Tuesday, August 13, 2013

බ්‍රසීලයේ වෙළෙන්දා



බ්‍රසීලය වනාහී වර්ග ප්‍රමාණය අතින් ද ජනගහනය අතින් ද ලෝකයේ පස් වැනි විශාලම රාජ්‍යයයි. ලෝකයේ විශාලම නිවර්තන වැසි වනාන්තරය වන ඇමසන් මේ රාජ්‍යයේ ඉතා වැඩි කොටසක්, එනම් 65% පමණ වසා සිටී. නාගරික ජනගහනය 80% ඉක්මවා සිටියත් කෘෂිකර්මය නැගී එන ජීවිකාවෘත්තියකි. ඇමසන් වනය ආශ්‍රිත පෙදෙස් වල වන වැස්ම ඉවත් කිරීමත්, මහාපරිමාණ ගොවිපොලවල් ඇරඹීමත් ජනයා පදිංචි කිරීමත් සැළසුම් සහගතව කෙරේ.

බ්‍රසීලේ පිටිසර ගොවි කම්කරුයෝ අමුතුම සැට් එකක්, එකෙක්වත් සෙරෙප්පු දාන්නේ නෑ
මේ ජනයා බොහෝ දුරට නූගත්තුය. සනීපාරක්ෂාව ගැන එතරම් තැකීමක් නැත. මල පහ කිරීමෙන් පසු දෑත් නොසෝදයි. පාවහන් භාවිතයක් නැත. ආර්ථික අතින් ශක්තිමත් වුවත් ඉහත හේතු නිසා කොතරම් සුලභ කලත් මේ ජනයා අතර පාවහන් ජනප්‍රිය කළ නොහැක. බ්‍රසීලයේ නව ජනාවාස පාවහන් වෙළෙඳාමට යෝග්‍ය වෙළෙඳපොලක් නොවේ.


ඔන්න ඔය විදියටයි ඒ වෙළෙඳපොළ විශේෂඥයා තමන්ගේ වාර්තාවේ සටහන් කළේ.

උන්දැට මේ වැඩේ බාර දුන්නේ පාවහන් හදන බහුජාතික සමාගමක්. අපි නිකමට බාටා කියමුකෝ.. හැමෝටම ඒක තේරෙන දෙයක් නේ. ඉතිං බාටා කොම්පැනිය කල්පනා කළාලු පාවහන් අළෙවිය වැඩි කර ගන්න. අළෙවිය වැඩි කර ගන්න නම් මොකද කරන්න ඕනේ... ? ඇත්තටම කරන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ.
  1. දැන් විකිණෙන වෙළෙඳපොල තුලම අළෙවිය වැඩි කර ගැනීම.
  2. අලුත් වෙළෙඳපොලක් සොයා යාම.
ඉතිං මේ බාටා කොම්පැනිය අංක දෙක තමයි තෝරා ගෙන තියෙන්නේ. බ්‍රසිලේ වේගයෙන් පොහොසත් වන පිටිසර වනගත පැති තමයි මෙයාලා තෝරා ගත්තේ මේ අළෙවි ප්‍රවර්ධන ව්‍යාපාරයට. ඒකෙ මුල් පියවර විදියට එහෙට යවපු විශේෂඥයා දුන්න වාර්තාවේ තමයි බ්‍රසීලයේ නව ජනාවාස පාවහන් වෙළෙඳාමට යෝග්‍ය වෙළෙඳපොලක් නොවේ. කියලා පොල් ගෙඩි අකුරින් ලියල තියෙන්නේ.

දැන් ඉතින් මොකද කොරන්නේ...

එයාල ලෝක ප්‍රසිද්ධ බහුජාතික සමාගමක්. බහුජාතික සමාගම් සුළුජාතික සමාගම් වගේ පස්සට යන්නේ නෑ. එයාල ඉස්සරහට තමයි යන්නේ. ඉතින් මේ කොම්පැනිය කල්පනා කරලා කරලා සාකච්ඡා සම්මන්ත්‍රණ තියලා තියලා අන්තිමට තීරණය කළාලු තව එක විශේෂඥයෙක් යවන්න.

මෙන්න එයා දුන්න වාර්තාව.
බ්‍රසීලය වනාහී වර්ග ප්‍රමාණය අතින් ද ජනගහනය අතින් ද ලෝකයේ පස් වැනි විශාලම රාජ්‍යයයි. ලෝකයේ විශාලම නිවර්තන වැසි වනාන්තරය වන ඇමසන් මේ රාජ්‍යයේ ඉතා වැඩි කොටසක්, එනම් 65% පමණ වසා සිටී. නාගරික ජනගහනය 80% ඉක්මවා සිටියත් කෘෂිකර්මය නැගී එන ජීවිකාවෘත්තියකි. ඇමසන් වනය ආශ්‍රිත පෙදෙස් වල වන වැස්ම ඉවත් කිරීමත්, මහාපරිමාණ ගොවිපොලවල් ඇරඹීමත් ජනයා පදිංචි කිරීමත් සැළසුම් සහගතව කෙරේ.

මේ ජනයා බොහෝ දුරට නූගත්තුය. සනීපාරක්ෂාව ගැන එතරම් තැකීමක් නැත. මල පහ කිරීමෙන් පසු දෑත් නොසෝදයි. පාවහන් භාවිතයක් නැත. ආර්ථික අතින් ශක්තිමත් වුවත් ඉහත හේතු නිසා කොතරම් සුලභ කලත් මේ ජනයා අතර පාවහන් ජනප්‍රිය කළ නොහැක. එබැවින් වෙළෙඳපොලේ පාවහන් සුලභ කිරීම හා වෙළෙඳ දැන්වීම් දැමීම මගින් මේ වෙළෙඳ පොළ ජයගත හැකි නොවේ.

මේ වෙළෙඳපොල ජය ගැනීම පිණිස විචිත්‍රවත් වෙළෙඳ දැන්වීම් නොව ජනයා දැනුවත් කිරීම් භාවිතා කළ යුතුය. මේ නූගත් එහෙත් ධනවත් ජනයා තුල පාවහන් දැමීම කෙරේ සමාජ තත්වයක් ඇති කළ යුතුය. එහි අගනා පල ප්‍රයෝජන ගැන කතිකාවක් ඇති කළ යුතුය. එවිට වෙනත් තරඟකරුවෙක් නැති මේ වෙළෙඳපොල අපට සම්පුර්ණයෙන්ම නතු කර ගත හැක.
අර සමාගම මේ යෝජනාව දෝතින් පිලි අරන් ඒ විදියට කටයුතු කරලා බිලියන ගණනින් ලාබ ලබපු බවයි ඒ ගැන දන්නා ඇත්තෝ කියන්නේ. මොකද හිතෙන්නේ...?

21 comments:

  1. සිතුවිළිAugust 14, 2013 at 8:51 AM

    හොඳයි, වෙනස්ම ආකාරයකට හිතන්න පොලඹවන ලිපියක්.
    එහෙත් මේ වෙළඳ මූලධර්මය අළුත් දෙයක් නොවෙයි.
    එදා අප සමාජයට, දුම් වැටිය හා කිතු දහම ප්‍රචලිත කලේත් අද ජුගුප්සාජනක සමලිංගිකත්වය ප්‍රචලිත් කිරීමට යොදා ගනිමින් පවතින්නේත් මේ වෙළඳ මූලධර්මයමයි.

    මහ බෝසතුන් මව් කුස පිළිසිඳීමට පෙර කුල විලෝකනය කිරීමෙන් කලායැයි ඔබගේ පෙර ලිපියේ කියැවෙන්නේත් මෙයම නේද?
    මේ ක්‍රමයට කරනු ලබන වෙලඳ ප්‍රචාරයකට එරෙහි වීම අති දුශ්කර කටයුත්තකි, මන්ද එරෙහි වන්නා සිටිනුයේ පොහොසත්, පෙර ගාමී, නවීන යැයි ඒත්තු ගන්වන ලද සංකල්පයකට එරෙහිවය.
    අද වන විට ඇන්කර් වැනි වෙළඳ නාමයන්ද ඔවුන්ගේ "Brand Value" එක වශයෙන් උපයා ගෙන ඇත්තේ මේ මිනිසුන් විසින් ඇන්කර් බීම "Hi Fi" වැඩක් ලෙස පිළිගැනීමයි. එම පිළිගැනීම ගොඩ නැගුනේ අහම්බයකින් නොව, එය ඉතා සූක්ශම මොළ සේදීමක් හරහා ගොඩනගා ගත්තකි.

    ReplyDelete
    Replies
    1. දුම් වැටිය හා කිතු දහම ප්‍රචලිත කලේ මෙවැනි වෙළෙඳ ප්‍රචාරණ යොදාගෙන නොවෙයි. දුම්වැටි යනු ඇබ්බැහිකාරකයක්. එය නොමිලේ හෝ බලෙන් හෝ දී පුරුදු කර ගත් පසු දිගටම ඕනෑ වේ. ඒ මොහොතේ තමයි මිලට ගැනීමට සිදු වන්නේ.

      කිතු දහම වෙනම කතාවක්. එය පළමුව ප්‍රචලිත කලේ බලය යෙදීමෙන් (පරංගින් විසින්). දෙවනුව ලංසි කාරයින්ගේ යුගයේදී අතිශය මර්ධනකාරී තත්වයක් යටතේ උඩරට රජුන් තමයි කතෝලික දහමට අනුග්‍රහ දැක්වුයේ. ඒ නිසයි අදත් රටමැද සමහර ප්‍රදේශ වල කතෝලිකයින් සිටින්නේ. ඒ කාලයේ ගෝවෙන් පැමිණි පූජක වරු ලංසින්ටත් ප්‍රබල පාලනයක් නැති, උඩරට රජුටත් බලපෑම් කල නොහැකි තැන් වල ගරිල්ලා මාකටිං ක්‍රමයට ආගම පැතිරවීමත් කළා. නමුත් ඒ ක්‍රමය, මේ කතාවේ දෙවන පුද්ගලයා යෝජනා කරන සෘජු නොවන මාර්ගය නොවේ. ඔවුන් භාවිත කලේ සෘජුවම කරුණු කීම. මිනිසුන් කිතු දහම අදහා ගත්තේ සමාජ-දේශපාලන ක්‍රමය විසින් ඇති කෙරුණු ආගමික රික්තය ගෝවෙන් පැමිණි පූජකයින් විසින් පිරවූ නිසා මිස ස්වර්ගීය ප්‍රාතිහාර්ය දැකීමෙන් නොවේ.

      Delete
    2. සිතුවිළිAugust 16, 2013 at 11:41 AM

      දුම්වැටිය සමාජ ගත කිරීමෙහි ඔබ කියන කොටස මා බැහැර නොකරමි, එහෙත් දුම්වැටිය අතින් ගත් ජනප්‍රිය නලුවන් / නිලියන් යොදා ගැනීම මගින් දුම් බොන්නා පොරක් කිරීමෙහි කලාව දුම්වැටි ප්‍රචාරනයේදී යොදාගත් ඉතාමත් කුප්‍රකට උපායකි.
      එසේම අදටත් බොහෝ දෙනා නොදන්නවා වූවාට, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට සුරූපී යෞවනියන් පාඨමාලා සඳහා ඇතුලත්වේ. දුම්වැටි ප්‍රචාරන අරමුනින් එසේ පාඨමාලාවලට ඇතුලුවන යෞවනියන් (වයස 20 / 21 තරමේ) පන්ති එන්නේ තමන්ම පදවාගෙන එන කුඩා ජපන් කාරයකිනි. අරුමෝසම් ආකාරයට හැඳ පැළඳ එන ඔවුන් විවේක වේලාවන්හිදී හෝ පන්ති අවසන් වූ පසු තම රථයට හේත්තු වී ප්‍රසිද්ධියේ දුම් වැටි ඉරීම කරනු ලබයි.
      කෙසේ වෙතත් මෙවන් අය එක පාඨමාලාවකට සහභාගී වන්නේ එක් වසරක පමණ කාලයක් පමණි. අනෙක් තරුනියන් සමග සම්බන්ධතා ගොඩ නොනගන ඔවුන් හිටි වනම අතුරුදන් වේ.
      මෑතකාලයේ මෙවැන්නියන් SLIIT හි දී හා ජපුර හි භාහිර පාඨමාලාවන් වල සිට ඇත
      අදටත් කොහෝ හෝ එය ක්‍රියාත්මක වනු ඇත.

      Delete
    3. සිතුවිළි,

      කුල විලොකනය මින් වෙනස්. එහිදී කෙරෙන්නේ තමන්ට බිහි වීමට සුදුසු පරිසරය තෝරා ගැනීමයි. ඉහත කතාවේ කෙරෙන්නේ තෝරා ගත් පරිසරය වෙළෙඳාමට සුදුසුදැයි සොයා බැලීමයි. මේ එකිනෙක හාත්පසින් වෙනස් කටයුතු දෙකක්.

      මේ ක්‍රමයේ මාකටිං වලට උදාහරනයක් ලෙස දත් මැදීම දැක්විය හැකියි. දත් මැදීම හොඳ බව කියා ඉන් මුවට ලැබෙන අපූරු සෞම්‍ය බව ගැනත්, ප්‍රසන්න සුවඳ ගැනත්, දත් ශක්තිමත් කරන ආකාරය ගැනත් රූ සටහන් සහිතව කියා දී 'දත් බෙහෙත්' නම් ඖෂධිය නමකුත් ලබා දී ලංකාවේ සියලු දෙනා දත් මදින්නන් කළත් දත් රෝග අඩු වී තිබේද? නැත.

      සියලු දෙනා දත් මදින විට අළෙවිය වැඩි කර ගත හැක්කේ කෙසේද? දැන් ඒ සමාගම දවසට දෙවරක් දත් මදින ලෙස ආයාචයනය කරයි. අළෙවිය දෙගුණයකින් වැඩි වේ. ඊටත් පසු... දවසකට තුන් වරක් දත් මදින ලෙස ආයාචනය කරන දිනය ළඟ ළඟ එයි. එහෙත් දත් රෝග... ඒවායේ අඩුවක් නැත.

      එහෙත්,

      සියලු දෙනා අමතක කර දමන දේ නම්, උදේට හවසට කෙල ගසා පසට සහ ජලයට එකතු කරන ෆ්ලෝරයිඩ් ඇතුළු රසායන ද්‍රව්‍ය කන්දරාවයි. ෆ්ලෝරයිඩ් බහුල රජරට පෙදෙස් වල දුඹුරු පැහැ කහට බැඳුනු දත් ඇති මුවින් අප හා සිනාසී ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප වලින් දත් මදින ගැමි දරු දැරියන් අප අනන්තවත් දැක ඇත. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්, රසදිය සහ කැඩ්මියම් මිස ෆ්ලෝරයිඩ් නොවුනත්, ෆ්ලෝරයිඩ් මේ රටේ ජනයාට කිසිම හානියක් කරන්නේ නැතැයි කිව හැකිද?

      දත් මදින බුරුසු භාවිතයෙන් පසු ඒවාට සිදු වන්නේ කුමක්ද? සුවඳ විලවුන් ගැන කිව හැකි දේ මොනවාද? ශේවින් ක්‍රීම්, හා රේසර් ...

      ඒ පැත්තකින් තබමු. පෙර පැවති වල කක්කුස්සි වෙනුවට අලුතින් හදන කොමෝඩ් වලට දමන නොයෙක් රසායන වල පාරිසරික බලපෑම් ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් ලංකාව තුල සිදු කෙරී ඇත්ද? නාන කාමර පිරිසිදු කාරක සහ පැල්ලම් ඉවත් කරන රසායන ද්‍රව්‍ය ගැන කුමක් කිව හැකිද?

      අපේ නූතන මුළුතැන්ගෙයට සිදු වී ඇත්තේ කවරක්ද?

      මෙවැනි කරුණුයි අප පෙ‍ර දැක්වූ කතාවේ හරය තුලින් ලංකාවට ගලපා ගත යුතු වන්නේ.

      Delete
    4. සිතුවිළිAugust 19, 2013 at 10:56 PM

      ඔව් කණිෂ්ක ඔබ කියන අයුරු මිනිසා අනවශ්‍ය දෙයට යොමු කරවීමෙහි මහා බලයක් අද වන විට වෙළඳ ප්‍රචාරනය යන කර්මාන්තය විසින් අත් කරගෙන ඇත. ඔබ පෙන්වාදෙන පරිසර හා සෞඛ්‍යය හානි කරවන පැත්ත ඉතා භයානක දෙයක් බව දැන් දැන් එහෙන් මෙහෙන් මිනිසුන් වටහා ගනිමින් සිටිති.
      මෙයට තවත් උදා හරනයක් අපට මෑතකදී දක්නට ලැබිනි. එනම් යුනිලීවර් භහුජාතික සමාගන්ම මීට වසර 5කට පමණ පෙර සිට සුපිරි වෙළඳසැල් වලින් ඔවුන්ගේ රෙදි සෝදන කුඩු පැකට්ටුවක් මිලදී ගන්නා අයට ටිකක් ලොකු සැෂේ ආකාරයේ තායි බසින් මුද්‍රිත පැකැට්ටුවක් නොමිලේ ලබා දුන්නා. එය රෙදි සේදීමෙන් පසු සුමුදු බවක් හා සුවඳක් ලබා දීමට බව කියමින්. අද වන විට මෙය වෙනම වෙළඳ නාමයකින් විකිනීමට ඇති අතර ඇතැමුන් තමන් රෙදි සෝදන සෑම විටකම අවසනට මෙය භාවිතා කරන තත්වයකට පැමිණ ඇත. නිශ්පාදකයා ඔවුන්ගේ පාරිබෝගිකයාගේ එක්වරක් කරන රෙදි සේදීමක් ආදායම් දෙකක් හෝ ඔවුන් නිපදවන රසායනික දෙවරක් භාවිතා කරන තැනට පත් කොට ඇත. වෙළඳ උපාය සාර්ථකයි. පරිසරයට දෙවියන්ගේ පිහිටයි.

      මීට අමතරව මෙම ප්‍රචාරක මාෆියාව විසින් මිනිසුන්ගේ සාක්කු සුද්ධ කිරීමේ කාරිය කරනුයේ කුඩු වෙළෙන්දාටද වඩා සාර්තකව හා සූක්ෂමවය. අද පාරිභෝගිකයා මිලදී ගන්නා කිරි පිටි පැකට්ටුවෙන් හෝ සබන් කැටයෙන් 30% ක පමණ මුදලක් වැය වන්නේ භාණ්ඩයට කිසිදු වටිනාකමක් එක් නොකරන ප්‍රචාරනය සඳහාය. පාරිභෝගිකයා විසින් දරන එම වියදම පාරිභෝගිකයාට කිසිදු වටිනා කමක් ලබා නොදෙන්නකි.
      උදා හරනයක් ලෙස අද අප රු. 135.00 කට මිලදී ගන්නා පරිප්පු කිලෝව සලකන්න. හෙට වෙළෙඳන් එක්වී පරිප්පු වෙළඳ නාමයන් කිහිපයක් යටතේ පැකට් කොට වෙළඳාම ඇරඹීනම්, ඔවුනට තරඟ කරුවන් ජය ගැනීමට ප්‍රචාරනය අවැසි වනු ඇත. ප්‍රචාරනය සියළු වෙළෙඳුන් එකසේ වියදම් දරමින් කරනු ඇත. පොදුවේ භාණ්ඩයේ මිළ 30% - 35%කින් ඉහල යනු ඇත. සැබෑ ලෙසම වෙළඳ පොල පුලුල් වී නැත. නිශ්පාදනය වෙනස් වී නැත, ඉල්ලුම සැපයුම එලෙසමය. මිළ ඉහල ගොස් ඇත. ප්‍රචාරන සමාගම් ව්‍යාපාරයට නව වෙළඳ පොල කොටසක් ලැබී ඇති අතර, ඔවුන්ගේ සමස්ත පිරිවැටුම ඉහල ගොස් ඇත. පාරිභෝගිකයාගේ සමස්ත පිරිවැය ඉහල ගොස් ඇත. වෙළඳ ප්‍රචාරනය සමස්ත ආර්ථිකය ගෙන යන්නේ කොතැනටද?

      පාරිභෝගික වාදී නූතන සමාජයේ ආර්ථිකය කඩා වැටෙමින් පවතිනවායැයි කීම අරුමයක්ද? මේ එහි එක් පැතිකඩක් පමණක් නොවෙයිද?

      Delete
  2. ඇත්ත කතාවක් ද ගොතපු කතාවක් ද කීමට නොතේරෙන නමුත් රසවත් මෙන්ම හරවත් ලියමනෙකි. ගොතන ලද විහිළු කතාවක් සේ කාට හෝ පෙනිය හැකි නමුදු මේ ඇත්ත කතාව ම වුව පුදුම වීමට දෙයක් නැත්තේ බහුජාතික සමාගම් හි හැසිරීම මෙආකාරම බැවිනි. පින්තූරයේ ඉන්නේ නම් සෙරෙප්පු නැති, බ්‍රසීලේ පිටිසර ගොවි කම්කරුවෙකු විය හැකි නමුත් මිනිහා එහෙට අප්‍රිකාවෙන් ආපු අයෙකු සේ පෙනේ.

    බසීලය නොව ලංකාව සම්බන්ධයෙන් සැලකුවද පාවහන් ගැන මේ කතාව සත්‍ය වේ. අසා ඇති පරිදි පෙර සිරිත කෙනෙකු ගෙට ගොඩවන විට පා සෝදා ඇතුළු වීමයි. භික්‍ෂූන්වහන්සේ වැනි ගරුකටයුතු කෙනෙකු එන විට ගෙහිමියාම පා සෝදයි. පාවහන් වැනි දේ රජවරු වැනි ප්‍රභූන්ට තිබූ මුත් හුදී ජනයාගේ දිවි පෙවෙත සරල හා සොබා දහමටත් පරිසරයටත් සමීප එකක් විය​. අද මෙහි විකෘතිය කෙසේද යත් වාහනයෙන් වඩින පාවහන් දැමු භික්‍ෂූන්වහන්සේගේ පා දෝවනය කෙරෙන අතර ගෙහිමියා සපත්තු දාගෙනම ගේ හැම තැනම ඇවිදියි. ඉන්පසු vacuum cleaner එකක් ගෙන බිම සුද්ද කරයි. ලංකාව වැනි උනුසුම් රටක පාවහන් ලෙස සෙරප්පු වැනි දේ භාවිතය අද කලට වඩා සුදුසු සේ පෙනෙන මුත් අපේ අනුකාරක කම නිසා මේස් සපත්තු දාගෙන දෙපා තම්බමින් සිටිමු. පාසැල් හා වෙනත් නිල ඇඳුම් සම්බන්ධයෙන් අප නීතියෙන්ම දෙපා තම්බද්දී රස්නේ කාලෙට සුදු මල්ලිලා සෙරෙප්පු දාගෙන ඉස්කෝලෙ යති. මේ විස්තරය පාවහන් ගැන වුව අද විකිණෙන බොහොමයක් භාන්ඩ හා සේවා ගැන මේ සත්‍ය ය. අරි අටඟි මගෙහි විරුද්ධ දිශාව වන නූපන් අකුසල් (ආසාවන්) ඉපදවීමත්, උපන් අකුසල් (ආසාවන්) වැඩි දියුණු කිරීමත් නූතන (ධනවාදී) වානිජ ක්‍රමය යටතේ සිදු කෙරේ. ඒ ක්‍රියාත්මක කිරීමට හෙවත් බාහිර අරමුණු 24/7 හුදී ජනයාගෙ මනසට ලබා දීමට මාධ්‍ය හා මාධ්‍ය නිදහස තිබේ. මේවා ගැන මෙලෙස කතා කිරීම පවා මානව හිමිකම් කඩ කිරීමක්, අන්තවාදී වීමක්, අතීත කාමයෙන් වෙලීමක්, කුහක කමක් ලෙස ඇතැමුන් විසින් හඳුනා ගැනෙන්නේ අප, මෙම බහුජාතික සමාගම් හා සුද්දා විසින් ඔවුනට ලබා දුන් යම් සැපක් අහිමි කිරීමට තැත් කරන්නේ යැයි ඔවුන් සිතන නිසා විය යුතුය​.

    ReplyDelete
    Replies
    1. බ්‍රසීලයේ සිටින්නේ මිශ්‍ර ජනතාවකි. අප්‍රිකාවෙන් උස්සන් ආ ජනගහනයක් (බොහෝ දුරට ස්වදේශිකයින් හා පරංගින් මිශ්‍ර වූ) එහි සිටී. මේ කොට මිනිහා එවැනි පොරක් වීමේ ඉඩකඩ පවතී. එසේ නැතහොත් මූ කතාවට ගැලපෙන නිසා දැමූ පින්තූරයක් පමණක් වීමට ද ඉඩ ඇත. අඩුපාඩුව නම් මුගේ පා නොපෙනීමයි.

      ඒ බයිලා කෙසේ වෙතත්, "අරි අටඟි මගෙහි විරුද්ධ දිශාව වන නූපන් අකුසල් (ආසාවන්) ඉපදවීමත්, උපන් අකුසල් (ආසාවන්) වැඩි දියුණු කිරීමත් නූතන (ධනවාදී) වානිජ ක්‍රමය යටතේ සිදු කෙරේ." යන ප්‍රකාශය නම් සුදුසු තන්හි උපුටා දැක්වී පිණිස සිත්හි තබා ගත යුතු වටිනා ප්‍රකාශයකි.

      ප්‍රචාරය වන සිංදු මැදට පැන "හොරු", "බොරු" යනාදී වචන කීමේ කැත පුරුද්දට ඇබ්බැහි වී සිටි එක්තරා ගුවන් විදුලි නාලිකාවක් "ඔබේ ආසාවන්ට ඉඩ දෙන්න" යන වැකිය (හෝ ඊට ආසන්න තේරුමක් දෙන වැකියක්) සහිත පුවරු රට පුරා ඉදි කර තිබෙනු දුටුවා මතකයි. මට ඇති වූ ආසාවනම් ඊට ගිණි තබා ඒ දෙස බලා සිටීමේ ආසාවයි. ඒත් අප පුහුණු වී සිටින්නේ ආසාවන්ට වහල් වීමට හෝ ඒවාට ඉඩ දීමට හෝ නොවේ.

      Delete
    2. මේ පින්තූරයේ සිටින්නේ මිට්ටෙකි. ඔහු බ්‍රසීලයේ බව ස්ථිරවම කිව නොහැකි මුත් කිසියම් ලතින් ඇමරිකානු රටක හෝ බටහිර ඉන්දීය කොදෙව්වක වැසියෙක් හෝ විය හැකියි. සමහර විට අප්‍රිකාවේ හෝ විය හැකියි. මිතුරු ජොසෙෆ් කියන ලෙස බ්‍රසීලයේ වෙසෙන්නේ මිශ්‍ර ජනතාවක් වන නිසාත්, පිටිසර ගොවි බිම් කම්කරුවෙකුගේ පෙනුම ඔහු කෙරෙන දිස් වන නිසාත් මේ පින්තූරය යොදා ගතිමි.

      ඔබේ රුවන් වැකි සහිත දෙවන කොටසට පසුව ප්‍රතිචාරයක් දැමීමේ බලාපොරොත්තුවක් ඇත.

      Delete
  3. ඇත්තටම මේක වැදගත් කමක් තියෙන කතාවක්. මම කිහිප වරක් විවිධ දේ ලියුවත් ඒවා පල නොකර සිටියේ මේ කතාවේ සම්බන්දය ගලපා ගන්න බැරි උන නිසයි. k බොහෝ වෙලාවට කතාවේ සන්ධර්භයෙන් පිට වෙනම කතාවක් අන්තිමට අතෑරියත් මෙතන එහෙම දෙයක්වත් නෑ. මට තවමත් ගලපා ගන්න අමාරුයි. ඒත්, මේක මේ දවස් වල යන කිරිපිටි ගැටළුවට සම්බන්ද බව තමයි මට දැනෙන්නේ. දැන් මේ කතාවේ විදියට, පොන්ටේරා සමාගම අලුත් වටයකින් අපිට කියයි DCD වල ඇති අගනා ගුණදායක බවත්, එයින් සිරුරට ලැබෙන අලංකාරයත්, එය කිරි සමග මුසු කර බීමෙන් නුවනක්කාරකම ඉහ-වහා යන ආකාරයත්. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. සිතුවිළිAugust 16, 2013 at 12:07 PM

      ජෝසප්,

      ඔබ මුහුණ දුන් ගැටළුවටම මාත් මුහුණ දුන්නා,
      ඒ නිසා තමයි මේගැන සිතට නැගෙන හැමදේම කෙටියෙන් කියා දැම්මේ.
      කිරිපිටි කථාවට මේකට කොහොමත් හොඳින් ගැලපෙනවා, ඒ ඔවුන් ඉදිරියේදී කලහැකි දේට පමණක් නොවෙයි. අතීතයේ කලදේටත් එක්ක.

      පොඩි උදාහරනයක් කියන්නම්.
      මේ කිරිපිටි ගැටලුව පටන් ගත් හැටියෙම මාගෙ එක් මිතුරෙකු පවසූවේ,
      "මේ කථාව නිසා අන්කර් නැතිවෙයි කියලා බයට මම එකසැරේ පෙට්ටි දහයක් විතර අරන් තියා ගත්තා. අපේ ළමයි ඇන්කර් නැතුව බොන්නේ නැහැනේ"
      කියායි.
      මිනිසෙකු මෙවන් මානසිකත්වයකට එන්නේ අහම්බෙනැයි ඔබ සිතනවාද?

      Delete
    2. ෆොන්ටෙරා සමාගම කුමක් කියයිදැයි අපට දැන්ම කිව නොහැකියි. විශේෂයෙන්ම රුපවාහිනී නොබලන වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය නොවන ගුවන් විදුලි නාලිකාවක් පමණක් ඉඳ-හිට අසන කෙනෙකුට මෙවැනි කරුණක් ගැන අනාවැකි කීම ඉතා අපහසුයි. එහෙත් අප වඩාත් වද විය යුත්තේ රජය කුමන පියවරක් ගනීද යන්න ගැනයි.

      පුරවැසියන් වන අපේ ඡන්දයෙන් බලයට පැමිණි රජයක් පුරවැසි ජනතාවට වග කිව යුතුයි. සමාගම් විසින් රජයේ නිලධාරීන් මුදලට හෝ වෙනත් ලාභ ප්‍රයෝජන වලට නම්මා ගැනීමට උත්සාහ කළ හැකියි. එහෙත් ඒ ගැන අවසන් වශයෙන් වගකිව යුත්තේ රජයයි.

      Delete
    3. සිතුවිළිAugust 19, 2013 at 11:05 PM

      ඔව් රජය වගකිව යුතුයි, මෙයට පමණක් නොව තවත් බොහෝ ඔවුන් වග නොකියන දේට ඔවුන් වග කිව යුතුයි.

      එහෙත් වගකිව යුත්තන් වග නොකියන විට, එයට පිළියම ලෙස අතීතයේ විප්ලව මගින් බිහිකල ජනතා ආණ්ඩු විසඳුමක් වීද? සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය ඊට විසඳුමක් වීද?
      එලෙස සාධාරන වගකීමක් සහිත පරමාදර්ෂී ආණ්ඩු ක්‍රමය කුමක්ද? එවැන්නක් බලා පොරොත්තු වීම අර එළුවා පස්සෙන් ගිය මොකාද එකාට දෙවෙනි නොවේයැයි මට සිතේ!

      Delete
    4. විප්ලව මගින් බිහි වූ ජනතා ආණ්ඩු යනු එක බොරුවක් වසා ගැනීමට කියන තව බොරුවක් පමණක් බවයි අපටනම් සිතෙන්නේ. මෙසේ බිහි වූ ජනතා ආණ්ඩු වලට උදාහරණ 5 දිය හැකිද?

      පරමාදර්ශී ආණ්ඩු ක්‍රමයක පැවැත්මත් අපට නම් ගැටළුවක්. අප සිතන අයුරින් එවැනි ක්‍රමයක් ලොව ඇත්තේ නෑ. ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමයත් ලිච්ඡවී රජ වරුන්ගේ ගණතන්ත්‍ර ක්‍රමයත් හොඳ ආණ්ඩුක්‍රම බවට බොහෝ තැන් වල සඳහන් වෙතත් ඒවා නූතන ලෝකයට ගැලපෙන්නේ නෑ.
      ---------------

      සිතුවිළි, මේ ගැන කතා කිරීමේදී අප විසින් පිළිගත යුතු දෙයක් නම් ආණ්ඩුක්‍රම හා ඒවායේ විකාශනය ගැන අප දන්නේ ඉතා සීමිත කරුණු ප්‍රමාණයක් බවයි. ඒ නිසා ඔබ ඒ ගැන වැඩිදුර දන්නේ නම් එය අප හා බෙදා හදා ගන්න.

      Delete
    5. සිතුවිළිAugust 20, 2013 at 10:19 AM

      උදාහරණ 5ක් ලංකාවෙන්ම දෙන්නම්, ලෝකයෙන් පහට පණහක් දෙන්නම්. ප්‍රශ්නය ඇත්තේ ජනතා ආණ්ඩු බිහිවීමෙහි නොව, බිහි වූ ආණ්ඩු ජනතා වාදීව පැවැතීමෙයි.
      පරමාදර්ෂී ආණ්ඩු ක්‍රම ලොවෙහි නැති බව තමා අපත් කියන්නේ. එය සොයා යාම එළුවාගේ අහවල් එක වැටෙන තුරු පස්සෙන් ගිය නරියාට මා සම කලේ එබැවිනි.
      මෙයට විසඳුම ඇත්තේ කොතැනද? අප ප්‍රශ්නය විග්‍රහ කරන ආකාරයෙහි වරදක් ඇති බවක් නොසිතේද?

      Delete
  4. ඇත්තටම ලංකාවේ කීයෙන් කී දෙනෙක් ස්වාධීනව සිතලා ජීවිතය ගෙනවවාද. ? මිනිසුන් ඇඩ්වර්ටීස්මන්ට් කාරයන්ගේ ලණු කා අතරමං වී නේද?
    තමන්ට කළ නොහැකි සහ අත්‍යවශ්‍ය නොවන දේ සඳහා මිනිසුන් පොළඹවා ණයකාරයින් කරවා ඔවුන්ගේ තුට්ටු දෙක හූරා ගන්නා බැංකු / ලීසිං ආයතන/ ලෑන්ඩ් සේල් කරැවන් කොපමණද?
    මේ සියල්ලන් කරන්නේ මිනිසුන්ගේ උපතින්ම ඇති අනෙකා අභිබවා කැපී පෙනීමේ කැමැත්ත (ආශාව) මතුකර ගැනීමයි. පෙරට වඩා අද අපරාධ වැඩි වී ඇත්තේ (අසල්වැසියාගේ පවා ගෙල සිඳ මංකොල්ල කන තරම්) මිනිසුන් තෘෂ්ණාවේ අධිකබව නිසා බව මගේ හැඟීමයි.
    අවසානයේදී ණය ගෙවා ගැනීමට නොහැකිව වහ කන්නෝ කොපමණද?
    ''සිත්" දී ඇති උපහැරණය නම් කදිමයි.

    ReplyDelete
    Replies
    1. නිශාන්ත, අප පාසැල් යන්නේ ඇයි? ඉගෙන ගන්නේ ඇයි? අපට ඇත්ත වශයෙන්ම සිතීමේ නිදහසක් කියා දෙයක් තිබෙනවාද? මේවා කතා කර අවසන් කළ හැකි කරුණු නොවෙයි. පාසැල් ගොස් ඉගෙන ගැනීමෙන් කරන්නේ සිතීමේ රටාව හැඩ ගැස්වීමයි. පිරිවෙන් ගොස් ඉගෙන ගත්තත් සිදු වන්නේ ඒ දේමයි. සමහරු මා ආනන්දයේ, මා නාලන්දයේ නැතිනම්, මා තෝමසුවෙක්, රාජකීයයෙක් ලෙස හඳුන්වා ගන්නේ එයින් ලැබෙන ඊනියා සමාජ තත්ත්වය නිසාම පමණක් නොවෙයි. එයින් ඊට වඩා කියවෙන වැදගත් දෙයක්නම් ඒ ඒ තැනැත්තාගේ සිතීමේ රටාවයි. (කෙනෙකුගේ ආගම-ජාතිය වැනි දේ විසින් කෙරෙන්නේත් මේ දෙයමයි)

      දැන් වෙළෙඳ දැන්වීම් වෙතට එමු. වෙළෙඳ දැන්වීම් වලින් කෙරෙන්නේත් මිනිසුන්ගේ සිතීමේ රටාව ක්‍රමිකව වෙනස් කිරීමයි. එහිදී 'පැරණි' නැතිනම් 'සාම්ප්‍රදායික' සිතීමේ රටා ඉවත ලා නව රටා වලට සිතීමට මිනිසුන් පෙළඹවීම කෙරෙයි. මේ සිතීමේ වෙනස විසිනුයි ඔබ "තමන්ට කළ නොහැකි සහ අත්‍යවශ්‍ය නොවන දේ සඳහා මිනිසුන් පොළඹවා ණයකාරයින් කරවා ..." යනාදී වශයෙන් සඳහන් කරන කර්තව්‍යයට ඉඩ හසර විවර කෙරෙන්නේ. (අප මෙතැන කතා කරන්නේ එක් එක් වෙළෙඳ දැන්වීම වෙන් වෙන් වශයෙන් ගෙන නොවේ. සකලවිධ වෙළෙඳ දැන්වීම් සියල්ල එකට ගෙන ඒ ගැනයි සාකච්ඡා කෙරෙන්නේ)

      පණ ඇති මිනිසුන් සිතීමත්, ඒ ඒ පුද්ගලයා කාලයෙන් කාලයට සිතන ආකාරය වෙනස් කිරීමත් ලෝක ස්වාභාවයමයි. එය කිසි සේත් වැළැක්විය හැකි දෙයක් නොවේ. වෙළෙඳ දැන්වීම් කරුවන් කරන්නේ මේ ලෝක ස්වභාවය තම වාසිය පිණිස යොදා ගැනීමයි. උපමාවකින් කියතොත්, මහවැලි ගඟ පොල්ගොල්ලෙන් හැරෙව්වා වැනියි. මෙහි වරද වෙළෙඳ දැන්වීම් කරුවන් මත පමණක් පැටවීම කොතෙක් දුරට සාධාරණදැයි අපට ඇවැසිනම් දින ගණනක් විවාද කළ හැකියි.

      අප සිතන අයුරින්නම්, තමන් සිතන පතන ආකාරය (හෙවත් රටාව), තමන්ගේ ප්‍රතිපත්ති හා මූලධර්ම, සහ තමන්ගේ පරමාදර්ශ නිවැරදිව තෝරා ගැනීම තම තමන්ගේ වගකීමක්. මෙය සවිඥානිකව කර ගැනීමට සියලු දෙනාටම නොහැකි වීමයි අවාසනාව. කාලයකට වරක් තමන් සිතන රාමුවෙන් පිටතට පැමිණ අවට බැලිය හැකිනම් මේ කටයුත්ත කර ගැනීම එතරම් අසීරු නෑ. බොහෝ දෙනා නොකරන්නේත් ඒ දෙයමයි.

      එහෙත් රජයකට මේ සම්බන්ධයෙන් ඇති වගකීම අන් සතු කළ නොහැකියි. වෙළෙඳ දැන්වීම් කරුවන් සේම ඒ දැන්වීම් බලන හුදී ජනයාගේ යහ පැවැත්මත් රජය විසින් සොයා බැලිය යුතුයි. එහෙත් අනික් අතින්, ජන මනස වෙනස් කිරීම රජය විසිනුත්, නොරාජ්‍ය සංවිධාන ලෙස හැඳින්වෙන විදෙස් රාජ්‍ය වලින් නඩත්තු කෙරෙන එහෙත් ඒ ඒ රජයන් විසින් වග නොකියන සංවිධාන විසිනුත්, විපක්‍ෂය - විශේෂයෙන් වෙනස් දේශපාලන අදහස් දරන පක්‍ෂ විසිනුත්, නොනවත්වා කරගෙන යන ව්‍යාපෘතියක් වන විට එයත් (රජය මීට මැදිහත් වීමත්) ප්‍රශ්නකාරී කටයුත්තක්. ජන මනස නතු කර ගැනීමේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඒ ඒ පාර්ශව වල බලය රඳා පවතින විට වෙළෙන්දන් පමණක් මින් වෙන් කරගෙන-හුදෙකලා කරගෙන පහර දීම කොතෙක් දුරට නිවැරදිද යන්නත් සාකච්ඡා කළ හැකි මාතෘකාවක්.

      'මිනිසුන්ගේ උපතින්ම ඇති අනෙකා අභිබවා කැපී පෙනීමේ කැමැත්ත' සම්බන්ද කරුණට නම් අප සම්පූර්ණයෙන් එකඟයි. කැපී පෙනීමේ ක්‍රම වෙනස් වුවත් කැපී පෙනීමේ කැමැත්තනම් පරම්පරා ගණනක් ගියත් එලෙසමයි. ඔබ මේ කරුණ නිවැරදි තැන ග්‍රහණය කරගෙන සිටින බව පෙනේ.

      Delete
  5. ඔන්‍න‍ ඉතින් ඔය කියන බාටා කොම්පැනියේ නිලධාරිය දවසක් ඔය කියන රටේ ගමක පොඩි රවුමක් ගහන්න ගියාලු, ඒ යනකොට හොදටම මහන්සි හැදිලා පොඩි ගේ පොඩ්ඩකට ගොඩ වුනාලු. අනේ ඉතින් මෙයා පොඩි ඇලට් එකක් දමන්න හිතාගෙන වතුර ටිකක් ඉල්ලගෙන බිලා හොද නින්දකට වැටුනා කියමුකෝ.
    ගමන් මහන්සියට හොදට දවල් හීන බල බල ඉන්න අතරේ කවුද පයින් ගහනවා වගේ දැනුනා. ඇහැරිලා බලනකොට ගෙදර ගෘහ මූලිකයා තමයි පයින් ගහලා ඇහැරවල තියනේ. ඊට පස්සේ මේ බාටා මහත්තයට පොඩි සැකයක් මතු වුණාලු. " මහත්තයා ඔයාගේ කකුල පොඩ්ඩක් මට පෙන්නන කිවා, බැලින් නම් කකුලේ ගල් තැලුම් ගොඩක් තියෙනවා දැකලා, බාටා මහත්තයා එයාගේ කකුලත් පෙන්නුවලු, මේ මගේ කකුල නම් ඔහොම නැ නේ කිවලු. හැබෑමයි ශෝක් කකුල් කෙටිය කිවා, මොකද මගේ කකුලට වෙලා තියනේ කිවලු, ඕක හරි යනවා මම වගේ බාටා දෙකක් දැම්මා නම් කිවා ලු,ඉතින් වැඩේ ගොඩ ගියාලු.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් !!!

      Delete
    2. සිතුවිළිAugust 19, 2013 at 10:32 PM

      ඔය තියෙන්නෙ බිංදු,
      අන්න එහෙම එන්නකෝ!

      Delete
    3. බිංදුත් කතා ලියන්න හරි දක්‍ෂයි වගේ.
      හඃ හඃ හා...

      හැබැයි, බාටා නිලධාරියා ගෘහ මූලිකයා නැති වෙලේ ගෙට රිංගපු එකත්, ගෘහ මූලිකයා නිදාගෙන හිටපු නිලධාරියට විතරක් පයින් ගහපු එකත්, මේ දෙකේම පොඩි පරහක් තිබෙන බවයි අපට නම් සිතෙන්නේ.

      මං කීවා වැරදිද මන්ද !

      Delete
  6. මිතුර කණිෂ්ක,
    පිපාසයට ගේකට ගොඩ උනාට මොකෝ මහන්සියට නේ නින්ද ගියේ. දවසේ මෙහෙවර කරලා ගෙදර එනකොට අමුත්තෙක් ඉන්නවා දැකලයි පා පහරක් දුන්නේ,ඔය කැළෑ වල ඉන්න මිනිස්සු ලග තියෙන ආගන්තුක සත්කාර ක්‍රම තමයි ඔය. ලංකාවේ ඉන්න මිනිසුන් ලගත් ඔය කැළෑ ගති අතරින් පතර තවම තියෙනවා නේ.

    ReplyDelete