Friday, January 9, 2015

මෛත්‍රී පාලනයක් ... හැබෑට !!!

කෝ දෙනවා කීව යහපාලනේ කියල සමහරු අහනවා හිටං !



මහදවාලේ කළ හාර ලක්‍ෂයේ මංකොල්ලය

සතියකට පෙර මෛත්‍රී පාලනයක්ය යන්න ලෝකවාසීන්ට හුදු විහිළුවක් පමණක් විය. එසේ වූයේ අපේ ලෝකයේදී ය. ඡන්දයට පෙර දිනත් අප මිතුරන් හා ඉතා දෘඪව ප්‍රකාශ කළේ රාජපක්‍ෂ පාලනය බිඳ වැටීම පිළිබඳ අංශුමාත්‍ර හෝ සැකයක් ඇත්නම් අපේ දුරු කතර ගෙවාගෙන පැමිණ ඡන්දය ප්‍රකාශ කරන බවය. අපේ ලෝකයේ මහින්ද රාජපක්‍ෂ පාලනය (ඊනියා රෙජීමය) පෙරලා දැමීමේ හැකියාවක් තිබුණේ නැත. අපේ ලෝකය කොතරම් කුඩාදැයි එදා 8 වැනිදා ශ්‍රී ලංකාවේ අභිලාශ සහිත මහජනතාව අපට පසක් කර දුන්හ. ඒ වැඩි චන්ද හාරලක්‍ෂ ගණනකින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීමෙනි. මහත් උජාරුවෙන් මාගල් ගණන් දිග ලිපි ලීවාට අප ළිං මැඩියන් මිස පණ්ඩිතයින් නොවන බවට මීට වඩා අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත.

තුට්ටු දෙකේ හෙංචයියන් වෙනුවෙන් තම හිස දන්දුන් උදාර නායකයා

නිදහස් ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර පහළ වූ වඩාත්ම ජනහිතකාමී උදාර ජන-නායකයා පසුවදා සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් වන්නටත් පළමු සිය පරාජය පිළිගෙන ඊළඟ නායකයාට ඉඩ හෙළි පෙහෙළි කර ඉවත්ව ගියේ බහුතර ජනතාවගේ සෝ-සුසුම් මධ්‍යයේය. අප එසේ කියන්නේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේනට පළමු මනාපය පල කළ බොහෝ දෙනෙක් ඔහුගේ ජය පතා නොව ජනාධිපති මහින්ද රාජපක්‍ෂට පණිවුඩයක් නිකුත් කිරීම පිණිස එසේ කළ බව අප දන්නා නිසාය. මෛත්‍රීපාල සිරිසේනගේ මේ ජයග්‍රහණය ලංකාව ආසියාවේ ආශ්චර්‍යය කරා ගෙන යන මහින්ද චින්තනයේ තවත් එක් වැදගත් සන්ධිෂ්ඨානයක් වන්නේ එසේය. කොහොමත් වියැකෙමින් තිබූ සිංහලයාගේ ජාතික අභිලාෂයන් ඉටු කර ගැනීම පිළිබඳ බලාපොරොත්තු අවසන් වන්නේ එතැනිණි. එහෙත් මහරජ'ය කියා ඔහුට වන්දිභට්ට කම් කර ඔහුට මේ ඉරණම අත් කරදුන් අවස්ථාවාදීන් හෙට විළි-ලැජ්ජාවක් නැතුව මෛත්‍රී පසුපස ඇදෙනු ඇත.

මෛත්‍රී පාලනයක් - දින 100 ක් ... ඉතිං ඊට පස්සේ ???

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එතරම් වැඩක් ඇත්තෙන්ම නැත. ඔහු ජනාධිපති වූයේ වැඩ කරන්නට පොරොන්දු දී නොවේ - වැඩ නවතන්නට පොරොන්දු දී ය. හැරත් ඔහු ඉල්ලුවේ දින 100 පමණි. දින 100 ක් තුල කළ හැකි ඉටි ගෙඩියක් නැත. ඉතිං මේ දින සීය ඇතුලත ඔහුට කරන්නට ඇත්තේ සකල බුජං අරක ගෙනෙන් කියා අගමැති රනිල් කියන විට ඒක ගෙනත් දීමත්, සකල බුජං මේක ගෙනෙන් කියා කාර්‍ය නියමයක් නැති ඇමති චන්ද්‍රිකා කියන විට ඒක ගෙනත් දීමත් පමණි. අන්න ඒ ටිකනම් හරියට කරන්නට මේ හාදයාට හැකි බව අපට ඉර හඳ සේ විශ්වාසය.

ඒ දින 100 අවසන් වන තෙක් පාට පාට ලී ඇමති තුමාගෙන් ලැබෙන යහපාලන පෙට්‍රල් රුපියල් 100 ට ගසාගෙන රනිල් අයියාගේ බ්‍රේස්ලට් දමාගෙන දත් දොස්තරගේ චුයිංගම් හප හපා රවුම් ගසා චන්දි අක්කියා වගේ පරක්කු වෙනකං බුදියා ගැනීමට අපේ කාලයේ "බුද්ධිමත්" චන්දදායකයන්ට හැකිය. ඊට පසු සිදු වන දේ ...

දෙයියෝ දනී - මං නොදනී !



සටහන: මේ ලිපියේ මීළඟ කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න.

6 comments:

  1. මගේ අදහස
    http://anthoniyo-bahijata.blogspot.com/2015/01/plan-b.html

    ReplyDelete
    Replies
    1. 1. [මෛත්‍රීපාල මහතා විධායක ජනාධිපති ලෙස දිගටම | වාර ගණන2 | අධිකරණයට වගකියන තනතුරක් | දින 100වැඩපිළිවෙළ]
      --- ඔබ සිරා ගැන යම් බලාපොරොත්තුවකින් සිටින බව පෙනෙයි. එයට අභියෝග කිරීමට තවම කල් වැඩිය. අපටනම් බේබදු කොන්ත නෝනාගේ මෙහෙවර කරන සකල බුජං ගැන තඹ දොයිත්තු අලුක්කාලක විශ්වාසයක් නැත.
      --- වාර ගණන 2 නොවීමේ සෛද්ධාන්තික මිස ප්‍රායෝගික වාසියක් මටනම් නොපෙනේ. ඇමරිකාවේ වාර 2 නිසා අපත් වාර දෙකට සීමා විය යුතුද? හැරත් මහජනතාව කැමතිනම්, පත් වන්නේ මහජන කැමැත්තෙන්නම්, ප්‍රතිවාදියෙකුට අවස්ථාවකුත් සැළසේ නම් ඉදිරිපත් විය හැකි වාර කීය වුවත් වරද කිම ?
      --- අධිකරණ කිසිවෙකුට වග කියන්නේ නැති සහ එය මාෆියාවක් (කළු-කෝට් බමුණුකුල මාෆියාව) විසින් පාලනය කෙරෙන තත්වයක් තුල අඩු තරමින් විධායකය අධිකරණයට ඉහළින් පැවතීම සුදුසුය. විධායකට අධිකරණයට වග කියන රටවල (උදා. තායිලන්තය, පාකිස්තානය) මෑත කාලීනව සිදු වූ දේ විමසා බලන්න. හිටපු ජනාධිපති විසින් පත් කළ අගවිනිසුරුට මේ මාෆියාව අද සළකන අයුරු දකින ඔබට මෙවැනි අදහසක් පහළ වීමත් පුදුමයකි. මා විශ්වාස කරන්න: අධිකරණ යනු සබුද්ධික තීරණ ගැනීමට සුදුසු තැනක් නොවේ. විධායකය අධිකරණයට යටත් කිරීම මූලධර්මයක් වශයෙන්ම වරදකි.
      --- දින 100 වැඩපිළිවෙළ කරගෙන යාමට දිය යුතුය. ඒ දින 100 තමා අභ්‍යන්තරව ශක්තිමත් වීම පිණිස යොදා ගත යුතුය.

      2. [එක්සත් ජාතික පක්ෂයෙන් හැකි තරම් මන්ත්‍රීවරු පිරිසක් එක් කර ගෙන සන්ධාන රජයක්පිහිටුවියයුතු ය.]
      --- සිදු වන්නේ මෙහි අනෙක් පැත්තයි. නව ප්‍රජාතාන්ත්‍රික පෙරමුණේ ජනාධිපතිවරයා ශ්‍රී.ලං.නි.පක්‍ෂය බිලී බා ගැනීමට සකලවිධ යහපාලන උත්සාහයක් දරමින් සිටී.

      3. [මහින්ද රාජපක්ෂ මහතා කල යහපත් කටයුතු දිගටම කර ගෙන යා යුතු ය.]
      --- මහින්ද රාජපක්ෂ මහතා කල යහපත් කටයුතු මොනවාදැයි කිව යුතු වන්නේ ඔබට යහපත් කටයුතු යැයි පෙනෙන දේ මට එසේ නොපෙනිය හැකි බැවිණි. සිරිසේන ඇතුළු නඩයට පෙනෙන්නේ වෙනත්ම අයුරකිනි.

      4. [ආණ්ඩුවේ මහින්ද පාක්ෂිකයන්ගෙන් පලි ගැනීමනොකලයුතු]
      --- කීමට දෙයක් නැත.

      5. [මෛත්‍රීපාල මහතා බලය ලබා ගත්තේ දෙමළ, මුස්ලිම්ඡන්ද වලින් | මෛත්‍රීපාලගේ දේශපාලන අනාගතය | රට ලේවිලක් වීම]
      --- සිරිසේන බලය ලබා ගත්තේ ගෝත්‍රික චන්ද වලින්ය යන්න සත්‍යයකි. එහෙත් ඒ ගැන ඔහුට කළ හැකි දෙයක් නැත. මෙය ඔහු ඉල්ලූ දෙයක් නොවේ. සර්වබලධාරියා විසින් තෝරා ගත් පුද්ගලයා ඔහුය. තෝරා ගත් දේ මිස වෙන දෙයක් කිරීමට ඔහුට ඉඩක් නැත. සියල්ල සිදු වන්නේ පූර්ව යෝජිත සැලැස්මකට අනුවය. (සකල බුජං ...)
      --- මෛත්‍රීගේ දේශපාලන අනාගතයක් නැති බව ඔහුම කියන කළ ඒ ගැන වද වීමට දෙයක් නැත. ඔහු මෙතෙක් හැසිරුණේ තමාට අනාගතයක් ඇති පුද්ගලයෙකු වශයෙන් නොවේ.
      --- රට ලේ විලක් වීම විමල් විරවංශගේ බොරුවකි. ඕනෑ දේ නිකංම ලැබෙනා කළ ලේ හලා ගැනීමට තරම් දෙමළු සහ මුස්ලිමුන් මෝඩ නැත.

      6. [චන්ද්‍රිකා කුමාරතුංගව නැවත ලන්ඩනයට යැවීම]
      --- මෙය කෙරෙන දෙයක් නොවේ. ඈ ඇගේ මනාපයට පැමිණ ඇගේ මනාපයට පිට වී යනු ඇත. මෙහි රැඳී සිටීම ඇගේ මනාපය නොවේ. ලංඩනය ඇගේ නිවසයි.

      Delete
  2. http://www.divaina.com/2015/01/11/feature25.html

    ReplyDelete
  3. සකල බුජං කොට කලිසං නෙවෙයි අඳින්නේ.. හික් !
    එක නෙවෙයි, හොරගොල්ලේ ඇරුනම චන්දි නැන්දට වතුපිටිවලත් වලව්වක් තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. වතුපිටිවල නොව 'වතුපිටි වල' යි. නිට්ටඹුවේ වතුපිටිවල නොවේ.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !