Friday, February 13, 2015

2015 ලෝක කුසලානයට පෙරවදනක්

2015 ICC ලෝක කුසලාන තරඟාවලිය පෙබරවාරි 14 දින සිට මාර්තු 29 දින දක්වා ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සාරවත් තණ භූමි හරිතවර්ණ තණ තීරු සහිත ක්‍රීඩාංගන 14 කදී පැවැත්වේ.
ICC ලෝක කුසලානය 2015, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය
මෙවර තරඟාවලියට කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් දහ හතරක් සුදුසුකම් ලබා ඇත.




තරඟාවලි සැළැස්ම

මූලික අදියර

මෙවර තරඟාවලියට එක කාණ්ඩයක කණ්ඩායම් හත බැගින් කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් දහ හතරක් සුදුසුකම් ලබා ඇත. A සහ B යන කාණ්ඩ වලට ගොනු වී ඇති කණ්ඩායම් පහත පරිදි වේ.
A කාණ්ඩය
B කාණ්ඩය
(1) එංගලන්තය
(2) දකුණු අප්‍රිකාව
(4) ඔස්ට්‍රේලියාව
(3) ඉන්දියාව
(5) ශ්‍රී ලංකාව
(6) පාකිස්තානය
(8) බංග්ලාදේශය
(7) බටහිර ඉන්දීය කොදෙව්
(9) නවසීලන්තය
(10) සිම්බාබ්වේ
(12) ඇෆ්ගනිස්ථානය
(11) අයර්ලන්තය
(13) ස්කොට්ලන්තය
(14) එක්සත් අරාබි එමීරය
මූලික අදියරේ දී සෑම කණ්ඩායමක්ම තමා අයත් වන කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමග එක තරඟය වන අයුරින් තරඟ හයක් ක්‍රීඩා කළ යුතුය. එම තරඟ වලදී ලබා ගන්නා ජයග්‍රහණ මත ඒ ඒ කාණ්ඩයේ අනුපිළිවෙල තෝරනු ලැබේ.

අර්ධ අවසන් පූර්ව වටය

මෙසේ මූලික වටයේ ජයග්‍රහණ මත කණ්ඩායම් ලබා ගන්නා ප්‍රමුඛතාව පදනම් කරගෙන එක කාණ්ඩයකින් රටවල් හතර බැගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබයි. අර්ධ අවසන් පූර්ව තරඟ පැවැත්වෙන්නේ පහත පරිදිය.
  • පළමු තරඟය: A1 සහ B4 අතර
  • දෙවන තරඟය: A2 සහ B3 අතර
  • තෙවන තරඟය: A3 සහ B2 අතර
  • සිව්වන තරඟය: A4 සහ B1 අතර
මේ අනුව එක කාණ්ඩයක පළමු ස්ථානය ලබා ගන්නා රට අනෙක් කාණ්ඩයේ සිව්වන ස්ථානය හිමි කර ගන්නා රට සමගත්, දෙවන තැන හිමි කර ගන්නා රට අනෙක් කාණ්ඩයේ තෙවන ස්ථානය හිමි කර ගන්නා රට සමගත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම උදෙසා තරඟ වදිනු ඇත.

අවසන් පූර්ව වටය සහ අවසන් තරඟය

  1. පළමු තරඟය: පළමු සහ තෙවන අර්ධ අවසන් පූර්ව තරඟ ජයග්‍රාහකයන් අතර
  2. දෙවන තරඟය: දෙවන සහ සිව්වන අර්ධ අවසන් පූර්ව තරඟ ජයග්‍රාහකයන් අතර
අවසන් පූර්ව තරඟ ජයග්‍රාහකයින් දෙදෙනා අතර අවසන් මහා තරඟය පැවැත්වේ.

තරඟාවලි සැළැස්ම විශ්ලේෂණය

මෙවර තරඟාවලි සැළැස්ම පසුගිය තරඟාවලියේ (2011) සැළැස්මට සමානය. ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන ICC පූර්ණ සාමාජික රටවල් දහය සමග ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීරය යන කණ්ඩායම් සතරත් මෙවර තරඟාවලියට සුදුසුකම් ලබා තිබෙන මුත් සැළැස්ම සකස් කර ඇත්තේ ශ්‍රේණිගත කිරීම් වල ඉහල සිටින කණ්ඩායම් අට ඊළඟ වටයට යාම සහතික කරන අයුරිණි. කාලගුණයෙන් දැඩි බලපෑමක් නොවෙතොත්, ගිය වර සේම මෙවරත් [1] ඔස්ට්‍රේලියාව, [2] එංගලන්තය, [3] දකුණු අප්‍රිකාව, [4] බටහිර ඉන්දීය කොදෙව්, [5] ඉන්දියාව, [6] පාකිස්ථානය, [7] නවසීලන්තය සහ [8] ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇතැයි විශ්වාස කෙරේ.

ICC පූර්ණ සාමාජිකයන් සහ ටෙස්ට් තත්ත්වය හිමි රටවල් වුව A කාණ්ඩයේ රැඳී සිටින බංග්ලාදේශයත් B කාණ්ඩයේ සිටින සිම්බාබ්වේ රාජ්‍යයත් ඉහත කණ්ඩායම් වලට තමාගේ දිනයේදී ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත. එහෙත් ඊළඟ වටයට සුදුසු කම් ලැබීම මේ කණ්ඩායම් දෙකට පහසු නොවන්නේ තරඟ 6 බැගින් ක්‍රීඩා කර අඩු තරමේ තරඟ 3 වත් ජය ගත යුතුව ඇති බැවිණි. තරඟ 3ක් ජයගත් රටවල් කිහිපයක් ඇති අවස්ථාවක් එළඹුනත් මේ රටවල් වලට ඊළඟ වටයට පිවිසීමේ ඉඩකඩ සීමා සහිත වේ.

ICC පූර්ණ සාමාජිකයින් නොවන ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය ද පූර්ණ සාමාජික රටවල් වල කණ්ඩායම් වෙත බලවත් අභියෝගයක් ඉදිරිපත් කරනු ඇත. ගිය තරඟාවලියේදී එංගලන්තය ක්‍ෂණික පිති ප්‍රහාරයකට ලක් කර පරාජය කළ අයර්ලන්තය ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ පෙරළියක් කිරීමට සමත් වූ බව සිහිපත් කිරීම වටී.

අර්ධ අවසන් පූර්ව වටය ඇරැඹීමෙන් අනතුරුව තරඟාවලි ජයග්‍රහණය උදෙසා ඇත්තේ එක කණ්ඩායමක් මුහුණ දිය යුතු වන්නේ තව තරඟ තුනකට පමණි. ඒ තරඟ තුන ජයග්‍රහණය කරන තෙක් දක්‍ෂතා අතර රැඳීමට සමත් වන කණ්ඩායමට මෙවර ලෝක කුසලානය හිමි වනු ඇත.

කණ්ඩායම්

ප්‍රබල කණ්ඩායම් අට සම්බන්ධයෙන් සැලකූ කල ගිය වාරයට වඩා මේ වාරයේ කාණ්ඩ බෙදී ඇති ආකාරය වෙනස් වන්නේ එංගලන්තය සහ පාකිස්තානය කාණ්ඩ මාරු කර ගැනීම හේතුවෙන් පමණි. ප්‍රතිපලයක් ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය එක කාණ්ඩයකට ගොනු වීම නිසා මෙවර මූලික වටයේදී ම ඉන්දු-පාකිස්ථානු තරඟයක් දැක බලා ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්තාව සැළසේ. පෙබරවාරි 15 දින ඇඩිලේඩි ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත මේ තරඟය මෙතෙක් ලෝක ඉතිහාසයේ වැඩිම දෙනෙක් විසින් නරඹන ලද තරඟය වීමේ ඉඩකඩක් පවතී. ඉන්දීය කණ්ඩායම ඉදිරියේ ලෝක කුසලාන ඉතිහාසය පුරාම කිසිදු ජයක් වාර්තා කර නැති පාකිස්ථාන කණ්ඩායමටනම් මූලික වටයේදී ඉන්දියාව මුණගැසීම විශේෂ වාසියකි. ඇරඹීමටත් පෙර සිට අනිවාර්‍ය ජයක් ලෙස පෙනෙන තරඟයක් තමාට හිමි වීම ඉන්දියාවටත් වාසියකි.

මෙවර තරඟාවලියේ ජය ගනිතැයි බොහෝ දෙනා විශ්වාස කරන කණ්ඩායම් අතුරින් දෙනක් වන සත්කාරක ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත කණ්ඩායම් සමග ප්‍රබල එංගලන්ත පිලත් ශ්‍රී ලංකාව සමග A කාණ්ඩයේ රැඳී සිටීම ලංකාවට වාසියකි. ලංකාවට පහසුවෙන් පරාජය කළ හැකි බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් ඉහත නම් සඳහන් කළ කණ්ඩායම් විසින්ද පරාජය කළහොත් ශ්‍රී ලංකාව ඊළඟ වටයට තේරීම ස්ථිර වන බැවිණි.

B කාණ්ඩයේ දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් පමණක් නොව පාකිස්තානු කණ්ඩායම පවා පිළිමලුන් පිටුදකින තරඟ වලදී දුර්වලතා ප්‍රකට කරයි. ඉන්දීය කණ්ඩායම සතු වන්නේ ඕස්ට්‍රේලියානු සහ නවසිලන්ත වේගවත් තණ තීරු වලදී එතරම් බලපෑම් සහගත නොවන දුර්වල පන්දු බල ඇණියකි. එහෙත් ඉන්දීය පිතිකරු අංශය ඕනෑම ලකුණු ඉලක්කයක් හඹා යා හැකි තරමට ශක්තිමත් ය. සැළකිය යුතු තවත් කරුණක් වන්නේ පාකිස්ථාන කණ්ඩායම විසින් ලෝක කුසලාන තරඟයකදී ඉන්දියාව පරාජය කර නැත්තේ යම් සේ ද ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාකිස්ථාන කණ්ඩායම ද ලෝක කුසලාන තරඟාවලියකදී කිසිදා පරාජය කර නැති බවයි. ඒ නිසා ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයේදී පාකිස්ථානය මුණ ගැසීමෙන් වැලකී සිටීම වඩා යහපත් වේ. බටහිර ඉන්දීය කොදෙව් හෝ දකුණු අප්‍රිකා කණ්ඩායම් පැරදවීම ශ්‍රී ලංකා කණ්ඩායමට අපහසු කාර්‍යයක් නොවෙතත් මෙය බොහෝ විට කාසියේ වාසිය මත තීන්දු වීමේ ඉඩකඩ වැඩිය.

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟ

ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ තරඟ සටහන පහත දැක්වේ. වේලාවන් ශ්‍රී ලංකා සම්මත වේලාවෙනි.
 
තරඟය
දිනය සහ වෙලාව
1
පෙබරවාරි 14, පාන්දර ජාමෙ 3:30
 Hagley Oval, Christchurch
L
2
පෙබරවාරි 22, පාන්දර ජාමෙ 3:30
 University Oval, Dunedin
W
3
පෙබරවාරි 26, උදෑසන 9:00 D/N
 Melbourne Cricket Ground
W
4
මාර්තු 1, පාන්දර ජාමෙ 3:30
 Westpac Stadium, Wellington
W
5
මාර්තු 8, උදෑසන 9:00 D/N
 Sydney Cricket Ground
L
6
මාර්තු 11, උදෑසන 9:00 D/N
 Bellerive Oval, Hobart
W

ශ්‍රී ලංකාවට අවස්ථාවක් ඇත්ද

පුරා වසර විස්සක් පමණ ඉන්දීය ක්‍රිකට් පිළේ රැඳී සිටිමින් ලෝක වාර්තා රැසක් තැබූ සචින් රමේෂ් මහතා ගියවර ලෝක කුසලානය දිනා ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඊට සමාන මට්ටමේ මෙහෙයක් කර ඇති මහේල - කුමාර් යුගලය මේ ලෝක කුසලානයෙන් අනතුරුව සමු ගැනීම ප්‍රකාශයට පත් කර ඇති නිසා බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානය දිනා ගත හැකි කණ්ඩායම් සතර අතර ලා සළකයි. අනෙක් කණ්ඩායම් තුන වන්නේ දකුණු අප්‍රිකාවත් සත්කාරක කණ්ඩායම් දෙකත් ය.

එහෙත් අපගේ තක්සේරුවට අනුව ආසියානු කණ්ඩායමක් මෙවර ලෝක කුසලානය දිනා ගනී නම් ඒ අවස්ථාව ඇත්තේ පාකිස්ථානයට වේ. විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු වල පාකිස්ථාන පන්දු යවන්නන් දක්‍ෂතා අතරට පැමිණෙනු ඇත. ඉන්දීය පිතිකරු අංශය ශක්තිමත් බව සැබෑවක් වුවත් මූලික තරඟ වලින් අනතුරුව එන තරඟ තුනේදීම කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දු යැවීමට අවස්ථාවක් ලැබේය කියා සිතීම අපහසුය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ මේ කණ්ඩායම් දෙකටම වඩා පසුපසිනි. ඕස්ට්‍රේලියාවේ වඩා විශාල ක්‍රීඩාංගන වල අපේ ක්‍රීඩකයන්ට හයේ පහරවල් එල්ල කළ නොහැක. අන්ත දෙකින් නව පන්දු දෙකක් යොදා ගන්නා බැවින් පන්දුවේ නවතාවය රැඳී පවතින නිසා ප්‍රතිවාදී පිළේ වේග පන්දු යවන්නන් වැඩි ඕවර ගණනක් යවනු ඇත. එය ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයකි. දෝලනය වන නවසිලන්ත තණතීරුත් ඉපිල්ලිම වැඩි ඕස්ට්‍රේලියානු තණතීරුත් අපේ පිතිකරුවන්ට දෙන්නේ අස්වැසිල්ලක් නොවේ.

එසේම මේ තත්වය අපේ දඟ පන්දු යවන්නන්ට ද උචිත නොවන නිසා ඔවුන් නරඹන්නන් පමණක් බවට පත් වනු ඇත. මේ සැමටම වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය මෙවැනි තරඟාවලියකට උචිත නොවන බව පෙනේ. පිතිකරුවන්ට සුදුසු තණතීරු වල වුවත් ලකුණු 400 ලබා ගැනීමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශය සමස්ථයක් ලෙස ගත් කල වේගවත් නැතුවා පමණක් නොව ලකුණු 320 පමණ ඉලක්කයක් හඹා යාමට තරම් එයට දරා ගැනීමේ හැකියාවක් ද නැත. විශ්වාසදායක මැද පිතිකරුවෙක් ලෙස සිටිනුයේ නායක මැතිව්ස් පමණි. යලට මහට ක්‍රීඩා කරන ලසිත් මාලිංග හැරුණු කොට ශ්‍රී ලංකා පිළේ ප්‍රතිවාදීන් දමනය කළ හැකි පන්දු යවන්නෙක් ද නැත.

මෙයට අමතරව ලංකා කණ්ඩායමට සංචාරය කිරීමට සිදු වන ප්‍රමාණය ද වැඩිය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම නවසිලන්ත තරඟයට පමණක් රටින් පිට වන අතර නවසිලන්ත කණ්ඩායම මූලික තරඟ සියල්ලම සිය රටේදී මුහුණ දෙයි. එංගලන්ත කණ්ඩායම තරඟ තුනක් සඳහා නවසීලන්තයට ගොස් නැවත ඔස්ට්‍රේලියාවට එයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ තරඟ දෙකකින් අනතුරුව ඕස්ට්‍රේලියාවට ගොස් තරඟයක් ක්‍රීඩා කර නැවත නවසීලන්තයට පැමිණිය යුතු වෙයි. ඒ තරඟය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව නැවතත් ඔස්ට්‍රේලියාවට ගොස් හයවන තරඟය වෙනුවෙන් ටස්මෙනියාවට යෑමට සිදු වේ. මේ ඉතා වෙහෙසකට ව්‍යායාමයකි. හැරත් නවසීලන්තයේ දී මුහුණ දෙන තරඟ දෙක අතරතුර විවේක දින 7ක් ලබන ලංකා කණ්ඩායම රටවල් දෙක අතර ගමන් කළ යුතු තරඟ දෙකක් අතර ලබන්නේ විවේක දින දෙකක් හෝ තුනකි.

මේ තත්වය යටතේ අපට අවසන් තරඟයට ක්‍රීඩා කිරීමට ලැබුණොත් එය අලුතින් ශුද්දවරයට ඔසවන ලද ඉන්දීය ජාතික ජුසේ වාස් මුනි තුමාගේ ප්‍රාතිහාර්යයක් ලෙස වුවද සැළකිය හැක. මේ ගැන ඊට වඩා බලාපොරොත්තු තබා ගැනීම යෝග්‍ය නොවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට දෙතිස් කතාවෙත් සුබ පැතුම් එක් කිරීමට මේ අවස්ථාව කර ගනිමු.

එසේනම් දිනන්නේ කවුද

B කාණ්ඩයේ සිටින දකුණු අප්‍රිකා කණ්ඩායමත්, බටහිර ඉන්දීය කණ්ඩායමත් එංගලන්තය මුණ නොගැසුනොත් අර්ධ අවසන් පූර්ව වටයේදී ඉවත් වනු ඇත. ඉන්දීය කණ්ඩායමත් ශ්‍රී ලංකාව මුණ නොගැසුනොත් ඉවත් වනු ඇත. A කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය B කාණ්ඩයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි කණ්ඩායම් වේ. ඒ කරුණු නිසා නිසා මෙවර ලෝක කුසලානය ජය ගැනීමේ වැඩිම ඉඩකඩක් පවතින්නේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය හැරුණු කොට පාකිස්ථානය සතුව බව අපගේ නිගමනය වේ. නවසිලන්ත පාකිස්ථාන අවසන් මහා තරඟයක් වෙතොත් පාකිස්ථාන කණ්ඩායම මෙවර ලෝක කුසලානය දිනා ගනු ඇත.


35 comments:

  1. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. පහතින් දර්ශකයට පිවිසිය හැකියි. අපට ඔබගේ බ්ලොග් පිටුවේ ලින්ක් එක එවන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මේකෙන් මොකද්ද වෙන සෙත ?

      Delete
  2. අපිට අනුව නම් ඒ නවසීනන්තයම තමයි..... මේ ඔවුන්ට ලැබෙන හොදම අවස්ථාවයි... නමුත් සංගාටයි මහේලටයි සමුගැනීමට වෙන විදිහ ගැන නම් සතුටු නැහැ.........

    ReplyDelete
    Replies
    1. අනාවැකි පැවසීම කාගේත් විනෝදාංශයක්, ඒත්...
      ජනවාරි 8 වැනිදා සම්බන්දයෙන් පල කළ අනාවැකිය භයානක ලෙස වැරදීමෙන් පසු අනාවැකි කීම පිළිබඳව අප තුල ඇත්තේ දෙගිඩියාවක්.
      * නවසීලන්තය ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වනු ඇති බවත්,
      * ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව හමුවේ පරාජය වනු ඇති බවත්,
      * ශ්‍රී ලංකාව එංගලන්තය ඉදිරියේ පසු බසිනු ඇති බවටත්,
      * එංගලන්තය විසින් නවසීලන්තය පරාජය නොකරනු ඇති බවත් අපගේ අනාවැකිය වේ.

      මේ අනුව නම්, ඉදිරි තරඟ දෙක ජය ගැනීමෙන් අනතුරුව එංගලන්තය සමග ශ්‍රී ලංකාව ගැටෙන තරඟය බොහෝ තීරණාත්මක බව පැවසිය හැක.

      Delete
    2. හික්, කුරුටු ගී පොර කියන්නේ නවසීලන්තය කුසලානය දිනනවා කියලා. ඔබතුමා අමාරුවෙන් වටේ කැරකිලා කැරකිලා කියන්නේ නවසීලන්තය ඔස්ට්‍රේලියාවට විතරක් පරදිනවා කියල - ඒ පළමු වටයේ.

      ඒකෙන් කියවෙන්නේ නෑ නවසීලන්තය කුසලානය දිනන්නේ නෑ කියල... හික් ! ඒකෙ තේරුම ඔබ තුමා මෙතන කිසිම දෙයක් කියල නෑ.

      Delete
    3. ජොසෙෆ්,
      ඔබ අප විසින් රචිත ලිපියේ තැනක 'ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය හැරුණු කොට පාකිස්ථානය' සතුව මෙවර තරඟාවලිය ජය ගැනීමේ වැඩි ඉඩක් ඇති බව ලියා තිබෙනු නොදකින්නට නැතැයි සිතමු. හැරත් මේ වාද කිරීමට කරුණක් නොවේ. එතුමා නවසීලන්තය දිනයි'යි කියයි. ඒ හා සමග අපේ විවාදයක් නැත.

      Delete
    4. මිතුරනි,
      අනාවැකි වරදිනවා. ඒත් වරදිනවා කියලා මෙහෙමත් වරදින බව කලින් දැක තිබේද ?
      1. නවසීලන්තය ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වනු ඇති බවත්, (නවසිලතය ඔස්ට්‍රේලියාවට දුන්නේ දොඹෙන් යන්න !)
      2. ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව හමුවේ පරාජය වනු ඇති බවත්, (ඔන්න අද කෑව කෑමක් මතක හිටින්න !)
      3. ශ්‍රී ලංකාව එංගලන්තය ඉදිරියේ පසු බසිනු ඇති බවටත්, (එංගලන්තෙට දුන්නේ තරු විසි වෙන්න !!)
      4. එංගලන්තය විසින් නවසීලන්තය පරාජය නොකරනු ඇති බවත් අපගේ අනාවැකිය වේ. (එංගලන්තේ ලොකු රටවල් වලින් බද-කට පුරා කාල ඉන්නේ හරිම අමාරුවෙන් දැන්...)

      Delete
    5. ඔන්න...
      අද එංගලන්තේ කෑවා කෑමක් බංගලියන්ගෙනුත්, අමතක නොවෙන කෑමක් ඒක. පව් කියලත් හිතෙනවා. ඔය ගමන් ඇෆ්ගන් හොටලෙනුත් කාලම යයි කියල තමා මට හිතෙන්නේ. කොහොමද එහෙම උනොත්.. ?

      මොකද හිතන්නේ,
      දකුණු අප්‍රිකාව තරඟාවලියෙන් ඉවත් කිරීම --- ශ්‍රී ලංකා කණ්ඩායමමේ ඓතිහාසික වගකීම

      Delete
    6. ඔබේ මෙතෙක් අනාවැකි නම් නිවැරදි බව පෙනේ.
      විශේෂයෙන් ම ඉහත ඔබ පෙන්වා ඇති අනාවැකිය... "ශ්‍රී ලංකා කණ්ඩායමමේ ඓතිහාසික වගකීම" එය ගැන නම් කිසිවක් නොකියමි.

      Delete
  3. `පිතිකරුවන්ට සුදුසු තණතීරු වල වුවත් ලකුණු 400 ලබා ගැනීමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශය සමස්ථයක් ලෙස ගත් කල වේගවත් නැතුවා පමණක් නොව ලකුණු 320 පමණ ඉලක්කයක් හඹා යාමට තරම් එයට දරා ගැනීමේ හැකියාවක් ද නැත.`

    සහතික ඇත්ත. මට හිතෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ මොහොතේ ඓතිහාසික වගකීමක් තියෙනවා.
    නවසීලන්තයෙන්, එංගලන්තයෙන්, ඕස්ට්‍රේලියාවෙන් බඩ කට පුරා කාල,
    අනිත් පාංකඩ රටවල් තුනට අම්බානක නෙලලා,
    (වැඩිම ලකුණු වාර්තාව / අඩුම ලකුණු වාර්තාව තාමත් තියෙන්නේ ලංකාවේ නමට)

    ඊළඟ වටයේදී දකුණු අප්‍රිකාව...
    තරඟාවලියෙන් ඉවත් කිරීම.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාව අයත් වන A කාණ්ඩයේ එක රටක් අපරාජිතව ඊළඟ වටයට යා නම් ඒ ඔස්ට්‍රේලියාව පමණි. එහෙත් දඟ පන්දු යවන්නන්ට තරමක සහයක් දෙන සිඩ්නි ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව විසින් ඔස්ට්‍රේලියාව පරාජය කරනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි. එංගලන්තය නවසීලන්තය ඉදිරියේත් පරාජය වුවහොත් මේ කාණ්ඩයේ සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවේ උරුමයක් ම වේ යැයි සහතික කළ නොහැක. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම විසින් එංගලන්තය (හෝ ශ්‍රී ලංකාව හෝ --- එසේ වීමේ ඉඩකඩ ඉතා අඩුය) පරාජය කළොත් සිව්වන ස්ථානය එංගලන්තයේ භුක්තියට සවි උනා වේ.

      B කාණ්ඩයේ දකුණු අප්‍රිකාව අපරාජිතව සිටිනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ඉන්දියාව දකුණු අප්‍රිකාවට පමණක් පරාජය වී දෙවන ස්ථානය ලබා ගනු ඇත. පාකිස්ථානය විසින් දකුණු අප්‍රිකාව පරාජය කිරීමේ ඉඩක් පැවතුණත් එමගින් දකුණු අප්‍රිකාව මේ කාණ්ඩයේ ප්‍රථම ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකි වනු ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වෙතොත් එම කාණ්ඩයේ සිව් වන ස්ථානය සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර තරඟය ජය ගන්නා කණ්ඩායම විසින් හිමි කර ගනු ඇත.

      ඉහත විශ්ලේෂණය අනුව කිව හැක්කේ අර්ධ අවසන් පූර්ව වටයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට මුණ ගැසීමේ ඉඩකඩ සීමිත බවයි. එහෙත් ඉන්දියාව හෝ පාකිස්ථානය හෝ මුණ ගැසීමට වඩා දකුණු අප්‍රිකාව සමග තරඟයකට මුහුණ දේ නම් ශ්‍රී ලංකාවට ඊළඟ වටයට යාමට වැඩි ඉඩකඩක් ඇති බව පෙනේ.

      Delete
    2. ක්‍රිකට් කියන දේ මමනම් බලන්නේ උඩින් පල්ලෙන් විතරයි එක නිසා අනාවැකි කියන්න තරම් වැටහීමක් නැහැ. හැබැයි අතීතය මතක නිසා ජෝසප්ගේ අදහස හරිම් විනෝදාත්මකයි.
      ඇත්ත, අපෙ උදවියගේ වැඩ ඒ වගේ තමයි.
      මං හිතන්නේ ජෝසප් කියන ආකාරයට මෙවර කුසලානය දිනාගනියි කියන අනුමානයේ ඉන්න දකුනු අප්‍රිකාව දෙවැනි වටයේදී තරඟාවලියෙන් ඉවත් කොට තුන් වැනි වටයෙන් ගෙදර යාම තමයි ශ්‍රී ලංකාවට මේ තරඟාවලියේ පැවරිලා තියෙන වගකීම.
      අපි බලමු මොකද වෙන්නේ කියල.

      Delete
    3. සිතුවිළි තුමෝ,

      මම කියන දේ කිසි විනෝදයක් නෑ ඔබ තුමා ලංකාවට සපෝට් නම්. ඒත් හුදු නරඹන්නෙකුට මේ වගේ දේකින් පුළුවනි විනෝදයක් ලබන්න.

      මම උපකල්පනය කළේ, ලංකාව මැච් හයෙන් තුනක් දිනලා ඉතුරු තුන පැරදිලා කාණ්ඩයේ 4 වෙනියා උනොත්,
      අනික් කාන්ඩයේ 1 බවට පත් වන දකුණු අප්‍රිකාව එක්ක තරඟය වැටෙයි - ඒක දිනයි කියලයි. ඒත්...

      අපේ ක' මැතිතුමා කියන්නේ,
      ලංකාව 4 නෙවෙයි 3 වෙයි කියලයි. ඒ වගේම අනික් කාණ්ඩයේ රටවල් කොහොම වැටෙයිද කියන එකත් දැන්ම පැහැදිළි නෑ. විශේෂයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් අයර්ලන්තය ඉදිරියේ පරාජය උනාට පසුව. අයර්ලන්තය මට හිතෙන හැටියට ඕනෙම කණ්ඩායමක් පරාජය කළ හැකි දක්ෂ ක්‍රිකට් කණ්ඩායමක්. මේ තත්වය යටතේ සිම්බාබ්වේ පිලත් තර්ජනයට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා... අනේ මංදා,
      මමනම් අනාවැකි කියන්න යන්නේ නෑ !
      ඒත් නරකද චන්දයක් තිබ්බොත්, අර හොඳම ජනාධිපති තෝරනවා වගේ ?

      Delete
    4. ක්‍රිකට් සම්බන්ධව නම් මම දේශප්‍රේමියෙක් නෙවෙයි. මොකද මේ කාලකන්නි (කාලය කා දමන ) ක්‍රීඩාවෙන් පොදුවේ රට ලැබිය හැකි දෙයක්නැහැ. ඒක නිසා මම ඒකට වැදගත් කමක් දෙන්නේ නැහැ. හුදු නරබන්නෙක් කියල කියන එක වඩා හොඳයි. ඒත් ඉඳලා හිටලා සම්බන්ධ වෙන නරඹන්නෙක් විතරයි.
      ඔබේ අදහස විනෝදාත්මකයි කිව්වේ ලංකා කණ්ඩායම සාමාන්‍යයෙන් කබ්බොන්ගෙන් කාලා කබ්බෝ ෆොර්ම් කරලා ඊට පස්සේ ඉන්න හොඳම කණ්ඩායමට දුවන්න ගහන ජාතියේ කණ්ඩායමක් හින්දයි. ඉතින් මෙතැනදීත් අපේ කොල්ලෝ ටික ඒ අනන්‍යතාවය රැක ගනී කියල මට හිතුනා ඔබේ අදහස දැක්කහම. එච්චරයි.

      Delete
    5. ජොසෙෆ්,
      ඡන්දයක් තැබීම... ඔබ අදහස් කරන්නේ මත විමසුමක් කිරීම නම්, එය නරක දෙයක් නොවේ. එහෙත් එමගින් ලැබිය හැකි ප්‍රයෝජනයක් නැත. වැඩි දෙනෙක් විසින් දිනන බවට නම් කරන කණ්ඩායම දැන ගැනීමට බොහෝ මත විමසුම් අන්තර්ජාලයේ ඇත. ක්‍රිකට් පිළිබඳව විමසන්නේනම් ඊට වඩා බොහෝ වැදගත් ප්‍රශ්න තිබේ.

      උදාහරණ ලෙස:
      1. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශයේ දුර්වලම තැන කොතැනද ?
      [ආරම්භක | මැද පෙළ | පසුපෙළ]
      2. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුකරණයේ දුර්වලතාවය කුමක්ද ?
      [නව පන්දුවෙන් කඩුලු දවා ගැනීමේ නොහැකියාව | මුල් ඕවර 10 න් පසු ප්‍රතිවාදී පිතිකරුවන් බැඳ තැබීමේ නොහැකියාව | දෙවන පවර්-ප්ලේ අවස්ථාව | අවසන් පන්දුවාර කිහිපය]
      3. ශ්‍රී ලංකා කණ්ඩායමේ සමබරතාවය ගිලිහීමට හේතුව කුමක්ද?
      [.........]

      ඉහත ආකාරයේ ප්‍රශ්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව විසින් පවා විසඳා ගත නොහැකි ප්‍රශ්න වේ. එහෙත් මේ ශ්‍රී ලංකාව බැවින් සෑම දෙනාටම මේ කාරණා පිළිබඳව තමාගේම අදහසක් ඇත.

      Delete
    6. සිතුවිළි,

      ක්‍රිකට් ක්‍රීඩාව කාලය කා දමන බව සැබවි - ඒ නරඹන්නන්ගේය. නරඹන්නන් වෙනත් රාජකාරියක යෙදෙමින් තරඟ නරඹන විට මේ කාලකන්ණි කම කෙළක් වාරයකින් වැඩි වේ. එහෙත් ඒ වනාහී ලෝක ස්වභාවයයි. ක්‍රිකට් යනු 'sport' එකකට වඩා 'entertainment' එකකි. එසේම 'marketing tool' එකකි. ඒවා මේ වෙළෙඳපොල ආර්ථික ක්‍රමයේ අනිවාර්‍ය අංග වේ. ඒ නිසා ක්‍රිකට් තරඟ කිරීමත් තරඟ නැරඹීමත් කාලකන්ණි කමකැයි අරුත් ගැන්වීමට සපුරා විරුද්ධ වෙමි.

      ක්‍රිකට් ක්‍රීඩාව වෙනම ආර්ථික පද්ධතියකි. රටේ ආර්ථිකයට ඉන් ලැබෙන සවිය අපමණය. (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 'බංකොලොත්' වීමත්, එය ජනතා මුදල් කාබාසිනියා කරන පළාත් සභා මට්ටමේ සුදු අලියෙක් වීමත් වෙනම සාකච්ඡා කළ යුතු කරුණු වේ.)

      Delete
    7. හික් !
      ක්‍රිකට් ක්‍රීඩාව ආර්ථික මෙහෙයක් කළත්, එය කාලකන්ණි ක්‍රීඩාවකි. සියලුම ක්‍රීඩා කාලකන්ණි වේ. එහෙත් දවස් පහක් පුරා ගහන ක්‍රිකට් ක්‍රීඩාවට වඩා කාලකන්ණි දෙයක් වෙතොත් ඒ ප්‍රංශ සවාරිය පමණක්ය කියා සිතමි. රටේ දියුණුවට වැය කළ හැකි දින කීපයක් හුරේ දැමීම වෙනුවෙන් වැය කිරීමට වඩා කාලකන්ණි කමක් තවත් වේද ?

      Delete
    8. ක්‍රිකට් වල ආර්ථිකය මට නම් සමස්තය තුල සලකා බලන විට පුහු අදහසකි. ඇත්තෙන්ම එහි ඇති ආර්ථිකයක් නැත. වෙන්නේ බොහෝදෙනා තුල ඇති මුදල් ස්වල්පය වශයෙන් එක් කොට අතිවිශාල මුදල් සම්භාරයක් ගොඩ ගැසීම මිස අන් යමක් නොවෙයි. ඒ අතර එය අනවශ්‍ය සුවිශාල පරිභෝජනයක් ජනිත කරන ක්‍රියාවලියකි. මෙය ලෝක ආර්ථිකයට ගොඩනගන වත්කමක් නැති අතර ලෝක ආර්ථිකයෙන් සුවිශාල කොටසක් කා දමයි. මම දකින ඇත්ත එයයි. මෙය සියළුම ක්‍රීඩාවන් කෙරෙහි මෙන්ම තවත් ලෝකයෙහි අති ප්‍රභල මූල්‍ය සම්පාදන ව්‍යාපාරයක් වන කාම කර්මාන්තය (අද එය ඉන්ඩස්ට්‍රි එකක් ලෙස ලෝකය හඳුන්වයි ) වැනි ව්‍යාපාර කෙරෙහිද පොදු වූ තත්වයකි.
      එය මිනිසුන්ගේ කාලය මෙන්ම ලෝකයේ ආර්ථිකයද කා දමන්නක් පමනි.

      Delete
  4. මෙතැනට නොගැලපුනත්, ඔබගේ චන්ද විමසීමට ලැබී ඇති ප්‍රථිපල ගැන යමක් කියන්නම්.
    කඩිනම් මහ වැලිය, කොළඹ වරාය පුළුල් කිරීම, ගුවන් තොටුපල නවීකරණය, ජාතික ගුවන් සේවය ප්‍රථිසංවිධානය, ඇඟට දැනෙන මට්ටමේ මාර්ග සංවර්ධනය ඇතුළු බොහෝ වැඩ කල ජේ ආර් උතුමානන් ඡන්ද (03) ක් පමණක් ලබන විට.
    උදාගම්, නාගරික මහල් නිවාස, අතිවිශාල ආයෝජන ප්‍රවර්ධනයක්, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයක් ආදී වැඩ කොටසක් සිදු කල ශ්‍රීමත් ප්‍රේමදාස ජනාධිපති තුමා ඡන්ද (10) ක්ලබන විට.
    තවම කිසිවක් කිරීමට උත්සහයක් වත් දරා නැති මහින්ද කල දේවල් නොකිරීම පමණක් කර ඇති (හොඳ සහ නරක දෙකම ) සිරිසේන ජනධිපති තුමා ඡන්ද (17) ක් ලබා ගනී.
    කළ හානි වල්ට සාපෙක්ෂව කළ හොඳ යන ප්‍රශ්ණය ඡන්දය දුන් උන්ට නොවැටහීද නැතිනම් මට එය නොවැටහීවත්ද?

    ReplyDelete
    Replies
    1. ලැබෙන මනාප සංඛ්‍යාව කළ හොඳ/නරක අනුපාතයට සමානුපාතික නොවන බව මෙවැනි මත විමසුමක් කරන මොහොතේ අප විසින් දත යුතුය. එය වැරදි සංසන්දනයකි.

      ඉහත ප්‍රතිඵලයෙන් කියවෙන්නේ අපගේ 'දෙතිස් කතාව' කියවන බහුතරයක් ජූනියස් රිචඩ් (ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමති තුමා) පිළිබඳවත්, රණසිංහ ප්‍රේමදාස (උදාගම් ක්‍රමයේ නිර්මාතෘ) පිළිබඳවත් එතරම් අත්දැකීමක් නැති නවයොවුන් පිරිසක් බවයි. මේ අය දේශපාලනය අරඹන්නට ඇත්තේ ඇමරිකාවේ ජනාධිපති 'බිල් ක්ලින්ටන්'ය කියාගෙන ය. ඒ අයට ප්‍රථම අත්දැකීම් ඇත්තේ චන්ද්‍රිකා මැතිණිය සහ ඇගේ කුස්සි කැබිනෙට්ටුව ගෙන ගිය දුර්දාන්ත අකාර්යක්‍ෂම පාලනය ගැනය. ඊට සාපේක්‍ෂව 2005 න් පසු අවධිය ඉතාම හොඳ වීම මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලැබෙන ජනප්‍රසාදයෙන් පැහැදිළිය. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෝරා ඇත්තේ එල්ල කෙරුණු එහෙත් ඔප්පු නොකෙරුණු දූෂණ චෝදනා හේතුවෙන් මහින්ද රාජපක්‍ෂ කෙරේ වෛරී සහගතව සිටි තරුණයන් සහ පසුගිය 'රොබිං හුඩ්' අය වැයෙන් සහන ලැබුණාය කියා සැබවින් සිතන අයය.

      ඊට වඩා දෙයක් ඉහත මත විමසුමේ ප්‍රතිපල වලින් මෙතෙක් අපට දැනුණේ නැත. එය තහවුරු කර ගැනීමට වෙනම සංගණනයක් කළ යුතුව තිබේ - එතරම් දුර යාමට අපේ උනන්දුවක් නැත.

      Delete
    2. ඔව් ඇත්තෙන්ම මේ වගේ මත විමසුමකින් කියවෙන්නේ ඒ ඒ තැනැත්තා කළ හොඳ ගැන අදාළ 'නියැදිය' සිතන ආකාරයයි. එනම් චන්ද්‍රිකාට සාපේක්‍ෂව මහින්ද කොතරම් හොඳද යන්න නොව චන්ද්‍රිකා හොඳ යැයි කියන්නන්ට සාපේක්‍ෂව මහින්ද හොඳ යැයි කියන්නන් කොපමණ ප්‍රමාණයක් සිටීද යන්නයි.
      මෙය හිටපු ජනාධිපතිවරුන් පිළිබඳ මත විමසීමක් නොව පාඨක සමුහයා පිලිබඳ මත විමසීමකි.

      Delete
  5. කථා 32 ආයේමත් නිහඬ වෙලා..............
    ඇයි මේ.....................

    අපේ කනිෂ්ක මහත්තයා කථා 32ත් අමතක කරලා අරෙහේ ආතර අයියත් එක්ක වාදයක් ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. හික් !
      අනිත් මිනිසුන්ට හයින කියල අපහාස කරපු අපේ ?/= යාළුවට මී හරක කියල දාපු කැපිල්ලට මම කැමතියි. ඒත් එයාගෙත් ආතරගේත් දෙන්නගෙම පොදු සාධකය තමයි තමන් කියන දේ ම එල්බගෙන සිටීම. වෙන කෙනෙක් කියන්නේ මොකද්ද කියලවත් ?/= කාරයනම් පොඩ්ඩක්වත් හොයල බලන්න උනන්දුවක් නෑ. ආතර මාම ඒ අතින් ගොඩක් හොඳයි. මම ඕකට මැදි උනානම් ?/= කාරයාගේ මලගිය මෑණියන්දැත් වලෙන් නැගිට්ටවල ගන්න වෙනවා. එකයි මම එල්ලෙන්න නොයා හිටියේ. අපේ ක'යන්න අහු උනා. හරි පව් !

      Delete
    2. ඔව් ඒ කථාවනම් හරි,
      හැබැයි ඉතින් අපේ මිත්‍රයා අන්තිමට අර මී හරක් හංවඩුව මටත් ගහලනේ නැවතුනේ.
      අඩුගානේ මට ඒකට උත්තරයක් වත් දෙන්න දුන්න නම් තරහක් නැහැ.
      කමක් නැහැ නරියගේ මගුල් ගෙදර ආවහම කොකාටත් හොදි බොන්න වෙන්නේ පීරිසියෙනේ.

      Delete
    3. නිහඬතාවයක් ඇති බව පිළිගනිමි. ආතර යනු business case නමින් ප්‍රතිචාර දමන මහතා / මිය නම් ඒ ගැන කිව යුත්තේ ඔහු / ඇය හා වාදයක් නොමැති බවයි. ඔහු විමසයි - අප විසින් පිළිතුරු දේ. එපමණකි.

      Delete
    4. ඔව් ආතර විමසයි ඔබ පිළිතුරු දෙයි.
      මැද්දෙන් පැනලා මම ආතරගෙන් ඇසූ පැනය ගැන ටිකක් විමසිලිමත් වෙන්න එය ඔබේම යහපතට හේතු විය හැකියි!

      Delete
    5. Business Case හෙවත් මාතර ආතර ට ඔහුගේ පමණට ගැළපෙන පිළිතුරක් දීමි. ඔහුගේ 'සයක තුමා' හත් පොලේ ගා ගත් පසු නව ප්‍රවේශයක් ගෙන, අප හිස අත ගා, පිටේ නැග, රවුම් ගසා, වෙහෙසවා, එපා කර අනතුරුව සයකයා තමා විසින්ම වැටුණු වලෙන් අපේ උදව්වෙන්ම ගොඩ දා ගැනීම ඔහුගේ අභිප්‍රාය බව පෙනේ. Business Case සහ සයකයා යන මේ දෙදෙනාම එකෙක් වීය නොහැකිද ?

      Delete
    6. මේ දෙදෙනා, මට තේරෙන තරමින්, දෙදෙනෙකි.

      1. දෙදෙනා ලියන්නේ ශෛලි දෙකකිනි. ආතර නිසඳැස් ලියයි. කසයා හෑලි ලියයි.
      2. දෙදෙනාගේ පරමාදර්ශී චරිත වෙනස් ය. ආතර ක්‍රිෂ්ණමූර්ති හා අදිකාරම් අදහයි. කසයාට මේ දෙදෙනා පෙන්නන්නට බැරිය.
      3. ආතර සැම විටම අනෙකාගෙන් ප්‍රශ්න අසයි. සමහර විට කිසිම ගැලපීමක් පෙනෙන්නේ නැත. කසයා තමා උදාහරණ කොට දී අනෙකාට එසේ වීමට අණ කරයි.
      4. ආතර 'මොඩර්න්' නාකියෙකි - කසයා කෝපි කාලේ 'පොරක්'.
      5. ආතර දැන් 'business case' නම භාවිතා කරයි. කසයා, යසක, සයක යන නම් දෙකට අමතරව කවුරුන්ද සම සහ ?/= යන නමින් ද පෙනී සිට ඇත. ඒ හැර තව බොහෝ නම් වලින් ඔහු පෙනී සිටී.

      මේ දෙදෙනාම එකෙක් යැයි නොසිතමි. මේ දෙදෙනාම එකෙක් නම් ඔහු සැබෑ දක්ෂයෙක් විය යුතුයි. අනන්‍යතා දෙකක් සාදා ගැනීම පහසුයි - එහෙත් අනන්‍යතා දෙකක් දීර්ඝ කාලයක් නඩත්තු කිරීම අපහසුයි.

      Delete
    7. http://katha32.blogspot.com/2015/02/1948.html?showComment=1425290440979#c8494106251804861448

      දයාබර, ප්‍රියාදර, හිතාදර සිතුවිළි තුමෝ,
      ඔබතුමා වෙත ශෝකයෙන්, සංවේගයෙන්, හදපිරි සොවින් ලියා දන්වන වගනම්,
      "කතා කඩේ වැහෙන්නයි යන්නේ !"

      මොනවා හරි නොකළොත්,
      මුන්නාන්සේ ගොහිං,
      එහෙම (lcn) පදිංචි වෙයි.
      අපිට නිදහසේ යමක් කතා කර ගන්න තියෙන තැන නැති වෙයි.

      මෙන්න සාධක:
      https://lankacnews.com/sinhala/news/128956/#comment-1112472
      මොනවා හරි ඉක්මනට කරපියෝ ඕ ඕ ඕ ව් !!!

      Delete
    8. අහෝ ඛේදයකි, ඉරකි, තිතකි, මල කෙලියකි, මොකද මේ වෙන්න යන්නේ?
      ජෝසප් මොකුත් ලියන්නෙත් නැහැ, කණිෂ්ක මහත්තයා ඒ ගමන LCN එකෙ පදිංචි වෙලා. එතන ඉන්න බරපතල කථා 32 විරෝදියත් එක්කමයි පැටලුනේ.

      හැබැයි ජෝසප් මහත්තයෝ, අර චරිත දෙක ගැන කරපු සැසඳීම නම් අපූරුයි. ඒ ලියල තියෙන්නේ විහිලුවක් නෙවෙයි ඒත් හාස්‍යජනක විදියට ලියලා තියෙනවා.
      4 වෙනි එක කියවන කොට නම් තනිවම හිනා නොවී බැරුව ගියා.

      කොහොම උනත් කණිෂ්කයෝ..... කතා 32කේ දවස් ගනනාවකට එකම කොමෙන්ට් එකක් වත් නැහැ. මේක හොඳ තත්වයක් නෙවෙයි..

      මෙතැනට ආපු ආපු උදවිය ආපයින්ම අන්ත්‍රස්ධාන උනා. භූමියේ දෝශයක්වත්ද?
      සුමණෙට කියලා නැකතක් හදලා බහිරව පූජාවක් වත් තියමුද?

      හැබැයි එතකොට ඉන්න බහිරවයෝ දෙන්නත් ගියොතින් මල කෙලි දෙකයි.....

      Delete
    9. ජෝසප් මහත්තයෝ,
      වැඩේ හරියන පාටක් නැහැ, අපි දෙන්නා මෙච්චර ගෝසාවක් කරලත් අපේ කණිෂ්ක තුමා මේ පැත්ත දිහාවත් බලන්නේ නැති පාටයි.

      මට නම් පේන්නේ වැඩේ ජොං බාස්ටම ගිහිල්ලා වගෙයි!

      මොකද දැං අපි කරන්නේ?

      Delete
    10. කාට කාටත් කියන්නේ,
      අයේ... බ්ලොග් එකක්... හදනවානං....
      මේ වගේ එකක් නං.....
      හදන්න එපා....
      එතකොට......
      ඒ බ්ලොග් කාරයත්.....
      ඒ පාඨකයෝ දිහානං....
      බලන එකක් නැහැ....

      Delete
    11. ජෝසප් මහත්තයෝ,
      මොකද ඔබ තුමත් අන්ත්‍රස්ධාන වෙලාද?
      අපේ කනිෂ්ක මහත්ත්යානම් මේ දවස්වල කාර්‍ය භහුලයිලු!
      ඔන්න එතුමාට එහෙම මොකුත් කියනවා නෙවෙයි!

      Delete
  6. කණිෂ්ක මහතා වෙත මා විසින් එවන ලද ඊ මේල් පණිවුඩය ලැබෙන්නට ඇතැයි සිතමි.
    ඒක ටිකක් පල් හෑල්ලක් වගෙයි. හැබැයි ඉතින් ඔබ තුමාගේ අදහසුත් එකතු කරලා ඒක පල කරමු.
    අළුත්ම තත්වය වන අස්ගිරි හිමියන්ගේ අනුශාසනාව ගැනත් යමක් එතැනදී කියමු.
    මොකද කියන්නේ දැන්ම පල කරමුද?

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !