Monday, May 19, 2014

මංමුලා වූ බටහිර දැනුම ! ප්‍රශ්න සහ පිළිතුරු



මංමුලා වූ බටහිර දැනුම ! ලිපියට ලැබුණු ප්‍රතිචාර අරභයා ලේඛකයාගේ පිළිතුරු මේ ලිපියේ සංග්‍රහ වේ.

මෙයට අදාළ මූලික ලිපිය මෙතැනින් කියැවිය හැකිය.

පෛතගරස් නිරූපනය කරන නූතන චිත්‍රයක්

පෛතගරස් පිළිබඳ සංවාදය


ප්‍රතිචාරය 1 - ජොසෙෆ් (මැයි 8 දින): ඇත්තම කියනවානම් පෛතගරස් ගැන මේ කියන කතාව මුළුමහත් ග්‍රීසියටම කල අපහාසයක් කොට සිතමි. භාරතීයයන්ට මෙන් ග්‍රීකයන්ට ද අනන්‍යතාවයක් හා අභිමානයක් හිමිය. සියල්ල එක මූලයකින් (දෙවියන් වහන්සේ) ඇරඹුනා යැයි සිතන මුග්ධ පණ්ඩිතයෙකුට පමණි මෙවැනි තකතීරු ගවේෂණයක් (අනාර්ය පර්යේෂණ) කිරීමට හිත හදා ගත හැක්කේ.
අප අත්දුටු අනර්ගම ගනයේ එහෙත් සුළු දෝෂ සහිත අදහස් දැක්වීම මෙය වේ. මෙහි දෝෂයක් ඇත්නම් ඒ "ඇත්තම කියනවානම් පෛතගරස් ගැන මේ කියන කතාව මුළුමහත් ග්‍රීසියටම කල අපහාසයක් කොට සිතමි." වැකියේ යෙදෙන "අපහාසයක් කොට සිතමි" යන කොටසේය. යමෙකුගේ අදහසක් ඍජුව විවේචනය කල යුතුනම් එය කල යුතුමය. නමුත් එහිදී පුද්ගලික මතය මත යැපීම අනුමත නොකරන්නෙමු. ඉන් නොනැවතී එම මතය නිවැරදි යයි ගෙන ඉදිරියට ගෙනයන තර්කය තමාගේ පණ්ඩිත බව හුවා දැක්වීමට විනා අන්‍යන්ගේ හිතසුව පිණිස වන්නක් විය හැකිද?

Wednesday, May 14, 2014

සිංහලයේ ආරම්භය



කෝට්ටේ යුගයේදී වීදාගම මාහිමියන් විසින් විරචිත බුදුගුණ අලංකාරය "අරහං" යන බුදු ගුණය මෙසේ විස්තර කරයි.
රහසත් පව් නොකොට
කෙලෙසරයනුත් දුරකොට
නිසි වූයෙන්පුදට
`අරහ` යැයි නම කියතිමුනිදුට
ස්වර්ණමාලි මහා චෛත්‍යය - අනුරාධපුරය
මුළුලෝවැසියන් විසින් කරණ ලද ආමිස පූජා-ප්‍රතිපත්ති පූජාවට සුදුසු හෙයින් ද, තමන් රහස ත් පව් නො කරණ හෙයින් ද, කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින් ද, කෙලෙස් නමැති සතුරන් නැසූ හෙයින් ද, අවිජ්ජා-සංඛාර නමැති නාභි ඇති, ජරා මරණ නමැති නිම්වළලු ඇති, ආශ්‍රය සමුදය නමැති චක්‍රයාගේ කුශලාකුශලකර්ම නමැති අර බෝමැඩ දී ම සීල නමැති පොළොවෙහි, වීර්ය නමැති පයින් සිට ශ්‍රද්ධා නමැති හස්තයෙන් ගත්, කර්මක්‍ෂයකරඥාන නමැති ඵරසුවෙන් පලා, සුණුවිසුණුකොට මුලොච්ඡින්න කළ හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනුදු අර්හත් නම් වන ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේ මහපොළෝ ගුගුරවා මාර පරාජය කොට සම්මා සම්බුද්ධත්වය සාක්‍ෂාත් කර ගත් වෙසඟ පාළොස්වක් පෝ දිනය අදට යෙදී තිබෙයි.

සකල ලෝක ධාතුවම මලින් පිරී ගඳින් පැතිරී දහම් එළියෙන් ඒකාලෝක වී බබළන ගගන තලයම සාදු නාදයෙන් ගිගුම් දෙන මේ වෙසක් පෝ දිනයේ වැදගත් කම සිහි කර ගනිමු.

Monday, May 5, 2014

හෙල්මට් ගලවමුද...



කොල්ලකරුවෙක්ද, ගනුදෙනුකරුවෙක්ද 
පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා කලින් කලට විවිධ දේ කියයි. මීට මාස කීපයකට පෙර ගෑණුන්ගේ මාල කැඩීම් හා බැංකු කොල්ලකෑම් සිදු වන්නේ පූර්ණ ශීර්ෂාවරණ හේතුවෙන් යැයි නවතම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සොයා ගත් ශ්‍රී ලංකා පොලීසියේ පඬි වරු අපි ෆුල් ෆේස් හෙල්මට් තහනම් කර ශ්‍රී ලංකාව මේ ව්‍යසනයෙන් ගලවා ගම්හ යි ඉහත නම් සඳහන් අහිංසක මහත්මයා ලවා කියැවූහ. දින කීපයක් ඇවෑමෙන් ඒ තීරණය හකුලා ගැනුණේ ජනමාධ්‍ය තුලින් පැන නැගුනු අතිමහත් ජනතා විරෝධය හේතුවෙන්ද නැතහොත් නීති පැනවීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියට නොව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බව සිහි වීමෙන්ද යන ප්‍රශ්නයට පිළිතුරක් නැත. ඒ විලි ලැජ්ජාව වසා ගැනීමට දෝ අනතුරුව මේ පඬිවරු අත ගැසුවේ හෙඩ් ලයිට් යන නමින් හඳුන්වන ප්‍රධාන ලාම්පුව වෙතටයි. ප්‍රධාන ලාම්පු දැල්වීමේ ඊනියා නීතිය බලාත්මක කළ දා බොහෝ දෙනෙක් මෙය පිළිපැද්දද දැන් දැන් මේ විකාරය කරන කෙනෙක් නැත.

ප්‍රධාන ලාම්පු දැල්වීම ගැන කතා කිරීම මදකට කල් තබා මහදැනමුත්තා සිහි ගන්වන තීන්දුවක් සේ පෙනෙන හෙල්මට් නීතිය ගැන කතා කරමු.

මහදැනමුත්තා මුට්ටිය බේරා ගත් හැටි

පිපාසයෙන් එහේ මෙහේ ඇවිද ගිය එළුවෙක් මුට්ටියක අඩියේ තිබූ දිය ස්වල්පයක් දැක එය බීමට හිස මුට්ටියට දැමූ විට අං දෙක හේතුවෙන් එළු හිස මුට්ටියේ හිර විය. හිස පිටතට ගැනීමට අපෝසත් වූ අසරණ එළුවා බෑ බෑ ... කියමින් ඇවිදියි. එළුවාට බැරි බව එයින් දැන ගත් ගමයා මහදැනමුත්තාට පණිවිඩය යැවුවේ එළුවාත් මුට්ටියත් දෙකම බේරා ගැනීමටයි.

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !