Monday, September 8, 2014

අග්‍ර ශ්‍රාවිකාවෝ

දසබෝධිසත්තුප්පත්තිකථාව බොහෝ සාකච්ඡාවන්ට ප්‍රස්තුත විය. අසංඛ්‍ය යනු කවරක්ද, කල්පය යනු කවරක්ද, ආදී සුවිශේෂ ගැටළු ගණනාවක් ඉහත ලිපිය විසින් ඇති කෙරිණි. මේ ලිපිය ඒ ප්‍රශ්න වලට ශක්ති පමණින් පිළිතුරු සැපයීම පිණිස ගත් ඇරඹුමකි.



මෙහෙණින් වහන්සේලා
ගෞතම සම්මාසම්බුද්ධ සාශනයේ මෙහෙණිසස්න පිහිටවූ උතුම් බිනර පුර පසළොස්වක පෝ දිනය අදයි. මේ පෝ දිනය පිළිබඳ වැදගත් කරුණු මීට දෙවසරකට පෙර පල කෙරුණු බිනර පුර පසළොස්වක පෝය යන ලිපියේ අඩංගු වේ.

ගෞතම සම්මාසම්බුද්ධ සාශනය පමණක් නොව ඊට පෙර පහල වූ සම්බුද්ධ සාශන වලත් පසුව අනාගතයේ පහල වන සාශන වලත් මෙහෙණි සස්න පවතින බව බුද්ධ වංශ දේශනා වලින් පෙනේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ඛේමා - උප්පලවන්නා දෙනම අග්‍ර ශ්‍රාවිකා ලෙස පත් කර වදාළ අයුරින් තමන් වහන්සේලා ගේ සස්නේ මෙහෙණින් වහන්සේලාට නායකත්වය දීම පිණිස සෑම සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමක්ම අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේ ලා නම් කර වදාළත්. අද ලිපියෙන් අප ඒ පුරාණ අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා ගැන දැන ගනිමු.

සූවිසි බුදුරජාණන් වහන්සේලා ගේ අග්‍ර ශ්‍රාවිකාවෝ

දීපංකර (දීපඞකර) සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පටන් කාශ්‍යප සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ දක්වා පහල වූ බුදුරජාණන් වහන්සේලා විසි හතර නම සූවිසි බුදුවරු ලෙස ගැනේ. අනතුරුව අප ගෞතම බුදුරජාණන් වහන්සේත් අනාගතයේ මේ මහා භද්‍රකල්පයේදීම මෛත්‍රිය බුදුරජාණන් වහන්සේත් පහල වෙත්. ඒ ඒ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකා මෙහෙණින් වහන්සේලාගේ නාමයන් පහත දැක්වේ.
#සම්බුදුරජාණන් වහන්සේගේ නමදකුණත් ශ්‍රාවිකා | වමත් ශ්‍රාවිකා
සාරමණ්ඩ නම් කල්පය
1දීපඞකර සම්මා සම්බුදු රජාණන් වහන්සේනන්දා | සුනන්දා
සාර නම් කල්පය
2කොණ්ඩඤ්ඤ සම්මා සම්බුදුරජාණන් වහන්සේතිස්සා | උපතිස්සා
සාරමණ්ඩ නම් කල්පය
3මඞගල සම්මා සම්බුදුරජාණන් වහන්සේසීවලා | අසෝකා
4සුමන සම්මා සම්බුදුරජාණන් වහන්සේසෝණා | උපසෝණා
5රෙවත සම්මා සම්බුදුරජාණන් වහන්සේභද්දා | සුභද්දා
6සෝභිත සම්මා සම්බුදුරජාණන් වහන්සේනකුලා | සුජාතා
වර නම් කල්පය
7අනෝමදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේසුන්දරී | සුමනා
8පදුම සම්මා සම්බුදුරජාණන් වහන්සේරාමා | සුරාමා
9නාරද සම්මා සම්බුදුරජාණන් වහන්සේඋත්තරා | ඵග්ගුනී
සාර නම් කල්පය
10පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේඅමිතා | අසමා
මණ්ඩ නම් කල්පය
11සුමේධ සම්මා සම්බුදුරජාණන් වහන්සේරාමා | සුරාමා
12සුජාත සම්මා සම්බුදුරජාණන් වහන්සේනාගා | නාගසමාලා
වර නම් කල්පය
13පියදස්සි සම්මා සම්බුදුරජාණන් වහන්සේසුජාතා | ධම්මදින්නා
14අත්ථදස්සි සම්මා සම්බුදුරජාණන් වහන්සේධම්මා | සුධම්මා
15ධම්මදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේඛේමා | සබ්බනාමා
සාර නම් කල්පය
16සිද්ධාර්ථ සම්මා සම්බුදුරජාණන් වහන්සේසීලවා | සුරාමා
මණ්ඩ නම් කල්පය
17තිස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේඵුස්සා | සුදත්තා
18ඵුස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේසාලා | උපසාලා
සාර නම් කල්පය
19විපස්සි සම්මා සම්බුදුරජාණන් වහන්සේචන්ද්‍රා | චන්දමිත්තා
මණ්ඩ නම් කල්පය
20සිඛි සම්මා සම්බුදුරජාණන් වහන්සේඅඛිලා | පදුමා
21වෙස්සභූ සම්මා සම්බුදුරජාණන් වහන්සේදාමා | සමලා
මහාභද්‍ර කල්පය
22කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේසාමා | චම්පා
23කෝණාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේසමුද්දා | උත්තරා
24කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේඅනුලා | උරුවෙලා
*ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේඛේමා | උප්පලවන්ණා
1*මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේපදුමා | සුමනා
මූලාශ්‍රය: සද්ධර්මරත්නාවලිය
ශ්‍රී ගෞතම සම්මා සම්බුද්ධ සාශනයේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස අතුරින් වර්තමාන සමය වන විට භික්‍ෂුණි පිරිස අතුරුදහන් වී ඇත. ථෙරවාදී බෞද්ධ රටවල් කිසිවක මේ වන විට ජීවමාන භික්‍ෂුණී උපසම්පදාවක් නොපවතී යැයි කියනු ලැබේ. එහෙත් මහායාන රටවල කිසියම් ආකාරයේ භික්‍ෂුණී උපසම්පදාවක් පවත්වාගෙන යන බව පෙනේ. ඒ රටවලින් භික්‍ෂුණී උපසම්පදාව ආනයනය කිරීමේ පර්යේෂණ ගැනද කණින් කොණින් අසන්නට ද ලැබේ.

එසේ වුව, අද ලංකාවේ කසාවත් දරාගෙන පැවිදි ජීවිත වලට ඇතුලත්ව සිටින්නියෝ හැඳින්වෙන්නේ දසසිල් මෑණිවරු නමිනි. ඔවුන් වෙනුවෙන් ආශ්‍රම පිහිටුවා තිබේ, එසේම අධ්‍යාපනය සඳහා ද පහසුකම් සළසා තිබේ. එහෙත් එදා බුද්ධ කාලයෙන් සියවස් කිහිපයකට පසු දඹදිව කාන්තාවගේ තත්ත්වය පහලට ඇද වැටුණේ යම් සේ ද අද දසසිල් මෑණි වරුන්ගේ තත්ත්වය ද එතරම්ම සෝචනීය නැතත් පවතින්නේ හොඳ තත්වයක නොවේ. විශේෂයෙන් කතෝලිකාගම අදහන කන්‍යා සොයුරියන් කියා හඳුන්වන ඒ සංස්ථාවටම අයත් මඩම් වල වෙසෙන අනගාරික කාන්තාවන් හා සසඳන කළ මේ බෞද්ධ රටේ සිල් මෑණිවරුන්ට ලැබී ඇති තැන සංවේගය දනවයි.

මෙය සකසා ගැනීමට, එනම් දසසිල් මෑණි වරුන්ට ලැබිය යුතු සමාජ පිළිගැනීම සහ ගෞරවය ලබා දීමට, බලවත් සංඝ පිතෘ වරුන් වහන්සේලා ඇතුළු සියලු සත්පුරුෂයින් විසින් සිහියට ගත යුතු !

පසු සටහන:
  • පදුම බුදුරදුන්ගේ අග්‍රශ්‍රාවිකාවන් රාධා සුරාධා නම් මෙහෙණින් වහන්සේලා බව වෙනත් මූලාශ්‍ර වල දැක්වේ.†

25 comments:

  1. හ්ම්...
    ටිකක් වෙනස් ආකාරයක ලිපියක්.

    ReplyDelete
  2. වෙනස් ලිපියක් තමයි.
    මම අහලා තියෙනවා උපසම්පදා භික්ෂුනී ශාසනය නොපවතින නිසා ගැහැණුන්ට නිර්වාන අවබෝධය මෙ සසුන තුල ලැබිය නොහැකියි කියලා.
    හැබැයි ඉතින් මේ ආත්මේ මැර්ලා ලබන ආත්මේ පිරිමියෙක් වෙලා මේ සසුන වැනසෙන්නට කලින් උපදින්නට හැකි උනොත් පුළුවන් වේවි.
    මේ අදහස ගැන මුකුත් දන්නවාද?

    ReplyDelete
    Replies
    1. "උපසම්පදා භික්ෂුනී ශාසනය නොපවතින නිසා ගැහැණුන්ට නිර්වාන අවබෝධය මෙ සසුන තුල ලැබිය නොහැකියි" යනු මුලාවකි.

      උපසම්පදාවට අද ආරෝපණය කර ඇති තරම් වටිනාකමක් තිබිය යුතු නොවේ. ඇත්ත කරුණ නම් බුදුසසුන පිහිටුවා බොහෝ කලක් යන තෙක් උපසම්පදාවක් තිබුණේ ද නැත. උපසම්පදාව ලෞකික ආභරණයකි. ලෝකෝත්තර සැපත හෙවත් නිර්වාණය උදෙසා ඉන් ලැබෙන යහපතක් නැත.

      පස්වග තවුසන්, යස කුලපුත්‍රයා සහ පිරිස, භද්ද වග්ගිය කුමාරවරු පමණක් නොව තුන් බෑ ජටිල පිරිසත් එසේම අග්‍ර ශ්‍රාවක දෙනම ඇතුළු පිරිස ආදී පළමු ශ්‍රාවක කිසිවෙක් දැන් පවතින ආකාරයේ උපසම්පදාවක් නොලැබූහ. විධිමත් ලෙස උපසම්පදාව හඳුන්වා දීමෙන් අනතුරුව ඒ පැරණි ශ්‍රමණයන් වහන්සේලා උපසම්පදා ලැබූ ලෙස සැළකිණි. මෙය වර්තමානය අතීතයට සාධාරණීකරණය කිරීමකි.

      උපසම්පදා ගැන ඒ කතාව අනවශ්‍ය විස්තරයකි. කෙසේ වුව, අපට කීමට අවශ්‍ය වන්නේ, කාන්තාවකට විමුක්තිය ලැබීම ලබන ආත්මය වන තෙක් සිටීමට අවශ්‍ය නැති බවත්, එය කපටි මෙහෙණකගේ හෝ මෝඩ මහණෙකුගේ හෝ ප්‍රකාශයක් බවත් ය. කිසියම් කාන්තාවකට උපසම්පදා මහණෙක් වීමේ "දොලදුකක්" ඇත්නම් අප කියන දේ වලංගු නැත.

      Delete
    2. කණිෂ්ක,
      මෙය මා තුල වූ ප්‍රශ්නයකි. උපසම්පදාව හා භික්ෂූත්වයෙහි ඇති බැඳීම. ඇත්තටම ගුරු භික්ෂුවකගෙන් උපසම්පදාවක් නොලබා කෙනෙකුට සැබෑ මහණ දම් පිරිය නොහැකිද?
      අද සිටින යම් කිසි සිල් මෑණීන්වහන්සේ කෙනෙකු භික්ඛුනී විනය එලෙසම රකිනවානම් නිර්වාන අවබෝධයම අරමුණු කොට වෙසෙනවානම් උන් වහන්සේ සැබෑ මෙහෙනක ලෙස පිළිගැනීමෙහි ඇති වරද කුමක්ද?
      ඔබ මේ ගැන ඉතා හොඳින් පිළිතුරු ලබා දී ඇත.
      කිසියම් කාන්තාවකට නිර්වානාවබෝධය ලැබිය යුතුනම් එයට ලබන ආත්මය තෙක් සිටිය යුතු නැත යන්න මාගේත් අදහසයි. සැබෑ අරමුණ ඇතිකෙනාට වැදගත් විය යුත්තේ ධම්ම විනය මිස අවශේශ කාරනා නොවේ.
      සැබැවිනම නිවන අරමුණු කරන්නෙකුට භික්ෂූන අතර වූ උපසම්පදාව අනුව වැඩිහිටිකම සැලකීම යන කාරනය පවා අවශේශ කාරනයකියි මා සිතමි

      Delete
    3. සැබෑය.

      විමුක්තිය හෙවත් නිර්වාණය වනාහී තම තමා තනි තනිව තම තමා වෙතටම පමුණුවා ගත යුතු ධර්මතාවයකි. උපසම්පදා ඈ බාහිර ආටෝප ඊට කිසි සේත් උපස්තම්භක නොවේ. හැරත් උපසම්පදාවෙන් නියමිත කලක් (දස වසක්) ඇවෑමෙන් ලැබෙන්නා වූ ස්ථවිර, මහා ස්ථවිර ආදී නාම රාශියකි. ඒවා කෙරේ උපාදාන ඇති කරගෙන කටයුතු කිරීමත් විමුක්තියට බාදක වේ. මේ හැර අසුවල් දිසාවේ සංඝ නායක, අධිකරණ සංඝ නායක ආදී දෙලොවටම වැඩක් නැත්තා වූ තනතුරු නාමද, ශාස්ත්‍රපති, පණ්ඩිත අග්ගමහා පණ්ඩිත ආදී උපාධි ද බොහෝ වේ. මේවායේ කෙළවරක් ඇත්තේ නැත. වතිකානුවේ ප්‍රධාන සංඝ නායක කෙනෙක් පමණයි අඩු !

      උපසම්පදාව පසුව කී තනතුරු හා සම නොවුණත් විමුක්තිය අරමුණු කරන යෝගාවචරයා කෙරේ එහි ඇති තීරණාත්මක වැදගත් කමක් නැත.

      Delete
  3. 8. පදුම සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාමා | සුරාමා
    11. සුමේධ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාමා | සුරාමා
    අතපසු වීමක්ද, නැත්නම් කතා වෙලා කල දෙයක්ද ?

    ReplyDelete
    Replies
    1. මේ අතපසු වීමක් නොවේ. අප තෝරා ගත් උපුටනයේ පැවතුනේ මෙසේය. රාධා, සුරාධා යනු පදුම බුදුරදුන්ගේ අග්‍ර ශ්‍රාවිකාවන් බව වෙනත් මූලාශ්‍ර වල සඳහන් වේ.

      Delete
  4. දැනට ලංකාවේ සිටින මෙහෙණින් වහන්සේලා වැඩි පිරිසක්ම ආගම වෙනුවෙන් කසාවත රකිනවා නොව වියපත් වන විට ජිවත් වන්න දරන උත්සහයක් බව පැහැදිලිව අපිට දක්නට ලැබෙනවා. පිළිවෙත් රකින්න වත් අවබෝදයක් කොහෙන්ද ජිවිතයේ සැදෑ සමයේ කසාවත පොරවා ගත් කල?

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් අපහාස !
      අයියෝ සල්ලි !!

      "දසසිල් මෑණි වරුන්ට ලැබිය යුතු සමාජ පිළිගැනීම සහ ගෞරවය ලබා දීමට, බලවත් සංඝ පිතෘ වරුන් වහන්සේලා ඇතුළු සියලු සත්පුරුෂයින් විසින් සිහියට ගත යුතු ..." --- හික් !!!

      Delete
    2. ඇත්ත, පන්සල් ලඟ රුපියලක් දෙකක් සිඟන කසාවත් පෙරැවූ ගැහැනුන් රකින වත කුමක්ද?
      ඔවුන්ගේ හැසිරීමෙන් සැබැවින්ම සසුන හෑල්ලුවට ලක් වීම මිස සසුනට වන අර්ථයක් නම් නැත.
      අද පවතින මේ කසා වත් පෙරැවූ බොහෝ කතුන්ගේ සංගමය සුරැකීමට සංඝ පීතෲන් වහන්සේලාට කල හැකි යමක් වේදැයි මා නම් නොදනිමි.
      මොවුන් තමන් දරන කසාවත නිසාම ඛේමා උප්පලවන්න වැනි අග්‍රශ්‍රාවිකාවන්ටත්, සිව්වනක් පිරිසගේම මහත් ගෞරවාදරයට පත් යශෝධරා ප්‍රජාපතී වැනි අරහත් තෙරනියන්හටත් කරන්නේ මහත්ම අගෞරවයකි.
      මෙන්න මේ තත්වය වැලකීමට සංඝ පීතෲන්හට යමක් කල හැකිනම් එය මහත් වූ සාසන කාරියකි.
      සැබැවින්ම සසර බිය දැක කසා වත් පෙරැවූ ස්ත්‍රියක් වේ නම් ඇයටද කරනා වූ මහත්ම සෙවයකි.

      Delete
    3. "මෙහෙණියක වී සසර කතරින්
      එතෙර වන්නට පාරමී පුරනා,
      ඔබ පෙම්වතියක ලෙසින් එදා මා ...
      "

      මේ වගේ සිංදුවක් මම ගොඩක් ඉස්සර අහල තිබුණා. මම හිතන්නේ නාමල් උඩුගම කියන ජනකාන්ත ගායකයා තමයි කියන්නේ.
      හොඳට කියනවා.. හික් !

      Delete
    4. ආ ඔය අර නොයෙකුත් වී වර්ග ගැන සිංදු කියපු හාදයානේ
      මම වී ගොවිතැන ගැන වැඩි උනන්දුවක් නැති නිසා එයාගෙ සිංදු අහලා නැහැ.

      Delete
    5. හික් !
      තනි වී...

      Delete
    6. ඇයි ඔය උඩ සින්දුවෙත් තියෙන්නේ
      සසර කතරින් එතෙර වෙන්නට නම් කන්න ඕනෑ වී වර්ගය
      මෙහෙණියක "වී"

      Delete
    7. හරි හමන් ගීතයක් නොගැයූ මුත් නාමල් උඩුගම මහතා අනන්‍යතාවයක් සහිත සැබෑ ගායකයෙකි. ඔහු අනුන්ගේ ගී හොරකම් කළේවත්, ප්‍රසංග වල ගයා මුදල් ඉපැයුවේවත් නැත. ඒ හැරත් ඔහු ගායකයෙක් වූයේ ස්ව-ශක්තියෙනි; අද මෝඩ චූන් තරුණ තරුණියන්ගේ SMS වලින් ඔසවා තබන බලවත් මාධ්‍ය ජාල වල රූකඩ මෙන් නොවේ.

      ඔහුට මෙවැනි අපහාස කිරීම යුතු නැත.

      Delete
    8. කණිෂ්ක,
      අදාල ගායකයාට අපහාසයක් කිරීමට සිතුවේවත් නැත. මේ වී කථාව ඔහු ඉතා ජනප්‍රිය තලයේ සිටි කාලයේ තිබූ කතාවකි. මට ජෝසප් විසින් එම ගායකයා සිහි කල විට එම පැරණි කථාව සිහිවූ නිසා සරළව විහිලුවක් කලෙමි.
      එය පුද්ගලයෙකුට අපහාසයක්ය කියා ඔබ සිතනවානම් කරුනා කර එය ඉවත්කර දමන්න. මාගේ කිසිදු විරෝධතාවයක් නොමැත.
      එසේම මා ඔහුගේ ගීත ප්‍රිය නොකලත් කිසිම දිනෙයක ඔහු මා අප්‍රිය කල ගායකයෙකුද නොවීය (සැබැවින්ම මා තදින් අප්‍රිය කරනා වූ සිංහල ගීත ගැයූ ගායකයන්ද වෙති )
      මාගේ සරළ විහිළුව කිසිවෙකුට චිත්ත පීඩාවක් පිනිස නොවේවා.

      Delete
    9. කණිෂ්ක,
      සින්දුව හා ගයකයා පසෙක දමා, ඉහත බිංදු මතුකොට ඇති ප්‍රෂනය හමුවේ කෙරුනු කථා බහට ඔබගේ දායකත්වය හැකිනම් දෙන්න.
      භික්ෂුණී යන කුලකය අද සිඟන ගැහැනුන්ගේ තත්වයට වැටීමට හේතු හා එය ඔසවා තැබීමෙහි වගකීම කාගේද?
      පිඬුසිඟා යාම සිඟන කමක් කොට නොතකමි, එසේම සිරුර පෝෂණය පිණිසම පිඬුසිඟන භික්ෂුනීන්ද නැත.

      Delete
  5. "දැනට ලංකාවේ සිටින මෙහෙණින් වහන්සේලා වැඩි පිරිසක්ම ආගම වෙනුවෙන් කසාවත රකිනවා නොව වියපත් වන විට ජිවත් වන්න දරන උත්සහයක් බව පැහැදිලිව අපිට දක්නට ලැබෙනවා. පිළිවෙත් රකින්න වත් අවබෝදයක් කොහෙන්ද ජිවිතයේ සැදෑ සමයේ කසාවත පොරවා ගත් කල?" යනුවෙන් බිංදු පවසා තිබේ.

    මෙය තමන් දුටු මෙහෙණින් (සිල් මෑණි වරු) කිහිප දෙනා සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණයක් වර්තමාන සමස්ත මෙහෙණි සංහතියටම සාධාරණීකරණය කිරීමක් බව පෙනේ. එසේ කිරීම සුදුසු නැත. මෙහෙණින් මහණන්ට සාපේක්‍ෂව ලාභ-ප්‍රයෝජන සම්බන්ධයෙන් සැලකූ කල සිටින්නේ ඉතාම අවාසිදායක තත්වයක බව මෙහිදී සඳහන් කළ යුතුය. ඒ අපගේ පෞද්ගලික අදහසයි. පෞද්ගලිකව තමන් උදෙසා කැපකරු පවුලක් සොයා ගැනීමට (මෙය සල්ලිකාරයෙක් රවටා ගැනීමට ලඝු නොකළ යුතුය) හෝ දායක පිරිසක් සහිත මෙහෙණවරකට සම්බන්ද වීමට හෝ නොලැබුණොත් ජීවිතය දුක්ඛිත වේ. එවිට ඉතුරු වන්නේ සිඟා යාම පමණි.

    මහළු වියේදී පැවිදි වීම නම් සැබෑ ප්‍රශ්නයකි. මේ අයගේ ඉවසීම අඩුය; මාන්නය අධිකය; සියල්ලටම වඩා මසුරු කම දැඩිය. මෙවිට සමගිය දෙදරයි. මෙන්න මේ හේතුව නිසා මෙහෙණින් වහන්සේලා එක තැනක වැඩි කාලයක් සිටීමට සමත් නොවේ. බොහෝ දෙනා උතුම් පිඩු සිඟා යාමට අවනම්බු කරමින් සල්ලි හිඟා කෑමට යොමු වන්නේ අධික මසුරු කම නිසාමය. රුපියල-දෙක එකතු කර පොට්ටනි ගැසීමයි සීලය හෙවත් වෘතය; ඇඳ කීයද, කොට්ට උරේ ඇතුලේ කීයද, අරයාට මෙයාට ණයට දුන් ගණන් කීයද කියා සිහි කිරීමයි සමාධිය; හෙටත් මම මිනිස්සු මෙහෙම රවටනවා කියා සිතීමයි ප්‍රඥාව.

    මේ කීවේ මෙහෙණින් වහන්සේලා සිඟන්නියන් බවට පත් වීම ගැනයි. එහෙත් බොහෝ විට වෙන්නේ මෙහි අනික් පැත්තයි. එනම් වෘත්තීය සිඟන්නියන් වයෝවෘද්ධ වූ පසු සිවුරක් පොරවාගෙන පරණ වෘත්තියේම නිරත වීමයි.

    මේ සියල්ල මෙසේ වුවත් සමස්ත මෙහෙණින් වහන්සේලා ගැනම මේ කෝණයෙන් දැකීම සුදුසු නැති බව අවසාන වශයෙන් කියමු.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මමත් කියන්නේ.
      "කතෝලිකාගම අදහන කන්‍යා සොයුරියන් කියා හඳුන්වන ඒ සංස්ථාවටම අයත් මඩම් වල වෙසෙන අනගාරික කාන්තාවන් හා සසඳන කළ මේ බෞද්ධ රටේ සිල් මෑණිවරුන්ට ලැබී ඇති තැන සංවේගය දනවයි"

      Delete
    2. කණිෂ්ක,
      ඔබගේ මේ අදහස බොහෝම අගෙයි,
      මා දැක්වූ නිරීක්ෂනයට (සිඟන්නියන් බවට පත්වීම ) ගැන ඔබ දක්වන හේතූන් බොහොම සාධාරනයි. එය මඩ ගොහුරුවෙහි පනුවන් මතුවනවා වැනි ස්වභාවික සංසිද්ධියකි. එහෙත් භික්ෂූන් උදෙසා බොහෝම සංවිධිත ක්‍රමයක් ඇත. ඒ සඳහා නිකාය හා උප නිකාය 32ක් හා ඒවාට මහානායක හිමිවරුන් 32ක්ද ඇත. සෑම භික්ෂුවක්ම මින් එක් නිකායක ලියාපදිංචිවීමක් සහිත අතර ගුරු හිමියන් කව්ද ආදීලෙස අනෙක් භික්ෂූන්හට ඉතාපැහැදිලිවම සොයා බැලිය හැක.
      (මේ 32ට අයිති නැති ඒවාට තර්ජන ගර්ජන කරන ඇතැම් මාලිගා (අසපු ) වාසී භික්ෂූන්ද නැතිවා නොවේ )
      එහෙත් භික්ෂුනීන් සඳහා නායක භික්ෂුනියක් වේද? මේ ගැන පොදු වගකීම භාර ගැනීමට යමෙකු වේද?
      මෙහි යම් කිසි සංවිදාන ව්‍යුහයක් වේද?
      මා සිතන හැටියට ඕනෑම ගැහැණියකට චීවරයක් දරා සිඟා කෑමට බාධාවක් නැත.

      තව ටික දවසකින් මරක්කල ගැහැණුන්ද සිවුරක් හැඳ සිවුරු පොටින්ම හිස වසාගෙන පන්සලක් ලඟ තෙරුවන් සරණයි කියමින් සිඟාකනු ඇත.

      Delete
    3. මා සිතන හැටියට ඕනෑම ගැහැණියකට චීවරයක් දරා සිඟා කෑමට බාධාවක් නැත. - සිතුවිළි

      එය එසේමය.
      ඕනෑම ගැහැණියකට චීවරයක් දරා සිඟා කෑමට පමණක් නොව වෙනත් ඕනෑම දෙයක් කිරීමට ද ඒ හැටි බාධාවක් නැත. චීවරය බුදුරජාණන් වහන්සේගේ "සොයා ගැනීමක්" නොවේ. උන් වහන්සේ මගධ ක්‍ෂේත්‍රය පෙන්වා එහි ලියදි ඇති ආකාරයට සිවුරු කපා මසා ගැනීමට අනුදැන වදාළා පමණි. මෙයින් කියවෙන්නේ භික්‍ෂු භික්‍ෂුණි දෙපිරිස එසේ කඩ කොට කපා මසා ගත් සිවුරු වැළඳීම උචිත බවයි. ඒ හැර වෙන අයටත් එසේ ඇඳීමට සිතේනම් එය වැළැක්වීමට නොහැක.

      ඔබේ ප්‍රකාශයට එකතු කළ යුතු කරුණ නම් මෙය ඕනෑම ගැහැණියකට පමණක් නොව ඕනෑම පිරිමියෙකුට ද කළ හැකි බවයි. A. සෝභිත නම් ඩයල් එකක් ඔබට මෙහිදී සිහිපත් වනු ඇතැයි සිතමි.

      Delete
    4. තව ටික දවසකින් මරක්කල ගැහැණුන්ද සිවුරක් හැඳ සිවුරු පොටින්ම හිස වසාගෙන පන්සලක් ලඟ තෙරුවන් සරණයි කියමින් සිඟාකනු ඇත. - සිතුවිළි

      එසේ වේ නම් එහි වැරැද්ද පෙන්වා දෙන ලෙස ඉල්ලමි. හම්බ-මරක්කල-කොච්චි-ජා-මුක්කර-පරවර-සක්කිලි-ඇෆ්ගන්-බෝරා-කාපිරි-ලංසි ඈ ඕනෑම ගැහැණියක හෝ පිරිමියෙකු, සිවුරක් හෝ වෙනයම් වස්ත්‍රයක් ඇඳ (හෝ නොහැඳ), තෙරුවන් සරණයි කියමින්, සිඟාකෑම හෝ වෙනයම් ඔවුන්ට රුචි වූ වෙනත් කටයුත්තක හෝ යෙදේනම් එහි ආදීනව ඔවුන්ටමය. තෙරුවන් සරණයි යනුවෙන් නැවත නැවත නිතර නිතර කීම කුඩා මුත් කුසල කර්මයකි. කුසලය කුඩාය කියා නැත. වෙනත් මහා කුසලයක් නැති තැනෙක ඒ කුඩා කුසලයත් දෙලෝ වැඩ පිණිස සෑහේ.

      මෙය සමාජයීය වශයෙන් අකටයුත්තක් බව සැබැවි. එබැවින් ඊට සුදුසු ප්‍රතිකර්ම යෙදීම සමාජයේ වගකීමකි.

      Delete
    5. කණිෂ්ක,
      ඔබගේ පිළිතුර අගෙයි, සිතීමට පොළඹවන සුළුයි.
      ඔව් මාගේ අදහස ප්‍රකාශ වී ඇත්තේ වැරදි මූලාෂ්‍රයක සිටයි. එනම් චීවරය යනු බුදු දහමට පමණ්ක් ආවේනික වූවකි යන වැරදි මතයයි.
      එසේම ඒ අනුව ඕනෑම කෙනෙකුට බෞද්ධ භික්ෂු වේශයෙන් ජනතාව රවටාගෙන කෑම කිසිසේත්ම බාධාවකින් තොරව කරගත හැකි දෙයකි. මෙහිදී අප දෙදෙනාම සලකා ඇත්තේ භික්ෂූන් නොවන හුදු වේශධාරීන් ගැන පමණි. එහෙත් ඇතැම් විට නිවැරදිව මහන උපසන්පදා ලැබූවන් පවා එවන්වූ අයුරින් හැසිරෙන විට හුදු වේශධාරීන් ගැන කියන්නේ කුමටද?

      එහෙත් අද වන විට ලංකාවේ වඩා සංවිධිත භිඛ්ෂු සංස්ථාවක් ඇතැයි පෙනෙන අයුරින් කිව හැක. එහෙත් මේ ප්‍රෂ්න වලට පිළිතුරු නැත. ලැබෙන බවක් පෙනෙන්නේද නැත.

      ශ්‍රද්ධාවන්ත උපාසකයින් දිගින් දිගටම රැවටීමට ලක්වේ සැබෑ ධර්මධර විනය ධර භික්ෂූන් අවමානයට නොතකා හැරීමට ලක්වේ.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !