Sunday, October 20, 2013

නීතිඥ මහතාගේ ආධාරය



ලංකාවේ දේශපාලනඥයන් වැඩි දෙනෙක් නීතිඥයන් වෙන්නේ මක් නිසාද කියා මොහොතකටවත් සිතුවාද?

මේ අය රැකියාව වශයෙන් ඒ වෘත්තියේ යෙදුනත් නැතත් සුදුසුකමක් වශයෙන් නීති විභාගය සමත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීමට එය අතවශ්‍ය වන නිසාම නොවේ. බරහිර රටවල නම් මන්ත්‍රීවරු නීති සම්පාදනයේ යෙදුනත්, ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ කාර්‍යභාරය අත එසවීමෙන් ඔබ්බට ගමන් නොකරන බැවිනුත්, ඒ අත එසවෙන්නේත් තමන්ගේ හෘදය ශාක්ෂිය අනුව නොව පක්‍ෂ තීන්දුව අනුව වන බැවිනුත් .......... මේ ගැන කතා කරයි නම් බොහෝ දේ කතා කළ හැක.

ඒ නිසා මන්ත්‍රී වරු පසෙක තබා නීතිඥවරු ගැන කතා කරමු.

නීතිඥ මහතාගේ ආධාරය

දැන් කාලේ දායක සභාවල් උනත් හරිම දියුණුයි. භාවිතා කරන්නේ පරිගණක තාක්‍ෂණය. දායකයින්ට පන්සල් එන්න වෙලාවක්වත් නැති මේ කාලේ දායක සභාව දායකය වෙතට යන එක තමයි නිවැරදි ක්‍රමය කියල එයාලට හිතෙන්න ඇති. අනිත් එක, පන්සල් පවා වෙනස් වෙලා ස්වාමින් වහන්සේලා සීලය පරදුවට තියලා පේස්-බුකියේ ඔට්ටු සෙල්ලං කරන මේ අබුද්දස්ස කාලේ දායක සභාවල් ගැන කවර කතාවක්ද !

අපේ පන්සලෙත් දායක සභාව වාර්ෂික අය වැය වාර්තාව සපයන්න කලින් හොයල බලනවා එක එක දායකයා කොහොමද ආධාර කරලා තියෙන්නේ, පහුගිය අවුරුද්දට කී පාරක්, කීයක් ආධාර කරලා තියෙනවද... කියලා. ඔන්න එහෙම පරීක්‍ෂා කරලා බලන භාණ්ඩාගාරිකතුමාට පරිගණක දිව්‍යරාජයා පෙන්නුම් කරනවා ප්‍රදේශයේ ලොකුම නමගිය නීතිඥ මහත්තයා සත පහකින්වත් ආධාර කරලා නෑ කියලා.

දැන් ඉතින් මොකද කරන්නේ, ආලවක යක්‍ෂයාගේ විමානේ පරද්දන මහා මන්දිරේක ඉන්න මේ යක්‍ෂයාගෙන් ගානක් කඩා ගත්තනම් අය-වැය වාර්තාව ගොඩ දා ගන්න පුළුවන් කියල හිතපු භාණ්ඩාගාරිකතුමා ප්‍රසිද්ධ නීතිඥතුමාගේ නොම්බරේ කරකැවුවා. එහා පැත්තෙන් ඉස්සුවෙත් නීතිඥතුමාම තමයි. ඔන්න ඉතිං ආගිය කතා එහෙම කතා කරලා කාරණේට බැස්සයි කියමුකෝ.

අපි දායකයෝ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා.. නීතිඥ තුමා... ඔබතුමා හංදියේ කඩකාමර පේලිය කුලියට දීල විතරක් මාසෙකට ලක්‍ෂ 20 විතර උපයනවා වගේ. පුත්තලමේ පොල් වත්තෙනුත් සෑහෙන ගාණක් එනවා ඇති නේ. ලොරි වලින් නම් වැඩි ආදායමක් නැතුව ඇති නේද... මේ ඔක්කොම නඩු කතා කරන ආදායයමට අමතරව නේ. නරකද පිනක්-දහමක් වෙනුවෙනුත් යමක් කළොත්.. සමාජ සේවයක් වශයෙන්... භාණ්ඩාගාරිකතුමා කියලා දැම්මා.

මොහොතක නිහැඬියාවක් පැතිරුණා... වැඩේ හරි කියලා භාණ්ඩාගාරිකතුමා හිතන්න හදනකොටම එහා කොණේ නීතිඥ තුමා සිහින් හඬින් කතා කළා. ඔබ තුමා හොයල බැලුවද අපේ අම්මගේ තත්වේ ගැන... භාණ්ඩාගාරිකතුමාට කතා කරන්න ඉඩක් නොදීම නීතිඥ තුමා කතාව කරගෙන ගියා එයා ඇඳට වැටිලා දැන් අවුරුදු තුනක්. ඉස්පිරිතාලේ බිල් ගෙවා ගන්න උන්දැගේ සබ්බසකලමනාවම වික්කත් මදි. බෙහෙත් වලට මාසෙකට කීයක් යනවා කියලද හිතන්නේ??

මම දන්නේ නෑනේ මහත්තයා... ඒ භාණ්ඩාගාරික තුමා.. දැන් කොහොමද අම්මට ?

අම්ම පැත්තකට දාමුකෝ.. දැන් මගේ හමුදාවේ හිටිය මල්ලි ! මිනිහා මෝටාර් එක වැදුනට පස්සේ රෝද පුටුවෙමයි, කකුල් දෙකම කැපුවානේ... හරියට ඇස් පේන්නෙත් නෑ. මේ ටික ඇහුවට පස්සේ භාණ්ඩාගාරිකතුමාට හිතෙන්න ඇති කතා කරලා කර ගත්ත ගොන් කම කියලා. අතින් කීයක් හරි දුන්නත් කමක් නෑ කියල හිතුනද දන්නෙත් නෑ. කොහොම හරි හඬ බාල කරපු භාණ්ඩාගාරික තුමා අනේ, සුදු මල්ලි නේද, හරි හොඳ කොල්ල, අපේ මල්ලිගේ යාලුවෙක්. මල්ලි එයා ගැන කියල තියෙනවා... කියල කියන්න වචන ගැට ගහ ගත්තා.

නීතිඥ මහත්තයාගේ හඬ තව ටිකක් උස් උනා. එතකොට නාවලපිටියට දීග දුන්න මගේ නංගි ! එයාගේ මහත්තයා වාහනෙත් එක්ක පල්ලමට ගියා ගිය අවුරුද්දේ. එයාලගේ බිස්නස් ඔක්කොම ඉවරයි, ඉඩමත් බැංකුවට සින්න උනා. නංගි අතේ සතේ නැතුව ළමයි තුන් දෙනාත් එක්ක ඔන්න දැන් මහගෙදර. එයා තමයි අම්මගේ සාත්තු සප්පායම් කරන්නේ, හොඳ වෙලාවට.

දැන් නම් භාණ්ඩාගාරිකතුමාට හොඳටම ලජ්ජාත් එක්ක. එයා කියන්න දෙයක් හිතා ගන්න බැරුව තමන්ටම මුණු-මුණු ගානකොට ...

උන්ටවත් පයිසයක්‌ වියදම් කරන්නේ නැති මම තමුසෙට කීයක්වත් දෙන්නේ මොකටද ! උගත් නීතිඥ තුමා කියලා දැම්මා.

පසු සටහන: මේ කතාව ලංකාවේ නීතිඥයන් ගැන කතාවක් නොවන බව හැමෝටම වැටහෙනවා නේද ?

26 comments:

  1. සිතුවිළිOctober 20, 2013 at 11:18 PM

    කණිෂ්ක,
    මේ කථාව නම් මීට පෙරත් අහලා තියෙනවා. ඒ උනත් ආයෙත් කියවන්න පුළුවන් විදියට රස කරලා ලියලා තියෙන නිසා මුළුමනින්ම කියෙව්වා.

    වැදගත්ම ප්‍රශ්නය.
    පොහොයට ඒ වෙනුවෙන්ම වැදගත් ලිපියක් ලිවීමේ සම්ප්‍රදාය ඔබ අත්හැර දමලාද?
    මේ තුන්වැනි මාසය පොහොය ලිපියක් පල නොවුනු.
    මේ පැනයට ඔබගෙන් පැහැදිලි පිළිතුරක් ලැබුනොත් මා අගය කරනවා
    ඔබට පින්.

    ReplyDelete
    Replies
    1. සිතුවිළි කියන දේ සහතික ඇත්ත. මම උනත් වැදගත්ම දේ විදියට දුටුවේ පෝ දා ලිපිය. මට මතකයි SiTh එක පාරක් යෝජනා කළා එක පෝය දිනයකට හැම සිදු වීමක්ම විස්තර නොකර ටික ටික ලියන්න කියලා. සිතුවිළි උනත්, SiTh උනත් දෙතිස් කතා වෙතට ආවේ විනෝද සමයම බලන්න නෙමෙයි.

      මොකද හිතන්නේ... පෝය ලිපිය නැති එක හරිම පාඩුවක්.

      Delete
    2. මිතුරු ජොසෙෆ් සහ සිතුවිළි,

      ඔබ දෙදෙනාගේ අදහස් අපට නොවැටහෙනවා නොවෙයි. එහෙත් කණගාටුවෙන් වුව පිළිගත යුතු කරුණ නම් පෝ දා ලිපිය නමින් නම් කළ ලිපි පෙළක් සැපයීමේ සැළැස්මක් අප සතුව මුල සිට නොපැවති බවයි. පොහොය දිනයේ සඳහන් කළ යුතු කරුණු තිබෙන බැවින් සටහනක් තැබුවා මිස, ඒ ඒ ලිපි පිළිවෙලක් ඇතිව ගලා යාමක් ඇතිව කළින් කළ සැළැස්මකට අනුව ලියූ ඒවා නොවෙයි. මාස කිහිපයක් ලිපි සපයන විට පමණි පෝ දා සපයන ලිපි වල ගැලපීමක් ඇති බවත්, කරුණු සකසා ලිපි පෙළක් ලිවිය හැකි බවත් අපට තේරුම් ගියේ.

      එක දිගටම පෝ දිනය අරමුණු කරගෙන ලිපි 13 පමණ ලියූ බැවිනි ඊට මද විරාමයක් දුන්නේ. එක හේතුවක් නම් එය ඉතා වෙහෙසකර ව්‍යායාමයක් වීමයි. පසළොස්වක පෝ දා පල කෙරෙන ලිපියට කරුණු සෙවීම බොහෝ විට අරඹන්නේ අමාවක පෝ දිනයේයි. සාමාන්‍ය ගූග්ල් සෙවීමක් නොවෙයි. අප සතු පොත් කිහිපයක් පරිශීලනය කර, පුවත් පත් ලිපි කියවා කරුණු එක් රැස් කරගෙනයි ඒ ලිපි වල ඇතුලත් කරන්නේ. පසුගිය මස කළ පොත් දානයේදී අප සතු මහාවංශයත් දානය කොට දෙන ලද බැවින් කරුණු සපයා ගත හැකි එක් මූලාශ්‍රයක් අහිමි විය. මහාවංශය නැවත මිලදී ගත යුතුව තිබේ.

      එසේම දෙතිස් කතා ලියවෙන්නේ අපගේ පෞද්ගලික කාල-වේලාව තුලදීය. මෑත කාලයේ අපට ඒ වේලාව අධ්‍යයන සහ වෙනත් කටයුතු සඳහා කැප කිරීමට සිදු වූ බැවිනුත් පෝ දා ලිපිය වැනි කරුණු අතින් පොහොසත් ලිපියක් ලිවීමට අවස්ථා මද විය.

      කෙසේ වෙතත් අප නිරීක්‍ෂණය කළ දෙයක් වූයේ පාඨක ප්‍රතිචාර පවා ඒ කාලය තුලදී ඉතා අඩු වූ බවයි. ඒ නිසා මිතුරනි, ඔබ දෙදෙනා පවසන දේ පිළිගැනීම හැර වෙන දෙයක් අපට මේ අවස්ථාවේ කළ නොහේ. මේ පෝ දා ලිපිය සුපුරුදු පරිදි ඇරඹෙන බවට දුන් පොරොන්දුවක් නොවේ.

      තිස් තුන් කෝටියක්‌ දෙවියන් ගැන ලිපියක් ලිවීමට අදහසක්‌ ඇත. බලමු !

      Delete
    3. සිතුවිළිOctober 26, 2013 at 6:10 AM

      මිතුර කණිෂ්ක,
      ඔබගේ ඉහත පැහැදිලි කිරීමට මාහට දීමට ඇති පිළිතුර යම් තරමකට අකාරුණිකය. සත්ත්‍යය සැමවිටම සුමට සුමුදු දෙයක් නොවේ.

      ඔබ බ්ලොගයක් පවත්වාගෙන යනවිට ඔබට නිතැතින්ම ඒ හා බැඳෙන මිතුරු කැළක් අව්ශ්‍යවේ. එය මූලික කාරනයකි.
      ඔබගේ කාල වේලාව ගැන ප්‍රශ්නය පෞද්ගලිකය. එය බ්ලොගය හා සම්බන්ද වූවක් නොවෙයි.

      මිතුරන්ගේ වැඩි ආකර්ශනයට ලක් වන ලිපි කුමක්දැයි ඔබට දැන් වන විට වැටහී ඇතුවා නිසැකය.
      උදාහරනයකින් කියනවානම් සී නිව්ස් අඩවියේ පලවූ පසුගිය පොහොය ලිපිය සතියක් තුල 23,000 ස් වරක් විවෘත කර ඇති අතර කොමෙන්ටු 160 ක් පලවී ඇත. මීට මාස කිහිපයකට පෙර පොහොය ලිපියේ කොමෙන්ටු සංඛ්‍යාවෙන් කථා 32 අඩවිය සී නිව්ස් ඉක්මවූවා මට මතකය.
      එහෙත් නැරබුම් සංඛ්‍යාව හොඳ මිම්මක් බව මා නොසිතමි මන්ද මෑතක සී නිව්ස් හී පල වූ නිළියන් කිහිප දෙනෙකුගේ ආරවුලක් සම්බන්ද ලිපියක් එක් දිනක් තුල 44000 ස් වරක් නරබා තිබුනි. මෙවන් බ්ලොගයක මිනුම එය නොවෙයි. එහෙත් මෙය සාකච්චාවට බඳුන් වූයේ කෙසේදැයි ඔබ දන්න රහසකි.
      පොහොය ලිපිය ලිවීමේත් නොලියා සිටීමේත් ඒ වෙනුවට වෙනත් හරවත් යමක් ලිවීමේත් එයත් නොකර සිටීමේත් අයිතිය ඔබ සතුය. කැමැතිනම් නිළියන්ගේ ඕපාදූප ලිවිමේ වුවද අයිතිය ඔබ සතුය.
      එය කියවීමේ හෝ නොකියවීමේත්, පිළිතුරු දීමේ හෝ නොදීමේත් අයිතිය අප සතුය.

      ඔබට මෙම බ්ලොගය වඩා සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමේ අවස්ථාව උදා වේවා කියා මා පතමි.

      (සාර්තකත්වය යන කාරනයට දිය හැකි අර්ථකතනය ඔබටම සාපේක්ශ වූවකි )

      Delete
    4. සිතුවිළි කියන දේ හරි...
      ඔබේ අසරණ කම අපටත් වැටහෙනවා, ඔය තත්වය අපටත් පොදු බව දන්නා නිසාම තමයි ඔබ ඉදිරිපත් කළ ලිපි සැපයීමේ ඇරයුම ප්‍රතික්ෂේප කළේ. මගේ අදහස නම්, ඔබ පෝය ලිපිය නැවත ලිවිය යුතු බවයි.
      LcN වල ඔබේ නමින් හොඳ අදහසක් දුටුවා. එය ලියුවේ ඔබනම්, ඒ ගැන පින් ! අපැහැදිලි තැන් කීපයක් පැහැදිළි කර ගත්තා.
      [http://lankacnews.com/sinhala/main-news/102962/#comment-617699]

      සිතුවිළි,
      ඔබ "ඔබට මෙම බ්ලොගය වඩා සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමේ අවස්ථාව උදා වේවා කියා මා පතමි." කියනකොට ටටා බායි වගේයි මටනම් දැනෙන්නේ... අනේ මන්ද ! ඔබ යමක් එකතු කළොත් නරකද ?

      කනිෂ්ක,
      1. මහාවංශය වෙබ් එකේ ඇත. උදා: http://mahamegha.lk/mahawansa/mahawansa-1/
      2. තිස් තුන් කෝටියක්‌ දෙවියන් ගැන ලිපිය ඉක්මනින් ලියන්න. එය කියවීමට කැමතියි.

      Delete
    5. සිතුවිළිOctober 26, 2013 at 11:01 PM

      නැහැ ජෝසප්,
      ටටා බායි කීමට මා අදහස් කලේ නැහැ.
      එසේ එකිනෙකා හැරගියහොත් ඔබට ඇති වන හැඟීම මට වැටහෙනවා.
      ඔබගේ ආරාධනාවකට මෙහි ආ මම කනිෂ්කගේ සුහදත්වයත් ඇසූ පිරූ තැන් ඇති බවත් ඉදිරියේ මෙය මගේම තැනක් කර ගත්තා.
      එයත් යම් අයුරක බැඳීමක්. බැඳීම් ඇති විට අපි එයින් යම් සාධාරණයක් බලා පොරොත්තු වනවා. අන්න එවිටයි බැඳීම දුකක් බවට පෙරැලෙන්නේ.
      මේ යතාව අපිට සැම දිනකම සැම අයුරකින්ම පෙන්වා දෙනු ලබනවා.

      මා එසේ රළුව අදහස් ගොනු කලේ කණිෂ්කයන් කෙරෙහි අමනාපයෙන් හැරදා යාමේ දහසකින් නොවේ. එහෙත් ඔබගේ විශේශ උනදුවකින් බොහෝදෙනා කැඳවා ශක්තිමත් කල කණිශ්කගේ මේ ව්‍යායාමය කඩා කප්පල් වනු දැකීමේ නොකැමැත්තයි එලෙසින් ප්‍රකාශ වූයේ.

      මෙය ඉදිරියට යා යුතුයි!

      ඒ හැකියාව කණිෂ්ක සතු බව ද දනිමි.
      විව්ධත්වයෙන් යුතු හොඳ ලිපි ඉදිරියේදි බලාපොරොත්තු වෙමු.

      Delete
  2. කලා අංශයෙන් A/L ලියා නීතිඥයෙක් වීමට හැකි වීම හේතුවක් නොවෙයිද?

    අද ඉන්න දේශපාලනඥයන් තර්කයක්වත් ගොඩ නංවා ගන්න දන්නා අය නොවෙයිනේ. මතකයක් තියෙනවද, අපේ මහරජාවත් කවදාවත් TV එකේ තර්ක කරනවා... මමනම් දැකලා නෑ. එතකොට සදාකාලික විපක්ෂනායක තුමා... ? එයත් නෑ. හැබැයි නීතිඥයෝ... ඔන්න විමලේ, වගේ උන් නම් තර්ක කරනවා, හැබැයි උන් නීතිඥයෝ නෙමෙයි.

    මම හිතන්නේ නීතිඥ කමත් දේශපාලනඥ කමත් අතර තියෙන මහා පොදු සාධකය තමයි වැඩ බැරි වීම සහ කට-වාචාල කම. දේශපාලන පසුබිම තියෙන එකා දේශපාලනඥයෙක් වෙනවා. නැති එකා නඩු කතා කරනවා. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. කලා අංශය නීතිඥ වෘත්තීය අතර සම්බන්ධයක් ඇතත් නීතිඥ වෘත්තීය සහ කලා අංශය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ඇතැයි සිතිය හැකිද? නීතිඥ වෘත්තීය යනු ලකුණු වැඩි වීම හේතුවෙන් අහම්බෙන් තේරෙන පාඨමාලාවක් නොවේ. විද්‍යා විෂයයන් හැදෑරීම පිණිස ලකුණු මදි වී කලා අංශයට යන සිසුවෙක් නීති පීඨයට තේරීමේ සම්භාවිතාව ඉතා අඩු නොවේද?

      Delete
  3. සිතුවිළිOctober 26, 2013 at 11:12 PM

    කණිෂ්ක වෙත තව අදහසක් යෝජනා කිරීමට කැමැත්තෙමි.

    මේ අඩවියේ නම දෙතිස් කථාය.
    දෙතිස් කථා ගැන හරවත් විමර්ශනයක් කලහොත් කෙසේද?
    ඇත්තටම මා එය ලිවීමට ආරම්බ කලා එහෙත් එය කථාවක් ස්වරූපයෙන් ඉදිරිපත් කරනවාද, නැතිනම් වාර්ථා ස්වරූපයෙන් සාකච්චා කරනවාදැයි පටැලැවීමක් හට ගත්තා.
    කණිෂ්ක, ඔබට හැකිනම් මේ ගැන ලිපියක් සම්පාදනය කරන්න. සාකච්චා කිරීමට හොඳ මාතෘකාවක් වේවි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තූතියි සිතුවිළි. දෙතිස් කතා ගැන ලිවීමේ අදහස තිබුණේ වසරක පමණ සිටය. එහෙත් කරුණු ගලපා ගැනීමේ ගැටළුවක් එය පමා කරයි. කරුණු ඇත - ගලපා ගැනීම අපහසුයි. කෙසේ වෙතත් තිස්තුන්කෝටියක්‌ දෙවියන් ගැන ලිවීමට කරුණු එකතු කරමි. (අද LcN වල දෙවැනි ප්‍රතිචාරයත් දැමුවා. පල වීද නොවීද කියා කිව නොහැක. අවසන් වතාවට බලන විට පල වී තිබුණේ නැත.)

      තිස්තුන්කෝටියක්‌ දෙවියන්ගේ නම් දන්නා කෙනෙක් සිටීද ?

      Delete
    2. "ආ විෂ්ණු ගැන ! එයා අර තිස් තුන් කෝටියෙන් එක් කෙනෙක් නෙවෙයි. ඒ වගේම කාන්තාරේදී මෝසෙස්ට ගිණි දැල්ලක් වගේ පෙනුණු ජෙහොවාත්, මුහම්මද්ට කණට කරලා රහස් කියාපු අල්ලාත් අර තිස් තුන් කෝටියට අයිති නෑ. ඔය වගේ හැට-හුටාමාරක්‌ පොඩි පොඩි දෙයියෝ ඉන්නවා අර 33 ට අයිති නැති."
      නියම උත්තරේ. ඒත් ...

      තිස්තුන්කෝටියක්‌ දෙවියන්ගේ නම් කොහොමද දැන ගන්නේ ? මේක උත්තර ලැබෙන ප්‍රශ්නයක් නෙවෙයි.

      Delete
    3. සිතුවිළිOctober 29, 2013 at 2:59 PM

      තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ නම් සෙවීමනම් ප්‍රායෝගික වන එකක් නැහැ. අනික තිස් තුන් කෝටියක් නාමාවලියක් කියවන්නේ කවුද.

      ඔය තිස්තුන් කෝටිය ගනන් කරන්න වෙන්නේ අසවල් දිව්‍ය රාජයා පන්සියයක් දෙව් සෙනග පිරිවරා, අසවල් දිව්‍ය අංගනාව එකුන් දහසක් දෙවඟනන් පිරිවරා ආදී ලෙස බෞද්ධ සාහිත්ත්‍යයේ කියවෙන අවස්ථා ගනනය කිරීමෙන් කියලයි මට නම් හිතෙන්නේ.
      සද්ධර්ම රත්නාවලිය බැලුවානම් හොඳ තොරතුරු ටිකක් සොයාගත හැකි වේවි.

      හැබැයි ඔය තිස් තුන් කෝටිය ක්‍රිස්තුපූර්ව හය වැනි සියවසේ සංගනනයට අනුවයි.
      අද වන විට දෙව්ලොව ජන ගහනය (වැරදුනා දෙව් ගහනය ) අඩුවෙලාද වැඩිවෙලාද කියන්න බැහැනේ. කවුද දන්නේ එහෙත් පුංචි පවුල රත්තරන් කියනවාද කියලා?

      Delete
    4. කනිෂ්ක තාම නම් හොයනවා වගේ......
      හික් ! නියම උප්පරවැට්ටිය.

      සිතුවිළි,
      මේක මම නොකියපු දෙයක්. මම හිතනවා තිස්තුන් කෝටිය කියන්නේ ඉලක්කමක් නෙමෙයි සංකේතයක් කියලා. මට ඔප්පු කරන්න බෑ. හිතුවිල්ලක් විතරයි. කොහෙන් හරි මේක (ඒ කියන්නේ 330,000,000) පටන් ගන්න ඇති. ඊට පස්සේ ඒක දිගටම යෙදෙන්නේ සංකේතාර්ථයකින්.

      එහෙමයි මම හිතන්නේ. බලමු k ගේ අදහසත්. මේ පමාව තමයි ඉවසගෙන ඉන්න බැරි. සමහර විට k ඇත්තටම තව්තිසා භවනේද දන්නේ නෑ ............ හික් !!!

      Delete
    5. සිතුවිළිOctober 30, 2013 at 10:37 AM

      තිස් තුන් කෝටිය කියන්නේ සංඛේතාත්මක භාවිතයක් කියලා තමයි මමත් හිතන්නේ. පන්සියයක් දෙව් සෙනඟ පිරිවරා ආදී ලෙසින් කියන කොට එතැන පන්සියයක් හිටියා කියලා කොහොමවත් කියැවෙන්නේ නැහැනෙ. ලොකු සෙනඟක් කියන අදහසයි තියෙන්නේ.
      ඉතින් තිස් තුන් කෝටියත් එහෙම වීමේ සම්භාවිතාවය වැඩියි. අනික මම කිව්වා වගේ සංගනනයක් කළ බවට අපිට සාක්ෂි නැහැනේ.

      පමාව ගැන කළබල වෙන්න එපා, අපේ කණිෂ්ක මහත්තයා බොහෝම නිවුනු මනසක් ඇත්තෙක්. එතුමා කළබල නැහැ අපි වගේ. මේ පමාවක් නෙවෙයි.
      අපිට ඉවසීම පුරුදු කරනවා.

      තව ඉවසන්න,
      ඒත් බැරිනම් තවත් ඉවසන්න,
      ඒත් බැරිනම් තව තවත් ඉවසන්න.
      එච්චර තමයි!

      Delete
    6. සිතුවිළිNovember 1, 2013 at 12:09 PM

      ජෝසප් සහෝදරයා, මොකද කියන්නේ ඉවසුවා ඇති කියලා අපිත් කුරුඳු පොලු ටිකක් අතට ගනිමුද?

      Delete
    7. කුරුඳු පොලු ගැන කිවුවා විතරයි මහදැනමුත්තා බය වෙලා...
      කොච්චර බය වෙලාද කියනවනම් ප්‍රතිචාර දමන එකත් නැති කරලා...

      Delete
    8. අනිත් එක...
      මට ඒ ලිපිය කියවපු ගමන් එක දෙයක් වැටහුණා (කරන්ට් එකක් වැදුනා වගේ !). මට වැටහුණු දේ හරිනම් ... එක්කෝ ඕනේ නෑ ... කුතුහලේ තියෙන එක හොඳයි.

      කොහොමත් මෙයා මඝ මානවකයගෙන් පටන් අරන් පංචසිඛ, මාතලී ඉඳන් 33 කෝටියක් කියාගෙන යනකං අපි ඉඳියිද කවුද දන්නේ. k කියන්නේ කපටියා ! මෙයා පටන් අරන් තියෙන්නේ ඉවර වෙන සෙල්ලමක් නෙවේ.

      අර ගොවියාගේ වී අටුවෙන් දවසට වී ඇටේ ගානේ අරං ගිය වී කුරුල්ලාගේ කතාව දන්නවා නේද සිතුවිළි ?

      Delete
    9. සිතුවිළිNovember 4, 2013 at 9:29 AM

      කුරුඳු පොලු කිව්වහම හිතුවද දන්නේ නැහැ අපි නායකත්වයට අභියෝග කරන්න හදනවා කියලා.

      අනේ අපිටනම් එපා එතුමාම තියා ගත්තුවාවේ.
      අපේ ප්‍රතිචාර එපානම් අපි නිකම් ඉන්නම්.
      දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න කියලානේ අපිට කියන්නේ හොඳයි එහෙම ඉඳලා බලමු එහෙනම්!

      Delete
    10. මිතුරනි, ඉවසන්න !

      ඊළඟ ලිපිය අඩක් අවසන්. 33 කෝටියක් ලිපි පෙළ අවසන් නොවන එකක් නොවෙයි. උපරිම ලිපි තුනයි, නැතිනම් දෙකකින් ඉවර වෙන්නත් පුළුවන්. සෑම ප්‍රතිචාරයක්ම එක තැනකට ගත යුතු නිසාමයි පළමු ලිපියේ ප්‍රතිචාර දැමීමේ හැකියාව අහෝසි කළේ. ඔබලා ගැන අහිතකින් නොවෙයි.

      Delete
  4. සිතුවිළිOctober 29, 2013 at 10:00 PM

    ජෝසප්,
    සී නිව්ස් වලදී අප හා දිගට සාකච්චාවේ යෙදෙන බිස්නස් කේස් යනු අප වියෝ වූවායැයි සිතූ ආතරවත්ද?

    කෙටි වාක්‍ය යොදා ගනිමින් ලියන දිගු ප්‍රතිචාර
    නන්දිකඩාල් යාම ගැන නැවත නැවත කීම
    නොයෙකුත් අදහස් ගැලපීමේදී සංගත බව යන වචනය නැවත නැවත යෙදීම ආදිය නිසා මාහට එසේ සිතුනා. ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. බිස්නස් කේස් යනු ආතර මාමාගේ පුනර්භවයයි. පුනර්භවයෙන් පසු ගිය දේ ගැන කතා කරන්නෝ සාමාන්‍යයෙන් පිස්සෝය.
      එහෙම නේද ?

      Delete
    2. සිතුවිළිOctober 30, 2013 at 10:28 AM

      හරි හරි ඒ කථාවනම් මම පිළිගත්තා
      මලගිය එකාගෙන් දැන් වැඩක් නැහැ. පුණර්භවයෙන් පස්සේ දැන් ඉන්න එකා එක්ක ගනු දෙනු කරමු එහෙනම්.

      Delete
    3. සිතුවිළිOctober 31, 2013 at 8:12 AM

      ජෝසප්,
      මේ ප්‍රශ්නය මීට පෙර ඔබ විවෘතව අසා තිබුනා මා දුටුවේ අදයි.
      ඒ ආතර මාමා පුණර්භවයක් ලබා ඇති බව දකින්නේ මා පමණක්ද ලෙසින් වූ ප්‍රශ්නයක් ලෙසින්.
      කෙසේ වෙතත් අපි අද ඉන්න සත්ත්වයා හා ගනුදෙනු කරමු. මලගිය එකාව සොයා පිස්සන් වන්නේ කුමටද?

      Delete
    4. ඔව් ඔව් ...
      ඒත් සමගම බොහෝ දෙනෙක් හැව ඇර තිබෙනු දුටුවා. එකම නමින් සිටින්නේ අපි දෙන්නා විතරද ?
      කණිෂ්ක පවා විවිධ නම් වලින් මීට පෙර LcN හි ප්‍රතිචාර දැක්වුවා, අවසන් වතාවට ඒ නමින් පසුගිය පෝය ලිපියට ප්‍රතිචාර දක්වන තෙක්. එය කිසිවෙකුට ගැටළුවක් නොවන්නේ ඔහු අනන්‍යතාවයක් ගොඩ නගා නොගත් බැවින්. මමත් වෙන නම් වලින් ප්‍රතිචාර දමා තිබෙනවා. ඒ මේ නමින් අනන්‍යතාවය ගොඩ නගා ගැනීමට කාලයකට පෙර. ඉතින්, මේ අයියලාට-මාමලාට පුරුදු නම හැර වෙන නමකින් ප්‍රතිචාර දැමීමට සිත් වූයේ ඇයි?

      Delete
    5. සිතුවිළිNovember 3, 2013 at 7:46 PM

      ජෝසප්,
      දැනට අපි දෙන්නයි නියමසිංහයි පරන විදියටම ඉන්නවා.
      අනෙක් උන් හැව ඇරියේ ඇයි කියන්න නොදන්නවා උනත් එහෙම වීම ගැටළුවකුත් නැහැ.
      මොකද මෙතැනදී ගනු දෙනු කරන කිසිම කෙනෙක් අපි සැබෑ නමින්වත්, පෙනුමෙන්වත් අන් කිසිම ආකාරයකින් දන්නේ නැහැ.
      හඳුනන්නේ අදහස් වලින් පමණක් නිසා ඔහේ අදහස් සමග විතරක් ගණුදෙනු කරමු.

      ඇත්තටම අපි මෙතරම් සමීපව සාකච්චා කලත් ආතර ගැන අපි සිතූ ලෙසින් අපගෙන් එකෙකු මිය ගියත් අප දන්නේ ඔහුගේ ප්‍රථ්චාර නැති වූ බව පමණයි නේද?

      Delete
    6. නියමසිංහයා නියම ගැරඬි වෙස් අරගෙන වගෙයි මටනම් හිතෙන්නේ.
      ➜ http://lankacnews.com/sinhala/main-news/102962/#comment-627922
      මේ යකාට අමු කැවිලද පරණ බුදුසරණ පත්තරේක තිබුණු එකම එක වාක්‍යයක් අල්ලගෙන ධම්මපදය විසි කරන්න හදන්නේ... නැතිනම් වෙන ඩයල් එකක් ද මේ නම දාගෙන අපිව මොළේ කොලොප්පන් කරන්න හදන්නේ...

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !