Thursday, April 23, 2015

බැංකු කොල්ලය සහ පූර්ණ ශීර්ෂාවරණ තහනම

පොලිසිය දැඩි ආයාසයකින් අත්අඩංගුවට ගත් නීති විරෝධී කොල්ලකෑමේ උපකරණ සමග
නීති විරෝධී කොල්ලකෑමේ උපකරණ ප්‍රදර්ශනය කරන පොලිස් නිලධාරීන්
පසුගිය අවුරුදු දිනට පසු දින එකම නගරයක පිහිටි බැංකු ශාඛා සතරකට ගොඩ වැඩිමට සිදු විය. ඒ මහජන බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවටයි. මේ බැංකු සතරේම අප දුටු දෙයක් නම් හෙල්මට් සහ ජැකට් ඉවත් කර ඇතුල් වන ලෙස දක්වා තිබූ දැන්වීමයි.

මුලින් එය අපගේ අවධානයට ලක් නොවූ මුත් නැවත සිහි කිරීමේ දී මේ සතරේම එම දැන්වීම තිබෙන්නට ඇති බව පසක් විය.





පසුගිය රජය යටතේ පූර්ණ ශීර්ෂාවරණ තහනමට පොලීසිය විසින් දෙවරක් උත්සාහ කළ මුත් ජනතා විරෝධය හේතුවෙන් එම යෝජනාව හකුලා ලීමට රාජපක්‍ෂ රජයට සිදු විය. මේ පිළිබඳව අප විසින් එකල සැපයූ ලිපි දෙකක් වෙත බැඳී පහත දැක්වේ.
  • හෙල්මට් ගලවමුද... : මෝටර සයිකල් ධාවකයන් විසින් පූර්ණ ශීර්ෂාවරණ පැළඳීම නීති විරෝධී යැයි ශ්‍රී ලංකා පොලීසිය විසින් නිගමනය කිරීම පිළිබඳ විවේචනයක්.
  • හෙල්මට් ගැලවූ අසරණයාගේ කලිසමත් ගැලවීම : බැංකු කළමනාකාරිත්වය පොලීසියට නොදෙවෙනි වෙමින් මෝටර සයිකල් වල එන ගණුදෙනු කරුවන් අපහසුතාවයට පත් කිරීමට බැංකු ආරක්‍ෂක අංශ යොදා ගැනීම පිළිබඳ විරෝධතාවක්.
එදා එසේ වූයේ මානව හිමිකම් ගැන නොතැකූ බව කියන ඊනියා රාජපක්‍ෂ රෙජීමය © ජුන්ටාධිපති යටතේය. පොලීසියට එදා පළමු යෝජනාව හකුලා ගැනීමට සිදු වූ අතර බැංකු කළමනාකාරීත්වය තම බලහත්කාරකම ප්‍රදර්ශනය කළේ හොර රහසේය. එනම්, අනෙක් ගණුදෙනුකරුවන්ට නොදැනෙන නොහැඟෙන සේ ආරක්‍ෂක නිලධාරියා ලවා ධාවක කබාය (riding jacket) ගලවා ඇතුල් වන ලෙස අදාළ පුද්ගලයාට පමණක් කියවීමෙනි.


අද පවත්නේ මානව හිමිකම් පිළිබඳ ඔස්තාර්ලා වන ජෝන් කෙරී, ඩේවිඩ් කැමරන් වැන්නන්ගෙන් බුහුමන් ලබන, ඒ වෙනුවෙන් මෛත්‍රී පතුරුවා භයානක ත්‍රස්තවාදීන් පවා නිදහස් කරන, කැලම් මැකරේ වැනි රාජ්‍ය විරෝධී කැලෑ පත්තර කාරයින් රතු පලස් එළා පිළිගන්නා, සෙබළුන්ගේ පවා මානව හිමිකම් රැකීම පිණිස පිටත රාජකාරි වලින් ඉවත් කර ඔවුන් බැරැක්ක වලට ගාල් කර බූරුවා ගැසීමට සළස්වන මානව හිතවාදී ආණ්ඩුවකි. ඇත්ත නැත්ත කෙසේ වෙතත් අපට කියා දෙන්නට තැත් කරන්නේ එසේය.

එවැනි ආණ්ඩුවක් යටතේ අර දෙවන ලිපියේ 'කැරළිකාරයා' ඉල්ලා සිටින පරිදි බැංකුව විසින් ජැකට් ගැලවීමට සුදුසු තැනක් සපයා දීම පමණක් නොව ජැකට් ගැලවූ මෝටර් සයිකල් කාරයා කිරියෙන් නාවා පැණියෙන් තවරා බැංකුව තුලට ගෙන ලෙව කෑමට බැංකු කළමනාකාරීත්වය තීරණය කළත් එහි පුදුම වීමට දෙයක් නැත. මේ පවතින්නේ ඇමති මණ්ඩලය 25 ට අඩු කර, පසුගිය රජයේ පැවතුනාය කියන දූෂණ නවතා, අපට කේතුමතී නුවර දින 100 න් පහල කර දෙන බවට දහ අතේ පොරොන්දු වී තනා ගත් 'ජාතික' ආණ්ඩුවකි.

අපේ කරුමෙටදෝ දින 100 ගත වීමට පෙරාතුව සියළුම බැංකු වල ඇලවෙන්නේ රෙදි ගලවා ඇතුල් විය යුතු බවට ආඥාවකි. යහපාලන පොලීසිය තර්ජනය කරන්නේ පැවති රජය විසින්වත් නොකළ ලෙස මෝටරසයිකල් කරුවන් අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමටයි. මීට විරුද්ධව සංවිධානය වූ යතුරුපැදි කරුවන් කණ්ඩායමක් ගාලු මුවදොරදී උද්ගෝෂණයක් කළ බවත් සැළයි. එහෙත් ඉන් පලක් නැත. මක් නිසාද යත්, ජනතා විරෝධතා සහ උද්ගෝෂණ වලට සවන් දීමටත් ඒවාට විසඳුම් දීමටත් හැක්කේ රජෙකුට මිස රැජිණගේ මේස් නැති අත අතපත ගා හුස්මක් ගෙන පුරුෂ ධෛර්‍යය උපදවා ගන්නා දීනයෙකුට නොවන බැවිණි.

අද අපට රජෙක් නැත. අපට සිටින්නේ සකල බුජං කෙනෙකි. වලව්වේ ළමා තැනී හෝ ඇගේ පාසැල් මිතුරා හෝ කියන දෙයක් කරබාගෙන කරදෙනු මිස හිතා මතා යමක් කිරීමට සකල බුජංලා වැනි ගැතියන්ට ආත්ම ධෛර්‍යයක් පහල වන්නේ නැත.


එහෙත් වෙනත් ප්‍රශ්නයක් අපට තිබේ.

වහාම ක්‍රියාත්මක වන පොලීසිය පූර්ණ ශීර්ෂාවරණ නීති විරෝධී ලෙස අර්ථකථනය කර යතුරුපැදි ධාවකයන් පාර අයිනේ නවතාගෙන රුපියල් 500 බැගින් දඩ නියම කරන්නෙත්, බැංකු විසින් කබාත් ගලවා ඇතුල් වන ලෙස ගනුදෙනුකරුවන්ට නියෝග කරනු ලබන්නේත් ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර සිදු වූ විශාලම බැංකු කොල්ලය අබියසයි.

අපට අසන්නට තිබෙන ප්‍රශ්නය:

සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තාගේ බෑණා ශ්‍රී ලංකා මහබැංකුව වක්‍රාකාරයෙන් මංකොල්ල කෑමට පැමිණියේ ෆුල් ෆේස් හෙල්මට් දමාගෙනද ?




සටහන් :
⚓ මෙය ජුන්ටාධිපති තුමා විසින් තකහනියේ පත් කරන ලද පේන බලන පෙරකදෝරු පණ්ඩිතයන්ගේ තුන්කට්ටුවේ සොයා ගැනීමකි.

5 comments:

  1. හම්මේ ඉතිම් නේ...
    මට මේ ආණ්ඩුව ගැන පුදුම මෙව්ව එකක් තියෙන්නෙ
    (දැං ඉතිං මොකද්ද කියල අහන්න එපා)
    මේකෙ අතීසාරෙට අමුඩ ගහන අය නං ඕසෙට ඕයි
    ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මෙව්වට මොනා කියන්නද කියල.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !