Wednesday, March 11, 2015

අයියෝ සිරිසේන ii - ICC ක්‍රිකට් ලෝක කුසලානය 2015

නෙල්සන්හි Saxton Oval ක්‍රීඩාංගනය, අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟය, පෙබරවාරි 16
2011 ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වූයේ ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායම් අටයි ( පාකිස්ථානය [A1], ශ්‍රී ලංකාව [A2], ඔස්ට්‍රේලියාව [A3], නවසීලන්තය [A4], දකුණු අප්‍රිකාව [B1], ඉන්දියාව [B2], එංගලන්තය [B3], බටහිර ඉන්දීය කොදෙව් [B4] යන කණ්ඩායම් ). එම තරඟාවලිය පෙළ ගස්වා තිබුණේම එසේ වන අයුරිණි.

මෙවරත් සෑම දෙනාම බලාපොරොත්තු වූයේ එම කණ්ඩායම් අට ඊළඟ වටයට සුදුසුකම් ලබනු ඇතිය යන්නයි. 2011 දී කිසිදු කණ්ඩායමක් අපරාජිතව ඊළඟ වටයට ගියේ නැති මුත් මෙවර A සහ B යන කාණ්ඩ දෙකෙන් පිළිවෙලින් නවසීලන්තය සහ ඉන්දියාව අපරාජිතව දෙවන වටයට පිවිසෙන ලකුණු පෙනේ.




2011 දී තරඟ පෙළගැස්ම

තරඟය A කාණ්ඩය B කාණ්ඩය ප්‍රතිපලය
අර්ධ අවසන් පූර්ව තරඟ
QF1 පාකිස්ථානය බටහිර ඉන්දීය කොදෙව් පාකිස්ථානයට කඩුලු 10 ක ජයක්
QF2 ඔස්ට්‍රේලියාව ඉන්දියාව ඉන්දියාවට කඩුලු 5 ක ජයක්
QF3 නවසීලන්තය දකුණු අප්‍රිකාව නවසීලන්තයට ලකුණු 49 ක ජයක්
QF4 ශ්‍රී ලංකාව එංගලන්තය ශ්‍රී ලංකාවට කඩුලු 10 ක් ජයක්
අවසන් පූර්ව තරඟ
SF1 ශ්‍රී ලංකාව නවසීලන්තය ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්
SF2 පාකිස්ථානය ඉන්දියාව ඉන්දියාවට ලකුණු 29 ක ජයක්
මෙහි අවසන් මහා තරඟයට සිදු වූ දේ සියලු දෙනාම දනී.

2015 දී තරඟ පෙළගැස්ම

අද වන විට A කාණ්ඩයෙන් මීළඟ වටයට පිවිසෙන කණ්ඩායම් හතර තේරී අවසන්ය. බොහෝ දුරට පහත අනුපිළිවෙලට වීය හැක.
  1. නවසීලන්තය
  2. ඔස්ට්‍රේලියාව
  3. ශ්‍රී ලංකාව
  4. බංග්ලාදේශය
මෙහි විශේෂත්වය නම් තරඟාවලිය පුරා දුර්වල ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළ එහෙයින්ම ටෙස්ට් තත්වය හිමි කිසිදු රටක් පරාජය කිරීමට අසමත් වූ එංගලන්ත පිල ඉහත කණ්ඩායම් හතර අතින්ම පරාජය ලබා තරඟාවලියෙන් ඉවත් වීමයි.

අහෝ දුකකි, ඉරකි, තිතකි !
B කාණ්ඩයේ ඉන්දීය කණ්ඩායම පෙරමුණේ සිටින අතර ඊළඟ ස්ථාන තුන සඳහා දකුණු අප්‍රිකාව, පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් වලට නවක අයර්ලන්ත කණ්ඩායමෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වී තිබේ.

මේ අනුව 2015 ICC ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟ පහත පරිදි පෙළ ගැස්වෙනු ඇත.

2015 අර්ධ අවසන් පූර්ව තරඟ

තරඟය පිටිය, දිනය සහ වෙලාව A කාණ්ඩය B කාණ්ඩය ප්‍රතිපලය
QF1 මාර්තු 18, උදෑසන 9:00 D/N
 Sydney Cricket Ground
vs SL: 133 all out (37.2 ov)
SA: 134/1 (18 ov)
දකුණු අප්‍රිකාවට කඩුලු 9 ක ජයක්
QF2 මාර්තු 19, උදෑසන 9:00 D/N
 Melbourne Cricket Ground
vs Ind: 302/6 (50.0 ov)
Ban: 193 all out (45.0 ov)
ඉන්දියාවට ලකුණු 109 ක ජයක්
QF3 මාර්තු 20, උදෑසන 9:00 D/N
 Adelaide Oval
vs Pak: 213 all out (49.5 ov)
Aus: 216/4 (33.5 ov)
ඔස්ට්‍රේලියාවට කඩුලු 6 ක ජයක්
QF4 මාර්තු 21, උදෑසන 6:30 D/N
 Westpac Stadium, Wellington
vs NZ: 393/6 (50.0 ov)
WI: 250 all out (30.3 ov)
නවසීලන්තයට ලකුණු 109 ක ජයක්
මේ අනුව තරඟාවලිය ඇරඹීමටත් පෙරාතුව සිටම සංවිධායකයන් සහ අනුග්‍රාහකයන් විසින් පොරොත්තුව සිටි කණ්ඩායම් සතර අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබා සිටී. මෙය ඒ අයගේ ජයග්‍රහණයකි, එපමණක් නොව මූල්‍යමය වශයෙන් ඉතාම සාර්ථක ලෝක කුසලානය මෙය වන බවට ලත් ස්ථිර සහතිකයකි.

අවසන් පූර්ව තරඟ

මෙවර තරඟාවලියේ අවසන් පූර්ව තරඟ පහත'යුරු පෙළ ගැසෙනු ඇත. මේ කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාව පරදා අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් නවසීලන්තය මෙතෙක් කිසිදා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයක් ක්‍රීඩා කර නැත. මේ කණ්ඩායම් දෙකින් එකක් ලබන 29 වැනිදා සිය ප්‍රථම අවසන් මහා තරඟයට ක්‍රීඩා කරනු ඇත.
තරඟය පිටිය, දිනය සහ වෙලාව ප්‍රතිපලය
SF1 මාර්තු 24, උදෑසන 6:30 D/N
 Eden Park, Auckland
vs SA: 281/5 (43.0 ov)
NZ: 299/6 (42.5 ov)
නවසීලන්තයට කඩුලු 4 ක ජයක් (D/L)
SF2 මාර්තු 26, උදෑසන 9:00 D/N
 Sydney Cricket Ground
vs  
දෙවන අවසන් පූර්ව තරඟයට ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම වර්තමාන ලෝක ශූරයෝය. ඔවුන් මෙතෙක් තරඟාවලි තුනක අවසන් මහා තරඟ වලට සහභාගී වී ඉන් දෙකක් ජයගෙන ඇත. ඒ 1983 සහ 2011 දී වේ.

1975 ප්‍රථම ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ක්ලයිව් ලොයිඩ්ගේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පරාජය වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙතෙක් ක්‍රිකට් ලෝක කුසලානය සිව් වතාවක් දිනාගෙන සිටී. ඒ 1987, 1999, 2003, සහ 2007 දී ය. මේ කණ්ඩායම් දෙකින් එකක මෙවර ගමන මාර්තු 26 දින සිඩ්නි ක්‍රීඩාංගනයෙන් අවසන් වනු ඇත.

අයියෝ සිරිසේන - ලංකාවට මොකද උනේ...

ලංකාවට මොකද උනේ ය යන්න නෑසිය යුතු ප්‍රශ්නයකි. අප විසින් මෙවැනි ප්‍රශ්නයක් නැගීමෙන් හෝ ඊට පිළිතුරු සැපයීමට උත්සාහ කිරීමෙන් හෝ සිදු වන සෙතක් නැත. එවැනි සෙතක් නැති වුනත් සියලුම පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මේ ගැන කතා කරනු ඇත. අපට මේ පිළිබඳව කිව හැක්කේ "අයියෝ සිරිසේන" කියා පමණි.

මේ තරඟයේදී අප විසින් නිරීක්‍ෂණය කෙරුණු දෙය නම් එම තරඟය ජයගෙන අවසන්ව, දෙවනුව නවසිලන්ත තරඟයත් ජයගෙන, අවසන් මහා තරඟයට තමන් තේරී පත් වී සිටින බව හැඟෙන සේ අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ආකාරයයි. කොටින් කියතොත් අවසන් මහා තරඟයට පෙර තිබෙන තරඟයක් පරාජය වුවහොත් තම කණ්ඩායම මේ තරඟාවලියෙන් ඉවතට විසි වන බව දන්නා අයුරින් අපේ ක්‍රීඩකයන් ක්‍රීඩා කළේ නැත. ඔවුන් ක්‍රීඩා කළේ අවසන් මහා තරඟයට පෙර ලැබෙන පුහුණු තරඟයක් ක්‍රීඩා කරන සැහැල්ලු ආකාරයෙනි.

මේ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද පාර්ශවයේ ප්‍රචාරකයන් කටයුතු කළ ආකාරයයි. ඒ විලාසය සියතින් ගෙළ සිඳ ගැනීමක් මිස වෙනකක් නොවන බව දැන් අපි හොඳාකාරව දනිමු.



20 comments:

  1. කොහොම හරි ලංකාව ෆයිනල් ඒවි කියන විශ්වාසය තියෙනවා.. බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. පරාජය වේ නම් අපේ තවත් දිනයක් කාලකන්ණි නොකර 'ෆයිනල්' නොඒ නම් යහපති'ය යන්න අපගේ සිත්හි තිබේ. එහෙත් එය දැන ගැනීමට නම් අවසන් තරඟය නිම වන තෙක් සිටිය යුතුය. කෙසේ වුව, දෙතිස් කතාවේ ආශීර්වාදය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත වේ.

      Delete
  2. හොඳයි,
    දැනට නම් යන විදිය හොඳයි වගේ.
    කොහොම උනත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරඟයට සහභාගි වෙන්න ලැබෙන්න කියලා මම සුභ පතනවා.

    අපේ කොල්ලෝ සුද්දට සුද්දගේ ක්‍රිකට් පිත්තෙන්ම දුවන්න ගහද්දී, (බංගලියන්ටත් ඒ ගෞරවය හිමියි ) අපේ අතිඋත්තම නායකයානන් වහන්සේගේ භාරියාව (ආර්‍යාව කියන්න එපා කිව්වනේ ) හෙට අනිද්දා වලකජ්ජ ගහන්න ඉන්න සුදු මහා අධිරාජිනියට දන නමා නමස්කාර කිරීම ඔබලා දුටුවේ නැතිද?
    අනේ සිංහල දේශයට ගියකලක්!

    ReplyDelete
    Replies
    1. සනත්ට සුද්දන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පරාජය කළ හැක - එහෙත් සනත්ට ක්‍රිකට් පරාජය කළ නොහැක.
      එයයි නුතන අධිරාජ්‍යවාදයේ චමත්කාරය.

      ජනාධිපති සිරිසේන (චිඃ කොච්චර කැතද !) ගේ ඈඹේණිය එංගලන්ත මහා රාජිණිය ඉදිරියේ සමාචාර දැක්වීම හුදෙක් අහඹුවක් හෝ වැරද්දක් හෝ නොවේ. අපනම් මෙහි කිසි වැරද්දක් දකින්නේ නැත. මෙය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අභිනව විදේශ ප්‍රතිපත්තිය තත්වාකාරයෙන් නිරූපනය කිරීමකි. වරද වන්නේ එම ජනරජයේ පුරවැසියන් විසින් මෙය අවබෝධ නොකිරීමයි.

      ජනරජයේ චන්ද බලය හිමි වන්නේ ගොන් රැළකට නම් උන්ට ගැලපෙන්නේ ජහඃ පාලනයක් බව තවදුරටත් මෙයින් තහවුරු වේ.
      ---------

      සිතුවිළි,
      සිරාගේ ඈඹේණිය ගොඩේ අම්මණ්ඩි කෙනෙකි. ඈට තානාපති කාර්යාලයේ දී හෝ ලංකාවේ දී හෝ රාජ මාලිගාවක හැසිරෙන සැටි උගන්වන්නට ඇත. ඈ මහ රැජිණට දැක්වීමට උත්සාහ කරන ආචාරය (හරියට කර ගැනීමට බැරි උනත්) වැරදි නැත. එහෙත් ගැටළුවක් ඇත. ඈ ඔසරිය හැඳගෙන එය කිරීමට යාම වැරදිය. ඔසරිය හැඳගෙන ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ආර්යාව ලෙස පෙනී සිටිමින් විදේශ රටක නාම මාත්‍රික රාජ්‍ය නායිකාවකට දෙකට නැමීම නම් නින්දාවකි.

      එහෙත් එය ඇගේ පමණක් වරදක් නොවේ. ඈ තමාගේ කාර්යය තමාට හැකි පමණින් කළා පමණි. අපනම් වරද පටවන්නේ එදා ජනවාරි 8 වැනිදා පෝලිමේ ගොස් සිරාට කතිරය ගැසූ රස්තියාදුකාරයින්ටයි. සිරිසේන හාමිනේ මේ මර උගුලේ දැම්මේ මෙකී පිස්සු හුටංලා විසින් වන බැවිණි.

      Delete
    2. සහතික ඇත්ත ඒත් එදා ගොන් තීරණය නොගත් හැමෝම මේ චෝදනාවෙන් නිදහස්ද?
      ජහ පාලනයේ මාධ්‍ය සංදර්ශනයෙන් ඇස් නිලාංකාර වූ ඇතැම් උන් දැන් තමනුත් ගොහුන් යැයි සිතීමට පටන් ගෙනදෝ කියා සැකයක් ඇතිවේ.
      අර ගොන් රැලක් සමග හැදෙන එකා ගොනෙකු සේ හැසිරෙනවාමෙන්....!

      Delete
    3. සනත්ට සුද්දන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පරාජය කළ හැක - එහෙත් සනත්ට ක්‍රිකට් පරාජය කළ නොහැක. --- නලින් ද සිල්වා ඒ කාලේ ඔය වගේ දෙයක් කිව්වා. ඇත්ත කතාව.

      අපි ක්‍රිකට් ගහල සුද්දව පරද්දනවා කියන්නේ සිංහලය දිනුම් කියන එක නෙමෙයි. සුද්දෝ අපිත් එක්ක එල්ලේ ගහන්න ආවොත් ... අන්න එදාට අපි දිනුම්. හැබැයි එල්ලේ කියන්නේ ඇමරිකාවෙන් කොපි කර ගත්ත එකක්ද - කවුද දන්නේ.

      Delete
    4. "සිරාගේ ඈඹේණිය" අන්න නම !

      උන්දැට උනේ හරි අපරාදයක්. ඇත්තටම මෙතැනදී උන්දැට දෝෂාරෝපණය කරන්න සිරාට චන්දෙ නොදීපු හැම කෙනාම දත මැදගෙන ඉන්නකොට මේ ලියල තියෙන දේ වටිනවා.

      Delete
    5. එල්ලේ ක්‍රීඩාව ඇමරිකාවෙන් අනුකරණය කර ගත්තේද, නැතහොත් ලංකාවේ සිටි ඇමරිකන් කාරයෙක් විසින් එල්ලේ ක්‍රීඩාව අනුකරණය කිරීමෙන් බේස් බෝල් ක්‍රීඩාව තනා ගත්තේද යන්න පිළිබඳ අපට දැනුමක් නැත. මෙසේම චක් ගුඩු / ගුඩු පැනීමේ ක්‍රීඩාව ඉන්දියාව විසින් කබඩි නමින් සාෆ් ක්‍රීඩා සඳහා හඳුන්වා දෙන ලදී.

      ඔබ පෙන්වා දෙන (ආචාර්ය නලින් ද සිල්වා විසින් කීවා යැයි කියන) කරුණ අපේ අදහසින් මද වශයෙන් වෙනස් වේ ය සිතමි. සනත්ට ක්‍රිකට් ක්‍රීඩාව පරාජය කළ නොහැක්කේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාව කරන ක්‍රීඩකයෙක් නිසාය. දේශපාලනඥයෙක් වශයෙන් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව පරාජය කළ හැක. ඉන්දියාව මෙය මේ වන විටත් කර තිබේ.

      Delete
  3. 1. ලංකාව දකුණු අප්‍රිකාවට ගැහුවොත්,
    2. ඉන්දියාව කොහොමත් බංගලියන්ට නෙලන නිසා,
    3. ඔස්ට්‍රේලියාව පාකිස්තානේට නැති වෙන්න දීල,
    4. නවසිලන්තෙත් දිනුවොත්,
    ලංකා නවසීලන්ත සහ ඉන්දු ඕස්ට්‍රේලියා සෙමි ෆයිනල් තරඟ සෙට් වෙයි.
    එහෙම උනොත් නවසීලන්තේ තමයි කප් එක උස්සන්නේ.

    හැබැයි,
    පකිසෝ ඔසී මැච් එක දිනුවොත් ඉන්දියා නවසීලන්ත ෆයිනල් එකක් එයි. එතකොට කප් එක ගන්න උන්ට පුළුවන්ද ?

    කොහොම උනත් පකිස්ථානය සහ ලංකාව නම් තරඟාවලියෙන් ඉවත්.

    K,
    ඔබ තුමාගේ වැරදුණු අනාවැකි අතරේ පකිසෝ මේක දිනන අනාවැකිය රන් අකුරින් ලියවෙයි.

    ReplyDelete
    Replies
    1. මමනම් ආසම බංගලියෝ සෙමි ෆයිනල් එනවට.

      මෝඩි මෙහෙ සැපත් වේලා කෙළලා ගියා කවුරුවත් දන්නෙත් නෑ. අන්තිමට ඉන්දියන් අගමැතියෙක් මෙහෙ ඇවිත් තුවක්කු පාරකුත් කාල අපේ ජේ.ආර්. පප්පට ගිල්ලල ගිය ගුලිය තාම දිරව ගන්න බැරුව අපි ඉන්නේ. ඒ අතරේ ඉන්දියාවේ මෝඩි යි අපේ මොඩය යි මේ සැරේ මොන මොනවට අස්සං කළා ද කියල කවුද දන්නේ.

      බංගලියෝ සෙමි ෆයිනල් ගියොත් ඉංදියාවේ ගෙවල් දෙක තුනක් ගිණි ගනියි. ටික දවසකින් එහෙම නැතුව අපිට පාළුයි වගේ.

      Delete
    2. පොඩි ළමයාMarch 16, 2015 at 7:07 PM

      "බංගලියෝ සෙමි ෆයිනල් ගියොත් ඉංදියාවේ ගෙවල් දෙක තුනක් ගිණි ගනියි. ටික දවසකින් එහෙම නැතුව අපිට පාළුයි වගේ"

      ම්ම්ම්ම්... ඉන්දියාවේ ගෙවල් ගිනි ගන්නකොට පාලු කැපෙනවා කියන්නේ... ඇත්තටම මේ ලස්සනට ධර්මය ගැන ලියපු අපේ කේමද (කනිෂ්ක) නැත්නම් වෙන කෙනෙක්ද? මම දන්නා විදිහට කේ අනවශ්‍ය කොමෙන්ට් කපල දානවා.

      සිතිවිලිත් වෙනස් වෙලා වගේ දැනෙනවා...

      ජෝසෙප් මාමා නම් එදා වගේමයි වෙනසක් නැහැ.

      ඇයි මේ?

      ඉඳල ඉඳල ආවා නෙවයි වෙලා තිබුණ හැම වෙලාවකම ඇවිත් ගියා මුකුත් නොලිවුවට.

      Delete
    3. "බංගලියෝ සෙමි ෆයිනල් ගියොත් ඉංදියාවේ ගෙවල් දෙක තුනක් ගිණි ගනියි. ටික දවසකින් එහෙම නැතුව අපිට පාළුයි වගේ" == "ඉන්දියාවේ ගෙවල් ගිණි ගනීවා" ?

      හික් !

      Delete
    4. ම්ම්ම්ම්... ඉන්දියාවේ ගෙවල් ගිනි ගන්නකොට පාලු කැපෙනවා කියන්නේ... හපොයි !

      මේ කියන්නේ ඉංදියාවේ නිවාස ගින්නේ දැවෙන විට අප සතුටින් මුසපත් වන බව නොවේ. ඉන්දීය කණ්ඩායම බංගලිදේශය හමුවේ පරාජය වුවහොත් සිදු වීමට නියමිත දෙයයි. ක්‍රිකට් තරඟයක් පරාජය වූ විට ක්‍රීඩකයන්ගේ නිවාස වලට පහර දෙන ලෝලීන් සිටින්නේ ඉන්දියාවේ බව සැවොම දන්නා කරුණකි. එසේ තිබියදීත් ක්‍රිකට් ක්‍රීඩාවේ දේශපාලනය පිළිබඳ යන්තම් අවබෝධයක් ඇති පුද්ගලයෙක් වශයෙන්, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව හා එක්ව ICC ය තනි භුක්තියට ලියා ගත් ඉන්දියාව පරාජය වේනම් සතුටු වෙමි.

      ඉහත ප්‍රතිචාරයේ වැදගත් කොටස ඉංදියාවේ ගෙවල් ගිණි ගැනීම නොව ලංකාවේ අපේ ගෙවල් ගිණි ගැනීම ගැනයි. අපේ ගෙවල් ගිණි තැබීම පිණිස හනුමා පැමිණ ගිය බව කිසි කෙනෙකුට මතකයක් නැත. මෝඩි නම ඇති නූතන හනුමා අපේ මෝඩයා සමග එකතු වී මොන මොන ගිණිගෙඩි බැස්සුවාදැයි දැන් පවතින ඊනියා නිදහස් මාධ්‍ය අපට හෙළි කරන්නේ නැත. ඒ නිසා අපේ ගෙවල් ඇතුළතින් දැවේ. කිසිවෙක් ඒ ගින්න නොදකී. ක්‍රිකට් ගැසිල්ල පමණක් දකී. මෙය ජාතික ව්‍යසනයකි. ජාතික ව්‍යසන අවස්ථාවක ඉංදියාවේ ගෙයක් දෙකක් ගිණි ගැනීම ගැන වද වීය යුතු නැත.

      Delete
    5. පොඩිළමයෝ,
      සිතුවිලි වෙනස් වෙලාද? එහෙම වෙන්න ඕනෙනේ. ඒත් ඒ වෙනස නරක අතකට නම් නෙවෙයි කියලායි මම නම් හිතන්නේ. ඒත් ඒ මම දකින හැටිනේ ඒකත් වැරදිද දන්නේ නැහැ.
      මම ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්නම්.

      කණිශ්ක ඔබ මේ අවසානයේ කථා කරන ක්‍රිකට් ක්‍රීඩාවේ දේශපාලණය යන කාරනය ගැන මම ඔබ හා එකඟයි. ක්‍රිකට් ක්‍රීඩාව යන සංකල්පය මහානර්ඝ වී ඇත්තේ මෙවන් යටි කූට්ටු දේශපාලනය සඳහා මිසා ක්‍රීඩාවක් ලෙස නම් නොවෙයි. ක්‍රීඩවක් ලෙස එය හුදු කාලය කා දැමීමක්ම පමණයි.
      ඇවිත් ගිය නූතන පරපුරේ හනුමා දැල්වූ ගින්නෙහි ගිනි දැල තවමත් මතුපිටට පැමිණ නැහැ. ඇතැම් විට ඒ තව අවුරුදු හතර පහකින් විය හැකියි.
      එහෙත් අප එදත් අදත් හිඳගෙන සිටින්නේ නම් කාල බෝම්බයක් මතයි.

      Delete
    6. "ලංකාව දකුණු අප්‍රිකාවට ගැහුවොත්..."

      ලංකාව දකුණු අප්‍රිකාවට ගැහුවේ නැත. ගහන්න වගේ පැමිණ මට ගහපිය යකෝ මට තව ගහපිය කියා පිට අල්ලාගෙන සිටියා පමණි.

      අයියෝ සල්ලි !
      ------------------

      අපේ අයියලා අත්හදා බැලීම් කරන්නේ අන්තිම මොහොතේය. එදා 2011 දී අත්හදා බැලීම් කරන්නට අවසන් තරඟය තෝරාගෙන කුසලානය ඉන්දියාවට පිදුවේය. මෙතෙක් සාර්ථකව තිබූ මුල් පිතිකරු ලැයිස්තුව වෙනස් කර අද වැඩේ වකූර් කර ගත්තේය. ඇත්ත කතාව නම් අපේ අයියලා හැදෙන්නේ නැති බවයි.

      තවදුරටත් ටෙස්ට් තරඟ (සාමාන්‍යය: 49.84) ක්‍රීඩා කළ හැකිව සිටි මහේල වැඩි ලෝබ කමට ඉන් ඉවත් වී එක්දින තරඟ (සාමාන්‍යය: 33.37) ක්‍රීඩා කිරීමට තීරණය කළේය. ප්‍රතිපලය, ඉනිම් 5 කදී ලකුණු 125 කි. ඇෆ්ගනිස්ථානයට ගැසූ 100 හැරුණු විට ගසා ඇත්තේ ලකුණු 25 පමණි. ඕස්ට්‍රේලියා නවසීලන්ත තරඟ වලදී කිසිදා දක්‍ෂතා දක්වා නැති මහේල කළේ විනාශයකි. ඔහු නැති කළේ දක්ෂ නවක පිතිකරුවෙකු වූ චන්ඩිමල්ලිගේ ස්ථානයයි.

      ඩිල්ශාන් මැතිව්ස් සහ සංගක්කාර තම වගකීම් එක්තරා මට්ටමකට ඉටු කර ඇත. තිරිමාන්න මෙතෙක් ඉතා හොඳින් ආරම්භක පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කළේය. අද තරඟයේ ඔහු ඉවත් කර ශ්‍රී ලංකා කණ්ඩායම ඉල්ලාගෙන කෑ බවයි කිව යුත්තේ. තරඟාවලිය පුරා දක්නට ලැබුණේ සනත්-කළු යුගලය මෙන් මුල් ඕවර 15 පණ කඩාගෙන ගැසීමට තැත් කිරීම නොව කඩුලු රැකගෙන සිටීමට උත්සාහ කිරීමයි. එවැනි විටෙක කුසල් ජනිත් වැනි පොල් අඩි කාරයෙක් ඕපන් යැවීම තකතීරු කමකි. ඔහු වැන්නෙක් සිටිය යුත්තේ කණ්ඩායමේ 6-7 ස්ථානයක ක්‍රීඩා කිරීමටයි. තරඟාවලිය පුරා වැඩිමනක් සාර්ථක නොවූ තිසර පෙරේරා නායක මැතිව්ස්ගේ පාසැල් මිතුරෙක් වීම නිසා කණ්ඩායමේ රඳවා ගැනීමට ගැසූ ගැටය ඕපන් කිරීමට කුසල් යොදා ගැනීමයි. එය අතේ පත්තු වීය.

      කේ ඉතා නිවැරදිව පුරෝකථනය කළ පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම ඉතාම දුර්වල අඩියක තිබිණි. එසේම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක එකම පිටිය වන සිඩ්නිහි දී ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්වය තවත් පහළ හෙළූ බව කිව හැකියි. ලංකාව විසින් ඔස්ට්‍රේලියාව පරාජය කරනු ඇති බවට අනාවැකි කීමට කේ යොදා ගත් නිර්ණායකය සිඩ්නි ක්‍රීඩාංගනයේ පැරණි වාර්තා නම් දැන් කිව හැකි එකම දේ සිරිසේන නිදහස් පක්‍ෂයට කළ දේට සමාන දෙයක් මැතිව්ස්ගේ ලංකා කණ්ඩායම සිඩ්නි ක්‍රීඩාංගන ඉතිහාසයට කළ බවයි.

      අහෝ දුකකි ඉරකි තිතකි !

      Delete
    7. හඃ !
      එහෙම ලිස්සල යන්න බෑ මලේ. අර ශ්‍රී ලංකා කණ්ඩායමට පැවරිලා තියෙන ඓතිහාසික වගකීම ගැනත් මොනවා හරි කියල යන්න.

      Delete
  4. 2011 ලෝක කුසලානය බන්දේසියේ තබා ඉන්දියාවට පිදූ අයුරින්ම 2015 ලෝක කුසලාන තරඟය 'චොකර' දකුණු අප්‍රිකාවට පිදූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රණාමය. හික් !

    ඉන්දියාවේ ගෙවල් ගිණි ගන්නකම් බලං ඉන්නේ මොකටද, ලංකාවේ ගෙයක් දෙකක් ගිණි තියමු අපි !!!

    ReplyDelete
    Replies
    1. අයියෝ මම මේ ගැන මුලින්ම ලියන්න කියලයි ආවේ. අද ජෝසප් මහත්තයා ඉස්සර වුනා.
      අපේ මේ ක්‍රිකට් කථාවෙ මුල්ම අනාවැකිය වුනේ ලංකාවදකුණු අප්‍රිකානුවන්ට නෙලලා තරඟාවලියෙන් එළවයි කියලා. ඔන්න වැඩේ සිද්ද වුනා. දැන් අපේ කට්ටිය ගෙදර එයි.

      ලංකාවේ ගෙවල් ගිනි තියන්න නම් අපි මහන්සි වෙන්න ඕනා නැහැ. අපේ උන් කට ඇරගෙන ක්‍රිකට් බලා ඉඳිද්දී නූතන හනුමා වැඩේ කරලා ගියා. තව ටික කාලෙකින් ගිනි දලු බලා ගත හැකි වේවි.
      කොහොම වුනත් මේ තරම් ඉක්මනට අපේ ක්‍රිකට් උන්මාදය අවසන් වීම ගැන මම සතුටුයි. දැන් වත් ඇස් ඇරගෙන වටපිට බලන්න මුනිස්සු පෙළඹෙයි කියලා බලා පොරොත්තු වෙනවා.

      Delete
  5. කණිෂ්ක තුමෝ,
    දැන් ඉතින් ක්‍රිකට් වසන්තය (අරාබි වසන්තය වගේමද මන්දා කියනකොට බයත් හිතෙනවා ) අවසානයි!
    නරකද අපේ සිරි ලංකාවේ ජාතික ගීය ගැන ලිපියක් ලිව්වොත් ?

    ReplyDelete
  6. සිරා ලංකාවටම බඩු packet කරයි වගේ.

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !