Saturday, June 7, 2014

කැතම ළමයා



ලස්සන උනහපුළුවක්
මනුෂ්‍යප්‍රාණීන් අලංකාර කිරීම පිණිසම නිමවා ඇති මෘදුකාංගයක් වෙයි. එය පින්තූර කඩේ යන අරුතැති Photoshop නමින් හැඳින්වේ. මේ වර්ගයේ එකම මෘදුකාංගය එයම පමණක් නොවුණත් ලෝකයේ ප්‍රධාන පෙළේ වෘත්තීය රැවටිලිකාරයින් විසින් කළු ගැහැණුන් සුදු කිරීම, සුදු ගැහැණුන් නෙත්කළු කිරීම, තප්පදෝරු කල්දේරම් හුරුබුහුටි කොකා කෝලා බෝතල් බවට පරිවර්තනය කිරීම පමණක් නොව ස්ත්‍රී පුරුෂ වෙනසක් නැතිව හබල් දුරේක්‍ෂයෙන් ගත් චන්ද්‍ර ඡායාරූපයක මට්ටමේ වල ගොඩැලි හා ආවාට සහිත මුහුණක් සස ජාතකයේ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සස රූපය ඇඳීම පිණිස විශ්වකර්මයා ලවා මට්ටම් කෙරුණු, කැටපත් පවුර සේ සුදිලෙන, සඳ මෙන් පෙනෙන සේ සකස් කිරීමටත් භාවිතා කරන්නේ මෙයයි.

අපේ අද කතාව පොටෝ කඩේ ගැන නෙමේ.


ලස්සන කැතද?

ලස්සන සහ කැත (හෙවත් අවලස්සන) යනු සාපේක්‍ෂ ඇගයීම් දෙකකි. මේ දෙක බොහෝ විට රඳා පවතින්නේ බලන තැනැත්තා මතයි. 'මාවලස්‌' කියා විස්තර විචාරකයින් විසින් විවරණය කෙරෙන මාවන් අතපත්තුගේ කවර් ඩ්‍රයිව් පහරක් අන්දමන් දුපතේ (අන්දමන්-නිකොබාර් දූපත් දේශපාලන වශයෙන් ඉන්දියාවට අයත්ය) එක්තරා ගෝත්‍රයක නායකයාගේ හුරුබුහුටි නවයොවුන් දියණිය තුල කිසිම ආකාරයක හැඟීමක් ඇති නොකිරීමේ ඉඩ වැඩිය.

උනහපුලුවාට උගේ පැටියා මැණිකක් ය කියා අපේ ගැමි කතාවක් තිබේ. තරමක් අනුවේදනීය ඒ කතාවෙන් කියවෙන්නේ එක්තරා වැද්දෙක් වනයට ඇතුල් වන විට උනහපුළු මවක් තම දරුවා නොමරන ලෙස ඉල්ලා සිටි බවත් ඊට අවනත වූ එකී වැද්දා විසින් නොමරා සිටීම පිණිස ඇගේ දරුවාගේ හැඩරුව විමසා සිටි බවත්ය.

උනහපුළු මව තම දරුවාගේ රූප සොභාවය කොතරම් වර්ණනා කළාද කිවහොත් ලස්සන කිරි බිංදු මෙන් තිත් වැටුණු මුවන්, දිළිසෙන පිල්කළඹින් වොරැඳුනු මොණරුන් පමණක් නොව හාවුන්, මීමින්නන්, තලගොයින්, ආදී සකලවිධ සතුන් දඩයම් නොකර අත හැර දැමූ වැද්දා ගහක් බදාගෙන සිටි කළු-කැත-ලොඩි ඇස් ගෙඩි එළියට ඉලිප්පුණු-උනහපුළු පැටියාම තෝරා බේරාගෙන එලා ගත්තේ මුගේ කැතේ හැටියට මේනම් අර අම්මාගේ පැටියා වීමට කිසිම ඉඩක් නැතැයි සිතාය. ලස්සනේ සාපේක්‍ෂ බව එයයි.

ඒ නැතත්, ඕනෑම සතෙකුගේ ඉතාම කුඩා අවදිය උගේ ඉතාම කැත අවදියයි. අර උනහපුළු මවගේ පැටියා පමණක් නොව කුමාර ජෝජුවාට පවා මේ නියාමය පොදුයි.

ඉතින්, මේ සියල්ල කියන ලද්දේ පහත කතාව කීමට ප්‍රස්තාව පාදා ගැනීමටයි. ඉහත කරුණු සිත්හි දරාගෙන පහත කතාවත් කියවමු.

කැතම ළමයා

එක්තරා කාන්තාවක් බසයට නැගුණේ යක් පැටියෙක් වගේ ගිරිය පුප්පන් මහා හඬින් කෑගහන සිය දරුවාත් තුරුල් කරගෙනයි. බසය පදවන රියැදුරු මහතා ඒ දරුවාගේ කෑ ගැහිල්ලට ඒ දෙස බලා හාපෝ මමනම් දැකලා නෑ මේ වගේ කැත කොළු පැටියෙක්! යස්ස පැටියෙක් වගේ... යැයි කියන්නට ඇත්තේ විහිළුවට ම නොවිය හැකියි. අහෝ ! ඒ අසරණ මවට අර මරහඬ මැද්දෙනුත් එය නොඇසුණා නොවේ.

කොළුවා ටිකකින් කෑ ගැහිල්ල නවතා ඇඟිල්ල උරන්නට පටන් ගත්තත් මවගේ මුණු මුණුව නම් දිගටම යයි. අපේ ඩයස් මහතා බසයට නැග්ගේ ඔය අතරයි. අර කෑගැහිල්ල නිසා එතැන සිටි අය ඈත් වී සිටි නිසා ඩයස් කාරයාට එතැනම ඉඳ ගන්නට ලැබීම දෛවයේ සරදමක් ද.

හැම එකටම හොට දාන්න හිතෙන ඩයස් කාරයට අර අම්මගේ මුණු මුණුව ඇල්ලුවේ නැති එක පුදුමයක් නොවෙයි. ඒ වගේම ඇහෙන දෙයක් මිස ඇහෙන දෙයින් හිතන්න දෙයක් ලබා නොගන්න මේ මිනිහට කවුරු මොනවා කීවත් එකයි.

ටික වෙලාවක් බලං ඉඳලා ඩයස් කාරයා හොට දාන්න තීරණය කළා.

ඇයි අම්මේ මොකද උනේ ...? ඩයස් කාරයා කටහඬ අවදි කළා. නෑ මහත්තයා බලන්නකෝ. මේ බස් එක එලවන හිකනලා කියනවනේ මගේ දරුවාලු ඌ දැක්ක කැතම ළමයා.. උගේ ළමයි එතකොට ඒරොප්පෙන් ගෙන්නැති.. අනේ මගේ කට!!! අරුන්දෑ ආයෙත් වයින් උණා.

ඩයස් කාරයටත් හරි ජොලි මේවගේ සීන් එකක් සෙට් වෙනකොට.

අරින්ඩ එපා අම්මා... කියන දෙයක් අහගෙන නිකං ඉන්න එපා... අම්මට බැන්නොත් අම්මත් බණින්න... තව ලොරි ටෝක් දෙන්න ආවොත් බෙල්ලෙන් අල්ලලා බස්සෙකෙන් එළියට විසි කරන්න ! කෝ ඔය රිලා පැටිය දෙන්න මට, මම තියා ගන්නම්. ඩයස් කාරයා චූන් එකෙම්ම කියා දැම්මා.
ඊට පස්සේ ඩයස් කාරයට මොකද උනේ කියල මගෙන් අහන්න එපා. මම කලින් හෝල්ට් එකෙන් බැස්සා....!

12 comments:

  1. සිතුවිළිJune 8, 2014 at 6:02 AM

    ඔන්න දවසක් අපේ මිත්‍රයෙකුගේ මිත්‍රයෙකුට අපූරු වැඩක් වෙලා
    උන්නැහෑ සේල්ස් රෙපෙක් (මේකට කියන සිංහල වචනේ මම දන්නේ නැහැ )
    ඉතින් අපේ මේ සේල්ස් රෙපා දවසක් කඩේකට ගියාලු යනකොට කඩේ මුදලාලිගේ මේසෙ උඩ අවු 3ක විතර කොලු "ගැටයෙක්" ඉඳගෙන බීම බෝතලයක් බොනවලු. මුදලාලි කෑ ගැහුවලු හා දැන්බහිනවා ඔතනින් කියලා. කලබලේට බහින්න ගිය කොළුවා අතින් බෝතලේ බිම වැටිලා බිඳුනාලු. මුදලාලිත් ඔය ඉතින් කලොත් ඔහොම වැඩක්මයි කියලා කොළුවට දෝස්මුරයක් දැම්මලු.
    කොළුවා අනික් අතට අනේ උඹෙ වැඩක් බලාගනින් තාත්තේ කියලා ශුද්ධ සිංහල වාග් මාලාවක් පිට කලාලු.
    ඒත් ඉතින් කොළුවට ආදරෙන් මුදලාලි කිව්වලු බලන්න රෙප් මහත්තයා මේකා හරියට කුණුහරුප කියනවා මූව අල්ලගෙන යන්න කියලා.
    දැන අපේ රෙප් උන්නැහේ ටයි පටිය එහෙම හදලා උගුර පාදලා කියනවලු "කුණුහරුප කිව්වොත් මම අල්ලගෙන යනවා ඔය ලොරියේ ළමයා මෙහෙ එන්න මේ ළමයව අලගෙන ගිහින් දාගන්න ලොරියට" කියලා.
    කිව්වා විතරයි කොළුවා රෙප් උන්නැහේ දිහාවට හැරිලා තමුසේ කඩේට බඩු දාන්න ආවානම් ඒක කරගෙන යනවා මෙතන .............එන්නේ නැතුව..... කියලා සුන්දර වදන් වැලක් දේශනා කෙරුවලු. කඩේ උන්නු ගෑනු උදවිය පවා අනුකම්පාවෙන් රෙප් උන්නැහේ දිහා බලා උන්නලු.
    කතන්දරේ කියලා රෙප් උන්නැහේ මිත්‍රයින්ට කියනවලු "මට ටයි එක කන්න හිතුනා මචං" කියලා.

    හා!.. දැන් පුළුවන්නම් කියමු බලන්න ඌද කැතම ළමයා නැත්නම් මූද කැතම ළමයා කියලා?

    ReplyDelete
    Replies
    1. ඔය වගේ නැහැදිච්ච කොල්ලෝ මුදලාලිලාටම හම්බ වෙන්නේ මොකෝ. මම අහන්නේ විහිළුවටම නෙමේ. සාමාන්‍යයෙන් කඩයක් දාගෙන නොහිටියත් මිනිස්සුන්ව සූරා කන පොරවල් ඉන්නවා. ආණ්ඩුවේ රස්සාවක් කළත් ඒකෙනුත් හූරන් කන ඩයල් ඉන්නවනේ.

      Delete
    2. අප දකින අන්දමින්:

      1. මුදලාලිලාට මුදල් හරි හම්බ කිරීමට මිස දරුවන් ගැන සොයා බැලීමට ඉඩ කඩක්-ඉස්පාසුවක් නැති වීම හේතුව විය හැක.

      2. කඩේ ගනුදෙනු කරුවන් බලා සිටියදී කොල්ලා / කෙල්ල ට ගුටි දීම අශෝබන නිසා මුදලාලිට උවමනාව තිබුණත් ඔහු පැකිලෙයි - අර කොල්ලා / කෙල්ල ඉන් ප්‍රයෝජන ගනී.

      Delete
  2. ඇත්තටම ලස්සන උනහපුළුවෙක් ... හික් !

    ReplyDelete
  3. මටත් පුංචි කතාවක් මතක් උනා. අපි ඉතින් ජිවත් වෙන්නේ උදේ ඉඳන් රූප පෙට්ටි වල බොහම ලස්සන නළු නිලියන් රගන ඉතා ආදර්ශමත් කතන්දර මගින් "බොහෝ වටිනා දැනුමක් " නිරන්තරව ලබන කාලයකනේ. දැන් කාලේ පෙන්වන සමහර කතානම් බලන්නත් හිරිකිතයි කියලත් අපේ පඩි තුමාලා කියනව. ඒවායේ දරුවන්ට තියා වැඩිහිටියන්ටවත් ගත යුත්තක් නෑලු. හැබැයි මේ කතාව නම් අපේ පඩියන්ද ඉහලින් අගයන කොරියන් කතාවක් ඇසුරේ සිදුවුණු දෙයක්. එහි කතාව බොහෝ ආදර්ශමත්ලු. ඉතින් කොහොමහරි කුඩා දරුවෙක් තම පියා සමග මෙය නරබනවිට එහි රූපයෙන් බොහෝ ලස්සන ප්‍රදාන නිළිය සහ තවත් ටිකක් විතර අවලස්සන සැර පරුස තවත් නිලියක් පෙන්වා අපුරු කතාවක් කියන ලදිලු.

    දරුවා: තාත්තේ අර X (ප්‍රදාන නිළිය) කෙනාට හැමෝම කැමතියි හැබැයි අර Y (අනෙක් නිළිය) කෙනාට කව්රුවත් කැමති නැහැ.
    පියා : අන්න බලන්න හොඳ අයට හැමෝම කැමතියි. හැබැයි නරක අයට කව්රුවත් කැමති නැහැ.
    දරුවා:අනේ ඒක නිසා නෙවෙයි. එයාට හැමෝම කැමති..........................නිසා කියල දරුවා කිව්වා.

    දරුවා කිව්වේ මොකක්ද?
    අපි හිතන දේවල් "ආදර්ශමත් කතා" තුලින් දරුවන් ග්‍රහණය කරනවද?
    මේ දරුවත් නරක දරුවෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඉර පායා ඉර මුදුනට එන්න එපා
      සඳ පායා සඳ මුදුනට එන්න එපා
      පෑදි දියට බොර දිය එක් වෙන්න එපා
      කැත හිත් වලට හිස්තැන් පෙන්වන්න එපා

      Delete
    2. අවිද්‍යා, මොකද්ද බං හිස් තැනට එන වචනේ???

      Delete
    3. "එයා අනිත් කෙනාට වඩා ලස්සන"

      Delete
    4. හික් හික් හික්...!!
      බලන්න පොඩි ළමයින්ගේ හිත් කොච්චර ලස්සනද !
      ඉතිං දැන් මොකද්ද මේකේ අවුල ?

      Delete
    5. පියා : අන්න බලන්න හොඳ අයට හැමෝම කැමතියි. හැබැයි නරක අයට කව්රුවත් කැමති නැහැ.
      දරුවා:අනේ ඒක නිසා නෙවෙයි. එයාට හැමෝම කැමති..........................නිසා කියල දරුවා කිව්වා.

      දරුවා කිව්වේ මොකක්ද?
      අපි හිතන දේවල් "ආදර්ශමත් කතා" තුලින් දරුවන් ග්‍රහණය කරනවද?
      මේ දරුවත් නරක දරුවෙක්ද?

      Delete
    6. හරිය කියමුකෝ. ඒත් මොකද්ද අවුල. පොඩි එකා ඌ දකින දේ එලෙසින්ම ග්‍රහණය කර ගනී. මීටම සමාන තවත් කතාවක් කියමි.

      නාකි ගෑණු 'නපුරන්' (මායාකාරියන්, යක්ෂණියන් වැනි 'නපුරියන්') ලෙසත් නාකි මිනිස්සු කරුණාවන්තයින් (නත්තල් පප්පා, ම'ලින්) ලෙසත් බටහිර කතා සහ චිත්‍රපටි වල බොහෝ විට නිරූපණය කෙරෙන බව ඔබලා නිරීක්ෂණය කර නැත්ද?

      Delete
    7. ජොසෙෆ්,

      ඔබ මේ පිළිතුර දකීද නොදකීද කිව නොහැකි මුත් පිළිතුරු දෙමි.

      බොහෝ කතා වල මැහැල්ල සාමාන්‍යයෙන් දුෂ්ඨ චරිතයකි. බටහිර සුරංගනා කතා බොහෝමයක මැහැල්ලක් සිටියොත් ඈ හොඳක් කළත් කරන්නේ ඉතාම කලාතුරකිනි. ඔබ මෙය කියූ විට මට සිහියට ආවේ රුසියානු කතා වල සිටින බාබයාගා යකින්නයි. ඇගෙන් හොඳ දේ ලැබූ අය සිටිතත් ඒ ඉතා යාප්පුවෙන් අනුකම්පාව ලබා ගැනීමෙන් හෝ කූට ලෙස බොරුවෙන් රැවටීමෙනි.

      කතා කරන කැඩපතක් තබාගෙන සිටින රැජිණ සුරූපී වුව මැහැල්ලකි. රපුන්සෙල් ය කියා ඉතා දිගැති කේශ කලාපයක් සහිත දැරිය එක්ටැම් ගෙයක සිර කරගෙන සිටින්නේ මැහැල්ලකි.

      එහෙත් මැහැල්ල දුටු ඔබ කුඩම්මා යන චරිතය දුටුවේ නැද්ද? කුඩම්මා ත් මැදි විය පසු කළ කෙනෙකි. එබැවින් මැහැල්ලකි. සින්ඩරෙල්ලා කතාවේ සිටින්නේ නපුරු කුඩම්මා කෙනෙකි. නපුරු නැති මැහැල්ලක් ය කියා අනුමාන කළ හැක්කේ රතු හැට්ට කාරී කතාවේ ආච්චි අම්මා පමණි. ඈ මැරී ඒ වෙනුවට වෘකයෙක් ඇගේ යහනේ නිදාගෙන සිටී.

      මහල්ලන් ඊට සාපේක්‍ෂව බොහෝ යහපත් තැනක සිටින බව කිව හැකියි. ඔබ සඳහන් කර ඇති නත්තල් සීයා හොඳම මහල්ලා වන අතර කතා නායකයාට / වීරයාට මග පෙන්වන්නේ, උදව් කරන්නේ, උපකරණ තනා දෙන්නේ, රැකවරණය දෙන්නේ බොහෝ විට මහල්ලන් වේ.

      [ඉහත විස්තරය තරුණයන් මහල්ලන් හා සැසඳීම සහ තරුණියන් මැහැල්ලන් හා සැසඳීමෙන් කළ විස්තරයක් නොවන බව සැළකුව මනාය.]

      ඔබ අපට වඩා කතෝලිකාගමේ ඉතිහාසය දන්නා බැවින් අඳුරු යුගයේ පල්ලිය විසින් කළ යද්දෙස්සියන් දඩයම මතක ඇතැයි සිතමි. මේ දෙක එකක් අනෙකට හේතු වේ ය කියා සිතමි. හේතුව කුමක්ද ප්‍රත්‍යය කුමක්ද කීමට දැනුමක් අපට නැත.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !