Tuesday, January 27, 2015

ජහඃපාලනය සහ ඉන්දියානු අභිලාෂ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තම ධුරය බාර ගනිමින් කීවේ මම මේ රටේ අයිතිකාරයා නොව භාරකාරයා වෙමිය යන්නයි. එහෙත් 2009 න් පසු ඔහු තරමක නිර්වින්දනයකට ලක් වූ බව පෙනිණි. තමාට බලය ලබා දුන්නේ දුප්පත් බොහෝ දුරට අසරණ සිංහල ගැමි ජනතාව බව ඔහුට අමතක වීය කියා බොහෝ දෙනා කියතත් අප ඒ අදහස සමග එකඟ නොවෙමු.
කෑ පතේ පහරන්න එපා මනුස්සයෝ !

කෙසේ වුව නියමිත කාලයට පෙර කැඳවූ ජනාධිපතිවරණයෙන් පරාජය වී ඔහුට රජගෙට සමු දෙන්නට සිදු වීය. ඒ පරාජය ඔහුගේ සැලසුම් වල තිබුණක් නොවන බවනම් පැහැදිළිය. එසේම අනවශ්‍ය ජනාධිපතිවරණයක් කැඳවා පරාජය තමා වෙතට කැඳවා ගත්තත්, වෙනත් පක්‍ෂයකින් තරඟ කළ සිය ප්‍රතිවාදියාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය පවරා නොදිය යුතුය යන්න අපේ අදහස වුවත්, මහින්ද රාජපක්‍ෂ, වෙස්සන්තර රජ තෙමේ ඇලිඇතා දන් දුන් සේ පක්‍ෂයත් නිකංම දන් දී කිසි කලබලයක් නැතිව මැදමුලනට පල්ලම් බැස්සේය.



මල් සමය නිම වේවි දෝ ...

දැන් එළඹී ඇත්තේ ජහපාලන මධුසමයයි. මේ මධුසමය පවත්නේ දින 100 ක් පමණි. එය ඇරඹුණේ සාම්ප්‍රදායික ලෙස අග්‍රවිනිශ්චයකාරයා ඉදිරියේ දෙන ජනාධිපති ප්‍රතිඥාව ඔහු ඉදිරියේ නොදී "වෙන" විනිශ්චයකාරයෙක් ඉදිරියේ දීමෙනි. "වෙන සක්" ඉල්ලූ චන්දදායකයන්ට එය සැබෑ වෙනසක් ලෙස පෙනෙන්නට ඇත.

දෙවනුව සිදු වූයේ පාර්ලිමේන්තුවේ බහුතරය නැති පුද්ගලයෙක්, තම පක්‍ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්වත් රැක ගත නොහැකි දුර්වලයෙක්, එසේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනවරමක් ලබාගෙන ජනාධිපති වීය නොහැකි තරමට ජනතා විශ්වාසය පළුදු කරගත්, අගමැති වීමට ජනවරමක් නොමැති කෛරාටික ඒකාධිපතියෙක් අගමැති ලෙස පත් කිරීමයි. මේ බලහත්කාරකම සම්පූර්ණ සඳහා තමා විසින් අහෝසි කිරීමට ජනවරම ඉල්ලූ, අහෝසි කිරීම උදෙසා ජනවරම ලැබූ, කිසිදා භාවිතා නොකරන බවට හත් පොලේ දිවුරා පොරොන්දු වූ විධායක ජනාධිපති ධුරයේ බලතල භාවිතා කරන්නට සිදු වීම දෛවයේ සරදමක් ද නැතිනම් ජහපාලන හිමිකරුවන් අපට කළ කුපාඩි සරදමක් දැයි දන්නේ ඒ ඒ අය පමණි.

අපරාධකාරයින් විසින් අපරාධ වලට එරෙහිව හඬ නැගීම

ඒත් සමග සිදු වූයේ ලංකික දේශපාලනයේ සැබෑ ගන්දස්තාරය ලෝකයට පෙන්වන "අප්පච්චි මරා දැමීමේ" මෙහෙයුමයි. පැවති ආණ්ඩුවේ සිටි දූෂිත දේශපාලනඥයින් එකා දෙන්නා නොව බුරුතු පිටින් සරම කැහැපොට ගසාගෙන වැටෙන් රිංගා ජහපාලනයට එකතු වීමත්, ජහපාලනයත් කිසි අපුලක් නැතිව මේ දූෂිත බැටෑලියන් එකම ගෙඩිය පිටින් බාර ගැනීමත් අප දුටු දෙවන සැබෑ වෙනසයි. දූෂිතයින් පැත්ත මාරු කළ සැනින් අදූෂිත වීම පසුගිය කාලයේත් වූ බැවින් මේ වෙනස අලුත් වෙනසක්ම දැයි අපට ඇත්තේ ගැටළුවකි. සමහර විට වෙනස යැයි කියන්නට ඇත්තේ දූෂිතයින් ජහපාලන ජලයෙන් සෝදා බෞතිස්ම කර පව් සමා කිරීමෙන් අනතුරුව ඒ දූෂිතයින් ලවා ඉතිරි අයට චෝදනා කරවීම විය හැක.

ගුටි කනසුළු සීදේවි මූණක් ඇති පුතෙක් සිටින කැළණිය ප්‍රදේශයේ කුප්‍රකට මන්ත්‍රී තුමෙකුත්, නිලබලය භාවිතා කර මිනිසුන් පැහැරගෙන ගොස් මරා දැමීමට සැකකාරයෙක් වී රක්‍ෂිතබන්ධනාගාර ගත වූ පොලිස් නිලධාරියෙකුගේ 'ශිෂ්‍යයින් පැහැරගෙන යාමට චෝදනා ඇති' භාර්යාවකුත් අනෙක් අයට එරෙහිව චෝදනා කරන්නට ඉදිරිපත් වීමෙන් මෙය තහවුරු වේ. ජහපාලනය තහවුරු කර ගැනීම පිණිස දෙන මේ "දුෂිත" මුක්කුව විසින් එකී දූෂිතයින් ගංගා නම් ගඟේ ගිල්වා ගත්තා සේ පාරිශුද්ධ කරනු ඇති බවට "වෙනසක්" බලාපොරොත්තු වූ නාගරික සබුද්ධික ජනතාව තම තමන්ගේ ඉහ තුල වැජඹෙන මොළ වලින් තේරුම් ගන්නවා ඇත - තේරුම් ගෙන අපටද පැහැදිළි කර දෙනු ඇත.

ජනමාධ්‍ය නිදහස

ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය අපක්ෂපාති නොවූ බවට ප්‍රබල චෝදනාවක් තිබිණි. ලංකාවේ වැඩියෙන්ම විකිණෙන පුවත්පත වන ලංකාදීපය සහ එහි සහෝදර ඉංගිරිසි සහ අනෙක් මාධ්‍ය පුවත්පත්, ලංකාවේ වැඩිම දෙනෙක් "ලොල්" වී සිටින සිරස සහ එහි අනෙක් මාධ්‍ය විද්‍යුත් නාලිකා ඇතුළු බොහෝ මාධ්‍ය ජහපාලන රෙජීමය පිහිටුවා ගැනීමට එළිපිට කටයුතු කළ අතර රාජ්‍ය මාධ්‍ය සුපුරුදු සේ ආණ්ඩුවේ මාධ්‍ය භූමිකාව ඉටු කළෝය. දැන් හිටපු ජනාධිපති පරාජය වී අලුත් ජනාධිපති විසින් ආණ්ඩු බලය මංකොල්ල කාරයින් රැළක් අතට පත් කර ඇති මොහොතක වෙන කවරදාකත් නොවූ විරූ අයුරින් ජනමාධ්‍ය සිය පක්‍ෂපාතී බව නිරුවත්වම පෙන්නුම කරමින් සිටී.

කටකතා පිළිබඳ හසළ අත්දැකීම් ඇති අලුත් විදේශ ඇමතිතුමා තමාගේ එකම හැකියාව ප්‍රයෝජනයට ගනිමින් පැරදුණු රාජපක්‍ෂලාට බිම දාගෙන නෙළයි. ඒ ඇමතිතුමා විසින් ගැළවීමේ හමුදාවේ අණ දෙන නිළධාරී තනතුරට නිර්දේශ කෙරුණු හිටපු හමුදාපතිතුමා තමාගේ පලිය ගැනීමට මෙය අවස්ථාව කර ගැනීමට වලිකයි. ඒ අතර විදුලිබල ඇමතිකම වෙනුවෙන් ජන්ද පදනම නැති කරගත් පැවිද්දෙක් සහ ඇමතිකෙනෙක් ජහපාලනයට චන්දය දුන් ගෝත්‍රිකයින් අතරින් අලුත් ජන්ද සොයා ගැනීම පිණිස දෝ මේ කටකතා වලට ලුණු ඇඹුල් නොමිලේ එක් කරයි. මේ ජහපාලනයේ හැටිය.

නීතියේ අධිපත්‍යය

එසේම, හිටපු දූෂිත අගවිනිසුරුතුමිය ඉවත් කළ නීත්‍යානුකුල ක්‍රමය අයෝග්‍යයැයි ජහපාලන කර්මාන්තයට මුල්ගල තැබූ නාග විහාරවාසි සෝභිත තෙරුන්නාන්සේගේ සිට ජහපාලන කර්මාන්තයේ උරුමක්කාර පොල්මහඃකාර සියල්ලන්ගේ අදහස වීය. එහෙත් ඊට සුදුසු ක්‍රමය කවරේදැයි කවුරුත් මෙතෙක් කල් අපට කියා දුන්නේ නැත. ජහපාලන රෙජීමය දැන් අපට පෙන්වා දෙන අයුරින්නම් කළ යුතුව තිබුණේ හිටපු අග්‍රවිනිශ්චයකාරතුමියට විරුද්ධව කළු කෝට් අඳින හෙංචයියන් සහ හෙංචක්කලා ලවා උද්ගෝෂණය කරවීමත්, ඈට දුරකථනයෙන් මරණ තර්ජනය කරවීමත්, ඇගේ ගෙට පැන බිය ගැන්වීමත් ය. මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එදා තිබුණි නම් වැලිවේරියේ අසරණ තරුණයා ආරක්ෂක අංශ වෙතින් වෙඩි කන්නේ නැත. ඒ වෙනුවට ඔහු ලිපියක් ලියා තබා ලිඳේ පනිනු ඇත. බලාගෙන යනකොට ජහපාලනය හරිම අපූරු ක්‍රමයකි.

තවම ගියේ යාන්තම් දින 20 ක් පමණි. හොඳ හොඳ සෙල්ලං එළි වෙන ජාමෙටලු ... හිටං !

දුක් ගැනවිලි

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග (ජනාධිපති වූ පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග) මහත්මිය වරක් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තමාට මාසේ විස්කි වියදමවත් හොයා ගන්නට බැරි බවත් මේ දින කීපය ගත කරන්නේ පරම්පරාවෙන් ලැබුණු ඉඩකඩම් විකිණීමෙන් බවත් ය. මෙහි අරුත ශ්‍රී ලංකා ජනරජය ඇගේ විශ්‍රාමික සමය සුදියේ ගත කිරීමට තරම් මුදලක් ඈ වෙනුවෙන් වෙන් නොකරන බවයි. ජහපාලන රෙජීමය පිහිටුවා ගැනීමට දරදිය ඇද කළ කැප කිරීම වෙනුවෙන් ඇගේ රට වන එංගලන්තය ඇගේ විශ්‍රාම දිවිය ඒ රටේ ගත කිරීමට ප්‍රමාණවත් මුදලක් ඈට ප්‍රදානය කරන්නට ඇතැයි අපේ අහිංසක බලාපොරොත්තුවයි. වික්ටර් අයිවන් තුමාගේ පොතේ දෙවන කොටසක් කියවීමට අපට කිසි අවශ්‍යතාවයක් නැත.

දැන් අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දුක් ගැනවිල්ල කියවමු.
හිටපු ජනාධිපති තුමාගේ දුක්ගැනවිල්ල
මගේ ආණ්ඩුව මේ චෝදනා ගණන් නොගෙන සිටි බවත් ඒවාට නිසි වේලාවට ප්‍රතිචාර නොදැක්වූ බවත් මම ස්වයංවිවේචනාත්මකව පිළිගනිමි.යි ඔහු අවසන් වශයෙන් කියයි. එය සැබෑවකි. රාජපක්‍ෂ ආණ්ඩුව තුල චෝදනා වලට නිසි ප්‍රතිචාර දැක්වීමට කෙනෙක් සිටියේ නැත. සිටියේ හේනේ මාමලාය - හෙවත් කුණු අපුල්ලන්නෝ ය. එහෙත් හේනේ මාමලා ඉබේ පහළ වූවා නොව තමා විසින්ම පත් කරගත් ගස්-ගොබිලන් බව තේරුම් ගැනීම වැදගත්ය. චෝදනා එන විට චෝදනා මගහැරීම සහ නෑහුනා සේ සිටීම නිවැරදි ක්‍රමය නොවේ. විශේෂයෙන් මංගල සමරවීර වැනි කටකතා වලින් ජනමතය වෙනස් කිරීම පිළිබඳ නම් දැරූ පුද්ගලයෙක් ප්‍රතිවාදී පිළේ සිටින විට - බොරු චෝදනා නගා රටවල් ආක්‍රමණය කරන, රටවල් වල පාලනය වෙනස් කරන නව ලෝක රටාවක් නැගීගෙන එන මොහොතක, චෝදනා කරන අයටම ඒ චෝදනා ඔප්පු කිරීමේ හෝ බොරු චෝදනා කිරීමේ වරදට දඬුවම් විඳීමේ හෝ අවස්ථාව සළසා දිය යුතුව තිබිණි. එය එදා කළේනම් අද හුටු-හුටු ගාන්නට සිදු වන්නේ නැත.

මේවා හොර රහසේ කෙරුණු දේ නොවේ. රාජපක්‍ෂ ගඩාබි සේ බිම දිගේ ඇදගෙන යන බවත්, සදාම් හුසේන් සේ එල්ලා දමන බවත් ජහපාලනයේ පෙරගමන්කරුවන් විසින් තම තමන්ගේ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ අද ඊයේ නොවේ. එසේම ඒ මාධ්‍ය ඉතාම එළිපිට අතේ පත්තු වන බොරු ඇතුලත් දූෂණ චෝදනා නිරන්තරයෙන් ඇසෙන්නට දකින්නට සැලැස්වූයේ වසර ගණනාවකට පෙර සිටයි. එළිපිට පෙනෙන මහදවාලේ කළ මංකොල්ල වන හෙජිං මගඩිය, මාළු මංකොල්ලය, අරලිය හෝටල් මංකොල්ලය, මහවැලි ගඟේ වැලි මාෆියාව, මිහින් ලංකා ආයතනය, ගෝල්ඩන් කී මගඩිය සහ තවත් බොහෝ දූෂණ වලට එරෙහිව රාජපක්‍ෂ ආණ්ඩුව විසින් කළ දෙයක් නැති විට ඒවායේ සැකකරුවන් සහ චූදිතයන් මොන හෙණයක්වත් නැතිව හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින විට මේවායින් 10% රාජපක්‍ෂලාටත් යනවා යැයි හංදියේ රස්තියාදුකාර ත්‍රිවිල් මල්ලි කියද්දී විරුද්ධ වන්නට පෙළඹෙන්නේ කවුද ?

රාජපක්‍ෂලාට ජනබලයත් ආණ්ඩුබලයත් ඕනෑවටත් වඩා තිබිණි. මේ චෝදනා කිසිවකට පිළිතුරු දීමට ඒ අයට (ආරක්‍ෂක ලේකම් ගෝඨාභයට හැර) කිසි උවමනාවක් තිබුණේ නැත. බලය ඇති විට නොකළ දේ බලය නැති විට කිරීමට නොහැක. දැන්නම් කිරීමට හැක්කේ චුරු-චුරු ගෑමත් ප්‍රවෘත්ති සාකච්චාවක් තබා කඳුළු සැලීමත් පමණි.

රාජපක්‍ෂලාට මේ කෙරෙන චෝදනා දින 100 මධුසමය ගෙවා ගැනීමට කෙරෙන තොදොල් වීමක් පමණි. සමහර විට රාජපක්‍ෂ නිහඬ කිරීමට පමණක් මේවා යොදා ගනු ඇත. එයට වඩා කල් පවත්නා දැක්මක් හා ක්‍රියා මාර්ගයක් මේ තුල නැත. ඒ නිසා මේවාට පිළිතුරු දීමට වෙහෙසීම අද දවසේ කාරිය නොවේ. චෝදනා කරන අයට ඒවා ඔප්පු කිරීමට අවස්තාව දී තමා ගේ අනාගත දේශපාලන ව්‍යාපෘතිය සඳහා සූදානම් වීය යුතුය. චෝදනා පිළිබඳ යොමු වීමෙන් සිදු වන්නේ කටකතා හමුදාවේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීමට සිදු වීමයි. ජහපාලන රෙජිමයේත් ඒ රෙජීමයේ හාම්පුතා ලෙස සැළකිය හැකි රෝ සංවිධානයේත් බලාපොරොත්තුව එයයි. කටකතා ප්‍රචාර බාර විදේශ ඇමතිතුමා විදේශ කටයුතු අමාත්‍යංශයට ගොඩ වීමටත් නැති හදිස්සියකින් තකහනියේම ඉන්දියාවට ගියේ තිරුපති හෝ වේලක්කන්නි වන්දනාව පිණිස නොවන බව පැහැදිළිය.

අප ඉන්දියාවේ න්‍යාය පත්‍රයට අනුගත වීය යුතු නැත. ඉන්දියාව අප මත බලෙන් පැටවූ 13 බලාත්මක කර ගැනීමට මේ දින 100 තුල (ත් ඉන් පසුවත්) උපරිම උත්සාහය දරනු ඇත. එය පරාජය කිරීමේ අන්සතු කළ නොහැකි වගකීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ඇත. මක් නිසාද, 2010 දී අප ඔහුට චන්දය දුන්නේ ඒ වෙනුවෙන් සහ ඒ වෙනුවෙන් පමණක් බැවිණි. රාජපක්‍ෂ එය නොකර පක්‍ෂය බාර දුන්නා සේ එයත් සිරිසේනට බාර දී මේ ජාතික වගකීමෙන් කර ඇරියොත් ඔහුගේ නම ඉතිහාසයේ ලියවෙන්නේ චන්ද්‍රිකා සේ ම ජාතියට ණය කරුවෙක් සේ ය.

10 comments:

  1. පව්........... අෆ්ෆා............

    ReplyDelete
    Replies
    1. ඔව් බුවා පව් අප්පා තමා...
      (පව්........... අෆ්ෆා............ නෙමේ ! උඹ කොන කපලද ?)

      Delete
    2. MaXa. උගෙ කොන මවල නෑලු.

      Delete
    3. මිතුර කුරුටු ගී,

      ඔබට සතුටු වීමට යම් අයිතියක් ඇත්නම් අපට දුක් වීමට ද එපමණම අයිතියක් ඇත. එසේම දුක් වන අප උපහාසයට ගැනීමට ඔබටත් එපමණ ම අයිතියක් තිබෙන බව අපි දනිමු. ඔබේ ඒ අයිතියට අප ගරු කරමු.

      එසේම ඔබ මේ ජුන්ටාව ඇති කිරීමට චන්දය දීම සහ කටකතා පැතිරවීම හැර වෙන දේකින් දායක වී නැත්නම් ඔබ මේ ජුන්ටාවේ හවුල් කරුවෙක් නොවේ. ඒ නිසා දින 100 අහවර වී ඔබ දුකට පත් වන මොහොතේ දුක බෙදා ගැනීමට අප සූදානම්. එදාට අප ඔබට සමච්චල් කරන්නේ නැත. ඒ අප තුල ඔබ කෙරේ ඇත්තේ අනුකම්පාවක් වන බැවිණි.

      Delete
  2. සමහර තරුනයො තමන්ගෙ වීරයාට එරෙහිව චන්දෙ දුන්නෙ ලැම්බොගිනි 29ක් ගැන උපන් ඊරිසියාවෙනි. දවස් 20ක් ගිහිනුත් අහු උන ලැම්බොගිනියක් නැත. දැන් ඉතින් පෙරලුන අත හොදා කියා අපි ඉන්නෙමු.

    ReplyDelete
    Replies
    1. මිතුර ඔබ දෙතිස් කතාවට සාදරයෙන් පිළිගනිමි.

      මේවා සංවිධානාත්මක කටකතා පැතිරවීම් වලට උදාහරණ වේ. ඕනෑම හෝටලයක්, වාහනයක් රාජපක්‍ෂලාට බාර දීම කිසි සේත් තර්කානුකුල නොවූවත් බොහෝ මිනිසුන් චන්දය දෙන්නේ තර්කානුකුලව නොවේ.

      Impulse (සිංහල වචනය සිතා ගත නොහැක) වෙළෙඳමේදී බහුලව යොදා ගැනේ. පාරිභෝගික සන්තානයේ ක්‍ෂණික පෙළඹවීමක් ඇති කිරීම මෙමගින් කෙරේ. අර කට කතා විසින් ඉටු කරන්නේ එකී impulse සැපයීමයි. විස්වාස කළ නොහැකි මට්ටමේ දෙයක් එක වර කී විට කිසිවෙක් එය විශ්වාස නොකරත් - එහෙත් එය මතකයෙන් ගිලිහී නොයයි. එයම නැවත නැවත ඇසෙන විට...

      Delete
  3. යහපාලනේ නෙමේ මේක ජහඃපාලනේ... ඒක හරියටම හරි !

    "රස්තියාදුකාරයින් විසින් රස්තියාදුකාරයින් වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද බොරුකාර රැවටිලිකාර මයිරනිල් රෙජීමය" කියා මා මේ ආණ්ඩුව හැඳින්වීම හරියටම හරි බව අද කරුපයියා මහතා ඉදිරිපත් කළ ඊනියා අයවැයෙන් මොනවට පැහැදිළි විය. මයි-රනිල් රෙජීමය රස්තියාදු කාරයින්ට නම් බොහෝ සහන දී ඇත. නිකමුන්ටත් යමක්-කමක් දී ඇත. ඒ සඳහා රටට වැඩක් කර කිසියම් නිෂ්පාදනයක් කළ ධනෝපායන ක්‍රම ඉපිදවූ මිනිසුන්ට දඩ ගසා ඇත. සැමදා බදු හොරා කන කිසිදා බදු නොගෙවන හම්බයින් එතැනත් දිනුම්. ආදායම් නොසඟවන මැලිබන් වැනි සිංහල දෙමළ ව්‍යාපාරික ආයතන ඒවාටත් හරි යන සේ බදු ගෙවිය යුතුය. මේ දීර්ඝ කාලීනව අහිතකර ප්‍රතිවිපාක ඇති කරන පියවරකි. මේ රෙජීමයේ ආයු කාලය දින 100 නිසා කරුපයියාට ඒවා පෙනෙන්නේ නැත.

    රාජපක්‍ෂලාගෙන් පළි ගැනීම පිණිස CSN ආයතනය ඉලක්ක කර දඩ ගැසීම තකතීරු කමකි. මේ දේ තව දින 100 කින් කොටි සිරසට නොවේ කියා සහතික කළ හැක්කේ කාටද ? සිරසට මේ දේ සිදු වූ දාට නම් මේ රටේ සිංහල ජනතාවට සෙත සැලසුණා වේ.

    ReplyDelete
    Replies
    1. මේ අයවැයක් නොව අතුරු අයවැයකි. මෙහි මුඛ්‍ය අරමුණ සිරිසේන රෙජීමය පිහිටුවා ගැනීම පිණිස බර දැරූ දෙමළ සහ මහමදික ජනතාව පිනවීම බව පෙනේ. ඒ අතර ඔබත් කියන පරිදි, කටකතා පැතිරවීමෙන් රාජපක්‍ෂලාට වැටෙන චන්ද බොහෝ ප්‍රමාණයක් අඩු කිරීමට දායක වූ ත්‍රිරෝද රථ රියැදුරන්, ෆේස්බුක් නංගිලා මල්ලිලා ඉලක්ක කර බොහෝ සහන දී ඇත. විශ්ව විද්‍යාල වල පිංපඩි කන ආචාර්යවරුන් පිනවීමට දෝ 6% දෙන බවත් කවුදෝ කියා තිබුණා මතකයි. මේ සියල්ල අතර ඔබලා දුටුවා දැයි හරියටම නොදන්නා දෙයක් පෙන්වා දීමට සිතුණා.

      කිරිපිටි හැරුණු කොට මේ අයවැයෙන් බදු සහන ලැබුණු බොහොමයක් ඉන්දීය නිෂ්පාදන. රාජපක්‍ෂ රජය ඉන්දියාවට කෙනිත්තීම පිණිස සමහර අවස්ථා වල බදු පනවනු අප දුටුවා. මේ කර ඇත්තේ එහි විලෝමය. ඉන්දීය කසල ගොඩ පිටින්ම ලංකාවට බා ගැනීමට මග හෙළි කිරීමයි මේ කර ඇත්තේ. චීනය ලංකාවේ කරන කටයුතු පිළිබඳව ඉන්දීය මාධ්‍ය හැසිරුණු සැක කටයුතු ආකාරය, ඕනේ ගොනෙකුට ඇමැති කමක් කරන්න හැකි බව ඔප්පු කළ කිරිඇල්ල මහතාගේ ප්‍රකාශ, විදේශ ඇමැතිතුමාගේ දඹදිව වන්දනාව සමග රවින්ද්‍රන් කරුනානායගම් (ඔහුගේ නම කරුපයියා බව ඔබට විශ්වාසද?) මහතාගේ "අයවැය" රචනාව එකට ගෙන බැලූ විට අප ඉදිරියේ මැවී පෙනෙන්නේ රෝ සංවිධානයේ සාර්ථක මෙහෙයුමක්.

      Delete
    2. රවින්ද්‍රන් කරුනානායගම්ගේ නම කරුපයියා බව...

      මේක අන්තර්ජාලයේ දුටු දෙයක්. කරුපයියා උනත් කරුනානායගම් උනත් පොර දෙමළෙක් බව පැහැදිළියි. මෙතන වැදගත් වන්නේ ඔහු තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන මහජනතාව වෙත වෙනස් මුහුණක් මවා පෑමයි.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !