Monday, January 12, 2015

යහපාලනයක්

මේ දෙතිස් කතාවේ පල වන 100 වන ලිපියයි. සියය සපුරන මේ ලිපියෙන් යහපාලනය ගැන සොයා බලමු.
ඔන්න මාත් දිවුරුම් දුන්නා... හිටං !


විධායක බලතල නැති ජනපති වැඩ ඇල්ලීම

වැඩ ඇල්ලූ විධායක නැති ජනපතිගේ පළමු කර්තව්‍යය වූයේ මහජන චන්දයෙන් විපක්‍ෂ නායක බවට පත් කළ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමයි. ඔහුට පාර්ලිමේන්තුවේ ඇති මන්ත්‍රී ධුර ගණන කීයදැයි අභිනව ජනාධිපතිතුමා දන්නේදැයි සැක සහිතයි. මේ තමාගේ විධායක බලය අනිසි ලෙස භාවිතා කිරීම නොවේනම් කුමක්දැයි ඊනියා බුද්ධිමතෙක් පැමිණ අපට කියා දේනම් යහපති.

අද රාත්‍රී ප්‍රවෘත්ති වලට කියවුණේ මෛත්‍රීපාල ශ්‍රී.ලං.නි.පයේ සභාපති ධුරයට එහි මධ්‍යම කාරක සභාව විසින් පත් කර ගත් බවයි. මේ තක්කඩි කමකි - තරුද නිදන මහ රෑ මහජනතාව මෛත්‍රී පාලනයක සුභ සිහින දකිමින් නිදා සිටින විට කළ කළු අරලිය හෝටල පන්නයේ ගසා කෑමකි. මෛත්‍රීපාල ජනාධිපති වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයා වශයෙන් නොවේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වශයෙනි. ජනාධිපතිවරණයේදී ඔහුට සහය නොදුන් ශ්‍රී.ලං.නි. පක්‍ෂයේ සභාපති වශයෙන් ඔහු පත් කර ගැනීම ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් ඇතුළු මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ 5,768,090 ක මහා ජනකායකගේ අයිතිවාසිකම් උල්ලංඝනයකි. පනස් හත් ලක්‍ෂ හැට අටදහස් අනූවක ජනතාවක් එදා 8 වැනිදා ඡන්දපොළට ගොස් හඬ නොනගා කීවේ මෛත්‍රීපාල එපාය කියාය. එතරම් ජනතාවක් එපා කී පුද්ගලයෙක්, විශේෂයෙන් වෙනත් පක්‍ෂයක පුද්ගලයෙක් තම පක්‍ෂයේ සභාපති කර ගැනීමට ශ්‍රී.ලං.නි.පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ ඉන්නේ පිස්සන්ද, නැතිනම් මුං ඔක්කෝටම චන්දි අක්කාගේ සරුවත් පෙවිලාද?

දින 100 න් පසු :- ජන්දය භාවිතා නොකළ ජන්ද දායකයෙකුගේ අවංක අදහස

ජනවාරි 8 පැවති චන්දයෙන් ජනවාරි 9 වැනිදා ජනපති වූ මෛත්‍රිපාල සිරිසේනගේ යහපාලනයේ දවස් තුනක (9, 10 හා 11) සාරාංශයයි ඉහත ඉදිරිපත් කරන ලද්දේ. අර රුපියල් 100 යේ යහපාලන පෙට්‍රල් නම් තවම ලැබෙන පාටක් නැත. සමහර විට ශුද්ධෝත්තම පියතුමා පැමිණි පසු ඒවා ලැබෙනු ඇත.

යහපාලනයේ සම්පූර්ණ ගුණාගුණ ගැන විවේචනය කිරීමට තවම කල් වැඩිය - හැරත් එසේ කිරීමට අප කවුද - අප ළිං මැඩියන් මිස බුද්ධිමතුන් හෝ පණ්ඩිතයින් හෝ නොවන බව මේ රටේ "සබුද්ධික" මහජනතාව යසරඟට පෙන්වා දී ඇත. ඒ නිසා යහපාලනය පසෙක දමා යහපාලනයෙන් පසු අවදිය ගැන කතා කරමු.
  1. මහින්ද රාජපක්‍ෂගේ සේවය ලංකාවට තවදුරටත් අවශ්‍යය.
  2. මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දුන් සිංහලයින්ගෙන් බොහෝ දෙනෙක් මහින්ද රාජපක්‍ෂ විරෝධීන් නොවේ - එහෙත් දූෂණ පිළිබඳ අතිශයෝක්තියට නැංවූ කතාන්තර ඔවුන් ඒ තත්වයට පත් කිරීමට සමත් විය. (මෙය පෞද්ගලිකව අපත් පිළිගන්නා දෙයකි. හෙජිං ගණුදෙනුව, අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරුණු සුධර්මන් රදලියගොඩ පිළිබඳ නීතිය ක්‍රියාත්මක නොකිරීම, මනම්පිටියේ වැලි ගොඩදැමීම පාලනය කරන මාෆියාවට එරෙහිව ක්‍රියා මාර්ග නොගැනීම, අරලිය හෝටල මංකොල්ලය වැනි කටකතා මට්ටමින් එහා ගිය ප්‍රසිද්ධ දූෂණ ගැන යහපාලන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය. දූෂණ කළේ රාජපක්‍ෂ සහෝදරයින් පමණි'යි යහපාලන ආණ්ඩුව කියයිනම් එය පිළිගැනීමට ඡන්දය දුන් "සබුද්ධික" මහජනතාව සූදානම් දැයි සිතිය යුතුය.)
  3. සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්‍ෂය අතුරුදහන් වී, මහජන එක්සත් පෙරමුණ බුලත් හපය තුල හප වී, ජාතික හෙළ උරුමය විකිණී ගිය පසු මේ රටේ භූමිපුත්‍ර සිංහලයින්ගේ ජාතික අභිලාෂයන් පිළිබඳ කටයුතු කිරීමට ඉතිරි වී ඇත්තේ ශ්‍රී.ලං.නි.පක්‍ෂය පමණි. එය චන්ද්‍රග්‍රහණයෙන් මුදා ගත යුතුය. එහි සභාපති ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කරගෙන ඇත්නම් ඒ සඳහා දැනටමත් ප්‍රමාද වැඩි බව පෙනේ.
  4. හැකිනම් මහින්ද රාජපක්‍ෂ සභාපති තනතුරේ තබාගෙන ශ්‍රී.ලං.නි.පය ඊළඟ මහමැතිවරණයට ඉදිරිපත් විය යුතුය. දැන් රටේ පවතින්නේ විජාතික ආණ්ඩුවකි. සිරිසේන මහතා සකල බුජං තනතුරේම සිටීද නැතහොත් විධායක බලතල නිසිලෙස භාවිතා කරමින් ස්වියත්වයක් ගොඩ නගා ගනීදැයි දැන්ම කීමට බැරි මුත්, විජාතික ආණ්ඩුවට විකල්පයක් අවශ්‍යය.
  5. මහින්ද රාජපක්‍ෂ මහා මැතිවරණයේදී ශ්‍රී.ලං.නි.පයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඉදිරිපත් විය යුතුය. සිංහල ඡන්ද වලින් රාජපක්‍ෂ මහතා පරාජය වූ එකම දිස්ත්‍රික්කය එය පමණි - එහිදී ද 41.27% ලබා ගැනීමට ඔහු සමත් විය. සිරිසේන ජනාධිපති වූ බැවින් පොළොන්නරුවට ප්‍රබල මන්ත්‍රී වරයෙකුගේ අඩුවක් තිබේ. පොළොන්නරුව නොහැකිනම් කුරුණෑගලින් ඉදිරිපත් විය යුතුය. එහෙත් විධායක ජනාධිපති සිරිසේන නායකත්වය දරන නිදහස් පක්‍ෂයක් මෙයට ඉඩ දේ යැයි සිතිය නොහැක.
  6. කෙසේ හෝ මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ මහමැතිවරණයට ඉදිරිපත් වීම අත්‍යාවශ්‍යය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීම සුදුසුය. අනෙක් රාජපක්‍ෂලා නම් උන්නත් මළත් කම් නැත - විශේෂයෙන් හිරිමල් රාජපක්‍ෂ - අර මස්ගොබ තියෙන නළුවෙක් උස්සං ඇවිත් කරපු ජරමරේ මදැයි !

මහින්ද රාජපක්‍ෂ මේ රටේ ජන විඥානයේ ලැග සිටි තැන

මහින්ද රාජපක්‍ෂයන්ගේ පරාජයෙන් සොවට පත්ව එක පුද්ගලයෙක් මරණයට පත් වූ බව පුවත්පත් වල සඳහන් විය. පහත දැක්වෙන්නේ බිළිඳු වියේදීම දෙමාපියන් අහිමිව ස්වකිය මුත්තණුවන් හා මිත්තණිය සෙවණේ වැඩෙන දියණියක විසින් තමාට දුක කීමට සිටින එකම ඥාතියා වන නැන්දණිය වෙත යැවෙනු ලැබූ කෙටි පණිවුඩ කිහිපයකි. ඈ මෙකරුනේදී හුදෙකලා නැති බව දෙතිස් කතා අවබෝධ කරගෙන සිටී.
Mata meka wawanne ne.eyawa yuda adikaranyt aran yaida? mata godak dukai! Hita hada gannam be!;-(.
Man hemdama news walin eyage muna balala hita hada gatta.eth ada idan eka ne. dawsama musala patai.man tattage muna baln netuw inne kohomd?
Mata meka iwasagannama be.man eyata adare kale magema thaththata wage. mage thaththatath wada man eyata godak adarei.

අවසන් ඉල්ලීමක්

මේ ශ්‍රී ලංකා ධරණී තලය තුල අද ජීවත් වන මනුෂ්‍ය ප්‍රාණයන් අතරින් වඩාම ජීවිත අවදානමක සිටින්නේ හිටපු ජනාධිපති තුමාය. එතුමාට ජනාධිපති වරයෙකුට ලැබෙන උපරිම ආරක්‍ෂාව සහ මුක්තිය ලැබිය යුතුය. ඊට සමාන හෝ ඊටත් වඩා හෝ ජීවිත තර්ජනයක් ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් තුමාටය. ඔහුට තර්ජනය ඇති වී තිබෙන්නේ අප වෙනුවෙන් රට වෙනුවෙන් ක්‍රියා කිරීම නිසාය. හිටපු හමුදාපති තුමා ලංකාවේ සහ යුරෝපයේ ඩයස්-පොරවල් හා හාද වී ඇති බැවින් එතරම් තර්ජනයක් නැතැයි සැළකිය හැකි මුත් එතුමාටත් අනෙක් හමුදා ප්‍රධානීන්ටත් ප්‍රමාණවත් ආරක්‍ෂාවක් ලැබිය යුතුය.

එසේම සැළකිය යුතු තවත් කරුණක් තිබේ. අද අපේ රටේ ජනපති වටේ භ්‍රමණය වන්නේ අපූරු චන්ද්‍රයෙක් සහ චන්ද්‍රිකාවකි. මේ දෙදෙනාම අනුන්ගේ මල කඳන් උඩින් ඉහළ නැගි අයයි.

ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක මරණ මතින් ඉහලට නැග ගාමිණී අතුකෝරාලගේ මරණය සමග පක්‍ෂය තුල අභියෝග රහිත බලයක් උරුම කර ගත් වික්‍රමසිංහත්, ඊටත් වඩා ශූර ලෙස තමාගේම සැමියා වූ විජය කුමාරණතුංග (මහජන පක්‍ෂයේ බලය අතට ගැනීම හා නිදහස් පක්‍ෂයට පැමිණීමට තිබූ බාධකය ඉවත් වීම), ලලිත් ඇතුලත්මුදලි (බස්නාහිර පළාත් සභාවේ මහඇමති වීමට තිබූ බාධාව), ජනාධිපති ප්‍රේමදාස (මහා මැතිවරණයේදී ජන පදනමක් සහ විධායක ජනපති බලතල සහිත සහිත ප්‍රබල ප්‍රතිවාදියෙක්), ගාමිණී දිසානායක (ජනාධිපතිවරණයේදී බලවත් ප්‍රතිවාදියෙක්) යන අයගේ මරණ මතින් ඉහළට නැග, දෙවන වාරයේදී තමා හා එක වේදිකාවේ සිටි කිහිප දෙනෙකුගේ මරණ සහ තමාගේම කණ වූ ඇස පෙන්වා අනුකම්පා චන්ද ලබා ගත් චන්ද්‍රිකාත් මේ කරුණේ දී ලෝක ශූරයෝය. ජනබලය හා මහජන චන්දය වෙනුවට සටකපට කම් හා කුමන්ත්‍රණ මත විශ්වාසය රඳවන මංගල සමරවීර වැනියෙක් ළඟ තබා ගන්නට සිදු වීමත් අවාසනාවකි.

ඒ නිසා ඉහත සඳහන් කළ සියලු දෙනාටම වඩා බලවත් ජීවිත තර්ජනයක් පවතින්නේ ගරු ජනාධිපති සිරිසේන මහතාටමය. එතුමා තම ජීවිතය පිළිබඳ ඉතාම සැළකිලිමත් විය යුතුය. ඉතිහාසය නැවත නැවත සිදු වේය කියා කියමනක් තිබේ. විශේෂයෙන් අපේ වර්තමාන ගරු අගමැතිතුමා දෙවරක් උඩ පැනලත් කඩා ගත නොහැකි වූ, එනිසාම තිත්තයි තිත්තයි කියා මන්තරයක් සේ මතුරන විධායක ජනාධිපති ධුරයට එක උණ්ඩයක් පමණක් දුරින් සිටින විට ... ඉතිහාසයට පරණ පුරුදු මතක් විය හැක.

මෛත්‍රීපාල ඝාතන තැතක් ගැන මංගල සමරවීරගේ කටකතා බලකාය ප්‍රචාර යවා ඇති තත්වයක් තුල, එසේ වුවහොත් තමන් ගිණි තබා ගන්නා බවට තකතීරු මහණන් කිහිප දෙනෙක් ජනමාධ්‍ය ඔස්සේ තර්ජනය කර ඇති විටෙක ගරු ජනාධිපති සිරිසේන මහතා ඒ මුඩුමහණන්ගේ ජීවිත ආරක්‍ෂාව පිළිබඳ වඩා උනන්දුවකින් කටයුතු කිරීම අත්‍යාවශ්‍යය. හදිසියේවත් ඉතිහාසය ක්‍රියාත්මක වී මංගල සමරවීරගේ කටකතාව සත්‍ය වී සිරිසේන දිවංගත වී අර මුඩුමහණන්ට ගිණි තබා ගැනීමට සිදු වුණොත් ... ජනාධිපති තුමා ඊයේ දළදා සමිදු අබියස සිට ප්‍රතිඥා කළ පරිදි සම්බුද්ධ සාශනයයේ උන්නතිය කෙරේ කටයුතු කිරීමට සිදු වන්නේ බලවත් බාදාවකි.

වගකිවයුත්තෝ ඒ ගැන සැළකිලිමත් වෙත්වා !


20 comments:

  1. චන්ද්‍රිකා හරිම ඉරණම්කාරී. විජයගේ, ලලිත්ගේ වගේම ප්‍රේමදාසගේ මළමිනී විතරක් නෙමෙයි එයා සූරියකන්දේ අහිංසක කොල්ලන්ගේ මළමිනීත් බලයට එන්න පාවිච්චි කළා. හැබැයි ගාමිණීගේ මරණෙන් නම් වාසිය ලැබුණේ රනිල්ට මිසක් චන්ද්‍රිකාට නෙවෙයි. ඒ වගේම කණ උන ඇහැත් එයාට දෙවෙනි වර බලේට එන්න ප්‍රයෝජනවත් උනා.

    ඇස් දෙකයි කන් දෙකයි තිබුණ චන්ද්‍රිකාට වඩා එක ඇහැයි කන් තුනයි තිබුණ චන්ද්‍රිකාට චන්ද ලැබුනා. මොකද මිනිසුන්ට ඕනේ වෙලා තිබුනේ වෙනසක්. හරියට මේ දැන් උනා වගේ - උදේ හවා TV එකේ රඟපාන, පාරේ යනකොට වැටවල් වල ලයිට් කණු වල එල්ලිලා අත වනන එකම මිනිහෙක් හැමදාම දකිනකොට මිනිසුන්ට එපා වෙනවා.

    ReplyDelete
  2. ඒ වගේම නිදහස් පක්‍ෂයේ සභාපති සිරිසේන කියන එක රේඩියෝ සිලෝන් එකේ අණ්ඩපාල පචයක්. ඔය විදියට ගියොත් ගිය සැරේ SF දින්නනම් බුවාට සභාපති කම දෙන්න වෙනවා. ජාතික පචවාහිනියත් ජාතික ගුවන් විහිළුවත් ඔය වගේ පච ප්‍රචාර යවන්න ප්‍රසිද්ධයි. සජිත් මහින්දට එකතු උනා කීවේ ඔය කට්ටිය.

    * ශ්‍රීලනිප සභාපති පුටුවට මෛත්‍රී - මහින්ද අතර සටනක්‌
    |- >>> http://www.divaina.com/2015/01/12/news11.html
    * තර බලයෙන් මෛත්‍රී සභාපති ධුරයට පත්කළා - විජිත් විජයමුණි සොයිසා
    |- >>> http://www.divaina.com/2015/01/12/news12.html
    * කිරීමට ව්‍යවස්‌ථාවේ නීත්‍යානුකූල අයිතිය නැහැ - නිමල් සිරිපාල සිල්වා
    |- >>> http://www.divaina.com/2015/01/12/news13.html

    ReplyDelete
  3. ඉහත සඳහන් කළ සියලු දෙනාටම වඩා බලවත් ජීවිත තර්ජනයක් පවතින්නේ ගරු ජනාධිපති සිරිසේන මහතාටමය. එතුමා තම ජීවිතය පිළිබඳ ඉතාම සැළකිලිමත් විය යුතුය. ඉතිහාසය නැවත නැවත සිදු වේය කියා කියමනක් තිබේ. විශේෂයෙන් අපේ වර්තමාන ගරු අගමැතිතුමා දෙවරක් උඩ පැනලත් කඩා ගත නොහැකි වූ, එනිසාම තිත්තයි තිත්තයි කියා මන්තරයක් සේ මතුරන විධායක ජනාධිපති ධුරයට එක උණ්ඩයක් පමණක් දුරින් සිටින විට ... ඉතිහාසයට පරණ පුරුදු මතක් විය හැක.

    --- මේ කතාව උදේ හවා මන්තරයක් වගේ මතුරන්න ඕනේ අලුත් ජනාධිපති තුමාට ඇහෙන්න. තමන් ඒ කාලේ මිනී මැරූ බව TV එකට පැමිණ ලජ්ජා නැතුව කී රාජිතත් මෙතැනදී මතක් කර ගැනීම හොඳයි. මංගල සමරවීරට වගේ කුමන්ත්‍රණ කාරයෙකුට වඩා මම හිතන විදියට හිටපු 'ප්‍රා' මිනීමරුවෙක් භයානකයි. පොඩ්ඩ ගැස්සුනොත් සර්පයා දෂ්ඨ කරනවා කරනවාමයි. ජනාධිපති තුමාට තියෙන්නේ යහපාලනේ පිටිං දාල පරණ ෆයිල් එළියට ඇදලා මුන් ඔක්කොම මහඋළු ගෙදරට දක්කන්නයි. නැතිනම් මරා ගිය තැනට නෙමෙයි මෙයාල කෙළින්ම මස් මඩුවටයි සිරාව දක්කන්නේ.

    ReplyDelete
  4. Games of Thrones මතක් උනා ...:D

    ReplyDelete
    Replies
    1. Games of Thrones අපට නැරඹීමට ලැබී නැත.

      Delete
  5. Josep, කණිෂ්ක,
    ඔබ දෙපලගේ මතයන් සමග එකඟ වෙමි. දැනට ඇති තත්වය හමුවේ සිරිසේන (අපගේ ජනපති නොවේ ) මහතාට රනිල් වෙතින්ද, රාජපක්ෂ මහතාට (අපගේ ජනපති) චන්ද්‍රිකගෙන්ද ජිවිත තර්ජන ඇත. රනිල්, චන්ද්‍රිකා අතර පොරයෙන් රනිල්ට අවාසියක් වේ නම් සිරිසේන ඉවත් කිරීමෙන් රනිල් විදායක ජනපති වේ. මහින්ද සිටින තුරු චන්ද්‍රිකාට ශ්‍රී ලංකා පක්ෂයේ බලය ලබාගැනීම දුෂ්කර බැවින්, ඔහුව ඉවත් කිරීමේ විකල්පය වෙත චන්ද්‍රිකා ගමන් කිරීමද සුළුවෙන් තැකිය හැක්කක් නොවේ.
    කණිෂ්ක,
    සිරිසේන ගැන කීමට බලා සිටිය යුතු නොවේ (එසේ පසු විපරම් ඕනෑම පඩිකුට කල හැක) මොහුට කල හැකි කෙන්ගෙඩියක් නැත. ඔහු රනිල්ට හෝ චන්ද්‍රිකාට බලය ලබාදී ඉවත් වනු ඇත. සිරිසේන වැනි බයියෙකුට (ටෝයියෙකු වීමට දගලන)ඔතනට ඒමට මග පෑදූ බයියන්ගේ ජනපති ඉවත් කිරීම ඔහුගේ කාරියයි. එය අවසන් වී ඇත. ඔහුට හැකි වුවහොත් බයියන්ට නැවත ඔතනට ඒමට හැකි සියලු මාර්ග අහුරා ඉවත් වනු ඇත. එයට දින 100 ප්‍රමාණවත් වේ.

    http://janakawansapura.blogspot.com/2015/01/blog-post.html

    මෙහි තත්වය මැනවින් විග්‍රහ කර ඇත. කණිෂ්කගේ ලිපියත් අපගේ සිතේ ඇති දුක විනිවිද ගොස් රචිත ලිපියක් බව කිව යුතුය.

    තව වැදගත් කරුණක් සිංහල බෞද්ධයින් මතක තබා ගත යුතුමය. එනම් සිරිසේන අනා ගන්නා විට එයට විරුද්ධ වන පාඨලී, සහ JVP ද්‍රෝහීන්ට නැවත සිංහල බෞද්ධ මතය වෙනුවෙන් පෙනී සිට ඔවුන්ගේ සිහින ඉටුකරගැනීමට නොදීමයි.

    ReplyDelete
    Replies
    1. කණිෂ්කගේ මතය කියැවූ විට කුමක් ලියන්නදැයි කිසිසේත් සිතා ගත නොහැකි විය. ඔව් ඒ අදහස බොහෝ දෙනාගේ සිත් විනිවිද ගිය දැක්මකි.

      කෙසේ වෙතත් ඔබගේ අවසන් වැකිය ගැන යමක් කියමි.
      හෙළු උරුම හා ජවිප කාරයන්ගේ නම් අරමුණම සිරිසේන පාලනය ඇනගන්නවා දැකීමත් එයින් සිංහල බෞද්ධයාට වන අසාධාරණය හමුවේ සිංහල බෞද්ධයාගේ ගැලවුම්කරු ලෙස පෙනී සිටීමත් මය. අවසන් අරමුණ එදා මහ කොටියා දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා තමා කීවාසේ සිංහලයාගේ එකම නියෝජිතයා තමන් වීමට මග පාදා ගැනීමයි.
      ඒ අරමුණ අතර මගදී රටට ජාතියට කුමක් වුවද එය ඔවුනට ගැටළුවක් නොවෙයි.

      Delete
    2. Anonymous මිතුර,

      සිංහල බෞද්ධයන් පරාජයට පත් වූ බව සැබෑය. එහෙත් ඒ මේ චන්දයෙන්ය කීමට අපට නොහැකිය. මට සිතෙන ලෙසට සිංහල බෞද්ධයා පරාජය වූයේ 2010 දී හෝ ඊටත් පෙරය. මහින්ද සිංහල බෞද්ධයන් වෙනුවෙන් කළ දේවල් 10 ක් නම් කරන්නැයි කීවොත් ඔබට ඒවා නම් කළ හැකිද ? සිංහලයින් විසින්, විශේෂයෙන් බෞද්ධයින් විසින් නොසෙල්වෙන බලයක් (3 න් 2 නොවේ) සහිතව ලබා දුන් පාර්ලිමේන්තු බලයක් සහිතව ඔහු කළේ කුමක්ද ?

      * තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීම පිණිස ප්‍රතික්ෂිප්ත පුද්ගලයන් (UNP මන්ත්‍රී වරු - මේ බොහෝ දෙනා කතෝලික/ක්‍රිස්තියානි පල්ලියේ/කල්ලි වල නියෝජිතයන් වේ) ආණ්ඩුව තුලට ඇතුල් කර ගැනීමේ දී සිංහල බෞද්ධයා පරාජයට පත් විය. අද ඒ අය සිටින්නේ කොතැනද ?

      * හකීම්, තොණ්ඩමන් වැනි සිංහලයේ සදාකාලික සතුරන් (මහනුවර නුවරඑළිය බදුල්ල මොණරාගල අම්පාර ඈ දිස්ත්‍රික්ක වල සිංහලයන් 1818 සිට මේ දක්වා පාගාගෙන සිටීමට මේ අය හවුල්ය) ආණ්ඩුව තුලට වැද්ද ගැනීමේදී සිංහල බෞද්ධයා පරාජය විය. ඒ අය අද වඩාත් හොඳ ඇමති කම් වලය.

      * බුද්ධ සාශන ඇමති ධුරය දරන ආණ්ඩුවේ අගමැතිගේ ලේකම් කුඩු කන්ටේනර් නිදහස් කිරීම පිණිස ලියුම් දෙන විට සිංහල බෞද්ධයා පරාජය විය. අද අගමැති ධුරය ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි භක්තිකයෙකු අතට පත් වී බුද්ධ සාශන ඇමති කමට දේශපාලන පාංකඩයෙකු පත් වී ඇත.

      * මන්නාරමේ අක්කර දහස් ගණනක් දේශීය හෝ විදේශීය මුස්ලිම් ජනයා අතර බෙදා දෙන විට සිංහල බෞද්ධයා පරාජය විය. දැන් ඒවා සින්නක්කරවම ලියාගෙන අවසන්ය.

      * අරාබි රටවල මුදල් සහ ත්‍රස්තවාදී පෙරගමන් කරුවන් නැගෙනහිර අරාබි කොළනියක් බවට පත් කරන විට සිංහල බෞද්ධයා පරාජය විය. කාත්තන්කුඩියෙන් මීළඟ හම්බස්තානය ව්‍යාප්ත වීම දැනටමත් ඇරඹී ඇත.

      * පළාත් සභා අහෝසි කරනු වෙනුවට උතුරට පළාත් සභාවක් පත් කරන විට සිංහල බෞද්ධයා පරාජය විය. උතුරු පළාතේ ආණ්ඩුකාරයා ඉවත් කිරීම ඉදිරි දිනෙක සිදු වනු ඇත.

      * උතුරු නැගෙනහිර පළාත් වල ජනවාර්ගික සංහාරයක් කර සිංහලයින් පළවා හරින ලද තත්වයක් තුල එය නිවැරදි කිරීමට කිසිවක් නොකර සිටීමේදී සිංහල බෞද්ධයා පරාජය විය. උතුර සහ නැගෙනහිර සිංහලයාට අහිමි වීමේ වගකීමෙන් කොටසක් රාජපක්‍ෂටත් අයත්ය.

      * පල්ලියේ බලපෑම මත අන්‍යාගමිකකරණය වැළක්වීමේ පනත අතුරුදහන් කෙරෙන විට සිංහල බෞද්ධයා පරාජය විය. රාජපක්‍ෂ අඩු තරමින් එය කළානම් හෙළ උරුමය බෝඩ් ලෑලි පක්‍ෂයක් පමණක් බවට පත් වී මේ ජනාධිපතිවරණයේදී නොවැදගත් සාධකයක් බවට පත් වීමට ඉඩ තිබිණි. මා සිතන අයුරින් රාජපක්‍ෂට මේ ජනාධිපතිවරණයේදී ජය ගැනීමට වඩා සිරියහන් ගැබේ ජයග්‍රහණය වැදගත් වන්නට ඇත.

      මේ ආදී නොයෙක් හේතු නිසා සිංහල බෞද්ධයා පරාජය වූයේ 2015 ට පෙරදී බව ඉඳුරාම පැවසිය හැකිය. 2015 ජනවාරි 8 වැනිදා සිදු වූයේ එකී මෘත කලේබරය උත්සවාකාරයෙන් ආදාහනය කිරීමයි. දැන් ඇත්තේ දුම පමණි.
      --- ඒ ඉදිරිපත් කළේ සිංහල බෞද්ධයාගේ පරාජය පිළිබඳ අපේ අවංක අදහසයි.
      ------------

      යහපාලනය ක්‍රිස්තියානි ආගමේ ගැලවුම්කාරයා වැනිය. එනවා එනවා කීවත් කවදාවත් එන්නේ නැත. නොඑන නිසාම බොහෝ කෛරාටික පුද්ගලයන් මෙකී ගැලවුම්කරුවා පෙන්වා මිනිස්සු මුලා කර තමාගේ වැඩේ කර ගනිති.
      ------------

      මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනය පිළිබඳ සහ ඔහු වෙනුවෙන් මෙවර චන්දය නොදීම පිළිබඳ අපේ අදහස මීට පෙර එළි දක්වා ඇත.
      --- http://katha32.blogspot.com/2014/11/io-sirisena.html? showComment=1417031701193#c3080616701530736952

      Delete
    3. සිතුවිළි,

      ජ.වි.පෙරමුණේ අවශ්‍යතාව කවරකු හෝ ආණ්ඩු කරන පක්‍ෂය ඇන ගනු දැකීමයි. එහෙත් හෙළ උරුමය පිළිබඳව මේ කරුණ සත්‍ය නොවේ. චන්ද්‍රිකා පාලනය යටතේ පැවත මීට දස වසරකට පෙර පෙරළා දැමුණු රනිල් වික්‍රමසිංහගේ ක්‍රිස්තියානි ආණ්ඩුව මේ රට වියට්නාමයක් බවට පත් කරන්නට යනු දැක කලකිරුණු එ.ජා. පාක්‍ෂිකයින් විසිනි මහරගමදී හා කැස්බෑවේදී හෙළ උරුමය දෙවන තැනට ඔසවා තබන ලද්දේ. මේ චන්ද කාලයාගේ ඇවෑමෙන් පුරුදු එ.ජා.පය වෙත ඇදී යාමත් පාක්‍ෂිකයින් හිඟ වීමෙන් හෝන්දු මාන්දු වූ හෙළ උරුමය එ.ජා.පයටම හේත්තු වීමත් සිදු විය යුතුව තිබූ දේ ය. අද හෙළ උරුමය ක්‍රිස්තියානි එක්සත් ජාතික පක්‍ෂයේ බෞද්ධ පෙරමුණ ලෙස හඳුනා ගැනීම වඩා නිවැරදිය.

      හරියටම කියතොත් ජාතික භික්ෂු පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂයේ සිවුරු දැරූ බෞද්ධ පෙරමුණ වන අතර ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පක්‍ෂයේ සිවුරු නොදරණ බෞද්ධ පෙරමුණ වෙයි. දෙකම අවසන් වශයෙන් ක්‍රිස්තියානි එක්සත් ජාතික පක්‍ෂයට බෞද්ධ චන්ද එකතු කර දෙන පැරා-පොලිටිකල් කණ්ඩායම් වෙයි.

      ඒ හෙළ උරුමය අප දකින ආකාරයයි.

      Delete
    4. මෙතැනදී කණිෂ්ක සමග එකඟ වෙමි. පාප වහන්සේ සහ පල්ලිය සමග මහින්දගේ තිබුණු ඇයි හොඳයිය කොහොමත් ඕනෑවට වඩා වැඩිය. මොරටුවේ ළමයි ජාවාරම පිළිබඳ නීතිය ක්‍රියාත්මක වන විට කාදිනල් රංජිත් විධායකයට තර්ජනය කිරීමත් ඒ තර්ජනය හමුවේ මහින්ද නීතියට බලපෑම් කිරීමට ඉදිරිපත් වීමත් වැරදිය. එසේ පල්ලිය බේරා ගැනීමට ඉදිරිපත් වූ මහින්දට විරුද්ධව යහපාලන නඩය විසින් ඉදිරිපත් කළ ප්‍රබල චෝදනාවක් වූයේ නීතියේ ආධිපත්‍යය ඔහු විසින් නැති කළ බවයි - චෝදනාව නිවැරදිය. එහෙත් පල්ලිය වෙනුවෙන් නීතිය නමා දැමූ මහින්දට පල්ලියේ වෙරළබඩ බලකොටුව විසින් කෘතගුණ දැක්වූයේ මුළු ගම්පහ දිස්ත්‍රික්කයම පරාජය කර දෙමිනි. පල්ලිය මහින්දට විරුද්ධ කුමන්ත්‍රණයක සවිඥානිකව යෙදෙමින් සිටියේ නැතැයි කීමට නොහැක.

      මහින්ද සහ ඔහුගේ ඇඹේණිය විසින් රංජිත් ගජයෙක් ලෙස සළකන ලදී. පාපයා ලංකාවට කඩා වදින්නේ මේ ගජ මිතුරු කම නිසාය. එසේ පැමිණ කළේ ලංකාවට හතුරු කමකි. පැරණි පත්තිනි දේවාලය (කෝවිල නොවේ) කඩා බිඳ ඒ මත ගොඩ නැගූ හොර පල්ලියක් වන මන්නාරම මඩු පල්ලියට ගොස් එහි දේව මෙහෙයක් කිරීම හොරකමට උඩගෙඩි දීමකි. එසේම කොළඹ එකක් සහ මන්නාරමේ එකක් වශයෙන් දේව මෙහෙයන් දෙකක් පැවැත්වීම බෙදුම්වාදීන්ගේ ඇසෙන් ඔවුන්ට කොළඹ පාලනයෙන් බාහිර වූ වෙනම ප්‍රදේශයක් ලබා දීමකි. මේ සියල්ලට වඩා ලංකාවට හොරෙන් රිංගූ කල්ලතොනියෙක් වන ජුසේ වාස් නම් කෛරාටික බ්‍රාහ්මණයා ලංකාවේදී ඊනියා සාන්තුවරයට එසවීම ලංකාවටත් ඉන්දියාවටත් දෙකටම කළ ද්‍රෝහී කමකි. මේ සියල්ලට ඉඩ ලබා දුන්නේ මහින්දයි. ඒ නිසා සිංහල බෞද්ධයා පරාජය වූයේ 2015 දී නොව ඊට පෙර වේ.

      මේ ජනාධිපතිවරණයෙන් සැබෑ ජය ලැබුවේ දෙමළ ජාතිවාදීන්ය. හම්බ මරක්කල ක්‍රිස්තියානි මිනිසුන් ඒ ජයට උර දුන්නා පමණි. මහින්ද කොහොමත් සිටියේ ඔවුන්ගේ ඔඩොක්කුවේය. මේ ජන්දයෙන් ඔවුන් ලැබූ සැබෑ ජය ඔඩොක්කුවේ සිටින (ඒ නිසා ඕනෑ වෙලාවක බැස යා හැකි) ජනාධිපති කෙනෙක් වෙනුවට බෙල්ලට දම්වැල දමා ගත් (දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න) ජනාධිපති කෙනෙක් ලැබීමයි.

      Delete
  6. කණිෂ්ක,
    ඔබගේ කරුණු දැක්වීම ගැන කෙටියෙන්ම කියන්නේ නම් "මහින්ද රාජපක්ෂ යනු සිංහල බෞද්ධයෙකු නොවේ" ඔහු සහ ඔහුගේ පිරිවරද, අනුශාෂකයින්ද (පිරිවර බොහොසෙයින්මද ඔහු මද අඩු බවකින්ද ) ක්‍රිස්තියානි නුතනත්වයේ සහ යහපාලන හෝ සහජීවන බළකායේම කොටස්කරුවන්ය. මෙය ලියන මාද එයට අයත්ව සිටි කාලයක් විය. නමුත් මහින්ද යනු බටහිරයන් කොන් කරනු ලැබීම නිසා හෝ වැඩි වශයෙන් සිංහල බෞද්ධයින්ට දිනා ගත හැකිව සිටි පුද්ගලයාය. අඩුම වශයෙන් බලය සදහා හෝ ඔහුගෙන් අපට අවම හානියක් සිදුවන බවට විස්වාසයක් තැබිය හැකි පුද්ගලයාද වන අතර යම් විදිහකින් ඔහු නිවැරදිව සිංහල බෞද්ධයාගේ මතයට හසු කරගත හැකි නම් "නියම නායකත්වයක්" දිය හැකි චරිතයකි. අඩු වැඩි වශයෙන් ඔහු සිංහල බෞද්ධයන්ටද නායකත්වය ලබාදුනි. නැතිනම් නායකත්වයක් නැති සිංහල බෞද්ධයා ඔහු නායකත්වයේ තබා ගන්නා ලදී. ඔහු යටතේ අංකුරය වැඩෙමින් පැවතුනි. ඔහු ඉදහිට හෝ පොහොර වතුර දැමුවානම් මිස විශාල හානියක් කලේ නැත. පසෙක සිටි ගෝඨා ගැනද සිංහල බෞද්ධයාට යම් විශ්වාශයක් විය. යම් අපේක්ෂාවක් සහිත ඉදිරි ගමනක් ඔවුන්ට විය. දැන් අපේක්ෂා භංග වී ඇත. වෙනසක් අවශ්‍යව තිබුණි. නමුත් දිශාව වෙනස් කිරීම නොවිය යුතු දෙය නම්, අද සිදුවී ඇත්තේ එයයි. වෙනස් කර ඇත්තේ ගමන් දිශාවයි!!!. ඔබ සදහන් කරන කරුණු ගැන විශ්ලේෂණයට යන්නේ නම් ජාතිකව සහ අන්තර් ජාතිකව ඔහුට විරුද්ධ සහ පක්ෂ බලවේගයන්ගේ ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගත යුතුමය. 2009 ට පසු සිංහල සිංහල බෞද්ධයාට එල්ලකළ දරුණුම ප්‍රහාරය සරත් ෆොන්සේකා මහින්දගෙන් වෙන් කිරීමයි. එහි තුවාල අදටද සනීප වී නැත. ඔහු හැපෙමින් සිටියේ ලෝක බලයේ ස්වයන් පාලක බල හිමියන් සමගය. එවන් තත්වයක් යටතේ ඔබගේ කරුණු විශ්ලේෂණයේදී විශේෂයෙන් මුස්ලිම් අන්තවාදයේ නැගීම ආදිය ආරක්‍ෂිත ක්‍රියාමාර්ග නිසා සිදු වූ බවට සැක කල හැකිය. බොදු බල සේනාව ගෝඨාගේ දැනුම යටතේ ක්‍රියාත්මක වුවක් බව මුස්ලිම් නායකයන්ගේ මැසිවිල්ලක් වූ බවද සලකන්න.
    කෙසේ හෝ සිංහල බෞද්ධයින්ට නායකයෙක් එන තුරු හෝ සිටියේ ඔහු පමණකි. සිරිසේන ගැන ඔබගේ අනෙක් ලිපිය කියවූවා. ඔබ එහි මා පෙර කී දේ සහ තවත් වැඩිපුරද කියා ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබ මේ පෙන්වා දෙන කරුණු සමග ගැටුමක් නැත. ඇත්ත වශයෙන් අප මහින්ද රාජපක්‍ෂ පිළිබඳ ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටියත් ජනාධිපතිවරණය අවසන් වන තෙක් ඒ කටයුත්ත කල් දමා තිබිණි. දැන් නම් ඒ සඳහා ඕනෑ තරම් කල් තිබෙන බව පෙනේ. රාජපක්‍ෂ ගැන ලිවීම පසෙක තබා සිරිසේන ගැන ලිවීමටයි අපට අද සිදු වී ඇත්තේ.

      සිංහලයාට රාජපක්‍ෂගෙන් බලාපොරොත්තු විය හැකි විශේෂ සෙතක් අප නොදුටුවත් විය හැකි හානිය අඩුම ඔහුගෙනි. එහෙත් හරි හැටි කළමනාකරණය නොකරගතහොත් වඩාත්ම හානියක් ගෙනදිය හැකි තැනැත්තාද ඔහුමය. ඔහු බලයේ සිටින විට ඒකීය රට රැකෙන බවට සහතිකයක් තිබිණි. දැන් එය නැත. එහෙත් ඔහු බලයේ සිට (බටහිර තර්ජන, ඉන්දීය බලපෑම් හෝ හුදෙක් මැතිවරණයක් දිනීම වැනි) කිසියම් හේතුවක් නිසා පළාත් සභා වෙත පවරා ගත නොහැකි මට්ටමේ බලය බෙදීමකට එකඟ වුණොත් (13+) ඊට විරුද්ධ වීමට ක්‍රමයක් අපට තිබුණේ ද නැත. අපට තිබුණේ ඔහු එසේ නොකරණු ඇති බවට විශ්වාසය පමණි.

      Delete
    2. ඒකීය රට රැකෙන බවට සහතිකයක් ඉස්සර තිබුණේත් නැත. දැනුත් නැත. මහින්ද (සහ GL) ඉන්දියාවට ගොස් 13+ දෙන බවට පොරොන්දු උනේ නැද්ද.

      මා සිතන ලෙසට මහින්ද තමාගේ ධුර කාලය නිමා වන්නට පෙර චන්ද පැවැත්වීමට හේතුවත් මෙයයි. 13+ දුන්නොත් ඊළඟ චන්දය පරාදයි - නොදුන්නොත් ඉන්දියාව සහ බටහිර කරදර කරයි. චන්දයක් තියා අළුතින් ජනාධිපති වූ පසු ටිකක් සෙට්ල් වෙනකම් ලොකු වැඩ (රටේ ව්‍යුහය වෙනස් කරන මට්ටමේ වෙනස් කම්) නොකරන නිසා කල් අල්ලා ගත හැක. චන්දයක් කට උඩ මේවා කිරීමට ගියොත් මම ඉවරයි කියා ඉන්දියාවට කියා බේරී බේරී සිටියා වන්නට පුළුවන.

      Delete
    3. සිල්ලර කරුණු මදකට අමතක කරමු. (පළමු දෙවෙන වැනි ලෝක යුද්දයක් හෝ දරුණු කාලගුණ විපර්යාසයන් හමුවේ බඩ වෙනුවෙන් හැඩීමට අපට බැරිය. අප හෝ සිංහල බෞද්ධයන් මැරෙන බව පමණක් නොව මැරී ඉපදෙන බවද දැන ජිවත් විය යුතුයයි සිතමි. මා හට නම් සෝවාන් සහතික ලැබී නැත.)
      2009 න් පසු රට ආරක්‍ෂිත වුනිද?
      බරපතල තර්ජන එල්ල වුයේ අබ්යන්තරයෙන්ද? බාහිරින්ද ?
      බාහිර තර්ජන හමුවේ මුහුණ දීමට විස්වාසයක්, ආර්ථික ශක්තියක්, ස්වාදීන බවක් අපට තිබුණිද?
      සුද්දන් රට ලියා ගත් පසු සිංහල බෞද්ධයන් ජයගත්තේ කවදාද ? (පරාජය ගැන කතාවට පෙර නියම ජයග්‍රහණයක් ලැබූ බවක් කිව හැකිද?)
      සංස්කෘතික නිදහසක් අපට අවශ්‍ය නොවේද?
      සිරිසේනට එය කවදාවත් ලබා දිය හැකිද? (ඔහු කරන සිල්ලර වැඩ බලන්න. කිරීමට කිසිවක් නැති බව ඔහු මැනවින් පෙන්වමින් සිටි.)
      සිරිසේන ඇතුළු කල්ලිය නැවත රට 1977 ට තල්ලු නොකළේද?

      Delete
    4. ------ 2009 න් පසු රට ආරක්‍ෂිත වුනිද ? 100% ආරක්‍ෂිත වුනි යැයි කීමේ හැකියාවක් නැත. 'ආරක්‍ෂිත' වීම යනු continuous process එකකි.
      ------ බරපතල තර්ජන එල්ල වුයේ අබ්යන්තරයෙන්ද? බාහිරින්ද ? බාහිරින්. ලංකාවට කොහොමත් තිබුනේ බාහිර තර්ජන බව මගේ වැටහීම වේ. LTTE ය පවා ඉන්දියාවේ නිර්මාණයකි.
      ------ බාහිර තර්ජන හමුවේ මුහුණ දීමට විස්වාසයක්, ආර්ථික ශක්තියක්, ස්වාදීන බවක් අපට තිබුණිද ? ස්වාධින බව මෙහිදී වැදගත් නොවේ. උදාහරණයක් ලෙස ලංකාව බ්‍රිතාන්‍ය කොළනියක් ලෙස පැවති කාලයේ ජපනුන් බෝම්බ හෙළන විට අපට ඊට එරෙහිව කළහැකි දෙයක් නැත. ආර්ථික ශක්තියද එතරම් ම වැදගත් නැත. වියට්නාම් කාරයින් ප්‍රංශයින් පළවා හැර ඇමරිකානු හමුදා පරාජය කළේ ආර්ථික ශක්තියක් හේතුවෙන් නොවේ. අපට නොතිබුණේ විශ්වාසයයි - ආත්ම විශ්වාසයයි.
      ------ සුද්දන් රට ලියා ගත් පසු සිංහල බෞද්ධයන් ජයගත්තේ කවදාද ? පානදුරා වාදය ජයකි. දිනය මතක නැත.
      ------ සංස්කෘතික නිදහසක් අපට අවශ්‍ය නොවේද ? මෙය බහුතරයට අවශ්‍යද යන්න ප්‍රශ්නයකි. අපි කීප දෙනෙකුට පමණක් මෙය අවශ්‍ය වීමේ ජාතික වැදගත් කමක් නැත.
      ------ සිරිසේනට එය කවදාවත් ලබා දිය හැකිද? සිරිසේනට තබා රාජපක්‍ෂටවත් සංස්කෘතික නිදහසක් අවශ්‍ය බව නොපෙනිණි.
      ------ සිරිසේන ඇතුළු කල්ලිය නැවත රට 1977 ට තල්ලු නොකළේද ? නැත. 77 මීට වඩා බොහෝ සෙයින් වෙනස්ය. JR ඇමරිකානු හිතවාදියෙකු උවත් ඔහු ගැත්තෙක් නොවේ. JR ගේ ආණ්ඩුවේ සිංහල මතවාදයට බලයක් තිබිණි. අද තත්වය වඩා සමාන කළ හැක්කේ 2001 චන්ද්‍රිකා-රනිල් සමයටයි.

      Delete
    5. සිංහල බෞද්ධයන් මැරෙන බව පමණක් නොව මැරී ඉපදෙන බවද දැන ජිවත් විය යුතු යනු වැදගත් අදහසකි. එය බොහෝ දෙනා දන්නා දෙයකි. එහෙත් සිංහල බෞද්ධයා මළ පසු උපදින්නේ කවුරුන් වශයෙන් ද යනු මෙහිදී සැළකිල්ලට ගත යුතුය. සිංහල බෞද්ධයා මළ පසු සිංහල බෞද්ධයෙක් ලෙසින්ම උපදින බවට සහතිකයක් නැත. බොහෝ පුනරුත්පත්ති කතා අනුව සත්ත්වයා මරණය සමග බොහෝ දුර ස්ථාන වල උත්පත්ති නොලබයි. මේ සක්වළ සත්ත්වයෙක් පරසක්වළ උපදින්නේ බොහෝ කළාතුරකිනි. ඊට වඩා වැඩි සම්භාවිතාවක් බ්‍රහ්ම ලෝක වල ඉපදීමට ඇත. බොහෝ කොටම සත්ත්වයා පුනර්භවය ලබන්නේ මේ ජීවිතයේ සිටි තැන් ආශ්‍රිතවය. මේ රට බෞද්ධ රටක් ලෙස පවත්වා ගැනීමට උත්සාහ ගැනීමේ සැබෑ වැදගත් කම එයයි. මේ ලක්දිව සිංහල රාජ්‍යයක් ලෙස පවතින තාක් කල් බෞද්ධයින් සිටිනු ඇත. එසේ නොමැති වී මෙය ඊනියා බහු-ජාතික, බහු-ආගමික, බහුබූත රාජ්ජයක් වූ පසු මරණින් පසු තත්වය ගැන කතා කිරීම පලක් නැත.

      ඔබ නගා ඇති ප්‍රශ්න වලට මිතුරු ජොසෙෆ් සෑහීමකට පත් විය හැකි පිළිතුරු දී ඇති බැවින් ඒ ගැන වැඩිදුර නොවෙහෙසෙමි. එහෙත් ඔබේ ප්‍රශ්න ඉතාම වැදගත් සහ සිතීමට පොළඹවන බව කිව යුතුය. ඔබ Anonymous ලෙස අදහස් ඉදිරිපත් නොකර ඔබේ Blogger profilයෙන් හෝ සුදුසු නමකින් හෝ අදහස් ඉදිරිපත් කරන්නේ නම් අප සැමට පහසුවකි.

      Delete
    6. ------ ස්වාධින බව මෙහිදී වැදගත් නොවේ.
      මා මෙහි ස්වාදීන බව ලෙස අදහස් කලේ, ඕනෑම ජගතෙකුට බම්බු ගහ ගනින් අපි කරන්නේ අපිට ඕනෑ දෙයයි කීමේ හැකියාවයි. ඇමෙරිකාවට හා ඔවුන්ගේ ඉතා මිතුරු කිහිප දෙනෙකුට (ඊශ්‍රයලය, එංගලන්තය ,ප්‍රංසය වැනි) පමණක් දැනට මෙම හැකියාව පවතී. රුසියාවට හෝ තවම මෙම හැකියාව ඇතයි කිව නොහැක. (රුසියාව වර්තමාන තත්වය ඇන නොගනිවා යනුවෙන් MR බලයේ සිටින තාක් මාගේ පැතුම විය. සිරිසේන රජයට එය වැදගත් වේවි යයි නොසිතමි)
      ------ ආර්ථික ශක්තියක් යනුවෙන් අදහස් කලේ තනිව යම් කාලයක් දරා ගැනීමේ හැකියාවයි. මෙයද සවාදින බවට සම්බන්ධ වුවත් වෙනම ලීවේ ලෝකය උලව් ධනවාදයක් නිසා මුදල් මතම යැපෙන නිසාය.
      ------ සුද්දන් රට ලියා ගත් පසු සිංහල බෞද්ධයන් ජයගත්තේ කවදාද ? පානදුරා වාදය ජයකි. දිනය මතක නැත.
      ඕල්කට් එය පරාජ කරන තාක්. (එදාද සිදු වුනේ " යහපත් " මිනිසුන් විස්වාස කිරීමකි. මෙය බොහෝ දරුණුය. හානිය නොවැටහෙන්නේය )
      ------ සිරිසේන ඇතුළු කල්ලිය නැවත රට 1977 ට තල්ලු නොකළේද ?
      මා අදහස් කලේ යුද්දයක් රහිත රට යහපාලනයකට සහ ධනවාදයට උග්‍ර විවුර්ථ වීමක් සිදුවීම (සංස්කෘතිය විනාශය වේගවත් වීම )සහ බෙදුම්වාදය පුපුරා යාමට ආසන්න නිහඩ බවක පැවතීමයි.

      Delete
    7. සිංහල බෞද්ධයන් මැරෙන බව පමණක් නොව මැරී ඉපදෙන බවද දැන ජිවත් විය යුතු යනු වැදගත් අදහසකි.
      .......කණිෂ්ක මෙයට හොදින් ලුණු ඇඹුල් එකතු කර ඇත. විශේෂයෙන් අපි වැන්නන් පෙරේතයන් වී හෝ මෙහිම ලගිවී. හික් :)

      Delete
    8. ජොසෙෆ්,
      කඩේ වහලාද කියා අපෙන් ඇසුවත් මෙතැන ඔබ පිළිතුරු දිය යුතු තැනෙකි.

      Delete
  7. මහින්ද රාජපක්‍ෂ පොළොන්නරුවෙනුත්, ගෝඨාභය රාජපක්‍ෂ කුරුණෑගලිනුත් ඉදිරිපත් වන අතර චමල් සහ නාමල් හම්බන්තොටිනුත්, සෂින්ද්‍ර මොනරාගලිනුත්, බැසිල් ගම්පහෙනුත් ඉදිරිපත් විය යුතුය. රාජපක්‍ෂලා මහජනතාව වෙතින් ප්‍රතික්‍ෂේප කෙරේනම් කළ හැකි දෙයක් නැත. එය පිළිගත යුතුය. එහෙත් මංගල පිංසිරි ‘ගොබෙල්ස්ගේ’ කට කතා හමුදාව සහ කොළඹ සහ තදාසන්න පෙදෙස් වල ත්‍රීවීල් කාරයන්, ෆේස් බුක් විප්ලවකාරයන් ආදී රස්තියාදුකාරයින් විසින් රටේ පාලනය තීරණය කිරීමට ඉඩ නොදිය යුතුය.

    එසේම,

    විමල් සහ උදය ප්‍රභාත් සංධානගත විය යුතු අතර දිනේෂ් ගුණවර්ධන ඒ සන්ධානයේ නායකයා කර ගැනීමට හැකි උපරිම උත්සාහය දැරිය යුතුය. තිලක් කරුණාරත්න හැකිනම් එකතු කර ගත යුතුය. ආචාර්‍ය නලින් ද සිල්වා (තමාගේ කට පාලනය කර ගත හැකිනම්) මෙකී සංධානය වෙනුවෙන් රූපවාහිනී සහ වෙනත් මාධ්‍ය වෙත තාර්කික අදහස් දැක්වීම පිණිස යොදා ගත යුතුය. බෙංගමුවේ නාලක හිමිගේ ව්‍යාපාරය, ගුණදාස අමරසේකරගේ ව්‍යාපාරය ආදී ජාතික ව්‍යාපාර සමග එකඟතා ඇති කර ගත යුතු අතර බොදු බල සේනා, රාවණ බලය, ආදී ජවුසන් කාරයින් පැත්ත පළාතේ වැද්ද නොගත යුතුය. දිගාමඩුල්ල මන්ත්‍රී ගරු සරත් වීරසේකර වැනි දෑ හිතකාමී මන්ත්‍රීවරුන්ට ශ්‍රී.ලං.නි.පක්‍ෂය නාම යෝජනා නොදේ නම් ඒ අයත් මේ සන්ධානයට එක් කර ගත යුතුය. ත්‍රිකුණාමලයෙන් විමල්ගේ පක්‍ෂය තනිව තරඟ කර පළාත් සභා අසුනක් දිනාගෙන ඇති විටෙක සංධානගතව තරඟ කිරීමෙන් පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීමේ නොහැකියාවක් නැත.

    එසේම රාජපක්‍ෂ මහතා ජනාධිපති කාලයේ වන්දිභට්ට කම් කළ මාධ්‍යකාර-කලාකාර දුර්ජනයන් දුරින් දුරු කළ යුතුය. ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක ඉලක්ක කර මනා සංවිධානයකින් යුතුව මැතිවරණ මෙහෙයුම කළහොත් රාජපක්ෂ පාලනයක් පිහිටුවීම කෙසේ වෙතත් ‘රෝ’ ජනාධිපති යටතේ ඇති ‘CIA’ ආණ්ඩුව දෙමළ-හම්බ පරයින්ට රට කෑලි බෙදා දෙන මොහොතේ හඬ නැගීම පිණිස පාර්ලිමේන්තුවේ විපක්‍ෂයක් සිටිනු ඇත. ඒ මොහොතේදී රාජපක්‍ෂලා සිංහලයන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එසේ කළහොත් පමණි මේ ජනාධිපතිවරණයේ දුන් චන්ද ලක්ෂ පනස් අටට සාධාරණයක් කළා වන්නේ.

    මෙසේ කිරීමෙන් විමල්, දිනේෂ් සහ උදය ප්‍රභාත් යන තිදෙනාම පාර්ලිමේන්තු යාවි’යි සහතිකයක් දීමේ හැකියාවක් නැත. එහෙත් මේ තමාගේ ආසනය ගැන නොව රට ගැන සිතිය යුතු අවස්ථාවකි. එදා රනිල්ගේ ක්‍රිස්තියානි ආණ්ඩුව පරදවන මොහොතේ එ.ජා.පය තුන් වෙනි තැනට දමා හෙළ උරුමයට සිය මනාපය පල කළ කැස්බෑව සහ මහරගම ජනතාව, සැමදා දිනේෂ් වෙනුවෙන් සිය මනාපය ලකුණු කළ අවිස්සාවේල්ල ප්‍රමුඛ කැළණිගඟ බඩ ජනතාව සේම විමල් කොළඹ දිස්ත්‍රික්කයෙන් එක කිරීමට උර දුන් ජනතාවක් කොළඹ සිටී. ඒ නිසා මේ ආසන තුන දිනා ගැනීමේ නොහැකියාවක්ද සැබවින්ම නැත. CIA ඒජන්ත ලෙසට කටයුතු කරන ජවිපය තුන්වන බලවේගය වීමට ඉඩ නොදී ආසන 15-25 පමණ දිනා ගත හැකිනම් මේ තත්වය යටතේ එයත් ජයකි.

    අතරමගදී රනිල්ගේ ක්‍රිස්තියානි රෙජීමයේ කොටි පුල්ලි සමග අනික් දේවල් ටික ටික එලියට දමන විට කලකිරෙන නිදහස් පක්ෂයට නායකත්වයක් අවශ්‍යය. නැතිනම් චන්ද්‍රිකා හෙර විසින් මයිත්රිපාලගේ කුට්ටම කපා දමා විමුක්ති බූරුවා නායකත්වයට ගෙන එන විට සිංහලයා තවත් නන්නත්තාර වනු ඇත. සිංහලය රජබස කළ බණ්ඩාරනායකගේ උරුමය අද ඇත්තේ මහින්දට මිස ඉංගිරිසිය රජබස කරන්නට කැස කවන චන්දරිකා හේරාටවත් සිංහල බැරි විමුක්ති බූරුවාටවත් නොවේ.

    සිරිසේන ජනපති වූයේ දෙමළ-හම්බ චන්ද වලින් නොවේ. ඔහු ජනපති වූයේ මංකොල්ල කෑ නිදහස් පක්‍ෂ චන්ද වලිනි. ඔහුට මංකොල්ල කෑමට නොහැකි වූ නිදහස් පක්‍ෂ චන්ද ආකර්ෂණය කර ගැනීමට රාජපක්‍ෂලා අත්‍යාවශ්‍යය. අද ගුටි කන අපහාස විඳින නිදහස් පක්‍ෂ සාමාජිකයා චන්ද පොළට ගෙන යාමට නව සංධානය සමත් වෙතොත් ආසන 50-60 වුව දිනා ගැනීම සුළු දෙයකි.

    රස්තියාදුකාරයින් විසින් රස්තියාදුකාරයින් වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද බොරුකාර රැවටිලිකාර "මයිරනිල්" රෙජීමය පෙරළා දමා පරයින්ගේ අල්ලේ නොනැටවෙන ආණ්ඩුවක් ඉක්මනින් පිහිටුවා ගැනීමට අපට හැකි වන්නේ එමගින් පමණි.

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !