Wednesday, April 29, 2015

අප්පච්චි මලා !

විමල් විරවංශලා සහ විපක්‍ෂය මොන පම්පෝරි ගැසුවත් වසං කළ නොහැකි සත්‍යය නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්‍ෂලා දේශපාලන බිමෙන් ඉවත් කිරීමේ ජෝන් කෙරීලාගේ අභිප්‍රාය (නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ හොඳමිනිහා මහතාගේ මේ සම්බන්ධ ලිපිය කියවන්න) ඉෂ්ඨ කිරීම පිණිස ගෙනා යෝජනාවක් බවත්, ඒ අභිප්‍රාය ඔවුන් ඒ අයුරින්ම ඉටු කරගෙන ඇති බවත් ය.

දැන් මේ ගැන විමල් විරවංශලාට පම්පෝරි ගැසීමට දෙයක් නැත. විරවංශලා අපට නොකීවාට ඇත්ත කතාව නම් නිදහස් පක්‍ෂ නායකත්වය පවරා දුන් දා 'අප්පච්චි' සැබැවින්ම මළ බවත්, විපක්‍ෂ නායක ධුරය දරමින් ඒ පක්‍ෂයේ අයවළුන් ඇමතිකම් පිළිගත් විට මළ අප්පච්චිට පාංශුකූලය දෙනු ලැබුණු බවත්ය. 19 සම්මත කර ගැනීමට අත ඉස්සීම මගින් ඔහුගේ දරුවන් සහ හදාගත් දරුවන් විසින් කරන ලද්දේ මළ 'අප්පච්චි'ට තුංමාසේ දානේත් දී අහවර කිරීමයි. මහින්ද රාජපක්‍ෂ යනු දැන් දේශපාලන මළමිනියකි. පිළිගන්නට අකමැති මුත් අපට පෙනෙන්නට තිබෙන සත්‍යය එයයි. මෙතැනින් එහාට සෙල්ලම් දමන්නට ආවොත් මහින්ද රාජපක්‍ෂට සිදු වන්නේ බෝතලයක සිර වී මුහුදට විසි වී පාවී පාවී ඉන්නට ය.





අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ තමාගේ දිර්ඝකාලින සිහිනය සැබෑ කර ගැනීමට ඊයේ (අප්‍රේල් 28 දින) සමත් විය. ඒ අනුව හෙතෙම තවදුරත් හොර-අගමැති වරයෙක් වශයෙන් හැඳින්වීමට අපට හැකියාවක් නැත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු ව්‍යවස්ථාව විසින් පත් කළ අගමැති වරයා වේ.


13 වන සහ 17 වන සංශෝධන හැරුණු කොට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කෙරුණු තුච්ඡම සංශෝධනය 19 වන සංශෝධනය වේ. දෙමළ රාජ්‍ය පක්‍ෂය සහ රෝ සංවිධානය විසින් සකස් කර හොර-අගමැති විසින් ඉදිරිපත් කෙරුණු මේ තුච්ඡ ලියවිල්ල හෙවත් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පහතින් බා ගත හැක.


සම්මත වන අවස්ථාවේ නොයෙක් සංශෝධන ඉදිරිපත් කෙරී ඒවා සහිතව සම්මත කෙරුණු බැවින් සමස්ථ සංශෝධනය පිළිබඳ අදහස් දැක්වීමට හැකියාවක් මේ මොහොතේ නැත. එබැවින් අප අද සාකච්චා කරන්නේ ඊට පරිබාහිර කරුණු වේ. and comments

දිනුවේ කවුද ?

සංශෝධන සහිතව 19 සම්මත කිරීමට දායක වීම පිළිබඳ විපක්‍ෂය ද උද්දාමයට පත් වී ඇති අයුරු පෙනේ. පහත විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියන දෙයින් හා නොකියන දෙයින් ඒ බව තහවුරු වේ.

වික්‍රමසිංහගේ කූටෝපාය සංශෝධනය කිරීම තම ජයග්‍රහණයක් බව කියාපාන විපක්‍ෂ මන්ත්‍රී වරයෙක්

ඔහුට අනුව 19 වන සංශෝධනය අනුමත වීම මගින්, ඔහු විශ්වාස කරන සැබෑ විපක්‍ෂය ජයග්‍රහණය කර ඇත. එනම්, හොර-අගමැති විසින් බලාපොරොත්තු වූ දේ ඉටු වී නැත. දැන් අපට ප්‍රශ්න දෙකක් පැන නගී.
  • හොර-අගමැති රනිල් වික්‍රමසිංහ මෙකී සංශෝධන මගින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වූ දේ මන්ත්‍රී විරවංශදැන ගත්තේ කෙසේද?
  • රනිල් වික්‍රමසිංහ තම හොර-අගමැති කම නිත්‍යානුකුල ලෙස ප්‍රකාශ කරවා ගැනීමක් මෙකී සංශෝධන මගින් බලාපොරොත්තු නොවූ බව එතුමා විශ්වාස කරන්නේද?
මෙතුමන්ලා කැමති වුවත් නැතත් 19 වන සංශෝධනයෙන් සිදු වූ ප්‍රධානම දේ නම් රනිල් වික්‍රමසිංහ රටේ දේශපාලන බලය තහවුරු කර ගැනීමට සමත් වීමයි. මෙවැනි මාධ්‍ය සාකච්චා තබා කොතරම් කරුණු කීවත් බහුතර මහජනතාව 19 ඇත්තේ කවර කරුණුදැයි දන්නේ නැතුවා පමණක් නොව එහි කවරක් තිබුණත් ඒ පිළිබඳ ඒ අයට වගේ වගක් ද නැත. මෙතුමන්ලාගේ චන්ද දායකයන් වන සාමාන්‍ය සිංහල ජනයා අතර මේ තත්වය අනෙක් වාර්ගිකයන්ට වඩා වැඩිය. 19 වන සංශෝධනය පරාජය කිරීමෙන් ඒ ජනයා සහ මෙතුමන්ලාට ජන්දය නොදෙන ජනයා තුල අවදියක් ඇති කර දේශපාලනමය නිද්‍රාවෙන් මුදවා ගත හැකිව තිබුණත් ඒ අවස්ථාව ඉතා කණගාටුදායක ලෙස දියාරු කර ගැනීමට මෙතුමන්ලා කැමති වී තිබෙන බව පෙනේ. එක අතකට එසේ වීම පිළිබඳ පුදුම විය යුතුද නැත. මක් නිසාද යත් අද අපේ රටේ පවතින්නේ 'ඩීල්' දේශපාලනයක් බැවිණි.

පැරදුණේ කවුද ?

ජනවාරි 8 පැවති ජනාධිපතිවරණයෙන් විමල් විරවංශ පරාජයක් ලැබූ බව සැබෑය. ජනාධිපති මහින්ද පරාජය වූ බව ඊටත් වඩා සැබෑය. එහෙත් මැතිවරණයක් පරාජය වීම යනු දේශපාලන ජිවිතයේ මහා පරාජයක් හෝ එහි අවසානය හෝ නොවේ. ජේ ආර් 1977 දී හයෙන් පහක බලයක් ගත්තේ 1970 දී අන්ත පරාජයකට ලක් වීමෙන් අනතුරුවයි. රනිල් වික්‍රමසිංහ පවා පරාජය වූ මැතිවරණ සහ ජනාධිපතිවරණ ගණන ඉතා විශාලය - එසේ කියා රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් ඉවත් වුණේ නැත.

පරාජය පිළිගෙන එජාප නායකත්වයෙන් ඉවත් වී නම් එයයි රනිල්ගේ නියම පරාජය. ඒ වෙනුවට තම පාසැල් සමයේ යෙහෙළියගේ වලව්වේ ප්‍රවේණිදාසයෙක් යොදවා ගැනීම මගින් ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරණය මහදවල් මංකොල්ලයක් කර ගැනීමට ඔහු සමත් වූවා පමණක් නොව එමගින් ලබා ගත් හොර-අගමැතිකම 19 වන ව්‍යවස්තා සංශෝධනය මගින් ඉතාම කෛරාටික ලෙස නිත්‍යානුකුල කර ගැනීමටත් ඔහු සමත් වී සිටී. එසේනම් විරවංශලා කෙසේ කීවත් පරාජිතයා වික්‍රමසිංහ නම් නොවේ.

පසු විපරමක්...

ජනාධිපතිවරණයෙන් අනතුරුවම ජනවාරි 12 දින පල කළ යහපාලනයක් ලිපියෙන් දින 100 න් පසු :- ජන්දය භාවිතා නොකළ ජන්ද දායකයෙකුගේ අවංක අදහස ලෙස නම් කර අප කරුණු කිහිපයක් ඉදිරිපත් කළෙමු. ප්‍රස්තුත ලිපියම අරමුණු කෙරුණේ රාජපක්‍ෂ තවදුරටත් මෙරට දේශපාලනයට අවශ්‍ය බව අවධාරණය කිරීම පිණිසත්, සිරිසේන වෙත නිදහස් පක්‍ෂය ලබා නොදිය යුතු බව අවධාරණය කිරීම පිණිසත් ය.

එහෙත් ලිපිය පල වී දිනක්-දෙකක් ඇතුලත අප්‍රකට හේතුවක් (හෝ අහේතුවක් හෝ) මත රාජපක්‍ෂ නිදහස් පක්‍ෂය සිරිසේනට පවරා දී මැදමුලනට පල්ලම් බැස්සේය. මෙය නොවිය යුතුව තිබූ දෙයකි. රාජපක්‍ෂට ජනාධිපති පදවිය අහිමි වීමට වඩා නිදහස් පක්‍ෂය ඊලාම් හිතවාදී පරයන් අතට පත් වීම ජාතියක් ලෙස අප ලැබූ පරාජයකි. මේ බව අප ඊටම ලියූ ප්‍රතිචාර දෙකක (1 සහ 2) සඳහන් කරන ලදී.

අපට මෙහිදී අවධාරණයට ලක් කරන්නට අවශ්‍ය වූ කරුණු දෙකක් තිබේ.
  1. රාජපක්‍ෂ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවිය යුතු බව
  2. රාජපක්‍ෂ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිටස්තරයෙකුට (වෙනත් පක්‍ෂ නියෝජනය කර තේරී පත් වූවන්ට) පාවා නොදිය යුතු බව
කණගාටුදායක ලෙස මහින්ද රාජපක්‍ෂ මේ වැරදි දෙකම කළේය. ඔහුට මීට තුඩු දුන් ඔහුගේම වන දුර්වලතා තිබෙන්නට ඇත. කෙසේ වුවත් එහි ප්‍රතිඵලය බලමු.

රාජපක්‍ෂලාට ලැබෙන්නට නියමිත දේ

තමන් වෙනුවෙන් පෙනී සිටින්නන් දිරිමත් කිරීමට රාජපක්‍ෂ කෙළින්ම ඉදිරිපත් නොවූවා පමණක් නොව තමාගේ නායකත්වය යටතේ තිබිය යුතුව තිබූ ශ්‍රී.ලං.නි.ප. මන්ත්‍රීන් ලවා පරාජය කරවිය යුතුව තිබූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරවීම පිණිස පක්‍ෂය ගසා කෑ උන් කටයුතු කෙරෙන අයුරු බලා සිටීමට ඔහුට සිදු විය. 19 පරාජය කළ යුතු බවට තබා අඩු තරමින් ඊට තමන් එකඟ නැති බවටවත් ප්‍රකාශයක් කිරීමට ඔහු අසමත් විය.

මේ නම් ඔහුට චන්දය දුන් සහ ඔහු බැලීමට දුරු කතර ගෙවාගෙන ගිය ලක්‍ෂ ගණනක මහජනතාවක් අමු අමුවේ පාවා දීමකි. ඒ වෙනුවෙන් ඔහුට ලැබුණේ කුමක්ද? වෙනත් වචන වලින් කියතොත් මහින්ද රාජපක්‍ෂ චමල් රාජපක්‍ෂ හරහා ජහඃපාලන නඩය සමග ගැසූ 'ඩීල්' එක කුමක්ද?

ඒ 'ඩීල්' එක කවරක් වුවත්, 19 යෙන් රාජපක්‍ෂලාට ලැබෙන්නට නියමිත දේ විමසා බලමු.
  1. 91 වන ව්‍යවස්ථාව: මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසුකම් යටතේ "වෙනත් රටක පුරවැසියෙකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු" ඇතුල් කිරීම.
  2. 92 වන ව්‍යවස්ථාව: ජනාධිපති ධුරයට නුසුදුසුකම් යටතේ "වයස අවුරුදු 30" වෙනුවට '35' ආදේශ කිරීම.
  3. 92 වන ව්‍යවස්ථාව: ජනාධිපති ධුරයට නුසුදුසුකම් යටතේ "ඔහු ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කොටගෙන ඇත්නම්" යන්න නැවත ඇතුල් කිරීම.
ඉහත සඳහන් කෙරුණේ අප මෙතෙක් දුටු කරුණු අනුව රාජපක්‍ෂලාට ලැබෙන්නට නියමිත දේ ය. එහෙත් අපට වඩා දේශපාලන පරිණත බවක් ඇති මහින්ද රාජපක්‍ෂත්, බැසිල් රාජපක්‍ෂත්, එසේම අගමැති රනිල් වික්‍රමසිංහත් මීට වඩා දේ දන්නා බව ස්ථිරය. අපේ කරුමෙට, ඒ අය බ්ලොග් ලියන්නේ නැත.

1. වෙනත් රටක පුරවැසියෙකු මන්ත්‍රී ධුරයකට නුසුදුසු වීම

මෙය රාජපක්‍ෂලා යටතේම සිදු විය යුතුව තිබූ යහපත් සංශෝධනයකි. අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුව 'වක්‍රාකාරයෙන්' මංකොල්ල කෑවා සේ මහජනතාවගේ පරමාධිපත්‍ය බලය පිටරැටියන්ට මංකොල්ල කෑමට තිබුණු ඉඩක් අහුරා දැමීම මෙමගින් සිදු වේ. විශේෂයෙන් කුමාර් ගුණරත්නම් වැනි විදෙස් ඔත්තු සේවා ඒජන්තයින් ලෙස කටයුතු කරන හිටපු කැරලිකාරයින්, ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් කටයුතු කරන විදෙස්ගත දේශද්‍රෝහීන් සහ නොයෙක් පන්නයේ විදෙස් ඒජන්තයින් මෙරට පාලන තන්ත්‍රය, රාජ්‍ය ප්‍රතිපත්ති පාලනය අතට ගැනීමට ඉඩ තිබිණි. එහෙත්...

අප නිවැරදිව නොදනිතත්, බැසිල් රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ ඇමරිකානු පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකා පුරවැසියන් වේ. එසේනම් මේ සංශෝධනයේ අරමුණ පැහැදිළි ය. රාජපක්‍ෂලාගේ මන්ත්‍රී ධුර දෙකක් 19 වන සංශෝධනය විසින් උදුරාගෙන ඇත. රාජපක්‍ෂලා ඇමරිකානු පුරවැසිභාවය අත් හැරීමට සූදානම්ද?

2. ජනාධිපති ධුරයට අවම වයස 35 ලෙස නිර්ණය කිරීම

මේ මහින්ද රාජපක්‍ෂට ඇඹරූ ගුලියක් නොවේ --- මේ ගැටය දමා ඇත්තේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන ඊළඟ ජනාධිපතිවරණයට නාමල් රාජපක්‍ෂ (උපත: 1986-අප්‍රේල්-10) ඉදිරිපත් වීම වළක්වා ගැනීමට ය. පම්පෝරි ගසන මහින්ද පිළ මෙය සංශෝධනය කර ගැනීමට අසමත් විණි නම් හිරිමල් රාජපක්‍ෂත් මනාපය දී ඇත්තේ අවුරුදු 12 දක්වා දීර්ඝ විය හැකි වික්‍රමසිංහ පාලනයකට බව කාට නැතත් අපටනම් පැහැදිළිය. වයස 70 ත් ඉක්මවා ගොස් ජනාධිපති ධුරය ගත් ජයවර්ධන තෙමේ (උපත: 1906) කිසි අතුරු ආන්තරාවක් නැතිව වයස 80 ඉක්මවන තුරු එය දැරී නම් වික්‍රමසිංහට නොහැකි වීමට හේතුවක් නැත.

3. ඔහු ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කොටගෙන ඇත්නම් ජනාධිපති ධුරයට නුසුදුසු වන්නේය

සැමටම ඉතා පැහැදිළිව පෙනෙන අයුරින්ම මහින්ද රාජපක්‍ෂ නැවත ජනාධිපති ධුරයට පත් වීම අවහිර කරයි. ව්‍යවස්ථාවේ 'ඔහු' යන්න යෙදෙන තැන්හි අදාළ වන පරිදි 'ඇය' යන්නත් යෙදිය හැකිය යන උපකල්පනය මත චන්ද්‍රිකා කුමාරතුංග තරඟයෙන් ඉවත් කිරීමටත් මෙය භාවිතා කළ හැක. මන්ත්‍රී ධුරයකට පත් වීම පිණිස විදෙස් පුරවැසි කම සම්බන්ධ කළ නිසා බැසිල් හා ගෝඨාභයත් තවදුරටත් තරඟකරුවන් වන්නේ නැත. වයස් සීමාව 35 කළ බැවින් නාමල් රාජපක්‍ෂත් තරඟයෙන් ඉවත් ය. මේ අනුව තව අවුරුදු පහකින් එළැඹෙන ජනාධිපතිවරණයේ දී වික්‍රමසිංහට අභියෝගයක් වෙතොත් ඒ රුවන් විජේවර්ධනගෙන්ම පමණි.


ඉහත කරුණු කිහිපය පමණක් සළකා බැලීමෙන් වුව අපට තීරණය කළ හැක්කේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්‍ෂලා දේශපාලන බිමෙන් ඉවත් කිරීමේ ජෝන් කෙරීලාගේ අභිප්‍රාය (නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ හොඳමිනිහා මහතාගේ මේ සම්බන්ධ ලිපිය කියවන්න) ඉෂ්ඨ කිරීම පිණිස ගෙනා යෝජනාවක් බවත්, ඒ අභිප්‍රාය ඔවුන් ඒ අයුරින්ම ඉටු කරගෙන ඇති බවත් ය.

දැන් මේ ගැන විමල් විරවංශලාට පම්පෝරි ගැසීමට දෙයක් නැත. විරවංශලා අපට නොකීවාට ඇත්ත කතාව නම් නිදහස් පක්‍ෂ නායකත්වය පවරා දුන් දා 'අප්පච්චි' සැබැවින්ම මළ බවත්, විපක්‍ෂ නායක ධුරය දරමින් ඒ පක්‍ෂයේ අයවළුන් ඇමතිකම් පිළිගත් විට මළ අප්පච්චිට පාංශුකූලය දෙනු ලැබුණු බවත්ය. 19 සම්මත කර ගැනීමට අත ඉස්සීම මගින් ඔහුගේ දරුවන් සහ හදාගත් දරුවන් විසින් කරන ලද්දේ මළ 'අප්පච්චි'ට තුංමාසේ දානේත් දී අහවර කිරීමයි. මහින්ද රාජපක්‍ෂ යනු දැන් දේශපාලන මළමිනියකි - නැතිනම් දේශපාලන මළ ප්‍රේතයෙකි. පිළිගන්නට අකමැති මුත් අපට පෙනෙන්නට තිබෙන සත්‍යය එයයි. මෙතැනින් එහාට සෙල්ලම් දමන්නට ආවොත් මහින්ද රාජපක්‍ෂට සිදු වන්නේ බෝතලයක සිර වී මුහුදට විසි වී පාවී පාවී ඉන්නට ය.


පාර්ලිමේන්තුවේ සිංහලයින් ගණන

රාජපක්‍ෂලා වෙනුවෙන් නොව රට, ජාතිය සහ ආගම වෙනුවෙන් මේ මගඩියට විරුද්ධ වීමට කශේරුකාවක් සහිත සිංහලයින් පාර්ලිමේන්තුවේ සිටියේ එක් පුද්ගලයෙක් පමණි. ඒ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මන්ත්‍රී තුමාය. පනතට එරෙහි වීම නිසා නොව ඊට පෙර එතුමාගේ ක්‍රියා මාර්ග හේතුවෙන් ජාතික වීරවරයෙක් බවට පත්ව සිටින වීරසේකර මන්ත්‍රීතුමා නිවට කම වෙනුවට වීර කම තෝරා ගත්තේ කිසිම වාසියක් නැතිවය. බොහෝ විට එතුමාට මීළඟ මැතිවරණයේ දී චන්ද්‍රිකා ළමා තැනීගේ අදිසි නායකත්වය සහිත සංධානයෙන් නාම යෝජනා නොලැබෙනු ඇත. ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදය එසේය.


තම තීරණයට හේතු දක්වන මන්ත්‍රී සරත් වීරසේකර

19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට එකම එක විශාල සේවයක් කළේය. 225 ආසන ඇති පාර්ලිමේන්තුවේ සිටින සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සොයා ගැනීමට උපකාර කිරීමයි. මේ පාර්ලිමේන්තුවේ සිංහලයින් සිටින්නේ එකෙකි - අනෙක් උන් සිංහලයින් ලෙස පෙනී සිටින්නෝ ය, නැතිනම් පරයෝ ය. තමන් නියෝජනය කිරීමට එක මන්ත්‍රීවරයෙකුට වඩා පත් කර යැවීමට හැකි තරම් සිංහලයින් ලංකාවේ නැද්ද ? නැතිනම් සිංහලයින් 70% සිටිනවාය කියන රටේ පාර්ලිමේන්තුවේ සිංහල නියෝජනය 1-223 (කතානායක තුමා හැරුණු කොට) වීම ප්‍රජාතන්ත්‍රවාදය ද?

මේ තත්වය යටතේ ඊනියා 'ස්වාධීන' සභා වල සිටීමට ඉඩ ඇති සිංහලයින් ගණනත්, ඒ සිංහලයින් විසින් සිංහලයින් ගැන සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගන්නා ක්‍රියා මාර්ග ගැනත් සන්සුන් මනසින් සිතා බැලීමට සිංහලයින්ට කාලයයි.

දෙමළු දෙමළුන් පිළිබඳව සිතති; මේ ලෝකේ නැති (නැති නිසාම?) දෙමළ ජාතියක් සහ දෙමළ රටක් තනා ගැනීම වෙනුවෙන් සවිඥානිකව කටයුතු කෙරෙති. ඉස්ලාමිකයෝ තමන් කුමන වර්ගයට අයත් වුවත් පය ගසා සිටින බිම ඉස්ලාම් කිරීමට සවිඥානිකව කටයුතු කෙරෙති. සිංහලයෝ පමණක් මේ ලෝකයේ කිසිවෙක් විසින්වත් නොරැකෙන ඊනියා යහපාලනයක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කටයුතු කෙරෙති. තමාගේ දෙයක්නම් ඒත් කමක් නැත - ඒවාත් අනුන්ගේ.

ප්‍රජාතන්තවාදය රැකී සිංහලයන් වඳ වී ගියාට කමක් නැද්ද ?


41 comments:

  1. හොඳ ලිපියක් . යකාගේ අඩවියන් තමා යොමු වුනේ.

    ReplyDelete
  2. Replies
    1. හැබෑට !
      (නයා ගැරඬියා කරගෙන පක්‍ෂයි කියන්නද ඔයා කියන්නේ?)

      Delete
    2. රසිකොලොජිස්ට් ට අත් පේන්න බෑ.. උගේ නියම නම ර-සයිකොලොජිස්ට්

      Delete
  3. සිංහලයන් මේකෙන් වඳවී යන්නේ කොහොමද කියලත් ලිව්වොත් අපටත් දැන ගන්න ?

    ReplyDelete
    Replies
    1. ඉතාම කෙටියෙන්:

      "ජාතියක් ලෙස" සිංහලයන් (පමණක් නොවේ) වඳ වී යා හැක්කේ ක්‍රම දෙකකිනි.
      1. අසිංහලයන් බවට පත් වීමෙන්.
      2. ජාතියක් ලෙස ඇති උරුමය අහිමි වීමෙන්.

      ජාතිය සහ ජාතිවාදය යන දෙතිස් කතාවේ ලිපි දෙක මේ පිළිබඳ අපගේ අදහස යම් තාක් දුරට ඉදිරිපත් කරන මුත් ඔබේ පැනයට පිළිතුර ලෙස කෙටියෙන් ඉදිරිපත් කළේ අනාගතයේ ලිවීමට සිතා සිටින මාතෘකාවක සංක්ෂිප්තයයි.

      Delete
    2. ඇයි මහත්තයෝ... ඔබතුමා එකෙක් දෙකෙක් හැදුවම ඒ ජාතිය කියල හිතුවද?

      Delete
  4. මටත් ගොඩ වෙන්න ලැබුණේ යකාගෙ අඩවියේ යකා නටන්න ගිය හින්දයි.

    ReplyDelete
    Replies
    1. හොඳයි, ඇත්තෙම්ම හොඳයි.
      යකාගේ අඩවිය නම් මං දෑහින් දැකල නෑ (හරි පාඩුවක්). ඒත් ඔබ තුමීගේ විචාර නම් තරමක් දුරට බැලුවා.

      Delete
    2. යකාගේ අඩවියේ හක්කලං කොලා...

      Delete
    3. මොකක්ද ඔය කියන යකාගෙ අඩවිය?

      Delete
    4. උඹ බබා !! හික් !!!

      යකාගේ අඩවිය ( සියල්ල ප්‍රශ්න කරන විමසන මණ්ඩපය )
      http://yakaageadaviya.blogspot.com


      යකාගේ අඩවිය යනු,
      ආශිර්වාද කර කර...
      පිරිසක් සමග මෙහි 'කඩා වැදුණු',
      මධ්‍යස්ථ මතධාරියා
      අඩව් අල්ලන ඉසව්වයි.

      අයියෝ සල්ලි !

      Delete
    5. ජොසෙෆ්,
      ඔබට ස්තූතියි.

      Delete
    6. මේ උත්තරය දුන්නේ ජෝසප් ම නිසා කමක් නැහැ.
      මොකද මම බ්ලොග් සමග ගනුදෙනු කළ පුදගලයෙකු නොවන නිසා හා මාව කණිෂකයන්ට හඳුන්වා දෙමින් බ්ලොග් ඇසුරට මග පාදා දුන්නේ ජෝසප් විසින්ම නිසා.
      හැබැයි ඉතින් බබා නෙවෙයි මොක කිව්වත් කට කෑවත් නොදන්න දේ දන්නේ නැහැ කියන්න මේ සිතුවිලි ඇඹරෙන්නේත් නැහැ.

      Delete
    7. හික් !
      යාළු කමටනේ එහෙම කියන්නේ යාළූ.
      (මම LcN එකේ මිනිස්සුන්ට කතා කරන විදියට ඒ මිනිස්සු මාව මරාගෙන මාළුත් කාල තියෙන්න ඕනේ හරිනම්. එහෙම වෙන්නේ නෑනේ.)

      Delete
    8. ඒ අතට අහුවෙන මානෙක නැති නිසා.
      එහෙම නැතිව උන්ගේ තියෙන යහපත් කමකට නම් නෙවෙයි.

      හැබැයි අර යසකයටනම් මාව අහූනොත් මට වෙන්නේත් ඒ ටිකම තමයි.
      අනික ඒඋත්තමයා මගේ පාසලේම කෙනෙක් නිසා මගේ ඇත්ත නම හෙලි උනොත් එදාට උන්දෑ මාව හොයා ගන්නවාමයි.

      අනික් අතට ඉතින් බබා කිව්වහම මොකද ඔබතුමා මට බොලොග් වල ඇවිදින හැටි මුල ඉඳලම කියල දුන්නු එකේ දැනුත් ඉතින් යකාගේ අඩවියට පාර පෙන්නුවනේ.
      මම එහෙ ගිහින් බැළුවා ඇත්තටම කියවන්න හිතෙන හොඳ ලිපි එකතුවක් තියෙනවා. අඩංගු දේ වලටනම් සම්පූර්ණ එකඟ තාවයක් නැති වුනත් කියවන්න ආස හිතෙන ලිපි එකතුවක් තියෙනවා.

      Delete
  5. මා ඔබට ප්‍රචාරයක් ලබා දුන්නේ ඔබ අදහස් ඉදිරිපත් කරන ශෛලියේ ඇති අපූර්වත්වය නිසයි. එනිසා මම ඔබගේ සමාගමය ප්‍රිය කරමි. ඔබගේ අදහස් අගය කළත් පිළිගන්නේ මට සත්‍ය යැයි වැටහෙන ඒවා පමණි.
    එහෙත් හැම අදහසකම අපූර්වත්වය ඇත.
    අපගේ බ්ලොග් ගම්මානයේ ඔබ හොද අසල්වැසියෙකි.
    අප කිහිප දෙනෙක් මෙලෙස ඔබගේ දොරට තට්ටුකර දොර ඇරවා ගෙන ඔබ හා කතා බහ කරන්නේ ඔබගේ සුහදත්වය අපේක්ෂාවෙනි.
    අප කතිකා වී ආවා කියා වරදවා නොසිතන්න. රසික ලා අජිත් ලා සාරිකා ලා මෙහි ආ බව මම දන්නේ දැන්ය.

    මිතුර මෙසේ හුදකලාව නොසිටින්න. ගෙතුලටම වී නොසිටින්න. ගමේ මිනිසුන් ඇසුරු කරන්න

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියාණෙනි,

      මේ ඔබේ පළමු ප්‍රතිචාරය නොවන බව මතකයේ ඇත.

      ඔබ විසින් දෙතිස් කතාව වෙත ප්‍රචාරයක් ලබා දීම පිළිබඳව ස්තූතිය පුද කරමි. ඔබගේ blog ගම්මානයේ හොඳ අසල්වැසියෙක් ලෙස කළ හැඳින්වීම පිළිබඳව ඊට වඩා තුති පුදමි.

      අප හුදෙකලා බව ඇත්තකි. ඒ පෙර කල පටන් එන පුරුද්දකි. පෞද්ගලික පුරුදු වලින් කොතැනක ගියත් ගැලවීමක් නැති බව පෙනේ.

      මෙතෙක් කල් අපට ප්‍රචාරයක් ලැබුණේ බොහෝ කොටම මිතුරු ජොසෙෆ් හා සිතුවිළි වෙතිනි. ඒ දෙදෙනා වසර තුනකට ආසන්න කාලයක් අප හා රැඳුනු පැරණිම මිතුරන්ය. ඒ හැරුණු කොට තව කිහිප දෙනෙක් පසුකාලීනව පැමිණ සංවාද වලට එක් වූවත් මෑත කාලීන ලිපි බොහෝමයක සංවාද දුර්වල වී ඇති බව පෙනේ. ඒ අරුතින් ඔබ විසින් පිරිසක් සමග මෙහි 'කඩා වැදීම' ආශිර්වාදයක් කොට දකිමි.

      හැකි අයුරින් සංවාද වලට සහභාගී වීමට කැමැත්තේ වී නමුත් (බොහෝ කොටම ලංකා සී නිවුස් හි) සංවාද කිරීමට යෑමෙන් ලබා ගත් අත්දැකීම වන්නේ අප ඉතාම දුර්වල සංවාදකාරයෙක් බවයි. ඒ නිසා ඒ ගැන ප්‍රවේසම් වෙමි.

      කාල වේලා ලැබෙන'යුරින් ඔබලාගේ blog වල සැරි සරන්නම්.

      Delete
  6. //ඊනියා යහපාලනයක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කටයුතු කෙරෙති. තමාගේ දෙයක්නම් ඒත් කමක් නැත - ඒවාත් අනුන්ගේ.//

    වෙස්ට්මිනිස්ටර් ක්‍රමය හෝ ඇමරිකන් + ප්‍රංශ + JR ජනාධිපති ක්‍රමය සහ දේශපාලන ක්‍රමය බොහෝ දුරට ග්‍රීක ආභාෂය ලැබූ බටහිර සංස්කෘතියෙන් ආබව ඇත්ත. එහෙත් යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම බෞද්ධ සංකල්පවලටත් කිට්ටුයි නේද?ඉන්දියාවෙත් එකකාලයක තිබුනා නේද?

    //ප්‍රජාතන්තවාදය රැකී සිංහලයන් වඳ වී ගියාට කමක් නැද්ද ? //

    සිංහලයන් ජාතියක් වශයෙන් බෝවී රැකුනත් රටේ දේශපාලන ක්‍රමය ඉතාම නරක වුවහොත් අපිට සෑහීමකට පත්විය හැකිද?
    හිතළුවක් ලෙස ඉතා දරදඬු ආඥාදායකත්වයක් යටතේ ජීවත් වී බෝවීමට අවශ්‍ය ප්‍රමාණයට අවම ආර්ථික මට්ටමකුත්, පාලකයින් කිහිපදෙනෙකු හැර අනෙකුත් ජනතාවට යන්තම් කාලා බීලා ලමයි හදලා ජාතික උත්සව කරල පංසල් ගිහින් (අවශ්‍යනම් අනිකුත් ජාතීන්ට වඩා සිංහලයින්ට ප්‍රමුඛ ස්ථානයක් දී ) සිටීම හැර වෙනත් අයිතීන් නැති රටක් වුනොත් එහි සිංහල ජාතිය රැකී තිබීම වැදගත්ද?

    ඔබ කීමට තැත් කල දෙය මට වැටහෙනවා. මං ඔය කිව්ව එකත් එක් අන්තයක් පෙන්වීම මිසක් ප්‍රායෝගික සිනාරියෝ එකක් නොවිය හැකියි. මං කියන්න ගියේ යහ පාලනයක් ( මෙය යහපත් පාලනය අර්ථයෙන් මිස සිරිසේන/වික්‍රමස්ංහ ස්ලෝගන් එක නොවන බව සලකන්න ) නොමැති රටක ජාතියක් රැකුනාට පමණක් පලක් ඇද්ද විතරයි.

    දෙමලුන් වුවත් ප්‍රභාකරන් යුද්ධය දිනා ඔවුන්ට වෙනම රටක් ලබාදුන්නේනම් ඔහුගේ ක්රූර ආඥාදායකත්වයක් යටතේ දිගටම ඉඳීද දෙමල ජාතිය රැකෙයි කියා? එහෙම නැත්නම් යහපාලනයක් ඉල්ලයිද?

    ලොකයේ මුස්ලිම් වරුන්ගෙන්නම් සෑහෙන ගණනක් ඔය යහපාලන ප්‍රජාතන්ත්‍ර මොනවත් ඕනෑ නෑ ආගම බෝකර රැකගෙන අනිත් එවුන් විනාස කරගෙන හෝ උනුත් මුස්ලිම් කරගෙන හිටියාම ඇතියි සිතා ආගම මුල්කරගත් පාලන ක්‍රම යටතේ සිටී.

    අපිත් අපේ ජාතිය (සහ/හෝ ආගම ) පමණක් මුල්කරගත් ක්‍රමයක් ඇත්නම් යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය නැතිවුනත් කමක් නෑ කියල හිතන එක හොඳද?

    සැ යු. මෙය ඔබේ දේශපාලන මතයට පහර ගැසීමක් නොව ඔබේ ලිවීම රටාව අගය කරමින් කියවා ඔබගේ මතවාදය තේරුම් ගැනීමටකල ප්‍රශ්න කිරීමකි.

    ReplyDelete
    Replies
    1. [යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම බෞද්ධ සංකල්පවලටත් කිට්ටුයි නේද?ඉන්දියාවෙත් එකකාලයක තිබුනා නේද?]

      කෙටි පිළිතුර: නෑ, නෑ.

      දිග පිළිතුර: දිග වැඩියි ලියන්න බෑ.

      දිග පිළිතුර කෙටියෙන්:
      1. යහපාලනය කියා දෙයක් නැත.
      2. යහපාලනය යනු good governance යන්න වෙනුවට සිංහලෙන් කීම පිණිස තනා ගත් අපබ්‍රංශයකි - මෙය යථා කාලයේ සිංහලයට එකතු වනු ඇත - එහෙත් බොහෝ දුරට කුණුහරුපයක් වශයෙන් වීමට ඉඩ ඇත.
      3. good governance යනු කෙටියෙන් කිවහොත් එක එකාට වැඩ බාර දී අනික් උන් ඔත්තු බැලීමටත් අච්චු කිරීමටත් බලතල දී පත් කිරීමයි. මෙහි ඔබට අපට නොපෙනෙන දෙවියන් වහන්සේ කෙනෙකුගේ සේයාවක් වෙයි.
      4. දෙවියන් වහන්සේ සියල්ල දකී, සියල්ල අසයි. සියල්ල විනිශ්චය කරයි. අවසන් විනිශ්චය උන් වහන්සේගේ වේ. එයට අභියාචනා ඉදිරිපත් කළ නොහැක.
      5. මේ ක්‍රමය යුදෙව්/ක්‍රිස්තියානි හා ඉස්ලාම් මූලධර්ම වලට නම් කිට්ටු ය. අද ඉන්දියාව ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ පරංගි ආක්‍රමණයෙන් පසු මෙවැනි අදහස් ව්‍යාප්ත විය. බෞද්ධ කමක සේයාවක්වත් මෙහි නැත.

      Delete
    2. [සිංහලයන් ජාතියක් වශයෙන් බෝවී රැකුනත් රටේ දේශපාලන ක්‍රමය ඉතාම නරක වුවහොත් අපිට සෑහීමකට පත්විය හැකිද?]

      පළමුව කිව යුත්තේ ජාතිය රැකීම යනු පැටව් ගැසීම නොවන බවයි. ජාතිය රැකීම යනු කෙටියෙන්ම කිවහොත් ජාතික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමයි. දේශපාලන ක්‍රමය යහපත් වීම ජාතික අභිලාෂයෙන් වියෝ වූ දෙයක් නොවේ.

      දැන් ඔබේ 'හිතළුව' වෙතට එමු.

      එහි 'වෙනත් අයිතීන්' යනුවෙන් ඔබ හඳුන්වන්නේ කුමක්දැයි අපට පැහැදිළි නැත. ඇත්ත වශයෙන් අප විශ්වාස කරන්නේ එකිනෙකාට අයිතීන් පිරිනමන සමාජයක් නොව එකිනෙකාගේ යුතුකම් පදනම් කරගෙන ගොඩ නැගෙන සමාජයකි.

      අයිතීන් ඇති විට ඊට සීමා පැනවීම අත්‍යවශ්‍ය වෙයි - නැතහොත් අන්‍යයන්ගේ අයිතිය උල්ලංඝනය විය හැකි බැවිණි. මෙය ගැටුම් වලට තුඩු දෙයි. අනෙක් අතින්, යුතුකම් සහ වගකීම් මත ගොඩනැගෙන සමාජයක ඒවා ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයා සමාජය විසින් බැහැර කෙරෙයි. බටහිර නොවන, බටහිර විසින් ශිෂ්ඨාචාර ලෙස හඳුනා නොගත් බොහෝ සමාජක්‍රම මෙවැනි වටිනාකම් වලින් යුක්ත වූ බව බටහිරයන්ම කියන දෑ වලින් පෙනේ.

      Delete
    3. [අපිත් අපේ ජාතිය (සහ/හෝ ආගම ) පමණක් මුල්කරගත් ක්‍රමයක් ඇත්නම් යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය නැතිවුනත් කමක් නෑ කියල හිතන එක හොඳද?]

      මෙහි වචන වලින් ඔබ අදහස් කරන දේම අප අදහස් නොකරන බව පෙනේ.

      ඔබ අදහස් කරන අරුත ගතහොත් නම්, ඉස්ලාම් මූලධර්මවාදී සවුදි ආණ්ඩුව සහ ක්‍රිස්තියානි මූලධර්මවාදී නොර්වේ ආණ්ඩුව වැනි තැනක අපේ රටේ ආණ්ඩුව තිබෙනු දැකීමට අපේ කැමැත්තක් නැත. (සවුදියේ කතා කළ හැකි මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත - නොර්වේ රටේ සීමා කෙරුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත, සීමාව කෙතරම් දැඩිද සහ අදෘශ්‍ය ද කිවහොත් එරට පුරවැසියන් එහි සීමාවවත් නොදනී)

      මා එය පසෙක තබා ඔබෙන් එකම එක ප්‍රශ්නයක් අසන්නම්:
      යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ඔබට අවශ්‍ය ඇත්ත වශයෙන්ම කුමක් පිණිසද?
      මීට ඔබ දෙන පිළිතුර තුල ඔබ අපෙන් විමසන ප්‍රශ්නයට පිළිතුර ඇත.
      ---------

      මිතුර Pra Jay,
      ඔබ දෙතිස් කතාවට සාදරයෙන් පිළිගන්නා අතර ඔබ හා සංවාදය සතුටක් බව ද පවසා සිටිමි.

      Delete
    4. ඇත්තෙන්ම ඔබේ අදහස් හා මතයන් මගේ මතයන්ට වඩා වෙනස්ය. දිගට ලිවීමට බැරි නිසා කෙටියෙන් කියමි.

      1. රාජා භවතු ධම්මිකෝ = යහ පාලනයට (ප්‍රජාතන්ත්‍රවාදය නොව යහපත් පාලනය පමණී
      2. ක්‍රිස්තියානි ඉගැන්වීම් වල සමහර දේ යහ පාලනයට උදව් විය හැකි නමුදු ඒවා ආඥාදායකත්වය සාධාරණීකරනය මෙන්ම මිනිසුන් යටපත් කර ගැනීමටත් ඉතිහාසයේ යොදාගෙන ඇත. බුදු දහමේ කර්මයද ඔය උඹලගෙ කරුමෙ තමයි ලෙස යොදාගත් මෙන්

      3.පරංගි ආක්‍රමණයෙන් ඉන්දියාවේ ඔය අදහස් යහ පාලනය / ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්තවීයේ යයි ඔබ කියනවාද? (not clear to me ) ඒ පරංගි = Ferengi= Foreigner ලෙස නම් ඉන්ග්‍රීසින් ගේ ක්‍රමය එලෙස වූයේ යයි පිලිගත හැක. නමුත් පෘතුගීසින්ගෙන් නම් එහෙම බලපෑමක් වූයේ නැත.


      4 //යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ඔබට අවශ්‍ය ඇත්ත වශයෙන්ම කුමක් පිණිසද?//
      එයට ඇත්තේ සරල පිලිතුරකි. මට පුද්ගලිකව පෙරදිග/ අපරදිග, අපේ / ඔවුන්ගේ කියා වෙනසක් නැත. මා දන්නා දැනට ලෝකයේ තිබෙන පාලන ක්‍රමවලින් මා කැමති බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට හා පුද්ගලික අයිතීන් සුරකින ක්‍රමවලටය. ඒවායේ අඩුපාඩු එමට ඇතත් අන් රටවල තිබෙන් ක්‍රමවලට වඩා ඒවාට මම පුද්ගලිකව ප්‍රියකරමි. මගේ ජාතියට ආගමට භූගෝලීය කලාපයට ඒවා ආගන්තුක වුවද, නොවුවද බුද්ධාගමෙන්/ යුදෙව් ආගමෙන් / ක්‍රිස්තියානියෙන් හෝ මොකකින් ආභාශය ගත් ඒවා වුවද ඒ පිලිබඳව මට පෙනෙන්නෙ මිනිස් ජාතියට අයත්වූවෙක්ට අඩුවෙන්ම නරක ක්‍රමයන් ලෙසය

      Delete
    5. ඔබ යහපාලනය දෙකට කඩා ලියයි. එය දුටුවේ දැන්.

      1,2. "රාජා භවතු ධම්මිකෝ" යනුවෙන් "යහ" පාලනයට පෞද්ගලික අර්ථ ගැන්වීමක් කරගෙන එය ප්‍රජාතන්ත්‍රවාදය නොව යහපත් පාලනය පමණී කියා විස්තර කර දීමේ බාධාවක් නැත. එහෙත් දෙකට නොකඩා ලියන යහපාලනය™ සමග අනෙක් අය එය පටළවා ගැනීමේ ඉඩ ඉතා වැඩිය.

      3,4 සහ 5 ලෙස අප කී දේ ඔබ වටහාගෙන ඇති බවක් පෙනෙන්නේ නැත. නැතිනම් ඔබම අර්ථ දක්වා ගන්නා "යහ" පාලනය සහ සාධාරණ සමාජ කාරයින්ගේ "යහපාලනය" ඔබම තැන් තැන්හි පටළවා ගන්නා අයුරක් පෙනේ.

      අප අපේ පිළිතුර ගොනු කරනු ලැබුවේ ඔබේ අර්ථ දැක්වීම ඉලක්ක කරගෙන නොව ප්‍රසිද්ධ අර්ථ දැක්වීම ඉලක්ක කරගෙන වේ. අපේ විවේචනය ඔබේ අර්ථ දැක්වීමට නොපෑහේ.

      අනෙක් අතින් ඔබ "යහ" පාලනය යනුවෙන් අදහස් කරන දේ ප්‍රමාණවත් අයුරින් විස්තර කර නැති නිසා ඒ පිළිබඳ විවේචනයක් කිරීමද උගහටය.

      Delete
    6. ප්‍ර: යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ඔබට අවශ්‍ය ඇත්ත වශයෙන්ම කුමක් පිණිසද?
      පි: මා කැමති බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට හා පුද්ගලික අයිතීන් සුරකින ක්‍රමවලටය

      ඊළඟ ප්‍රශ්නය: "බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට හා පුද්ගලික අයිතීන් සුරකින ක්‍රම" යනුවෙන් ඔබ විසින් හඳුනා ගැනෙන දේ සැබැවින් පවත්නා බිමක් මේ මිහිපිට තිබේද?

      ඔබ තැනක් නම් කළත් නැතත්, ඒ ලංකාව නොවන නිසා එය එතරම් වැදගත් නොවේ. අපට වඩා වැදගත් වන්නේ එහි එන පරස්පරයි.

      පෞද්ගලික අයිතියට වඩා ඉහළින් ජාතික අභිලාශ තිබිය යුතු බව අපගේ ඇදහිල්ල වේ. බොහෝ රටවල, අපට ඊනියා යහපාලනයක් අළෙවි කරන්නට තැත් කරන එක්සත් ජනපද වල පවා ජාතික අභිලාශ වඩා ඉහළින් සැළකේ. ඒ අය එසේ කරන ගමන් අපට එසේ නොකිරීමට උපදෙස් දීම සහාසික කමක් මිස පරස්පරයක් නොවේ.

      හොඳයි, මෙසේ සිතන්න. ඔබ පෞද්ගලික අයිතියේ සුරක්‍ෂිත බව අගය කරයි. එවැනි සමාජයක් තනා ගැනීමට උත්සාහ කරයි - ඒ වෙනුවෙන් කටයුතු කරයි. එසේ කටයුතු කිරීමට ඔබට අයිතියක් ඇතැයි සිතයි.

      ඒ අයිතියම ඔබ සේ නොසිතන කෙනෙකුටත් තිබිය යුතු බව ඔබ පිළිගන්නා බව මෙයින් ගම්‍ය වේ. ඔබ පෞද්ගලික අයිතිය ගරු කරන බැවිණි.

      දැන් ඔබ ඔබ බලාපොරොත්තු වන සමාජය මෙහි සාදා ගතහොත් අනෙකාගේ අයිතිය උල්ලංඝනය වන බව ඔබට පෙනෙන්නේ නැද්ද? අනෙකාගේ අයිතිය සිඳ ඔබේ අයිතිය හිමි කර ගතහොත් ඔබ විසින් තනා ගත් සමාජය සහ දේශපාලන ක්‍රමය පෞද්ගලික අයිතිය රකින එකක් බව සහතික දෙන්නේ කෙසේද? ඔබ තනාගෙන තිබෙන්නේ ඇත්ත වශයෙන්ම පෞද්ගලික අයිතිය රැකෙන තැනක් ද නැතිනම් ඔබගේ පමණක් අයිතියක් රැකෙන තැනක් ද?

      මෙන්න මෙයයි විසංවාදය - පරස්පරය.

      Delete
    7. පෞද්ගලික අයිතිය නිරපේක්ෂව රැකෙන ක්‍රමයක් ලෝකයේ කිසි තැනක ප්‍රයෝගිකව නැත. එහෙත් එසේ ඇතැයි කියා සිතීමට අපට උගන්වනු ලැබේ. අවසන් ප්‍රතිඵලය එසේ උගන්වන අයගේ අභිලාශ සුරැකෙන ක්‍රමයක් ! (දෙවියන් වහන්සේය කියා ඉහත අංක 4 හි අප විසින් අදහස් කරන්නට යෙදුණේ මෙන්න මේ අදෘශ්‍යමාන බලවේගය මිස ආගමක් නොවේ)

      අපට අවශ්‍ය අපේ අභිලාශ රැකෙන ක්‍රමයක් මිස පරයින්ගේ අභිලාශ රැකෙන ක්‍රමයක් නොවේ. පෞද්ගලික අයිතිය රැකිය යුතු වන්නේ ජාතික අභිලාශ රැකුණු පසුව ය.

      මෙහි ජාතිය යනු ජම්මය නොවේ, nation යන්නෙහි සිංහල පාරිභාෂික පදයයි. ජාතිය යන්නට ජනවර්ගය, ජනයා, භුමිය සහ එහි සම්පත් හි අයිතිය, රාජ්‍යය සහ පාලන ක්‍රමය, ජාතික ගුණාංග සහ වටිනාකම් යනාදී බොහෝ දේ අඩංගු වේ.

      පරයින්ගේ (විදේශිකයින්ගේ) අභිලාශ පිළිබඳ වෙහෙසෙන ආණ්ඩුවක් අපි චන්දය දී පත් කර ගත යුතු නැත - එවැනි ආණ්ඩුවක් අවශ්‍ය අය 1818 කළ ලෙස සමූලඝාතනයක් කර එවැනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීම මැනවි. හැරත්, අපි බය වෙන්නේ මොකටද - අපිට දැන් පිල්ඩ් මාෂල් කෙනෙකුත් ඉන්නවා.

      Delete
    8. මෙය නිමක් නොවන වාදයක් විය හැකි නිසා එක පොයින්ට් එකකට පමනක් කතාකර මා නවතින්නම්. මා මින් පසුව මේ ගැන කියන්නේ නැතිනිසා සංවාදය ගැන නොසිතා මේ කියන එකේ සත්‍යාසත්වබව ගැන හිතා බලන මෙන් ඔබට ආරාධනය කර සිටිමි.

      //පෞද්ගලික අයිතිය නිරපේක්ෂව රැකෙන ක්‍රමයක් ලෝකයේ කිසි තැනක ප්‍රයෝගිකව නැත//
      ඔබ 100% නිවැරදිය. මා එසේ තැනක් හෝ ක්‍රමයක් ඇතිවෙතැයි සිතන්නේද නැත. වෙන එකක් තියා පයනියර් ස්පිරිට් එකෙන් පුද්ගලික අයිතිවාසිකම් ගැන සෑහෙන්න සිතා සෑදූ ව්‍යවස්තාවක් ඇති ඇමරිකාවේද පුද්ගලික අයිතිවාසීකම් රටේ හා රජයේ හා සමාජයේ යහපහ, ආරක්ශාවට තර්ජනයක් වේයයි සිතනවිට FBI විසින් කඩා වැද සමූලඝාතනයන් සිදුකල අවස්තා ඇත.
      එහෙත් ඇමරිකාවේ කරන්නේ හෝ කරන්නට තැත්කරන්නේ ප්‍රතිපත්තියක් වශයෙන් උපරිමයෙන් පුද්ගලික අයිතීන් සුරැකීමටය. උපරිමය යනු 100 % නොවේ. ප්‍රායෝගිකව යෙදීමේදී පාට, ප්‍රදේශය, මුදල්මය හැකියාව ආදීන් නිසා අසාධාරණද වේ. එහෙත් ප්‍රතිපත්තියක් වශයෙන් රටට ලොකු හානියක් නොවී පුද්ගල අයිතිවාසීකම්ද උපරිමයෙන් දීම අන්තවාදී කණ්ඩායම් කිහිපයක හැර බහුතර එකඟතාවයයි.
      එය වැදගත්වන්නේ පුද්ගල අයිතිවාසීකම් නොසලකා හැර රටේ ජාතියේ ආගමේ සමාජයේ බහුතර යහපත ගැන කියා කටයුතු කිරීමේ ඇතිවන භයානක තත්වයයි. එය ටික දුරකට හොඳවිය හැක එහෙත් සීමාව්ට ඔබ්බට ගොස් නාට්සි ජර්මනියක තත්වයට යාමේ අන්තරාය හැමවිටම ඇත.
      පුද්ගල අයිතිවාසීකම් අන්තයට යාමෙන් අරාජික වල් බූරු නිදහසක් ලැබීමේ අන්තරාය මෙන්ම බහුතර හොඳ පමණක් සිතීමද ( අන්තිමටම බහුතර හොඳත් තීරනය වෙන්නේ පාලකයන් කණ්ඩායමකින් බවත් සිත්හි තබා ගතයුතුයි ) ඉතා අන්තරාදායකයි.

      බහුතර හොඳට පටන්ගත් එකක් ෆැසිස්ට් හෝ නාට්සි පාලනයකින් කෙලවර වීම නැවැත්වීමට නම් රටේ ආරක්ශාව හා බහුතර සමාජය ගැන ප්‍රමුඛ්තාවය අවශ්ය වෙලාවට දී පුද්ගලික අයිතිවාසිකම්ද සුරැකීම ඉතා කුඩා දේ සිට තිබිය යුතුය
      (සරල උදා. ලවුඩ්ස්පීකර් දාගෙන කරන දන්සැලක් ගැන පැමිණිලිකරන එක් පුද්ගලයෙක් සමාජ, ආගම් විරෝධී ද්‍රෝහියෙක් නොව තම පුද්ගලික අයිතිවාසීකම යොදාගන්නෙක් ලෙස සැලකිය යුතුය.)
      හැමදේටම පිරිසක් ශක්තියක් අවශ්ය නොවී තනියෙනුත් තම අයිතිවාසීමක් රකින්නෙකුට ඒ හැකියාව තිබිය යුතුය. ඒ මන්දයත් හෙට ඒ ඔබ වියහැකි නිසාය. පුද්ගල අයිතිවාසීකම් නොසැලකීම කීපදෙනෙක්ගේ ....පිරිසකගේ ...... සිට අන්තිමටම බහුතරයටම පාලකයින් විසින් කෙලවීම දක්වා යාහැක. බහුතර හොඳට ආ ආඥාදායකත්වයක් පුද්ගලයන් ගැන කතාකරන මට පමණක් අද ගැහුවොත් ටිකකලකින් බහුතරය ගැන කතාකරන ඔබටද ගැසිය හැක.

      ඔය මං කිව්ව එක මලදානයක්වත් සර්ව සම්පූර්ණව බටහිර හෝ ජපානයේ හෝ ඔස්ට්‍රේලියාවේ හෝ ඉන්දියාවේ නෑ. එහෙත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙහි (කොයිතරම් අඩුපාඩු සහිතව වුනත්) අනිකුත් ක්‍රම වලට වඩා තියනව.
      සිංහල බෞද්ධ ආඥාදායකත්වයක් යටතේ ඉන්නවට වඩා අඩුපාඩු සහිත ප්‍රජාතන්ත්‍රවාදී පරයින්ගේ රටක සිටීමට ( work permit එකක් තියනවනම්. Dole එකෙන්නම් අමාරුයි :-D ) මං කැමතියි.

      අනේ කණිෂ්ක මට තවත් නම් ලියන්න බෑ. ඔය මං කියපු එකේ අඩුපාඩු ඇති ( මුහුනට මුහුන කියනව වගේ බෑනෙ ) එනිසා ඒවා නොසලකා කියන්න තැත් කලේ මොකක්ද කියල හිතල බලන්න තරහ නැතුව.
      The end of MY side of this conversation. Thank you.

      Delete
    9. ඔබේ පොහොසත් පිළිතුරට ස්තූතියි.

      ඇත්ත වශයෙන් කියතොත්, "පෞද්ගලික අයිතිය" අප උතුම් කොට නොසැළකුවත්, එය අගය කරමි.

      ඔබ නැවත නොලීවත් කියවන බව දන්නා නිසාත්, ඔබ නොකියෙව්වත් වෙනත් අයගේ කියවීම උදෙසාත් කරුණු කිහිපයක් සඳහන් කිරීමට අවසර.


      පයනියර් ස්පිරිට් එකෙන් පුද්ගලික අයිතිවාසිකම් ගැන සෑහෙන්න සිතා සෑදූ ව්‍යවස්තාවක් ඇති ඇමරිකාවේද ...

      මේ සමග එකඟ නොවෙමි. ඇමරිකාව පෞද්ගලික අයිතිවාසිකම් පිළිබඳ අපට උපදෙස් දුන්නත්, ලෝකෙට පාරම් බෑවත්, එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පෞද්ගලික අයිතිවාසිකම් ගැන සඳහන් වෙතැයි නොසිතමි. අප දන්නා පරිදි එහි සඳහන් වන්නේ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව වේ.

      ඇමරිකානු පුරවැසියන් යනු යුරෝපයෙන් කඩා වැදුණු ආක්‍රමණිකයෝ ය. පුරවැසියන් අයිතිවාසිකම් භුක්ති විඳින්නේ එරට වල ස්වදේශිකයන්ගේ සහ ආනයනික වාලුන්ගේ අයිතිවාසිකම් වල වියදමිනි. ස්වදේශිකයින් වාලුන් සහ යුරෝපීය නොවන සංක්‍රමණිකයන්ට පමණක් නොව කාන්තාවන්ට පවා ඊනියා පුරවැසි අයිතිවාසිකම් ලබා ගැනීම පිණිස අරගල කිරීමට සිදු වූ ඉතිහාසයක් එරට වල තිබේ.

      ඒ නිසා පාරම් බෑමට හොඳ නමුත් අයිතිවාසිකම් ගැන ඇමරිකා එක්සත් ජනපද වල ව්‍යවස්ථාවෙන් ඉගෙන ගනිමු නම් ඉගෙන ගත හැක්කේ අන්‍යයන්ගේ අයිතිවාසිකම් පාගා දැමීම ගැන පමණක් බව කියමි.
      ---------

      හැමදේටම පිරිසක් ශක්තියක් අවශ්ය නොවී තනියෙනුත් තම අයිතිවාසීමක් රකින්නෙකුට ඒ හැකියාව තිබිය යුතුය"

      එසේමය. මේ සමග එකඟ විය හැක. එකඟ වීම සඳහා අවශ්‍යතාවය වන්නේ එම අයිතිවාසිකම පොදු යහපතට සහ ජාතික අභිලාෂයන්ට අහිතකර නොවීම වේ.
      ---------

      සිංහල බෞද්ධ ආඥාදායකත්වයක් යටතේ ඉන්නවට වඩා අඩුපාඩු සහිත ප්‍රජාතන්ත්‍රවාදී පරයින්ගේ රටක සිටීමට මං කැමතියි යන්න පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුව ඇත්තේ අප ඔබේ "පතිරූප දේශය" පිළිබඳ පෞද්ගලික අයිතියට ගරු කරන නිසාය. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් දම් පිරූ බෝසතාණන් වහන්සේත් දීපය-දේශය බලා ඉපදුනානම් අවශේෂ හුදියන් ගැන කවර කතාද...
      ---------

      මෙතෙක් වෙලා අප හා කළ හරවත් සංවාදයට ඔබට තුති.

      Delete
  7. 1. "මහින්දෝදය බොඞ් ගලවා දැම්මත් මා ඉන්නේ මිනිසුන්ගේ හදවතේ" --- ජනපති මහින්ද රාජපක්ෂ මහතා

    2. "සී නිවුස් එකේ කොමෙන්ට් ගලවා දැම්මත් මා ඉන්නේ මිනිසුන්ගේ හදවතේ" --- ජෝසප් ඇන්ටනි මහතා

    මා ඉවත් වූවා නොව විවේක ගත්තා පමණි. මාගේ මේ විවේකය විධායක ජනාධිපතිකම පිණිස නොවන්නේය, හුදෙක් රාජකාරී බහුල වීම නිසාම වන්නේය. හික් !

    දැන් අලුත් ගැන්සියක් බැස ඇති බව පෙනේ - යහපාලනේ යහපාලනේ !!

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ ඔය ඉන්නේ අතුරුදහන් වෙලයි කියපු අපේ ජෝසප් මහත්තයා.
      විවේකේ අහවර කොරලා මහින්ද මහත්තයත් කල එලි බැහැල ඉන්න එකේ දැන් ඉතින් ඔබ තුමත් කල එළියට බැස්සොත් නරකද?
      රාජකාරි බහුල වීම නම් හොඳ දෙයක්, ඒ කියන්නේ සාක්කුවට!

      අළුතින් බැහැල ඉන්න ගැන්සිය නිසා දැන් කතාවල් විවිධාකාර වෙලා ඒ හැම දෙයකම කියවන්න අලුත් දේවල් ඇති වෙලා. ඒක නිසා මම නම් දැන් වැඩිය පණ්ඩිත වෙන්න යන්නේ නැතිව ලියවෙන දේවල් කියවමින් ඉන්නවා.
      නරකදටිකක් වැඩිපුර මේ පැත්තේ ගැවසුනොත්?

      Delete
    2. ඔබ දෙදෙනාම දැකුමින් අප පිං කළ බව හැඟුනි !

      ජොසෙෆ්, අලුත් රස්සාවක් හොයා ගම්මුද ?
      විහිළුවක් කළේ,

      ආශ්‍රයේ හැටියට වෙනස් වීම: මේක මම ගොඩක් විශ්වාස කරන දෙයක්. අලුත් මිත්‍රයෝ ලැබෙනවා කියන්නේ අපිට වෙනස් වෙන්න අවස්ථාවක්. මෙතෙක් නුදුටූ විරූ දේ දකින්නටත් නැසූ විරූ දේ අසන්නටත් අවස්ථාවක්.

      Delete
  8. බ්ලොග්වාසීන් වන අපගේ සමහර අසල්වැසියන් තම සීමාව තුල කොටුවී එම්බල බ්ලොග්කරුව තෙල පෙනෙන බ්ලොග්ලොව පැතලියැ යහපාලනය නම්වූ ස්වර්ගයක් ඇත. එබැවින් ඔහොම සිටුව යි එකිනෙකාට කියමින් එකිනෙකාට තෑගි දෙමින් දවස් හැරියහ.
    එහෙත් යුරෝපයට එහා නවලොවක් සොයාගිය දේශගවේශකයෙකු මෙන් මම ඔවුන්ට ශාස්ත්‍රීය බ්ලොග් හදුන්වාදෙමින් අළුත් ලොවක් පෙන්වා දුන්නෙමි.

    බ්ලොග්කරුවෝ විශ්මයට පත්වූහ. මේ ඥාන සම්භාරය මහත් නියායැ මේ නුදුටු දෑස් වල කම් කිම්දැයි අසමින් සංවාද ශීලී වූහ.

    එය මට සතුටකි.

    ReplyDelete
    Replies
    1. එය සැබෑවකි.

      එහෙත්, නව ලොව යැයි එකී යුරෝපීයයන් විසින් හඳුනා ගනු ලැබූයේ තම තමන් විසින් අමතක කර දැමුණු තමන්ගේම පැරණි ලෝකය බව උහු නොදත්හ. නව ලෝකයේ උරුමක්කරුවෝ සැබැවින්ම යුරෝපීයයන්ට වඩා පැරණි ලොවක ජිවත් වූහ.

      මෝරන තුරු ඉවසා නොසිට නව ලෝකය ලෙස හඳුනා ගත් පැරණි ලෝකය නූතන කරන්නට හෙවත් වින්නඹු කම් කරන්නට ගිය යුරෝපීයයන් අතින් කළලය ගබ්සා විණි.

      නව ලෝකයට එසේ වුවත් blog ලෝකයේ එසේ නොවේය කියා සිතමි.

      Delete
    2. අපූරුයි !
      (ප්‍රකාෂයත් පිළිතුරත් දෙකම )

      Delete
    3. යුරෝපීයයන් ඊනියා 'නව ලෝකය' ට කඩා වැදීම පිළිබඳව මධ්‍යස්ථ මතධාරියාගේ ආස්ථානය දැන ගැනීමට සතුටුයි.

      එය දිගු විස්තරයක් නම් යකාගේ අඩවියේ ලියා link එක මෙහි දමන්න.

      Delete
    4. ජොසෙෆ්ගේ යෝජනාව මම ස්ථිර කරමි.

      Delete
  9. http://seneviruwan.blogspot.com/2015/05/blog-post_1.html

    ReplyDelete
    Replies
    1. සෙනෙවිරුවන් මහතාගේ ලිපි අපද නොවරදවා කියවමු.

      Delete
  10. අදහස් දක්වන මෙන් මට කළ ඇරයුමට තුති.
    යුරෝපීයයන් පෙරදිග ආක්‍රමනය කිරීම ගැන මගේ අවංක අදහස එය ඉතා යහපත් ක්‍රියාවක් බවයි. 1833 ට පෙර අපරට ජනයා ජීවත්වුනේ අර්ධ මනුෂ්‍යයන් ලෙසය. යුරෝපීයයෝ අපද මනුෂ‍යයන් ලෙස උපකල්පනය කර වැඩවසම් රාජ රදල පූජක පීඩනයෙන් අපව මුදා ලූහ. ඒ ගැන අප සුද්දාට කෙළෙහිගුණ දක්වනවා මදිය. 1833 න් ඇරඹුන මෙම ප්‍රගතිශීලී ගමන අතිගරු ඩොනමෝර් සාමි ප්‍රධාන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කාරකයන් අපට සර්වජන ඡන්ද බලය දුන්නේ බන්ඩාරනායක සහ සේනානායක යන දුර්ජනයන්ගේ විරෝධය නොසළකාය.

    රජුන් බිහිවුනේ ගෝත්‍රික නායකත්වයේ දිගුවක් ලෙසය. අපට සැමදා ඕනැ වුනේ යහපත් රජෙකි. අවුරුදු දෙදහස් පන්සීයක් තුල දේශපාලන අත්හදාබැලීමක් ගැන වචන මාත්‍රයකුදු නොවීය. සුද්දා නාවානම් අප ඉතා අන්දකාර ජීවිත ගත කරමින් තිරිසනුන්ට ටිකක් ඉහලින් ජීවත් වනු ඇත.

    නා නිර්මාණයක් කළ විට ඌව මරණ බලු රජෙක්
    රජාගෙ ගෙට ඇර වෙන ගෙදරකට සායම් ගෑ විට එය අපරාධයක් ලෙස සළකන බලු රජෙක්
    රටේම ලස්සන ගෑනු අන්තහ්පුරේ ගබඩා කරන බලු රජෙක්
    ගෙවත්තෙ හැදෙන කැකිරි ගෙඩියත් රජාටම කෙළවන්න ඕන කියල හිතන බලු රජෙක්
    රැවුල කපාගන්නත් රජා කියන බල්ල්ලට කන්නලවු කරන්න ඕන වුන යුගයක්
    කිසිම විද්‍යා තාක්ෂන දියුණුවක් නෑ. මේ මහා අන්ධකාරය දුරුකරන්න නම් යුරෝපයේ ඇතිවූ පුනරුදය අපටත් අවශ්ය වුනා

    රජා සූර්ය වංශයෙන් උපන් එකෙක්. ඌ දියේ ගිලෙන්න ගිය විට බේරගත්ත එවුන් වත් හිස ගසා දමනව. ප්‍රශ්වාසය වදියි කියල නිළමෙලත් මුකවාඩම් දාගෙන. මේ වගෙ භයානක ධූරාවලියක් පහලටම. අපිම මේ ලෙඩේට බේත් හොයාගනියි කියල හිතන්න බෑ. යුරෝපෙ මිනිස්සු ඒ ලෙඩේට බේත් හොයාගත්ත. ඉතින් ඒ බේත් අපිත් පාවිච්චි කරන එක වරදක්ද

    ReplyDelete
    Replies
    1. දේශපාලන වශයෙන් පමනක් නොවෙයි හැම අතින්ම අපට තිබුනෙ අන්ධකාර අතීතයක්. අපේ බෞද්ධ සංස්කෘතිය තුල සංවර්ධනයක් නැහැ. ජාතික ව්‍යාපාරයක් ගොඩ නගන්නත් බැරිවුනේ බෞද්ධ සංස්කෘතියේ ඇති නිශේධනාත්මක ස්වරූපය නිසයි. බෞද්ධ සංස්කෘතිය රැකගත හැක්කේත් එයින් අපගමනය වීමෙන්.

      මට හිතෙනවා අප දිගින් දිගට සාකච්ඡා කිරීමෙන් ප්‍රයෝජනවත් සංවාදයක් ඇතිවෙයි කියල.

      මම කාර්ය බහුලයි. ඒත් ඉඩ ලැබෙන වෙලාවල අදහස් දක්වල සංවාදය ඉදිරියට ගෙනයමු.

      Delete
    2. හැකි විටෙක "බෞද්ධ සංස්කෘතිය රැකගත හැක්කේත් එයින් අපගමනය වීමෙන්" යන්න පහදන්න.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !