Sunday, November 24, 2013

අලින්නේ අපේ කතා



කුරු අලි ගැන කතා පැරැන්නන් විසින් කියනු අප අසා ඇත. කුරු අලි යනු වෙනම විශේෂයක්ද නැතිනම් අදිසි ජාන වෙනසක් හේතුවෙන් කුරු වූ සාමාන්‍ය අලියෙක්මද යන ප්‍රශ්නය ඒ අයට යොමු කළොත් ලැබෙන පිළිතුර කුමක් විය හැකිදැයි අපට අදහසක් නැත.

කුරු අලි ගැන අපේ මතකය අලුත් කරන සේයා රුවක් අද දිවයිනේ පල වෙයි.

උඩවලව වනෝද්‍යානයෙන් ලොව ප්‍රථම කුරු අලියා මතුවෙයි


උඩවලව කුරුඅලියා
උඩවලවින් හමු වූ කුරුඅලියාගේ බව කියන සේයාරුව
සිරිලක ඇත් - අලි පරපුරේ කතාන්දරයට තවත් වටිනාකමක්‌ එක්‌කරමින් ලෝකයේ ප්‍රථම සත්‍ය කුරු අලියා සත්ත්ව ලෝකයට හඳුන්වා දීමට ද දැන් ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. ඒ උඩවලව ජාතික වනෝද්‍යානය තුළදීය. පසුගිය ජුලි මස 7 වැනිදා ප්‍රථම වතාවට ප්‍රවීණ වන සත්ත්ව ගවේෂකයකු වන රොහාන් විෙ-සිංහ මහතාගේ පූර්ණ හා මනා නිරීක්‍ෂණයට බඳුන් වුණු මෙම අසාමාන්‍ය හස්‌තියා ඉන්පසු ප්‍රවීණ අලි විශේෂඥයන් වන වෛද්‍ය පෘථිවිරාඡ් ප්‍රනාන්දු, නදීක හපුආරච්චි වැනි අයගේ පරීක්‍ෂාවට ද බඳුන් වී දැන් එය විද්‍යාත්මක තහවුරු කර ඇත්තේ විද්‍යා පර්යේෂණ සඟරාවක ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය.

එනම්, ආසියානු අලින් පිළිබඳ සංගමයේ ප්‍රකාශනයක්‌ වන ගජා සඟරාවේ 38 (2013) 30-32 ඉකුත්දා ප්‍රකාශයට පත් කෙරිණි.
- ඒ දිවයින පුවත් පත.

දිවයින එසේ කීවත්, ඉන්දුනීසියාවට අයත් බෝනියෝ දූපතේ කුරු අලි විශේෂයක් වාසය කරති. බෝර්නියෝ පිග්මි අලි යන නමින් මුන් හැඳින්වේ. පහත දැක්වෙන ඵලකයේ මේ වර්ගීකරණය දැක්වේ.
ලෝකයේ ප්‍රධාන අලි වර්ග
අලි වර්ග
ලෝකයේ ප්‍රධාන වශයෙන් අලි වර්ග දෙකක් ජීවත් වේ. ඒ ආසියානු සහ අප්‍රිකානු අලි වශයෙනි. විශාල සවානා තණබිම් වල වාසය කරන අප්‍රිකානු අලි ප්‍රමාණයෙන් විශාලය. ලංකාව, ඉන්දියාව, බුරුමය, තායිලන්තය, ලාඔසය හා වියට්නාමය යන රටවලත් මැලේසියාව හා ඉන්දුනීසියාවේත් ආසියානු අලි වාසය කරති. මුන්ගෙන් සමහරු කුරු අලි ලෙස සැළකිය හැකි වේ. මේ රටවල් වලින්ද කුරුඅලි විශේෂ හඳුනා ගත් බවට සාධක කලින් කල එලි දකී.

පහත බැඳි වලින් එවැනි පුවත් කිහිපයක් කියැවිය හැකිය.
ලංකාවේ කුරුඅලින් විසුවේ යැයි අපේ පැරැන්නන් සැළකුවේ සමනල අඩවිය ආශ්‍රිත නොඉඳුල් වනාන්තර වලයි. මුන් මහඑළිය (ඉංගිරිසින් විසින් මේ පෙදෙසේ ඉඳහිට සැරූ තමන්ගේ ආණ්ඩුකාරයෙක් වන සිරිමත් රොබට් විල්මට්-හෝටන් සිහිවීම පිණිස මහඑළිය තැන්න, Horton Plains නමින් හැඳින්වෙයි) නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාමත් සබරගමුවෙත් විසිරී සිටින්නට ඇතැයි සැළකේ. ඉංගිරිසි ම්ලේච්ඡත්වයේ ප්‍රතිපලයක් ලෙස කඳුකර කුරු අලි වඳ වී යන්නට ඇතැයි සාමාන්‍යයෙන් සැලකෙතත් විටින් විට මෙවැනි සතුන් දුටු බවට වාර්තාද පල වේ.

ඒ කෙසේ වෙතත්, දිවයින අපට ඉදිරිපත් කරන මේ පුවත සත්‍යයක්නම් ඒ දුර්ලභ සත්ත්වයාට නූතන සිංගිරිසි ම්ලේච්ඡත්වයෙන් ගැලවී ස්වකිය වාසභවනයේම පරමායුෂ ගත කිරීමට හැකි වේවායි දෙතිස් කතාහි අහිංසක ප්‍රාර්ථනයයි.

එසේම වේවා !

28 comments:

  1. සද්දන්ත අලි "කුරු" වීම අලුත් සත්ත්වයාගේ පරිණාමය පිළිබඳ ඩාවීනීය ප්‍රවාදයට අනුව නම් අලුත් දෙයක් විය හැකියි. ඒත් අපිනම් මේ තත්වය අත් දකින්නේ 2005 සිටයි. ඇත්තෙන්ම මේ තත්වය ඇරඹුණේ 1992-93 කාලයේ. දැවැන්ත අලි ඝාතනයට ලක් වීමත්, සමහර දැවැන්තයින් රූපාන්තරණය වී කැලය හැර යාමත් නිසා අලින්ගේ ජාන කිට්ටුව "කුරු" වීම තමයි මේ තත්වයට මුල. මෑත කාලයේ දැවැන්ත තත්වයක් ගොඩ නගා ගත් "අලි" පවා දුන්කොල නැට්ටක් බවට පත් වනු පසුගිය පළාත් සභා චන්දයේදී දුටුවා නේ. මේ දුන්කොල හප පඩික්කමට වැටීමට වැඩි කාලයක් ගන්නේ නැත.

    මේ තත්වය යටතේ "කුරු" අලි ඇති වීමත්, ඉන්න අලි කුරු වීමත් ස්වභාවික වරණයට අනුකූලයි. පැවැත්මක් ඇත්තේ කුරු අලින්ට පමණි. පමණ ඉක්මවා තර වන අලින්ට සිදු වන්නේ දුන්කොල නැට්ටක් බවට රූපාන්තරණය වී බුලත් හුරුල්ලට එකතු වීමටයි. මේ පරිණාම ගමන පඩික්කමෙන් කෙළවර වේ.

    ReplyDelete
    Replies
    1. ඔය කතා කරන්නේ වෙන අලි ජාතියක් ගැන. උන් කොළ පාටයි නේද?

      අපි කතා කරන්නේ වෙනම අලි ජාතියක් ගැන. මොනවා උනත් ජොසෙෆ්, ඔබේ නිරීක්‍ෂණය නම් හරිම අපූරුයි. හඃ හඃ හා... !

      Delete
  2. සිතුවිළිNovember 25, 2013 at 4:37 PM

    අද කාලයේ ලංකාවේ අලින් ගැන කථා කලොත් නම් ජෝසප් ගේ විවරනය තමයි හරිම එක. ඒ අලි පරපුරට උනු දේ දැක්කහම හිනා වෙන්නද අඬන්නද කියල හිතා ගන්න බැහැ

    කොහොම උනත් කණිෂ්කගේ කථාවේ එන අලි වර්ග කියන පින්තූරය ගැන මට යමක් කියන්න හිතෙනවා.
    එම පින්තූරයේ යටින් ඇති විද්‍යාත්මක නාමයන් බලන්න.
    පොදුවේ අපි අලි කියලා හැඳින්වූවාට අප්‍රිකානු අලියා (ලොක්සෝඩොන්ටා ඇෆ්‍රිකානා ) හා ආසියානු අලියා (එලිෆස් මැක්සිමස් ) කියන්නේ සම්පූර්ණයෙන්ම එකිනෙකාට වෙනස් සත්ත්ව විශේෂ දෙකක්.
    බොර්නියාවේ අලියාත් අනෙකුත් සද්ධන්ත ආසියානු ඇතුනුත් අයත් වන්නේ එකම සත්ත්ව විශේශයකට උන් සැම එකෙකුම අන්තරාභිජනනයෙන් සරු ජනිතයන් බිහි කළ හැකි උන්. එහෙත් අප්‍රිකානු අලියායැයි කියන සතා හා ආසියානු අලියා අතර එසේ අන්තරාභිජනනයක් කල නොහැකියි.
    සද්ධන්තයාත් කුරු අලියාත් එකම විශේශයක් තුල ඇති උනු ජාන වෙනස් කම් නිසා බිහි වූ විව්ධ ශරීර ලක්ෂන රැගත් අලින් පමණයි. මිනිසුන් අතර දීග ජන්තුලාත් කුරු මිට්ටෝත් බිහුවනවාට වඩා වෙනසක් එහි තිබිය නොහැකියි.
    මෙය ස්වාභාවික සංසිද්ධියක් උවත් උවමනා නම් මේ සත්ත්වයා යොදාගෙන කුරු අලි පරපුරක් නිර්මාණය කරගැනීමට හැකිවේවි. ඒත් ඒ සඳහා මෙම අලියාගේ පැටවුන් ලබාගෙන උන් අතර අන්තරාභිජනනය කොට ඉන් ලැබෙන පැටවුන් අතරින් තෝරාගත් පැටවුන් අතර නැවත අන්තරාභිජනනයක් කිරීමට සිදු වේවි. දීර්ඝ ජීවිත කාලයක් ඇති අලියා වැනි සතෙකු සමග මෙය ඉතා අසීරු හා දීර්ඝ කාලයක් වැය වන ක්‍රියාවක්.
    එසේම සංස්කෘථියක් සහිත සත්ත්වයෙකු වන ආසියාතික අලියාගේ සොයුරු සොයුරියන් අතර අන්තරාභිජනනයක් සිදු නොවන බව මා අසා ඇත. එහි සත්ත්‍යයක් වේනම් මෙය තවත් නොහැකි දෙයක් බවටම පත්වනු ඇත.

    ReplyDelete
    Replies
    1. විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි මුත්, අපේ පැරැන්නන් අපට පවසා ඇති පරිදි ලංකාවේ අලි වර්ග තුනක් වාසය කර තිබේ. ඉන් එකක් සමනල අඩවිය ඇතුළු ඉහල කඳුකර වනාන්තර වල විසූ කුරුඅලි විශේෂයකි. සමනල අඩවියේ තෙතමනය සහිත පොළොවේ ඝනව වැඩුණු රුක් ගොමු අතරේ සීග්‍ර බෑවුම් සහිත අනතුරුදායක පරිසරයක් දැවන්තයෙකුට නුසුදුසු බව ඔබට වැටහේයැයි සිතමි. විශේෂයෙන් හෝටන් තැන්න ආශ්‍රිතව කඳුකර අලි දහස් ගණනක් වාසය කළ බවත් උන් වතු වැඩට පැමිණි ඉංගිරිසින්ගේ ගිණිබටයට ළය දී පරලෝ සැපත් වූ බවත් වාර්තාගත ඉතිහාසයයි. දිය ඇල්ලට නම දමා අපාගත වූ සිරිමත් සැමුවෙල් බේකර්, ප්‍රසිද්ධ අකුණු ආකර්ශකයක් වූ තෝමස් රොජර් වැන්නන් විසින් දිවංගත කරන ලද අලි ගණන කිහිප දහසෙකි.

      ඔබ බෞද්ධ සාහිත්‍යය පරිශීලනය කරන්නේ නම් අලි වර්ග මීට වඩා වැඩි ගණනක් සොයා ගත හැක. චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ වාමනිකා, උච්චාකාලාරිකා, උචචා කණේරුකා ඈ නම් ඇති කෙනර වර්ග කිහිපයක් ගැන කියැවේ. බුදුරදුන්ගේ දශබල ගැන කියැවෙන තන්හි දස කුලයෙක ඇතුන් ගැන කියැවේ. "...ඇතුන් දසදෙනෙකුගේ බල හා සමාන වූ කායබල දසයක් ඇතිනියා කෙසේ ද? යත්:- කාලවක යැ, ග‍ඬෙගය්යය යැ, පණ්ඩර යැ, තම්බ ය, පිඞගල යැ, ගන්ධක යැ, මඞගල යැ, හෙම යැ, උපොසථ යැ, ඡද්දන්ත යැ යි කියා මෙසේ ඇතුන්ගේ දසකුලයෙක් වන්නනේ යැ..." ඈ ලෙසින් බුත්සරණ කතෘ එය විස්තර කරයි.

      අප උපුටා දැක්වූ වර්ගීකරණය නූතන බටහිර අනුවයි. ඒ අනුව ලෝකයේ අලි විශේෂ දෙකකි. ඒ අප්‍රිකානු හා ආසියානු වශයෙනි. ආසියානු අලින්ගේ උප විශේෂ තුනකි. මහද්වීපික (ඉන්දියානු) විශේෂය, ලංකා හා සුමාත්‍රානු විශේෂය වශයෙනි. මින් ලංකා විශේෂය ඉතාම දැවැන්ත වන අතර සුමාත්‍රා විශේෂය මේ තුන් වර්ගයෙන් ඉතාම කුඩා විශේෂය වේ.
      * http://en.wikipedia.org/wiki/Elephas_maximus_maximus
      * http://en.wikipedia.org/wiki/Elephas_maximus_indicus
      * http://en.wikipedia.org/wiki/Elephas_maximus_sumatranus

      අන්තරාභිජනනය සම්බන්ධයෙන් නම් වැඩි දෙයක් කීමට නොදනී.

      Delete
    2. සිතුවිළිNovember 26, 2013 at 6:28 PM

      විද්‍යාව යොදාගෙන කථා කල යුතු තැන එසේ කිරීම නිසා මා විද්‍යාව සරණ ගියයෙකුයැයි හංවඩු ගසනා ආකාරයේ තැනක් නොවේයැයි සිතමින් මෙසේ අදහස් දක්වමි.
      සත්ත්වයෙකුගේ විද්‍යාත්මක නාමකරනයේදී අවසන් නාමකරනය යොදන්නේ සත්ත්වයා අයත් වන කුලය හා විසේසය වශයෙනි.
      මේ අනුව හොමෝ යන කුලයට අයත් මිනිසාගේ විසේශ නාමය සේපියන්ස්ය.
      එහෙත් හොමෝ ඉරෙක්ටස් වැනි සතෙකු කුලයෙන් සමාන වෙනත් විශේශයක සත්ත්වයෙකි.
      අන්තරාභිජනනය යන සංකල්පය යොදා ගන්නේ සත්ත්වයන් එකම විශේශයකට අයත් යන බව තහවුරු කර ගැනීමටය. යම් සත්ත්වයන් දෙදෙනෙකු එකම විශේශයකට අයත්නම් ඔවුන්ට එක්ව අන්තරාභිජනනයෙන් සරු ජනිතයෙකු බිහි කල හැක. එහෙත් එකම කුලයේ විෂේශ දෙකකට අයත්සතුන්ට ඇතැම් විට අන්තරාභිජනනයෙන් දූහිතෲ සත්ත්වයෙකු බිහි කල හැක එහෙත් නියත ලෙසම එම සත්ත්වයා සරු සත්ත්වයෙකු නොවනා වඳ සත්ත්වයෙකි. අශ්වයා හා බූරුවා එකතුවෙන් කොටළුවෙකු බිහි වන්නා සේ.

      එසේම මිනිසා ගැන හෝමෝ සේපියන්ස් කීමෙන් පසු නැවත සේපියන්ස් යැයි කියන්නේ උප විශේශයක් දැක්වීමටය.
      ඒ ආකාරයෙන් ඔබ දක්වා ඇති අලි වර්ග වල එලිෆස් මැක්සිමස් මැක්සිමස් යනු උප විසේසයකි. එලිෆස් මැක්සිමස් ඉන්ඩිcඋස් යනු තවත් උප විශේශයකි.
      මෙවැනි උප විශේශ තිබුනද උන් එකම විශේශයකට අයත් නිසා උන් අතර අන්තරාභිජනනයෙන් සරු ජනිතයන් බිහි කල හැක. එසේ නැතිනම් මොවුන් දීර්ඝ කාලය වෙනස් වූ ජාන පරම්පරා රැකගත් බැවින් වෙනස් කම් පෙන්වන එකම විශේශයකට අයත් සතුන්ය.
      එසේ ලංකාවේ කලකට පෙර කුරු අලින් උප විශේශයක් සිටියානම් උන් හා මුහු වීමෙන් වත්මන් අලි පර පුර තුල එම කුරු අලි ජාන රැගත් අලින් සිටීම සාධාරනය. එවන් ජාන ප්‍රමුඛතාවයට පත් වීමෙන් අතරින් පතර කුරු අලින් මෙලෙස මතුවීමද නිවැරදිය. එසේම එම අලින් යොදාගෙන නැවත කුරු අලිපරපුරක් තැනිය හැකිවීමද විද්‍යාත්මකව කලහැක්කකි.
      එසේ එලිෆස් මැක්සිමස් විශේෂය යටතේ එම්න ඕනෑම උප විශේශ දෙකක සතුන් මුහු කොට සරු ජනුතයන්ද උන්ගෙන් නව පරපුරක්ද තැනිය හැකිය.

      එහෙත් ලොක්සොඩොන්ටා ඇෆ්‍රිකානා යන සත්ත්වයා සැබැවින්ම අලියෙකු නොවේ. ඌ එලිෆන්ට් කෙනෙකු විය හැක. අලියා යන සිංහල වදනින් දක්වන්නේ එලිෆස් මැක්සිමස් යන සත්ත්වයාය. අප්‍රිකානුවා කුලයෙනුත් විශේශයෙනුත් වෙනස් වූ මිනිසා හා වඳුරා වැනි වෙනස්ම සත්ත්වයින් දෙදෙනෙකි. සරු ජනිතයෙකු තබා කිසිදු ජනිතයෙකු බිහිකල නොහැකි ආගන්තුක සත්ත්ව විශේශ දෙකකි.

      Delete
    3. සිතිවිළි, ඔබේ රචනය අපේ දැනුමට කරුණු කිහිපයක් එකතු කරයි. ඒ කරුණු ඉදිරිපත් කිරීම කිසිම අයුරකින් වරදක් නොවේ.

      ඔබ ඉදිරිපත් කරන අයුරු අලි විශේෂ ඇත්තේ දෙකකි. ආසියානු අලින් ලෙස සිංහලෙන් නම් කළ හැකි "එලිෆස් මැක්සිමස්" ගේ උප විශේෂ තුනකි ඉන්දීය, සුමාත්‍රානු සහ ලංකා අලි ලෙස හඳුන්වන්නේ. ඒ කරුණ පිළිගනිමු.

      එසේම, අප මුලින් කළ සඳහනක් නිවැරදි කිරීමටත් මේ අවස්ථාව කර ගනිමු. 'බටු අලි' සහ 'විල් අලි' ලෙස හැඳින්වෙන අලි ගැන ඔබ අසා ඇත්ද? අපේ පැරැන්නන් ඒ කුඩා අලි වර්ගය හැඳින්වීම පිණිස භාවිතා කළ වචනය "කුරු" අලි නොව බටු අලි යන්නයි. මෙයට අමතරව රුහුණු ගැටව් යන නමින් හැඳින්වෙන වර්ගයක්ද වෙයි. නමින් කියැවෙන පරිදි රුහුණු ගැටව් රුහුණු රටේ සිටිත්. මධ්‍ය කඳුකරය රුහුණු-පිහිටි-මායා යන තුන් සිංහලයටම අයත් බැවින් කඳුකරයේ සිටි අලි, මේ රුහුණු ගැටව්ම වීමටත් ඉඩ ඇත. එවිට රුහුණු ගැටව් යනු බටු අලින්ටම කියන නමක් බවට පත් වේ.

      කෙසේ වෙතත් අලි ගැන අප දන්නා කරුණු ඉතා සීමිත බැවින් මෙතැනින් නැවතීමට සිදු වෙයි.

      ඇත් සොහොන් ගැන අසා ඇති කෙනෙක් අප අතර වෙත්ද ?

      Delete
    4. ඇත් සොහොන ගැන දෙතැනක කියවා ඇත. නමුත් ඒ ගැන ඇත්තේ දළ මතකයක් පමණි.
      එකක් සිංහල නවකතාවකි. බොහෝ විට මාටින් වික්‍රමසිංහගේ විය හැක. අනෙක පුවත්පත් ලිපියක්. කිසියම් සුද්දෙකුගේ නමක් දමා ඔහු ඇත් සොහොන සොයා ගත් තැනැත්තා බවයි එහි සඳහන් වූයේ. එහෙත් එය තිබෙන තැන නම් ඒ ලිපියේ තිබුණාදැයි මතකයේ නැත.

      Delete
    5. සිතුවිළිNovember 27, 2013 at 7:35 PM

      ඇත් සොහොන් කතාව මමත් අහලා තියෙනවා, මේවා ගැන බොහෝම රසවත්කථා පරිසරයට හා ලක් ඉතිහාසයට බොහෝම ඇළුම්කල පුද්ගලයෙකු උනු මගේ පියා අපට කුඩා කලදීම කියා දී තිබෙනවා.
      එහෙත් මේ ගැන කල නිවැරදි වාර්තාවක් ගැන මාත් දන්නේ නැහැ.
      ජෝසප් කියන විදියට ඔයින් එකක් සුද්දෙක් සොයා ගතානම් ඉතින් උගෙ නම් යොදලා ඇති. ඒ වගේම ඒක සුද්දා විසින් අලින්ට උගන්වපු දෙයක් කියලත් අපේම උන් තව ටික කාලයක් යන කොට කියාවි.
      සුද්දා ආ නිසා ලංකාවේ අලිත් සිවිලයිස්ඩ් උනා කියලා.

      අපේ මිනිස්සු සියවස් ගනනක් පරිහරනය කල මහ එළිය තැන්න සුද්දෙක් කීවහම ඌයි හොයා ගත්තේ කියලා සුද්දෝ ඒකට හොර්ටන් තැන්න කීවා (වරදක් නැහැ ඌනේ හොයා ගත්තේ ) හැබැයි ඒ තාක් කල් ඒකට මහ එළියතැන්න කියලා නම තිබ්බ අපෙ එවුන් මිනිස්සු නෙවෙයිනේ ඉතින් ඒ සොයාගැනීම් වලංගු නැහැ.
      ඇත්තටම දැන් කාටද මේ අපෙඋන් ව වලංගු නැත්තේ. අදටත් හොර්ටන් තැන්න කියන නම භාවිතා කරන අපේම උන්ටම නේද?

      Delete
    6. ජොසෙෆ් සඳහන් කරන සිංහල නවකතාව රෝහිණි යැයි සිතමි. එය අමතකව තිබූ කෘතියක්. බොහෝ උත්සාහ දරා අවසානයේ නම මතක් කර ගත්තේ '...මහානාග-රණශීලා, ජයපාලට මාලිනී - ආදරයෙන් එකතු උනා අතුල සමග රෝහිණි...' යන ජෝතිපාලයන් විසින් ගැයෙන ගීය මතකයට නගා ගැනීමෙන්. හඃ ! කොහොමද සාහිත්‍ය දැනුම.

      රෝහිණි ලියවෙන්නෙ මාටින් වික්‍රමසිංහ ශූරින් අතින්, ඊට ප්‍රස්තුත වන්නේ දුටුගැමුණු රාජ්‍ය සමය. ඒත් ඇත් සොහොන් ගැන එහි තිබුණාද නැත්දැයි ස්ථිරවම කියන්නට තරම් මතකයක් තිබුණේ නෑ. ජොසෙෆ්ගේ ඉඟිය නිසා දැන් එය කීමට හැක. ජොසෙෆ්, ඔබ සතුව ඒ නවකතා පොත තිබේද?

      සිතුවිළි, අපේ මිනිස්සු සියවස් ගණනක් මහඑළිය පරිහරණය කළා නොව සුවහසක් කල් පටන් ඒ ගැන දැන සිටි බවයි කීමට හැක්කේ. ලංකාවේ ඇති වූ මුල්ම මිනිසුන් ගොවිතැන ආරම්භ කළ යුගයේ සහ ඊට පෙර මේ පෙදෙස් වල කණ්ඩායම් වශයෙන් දිවි ගෙවන්නට ඇති. ඒත් ඉංගිරිසින් මෙහි ගාටන කාලය වන විට මේ බිම් සිංහලයින් විසින් වන සතුන්ටම වෙන් කර අවසන්.

      උතුම් මනුෂ්‍ය වර්ගයක් විසින් වන සතුන්ට වෙන් කළ සුවිශාල බිම් කඩක, තිරිසනුන් විසින් රඟදැක්වුණු, අසමමිතික හැකියාවන් මත ශක්තිවන්තයා තෝරා ගැනීමේ තරඟයේ හෙවත් සීඝ්‍රගාමි කළ ස්වභාවික වරණයේ ප්‍රතිඵලයයි අද හෝටන් තැන්න ලෙස හැඳින්වෙන්නේ. සිංහලයින්ගේ මහඑළිය අද නැත. මහඑළිය වනසා අඳුරු කර ඒ මත ගොඩ නැංවූ සොහොන් කොතයි හෝටන් තැන්න නම් වන්නේ. හද කකියවන සත්‍ය කතාව එයයි.

      මහඑළියට හෝටන් තැන්න කීම පසෙක තබමු. හෝටන්ගේ උරුමය ඉල්ලා ඉංගිරිසින් මෙහි එන්නේ නැත. සිංහලයින්ගේ සීතඑළිය, සීතාඑළිය බවට පත් කිරීමේ තක්කඩි කම ගැන කිව හැක්කේ කුමක්ද?

      Delete
    7. සිතුවිළිDecember 1, 2013 at 9:16 PM

      කණිෂ්ක,
      ඔබ සොයන රෝහිණී කෘතියෙහි 2006 වසරෙහි පල වූ 44 වන මුද්‍රණයේහි පිටපතක් මාගේ පෙත් එකතුවෙහි ඇත.ආශ්චර්‍යයක තරම, මා මේ පොත කියවා නැත.

      Delete
    8. සිතුවිළිDecember 1, 2013 at 9:37 PM

      කණිෂ්ක,
      මා විසින් අලින්ගේ වර්ගී කරනය ගැන ලියූ දේ පදනම්ව ඔබ කරන ප්‍රකාශය හා මා එකඟ නොවෙමි.
      මා කියන අයුරු ලොව ඇත්තේ අලින් විශේශ දෙකක් නොව එකක් පමණි.
      ඒ ඔබ විශේශන පදයක් වූ ආසියානු කියා යොදමින් හඳුන්වන සත්ත්ව විශේශයයි.
      අප්‍රිකානු අලියා කියා හඳුන්වන සත්ත්වයා සැබැවින්ම අලියෙකු නොවේ. ඒ අලියෙකු වැනි සත්ත්වයෙකි.
      ඉතින් අපගේ අලින් අතර විවිධ පවුල් වශයෙන් උන් වෙන්ව විසීම නිසා හටගත් පොදු භාවිතයේදී අප කුල ලෙස හඳුන්වන බෙදීම අප සාකච්චා කල යුතු දෙයකි. එවන් බටු අලි කුලයක් වඳවීනම් ඉන් කියැවෙන්නේ අපගේ අලි පරපුරෙහි එක් ජාන විශේශත්වයක් විනාශ වී ගොස් ඇති බවකි.
      සිංහලයා අලියා කියා කීවේ ලංකාවේ හා ඉන්දියාවේ ඉන්නා සත්ත්වයාටය.ඉතින් ඉඳුරා වෙනස් සතෙකු අලියෙකු විය නොහැක. එහෙත් අප්‍රිකාවේ සිටින සත්ත්වයා එලිෆන්ට් කෙනෙකු විය හැක. ඒ ගැරඬියාත් පොළඟාත් ස්නේක් වීම වැනි තත්වයකි.
      හන පවුලට අයත් අන්නාසියත්, පැඟිරි පවුලට අයත් දිවුලත් සුද්දාට ඇපල් වූවා වැනි කථාවකි එය. සුද්දා දිවුලට වුඩ් ඇපල් කීවා කියා අප එය දැව ඇපල් හෝ දැව ගෙඩි කියන්නේ නැත, අපට දිවුල කීවිට ඉන් හොඳ අදහසක් ජනිත වේ.
      අලියා කියන වදනත් සිංහලයාට එබඳුයැයි සිතමි.

      Delete
    9. "අප්‍රිකානු අලියා කියා හඳුන්වන සත්ත්වයා සැබැවින්ම අලියෙකු නොවේ. ඒ අලියෙකු වැනි සත්ත්වයෙකි."

      හරි සිතුවිළි, හරි ! ඔබ කියන දේ අපට නොවැටහුණා නොවෙයි.

      එහෙත් ඇත්ත නම් අප්‍රිකානු දැවැන්තයා අපටනම් තවත් "අලියෙක්" ලෙසින්ම පෙනෙන බවයි. ඉංගිරිසින් (එලිෆන්ට්) පසෙකින් දමා ඌ දෙස බැලුවොත් ඔබට පෙනෙන්නේ වෙන සතෙක්ද?

      මෙලෙසින්ම රයිනෝසිරස් කඟවේනා ලෙසටත්, හිපපොටේමස් තවත් ලොකු ඌරෙක් ලෙසිනුත් අප විසින් හඳුනා ගනීවි. ඇන්ටිලොප් ලෙස හඳුන්වන සත්ත්වයින් අපට තවත් එක මුවෙක් වෙයි. මුස් ලෙස හඳුන්වන ශිත කලාප වල වෙසන සත්වයා තඩි ගෝනෙක් වන අතර බයිසන්ට ගවරා කියා කීමට ඉඩ ඇත. පැන්ඩා වලහෙකි. ඇනකොන්ඩා පිඹුරෙකි. චීටා කොටියෙකි. හයිනා කැත නරියෙකි.

      අප සැම විටම අලුත් දෙයක් දකින්නේ දැනට දන්නා දේ අනුසාරයෙනි.
      අර අහවල් සුද්දිය රාත්‍රියේ දුටු අලියා "නැට්ටෙන් ගත් පළතුර අහවල් එකට ඔබා ගත්තා" කියා ස්වකිය මෑණියන්ට ලියා යැවුවා මෙනි. ඒ නවයොවුන් සුද්දියගේත් අපගේත් අතර ඇති වෙනස ඈ ඒ අපූර්වත්වය තමන් කිසිදා නොදුටු දෙවියන් වහන්සේ කෙනෙකුට පැවරීම පමණක්ම විය හැක.

      Delete
    10. සිතුවිළිDecember 5, 2013 at 6:32 PM

      කණිෂ්ක,
      ඔබ කියන්න මා තේරුම්ගත් නමුත් එකඟ වීමට අකැමැත්තෙමි.
      සිංහල අපට උරුම දකිනා අයුරින් යමක් ගැන කතා කිරීම පමණක්ද? මා එසේ නොසිතමි. අපට යමක් ගැන අපගේ පදනමේ සිට අපගේ විද්‍යාවකට අනුව පැහැදිලි කිරීමේ අයිතියක් ඇත.
      දකිනා අයුරින් පමණක් අප යමක් ගැන කථා කරනවානම්, මා කොතෙකුත් වඳුරන් දැක ඇත. උන්ට මා වඳුරන්යැයි කියා අමතන අතර උන්ගේ යම් කිසි ලස්සනක්ද දකිමි.. එතකොට කණිෂ්කනම් මානවයා දුටු විට කුමක් වැනිදැයි මාගෙන් යමෙකු ඇසුවහොත් කැත වඳුරෙකු යැයි මා කීවොත් එය වැරදිද?
      ඔබ ප්‍රශ්න කරන පදනමින් එය නිවැරදි විය යුතුය.
      එහෙත් සිංහල බසින්ම අපට වැටහෙන පරිදි වඳුරා එකෙකි මිනිසා තවකෙකි. මිනිසාගේ කැත ලස්සන මිනිසාට සාපේක්ශව වන අතර වඳුරාගේ කැත ලස්සන වඳුරාට සාපේක්ශව වේ.
      මට අනුව අප්‍රිකානු අලියා කියන සතා කැත හෝ ලස්සන නැත. ඌ අලියෙකු නොව අලියෙකු වැනි සතෙකි.
      රයිනෝ සිරසා වැනි වූ කඟවේනා නම් සතෙකු ලක් පොලොවෙහි විසූ බව අසා ඇත. ඌ වෙනකෙකු නම් රයිනෝසිරසා කඟවේනෙකු වැනි සතෙකි. එකාමනම් ඌට කඟවේනා කීම නිවැරදිය.
      සිංහලෙන් මුවා යනු සතෙකුගේ නමක් නොව සත්ත්ව වර්ගයකට යොදන පොදු නමකි. තිත් මුවා ඕළු මුවා ලෙස විශේශන යොදන්නේ එබැවිනි. ඉතින් ඇන්ටිලොප් මුව වර්ගයක් විය හැක.
      පැන්ඩා වළහෙකු වැනි සතෙකි, ඇනකොන්ඩා පිඹුරෙකු වගේම සතෙකි. අප ඇනකොන්ඩාට ඇමේසන් පිඹුරා යැයි කියනවාද? අප්‍රිකාවේ සිටින අලියෙකු වැනි සතා අප්‍රිකානු අලියා නම් ඇමේසන් හි සිටින පිඹුරෙකු වැනි සතා ඇමෙසන් පිඹුරා වීමෙහි ඇති වරද කුමක්ද?
      හයිනා කැලෑ බල්ලෙකු වැනි සතෙකි
      නැට්ට මිස හොඬය ගැන නොදත් සුද්දිය හොඬයට වලිගය යැයි සිතූ මුත්, හොඬයත් වලිගයත් ගැන දන්නා අපි හොඬයත් වලිගයත් ඇති හැම සතාටම අලියා යැයි කිව යුතුද?
      හොඬයත් වලිගයත් ඇති එක සතෙකුට එලිෆන්ට් යැයි කී සුද්දා එවන් සැමකෙකුටම එලිෆන්ට් යැයි කීමට අවිචාරවත් වීම අප වැලඳගතයුතුද?

      Delete
    11. අප සැම විටම අලුත් දෙයක් දකින්නේ දැනට දන්නා දේ අනුසාරයෙනි. යැයි අප විසින් කළ සඳහන ඔබට මග හැරිණි යැයි සිතමි.

      රයිනෝසිරස් කඟවේනා වන්නේත්, හිපපොටේමස් තවත් ලොකු ඌරෙක් වන්නේත්, ඇන්ටිලොප් ලෙස හඳුන්වන සත්ත්වයින් තවත් එක මුවෙක් වන්නේත්, මුස් ලෙස හඳුන්වන ශිත කලාප වල වෙසන සත්වයා තඩි ගෝනෙක් වන්නේත්, බයිසන්ට ගවරා, පැන්ඩා වලහා. ඇනකොන්ඩා පිඹුරා. චීටා කොටියා සහ හයිනා කැත නරියෙක් වශයෙනුත් හඳුනා ගැනෙන්නේ දැනට දන්නා දේ අනුසාරයෙන් අලුත් දෙයක් දකින අප විසිනි.

      පෙර නුදුටූ විරූ දෙයක් දුටු වහාම එක වරම එය හඳුනා ගෙන විශ්ලේෂණය කර නමක් දැමීම ආදම්ට මිස අපටනම් කළ නොහැක.

      කණිෂ්කනම් මානවයා දුටු විට කුමක් වැනිදැයි ඔබගෙන් යමෙකු ඇසුවහොත් කැත වඳුරෙකු යැයි ඔබ කීම කිසි සේත් වරදක් නැත. එහෙත් ඒ දෙන ලද සන්ධර්භයක් තුලයි. ඒ ඔබ මීට පෙර කිසි දිනෙක මනුෂ්‍යයෙකු දැක නැති වීමයි. එහෙත් ගැටළුවනම් මේ අවශ්‍යතාවය කිසි සේත් සැපිරිය හැකිද? ඒ අවශ්‍යතාවය සපිරුණු කළ අර ප්‍රශ්නය අසන්නේ කවුද?

      එසේ ඇසිය හැකි එකම අවස්ථාව දෙවියන් වහන්සේ විසින් ආදම් තැනට, නම් කිරීම පිණිස සතුන් සපයා දුන් අවස්ථාවයි. මුලින් වඳුරා දුටු ආදම් තෙමේ දෙවියන් වහන්සේ විසින් 'කණිෂ්ක' පෙන්වූ කළ මේ අභිනව සත්ත්වයා "කැත වඳුරෙකු" වැනි යැයි කීවොත් එය සාකල්‍යයෙන්ම සහේතුක කියමනකි. ඒ ඔහු ඊට වඩා සාම්‍යයක් ඇති සත්ත්වයෙක් නොදන්නා බැවිණි.

      එහෙත් කණිෂ්ක ස්වවචනය අවදි කර "මම කැත වඳුරෙක් නම් තෝ කැතම කැත වඳුරා... දෙවියන් වහන්සේ ඊට වඩා වඳුරා... !" කීවොත් දුප්පත් ආදම්ට කට උත්තර නැති වනු ඇත.

      Delete
    12. දුප්පත් ආදම්ට විතරක් නෙවෙයි පෝසත් සිතුවිළිටත් කට උත්තර නැති වෙලා වගේ. ඒයාට විතරක් නෙවෙයි හැබැයි කට උත්තර නැති වෙලා තියෙන්නේ. අනික් එක්කෙනාටත් නැති වෙලා වගෙයි.

      Delete
    13. සිතුවිළිDecember 11, 2013 at 6:38 PM

      කිසි දින දෙබිඩි පොල් ගසක් දැක නැත්තෙකුට එම ගසක් පෙන්වා මෙය තල් ගසක් වැනි ගසකියි කී විට නැහැ එය ලොකු තල් ගසකියි කීවොත් ඔබ ඉන් එහාට කියන්නේ කුමක්ද?
      මම නම් කරන්නේ කට වහගෙන කරබා ගැනීමයි.
      කණිෂගේ තර්කයට අනුව තඩි පිඹුරෙකු වැනි ඇනකොන්ඩාට ඇයි අප ඇමේසන් පිඹුරා නොකියන්නේ?
      අප්‍රිකාවේ සිටින අළියෙකු වැනි සතා අප්‍රිකානු අලියා නම් ඇමේසන්හි වෙසෙන පිඹුරෙකු වැනි සතා ඇමේසන් පිඹුරා නොවන්නේ ඇයි?

      අනේ මට නම් තවත් මේ ගැන කථා උවමනා නැහැ!

      Delete
    14. හික් !

      සිතුවිළිනම් ඉන්නවා... අනික් එක්කෙනා හයිබර්නේට් වෙලා වගේ. ඔන්න මම ලිපියක් එව්වා. කේ හයිබර්නේට් එකෙන් නැගිටලා අද ඒකවත් පල කරයි කියලා හිතනවා.

      හයිබර්නේට් කියනකොට මට තවත් දෙයක් මතක් උනා. අපේ කේ'ට කණිෂ්ක කියන නම ගැලපෙන්නේ නෑ. මෙයාට දා ගන්න තිබුණේ කුම්භකර්ණ කියලා. ඒ ඇයි කියලා දන්නෝ දනිති.

      (සිතුවිළිට විතරද උරුම මිනිස්සුන්ට නම් කියන්න - ඔන්න මමත් කිව්වා ... හික් !)

      Delete
    15. හපොයි !

      සිතුවිළි, මේනම් නපුරු වැරදි වැටහීමක්. අප (මම) පුරුද්දක් ලෙස මම යෙදිය යුතු තන්හි අප යැයි යෙදීම නිසා සිදු වූ අලකලංචියක්. අප (මම) විසින් ඉදිරිපත් කළ අදහස අප සියල්ලන් කෙරේ සාධාරණ සම්මතයක් බවට පත් විය යුතු බව අප (මම) කිසි සේත් අදහස් කළේ නෑ. ඔබේ පිඹුරා ගැන කිව යුත්තේ ඔහුට ඇමසන් පිඹුරා කීමේ වරදක් නැති බවයි. අප (මා) ඔහුට තඩි පිඹුරා කියද්දී සිතුවිළි ඔහුට ඇමසන් පිඹුරා යැයි කීම ගැටළුවක් කර ගත යුත්තේ ඇයි?

      J,
      කුම්භකර්ණ නම නරක නෑ.... හඃ ! ඒත් කාලෙන් කාලෙට නම වෙනස් කරන්න ගියොත් දෙතිස් කතා එකසිය දෙතිස් කතා වෙයි. ඒ නිසා මේ නම හොඳයි.

      Delete
    16. සිතුවිළිDecember 13, 2013 at 2:58 PM

      මම වෙනුවට අපි කියන SiTh මලයාට කුමක් වීද?

      Delete
  3. සිතුවිළිDecember 5, 2013 at 6:45 PM

    කණිෂ්ක හා ජෝසප්,

    මාටින් වික්‍රමසිංහයන්ගේ පොත් කියවා ඇති ඔබ දෙදෙනා යම් ලෙසකින් එතුමාගේ නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය යන පොත කියවා තිබේද?
    මෙම පොතෙහි එතුමන් විසින් බුදු දහම පසුව පාලියට නගන ලද සාමාන්‍ය ජනයා විසින් වහරන ලද ප්‍රකෘථ බසකින් බුදු හිමියන් විසින් දෙසන ලද දහමක් බවත්, පසු කාලීනව බමුණු දහම් මග ගත් භික්ෂූන් විසින් සාමාන්‍ය ජනයාගෙන් ඈත්වූ පාලියට බුදු දහම නැගුවේ සාමාන්‍ය ජනයාට පාන්ඩිත්ත්‍යය පෙන්වීමට වැනි පටු අරමුනකින්යැයි මතයක් පල කරයි. එසේම ඒ සඳහා බොහෝ හේතු කාරනා මතුකරයි.
    මේ ගැන ඔබලාට යමක් කිව හැකිද? මෙම අදහස මේ ගැන මා මෙතෙක් දැරූ මතය නොපිට පෙරැලීමකි.

    ReplyDelete
    Replies
    1. මාටින් වික්‍රමසිංහයන්ගේ නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය යන පොත කියවා නැත. එවැනි පොතක් ගැන ජනප්‍රවාදයක් අසා වත් නැත.

      Delete
    2. මාටින්ගේ පොත් වලට මගේ ඒ හැටි ආසාවක් නැත. කැමති පොතක් නම් අඩු ගානේ නමවත් මතක තින්නෝනේ නේද. මාටින් ඒ කාලේ කලේ අද බාතිය-සංතුස් කරන ආකාරයේ වැඩක් බවයි මගේ අදහස. ඔහු වැඩක් කළා - අදායමක් හොයා ගත්තා - පොරත්වයක් දිනා ගත්තා - පොළොවට පස් උනා. මඩොල්දූව හා ගම්පෙරලිම හැර ඔහුගේ පොත් කියවා ඇති බවට මතක නැත. අර ඇත් සොහොන ගැන තිබුණු පොතත් අහම්බෙන් මතක් උනේ. සමහර විට එසේ අමතක වී තිබෙන පොත් කියවා තිබීමේ ඉඩකඩක් ඇත. එහෙත් එය දැන ගැනීමට ක්‍රමයක් නැත.

      Delete
  4. මට කම්මැලියි !!
    මොනවා හරි ලියන්න.
    දෙයියෝ ගැන කතාව ඉවරම නෑ නේද?
    ඒක ගැන ලියන්න බැරිනම් සිල්වා කියන මේ කතාව ගැන මොනවා හරි කියන්න.
    >> http://lankacnews.com/sinhala/main-news/105971/#comment-647229

    ReplyDelete
    Replies
    1. සිල්වා ගැන බලමු වෙන වෙලාවක. ඇත්තටම මෙතන කතා කරන්න දෙයක් ඉතුරු කරලා නෑ වගෙයි මටනම් පෙනෙන්නේ.

      Delete
  5. පෙඩෝරා (දකුණු තීරුවේ ලිනක්ස් ඇඩ් එක) කාරයා ගෙම්බෝ පනින සෙල්ලමක් කරනවාද? මට හොඳටම විශ්වාසයි මම සති අන්තේ බලනකොට තව දවස් 10 කට වඩා තිබුණා release එකට. දැන් තව දවස් දෙකයි.

    ඒක නෙමේ, කේ, ඔය ඇඩ් වලට ගෙවනවද?

    ReplyDelete
    Replies
    1. ෆෙඩෝරා 20 අවසන් සංස්කරණ නිකුත් කරන දිනය කල් ගිය බවයි දැන ගන්නට ලැබුණේ. හඃ, ජොසෙෆ්ට සල්ලි හදිසියක්වත්ද?

      (මේවාට කවුරුවත් මුදල් ගෙවන්නේ නැත.)

      Delete
  6. මේකේ සුද්ද සිංහල බණ නැද්ද?මම හිතුවා ඇති කියලා
    එලාර

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ හරි අපුරූ මිනිස්සු ඉන්නේ. එළාර කියලා නම දා ගන්න මිනිස්සුත් ඉන්නවා කියන්නේ ලොකු අනන්‍යතා අර්බුදයක් තියෙනවා කියන එකයි. කමක් නෑ. මෙයා එලාරනේ. හඃ !

      එලාර ඔබ තුමාත් දෙතිස් කතා වෙතට සාදරයෙන් පිළිගන්නවා ඕං. මෙතැන සුද්ද සිංහල නැත්තේ නෑ. ඒත් තියෙන්නේ මිශ්‍ර වෙලා. වෙන් කර ගන්න එක තමුන්ට බාරයි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !