Friday, November 21, 2014

අයියෝ සිරිසේන (යාවත්කාලීන...)

අයි...යෝ සිරිසේන !!! කියා ඒ කාලේ නෝන්ඩියට කීවේ අපේ මාමය. පොඩි උන් වූ අපට මේ හරුපේ තේරුණේ නැත. සිරිසේන මාමා ගමේ කාගේත් හිත දිනාගෙන නොහිටියත් කාටවත් වැඩි කරදරයක් නැතුව තමාගේ පාඩුවේ සිටි සාමාන්‍ය මිනිහෙකි. වෙන කාටවත් පල් කරන්න අහක ඉන්න සිරිසේන මාමාගේ නම ඈඳා ගන්නේ ඇයි?
අයියෝ සිරිසේන...
"අයියෝ සිරිසේන !" කියා කීම කාලයාගේ ඇවෑමෙන් නැතිව ගියේය. පල් කිරීම, කිච කිරීම, නෝන්ඩි කිරීම සේම තව බොහෝ වචන ද පැමිණ නැතිව ගියේය. කරදඬු උස් මහත් වී අපද ගජ ඉලන්දාරින් වුවත්, අයියෝ සිරිසේන ! යන්නේ අරුත අප මෙතෙක් වටහාගෙන සිටියේ නැත. ඒ කතාව මතු සම්බන්දයි.




දුවන්න පුරුදු වෙමින් සිටි කණ්ඩායම පීනන්න රට යැවීම

ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයක් ඉස්සර තිබුනාලු. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සද්ගුණවත් ව්‍යාපාරික මහතා විසින් එය සමාගමක් කර කොටස් වෙළෙඳ පොලේ ආයෝජනය කිරීමෙන් පසු මණ්ඩලය කචල් වී පාලනය නන්නත්තාර වී ලංකා ක්‍රිකට් පමණක් ඉතිරි විය. දැන් ඒ ඉතුරු මොකද්ද එක ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ පින් පඩියෙන් යැපෙන නිසා ලංකා ක්‍රිකට් නාමයේ අභිමානය රුපියල් කෝටි කිහිපයකට විකුණා දැමූ පුවත පරණ කතාවකි. ගෙදරට වෙලා සනීපෙට ඉන්න තිබුණු චෑන්ස් එක නැති කළාට මණ්ඩලෙන් පලි ගන්නට දෝ ගිවිසුම්ගත ක්‍රීඩකයන් ඉන්දියාවට ගොස් ක්‍රීඩා කළ ආකාරය දුටු අපට නැවත පාසැල් කාලය සිහි වුණේ අපි ඒ කාලේ අහල ගම් වල කණ්ඩායම් සමග බැරි ක්‍රිකට් ගසන්නට ගොස් (මේවාට අප එකල කීවේ ප්‍රාන්ත තරඟ කියාය) කෑවෙත් මෙහෙම කෑමක් නිසාය.

මේ ලියන අප, අපේ ...වත්ත ප්‍රාන්ත පිළේ ආරම්භක පන්දු යවන්නාය. කඩුලු ගැනීම, ප්‍රතිවාදී ලකුණු සීමා කිරීම කෙසේ වෙතත් පන්දු 6 ක් පමණක් යවා පන්දු වාරය අවසන් කරන එකම පන්දු යවන්නා අප වූ බව කිව හැකිය. අනෙක් උන් පන්දු යවන විට එක පන්දු වාරයකට නිපන්දු (no ball) සහ කැලෑ පන්දු (wide ball) සහිතව අඩු තරමින් පන්දු 8-10 යවන බව ස්ථිරය. කොහොමත් අපේ කණ්ඩායමේ හිටියේ අපි 5-6 දෙනෙක් සහ 11 පුරවා ගත යුතු නිසා එකතු කර ගත් පොඩි උන් රොත්තකි. අපි අර පොඩි උන් අරං ගියේ 11 නැත්නම් ප්‍රතිවාදී පිළේ දුර්වල ක්‍රීඩකයන් අපට ප්‍රදානය කරන නිසා ත්, උන් අපට වඩා හොඳින් ක්‍රීඩා කළ විට අපට "අයියෝ සිරිසේන !" වන නිසාත් ය.

අපි අවුරුදු කීපයක් පමා වී ඉපදුනානම් කියා සිතුණේ ලංකා කණ්ඩායම ඉන්දියාවේදී ක්‍රීඩා කළ අයුරු දුටු විටය. මේ ලංකා කණ්ඩායම සමග ක්‍රීඩා කරන්නට අපට ලැබුණේ නැත්තේ අපේ කරුමෙටය. එක තරඟයක් හරි ලැබුණානම්... මුන්ට දෙන්නේ මුන්ගේ ආත්ත මුත්තලාටත් "අයියෝ සිරිසේන" කියවෙන්ට ය. හොඳ පිට්ටනි වල ක්‍රිකට් ගහන්න බැරි මුන්ට කුඹුරක ඉපනැල්ලක, පොල් වත්තක ටැනිස් බෝලෙන් ක්‍රිකට් ගහන්න කොහොමත් බැරිය.

එහා රටෙන් කියන කියන දේ කරන රටකට එකසිය ගාණක කැබිනට් එකක් මොකටද

ලංකාවේ ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කෙරෙන තරඟ ගැන ඉන්දියාවේ ක්‍රිකට් මණ්ඩලේ විසින් තීරණය කෙරෙන්නේ යම් සේද ලංකාවේ ආණ්ඩුව විසින් ගත යුතු ඉතා වැදගත් තීරණ ඉන්දියාවේ ආණ්ඩුවේ පඩි ලබන නිලධාරීන් කිහිප දෙනෙක් විසින් ගනු ලබන බව පෙනෙන්නට තිබේ. මේ අපූරු සම්‍යයකි. චීන සබ්මැරීනයක් ලංකා වරායට ආ විට අපේ ආණ්ඩුව ඉන්දියාවට ඒ ගැන රපොර්තු කරයි. උතුරු පළාත් සභාවේ මන්තිරිවරුන්ට (මුන්ගෙන් වැඩි දෙනෙක් හිටපු ත්‍රස්තවාදීන් වේ) වාහන දෙන්නේ ඉන්දියාව විසිනි. මේ පගාව දීම මිස වෙන කුමක්ද? විදේශ රටක් විසින් ඊනියා ජනතා නියෝජිතයින්ට මෙසේ එළිපිට පගාව දේ නම් ඉන් එපිට ඒ රටේ ආණ්ඩුව ගැන කතා කිරීමට දෙයක් නැත. එසේ වුවත් කතා කළ යුතුව තිබේ. ලංකාවේ අධිකරණය විසින් මරණ දඬුවම නියම කළ ඉන්දීය ජාතිකයින් කිහිප දෙනෙකුට ජනාධිපති සමාව දුන් බවට පුවතක් දකින්නට ලැබිණි. ඒ ගැන ඉන්දියාව ලංකාවට කෘතඥ වූ බවත් ඒ පුවත් වල පල විය.

මේ කුඩු කාරයන් නිදහස් කර යැවීමෙන් ලංකාව බලාපොරොත්තු වන්නේ කුමක්ද? 13 අහෝසි කර දමන තෙක් ඉන්දියාව කරබාගෙන සිටීවි කියාද? සමහර විට එහෙම වෙන්නට ඇති ! අපේ මහරජතුමාගේ ටිකිරි මොළේට ගහන්න මොළයක් මේ මගුල් සක්වලේ නැත. එහෙත් ඉන්දියාව කියන කියන දේ කරන ආණ්ඩුවක් ප්‍රකෝටි ගාණක ධනස්කන්ධයක් වියදම් කරමින් එකසිය ගාණක ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ මොන කෙන්ගෙඩියකටද කියා අපට තේරෙන්නේ නැත. ඒ අපි මෝඩ නිසාද... සමහර විට එහෙමත් වෙන්නට ඇති !

ආණ්ඩුවක් නැති රටකට විපක්‍ෂයක් මොන බම්බුවකටද

ලංකාවේ විපක්‍ෂයක් තිබේ. ඒක ඉතාම ශක්තිමත් විපක්‍ෂයකි. ආසියා පැසිෆික් කලාපයේ ඉතාම ශක්තිමත් විපක්‍ෂය සෑදු නිසා ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය අපේ විපක්‍ෂනායක තුමා ඒ සංගමයේ ඒ කලාපයේ නායකත්වයට පත් කිරීම ඉතාම යෝග්‍ය කටයුත්තකි. සෑහෙන කාලෙකට ඒ තනතුරට වෙන මිනිහෙක් හොයන්න වෙන්නේ නැත --- සමහර විට මේ වන විටත් එතුමා ඒ සංගමයේ ව්‍යවස්ථාවටත් "පුරප්පාඩුවක් ඇති විට" කියා දමාගෙන ඇත්දැයි දන්නේ ඒ සංගමයේ ගරු අනුශාෂක සර්වබලධාරී දෙවියන් වහන්සේ පමණි.

ලංකාවේ විපක්‍ෂය අපූරු විපක්‍ෂයකි. 1994 සිට 2014 දක්වා පුරා වසර විස්සක් මේ පක්‍ෂය විපක්‍ෂයේ සිටී. 2001 සිට වසර දෙකක් පමණ කෙටි කාලයක් වර්තමාන විපක්‍ෂනායක තුමා අගමැති ධුරය දැරුවද කටයුතු කළේ විපක්‍ෂ නායක වශයෙන්ම ය. නැතිනම් අර තක්කඩි ත්‍රස්තවාදියාට රටෙන් 1/3 හොර රහසේ ලියා දෙන්නේ නැත. එතුමා අගමැති වශයෙන් කළේ දෙසැම්බර මාසයේ කාලකන්නි අඳුර දුරු කිරීම පිණිස රට විදුලි ආලෝකයෙන් ආලෝකමත් කිරීම පමණි --- එතුමා අගමැති කිරීම පිණිස අත දිග හැර මුදල් වියදම් කළ තානාපති කාර්යාල අයත් රටවල් සේ අපේ රටත් උතුරු කෙළවරේ පිහිටි හිම වැටෙන රටක්යැයි එතුමා සිතාගෙන සිටි බව පෙනේ. මේ විදුලි බුබුළු දැමීම හා නත්තල අතර නම් කිසිම සම්බන්ධයක් නැත. එසේම ගරුතර සෝම හිමියන්ගේ හදිසි අභාවයෙන් පසු ලංකාව පුරා දේවස්ථාන වලට පොලිස් ආරක්‍ෂාව සැපයීමට කටයුතු කළ ආකාරයෙන් එතුමා විපක්‍ෂ නායක කම කෙසේ වෙතත් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ තනතුරට නම් ඉතාම සුදුසු බව ඔප්පු කළේය.

ඒ විපක්‍ෂ නායක තුමා... ඉතිං එහෙව් විපක්‍ෂ නායක තුමාගේ විපක්‍ෂය ඊයේ වන තෙක් සිටියේ කොහෙද? විපක්‍ෂ මන්ත්‍රී වරු වැඩි දෙනෙක් සිටියේ ආණ්ඩුව ඇතුලේ ය. විපක්‍ෂයට චන්දය දුන් පුරවැසියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඒ අය අනිත් පැත්තට මාරු උනේ විපක්‍ෂ නායක තුමාගේ විපක්‍ෂ නායක කම තවත් ශක්තිමත් කරමිනි. ලංකාවේ විපක්‍ෂය කොතරම් ශක්තිමත් ද යතොත් පසුගිය ජනාධිපතිවරණයේ දී විපක්‍ෂනායක තුමාගේ පක්‍ෂය සහ එතුමාගේ බටලන්දේ මිතුරන්ගේ පක්‍ෂය එක්ව පොදු අපේක්ෂකයෙන් ඉදිරිපත් කළේම විපක්‍ෂය ශක්තිමත් කිරීම පිණිසම ය. බැරි වෙලාවත් විපක්‍ෂ අපේක්ෂකයෙන් ජනාධිපති වී නම් විපක්‍ෂය එතැනින් අවසන් වී තමන් ආණ්ඩු පක්‍ෂය බවට පත් වන බව වටහා ගත් මේ පිරිස තමන් අතර පැවති මාරාන්තික ආලය අමතක කොට පරදින බව ටක්කෙටම දන්නා පොදු අපේක්ෂකයෙන්කුට සහය දුන්හ.

කරුමෙක මහත... ඒ පොදු අපේක්ෂකයා තවම සිතන්නේ තමන්ට දිනීමට ඉඩක් තිබුණු බවය. අපේ විපක්‍ෂයේ සහ විපක්‍ෂ නායක තුමාගේ දක්‍ෂතාවය එතරම් ය. එහෙත් අපට සිතෙන්නේ ආණ්ඩුවක් නැති රටකට විපක්‍ෂයක් මොන බම්බුවකටද කියාය. හැරත්, මෙතරම් ශක්තිමත් විපක්‍ෂයක් ???

සරත් ෆොන්සේකා මැරී ඉපදීම

සරත් ෆොන්සේකා කී විට බොහෝ දෙනෙකුට මතක් වන්නේ ලංකාවේ අවසන් යුධ හමුදාපති තුමාය. ඔහුට පසු නිල වශයෙන් යුධ හමුදාපතිවරු කිහිප දෙනක් සිටියත් ඒ කවුදැයි දන්නෝ වෙත්ද?

එහෙත් මේ කතාව එතුමා ගැන නොවේ.

සරත් ෆොන්සේකා කියා හාදයෙක් මීට කිහිප වසරකට පෙර අමුතු අඩව්වක් ඇල්ලුවේය. ඒ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමෙනි. පොදු අපේක්‍ෂක කම කෙනෙකුට ලැබෙන්නේ පූරුවේ පිනකටයි. ඒත් පින නිසා ලැබෙන දේත් පවත්වා ගැනීමට වෙනම පිනක් තිබිය යුතුය. මේ හාදයාට වැරදුනේ එතනයි.

"පොදු අපේක්‍ෂකයා" කියා කෙනෙක් අවශ්‍ය වන්නේ ඇයි? පොදු අපේක්‍ෂකයා ය කියන්නේ තරඟයට ඉදිරිපත් වීමට සුදුසුකම් ඇති කිහිප දෙනෙක් තමන් තනි තනිව ඉදිරිපත් වුවහොත් පරදින බව සහසුද්දෙන්ම දන්නා නිසා තමා නොපැරදී සිටීම පිණිස ඉදිරිපත් කරන බිලී බෝයි වේ. පරදින කිහිප දෙනා එකතු වීමෙන් ජයක් ලැබිය හැකි බවට කිසියම් හෝ හැකියාවක් ඇති බවක් දකින්නේ නම් ඒ අය තමන්ගෙන් කෙනෙක් ඉදිරිපත් කරනු මිස ඊනියා පොදු අපේක්‍ෂකයෙකුට එකඟ වන්නේ නැත. එසේනම් මීට ඉදිරිපත් වන මෝඩයා කවුද?

පොදු අපේක්‍ෂක කම එන්නේ අතිවිශාල මුදල් සම්භාරයක් සමගය. මේ මුදල් සම්භාරය සමග සමහර විට පැරදුණු පසුව පිටරටක නොරාජ්‍ය සංවිධානයක තනතුරක්, පිටරටක විශාල දේපලක්, පිටරටක පුරවැසිබව ආදී බොහෝ දේ ලැබේ. තමන් ඉන්න තැන ඉඳගෙන කවදාවත් ලැබිය නොහැකි මේ දේ ලැබෙන බව පෙන්නූ විට ඕන ගොනෙකුට යුද්ධ කිරීමට පමණක් නොව පොදු අපේක්‍ෂක වී ජය කෙහෙළිය නංවමින් පරාජය ලැබීමට ද ධෛර්‍යය පහල වේ.

එහෙත් වඩාත් වැදගත් වන්නේ මෙකී ධෛර්‍යය නොවේ. තමන් ඉදිරිපත් වන්නේ රට හැදීමට, විධායක ජනාධිපති ධුරය නැති කිරීමට, 18 වෙනි සංශෝධනය අහෝසි කිරීමට ආදී මේ ලෝකේ නැති විකාර කිරීමට නොව ඉදිරිපත් වී ලැබෙන අනිවාර්‍ය පරාජයෙන් පසු ලැබීමට නියමිත වරදාන ලබා ජිවිතයේ සැදෑ සමය තෘප්තිමත්ව ගත කිරීමට පමණක් බව අමතක නොකර තබා ගැනීමයි. සරත් ෆොන්සේකාට අමතක වූ දේ එයයි. ඒ භයානක අමතක වීම නිසා ඇමරිකාවේ දියණිය සහ බෑණා සමග මුණුපුරු මිණිපිරියන්ගේ සුරතල් බලමින් ඇමරිකානු පුරවැසියෙක් ලෙස ගත කළ හැකිව තිබූ අනගි කාලයෙන් වසර කීපයක් ඔහු ජම්පර ඇඳගෙන ජයවේවා කියමින් නාස්ති කර ගත්තේය. අයියෝ සිරිසේන !

සරත් ෆොන්සේකා දෙවන වර මැරී ඉපදීම

ජේසු තුමා මැරී දින තුනකින් උත්ථානය වූ බව සමහරු අදහත්. සේනාපති සරත් ෆොන්සේකා මළේය. පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා උත්ථානය විය. ඒ මළකඳ තවමත් එක එකාට කලවැද්දා, ගංකබරයා, උරුලෑවා ආදී සුරතල් සතුන්ගේ නම් කිය කියා ඇවිදියි. එහෙත් ලංකාවේ විපක්‍ෂය සහ විපක්‍ෂ නායක තුමාට කිසිම තරඟයක් නැත; ප්‍රතිවාදියෙක් නැත; තර්ජනයක් නැත. ඒ අයට උවමනා විපක්‍ෂ නායක කම රැක ගැනීම පමණි.

ඊළඟ ජනාධිපතිවරණයත් පැමිණි බැවින් මේ භාරදුර කාර්ය-කර්තව්‍යය උදෙසා අලුත් බිලී බෝයි කෙනෙක් අවශ්‍යව තිබිණි. මෙවර විපක්‍ෂයේ ගැලවුම්කරුවාගේ භූමිකාව ලංකාවේ හාල් වලින් භාගයකට අධිපති ධුරය දරන ගරු පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන හිටපු ඇමතිතුමා විසින් භාරගෙන තිබෙන බව අද පුවත් වල පල විය. එතුමා ගැන අසා නැති කෙනෙක් වෙත්නම් ඉතාම මෑත අනාගතයේ රජයේ මාධ්‍ය වලින් ප්‍රචාරය කිරීමට නියමිත 'මහදවාලේ කළ සුදු අරලිය හෝටල මංකොල්ලය' ඇතුළු එතුමාගේ සහ සහෝදර සමාගමේ වීර ක්‍රියා ගැන ගැන සාවධානව සොයා බලත්වා ! එසේම කවුරු ජනාධිපතිවරණ අපේක්‍ෂක කමටත් ආණ්ඩුවෙන් බුවෙක් සල්ලි දී ගන්නට සිදු වීම විපක්‍ෂයේ බංකොලොත් කම නොවේදැයි' ඇසුවොත්... අන්න එවිට ඒ අය දේශපාලනය ගැන නොදන්නා බව කියා සමච්චල් කළ යුතුය.

පහත දැක්වෙන්නේ එතුමා ඊයේ කී බවට අද දිනමිණේ පල වූ වාර්තාවකි.
පක්ෂ විපක්ෂ කොයි කා අතරත් මැතිවරණ උණුසුම පැතිර යද්දී හදිසි තීරණයකට අනුව ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා රාත්‍රී රැස්විය. මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීම පිළිබඳ සෑහීමකට පත්වෙන්න බැහැ. බැසිල් ඇමැතිතුමාගේ අවතීර්ණ වීම ඉතා විශිෂ්ටයැයි ශ්‍රිලනිප මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා කීය. අපි පක්ෂ උන්නතිය වෙනුවෙන් එකා මෙන් වැඩ කළ යුතු යැයිද සිරිසේන මහතා දැඩිව අවධාරණය කළේය.
සභාව අතරවාරයේදී කාගේත් අවධානය යොමු වූ කරුණ වුයේ ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමය. ඔබ සියලු දෙනාම අවධානයෙන් බලා ඉන්නේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණය පිළිබඳ දැනගැනීම සඳහායි. එය ජනාධිපතිවරණයක් යන්න ජනපතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟ පිරිස ඔල්වරසන් දුන්හ.
මේ අද ඔහුම (ඔව් ඒ කටින් ම) කී බවට ලංකාදීපය පල කළ වාර්තාව වේ.
ඉදිරි ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා තමා බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් හෙළිකර සිටින ලදී.තමන් ජනාධිපති වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවද ඔහු කීවේය. තමන් ජනාධිපති වී පිහිටුවන ආණ්ඩුවේදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරය පිරිනමන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීය.
හරි අපූරු මිනිහෙකි. තාම පොදු අපේක්‍ෂක කමට අලුත් නිසා අගමැති කම ගැන විතරයි හිතලා අවසාන. හෙට අනිද්දා වෙනකොට තව කාට කාට මොන මොනවා දෙන්ට හිතේවිද කියා අර අපේ විපක්‍ෂනායක තුමා අදහන සර්වබලධාරී දෙවියන් වහන්සේවත් දනීදැයි අහන්න වෙන්නේ අයියානායක දෙවියන්ගෙන් වගෙයි පෙනෙන්නේ. මොනවා උනත්, අපේ මෝඩ කමටද මන්දා හිතෙන්නේ මේ වගේ දේවල් වලට අපේ යාවජීව විපක්‍ෂනායක තුමා කැමති වේද යන්නයි. ඇත්තටම අවුරුදු 20 ක් පණ වාගේ රැක ගත්ත විපක්‍ෂ නායක කම එහෙම අතාරින්න එතුමා කැමති වේද? ඔන්න අන්තිමට ඔට්ටු වෙලා ඔට්ටු වෙලා මොන ජිල්මාට් දාල හරි දිනාගෙන අගමැති කම දුන්නයි කියමුකෝ. එතුමා ගත් කටටම එපා කිව්වොත් ... අන්න එතකොට තමයි අයියෝ සිරිසේන ! වෙන්නේ.

හැබැයි බැරි වෙලාවත් එහෙම උනොත්

අයියෝ සිරිසේන ! සිරිසේන කවදාවත් ජනාධිපතිවරණයක් දිනන්නේ නැත. දිනන්න පුළුවන් කමක් තිබේනම් රනිල්ම ඉල්ලනවා මිස වෙන එකෙකුට, විශේෂයෙන් ශ්‍රී.ලං.නි.පක්‍ෂයේ ඉදිරිපෙළ මන්ත්‍රී කෙනෙකුට ඔය අපේක්‍ෂක කම දෙන්නේ නැත. බැරි වෙලාවත් දිනුවොත් ඔය කියන සුරංගනා කතා කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ දිවා රෑ මතුරන රාජපක්‍ෂ රෙජීමය වෙනුවට සිරිසේන රෙජීමය පහුවදා සිට වැඩ අරඹන බව නොදැන සිටීමට රනිල් තොත්ත බබෙක් නොවේ. සිරිසේන උන්නැහේගේ හිතේ කොනක යන්තම් බලාපොරොත්තුවක් නැති බව කීමට අපට දිවැස් නැත. එහෙත් සැමගේම සෑම බලාපොරොත්තුවක්ම ඔය හිතන පතන විදියට ඉටු වේ නම් මිනිස්සු දෙවියන්ට යාඥා කරන්නේ නැත.

ඒ නිසා සිරිසේන වෙනුවෙන් අපට කළ හැක්කේ තමන් පොදු අපේක්‍ෂකයා බවට පත් වූයේ කිසියම් වරදාන කීපයක් වෙනුවෙන් පමණක් බව අමතක නොකර ගැනීමට ඔහුට හැකි වේවා කියා ප්‍රර්ථනා කිරීම පමණි. එය අමතක නොකරගෙන සිටීමෙන් දෙවන සරත් ෆොන්සේකා කෙනෙක් නොවී සිටීමේ වාසනාව ඔහුට තිබේ. සමහර විට, සියල්ල කණපිට හරවා ජනවාරි මස මුලදී අගමැති කම බාරගෙන නැවත ආණ්ඩුවට එක් වීමේ අවස්ථාවත් ඔහු සතුය. ජනාධිපතිත් රැකේ - විපක්‍ෂනායකත් රැකේ - තමන් පැතූ අගමැති කමත් ලැබේ. ජවිපෙ/ හෙළ උරුමේ/ චන්ද්‍රිකා සහ දම්පාට සැට් එක, සරත් ෆොන්සේකා සහ සරත් නන්ද සිල්වා ... මේ අය ගැන සිතන්නට දෙයක් නැත. ඒ හැමෝම කොහොමත් පරාජිතයෝ !!!

මොන බම්බුවක්ද ! පරදින බවත් දන්නවනම්, අහවල් කෙංගෙඩියකටද ප්‍රකෝටි ගණන් වියදං කරගෙන පොදු අපේක්‍ෂකයෙක් දාන්නේ ??

මෙහි රහස ඇත්තේ ජනාධිපතිවරණයේ නොවේ. ඊළඟට එන මහමැතිවරණයේය. දැන් පවතින (ඊයේ වනතුරු පැවති) තත්වය යටතේ මහමැතිවරණයක් තිබ්බොත් විපක්‍ෂයට ජය ගත නොහැකි බව ස්ථිරය. රජයටත් මේ පවතින 2/3 බලය සහිත ආණ්ඩුවක් නැවත පිහිටුවීම සැක සහිතයි. ජනාධිපතිවරණය පැවැත්වීමෙන් රට පුරා රැල්ලක් ඇති කිරීමත් ඒ රැල්ලෙන්ම මහමැතිවරණය ගොඩ දමා ගැනීමත් ආණ්ඩුවේ අභිප්‍රාය වෙයි. විපක්‍ෂ කළ යුතු වන්නේ ජනාධිපතිවරණය නොපැරදී සිටීමයි. එවිට ඊළඟට එන මහමැතිවරණයේදී පරාජිත මානසිකත්වයකින් තොරව මුහුණ දිය හැක. එජාපය අලියා ලකුණත්, ජවිපෙය සීනුව ලකුණත් අතහැර මේ චන්දයට එන්නේ මේ නිසාය. පොදු අපේක්‍ෂකයා ලෙස චන්ද්‍රිකාගේ උදව්වෙන් කලකිරුණු ශ්‍රී ලංකා කාරයෙක් ඉදිරිපත් කරවා ගැනීමට හැකි වීම අමතර වාසියකි. පැරදුනත් ශ්‍රී ලංකා කාරයෙක් - දිනුවත් ශ්‍රී ලංකා කාරයෙක්. විපක්‍ෂය පැරදිලා නෑ.

එසේම මේ පක්‍ෂ විසින් ජනාධිපතිවරණය උදෙසා තානාපති කාර්‍යාල හරහා ලැබුණු අරමුදල් මිස පක්‍ෂ සහ පෞද්ගලික අරමුදල් භාවිතා කිරීමත් අපට දක්නට නොලැබෙනු ඇත. ඒවා ඊළඟ මහමැතිවරණයට ඉතිරි කර ගත යුතු බැවිණි. සිරිසේන බොහෝ විට ඔහුගේ විශ්‍රාම වාසනාව සමග දේශපාලන වශයෙන් කැලෑ වදිනු ඇතැයි අපගේ බලාපොරොත්තුව වේ.

මෙච්චර වියදම් කරලා සිරිසේන පැරදුණොත් ...

සිරිසේන පොදු අපේක්‍ෂකයා ය කීවත් ඔහු එකතු වී සිටින්නේ "පොදු" බවක් ඇති පිරිසක් සමග නොවේ. මේ නඩයේ එකම පොදු සාධකය රාජපක්‍ෂ විරෝධය පමණක් වේ. ඒ හැරුණු කොට එකිනෙකාගේ අරමුණු වෙනස් ය. ඒ නිසා අප විය විය යුතු වන්නේ කොහොමත් විය හැකි "සිරිසේන පැරදුණොත්" කුමක් වන්නේද යන්න ගැන නොව "සිරිසේන දිනුවොත්" කුමක් විය හැකිද යන්න ගැනයි. සිරිසේන දෙමළ ජාතික (ලංකාවේ දෙමළ 'ජාතියක්' නැත) සන්ධානය සමග සාකච්චා කළ බවට සාධක නැත. ඔහු මුස්ලිම් කොන්ග්‍රසය සමග කළ සාකච්චා ගැන සඳහනක් නැත. ඔහු චන්ද්‍රිකාගේ දම් පාට පෙඩරල් තවලම සමග කළ සාකච්චා හෙළි නොවුණත් එළියට බැස්සේ 'ප්‍රා' මිනිමරුවෙක් බවට චෝදනා එල්ල වන රාජිත සමග වන නිසා සිරිසේනට ඔවුන් සමග එකඟත්වයක් ඇති බව පෙනේ.

ඔහු පැරදවීම පිණිස මෙය ප්‍රමාණවත් හේතුවකි. මේ සමගම ආණ්ඩුවේ ඇතුලේ සිටින අනෙක් තවලම් කරුවනුත් බැස යනවානම් රටට හොඳකි. විශේෂයෙන් කුණු කටක් ඇති ඩිලාන්, ඔලු තුනේ බූරුවෙක් ලෙස හඳුනා ගත හැකි වාසු, තිස්ස, ඩිව් ආදීන්, ජෝන් සෙනෙවිරත්න, ජී.එල්.පීරිස්, ඩලස් ඇතුළු බොහෝ නම් සිහියට එතත් නම් සඳහන් කිරීම මෙතැනින් නවතමි.

කෙසේ වුවත්, මෛත්‍රිපාල ප්‍රමුඛ කර ගත් නඩය විසින් ඉදිරිපත් කෙරුණු යෝජනා පත්‍ර වල පල විය.
  1. අපේ රටට රාජ්‍ය පාලනයට ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණය, යුක්තිය හා සැබෑ නිදහස ඇති කරනවා. අල්ලස දුෂණය නැති කරනවා.
  2. ගොවි, කම්කරු, රාජ්‍ය හා පෞද්ගලික සේවක ආර්ථිකය නංන්වනවා.
  3. ස්වාධිනව හා අපක්ෂපාතව රාජකාරී කිරීමේ අවස්ථාව පොලීසියට, අධිකරණයට ලබා දෙනවා.
  4. දේශපාලන බලපෑමෙන් තොරව රජයේ සේවයක් ඇති කරනවා.
  5. නිදහස් හා සාධාරණ මැතිවරණයකට උපකාරීවන්නැයි ලෙස ත්‍රිවිධ හමුදාවෙන් හා පොලීසියෙන් ආයාචනය කරනවා. එසේ කරන ත්‍රිවිද හමුදාපතිට හා පොලිස්පතිට අපේ ආණ්ඩුව යටතේ සියළු ආරක්ෂාව සපයනවා.
  6. අද සැබෑ මාධ්‍ය නිදහසක් නෑ, මාධ්‍යවේදීන්ට තුටු පඩුරු දෙනවා ජනමතය වෙනස් කිරීමට බලපෑම් කරනවා, නිදහස් මාධ්‍ය වළදමා තිබෙනවා. අපේ රජය යටතේ සෑබෑ මාධ්‍ය නිදහසක් ඇති කරනවා.
  7. දුෂණ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා.
  8. ස්වාධීන කොමිෂන් සභා නීතීගත කරන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා 17 වැනි සංශෝදනය නැවත ඇති කරනවා.
  9. රට විනාශ මුඛයට ඇද දැමු 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා.
මේ කියන දේවල් කර ගන්ට අවශ්‍ය වන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටද ? නැතිනම් ඔය වට වෙලා ඉන්න ගැන්සියටද ?
මෛත්‍රිපාල පිටිපස්සේ හැංගිලා ඉන්න කට්ටියට මේවා කර ගැනීමට අවශ්‍ය උනාට සාමාන්‍ය මිනිස්සු මේවාට චන්දය දේ ද ?
සාමාන්‍ය මිනිස්සුන්ගේ චන්ද 2001 දී පාර්ලිමේන්තුවේ චන්ද ගත්තා වගේ සල්ලි දීල ගන්න පුළුවන්ද ?

අනේ අපටනම් මේවා විකාරම පමණි. අයියෝ සිරිසේන !!!

සැ.යු.: මේ ලිපියක් නම් නොවේ. පසුගිය දිනවල ඇසූ දේ අනුව හිතේ ඇති වූ අපුල මත පහල වූ අදහස් ගොන්නකි. මේවා පොදු විපක්‍ෂයේ ආධාර කරුවන්ට (එවැනි අය සිටිත්නම්) කියවන්නට නොලැබේවා !!!

2015 ජනවාරි 9: මේ වන විට අපගේ නිර්ණායක සියල්ල අඤ්ඤකොරොස් වී අනාවැකි අන්දොස් වී අයියෝ සිරිපාල පොදු අපේක්‍ෂක තෙමේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති තනතුරට මහජන චන්දයෙන් තේරී පත් වී සිටී. නුදුරු දිනෙක ලංකාවේ ප්‍රසිද්ධ නක්‍ෂත්‍ර කරුවන් මහපාරේ ගිණි තියා ගන්නා - වෙඩි තබා ගන්නා සුබ නැකත් වෙලාවක සිරිසේන ජනාධිපති ධුරයේ ප්‍රතිඥා දෙනු ඇත.

දින සීයේ ආශ්චර්යය එතැනින් ඇරඹෙනු ඇත. ඒ දින සියය හොඳ හොඳ සෙල්ලං එළි වෙන ජාමෙටලු හිටං ... යන පිරුළේ සැබෑ අරුත සකළ ලංකාවාසී මහජනතාවට ඇඟටම දැනෙන දින සියයක් වනු ඇතැයි දෙතිස් කතාවේ බලාපොරොත්තුවයි.

අභිනව ජනපති පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේනට සහ ඔහුගේ දොළොස් වැදෑරුම් සහෝදර සමාගම ඇතුළු සනුහරේටත් ඔහු වටා භ්‍රමණය වෙමින් සිටි ආඬි රෝත්තටත් මේ ලැබූ අභූත ජයග්‍රහණය වෙනුවෙන් දෙතිස් කතාවේ සුභ පැතුම් !

ඒ සමගම ශ්‍රී රෝහණ ජනරංජන නාමධාරී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු රහිත මොහොතක ලැබුණු විශ්‍රාම දිවිය වෙනුවෙන් සුභ පැතුම් ද එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

සියලු දෙනා සියලු දෙනාගේම සැප කැමැත්තෝ වෙත්වා !!!

56 comments:

  1. අපොයි දෙයියනේ...! කථා 32 ටත් අයියෝ සිරිසේන වෙලාද?

    මෙපමණ කලක් කථා 32 කියෙව්වත් මේ වගේ හාස්‍යය උපහාසය පිරි දේශපාලන විවේචනයක් නම් කියෙව්වේ නැත.
    අපේකණිෂ්ක මහත්තයට අපූරු අදහස් ටිකක් නේ මේ දේශපාලනෙත් එක්ක පහල වෙලා තියෙන්නේ.

    ඔය එක්කම අපේ හෙළ උරුමේ සෙට් එකටත් වෙලා තියෙන දෙගැන පොඩි අදහසක් ලියන්නකෝ. ඒක හරිම වැදගත් වැඩක් වේවි. මොකද එතුමන්ලා මහින්ද මහත්තයත් එක්ක තරහා උනේ 2/3 බලයක් සමග විධායක ජනාධිපති දූරය තියාගෙන ඒකෙන් රටට පලදායක වැඩක් නොකලා කියලනේ. ඒ කියන්නේ 13 ව්‍යවස්ථාවේ දත් ගැලෙවුවේ නැහැ කියලානේ.
    හැබැයි මේ පොදු අපෙක්ශක තුමාගේ ආරම්භක පුවත් සාකච්චාවේදී රටේ පොදු ජනතාවගේ දැවෙනම හා හදිසිම ප්‍රශ්න දෙක වූ 17 බලාත්මක කිරීමත් 18 අහෝසි කිරීමත් ගැන කථා කලා මිස 13 ගැන වදනක්වත් ඇසුනේ නැහැනේ.
    පොදු අපේක්ශක තුමා රහසින්වත් අපේ රතන හාමුදුරුවන්ට 13 අහෝසිකරනවා කියල පොරොන්දු වෙලාවත්ද?
    රතන හාමුදුරුවන්ටත් එතකොට අයියෝ සිරිසේනද?

    ReplyDelete
    Replies
    1. රතන උන්නාන්සේ ටිකක් "මං පොර" කියල හිතාගෙන ඉන්න ඩයල් එකක් - හරියට පොන්සි වගේ. මටනම් මිනිහ එච්චර අල්ලන්නේ නෑ. මිනිහට විධායකේ ගැන තියෙන ගැටුම මොකද්ද? ඕක අහෝසි කරන එක හෙළ උරුමේ චන්ද පොරොන්දුවක් නෙවෙයි. ඕක අහෝසි කරවා ගන්න හෙළ උරුමෙට කවුරුත් චන්දෙ දුන්නෙත් නෑ. ඉතිං මේ හාදයාගේ හැසිරීම අතිශය සැක සහිතයි. විධායකේ අහෝසි කර ගන්න ඕන පොරවල් චන්දෙ දුන්නේ චන්ද්‍රිකාට, ජවිපෙට, පචාබාහුගේ නසසපට, සිරිතුංගගේ මොකද්ද එකට... හෙළ උරුමෙට මේ අයත් එක්ක තියෙන ගණුදෙනුව මොකද්ද? මේක ඒ අයට චන්දෙ දුන්න අයගේ අවශ්‍යතාවයනම් නෙවෙයි.

      Delete
    2. ඔන්න අද සැටලයිට් නෝනා සම්බන්ධන් උන්නැහේට පොරොන්දු වෙලා අයියෝ සිරිසේන ජනාධිපති උනාහම 13 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න (ඉඩම් පොලිස් බලතල ඇතුළුව ) සහ තවත් ඉල්ලීම් කිහිපයක්.
      දෙමළ සන්ධානේ ඡන්ද ටික දැන් ඉතින් ඒ ගොඩට වැටුනා.

      එතකොට තව දුරටත් සිංහල බෞද්ධ ඡන්ද වලින් පාර්ලිමේන්තු ගිය රත්න ඇතුළු කණ්ඩායමට ඒ පිලේ හිටගත හැකිද? ඔවුන්ට ඡාන්දේ දුන්නු මිනිසුන්ට මොනතරම් හිරිකිතක් ඇතිද මේ තත්වය ගැන.

      කොහොම හරි දෙමළ ජාතිවාදීන් අන්තිමේ ඌරගේ මාළු ඌරා පිටේ තියල කපනව වගේ අපිට එරෙහිව අපේ උන්ම මෙහෙයවන්න තරම් කූට උනා.
      මේක මීට අවුරුදු දෙකකට කලින් වල්පොල පියනන්ද හාමුදුරුවෝ පැහැදිලි සාක්ෂි සහිතව අනතුරු ඇඟෙව්වා.
      ඒ දේ අද වෙනකොට ඒ විදියටම වෙලා.

      ඒ කියන්නේ අන්තිමට ලංකාවේ සිංහල බෞද්ධයට අයියෝ සිරිසේනද?

      Delete
    3. මේක මම කලිනුත් කියපු දෙයක්. ආයෙත් කියන්නම්.

      2005 දී මම ලොක්කට චන්දෙ දුන්නේ දෙමළ යුද්දේ (කැරැල්ල) ඉවරයක් කරන්න. පොර හරියටම වැඩේ කළා. 2010 දී චන්දෙ දුන්නේ කාලකන්ණි නාස්තිකාර රටට වැඩක් නැති 13 වෙනි සංශෝදනේ ඉවත් කරන්න. පොර ඒක කළේ නෑ. නොකළා විතරක් නෙවෙයි. ඉතුරු වෙලා තිබුණ 1/9 ත් ක්‍රියාත්මක කළා. මේකට මම මූට කවදාවත් සමාව දෙන්නේ නෑ. මම LcN එකේ ලියල ඇති මහරජෝ 13 ඉවත් නොකර ආයේ චන්දෙට එන්න එපා කියලා.

      දැන් චන්ද්‍රිකා හරි රනිල් හරි වෙන කවුරු හරි 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියනවනම් කාගේද වැරැද්ද?
      උන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නිසා. අපි ලොක්කට 2/3 දුන්නේ ඒක අයින් කරන්න. 2/3 තිබිලත් ඒක කරේ නැති එකෙකුට 3 දුන්නත් වැඩක් නෑ. මමනම් හිතන්නේ එහෙමයි. මේ වෙන දේවල් වලට වැරදිකාරයො ඉන්නේ එකම එක්කෙනයි. අනිත් උන්ට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ.

      උන් මොනව කිව්වත් දිනනවා කියලයැ ! හිටං !!!

      Delete
    4. ඔව්, ඒ කාරනෙත් එක්කනම් කිසිම තර්කයක් නැහැ. මේක මුන්දැට කරන්න තිබුනා. ඒක අර යුද්ධෙ අවසන් අවස්ථාවේ නිර්භීත තීරණ ගත්තා වගේ එක පයින් කරලා, මුළු රටම එකම පොදු නීති පද්ධතියක් යටතට ගෙනැත් තිබ්බා නම් අද මේ තර්ජන මොකවත් නැහැ.
      ගහ කපල මුල ඉතිරි කලාම ආයෙත් ලියලන වග කියන්න ඕනේ නැහැනේ.
      අන්තිමට අපිවත් වනසගෙන උන්දැත් වැනසෙන පොටක් මේක.

      අන්තිමට මොනව කලත් උන් දිනන්නේ............. බම්බුව තමයි, හිටං!

      Delete
    5. සෙන්පති සමග මුල් වටයෙදි කෙළියේ
      දෙවන වරට ලියන්නා සමගින් ඇත කෙළියේ
      බැසිලා, ගෝඨා සමගින් ඔහු වැලි කෙළියේ
      සමාගම නොවිනි නම් රග බලැතැකි මල කෙළියේ

      කණිෂ්ක,
      සැබවින්ම සහෝදර සමාගමට පහර දෙන උගතුන්ට (හෝ පිවිතුරු ප්‍රජාතන්ත්‍රවාදීන්ට ) SF සහ සිරිසේන කරපු දෙයින්ම මේ මගුල් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ විදායකය හෝ රහිත පාලනයේ තරම නොවැටහීම නම් අරුමයකි. යකෝ ගෝඨා සහෝදරයෙක් නොවී පිට එකෙක් උනා නම්? වැලි කෙළියේ සිට දන්නා උන්ට වඩා පිට උන් කොහොම විස්වාස කරන්නද?
      Josep
      ඔබතුමාගේ කතාව හරි. 2005 හිටපු MR 2010න් පස්සේ නැති උනා. එදා SF කරපු වැඩේ මේකට ලොකු හේතුවක් වෙන්න බැරිද? මිනිහ බය උනාවත්ද? මටනම් SF සටනට බහිනකොටම හිතුන මොකා දිනුවත් රටක් විදිහට ලොකු පසු බැසීමක් වෙනව කියල. නමුත් මෙදා සැරේ ඒකෙ අනිත් පැත්ත බලාගන්න පුළුවන් වෙයි කියලත් හිතෙනවා. ගෝඨා මෙහෙයුමකුත් පටන් අරගෙන කියල හිතෙනවා. ( ධර්ම දේශනා මාලාවක් ලෙස). මට හිතෙන්නේ MR සිංහල චන්ද වලින් විතරක් දිනුවොත් 2005 මහින්ද අයේ එයි කියලයි. මොකද පරපුර රකින්න නම් නම කැත කරගෙන බැහැ කියල දැන්වත් නොතේරුනොත් සහ (අන්තර් )ජාතික විපක්ෂය කරන වැඩේ නොතේරුනොත් මිනිහට දිනුවත් පාලනය ගෙනියන්න බැහැ .

      Delete
    6. ඇනෝ සහෝදරයා,
      ඔබ කියන දෙය විය හැකියි, මොකද විධායක ජනාධිපති ක්‍රමය ඇතිකල දා ඉඳලා දෙවෙනු ධූර කාලය ගත කරන ජනාධිපතිවරු පිස්සු කෙලිනවා කියන එකට අපිට අත්දැකීම තුනක් දැන් තියෙනවා. (ජේ ආර්, චන්ද්‍රිකා හා මහින්ද ) ප්‍රේමදාස උන්නැහේනම් එකෙන්ම ඒකෙත් මුල් භාගය හොඳටම පිස්සු කෙලියා. දෙවෙනි වාරයක් උනානම් රටටම අබසරණයි.
      හැබැයි අපි කාටවත් තුන්වැනි වාරයක අත්දැකීම් නැහැ. එක්කෝ පාඩමක් ඉගෙන ගෙන ආයෙත් එකට එයි නැතිනම් දෙකේත් දිගුවක් වෙමින් උන්දැත් ඉවරයි අපිත් ඉවරයි කියන තැනට එයි.

      Delete
    7. "coming color's not good" ය කියා සිංගිරිසි කියමනක් තිබේ.

      ශ්‍රී.ල.නි.ප. මහලේනා තමන්ට සහ තමාගේ සහෝදර සමාගමට තැන හදා දුන් ළමා තැනීගේ දොළදුක ඉටු කරන්නට පැදුරු අකුලන් රාත්තිරි ජාමේ වැටෙන් රිංගන විට එතෙක් අපූරුවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරගෙන සිටි ඒ.ජා.ප. මහලේනා "ඔක්කොටම මුල අපෙ ලොක්කා - හැමදාමත් කනවා කක්කා - ඒ හින්දා මම යනවා යන්නට එනවද මා එක්කා !" කියාගෙන සිරිකොත කඩුල්ල කඩාගෙන අරලිය ලන්දට පනී.

      දින සීයෙන් සියල්ල හමාර කර යෙලෝස්ටෝන් අඩවියේ බවුන් වඩන්න යන්නට රනිල්ට ප්‍රතිඥා දෙන මයිත්තිරි පහුවදා ඒ කටින්ම තමන් ඒවා නොකරන බවත් වැඩක් ඇති ටික තියාගෙන වැඩක් නැති ටික රනිල්ට දෙන බවත් පාට ලී හමුවේ කියයි. "පයිල් මගේ ළඟ ඇත, ඒත් මොකුත් කොරන්නේ නැත" යැයි මහත් අභිමානයෙන් කියා කට වරද්දා ගත් තව කෙනෙක් කර කියා ගන්න දෙයක් නැතිව බකං නිලාගෙන සිටී. "යහපාලනය නැත - වංචාව දූෂණය ඥාති සංග්‍රහය ඉහවහා ගොස් ඇත - මේවා නවත්තන්නට අපි මයිත්තිරි පාලනයක් ගෙනෙමු"යි පාරට්ටු කී ලොකු කටක් ඇති බොළඳ ගැටිස්සියක් "අනේ මගේ වාහනෙත් ගත්තා" කියා ආඩපාලි කියයි. ඒ ඇගේ පියා සතෙන්-සතේ රුපියලෙන්-රුපියල එකතු කර ඇගේ දෑවැද්දට දුන් වාහනයක් වන්නට ඇතැයි ඒවා අසන අපට සිතේ.

      යනවා කියයි - එනවා කියයි! ආවා කියයි - ගියා කියයි!! ආපු උන් සුපිරි - ගිය උන් වැඩක් නෑ !!! හරිම අපුරුයි.

      මේ යන විදියට "මෛත්‍රී" භාවනාව තහනම් කර "රතන" සූත්‍රය දුටු තැන අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් නූනොත් ඇති.

      Delete
    8. අර බෝනික්කා සිංදුවේ අළුත් වර්ශන් එකටනම් මම හුඟක් කැමතියි!

      Delete
  2. හික් හික් හික් !!
    අයියා හොඳටම "කුපිත" වෙලා වගේ...
    ඒක නෙවේ, අර මාම තාම ඉන්නවද?

    ReplyDelete
  3. කාලීන සංවාදයක් ඉදිරිපත් කිරීම බොහොම වටිනවා. රැ වැටුණු වලේ දවල්ද වැටෙන්න යන මෝඩයකු ගැන දැනුවත් කිරීම බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි කවුරුත් මෛත්‍රී කරන්නැත්තේ දෙයියනේ...

      Delete
    2. මෛත්‍රී කරන්න? බම්බුව තමයි...!!

      Delete
    3. බිංදු ඔබේ අදහසටත් ස්තුතියි. එහෙත් මේ දැනුවත් කිරීමක් නම් නොවේ.
      එය රාජ-පක්‍ෂ මාධ්‍ය විසින් අපට වඩා හොඳින් යථා කාලයේදී ඉටු කෙරෙණු ඇත.

      Delete
  4. පුන්සඳ සේම පායාලා රට මැද්දේ
    රන් කෙඳි සේම පීරාලා පිට මැද්දේ
    මාර සෙනඟ වට කරගෙන යම යුද්දේ
    ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ

    - ඉතිහාසය නැවත නැවත සිදු වෙයි.
    එදා ලෙව්කේ මැතිඳු, ඊයේ පොන්සේකා, අද...

    --- පොදු අපේක්ෂකයා ---

    ReplyDelete
    Replies
    1. තවත් අලුත් හාදයෙක් ද ???
      මම දැක්කා පඬි ප්‍රශ්න සැට් එක.. හික් ! උත්තර දෙන්න ගියේ නෑ. ඒ ඔබ තුමා කියල හිතනවා.

      Delete
    2. ඇනෝ ලෙසින් ආවම අක් මුල් සොයනු එපා
      නොදැන අසන විට පඩියා කියනු එපා
      පිළිතුරු දැන දැනම හන්ගන් ඉන්න එපා
      පැනලා දෙන පුරුදු නවතා දමනු එපා

      Delete
    3. ඔයාගේ කවි සංකල්පනා දැක්කහමනම් නිකන් දන්න අඳුරන බවක් හිතෙනවා. කමක් නැහැ ඇනෝට අපි ඇනෝම කියන්නම්කෝ.

      Delete
  5. සිතුවිළි,

    ඉහත ලිපිය දේශපාලන විවේචනයක් නොවේ. කරුණු පෙළ ගැසෙන අයුර දුටු විට සිතට නිතැතින් නැගෙන අදහස් වචන වලට පෙරලීමක් පමණි. අදහස් අමු අමුවේම ඉදිරිපත් කර ඇති බැවින් සාමාන්‍ය ශෛලියෙන් ඉවත් වී ඇති බවත් ඔබලා දකින්නට ඇත.

    කවරෙක් කෙසේ කීවත් මෛත්‍රීපාල සිරිසේන 'පොදු අපේක්ෂක' තුමා සරත් ෆොන්සේකා 'හිටපු පොදු අපේක්ෂක' තුමා වැනි "පොළඟෙක්" නොවන නිසා මේ වාරයේ වැඩි විනාශයක් සිදු නොවනු ඇත. එහෙත් ඔහු හා ඔහුගේ සහෝදර සමාගම ඇමති කමේ නිලබලය යොදාගෙන කර ඇති දේ මේ රටේ ජනතාව දැන ගත යුතුව තිබේ. මේ එයට අවස්ථාවයි.

    තමා සතුව 'ෆයිල්' ඇතැයි කියා පාරම්බාන එහෙත් ඒ ෆයිල් වලින් වැඩක් නොගන්නා නපුංසක නායකයින් සිටින රටක මේවා මහජනතාව වන අපේ සිහින වේ. සිහින බිඳී ඇහැරෙන විට අපට කළ හැක්කේ ඒ නායකයාගේ 'හිටපු' නායිකාව ගෝල් ෆේස් එකේ නඩු ඇසූ සැටි සිහියට නගාගෙන සියළු දුෂ්ඨයෝ සුවපත් වෙත්වා කියා 'මෛත්‍රිය' කිරීම පමණි.

    ReplyDelete
    Replies
    1. හෙළ උරුමය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා කවරේද, ඒවාට ආණ්ඩුව (හෝ ශ්‍රී.ලං.නි.ප.) දුන් පිළිතුර කවරේද කියා අපට නිවැරදි අදහසක් නැත. අප දන්නේ විධායකයේ තටු කැපීම ඉන් එකක් වන බව පමණි. එහෙත් විධායකයේ බලතල අඩු කිරීම අපේ හදිසි අවශ්‍යතාවයක් නොවේ. මෙහිදී 'අපේ' යැයි කියන්නේ දේශපාලනඥයන් නොවන රටේ මහජනතාව සම්බන්ධයෙනි. එහෙත් මන්තිරි ධුර දරන එතුමන්ලාට මේවා ප්‍රශ්න වීම සාධාරණය. පයින් යන අපට අඩි පාරත් හොඳය. එහෙත් තිරික්කලේ යන වලව්වේ හාමුට අඩි අටේ පාරත් මදි වන්නේ පයින් යන අපට ඉඩ දෙන්නට සිදු වන විට හාමුගේ ගමන අඩාල වන නිසාය. රතන හාමුගේ ප්‍රශ්නය මෙයට වඩා වෙනස් දෙයක් නොවේ.

      18 වන ව්‍යවස්ථා සංශෝධනය, විශේෂයෙන් ජනපති පදවියට ඉදිරිපත් වීමේ සීමාව ඉවත් කිරීම, අපේ සිත්ගත් කරුණක් නොවේ. එහෙත් 17 වන සංශෝධනය ඊට වඩා ඔලමොට්ටල එකකි. 18 ඉවත් කර 17 බලාත්මක කරන බව කෙනෙක් කියත්නම් ඒ එක්කෝ භයානක කුමන්ත්‍රණ කාරයෙකි, නැතිනම් කෑදර තකතිරුවෙකි. 17 වන සංශෝධනයෙන් කෙරෙන්නේ නමට හෝ ජනතාව සතුයැයි කියන පරමාධිපත්‍යය විදෙස් මුදලින් යැපෙන පුද්ගලයින් කිහිප දෙනෙක් අතට සංකේන්ද්‍රණය කර දීමයි. හෙළ උරුමයට මේ ගැන කීමට ඇත්තේ කුමක්දැයි අපට පැහැදිලි අදහසක් නැත.

      Delete
    2. චන්ද්‍රිකා එදා (1993) සිටම ලංකාව දෙකඩ කිරීමේ ව්‍යාපෘතියේ පතාක යෝදියෙකි. ඇගේ කතෝලික සැමියා කතෝලික පල්ලිය කවදත් කළ සේ දෙමළ කැරලිකරුවන් හා හාදකම් පැවැත්වීය. කතෝලික පල්ලිය ගැන සැකයක් නොහිතන සාමාන්‍ය කතෝලික ජනතාවට පමණක් නොව සමස්ථයක් ලෙස සිංහල ජනතාව මොවුන්ට රැවටී සිටි බව ඒ කාලයේම දිටිමි. 1994 දී අප විසින් අපගේ ප්‍රථම දේශපාලන විග්‍රහය ඉදිරිපත් කරන ලදී. ඒ ප්‍රැන්සිස්කුකරණය අවසන් වී ඊළඟ වටයේ පළාත් සභා චන්දයෙන් චන්ද්‍රිකා බස්නාහිර මහඇමති ධුරයට පත් වූ අලුතමය. "චන්ද්‍රිකා වනාහී දේශපාලන වශයෙන් ගණිකාවකි. රනිල් වනාහි දේශපාලන වශයෙන් නපුංසකයෙකි" - ඒ විග්‍රහයයි. විසි වසරකට පසු සංශෝධනය කෙරේනම් ඒ විග්‍රහයෙන් සංශෝධනය කළ යුතුව ඇත්තේ "දේශපාලන වශයෙන්" යන කොටස පමණි. ඒ විග්‍රහය තවමත් වලංගුය.

      (1994 කළ ඒ විග්‍රහය වෙනුවෙන් අප ආචාර්ය නලින් ද සිල්වාට ණයගැති බව මෙහිදී සඳහන් කළ යුතුය. ඔහු මහජන එක්සත් පෙරමුණෙන් ඒ චන්දයට ඉදිරිපත් වී පරාජය විය.)

      ඉතිං, 2000 දී පැකේජයක් කියා හොර මගඩියක් කර වේලුප්පිල්ලෙඉ පිරබාහරන් නම් ත්‍රස්තවාදියා අවුරුදු 10 කට උතුරු-නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක කිරීමට පිඹුරුපත් සකස් කළ මේ තැනැත්තිය සම්පන්තන්ට 13 නොව නිට්ටඹුවේ බණ්ඩාරනායක සමාධිය දෙනවාය කීවත් පුදුමයට කාරනාවක් නැත. උතුම් මිනිසෙකු වූ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නමට ඈ දැන් කරන නිගා දකින එතුමා වලෙන් නොනැගිටින්නේ අර වල උඩ තබා තිබෙන මහ ගල් ගෙඩිය නිසාම පමණක් බව සිතමි.

      Delete
  6. ජොසෙෆ් ඔබ හරි.

    2004 ට පළමු අප නින්දට ගියේ හෙට අවදි වන විට ලංකාව තිබේදැයි නොදැන ය. රටක් වශයෙන් අපට හෙටක් තිබුණේ නැත. රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිබරල් ආණ්ඩුව විසින්, කොතැන කවුරුන් විසින් ලියන ලද්දේදැයි නොදන්නා ගිවිසුමකට, කිසියම් මූසල රාත්‍රියක අස්සන් කොට එළි වන ජාමෙට ලෝකයේ රටක් නැති දෙමළුන්ට රටක් සාදා දීමේ ඉඩකඩක් තිබිණි. අපට රෑ වන විට මෙකී ගිවිසුම් කෙටුම්පත් කෙරෙන ලන්ඩනයටත් ඒවා මුද්‍රණය කෙරෙන ඔස්ලෝ නගරයටත් සෞම්‍ය සැන්දෑව එළැඹීමත් මේ කටයුත්තට මනා පරිසරයක් සකස් කර දුන්නේය. 2004 චන්දයේ දී එවකට විපක්‍ෂනායක වූ මහින්ද රාජපක්‍ෂ අපට දුන්නේ අපේ රටක නිදහසේ හුස්ම ගැනීමේ බලාපොරොත්තුවයි. ඔබ ඉදිරිපත් කරන හේතු පාඨ සමග 100% ම අපේ එකඟත්වය වේ.

    2005 දී අගමැති මහින්ද ජනපති කරන්නේ කොටි (මෙය කොටි නොව වග /-හෙවත් ව්‍යාග්‍ර-/ විය යුතුය. Tiger යනු කොටියා නොවේ) උවදුර මුලිනුපුටා දැමීමට මිස ගුවන්තොටුපොළවල්, වරායවල්, ක්‍රීඩාංගන, කුළුණු සහ අධිවේගී මාර්ග ඉදි කරවා ගැනීම පිණිස නොවේ. ඔහු ඒ අතින් ලංකාවේ සාර්ථකම පාලකයා වේ. එහෙත් 2010 දී අපි නොඉල්ලූ ජනාධිපතිවරණයක් ඔහු ලබා දී අනතුරුව මහ මැතිවරණය කැඳවන්නේ ඉතිරි වැඩය හෙවත්, ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම පිණිසය.

    දෙමළ ජාතිවාදයේ අවිගත් පෙරමුණ පැරදවූ පසු අවිනොගත් පෙරමුණ පරාජය කළ යුතුව තිබිණි. ඒ ව්‍යවස්තා සහ නීති මගිනි. ජර්මනියේ හිට්ලර් පරාජය කළ පසු ජර්මන් ජාතිකවාදය මුලිනිපුටා දැමීමට කටයුතු කළ සේ දෙමළ වර්ගවාදය නීති මගින් ඉවත් කළ යුතුව තිබිණි. ඒ සමගම ඉස්ලාම් ව්‍යාප්තවාදයත් නැවතීමේ තිත තැබිය යුතුව තිබිණි. මහජනතාව මහින්ද වෙනුවෙන් 150 කට ආසන්න මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා දුන්නේ ඒ වෙනුවෙනි. එහෙත් ඒ වෙනුවට අපට දකින්නට ලැබුනේ දෙමළ වර්ගවාදය සහ ඉස්ලාම් ව්‍යාප්තවාදය සමග අතරමැදි සාමාදානයකට යෑමයි. මෙයට හේතුව අන්තර්ජාතික බලපෑම් කියා කිසියම් දේශපාලන විශ්ලේෂකයෙක් විසින් කිව හැක. එහෙත් මට චන්දය දෙන්නේ හිම බස්සන්, පිනිමුවන් සහ ඩොල්පින් මසුන් නොවේය කියා ජෝජ් බුෂ් පරිසර සමුළුවෙන් පසු කී කතාව මෙහිදී ගැළපෙයි.

    2010 න් පසු මහින්ද ගියේ තමන්ගේ වල තමාම කපා ගැනීමේ ගමනකි. සර්වාගමික මොංගලයක් (අගමැති කම කෙසේ වෙතත්) බුද්ධසාසන ඇමති කමේ තබා ගැනීමත්, ඒ මෝඩයා එළිපිට කොන කපාගැනීමෙන් නොනැවතී එය වන වනා ප්‍රසිද්ධ ස්ථාන වල පිස්සු නටන්නට පටන් ගැනීමත් මේ වල කපා ගැනීම තීව්‍ර කළේය. නීති විරෝධී මත්ද්‍රව්‍ය හා සමග නම කියැවෙන පුද්ගලයින් කිසි පරීක්‍ෂණයක් නැතිව තමාගේ සෙවනේ තබා ගැනීම තවත් ගොංකමකි. ඉතා පැහැදිළිවම හෙළි කෙරුණු හෙජිං ආදී දූෂිත ගණුදෙනු සම්බන්ධ පරීක්‍ෂණ වල වැරදිකරුවන් නැත. මේ ආදී හේතු නිසා මහින්ද අද සිටින්නේ 2005 හෝ 2010 හෝ සිටි තැන නොවේ.


    * 2005 දී අපි ඔහුට චන්දය දුන්නේ අවිගත් සතුරන් පැරදවීම පිණිසය.
    * 2010 දී අපි ඔහුට චන්දය දුන්නේ අවි නොගත් සතුරන් පැරදවීම පිණිසය.

    එහෙත් ඔහු සිතා ගත්තේ අපි 2010 දී 'කළ ගුණ සැළකුවා' ය කියානම් ඔහුට වැරදුණ තැන එතැනය. 2010 දී අපට කළගුණ සැළකීමට දෙයක් තිබුණේ නැත. 2015 තිබෙනවාද ?

    2005 දී අප ඔහුට කළ දේට ඔහු 2009 දී කළගුණ සැළකුවේය. 2010 දී අප ඔහුට කළ දේට මේ වන විට ඔහු අපට කළගුණ සළකා තිබේද?

    ReplyDelete
    Replies
    1. කණිෂ්ක,
      මේ මැදහත් විචාරයට එරෙහි වීමට හැක්කේ පාට කණ්නාඩියක් දමා මෙය කියවන්නෙකුට පමනකියි සිතමි.
      ඔබගේ අවසන් පැනයට මගේ පිළිතුර ඔව් කියායි. බඩ පිරෙන්නට කල ගුන සලකා ඇත. එහෙත් ඒ කාටදැයි අසන්නට එපා.

      Delete
    2. '2005 දී අප ඔහුට කළ දේට ඔහු 2009 දී කළගුණ සැළකුවේය. 2010 දී අප ඔහුට කළ දේට මේ වන විට ඔහු අපට කළගුණ සළකා තිබේද?'

      2005 දී මම ලොක්කට චන්දෙ දුන්නේ දෙමළ යුද්දේ (කැරැල්ල) ඉවරයක් කරන්න. පොර හරියටම වැඩේ කළා. 2010 දී චන්දෙ දුන්නේ කාලකන්ණි නාස්තිකාර රටට වැඩක් නැති 13 වෙනි සංශෝදනේ ඉවත් කරන්න. පොර ඒක කළේ නෑ. මිනිහ මේ සැරේ චන්දෙ දිනලා 13 අහෝසි කළොත් ඊළඟ සැරේ (2020 සමහර විට) සළකා බලනවා. 2010 මගේ චන්දෙට මිනිහ කළගුණ සළකලා නෑ. මේ සැරේ මගේ චන්දෙ ගන්න මිනිහට සුදුසුකම් නෑ. ඒක තමයි තිත්ත ඇත්ත.

      Delete
  7. අධර්මිෂ්ට මිනිසුන් නිසා අධර්මිෂ්ට පාලකයන් බිහිවේද ? අධර්මිෂ්ට පාලකයන් නිසා අධර්මිෂ්ට මිනිසුන් බිහිවේද ? චක්‍රීයද ?

    ReplyDelete
    Replies
    1. පුරාණයේ රජවරු පහල වූයේ ජනතාව අතරින් නොවේ. පියාගෙන් පුතාට රජකම යෑම (පුරාණ ලංකාවේ පැවති ක්‍රමය මෙය නොවේ) කෙසේ වෙතත්, කිසියම් පවුලකට හෝ පවුල් කිහිපයකට රජකම හා බලවත් නිලතල සීමා වූ යුගයක් සැලකූ කල ඔබ පෙන්වා දෙන දෙවන කරුණ සිදු වේ. මේ බව සනාථ කරන ජාතක කතා පවා අපට හමු වේ.

      එහෙත් ජනතාව අතරින් පාලකයා පහල වන මෙකල සෛද්ධාන්තික වශයෙන් අප සියල්ලෝම පාලකයා වීමේ හැකියාව ඇති තැනැත්තතෝ වෙමු. එවැනි විටක එකිනෙකා පරයා යාමේ අවශ්‍යතාව ඇති වේ. ජනතාව අදැහැමිනම් වඩාත් අදැහැමි තැනැත්තා අනෙක් සියලු දෙනා පරයා ඉහලට යාම සොබා දහමේ නියමයයි. මෙවැනි අවස්ථා වල ඔබ පෙන්වා දෙන පළමු කරුණ ක්‍රියාත්මක වන්නට පටන් ගනී.

      ඒ මිස ඊනියා චක්‍රීය බවක් මේ කරුණේ දී මම නොදකිමි.

      Delete
    2. පැංචාගේ ප්‍රශ්නයට 'චක්‍රීය' කියා පිළිතුරු දෙන්න මුලින් හිතුවත් දැන් එහෙම කියන්න විදියක් නෑ, චක්‍රීය කියල මම මුලින් හිතුවට ඒක චක්‍රීය වෙන්නේ ('ජනතාව අතරින් පාලකයා පහල වන') දැන් කාලේ. පාලකයා නරක නිසා මිනිස්සු නරක වෙනවා - නරක මිනිසුන් අතරින් නරක පාලකයින් බිහි වෙනවා. ඒත් පටන් ගැන්මක් තියෙන්න ඕනේ. පටන් ගැන්මක් තියෙනවනම් චක්‍රීය වෙන්න බෑ.

      මම හිතන විදියට අපේ පැරණි පාලන ක්‍රමය නරක පාලකයින් ඉවත් කරන්න හැඩ ගැහුණු එකක්. ඒ නිසා පාලකයා නරක වීම නිසා ජනතාව නරක වීම පාලනය උනා. මේ දේ සිදු කෙරුනේ පන්සලෙන්. ඒ වගේම පාලකයා නරක වීම හේතුවක් කරගෙන මිනිස්සු නරක් වීම නැවත්වීමට පන්සලෙන් ප්‍රබල දායකත්වයක් ලැබුනා. පන්සල නරක් වීම මේ බිඳ වැටීමට හේතුව ලෙස මම දකිනවා. මේකට විරුද්ධ වෙන්න කාටවත් බෑ කියල මම හිතනවා.

      Delete
    3. පන්සල නරක් වීම මේ බිඳ වැටීමට හේතුව ලෙස මම දකිනවා - ජෝසප්,

      ඉතින් පන්සල නරක් වීම සිදු වූයේ කෙසේද?
      බුදු බන අනුවසැකසුනු පන්සල වැනි සංස්ථාවක් නරක් වන්නේ කල් ඉකුත් වීම නිසාද? බුදු බන කල් ඉකුත් වනවාද?
      නැතිනම් පන්සල නරක් වූයේ නරක් වූ පාලකයන්ගේ හෝ නරක් වූ ජනයාගේ බලපෑම නිසාද? එතකොට නම් වැඩේ චක්‍රීය බවක් තියෙනවා.

      ඊට වඩා අද ක්‍රමය තුල නරක ජනයා අතුරින් වඩාත්ම නරක එකාට ඉක්මනින් අනෙකුන් පරදවා ඉහලට යා හැකි කම නිසා නරකයින් අතරින් නරකයා රජ වීමේ ප්‍රවනතාවක් පැවතීම වඩා හොඳ පැහැදිලි කිරීමකි.

      Delete
    4. පිළිතුර පිළිබඳ වැඩිදුර සංවාද කිරීමට පැංචා නැති වීම අඩුපාඩුවකි. එසේම සිතුවිළිගේ ප්‍රශ්න මිතුරු ජොසෙෆ් විසින් නොදැක ඇති බවත් පෙනේ. ඒ ගැන යමක් කියනවානම් ...

      පන්සල විසින් පාලකයාත් සාමාන්‍ය වැසියාත් පාලනය කෙරුණු බව සත්‍යයක්. එහෙත් ජොසෙෆ් විසින් මේ කරුණු ඉදිරිපත් කිරීමේදී බටහිර ආක්‍රමණ වලට අඩු ලංසුවක් තැබීම (මට සිතෙන ලෙස නොසළකා හැරීම) වරදක්. අප දකින ලෙස, ලංකාවේ සිදු වූයේ පාලකයා අධර්මිෂ්ඨ වීමයි. පාලකයා අධර්මිෂ්ඨ වූයේ බාහිර බලපෑමෙන්. අභ්‍යන්තර සාධක පාලනය කිරීමට පන්සලට තිබූ හැකියාව බාහිර සාධක මත බලපාන්නේ නෑ. පෘතුගාල රජ සහ කතෝලික පල්ලිය මත ලංකාවේ බෞද්ධ සංස්ථාවට එල්ල කළ හැකි පීඩනය කුමක්ද?

      මෙකී බාහිර බලපෑම් තීව්‍ර වන්නට වන්නට ඊට ප්‍රතිරෝධයක් ලෙස පාලකයා වඩ වඩාත් අධර්මිෂ්ඨ වීම ස්වභාවයයි. එහි දළ වශයෙන් කෝට්ටේ විජයබාහුගෙන් ඇරඹුණු මේ පරිහානියේ කූටප්‍රාප්තිය සෙංකඩගල කන්නසාමිගේ කෲර පාලනයයි. කන්නසාමි එතෙක් පැවති සියලු සම්ප්‍රදායන් සහ නීති රීති උල්ලංඝනය කරමින් තමන්ගේ බල ව්‍යාප්තිය කෙරේ කටයුතු කළ අයුරු ඉතිහාසයේ සඳහන්.

      මිතුරු සිතුවිළි නගන පැනයට පිළිතුර එතැන පවතින බවයි අපේ අදහස.

      Delete
    5. ඔව් කණිෂ්ක මේ ප්‍රශ්නයට මේ ඍණාත්මක වර්ධනයට හේතුව මම දකින්නේත් එතැන තමයි.
      භෞතිකය ඇති ලෙස දකින මිනිසුන් භෞතිකය පදනම්ව ලෝකය විග්‍රහ කරන මිනිසුන්ගේ දැකම මත පදනම්ව ඇතිකරගත් නීති සම්ප්‍රදායන් හා සමාජ සම්මුතීන් අප මත බලයෙන් පැටවීම නිසා මේ සියල්ල මෙසේ සිදු වී ඇති බවයි සත්ත්‍යය.
      අප බුදු දහමේ එන නීති පද්ධතිය හෙවත් විනය කියවන විට වැටහෙන්නේ සියල්ල පදනම්ව ඇත්තේ චේතනාහංබික්ඛවේ කම්මං වදාමි යන පදනමින් බව පැහැදිලියි.
      බටහිරයන් අප මත පැටවූ නීති ක්‍රමයේ මෙවැනි පැහැදිලි සාධාරණ එක මූලයක් සොයා ගත හැකිද?
      එය එක එකාගේ වාසියට ගොඩ නැගුනු අවුල් ජාලයකි. පන්සල් සංස්ථාව සසුන අද යට කර ඇත්තේ මේ කුණු ගොඩටය. ඉතින් සාධාරණය ගොඩ නැගෙන්නේ කෙසේද?

      Delete
    6. A - පන්සල විසින් පාලකයාත් සාමාන්‍ය වැසියාත් පාලනය කෙරුණු බව සත්‍යයක්.
      B - අප දකින ලෙස, ලංකාවේ සිදු වූයේ පාලකයා අධර්මිෂ්ඨ වීමයි. පාලකයා අධර්මිෂ්ඨ වූයේ බාහිර බලපෑමෙන්.

      ඉහත A සත්‍ය නම් B ගැන කිව හැක්කේ කුමක්ද? A සත්‍ය ලෙස තබා ගනිමින්ම B සත්‍ය ප්‍රකාශයක් ලෙස සැලකිය නොහැකියි. එහෙත් B අසත්‍යයක් යැයි මම කියන්නේ නෑ. සිදු වී ඇත්තේ A අවලංගු වීමයි. එනම් පන්සල විසින් සිය වගකීම නොසලකා හැරීමයි. එයයි මේ ගැන මගේ අදහස.

      Delete
    7. මේ තර්කය මෙසේ ඍජු වාද ගොඩ නැගීමකින් ඔප්පු කරන්න බැහැ.
      A නිවැරදි බව කිව හැකියි.
      එහෙත් A අවලංගු උනු හේතුව නිවැරදි නැහැ. පන්සල සතුව පාලකයා මත බලයක් පැවතුනේ පාලකයා ස්‍රද්ධාවන්තයෙකු වන විට පමණයි. පාලකයා ස්‍රද්දාවෙන් බැහැර වූ විට ඔහු පන්සලට යටත් නැහැ. එසේම ඔහු වෙත ලබා දුන් බටහිර නීති සම්ප්‍රදාය තුල පන්සල හා භික්ශුව පාලකයාට යටත්. අන්න එතැනින් පාලකයාව බැඳ තිබූ දම්වැල ලෙහා දමනවා. එවිට ඌ අයාලේ යන විට අධිකාරි බලයක් රහිත පන්සලට කල හැකි දෙයක් නැති වෙනවා.

      Delete
    8. ඔබ වැරදියි සිතුවිළි,

      පන්සල සතුව පාලකයා කෙරේ බලයක් පැවතුනේ පාලකයා ස්‍රද්ධාවන්තයෙකු වන විට පමණයි නම් එහි අර්ථය පන්සල සතුව පාලකයා කෙරේ බලයක් ඇත්ත වශයෙන් නොපැවතුණු බවයි. එහෙත් ඇත්ත එය නොවෙයි. මම කලින් "මම හිතන විදියට අපේ පැරණි පාලන ක්‍රමය නරක පාලකයින් ඉවත් කරන්න හැඩ ගැහුණු එකක්." යැයි කීමෙන් අදහස් කළ දේ ඔබට වැටහී නෑ.

      පාලකයා දුෂ්ඨයෙක් වන විට ඔහු හරි මගට ගැනීම පමණක් නොව ඔහු හරි මගට ගත නොහැකි විට ඔහු ඉවත් කිරීමටත් අපේ පැරණි ක්‍රමය තුල පන්සල (මහා විහාරය) ක්‍රියාත්මක වී ඇති බව ඔබ දන්නේ නැතැයි සිතන්නට මම කැමති නෑ. සද්ධාතිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයා සිටියදී බාලයාට රජකම දීම, මහසෙන් රජුට එරෙහිව ඇති කෙරුණු කැරැල්ල ආදී අවස්ථා වලදී මෙය අපූරුවට ක්‍රියාත්මක උනා.

      Delete
    9. ඔව් ජෝසප්,
      නරක පාලකයා ඉවත් කිරීමේ බලයකුත් පන්සල සතුව පැවති බව මා පිළිගන්නවා. ඒ උනත් ඒ සඳහා රාජ අනුප්‍රාප්තිකයාත්. අනෙකුත් රාජ නිලධාරීනුත් ස්‍රද්ධාවන්තයින් වීම බල නොපෑවා කියා සිතන්න බැහැ. නරක රජු යනු ස්‍රද්ධාව පිරිහුනු රජායි.
      එහෙත් සුද්දාගේ නීතිය යටතේ ශ්‍රද්ධාවට හෝ පන්සලට බලය නැති වූවා.එහිදී බලය තිබුනේ ඊනියා නීතියටයි. පන්සල හා එක්ව ශ්‍රද්ධාවන්තයින් දූශිත රජුට එරෙහි වූවොත් ඔවුන් රාජ නීතියට එරෙහි වූවන් වනවා. ඉතින් කෝ පන්සලෙහි බලය.
      ඇත්තෙන්ම මේය පන්සල පිරිහීම නිසා වූවක් නොවෙයි කියන තැනයි මා නම් ඉන්නේ,

      Delete
    10. ශ්‍රද්ධාව යනු එකකි; බලය වෙනකක්.

      ශ්‍රද්ධාව ඇති රජෙක් වෙත පන්සල විසින් බලය පෑ යුතු වන්නේ නෑ. ශ්‍රද්ධාව නොමැති රජෙක් වෙතයි පන්සල විසින් බලය පැවැත්විය යුතු වන්නේ. මා කතා කරන්නේ ඒ ගැනයි. මධ්‍යතන යුගයේ යුරෝපයේ පැවති පාලනය ඔබ කියනාකාරයේ එකක්. එහෙත් ලංකාවේ එවැනි පාලනයක් තිබුනේ නෑ.

      ලංකාවේ තිබුනේ රජු අවනත නොවේනම් රජුට විකල්පයක් ඉදිරිපත් කිරීමට සමත් පන්සලක්. එයයි පන්සල සතු බලය. පන්සල අවසන් වශයෙන් මහජන මුදලින් (දානයෙන්) යැපෙන නිසා මෙය අවසන් විග්‍රහයේදී ජනතා පරමාධිපත්‍යය පිළිඹිබු කිරීමක්. රජු ප්‍රජා-පීඩකයෙක් වන විටම පන්සල සතු ඒ බලය ක්‍රියාත්මක වුණා. බටහිර ආක්‍රමණ හමුවේ පන්සල දුර්වල උනේ ඔබ කියන හේතු නිසා නොවෙයි. ඔබ කියන දේ වලංගු වන්නේ 1818 න් පසු කාලයට පමණයි. එහෙත් පන්සල නරක් වූයේ ඊට පෙරයි.

      Delete
    11. ඔව් ඒ ගැන මම එකඟ වෙනවා
      මා කියන තත්වය පැහැදිලිවම පිළිබිඹු වන්නේ 1815න් පසුව බව.
      එහෙත් ඊට පෙර දීම පන්සල් සංස්ථාව නරක් වීමට (එය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු යුගය ගැනත් අප දන්නවා ) බලපෑ හේතු හැටියට ඔබ දකින්නේ කුමක්ද?
      ඒ ගැන පැහැදිලි කිරීමක් කල හැකිනම් අගෙයි.

      ඒ වගේම 1815දී ඉඟුරු දීල මිරිස් ගත්තු සිංහලයෝ 2015 දී ආයෙත් ඒකම කරයිද?

      Delete
  8. @ Anonymous (November 26, 2014 at 11:35 PM),

    ඔබට ප්‍රජාතන්ත්‍රවාදය ගැන විවේචනයක් ඇති බව පෙනෙයි. විවේචන පැවතීමම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයකි.

    ප්‍රජාතන්ත්‍රවාදයේ විවිධ සංස්කරණ පවතියි. ලංකාවට එංගලන්තය විසින් ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදය එංගලන්ත ප්‍රජාතන්ත්‍රවාදයේ පිටපතකි. නේරු පවුලේ සුමිතුරියක වූ සිරිමාවෝ මැතිණිය විසින් එයට ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිළි අන්දවන ලද්දේ රජා/ රැජිණ ඉවත් කර ඒ වෙනුවට බූරුවා යොදා ගැනීමෙනි. ජේ.ආර්. ඇමරිකානු සහ ප්‍රංශ ප්‍රජාතන්ත්‍රවාද එකට අනා කලතා අමුතු ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාවට හඳුන්වා දුන්නේය. එයට තරු පහේ ප්‍රජාතන්ත්‍රවාය යැයි කියන්නේ ජේ.ආර්. ගේ ආණ්ඩුවට හයෙන් 5 ක බලයක් තිබුණු නිසාද, නැතිනම් 80 වර්ජකයින්ට සැළකු සැලකිල්ල, සරච්චන්ද්‍ර මහාචාර්‍ය තුමාට කාණුවේ දමාගෙන කළ සැළකිල්ල, ගැටඹේ පන්සලට ප්‍රජාතන්ත්‍රවාදී කටු කම්බි ගසා, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අධිකරණයට හූ කියවූ අයුරු දැකීමෙන් මහජනතාවට තරු විසි වූ නිසාදැයි පැහැදිළි නැත.

    නමට හෝ මහජනතාව සතුව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී පරමාධිපත්‍යයට ප්‍රථම ප්‍රහාරය ඉන්දු - ලංකා ගිවිසුම මගින් එල්ල කෙරුණද, 1994 සිට තවලම් ගිය පකිස් බූරුවන් විසින් 2000 දී ඉදිරිපත් කෙරුණු පොට්ටනිය (පැකේජය) තරම් පහරක් ඉන් නොවැදිණි. රටේ වාසනාවට පොට්ටනිය එදා සම්මත නොවිණි. තවලං ගිය අවලං ආණ්ඩුව හෝදා පාළුවට ලක් වී ජවිපෙ ප්‍රාණ ඇපයට අසු වන්නේ මේ පාප කර්මයේ ප්‍රතිඵලයක් වශයෙනි.

    ඉහත කාල සීමාව තුල සිදු කෙරුණු ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කටයුතු සියල්ල කෙරුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි. සිරිමා අවුරුදු 5 ආණ්ඩුව අවුරුදු 7 ක් තියා ගන්නෙත්, ජේ.ආර්. අවුරුදු 6 ආණ්ඩුව අවුරුදු 12 අදින්නෙත් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආනුභාවයෙනි. ජේ.ආර්. තරම් පරිචයක් නොතිබුණු චන්ද්‍රිකා ඇගේ විසුළු සහගත පැකේජය කොළේ වසා සම්මත කර ගැනීමට ගැසූ ගැටය මතකද? ඈ යෝජනා කළේ "තොපිට අලුත් ව්‍යවස්ථාවක් ඕනෑද එපාද" යන පැනය අරභයා ජනමත විචාරණයක් පැවැත්වීමටයි.

    විධායකය එපාය කියා අදත් මොරදෙන අපේ මෝඩයන් විධායකය අහෝසි කරමුය කියා පෝලිමේ ගොස් කතිරය ගැසුවානම් රනිල්තුමාට ඊළඟ චන්දයෙන් පසු වේලුප්පිල්ලෙඉ පිරබාහරන් සමග අස්සන් කිරීමට සිදු වන්නේ නිදහස් වෙළෙඳ ගිවිසුමකි. ඒ තේ වෙනුවට හාල් ආනයනය කර ගැනීම පිණිසයි. රනිල් තුමා තමාගේ ප්‍රජාතන්ත්‍රවාදයේ රඟ අපට පෙන්නුවේ ලන්ඩනයේ සකස් කර ඔස්ලෝ වල මුද්‍රණය කළ කොළ කෑල්ලකට කොළඹදී අස්සන් කිරීමෙනි. අද විධායක ජනාධිපති කම අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරීමට ගිරිය පුප්පාගෙන කෑමොර ගසන මෙතුමන්ලා එදා ඒ පාවා දීමේ ගිවිසුම ගසන විට පාර්ලිමේන්තුව තබා අර මහබලවත් ජනාධිපතිවත් ඒ ගැන දැන සිටි බවට සඳහනක් නැත. ඒ තබා එකී තක්කඩි ගිවිසුමේ පිටපතක්වත් අඩු තරමින් ජාතික ලේඛනාගාරයේවත් නැතැයි කියනු ලැබේ.

    ඉහත සියලු කරුණු විසින් පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු අධ්‍යාපන ක්‍රමය විසින් සහ ජනමාධ්‍ය විසින් අපට උගන්වන ආකාරයේ ස්වර්ගීය විධි ක්‍රමයක් නොවන බවය. අපේ කතාවේ කතානායකයා වන සිරිසේන මහතාට කතිරය ගැසීමට පෙර ඔහු වටා කක්‍ෂගත වී භ්‍රමණය වෙමින් සිටින ග්‍රහයන්ගේ පුරාණ චරියාව සිහියට නගා ගත යුතුය. මේ සියලු දෙනාගේ ප්‍රජාතන්ත්‍රවාද අපි අත්දැක අත්විඳ ඇති බැවින් සිරිසේනගේ ප්‍රජාතන්ත්‍රවාදය මේ ආකාර වේ යැයි මැන ගැනීමේ හැකියාව අපට පවතී.

    ප්‍රජාතන්ත්‍රවාදයේ මේ මුහුණුවර හමුවේ අපට වෙන විකල්පයක් නැත.

    ඔබ ගෝඨා ගැන සඳහන් කරයි. ගෝඨාභය, බැසිල් සහ චමල් රාජපක්‍ෂ (ඊනියා සහෝදර සමාගම) ගැන ඇති විවේචන එතරම් සැළකිය යුතු නැත. එහෙත් ලියන ලියන විභාග ඉහලින්ම සමත් වන ගමන් ඔටුන්න හිමි කුමාරයා ලෙස පෙනී සිටින අය, ගසන ගසන තරඟ දිනන ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකමට ක්‍රීඩා ගිවිසුම් අත්සන් කරන රගර් ක්‍රීඩකයන්, මෙලෝ වැඩක් කරන බව නොපෙනෙන නමුත් හඳට යෑමට පම්පෝරි ගසන කොළු ගැටයින්, මෙලෝ අධ්‍යාපන සුදුසුකමක් නැතත් ගුවන් සමාගම් පාලනය කරන 'මචං'ලා, රජයේ රැකියාවක් කිරීමට අයෝග්‍ය ලෙස නිර්ණය කර එවැනි තනතුරු බාර නොගන්නා බවට අධිකරණයට දිවුරුම් පෙත්සම් දී පැන්ෂන් යන වයසත් පහු කර කිසිම ආතතියක් නැතිව තවමත් තනතුරු දරන පිං කාරයින්, ... මේවා මෙසේ සිදු වන්නේ ඒ ඒ අයවළුන්ගේ පුරාණ කර්ම බලය නිසාම බව පිළිගැනීම අපහසුය.

    ReplyDelete
    Replies
    1. මට නම් වැටහෙන්නේ , බල තණ්හාව නිසා හැමෝම විනාශ මුඛයට පැමිණ ඇති බවයි.

      Delete
    2. "ලංකාවට එංගලන්තය විසින් ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදය එංගලන්ත ප්‍රජාතන්ත්‍රවාදයේ පිටපතකි. නේරු පවුලේ සුමිතුරියක වූ සිරිමාවෝ මැතිණිය විසින් එයට ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිළි අන්දවන ලද්දේ රජා/ රැජිණ ඉවත් කර ඒ වෙනුවට බූරුවා යොදා ගැනීමෙනි."

      --- 1971 ව්‍යවස්ථාව ගැන කියවපු පට්ටම විවේචනය මේකයි. මම දන්නේ නෑ ඒ කාලේ JR වත් මේ තරම් නිවැරදි විවේචනයක් ඒ ගැන කළා කියල. අපි ඉතිං ඔය කාලේ නෑනේ. ඔන්න සිතුවිළි වගේ නැත්නම් මාතර ආතර වගේ තලත්තෑනි උදවියගෙන් ඇහුවනම් දැන ගන්න තිබුනා මීට වඩා හොඳ විවේචන ඒ කාලේ ඇහුනද කියලා. හික් !

      මේක මම කලින් කියෙව්වත්, මම හිතන්නේ නැවත නැවත කියවන්න ඕනේ කියල. බලමු ආයෙත් කියවලා.

      Delete
    3. ජෝසප් මල්ලි,
      නිකං අපහාස ටෝක් දාන්න එපා.
      71 ඉපදිලා හිටියේ නැතිව ඇති, අපිනං ඉපදිලා හිටියා හැබැයි අත දරුවෝ දේශපාලන විවේචන හදාරනවයි කියල මම නං අහල තිබුනේ නැහැ.

      Delete
    4. ජෝසප් ගේ කථාව ඇත්ත, මේක ලංකාවේ ව්‍යවස්ථා ඉතිහාසය ගැන කෙරුනු හොඳම විවරනයක්. එවැනි විවරන හදාරා නැති නිසා මීට වඩා හොඳ ඒවා තිබුනාද නැතිදැයි කිව නොහැකියි.
      ඒසේම මෙහි චන්ද්‍රිකාගේ ඊනියා පැකේජය ගැන කියා ඇති කථාවද එවැනිමය. එදා ඇය විධායක ජනාධිපති ධූරය අත්හරිම බවට සඳහන් ලියැවිල්ල තුලට පැකේජය එබ්බවූයේ ඇත්තටම පැකේජය ක්‍රියාත්මක කරවීමේ වුවමනාවටද නැතහොත් විධායකය අත්හැරීමේ යෝජනාව ජනතාව ලවාම ප්‍රථික්ශේප කරවා ගැනීමටද?
      මෙය යම් ගැටළු කාරී තැනක්.

      එසේම එදා ශ්‍රී ලංකා කාරයින් හෝ අන් යම් පිරිසක් බලවත් වී පැකේජයට ජනමත විචාරනයකදී දිනුමක් ලබා දුන්නානම් රනිල්ට සිදු වන්නේ මහ කොටියා සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට යැයි කියන කථාවනම් අපූරුය.
      සිදු විය හැකිව තිබූ වැලකුනු ව්‍යසනය!

      මේ සියල්ලට අමතරව, දැන් සාකච්චා වෙන අයුරින් යම් අහේතුවකට සිරිසේන සහෝදර සමාගම බලයට පැමිණ 13 තිබියදී විධායකය අහෝසි කොට (එවිට 18 ගැන කථා කොට ඵලක් නැත ) 17 බල ගැන්වුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද?

      මේ ගැන අපගේ උගත් මිතුරු සහෘදයන්ගේ අදහස දැන ගැනීමට කැමතියි.

      Delete
    5. එදා චන්ද්‍රිකා විධායක ජනාධිපති ධූරය අත්හරිම බවට සඳහන් ලියැවිල්ල තුලට පැකේජය එබ්බවූයේ ඇත්තටම පැකේජය ක්‍රියාත්මක කරවීමේ වුවමනාවටද නැතහොත් විධායකය අත්හැරීමේ යෝජනාව ජනතාව ලවාම ප්‍රථික්ශේප කරවා ගැනීමටද?

      ගෑණි උත්සාහ කළේ රට පෙඩරල් කරන්නයි. ඒකෙ දෙකක් නෑ. බණ්ඩාරනායක මැතිතුමා එදා 1956 දී සිංහලය රජබස කරපු එක වැරද්දක් කියන, බලේ නැති කාලේ තමුන්ගේ මනුස්සය එක්ක එකතු වෙලා ත්‍රස්තවාදී එක්ක උතුරුකරේ රෝන්දේ ගහපු මේ ගෑණි ඕක නොදී ඇරිය එක තමයි පුදුමේ. විධායකේ අහෝසි කරන එක එයාගේ චන්ද පොරොන්දුවක්. ඒ වගේම ඒක එයාගේ පක්‍ෂ ප්‍රතිපත්තියක්. මේ දෙකම එක ව්‍යවස්ථාවකට ඇතුල් කිරීමේ කිසිම කපටි කමක් නෑ. වරදවා වටහා ගන්න එපා. චන්ද්‍රිකා ශ්‍රී.ලං.නි.පක්ෂයේ නෙමේ. එයා ශ්‍රී.ලං.ම.පක්ෂයේ. ඒ පක්ෂේ දැන් තියෙනවද මම දන්නේ නෑ.

      Delete
    6. මමනම් දකින විදියට චන්ද්‍රිකා කියන කූට චරිතයට දේශපාලන ප්‍රථිපත්ති නැහැ. අවස්ථානුකූලව තමන්ගේ බලය රැක ගැනීම තමයි එකම ප්‍රථිපත්තිය උනේ. ඇත්තටම ෆෙඩරල් රටක් නිර්මානය කිරීම ඇයගේ උවමනාව උනා කියන අදහස ප්‍රතික්ශේප කරන්න බැහැ. ඒ උනත් විධායකය අත්හැරීමේ අවංක උවමනාවක් ඇයට නොතිබූ බවත් ඉතාම පැහැදිලියි. ඇය වැනි පුද්ගලයෙකුට ඡන්ද පොරොන්දු යනු වලංගු සාදකයක් ලෙස පිළිගත හැකිද?
      මමනම් ඇත්තටම ඇය ශ්‍රී. ල. නි. පයේ හෝ ශ්‍රී. ල. ම. පයේ කියා පිළිගන්නේ නැහැ. එසේ පිලිගැනීමට නම් පුද්ගලයෙකු තුල එම පක්ෂයට අවේනික වූ යම් ප්‍රථිපත්ති තිබිය යුතුයි.
      ඇය සතුව තිබූ ප්‍රථිපත්ති ලෙස හඳුනා ගත හැකි වූ යමක් වෙන්කොට ගත හැකිදැයි කියා හෝ මානම් නොදනිමි.

      Delete
    7. මෙතන ලංකා සී නිවුස් නොවන නිසා නරක වචන කතා නොකර ඉමු නේද...

      Delete
    8. ඔව් ඔව්!
      ඒක නම් හොඳ අදහසක්.

      Delete
  9. මහින්ද: තිස්ස තිස්ස !!
    තිස්ස: මේ එනෝ ...

    ReplyDelete
    Replies
    1. හොඳ උත්සාහයක් !

      මහින්ද රාජපක්‍ෂ: තිස්ස තිස්ස !!!
      තිස්ස අත්තනායක: මේ ආවා ස්වාමීනි.
      මහින්ද රාජපක්‍ෂ: කෝ තිස්ස මුවා ?
      තිස්ස අත්තනායක: #$@$$@!!!

      Delete
    2. තිස්ස: හික්.. හොඳ හොඳ දඩයම් - හිටං - එළි වෙන ජාමෙට, ස්වාමීනි !

      Delete
  10. ඔබ තුමාගේ කතා විලාසය නරක නෑ. හැබැයි දිග වැඩියි.
    මම විදුලි බිල ගැන ප්‍රශ්නයක් ඇහැව්වා, උත්තර නෑ. මෙහෙමනම් හරි යන්නේ නෑ. මීට වඩා වැඩි කැප කිරීමක් කරන්න වෙයි සාර්ථක බ්ලොගයක් කරන්න නම්.
    මම සුබ පතනවා හොඳ අනාගතයකට, මොකද දැන් කාලේ බ්ලොග් කියල තියෙන ගොඩක් පල් හෑලි වලට වඩා මේක හොඳයි.

    ReplyDelete
    Replies
    1. කෞ,
      ඔබෙන් සමාව යදිමි. මෙය ඔබ කියවන බව විශ්වාසයි.

      Delete
  11. අයියෝ කනිෂ්ක!
    ලිපිය ඩිලීට් නොකර යාවත්කාලීන කරන්න තරම් ධෛර්යක් තිබීම ගැන සන්තෝෂයි!

    ReplyDelete
    Replies
    1. ඔබ එසේ කියන්නේ ඇයි?

      Delete
    2. අතීත අත්දැකීම් විතරක් සැලකිල්ලට අරගෙන කරපු භයානක විග්‍රහයක්. අපි යමක් පුරෝකථනය කරන්න යද්දි අතීතයේ මෙසේ සිදුවුනා යයි කියන දත්ත පමණක් සලකා බැලීම නුවණට හුරු නෑ (දේශපාලන අරමුණින් තක්කඩිකමට කරන්නෙ නැතිනම්)

      Delete
    3. මෙය භයානක විග්‍රහයක් බවනම් සැබෑය. ලියා අවසන, පුනරුක්ති දොස් ද දිටිමි. එහෙත් ඉවත් කිරීම අසාධාරණ යැයි හැඟිනි.

      එහෙත්,
      අතීත අත්දැකීම් සහ අපගේම නිර්මාණ ශක්තිය (imagination) මිස මෙවැන්නක් ලිවීමට අපට වෙනත් සහයක් නැත. සමහරුන්ට, සමහර රජයේ ආයතන නිලධාරීන්ට, නම් ඔත්තු (insider information) ලැබේ.

      මෙය කියවීමේ දී කිසියම් තක්කඩි කමක් ඔබ හඳුනා ගත්තේද ?

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !