Thursday, September 5, 2013

දැන්වීම් දෙකක් (අලුත් කළා)

අපිට පොත් ලැයිස්තුවක් හදා ගන්න ඕනේ අර වගේ අමා පැන් දන්සැලකට. වෙනත් වචනයකින් කියනවනම්, පොත් ගුලකට. දැනට දෙන්න වැඩි විස්තරයක් නම් නෑ. සාමාන්‍ය ගැමි ජනතාව එක් රොක් වන කොළඹින් ඉතා දුර බැහැර විහාරස්ථානයකට තමයි මේ පොත් යන්නේ.
ඒ මීට තුන් මාසයකට පමණ පෙර දෙතිස් කතා වල ලියැවුණු කතාවක්.

මේ දැන්වීම් දෙකත් පොත් ගැනමයි. ඒ අමාපැන් දන්සැල ගැන වැඩි විස්තර සපයන්නයි මේ සූදානම. ඊට පෙර වෙන දැනුම් දීමක් තියෙනවා කරන්න.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය


මේ සාහිත්‍ය මාසයයි.

බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව. මුලාශ්‍රය: bmich.gov.lk
වාර්ෂිකව පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙම මස 14 වන සෙනසුරාදා සිට 22 වන ඉරුදින දක්වා අඛණ්ඩව දින නවයක් පෙ.ව. 9:00 සිට ප.ව. 9:00 දක්වා බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.

පොත් වලට කැමති අකැමති සියලු දෙනාටම වසරකට වරක් වට්ටම් සහිතව පොත් ලබා ගැනීමට ලැබෙන මේ අවස්තාව ප්‍රයෝජනයට ගැනීමට කෙරෙන ආරාධනයයි මේ.

පොත් දන්දීම


ඊළඟට...

අපි මීට කලිනුත් කතා කළ දහම් පොත් දන් දීම. මේ කටයුත්ත සාහිත්‍ය මාසයට යොදාගෙන සිටි මුත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඔක්තෝබර් මාසයට, එනම් වප් පුර පසළොස්වක ආශ්‍රිත නිවාඩු දින වලට කල් දැමීමට සිදු විය. එසේ වුවත් අලුත් පොත් මිලදී ගැනීම නම් මේ මාසයේ දී කළ යුතුව පවතී. මහත් උත්සාහයකින් අනතුරුව මේ කටයුත්ත මේ මස 21 සහ 22 යන දෙදිනට යොදා ගැනීමට හැකි විය. පහත සිතියමේ දැක්වෙන්නේ මේ සඳහා යා යුතු ගමන් මාර්ගයයි. එහි A, B සහ C යනු නවාතැන් නොව, පහසුව පිණිස කළ සළකුණු පමණක් වුවත් D යනු මේ පරිත්‍යාගය ලබන විහාරස්ථානයයි.

මේ පෙදෙස මාදුරුඔය ව්‍යාපාරයෙන් පෝෂණය වන කෘෂිකාර්මික පෙදෙසකි. මෙහි වැසියෝ ගොවියෝය; එසේම ඉඩම් හිමියෝය. ගම්මාන වල තරුණයින් අඩුය. හේතුව රැකියා සොයා පිට වීමයි. මෙහි ළමෝ කරුණාවන්තයහ, සුරතල්ය, කීකරුය. අම්මා, තාත්තා, අයියා, අක්කා, නැන්දා, මාමා කියා අමතයි (අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නැන්දේ, මාමේ යනුවෙන් නොඅමතයි). ගමේ පාසැලක් ඇති බැවින් අකුරු කියවීමේ හැකියාව සැමටම ඇත. ත්‍රස්තවාදී කලබල පැවති සමයේ තර්ජිත තත්වයේ පැවති මුත් වාර්ගික ශුද්දයකට ලක් නොවීය. දිඹුලාගල රජමහා විහාරය මේ අසල ඇති ප්‍රධානම විහාරස්ථානය වේ. දිඹුලාගල ආශ්‍රිතව තවම සංරක්‍ෂණය නොකෙරුණු බොහෝ පුරාවස්තු පවතී. එසේම පිටාර නිම්න ජාතික වනෝද්‍යානය, මාදුරුඔය හා වස්ගමුව ජාතික වනෝද්‍යාන මේ ගම්මානය වට කරගෙන ඇති බැවින් කොටින්ගෙන් කරදර නොවුණත් අලින්ගෙන් නම් බොහෝ කරදර පවතී. මෙවැනි ගම්මානයක විහාරස්ථානයකටයි අප මේ පොත් පූජා කිරීමට යන්නේ.

අපේ සහෘදයන්ගේ උදව්වෙන් සැකසුණු පොත් ලැයිස්තුවක් අප සතුව පවතින බැවින් සියලු ප්‍රකාශකයන්ගේ පොත් එක තැනකින් පරීක්‍ෂා කර මිලදී ගැනීමේ අවස්ථාව ලැබෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී හැකි පමණ පොත් මිලදී ගැනීම අපේ අභිප්‍රායයි. අප සතුව දැනටත් පවතින පොත් අතරින් කොටසක් (මහාවංශය ඇතුළු පොත් කිහිපයක්) මේ සඳහා එකතු කරන අතර පරිත්‍යාග වෙත්නම් ඒවාද බාර ගනිමු.


පොත් පරිත්‍යාග කිරීමට කැමති කෙනෙකුට ඒ සඳහා ඉල්ලීමක් කළොත් ගෙනවිත් බාර දීමට සුදුසු ස්ථානයක් කොළඹ රාජකාරි කරන මිතුරන්ගේ මාර්ගයෙන් සූදානම් කළ හැකි අතර තමන් පරිත්‍යාග කිරීමට කැමති පොත් පිලිබඳ විස්තර ඇතුලත් විද්‍යුත් ලිපියක් (e-mail) දෙතිස් කතා වෙත එවීමෙන් මේ ගැන වැඩිදුර විස්තර ලබා ගත හැක. පොත් ගැන අදහස් ඉල්ලූ විට නොමසුරුව අප දැනුවත් කළ සහ පොත් පරිත්‍යාග කිරීමට කැමති සහෘදයෙක් මේ සඳහා සහභාගී වීමටද කැමතිනම් ඊට අවස්ථාව ලබා දීමටත් දෙතිස් කතා සූදානම්*.

* කොන්දේසි සහිතයි.

45 comments:

  1. සිතුවිළිSeptember 6, 2013 at 8:39 AM

    අතුරුදහන් වෙලා කියලා හිතපු අපේ කණිෂ්ක මහත්තයා මේ ඉන්නේ!
    කොළඹ පොත් ප්‍රදර්ශනයයි සාහිත්‍ය මාසයයි නම් ලංකාවේ ජීවත් වෙන පොත් ඉයවන කිසිවෙකුට අමතක නොවන දෙයක් කියලයි මම නම් හිතන්නේ.කොහොම උනත් ඒ ගැන කල් ඇතුව මතක් කළ එක හොඳයි.
    කනිෂ්කගේ අමා පැන් දන්සැලට කැමැති අයගෙන් දායකත්ව ලබා ගැනීමත් හොඳ වැඩක්.
    අපි බලමු සාහිත්‍ය මාසයේ ඉදිරි වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. අතුරුදහන් වීමක් නොවේ. අතිශය කාර්‍යබහුල වීමකි. රාජකාරි වෙලාවේ දෙතිස් කතා පරිශීලනය නොකරන අපට පෞද්ගලික කාලය තුලත් රාජකාරි කිරීමට සිදු වන අවස්ථා වල ඇති වන ස්වභාවික තත්ත්වය තමයි මේ.

      ඇත්තෙන්ම ඒ ගැන කණගාටුයි. එහෙත් විකල්පයක් අප සතුව නොවේ.

      Delete
    2. 'සිතුවිළි සි' සිංහලෙන් නම දාල නේද !
      ඒක හොඳයි.

      Delete
    3. සිතුවිළිSeptember 13, 2013 at 12:31 PM

      ඔව් ජෝසප් දවස් ගානක් මහන්සි වෙලා අමාරුවෙන් ඒ වැඩේ කර ගත්තා
      අර අන්තිමට තියෙන "සි" යන්න නොදා ඉන්න උත්සහ කලා නමුත් බැරිඋනා.

      Delete
  2. ඔන්න මමයි "මහ රහතුන් වැඩි මග ඔස්සේ " පොත් ටික අරගෙන දෙන්නේ! කලින්ම කිවා.

    ReplyDelete
    Replies
    1. ඔබට පිං. අපත් මේ ගැන සොයා බැලුවා. දිවයිනේ පල වූ ලිපි එකතු කර පොත් තුනක් මේ වන විට නිකුත් වී ඇති බවයි දැන ගන්නට ලැබුණේ.

      Delete
  3. ඔය ඉන්න ගල් ආඳ වගේ හොරෙන්ම රිංගලා ගිහිං වෙන තැනකින් මතුවෙලා...
    BMICH යන්න අදහසක් තියෙනවා, බලමු මොකද කරන්න පුළුවන් කියලා.

    ReplyDelete
  4. සිතුවිළිSeptember 10, 2013 at 1:29 PM

    මෙතැනට අදාල කරුනක් නොවුනාට, ඉතිහාසය ගැන උනන්දු අප මිතුරන්ගෙන් මෙය විමසීමට සිතුනි,
    දැනට දෙමළ ලෙස හැඳුන්වෙන ජන වර්ගයේ ආරම්බය කොතැනද?
    අප ඉතිහාසයේ දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමනිකයින් චෝල පාන්ඩ්‍ය ආදී ලෙස මිස දෙමළ ලෙස හැඳින්වීමක් නැත. එළාර පවා සොලියකු ලෙස මිස දෙමළකු ලෙස හඳුන්වන බවක් නොදනිමි.
    මේ ගැන ඉඩ ඇති විටෙක යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. මේ ගැන ආචාර්ය චන්න සුදත් ජයසුමනයන් විසින් ලියැවුණු පොතක් ඇත. එය කියවා නැත. ඔහුට අනුව දෙමළු අප්‍රිකාවේ සම්භවය වී අරාබිය හරහා පර්සියාව ඔස්සේ මුහුදුබඩ ප්‍රදේශ වලට පැතිරෙමින් පැමිණ දකුණු ඉන්දියාවෙන් නැවතිණි. එහිදී අතු බෙදෙමින් වර්ධනය වූ මොවුන් පසු කාලීනව ලංකාව මලයාව ආදී මුහුදින් එතෙර ප්‍රදේශ වලට ව්‍යාප්ත විය. මේ මිනිසුන්ගේ ඇති හිලෑ කළ හැකි තිරිසන් ස්වභාවය හේතුවෙන් යුරෝපීයයන් විසින් වෙනත් රටවල් කරා ද ගෙන යන ලදී.

      රංචු ගැසීමට අවස්ථාව නොදෙන තාක් කල් මේ අය ඉතා පහසුවෙන් නඩත්තු කළ හැකි හා පාලනය කළ හැකි වන අතර රංචු ගැසුණු විට භයානක ස්වභාවයක් ගනී. අද ලංකාවට වී ඇති වින්නැහියනම් බාහිර බලවේග විසින් මේ අය රංචු ගස්වා උසි ගැන්වීමයි.

      දෙවන චේදය ජයසුමනගේ නොවේ. ජයසුමනගේ පොතේ නම මතක නැත.

      (මහාවංශයට අනුව) එළාර දෙමළෙකු ලෙස හඳුන්වන ලද්දේ කුඩා ගැමුණු කුමරු විසිනි. ගඟින් එතෙර හැඩි දෙමළු යැයි අතපය අකුලා නිදා ගත් වග ඔබ අසා නැතැයි පිළිගත නොහැකියි.

      Delete
    2. එළාර යනු සොළියෙක් බව සැබෑවකි. ඔහු පර්සියානු සම්භවයක් සහිත බව ආචාර්ය නලින් ද සිල්වා කියයි. ඒ නිගමනයට කෙසේ පැමිණෙද්දැයි අපට පැහැදිලි නැතත්, මිතුරු ජොසෙෆ් විසින් ඉදිරිපත් කර ඇති දොස්තර චන්න සුදත් ජයසුමනගේ දෙමළ ජනයාගේ අප්‍රිකානු සම්භවය හා ඔවුන් ගොඩබිම ඔස්සේ දකුණු ඉන්දියාව කරා පැමිණීමේ ප්‍රවාදය මතින් ගොඩ නැගුනක් බවට සිතිය හැක. එළාර වර්තමාන දකුණු ඉන්දියාවෙන් පැමිණි බවට වෙනත් ආචාර්ය වරුන්ගේ පොදු මතය වේ.

      "වර්තමාන දකුණු ඉන්දියාවේ ඒ කාලය වන විට සිටියේ දෙමළුන්ම ද ?" යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර මත ඔබේ ගැටළුවට ආංශික පිළිතුරක් ගොනු කර ගත හැක.

      චෝල, චෙර, පඬි ඈ වංශ ගැන අපේ වංශ කතා වල සඳහන් වේ. එනමුත් සිතුවිළිගේ ගැටළුව අරභයා අප විසින් පරිශීලනය කරන්නට යෙදුනු මහාවංශ කෘතියේ එළාර දෙමළ බව මෙසේ කියයි.
      "සෘජු ස්වභාව ඇති එළාර නම දෙමළ තෙමේ රාජ්‍යය පිණිස සොළී රටින් මෙහි අවුත් අසේල රජු අල්වා ගෙණ සතලිස් සතර හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය."

      එසේ වුවත්, ඒ පරිවර්තකයා විසින් සොළී සහ දෙමළ යන දෙකම සමාන අර්ථයේ යොදවා ගැනීම හේතුවෙන් සිදු වූ වරදක් වීමේ ඉඩකඩ වැඩිය. මේ පොත සෝදුපත් නොබැලීමේ හේතුවෙන් දෝ මුද්‍රණ දෝෂයන්ගෙන් ගහන වේ.
      ~~~~~~~~~~~~~~~

      කෙසේ වෙතත් දෙමළ යැයි හැඳින්වෙන ජනයා ගැන කිව යුත්තේ ඔවුන් ද්‍රවිඩ භාෂා පවුලට අයත් එක භාෂාවක් වන දෙමළ බස කතා කරන, දකුණු ඉන්දියාවේ ප්‍රදේශයක් නිජබිම කර ගත්, ජන වර්ග සමූහයක එකතුවක් බවයි.

      ඉන්දියාව යටත් කර ගත් ඉංගිරිසින් විසින් මෙයින් සමහර ජන වර්ග තම අධිපත්‍යය යටතේ පැවති වෙනත් රාජ්‍ය කරා රැගෙන යාමෙන් සහ ඒ ඒ ජනයා ස්වකැමැත්තෙන් පිටමන් වීමෙන් විසුරුණු දෙමළ ජනයා ඇති විය. මෙසේ විසිරිණු දෙමළු ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව, කැරිබියන් මුහුදේ කොදෙව්, දකුණු අප්‍රිකාව සහ යුරෝපයේත්, උතුරු ඇමරිකාවේ සහ ඕෂනියාවේත් විසිර සිටිත්. ඒ ඒ තන්හි දී ඒ ඒ සංස්කෘතික ලක්‍ෂණ වලට හැඩ ගැසීමේදී ස්වකිය ජන වාර්ගික අනන්‍යතාවය අහිමි වූ මේ විවිධ වර්ග වල දෙමළු භාෂාව පමණක් කරණ කොටගෙන 'දෙමළ' නම් ව්‍යාජ ජාතික අනන්‍යතාවයක් හඳුනාගෙන කටයුතු කරති. මෙසේ කටයුතු කරන බොහෝ දෙමළුන් 'දෙමළ' බස ස්වකීය කුටුම්භයන් තුලදී භාවිතා කරන්නේදැයි සොයා බැලීම විනෝදාත්මක කර්තව්‍යයක් විය හැකි බව අපේ අනුමානය වෙයි.

      දෙමළ නම් ජාතියක් ගැන අපේ වාමාංශික දේශපාලනඥයන් සහ සර්වාගමික නාහිමිවරුන් කුමන දේ දෙසුවත් 'දෙමළ' නම් ජාතියක් මේ මිහිමත නැති බවත්, සිතුවිළි විසින් නිවැරදිව සටහන් කොට ඇති පරිදි 'දෙමළ' ලෙස හඳුනා ගත හැකි ජනවර්ග නම් බොහොමයක් සිටින බවත් අපේ පිළිගැනීම වෙයි. මේ ජනවර්ග අතර ඒකීයත්වය වන්නේ 'දෙමළ' නම් භාෂාවක් තම මවුබස ලෙස (තමන් ඒ බස හැසිරවීම දැන සිටියත් නැතත්) ඒ ඒ ජනවර්ග විසින් පිළිගැනීමයි.

      අප මේ කතා කරන්නේ ලංකාවේ දෙමළුන් හුදෙකලා කොටගෙන නොවන බවද සැළකුව මනාය. අවසන් වශයෙන්;

      දෙමළ ජන වර්ග වල ආරම්භය කොතැනදැයි හරියටම කිව නොහැක. මීට අපේ දැනීමේ ප්‍රමාණයට දිය හැකි නිවැරදිම පිළිතුර "ඒ ඒ තැන් වල" යන්න වේ.

      Delete
    3. මොකද මේ මනුෂ්‍යකම නසා නිවන සොයන, දෙමළු ගෙනා ආගම (ආකම) අදහන අයත් "දෙමළු" ගැන කතා කරන්නෙ. යම් කරුණු කිහිපයක් තිබුනත් ඒක නොපෙනෙන්නේ කරුමෙ නිසා ද? දෙමළ, හින්දි කියන්නෙ සිංහල වචන දෙකක්. ඔයාලගෙ ආගම ගෙනාවේ දෙමළ වුන සංක්‍රමණිකයන්. එයාල ද්‍රවිඩ (ඇවිද ආ) අය. ඇත්තටම ඒ ගැන හරියට කියන්න දන්නෙ නැහැ නේද?අඵ්‍රිකාවෙන් ආවා කීම කෙප්පයක් නෙ. ආපු තැන කියල තියෙනවා. ඒකයි මේක ලිව්වේ. පොත නැතුව ඉතිහාසෙ හොයන්න දන්නෙ නැද්ද?

      Delete
    4. සිතුවිළිSeptember 11, 2013 at 7:59 AM

      ප්‍රියන්ත, ආගම ගැන ඔබත් මාත් දරන මත වෙනස් වුවද ඔබ සිංහල කම ගැන කැක්කුමක් ඇත්තෙකු ලෙස මා සැමදා පිළිගනිමි.
      මා නගා ඇති ප්‍රශ්නයට ඔබගේ අරුත් දැක්වීම් සහිත අදහස දෙන්න. අප නොදන්නවා වුවාට මේ අඩ්විය දැන් කියවන අය බොහෝයි. එම නිසා මෙවන් කරුනක ගැන අප කරන සාකච්චාවේදී ඉදිරිපත් වන විවිධ මතයන් ඔස්සේ බොහෝ දෙනා දැනුවත් විය හැක.
      ඔබ ඒ ගැන දක්වන පැහැදිලි අදහස දැන ගැන්මට කැමැත්තෙමි. කණිෂ්ක සොයුරා මහා වංශය ඇසුරු කරන්නෙකු බැවින් ඔහුගේ අදහස් බොහෝ දුරට මහා වංශය පාදක කරගෙන ඇත, එසේම ජෝසප් බොහෝ දෑ කියවන්නෙකු බැවින් එහි බොහෝ පැතිකඩ ඇත. ඔබ අප සැමටම වෙනස් මත දරන්නෙකි.

      Delete
    5. ප්‍රියන්ත මහතාණෙනි, ඔබ නැවත දෙතිස් කතා වෙත පැමිණීම අපට සතුටකි. එහෙත් ඔබ ප්‍රතිචාර දක්වන පිළිවෙල අපට සතුටක් ගෙන නොදේ.

      ඔබ බොහෝ දේ දන්නා බව ඉඟි කරන මුත් ඒ කිසිත් කෙළින් නොකියා අනවශ්‍ය වැල්වටාරම් කියයි. අපට වැටහෙන එකම කරුණ අප සිංහල කියන්නේත් දෙමළ කියන්නේත් ඔබ ඒ ඒ වචන වලින් හඳුනා ගන්නා අරුත ඇතුව නොවන බවයි.

      ඔබේ ඉහත ප්‍රතිචාරය කෙලින්ම අප ඉලක්ක නොකරන බැවින් එකම එක ප්‍රශ්නයක් පමණක් අසමි.
      * දෙමළු අප්‍රිකාවෙන් ආවා කීම (මේ අපගේ මතයක් නොවේ) කෙප්පයක් නම් උන් සැබවින් ආවේ පිටසක්වලින්ද?

      Delete
    6. පියසේන උන්නැහේ,

      ඔහේගේ කතා වල ගන්න දෙයක් නැතුවාම නොවෙයි. ඒ නිසයි මේ ප්‍රශ්න අහන්නේ. කැමතිනම් උත්තර දෙන්න.

      - [දෙමළ, හින්දි කියන්නෙ සිංහල වචන දෙකක්] සිංහලෙන් ලියුවාම, සිංහල මිනිස්සු කාලයක් තිස්සේ වහරන වචනයක් කොහොමත් සිංහල තමයි. දෙමළු දෙමළුන්ටම දෙමළ කියා ගන්නේ නෑනේ. ඒත් හින්දි කියන්නේ සිංහල වචනයක් කියලා ඔබ තුමා කොහොමද කියන්නේ?

      - [ඔයාලගෙ ආගම ගෙනාවේ දෙමළ වුන සංක්‍රමණිකයන්] මේ කතාවේ විරුද්ධ වෙන්න දෙයක් නෑ. සංක්‍රමණිකයන්ට දෙමළ වෙන්නත් දෙමළුන්ට සංක්‍රමණික වෙන්නත් බාදාවක් තියෙනවද ? ඒත් 'ඔයාලගෙ ආගම' කියල හඳුන්වන්නේ මිහිදු හිමි ගෙන ආ බුද්ධාගමනම් මේ ගැන පැහැදිළි කිරීම ඔබට බාරයි. ඒ කාලෙත් දෙමළු හිටියද ? හිටියනම් ඒ කොහෙද ?

      - [එයාල ද්‍රවිඩ (ඇවිද ආ) අය.] ද්‍රවිඩ කියන්නේ ඇවිදගෙන ආ අයනම් කන්නඩ කියන්නේ කාගෙන ආ අයද ? එතකොට මලයාලි කියන්නේ මැරීගෙන ආ අය වෙයිද ? අහිකුන්ඨික කියන්නෙත් ඇවිදගෙන එන උන් වෙන්න බෑනේ ඔය විදියට !

      - [ඇත්තටම ඒ ගැන හරියට කියන්න දන්නෙ නැහැ නේද? අඵ්‍රිකාවෙන් ආවා කීම කෙප්පයක් නෙ. ආපු තැන කියල තියෙනවා] ඇත්ත ! අපිනම් හරියට දන්නේ නෑ තමයි. ඔබ තුමා සියල්ල දත් නිසා කියා දෙන්නකෝ ඒ ගැන.

      Delete
    7. සිතුවිළිSeptember 13, 2013 at 12:21 PM

      ඇනෝනිමස් ප්‍රියන්ත එක වරම අදහසක් දාලා එය පැහැදිලි නොකර නිහඬ වනවානම් ඔහු හා වාද කරමින් කාලය කාදැමීමේ තේරුමක් නැහැ.
      ඔහු කියන මතයේ ඔහු ඉන්නවානම් එය පහදා දීමටත් අපට එය තහවුරු කිරීමටත් ඔහුට හැකි විය යුතුයි.
      එම නිසා ඔහුගේ මත ගැන අප දැනට පසෙකින් තබමු. ඔහු නැවත පැමිණියහොත් පමණක් ඔහු හා සාකච්චා කරමු.

      ජෝසප්, ඔබ කියන පරිදි මහා වංශය කුඩා ගැමුණු කුමරුගේ වදන පවසන විට සැබැවින්ම උතුරින් හැඩි දෙමළු යන කියමන මුල් කෘතියේ එලෙසම කියැවෙනවාද?
      නැතිනම් පසුව සරළ සිංහල වහරේදි එය උතුරින් හැඩි දෙමළු ලෙස සකස් වූවාද?

      ආචාර්ය ජයසුමනයන්ගේ මතයක් ලෙස ඉදිරිපත් කරන අප්‍රිකානු සම්භවය මා මින් පෙර අසා නැත, එහෙත් ඒ සඳහා ඔහු යම් මූලාස්‍රයක් යොදාගන්නවා විය හැක.

      කෙසේ වෙතත් මාගේ සැබෑ ප්‍රශ්නය වූයේ අද දකුණු ඉන්දියාව පදනම් කොටගෙන සිටින තමන්වම "තමිල්" ලෙස හඳුන්වන ජන වර්ගයේ මූලය කුමක්ද යන්නයි. කණිෂ්ක විසින් මතු කරන ලොව පුරා සිටින විවිධ ජන කොටස් භාශාව පදනම් කරගෙන තමන් "තමිල්" ලෙස හඳුන්වාගන්නා බව සත්තකින්ම නිවැරදි අදහසකැයි සිතේ.

      මා දකිනා හැටියට දෙමළ යන සිංහල පදය සැදි ඇත්තේ "තමිල්" යන දෙමළ පදයෙන් බිඳී ආවක් ලෙසයි.
      සැබැවින්ම තමන්වම "තමිල්" ලෙස හඳුන්වාගන්නා ජනකොටස ගැන සිංහල ඉතිහාසයේ පලමුවෙන්ම සඳහන් වන්නේ ගැමුණු කුමරුන්ගේ ප්‍රකාශය තුලින්ද? එසේ නම් එදාත් ඔවුන් දෙමළුන් ලෙස පෙනී සිටියාද? නැතිනම් අද සිටින දෙමළුන් වැනිම සංස්කෘතික ලක්ෂන රැගත් එදා උන් අය වෙනත් නමකින් තමන්ව හඳුන්වා ගත්තාද?

      Delete
    8. හලෝ,

      මට මේ දවස්වල ගොඩක් ඊමේල් වලට උත්තර දෙන්න තිබුනා. සිංහල මිනිසුන් ගැන බොරු ගොතල ආගම්වාදීන් කරන වැරදි නිසා, ඇත්ත, ඒ කියන්නෙ අද වුනත් ඔප්පු කල හැකි දේ, කියන්න මම බ්ලොගයක් ඇරඹුවා. ඒකෙ ඔය ඔක්කොම ගැන ලියනවා. අනික K (කනිෂ්ක) කලින් ප්‍රතිචාරයක් මැකුවා. මම නම් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න දෙනවා. බොරුවට විනීතකම මවා පාන ආගම්වාදීන් අද රෙදිත් නැතුව නටනවා. ඒ බවට මම අනතුරු ඇඟෙව්වෙ වසර තුනකට පෙර අපි LCN වල වාද කරපු කාලේ +/- ගෙ කතාවට ප්‍රතිචාර විදියට. දැන් ඒකෙ ඉතිරිය මතක් කරනවා.

      වෙලාව ලැබුන ගමන් මම මගේ බ්ලොගෙ උත්තර දාලා මේකෙ පිටපතක් දාන්නම්. දෙමළෙකු ලියපු පචවංශය බදාගෙන ඉන්න මහාවංශකාරයන් නොදන්න සිංහල කියන වචනෙ අරුත දෙනකොට ඔය දෙමළු කවුද කියනවා. (ඇත්ත කියන එක දෙමළෙක් හොයල දෙන්න කියල මම අභියෝග කරනවා.)

      සිංහල කතාකරන බෞද්ධයෝ බහුතරයක් දෙමළු බව ජීව විද්‍යාත්මකව ඔප්පු කල හැකියි. ඉතිරිය මුලා වුන සිංහල මෝඩයන් ය. මෙන්න ඒකට තමන්ම පරික්ෂා කරගන්න විදිය. නිවන කියන්නේ ඉතාමත් උසස් දෙයක් කියල ඒක පස්සෙ යන්නෙ මුලා වුන සිංහල මෝඩයන් ය. බෞද්ධාගම කියන්නේ සිංහල උරුමයක් කියල බලෙන් සිංහලයන්ට පටවන උන් සිංහල කතාකරන දෙමළු ය. ඒ අතරේ මිනිසකු වීම දුකක් ය කියන පරම සත්‍යයය (???) කියල නිවනට යන සිංහල කතාකරන බෞද්ධයෝ හින්දූන් ය. හිඟාකෑම උතුම් කියන්නේ බැහිවැටිච්ච මලයාලි හිඟනුන්ගෙන් පැවතෙන අයයි. ඒත් අද දෙමළ කියන්නේ ඉන්දියාවට සංක්‍රමණය වුන එවුන්ටයි. එදා දූව, නාඩු වුනෙත්, අද තමිල් නාඩු වුනෙත් උන් අල්ල ගත්තට පසුයි. අද ඉන්දියාව (හින්දියාව) කියන ප්‍රදේශයේ නියම නම දඹදිවයි. ඒකත් සිංහල නමක්. මීට වසර හාර දහසකට පෙර හිමාලයෙ තෙක් උන්නෙ සිංහල එවුන් ය. ඒත් අද ඉන්නේ මැදපෙරදිග කාන්තාර වෙන කොට ඇදී ආ එවුන් ය. දෙමළු ගැන දෙමළෙක් ම ඇත්ත ලියපු ලිපියක් Asian Tribune වල තිබුනා. අද නමින් දෙමළ උන් ඉන්දියානුවන් නොව පිටින් ආපු උන් බව උන්ගෙ හැසිරීමෙන් ම පෙනෙනවා.

      සිංහලයන් අතර පැවති නියම බුදලාගෙ දැනුම වසන් කර හින්දු ආගමට බෞද්ධාගම කියල සිංහලයන් මුලා කර නැසූ අයට හොඳ තෑග්ගක් ළඟදි ලැබේවි.

      සිංහලයන්ගෙ නියම බුදලාගෙ දැනුම වසන් කර හින්දු ආගමට බෞද්ධාගම කියල සිංහලයන් මුලා කර නැසූ අයට හොඳ තෑග්ගක් ළඟදි ලැබේවි. සිංහලෙන් බුද කියන වචනය දෙමළෙන් බුද්ධ වුනා. හින්දූන්ට බුද් වුනා. දෙමළු ගැන නොදන්න අය කොච්චර දෙමළ වචන සිංහල ලෙස ගන්නව ද? මෙන්න උදාහරණ: බුද්ධ, සංඝ, ධම්ම, භික්කු, පැන්, වඩම්මනවා, සත්‍යයය... මේ ගැන දීර්ඝ තොරතුරු රෙදි ගැලවෙන්නම මගේ බ්ලොගේ දානවා. ඔයාල සත්‍යයය හොයනවා. අපි කරන්නෙත් ඇත්ත සෙවීමයි. ඒ නිසා කවුරු හරිද කියන එක පෙන්වීමයි අපිත් කරන්නෙ.

      සිංහල රටේ මහ සම්මත මනුට පසු ඒ පරපුරෙන් බිහි වූ නායකයන්ට කිව්වෙ බුදලා කියලයි. අද රජා කියන්නෙ දෙමළෙන්. අන්තිමට හිටිය ගෝතම (ගිය තේමිය) දැන් සිද්ධාර්ථ ගෝතම වෙලා. ඇත්තටම ඔයාලා හින්දු ආගමිකයෝ මිසක් බුදකම දන්න උන් නොවේ.

      දෙමළු අඵ්‍රිකාවෙන් ආවා කියන්නේ ඇස් නැති උන්. කෝ උන්ගෙ නෙරා ගිය තොල්? එතකොට කෝ උන්ගෙ වගේ කෙස්, ඇඟ පත? ඇයි දෙමළු සිංහලයන්ට ටිකක් සමාන වුනත් විකෘති බවක් පෙන්වන්නේ? උන්ගෙ හම කළු වුනේ කාන්තාරවල හිටිය නිසයි. කාන්තාර තියෙන්නෙ අඵ්‍රිකාවෙ විතරද? තමුන්ලා ගිලින කෑම අතරෙ උන් හිටපු තැනින් අරං ආපු ජාති කොච්චර තියෙනවාද? මේ ටිකම ඇති උන්ගෙ තැන හොයන්න.

      Delete
    9. සිතුවිළිSeptember 17, 2013 at 4:48 PM

      මටනම් මේ ප්‍රියන්ත ගේ අදහස කියවපුවහම ගොඩක් දේවල් වැටහුනා.
      ඒක නිසා මේ මාතෘකාව ඔස්සේ තවදුරටත් කථා නොකර ඉන්න සිතාගත්තා.

      කණිෂ්ක සහෝදරයාට මේ ගැන යම් අදහසක් දෙන්න තියෙනවානම් කියවන්න කැමතියි.
      ජෝසප් ලඟත් ඇතැම් විට මෙයට හොඳ පිළිතුරක් තිබිය හැකියි.


      Delete
    10. පියසේන උන්නැහේ ඉන්නේ වෙනම මනෝ ලෝකෙක, මේ තත්වය භෞතික විද්‍යාවට අනුව විස්තර කරන්න පුළුවන්. එකට කියන්නේ සමාන්තර විශ්ව පිළිබඳ ප්‍රවාදය කියලා. සම්ප්‍රදායික සිංහල දැනුමට අනුවනම් මේ තත්වය හඳුන්වන්නේ අමු කැවිලා කියලා.

      දැන් බලන්න, k මෙයාගෙන් ඇහුවේ එකම එක ප්‍රශ්නයයි.
      * දෙමළු අප්‍රිකාවෙන් ආවා කීම (මේ අපගේ මතයක් නොවේ) කෙප්පයක් නම් උන් සැබවින් ආවේ පිටසක්වලින්ද?
      ඕකට උත්තරේ ඔව්/නෑ විතරයි. එහෙම කියල මෙයාට පුළුවන් ඒ උත්තරේ සනාථ කරන්න දෙමළු ආවේ අහවල් තැන ඉඳලා, එහෙම කියන්නේ මේ මේ හේතු නිසාය කියලා. මෙයා එහෙම උත්තරයක් දීල නෑ.

      මම අහපු කිසිම දේකට මෙයා උත්තරයක් දීල තියෙනවද? නෑ.
      මෙයා අලුතෙන් කියනවා "සිංහල කතාකරන බෞද්ධයෝ බහුතරයක් දෙමළු බව ජීව විද්‍යාත්මකව ඔප්පු කල හැකියි."
      මෙයා පැහැදිලිවම ඉන්නේ කාලෝ පොන්සේකා ඉන්න වලට එහා වලේ. (මුන් දෙන්න එකට දාල දොරමඩලාවක් කළානම් විනෝද සමයක් වෙලයි නවතින්නේ)

      අයිසේ පියදාස ! සිංහල / දෙමළ හඳුනා ගන්නේ ජීව විද්‍යාත්මකව මොන කොටසින්ද ? වෙන විදියකින් ඇහුවොත් මොන ජීව විද්‍යාත්මක ලක්ෂණය විසින්ද මිනිසෙකුගේ සිංහල දෙමළ බව තීරණය කරන්නේ ?

      තමුන්නැහේ ඔය කියන කතාව ජීව විද්‍යාත්මකව ඔප්පු කළොත් මමත් ඔප්පු කරනවා භෞතික විද්‍යාත්මකව තමුන්නැහේ බූරුවෙක් කියලා.

      ඉතුරු පල් හෑලි ගැන දහසක් දේ කියන්න පුළුවන් ඒත් වැඩක් නෑ.

      Delete
    11. සිතුවිළිSeptember 18, 2013 at 12:30 PM

      මම පැවතීමට නම් අවතාරය මෙන් ම තාරය ද රැකිය යුතුය. අන්තිමට මම, අපි, "ජීවීන් සියල්ලම එක අරමුණක් සොයා යන ඒකීය මූලයක් ඇති නිර්මාණ බව පෙනේ. මම, අපි, ජීවීන් සියල්ලම වෙනස් වන්නේ ඒ අරමුණ ඉටු කරගැනීමට තමන්ට පැවරී ඇති කොටස අනුව බව තහවුරු වේ. තුප්පහි ආගමිකයන් කියන සේ, අනෙක් ජීවින් බිහි වූයේ මිනිසාගේ අවශ්‍යතා සපුරාලීමට යයි කීම පරම බොරුවකි. සැබැවින් ම මිනිසා තිරිසන් බවෙන් මුදාගෙන අත්හදා බලන්නේ, අනෙක් සියලු ජීවීන්ගේ යහපතට බව අනෙක් ජීවීන් සිටින ස්ථාවරය හැදෑරු විට පෙනේ. එහෙත් එම උත්සාහය ඉතාමත් අසාර්ථක අවදියක ඇති බව දැනුම යොදා මිනිසුන් කල විනාශය තහවුරු කරයි. එය නිවැරදි කල හැක්කේ සිංහලකම (මිනිස්කම) තුලින් පමණි."
      http://sinha-ali.blogspot.com/

      ජෝසප්,
      ඉහත දැක්වෙන්නේ ඇනෝනිමස් ගේ බ්ලොගයෙන් මා උපුටාගන්නා ලද චේදයකි. එය ඔහුගේම රචනාවකැයි සිතීම නිවැරදි යැයි සිතේ.
      ඔහු පිහිටා සිටින්නේ කෙබඳු දැක්මකද යන්නත්, එහි පසු බිම ගැනත් ඔබට මේ චේදයෙන් යමක් වැටහෙනවා ඇත.

      පියසේන මහතානනි,
      මෙය උපුටා පල කිරීම ගැන ඔබගේ විරෝධතාවයක් ඇතිනම් ඒ බව දන්වන්න, කණිෂ්ක විසින් එය ඉවත් කර දමනු ඇත.

      Delete
    12. ජෝෂප් වගේ කකුල් දෙකේ බූරුවෙකුට කියල වැඩක් නැති වුනත්, මම දැන ගන්න ආසයි, තමුන්නැහේ ගේ පවුලේ තව පිරිමි බූරුවෙක් ඉන්නවා නම්, දෙන්නගේම අම්මා තාත්තා එකම නම්, උන් අතර ඇති වෙනසට හේතුව දැන ගන්න. මේ වගේ දෙමළගෙ සිංදු (පාළි) කියල, දන්නවා කියල හිතන වල් බූරුවන්ට නොතේරුනාට, පවුළක බිහිවන දරුවන් උපදින පිළිවෙල අනුව එක්තරා පොදු ජීව විද්‍යාත්මක සබඳතාවයක් තියෙනවා. හිඟාකන උන්ට වඳින, නිවට මලයාලි අයට ඉතින් ඒවගේ සරල දෙයක් වත් හිතාගන්න පුළුවන් ද? සුනඛයෝ වගේ ඇස් පියාගෙන දඟර ගහගෙන හිටියට, හුස්ම ගත්තට මොළේ පෑදෙන්නේ නෑ. අපිත් ඔය බූරු වැඩ කලා නෙ.

      භෞතික විද්‍යාත්මකව කතාකරන තමුසෙ නේද අර ආතක් පාතක් නැති, වැල යන අතට මැසි ගහන කාලෝ පොන්සේකලා, නලින් ඩා සිල්වලා වගෙ කතා කරන්නෙ? කෝ තමුසෙලගෙ හින්දු ආගමේ උත්තර නැද්ද? මම කිව්වෙ අර තමුසෙලා බුද්ධාගම කියලා වමාර වමාර ගිලින හින්දු සොහොන්පල් (පොහොන්සල් - පන්සල්) වාදය ගැනයි. තමුන්නැහේ ගේ භෞතික තත්ත්වය ගත්තම, එකම නම දෙසැරයක් එක විදියට ලියන්න බැරි බූරුවෙක් බව පෙනෙනවා. තමුන්ට ඉස්සරහට යන කල බලමු.

      ඇයි තමුන් ජෝෂප් කියන කුරුස නම දාගෙන, හින්දු නිවනට කහින්නෙ? ලැජ්ජාව නැති කම ද? නැත්නම් උපතෙ වැරද්ද ද? තමුන්ගෙ බුද්ධකම රෙද්ද අස්සෙන් දෝරෙ ගලනවා. තමුසෙ අහපු බූරු ප්‍රශ්ණවලට උත්තර දෙන්න බූරුවෙක් හොයා ගන්න වෙයි. කවද විතර ද මීගමු වැල්ලෙන් ගොඩ බැස්සෙ?

      @සිතිවිලි,

      සිංහල භාෂාව මිනිසුන් නසන හින්දුකම පැතිරවීමට යොදන මේ වගේ බ්ලොග් දැක්කම, මම ඉහත කතා කිරීමට යෙදූ වචන නරක නැහැ.

      උපුටා ගැනීම ප්‍රශ්ණයක් නොවේ. මම කියන හැම වචනයකටම මම වගකීම ගන්නවා. මම සිංහල මිනිසුන්ට ගරු කිරීමක් ලෙස සිංහල වචන යෙදුවේ, මම තනියම සොයා ගත් දේවල් මීට අවුරුදු දහස් ගණනකට පෙර සිංහල මිනිසුන් සොයාගත් දේ බව දැනගත්තමයි. මම ඕවා ලියන්නෙ හිඟා කකා යැපිලවත්, සුනඛයෝ වගේ දඟර දාගෙන, නැට්ට කකුල් අස්සේ ගහගෙන ප්‍රෝඪාවල් කරලවත් නොවේ. ඒ වගේම තමුන්ල වගේ අනුන් කියපු කෙප්ප ගෙඩිය පිටින් ගිලලවත් නොවේ. මම කියන ඒවාට සාධක අද අප වටා පවතින පරිසරයෙ ඕන තරම් තියෙනවා. ඔය කෙප්පාගමේ තියෙන ඕපපාතික කෙප්පය වගේ බොරු ගොතලවත් නොවෙයි.

      මම ලියපු ලිපි වල අතරින් පතර වාක්‍ය කිහිපයක් කියවල අනා නොගෙන, මුල ඉඳල කියපු අය ඔයාගේ කරුම අමනුෂ්‍ය ආගම අතහරින බව අත්දුටුවා.

      Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)

      Delete
    13. ඔන්න Priyantha Piyasena Abeywickrama උත්තමය නම ගැන කිපිලා...

      උන්නැහේ මම පටන් ගත් දා ඉඳල අද දක්වා මේ නම මේ විදියටමයි ලියන්නේ, ඔන්න Anonymous One --> Anonymous One orig --> Piyasena ---> Priyantha P. Abeywickrama --> Priyantha Piyasena Abeywickrama (Anonymous One orig).... වගේ දවසින් දවසට නමින් නමට මාරු වෙන පුඃබූරුවා කවුද කියල දන්නෝ දනිති. අංකල් පියසේන, තමුන්ට මොකටද මගේ නමේ වගක්.... !!!

      Joseph කියන නම කුරුස නම් තමුන් කියන්නේ ජේසු තුමාගේ පියා කුරුස කාරයෙක් කියලද ? අනේ යනවා අයිසේ යන්න. කුරුසාගම කියල තමුන් හිතන එක පටන් ගත්තේ ජේසු මැරිලා අවුරුදු සිය ගානක් ගියාටත් පස්සේ. මගේ නම ගැන හොයන ඔහේ, තමුන්ගේ ප්‍රියන්ත කියන නම ගැන කියන්නේ මොනවද ? එක අමු හිංගල වෙන්ටැ ... අනේ මගේ කට ! ඒක සිංහල නම් තමුසේ දෙනවා මට ඔය නම තිබුණු සිංහල මිනිස්සු 5 දෙනෙක් පහුගිය අවුරුදු 2500 ට, අන්තිම අවුරුදු 100 අත හැරලා...

      අන්න ඒ නිසා නිකං බූරුවෙක් වගේ තප්පු ලන්නේ නැතුව කරන කෙන්ගෙඩියක් සුදුසු තැනකට ගිහිං කොර ගන්නවා.

      මෙතන ඉන්නවනම් අහපු ප්‍රශ්න වලට මනුස්සයෙක් වගේ උත්තර දෙනවා.
      අදට එච්චරයි... ආමෙන් !

      Delete
    14. ජෝෂප්පු,

      දැන් මේ ලිව්වෙ මම අහපු දේ ගැන ද? තමුසෙ නේ ද තප්පුලන්නෙ. මගේ නම් විස්තරේ බැලුවම තමුසෙ වගේ පුක්බූරුවෙකුට නොතේරෙන එක මට තේරෙනවා. පුළුවන් නම් පියසේන කියන නම සිංහල ද නැද්ද කියනවකො. හරි හරි ජෝෂප්පු සිංහල නමක් නෙ. නේ ද? අනේ ද කිව්ව! ප්‍රියන්ත කියන්නෙ සිංහලකරණය වුන හින්දු නමක් කියලවත් දන්නේ නෑ. මීගමු වෙරළට එනකොට වේළුපුල්ලේ. ටික දවසකින් ඵර්නැන්ඩුපුල්ලෙ. ඊ ළඟට ඵර්නැන්ඩු. ජාතිය සිංහල. ඒ වුනාට තාම දෙමළ ගතිය උතුරනවා. අර ජීව විද්‍යාව, භෞතික විද්‍යාව අරහං ද? පොඩ්ඩක් ඉවසන්න. පරසක්වල ගහන දවස ළඟයි.

      තමුසෙ වගෙ කතා දෙමළෙන් කරන උන් මට ගොඩක් හම්බ වුනා. ඒකයි තමුසෙ හැරෙන කොටම සතා කවුද කියල දැනගත්තෙ. සිංහල උන් අතරට පැනල නැති සිංහලකමක් අරං නටන නාඩගමට ආයුෂ අඩුයි. දෙමළ ගතියක් තමයි තමන් මහ දවල් අමු අමුවෙ කඩන නීතිය අනෙක් උන්ට දිවිහිමියෙන් රකින්න කීම. තමුසෙලා වගේ හිඟනුන් නිසා අද සිංහලයන් නීච වෙලා.

      Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)

      Delete
    15. ප්‍රකාශය 1. "ඇයි තමුන් ජෝෂප් කියන කුරුස නම දාගෙන..."
      ප්‍රකාශය 2. "ප්‍රියන්ත කියන්නෙ සිංහලකරණය වුන හින්දු නමක්..."
      කාගේද මේ ප්‍රකාශ දෙක ?
      මේ දෙකම 'Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)' කියන උත්තමයාගේ !!!
      ---------------

      ප්‍රකාශය 1. "සිංහල කතාකරන බෞද්ධයෝ බහුතරයක් දෙමළු බව ජීව විද්‍යාත්මකව ඔප්පු කල හැකියි." --- Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)
      ප්‍රකාශය 2. "භෞතික විද්‍යාත්මකව කතාකරන තමුසෙ නේද අර ආතක් පාතක් නැති, වැල යන අතට මැසි ගහන කාලෝ පොන්සේකලා, නලින් ඩා සිල්වලා වගෙ කතා කරන්නෙ? කෝ තමුසෙලගෙ හින්දු ආගමේ උත්තර නැද්ද? ......... තමුන්නැහේ ගේ භෞතික තත්ත්වය ගත්තම, එකම නම දෙසැරයක් එක විදියට ලියන්න බැරි බූරුවෙක් බව පෙනෙනවා." --- Anonymous විසින්.

      Priyantha Piyasena Abeywickrama (Anonymous One orig) කියන්නෙත්
      Anonymous කියන්නෙත් එකෙක් නෙවෙයිනම් Anonymous කියන්නේ ණයට කහින්න ගිහිං වරිගේ නහ ගන්න බූරුවෙක් බව පේනවා. මුන් දෙන්නම එකෙක්නම් බූරුවා කවුද කියන එක තප්පු ලෑමේ විලාසයෙන් පේනවා.
      ---------------

      මොනවා උනත් ඔබ තුමාට ඉක්මන් (නිවන් සුව නොවේ) චාල්ස් ඩාවින් ත්‍යාගය ලැබේවා කියා පතනවා.
      දන්නැත්නම් මෙතැනින් දැන ගන්න: http://www.darwinawards.com/darwin/darwin2012.html

      Delete
    16. සිතුවිළිSeptember 19, 2013 at 11:41 AM

      ප්‍රියන්ත පියසේන,
      ඔබ කුමණ ආවේග ශීලී බස් වහරක් යොදා ගත්තද ඉන් මෙහි ඇති සුහද සාකච්චා ස්වභාවයට හානියක් නැතැයි මට සිතෙනවා.
      ඔබගේ භාශා විලාශය හරවත් සාකච්චාවකදී මා පිළිකුල් කරනවා, එහෙත් ඒ ඔබගේ අයිතිය නිසා මා එරෙහි වන්නේ නැහැ.

      ඔබගේ මතවාද ගැන කථා කලොත්, ජෝසප් හට කුරුසයා කියා බැන අඬ ගසන ඔබ ඔබගේ දේශනා තුලින් පැහැදිලිවම මතු කරන්නේ (ඔබගේම අදහස් ලෙස අනුන් මුලා කරමින් ) කිසිදු පදනමක් නැති ලොව පුරාම විසිර පවතින මැවුම් වාදයමයි. මා උපුටා දක්වා ඇති ඔබගේ ඡේදය තුලින් සිහි බුද්ධිය ඇත්තන් එය මැනැවින් වටහා ගන්නවා ඇත. ඔබ එය නැතැයි කීමට ආවේග ශීලී වන්නේ අන් අය එලෙස සිතීම වැලකීමටයි. එහෙත් ඔබ අසාර්ථකයි. ඔබ එලෙස හැසිරුනු පලියට අන අය එසේ වන්නේ නැහැ.

      ඔබ කරන ආකාරයෙන් අන සතුන් මිනිසාගේ පරිභෝජනය සඳහාය යන බයිබල් කියමන වැනි මූලික හරය නොවන ආරුලු බූරුලු විවේචනය කරමින් මැවුම් වාදයට ආවැඩීම අද මැවුම් වාදය ප්‍රථික්ශේප කරන මිනිසුන් මැවුම්වාදය තුල පවත්වා ගැනීමට යොදන භහුලම හා ලාබම උපක්‍රමයක් බව සිහි බුධිය ඇත්තෝ දනිති.
      ඔබ බොරු මහා සිංහල කමක් ගෙන කෑ ගසන්නේ මිනිසුන් මුලා කිරීමටම මිස අන් කවරකටද? ඔබ වක්‍රෝත්තියෙන් කීමට තැත් දරන්නේ රාවණා රජු මැවුම් කරුගේ නිර්මාණයක් බවත් මිනිස් වර්ගයාගේ පැවැත්ම මැවුම් කරු නියම කල මගට ගෙන ආ හැක්කේ රවණා බලයට පමණක් බවත්ය. මේ රාවණාට හා සිංහලයාට ඇති නෑ කමක් පෙන්වමින් ඔබ තැත් දරන්නේ 2500 වසරක් තුළ මැවුම් වාදය පිළිකෙව් කළ සිංහලයා නැවත එම මුලාවෙහි හෙලීමට පමණි. විචක්ෂණ බුද්ධිය නැති උන් ඔබගේ මුලාවෙහි ගැලීමට ඉඩ ඇත. කොටින්ම ඔබ තැත් දරන්නේ රවණා සංකල්පය සිංහලයන්ගේ "මෝසස්" කෙනෙකු බවට පත් කිරීමටය. එසේ කල කල්හී ඒ මෝසස් පිළිගන්නා උන්ට ජේසුස් පිළිගැන්වීම පහසු කාරියකි.
      අපට කල හැක්කේ ඔබ වන් නොමිනිසුන් කෙරෙහිත් ඔබ වැන්නන් නිසා මුලාවෙහි වැටෙන උන් කෙරෙහිත් අනුකම්පාව දැක්වීම පමණි.
      අන් අය පර සක්වල ගැසීමට පෙර ඔබ සිටිනා තැන නුවණින් විමසා බලන්න යැයි මා ඔබට කාරුණිකව ඇරයුම් කරමි.

      තව දෙයක්,
      ඔබ හා යෙදුන මේ සාකඡ්චාව තුලින් රාවණා බලය වැනි අටමගල අටවාගෙන, පිස්සු කෙළින භික්ෂු වේශධාරීන් ගැනද සිතීමට යම් මගක් එලි දැක්වීම ගැන ඔබට පින් පමුනුවමි.

      Delete
    17. @සිතුවිළි,

      මමත් උපතෙන් මිනිස්කම පිළිකුල් කරන හින්දු ආගම අදහපු බෞද්ධයෙක් (අද බුද්ධිමතුන් කියන්නෙ මිනිස්කම පිළිකුල් කරන බූරුවන්ට නේ.) බව අමතක කරලා. මගේ ලිපි තුලින් මම ඔය කියන කුරුසාගම ගැනත් ලියලා තියෙනවා. තමන්ට වෙලා තියෙන දේ මටත් ඒකාලෙ තිබුනා. මිනිස්කම පිළිකුල් කරන එවුන්ගෙ අවතාරය (මේකත් මගේ ලිපිවල අරුත් දක්වල තියෙනවා.) ස්වයංඝාතක ලෙස හැසිරෙන බව ඔයාලගෙ ආකම අදහන අය පෙන්වනවා.

      කුරුස උන්ගෙ create කියන වචනය විකෘර්ථි කරලා, උන්ගේ හමේ මැවුම්වාද ලාඩම ගැහැවට, ඔයාගෙ තට්ටමෙයි ඒ ලාඩම තියන්නෙ. ඒකට කියන්නේ ඕපපාතිකවාදය කියලයි. බටහිර උන් create කියන වචනය තමන් කරන කියන දේටත් යොදනවා. නොදන්න රෙද්දක් ගැන කියන්න ගොස් වරිගෙ නහගන්නවා වගෙයි. ඔය ඕපපාතිකවාදය කෙප්පයක් බව පරිසර සාධක තහවුරු කරනවා. ඒකත් හරියට පොළව පැතලියි, දෙවියො ඉන්නෙ හඳේ තමයි වගේ අමනයෙක් කියපු ගොන් කතාවක්.

      බොරු කියන්නේ නෑ කියල අතේ පැලවෙන බොරු කියනවා. "මැවුම්වාදය" කියන්නේ ඔයා අදහන ආගමේ නේ ද? එතකොට "ඕපපාතික" උපත කියන මහා කෙප්පෙ "මැවුම්වාදය" නොවේ ද? ඔය දෙගොල්ලම, නොදන්න දේවල් කෙප්පවලින් වහල බඩ වඩා ගන්න එවුන් නේ ද? සිත ගැන කියන ගොන් කතාව "මැවුම්වාදය"ටත් එහාට ගිය කෙප්පයක් නොවේ ද? ඒක හරි නම්, කට කියන්නෙ වචන ගොඩක්. පුක කියන්නෙ පඩ ගොඩක්.

      ඇයි මේ මනුෂ්‍යකම පරම දුකක් ලෙස දකින බෞද්ධයෝ කසාද බැඳල ළමයි හදන්නෙ? දුකක් නම් ඇයි ඒ? මම කොතන ද ඔයා ගොතපු රාවණ කෙප්ප, මෝසස් කෙප්ප කියල තියෙන්නෙ. බලාගෙන. සිදට් මලේ කියපු ඔක්කොම කෙප්ප කියල වමාරලයි. බොරු කියන කොට කටේ පණුවො දාලයි මැරෙන්නෙ.

      නොදන්න උන් ඕපපාතික වාදය, කර්මය, මැවුම්වාදය අස්සෙ හැංඟෙනවා. මම කියන දේවල් කරල පෙන්වන්න පුළුවන්. අනෙක තමුන් හිතනවා සිදට් හැම එකාටම වඩා කෙරුම කියලා. ඒත් උන්න කාලෙ හිටපු බවටවත් සාක්ෂිත් නෑ. මම කවුද කියල කියන්න ඕන නෑ. කරල පෙන්නන්නම්. මේ ලියන්නෙ කලින් @+/-ට ලියපු එකේ ඉතිරියයි. මනුෂ්‍යකම පිළිකුල් කර හිඟනකමට ආවඩන අමනුෂ්‍යයන්ටයි, දෙවියන්ට මුවා වෙලා මිනීමස් කන ක්‍රිස්තියානි කාර අමනුෂ්‍යයන්ටයි, මිනිස්කමට නිගා කරන මූසලයන්ටයි මිනිසුන් වීමේ අයිතිය නැති කරන කෙනාම තමයි ඔය මූඪදැනුම දීලා ඔබ වැනි මිනිසත් බවට නුසුදුසු උන් නසන්නෙ. මම කිව්වා වගේ අද ඔහෙලාට පිස්සු හැදෙව්වා. දැන් බෞද්ධ වෙස් ගත් බූරුවන්ට යනකල කොහොමද? ඊ ළඟට මිහිපිටින් තුරං කරනවා කියන්නයි මේ ප්‍රතිචාර ලිව්වේ.

      අර ජෝෂප්පු කියන දෙමළත් එක්ක කතා කරන එක ප්‍රභාකරන් සමඟ සාකච්ඡා කර සාම ගිවිසුම් ගැහීමට සමයි. තමුසෙලා ඔය නින්දා අපහාස කරන්නෙ, මම කියන ඒවාට වඩා සිංහලයන්ගෙ නියම උරුමෙටයි. ඔය හිඟන අමනුෂ්‍යාගම් කාරයොයි, ක්‍රිස්තියානි කාරයොයි තිරිසනුන් වගේ ඉන්න කොටයි සිංහලයන් ඒවා කිව්වෙ. උන් කියපු හිරු කියන්නෙ මට බව තමුසෙලාට ක්‍රියාවෙන්ම පෙන්වනවා. මම Anonymous ආවේ මිනිස්කම පිළිකුල් කරන එවුන් ගැවසෙන තැන් අපායටත් වඩා ජරා නිසයි. මම මනුෂ්‍යකම අගයන්නෙක්. මිනිස්කම බිහිකලේ මනුෂ්‍යකම අගයන උන් මිසක්, මිනිස්කම පිළිකුල් කරන ඉහඳපනුවන් නොවේ. උන්ට නම්බු දීම නුසුදුසු වුවත් මෙය තවත් මතක් කිරීමක් විතරයි.

      මනුෂ්‍යයෙක් විදියට ජීවිත්වීම අගයනවා නම් තවම පරක්කු නෑ. මගේ ලිපි තුලින් ඒ බව තහවුරු කරගත හැකියි. ඒ හැමදේම ඕන බූරුවෙකුට වුවත් අත්හදා බලා තේරුම් ගත හැකියි.


      Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)

      Delete
    18. සිතුවිළිSeptember 22, 2013 at 5:27 AM

      මිතුර ප්‍රියන්ත,
      ඔබට මා හා ජෝසප් ආදීන් බූරුවන් ලෙස පෙනීමත් ඔබවම මිනිසෙකු ලෙස පෙනීමත් ඉතා සාධාරණ බව මා සිතමි.

      ඔබගේ ඉහත මුලු ලියවිල්ලෙන්ම එක් පැණයක් පමණක් අසන්නම්.
      කර්මය බොරුනම්, බොරු කියන උන් කටේ පණුවෝ දමා මැරෙන්නේ ඇයි?

      බූරුවන් ගැන ඔබතුමා උනන්දු නිසා ඉඩක් ලද විටෙක ඉන්දියානු සාහිත්ත්‍යයෙන් පරිවර්ථනය කළ "සත් ගුණවත් බූරුවා මහතාගේ ස්වයං ලිකිත චරිතාපදානය" නම් වූ පොත කියවන්න.
      බූරුවෙකුට තමන් මිනිසෙකු යැයි සිතෙන හැටි එහි මැනැවින් දක්වා තිබෙනවා.
      ඒ බූරුවා තමා ගැන කොතරම් අධි තක්සේරුවකට එනවාද යත් අවසන වේදිකා වලට නැග මිනිසුන්ට දේශනා පවා පවත්වනවා.

      Delete
    19. @සිතුවිළි,

      "කර්මය බොරුනම්, බොරු කියන උන්ගෙ කටේ පණුවෝ දමා මැරෙන්නේ ඇයි?" - ඒක කර්මය නොව අපේ බිහිවීම තුලට දමා ඇති නිර්මාණ නීතියක්. ජීවීන් ලෙස මේ ලෝකෙ සිටින සියල්ලන් ම කවුරු හරි බිහිකරපු දෙයක් බව පෙන්විය හැකියි. මේ ගැන මගේ ලිපිවල කියනවා. "බිහිකරනවා" කියන්නේ "මවනවා" හෝ ඕපපාතික කරනවා" කියන එක නොවේ. මිනිස්කම නසන, කාමාසාව (දරුවන් බිහිකිරීම දෙවැනි වන්නෙ බඩගින්නට පමණයි) නසන ඔබ වුනත් මනුබව ලැබුවෙ, දෙමව්පියන් එකතු වෙලා බිහි කරපු නිසා බව අමතක නොකරන්න.

      අර කටේ පණු කතාවට වඩා බරපතල මානසික ඌණතාවයක්, හිරවීමක් ඔබට වෙලා. බූරු කතාව මටත් කියා ගත් එකක්. ඒක "මමත් උපතෙන් මිනිස්කම පිළිකුල් කරන හින්දු ආගම අදහපු බෞද්ධයෙක් (අද බුද්ධිමතුන් කියන්නෙ මිනිස්කම පිළිකුල් කරන බූරුවන්ට නේ.) බව අමතක කරලා." යන වැකිය තුල තිබෙනවා. සිංහලයන් බූරුවන් කියන හේතුව ඔබට නොතේරෙන බව පෙනේ.

      මම හින්දු කතා පොත් පුක පිස දැමීමටවත් නුසුදුසු යයි කියමි. ඒ තුලින් ඔබ ඔබේ සැබෑ ජන්මය පැහැදිලි කලා. තමන් හැමවිටම දකින්නෙ තමන්ගෙ ජාතිය පැත්තෙන්. ඔබ සිංහල වෙස් ගත් මලයාලි හිඟනුන් ලෙස ආ හින්දූන්ගෙන් පැවතෙන බව ඔබේ කතාවෙන් තහවුරු වේ. එවිට හිඟනකම මෙන්ම මිනිස්කම පිළිකුල් කිරීම ජන්ම උරුමයයි. ඔබ සිංහලෙන් ලීව ද ඒ ඔබේ උරුමයයි. හිඟන දෙමව්පියන් බිහිකරන දරුවන් හිඟනුන් වීම නැවතීම මගේ අරමුණයි.

      ඔබ කී පොතේ ඇති කතාවට අඩුවකට ඇත්තේ එය කියවීමට පෙර දිව්‍ය පානය (ගව මුත්‍රා) බඳුනක් බීම කල යුතුයි යන්න ය.

      ඔබ මා නැවත අලවන කොටස කියවා ඔබ බෞද්ධයකු වීම මොන වාක්‍යයයට ගැලපේ දැයි කියනවා නම් අගයමි.

      "නිවන කියන්නේ ඉතාමත් උසස් දෙයක් කියල ඒක පස්සෙ යන්නෙ මුලා වුන සිංහල මෝඩයන් ය. බෞද්ධාගම කියන්නේ සිංහල උරුමයක් කියල බලෙන් සිංහලයන්ට පටවන උන් සිංහල කතාකරන දෙමළු ය. ඒ අතරේ මිනිසකු වීම දුකක් ය කියන පරම සත්‍යයය (???) කියල නිවනට යන සිංහල කතාකරන බෞද්ධයෝ හින්දූන් ය. හිඟාකෑම උතුම් කියන්නේ බැහිවැටිච්ච මලයාලි හිඟනුන්ගෙන් පැවතෙන අයයි."

      ඔබ කියන දේ අනුව ඔබේ අවතාරය (සිත) කියවීම කල හැක. උත්තරය මගේ පර්යේෂණවලට ප්‍රයෝජනවත් ය. "බූරුවෙකුට තමන් මිනිසෙකු යැයි සිතෙන හැටි එහි මැනැවින් දක්වා තිබෙනවා." මේ වගේ බූරු කතා විශ්වාස කරන ඔබ, මීට කලින් බූරු උපතක් ලැබුවා ද? ඔබ වැනි සිඟාල මිනිසුන් හැර වෙන කිසිම ජීවියකු තම උපන් වර්ගයේ හැසිරීම හැර වෙනස් විදියකට නොහැසිරෙන බව, ඇස් තිබේ නම් පරිසරය තුලින් ම තහවුරු කල හැක. බෞද්ධයන් ලෙස බූරුවන් ඉන්න බව ඔබ සහතික කලා.

      Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)

      Delete
    20. සිතුවිළිSeptember 23, 2013 at 9:55 PM

      මාගේ පැහැදිලි කරගැනීම උදෙසා ඔබගෙන් මෙසේ විමසන්නම්
      1/ බිහිවීම අහේතුක නම් නිර්මාණ නීතියක් තිබිය හැකිද?
      2/ නිර්මාණයක් නම් නිර්මාණ කරුවා කවුද?
      3/මා අදහස් කරන හැටියට මැවීමත් ඕපපාතිකත්වයත් යනු එකිනෙකට වෙනස් අදහස් දෙකකි. ඔබ දක්වන බිහිකිරීම මැවීමෙන් වෙනස් වන්නේ කෙසේද?
      4/ මා කී පොත ඔබට අසූචි පිස දැමීමට නොගැලපේ යන්නෙහි අරුත ඔබ සුද්දාගේ ක්‍රමය අනුව අසූචි කොළ කැබැල්ලෙන් පිස දමන්නෙකු බවද?
      5/ඔබ ගෝ වෘත රකින සාධු වරයෙකු බව නොදැන සිටියෙමි. එම නිසා ඔබට ගවමූත්‍ර පානය කරන්න යැයි මා නොකීමි. ඔබට එය දිව්‍යමය පානයක් සේ පෙනේනම් පානය කරන්න එහි වරදක් ඇතැයි නොසිතමි.
      6/ඔබ දී ඇති හිස් වාක්‍යය එකක්වත් මාහට නොගැලපේ. එම නිසා එයට පිළිතුරු දීමට නොහැක.
      7/ඔබට මා බූරුවෙකු ලෙසද ඔබ මිනිසෙකු ලෙසද පෙනෙන්නේ ඇයිද කියා මා පෙර ප්‍රථිචාරයෙන් දැක්වූ නිසා නැවත ඒ කීමට නොවෙහෙසෙමි.
      කැමැතිනම් නැවත පිළිතුරු දෙන්න. ඔබ වැනි මැවුම් කරුගේ අගනා මැවීම් මා කොතෙකුත් දැක ඇත. එහෙත් ඒ අභූත මැවීම සිංහලයන්ගේ උරුමයයයි කියනා වූ එකෙකු (මිනිසෙකුද නැතිනම් බූරුවෙකුද කියා නොදන්නා නිසා එලෙස කීමි ) මින් පෙර මුන ගැසී නැත.

      Delete
    21. Part 1

      කාලය මදි වූ නිසා පිළිතුර පමා වුනා. ඔබ අසන ප්‍රශ්ණවලට වඩා බැරෑරුම් ප්‍රශ්ණවලට මම ලිපි තුලින් බ්ලොගේ ලියල තියෙනවා. මෙතැන සරල උත්තර දෙන්නෙ. විස්තර ඕන නම් මම සිංහලයන් උදෙසා ලියන ලිපි තුලින් දැනගත හැක.

      පිළිතුරු 1:
      බිහිවීම, ඕපපාතික වීම හා පහල වීම ඔබේ ආගමේ ඇති අද්භූත මතයන් ය. දැනුම පහල වෙනවා යයි කියන්නේ ඔබේ ආකම අදහන බූරුවන් ය. මා කියන්නෙ බිහිකිරීමක් ගැන ය. දෙමව්පියන් සංවාසය තුලින් දරුවකු බිහි කරන්නේ ඔවුන්ගේ හෝ ඔවුන් බිහිකල මුල් කෙනාගේ අවශ්‍යතා සපුරාලීමට ය. ඒ සඳහා ඇති නිර්මාණ නීති ප්‍රමාණය බොහෝ ය. අංඟෝපාංඟ මෙන් ම ඒවා තුලින් හැසිරීම පාලනය කිරීමට දැමූ නීති බොහෝ ය. එක් සත්ව වර්ගයකට වෙනත් සත්ව වර්ගයක් බිහිකල නොහැකි වීම තුල කොතරම් නිර්මාණ නීති තිබිය යුතු ද?

      පිළිතුරු 2:
      නිර්මාණ කරුවා ලෙස කියන පැරණිම තොරතුරු ඇත්තේ සිංහලයන් ළඟ ය. ඔවුන් ඒ කෙනා හිරු දෙවියන් ලෙස හැඳින් වූහ. හිරු යනු කලින් කලට මිනිස්බව ගන්න බව ඔවුන් ගේ මතයයි. අද පවතින ජීවින් ගත් කල, එක මූල ජීවියෙකුගෙන් පැවතෙන බව පරික්ෂා කරයි නම් තහවුරු වේ. ඒ ජීවියා හිරු ලෙස මම ද හඳුන්වමි. හිරු යනු සූර්යයා යයි වැරදියට අරුත් දුන්නේ දෙමළුන් ය. හින්දූන් බ්‍රහ්ම කියන්නේ ද හිරු ගැන සිංහලයන් කී තොරතුරු පදනම් කරගෙන ය. හිටිය බව වත් කීමට තොරතුරු නැති, මුසාවෙන් මැව් චරිතයක් වන සිදට් නම් හින්දු අන්තවාදී දර්ශණයක් දෙසුවා යයි කියන කෙනාට, මේ හිරු සතු තෙද බල ආරූඪ කර පුම්බා ඇත. පසුව බිහි වූ ක්‍රිස්තියානි හා මුස්ලිම් ම්ලේච්ඡවාදීන් තම සර්වබලධාරි දෙවියා බිහි කලේ ද සිංහලයන් හිරු ගැන කී දෑ විකෘර්ථි කිරීමෙනි.

      මේ ගැන මා දැනටම ලිපි ලියා ඇත. ඉදිරියේ දී බොහෝ දෑ කියමි.

      පිළිතුර 3:
      ඔබ සිංහල බස විකෘර්ථි කරන්නෙකු ලෙස දකිමි. ඕපපාතික යනු සිංහල වචනයක් නොවේ. එය සිංහලකරණය වූ දෙමළ (පාලි) වචනයකි. සිංහල අරුතක් ලෙස "ඉබේ පහලවීම (මැවීම)" ගත හැක. සිංහලයන් "පහල වෙනකම් බලං හිටපන්" කියන්නෙ නිකමුන්ට නින්දා කිරීමට ය. මැවීම යනු ද හින්දු සංකල්පයකි. එම වචනයෙන් අන් ආකම් වලට පහර දුන්න ද, එය ඔබ බෞද්ධාගම ලෙස අදහන හින්දුකමේ මුල් පදනමයි. කර්මය යන වචනය ද මැවීම වැනි පුහු හින්දු සංකල්පයකි. මැවීම හා ඕපපාතික වීම තුල, "කිසිවක් නැති තැනක යමක් ඇතිවීම" ලෙස ගත හැක. සිංහල බසේ මේ වචනයට ගැලපෙන වචනය මායාව ලෙස ගත්ත ද, එය නොගැලපෙන්නේ මායාව තුල කිසිදු සැබෑ දෙයක් නැති කම නිසයි.

      බිහි කිරීම ලෙස මා කීවේ, තියෙන දේවල් ගෙන අළුත් දෙයක් තැනීමටයි. සරල ම උදාහරණයක් ලෙස රත්රන් කැබැල්ලක් ගෙන මුදුවක් තැනීම ගත හැක. ඔබ කියන මැවීම හා ඕපපාතික වීම තුල "හිස් අහසට අත පා රන් මුදුවක් ගැනීම" ගත හැක.

      Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)

      Delete
    22. Part 2

      පිළිතුර 4:
      ඔබ මම කරන දෙයින් භාගයක් කියා ඇත. ප්‍රථමයෙන් කඩදාසියෙන් පිස දමමි. දෙවනුව පීල්ලක් සේ වැටීමට සැලසු කරාමයෙන් එන උණුසුම් ජලයෙන් සෝදමි. ඊට පසු අත් පා සබන් දමා සෝදමි. ඊට පසු නෑම හෝ ඇඟ සේදීම කරමි. එය ද මම අකමැත්තෙන් කරන්නේ, යන්තම් හෝ අතේ මල ගෑවෙන නිසාය. ඒ වෙනුවට, ඉතා ඉහල තාක්ෂණයෙන් යුත් සෝදා වේලීම කරන උපකරණයක නිර්මාණය මට හිමි ය. ඔබ අදහන හින්දුකම තුලින් උපත ලත් අයට, අද ද, මල යනු කෑමකි. මගේ වෙනස දකින්න.

      පිළිතුර 5:
      ඔබේ ආකමේ පීතෘවරයන් හා ඔවුන්ගෙන් පැවතෙන්නන් ගවමූත්‍ර පානය කල බව වසන් කරන්නේ ඇයි? ඔබ සිංහලයන් රැවටීමට කොතරම් දේ වසං කරනවා ද? මෑතකදී LCN වල ඔබ ප්‍රතිචාර දැමු බෞද්ධ වෙස් ගත් හින්දු ආගමික පදනමේ මියගිය "මාරවේශධාරියා" (හාමදුරුවා) නිර්වාණය කියන්නේ සිතේ තියෙන දුක් නිවීම යයි නැවත අරුත් දී ඇත. මාර දූවරු පස් දෙනාගෙන් දෙදෙනෙකු මැකුවේ සිංහලයන් රැවටීමට නොවේ ද? මනුෂ්‍යයකු වීම දුකකි යන පරම කෙප්ප සත්‍යයය සිංහලයන්ගෙන් වසං කර, දුක කියා කෙටි කලේ සිංහලයන් රැවටීමට නොවේ ද? ඇයි මේ නොදන්නවා වගේ හැසිරෙන්නෙ. අන්තර්ජාලෙන් තමුන්ගේ ආගම බිහිකරපු අය ගැන සොයන්න අමාරු ද?

      පිළිතුර 6:
      ඔබ සිංහලයකු නොවන බව මම නොව ඔබේ වචනයෙන් ම කියා ඇත. සිංහයකු සේ හඬ නගන බූරුවන් නැත.

      පිළිතුර 7:
      බූරුවකු නොවේ නම් ඇයි මෙච්චර රිදුනේ? කවුරු කාට ද ඉස්සර වෙලාම බූරුවා කීවේ? මට නොකීවා නම් මම එසේ නොකියන බව දැන ගත යුතු ය. මට බැනපු එකෙකු යහතින් නොසිටිනු ඇත. බූරුවන් තමන්ගේ බූරුකම නැසීමට සෙප්පඩ විජ්ජා නොකරති. බූරුවන්ට සම කිරීම උන්ට කරන අපහාසයකි.

      ඔබ මනුෂ්‍යකම පිළිකුල් කරන්නෙකි. ඒ අනුව ඔබ "අමනුෂ්‍යයකු" යයි කීම නිවැරදි බස් වහරයි. ඔබ කියන "ඔබ වැනි මැවුම් කරුගේ අගනා මැවීම් මා කොතෙකුත් දැක ඇත. එහෙත් ඒ අභූත මැවීම සිංහලයන්ගේ උරුමයයයි කියනා වූ එකෙකු (මිනිසෙකුද නැතිනම් බූරුවෙකුද කියා නොදන්නා නිසා එලෙස කීමි ) මින් පෙර මුන ගැසී නැත." බයිලය මම ඇසූ වාර බොහෝය. මැවීම ඔබේ දහමයි. ඔබ කියන "කර්මය" වුව ඕපපාතික කලයුතු නොවේ ද? එය මැව්වේ කවු ද? ක්‍රිස්තියානි හා මුස්ලිම් ආකම් යනු ඔබේ අමනුෂ්‍ය ආකමේ ඊළඟ පුරුක් ය. මිනිසුන් නැසීමට මැවූ කරුම නොවේ ද? ඔබ මෙන්ම ඔවුන් ද අමනුෂ්‍යයන්ය. වෙනසකට ඇත්තේ ඔබ හිඟමනෙන් යැපීමත් උන් ලේ මස් වලින් යැපීමත් පමණි. දෙගොල්ලොම මිනිස්කම නසන උන් ය. තව බොහෝ දේ මගේ බලොගේ ලියන බව කියමි.

      Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)

      Delete
    23. සිතුවිළිOctober 3, 2013 at 5:42 PM

      මේ කරුනු 7 ට නැවත මා අදහස් දැක්විය යුතුමයි

      1/ බිහි කිරීම :
      ඔබට අනුව ලොව බිහිකරන්නේ මව් පිය සංයෝජනයෙනි, මැවීමත් ඕපපාතික බවත් බොරු.

      හොඳයි බුදු හාමුදුරුවෝ කීවා බ්‍රහ්මාති මාත පිතූ කියා එතකොට ඔබ ඔය කියන්නේ බුදු හාමුදුරුවෝ වරක් කීදෙයක්මනේ.

      ඔබ කියන ඔය නීතිය පැනෙව්වේ කවුරුන්දැයි පහදා දිය හැකිද?

      2/ සර්ව බලධාරියා බිහිකලේ සිංහලයා හිරු ගැන කීදෙය ගැනීමෙනි. හරි ඒ කියන්නේ සර්ව බලධාරියා කියන්නේ හිරුට. හිරු කියන්නේ සර්ව බලධාරියාට.
      ඔන්න බලලා මල්ලෙන් පැන්න.
      සිංහලයා සැමදා ප්‍රථික්ශේප කල මැවුම්වාදය සිංහලයාගේ උරුමය කියා කීමට ඔබට පල්ලියෙන් කීයක් ගෙව්වාද?

      3/ ඔබ අප භාවිතා කරන වදන් වලට ඔබට ඕනෑ අරුත් දෙමින් අප වැරදියැයි කියයි. එහෙත් අප එම වදන් සඳහා ගන්නා අරුත් ඔබ ප්‍රතික්ශේප නොකරයි. මේ ගැන බැලීමේදී නම් එක්කෝ ඔබ මුලාවකය, නැතහොත් පිස්සුය, ඒ දෙකම නැතොත් බර ගානකට යෙදුන ප්‍රොජෙක්ට් එකකය.
      ඕප පාතික ව රන් මුදු මැවීමක් බුදු දහමේ නම් නැත. එහෙත් ඒ ගැන ඔබට කීමෙන්ද පලක් නැත.

      4/ අනේ හොඳයි එය කෑමක් සේ දකීනම් වළඳන්න. අපේ බාධාවක් නැත.
      ඔබ එය නොවළඳනවානම් ඉවත දමන්න ඒ ගැනත් අපිට වගක් නැත.

      5/ගව මූත්‍ර පානය කල හින්දි සාධුවරුන් ගැන අප අසා ඇත්තෙමු. එහෙත් අප ඔවුන් අදහනවායැයි කියා ඔබ පිළිගන්නා නිසා මාගේ කාලය නාස්ති නොකරමි.

      6/ බූරුවන් සේ තප්පුලන සිංහයින්ද නැත!

      7/ මට රිදුනා යැයි ඔබ උපකල්පනය කලේ ඇයි? මා ඔබට බැන වැදුනාද, පරුශ වදන් බිනුවාද? නැත. මා උරන නොවීමි. මේ සාකච්චාව දෙස බලන කල එක් අතකින් මා බූරුවෙකුයැයි කීම නිවැරදිය. මන්ද මිනිසුන් සාමාන්‍යයෙන් බූරුවන් සමග සාකච්චා නොකරති.

      ඔබගේ හිරු දෙවියන් ක්‍රිස්තියානී මැවුම් කරුගෙනුත්, ඉස්ලාම් අල්ලා ගෙනුත්, හින්දු බ්‍රහ්මන් ගෙනුත් වෙනස් වන්නේ කෙසේදැයි පහදා දීම ඔබගේ වගකීමයි. එසේ නැතිනම් ඔබ පල්ලියේ කොන්ත්‍රාත් කරෙකු බවත් පිටුපස සිටින පාස්ටරයෙකුගෙන් උපදෙස් ගන්නා බවත් අපට වැටහේවි.

      Delete
    24. සිතුවිළිOctober 3, 2013 at 7:39 PM

      කාලෙකින් අපිත් එක්ක සාකච්චාවක නොයෙදුන කණිෂ්ක සහෝදරයාගෙන් මේ සාකච්චාව ගැන යම් අදහසක් දැන ගැනීමට කැමතියි.!

      Delete
    25. @ සිතුවිළි,

      "Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)" තුමා ලියන දෙයින් බාගයක් හෝ අපට වැටහෙන්නේ නැත. ඒ අපේම වාසනාව මිස වෙන දෙයක් නොවේ. ඔහු අප විසින් ඇසූ එකම ප්‍රශ්නයට පිළිතුරු නොදී සිටීම වාසනාවේ අග්‍ර ඵලය විය හැකියි.

      දැන් බලන්න, මෙතුමා "නිර්මාණ නීතියක්" ගැන කතා කරයි. එනම්, නිර්මාණයක් පවතී. එබැවින් නිර්මාණ කරුවෙක් ද සිටී. ඔහුට "හිරු" යැයි නමක් ද දී ඇත. මේ කියන්නේ පරණ තෙස්තමේන්තුවේ උප්පත්ති කතාවයි. "දෙමව්පියන් සංවාසය තුලින් දරුවකු බිහි කරන්නේ ඔවුන්ගේ හෝ ඔවුන් බිහිකල මුල් කෙනාගේ අවශ්‍යතා සපුරාලීමටය." යනුවෙන් ඔහු ඉහත අදහස තහවුරු කරයි. එහෙත් වෙනසක් ඇත. යුදෙව්/ කතෝලික/ ක්‍රිස්තියානි/ ඉස්ලාම් දෙවියෝ (හෝ යක්‍ෂයා) ඔය කියන මැවීමට පෙරත් විය. මැවීමෙන් පසුත් සිටී. මෙතුමා අදහන "හිරු" දෙවි හිංදුන් ගේ විෂ්ණු සේ වරින් වර මෙහි පැමිණේ. එසේම ඔහු තුල හිංදු බ්‍රහ්මඃ මෙන් ඒකීයත්වයක්ද පවතී. එනම් හිංදුන්ට අනුව අද පවතින සකලවිධ ජිවයම බ්‍රහ්මාත්මඃයේ කොටස් වේ. එය මායාව හේතුවෙන් අපට වෙන් වෙන්ව පෙනේ. මායාව ඉවත් කළ විට අපට බ්‍රහ්මඃ සමග ඒකීයත්වයට පත් විය හැක.

      මෙතුමා එතුමාගේ හිරු දෙවියන් අනික් ආගම් විසින් 'කොපි' කළ බව කීම සිහි බුද්ධියෙන් යුතුව පිළිගත යුතු බව සිතේ. අප එය පිළිනොගන්නේ නම් ඉන් කියවෙන්නේ එතුමා ඒ ඊනියා 'හිරු' දෙවියන් අනෙක් සියලු ආගම් වලින් 'කොපි' කරගෙන සාදාගෙන ඇති බවයි. දෙතිස් කතා කියවන කෙනෙක් එවැනි දෙයක් කරයි කීම අපට අවනම්බුවකි.

      අනෙක් පසින් ගත් කළ හිරු දෙවි දැනටමත් අර මකර තොරණේ සිටින මකරෙක් වැනි අද්භූත සත්ත්වයෙක් බවට පත් වූ කළ ... මෙතුමා ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හිංදු දෙවියන් ගැන මිස මිසර, පාර්සි, චීන, ග්‍රීක, හා මායා, ඉන්කා ආදී ශිෂ්ඨාචාර වල දෙවියන් හා අද්භූත සත්ත්වයින් ගැන අසා නැති වීම නම් වාසනාවක් මිස වෙන කුමක්ද? අනේ මෙයා අඩු ගන්නේ 'කුකු කාන්' ගැනවත් අසා තිබුණානම්..................... !

      Delete
    26. මම මේක ලියන්නෙ කෙටි උත්තරයක් ලෙසයි. තමුන් යුදෙව්/ කතෝලික/ ක්‍රිස්තියානි/ ඉස්ලාම් කාරයන්ට මඩ ගහනවා. ඒ වුනාට තමන් බදාගෙන ඉන්න අශූචි ගොඩ සුවඳයි ලු. ඔය කට්ටිය කියනවා ද ඔය "ඕපපාතික" කියන වචනෙ තේරුම. එතකොට ඔයාලා දෙවියන් කියන්නෙ කාට ද? කවුරු කවුරුත් නොදන්න තැනට බොරු මවා පෑම් කරනවා. අර සිත කියන එකට කෙලපු මැවීම කොහොම ද?

      සිංහල දැනුම භාගෙට අනපු යුදෙව්/ කතෝලික/ ක්‍රිස්තියානි/ ඉස්ලාම්/ බෞද්ධ කට්ටිය, කාගෙන් ද ඔය දැනුම ඇහිඳ ගත්තේ? ආ "පහල" වෙනවනේ. තුඃ විතරක්. ඉගෙන ගන්න ඕන නෑ. ජේසුස්, අල්ලා, බුද්ධ ලා පහල වෙන්නෙ මොකෙන් ද හැබෑට?

      අද බෞද්ධ කියල හඳුන්වන හින්දු ආගම්කාරයන්ට තේරුම් කිරීමට වඩා මලවුන්ට පණ දීම ලෙහෙසියි. තමුන් සිංහලයන් ගැන නොදැන කියන බූරු කතාවලට හිනා යනවා. තමුන් නොදන්න හිත කියන එක හැදුන හැටිත් සිංහලයන් දන්නවා. සිංහලයන් දසඅවතාර කියල කියනවා. හිරුට ඒ දහයම තියෙනවා. අනෙක් ජීවීන්ට නවයක් එක එක ප්‍රමාණෙට මිශ්‍රකරලයි හදල තියෙන්නෙ. ඒ අනුව තමයි අපේ හැසිරීම වෙනස් වෙන්නෙ. තමුන් නොදන්න සිත තමයි තමුන් පිළිකුල් කරන ගත හදන්නෙ. හිත ගත හදනවා වගේ, හිත හදන තවත් ප්‍රබල ක්‍රියාවලියක් තියෙනවා. ඒකට සිංහලයන් කිව්වේ මත්ස්‍ය අවතාරෙ කියල. අන්න ඒ හැකියාවයි හිරුට තියෙන්නෙ. තමුන් වගේ අමනුෂ්‍යයන්ට පිනට ලැබුන ගත හැදෙන්නෙ දෙමව්පියන් දෙන ජීව ධාතු පොදිය නැවත නැවත බෙදී වැඩීමෙන් නොවේ ද? හිතත් ද්‍රව්‍යමය දෙයක්. ඒකත් හදන එකක්. ඒක හදන විදියක් තියෙනවා. ඒක හදන කෙනා තමයි හිරු කියන්නෙ. තමුන්ගෙ කාලකන්නි ආගමේවත් හිත නසන්න පුළුවන් කියනවා ද? මම කියන දේ ස්වාභාවික ලෝකෙ තියෙන දත්ත වලින් ඔප්පු කරනවා. තමන් නොදන්න දේවල් ගැන දන්න බව පෙන්වනවා. හිත කියන්නේ මොකක් ද? හික්! අර අජාන් බූවා (Ajan bua) අරහත් වහන්සේ කියල තියෙනවා. තමුන්ගෙ හිත ඇති නැති කරන්න පුළුවන් හිරුට විතරයි. ඒක ආටානාටිය සූත්‍රයෙත් කියනවා. අමනුෂ්‍යයන් නිසා, තමුන්ලාගෙ හිත හිර කරල තියෙන්නෙ. ඒ නිසා කබලෙන් ලිපට තමයි. මම මොනවා කීවත් ගලවගන්න බෑ. හලෝ, හිත කියන එක ද්‍රව්‍යමය දෙයක් කියල කීවා නම් ඒ මම විතරයි. ඒක ඔප්පු කල හැකියි. වැඩ කරන විදියත්, හදන විදියත් දැනයි කියන්නේ. ඕපපාතික වීම, මැවීම, නොදත් හරකුන්ගෙ උම්ඹෑ ගෑමක් විතරයි. අනුන්ගෙ ඇද දැක්කට ඕපපාතික ඇදේ බලුවළිගෙ වගේ කෙලින් නේ ද? ලැජ්ජාව නැද්ද?

      Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)

      Delete
    27. සිතුවිළිOctober 4, 2013 at 7:51 AM

      ප්‍රියන්ත මහතානෙනි,
      කුමන බසකින් බිඳුනු වදනක් වුවද, "ඕපපාතික " යන වදනින් ඔබ ගන්නා අර්ථය පැහැදිලි කරන්න.
      ඔබත් අපත් අරුත් දෙකක් තබාගෙන් කරන කථාව, හතර බීරි කථාවකි.

      අප ඕපපාතික යන වදහනින් කරනු ලබන අදහස ඔබ කිසි තැනක ප්‍රශ්න කොට හෝ වුරුද්ධ වී නැත.
      එසේ නොකොට මේ බැන අඬ ගැසීම් තුලින් කෙරෙන සාකච්චාවක් නම් නැත.
      කාලය කා දැමීමෙහි අරුතක් ද නැත.

      Delete
    28. සිතිවිළි,

      ඔබයි මම අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්නෙ නැත්තෙ? මම දන්න තරමින් ඕපපාතික කියල සිංහල වචනයක් නැහැ. මම බෞද්ධ අතීතයට ගියොත්, ඒ කාලෙ හිතුවේ ඕපපාතික කියන්නෙ "ඉබේ පහල වෙන" කියලා. ඒකයි "මැවෙනවා" කියන එකයි මම දකින්නෙ සමාන වචන විදියට.

      //අප ඕපපාතික යන වදහනින් කරනු ලබන අදහස ඔබ කිසි තැනක ප්‍රශ්න කොට හෝ වුරුද්ධ වී නැත.// - ඔබ තවම ඒ ගැන කියා නැත. මම ජීවීන් බිහිවන ස්වාභාවික පරිසරික දත්ත මැනවින් හඳුනා ගත් නිසා මැවීම හෝ ඕපපාතික වීම බොරු ලෙස දකිනවා. මට මෙන්න මේ ප්‍රශ්ණවලට බෞද්ධයන් පැහැදිලි කරන තොරතුරු අවශ්‍ය වෙලා තියෙනවා.

      ප්‍රශ්ණ 1: ඕපපාතික වීම යන්න සරල සිංහල වචන යොදා උදාහරණ දී පහදන්න? දෙමාපියන් නැතුව ඕපපාතික වේ ද? මිනිසුන් ඕපපාතික නොවන්නේ ඇයි?

      ප්‍රශ්ණ 2: සිත යනු මොකක් ද? එය හැදෙන්නෙ කෙසේ ද? එය සිතිවිලි ඇති කරන්නේ කෙසේ ද? පවතින්නේ කෙසේ ද? නැසෙන්නේ කෙසේ ද?

      ප්‍රශ්ණ 3: කර්මය කියන්නේ මොකක් ද? එය පවතින්නේ කෙසේ ද? සංසාර ගමනේ දී උපතින් උපතට යන්නේ කෙසේ ද? කර්මය ඵල දෙනවා කියන්නේ මොකක් ද? එසේ ඵල දේ නම් කෙසේ ක්‍රියාත්මක වේ ද? ඉබේ වෙනවා ද? බාහිර බලපෑමක් ද? එකම ක්‍රියාවට දෙවිදියකට කර්මය ඵල දෙනවා ද?

      ප්‍රශ්ණ 4: ජීවිතය නිවිය හැකි ද? ඊට කලින් එහි කොටසක් නිවන හැටි කියන්න? අත නිවිය හැකි ද? ගල් කැබැල්ලක් වැනි දෙයක් නිවිය හැකි ද? සිත නිවෙනවා ද?

      ප්‍රශ්ණ 5: මිනිසකු වීම දුකක් යයි කීම පරම සත්‍යයයක් ද? එසේ නම් සතෙකු වීම ඊට වඩා අඩු හෝ වැඩි දුකක් ද? සතුන්ට නිවනට යන්න බැරි ඇයි?

      ප්‍රශ්ණ 6: දැනුම කියන්නේ මොකක් ද? දැනුම පහල වෙනවා ද? පහල වේ නම් ඒ කෙසේ වෙනවා ද? සතුන්ටත් දැනුම පහල වෙනවා ද? දැනුමත් ඕපපාතික වීමක් ද?

      ඔබට අපහසු නම් දන්න බෞද්ධයෙකුගෙන් අසා පැහැදිලි ව මේ ප්‍රශ්ණ සියල්ලට උත්තර දෙන්න. මෙය අධ්‍යයනයට අවශ්‍ය වී ඇති දෙයක් ලෙස සලකා උදව් කරන්න.

      Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)

      Delete
    29. සිතුවිළිOctober 6, 2013 at 6:39 AM

      Dear Mr. Priyantha,
      I like your approach. but it need little time in replying. I will reply you on theis questions very soon. but any of our other friends are interested in replying (I know that Kanishka and Joseph can reply better) please do reply.

      Delete
    30. සිතිවිලි,

      බොහොම හොඳයි. අපි අනුන් කියපු දේවල් හරි කියල හිතාගෙන, අන් අය කියන දේ තේරුම් නොගෙන බැන වැදීම නිසයි අපට හිත රිදවන වචන කියන්න වෙන්නෙ.

      පැහැදිලි ව, ඔබ කියන දේ ඔබේ දැනුම ද, නැත්නම් උපුටා ගත් තැන/කෙනා කියන්න. මට තව එකක් එකතු කිරීමට ඕන.

      ප්‍රශ්ණ 7: හිඟමන් (පිණ්ඩපාතය) යැද යැපීම උතුම් දෙයක් ද? හිඟමනින් යැපෙන්නන්ට හිඟමන් දීමට තව කොටසක් අවශ්‍ය නැද්ද? හිඟමනින් යැපෙන්නන්, බව භෝග වගා කරන ගොවියන්ට බර වැඩි නොකරයි ද? ගොවියන් අත පය සවියෙන් කරන දෙයින් යැපෙන හිඟනුන්ට අත් පා ලැබුනේ මොකට ද? නිරෝගී බවට ගත භාවිතා කල යුතු නැද්ද? හිඟමන් යදින්නකු තම ජාතියට උරුම කරන්නේ මොනවා ද? හිඟමන් යැද යමක් නොලැබේ නම් මොකක් කල යුතු ද?

      ඔබ මාර්ග ඵල ලැබූවකු දන්නේ නම්, ඔහුගෙන් මට ඇසීමට තව ප්‍රශ්ණ ඇති බව කියමි. අතුරු ප්‍රශ්ණයක් ලෙස මෙය අසමි

      ඔබ බැහැර කරන හිරු (හූරා) යන දෙවියන් ගැන ආනන්ද මෛත්‍රීය භික්ෂුව විශ්වාස කලේ ද? ඔහු විශ්වාස කලා නම් මිථ්‍යාදෘෂ්ඨිකයෙක් ද? (ඔහු බොහෝ දේ ලියා ඇත.)

      ඔබ මා ක්‍රිස්තියානීකාරයෙක් ලෙස සැලකූ නිසා මෙය අසමි. ඔවුන් දේව පූජාවක් ලෙස ජේසුස් ගේ මස් කියා පාන් පෙත්තක් කා, ජේසුස් ගේ ලේ කියා වයින් බොන බව දන්නවා ද? එය අමනුෂ්‍ය ක්‍රියාවක් ලෙස මම කියන්නේ නම් ඔබ පිලි ගනී ද? මනුෂ්‍යකම පිළිකුල් කිරීම තුලින් පෙන්වන්නේ මනුෂ්‍ය ගතියක් ද?

      ඔබ මා මූසල ආගමට සම කලේ ය. එසේ නම්, දරුවන් කුසගින්නේ අඬන කොට කිසි පිහිටක් නොලබන මූසල ගැහැණියක් තම දරුවන් රැකීමට ගණිකාවක් වේ නම්, ඇය ගල් ගසා මැරීම අමනුෂ්‍ය ක්‍රියාවක් ලෙස මම කියන්නේ නම් ඔබ පිලි ගනී ද? කල යුත්තේ ගැහැණුන් එවැනි දුක්ඛිත තත්ත්වයට වැටීමෙන් වැලකීම නේ ද? අද ඔබේ ආගම අදහන බොහෝ කතුන් මූසලයන්ගේ කුස්සි වැඩට අමතරව එම ක්‍රියාවේ යෙදෙන බව දන්නවා ද?

      Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)

      Delete
    31. සිතුවිළිOctober 6, 2013 at 7:24 PM

      ඕපපාතික වීම,
      මේ ගැන කතා කිරීමේදී ඔබ ජීවින් බිහි වීමේ ස්වාභාවික පාරිසරික දත්ත මැනැවින් දන්නා නිසා ඕපපාතිකත්වය බැහැර කරන බව දක්වනවා. ඔබගේ මේ දැක්ම භෞතික වාදීන්ගේ, හේතුවාදීන්ගේ දැක්මට සම්පූර්ණයෙන්ම එකඟයි.
      බුදු දහමේ ඕපපාතික යනුවෙන් දැක්වෙන්නේ කිසියම් වූ අදෘශ්‍යමාන බලවේගයක් ( මැවුම්කාර දෙවියෙකු වැනි ) හේතුවෙන් මා පිය සම්භෝගයක් නැතිව ජීවියෙකු භිහි වන බවක් නොවෙයි.
      එහෙත් බුදු දහමේ නොයෙකුත් සත්ත්ව වර්ග වලට අදාල භිහිවීමේ ක්‍රම දක්වා තිබෙනවා.
      ඒවා
      ජලාබුජ - අප වැනි ක්ෂීරපායී සත්ත්වයින්, ඇතැන් මත්ස්‍ය විසේශ ආදිය
      අණ්ඩජ - පක්ශීන්, උරගයින්, ඇතැම් මත්ස්‍යවිශේශ ආදිය
      කණ්ඩන - ඇතැම් පනු විශේශ, හෝ ඉතා කුඩා ඇමීබා වැනි සතුන්
      ඕපපාතික - දිව්‍ය, බ්‍රහ්ම, ප්‍රේත, ආදී වූ සියුම් ශරීර ඇති සත්ත්ව කොට්ටාශ.

      මේ අතරින් ඕපපාතික සත්ත්ව කොට්ටාශය අප ඉඳුරන්ට ගෝචර නොවන දෑවේ. එහෙත් පුහුදුන් අපට එය නොවැටහුනද එය ඉඳුරන් තීව්‍රකර ගැනීමෙන් දැනගන්නා ක්‍රමයද දහමෙහි උගන්වයි.
      මෙය තමන්ට ගෝචර නොවන බැවින් යමෙකු එය පිළිගැනීමට මැලි වනවානම් එසේ සැබැවින්ම ගෝචරනොවන එහෙත් පිළිගන්නා දෑ ලොව කොතෙකුත් වෙයි.

      අනෙක තර්කය මත පමණක් පදනම්ව බැලිවද, ඔබ නොදන්නා හෝ ඔබට නොදැනෙන යමක් ලොව පැවතීමෙහි ඉඩ සැබැවින්ම බැහැර කල හැකිදැයි ප්‍රශ්නයක් පැන නගියි. මට නොදැනෙන කිසිවක් ලොව නැතැයි යන මුලාවට පත් වීමට මානම් අකැමැතිය.

      Delete
    32. සිතුවිළිOctober 7, 2013 at 12:11 PM

      ඔබගේ එකිනෙක පැන සරළව ගත් විට,

      2/ සිත යනු කුමක්ද?
      3/කර්මය යනු කුමක්ද?
      4/නිවන ඇතිද? නිවන් ලැබුය හැක්කේ සත්ත්වයෙකුට පමනද, භෞතික දේ නිවනට පත් නොවේද?
      5/ මිනිසත් බව දුකක්ද? සතුනට නිවන් දැකිය නොහැකිද?
      6/ දැනුම යනු කුමක්ද? සතුනටත් දැනුම ඇතිද?
      7/ පිණ්ඩ පාතය ආර්ථික විද්‍යාවට අනුව යහපත් දෙයක්ද?
      8/හිරු ගැන ආනන්ද මෛත්‍රීය හිමියන් විශ්වාස කලාද?
      මා නොදනිමි, දැන ගැනීමේ උවමනාවක්ද නැත.
      හිරු ගැන පිළිගැනීම නිසා ආනන්ද මෛත්‍රී හිමියන් මිත්‍යා දෘශ්ටිකයෙකුද?
      හිරු ගැනත් ආනන්ද මෛත්‍රී හිමියන් සිතූ දේත් නොදන්නා නිසා උපකල්පන මත පිළිතුරු දිය නොහැක

      ක්‍රිස්තියානින් සැබැවින්ම ජේසුස් ගේ ලේ බීවද මට ඉන් පලක් නැත. මන්ද මා උන්ගෙන් එකෙකු නොවනා නිසා. එහෙත් උන් ලොව මැවූ දෙවියෙඋ ඇතැයි අදහන බව නම් මා දනිමි. එය මුලාවක් බවත් දනිමි.

      මුස්ලිම් ආගම එහි මූල ධර්ම හා සියළු ඇවතුම් පැවතුම් ප්‍රාථමික ගොත්‍රික ඇදහීම් අයුරු බැව මට වැටහී ඇති නිසා ඒ ගැන වැඩිදුරටත් නොවෙහෙසෙමි. ඔබත් මාත් ඒ ගැන කරනා කථාව කාලය කා දැමීමකි.

      මෙහි 2 සිට 7 දක්වා වූ සියළු පැන වලට ඔබට බොහෝම පහසුවෙන් බුදු දහම තුලින් පිළිතුරු සොයා ගත හැක. ඔබ ඒ ගැන අංශුමාත්‍ර වශයෙන් හෝ නොදැන මෙසේ බැන අඬ ගසමින් හැසිරීම ඔබ කියනා මිනිස් කමදැයි මා වික්ශිප්ත වෙමි.
      මා මේ දේ ගැන ඔබට දිගු හෝ කෙටි පිළිතුරු ලබා නොදෙමි. ඒ ඔබ විසින්ම දහම හැදෑරීමෙන් අවබෝධ කල යුතු කරුනුය.

      සොයා ගැනීමෙහි පහසුව පිණිස මෙසේ කියන්නම්.
      සිත ගැන ඔබට සෙවීමට අවශ්‍යනම් පටිච්ච සමුප්පාදය හොඳින් හදාරන්න. එවිට බුදු දහම කියන සිත යනු කුමක්දැයි ඔබට වැටහේවි.

      එය කියවා වටහා ගැනීමෙන් පසු ඔබට ඉතිරි දේ සඳහා අවශ්‍යනම් මග පෙන්වීමක් කල හැක.

      මීට වැඩි පිළිතුරක් මේ ගැන මාගෙන් බලා පොරොත්තු නොවන්න.

      කණිෂ්ක, ජෝසප්, මිතුරනි,
      ප්‍රියන්ත ඔබගෙන් පිළිතුරු බලා පොරොත්තු වන්වාද නැතිදැයි යන්න මාහට වැදගත් නොවේ. එහෙත් මේ ගැන ඔබලාගේ දැක්ම දැන ගැනීම මාහට වැදගත් බැවින් ඔබ දෙපලගේ අදහස් වලට මා මෙහිදී ආරාධනා කරමි.

      Delete
  5. අළුතින් එකතු කරලා තියෙන දේවල් වෙන කවුරු හරි ලියල දුන්නද ? නෑ මම මේ නිකමට ඇහුවේ.
    මේ ගමන්ම අර පොත් ලැයිස්තුවත් පල කළානම් කැමති කෙනෙකුට පහසුයි නේද ? පොත් ගෙනියන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. තව එකක් අමතක උනා.
      සිතියමනම් මරේ මරු ! හරියටම පන්සල පෙන්වනවා. ඒත් ඒ පන්සලේ ගොඩනැගිලි, අඩුම තරමින් චෛත්‍යයක් වත් නෑ නේද?

      Delete
  6. සිතුවිළිSeptember 13, 2013 at 12:37 PM

    කණිෂ්ක, ඔබගේ දානයට දායක වීමට කැමැත්තෙන් සිටිනා මුත් මේ දිනවල එයට යෙදීමට නොලැබෙන හැටියකුයි පෙනෙන්නේ, ඔබ දී ඇති කාල වකවානුව තුල යමක් කරගැනීමට හෝ පොත් ප්‍රදර්ශනයට යාමට මෙවර නොලැබේවි.
    හැකියාවක් ලැබුනොත් දායක වීමේ අදහසිනුත් තමයි නිහඬව සිටියේ.
    බලමු යමක් කල හැකිදැයි කියා

    ReplyDelete
    Replies
    1. ගැටළුවක් නෑ. ප්‍රශ්නයක් කර ගන්න එපා. හික් !

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !