Wednesday, December 11, 2013

සිරකරුවා අභාවප්‍රාප්ත විය



දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනපති ලෙස තේරී පත් වූ නෙල්සන් මැන්ඩෙලා මහතා වසර අනූපහක් ආයු වළඳා පසුගිය පස් වැනිදා පරලෝ සැපත් විය. දේහය පිලිබඳ අවසන් කටයුතු එළඹෙන පහළොස් වැනිදා ඔහුගේ වාස භූමිය වන 'කුනු' ගම්මානයේදී සිදු කෙරේ.

මළගෙදර ගිය ඇත්තෝ - සාදර අනුග්‍රහය සී.ඇන්.ඇන්.
ඔහු පිලිබඳ අන්තර්ජාලයේ බොහෝ ලිපි පල වූ මුත් අප මිතුරු ජොසෙෆ් විසින් රචනය කරන්නට යෙදුණු ලිපියක් අපගේ සිත් ගති. මේ ලිපිය සංස්කරණය කළ යුතුද නොයුතුද යනු බොහෝ කොටම කල්පනා කර අවසානයේ සංස්කරණය නොකරන්නට තීරණය කළෙමි. පහත දැක්වෙන්නේ ඔහුගේ එම ලිපියයි. එය දුලංජන් විජේසිංහ නම් ලේඛකයෙකු විසින් "මැන්ඩෙලාලාගේ සුසමාදර්ශය ...." නමින් යුතුකම සංවාද කවය නම් වෙබ් අඩවියේ පල කළ ලිපියකට කළ විවරණයකි. දුලංජන්ගේ ලිපිය වෙත ඉහත බැඳිය මතින් ගමන් කළ හැක.

මැන්ඩෙලා පුනරුත්ථාපනය කිරීම


හිටපු ත්‍රස්තවාදියෙකු වන අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලා, දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති තුමා ගැන දුලන්ජන් විජේසිංහ මහතා කියන මේ කතාවේ ඇත්තක් පවතී. මේ කරුණ ඔහු අභාවප්‍රාප්ත වූ දින වලම ලිවීමට සිතුනු මුත් නොලියා සිටියේ මලගිය ප්‍රාණකාරයාට අපහාස කලැයි සමහරු චෝදනා කළ හැකි නිසාය.

ඇත්ත කතාවනම් සුද්දන් විසින් හිර ගෙට දැමුවේ ත්‍රස්තවාදියෙකි. ඔහු හිරගෙට දමා සුද්දන් නිකං කන්න දෙමින් හිටියේ නැත. ඔහු පුනරුත්ථාපනය කළේය. ඒ පුනරුත්තාපනයට වසර 27 ගත වීම සුද්දන්ගේ දුර්වලතාවයක් හෝ මැන්ඩෙලාගේ හිතේ ශක්තිමත්භාවයක් හෝ නොවේ. එක් පසෙකින් ආප්ප බානවා සේ ත්‍රස්තවාදීන් පුනරුත්තාපනය කළ නොහැක. ලංකාවේ අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදීන් වහා නිදහස් කරන්නැයි අපට බල කරන සුදු කරපටි ත්‍රස්තවාදීන්ගේ උපක්‍රම අප තේරුම් ගත යුත්තේ මේ සන්ධර්භය තුලය.

දෙවනුව පුනරුත්තාපනය කළ ත්‍රස්තවාදීන් පිළිගැනීමට බලා සිටින පරිසරය පුනරුත්තාපනය කළ යුතුය. දකුණු අප්‍රිකාවේ සුදු ආණ්ඩුව ඒ කටයුත්ත හොඳින් කළේය. පුනරුත්තාපනය කෙරුණු නෙල්සන් මැන්ඩෙලා සමාජයට මුදා හරින මොහොත වන විට ඔහු නැවත ත්‍රස්තවාදය කරා යා නොහැකි ලෙස රූපාන්තරණය වී සිටියා පමණක් නොව ඔහු ත්‍රස්තවාදය කරා ගෙන යා හැකි මට්ටමේ කළු ජාතික ක්‍රියාකාරීන් දෙවියන් වහන්සේගේ තුරුලට යැවීමට සුදු ආණ්ඩුව කටයුතු කර තිබිණි. කළු ජාතික නිදහස් ව්‍යාපාරය ඩෙස්මන් 22 වැනි පල්ලි ඒජන්තයින්ගේ අත් අඩංගුවට පත්ව තිබිණි. මතුපිටින් සුදු ආණ්ඩුවට සම්බාධක පනවා අනෙක් පසින් හිරේ සිටින මැන්ඩෙලා සුද්දන්ගේ වීරයෙක් කළ බටහිර රටවල් ඉන් කළේ මැන්ඩෙලා අත්අඩංගුවට ගැනීමයි. නිදහස් වූ මැන්ඩෙලා හිරේ සිටි මැන්ඩෙලාට වඩා හිරකරුවෙක් බව මගේ අදහසයි. ඔහු හිරකරුවෙක් වූයේ ඉනියා ලෝක ප්‍රජාව ලෙස හැඳින්වෙන පල්ලිය, බටහිර රටවල ආණ්ඩු හා නොරාජ්‍ය සංවිධාන වලටයි.

ඒ හිරගෙයි ඔහු හා එක්ව ලැගීමට නොකැමැති වූ විනී මැන්ඩෙලා දික්කසාද කිරීම අහඹුවක් නොවේ.

පුනරුත්තාපනය කෙරුණු මැන්ඩෙලා සුද්දන්ගේ ජනපති විය. ඔහු කල්ලන්ගේ ජනපති වූයේ සුද්දන් විසින් පුනරුත්තාපනය කෙරුණු බව ඒ කල්ලන් නොදැන සිටි නිසාද නැතහොත් කල්ලන්ද ඒ වන විට පුනරුත්තාපනය වී සිටි නිසාදැයි කීමට අප නොදන්නා මුත් මැන්ඩෙලා ජනපති වීමෙන් කල්ලන්ට කල්ලන් වශයෙන් ලැබුණු දෙයක් නැති බව අප තේරුම් ගත යුතුය. කල්ලන් කළු සුද්දන් කිරීමේ ඩෙස්මන් 22 ගේ ව්‍යාපාරය ජයටම කෙරීගෙන යයි. නෙල්සන් මැන්ඩෙලා ඉත්තෙක් පමණි. මැන්ඩෙලා නිදහස් කළ බව අපට කීවත් ඇත්ත වශයෙන් සිදු වී ඇත්තේ සුද්දන් නෙල්සන් මැන්ඩෙලාගෙන් නිදහස් වීමයි. දකුණු අප්‍රිකාවේ සුදු ආණ්ඩුව නෙල්සන් මැන්ඩෙලාගෙන් නිදහස් විය. ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව ඔහු අත්අඩංගුවට ගත්තේය. 1964 දී දකුණු අප්‍රිකානු ආණ්ඩුව විසින් ජීවිතාන්තය දක්වා සිරගත කෙරුණු නෙල්සන් මැන්ඩෙලා පසුගියදා විලංගු සහිතවම හිරකරුවෙකු ලෙස අභාවප්‍රාප්ත විය. ‘මුගේ මල කුණත් විකුණන් කමු’ කියා සිතූ ඔහුගේ අයිතිකරුවෝ සුපුරුදු ලෙසම මාධ්‍ය සංදර්ශන පවත්වමින් සැණකෙළිය පටන් ගත්හ. ඒ සැණකෙළියේදී කළු ජාතිකයින්ට විමුක්තිය උදා කර දුන් වීරයෙකු ලෙස මැන්ඩෙලා ඇගයෙනු ඇත. එහෙත් මැන්ඩෙලාගේ හාම්පුතුන්ට මිස මැන්ඩෙලා ඇතුළු කළු ජාතිකයින්ට ඒ උළෙලේ වැදගත් කමක් හිමි නොවනු ඇත. මැරුණු මිනිහට වැදගත් කමක් අත් නොවන මළ ගෙයක යෑමෙන් අප රට වැනි ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට අයත් නොවන රටක රාජ්‍ය නායකයෙකුට ලැබෙන දෙයක් නැත.

මැන්ඩෙලාගෙන් රටක් වශයෙන් අප ඉගෙන ගත යුතු පාඩම එයයි. ලංකාවේ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පුනරුත්තාපනය වැදගත්ය. එළියේ ඉන්න සුදුකරපටි ත්‍රස්තවාදීන් අල්ලා ඇතුලට දමා පුනරුත්තාපනය කළ යුතුය; උන් කුරුසය එල්ලන් යන කළු පටි කාරයින් වුවත්, නළලේ අළු ගාන සුදු වේට්ටි කාරයින් වුවත් එය අදාළ නැත.

අප මිතුරු ජොසෙෆ් ඉහත දක්වන අදහසේ අතිශය වැදගත් කමක් ඇත. සිපිරි ගෙය නෙල්සන් මැන්ඩෙලා වෙනස් මිනිසෙක් කළ බව සියළු දෙනා පිළිගනී. සත්විසි වසරක් යකඩ කූරු පසුපස ගත කළ ඔහුගේ කළු කෙස් සුදු වූයේ ඒ බිත්ති හතර ඇතුළතය. මැන්ඩෙලාගේ යෞවනය උදුරා ගත් පාළු සිර කුටිය ඔහු පරිණත මිනිසෙක් කළ බව ජනප්‍රිය මතයයි. එහෙත් මිතුරු ජොසෙෆ් මේ දෙස වෙනස් ආකාරයක දෘෂ්ටියක් හෙළයි.

අපට වඩාත් වැදගත් වන්නේ ඔහු ඒ දෘෂ්ටිය තුලින් පැමිණෙන නිගමනයයි. දකුණු අප්‍රිකාවේ 'සුදු' වර්ගවාදී ආණ්ඩුව ලෝකයෙන් පැමිණි ඉතාම දැඩි බාධක හමුවේත් මැන්ඩෙලා වැනි කීර්තිමත් නිදහස් සටන්කාමියෙක් හීලෑ කර ගැනීමට සමත් විණි නම් ලංකාවේ සිටින තුට්ටු දෙකේ කොටි හිතවාදීන් හීලෑ කර ගැනීමට ලංකාණ්ඩුවට නොහැකි ඇයි? මිතුරු ජොසෙෆ් පිළිතුරු නොදෙන ප්‍රශ්නය එයයි. පිළිතුර පැහැදිළිය. දකුණු අප්‍රිකාවේ සුදු ආණ්ඩුවට ජාතික අභිලාශයක් තිබිණි. ඒ දකුණු අප්‍රිකාවේ ජීවත් වන සුදු ජාතිකයින්ගේ ප්‍රගතිය ශාක්ෂාත් කර දීමයි. ලංකාවේ ආණ්ඩුවට එවැනි අභිලාශයක් තිබේද?

4 comments:

  1. සිතුවිළිDecember 13, 2013 at 3:02 PM

    ලිපිය කියෙව්වා,
    වෙනමම සිතන්න මානයක් ඉදිරිපත් කල ලිපියක්.
    යමක් කියනවානම් වෙලා අරගෙන ලිවිය යුතුයි. ඒ නිසා දැනට යමක් නොලියා සිටින්නම්.
    ලිපියේ අන්තර්ගතය කියවන්නා පුබුදුවන සුලුයි.

    ReplyDelete
  2. "දකුණු අප්‍රිකාවේ සුදු ආණ්ඩුවට ජාතික අභිලාශයක් තිබිණි. ඒ දකුණු අප්‍රිකාවේ ජීවත් වන සුදු ජාතිකයින්ගේ ප්‍රගතිය ශාක්ෂාත් කර දීමයි."
    මට අහන්න තියෙන්නේ "කෝ ඔය කොළාද?" කියල තමයි.

    සුදු ආණ්ඩුවේ අභිලාශය ඔය කියන එකනම් ඒක පරාජිතයි. දැන් වෙලා තියෙන්නේ දකුණු අප්‍රිකාව "rape capital of the world" කියන සාඩම්බර නම්බුනාමය හිමි කර ගැනීම පමණයි. දකුණු අප්‍රිකාව එහෙම්පිටින්ම අපරාධ ගුහාවක්. දකුණු අප්‍රිකානු දේශපාලනය දූෂණ ආකාරයක්. දකුණු අප්‍රිකාවේ කෙල්ලෝ නෑ, ගෑණු විතරයි. මෙහෙව් රටකට ප්‍රශස්ති ගයන තකතීරු හැතිකරේ මක්කටද කියන ප්‍රශ්නෙයි මම අහන්නේ? හොඳම කතාව ලංකාව ජිවත් වෙන්න සුදුසු නෑ - මිනිස්සු හරි නෑ කියල අවලාද නගන්නෙත් උන්මයි.

    හැබැයි මම අර ලිපියෙන් අදහස් කළේ විදේශ බලපෑම් කොතරම් ආවත් තමන්ගේ කාල සටහනකට තමන්ට ඕනේ වෙලාවට තමන්ට ඕනේ දේ (අරුන්ට ඕනේ දේ නෙමෙයි) කරන්න රටකට හැකියාව තියෙනවා කියන එකයි. අපේ රටේ මෙච්චර බලසම්පන්න ආණ්ඩුවක් තිබිලත් මේ ආණ්ඩුවේ කොන්ද පණ මදි.

    ReplyDelete
    Replies
    1. සිතුවිළිDecember 14, 2013 at 4:59 PM

      මේ රටේ ආණ්ඩුව බලසම්පන්නයි ඒක ඇත්ත, ඒත් ඔවුන්ගේ කොන්ද පණ මදි අහවල් කාරනේකටද කියලත් කියුවානම් තමයි නිවැරදි.
      ජාතික අභිලාහයන් කෙරෙහි ඇත්තේ කොන්ද පණ නැති කමද නැතිනම් ඔවුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ප්‍රෂ්ණයක්ද?

      Delete
    2. සිතුවිළි,

      කොන්ද පණ මදි යැයි කීවේ සිංහලයින්ගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීමටයි. දෙලොවටම නැති අගමැතියෙක් සිටී; ඌ හම්බ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටී. ඉඩම් ඇමතියෙක් සිටී. ඌ හම්බයින්ට ඉඩම් බෙදා දීමට පොර කයි. පන්සල් දේපල, දළදා මැදුරේ ඉඩකඩම් ඇතුළුව, හම්බයින් අල්ලා ගනී.

      දෙමළු එහෙන් කෑල්ලක් ඉල්ලති. ප්‍රබාකරන් නම් ඉවර කළා. හේතුව තමන්ට ජිවිත තර්ජනයක් තියෙන නිසා. ඒත් අනිත් දෙමළුන් හුරතල් කරයි. උතුරු පළාතේ ආණ්ඩුකාරයා ඉවත් කිරීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණක් බවයි දැනට ලැබෙන සංඥා අනුව පෙනෙන්නේ.

      ක්‍රිස්තියානින් පවා තමන්ට උවමනා දේ කර ගනී. මේ ලංකාවේ ආණ්ඩුව මා හැමදාමත් කියන පරිදි ක්‍රිස්තියානි ආණ්ඩුවකි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රිස්තියානි ව්‍යවස්ථාවකි. එහෙත් මේ ආණ්ඩුව පත් කරන ලද්දේ හම්බයින්වත් දෙමළුන්වත් ක්‍රිස්තියානින්වත් නොවේ. එය පත් කරන ලද්දේ සිංහල බෞද්ධයින් විසිනි. ඒ ආණ්ඩුව බෞද්ධ අභිලාෂන් ඉටු නොකරයි. තමන්ට චන්දය දුන් මිනිසුන්ගේ බලාපොරොත්තු බිඳින්නේ කොන්ද පණ නැති කම නිසා නොවේනම් වෙන මොන බම්බුවක් නිසා කියාද ඔබ කියන්නේ?

      ප්‍රමුඛතා ලැයිස්තුව හැදෙන්න ඕනේ චන්දෙ දුන්න මිනිසුන්ට ඕනේ විදියට මිසක්, චන්දෙ දිනුවට පස්සේ ඇවිත් එල්ලෙන එක එක කිනිතුල්ලන්ට ඕනේ විදියටද?

      Delete