Thursday, December 31, 2015

2016 දින දසුන


2016 දින දසුන මෙතැනින් ලබා ගත හැක.



Sunday, December 27, 2015

ජුන්ටාධිපතිගේ ව්‍යවස්ථා තැනීම

Sri Lanka to convert its Parliament to ‘Constitutional Assembly’ next year: ඒ පසුගිය 18 වැනිදා ඉන්දීය "ද හින්දු" පුවත්පත විසින් පල කරන්නට යෙදුණු ලිපියක සිරස්තලයයි. ඒ සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න.

දෙතිස් කතාව පසුගිය වසර පුරා පුන පුනා ප්‍රකාශ කළ කරුණක් නම් ජනවාරි 9 දින ප්‍රකාශ කළ මැ.කො. ගේ ඡන්ද ප්‍රතිඵලයේ සැබෑ ප්‍රතිඵලය වශයෙන් සිංහලයින්ට -විශේෂයෙන් සිංහල බෞද්ධයින්ට - තමන්ගේ රටේ උරුමය අහිමි වන බවයි. උපන් ගෙයි තක්කඩියෙක් සහ බෞද්ධ විරෝධියෙක් වන රනිල් වික්‍රමසිංහ පියවරින් පියවර මේ ඉලක්කය වෙත ලඟා වන බව අප කළින්ම දුටුවෙමු; එය සටහන් කර තැබුවෙමු.

ජනවාරි 9 දා තකහනියේ හොර අගමැති කෙනෙක් පත් කරන විට අප විරුද්ධ වීමු. කැබිනට් චිට් එකෙන් අගවිනිසුරු ඉවත් කර අධිකරණය විහිළුවක් බවට පත් කරන විට ඊට එරෙහිව හඬ නැගුවෙමු. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහදවාලේ 'හයිජැක්' කර ඒ පක්‍ෂයේ 'දූෂිත' මන්ත්‍රීවරුන්ගේ සහයෙන් කැබිනට් එකක් සාදන විට එයටත් එරෙහි වීමු. නිදහස් පක්‍ෂය සිරිසේනට පාවා දීමේ වරද මහින්ද රාජපක්‍ෂගේ බව අප තවමත් අදහමු.

එසේම කුප්‍රකට 19 වන සංශෝධනය ගෙන එන විට හැකි සියළු වෙර යොදා එය පැරදවිය යුතු බව සටහන් කළෙමු. ගෙන ඒමට තැත් කළ 20 වන සංශෝධනයට එරෙහි වීමු. මහමැතිවරණයෙන් පසු හොරට සාදා ගත් ඊනියා ජාතික ආණ්ඩුවට එරෙහි වීමු. (මෙය තමන් විසින්ම පම්පෝරි ගසා අටවා ගත් 19 වන සංශෝධනයට පවා විරුද්ධ බව රනිල්ගේ ජුන්ටාව නොදන්නේ නොවේ.) තමාට මේ සම්මජ්ජාතියේ ලැබිය නොහැකි ජනාධිපති පුටුවට පාර පෙන්වීම වෙනුවෙන් දෙමළ බෙදුම්වාදයට දෙන කප්පම වශයෙන් විරුද්ධපක්‍ෂ නායක කම දෙන විට ප්‍රතිවිපාක පිළිබඳව ලිපි එකක් නොව තුනක් ම ලිවීමු.

දැන් එළඹී ඇත්තේ ඉහත සියළු නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී සහ සම්ප්‍රදාය විරෝධී උපක්‍රම වල කූටප්‍රාප්තියයි. ජුන්ටටාධිපති නාමධාරී රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පතට පවසන්නේ තමා විසින්ම කඩිමුඩියේ 19 වැනි සංශෝධනයක් ගෙනැවිත් මන්ත්‍රීවරුන්ගේ බෙලි ඇඹරීම මගින් එය සම්මත කර ගනිමින් තමාට රිසි අයුරින් සකස් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසි කර දමා එජාප ව්‍යවස්ථාව වැනි බහුබූතයක් සකසා ගැනීමට තමාගේ අභිප්‍රායක් පවතින බවයි.

මේ බහුබූත වලට ඉඩ දුන්නොත් ලංකාව තවදුරටත් මෙලෙස නොපවතිනු ඇති අතර සිංහලය එහි අවසානය දකිනු ඇත. සිංහලයා තම නිජබිමෙහිම දෙවන පංතියේ පුරවැසියෙක් බවට පත් වනු ඇත. සිංහලයන් ලෙස පෙනී සිටිමින් පරවැඩ කරන වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සේනාරත්න, ජයම්පති වික්‍රමරත්න, නිර්මාල් රංජිත් වැනි අසිංහලයින්ට පමණක් මේ රටේ තත්වයක් ලැබෙනු ඇත. අප මෙතක් කරුණු පෙන්වා දී ත් මේවා කියවන සිංහලයින්ට මේවායේ වගේ වගක් නැත්නම් මීට වඩා කරන්නට දෙයක් නැත. පෙරද සටහන් කර ඇති පරිදි පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් කරගත හැකි සුළු කරුණක් වෙනුවෙන් මහමගට බැස වෙඩි කෑමේ ආසාවක් හෝ අභිප්‍රායක් හෝ අපට නැත.





Tuesday, November 24, 2015

පොඩි එකාගේ ළියුම...!

කලකට ඉස්සර පොඩි එකාගේ ලියුම නමින් ඉරිදා පත්තරයක අපූරු භාෂා ශෛලියකින් ලියැවුනු ලිපි පෙලක් තිබූ බව යලි මතකයට නැගුනේ ඊයේ පෙරේදා කවුන්සිලයේ ඉදිරිපත් කෙරුනු අපූරු අය වැය ප්‍රකාශනයෙනි.

"පොඩි එකා ලියන්නේ", "..... කියා අපේ තාත්තා කියනවාය" අදී ලෙසිනි. එහෙම බැලුවහම මේ අති දීර්ග ලියැවිල්ල පොඩි එකාගේත් පොඩි එකෙකුගේ බව සිතේ.

එහෙම නැතිව බැරිම තැන මුදල් ඇමති කම පොඩි එකෙකුටවත් (ළමේකුට !) දුන්නාදැයි සැකයක් සිතේ......

එය ඉදිරිපත් කල භාශා ශෛලියෙන් නම් මෙලෝ යකෙකුට එම අයවැය ප්‍රකාශනයේ තිබුනේ මොනවාදැයි නොවැටුහුනු බවනම් සැක නැත. එක අතකට එහෙම වීමත් හොඳ ඇති. මොකද එතකොට කාටවත් අය වැය විවේචනය කල නොහැකි නිසා. ඊට පසු පත්තර කාරයින් එකින් එක උලුප්පා දැක්වීම නිසා දැන් අපිට මේ අයවැයේ තිබුනේ මොනවාදැයි යන්තමට තේරෙන්නට පටන් ගෙන ඇත.



Tuesday, November 10, 2015

අඤ්ඤා කොන්ඩඤ්ඤ සහ සිද්ධාර්ථ

කපිලවස්තු පුර සුදොවුන් රජුට පුතෙක් ඉපදී පස් දිනකින් නම් තැබීමේ මගුල එළඹින. ඊට වේද වේදාන්ත ඥානයෙන් පරිපූර්ණ, අංග ලක්‍ෂණ විද්‍යාවන් දන්නා, ප්‍රඥාව ඇති බමුණන් එකසිය අට දෙනෙකුන් ගෙන්වන ලදී. මොවුනතරින් ප්‍රධාන වූ රාම ධජ ලක්ඛණ මන්තී කොන්ඩක්ඤ භෝජ සුයාම සුදත්ත යන බමුණන් අට දෙනා ළදරු කුමරුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහ අසූවක් අනුව්‍යංජන ලක්‍ෂණ දුටහ.
www.telegraph.co.uk
ඔවුනතරින් වැඩිමහල් බමුණෝ සත්දෙන මේ කුමරු ගිහිගෙයි සිටියොත් සක්විති රජ වෙයි පැවිදි වුවොත් බුදු වෙයි කියමින් දෑඟුල් පෑහ. සැමට බාල කොන්ඩඤ්ඤ තෙමේ මේ කුමරු ඒකාන්තයෙන් ගිහි ගෙයි නොරඳනේ වෙයි, ගිහිගෙන් නික්මී පැවිදි වී බුදු වෙයි කියමින් එක් ඇඟිල්ලක් පෑහ.

මේ කුමරු මතු තමාටත් වැඩක් කෙරෙයි අනුනටත් වැඩක් කෙරෙයි යන අර්ථයෙන් සිද්ධාර්ථ නම් වේවායි ඒ බමුණෝ ප්‍රකාශ කළ බැවින් ගෝත්‍රයෙන් ගෞතම වූ ඒ පින්වත් කුමරුන්ට සිද්ධාර්ථ යන නාමය තබන ලදී.

පන්තිස් වසක් ඇවෑමෙන් ගයාවේ දී සම්මා සම්බුද්ධත්වය සාක්‍ෂාත් කර ගත් ඒ සිද්ධාර්ථයන් විසින් බරණැස ඉසිපතනයේ දම්සක් පැවතුම් සුතුර දේශනා කරන කල්හි පැවිදිව සිටි කොන්ඩඤ්ඤ තෙමේ පළමුව දහම් අවබෝධ කර ගත් හෙයින් හෙතෙම අඤ්ඤා කොන්ඩඤ්ඤ නම් විය.

මෙසේ කොන්ඩඤ්ඤ තමන් සිද්ධාර්ථ නම තැබීමට මුල් වූයේ යම් සේද ඒ සිද්ධාර්ථයෝ ම කොන්ඩඤ්ඤ තෙරුන්ට 'අඤ්ඤා' යන අභිදානය ලැබීමට උපස්තම්භක වූහ.


නම් තැබීම


සුදොවුන් රජු කළ අයුරින්ම නොවුණත්, නම් තැබීම සෑම තැනකම සෑම කල්හිම විශේෂ වැදගත් කමක් ගත් චාරිත්‍රයක් බව පසුගිය දෙතුන් වසර තුල එංගලන්ත රජ පවුලේ සිදු වූ නම් තැබීම් වලින් පෙනේ. සමහර නම් වල අනෙක් ඒවාට වඩා අමුතු බලයක් තිබේ. පසුගිය දස වසර පුරා "මහින්ද" යන නාමය නොමැතිව ලංකාවේ පොදු වැසිකිළියක්වත් විවෘත නොවූ බව සමහරු කියත්. රුහුණු මාගම්පුර මහින්ද රාජපක්‍ෂ තටාකාංගනය, මත්තල මහින්ද රාජපක්‍ෂ වී ගබඩා සංකීර්ණය (මෙය මුළින් සැළසුම් කෙරුණේ කටුනායකට විකල්ප ගුවන් තොටුපොළක් වශයෙනි), නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනය, තවම වැඩ නිම නැති නෙළුම් කුළුන මහින්ද රාජපක්‍ෂ විදුලි සංදේශ කුළුන සහ මෑතකදී කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් මහින්ද රාජපක්‍ෂ භූගත බංකර සංකීර්ණය ද ඉහත අදහස සනාථ කරන ජීවමාන උදාහරණ වේ.

අද එසේනම් නම් තැබීම පිළිබඳව කතා කරමු. ඊට පෙර මධ්‍යස්ථ මතධාරියා නම් ලත් යකාට ස්තූති කරමු. මක් නිසාද, නම් තැබීම පිළිබඳ කතා කිරීමට අප පෙළඹවූ ආසන්න හේතු කාරකය යකාගේ අඩවියේ පළ වූ ලිපියක් වන නිසාය.





Saturday, October 31, 2015

ශ්‍රීමත් ඩෙස්මන්ඩ් සමග "යුද අපරාධ"

ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ලෝරන්ස් ද සිල්වා බ්‍රිතාන්‍යයේ රාජනීතිඥයෙකි. ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ ලංකා තානාපති ලෙස සේවය කළ ෆෙඩ්රික් ද සිල්වාගේ පුතණුවන් වන ඔහු ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ සහ ධීවර අමාත්‍ය ධුරය දරණ ලද ජෝර්ජ් ඊ ද සිල්වා ගේ මුණුපුරෙකු ද වේ. ඔහු යුගෝස්ලාවියාවේ කත්‍රිනා කුමරිය ආවාහ කරගෙන සිටී.
ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ලෝරන්ස් ද සිල්වා
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සියෙරාලියොන් රාජ්‍යයේ සිදු වූවායැයි කියන යුධ අපරාධ පිළිබඳ සෙවීම සඳහා ප්‍රධාන විමර්ශක ලෙස පත් කරන ලද්දේ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ය. අපරාධ පිළිබඳ බ්‍රිතාන්‍යයේ සිටින මුල් පෙළේ නීතිඥයෙකු වන ඔහු එහි ප්‍රිවි කවුන්සිලයේ සාමාජිකයෙකු ද වේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් බෙල්ග්‍රේඩ්හිදී අගමැති වොයිස්ලාව් කුෂ්තුනිට්සා (Vojislav Koštunica) වෙත යුධ අපරාධ චෝදනා පිළිබඳව අනතුරු අඟවා එම රජය අවනත කර ගැනීම සඳහා නියෝජිතත්වය ලබා දෙන ලද්දේ ඩෙස්මන්ඩ් ද සිල්වා ය.

යුධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, ත්‍රස්තවාදය, මානව හිමිකම් යන ක්‍ෂේත්‍රයන්හි විශේෂඥයෙකු වන ඔහු විසින් යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් 2001 වසරේදී හේග් අධිකරණයේදී වරදකරු බවට පත් කරන ලද්දේය. ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කොටි හිතවාදීන් විසින් ප්‍රචාරය කෙරෙන ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් ඔහු විසින් පළ කරන ලද වාර්තාව සාරාංශගත කිරීමෙන් පහත ලිපිය සකසා ඉරිදා දිවයින පුවත්පතේ පළ කර තිබිණි.




Wednesday, September 23, 2015

චරිත දෙකක් ගැන කතා ගොඩක්

චරිත දෙකක් පිළිබඳ මේ ලිපිය දින කිහිපයකට පෙර අවසන් කර පල විය යුතුව තිබුණු මුත් කරුණු සම්පිණ්ඩනය කර අවසන් කර ගත නොහැකිව තිබුණු ලිපියකි.

Parliament of World Religions, Chicago, Sept. 1893
අප අද මාතෘකා කර ගත් චරිත දෙක මෑත කාලීන ලාංකීය ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ, ලාංකීය ඉතිහාසය වෙනස් කිරීමට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දායක වූ සුවිශේෂ චරිත දෙකකි. මේ දෙක එකට ගෙන කතා කිරීමට හේතු භූත වූ කරුණ වන්නේ මේ මහතුන් දෙදෙනාගේම ජන්ම දින සැප්තැම්බර් මස 17 දිනට යෙදී තිබීමයි.

සැප්තැම්බර් මස 17 දින එකට ජන්ම දිනය සමරන මුත් නිවුන් සොහොයුරන් නොවන මේ යුග පුරුෂයන් දෙදෙනා වන්නේ ක්‍රි.ව.1864 උපන් දොන් ඩේවිඩ් හේවාවිතාරණ සහ ඊට දශක සතරකට පසු 1906 දී මෙලෝ එළිය දුටු ජූනියස් රිචඩ් ජයවර්ධන යන මහතුන්ය.





Monday, September 7, 2015

වි.නා.ස. වීමේ ප්‍රතිඵලය

ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයේ නායක R සම්පන්තන් මහතා එම ධුරයට පත් වූ දෙවන දෙමළ වාර්ගිකයා වෙමින් මෙරට විපක්‍ෂනායක ලෙස රජය විසින් පත් කිරීම පිළිබඳවත්, ඒ පසුපස තිබූ කඩාකප්පල්කාරී සහ කුමන්ත්‍රණකාරී ව්‍යාපෘති පිළිබඳවත් පෙර ලිපි වල සංවාදයට ගතිමු.

කට වහපිය - යහපාලානේ ඇහැරෙයි
යහපාලානේ ඇහැරුණොත් තොපිට බඩුම තමයි
මේ ලිපියෙන් එහි ප්‍රතිවිපාක පිළිබඳව විමසමු.

පෙර සඳහන් කළ ලෙස මේ පත් කිරීමේ ඉක්මන් සහ දැඩිම තර්ජනය ඇත්තේ පසුගියදා සම්මත කෙරුණු 19 වන සංශෝධනයෙන් යෝජනා කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් නම් කිරීමේදී වේ.






Saturday, September 5, 2015

වි.නා.ස. වීමට හේතුව

ශ්‍රී ලංකා රාජ්‍යය බෙදා ඒකවාර්ගික රාජ්‍යයක් තනා ගැනීම මුඛ්‍ය අරමුණ කර ගත් දෙමළ රාජ්‍ය පක්‍ෂයේ නායක තැන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂ නායකත්වයට පත් වීම පිළිබඳවත් ඊට එරෙහිව සමාජයේ ඇති වූ කතිකාවත් පිළිබඳවත් පෙර ලිපියේදී සඳහන් කළෙමු.
5 එකතු වී හය වැන්නාගේ අඬු කැඩිම
පහක් එකතු වී හය වැන්නාගේ අඬු කැඩිම
මේ ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ එසේ වීමට හේතුව පිළිබඳව වේ.





Friday, September 4, 2015

වි.නා.ස.: විපක්‍ෂ නායක සම්පන්තන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරය පිළිබඳ නොයෙක් තැන් වල ඇති වූ විවිධ මාදිලියේ මතිමතාන්තර වලට නැවතීමේ තිත තබමින් දෙමළ ජාතික සංධානය ලෙස සිංහල ජනමාධ්‍ය විසින් වැරදි ලෙස ප්‍රචාරය කෙරෙන දෙමළ රාජ්‍ය පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක R සම්පන්තන් මහතා රජය විසින් අද දින තෝරා පත් කර ගන්නා ලදී.

R සම්පන්තන්
ලංකාවේ විරුද්ධ පක්‍ෂය
අද දෙතිස් කතාවේ කථානායක ඒ මහතාම නොවූවත් අද කතාව මෙකී පත්වීම පිළිබඳව වෙයි.





Monday, August 31, 2015

WG Grace & IO Sirisena

ක්‍රිකට් ක්‍රීඩාව ගැන බිංදු මාත්‍රයක්වත් දන්න කෙනෙක් නම් WG ග්‍රේස් ගැන අහල නැති වෙන්න බෑ. එතුමා ජන්ම දායාදය ලබල තියෙන්නේ ඒරොප්පේ (England), පාතාන්තය (Downend) කියන ගමේ.
W.G.ග්‍රේස්, පිත්ත අතැතිව
ඒ 1848 දී, ඒ කියන්නේ එතුමාගේ නෑදෑයෝ මෙහෙ අපේ මානව හිමිකම් රකින්න, අපිට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා දෙන්න පුරන්අප්පු (මොරටුවේ ෆ්‍රැන්සිස්), ගොංගාලේගොඩ බණ්ඩා (පෑලියගොඩ ඩේවිඩ්) ඇතුළු පිරිස දඩයම් කරන කාලේ. ඒ කාලෙත් අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැති කරලා තිබිල තියෙන්නේ අපේම උන්, බලං යනකොට. ඒත් ඒක වෙනම කතාවක්. අද කතාව WG ග්‍රේස් උත්තමය ගැනයි.





Wednesday, August 12, 2015

"බහුකේන්ද්‍රීය", "සර්ව දිසාවන්ට විහිදුනු" විදේශ ප‍්‍රතිපත්තියක්?

සනත් ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂ වේදිකාවේ
දින 100 කින් අලුත් රටක් සෑදීමට වෙර දරණ සනත් ජයසූරිය

දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාළාව

"ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන" රටක් බව ප්‍රතිපත්ති ප්‍රකාශනයක පිළිගත යුතු කරුණක් නොව ජනසංගණනයක නිගමනයකි. එය "ජාතික හා ආගමික විවිධත්වයෙන් යුත් රටක්" බව ද ප්‍රතිපත්ති ප්‍රකාශනයක දක්වා විශේෂයෙන් පිළිගත යුතු කරුණක් නොවේ. වර්තමාන ලෝකයේ "ජාතික හා ආගමික විවිධත්වයෙන් යුත්" නොවන රටක් නම් කළ හැකි ද? වතිකානු රාජ්‍යයවත් එවැනි රටක් බව කිව හැකිද?

මේ විකාර වෙනුවට "ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්" බව කෙළින් නොකියන්නේ ඇයි? මෙය සැක කටයුතු තැනකි. එක්සත් ජනතා නිදහස් සංධානයට දෙමළ මුස්ලිම් වාර්ගිකයන් පමණක් නොව සිංහල කතෝලිකයින් ද රැවටිය නොහැක - ඔවුන් තම මනාපය ප්‍රකාශ කරන්නේ ඉහළින් දෙන අණ අනුවය. මේ රවටන්න තැත් කරන්නේ සිංහල බෞද්ධයා ද?
අප එසේ විවේචනය කළේ කළේ ජාතික ඒකාග‍්‍රතාව සහ තිරසාර සංහිඳියාව පිළිබඳ ප‍්‍රතිපත්තිය ලෙස හැඳින්වෙන එ.ජ.නි.සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළමු පරිච්ඡේදයයි. එහි ඊළඟ පරිච්ඡේද අද විමසමු.




Wednesday, August 5, 2015

දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාළාව

අනාගතයට සහතිකයක් ලෙස නම් කර ඇති එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාළාවකින් සමන්විත වේ.
අනාගතයට සහතිකයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීම
  1. ජාතික ඒකාග‍්‍රතාව සහ තිරසාර සංහිඳියාව පිළිබඳ ප‍්‍රතිපත්තිය.
  2. දූෂණය පිටුදැකීම සහ අධිකරණයේ ස්වාධිපත්‍යය සුරැකීම පිළිබඳ ප‍්‍රතිපත්තිය
  3. ආර්ථික කළමනාකරණ ප‍්‍රතිපත්තිය
  4. විදේශ ප‍්‍රතිපත්තිය
  5. නිවාස හා ඉඩම් ප‍්‍රතිපත්තිය
  6. අධ්‍යාපන ප‍්‍රතිපත්තිය
  7. සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය
  8. පාරිසරික සහ වනජීවී ප‍්‍රතිපත්තිය
  9. සංස්කෘතික, කලා සහ සන්නිවේදන කටයුතු ප‍්‍රවර්ධන ප‍්‍රතිපත්තිය
  10. ක‍්‍රීඩා සහ තරුණ කටයුතු ප‍්‍රතිපත්තිය
  11. කාන්තා සහ ළමා ප‍්‍රතිපත්තිය
  12. ආයෝජන සහ යටිතල පහසුකම් ප‍්‍රවර්ධන ප‍්‍රතිපත්තිය
මේ දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති එකිනෙක ගෙන විමසමු.






Monday, August 3, 2015

ප්‍රතිපත්ති

එළැඹෙන මැතිවරණයේ ප්‍රධානම ප්‍රතිවාදී කණ්ඩායම් දෙක වන යහපාලනය උදෙසා එක්සත් ජාතික පෙරමුණ ලෙස පෙනී සිටින එක්සත් ජාතික පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සංධානය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස අද දෙතිස් කතාවේ අවධානය යොමු වේ.

"අනාගතයට සහතිකයක්" දෙස බලවත් විස්සෝපයෙන් බලා සිටින ජුන්ටාධිපති වික්‍රමසිංහ මහතා

එළිපිටම එක්සත් ජාතික පක්‍ෂයේ 'ප්‍රාථමිකය' බවට පත් වී එයට ඡන්ද එකතු කර දීම සහ එජාපය වෙනුවෙන් පෝස්ටර් ඇලවීම තම ජීවනෝපාය කරගෙන ඇති ජනතවි මුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව සොයා නොබලන්නේ එහි ගත යුත්තක් තිබීමේ ඉඩක් ඇතත් ඒ වෙනුවෙන් වැය කරන කාලය ඊට වඩා වටිනා නිසාය. මීට අමතරව ද්‍රවිඩ ජාතික සංධානය ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටින ද්‍රවිඩ රාජ්‍ය පක්‍ෂය විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙතොත් එයත්, එසේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නම් මූලධර්මවාදී ව්‍යාපාරයත් විසින් ඉදිරිපත් කරන ප්‍රකාශනයක් වෙතොත් එයත් විමසා බැලීම වැදගත්ය. අවාසනාවට අප සතුව ඒ සඳහා කාල වෙලාවක් හෝ පරිචයක් හෝ නැත.




Tuesday, July 28, 2015

අලුතෙන්ම පටන් ගමු?

විශේෂ දැන්වීම්.



රටට පණ දෙමු, අලුතෙන්ම පටන් ගමු.

රූපය මත කොටන්න (බැරිනම් click කරන්න)

දින 100 ට බොරු 100

දින 100 ට බොරු 100
රූපය මත කොටන්න (බැරිනම් click කරන්න)



Thursday, July 23, 2015

ඒකාධිපතියෙක් තෝරා පත් කර ගැනීමේ නිදහස

ඇමරිකාවෙන් අපනයනය කෙරෙන භයානකම දේ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි
ඡන්දයකින් ජය ගත යුත්තේ කවුරුන්දැයි කිසිවෙකු විමසුවහොත් පක්ෂ වන්දනා කරන්නන් හැරුනු කල ඕනෑම අයෙකුගේ පිළිතුර වනු ඇත්තේ ඒ ජනතාව බවයි. ඇත්තෙන්ම ජනතාව ඡන්ද වලින් ජයග්‍රහනය කරනවාදැයි විමසුවහොත් කීමට ඇත්තේ නැත යනුවෙනි.




Saturday, July 18, 2015

"බන්ධනාගාර" බැඳුම්කර ගැන කතාවක් නොවේ

සැළකිය යුතු: මෙය සතියකට පෙර පල වූ ලිපියක සංස්කරණයකි.

වසර තුනක් දෙතිස් කතාව ආ ගමන් මග පිලිබඳ හැරී බැලීමේදී පසුගිය වසරක පමණ කාලයේ දේශපාලනය වෙත එහි ඇති වැඩි නැඹුරුව සැඟවිය නොහැක. මෙයින් රටට වන බලපෑමක් ඇත්දැයි අපට කිසි බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් හෝ තිබුණේ නැත. පහත උපුටා දැක්වෙන්නේ "මූනත්තහඩුවේ" (facebook) ඇලවුණු දැන්වීමකි.
A ද B ද C ද, නැත්නම් ඒ තුනමද?
ඉහත දැන්වීම පල කෙරුණේ "Back to Mahinda" නම් සංසදය තුල මීට දෙදිනකට පෙර ජූලි 10 වැනි දින වේ.




Monday, July 13, 2015

සිකුරුගෙන් බ්‍රහස්පතිට අභියෝගයක් !

රෑ අහසේ දීප්තිමත් බවින් දෙවැන්නාත් තෙවැන්නත් එක්වී....


බ්‍රහස්පති සහ සිකුරු
බ්‍රහස්පති සහ සිකුරු
මේ දිනවල ලෝකයේ සෑම කලාපයකටම පාහේ (සමකය ආස්‍රිත රටවලට විශේශයෙන් ) දැකගත හැකි අපූරු සිදුවීමක් අහස්තලයෙහි සිදුවෙමින් තිබේ. එනම් රාත්‍රී අහසෙහි සඳුට පසු දෙවැනි දීප්තිමත්ම ආකාශ වස්තුව වන සිකුරු හා තෙවැනි දීප්තිමත්ම ආකාශ වස්තුව වන බ්‍රහස්පති අතර සිදුවන ග්‍රහ සංයෝජනයයි. තාරකා විද්‍යාවේදී ග්‍රහ සංයෝජනයක් ලෙස හඳුන්වන මෙය ජ්‍යෝෂිත විද්‍යාවේදී ග්‍රහ යුද්ධයක් ලෙස හඳුන්වනු ලබයි.

සුර්‍යයා බැස යාමෙන් මොහොතකින් ලංකා වාසින්හටද මේ අපූරු සිදුවීම ජූලි මාසය පුරාද දැක ගත හැකි වනු ඇත. මෙහි ආසන්න උච්චතම අවස්ථාව උදා වූයේ ජූනි මස 29 සිට ජූලි මස 1 දක්වා දින කිහිපයේදීය.





Sunday, July 5, 2015

හැරී බලමු !

වර්ධමාන මහාවීර තුමාගේ පිළිරුව කිරෙන් දොවන අනුගාමිකයින්
දෙතිස් කතාවට අදට වසර තුනක් සපිරේ. වසර තුනක් යනු මහා ලොකු කාලයක් නොවුණත් blog අඩවි වල ආයු අපේක්‍ෂාව සමග සැසඳූ කළ එයත් තරමක කාලයකි. වසර තුනක අපගේ කියුම් කෙරුම් පිළිබඳ අවලෝකනයකට මීට වඩා සුදුසු මොහොතක් තිබේද?

එසේනම් අපි අතීතය දෙස එබී බලමු.




Wednesday, June 10, 2015

විස්සට විස්වාසබංගයක්

විස්ස පිළිබඳ කතිකාවතක් දැන් ඇති වී තිබේ. ඒ පිළිබඳ දැනට ඉදිරිපත්ව ඇති කරුණු මත අප අදහස් කෙටියෙන් ඉදිරිපත් කරමු.

රනිල්ගේ යෝජනාව අර්බුද තුනකට හේතුවක්‌

කැෆේ අධ්‍යක්‍ෂ කියයි
චමින්ද සිල්වා
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ ඡන්ද කොට්‌ඨාස 125 ක්‌ හා මන්ත්‍රී ධුර 225 ක්‌ ඇතිකිරීමේ යෝජනාව ප්‍රධාන අර්බුද තුනක්‌ ඇතිවීමට හේතුවනු ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

එහිදී;
  1. කොට්‌ඨාස 125 කට සීමා නිර්ණය කිරීම සඳහා ඉතා විශාල කාලයක්‌ අවශ්‍ය වීම,
  2. සුළු ජාතික නියෝජනය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් බහු ආසන ස්‌ථාපනය කළ නොහැකිවීම, සහ
  3. උතුරු - නැගෙනහිර පළාත්වල (වවුනියාව, සේරුවිල හා අම්පාර වැනි) සිංහල නියෝජනය සේම උතුරු නැගෙනහිරින් පිට දෙමළ මුස්‌ලිම් නියෝජනය කොට්‌ඨාස මට්‌ටමින් තහවුරු කළ නොහැකිවීම
එම අර්බුදයට හේතු වන බව ඒ මහතා කියා සිටී.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර සංඛ්‍යාව 225 ක්‌ ලෙස තබාගනිමින් සහ කේවල ඡන්ද කොට්‌ඨාස 125 කට සීමාකිරීම සුළු දේශපාලන පක්‍ෂ සඳහා ඇති ඉඩකඩ අහුරා දැමීමට හේතුවනු ඇත. මුස්‌ලිම් හා ඉන්දීය සම්භවයක්‌ සහිත දෙමළ ප්‍රජාවට ද, ජනතා විමුක්‌ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය වැනි දේශපාලන පක්‍ෂවලට ද මෙය ඉතා අහිතකර ලෙස බලපානු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
ඉහත උපුටා දැක්වූයේ අද දිවයින පුවත්පතේ මේ පිළිබඳව පල වූ පුවතක්. අප විසින් මේ කෙරෙන විග්‍රහයට පාදක කර ගන්නේ ඒ පුවතයි. ඊට අමතරව ජනාධිපති සිරිසේන විසින් මන්ත්‍රී වරුන්ට අනියමින් තර්ජනය කිරීම උදෙසා සංවිධානය කළ රැස්වීමකදී ප්‍රකාශ කළ අදහස් කීපයක් ද මෙතැනින් කියැවිය හැක.





Monday, June 1, 2015

මහින්දාගමනයට ප්‍රශස්ති කීම

මේ බුද්ධාන්තරය තුල ශ්‍රී ලංකාද්වීපය එහි සැබෑ උරුමක්කරුවන් විසින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙත තෙවරක් ම පූජා කර තිබේ. බුද්ධත්වයෙන් පළමු වර්ෂයේ වස්සාවසානයේ දී ප්‍රථම රහතුන් සැට නම ධර්ම ප්‍රචාරය පිණිස පිටත් කොට තනිවම උරුවෙල් දනව්වට වැඩි අප මහා ස්වාමිදරුවාණන් වහන්සේ, උරුවෙල් කසුප් තවුසාගේ අසපුවේ වැඩ වසන සමයේ දුරුතු පුර පසළොස්වක් දා සෘද්ධියෙන් ලක්දිව් වැඩම කර යකුන් දමනය කර ඔවුන්ගෙන් පූජා පිළිගන්නා ලදී.

බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේ බක් පෝ දා චූලෝදර-මහෝදර නා රජවරුන්ගේ කළහය සංසිඳවීම පිණිස වැඩම කළ උන් වහන්සේ නාගයින්ගේ පූජා පිළිගන්නා ලදී. ඒ අවස්ථාවේදී මණිඅක්ඛිත නා රජුගෙන් ලැබුණු ආරාධනය මත තෙවන වර කැළණිය ඇතුළු ස්ථාන තුදුසක් වෙත වැඩම කළ වැඩම කළ උන්වහන්සේ ශ්‍රී පාද ලාංජනය පිහිටුවා සබරගමුවේ සුමනසමන් දෙවියන් ඇතුළු දෙවියන්ගේ පූජා ලැබ ලක්දිව පූජා භූමියක් බවට පත් කළහ.

බිම්බිසාර නරපතීන් විසින් බෝසත් සිද්ධාර්ථයන්ට අංග-මගධ දෙරටේ අර්ධ රාජ්‍යය පැවරීමෙන් පසු දඹදිව වෙනත් කෙනෙකුන් විසින් උන් වහන්සේට රාජ්‍යය පවරා දී නැත. ඉහත කතා පුවත් අනුව පෙනී යන්නේ මේ ලක්දිව රාජ්‍යය තෙවාරයකදී උන් වහන්සේට පූජා කර තිබෙන බවයි. තමන් වහන්සේගේ සාෂණය පන්දහසක් කල් පවත්නේ මේ පුණ්‍ය භූමිය මත බව දත් මහසතාණෝ ලක්දිව් රාජ්‍යය පිළිගෙන වදාළහ. එසේ හෙයින් මේ ලක්දිව බුද්ධ රාජ්‍යය යැයි හැඳින්වීම අතිශයින්ම සුදුසුය.






Tuesday, May 19, 2015

කිරිබත් කෑ දින දෙකක්

මුළු සිංහලයම අවුරුදු උදා වූවා සේ කිරිබත් කමින් අඳුනන-නාඳුනන අයටත් කිරිබත් බෙදා දෙමින් සතුටු වූ දින දෙකක් අපේ මතකයේ වෙයි. මේ දින දෙකම මැයි මාසයේ යෙදෙයි. පළමුවැන්න 1993 මැයි මස පළමුවැනිදා ය. දෙවැන්න 2009 මැයි මස 19 වැනිදා ය.

1993 දී සිදු වුණේ ගරු රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමත් ගරු චන්ද්‍රිකා මැතිණියට ජනාධිපති තනතුරට පත් වීමට තිබූ බාධාව ඉවත් කිරීමත් ය. 2009 දී සිදු වූයේ බටහිර ආධාර ලැබ සිංහලය ගිල ගැනීමට කැරළි ගැසූ දෙමළ වර්ගවාදී ත්‍රස්තවාදී බලමුළු අවසන් පරාජයට ලක් කිරීමයි.
යලි එකච්ඡත්‍ර කළ ලක්දිව් සම්ප්‍රාප්ත වූ ජනපති මව්බිම සිපගත් සංවේදී මොහොත
දෙමළ වර්ගවාදී බෙදුම්වාදී බලවේග සිය ඉතිහාසයේ වැදගත්ම ජයග්‍රහණයක් එදා 1993 දී සටහන් කරන අතර සිංහලයිනුත් කිසි අඩුපාඩුවක් නැතිව ඒ ජයග්‍රහණයේ සතුට බෙදා ගැනීමට එක් වූහ. එහෙත් ම්ලේච්ඡ ත්‍රස්තවාදය සිය ඉතිහාසයේ අතිශය නින්දා සහගත පරාජය ලබන දා තුටු-පහටු වන සිංහලයින් සමග සතුට බෙදා ගැනීමට අර බලවේග පැමිණියේ නැත. ඒ වෙනුවට ඔවුන් විසින් කරන ලද්දේ පළිගැනීම පිණිස කුමන්ත්‍රණය කිරීමයි. එදා අප ලැබූ ජයග්‍රහණයෙන් වසර හයක් ගත වන තැන, අද, ඒ දීර්ඝ කාලීන කුමන්ත්‍රණය සාර්ථක වී දුරදිග නොබලන-ජාතියක් ලෙස නොසිතන සිංහලයින් ද සහය කරගෙන බෙදුම්වාදී බලවේග අපේ ජයග්‍රහණය තමා සතු කරගෙන සිටී.

මේ නම් අතිශය ලැජ්ජා සහගත අවස්තාවකි. එහෙත් මේ ලැජ්ජා වෙමින් සිටීමට කාලය ද නොවේ. එබැවින් ලැජ්ජා වීම ලැජ්ජා නහරය කපා දමා සිටින අග්‍රාමාත්‍ය තුමා වෙත පවරා සිංහලයින් විසින් දෙමළ වර්ගවාදය පැරදවීමේ ව්‍යාපෘතිය වෙත නැවත අවතීර්ණ විය යුතුව තිබේ.





Thursday, May 14, 2015

දානයේ අනුසස්

මෙය මාගේ පුද්ගලික ජිවිතයේ අත්දැකීමක් සත්‍ය ලෙස අත්විද ගත් ආකාරය ගැන පැවසීමට ගන්නා ලද උත්සාහයකි.

පුද්ගලික ජිවිතයේ අත් දැකීමක් දෙතිස් කථා අතරට යොමු කරන්න සිතුනේ ගොඩක් අරමුණු පෙරදැරි කරගෙනයි.
  • දානයේ ආනිසංස සැබෑ අත්දැකීමක් තුලින් අවබෝධ කරවන්න,
  • දර්මය අවබෝධයෙන් දකිනවා නම් ප්‍රතිපල ලැබ ගත හැකි බව,
  • පිං නිසා ජිවිතයේ හරවත් බව කියන්න,
  • දෙනදේ සිතේ පැහැදීමෙන් දෙන්න,
  • සැමට ආදරය, කරුණාව, මෙත් සිත පතුරුවන්න, සහ
  • මෙය කියවන මොහොතක් පාසා මගේ සිත පිනෙන් වැඩෙන නිසා.




Sunday, May 3, 2015

බුද්ධ වර්ෂය හා වෙසක් පෝය

සිංහලයාගේ අවුරුද්ද පිළිබඳව අප බොහෝ සෙයින් කතා කළෙමු. අප්‍රේල් 13 ආශ්‍රිතව යෙදෙන අලුත් අවුරුද්ද සිංහලයාගේ ජාතික උරුමයක් බවත්, එය දෙමළ හෝ හිංදු හෝ වෙනත් කිසිවෙකුගේ හෝ අවුරුද්දක් සමග ඈඳා ගත යුතු නැති බවත් අපගේ ප්‍රතිපත්තිය විය. දෙමළුන් ද අප්‍රේල් මස අවුරුද්දක් සැමරීම හේතුවෙන් මෙය සිංහල හා දෙමළ / සිංහල හා හිංදු අලුත් අවුරුද්ද බවට පත් නොවෙයි --- නිවාඩුව පිළිබඳව සඳහන් කරන තැන එය "සිංහල අලුත් අවුරුද්ද සහ දෙමළ අලුත් අවුරුද්ද" ය යනුවෙන් යෙදීමෙන් මේ ගැටළුව ඉතා පහසුවෙන් ලෙහා දැමිය හැකි මුත් කිසිවෙක් ඒ ගැන සිතනා බවක් නොපෙනේ.
෴ නමාමි බුද්ධං ගුණසාගරන්තං ෴
අප්‍රේල් මස අප සමරන අවුරුද්ද අපේමය, වෙනකෙකුගේ නොවේය කියා අවධාරණය කරන අප අද කතා කරන්නේ අපේ වන්නේ අප්‍රේල් මස යෙදෙන අවුරුද්ද පමණක් ද යන ඉතාම වැදගත් කාරණයයි. අප්‍රේල් මස අපි අවුරුද්ද සැමරුවානම්, ඒ එළඹුණේ කවර වර්ෂයක් (කීවෙනි වර්ෂය) ද?





Wednesday, April 29, 2015

අප්පච්චි මලා !

විමල් විරවංශලා සහ විපක්‍ෂය මොන පම්පෝරි ගැසුවත් වසං කළ නොහැකි සත්‍යය නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්‍ෂලා දේශපාලන බිමෙන් ඉවත් කිරීමේ ජෝන් කෙරීලාගේ අභිප්‍රාය (නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ හොඳමිනිහා මහතාගේ මේ සම්බන්ධ ලිපිය කියවන්න) ඉෂ්ඨ කිරීම පිණිස ගෙනා යෝජනාවක් බවත්, ඒ අභිප්‍රාය ඔවුන් ඒ අයුරින්ම ඉටු කරගෙන ඇති බවත් ය.

දැන් මේ ගැන විමල් විරවංශලාට පම්පෝරි ගැසීමට දෙයක් නැත. විරවංශලා අපට නොකීවාට ඇත්ත කතාව නම් නිදහස් පක්‍ෂ නායකත්වය පවරා දුන් දා 'අප්පච්චි' සැබැවින්ම මළ බවත්, විපක්‍ෂ නායක ධුරය දරමින් ඒ පක්‍ෂයේ අයවළුන් ඇමතිකම් පිළිගත් විට මළ අප්පච්චිට පාංශුකූලය දෙනු ලැබුණු බවත්ය. 19 සම්මත කර ගැනීමට අත ඉස්සීම මගින් ඔහුගේ දරුවන් සහ හදාගත් දරුවන් විසින් කරන ලද්දේ මළ 'අප්පච්චි'ට තුංමාසේ දානේත් දී අහවර කිරීමයි. මහින්ද රාජපක්‍ෂ යනු දැන් දේශපාලන මළමිනියකි. පිළිගන්නට අකමැති මුත් අපට පෙනෙන්නට තිබෙන සත්‍යය එයයි. මෙතැනින් එහාට සෙල්ලම් දමන්නට ආවොත් මහින්ද රාජපක්‍ෂට සිදු වන්නේ බෝතලයක සිර වී මුහුදට විසි වී පාවී පාවී ඉන්නට ය.





Sunday, April 26, 2015

වෙසක් සතිය

වෙස යනු නොයෙක් අරුත් දෙන පදයකි. එහෙත් අප කතා කරන්නට යන්නේ වෙස ගැන නොව වෙසක් ගැනය. සතිය යනු සුමානය සේම සිහිය යන්න වෙන්වෙනුත් යෙදේ. වෙසක් සතිය'ය කී විට බොහෝ විට අරුත් දැක්වෙන්නේ වෙසක් පුර පසළොස්වක දින සිට එළඹෙන දින හතයි. වෙසක් වෙනුවෙන් ගොඩ නැංවෙන තොරන්, සංවිධානය කෙරෙන සල්පිල්, සැණකෙළි හා නොයෙක් පිංකම් බොහෝ කොටම සතියක් පුරා පැවැත්වේ.



Thursday, April 23, 2015

බැංකු කොල්ලය සහ පූර්ණ ශීර්ෂාවරණ තහනම

පොලිසිය දැඩි ආයාසයකින් අත්අඩංගුවට ගත් නීති විරෝධී කොල්ලකෑමේ උපකරණ සමග
නීති විරෝධී කොල්ලකෑමේ උපකරණ ප්‍රදර්ශනය කරන පොලිස් නිලධාරීන්
පසුගිය අවුරුදු දිනට පසු දින එකම නගරයක පිහිටි බැංකු ශාඛා සතරකට ගොඩ වැඩිමට සිදු විය. ඒ මහජන බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවටයි. මේ බැංකු සතරේම අප දුටු දෙයක් නම් හෙල්මට් සහ ජැකට් ඉවත් කර ඇතුල් වන ලෙස දක්වා තිබූ දැන්වීමයි.

මුලින් එය අපගේ අවධානයට ලක් නොවූ මුත් නැවත සිහි කිරීමේ දී මේ සතරේම එම දැන්වීම තිබෙන්නට ඇති බව පසක් විය.





Sunday, April 19, 2015

ජාතිවාදය

පහත දැක්වෙන්නේ පසුගිය ඉරු දින සිළුමිණේ මුල් පිටුවේ පල කෙරුණු පුවතක්.

ජාතිවාදය හා ආගම්වාදය අවුළන දේශපාලන රැස්වීම් තහනම්!


ජාතිවාදය සහ ආගම්වාදය අවුළන දේශපාලන රැස්වීම් පවත්වන පුද්ගලයන් සහ ඒවාට අනුබල දෙන පාර්ශ්ව අත්අඩංගුවට ගෙන, ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් සිළුමිණට පැවසීය. ජාතිවාදී ප්‍රකාශ තහනම් කැරෙන නීති ගෙන ඒමට රජය දැනටමත් පියවර ගෙන ඇති අතර ජාතිවාදය ඇවිස්සෙන අන්දමින් දේශපාලන රැස්වීම් පවත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ද එම නීති ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ෆේස් බුක් වැනි සමාජ ජාල මාධ්‍ය හරහා ජාතිවාදය ඇවිස්සෙන ප්‍රකාශ පළ කරන පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළේය. ‘ෆේස් බුක්’ වෙබ් අඩවිය ඔස්සේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අපහාසාත්මක සහ සාවද්‍ය ‍තොරතුරු පළ කළ පුද්ගලයකු දැනටමත් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇති අතර, ජාතිවාදී සහ ආගම්වාදී අදහස් පළ කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද පොලීසිය ඒ අයුරින් ම කටයුතු කරනු ඇතැයි එම ප්‍රකාශකයා සිළුමිණට පැවසීය.


විස්තර »
වසර නවයක රාජපක්‍ෂ රජයක් යටතේ ජනාධිපති රාජපක්‍ෂට පොළෝ නූහුලන තරම් අපහාස කර තිබියදීත් ඒ හේතු කොටගෙන කිසිවෙක් අත්අඩංගුවට නොගත් පසුබිමක් යටතේ, ඒ රජය යටතේ මාධ්‍ය නිදහසක් නැතැයි කියා හොටු පෙරමින් බෑඟිරි ගාමින් සාදා ගත් චන්ද්‍රිකා-රනිල් ප්‍රමුඛ විධායකසභා ජුන්ටාව විසින් පාලිත, `නමට මෛත්‍රීපාලනය` විසින්, දින 100 මධුසමය නිමා වීමටත් පෙරාතුව ජනාධිපතිට අපහාස කළැයි චෝදනා කර ශ්‍රී ලංකා පුරවැසියෙක් අත්අඩංගුවට ගනී නම්, ඊනියා සාධාරණසමාජ කාරයින් ඇතුළු මෙකී වෛරී පාලනයට පාර කැපූ කස කාරයින්ට එළඹියා වූ නව වසරේ දී තම තමන්ගේ පශ්චාත් භාග අත ගා සිතීමට යමක් තිබේ.

මෙය සිළුමිණ විසින් පල කළ පුවතකට වඩා සිංහලයින් වෙත කළ සුපැහැදිළි තර්ජනයක් බවයි දෙතිස් කතාවේ අදහස. එසේ වන්නේ කවර හෙයින්ද ?




Tuesday, April 14, 2015

ජාතිය

සියල්ලටම පළමු සඳහන් කළ යුතුව ඇත්තේ මේ ලියන අප සිංහල භාෂා විශාරදයෙක් හෝ දේශපාලන විද්‍යා චක්‍රවර්ති කෙනෙකුන් හෝ නොවන බවයි. එහෙත් දැන් කියන්නට යන දේ කීම පිණිස නම් අවශ්‍ය සුදුසුකම් අපට ඇත. ජාතිය යන වදනට අපට මෙතෙක් හමු වූ අරුත් තුනකි.
තීරු රහිත සිංහ කොඩිය
සිංහයා සිංහල ජාතියේ සංකේතයයි
  1. ජාති, දේවල්, වර්ග, යන තේරුම
  2. ජාති නම් පාලි පදය. පාලි ජාති යන්නේ අරුත උපත යන්නයි.
  3. Nation යන්නට යොදන පාරිභාෂික පදය
මේවා ගැන වෙන වෙනම සළකා බලමු.




Saturday, March 28, 2015

සිංහලයින්ගේ අවුරුද්ද

ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !
සැමට සුභ නව වසරක් වේවා !
ජනවාරි මස එළඹුණේ රෝමන් කාරයින්ගේ අවුරුද්දයි. මාර්තු මාසයේ චීනුන්ගේ අවුරුද්ද එළඹිණි. අප්‍රේල් මාසයේ දී සිංහලයින්ගේ අවුරුද්ද එළඹෙයි.

මේ සැරේ අපි අවුරුදු කන්නේ ඌඇම්පී ආණ්ඩුවක් යටතේ කියා ලඟදී පාරාජිකා වූ හිටපු මහලේකම් තිස්ස අත්තනායකගේ පටන් රංජිත් මද්දුමබණ්ඩාර, ලක්‍ෂ්මන් කිරිඑල්ල, රනිල් වික්‍රමසිංහ සිට සජිත් ප්‍රේමදාස දක්වා විවිධ පුද්ගලයින් විසින් නොයෙක් වර කියනු පසුගිය දශකය පුරා අසා ඇත. දෛවය එක දොරක් නොහැර එක දොරක් වසන්නේ නැතය යන කියමන සනාථ කරමින් ඒ අයගේ සිහිනය මෙවරනම් සැබෑ වී ඇති අයුරක් පෙනේ.

මෙතෙක් කල් තංගල්ලේ කාල්ටන් නිවසේ සිට රටටම බෙදා දුන් අවුරුදු සිරිය මෙවර පොළොන්නරුවේ සිට රටට බෙදා දීමට කටයුතු සූදානම්ය.




Monday, March 23, 2015

අපේ සිරි ලංකාවේ ජාතික ගීය

ලංකාවේ ජාතික ගීය ලීවේ කවුදැයි ඇසුවොත් පොඩි එකෙක් පවා ආනන්ද සමරකෝන්ය යනුවෙන් පිළිතුරු දෙනු ඇත. සමරකෝන් මේ ගීතය ලීවා පමණක් නොව තනුවක්ද යෙදිය. එකී ගීතය නිදහස් ලංකාවේ ජාතික ගීය බවට පත් වූයේ විවෘත තරඟයකිනි.


ඒ තරඟයෙන් ජයග්‍රහණය කළ ගීය ආනන්ද සමරකෝන්ගේ ගීය නොවන බවත් තේරීමේදී සිදු වූ අක්‍රමිකතාවක් හේතුවෙන්, තරඟයෙන් ජය ලැබූ ගීය ඉවත් කිරීමට සිදු වීම නිසා මේ ගීතයට තැන ලැබුණු බවත් ලංකා ඉතිහාසයට එක් වී අවසන් ය.




Wednesday, March 11, 2015

අයියෝ සිරිසේන ii - ICC ක්‍රිකට් ලෝක කුසලානය 2015

නෙල්සන්හි Saxton Oval ක්‍රීඩාංගනය, අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟය, පෙබරවාරි 16
2011 ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වූයේ ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායම් අටයි ( පාකිස්ථානය [A1], ශ්‍රී ලංකාව [A2], ඔස්ට්‍රේලියාව [A3], නවසීලන්තය [A4], දකුණු අප්‍රිකාව [B1], ඉන්දියාව [B2], එංගලන්තය [B3], බටහිර ඉන්දීය කොදෙව් [B4] යන කණ්ඩායම් ). එම තරඟාවලිය පෙළ ගස්වා තිබුණේම එසේ වන අයුරිණි.

මෙවරත් සෑම දෙනාම බලාපොරොත්තු වූයේ එම කණ්ඩායම් අට ඊළඟ වටයට සුදුසුකම් ලබනු ඇතිය යන්නයි. 2011 දී කිසිදු කණ්ඩායමක් අපරාජිතව ඊළඟ වටයට ගියේ නැති මුත් මෙවර A සහ B යන කාණ්ඩ දෙකෙන් පිළිවෙලින් නවසීලන්තය සහ ඉන්දියාව අපරාජිතව දෙවන වටයට පිවිසෙන ලකුණු පෙනේ.




Thursday, March 5, 2015

ගිහි පංචසීලය හා නිර්මාංශ වෘතය

නිර්මාංශ සීලයක් රැකීමත්, පානාතිපාතා සිල් පදය රැකීමත්, ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යන සංකල්පයත් එක් කොටගෙන මෑතකාලයේ අප සාකඡ්චාවෙන් සහභාගී වන වෙබ් අඩවි තුල බොහෝ කථාබහ ඇතිවිය.

සත්ත්වයා පිරිසිදු වන්නේ ආහාරයෙන්ද
මේ කථා බහ ඇතිවීමත් එය තුලින් ඇතැම් විට වාද හා මිතුරු දම් පලුදු වන ආකාරයේ ගැටුම් කාරී ස්වභාවයන් වර්ධනය වීමත් ගැන සලකා මේ පිළිබඳව මා දරන අදහස් මෙසේ ලිපියකින් දැක්විය යුතුයැයි සිතීමි.




Friday, February 13, 2015

2015 ලෝක කුසලානයට පෙරවදනක්

2015 ICC ලෝක කුසලාන තරඟාවලිය පෙබරවාරි 14 දින සිට මාර්තු 29 දින දක්වා ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සාරවත් තණ භූමි හරිතවර්ණ තණ තීරු සහිත ක්‍රීඩාංගන 14 කදී පැවැත්වේ.
ICC ලෝක කුසලානය 2015, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය
මෙවර තරඟාවලියට කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් දහ හතරක් සුදුසුකම් ලබා ඇත.




Wednesday, February 4, 2015

එක්සත් මුක්කුව සහ නිදහස

පෙබරවාරි 4, අද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික දිනය.

නිල වශයෙන් අපගේ ජාතික දින උත්සවය කෝට්ටේ පාර්ලිමේන්තුව අබියස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. එසේම ශ්‍රී ලංකාව යලි අත්පත් කරගැනීමේ ප්‍රීතිය සමරමින් ඉන්දීය, බ්‍රිතාන්‍ය, එක්සත් ජනපද, නොර්වේ ආදී රටවලින් පැමිණෙන සම්භාවනීය අමුත්තන්, තානාපති සහ මහකොමසාරිස්වරුන් ඒ උත්සව සභාව සරසනු ඇත.
බ්‍රිතාන්‍ය ලංකාවේ කොඩිය
පෙබරවාරි 4 වැනි දිනය ශ්‍රී ලංකාවේ ජාතික දිනය බවට පත් වන්නේ මීට වසර හැට හතකට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්වය ප්‍රදානය කළ දිනය මෙය වීම නිසාය. ඉහත දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු යටතේ පාලනය වූ සමයේ බ්‍රිතාන්‍ය සිංහලයේ (British Ceylon) ජාතික ධජය ලෙස භාවිත කෙරුණු එක්සත් මුක්කුව (Union Jack) ඇතුලත් කොඩිය වේ. බ්‍රිතාන්‍යය විසින් යටත් කර ගැනුණු සෑම රටකම පාහේ ධජ මෙවැනි දක්නට ලැබිණි, අදත් දක්නට ලැබේ. උදාහරණ ලෙස ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා ෆිජි දිවයින් දැක්විය හැක. (මේ බැඳීයේ ඇත්තේ මෙවැනි ධජ කිහිපයක් පිළිබඳ ඔබේ දැනුම පරීක්‍ෂා කිරීමකි.) පොදු රාජ්‍ය මණ්ඩලය ලෙස හැඳින්වෙන අන්තර්ජාතික අන්‍යෝන්‍යාධාර සමිතියේ සාමාජික රටවල් බොහොමයක, විශේෂයෙන් එංගලන්ත රජු තම රාජකීයයා ලෙස ව්‍යවස්තානුකුලව හඳුනා ගන්නා කොළණි වල, මෙකී "මුක්කුව" දක්නට ලැබේ.




Tuesday, January 27, 2015

ජහඃපාලනය සහ ඉන්දියානු අභිලාෂ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තම ධුරය බාර ගනිමින් කීවේ මම මේ රටේ අයිතිකාරයා නොව භාරකාරයා වෙමිය යන්නයි. එහෙත් 2009 න් පසු ඔහු තරමක නිර්වින්දනයකට ලක් වූ බව පෙනිණි. තමාට බලය ලබා දුන්නේ දුප්පත් බොහෝ දුරට අසරණ සිංහල ගැමි ජනතාව බව ඔහුට අමතක වීය කියා බොහෝ දෙනා කියතත් අප ඒ අදහස සමග එකඟ නොවෙමු.
කෑ පතේ පහරන්න එපා මනුස්සයෝ !

කෙසේ වුව නියමිත කාලයට පෙර කැඳවූ ජනාධිපතිවරණයෙන් පරාජය වී ඔහුට රජගෙට සමු දෙන්නට සිදු වීය. ඒ පරාජය ඔහුගේ සැලසුම් වල තිබුණක් නොවන බවනම් පැහැදිළිය. එසේම අනවශ්‍ය ජනාධිපතිවරණයක් කැඳවා පරාජය තමා වෙතට කැඳවා ගත්තත්, වෙනත් පක්‍ෂයකින් තරඟ කළ සිය ප්‍රතිවාදියාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය පවරා නොදිය යුතුය යන්න අපේ අදහස වුවත්, මහින්ද රාජපක්‍ෂ, වෙස්සන්තර රජ තෙමේ ඇලිඇතා දන් දුන් සේ පක්‍ෂයත් නිකංම දන් දී කිසි කලබලයක් නැතිව මැදමුලනට පල්ලම් බැස්සේය.




Friday, January 16, 2015

ලංකාවට ෆීල්ඩ් මාෂල් කෙනෙක් ?

ජෙනරල් සරත් ෆොන්සේකා
ලංකාවේ වඩාත් ජනාදරයට පත් හමුදා නිලධාරියා ඔහුය. සක්‍රිය සේවයේ යෙදී සිටියදීම ඉහලම නිලයෙන් පුද ලද එකම නිලධාරියා ඔහුය. සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව හැරුණු කොට 'සෙන්පති' යන නාමයෙන් ජාතියක් විසින් හෘදයාංගමව හඳුනා ගන්නා ලද සහ ජාතික වීරයෙක් ලෙස රටේ පොදු ජනතාව වෙතින් පිදුම් ලැබූ යුධ හමුදා නිලධාරියා ඔහුය. ඒ එදා 2009 මැයි මස 18 වැනි දින, ඉන්දිරා ගාන්ධිගේ ඉන්දීය මධ්‍යම රජය හා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව එක්ව තමිල්නාඩුවේ දී නිෂ්පාදනය කර මෙරට ආක්‍රමණය කිරීමට එවූ, දෙමළ ආක්‍රමණික හමුදාව නන්දිකඩාල් කලපුවේ දී නින්දා සහගත පරාජයකට ලක් කිරීමට ඔහුගෙන් ලද දායකත්වය නිසාය.



Monday, January 12, 2015

යහපාලනයක්

මේ දෙතිස් කතාවේ පල වන 100 වන ලිපියයි. සියය සපුරන මේ ලිපියෙන් යහපාලනය ගැන සොයා බලමු.
ඔන්න මාත් දිවුරුම් දුන්නා... හිටං !


Friday, January 9, 2015

මෛත්‍රී පාලනයක් ... හැබෑට !!!

කෝ දෙනවා කීව යහපාලනේ කියල සමහරු අහනවා හිටං !



ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !