Monday, September 15, 2014

සරසවිගතවීම සහ ආරණ්‍යගතවීම

වැඩි කතාවක් ඕනේ නෑ, අද දෙතිස් කතාවේ පල වෙන්නේ කතාවක්වත් නොවන නිසා. විස්තර කරන්න ගියෝතින් මේ මුලු ලිපියම පලක් නෑ. ඒ නිසා කෙළින්ම කාරණේට බහිමු. පහත දැක්වෙන රචනය සරසවි සිසුවෙකුගේ බව පමණක් මෙහිලා සඳහන් කරමු.

ජිවිතාවබෝධය



Two monks
ආරණ්‍යගත වීම
බල්ලාගේ සහ පූසාගේ
වෙනස් කම් දකින අප
මුලු දිවිය පුරාම
වෙනස්කම් සොයන්නෙමු
එය මහා උගත් කමක් ලෙස දකින්නෙමු

නමුත්

බල්ලාගේ, පූසාගේ
පමණක් නොව
තමන්ගේද,
ලෝකයේද (පෘතුවිය යන පටු අර්ථයෙන් නොව ලෝකය යැයි පැවසූ විට සියල්ල එහි අන්තර්ගත බව සිතිය යුතුයි.)
සමානකම:

ඔබ නුදුටුවේද:

    අනිත්‍යතාවයි !

මා අනිත්‍ය වූ කල එය ඔබ මම ලෙස
ගැනීම යුතුද ? අනිත්‍ය නම් දුක
මිස වෙන කුමක් එහි වේද ?

මේ සියල්ල පැවසුවේ
සරසවි ගතවීම ජයක් ලෙසත්,
ආරණ්‍ය ගතවීම මෝඩ කමකැයි සිතා,
ආරණ්‍යගතවන සරසවි සිසුනට

    ගරහන,
    කරුණු පහදන,
    බණින,

ඔබට සිතීමටයි.

ඔබට ඔහුට පහදා දීමට කිසිවක් නැත...
ඔහුට ජිවිතාවබෝධයට නිදහස දෙන්න.........



24 comments:

  1. මේ ලිපිය දුටු තැන් පටන් මා එහි මාතෘකාව කියැවූයේ "සසරගතවීම් සහ ආරණ්‍යගත්වීම" ලෙසිනි

    ලිපිය දෙවරක් කියැවූවාට පසු මාතෘකාව නිවැරදිව දිටිමි.

    වරදක් නැහැ, සරසවිගතවීමත් එක්තරා ආකාරයක සසරගත්වීමක්ම කියල තමයි මේ ලිපියෙන් කියන්නේ

    ReplyDelete
    Replies
    1. සරසවිගත වීම 100% ම සසරගත වීමම තමා සිතුවිළි. ඒ සමගම සරසවිගත නොවීමත් 100% ම සසරගත වීමක් බව සඳහන් කළ යුතු වේ.

      එසේම සරසවිගත වීම ආරණ්‍යගත වීමට බාධාවක් ද නොවේ. සරසවිගත නොවීම ආරණ්‍යගත වීමට උදව්වක්ද නොවේ.

      ඉහත කරුණු සතරම සත්‍යයයි. එහෙත්...
      සරසවි සිසුවා මේ රචනාව කර ඇත්තේ සරසවිගත වූවෙක් ආරණ්‍යගත වීමට කළ තීරණයක්‌ හමුවේ ඔහුගේ සමීපතමයන් හැසිරුණ ආකාරය ගැන ඔහුගේ සිතේ පහල වූ සංකල්පනාවයි.

      Delete
    2. ඇත්තෙන්ම ඒ අදහස හරි.

      Delete
  2. මේ ලිපිය කියවනවිට මට හැඟුනේ, දහම ගැන අල්පේච්චතාවය ගැන, සසර බිය ගැන, නිවන් මග ගැන, නිතර දොඩන අප,
    අපගේ දරුවන් සරසවි ගත වන විට ලොවක් ජය ගත්තාසේ සතුටුවන අප, දරුවන් කෙරෙහි ලොවක් සිහින දකින අප........
    ඇත්තෙන්ම සිටින්නේ කොතැනද?

    ReplyDelete
    Replies
    1. අප ඇත්තෙන්ම සිටින්නේ සිටිය යුතු තැනයි. එහෙත් ඒ බව තීරණය කිරීම එකිනෙකා (තම තමා) සතු කාර්‍යයකි. අප කරන-කියන දේ සංගත වන්නේ නම්, මේ ගැන ගැටළුවක් නැත.

      පෙර දුන් කරුණු සතර මෙහිදී ද සැළකුවමනාය. ඔබේ දරුවා සරසවිගත වීම ඔබට සතුටට හේතුවක් නම් එහි වැරද්දක් නැත.

      Delete
    2. ඔව්, අප සිටින්නෙ සිටිය යුතු තැන තමා, ඒ තැන නිවැරදිව වටහා ගැනීම ඉතාමත් ඵලදායකයි.

      Delete
  3. මෙය ලියා ඇත්තේ සරසවි සිසුවෙක් ලු !
    මට අසන්නට සිතෙන්නේ "උඹ මොකද ඔතන කරන්නේ" කියායි.
    එහෙත් ඇත්ත කතාව නම්, මේ කවි සංකල්පනාව අප සසල කරන බවයි. හිතට එකඟව තමන් සසල නොවී සිටින බව කිව හැක්කේ කාටද ?

    ReplyDelete
    Replies
    1. මෙය අප සසල කරන සංකල්පනාවක් බව සත්‍යය වේ.
      විශේෂයෙන් අන්තිම කොටස:
      සරසවි ගතවීම ජයක් ලෙසත්,
      ආරණ්‍ය ගතවීම මෝඩ කමකැයි සිතා,
      ආරණ්‍යගතවන සරසවි සිසුනට

      ගරහන,
      කරුණු පහදන,
      බණින,

      ඔබට සිතීමටයි.

      ඔබට ඔහුට පහදා දීමට කිසිවක් නැත...
      ඔහුට ජිවිතාවබෝධයට නිදහස දෙන්න.........

      Delete
  4. මට හිතෙන්නේ...
    සරසවි සිසුවා,
    මැද්දට පැනලා,
    මෙහෙණින් වහන්සේගේ,
    කට වැසුවා...............

    ReplyDelete
    Replies
    1. මෙහෙණින් වහන්සේලා දොඩමලු කර තබා ගැනීමේ වගකීම ඔබලාට බාරයි !

      Delete
  5. ඔව් ඒ කථාව ඇත්තකියලා මටත් හිතුනා.

    ඒ එක්කම මේ බ්ලොගයේ කෙනෙක්යම් අදහසක් පල කලාම ඒක කියවපු අය අඩු ගනනේ :) වගේ සංකේතයකින් හරි පිළිතුරු දෙනවනම් ඒක කොයි තරම් අගෙයිද.
    නැතිනම් නිකන් ගස් ගල් වලට පිළිතුරු දෙනවා වගේ. හරිම හිස් හැඟීමක් ඇති වෙනවා.

    ReplyDelete
  6. මිතුරණි,
    නොවැළක්විය හැකි හේතුවක් නිසා දින කිහිපයක් ප්‍රතිචාර දැක්වීමට නොලැබෙන බව සිතට ගන්න. එසේම ඒ ගැන සමාව භජනය කරන්න.
    ඔබ සැමට තෙරුවන් සරණයි !

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් අහන්න හැදුවා විතරයි.
      ගුරුතුමා අතුරුදහන්.

      Delete
    2. මෙතුමාද ඔබේ පිංවත් ගුරුතුමා...?
      එතුමාගෙනුත් පැහැදිලි කිරීමක් ගත්තොත් නම් හොඳයි.
      පටිච්ච සමුප්පාදය ඇසුරින් මා මතුකල අදහස හා එයට සුමණ්බෝධි හිමියන් කර ඇති පැහැදිලිකිරීම ගැන ඔබගේ අදහස් පල කලොත් යහපතියි සිතමි.
      මේ කියන පිළිතුර අර දෙවරක් මැරෙණ වර්ගයේ පිලිතුරක්මද?

      Delete
  7. ජොසෙෆ්, ඔබේ ප්‍රශ්නය 'ඨිතිය’ ගැන නම්,
    ඊට පඤ්ඤත්ති යන පිළිතුර දෙමි.

    මෙය මහා අමාරු ප්‍රශ්නයක් නොවේ.
    "උප්පාදෝ පඤ්ඤායති. වයෝ පඤ්ඤායති..." යන්න ගැන වැඩිදුර සොයා බලන්න.
    ---

    සිතුවිළි, ඔබේ ප්‍රශ්නය පැහැදිලි නැත.

    ReplyDelete
    Replies
    1. අකලට වට මහ වරුසාවක් සේ ...
      පමා වෙලා ලැබූ සුබ පැතුමක් සේ ...

      Delete
    2. අකලට වට මහ වරුසාවක් සේ ...
      අසුබ දිනක ආ සුබ පැතුමක් සේ ...

      නිරංජලා සරෝජිනිය ගායනා කරන අපූරු ගීයක්.
      අබේවර්ධන බාලසූරිය (ඇගේ ස්වාමයා) ගේ අභාවයෙන් පසු නිරංජලා ගී ගැයීම නැවැත්වූ බව දන්නවා ද?

      http://youtu.be/boCZCf7sG_U

      Delete
    3. අයියෝ සල්ලි.... !!!
      මම මතක් කරලා කරලා කරලා කරලා ලිව්වා ..හික් !
      මම මේ වෙනකම් හිතාගෙන හිටියේ,
      අකලට වට මහ වරුසාවක් සේ ...
      පසුව දිනක ආ සුබ පැතුමක් සේ ...
      කියලා.
      ඒ නිසයි, හරි පදේ අමතක නිසා ලඟින් යන්න ලිව්වේ.
      අයියෝ සල්ලි !

      Delete
    4. කණිෂ්ක,
      මා ඔබට එවූ වදන් වැරදියට කියන ගී පද පෙලට එක් කල හැකි තව අපූරු ගීපදයක් නේද..//
      හික් ...... හික්....

      Delete
    5. සිතුවිළි,
      ඔබ එවූ ගී පද හා අහලකින් තැබීමට මේ ජොසෙෆ් ගේ පද පෙළ සමත් නැත.
      ගයන්නේ නම් එවැනි ගී ගැයිය යුතු - නැතිනම් නිකං සිටිය යුතු.

      Delete
    6. ඒ ගී පද වැල් ටික එකතු කරලා තව තව දේවලුත් දාලා ලිපියක් සකස් කරමුද. මුල් එකතුවේ අයිතිකරු අපි නොහඳුනනවා උනාට ඒක පොදුවේ පල කරලා තිබුනුඑකක් නිසා මෙහෙම භාවිතා කරනවාට ඔහු විරුද්ධ වෙන එකක් නැහැ.

      Delete
    7. සළකා බලමු නේද?

      Delete
    8. ඔව් ඔබතුමා කැමැති නම් ඒක පොඩි විනෝදාත්මක අත්දැකීමක් වේවි.

      Delete