වනු නැත.

      එහෙත් අප විශ්වාස කරන්නේ පක්‍ෂ ව්‍යවස්ථාවේ කුමක් සඳහන්ව තිබිණිද, එය නොසළකා මන්ත්‍රීවරයෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ, පාර්ලිමේන්තුව තුල යෝජනාවකට මනාපය ප්‍රකාශ කිරීමේ සහ කැමැත්තේනම් පක්‍ෂය මාරු කිරිමේද නිදහස තිබිය යුතු බවයි. මෙය සීමා කළ යුතු නැත. එහෙත් ඊට අධිකරණයේ දී අභියෝග කළ හැකි විය යුතුය.

      මන්ත්‍රීවරයා පක්‍ෂ විනය ඉක්මවා ක්‍රියා කර ඇත්තේ නීති විරෝධී දෙයක් වෙනුවෙන් නම් හෝ අල්ලසක් වෙනුවෙන් නම් හෝ වෙනත් විෂමාචාරයක් හේතුවෙන් නම් හෝ ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සාධාරණය. එවැනි හේතුවකින් මන්ත්‍රී ධුරය අහිමි වූ තැනැත්තෙක් යථා කාලයේ මන්ත්‍රී ධුරයකට නුසුදුස්සෙක් වීමත් පිළිගත හැක.

      Delete
    3. කොට්ඨාශ ක්‍රමය
      කොට්ඨාශ ක්‍රමය පිළිබඳ ඔබේ පළමු කරුණ සමග 100% එකඟ වෙමි. 77 මහමැතිවරණ ප්‍රතිඵලය මේ පිළිබඳ අතිශය භයංකර උදාහරණයයි. මතකය නිවැරදිනම් 1999 දී පැවති ජනාධිපතිවරණය සමානුපාතික ක්‍රමයේ යහපත පිළිබඳ හොඳම උදාහරණය වේ. එය මහමැතිවරණයක් වී කොට්ඨාශ ක්‍රමයට පැවැත්විණිනම් රටෙන් බාගයක් ඡන්ද ලැබූ එ.ජා.පක්‍ෂයට හිමි වන්නේ ආසන කිහිපයක් පමණි.

      Delete
    4. බහු මන්ත්‍රී ආසන
      බහු මන්ත්‍රී ආසන පිළිබඳ කතා කිරීමට දැනුම අල්පයි. මැදකොළඹ සහ නුවරඑළිය-මස්කෙළිය අප දන්නා බහුමන්ත්‍රී ආසන වේ.

      පළමුවැන්න සිංහල සහ අන්‍යවාර්ගිකයන් සමසමව සිටින කුඩා පෙදෙසකි. එය බහුමන්ත්‍රී ආසනයක් බවට පත් කෙරෙන්නේ
      [1] සියළු වාර්ගිකයින්ට පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දීමට,
      [2] මෙය මීට වඩා කුඩා කර කොට්ඨාශ කිහිපයක් තැනීම ප්‍රයෝගික නොවන නිසා, යන හේතු වලින් එකක් හෝ දෙකම හෝ නිසා විය හැක.

      දෙවැන්න වතුදෙමළ බහුතරයක් සහ පාරම්පරික සිංහලයින් සුළු පිරිසක් සිටින අතිවිශාල පෙදෙසකි. බහුමන්ත්‍රී ආසනයක් නොවී එය දෙකට තුනට කඩා කොට්ඨාශ කිහිපයක් තැනී නම්, දෙමළ මන්ත්‍රීන් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවට ගොස් සිංහල නියෝජනය ශුන්‍ය වීමට ඉඩ තිබිණි. එසේ දෙමළ මන්ත්‍රීන් කිහිප දෙනෙක් පාර්ලිමේන්තු යාමේ ප්‍රයෝජනයක් නැත්තේ මෙහි සිටින සෑම දෙමළෙකුටම ඇත්තේ පොදු ප්‍රශ්න වන නිසාය. වතු දෙමළ ජනතාව සමජාතීය ප්‍රජාවකි. එක කොට්ඨාශයක් තුලදී ඔවුන්ගේ ප්‍රශ්න එක තැනකින් විසඳීම පහසුය.

      ඉහත උදාහරණ දෙක විසින් බහු මන්ත්‍රී ආසන පිළිබඳව අපේ අදහස නිර්-පාක්‍ෂික කරයි.

      ඔබ මුලින් කරන යෝජනාව බැලුවොත්, එයත් එක්තරා ආකාරයක බහුමන්ත්‍රී ක්‍රමයකැයි මා කීවොත් ඔබ විරුද්ධ වනවාද?

      Delete
    5. ඉතාම වැදගත් මාතෘකාවක්.කොට්ඨාශ ක්‍රමය අමු අමුවේ යොදා ගැනීමට මමද විරුද්ධ වෙමි. එහෙත් මනාප ක්‍රමයද කිසිසේත් සුදුසු නොවන බව මගේ හැඟීමයි. මෙයට ප්‍රධාන හේතුව මෙහිදී සාකච්ඡා වී නැත.
      මනාප ක්‍රමයේදී එක මැතිවරණ ඒකකයකින් (ඡන්ද කොට්ඨාශයකින්) අනන්‍යව තෝරා පත් වන තැනැත්තකු හෝ තැනැත්තන් නැති බැවින් ඒ ඒකකයේ ඡන්ද දායකයින්ට වග කිව යුතු අයෙක් නැත. උදාහරණයක් ලෙස යම් මන්ත්‍රී වරයෙක් (ආසන සංවිධායකයෙක් වුවත්) තම ප්‍රධාන ආසනයෙන් පමණක් නොව මුළු දිස්ත්‍රික්කයේම ඡන්ද 'ව්‍යාපාරය' කල යුතුයි. එබැවින් ඔහුට කිසිඳු ඡන්ද කොට්ඨාශයකට විශේෂ බැඳීමක් හෝ වගකීමක් නොමැත.

      එබැවින් යම් ආසනයක ජනයාගේ සිතැඟි ඉටු නොවුනහොත් ඊළඟ මැතිවරණයේදී කල හැක්කේ කුමක්ද? වෙන අයෙකුට මනාපය ගැසීමද? එම ආසනයට විශේෂ බැඳීමක් නැති නව අපේක්ෂකයා උවද තම අවශ්‍යතා පාර්ලිමේන්තුව තුල නියෝජනය කරන බවට ඇති සහතිකය කුමක්ද?

      මීට අමතරව දේශපාලකයෙකුගේ හෙන්චයියෙකු නොවන, ප්‍රසිද්ධ (ජනප්‍රිය හෝ අප්‍රිය වීම අදාළ නොවේ) නොවන අයෙකුට දේශපාලනයට පිවිසීම මනාප ක්‍රමය නිසා ඉතා අසීරු වී ඇත. මුදල් සම්බන්ධ ප්‍රශ්නය අමතක කලත්, සාමාන්‍ය පුද්ගලයෙකුට දිස්ත්‍රික්කයක් පුරා තමන්ගේ පණිවුඩය ගෙන යෑමට අවශ්‍ය සංවිධාන ශක්තිය හා පිරිස් බලය නොමැත. බුද්ධිමතුන් දේශපාලනයට සම්බන්ධ නොවීමට මෙයද ප්‍රධාන හේතුවක් යයි සිතමි (ජාතික ලැයිස්තුව අපහරණය කිරීම ගැන කතා කිරීමෙන්ද පලක් නැත).

      Delete
    6. මිතුර "ප්‍රධාන හේතුව" යැයි ඔබ දක්වන "එක මැතිවරණ ඒකකයකින් (ඡන්ද කොට්ඨාශයකින්) අනන්‍යව තෝරා පත් වන තැනැත්තකු හෝ තැනැත්තන් නැති බැවින් ඒ ඒකකයේ ඡන්ද දායකයින්ට වග කිව යුතු අයෙක් නැත" යන්නට අපේ පිළිතුර පහත දී ඇත.

      ඔබේ දෙවන අදහසට ප්‍රති-ප්‍රශ්නයකින් ම පිළිතුර දිය යුතුව තිබේ. එනම්, කොට්ඨාශයකට ඔබ කියනාකාරයේ බැඳීමක් ඇති මන්ත්‍රී වරයෙක් පත් කළත් ඔහු තමා පත් කළ ජනයාගේ අවශ්‍යතා පාර්ලිමේන්තුව තුල නියෝජනය කරන බවට ඇති සහතිකය කුමක්ද?
      එවැනි සහතිකයක් දිය නොහැක. අඩු තරමින් ජනමතවිචාරණයකින්වත් "ජනයාගේ අවශ්‍යතා" කුමක්දැයි හරියටම දැන ගත නොහැකි තත්වයක් යටතේ ඔබේ අදහස එතරම් වලංගු බවක් නැත.

      සමානුපාතික නියෝජනයට එරෙහිව ඔබ දක්වන තෙවන අදහස පිළිබඳ මීට පෙර පිළිතුරු දී ඇත. කොටින් කියතොත් මෙය ඉල්ලන අයගේ ප්‍රශ්නයක් මිස දෙන අයගේ ප්‍රශ්නයක් නොවේ.

      Delete
    7. ඔබ කියන පරිදි (මාද කියූ පරිදි ) සහතිකයක් දිය නොහැක. එහෙත් එවන් බැඳීමක් ඇති මන්ත්‍රී වරයෙකුට ඊළඟ ඡන්දයේදී පාඩමක් උගන්වා ගෙදර යැවිය හැක. දැන් තිබෙන ක්‍රමය අනුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වරු 10ක් සිටි නම් යම් ආසනයක අඩුපාඩුවක් වෙනුවෙන් වන්දි ගෙවිය යුත්තේ කව්ද?

      Delete
    8. තුන් වෙනි කරුණට ඔබගේ පිළිතුර පිළිගැනීමට අපහසුයි. ඔබට අනුව බුද්ධිමතෙකුට හෝ නවක අවංක පුද්ගලයෙකුට තරඟ කල හැකි පරිදි මාධ්‍ය වලට නීති දමා පොලිසියට අණ කොට සකස් කල යුත්තේ (level the playing field) දැන් සිටින පාර්ලිමේන්තු සභිකයින්මයි. එය කිසිදා සිදු නොවන සිහිනයක් පමණක් බවයි මගේ අදහස.

      Delete
    9. * "මන්ත්‍රී වරයෙකුට ඊළඟ ඡන්දයේදී පාඩමක් උගන්වා ගෙදර යැවිය හැක" --- මෙය නිවැරදි නැත. මැතිවරණයක් යනු පාඩම් ඉගැන්වීමට / පළිගැනීමට ඇති අවස්ථාවක් නොවේ.

      * "මාධ්‍ය වලට නීති දමා පොලිසියට අණ කොට සකස් කල යුත්තේ දැන් සිටින පාර්ලිමේන්තු සභිකයින්මයි. එය කිසිදා සිදු නොවන සිහිනයක්" --- ඊට වඩා ප්‍රයෝගිකව අපහසු ක්‍රමයක් වන කොට්ඨාශ ක්‍රමය වෙත යෑමට මේ අයම තීන්දු කිරීම ඊට වඩා සිහිනයක් බවයි අපගේ අදහස.

      Delete
  7. මම මේ අදහස් දැනගන්න අහන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ජාතික දේශපාලඥයෙක් නිසා එයා ආසනයකට වගකියන්න ඕනෙමද? එතකොට ප්‍රාදේශීය සභාවක් ඕන කරන්නේ මොකටද?

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුව හැරුණු කොට බලතල සහිත දෙවන පාලන ඒකකයක් මැතිවරණ කොට්ඨාශ පදනමින් ඇති නම් ජාතික දේශපාලකයින් ආසන නියෝජනය නොකලාට කම් නැත. එසේ නැතහොත් ප්‍රාදේශීය ගැටළු ඉතා දුරදිග යන තෙක් නොවිසදෙනු ඇත. අප දැනටත් අත් දැක ඇති පරිසර දුෂණයට හේතු වන කම්හල් , පානීය ජලය පිලිබඳ ගැටළු, අනවසර ඉදිකිරීම් වැනි දේ උද්ගෝෂන, මිනීමැරුම් දක්වා යෑමට පෙර විසඳීමට නම් ආසන මට්ටමේ ප්‍රබල දේශපාලන නියෝජනයක් තිබිය යුතුයි.

      ප්‍රාදේශීය සභාව යනු පාර්ලිමේන්තුව, පළාත් සභාව යන පාලන ඒකක දෙකටම පහලින් ඇති ඉතා සුළු බලතල සහිත ඒකකයකි. පළාත් සභාවටත් මන්ත්‍රීන් තෝරන්නේ දිස්ත්‍රික් පදනමින් නිසා ප්‍රාදේශීය සභාව පමණක් ආසනය නියෝජනය කරයි. පළාත් සභාව නමැති ඒකකය ඉවත් කොට ප්‍රාදේශීය සභා බල ගැන්වීමෙන් ඉහත ප්‍රශ්නය යම් තරමකට (මුළුමනින්ම නොවේ) විසඳා ගත හැකි බව සිතමි.

      Delete
    2. මිතුර ජගත්,

      ඔබ නගන "පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ජාතික දේශපාලඥයෙක් නිසා එයා ආසනයකට වගකියන්න ඕනෙමද?" යන පැනය අපට අලුත් එකක් නොවේ. ඊට අප අදහන පිළිතුර "නැත" යන්නයි.

      ගමේ පාර සැදීම, බෝක්කුව දැමීම, රස්තියාදු කාරයින් රේල්ලුවට ලංගමට හෝ තෙල් සංස්ථාවට තල්ලු කිරීමාදී සිල්ලර වැඩ කරවා ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුගේ කාර්‍යභාරය ලෙස සිතන ඊනියා උගතුන් විසිනි ඔය අදහස (ආසනයකට වගකියන මන්ත්‍රී වරයෙක් පිළිබඳ අදහස) ඉදිරිපත් කෙරෙන්නේ. මේ ඉතාම මුග්ධ අදහසකි - එහෙත් එය ප්‍රකාශ කරන අය සමාජයේ දරන සිවිල් බලය හා වරප්‍රසාද හේතුවෙන් ඊට සමාජ පිළිගැනීමක් ලැබී ඇත.

      ඔය අදහස ඉදිරිපත් කරන උගතුන්ම සියල්ල දේශපාලනීකරණය වී ඇතැයි ඒ කටින්ම කියමින් ඊනියා "ස්වාධීන" කොමිෂන් සභා පිහිටුවීමට යෝජනා කිරීම එක අතකින් සරදමකි.

      මන්ත්‍රීවරයෙකුගේ කාර්‍යය වනුයේ රට පාලනයට නීති පනත් සැකසීමයි. අද මොවුන් විසින් නොකෙරෙන්නේද එයමයි. හරිනම් කළ යුත්තේ කොට්ඨාශ වලට මන්ත්‍රී කම් සැපයීම නොව මුන් (පක්‍ෂයේ මතය / පක්‍ෂ නායකගේ මතය වෙනුවෙන් අත උස්සන මන්ත්‍රීවරුන් සහ අපට දිවා රෑ උපදෙස් දෙන තක්කඩි උගතුන්) මඩුවලිගෙන් ගසා පැන්නීමයි.

      මේ දීර්ඝ වශයෙන් සංවාද කළ යුතු මාතෘකාවකි. දිගටම කරගෙන යමු.

      Delete
  8. @anuhasa2011

    "පාර්ලිමේන්තුව හැරුණු කොට බලතල සහිත දෙවන පාලන ඒකකයක් මැතිවරණ කොට්ඨාශ පදනමින් ඇති නම් ජාතික දේශපාලකයින් ආසන නියෝජනය නොකලාට කම් නැත. එසේ නැතහොත් ප්‍රාදේශීය ගැටළු ඉතා දුරදිග යන තෙක් නොවිසදෙනු ඇත."

    ඉහත අදහස මූලධර්මයක් වශයෙන්ම වැරදි අදහසකි. කිසිදු බුරුලක් නොදී දුටු තැන තලා දැමිය යුතු අදහසකි. ඉතාම කෙටියෙන් හේතුව කියමි. ඔබ ඔබේ මන්ත්‍රී ආසනයට ඉල්ලන්නේ මර්වින් සිල්වා කෙනෙකි.

    ඔබ පෙන්වා දෙන කරුණු පවත්නා නීතිමය රාමුව තුල නිලධාරීන් හරහා කළ හැකි හා කළ යුතු කරුණු වේ. ලංකාවේ මේ සඳහා නීති පවතී. එහෙත් ගැටළුව වන්නේ නීති ක්‍රියාත්මක කිරීමේදී ඇති වන දේශපාලන අතපෙවීම් ය. කළ යුතු වන්නේ මෙකී දේශපාලන අතපෙවීම් වැලැක්වීම වේ. එහෙත් ඔබ යෝජනා කරන්නේ ඊට නිත්‍යානුකුල බවක් ආරූඪ කිරීමටයි.

    ඔබේ මන්ත්‍රීවරයා කර්මාන්ත හිමියාගේ පාර්ශවය නොගන්නා බවට ඔබට සහතිකයක් දිය හැකිද ?

    මෙහි තවත් පැත්තක් පවතී. ජ.වි.පෙ වැනි "විරෝධතා" මත රඳා පවතින දේශපාලන ව්‍යාපාරයක්, මංගල සමරවීරගේ කුප්‍රකට කටකතා බලකාය වැනි කූට ලෙස ජනමත හැසිරවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන රටක ඔබේ මන්ත්‍රීවරයා නිත්‍යානුකුල ලෙස කටයුතු කළත් ඔහු දුෂ්ඨයා බවට පත් කර පරාජය කළ හැකියි නේද?

    ReplyDelete
    Replies
    1. "ඔබ පෙන්වා දෙන කරුණු පවත්නා නීතිමය රාමුව තුල නිලධාරීන් හරහා කළ හැකි හා කළ යුතු කරුණු වේ. ලංකාවේ මේ සඳහා නීති පවතී. එහෙත් ගැටළුව වන්නේ නීති ක්‍රියාත්මක කිරීමේදී ඇති වන දේශපාලන අතපෙවීම් ය. කළ යුතු වන්නේ මෙකී දේශපාලන අතපෙවීම් වැලැක්වීම වේ. එහෙත් ඔබ යෝජනා කරන්නේ ඊට නිත්‍යානුකුල බවක් ආරූඪ කිරීමටයි."

      ව්‍යවස්ථාවෙන් බලතල ලබා දුන් දේශපාලකයෙක් මෙවැනි කටයුතු කිරීම නිලධාරීන් කිරීමට වඩා සුදුසු බවයි මගේ හැඟීම.

      1. නිලධාරීන් වසර කිහිපයකට වරක් ජනතා පරීක්ෂණයට ලක් වන්නේ නැත.
      2. නිලධාරීන් විසින් නීති ක්‍රියාත්මක කිරීම ඉතා අඩු ලුහුඬුකම් සහිත බව (දේශපාලන අතපෙවීම් නිසා හෝ ) ඉතිහාසය විසින් පෙන්වා දී ඇත.

      "ඔබේ මන්ත්‍රීවරයා කර්මාන්ත හිමියාගේ පාර්ශවය නොගන්නා බවට ඔබට සහතිකයක් දිය හැකිද ?"

      නැත. ඔබේ මන්ත්‍රීවරයා එසේ කළහොත් මීළඟ ඡන්දයේදී ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්ච් නොකරන්න (මනාප ක්‍රමයේදී නම් වැඩක් නොවේ. මක් නිසාද යත් කර්මාන්ත හිමියාගෙන් කරදරයක් නොවුණු ඔබේ ආසනයෙන් පිටත අයගේ ඡන්දයෙන් ඔහු යහතින් පාර්ලිමේන්තු/ පළාත් සභා ගත වනු ඇත).

      (මර්වින් සිල්වා උදාහරණය කිසිසේත් ගැලපෙන්නේ නැත. ඔහු දේශපාලන කරළියේ සිටින්නේත් මනාප ක්‍රමය හැර වෙන කිසිවක් නිසා නොවේ)

      Delete
    2. මර්වින් සිල්වා දුන්නේ උදාහරණයක් ලෙස නොවේ. ඔබ යෝජනා කරන්නේ සියළු මන්ත්‍රීවරු මර්වින් සිල්වලා විය යුතු බවයි මා පෙන්වා දෙන්නේ.

      තවදුරටත් විස්තර කළොත්:
      පවත්නා නීති රාමුව තුල රජයේ කාර්යාල සහ අධිකරණය ඔස්සේ කර ගත හැකි දේ වෙනුවෙන් මන්ත්‍රීවරයා ෂෝට් කට් එකක් ලෙස භාවිතා කිරීමයි ඔබලාට අවශ්‍ය. මේ මර්වින් සිල්වාගේ ක්‍රමය මිස වෙනකක් නොවේ.

      නිලධාරීන් පිළිබඳ ඔබ කියන දේ බලමු.
      1. නිලධාරීන් වසර කිහිපයකට වරක් ජනතා පරීක්ෂණයට ලක් වන්නේ නැත.
      --- එසේ අවශ්‍ය ද නැත. එහෙත් නීති රෙගුලාසි ක්‍රියාත්මක වන පිළිවෙලක් අවශ්‍යය. වැරදි කරන / හරි දේ නොකරන නිළධාරීන්ට එරෙහිව දැඩිව නීති ක්‍රියාත්මක විය යුතුය. ඊට එරෙහි සියළු ආකාර වල දේශපාලන අතපෙවීම් මර්ධනය කළ යුතුය. නිලධාරියාගේ කාර්‍යය මන්ත්‍රී වරයාට බාර දීම - එසේ බාර දී අල වූ පසු ඊළඟ මැතිවරණය තෙක් 'පළි ගැනීමට' බලා සිටීම සුදුසු විසඳුම නොවේ.

      2. නිලධාරීන් විසින් නීති ක්‍රියාත්මක කිරීම ඉතා අඩු ලුහුඬුකම් සහිත බව ඉතිහාසය විසින් පෙන්වා දී ඇත.
      --- ඒ අඩුලුහුඩු කම් හදා ගැනීම දේශපාලනඥයින් හැදීමට වඩා පහසුය. ඔබම ඒ බව ඉහත පෙන්වා දී ඇත. දේශපාලනඥයින්ගේ කාර්යය විය යුත්තේ ප්‍රතිපත්ති සම්පාදනය සහ එයම පමණි. පරිසරය දූෂණය කරන කර්මන්තායතනයක් පිළිබඳ තීන්දු ගැනීම දේශපානඥයන් විසින් කිරීම මූලධර්මයක් වශයෙන්ම වැරදි වේ.

      [එසේම, මනාප ක්‍රමය හොඳ යැයි අප කියන බවට පූර්ව නිගමනයක නොසිටින්න. අප කියන්නේ කොට්ඨාශ ක්‍රමයෙන් ගිණි පිඹින ස්වාමින් වහන්සේලා, ඊනියා උගතුන්, විද්වතුන් සහ දේශපාලනඥයන් පෙන්වා දෙන තරම් යහපතක් සිදු නොවන බවයි. මනාප ක්‍රමයේ ඔවුන් පෙන්වා දෙන කිසිදු අඩුපාඩුවකට කොට්ඨාශ ක්‍රමය විසඳුමක් නොවේ. එය විසඳුමක් ගෙන දෙන්නේ මන්ත්‍රීධුරාපෙක්ෂකයාගේ වියදම් ප්‍රශ්නයට පමණි.]

      Delete
    3. මිතුර කණිෂ්ක,
      මා කලිනුත් කියූ පරිදි කොට්ඨාශ ක්‍රමය මුළුමනින් බල ගැන්වීම නුසුදුසු බව සිතමි. එහෙත් මනාප ක්‍රමය අඩුපාඩු බහුල ප්‍රතික්ෂේප කලයුතු සංකල්පයක් බව මගේ හැගීමයි. සංවාදයට බඳුන් කර සකස් කරනු ලැබූ මිශ්‍ර ක්‍රමයක් වඩා සුදුසු බව සිතමි. දැන් ඔබේ ප්‍රති විග්‍රහය දෙසට හැරෙමු.

      නිලධාරීන් හා දේශපාලකයා

      පළමුවම, ඔබ දෙවරක්ම මා ලියු දෙය විකුර්ති කොට "පළිගැනීමක් " ගැන කියා ඇත. "ව්‍යවස්ථාවෙන් බලතල ලබා දුන්" දේශපාලකයෙක් තම කාර්යය ඉටු නොකළ විට ඔහු ඡන්දයෙන් පරදවාලීම "පළිගැනීමක් " වන්නේ කෙසේද? නිලධාරියෙක් තම කාර්යය ඉටු නොකළ විට රාජ්‍ය යාන්ත්‍රනය තුලින් ඔහු ඉවත් කරන්නේයම් සේද දේශපාලකයාද ජනතා මෙහෙයවීමෙන් ඉවත් වේ.

      වෙනස ඇත්තේ මෙතැනයි. දුෂිත අකාර්යක්ෂම නිලධාරියෙකු ඉවත් කිරීම (හා අවංක අය පත් කිරීම ) දුෂ්කර ක්‍රියා පටිපාටියකි. දේශපාලන බලපෑම්, වෘත්තීය සමිති, නීතිමය කාරණා මෙයට හේතු වේ. මෙය වෙනස් කිරීමද ඉතා අපහසු බව අප සැවොම දන්නා කරුණකි. එහෙත් දේශපාලකයින් වසර කිහිපයකට වරක් ජනතාව ඉදිරියේ තමාගේ ප්‍රගතිය මැන ගත යුතු වේ. එය සාමාන්‍යයෙන් ව්‍යවස්ථාගත වෙනස් කල නොහැකි යථාර්තයකි. එබැවින් ප්‍රාදේශීය වශයෙන් වැදගත් තීරණ ප්‍රාදේශීය දේශපාලකයාට (හෝ ඔහුගේ නියෝජිතයෙකුට ) බාර කිරීම සුදුසු බව මම සිතමි. මෙයින් අදහස් කලේ පාරවල්, බෝක්කු සෑදීම වැනි දේ නොවන බව සලකන්න.

      මෙය අලුත් අදහසක් නොවේ. බොහෝ රටවල ක්‍රියාත්මක වන්නකි.උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයෙහි (මා ඇමරිකානු ගැත්තෙකු ලෙස නොසලකනු ඇති බලාපොරොත්තු වෙමි) ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍ය (in federal government) ක්ෂේත්‍රයේ පත්වීම් දහස් ගණනක් සිදු කරයි (ආණ්ඩුකාරයා -governor පත් වූ පසු මෙයම state government එකෙහිද සිදු වේ). මේවා දේශපාලන පත්වීම් බව නොකිවමනාය. ඔවුන්ගේ ප්‍රතිපත්තිය වන්නේ "believer should rule " එනම් ජනපතිගේ අදහස් පිළිගන්නවුන් විසින් පාලනය ගෙන ගිය යුතු බවයි. මේ පත්වීම් සිදු කරන්නේ (ඊනියා) ස්වාධීන රාජ්‍ය සේවා කොමිසන් සභාවකින් නම් නොවේ. ඔවුන් ගෙන යන පාලනයේ සාර්ථකත්වය ඊළඟ මැතිවරණයේදී තීරණය වනු ඇත.

      නැවත ලංකාව දෙසට හැරෙමු. මා මනාප ක්‍රමයට එල්ල කරන චෝදනාව වුයේ එය ප්‍රාදේශීය දේශපාලකයා ජනතාවගේ පරීක්ෂණයට ලක් කිරීමට සුදුස්සක් නොවන බවයි. එය එහි ඇති එක අඩුපාඩුවකි.

      Delete
    4. මිතුර,

      එකඟ නොවන දේ ගැන වාද කිරීම මෙහිදී එතරම් පලක් නැත. එකඟ වන දේ මත සංවාදය ගොඩ නගමු.

      "කොට්ඨාශ ක්‍රමය මුළුමනින් බල ගැන්වීම නුසුදුසු බව සිතමි." යන ඔබේ අදහස සමග 100 එකඟ විය හැක. "මිශ්‍ර ක්‍රමයක් වඩා සුදුසු" බවට වන ඊළඟ අදහස සමග එකඟ විය නොහැක. ඊට එකඟ විය නොහැක්කේ ඒ මිශ්‍ර ක්‍රමය කුමක්දැයි තවම හෙළි වී නැති නිසාය.
      --------------------------------------------------

      අපගේ අදහස වන්නේ දිස්ත්‍රික්කය වඩා විශාලතර වේය යන විවේචනය පිළිගෙන මැතිවරණ ඒකකය ලෙස දිස්ත්‍රික්කයට වඩා කුඩා ඒකකයක් හඳුන්වා දී සමානුපාතික ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමයි. ලංකාවේ දැන් ක්‍රියාත්මක සමානුපාතික නියෝජන ක්‍රමය සංකීර්ණ සහ ඉතාම විද්‍යාත්මක ක්‍රමයක් බව අපේ අදහසයි.

      යෝජනාව
      අපගේ යෝජනාව පහත පරිදි පෙළ ගැස්විය හැක.

      1. මැතිවරණ කොට්ඨාශ 45-75 අතර ගණනක්.
      --- මේවා සෑදීමේදී ජන වාර්ගිකත්වය නොසැළකිය යුතුය. භූවිෂමතා සහ ආර්ථික රටා සැළකිය යුතුය.

      2. එක කොට්ඨාශයකට මන්ත්‍රී ධුර 3-5 අතර ගණනක්.
      --- ජනගහණ ඝනත්වය ඉතාම වැඩි ඒකක වලට මීට වඩා වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවකුත් ඉතාම අඩු ප්‍රදේශ වලට අඩු මන්ත්‍රී ධුර සංඛ්‍යාවකුත් දීම වරදක් නැත.

      3. දිස්ත්‍රික් කෝටාව අහෝසියි (බෝනස් ආසන). ඒ වෙනුවට ජාතික මට්ටමේ දී ආසන වෙන් කිරීමක්.
      --- මේ ආසන දැනට කෙරෙන අයුරින් පක්‍ෂය/ නායකයා කැමති අයවළුන්ට වෙන් කරනු වෙනුවට නියෝජනයක් නොලැබුණු මනාප වැඩියෙන් ගත් පක්‍ෂ වලට/ අපේක්‍ෂකයින්ට හිමි විය යුතුය. (මෙමගින් ජනතා පදනමක් නැති අය පාර්ලිමේන්තු යාම වළකී. එසේම මෙහිදී පත් වන මන්ත්‍රීන් කවුදැයි තීන්දු කරන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුව වේ.)

      4. මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225 හෝ ඊට අඩු වීම.
      --------------------------------------------------

      ඉහත දැක්වෙන්නේ මේ පිළිබඳව අපගේ දළ අදහස වේ. දීර්ඝ ලිපියක් ලිය හැකි මුත් අපේ අදහස් ගණන් ගන්නා අය නැති බැවින් එය නිෂ්ඵල ව්‍යායාමයක් වේය සිතමි.

      Delete
    5. මෙය දැනට තිබෙන ක්‍රමයට වඩා සුදුසු බව කිව හැක. පළාත් හා ප්‍රාදේශීය සභා පිලිබඳ ඔබේ මතය කුමක්ද?

      ඔබේ ක්‍රමයට අනුව මැතිවරණ ඒකකය කුඩා කළහොත් පළාත් සභාද (අහෝසි නොකළහොත්) එම පදනමින්ම බෙදිය යුතු වේ. මක් නිසාද යත් ව්‍යවස්ථාදායකයට මන්ත්‍රීන් තෝරන ඒකකයට වඩා විශාල ඒකකයකින් පළාත් පාලන ආයතන වලට සභිකයින් තේරීම විහිළුවක් බැවිනි.

      ප්‍රාදේශීය සභා පවත්වාගෙන යාමට මම පෞද්ගලිකව එකඟ වෙමි. ඒ පුද්ගලයෙකුට සුළුවෙන් දේශපාලනයට එළඹී ගමේ පොදු වැඩ වලට සම්බන්ධ වී ඉදිරියට ඒමට ඇති එකම මඟ එය බැවිනි (පළාත් සභා හා පාර්ලිමේන්තුව සඳහා ඇති දිස්ත්‍රික් පදනම අනුව නම් එයද සිහිනයකි). එසේ නැතහොත් පාර්ලිමේන්තුවම අහසින් පාත් වූ අයගෙන් පිරී යනු ඇත.

      Delete
    6. කණිෂ්කගේ අදහස ඇත්තෙන්ම ඉතාම සාධනීයයි.
      විය යුත්තේ මෙය තමයි, සාපේක්ශව කුඩා ඒකකයකට අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙන කොට්ඨාශ තුල සමානුපාතිකව ඡන්දය පැවැත්වීම.
      පලාත්සභා ගැන නම් ඇත්තෙන්ම අනුහස ගෙනෙන මතයට මම එකඟ නැහැ. මම නම් මේ පළාත්සභා ක්‍රමය තුල රටට ඇති කිසිම වැඩ දායක බවක් දකින්නේ නැහැ. එය කෘතිමව රෝපනය කල දෙයක් වගේම තවමත් අපේ සමාජය තුල මුල් ඇද ගැනීමට අසමත් වූ දෙයක් ලෙසයි මා දකින්නේ.
      පළාත්සභා කියන අතරමැදි ඒකකයටවඩා ප්‍රාදේශීය සභා බල ගැන්වීම වැදගත් බවයි මගේනම් අදහස. ඒත් කනිෂ්ක කියනවා සේ මේවාට කවුද ඇහුම්කන් දෙන්නේ.

      ඔය සියල්ලට පෙර මේ රටට සැබෑ ආදරයෙන් තීන්දු ගන්නා කෙනෙකු වෙත්නම් පළමුවම කළ යුත්තේ ජන වර්ග හා ආගම් පදනමින් ඇති සියළු දේශපාලන පක්ශ තහනම් කිරීමයි. දේශපාලන පක්ෂ බිහි විය යුත්තේ දේශපාලන මතවාද පදනමින් මිස ජනවර්ග හෝ ආගම් පදනමින් නොවිය යුතුයි. මේ පිළිලය ඉවත් නොකර කුමන පැලැස්තර දැම්මත් තුවාලය නම් සුව නොවේවි!

      Delete
    7. සාපේක්ශව කුඩා කොට්ඨාශ වෙනුවෙන් සමානුපාතිකව ඡන්දය පැවැත්වීම බහු මන්ත්‍රී කොට්ඨාශ ක්‍රමයටත් වඩා ඉතාම සාධනීයයි.
      බහු මන්ත්‍රී කොට්ඨාශ ක්‍රමයේදී අදාල කලාපය තුල වැඩිම චන්ද ලාබියා හා දෙවැනි ඡන්ද ලාබියා තෝරා පත්කර ගන්නා අතර එක් පක්ෂයකට ඉදිරිපත් කල හැක්කේ එක් අපේක්ශකයෙකු පමණි. එවිට යම් කිසි පක්ශයක් ඡන්ද 80% ක් ලබා දෙවැන්නා ඡන්ද 15% ක් පම්ණක් ලැබුවොත් එම පක්ශ දෙකේ අපේක්ශකයින් දෙදෙනාම සමව මන්ත්‍රී ධූර ලැබීම බලවත් අසාධාරණයක්.

      Delete
    8. එළ !!!
      (මොකුත්ම නොකියා ඉන්නම බැරි උන නිසයි මේක දැම්මේ. පස්සේ තව හිතල දිගට එකක් දාන්නම්.)

      සිතුවිළි,
      පළාත්සභා නම් අහෝසි කළ යුතුමයි. k මේ ගැන එකඟ වන බවට මෙන්න කැට !

      Delete
    9. සිතුවිළි,
      1. "පලාත්සභා ගැන නම් ඇත්තෙන්ම අනුහස ගෙනෙන මතයට මම එකඟ නැහැ."
      anuhasa2011 පළාත් සභා ගැන අදහසක් ඉදිරිපත් කර නැත. මහමැතිවරණය උදෙසා අප විසින් යෝජිත ක්‍රමය යොදා ගන්නේනම් පළාත්සභා උදෙසාද එයම යොදා ගත යුතුව තිබෙන බවයි ඔහු කියන්නේ. ඒ අදහසට අපත් එකඟයි.

      2. ප්‍රාදේශීය සභා පිළිබඳ අදහස පහත දක්වා ඇත.

      3. "ජනවර්ග හා ආගම් පදනමින් ඇති සියළු දේශපාලන පක්ශ තහනම් කිරීම"
      බොහෝ දෙනා මෙය කියතත් ව්‍යවස්ථානුකුලව මෙය කළ හැකි දෙයක් නොවේ - විශේෂයෙන්ම ලංකාව 'නමට' බෞද්ධ රාජ්‍යයක් වී අබෞද්ධ ව්‍යවස්ථාවකින් පාලනය කෙරෙන තත්වයක් යටතේ. ජනවර්ගය හා ආගම යන දෙකම දේශපාලනික මතවාද බව සළකන්න.

      Delete
    10. ව්‍යවස්ථානුකූලව කල නොහැකි දේ අපගේ ඇස් පනාපිට සිදුවී ඇති බව ඔබට මතක් කරදෙමි.
      අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා වගන්තියක් නොව වුවමනාව පමණකියි නොයෙක් වර මේ ලංකාද්වීපයෙහි තවුරුවී ඇත.

      Delete
  9. anuhasa2011 June 17, 2015 at 12:36 AM
    මෙය දැනට තිබෙන ක්‍රමයට වඩා සුදුසු බව කිව හැක. පළාත් හා ප්‍රාදේශීය සභා පිලිබඳ ඔබේ මතය කුමක්ද?

    අප ඉහත ඉදිරිපත් කළ ක්‍රමය පවතින ක්‍රමයට වඩා පමණක් නොව යෝජිත ක්‍රමයටද වඩා සුදුසු බව සිතමි. කෙසේ වෙතත් ඔබ නගන පැනය වෙත අවධානය යොමු කරමි.

    පළාත් සභා
    කිසිදු විකල්පයක් නොපනවා අහෝසි කළ යුතුය. පළාත් සභා යනු වර්තමානයේ රටට බරකි - අනාගත තර්ජනයකි. ඓතිහාසික සාධක නොතකා යටත් විජිත පාලකයින් විසින් තැනූ පරිපාලන ඒකකයක් වෙත ව්‍යවස්ථාදායක බලතල දීම මූලික වරදකි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථා විරෝධී යෝජනාවක් ලෙස තීන්දු කළ යුතුව තිබූ 13 වන ව්‍යවස්ථා සංශෝධනය හේතු කොටගෙන ඇති කෙරුණු බැවින් සුජාත භාවයක් නැති ආයතන පද්ධතියකි. එසේම ඉන්දියාව විසින් අප ගුවන් සීමාව ආක්‍රමණය කර ජනාධිපති යටත් කරගෙන බලෙන් අත්සන් ගත් ඊනියා ඉංදු-ලංකා ගිවිසුම හේතු කොටගෙන ඇති කෙරුණු පළාත් සභා පිළිගැනීමට අප බැඳී නැත.
    (ජොසෙෆ්, ඔබේ ලකුණු ඔබ දමා ගන්න.)

    ප්‍රාදේශීය සභා
    ප්‍රාදේශීය සභා සීමා මේ අයුරින්ම තිබිය යුතු නැත. වාර්ගික ව්‍යාප්තිය නොසළකා කෙරෙන සීමා නිර්ණය කිරීමට යටත්ව ප්‍රාදේශීය සභා/ ගම් සභා/ නගර සභා වැනි නමකින් ආයතනයක් තිබීම සුදුසුය. එහෙත් එහි අරමුණ විය යුත්තේ දේශපාලනය නොව පරිපාලනය සහ යටිතල පහසුකම් නැංවීමයි.

    'දේශපාලනය නොව' යනුවෙන් අප අදහස් කරන්නේ දේශපාලන පක්‍ෂ වලට ප්‍රාදේශීය සභා වල බලයට පත් වීමේ ඉඩ නීති මාර්ගයෙන්ම අහුරා දැමීමයි. අප යෝජනා කරන්නේ බොහෝ දුරට සෘජු ප්‍රජාතන්ත්‍රවාදයකි. අදාළ පරිපාලන ඒකකයේ මනා පාලනය පිණිස ඉතා කුඩා කොට්ඨාශ (ගම් / පේරු / වතු / මාවත්...) වලින් සෘජුව එක් එක් නියෝජිතයා බැගින් පත් කෙරෙන (අපේක්ෂකයන්ට මනාප ලකුණු කිරීමේ ක්‍රමයක් නැත) සරල කේවල ක්‍රමයකි. වෙන වෙන කුඩා ඒකක වලට වෙන වෙනම නාම යෝජනා තනි තනිව බාර දිය යුතු අතර පක්‍ෂය නොව අපේක්‍ෂකයා වෙත සෘජුව ඡන්දය ප්‍රකාශ කෙරේ.
    ---------

    ප.ලි.: මිතුර මේවා අප කිසිදා ප්‍රසිද්ධියේ සංවාදයට ගැනීමට නොසිතූ කරුණු වේ (එයට පෞද්ගලික/කුහක හේතුවක් ඇත). ඔබ විමසූ නිසා ඉදිරිපත් කළෙමි. කැමැත්තේනම් වැඩිදුර සංවාදයට යා හැක.

    ReplyDelete
  10. සිතුවිළි,

    බහු මන්ත්‍රී කොට්ඨාශ ක්‍රමය
    මේ ගැන ඔබ කියන දේ සමග එකඟ වෙමි. අප යෝජනා කරන සමානුපාතික ක්‍රමයේදී මේ අඩුලුහුඩුකම නැති වේ. එසේම,
    බහුමන්ත්‍රී ආසනයක් නොවන කේවල ආසනයක ප්‍රකාශිත වලංගු ඡන්ද ගණන 99,999 යැයි සිතමු. එක අපේක්‍ෂකයෙක් 50,000 ගන්නා අතර දෙවන අපේක්‍ෂකයා 49,999 ගනී. දෙවැන්නා අසාධාරණයට ලක් නොවන බව කිව හැකිද, නොහැක. අප යෝජනා කරන සමානුපාතික ක්‍රමයේදී මෙවැනි දේ සිදු වන්නේ ද නැත.

    ReplyDelete
  11. ජොසෙෆ්,
    ඔබේ අදහසත් එක් කරන්න.

    ReplyDelete
    Replies
    1. 20 වන ව්‍යවස්ථා සංශෝධනය දැන් පිට උනා. ඒකත් බලලම කතා කරමු.

      Delete
  12. Replies
    1. බැඳිය සැපයීම පිළිබඳ ස්තූතිය.

      Delete
  13. අද ක්‍රමයෙදි චන්දය 1ට මනාපය 2ට වෙන විදියට ලැබෙන්නේ ඒ වෙනුවට මනාපයට මුල්තඅන ලැබෙන ක්‍රමයක් තිබුනොත් කොහොමද?

    ReplyDelete
    Replies
    1. දැන් පවතින දිස්ත්‍රික් ක්‍රමය යටතේ මෙවැනි චන්ද පත්‍රිකාවක් තැනීම ප්‍රායෝගික නැත. එහෙත් k යෝජනා කරන ක්‍රමයේදී මෙය කළ හැකි දෙයක් බව පෙනේ.

      Delete
    2. ජගත්,

      ඔබ මේ ලිපියට ලියූ මුල්ම ප්‍රතිචාරය වෙත නැවත යොමු වීමි. "කේවල ආසන ක්‍රමයට වඩා මැතිවරණ කොට්ඨාස 3 ක් පමන බැගින් ‍වන ගොඩවල් වලට ගොනුකර (අවශ්‍යනම් එම කාන්ඩයකට නමක් දමා) සමානුපාතික ක්‍රමයට චන්ද තබන්න බැරිද." --- මේ කියන්නේ මා යෝජනා කරන ක්‍රමයම මිස වෙනකක් නොවේ. ඔබේ ප්‍රතිචාරයේ ඉතිරි කොටස් පිළිබඳ අවධානය දැඩිව යොමු වීම නිසා ඉහත කොටස මග හැරෙන්නට ඇත කියා සිතමි. ඒ පිළිබඳව සමාව අයදිමි. එසේම අපෙන් ස්වායත්තව අප සිතන අයුරින් සිතන අය තවත් සිටින බව දැන ගැනීම දිරියකි බව කියමි.

      දැන් ඔබේ මේ ප්‍රතිචාරය වෙත එමු.
      ...

      Delete
    3. චන්දය 1ට මනාපය 2ට වෙනුවට මනාපයට මුල්තැන...

      මෙය කළ නොහැක. මනාපයට මුල්තැන යැයි කීමම දෝෂයකි. මනාපය මුල් තැනට දැමූ පසු ඡන්දය යනුවෙන් දෙයක් ඉතිරි නොවේ.

      විවිධ පක්‍ෂ/ කණ්ඩායම් වල එකම අංකයෙන් කිහිප දෙනෙක් සිටින නිසාය ඡන්දය සහ මනාපය යනුවෙන් තේරීම් දෙකක් දී ඇත්තේ. මනාපය මුලින් ලකුණු කිරීමටනම් එක්කෝ පක්‍ෂය නොසළකා අපේක්‍ෂයන් ශ්‍රේණිගත කළ යුතුය. එවිට ඡන්දය ලෙස අද අප හඳුන්වන දේ නැති වී යයි. එසේ නොකළොත් ඡන්ද පත්‍රිකාව සිළුමිණ පුවත්පතක් සේ විශාල වනු ඇත. එය නොකරන්නේ නම් මනාපය ලකුණු කර ඇත්තේ කවර පක්‍ෂයේ අපේක්ෂකයාටදැයි දැන ගැනීමේ ක්‍රමයක් නැත. ඉඳින් මනාපයත් ඡන්දයත් දැන් පවතින අයුරින්ම පවතීනම් ලකුණු කරන පිළිවෙල වෙනස් කිරීමෙන් කවර වෙනසක්ද ?

      Delete
  14. හා දැන් ඉතින් මල්ලිලා නිශ්ෂබ්ද වෙන්න....

    තවදුරටත් ඔය විස්ස ගැන වාද කරලා ඇති වැඩක් නැහැ.

    මහා බල සම්පන්න රාවුෆ් හකීම් සදා ඇමති තුමා ඒකට විරෝධය පල කරලා.

    ReplyDelete
    Replies
    1. හකීම් තුමා බුරා පනිනු මිස හපා නොකනු ඇත'ය යන්න අපේ බලාපොරොත්තුවයි. බුරන්නේ තමන්ට ලැබෙන කටුව විසාල කර ගැනීම පිණිස බව සිතමි.

      Delete
  15. අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ ඔබතුමා මේ සති අන්තේ මොක මොකවත් ලියයි කියල.

    ReplyDelete
    Replies
    1. අපිනම් එහෙම බලාපොරොත්තු තියාගෙන හිටියේ නැහැ.
      කිව්වට අමනාප නැත්නම් මම මගේ මිත්‍රයෝ දෙන්නට පොඩි කාරනාවක් කියන්න කැමතියි.
      මෙතැනට එන නොයෙක් උදවිය දාන කමෙන්ට් වලට පිළිතුරු සැපයීමේදී දැඩි නිශේදනාත්මක පිළිතුරු සැපයීමෙන් වලකීම හොඳයි කියල මට නිකමට හිතුනා.
      මේ ගැන පොඩ්ඩක් හිතමුද?

      Delete
    2. තේරුණේ නෑ ...

      Delete
    3. මම පෞද්ගලිකව මේ චෝදනාව එල්ල කරන්නේ අර වන් මෑන් ශෝ එක දාපු තුන්දෙනාටමයි.
      ඒ කියන්නේ යම් කෙනෙක් අදහසක් ඵල කලාම අපි ඒකට පිළිතුරු දෙන ආකාරය තරමක් නොශේදනාත්මකයි කියල හිතෙනවා. ඒක නිසා බොහෝ දෙනාට තමන්ට මෙතැන ඉඩ නැති වගක් හැඟෙනවා කියල මට හිතුනා.
      අන්න ඒ නිසයි එහෙම කිව්වේ.
      අපේ අවිද්‍යා මහත්තයත් අතුරුදන් වුනා වුනාමයි. එතුමා මේ ඊයේ පෙරේදා සී නිව්ස් එකේ හිටි ගමන් මතු වුනා. මම ඒක දුටු ගමන්ම නැවත් මෙතැනට එන්න ආරාධනා කලා ඒත් ඒ එක්කම එතුමා නිහඬ වී ගියා.
      පෙනෙන ආකාරයට යම් කිසි අමනාපයකින් පසු වෙන බවකුයි පෙනෙන්නේ.
      ඒ එක උදාහරණයක් පමණයි. ඒකටනම් වග කිව යුත්තා මා කියාමයි මට සිතෙන්නේ.

      Delete
    4. සිතුවිළි ග්‍රහණය කරගෙන ඇත්තේ හරිම අපූරු දෙයකි. මේ කරුණ 'මධ්‍යස්ථ මතධාරියා' වෙත අප දැමූ පළමු ප්‍රතිචාරය තුලින් අපටම පසක් විය. එය දැමීමේදී කිසිදු නිශේධනාත්මක හැඟීමක් අප තුල නොවුණත් එය නැවත කියවීමේදී වරදක් ඇති බව හැඟිනි. එවිට ප්‍රමාද වැඩිය.

      එහෙත් කළ යුත්තේ කුමක්ද? ඔබ අදහස් කරන්නේ අපගේ පිළිතුරු දීමේ රටාව හේතුවෙන් කිසිවෙක් නැවත මෙහි නොඑන බවද? එසේනම් කළ යුතු යැයි ඔබ යෝජනා කරන්නේ "සුරතල්" ප්‍රතිචාර දැමීමද (මෙය අපට ඉතා නුහුරු දෙයකි) ? අප blog අඩවියක් පවත්වාගෙන ගියත් බාහිර blog අඩවි වලට කැන්දාගෙන ගියේ මධ්‍යස්ථ මතධාරී තුමාය. එතුමා පෙන්වූ මග දිගේ ගොස් ගොඩවැදුණු සමහර අඩවි වල අමූලික කුණුහබ්බ වලින් එකිනෙකා අමතා ගනී.

      "දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි - පහන ලඟයි ආලෝකෙ දුරයි"
      මට පිස්සු වගේ ...
      අහෝ දුප්පත් කර්කටක !

      Delete
    5. පිළිතුරු ලිවීමේදී නිශේධනාත්මක හැඟීමක් නොවූ බවට ඔබ කරන ප්‍රකාශය මා සන්බන්ධයෙනුත් ඇත්ත. ඒ වගේම එය ජෝසප් කෙරෙහිද සාධාරණ බවක් මම සිතමි. ඒ ඔහු හා දීර්ග කාලයක් සංවාදයේ යෙදීමෙන් ඔහු හඳුනා ඇති නිසා.

      සුරතල් ප්‍රතිචාර හෝ අවලම් භාශා ව්‍යවහාරයන් යොදා ගැනීමනම් කිසි සේත් පිළිතුරක් නොවෙයි. එයින් අපගේ මේ සමස්ථ ව්‍යායාමයම පුස්සක් වේවි.
      හරවත් පිළිතුරුම පල විය යුතු වුවත් මේ ගැන තව ටිකක් හිතා බලමු කියන යෝජනාවයි මා කලේ.
      කලු එපා කිමෙහි අරුත සුදු තවරමු කීම නොවනා වග අපි කෑවුරුත් දන්නවානේ.

      Delete
    6. හික් !
      මමනං ඔය කතාවට එකඟ නෑ. blog කියවන්නේ සමනල්ලු නෙමේ. කිසිම වැරදි දෙයක් අපි තුන්දෙනා කියල නෑ. අදහස් එක්ක එකඟ නොවීම වෙනම දෙයක්. සෙනග රඳවා ගන්න එයාල කියන කියන දේට එකඟ වෙන්න ඕනේ කියල හිතන්න එපා.
      උදාහරණයකට බලන්න.

      "අනේ කණිෂ්ක මට තවත් නම් ලියන්න බෑ. ඔය මං කියපු එකේ අඩුපාඩු ඇති ( මුහුනට මුහුන කියනව වගේ බෑනෙ ) එනිසා ඒවා නොසලකා කියන්න තැත් කලේ මොකක්ද කියල හිතල බලන්න තරහ නැතුව.
      The end of MY side of this conversation. Thank you."


      ඒ "අප්පච්චි මලා !" ලිපියට Pra Jay දැමූ අවසන් ප්‍රතිචාරය.

      මෙතන අදහස් ගැටීමක් හරි සිත් රිදීමක් හරි නෑ, එකම දේ කිසි කෙනෙක් දිගින් දිගට ඇදෙන සංවාදයක එල්ලිලා ඉන්න කැමති නෑ. ගොඩක් අය ආවා, ගියා. ටිකක් අය ආවා, කීවා, ගියා. බොහෝම අඩු දෙනෙක් තමයි නැවත නැවත එන්නේ. ඒකට කරන්න දෙයක් නෑ . අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන කඩයක් දා ගන්න නම් පාරිභෝගිකයෝ රඳවා ගන්න හිතන්න ඕනේ. හ්ම්ම්...

      k, ඇඩ් පෙන්නන්න අදහසක් නැද්ද ?

      Delete
    7. බොහෝම හරි, ඒ අදහසට මම විරුද්ධ නැහැ.
      මම මුලදිම කිව්වනේ මේක මගේ අදහසක් විතරයි. මේ ගැන හිතා බලමු කියලනේ කිව්වේ.
      ඒකේ හිතා බලන්න තරම් වැදගැම්මක් නැතිනම් අපි අපේ ක්‍රමයටම ඉදිරියට යමු.

      අර සමනල්ලු කථාවනම් මරු. හැබැයි අපි නම් දන්නේ නැහැ මේවා කියවන උන් අතර සමනල්ලුත් ඉන්නවද කියලා. මොකද දැන් සමනල්ලුත් වැහි වැහැලා. ඒ මදිවට උන් ප්‍රසිද්ධියේම පියාඹනවා. යහපාලන වැස්සට තෙමුනාම හුඟක් උන් සමනල්ලු වෙනවද කොහේද (මුරුගසං වැස්සට තෙමුනා වගේ )

      Delete
  16. මේ සතියෙවත් මොකුත් ලියන්න.
    අපිට පාළුයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔබලාගේ බලාපොරොත්තු සුන් වීම පිළිබඳ අපගේ බලවත් කණගාටුව.

      විධායක බලතල භාවිතාවෙන් තොරව ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි ආකාරය දැකීමෙන් බලවත් වික්‍ෂිප්ත භාවයට පත් වීමි. ඒ හේතුවෙන් කිසිවක් ලිවීමට නොහැකි විය. අවසන අගවිනිසුරු කැබිනට් chit එකෙන් void කළ සිරාට මේක මොනඃ කජ්ජක්ද කියා සිත රවටා ගතිමි.

      වරද අපේ නොවේ. එය විධායක බලතල භාවිතා නොකරන බවට පොරොන්දු දුන් ටොම් පචයෙක් විධායක ජනාධිපති බවට පත් කළ ලංකාවේ "සබුද්ධික" ඡන්දදායකයන් විසින් බාර ගත යුතුය.

      Delete
    2. අයියෝ සල්ලි ! අන්තිමට ඒකත් නෑ මේකත් නෑ. දැන් මොකද කරන්නේ, දෙතිස් කඩේ වහල දාමුද ?

      Delete
    3. සුපුරුදු දීර්ඝ නිහඬ තාවය !
      අහෝ වෙනසක බලාපොරොත්තුවෙන් මෙසිරිලක හුදී ජනයා කල විනාශයක මහත.
      අපිට අපේ කථා 32 හි අගනා ලිපිකියැවීමට තිබූ අවස්තාව ගිලිහී ගියා නේද?

      Delete
    4. බම්බුව තමා ! බම්බුව !!!

      Delete
    5. බම්බුව තියා මොක වුනත් විස්ස ගැන කථාව වල පල්ලට ගොහින් ඊට පසු මහින්ද එනවා, එන්නේ නැහැ, ආයෙත් එනවා, ආයෙත් එන්නෙ නැහැ, ඒ අතරේ බුලත් කොලෙන් එනවා, ගංජා කොළෙන් එනවා, කැන්ද කොළෙන් එනවා, කරත්ත රෝදෙන් එනවා, ආයෙත් බුලත් කොළෙන් එනවා කියමින් ඉතාමත් වැදගත් බරපතල ජාතික මාතෘකා කීයක් නම් සමාජය හමුවට ආවාද.
      අනේ ඒ මොක වුනත් අපේ කනිෂ්ක මැතිතුමා නිහඬවම උපෙක්ෂා සුවයෙන් වාසය කිරීම මොන තරම් නම් අපූර්ව සුන්දර දසුනක් මවනවාද......?

      Delete
    6. 20 වලපල්ලට යෑම ගැන කණිෂ්ක තුමා මොක කීවත් මටනම් ඇත්තේ කණගාටුවකි. හේතුව සුළු පක්‍ෂ වල කේවල් කිරීම් මත රඳා නොපවතින ශක්තිමත් රජයන් පිහිටුවීමට එමගින් යෝජිත චන්ද ක්‍රමයෙන් ලැබෙන පිටුබලයයි. ඒ හැරුණු කොට කේ සහ jagath pathirana යෝජනා කරන ක්‍රම කියවා බැලූ විට ඒවායේත් ගත යුතු සාධනීය කරුණු ඇති බව පෙනේ. වැඩිදුරටත් සාකච්චා කළ යුතු මාතෘකාවකි.

      සමහර ප්‍රශ්න වලට පිළිතුරු නොදීමත් පිළිතුරක් බව අපට කියා දුන් `කනිෂ්ක මැතිතුමා`ගේ උපෙක්ෂා සුවයෙන් යුත් නිහඬතාව ම වත්මන් ව්‍යාකූල වාතාවරණය පිළිබඳ ගැඹුරු සහ සංකීර්ණ පැහැදිළි කිරීමක් කරන බව මට සිතේ. එය `අපූර්ව සුන්දර දසුනක්` බව සිතුවිළි මැතිතුමාට පෙනේ නම් එසේ වේවා !

      Delete
  17. මිතුරනි, රාජපක්‍ෂ සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී.ලං.නි.පක්‍ෂයෙන් හෝ සංධානයකින් හෝ මහමැතිවරණයට තරඟ කිරීම පිළිබඳ ඔබලාගේ අදහස් කිම?

    ReplyDelete
    Replies
    1. එකට ආප්ප කා කරඬුව ඉස තබා දිවුරා පසුදින හොරෙන් පැනගිය සිරා තඹ දොයිත්තුවකට විශ්වාස කළ නොහැක. ඔහු ජාති ණය කාරයෙකි. තමාට හිමි නැති පුටුවක් උඩ වාඩි කිරීමට දායක වූ අයවෙත ඔහු මේ ණය ගෙවා අහවර කළ යුතුය. උදේ කී දේ හවස නැතැයි කියන මේ යකා නාම යෝජනා දෙන දිනය වන විට මොන කරණමක් ගසාවිදැයි කීමට සමතෙක් ඇමරිකානු එම්බසියේවත් නැතැයි සිතමි.

      ඒ නිසා මහින්ද වෙනතක් බලා ගත යුතුය. තමන්ගේ පානෙන් එළිය බැලීමට ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ ලංකා නියෝජිතයාට ඉඩ නොදිය යුතුය. මහින්දට චන්දය දුන්නේ බෞද්ධයින් මිස කතෝලිකයින් නොවේ. තමාගේ වැඩය කෙරෙන තෙක් අත ලෙවකාගෙන සිටි කතෝලික පල්ලිය මහින්දට කෘතගුණ දැක්වූ සැටි ගම්පහ චන්ද ප්‍රථිපලය තුලින් දුටුවා නේද?

      කතෝලික පල්ලිය එළිපිට වැඩ කළේ මහින්දට විරුද්ධවය. කතෝලික පල්ලියේම උවමනාව සහ ආරාධනය මත ලංකාවට පැමිණි පාපයාගේ සංචාරය පවා තමාට එරෙහිව යොදා ගැනීමට කතෝලික පල්ලිය උත්සුක වූ බව මහින්ද විසින් අමතක කළ යුතු නොවේ.

      Delete
    2. මා සිතන හැටියට නම් මහින්ද නැවත බලය ලබා ගැනීමට පැමිණීම හොඳයි. හේතුව ෆෙඩරල් වාදී නපුංසක රැල විසින් ස්තාවර ආණ්ඩුවක් මේ ලක් බිමෙහි සෑදුවහොත් එය මේ ලක් බිමෙහි ඒකීය භාවයෙහිත් සිංහල බෞද්ධ පදනමෙහිත් අවසානයම වන වග ඉතා පැහැදිලි වීමයි. එසේම මොවුන් දැනට තෙවරක් රාජ්‍ය බලය ලබා ඇතත් ඒ කෙටි කාල සඳහා මිස ස්ථාවර ආන්ඩු පිහිටුවීමෙන් නොවෙයි. ඒ කෙටි කාල තුල ඔවුන් රටේ ඒකීය භාවයටත් සිංහල බෞද්ධ පදනමටත් කළ හානිය ඉතා විශාලයි.
      කෙසේ වෙතත් මහින්ද බලයට පැමිණීම ඔස්සේ සියලු ප්‍රෂ්ණ විසඳී මෙසිරිලක කෙතුමතී පුරයක් වනු ඇතැයි සිතීමට තරම් කිසිවෙකු මෝඩ නොවෙතැයි මා සිතමි. මන්ද අදටත් මහින්ද මහතා විසින් පෙන්නුම් කරන්නේ තමා හුදෙක්ම තවත් එක ශ්‍රී ලාංකීය දේශපාලකයෙකු පමණක්ම බවයි. එහෙත් වෙනස ඔහු තුල ඒකීය භාවයට ඇති දැඩි කැමැත්තත්, සිංහල බෞද්ධ චන්ද පදනම ඔහුගේ පිහිටට ඇති බවට ඔහු විසින්ම දැන් වන විට පිළිගැනීමත් පමණි.

      Delete
    3. "මහින්ද නැවත බලය ලබා ගැනීමට පැමිණීම හොඳයි" යන්නට ඔබ දෙන හේතු දැක්වීම හා එකඟයි. නමුත් එය ප්‍රයෝගිකද යන්න ගැටළුවකි.

      මගේ අදහස නම් මහින්ද නැවත බලයට පත් වන්නේ නැත. (මෙය වටහා දුන්නේ k විසින් අප්පච්චි මලා ලිපියෙනි.)

      19 වන සංශෝධනයෙන් අගමැතිට කිසියම් බලතල ප්‍රමාණයක් සපයා දී අවුරුදු 4 පවත්නා ස්ථාවර පාර්ලිමේන්තුවක් තනා දී ඇත. රනිල්ගේ චක්ගෝලයන් ගෝරනාඩු කරන්නේ දිනුවත් පැරදුණත් රනිල් අගමැති ලෙස කියමිනි. රනිල් තැන් තැන් වල පම්පෝරි ගසන්නේ මීළඟ මැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරන බවයි. ආප්ප සිරා සහ රනිල් එක් කිරීම පිණිස බටහිරයන් විසින් ගැස්සවූ මෙගා ඩීල් එකේ උපරිමය මෙයයි.

      දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ට ඔවුන් ඉල්ලන කොටස වෙන් කර දීමත් එක්නැලිගොඩ ඉස්සූ පාටලී, ප්‍රා-රාජිත ඇතුළු සිංහල අවස්ථාවාදීන්ට ඇමතිකම් ඇතුළු වරප්‍රසාද දීමත් චන්ද්‍රිකාට ඇගේ කොටස ලබා දීමත් මෙහි ඉතිරි කොටස් වේ. බටහිරයන් තමන් විසින් පත් කරගත් ජනපති+අගමැති+කොමිෂන් සභා භාවිතා කරමින් මේ රටේ තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය අන්දමට කර ගනු ඇත. මෙගා ඩීල් එක එයයි.

      ඊළඟ මැතිවරණයෙන් පසු සිරා විසින් රනිල් අගමැති කරන බවටත් ආණ්ඩුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව හයි-ජැක් කරගත් නිදහස් පක්‍ෂයෙන් සපයන බවටත් මේ මෙගා ඩීල් එකේ කොටසක් වන තත්වයක් යටතේ මහින්ද ඒ පක්ෂයෙන් ඉල්ලීම මගින් සිදු වන්නේ කුමක්ද ? අපට සිදු වන සෙතක් නම් නැත. මහින්ද විසින් කෙරෙන්නේ රනිල්-මයිත්‍රී රෙජිමයට එරෙහි චන්ද එකතු කර බන්දේසියක තබා එයටම සැපයීම මිස වෙනකක් නොවේ.

      Delete
    4. සත්තකින්ම ඔව්., මහින්ද සිරාගේ හා උගේ චක්ගෝලයින්ගේ බලය සහිත සංධානයකින් ඡන්දය ඉල්ලිමෙහි පරම ප්‍රථිඵලය එයම පමණක් බව සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට වැටහේ. ඒකීය භාවයට ගරු කරන මිනිසුන්ගේ චන්ද වලින්ම එය පාවා දීමේ අශික්ශිත ප්‍රයත්නයක් මෙහි ක්‍රියාත්මකයි.

      එහෙත් මහින්ද මහතා මෙතැනදී රටට වඩා පක්ෂයට ගරු කරන බවක් නොපෙනේද? පක්ශය කැඩුවායැයි නැගිය හැකි චෝදනාවට ඔහු FCඓඪ් යට හෝ ඇමරිකන් කාරයාගේ විදුලි පුටුවට වඩා බිය බවක් නොපෙනේද?

      එහෙත් තවම අවසන් නැහැ. මහින්ද මහතාගේ අවසන් තීන්දුව කුමක්දැයි අපට ඉදිරි දින දෙක තුළදී අනිවාර්‍යයෙන්ම දැක ගත හැකි වේවි.
      ඒ දින දෙකත් පසු වූ විට අපට මෙයට වඩා පැහැදිලිව වෙන්නට යන දේ දැක ගත හැකි වේවියැයි මා සිතනවා.

      Delete
  18. මිතුරනි,

    ඉහත අප විමසූ දේ වෙනම ලිපියකින් කතා කළ යුතු කරුණකි. එහෙත් අපේ අදහස ඔබ දෙදෙනාගේ අදහස් වලට සමපාත වන නිසා මෙහිම අප අදහස් කෙටියෙන් දැක්වීම සුදුසුය.

    1. මහින්ද රාජපක්‍ෂ ශ්‍රී.ලං.නි.පක්‍ෂ සභාපතිත්වයෙන් ඉවත් වීම අප අනුමත කරන්නේ නැත.
    එසේ කිරීමෙන් ඔහු නිදහස් පක්‍ෂය රවි කරුණානායකට පාවා දුන් බව නොකියා බැරිය. සිරිසේනට නිදහස් පක්‍ෂයේ ඉඩ ලබා දීමෙන් ඔහු කර ගත්තේ වරදකි.

    2. පික්-පොකැට් අගමැතිට අප්‍රේල් තෙක් ඇදගෙන යාමට දීම තවත් වරදකි. නිදහස් පක්‍ෂය තමා යටතේ තබා ගත්තේනම් අගමැතිට විරුද්ධව (පත්වීම නීති විරෝධී බැවින්) විශ්වාසභංගයක් ගෙනැවිත් ඔහු පළවා හැරිය හැකිව තිබිණි. නිදහස් පක්‍ෂය සිරිසේනට පවරා දීමෙන් ඒ අවස්ථාව අහිමි විය. ප්‍රතිඵලය: රාජපක්‍ෂලා අවුරුදු 10 කට හොරා කෑවායැයි චෝදනා නැගෙන මුදල් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් සිංගප්පූරු පුරවැසියෙක් විසින් ලංකා මාතාවට වංචා කිරීමයි.

    3. හොර අගමැති ඉවත් නොකිරීම නිසා එ.ජා.පක්‍ෂය විසින් බටහිර අවශ්‍යතාවය වන 19 වන සංශෝධනය ගෙනැවිත් සම්මත කර ගන්නා ලදී. විරුද්ධව ඡන්ද 75 දුන්නේනම් එය සම්මත වන්නේ නැත. මෙය පැහැර හැරීමෙන් රටේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය තානාපති කාර්යාල වල සැරිසරන බත් බැලයන් අතට පත් විය. 19 හේතුවෙන් රාජපක්‍ෂලාට වූ හානිය අප විසින් මීට පෙර විස්තර කර තිබේ.

    4. මහමැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මේ මොහොතේ රාජපක්‍ෂ සහ ඔහුගේ සගයන්ට තරඟ කිරීමට පක්‍ෂයක් නැත. මෙය අපේ වරදද? රටේ ජනතාව ඔහුගෙන් පක්‍ෂය උදුරා ගත්තේ නැත. ඔහුම එය පාවා දුන්නේය. අපට "දැන් සනීපද?" කියා ඇසීමට වඩා කළ හැකි දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. රාජපක්‍ෂ මේ රටට තවමත් අවශ්‍ය බව අප විසින් මීට පෙර කියා තිබේ.

      එහෙත් ඔහුම පසුගිය මාස කිහිපයේ කර ගත් දේ පිළිබඳව අපේ පැහැදීමක් නැත. තමා පැරදවූ පළිය මුළු රටෙන්ම ගැනීමට සැරසෙන අයුරින් සිරිසේන සහ ඔහුගේ හාම්පුතුන්ට ඕනෑ පිනුමක් ගසා ගැනීමට දී බලා සිටින අයුරකි ඔහුගෙන් දිස් වූයේ. මේ අප ඔහුගෙන් බලාපොරොත්තු වූ දේ නොවේ. අවුරුදු දෙකක් කලින් ජනාධිපතිවරණයක් ඉල්ලුවේ අපිද?

      අපට පෙනෙන්නේ එක දෙයකි. ඒ රාජපක්‍ෂ පෞද්ගලික ලාභාපේක්ෂා රටේ යහපතට වඩා ඉහළින් තබා සිතන බවයි. මෙය ශ්‍රී.ලං.නි.පක්‍ෂය තුලින් නාම යෝජනා ලබා ගැනීමේ උපක්‍රමශීලි වෑයමක් බව කෙනෙකුට කිව හැකි මුත් රට පරදුවට තබා කෙරෙන මෙවැනි හොරගල් ඇහිලීමක් අපටනම් අතිශය ජුගුප්සාජනක දසුනකි.

      Delete
    2. 1. සිරිසේන රාජපක්‍ෂට නාම යෝජනා දේ දැයි විශ්වාස නැත. රනිල් කියන විට එය කරන චන්ද්‍රිකා කියන විට ඒකත් කරන තානාපතිවරුන්ට ස' කියන එළිසබත් වින්ඩ්සර් මහත්මිය දුටු විට දෙකට නැමෙන සිරිසේන අවසන් මොහොත දක්වා විශ්වාස කළ නොහැක.

      2. සිරිසේන නාම යෝජනා දුන්නත් කොමසාරිස් විසින් එය ප්‍රතික්‍ෂේප කිරීමේ ඉඩක් ඇත. ජාතික කොඩි, ආගමික කොඩි (මේ කියන්නේ ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය ගැන මිස වෙනකක් ගැන නොවේ) ප්‍රදර්ශණය තහනම් කරන කොමා කරන්නේ ද ඩීල් එකකි. ලඟදී විශ්‍රාම ගිය මේ කොමා රනිල් අගමැති වුවහොත් ඊනියා ස්වාධින කොමිසමකට පත් වනු ඇතැයි අපේ බලාපොරොත්තුවක් තිබේ.

      3. නාම යෝජනා පිළි ගැනුණත් ඒවා මහින්ද පිළේ අපේක්‍ෂකයන් කැපී වෙන වෙන අය ඇතුල් කෙරුණු ලැයිස්තු නොවේ යැයි සහතිකයක් නැත.

      4. සිරිසේනගේ ඩීල් එක රනිල් නැවතත් අගමැති කිරීමටයි - එනම් ජනතාව රජයක් පිහිටුවීම පිණිස රනිල්ට ලබා නොදෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව නිදහස් පක්‍ෂයෙන් සැපයීමයි. මහින්ද ඒ සංධානයෙන් ඉල්ලීමෙන් සිදු වන්නේ අවසන් විග්‍රහයේදී රනිල්ටම අගමැති කම දීමට සහය වීමකි. (මෙය මිතුරු ජොසෙෆ් මැනැවින් පැහැදිළි කර තිබේ)

      ඉහත කරුණු හේතුවෙන් ලබන මැතිවරණයේදී රාජපක්‍ෂ වෙත කෙළින්ම සහය දැක්වීමට අපට හැකියාවක් නැත. ජනාධිපතිවරණයට පෙර අප ඔහුට කළ චෝදනාව තවමත් එසේමය.

      Delete
    3. ඔහු වෙනම ඉල්ලුවොත් තත්වය වෙනස් වේ.

      එහෙත් මහින්ද කවර පක්‍ෂයෙන් ඉදිරිපත් වුණත් (නැතත්) නාමල් රාජපක්‍ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී.ලං.නි.ප. නියෝජනය කරන සංධානයකින් ඉදිරිපත් වනු ඇත. ඒ ඔහුගේ දේශපාලන අනාගතය වෙනුවෙනි.*

      එවිට රටේ මහජනතාව ගත යුත්තේ කාගේ පාර්ශවයද?
      --------
      * අපගේ පුරෝකතනයකි.
      --------

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !