Saturday, April 12, 2014

අලුත් අවුරුදු චාරිත්‍ර



සිංහල අපේ අවුරුද්ද පිලිබඳ සාරවත් ලිපියක් පසුගිය වසරේ පල කෙරිණ. එහි අන්තර්ගතය අදටත් වලංගුයි. එබැවින් අවුරුද්ද ගැන වැඩිදුර සාකච්චාවට නොගෙන නැකත් විධි හා චාරිත්‍ර යෙදී ඇති වේලාවන් පමණක් දක්වමු.

අලුත් අවුරුදු චාරිත්‍ර

එළඹෙන අලුත් අවුරුද්ද සඳහා නැකත් වේලාවන් පහත දැක්වෙන පරිදි වේ.

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 4 වන සිකුරාදා දිනද, අභිනව සූර්යය වර්ෂය සඳහා මැයි මස 1 වන බ්‍රහස්පතින්දා දිනද, නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්‌නානය

අප්‍රේල් මස 12 වැනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 7.37 ට අලුත් වුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 1:13 (හෙවත් ඉරිදා මධ්‍යම රාත්‍රියේ) සිට අප්‍රේල් 14 වැනි සඳුදා අපරභාග 02:01 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 01.13 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් පූර්ව භාග 07:37 සිට අපර භාග 02:01 දක්‌වා පහත දැක්‌වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 10:17 ට සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, දී කිරි සහ උක්‌ හකුරු මිශ්‍ර කිරිබතක්‌ ද, කැවිලි වර්ගයක්‌ ද, පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 සඳුදා පූර්ව භාග 11.05 ට සුදු වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගෙනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වැනි බදාදා දින පූර්වභාග 11:16 ට කොළ පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණ දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත්ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.

රැකී රක්‍ෂා සඳහා පිටත්ව යැම

අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්‌පතින්දා පූර්ව භාග 06:16 ට රන් වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී තල මිශ්‍ර කිරිබත් සහ හකුරු අනුභව කර බටහිර දිශාව බලා රැකී රක්‍ෂා සඳහා පිටත්වීම මැනවි.

සැ.යු.:- ඉහත සියලු නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි.


ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !