Monday, July 22, 2013

බෝසතුන් මව් කුස පිළිසිඳ ගත් ඇසළ පුන් පෝය



වෙසක් පෝ දින දස මරුන් පරදා සම්මා සම්බුද්ධ රාජ්‍යය ලැබූ තථාගතයන් වහන්සේ සත් සති ගෙවා නිම කළේ ඇසළ මාසයේ දීය. රාජායතන නම් කිරිපළු රුක මුල උන් වහන්සේ අවසන් සතිය ගත කලහ. බුද්ධත්වයෙන් පනස් වෙනි දින සමාපත්තියෙන් නැගී සිටි උන් වහන්සේ ශක්‍රයා විසින් පිළිගන්වන ලද අරළු වළඳා එහි වැඩ සිටි සඳ, උතුරු දනව්වෙහි සිට මධ්‍ය මණ්ඩලයට වෙළෙඳාම පිණිස යන්නා වූ තපස්සු සහ භල්ලුක නම් වෙළෙඳ දෙබෑයෝ, උන් වහන්සේ දැක පැහැදී මීපිඬු පිළිගැන්වූහ. බුදුරජාණන් වහන්සේ එය පිළිගෙන වළඳා උන්ට අනුමෙවෙනි බණ වදාලා බුත්සරණ-දම්සරණ ගිය ප්‍රථම උපාසකයින් කළහ. තමන්ට නිතිපතා පිදීම පිණිස වස්තුවක් ඉල්ලූ ඒ වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රී හස්තයෙන් හිස පිරිමැද කේෂධාතු මිටක් දුන්හ. දියපිට නැඟ වෙළෙඳාමේ යන මේ දෙදෙනා ලංකාද්වීපයට පැමිණි ඒ කේෂධාතු නිදන් කර ගිරිහඬු සෑය කළ බව කියැවේ.

ගිරිහඬු සෑයේ වර්තමාන ස්වරූපය (සේයාරුව: දිවයින පුවත්පත)
සිංහලයට ඇසළ මාසය එළඹෙන්නේ අවුරුද්දෙන් පසු සැණකෙළි සිරින් ගෙවුණ වෙසක් හා පොසොන් මාස වලින් අනතුරුවයි. රජරට ඇතුළු දිවයිනේ උතුරු හා නැගෙනහිර කලාපයට වියලි කාලය එළඹෙන අතර නිරිතදිග කලාපයට තද වැසි ඇති වේ. මේ යල් කන්නයයි. වාරි ජලය සැපයෙන තන්හි කුඹුරු කිරි වැදීමට පටන් ගනී. නිරිතදිග තෙත් කලාපයට සහ කඳුකරයට තද වැසි වැටෙන බැවින් නාය යාම් හා ජල ගැලීම් පවා ඇති කෙරේ.

වෙසක් සමයට අගනුවරට දිවූ, පොසොන් පෝයට අනුරපුරය සහ මිහින්තලය පුරා අතුරු සිදුරු නැතිව පුරවා තැබූ මහා ජනකාය ඇසළ මාසයට ඇදෙන්නේ රටමැද මහනුවර කරාය. ලෝකවාසී බෞද්ධ අබෞද්ධ වෙනසක් නැතිව සියලු දෙනාගේ නෙත් සිත් යොමු වන්නේ හෙළයේ මහා කලා මංගල්‍යය වන ඇසළ පෙරහැර වෙතටයි. ශ්‍රී දළදා වහන්සේ පෙරටු කර ගත් සතර මහා දේවාල පෙරහැර වාර්ෂිකව පැවැත්වීමට අමතරව බුද්ධ චරිතයේ අතිශය වැදගත් සිද්ධි ඇසළ මාසය ආශ්‍රිතව සිදු වී තිබේ.
  • සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම
  • සතර පෙරනිමිති දැකීම, රාහුල කුමරුගේ උපත හා අභිනිෂ්ක්‍රමණය
  • තපස්සු-භල්ලුක, බුදු සසුනේ ද්වේවාචික උපාසකයින් ඇති වීම
  • ප්‍රථම ධර්ම දේශනය
මීට අමතරව, භික්ෂූන් වහන්සේලාගේ අනිවාර්‍ය විනය කර්මයක් වන වස්එළැඹීම (පෙරවස් විසීම) සිදු කර ගත හැකි වන්නේ ද ඇසළ පුන් පෝය ආශ්‍රිතවයි. ඒ හේතු කොටගෙනම සාසන ඉතිහාසයට එක් වූ සුවිශේෂ සිද්ධි ගණනාවකි.

  • ගණ්ඩබ්බ නම් අඹ රුක් මුල්හි දී තීර්ථකයන්ගේ මානය මර්ධනය කිරීම පිණිස යමාමහ පෙළහර පෑම සහ ඉන් නික්ම
  • තව්තිසා දෙව් ලොව වැඩ ශක්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය පිළිගෙන මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජයම්බණ දේශනා කිරීම
  • කොසඹ නුවර භික්‍ෂු දෙපිරිසක් අතර ඇති වූ කලහය හේතු කරගෙන බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කිරීම
  • බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහසඟ පිරිස ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම පිණිස රජගහ නුවරට වැඩමකර වස් එළැඹීම
ලක්දිව ඉතිහාසය ගත් කල ද ඇසළ මාසය ඇසුරු කොටගෙන සිදු වූ වැදගත් සිද්ධි බොහෝය.
  • ලක්දිව බුදුසසුන පිහිටවුනු පසු ප්‍රථම සඟ පරපුර අරඹමින් අරිට්ඨ කුමරු ප්‍රධාන පිරිස මිහින්තලයේ දී මහණ උපසම්පදාව ලැබීම
  • බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම
  • මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම
  • පාත්‍ර ධාතුව ලංකාවට වැඩමවීම
  • කීර්ති ශ්‍රී රාජසිංහ රජු සියම් රටින් උපාලි තෙරුන් ප්‍රධාන සංඝයා ගෙන්වා බු.ව. 2260 දී උපසම්පදාව ඇති කිරීම.
ඉතා මෑත කාලය ගත් කළ ද ලක්දිව ඉතිහාසය වෙනස් කළ සිදු වීම මේ මාසය ආශ්‍රිතව සිදු වී තිබේ. ක්‍රි.ව. 1983 සිදු වූ දෙමළ කොළාහලය, 1987 දී පැමිණි භාරතීය ආක්‍රමණය සහ ඔවුන් සමග අත්සන් කෙරුණු එකඟතා ගිවිසුම ආදිය උදාහරණ වේ. ඒ අපකීර්තිමත් ගිවිසුම අත්සන් කිරීම පිණිස ලක්දිව බට එරට අගමැතිට ලංකික නාවික සෙබලෙක් විසින් තුවක්කු බඳින් එල්ල කළ ප්‍රහාරය ආචාර පෙළපාලි පිලිබඳ ලෝක සම්මතයන් වෙනස් කිරීමට ද සමත් විය.

පස් මහ බැළුම්

චරිත කතාවක් ඇරඹෙන්නේ මව් කුස පිළිසිඳ ගැනීමෙනි. පිළිසිඳ ගැනීම සිතා බලා තෝරා බේරාගෙන කරන කර්තව්‍යයක් නොවේ. බුද්ධ චරිතය වෙනත් චරිත කතාවන්ගෙන් වෙනස් කෙරෙන විශේෂ ලකුණක් නම්, පිළිසිඳ ගැනීමට පෙර කෙරෙන පස් මහ බැළුම් බැලීමයි. පස් මහ බැළුම් බැලීමට පෙර මේ තුසිත දෙව්ලොව සන්තුෂිත නමින් ඉපිද සිටි මහබෝසතාණන් වහන්සේට, දස දහසක් සක්වල සියලු දෙවියන් හා බඹුන් එක්ව
කාලොයං තෙ මහා වීර - උප්පජ්ජ මාතුකුච්ඡියං
සදෙවකං තාරයන්තෝ - බුජ්ඣස්ස අමතං පදං
යි, මනු ලොව ඉපදීම පිණිස ආරාධනා කළ බව පොත පතේ සඳහන් ය.

මව්කුස පිළිසිඳ ගැනීම කැළණි විහාරයේ සිතුවමකින්
ඒ ආරාධනාව නොපිළිගත් ඒ මහතා කාලය, දීපය, දේශය, කුලය, මව් ය යන මේ පඤ්ච මහා විලොකනය හෙවත් පස් මහා බැළුම් බලා බුදු වීමට මෙය නියම කල් බව දැන ඒ ආරාධනාව පිළිගෙන වදාළහ. පඤ්ච මහා විලොකනය මදක් විමසමු.

කාල විලොකනය

මනුෂ්‍ය පරමායුෂය අවුරුදු සියයට වඩා අඩු කාලයන්හිත්, ලක්‍ෂයට වඩා වැඩි කාලයන්හිත් බුදු වරු නූපදින බව පොත පතේ දැක්වේ. ආයු අධික වන්නේ රෝග හා පලිරෝධ නැති නිසාය. එවැනි කලෙක ජිවත් වන මිනිස්සු 'දුක' හඳුනන්නේ නැත. ජරා මරණ විද්‍යමාන නොවන, උපන් කෙනෙක් බොහෝ කල් ජීවත් වන විට මිනිස් සිත් සතන්හි වැඩෙන්නේ නිත්‍ය සංඥාව මිස අනිත්‍ය සංඥාව නොවේ. එවන් කලෙක, පෙරුම් පුරා මනුෂ්‍ය ලොව ඉපදුනත් බුදු වීම අභව්‍ය වන්නේ ඒ සැප අත හැර අභිනිෂ්ක්‍රමණය කිරීමට සිතිවිලි පහල නොවන බැවිනි.

පරමායුෂ අඩු වන්නේ ජීවිත අවදානම අධික කාල වලදීයි. එවැනි කාල වල ජිවිත දුෂ්කර වේ. සැප යම් තරමකට ඇතත්, හාත්පස දිස් වන්නේ දුකම වේ. ජරා මරණ අධිකය. එසේ වුවත් මිනිස්සු අනිත්‍ය සංඥාව වඩා නොගන්නේ අනිත්‍යය සුලභ වීම නිසා එය සාමාන්‍යකරණය වීම නිසාත්, අල්පායුෂ්ක බැවින්, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම මිස හාත්පස අනායාසයෙන් දෘෂ්‍යමාන අනිත්‍යය ගැන සිත වෙහෙසවීමට කාලයක් නැති නිසාත් ය.

දීප විලොකනය

පැරණි ජම්බුද්වීප වාසීහු, ලෝකය දිය පිට ඇති නෙලුම් පත්‍ර උපමා කොට දුටහ. ඒ ලෝක විග්‍රහයට අනුව, මහාද්විපයෝ සතර දෙනෙක. ඒවා නෙලුම් පත සේ ජලතලය මත පාවෙමින් තිබෙයි. ජම්බුද්විපයට උතුරින් උතුරු කුරු දිවයිනද, නැගෙනහිර දෙසින් පූර්ව විදේහයද, බස්නාහිරි දෙසින් අපරගොයාන දිවයිනද වෙයි. මේවා වෙන් වෙන් වශයෙන් පරිවාර දිවයින්, රාජධානි නියම් ගම් ආදියෙන් සුසැදී තිබෙයි.

අනන්ත බුදු වරු පහල වන්නේ ජම්බුද්වීපයේ පමණි. ජම්බුද්වීපයේ සුවිශේෂත්වය නම්, එහි වසන්නා වූ මනුෂ්‍යයින්ගේ චින්තන ක්‍රමය වෙයි. ලෝකයට ශුන්‍යය නම් සංකල්පය ඉදිරිපත් කළෝ ජම්බුද්වීපවාසිහුය. චතුස්කෝටික න්‍යාය ඉදිරිපත් කළෝද ඔවුහුය. දහයේ පාදයේ සංඛ්‍යා වලින් කෙරෙන ගණනය නිර්මාණය කළෝද ඔවුහුය. මෙසේ අන්‍ය දිවයිනක නොවූ දාර්ශනික පදනමකින් හෙබි චින්තන ක්‍රමයක් දඹදිව් තලේ පැවතිණි.

මෙවැනි පදනම් චින්තනයක් රහිතව බුදුදහම වැනි දහමක් ඉදිරිපත් විය නොහේ.

දෙස විලොකනය

බෝමැඩ දඹදිවට නාභි මණ්ඩලයක් සේ මැද පිහිටි බව කියයි. ඒ වටා ඇති ප්‍රදේශය මධ්‍යමණ්ඩලය නම් වෙයි. මෙය සියලු සක්විති රජවරු ද මහාධන සිටුවරු ද ලොවුතුරා බුදු වරු හා මහා ශ්‍රාවකයන්ගේ උත්පත්ති ස්ථාන වෙයි. මධ්‍ය මණ්ඩලයෙන් එපිට ද නොයෙක් සිය දහස් ගණන් රාජධානි, නගර, ගම් නියම් ගම් ඇතත්, ඒවායේ බුද්ධාංකුරයන් වහන්සේලා පහල නොවෙති.

දඹදිව කිසියම් පදනම් චින්තනයක් පැවතිණිනම්, අන්‍ය මනුෂ්‍යයන්ගේ බලපෑමට අඩුවෙන්ම ලක් වන්නේ මධ්‍ය මණ්ඩලයයි. අනෙක් ප්‍රත්‍යන්ත ජනපද යුද්ධ විසින් හෝ නැතහොත් සංක්‍රමණ හෝ වෙළෙඳ සම්බන්දතා ආදියෙන් හෝ අන්‍ය චින්තන වෙතට නැඹුරු වුවත්, මධ්‍ය මණ්ඩලය වෙත ඒ අදහස් ප්‍රේෂණය වීමට සැළකිය යුතු කාලයක් ගත වෙයි. ඒ කාලය සහ අවකාශය අනුව එවැනි බාහිර චින්තන බලපෑම් මධ්‍ය මණ්ඩලය වෙත සැපත් වන විට ඒවා අවශ්‍ය පරිදි කපා කොටා සංස්කරණයට ලක් කොට දඹදිව පදනම් චින්තනයට අවශෝෂණය කර ගැනීමේ හැකියාව පවතියි.

බුද්ධ කාලයේ දඹදිව මේ චින්තන සම්මිශ්‍රණයක් සිදු වෙමින් පැවති යුගයයි. ආර්යයන් ලෙස හඳුන්වනු ලැබූ මනුෂ්‍ය වර්ගයා වයඹ දිගින් දඹදිවට ඇතුල් වෙමින් ඔවුන්ගේ සංස්කෘතික හා චින්තන අධිපත්‍යය සකස් කර ගනිමින් සිටි අතර ඊට එරෙහි ආපසු ගමනක යෙදෙන තිර්ථක, පරිව්‍යාජක, නිඝන්ඨ, ආජීවක, අචේලක, ආදී ශ්‍රමණ කණ්ඩායම් පැරණි චින්තනය තුල ක්‍රියාත්මක වෙමින් සිටියහ. ආර්යයයන්ගේ චින්තනය බුද්ධ කාලයේ දී නියෝජනය කරන ලද්දේ බමුණන් විසින් වුවත්, මධ්‍ය මණ්ඩලය ඒ බමුණු ආධිපත්‍යයට නතු වී නොතිබුණ බව සතර වන කුල විලොකනය දෙස බැලීමෙන් පෙනේ.

කුල විලොකනය

සර්වඥයන් වහන්සේලා උත්තම යැයි සම්මත බ්‍රාහ්මණ කුලේ හෝ රජ කුලේ හෝ ම උපදනාහ. "කිසියම් කලෙක, රජ දරුවෝ බමුණන්ට වඳිත්නම් එකල බමුණු කුලෙහි උපදනාහ, යම් කලෙක බමුණෝ රජුන් වඳිත් නම් එකල රජ කුලේම උපදනාහ." යන බුදු වරුන් කෙරේ සාධාරණ අංගයක් වෙයි.

බුදුරජාණන් වහන්සේලා වනාහි 'රජ කුලය උතුම් වේ, බමුණු කුලයම උතුම් වේ" යනාදී වශයෙන් අනුසාශනා කරන්නෝ නොවෙති; කවර හේතුවක් නිසා කුලය සෙවීද යත්; පසුව බුදු වූ කළ බොහෝ ජනයා මොහු චණ්ඩාල කුලයෙන් පැවිදි වූ කෙනෙක, මොහු කෙවුල් කුලයෙන් පැවිදි වූ කෙනෙක කියා උතුම් බුද්ධත්වයටත්, සද්ධර්මයටත්, සංඝයාටත් නින්දා කර බොහෝ පව් සිදු කර ගැනීම වළක්වා ලීම පිණිසත්, පහත් යැයි සම්මත කුලයෙක ඉපදී බුදු වුනොත් උසස් යැයි සම්මත කුල වල මහපින් ඇති සුධිමතුන් දහම් ඇසීමට පැකිලීම නිසා ඔවුන්ගේ ස්වර්ග-මෝක්‍ෂ සැප ආවරණය වීම වැළක්වීම පිණිසත්, නචඡ්ඡා වසලෝ හොතී නචඡ්ඡා හොති බ‍්‍රාහ්මණෝ ලෙසින් දම් දෙසන සඳ ලෝකයා ඒ පිළිගන්නා තැනෙක සිට දෙසිය යුතු නිසාත් ආදී වශයෙන් බොහෝ හේතු දක්වා තිබේ.

බමුණු සහ රජ කුල වල පිරිස් හැර අනෙක් වංශ වල මනුෂ්‍යයෝ කය බොහෝ කොට වෙහෙසවන කාර්‍යය වල නිරත වී සිටීමත්, සිත් වෙහෙසවන අරිය පරියෙෂණයක යෙදීම පිණිස ඒ අයට ඉඩක් නැති වීමත් හේතුවක් විය හැක. එසේම එකල සම්පුර්ණ අධ්‍යාපනයක් ලැබුවේ ඉහත කී කුල වල පිරිස් වේ. එසේම, කුලය යනු 'පවුල' යන අරුත දෙන බවත් මෙහිදී සැළකිය යුතුය. සන්තුෂිත දිව්‍ය පුත්‍රයා රජ කුලේ උපදිමි කියා තීරණය කර කුල විලොකනය නිමා කළේ නැත. තවදුරටත් විමර්ශනය කළ හෙතෙම, කිඹුල්වත් පුර ශාක්‍ය රාජධානියේ රාජප්‍රාප්ත සුද්ධෝධන මහරජුගේ කුල ගෙයිහි උපදිමි යන තැන දක්වාම කුල විලොකනය කළ බව සඳහන්ය.

බෝධිසත්ත්වයන් වහන්සේ නමක් යනු මහා සත්ත්වයෙකි. පශ්චිමභවික බෝධිසත්ත්වයෙක් යනු මුලු ලෝකයම මැඩ තමා යටතට පත් කරන සුළු පරාක්‍රමයෙන් යුත් මහා සත්ත්වයෙකි. එවැනි කෙනෙක් සාමාන්‍ය තැනක උත්පත්ති ලැබීම බොහෝ දෙනාගේ විනාශයට හේතුවකි. පඬුඅබා කුමරු හා ජේසු බිලිඳුගේ උත්පත්ති කතා විමසා බැලීම මෙහිදී වටනේය. මහබෝසතුන් යනු පඬු අබා හෝ ජේසු හෝ වැනි තමන්ගේ ගැලවුමවත් සළසා ගත නොහෙන අසරණ සත්ත්වයෙක් නොවේ. මහබෝසතුන් සාමාන්‍ය සත්ත්වයින් අනතුරේ හෙළන්නේ නැත. එබැවිනි උන් වහන්සේ තමන් වහන්සේගේ භාග්‍යවත් යන ගුණයට ගැළපෙන, ඒ බගවත් බව දරා ගත හැකි කුලයෙක උත්පත්තිය ලබන්නේ.

මාතු විලොකනය

බෝසත් උපතින් සත් දවසකින් බෝසත් මාතාව කළුරිය කිරීම ලෝක ධර්මතාවයකි. මාතු විලොකනය කරන බෝසතුන් වහන්සේලා මේ කරුණ විශේෂයෙන් සළකා බලත්. මීට අමතරව කුල විලොකනය ගැන සඳහන් කළ කරුණු මාතු විලොකනය සම්බන්ධයෙන් ද බොහෝ දුරට වලංගු වේ.

මෙසේ පස්මහ බැළුම් බලා සන්තුෂිත දිව්‍ය රාජයා තමන් වෙත ආයාචනය කළා වූ දිව්‍ය සමූහයා වෙත ප්‍රතිඥා දී වදාළහ. එසේ ප්‍රතිඥා උන් මහබෝසතාණන් වහන්සේ මහාමායා දේවින් කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පුර පසළොස්වක පෝ දිනයකය.

යශෝධරා දේවී

සියලු පෝ දිනයන්හි, අප බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැනත් බෝසතුන් වහන්සේගේ ගුණ ගැනත් සිහි කරමු. එහෙත්, ඇසළ පෝය දිනය අපට යශෝධරා මහ රහත් තෙරණියගේ ගුණ කඳ සිහි කිරීමට අවස්තාව සළසා දෙයි. මහබෝසතුන් දීපංකර පාද මූලයේ නියත විවරණ ලත් තැන් පටන් උන් වහන්සේ පසුපස පාරමිතා පිරීමට අනුබලයක් වෙමින් බෝසතුන් හා සමගම පසුපස උන්නී යශෝධරාවෝය. සන්තුෂිත දිව්‍ය රාජයා මව් කුස පිළිසිඳ දෙසතියකින් ඒ දිව්‍ය රාජයාගේ ප්‍රියම්බිකාව වූ මේ දේවතා දූ ද දෙවි ලොවෙන් චුතව කෝලිය ජනපදයේ සුප්පබුද්ධ රජුගේ අග මෙහෙසිය කුස පිළිසිඳ ගත්තාහ. බෝසතුන් මව් කුසින් බිහිවන වෙසක් පුන් පෝ දා උන් වහන්සේ සතු වන සහජාත වස්තුවක් ලෙස මේ ලොව බිහි වූහ. කප් ලක්‍ෂයක් පෙරුම් පිරූ රාහුල කුමරු බෝසතුන්ට දා කොට උප්පත්තිය ලබා දී සත් වසරක් මහත් ආයාසයෙන් ඇති දැඩි කළහ. අවසානයේ ඒ රාහුලයා ද බුදුසසුනටම පූජා කර තමන් වහන්සේ ද මේ බුදු සසුනේ ම පැවිදි වී අමාමහා නිවන් දැක වදාළහ.

ඒ යශෝධරා දේවීන් වහන්සේගේ මහා සමුද්‍රය පරයන අනුපමේය ඇති දරා ගැනීමේ හැකියාව පෙන්වා දෙන බෝසත් අභිනිෂ්ක්රමය සිදු වූයේ අද වැනි ඇසළ පෝ දිනයෙක බැවින් යශෝධරා දේවීන් ගේ ගුණ සිහි කරමු.

103 comments:

  1. මේ උතුම් පොහොය දිනයේ අපගේ මතකය අවධි කරවීම බොහොම පිංබර කටයුත්තකි.සාදු සාදු සාදු... ඔබට බොහොමයක් පිං අනුමෝදන් කරමි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහෝ පින්. අප දුන් පොරොන්දුව අමතක වී නැත. ඉක්මනින් එය ඉටු කරන්නම්.

      Delete
  2. සිතුවිළිJuly 22, 2013 at 11:39 AM

    තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු සත් සතිය ගත කොට නැගීසිටීමෙන් අරඹා, මේ උතුම් ඇසල පොහොය දිනයෙහි වැදගත් කම පියවරින් පියවර ගොඩනගා, මහාබිනිශ්ක්‍රමනය දක්වා චක්‍රයක් ලෙසින් අප වෙත් බොහෝ දැනුම වඩමින් මේ ලිපිය සම්පාදනය කල කණිෂ්ක වෙත මා බොහෝ පින් පමුනුවමි.
    ලිපිය මැනැවින් කරුනු සංකලනය වී ගොඩ නැගී ඇති අයුරු ආකර්ෂනීයය.

    මෙවර පොහොය ලිප්ය පොහෝ දින උදයෙන්ම අප වෙත ඉදිරිපත් කිරීමට ඔබ ගත උත්සහායද අගයමි.

    ReplyDelete
    Replies


    1. සිතුවිළි, ඔබ හරි.

      මේ ලිපියේ තොරතුරු ගලා යාම ඉතාම ආකර්ශනීයයි. වෙසක් දා සිට ගොඩ නැගූ සත් සතියෙන් අරඹා, තපස්සු-භල්ලුක සමග ලංකාවට පැමිණ, ලංකාව ගැනත් කතා කරමින් වර්තමානය වෙත පැමිණ පස් මහා බැලුම් ගැන ලියා, පස් මහ බැලුම් තුලදීම යශෝධරාව ගැන සිහි කර, එතුමිය ගුණ වයමින් අවසන් කිරීම.... කදිමයි !

      K සිත් විසින් දුන් උපදෙස් පිළිගෙන ඇති අයුරු පෙනෙයි.

      Delete
  3. "පැරණි ජම්බුද්වීප වාසීහු, ලෝකය දිය පිට ඇති නෙලුම් පත්‍ර උපමා කොට දුටහ" යනුවෙන් ඔබ මේ ලිපියේ ලියයි. "ලෝකය හට ගැනීම හා එහි නිරෝධය" ලිපියේදී ඔබ, "පැරණි භාරතීයයන් ලෝකය දුටු ආකාරය" ලෙස තඩි කැස්බෑවෙක් පිට නැගී ඇතුන් විසින් උසුලාගෙන සිටින ලෝකයේ රූපයක් පෙන්වයි. මේ දෙක දෙකක් බව පැහැදිලිය. ඔබ මෙය විස්තර කරන්නේ කෙසේද? මේ දෙකෙන් බෞද්ධ පිළිගැනීම කුමක්ද?
    ------------

    කුල විලොකනය ගැන ඔබ සපයා ඇති දේ බොහෝ දෙනාගේ ගැටළු ලිහන බව පෙනේ. විශේෂයෙන්ම, "සුද්ධෝධන මහරජුගේ කුල ගෙයිහි උපදිමි යන තැන දක්වාම කුල විලොකනය කළ බව" සඳහන් කිරීම කුල-ගොත් සොයන ලංකාවාසී බොහෝ දෙනාගේ ඇස් ඇරවීමක් බව සිතමි. එහෙත්, ඒ පිළිතුරේ වැදගත්ම කොටස භාග්‍යවත් ගුණය ගැන කියැවෙන කොටසයි. සිද්ධාර්ථ කුමරු "බගවත් බව දරා ගත හැකි කුලයෙක උත්පත්තිය" ලැබූ බව කීම නිවැරදිය.
    ------------

    ඔබ යශෝධරාව ගැන කළ සඳහන අගෙයි. ඒ කිසිවෙක් කිසි දිනෙක එතුමිය ගැන අගය නොකරන නිසාම නොවෙයි. එතුමියගේ ඔබ සඳහන් කරන 'මහා සමුද්‍රය පරයන අනුපමේය' දරා ගැනීමේ හැකියාව ගැන සිහි කිරීමට මේ පෝ දිනට වඩා සුදුසු දිනක් වෙන නැත. සුමේධ තාපසව දීපංකර පාද මූලයේ නියත විවරණ ලත් තැන් පටන් බෝසතුන් හා සිටි, එතුමන් හා දුක-සැප බෙදා ගත්, වෙනකක් තබා එතුමන් දුෂ්කර ක්‍රියා කරන අවදියේ ඒ පරම දුෂ්කර ක්‍රියාවත් අනුගමනය කල වෙනත් සත්ත්වයෙක් මේ තුන් ලෝකයේම නැත. එතුමියගේ කැප කිරීම සකල කාන්තා ලෝකයටම ආදර්ශයකි. ඒ අරුතින්, ඔබ එතුමිය ගැන කළ සඳහන මේ සියලුම පෝය ලිපි වල ලියැවුණු සියලුම කරුණු වලට වඩා වැදගත් බව සිතමි. ඔබට පින්.

    ReplyDelete
    Replies
    1. විවිධ රටවල විවිධ ජාතීන් හා ජන වර්ග තම තමන්ට සිතෙන ආකාරයෙන් ලෝකය මෙසේ යැයි විවිධ ආදර්ශ ගොඩ නැංවූහ. ඉතාම විශාල (අවකාශය) සහ පැරණි (කාලය) සංස්කෘතියක් වන දඹදිව/භාරතය/ඉන්දියාව සළකූ කල එහි විවිධ උපකල්පන මත ගොඩනැගුණු විවිධ ආකෘති තිබීම පුදුමයක් නොවේ. විශේෂයෙන් ෂට්ශාස්තෘ වරු හා දෙසැටක් මිත්‍යා දෘෂ්ඨි ගැන කියැවෙන පෙළ දහමට අනුව ලෝක විග්‍රහයන් දුසිම් තුන හතරක්වත් මෙහි නොතිබිණිනම් තමයි පුදුමය.

      බෞද්ධ සූත්‍ර වල කියැවෙන්නේ දිය පිට නෙළුම් පත්‍ර සේ පාවෙන සතර මහාද්වීප ගැන කියැවෙන ලෝක විග්‍රහයයි. ඒ එකල (බුද්ධ කාලයේ) ඒ ප්‍රදේශයේ (මධ්‍ය මණ්ඩලයේ) පැවති පිළිගැනීම බව පෙනේ.

      Delete
  4. @ කණිෂ්ක:

    පළමුව, ඇසළ පොහොය නිමිත්තෙන් නැවත නැවත කියවිය හැකි හරවත් රසවත් ලිපියක් අප සැමට තිළිණ කිරීම ගැන කණිෂ්ක ට බොහෝ පින් සිදු වේවා. පස්මහ බැළුම් ගැන ලියා ඇති විස්තරය ට අපගේ ආචාරය වේ.

    දෙවනුව, FYI "මාර දූන් පලවා හැරි පොසොන් පසළොස්වක පොහොය" ලිපියේ කොමෙන්ටු කිහිපයක් දමා ඇති අතර ඒ ගැන ප්‍රතිචාරයක් වේ නම් ඒ, මෙම පිටුවේ දැමීම (මාතෘකා පොලිසිය බලා සිටින්නේ නමුදු) අප කාගේත් පහසුව පිණිස වනු ඇත.

    තෙවනුව, "පසුව විස්තර කරමු" යැයි කී බොහෝ දේ ඇති නමුත් ඒ දේ ගැන කීමට පෙර යම් පෙරවදනක් සැපයිය යුතු සේ පෙනේ. අප කරුණු දක්වන්නේ කවර පදනමක සිටද යන වග හා අපගේ අරමුණ මුලින්ම කෙටියෙන් හෝ පැහැදිලි කිරීම අනවශ්‍ය වාද විවාද හා පටලවා ගැනීම් අවම කර ගැනුමට හේතු වනු ඇත. එසේ වුව එම පැහැදිලි කිරීමට පෙර මෙම ලිපියේ ඇති ඇතැම් දේ ගැන ඇසිය යුතු යැයි සිතෙන බැවින් පළමුව (පහත කොමෙන්ටුවේ) ඒ ගැන විමසමු.

    මේ ගැන කිවයුතු දෙයක් නම් අප මතු කරන කරුණු බුදුදහම හෝ නිවන් අවබෝධය හෝ සමඟ කිසිදු අදාළත්වයක් නැති බවයි. ඒ, ඓතිහාසික සිද්ධීන් හෝ පැරණි සම්ප්‍රදායේ වචන හෙවත් සම්මතයන් අද දැනුමට ගැලපීමේදී ඇතිවන අපැහැදිලිකම් සම්බන්ධවයි. ඇතැම් දේට හේතුව අපගේ දැනුමේ මදකම විය හැක. මෙම කරුණු එකක් හෝ කිහිපයක් හෝ සැදැහැ ඇතියනගේ සැදැහැ අඩු කිරීමට හෝ වෙනත් අනවශ්‍ය ගැටළු ඇති කිරීමට හේතු වන්නේ නම් බොහෝ දෙනාගේ හිත සුව පිණිස එවැනි කරුණු මකා දැමීම ගැන අපගේ අහිතක් නැත. ඒ, පහසු වනු පිණිස වෙන වෙනම කොමෙන්ටු වල දමමි.

    ReplyDelete
    Replies
    1. හැකි අයුරින් ඔබේ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට උත්සාහ කරමු. පෙර පෝ ලිපියේ අසා ඇති සමහර ගැටළු වලට එහිම පිළිතුරු සැපයීමි.

      Delete
  5. [1] "උතුරු දනව්වෙහි සිට මධ්‍ය මණ්ඩලයට වෙළෙඳාම පිණිස යන්නා වූ තපස්සු සහ භල්ලුක නම් වෙළෙඳ දෙබෑයෝ, ...... ලංකාද්වීපයට පැමිණි ඒ කේෂධාතු නිදන් කර ගිරිහඬු සෑය කළ බව කියැවේ."-------

    මේ කරුණ සත්‍ය නම්:
    (1) බුදුරදුන් ජීවමානව සිටියදීම ශාරීරික චෛත්‍ය වන්දනාව සිදු කර ඇත.
    (2) ථූපාරාමය ලක්දිව පළමු දාගැබ ලෙස අප ඉගෙනගත් කරුණ සදොස් වේ. අඩුම තරමින්; පුරාවිද්‍යාත්මක සාධක හෙවත් දැනට හමුවී ඇති නටබුන් අනුව පැරණිම දාගැබ ථූපාරාමය බවත් ඉතිහාසගත තොරතුරු අනුව පළමු දාගැබ ගිරිහඩු සැය බවත් විය යුතුය.
    (3) තපස්සු-භල්ලුක තමන්ට වන්දනා කිරීමට ඉල්ලා ගත් දේ ලංකාවේ නිදන් කර සැයක් සදීමෙන් එම දෙදෙනා ලක්වැසියන් බව තහවරු වේ. (තමන්ට වන්දනා කිරීමට ඉල්ලා ගත දේ වෙනත් රටක නිදන් කිරීමට මේ දෙදෙනාට තිබු හේතුවක් අපට නොපෙනේ.) මේ දෙදෙනා පමණක් ලංකාවේ තනියම ජීවත් වීම ප්‍රයෝගික නොවන බැවින් ලංකාව ජනාවාස වී තිබු බවත් පැහැදිලි වේ.
    (4) එම ජනයා සතුව නැව් නැඟ විදෙස් වෙළදාමේ යන තරම් දියුණු ආර්ථික ක්‍රමයක් තිබු බවත් පෙනේ.
    (5) එම ජනයා සිදුහත් තවුසන් බුදු වූ විගසම හෙවත් කිසි ප්‍රසිද්ධියක් නැතිවම බුදුරදුන් කෙරෙහි පැහැදීමට, බුදු කෙනෙකුන්ට ගරු කිරීමට, පිදිය යුතු දේට පිදීමට වැනි ගුණධර්ම දැන සිටි බව තහවරු වේ.

    විජයාගමනයට පෙර ලක්දිව මිනිසුන් නොසිටි බවට වංශකතා දක්වන දක්වන කරුණ ඉහත කරුණු හා පටහැනි වේ.

    ReplyDelete
    Replies
    1. 1] ඔව්.
      පළමු ශාරීරික චෛත්‍ය වන්දනාව ලෙස සැළකිය හැක්කේ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් තව්තිසා ලොව කළ සිළුමිණි සෑයයි. එය සෑදීමත් ඇසළ පෝ දිනකම (සත්‍ය වශයෙන්ම ඇසළ පෝ දිනට පසු දින හිමිදිරියේ) සිදු වීම මේ මාසයේ වැදගත් කම තවදුරටත් වැඩි කරයි. බුදුරජාණන් වහන්සේ (බුදු බව ලැබූ පසුව) හිස පිරිමැද කේෂධාතු ලබා දුන් පළමු අවස්තාව තපස්සු-භල්ලුක දෙදෙනා වෙනුවෙනි. ඊට අමතරව කිහිප වරක් කේෂධාතු පිරිනැමූ අවස්ථා ඇත.

      2] ථූපාරාමය ප්‍රථම සෑය ලෙස නොඉගැන්වීමට අපේ ගුරුවරු ප්‍රවේසම් වූ බව ඒ ගුරුවරුන්ට කරන ගෞරවයක් ලෙස සඳහන් කරමින් කිව යුත්තේ ඒ සෑය, බුදුසසුන ලංකාවේ පිහිටැවුනු අනතුරුව නිමැවුණු ප්‍රථම දාගැබ බවයි. වංශකතා කියන පරිදි ලක්දිව පළමු දාගැබ ගිරිහඬු සෑයයි. දෙවැන්න මහියංගනයේ සුමන දෙවිරජු විසින් කළ දාගැබයි (http://katha32.blogspot.com/2012/01/mahiyanganan.html). තෙවැන්න නාගදීපයේ චූලෝදර-මහෝදර නාරජ වරුන් විසින් මිණිපළඟ නිදන් කොට කළ සෑයයි (http://katha32.blogspot.com/2012/04/naagadipan.html).

      3] එසේ නොවේ. වංශකතා වල කියැවෙන්නේ ඔවුන් මෙතැනට පැමිණ ධාතු අඩංගු කරඬුව තැබූ පසු ආපසු ගැනීමට තැත් කළත් ඒ අසාර්ථක වූ පසු සෑයක් ගොඩ නංවා ගිය බවයි.

      4] මේ දෙදෙනා සිටි රටේ එවැනි ක්‍රමයක් තිබූ බව පැහැදිලියි.

      5] රාජායතන වනයට පැමිණි ඔවුන්ගේ ගැල් එරී ගිය බවත්, දේව පූජාවක් තබා කන්නලව් කළ පසු ඒ වනේ දේවතාවිය විසින් බුදුපුදට මේ දෙදෙනාට මග පෙන්වූ බවත්ය කියැවෙන්නේ. එහෙත්, ඔවුන් ඒ සිරිත් දැන සිටි බව (දේව පූජාවක් තබන අයුරු) නම් පැහැදිලිය.

      ඔබේ අවසන් වැකිය ගැන මෙතැන කිසිත් සඳහන් නොකර සිටිමු.

      Delete
    2. (2) ථූපාරාමය ගැන; අපේ ඉගෙනීමේ ප්‍රමාදය මිස අපේ ගුරුවරුන්ද එලෙස උගන්වන්නට ඇති බව ඒ ඇත්තන්ට නිගරු නොවනු පිණිස සටහන් කරමු. සිව්වැන්න කැලණියේ දාගැබ විය යුතුය. [පළමු දාගැබ තපස්සු-භල්ලුක තනියම හැදුවා යැයි කිව හැකි වුවද මහියංගන (දෙවන) දාගැබ හා රාජායතන (තෙවන) දාගැබ (මිනිසුන් නොවන) අය සැදූ බව කීම පිළිගැනීමට අපහසුය. (ඔබ කිසිත් කියා නැතිමුත්) අප දන්නා තරමින් වංශකතා වලට අනුව එම දාගැබ් මිනිසුන් නොවන නාගයන් හා දෙවියන් සෑදු බව දැක්වේ.]

      (3) ඒ බව අපද අසා ඇත. ඔවුන් විදෙස් වෙළදාමේ නියුතු බැවින් සිය කාරිය අහවර කොට ආපසු යාමට ඇත. ඊට අමතරව එම දෙපල ස්වදේශිකයන් බවද අසා ඇත. (මූලාශ්‍ර දැනට මතකයට නොඑයි.) එම දෙපල විදේශිකයන් සේ සලකන්නේ නම් වුව වෙළඳුන් වන ඔවුන් ලක්දිවට ගොඩ බසින්නේ වාණිජ කටයුතු කළ හැකි ජනයා ලක්දිව විසු නිසා විය යුතුය. (එවැනි හේතුවක් අනවශ්‍ය බවත් හිස් පාළු දූපතකට කෙනෙකුට නිකමට ගොඩ බැසිය හැකි බවත් කියන්නේ නම් ඒ ගැන වාදයක් නැත.)

      Delete
    3. * මහියංගනය දාගැබ පළමුව සුමන සමන් දෙවිඳු ද, දෙවනුව බුද්ධ පරිනිර්වාණ සමයේ පමණ කිසියම් රහතන් වහන්සේ නමක් ද, තෙවනුව දුටුගැමුණු රජුද විසින් වැඩි දියුණු කර (විශාල කර) සාදවා ඇත. පසුකාලිනවත් බොහෝ පිළිසකර කිරීම් මෙහි කෙරී ඇත. මහියංගන හා නාගදීප දාගැබ් පිළිවෙලින් දෙවියන් හා නාගයන් විසින් සාදවන ලද බව අප විසින් ද ඉහත සටහන් කෙරී තිබේ. ඒවා 'පළමුව' මනුෂ්‍යයින් විසින් ඉදි නොකළ බව ගැන විවාදයක් නැත.

      * මේ වෙළෙඳ දෙබෑයන් ලක්දිව් වැසියන් බවට වන සඳහනක් අපට නම් මෙතෙක් හමු වී නැත. එසේම, ඔවුන් බුදුරදුන් හමු වන්නේ ද උත්තරාපථයේ සිට වෙළෙඳාමේ පැමිණෙන විට බවයි ඒ සටහන් වල කියැවෙන්නේ. සිදු වීමට වඩාත් ඉඩ ඇති කරුණ ලෙස අප සළකන්නේ ඔවුන් විදේශිකයන් වීමත්, කිසියම් හේතුවකට ගෝකන්න (අද තිරිකුණාමලය) වරායෙන් මෙරටට ගොඩ බැස ඇති බවත් ය. ඒ හේතුව වෙළෙඳාම හෝ නැව් අලුත්වැඩියාව, නැතිනම් හදිසි ආපදාවක්, ජලය / දර වැනි දේ එකතු කර ගැනීම, එසේත් නැතිනම් එහි වැඩ වසන්නේ යැයි ඔවුන් විසින් සළකු දෙවියෙකු වෙනුවෙන් පූජා පැවැත්වීම වැනි ඕනෑම කරුණක් විය හැක.

      Delete
  6. [2] "....ලංකික නාවික සෙබලෙක් විසින් තුවක්කු බඳින් එල්ල කළ ප්‍රහාරය ආචාර පෙළපාලි පිලිබඳ ලෝක සම්මතයන් වෙනස් කිරීමට ද සමත් විය." -------- මෙම වෙනස් කම් මොනවාද?

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන වශයෙන්, මා අසා ඇති පරිදි, බයිනෙත්තුව ඉවත් කිරීම හා ප්‍රමාණවත් දුරකින් සිට ආචාරය පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම. මේ කරුණු අප බොහෝ කලකට පෙර අසා ඇති කරුණු බැවින් වැරදි තිබිය හැක.

      Delete
  7. [3] "පැරණි ජම්බුද්වීප වාසීහු, ලෝකය දිය පිට ඇති නෙලුම් පත්‍ර උපමා කොට දුටහ. ඒ ලෝක විග්‍රහයට අනුව, මහාද්විපයෝ සතර දෙනෙක. ඒවා නෙලුම් පත සේ ජලතලය මත පාවෙමින් තිබෙයි. ජම්බුද්විපයට උතුරින් උතුරු කුරු දිවයිනද, නැගෙනහිර දෙසින් පූර්ව විදේහයද, බස්නාහිරි දෙසින් අපරගොයාන දිවයිනද වෙයි"

    මෙම ජම්බුද්වීපය යනු කුමක්ද? වත්මන් ඉන්දියාවේ කොටසක්ද? දකුණු ආසියාවද? (මේ දෙක දීප නම් නොවේ.) ලංකාවද? ආසියාවද? සමස්ත පොලෝ තලයමද? නැතහොත් එවැනි හඳුනා ගැනීමක් කළ නොහැකිද? නොකළ යුතුද? උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපරගොයාන දිවයින අද හැටියට කුමන නමින් හැදින්වේද? ඇතැම් පිරිස් ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, ග්‍රීන්ලන්තය ආදිය මේ දීප ලෙස නම් කෙරෙති. දඹදිව යනු පොලෝ තලයම ලෙස සලකන සමහරු එම දිවයින් ඇසට නොපෙනෙන (දිව්‍යමය) පෙදෙස් ලෙස සලකති. වෙසෙසින්, උතුරුකුරු දිවයින යනු අද විදිහට කුමක්ද? බුදුරදුන් විජම්බණ දෙසන විට පිඬු සිඟා වැඩියේ උතුරුකුරු දිවයිනේ බවත්, වරෙක දානය හිඟ වූ කලෙක උතුරුකුරු දිවයිනේ පිණ්ඩපාතයේ යාමට මුගලන් තෙරුන් බුදුරදුන් විමසු බවත්, උතුරුකුරු දිවයින සෞභාග්‍යමත් එකල දේශයක් බවත් බණ පොත්හි දැක්වේ. (මෙය ඉහත මතයට පටහැනි වේ.)

    මෙම ලිපියේ සදහන් නොවන මුත් මීටම සම්බන්ධ "මහා මේරු පර්වතය" ගැන ඔබේ අදහස කුමක්ද? එය කොහේ පිහිටියේද?

    ReplyDelete
    Replies
    1. "මහා මේරු පර්වතය" කොහේ පිහිටියේද?
      යනුවෙන් ඔබේ ප්‍රශ්නය වීනම් "තව්තිසා දෙව් ලොවට පහළිනි" කියා කෙටියෙන් පිළිතුරු දිය හැකිව තිබිණි. එහෙත් ඔබ ඉදිරිපත් කරන්නේ වෙනස් ප්‍රශ්නයකි.

      ජම්බුද්වීපය යනු කුමක්ද? යන ප්‍රශ්නයට අද සමාජය පිළිගන්නා පිළිතුරක් දෙතොත් වඩාත්ම සංගත පිළිතුර වන්නේ එය ඉන්දීය උප-මහාද්වීපයේ කොටසකි යන්නයි. එහෙත් සත්‍යය නම් ඒ පිළිතුර නිවැරදි නොවන බවයි. අපට ජම්බුද්වීපය නූතන සිතියම මත සළකුණු කළ නොහේ.

      ජම්බුද්වීපය ගැන දැන ගැනීම කැමති කෙනෙකු විසින් සක්වල ගැන ඉගෙන ගත යුතුය. මෙහිදී ආචාර්ය චන්දන ජයරත්නයන්ගෙන් හා ඔහුගේ ගෝලබාලයන්ගෙන් ගැලවීම අතවශ්‍ය වේ. සක්වල ගැන ඇත්තේ පැරණි සාහිත්‍යයේය. ඒ සක්වල ගැන දැන ගන්නා ඔබ මහාමේරුව ගැනත්, ඒ මත පිහිටි තව්තිසාව ගැනත්, පහල පිහිටි අසුර භවන ගැනත්, සප්තමහා සාගර ගැනත්, චතුර්මහාද්වීප ගැනත් ඉගෙන ගනු ඇත. එසේම සාගර පතුලේ පිහිටි නාග ලෝක ගැන හා වෙනත් විවිධ අපූරු දේ ගැනත් ඉගෙන ගනු ඇත. ජම්බුද්වීපය ඇත්තේ ඒ සන්ධර්භය තුලයි. මේ කරුණු ඉගෙන ගත් ඔබ කැමතිනම්, සිතියමක් සකසා ජම්බුද්වීපය සළකුණු කිරීමට සුදුසුකම් ලබයි.

      ඒ කිසිත් නොකළ කෙනෙක් විසින් මර්කේටර් විසින් ද්විමාන තලයක් මතට ප්‍රක්ෂේපනය කලැයි සළකන ගෝලාකාර ලෝකයේ චිත්‍රයක් මත ජම්බුද්වීපය සළකුණු කරන්නැයි ඉල්ලා සිටීම විහිළුවකි. දෙහිවල තිරිසන් ගාලට ඇතුල් වී නරසිංහයා නැතිනම් ඇත්කඳලිහිණියා සෙවීමට තැත් කිරීම ඊට වඩා හොඳ ව්‍යායාමයකි. (මේ අපහාසය පිණිස කළ සටහනක් නොවේ. අර සතා සෙවීම පරිමිත කර්තව්‍යයකි. එහි අවසානයක් දැකිය හැක. ජම්බුද්වීපය වර්තමාන ලෝක-දේශපාලන සිතියම මත ලකුණු කිරීම කිසිදා අවසන් නොවන කර්තව්‍යයකි.)

      Delete
    2. "අපට ජම්බුද්වීපය නූතන සිතියම මත සළකුණු කළ නොහේ."---- මෙය අපගේ අදහස ද වේ. එසේ වුව, සමාජයේ "ඉල්ලුම" උදෙසා හෝ සිය සිතැඟි නිසා හෝ ඇතැම් උගතුන් දඹදිව, උතුරුකුරු දිවයින හා මහාමේරුව වත්මන් සිතියමේ ගලපන අතර ඒ අය ඔබ දැක්වූ වෛදික-බමුණු-බොදු දැනුම (හෙවත් පෙරදිග පැරණි සම්මත) ගැන දන්නා අය බව ඔවුන් ලියන දෙයින් පෙනේ.

      Delete
    3. මේ 'ඇතැම් උගතුන්' දඹදිව කෙසේ වෙතත්, මහාමේරුව වත්මන් සිතියමේ ලකුණු කරන්නේ කොතැනද?

      Delete
    4. @ කණිෂ්ක: මහාමේරුව වත්මන් හිමාල ආශ්‍රිත කඳුකරයේය. අනවතප්ත විලත් ඒ අසළම ය. [මේවා ගැන අපගේ වැඩි උනන්දුවක් නැත.]

      Delete
  8. [4] "බෝමැඩ දඹදිවට නාභි මණ්ඩලයක් සේ මැද පිහිටි බව කියයි." -------- බෝමැඩ යනු අද බුද්ධගයා ලෙස සලකන ස්ථානය නම් හා දඹදිව යනු වත්මන් ඉන්දියාව නම් සිතියමේ දැක්වෙන ලෙසට එය කිසිසේත් මැද්දක නම් පිහිටා නැත.

    ReplyDelete
    Replies
    1. " බෝමැඩ යනු අද බුද්ධගයා ලෙස සලකන ස්ථානය නම් හා දඹදිව යනු වත්මන් ඉන්දියාව නම්..." --- මෙසේ සැළකීමේ අවශ්‍යතාවයක් නැත.

      Delete
  9. [5] "ආර්යයන් ලෙස හඳුන්වනු ලැබූ මනුෂ්‍ය වර්ගයා වයඹ දිගින් දඹදිවට ඇතුල් වෙමින්......" --------- මෙවැනි මනුස්ස වර්ගයක් වයඹ (හෝ උතුරු හෝ) දෙසින් ආ බව අප පිළිගන්නේ ඇයි? කුමන හේතුවක් නිසාද? එම මනුස්සයන් ඔවුන් මුලින් සිටි තැනට ආවේ කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. 'ආර්යය' යන වදන අරුත් ගැන්වෙන්නේ 'උතුම්' යනුවෙනි. බෞද්ධ සාහිත්‍යය තුලදී නම් එය මනුෂ්‍ය වර්ගයකට යෙදුනු නමක් නොවේ. එහෙත්,

      දඹදිව බුද්ධකාලය වන විට චින්තන රටා දෙකක් සම්මිශ්‍රණය වෙමින් පැවතුණු බවත්, බුද්ධ කාලයෙන් ටික කාලයකට පසු ආගන්තුක චින්තන ක්‍රමය විසින් දඹදිව එතෙක් පැවති චින්තන ක්‍රමය පාගා දැමුණු බවත් පැහැදිළිය. මේ දෙකේ වෙනස හිංදු භාරතය හා බෞද්ධ දඹදිව පිලිබඳ කතා ඇසුරේ විද්‍යමාන වේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ අපේ හිමි වරු අපට උගන්වන්නේ අතීතයට සාධාරණිකරණය කළ භාරතීය (එනම් හිංදු) ඉතිහාසයකි. එහෙත් අපගේ වංශකතා හා ත්‍රිපිටකය අපට කියා දෙන්නේ දඹදිව ගැනයි. අවස්ථාවක් ලැබුණොත් මහාභාරතය (සහ රාමායනය) පරිශීලනය කරන්න. එය දඹදිව භාරතය බවට පත් වීමේ කතාන්තරයයි තරමක් දුරට අපට කියන්නේ.

      ආර්යයන් වයඹ දිගින් ඇතුල් වීමේ ප්‍රවාදය ඉංගිරිසින් විසින් තනන ලද්දක් විය යුතුයි. අප මුලින් සඳහන් කළ චින්තන වෙනසට හේතුව පැහැදිළි කිරීම පිණිස අප විසින් යොදා ගත්තා මිස, ඊට වඩා ගැඹුරු අධ්‍යයනයක් අප විසින් ඒ ගැන කෙරී නැත. එසේම, ලංකාවේ අප (ඉංගිරිසින් කියන) ආර්යයන් බව අපනම් මොහොතකටවත් නොසිතමු.

      දැන් කෙලින්ම ඔබේ ගැටලුවට:
      - අප විසින් එය පිළිගැනෙන්නේ අපේ නිරීක්‍ෂණය සමග සංගත වන බව පෙනෙන නිසාය.
      - සංක්‍රමණය වන ජන කොටසක් සම්බන්ධයෙන් දිගින් දිගටම 'මුලින් සිටි තැනට ආවේ කොහෙන්ද' යන ප්‍රශ්නය නැගීම නිවැරදි නැත. අප මෙතැනදී සාකච්ඡා කරන්නේ දඹදිව ගැනනම් ආර්යයන් දඹදිවට පැමිණියේ කොහින්දැයි දැන ගැනීම ප්‍රමාණවත්ය. එතැනට පැමිණියේ කොතැනින්දැයි සෙවීම ආර්යයන් ගැන සොයන අයගේ වගකීමකි.

      Delete
    2. @ කණිෂ්ක: ඔබේ පළමු ඡේද දෙක අතිශය වැදගත් සේම අපගේ අදහස ද වේ. සුද්දන්ගේ මෙම 'ආර්ය සංක්‍රමණ (හෝ ආක්‍රමණ) කතන්දරය' භාවිත කරන්නේ නම් තරමක් පරෙස්සමෙන් කළ යුතුය. මෙම කතන්දරෙන් සුද්දන් කර ඇත්තේ පෙරදිග යම් ව්ශිෂ්ඨ යැයි කිව හැකි දැනුමක් වීද එහි මුල් හිමිකම (ග්‍රීක) සුද්දන්ට ලබා දීමයි. මෙම 'ආර්ය සංක්‍රමණ කතන්දරය' ගැන කිසිදු සටහනක් කිසිදු පෙරදිග පොත පතක අප දන්නා තරමින් සදහන් නොවේ. ජනප්‍රවාද ද නොවේ. සුද්දන් කතන්දර හදන්නේ තමන්ගේ වාසියටම වේ.

      ආර්ය සංක්‍රමණ හෝ කිසිම සංක්‍රමණයක් නොමැතිව වුවද සමාජයක චින්තන වෙනස්කම් ඇතිවිය හැක. පස්මහ බැළුම් බලා උපදින බෝසතුන්ට බුදුවීමට සමාජයේ ඇති චින්තනයක් බල නොපාන බවත් උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පෙරුම් ප්‍රමාණවත් බවත් අපගේ විශ්වාසයයි. [පුද්ගලික විශ්වාසය මිස සනාත කළ හැකි දෙයක් නොවේ.] එහෙත් සමාජයේ සෙසු පිරිසට දහම අවබෝධ කිරීමට එම සමාජයේ ඇති චින්තනය හා සංස්කෘතිය වැනි දේ උපකාරී වනු ඇත.

      ආර්ය යන වදන එම සමාජයේ භාවිත වූ වදනක් බවත් සකුවෙන් අරුත 'උතුම්' හෝ 'ධාර්මික' වැන්නක් බවත් පෙනේ. බුදුරදුන් අළුතෙන් වදන් නිර්මාණය කළ බවක් නොපෙනෙන අතර එම සමාජයේ තිබෙන වදන් වලටම නව අරුත් සපයා තිබේ. ආර්ය යන වදන පෙළ දහමේ යෙදෙන්නේ 'නිවනට හේතු වන' වැනි අරුතකින් වන අතර එය කිසියම් ජන වර්ගයක් සදහා යෙදිය නොහේ. 'ආර්ය ජාතියේ උපන් දා සිට' යනු අඩුම තරමින් 'සෝවාන් වූ දා සිට' වේ. වේද දහම් අනුවද එය ජනවර්ගයක් සදහා යෙදිය හැකි බවක් නොපෙනේ. බමුණන් එසේ කර ඇති බවක්ද නොපෙනේ. එහෙත් එය එසේ සිදුව ඇත. මෙය මෑතක හෙවත් සුද්දන් නිසා සිදු වුවක් යනු අපේ අදහසයි. (මෙම වදන ජනවර්ගයක් සදහා යොදන්නේ නම් ඉරානය සම්බන්ධ කරගැනීමට සිදු වේ.) අද බොහෝ සිහළුන් තමන් ආර්යන් බව සිතති. ඒ තමන් පැවතෙන්නේ විජයගෙන් බවත්, විජය උතුරු ඉන්දියානු බවත්, උතුරු ඉන්දියානුවන් ආර්ය බවත් ගනිමිනි. උතුරු ඉන්දියානුවන් ආර්ය වීමට 'ආර්ය සංක්‍රමණ කතාන්දරය' අවැසිය. ආර්ය ජාතිය ඉදිරියට දමා කළ යුද්දය හිට්ලර් දිනුවේ නම් බිහිවන ලොවේ කුමන තැනක් හිට්ලර් විසින් සිහළුන්ට දීමට තිබිණැයි ඔබ සිතන්නේද?

      "ලංකාවේ අප (ඉංගිරිසින් කියන) ආර්යයන් බව අපනම් මොහොතකටවත් නොසිතමු."-----ලංකාවේ (සිංහල) අප කවුරුන් යැයි ඔබ සිතන්නේද?

      Delete
  10. [6] "බෝධිසත්ත්වයන් වහන්සේ නමක් යනු මහා සත්ත්වයෙකි. පශ්චිමභවික බෝධිසත්ත්වයෙක් යනු මුලු ලෝකයම මැඩ තමා යටතට පත් කරන සුළු පරාක්‍රමයෙන් යුත් මහා සත්ත්වයෙකි." ---------මහා සත්වයෙක් යන්නට අර්ථ දැක්වීමක් තිබේද? පශ්චිමභවික බෝධිසත්ත්වයෙක් යන්නට අර්ථ දැක්වීමක් තිබේද? (පශ්චිමභවික බෝධිසත්ත්වයෙකුගේ ලක්ෂණයක් දක්වා ඇති සේ පෙනේ.) වෙනත් බෝසත් වර්ග තිබෙන්නේද?

    ReplyDelete
    Replies
    1. මහසතා, මහසතානෝ යන වදන් පැරණි ග්‍රන්ථ ඇසුරේ අපට හමු වන වදන් වේ. මේවා ඊනියා 'පාරිභාෂික' වචන නොවන බැවින් අර්ථ දැක්වීම් කියා දෙයක් නැත. මේ වචනයේ සරල අරුත මහත් තෙද / බල / යසස / ඓශ්චර්යය (ඉසුරු)/ කීර්ති / වාසනා ගුණය ඇති සත්ත්ව කෙනෙක යන්නයි. සාමාන්‍යයෙන් මහ සතා යනුවෙන් යෙදෙන්නේ බෝධිසත්ත්වයන් වහන්සේට පමණි.

      පශ්චිමභවික යන්න මේ ජීවිතයේදීම අරහත්බෝධියෙන් නිවන් දකින සත්ත්ව තෙම යන අරුත දේ. බුදුවන ආත්මභාවයේදී බෝසත් තෙම හැඳින්වීම පිණිසයි ඉහත වදන් දෙක අප විසින් යොදා ගන්නා ලද්දේ. එය අරුත් පුන් බවයි අපේ අදහස. බෝසතුන් දීපංකර පාද මූලයේ නියත විවරණ ලත් තැන් පටන් සන්තුෂිත දිව්‍යපුත්‍ර භාවයෙන් චුත වන මොහොත දක්වා බෝසත් කෙනෙකි; පශ්චිමභවික නොවේ. යශෝධරාව, සුද්දෝධන රජු, රාහුල, සෝපාක, අංගුලිමාල, ආදීහු (සියලු රහත්හු) පශ්චිමභවික වෙත්; එහෙත් සාමාන්‍යයෙන් බෝසත් ලෙස නොගැනේ.

      Delete
  11. [7] "මහබෝසතුන් යනු පඬු අබා හෝ ජේසු හෝ වැනි තමන්ගේ ගැලවුමවත් සළසා ගත නොහෙන අසරණ සත්ත්වයෙක් නොවේ."----- පඬුඅබා කුමරු නම් තමන්ගේ ගැලවුම සලසා ගත්තේ නොවේද?

    ReplyDelete
    Replies
    1. පඬුඅබා කුමරු නම් තමන්ගේ ගැලවුම සලසා ගත්තේයැයි සැළකූ කළ ජේසු පවා තම ගැලවුම සළසා ගත් බව පිළිගැනීමට සිදු වේ. අප මෙහිදී උපමා කර ගත්තේ අවසානයේ තමන් එල්ලා දැමුණු ඇන තුන ගලවා ගැනීම නොවේ.

      පඬුඅබා සහ ජේසු යන දෙදෙනාම තම ගැලවුම සාදා ගත්තේ බොහෝ දෙනාගේ රුධිර ගංගා මතිනි. ඒ දෙදෙනාගේම උපත් බොහෝ දෙනාට විපත් ඇති කළේය. සියදහස් ගණන් බිළිඳුන් මේ දෙදෙනා හේතු කොටගෙන දිවි දිනි. මේ තමන් විසින් තමන්ගේ ගැලවුම සළසා ගැනීමෙක් නොවේ.

      මෙවැනි භයංකාර තත්වයක් අන්‍ය සත්ත්වයන්ට ඇති කිරීම මහාසත්ත්වයෙකුගේ ලක්‍ෂණයක් නොවේ. මහාසත්ත්වයෙක් පහල වන්නේ අන්‍ය සත්ත්වයින්ට අභය ගෙන දෙමිනි. එයයි අපේ සංසන්දනය. සන්තුෂිත දිව්‍ය රාජයා කුල විලොකනය නොකළත් සමහර විට එතැනම ඉපදීමට ඉඩ තිබිණි; ඒ ඒ සත්ත්වයින් පාරමිතා පුරා ආ ලෙස උත්පත්ති ලැබීම ධම්ම නියාමය හා කර්ම නියාමයයි. එහෙත් අප දන්නේ කුල විලොකනය කළ බව බැවින් එසේ නොබැලිණි නම් කෙසේ වීමට ඉඩ තිබිණි දැයි කීමට හැකියාවක් නැත.

      Delete
    2. සිතුවිළිJuly 27, 2013 at 8:42 AM

      එසේ නොවිනිනම් කුමක් වීමට තිබුනිදැයි යන්න අභව්‍ය චින්තනයක් කොට සිතමි

      Delete
    3. "මහාසත්ත්වයෙක් පහල වන්නේ අන්‍ය සත්ත්වයින්ට අභය ගෙන දෙමිනි. එයයි අපේ සංසන්දනය." ----- හරි. එසේ වුව, බෝසත් උපත අන්‍යාගමික ශාස්තෘන්ගේ උපත් හා සසදන්නේ නම් ලොකු ගැටළුවක් නැත; එහෙත් පඬුඅබා තමන්ගේ හෝ අනුන්ගේ හෝ ගැලවීමක් දෙසු ආගමික ශාස්තෘන් කෙනෙකු නොවේ. ඒ නොකළ මනා සංසන්දනයක් යනු අප අදහසයි. ගැලවුම්කරුවන් හා ගලවාගැනීම ගැන නිතර ඇසෙන මුත් ඔබද භාවිත කළ නිසාම අපද "ගැලවුම" යැයි ලීවේ "හදිසි අනතුරකින් වැනි දේකින් විය හැකි මරණයෙන් බේරීම" යන අරුතෙනි. පඬුඅබා සොබාවික මරණයක් ලබද්දී ජේසු කුරුසයේ මැරේ. (මේ විකල්ප අදහස් නොව බයිබලයේ විස්තරයට අනුවය.)

      Delete
    4. ගැලවුම යන වචනය අපද භාවිතා කළේ ඔබ යොදා ගත් අරුතින්ම වේ.

      ජේසු බිලිඳා සහ පඬුඅබා කුමරු යන දෙදෙනාම තමන් බිහි වීමටත් පෙර සිටම අන්‍යයන්ට ගෙන දුන්නේ ව්‍යසන වේ (ජේසු බිළිඳුගේ උපත සමරමින් අවුරුදු පතා බෙලි කැපෙන තිරිසන් සත්ත්වයන් ගැන නොවේ අප සඳහන් කරන්නේ). තමන් ගැනම සළකමු. අපගේ උපත හේතුවෙන් කිසි සත්ත්ව කෙනෙකුට එවන් විපතක් වී නැත. මෙහි අරුත අප මහසතෙක් වී ජේසු කුදුසතෙක් වන බවද? නැත.

      ඉහත කී දෙදෙනාම පිළිවෙලින් යුදෙව් ජාතියේ හා සිංහල ජාතියේ ඓතිහාසික ගමන් මග නැවත නොහැරවිය හැකි ලෙස වෙනස් කිරීමට පසුකාලීනව දායක වූහ. අප විසින් කළ එවැනි වික්‍රමයක් නැත. සිද්ධාර්ථ කුමරු ද අභිනිෂ්ක්‍රමණය කිරීම මගින් එවැනිම සමාජ වෙනසක් කිරීම පිණිස අඩිතාලම දැමූහ. අශෝකයන්ගේ මුත්තා වන චන්ද්‍රගුප්ත සහ ඔහුගේ අර්ථ ශාස්ත්‍රඥ චානක්‍ය ගැන ඔබ දන්නේ නම්, චන්ද්‍රගුප්තයන් ද කුඩා කාලයේ මෙවැනිම ව්‍යසන ස්වකිය සමීපතමයන්ට ගෙන දුන් බව දැන ගනු ඇත. ඔබ ආගම් ශාස්තෘන් ගැන උනන්දු නම් දිළිඳු ගෝත්‍රික එඩේරෙක් වන මුහම්මද් ගැන කිව හැක්කේ කුමක්ද? ඔහුත් තැනකට පැමිණීමට පෙර ස්වකීයයන්ට ගෙන ආවේ ව්‍යසන ම බව ඔහුගේ ආගමේ පොත පතේ දැක්වේ (තැනකට පැමිණි පසුත් ව්‍යසනම ගෙන ඒම වෙනම මාතෘකාවකි). ජෙංගිස් ඛාන් තවත් උදාහරණයකි.

      එහෙත් සිදුහත් කුමරු හා දුටු ගැමුණු කුමරු ගැන කිව හැක්කේ කවරක්ද? ඔවුන් ස්වකීය සමීපතමයන්ට ගෙන ආවේ ව්‍යසන නොවේ. සිදුහත් උපතට දින හතකට පසු මායා දේවිය කළුරිය කළ බව කෙනෙකුට ප්‍රතිතර්කයක් ලෙස ඉදිරිපත් කළ හැකි වුවත් ඊට පිළිතුර පස් වන මාතු විලොකනය කිරීම මගින් සන්තුෂිත දිව්‍ය රාජයා විසින්ම දී ඇති බැවින් අප පිළිතුරු දිය යුතු නැත.

      දුටුගැමුණු කුමරු ව්‍යසනය ගෙන ආවේ සතුරාටය; හෙවත් එළාල රජුගේ සෙනෙවියාටය. විහාරමහා දේවියගේ දොල සංසිඳවීම පිණිස ඔහුට දිවි දීමට සිදු විය. එය වැලැක්වීම හෝ එකට එක කිරීම හෝ වෙනුවෙන් එළාල රජුට කළ හැකි දෙයක් තිබුණේ නැත. මේ කිසිදෙයක් ඒ කුමරුගේ සිතැඟි පරිදි හෝ අණ පරිදි හෝ සිදු වූ දේ නොවෙයි. මහසතෙක් යැයි කියන්නේ එවැනි ආනුභාවයක් ඇති සත්ත්වයෙකුටයි. දුටුගැමුණු රජතුමා දැන් තුසිතයේ වැඩ වසන බවත්, අනාගතයේ පහල වන මෛත්‍රිය බුදුන්ගේ දකුණත් සව් වන බවත් සළකන කල ඒ ආනුභාවය පුදුම විය යුතු දෙයක් නොවේ.

      පඬුඅබා සිරියහනේ වැතිර සිට අවසන් හුස්ම හෙලීමත්, ජේසු තුමන් කුරුස ගසේ එල්ලී 'ඔබේ කැමැත්ත වේවා' කියමින් මරණයට පත් වීමත් මේ සංසන්දනයට කිසි සේත්ම අදාළ නොවන්නේ, ඒවා ඒ ඒ පුද්ගලයා විසින් තම ජීවිත කාලයේ කළ දේ වල ප්‍රතිපල බැවිනි. අප කතා කරන්නේ වැඩිහිටියන් ගැන නොවේ. කුස සිටින හා බිළිඳු වයසේ සිටින බාල දරුවන් ගැනයි. පඬුඅබාත්, ජේසු බිළිදාත් (අප සඳහන් කළ අනෙක් කුදුසතුනුත්) අප වැනිම සාමාන්‍ය සත්ත්වයන් බැවිනි එකල පැමිණි ව්‍යසන වළක්වා ගත හැකි නොවූයේ.

      සන්තුෂිත දිව්‍ය පුත්‍රයා අතපසු වීමකින් කොසොල් රජුගේ සැවැත්නුවර දොරකඩ පිහිටි සැඩොල් ගමක සැඩොලියක කුස පිළිසිඳ ගත්තේ යැයි මොහොතකට සිතන්න. මහසතෙක් වන මේ සැඩොලා දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහිතව සැඩොල් ගමේ වැඩෙන විට, මේ ලක්‍ෂණ ඇති කෙනෙක් සක්විති රජ වේ යැයි බමුණන් අනාවැකි කියන විට කොසොල් රජු නිකං සිටියිද? පශ්චිම භවිකයෙක් වන සැඩොල් බෝසතුන් කෙසේ හෝ ගැලවුනැයි සිතමු. ඔහු කවදා හෝ බුදු වූ සඳ සසරින් එතෙර කිරීම පිණිස හතර වරිගයක් නම් කොසොල් රජු විසින් ඉතිරි කර තබන්නේ නැත.

      මේ සන්ධර්භය තුලයි මහසතා ගැන මා සඳහන් කළ කරුණු වලංගු වන්නේ. කුල විලොකනය කරන්නේ මෙවැනි අසරණ බවක් ඇති නොවීම පිණිස තමන්ගේ භාග්‍යවත් බවට ගැළපෙන ඒ ගුණය දරා සිටිය හැකි කුලය (එනම් පවුල) තෝරා ගැනීම පිණිසයි. මෙය කළ හැක්කේ එවැනි මහසතෙකුටම පමණි.

      මෙය කතාව (ප්‍රවාදය) අපගේ ප්‍රබන්ධයක්‌ නොවන බවත්, කලින් සිට පැවති පිළිගැනීමක් බවත් කීම පිණිස කුස ජාතකය උදාහරණ කොට දෙමි. ඒ එකම උදාහරණය නොවේ, කලින් දැක්වූ දුටුගැමුණු උපත තවත් උදාහරණයකි.

      Delete
    5. @ කණිෂ්ක: "ගැලවුම යන වචනය අපද භාවිතා කළේ ඔබ යොදා ගත් අරුතින්ම වේ."---- ඒ බව නම් සැක සහිතය. අපගේ ඉහත කොමෙන්ටුව යම් අයුරක වැරදි වැටහීමක් ඇති කිරීමට සමත් බව පෙනේ. ජේසු මෙන්ම පඬු අබා උපත නිසා බොහෝ දෙනෙක් විපතට පත් වූ බව සැබෑය. අපට කීමට අවැසි වුයේ උපත නොව විපත සම්බන්ධයෙන් ජේසු හා පඬුඅබා එකම බෝට්ටුවට දැමිය නොහැකි බවයි. ["මහබෝසතුන් යනු පඬු අබා හෝ ජේසු හෝ වැනි තමන්ගේ ගැලවුමවත් සළසා ගත නොහෙන අසරණ සත්ත්වයෙක් නොවේ." පඬුඅබා කුමරු නම් තමන්ගේ ගැලවුම සලසා ගත්තේ නොවේද? ~~~~~~ "ගැලවුම" යැයි ලීවේ "හදිසි අනතුරකින් වැනි දේකින් විය හැකි මරණයෙන් බේරීම" යන අරුතෙනි. පඬුඅබා සොබාවික මරණයක් ලබද්දී ජේසු කුරුසයේ මැරේ.]

      ඔබ ඉහත කොමෙන්ටුවේ දක්වා ඇති දිගු විස්තරය හා අප මුළුමනින්ම එකඟය. එම කරුණු මැනවින් ඉගෙන ගත යුත්තෝ නූතන සර්වාගමික ප්‍රජාව ය.

      Delete
  12. සිතුවිළිJuly 28, 2013 at 8:15 AM

    මිතුර කණිෂ්ක,
    ඔබ විසින් සිත් අරඹයා මෙහි පලකරන පිළිතුරු කියැවීමෙන් මහත් දැනුමක් සහිත ආශ්වාදයක් ලබමි. තමන් සතු දැනුම ගවේශනය කිරීමෙහි රුචියෙන් බොහෝ දෙනාට දැනුම බෙදා දීම මහඟු පුණ්‍ය කර්මයකි.
    මෙහි යම් තැනෙක ඔබ විසින් කියා තිබුනා පඬු අභා කුමරු 3/4ක් ශාක්‍යයෙකු බවත් ඔහුගේ මුනුපුරු වූ දෙවනපෑ තිස් රජුට තම පරපුරෙ මුතුන් මිත්තෙකු වූ ගෞතම බුදුන්ගේ දහම පිළිගැනීම ගෞරවයක් වන්නට ඇති බවත්. එම මත වාදය ගැන ගැටැළුවක් නැත. එසේම පඬු අභා කුමරුගේ මව් වූ චිත්‍රාව ඍජුවම ශාක්‍ය වංශික කුමරියකගේ දියනියක බැවින් ඇය අඩක් ශාක්‍ය වංශිකයෙකු වීම පිළිගත හැක. එහෙත් පඬු අභා කුමරුගේ පියා වන ගාමිණී කුමරු අප අසා ඇති පරිදි ස්වදේශික යක්ශ වංශික කුමරෙකි. ඔහුගේ පිය පරපුර ගැන හා ඔහු ශාක්‍ය වංශයට සම්බන්ද වන්නේ කෙසේදැයි පැහැදිලි කල හැකිද?

    ReplyDelete
    Replies
    1. අප විසින් එසේ සඳහන් කළ තැන පෙන්වා දිය හැකිනම් තුති පුදමි. අප මෙසේ සඳහන් කළ බවට මතකයේ නැත.
      ~~~~~~~~~~~~~~~

      කෙසේ වුවත් සිතුවිළි, පණ්ඩුකාභය කුමරු ප්‍රවේනික වශයෙන් තුන් කාලක් (3/4) ශාක්‍ය බවත්, ඉතිරි කාල (1/4) සිංහ වංශික බවත් අපේ අදහස වේ. ඒ ගැන ගැටළුවක් නැත.

      මෙහි සිංහ වංශය යනු ලාට රටේ රජ වූ සිංහ පුත්‍ර සිංහබාහු හා සිංහසීවලී යන දෙදෙනාගෙන් ඇරඹෙන රාජ වංශයයි. විජයයා ඔවුන්ගේ පුත්‍රයාය. විජයයා ලක්දිව රජවන අතර ඔහුගෙන් පසු රජ වන්නේ ඔහුගේ සොහොයුරාගේ පුත් පඬුවස්දෙව්ය. මේ අය 100% සිංහ ලෙස ගනිමු.

      පඬුවස්දෙව් තම බිසව කර ගන්නේ විඩුඩභගේ සංහාරයෙන් දිවි ගලවා ගත් ශාක්‍ය වංශික පරපුරෙන් පැවතෙන භද්දකච්චායනා කුමරියයි. ඈ පැමිණියේ ඇගේ සොහොයුරන් පිරිසක් සමගයි. ඒ අය 100% ශාක්‍ය ලෙස සැළකුවමනාය.

      පඬුවස්දෙව් රජු හා භද්දකච්චායනා කුමරියගෙන් බිහි වන දරුවන් (අභය කුමරු ඇතුළු දස බෑයන් සහ උන්මාද චිත්‍රාව) 50-50% සිංහ හා ශාක්‍ය වන අතර, භද්දකච්චායනා කුමරියගේ සොහොයුරාගේ දරුවා වන දීඝ ගාමිණී 100% ශාක්‍යයෙකි. දීඝ ගාමිණී යකෙක් බවට කිසිම ඓතිහාසික සඳහනක් හමු නොවේ. මේ ගණනය කිරීම යටතේ පණ්ඩුකාභය කුමරු ප්‍රවේණික වශයෙන් 25% සිංහ සහ 75% ශාක්‍ය වේ. එහෙත් ඔහු හැදෙන්නේ වැඩෙන්නේ යක්‍ෂයින්ගේ ආරක්ෂාව යටතේ යක්‍ෂ පැටවුන් සමග වන බැවින් ඔහු චින්තනයෙන් සහ සංස්කෘතියෙන් යක්ෂයෙකි. පණ්ඩුල බ්‍රාහ්මණයා යටතේ ශිල්ප හැදෑරූ බැවින් ඒ යක්‍ෂ චින්තනය යම් තරමකට සංකර වී තිබෙන්නට ද ඇත.

      මේ අනන්‍ය චින්තන සම්මිශ්‍රණයයි පණ්ඩුකාභයා විශිෂ්ඨ මනුෂ්‍යයෙකු කරන්නේ. ඒ චින්තන සම්මිශ්‍රණය ප්‍රයෝගික භාවිතය මතිනි අනුරාධපුර රාජධානිය ඔහු විසින් ගොඩ නැගෙන්නේ. ඒ සංවිධිත සංස්කෘතික හා චින්තන සම්මිශ්‍රණය තුලිනි සිංහල ජාතිය බිහි වන්නේ. එහෙත් සම්මිශ්‍රණයක් වන පණ්ඩුකාභයා අභිනව සිංහල ජාතිය අන්‍ය ජාතීන්ගෙන් / ජන වර්ග වලින් වෙන් නොකරන බැවිනි සිංහබාහු වෙතටම මූලාරම්භය ගෙන යා යුතු වන්නේ. සිංහබාහුගේ පියා සිංහයා වන විට වෙන කිසිම මනුෂ්‍ය වර්ගයක් අපේ නෑයින් නොවේ. එවිටයි සිංහල ජාතිය (ජාතිය!) අන්‍ය ජාතීන්ගෙන් අන්‍ය වන්නේ. එනම් අනන්‍යතාවයක් ලැබෙන්නේ. පණ්ඩුකාභයට එසේ අන්‍ය ජාතීන්ගෙන් අන්‍ය වූ අනන්‍යතාවයක් නැත.
      ~~~~~~~~~~~~~~~

      ඔබ අසා ඇති පණ්ඩුකාභයගේ ඊනියා යක් පියා දීඝ ගාමිණී නොවේ. ඒ චිත්‍රරාජයාය. මේ ඓතිහාසික මතයක් නොවේ. ඉංගිරිසි පාලනය හේතුවෙන් ඇති වුනු සමහර විද්වතුන් සිංහලයා සිංහයෙකුගෙන් පැවතෙන්නේ යැයි කීම ලැජ්ජාවට කාරණයක් යැයි සිතා පණ්ඩුකාභය අවජාතකයෙක් කිරීමෙන් තම හෙළුව වසා ගැනීමට ගැනුණු තැතක ප්‍රතිඵලයෙකි මේ. අප දන්නා පරිදි මේ චිත්‍රරාජ ප්‍රවාදයේ පුරෝගාමියා කුමරතුඟු මුනිදසුන් වේ. දීඝගාමිණී යකෙක් කිරීම අප කිසි තැනක දැක නැත. එසේ වන්නේ ජැක්සොන් මාමාගේ පුතා පොර කිරීම පිණිස තැනූ බයිස්කෝප් එකේ නම් කිව යුතු වන්නේ බයිස්කෝප් සීරියස් ගත යුතු නැති බවයි.

      Delete
    2. @ සිතුවිළි: මේ පැහැදිලිවම අපේ 'පැනල දීමකි'. "ඔහුගේ පිය පරපුර ගැන හා ඔහු ශාක්‍ය වංශයට සම්බන්ද වන්නේ කෙසේදැයි පැහැදිලි කල හැකිද?" මෙහි "ඔහු" යනු පඬුඅබා හෝ දීඝගාමිණි හෝ යැයි ගනිමු.

      සුදොවුන් රජුගේ සොයුරු අමිතෝධන රජු ය. අමිතෝධන රජුගේ පුත් පණ්ඩුශාක්‍ය ය. පණ්ඩුශාක්‍ය රජුගේ දුව භද්දකච්චානාය කුමරි ය. භද්දකච්චානා හා පඬුවස්දෙව් රජුගේ දියණිය චිත්‍රා කුමරි ය. දීඝායු කුමරු භද්දකච්චානාගේ සොයුරු ය. දීඝායු ගේ පුත් දීඝගාමිණි කුමරු ය. දීඝගාමිණී හා චිත්‍රාගේ පුත් පණ්ඩුකාභය කුමරු ය. [මේ මහාවංශයේ එන විස්තරය මෙන්ම කණිෂ්ක දක්වා ඇති විස්තරයේ ප්‍රතිශත රහිත සාරාංශයයි.]

      සටහන 1: මෙම විස්තරයට අනුව මේ සියළු දෙනා 'ශාක්‍ය' හෝ 'සිංහ' වංශයේ වේ. එමෙන්ම, (භද්දකච්චානා හා විවාහයෙන් පසු) බුදුරදුන්ගේ නෑයන් ද වේ.
      සටහන 2: මහාවංශයට අනුව නම් 'ස්වදේශික යක්ශ වංශික' යනුවෙන් දෙයක් තිබිය නොහැක. විජයාගමනයට පෙර ලක්දිව ජනශුන්‍ය දූපතක් බැවින් මෙම සිදුවීම් වන කල සිටි සියළු මිනිසුන් 'ආර්ය' ම වේ. [මේ මතය අපි පිළිනොගනිමු.]

      Delete
    3. @ කණිෂ්ක:

      [1] "භද්දකච්චායනා කුමරියගේ සොහොයුරාගේ දරුවා වන දීඝ ගාමිණී 100% ශාක්‍යයෙකි."------ දීඝගාමිණී ගේ මව කවුද?

      [2] "සිංහබාහුගේ පියා සිංහයා වන විට වෙන කිසිම මනුෂ්‍ය වර්ගයක් අපේ නෑයින් නොවේ." ------- මව්පස නෑයින් නෑයින් නොවේද?

      [3] "එහෙත් ඔහු හැදෙන්නේ වැඩෙන්නේ යක්‍ෂයින්ගේ ආරක්ෂාව යටතේ යක්‍ෂ පැටවුන් සමග වන බැවින් ඔහු චින්තනයෙන් සහ සංස්කෘතියෙන් යක්ෂයෙකි."------ ඔබට අනුව මෙහි යක්ෂ යනු අමනුස්ස පිරිසක් ද? මිනිස් පිරිසක්ද? [මිනිස් පිරිසක් නම්; අපගේ වැටහීමට අනුව මේ කරුණ මහාවංශයේ එන විස්තරයට පටහැනි වේ.]

      Delete
    4. සිතුවිළිJuly 28, 2013 at 4:19 PM

      කණිෂ්ක හා සිත් මිතුරනි,
      මා ඉතිහාසය හෝ මහාවංශය ගැන එතරම් උනදුවක් කිසිදිනක දැක්වූවෙකු නොවෙමි. එම නිසා ඉහත පැනය වැනි වූ ප්‍රාථමික දැනුම පවා නොමැතිව ඔබ වෙතින් පැන අසා කාලය කා දැමීම ගැන කනගාටු වෙමි.
      කෙසේ වෙතත් ඉහත මා කියූ පඬු අබා කුමරු 3/4 ශක්‍යයෙකු හා දෙවනපෑ තිස් රජු සිය මුතුන් මිත්තකුගේ දහමක් වූ බුදු දහම ආඩම්බරයෙන් වැලඳගන්නට ඇත ආදී වශයෙන් වූ අදහස මා මේ දින කිහිපයකට පෙර කියවූවකි. එහෙත් මූලාස්‍රය මතක නැත. මා සිතා උන්නේ මා එය කියවූයේ ඔබගේ රචනාවක් කියාය. ඒ ගනද මා කනගාටුව ප්‍රකාශ කර සිටිමි. කෙසේ වෙතත් එම මතය ඔබගේ මතය හා සමපාත වීම ගැන මා සතුටු වෙමි.
      ඔබ දෙදෙනාටම ස්තුතියි.
      මේතුලිනුත් සිත් තවත් පැන කිහිපයක් නගා ඇත. ඒ කියැවීමට රුචි වෙමි.

      Delete
    5. @ සිතුවිළි: ඔබ නැගූ පැනය හා මතුකළ අදහස ප්‍රාථමික දේ නොවේ-මූලික වැදගත්කමින් යුතු දේය. මා ද හෙළ ඉතිහාසය ගැන එතරම් දැනුමැත්තෙක් නොවේ-ඉදිරියේදී පැහැදිලි කල මනා හේතු නිසා ළඟකදී සිට ඒ ඉගෙන ගන්නෙකි. මා කණිෂ්ක ට යොමු කරන්නේ මට නොතේරෙන තැන් හා හටගන්නා ගැටළුය.

      Delete
    6. හික් හික් හික්...

      සිතුවිළි, මේ මගේ වැඩක්. K කාලෙකට ඉස්සර මට එවූ email එකක් මම LcN එකේ දැම්මා. "පණ්ඩුකාභය යනු 75% ශාකයකි. චිත්‍රාව 50% හා දිග ගාමණියා 100% බැගින් ශාක්‍යයෝය." කියලයි ඒකෙ තියෙන්නේ. [දැන් නෑ කියන්න එපා. කතාව ප්‍රසිද්ධ වෙලා ඉවරයි] මෙතැනින් කියවන්න.

      > http://lankacnews.com/sinhala/main-news/77549/#comment-367840

      Delete
    7. SiTh,

      ඔබේ ඉහත ප්‍රශ්න වලට පිළිතුරු මෙහි දක්වමු.

      [1] දීඝගාමිණී ගේ මව කවුද?
      * ඈ කවුදැයි ඔබට යම් අදහසක් වේද? අපටනම් අදහසක් නැත. එහෙත්, ශාක්‍යයන් සිය වංශයෙන් පිටට හිර නොදුන් බව ඉතා ප්‍රසිද්ධ බැවින්ද, භද්දකච්චායනා කුමරිය පඬුවස්දෙව් රජුට සරණ කර දුන් බව සඳහන් වන බැවින්ද, දීඝගාමිණී ගේ මව ශාක්‍ය කුමරියකම බැව් අපේ නිගමනය වේ.

      [2] මව්පස නෑයින් නෑයින් නොවේද?
      * ඔව්! එහෙත් අප කතා කරන්නේ ජාතියක මුල ගැනයි. මේ 'නෑයින්' යන වදන නොගැළපෙන තන්හි යොදා ගැනීම අපේ වරදකි. මව්පස ඈයින් නෑයින් වේ. එහෙත්,
      පියා සිංහයෙකු වන සිංහබාහු මවගේ වංශයට හෝ ගෝත්‍රයට අයිති බව සළකන ක්‍රමයක් නැත. සිංහයෙකු වන පියාට වංශයක් හෝ ගෝත්‍රයක් හෝ නැත. ඒ නිසා සිංහබාහු අලුත්ම වංශයකට අයත් වේ. මේ කරුණයි අපට කීමට ඇවැසි වූයේ. නෑකම් ගාගෙන අරුතින් පිට පැනීම අපේ ඉක්මන් වීම නිසා සිදු වූවකි.

      [3] ඔබට අනුව මෙහි යක්ෂ යනු අමනුස්ස පිරිසක් ද? මිනිස් පිරිසක්ද?
      * මහාවංශයේ එන යක්‍ෂයින් සැම විටම අමනුෂ්‍යයින් වේ. එහෙත්, මෙහි කියැවෙන යක්‍ෂයින් බව මනුෂ්‍ය බව අපේ අදහසයි.
      ~~~~~~~~~~~~~~~

      ජොසෙෆ්, ඉදිරිපත් කර ඇති උපුටනය අප විසින් ලියූවක් විය හැක. ඒ බව ඔහු කියා ඇති බැවින් විරුද්ධ වීමට කරුණක් නැත. එහෙත් ඔහු එතැන ගොඩ නංවා ඇති සංවාදය කදිමයි. විශේෂයෙන් 'මළවුන් පුදන/අදහන තිස්සයාට සිය පරම්පරාවේ මහානුභාව සම්පන්න ආදී මුත්තාගේ භෂ්මාවශේෂ හා ලැබී ථුපාරාමය ගොඩ නංවන විට ඔහුගේ සිතේ ඇති වූ ප්‍රීතියෙන් අංශු මාත්‍රයක් හෝ ඔබට සිතේ මවා ගැනීමට හැකිනම් පමණක් මහාවංශය ගැන මා කියන දේ වැටහෙනු ඇත.' ඔබේ අවසන් වැකිය...... එහි ආශ්වාදය විස්තර කර දීමට අපට වචන නැත.
      ~~~~~~~~~~~~~~~

      එහි ජොසෙෆ්ට ප්‍රතිචාර දක්වා ඇති Sith හා මේ කතා කරන SiTh, එකම කෙනෙකු යැයි උපකල්පනය කර "ආදී නම් හිරු කුමරුත් සමනල කන්දත් හා සබැඳේ. මෙය කතාවක් බව හෙළයන් දැන සිටියත් ඔවුන් ඇත්තක් වගේ අරාබියේ සිට මෙහි වෙළදාමේ ආවුන්ට කියන්නට ඇත. මෙය මිනිසාගේ ඇරඹුම ලෙස මැද පෙරදිග විඤ්ඤූන් පිළිගන්නට ඇත." යන මේ කතාව අප වෙනුවෙන් කියා දෙන ලෙස ඔබට ආරාධනා කරමි.

      එය 'ඔබේ කතාව' පිටුව තුලින් හෝ 'katha32' විද්‍යුත් ලිපිනය තුලින් හෝ අපට ලැබෙන්නට සැලැස්වූවොත් වෙනම ලිපියක් ලෙස පල කළ හැක. එවැනි කතාවක් ඇති බව හෝ අප දැන සිටියේ නැත. එබැවින් එහි වැදගත් කම තවත් වැඩිය.

      Delete
    8. @ කණිෂ්ක:

      (o) "පියා සිංහයෙකු වන සිංහබාහු මවගේ වංශයට හෝ ගෝත්‍රයට අයිති බව සළකන ක්‍රමයක් නැත."---------මේ සත්‍ය වන්නේ පුරුෂ මූලික සමාජ ක්‍රමයක පමණක් විය හැක. යම් හෙයකින් සත්‍රී මූලික සමාජ ක්‍රමයක් තිබුනේ නම් සිංහයෙකු වෙනුවට සිංහධේනුවක් සිය කතාවට සොයා ගැනීමට මහානාම හිමියනට සිදු වනු ඇත. ගෑනු-ගෑනු, පිරිමි-පිරිමි, ගෑනු-පිරිමි සියළු ආකාර වල විවාහ නීතිගත, කාටත් සමතැන ඇති සමාජ ක්‍රමයක කවර සතෙක් සොයා ගැනීමට සිදු වේද යනු මම නොදනිමි.

      (oo) "සිංහයෙකු වන පියාට වංශයක් හෝ ගෝත්‍රයක් හෝ නැත. ඒ නිසා සිංහබාහු අලුත්ම වංශයකට අයත් වේ."--------ඔබට කීමට ඇවසි වූ දේ අපට පැහැදිලිය. ඒ ගැන යම් අදහසක් පසුව දක්වමු.

      (ooo) ශාක්‍යයන් පිටට හිර නොදීම මත දීඝායු පිටින් හිරයක් ගැනීම හෝ නොගැනීම තීරණය කිරීම කෙතෙක් දුරට නිවැරදි වේද යනු මම නොදනිමි. දීඝායු ගේ බිරිය ගැන අපිදු නොදන්නා අතර ඒ ගැන විමසුයේ දීඝගාමිණි අරබයා ඔබ දුන් 100%යේ සහතිකය නිසාය.

      (oooo) lankacnews හි Sith නමින් ද මේ අඩවියේ SiTh නමින් ද මේ දක්වා කොමෙන්ටු දැමුයේ මා වන අතර වෙනත් නම් වලින් මා මෙම අඩවි දෙකේ කොමෙන්ටු දමා ද නැත. cnews නම් කසිකබල් අඩවියේ නම්හොරුන් බහුල වුව මා දන්නා තරමින් අන් අයෙක් Sith නමින් කොමෙන්ටු දමා නැත. (නම් හොරුන්ගෙන් බේරීම පිණිස Joseph නම් පින්තුරයක් දාගෙන ඇති හැටි ඔබ දක්නට ඇත.) දැනට කාරිය බහුල බැවින් ඔබ ඇසූ කතාවේ අප දන්නා දේ පසුව දක්වමු.

      Delete
    9. (o) එසේ විය හැක, එසේම නොවියද හැක. එවැනි ගැටළුවක් පැන නොනැගීමේ ඉඩක් ද ඇති බැවිණි. සමහර ඇමරිකානු ගෝත්‍ර මවගේ ගෝත්‍රයට දරුවන් අයත් යැයි සැළකූ බවක් ද අසා/කියවා ඇත. දෙමළුන්ට සිංහලයින්ට මෙන් කුල-ගොත් තිබේද?

      (oo) ...

      (ooo) එසේ නිගමනය කිරීම 100% නිවැරදි යැයි 100% නිවැරදිව කිව නොහැක. මේ ඉදිරිපත් කරන ලද්දේ හුදෙක් අප සිතේ පහල වූ කතාවක් (ප්‍රවාදයක්?) පමණකි. එහෙත් ඒ කතා නිකංම නිකං කතාම නොවන බවත් කිසියම් ඓතිහාසික කරුණු පදනම් කරගෙන ගොඩනැගුනු මත බවත් ඔබට පෙනෙන්නට ඇතැයි සිතමි.

      (oooo) ...

      Delete
    10. @ කණිෂ්ක​: "එසේ නිගමනය කිරීම 100% නිවැරදි යැයි 100% නිවැරදිව කිව නොහැක. "

      අපේ රජතුමාගේ මාධ්‍ය ප්‍රකාශක වැන්නන් මේ අඩවිය නොකියවන්නේ රට වැසියාගේ පෙර පිනටම විය යුතුය​. (දේශපාලකයන් අන්තර්ජාලයේ සැරි සරන බවට ඉඩ ඉතා කුඩා බවට ලොකු විශ්වාසයක් අපට තිබේ.) වතුර ඉල්ලුවාම වෙඩි තිබ්බා යැයි නිගමනය කිරීම 100% නිවැරදි යැයි 100% නිවැරදිව කිව නොහැක ලෙස ඇමති තුමන් ගෙන් පිළිතුරු ලදොත් හුදී ජනයා වන අප කුමක් සිතා ගත යුතුද​? ෴ ෴

      Delete
  13. @ කණිෂ්ක: (යක්කු ගැන) katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1374945480433#c2243425813689964928

    ඔබේ මෙහි දක්වන කරුණු ගැන සමස්තයක් ලෙස අප එකඟය. මේ කියවන කවුරුන් හෝ වේනම් "පිස්සු යක්කු දෙන්නෙක්" යැයි අප ගැන සිතීමට ඉඩ බහුල මුත් යම් සුළු පැහැදිලි කිරීමක් කරමු.

    [4] "මනුෂ්‍ය යක්කු වෙසමුණි රජුගේ අණ පිළිපැදිය යුතු නැත. "------ ඔබ හරිය. එහෙත්, අප කලින් [4]හි අදහස් කෙළේ මිනිස් යකුන් ගැන නොවේ. ඊට අදාලව ඊට සම්බන්ධ පෙර කොමෙන්ටුවේ ඔබද අදහස් කෙළේ අමනුස්ස යකුන් බව අපගේ අදහස විය. මෙලෙස යකුන් මනුස්ස හා අමනුස්ස ලෝක වලට අපට රිසි රිසි සේ අනුයුක්ත කිරීම මෙම යක් සංවාදයේ ගැටළු ඇති කරයි.

    [7] "ඒත් තමන්ගේ ගෝලයෙක් හොරකම් කරගෙන උගෙන් වැඩ ගන්නා විට නිකං බලං ඉන්න රජෙක් මක්කටැයි කියා අනෙක් යකුන්ට සිතීමට ඉඩ ඇත."----- ඇතැම් විට මේ එම පාලනයේ බලය විමධ්‍යගත කිරීමේ ප්‍රතිඵල විය හෝ අධිකරණ මැදිහත්වීම (හෙවත් දඬුවම්) නිසා වූ/වන දේ විය හැක. (අනුමානයෙකි)

    ReplyDelete
    Replies
    1. හඃ හා... ඔව්. ඔබ කියන කරුණු වල ගත යුත්තක් ඇත. විශේෂයෙන් බැඳගෙන වැඩ ගන්නා යකුන්... මුන්, සමහර විටෙක,

      වෙසමුණි රජුගේ අණටත් පිටුපාන 'කදිරා' (මුවන්පැලැස්ස) වර්ගයේ යකුන් විය හැක. වෙසමුණි රජු බුදුබණ අසා සෝවාන් වී සිටින බැවින් තද පාලනයක් නොකරනු ඇතැයි උපකල්පනය කළ විට මේ කරුණත් සිදු විය හැකි සේ පෙනේ.

      Delete
  14. @ කණිෂ්ක: (දුටුගැමුණුට එරෙහිව ස්වර්ණමාලි නඩුව) katha32.blogspot.com/2013/06/poson-poya.html?showComment=1374943768138#c3599977530879579857

    මෙම පිළිතුරේ ඔබ සක්දෙව් හා මාරදෙව්පුත් ගැන කියා ඇති දේ හරිය. එසේ වුව, දෙදෙව් ලොවට අධිපති සක්දෙව් සදෙව් ලොවට අධිපති ලෙස දැක්වෙන තැන් බහුලය.

    "දෙව් ලොව සාධාරණය අසාධාරණය කෙසේ වුවත්, මෙතැන ඈට අසාධාරණයක් වී ඇති බවක් අපටනම් නොපෙනේ." ---------

    සාධාරණ හෝ අසාධාරණ යන්න සාපේක්ෂ යෙදුමක් මිස නිරපේක්ෂ දෙයක් නොවන බව අපේ අදහසයි. මෙහිදී ඔබ කරුණු දක්වන්නේ "දුටුගැමුණුට එරෙහිව ස්වර්ණමාලි නඩුවේ" දුටුගැමුණුගේ නීතීඥ තැන මෙනි. එම කරුණු දැක්වීමට අනුව දුටුගැමුණු ඇයට අසාධාරණයක් කර නැති බව සැබෑය. එහෙත් දෙවඟනගේ නීතිඥ තැන දෙවඟනගේ පැත්තෙන් දක්වන කරුණුද සැලකිය යුතුය; --මේ ගස වනාහි දෙවඟන උපන් තැනයි. දෙව් ලොව නීති අනුව තමන් උපන් තැන අයිතිය තමන්ටය. ඇය උපන් දා සිට ජීවත් වන්නේ එම ස්ථානයේමය. එම භූමිය මිහිඳු මාහිමියන් විසින් දේවානම්පියතිස්ස රජුට පෙන්වූ බවක් හෝ සමන් මල් අට මිටකින් පූජා කරන ලද බවක් හෝ ඒ රජු විසින් අකුරු කොටවා ගල් ටැඹක් සිටුවා සළකුණු කළ බවක් හෝ දෙවඟනට නිල වශයෙන් කිසි විටෙක දැනුම් දීත් නැත. ස්ත්‍රීන් සම්බන්ධ මනුලොව නීති දෙව්ලොවට අදාළ වන්නේත් නැත. මෙලෙස තමන්ගේ වාසස්ථානය රාජ්‍ය බලය යොදවා අත්තනෝමතික ලෙස කඩා ඉවත් කිරීම අතිශය අසාධාරණය.-- මේ අනුව ගස ඉවත් කිරීම දෙවඟනට සාපේක්ෂව අසාධාරණ ක්‍රියාවක් බව පෙනේ. මෙහිදී සක්දෙව් මීට මැදිහත් වී නොමැත. ඒ, ඔබ දැක්වූ හේතු නිසා හෝ දුටුගැමුණු රජුගේ මහා සැය ඉදිකිරීමේ ක්‍රියා පිළිවෙත සක්දෙව් රජු ප්‍රිය කිරීමත්, එවන් උත්කෘෂ්ඨ කාරියකදී දෙවඟනගේ පුද්ගලික දේව අයිතිවාසිකම් නොසලකා හැරීමත් වැනි වෙනත් හේතු නිසා හෝ විය හැක.

    සටහන: විහිළුවක් සේ කාට හෝ පෙනිය හැකි මුත් අප මේ සටහන් කෙළේ මෙහි වැදගත්කමක් ඇති බැවිනි. කරණීයමෙත්ත සූත්‍රය හා නිදාන කතාව දන්නා සැදැහැවතුන් මෙහි ඇති අරුත දනිති. (සෙස්සන්ට මේ, විහිළුවක් පමණ වනු ඇත.) සිය බලය අනුව තමන් රිසි සේ ගස කැපීමට හැකිව සිටි දුටුගැමුණු රජු පවා දෙවඟනට ඇගේ නම සැයට දමන-ඇය වෙනතක යන සමාදානයට එළඹුණේ පෙනෙන නොපෙනෙන සියළු සත්වයෙනට මෙත් සිත් දැක්වීමේ බොදු පිළිවෙත රජු දැනසිටි නිසා යැයි සිතිය හැක. එවන් විටෙක එවන් ධාර්මික ක්‍රියා අසන දකින දෙවියන් හැකි හැකි විදියෙන් අපට පිහිට වෙති. පෙරකල ගැමියෝ ගසක් කැපීමට පෙර සත් දිනක් ගසට වැන්දේ එහි සිටිනා රක් දෙවියෙක් වේ නම් ඔවුනගේ සිත නොරිදා ගස කැපීමටයි. මෙලෙස ගහකොළ සතාසීපාවා සමඟ යාළුකමින් දිවිගෙවන ක්‍රමයක් සිහළ බොදුනුවාට එකල විය. හුදී ජනයා පවා නොසැලකෙන නූතන සංවර්ධන ක්‍රමය යටතේ ගස් කපන වේගයට, කර්මානුරූපව උපත ලබා දැන් එම ගස් උපාදානය කරගෙන ඒවායේ දිවිගෙවන රුක් දෙවියන්ට දිනපතා ගෙවල් සොයනවා මිස වෙන වැඩක් තිබිය නොහැක.

    ReplyDelete
    Replies
    1. ඔබ දෙවඟනගේ නිතීඥ ලෙස ඉතා හොඳින් කටයුතු කරනු පෙනේ. මේ නඩුව අද ඇත්තටම ඇසෙයිනම් දුටුගැමුණු රජු වසර දෙදහසක කාලයකට පසු මුල් වරට පරාජයක් ලබනු ඇත. රෝම-ලන්දේසි නීතිය ඉදිරියේ සිදු වන ඒ පරාජයේ වගකීම ගැනීමට අපට නොහැකි බැවින්, මේ නිතීඥ පදවියෙන් ඉල්ලා අස් වෙමු.
      ~~~~~~~~~~~~~~~

      ගැමුණු රජු හා දෙවඟන අතර වූ සමාදානය, දෙවඟන රජ ගෙයිම වාසය කිරීම මිස ඈ අවතැන් කිරීම නොවන බවයි අපගේ මතකය. එසේම, මේ රුක්දෙවඟන සම්බන්ද කතාව ජනප්‍රවාදයේ මිස ලිඛිත ඉතිහාසයේ ඇත්දැයි යන්නත් සැක සහිතයි. අප මහාවංශය කියවා ඇති මුත් මේ කතාව එහි වූ බවක් නම් මතකයට නොඑයි.

      ඒ කතා කෙසේ වුවත්, ඔබ පසුව තබා ඇති සටහන සම්බන්ධයෙන් නම් පූර්ණ වශයෙන් එකඟ විය හැකියි. දැන් නම් (ශ්‍රී මහා බෝධියේ වසන බව කියන කළු දේවතා බණ්ඩාර හැරුණු විට) රුක්දෙවි වරු වඳ වී ගිය සත්ත්ව කොට්ඨාශයක් විය යුතු බවයි අපටත් සිතෙන්නේ.

      Delete
    2. සිතුවිළිJuly 30, 2013 at 11:32 AM

      ඒ ඉතිහාසයේ සඳහන් රුක් දෙවි වරුන් වඳ වීදැයි ශෝක වන අපහට සැනසුමක් ගෙන දෙන පුවතක් ඇත, එනම් දැන් දැන් නව රුක් දෙව් වංශයක් බිහි වෙමින් පැවතීමයි. ඔවුන් කාපට් මාර්ග දෙපස රුක් ඇසුරෙහි පමනක් වසන අතර සැබැවින්ම රුක්මත වසනවාදැයි නොදන්නා මුත් මාර්ගය අතිශයින්ම පාලු අවස්ථාවල කැමරාවක්ද අතින් ගෙන ගසට මුවා වී මාර්ගයට එබිකම් පානු බොහෝ රියැදුරන් දැක ඇත.දෙවිවරුන් යැයි කීවද බොහෝ රියැදුරන් ඔවුන් දැකීමට මැලිවන අතර ඉන්නා බව දුටුවහොත් අන් රියැදුරන්ටද වහාම දැනුම් දීමට තරම් කාරුනික වේ.

      Delete
    3. අනේ මේ නඩුව (අවනඩුව) දිගටම අහන්න... අපිටත් දැන ගත හැකි දේවල් තිබිය හැකියි, එහෙම නේද සිතුවිළි ?

      Delete
    4. සිතුවිළිAugust 4, 2013 at 9:29 AM

      ජෝසප් උතුමානන්ගේ ඒ අදහසට මා එකඟ වෙමි,
      ඔව් මේ (අව )නඩුව කෙලවරක් දකින තුරු ඇසිය යුතුය, නැතිනම් පැමිනිලි පාර්ශවයට හෝ චුදිත පාර්ශවයට අසාධාරනයක් විය හැක.
      එසේම රෝම ලන්දේසි නීතියෙන් තොරව යුක්ති ධර්ම නීතියට අනුව නඩුවක් තීන්දු වන්නේ කෙසේදැයි හොයා බලන්නටත් හැකි වේවි.
      නඩුව අත් හිටුවීමේ තීන්දුවට දැඩි අප්‍රසාදය පල කරමි.

      Delete
    5. @ කණිෂ්ක: "එසේම, මේ රුක්දෙවඟන සම්බන්ද කතාව ජනප්‍රවාදයේ මිස ලිඛිත ඉතිහාසයේ ඇත්දැයි යන්නත් සැක සහිතයි."-----------ඒ බැව් අපගේද අදහසයි. රුවන්වැලි, රුවන්මැලි, ස්වර්ණමාලි, රත්නමාලි, මහාසෑය, මහාථූපය ආදී නම් රැසකින් මෙම දාගැබ ප්‍රචලිතය. අසා ඇති අනෙක් කතාව රත්නමාලි නම් තෙරණියක් ගැනය. සෑය වඳින ගාථාවේ නම් ස්වර්ණමාලි යන නම සදහන් වේ.

      @ Joseph @සිතුවිළි : නඩුව ගැන සියළු කටයුතු අවසන්ය. මේ ගැන මීට වඩා යමක් කිව යුතු නම් ඒ රුක් දෙවියන් හා ඉහත සටහනේ දෙවන ඡේදය හා සම්බන්ධවයි. ඒ ගැන යමක් පසුව කියමි.

      Delete
  15. SiTh, සිතුවිළිට කළ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් කරුණක් සඳහන් කරමි.
    [ http://katha32.blogspot.com/2013/07/esala-poya.html?showComment=1375028201766#c6416388839770938397 ]

    "මා ද හෙළ ඉතිහාසය ගැන එතරම් දැනුමැත්තෙක් නොවේ-ඉදිරියේදී පැහැදිලි කල මනා හේතු නිසා ළඟකදී සිට ඒ ඉගෙන ගන්නෙකි. මා කණිෂ්ක ට යොමු කරන්නේ මට නොතේරෙන තැන් හා හටගන්නා ගැටළුය."

    ඔබේ අභිප්‍රාය හෙළ ඉතිහාසය අපෙන් ඉගෙන ගැනීමනම් ඔබ පැමිණ ඇත්තේ නිවැරදි තැනට කියා අපට සහතිකයක් දිය නොහැකියි. ඇත්තෙන්ම 'හෙළ' යැයි කියන ඉතිහාසය, එය ඉතිහාසයක් නම්, ගැන අප දන්නා දෙයක් නැත. හෙළ ඉතිහාසය යනු ඉතා රසවත් ප්‍රබන්ධ සාහිත්‍යයකට වඩා වැඩි දෙයක් ලෙස අප විසින් නොසැළකේ.

    අප කැමති දෙය කොතෙක් අපහසු මධ්‍යයේ වුව ඉගෙන ගැනීමත්, තරමක් හෝ දන්නා දෙයට බොහෝ කැමති වීමත් ස්වභාවයකි. ඒ අරුතින්, අපෙන් ඔබට යමක් එකතු කර ගත හැකිනම් ඒ අපේත් සතුට වේ.

    ඔබ විටින් විට නගන සමහර ප්‍රශ්න දුටු කළ අපද නොදන්නා බව තව තවත් තහවුරු වේ. ඒ අප විසින් ඒ දේ ඉගෙන ගැනීමේ ආරම්භයයි.

    ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. @ කණිෂ්ක:

      "ඔබේ අභිප්‍රාය හෙළ ඉතිහාසය අපෙන් ඉගෙන ගැනීමනම් ඔබ පැමිණ ඇත්තේ නිවැරදි තැනට කියා අපට සහතිකයක් දිය නොහැකියි."-----------මා ඉන්නේ හරි තැනද වැරදි තැනද යන්න සාමාන්‍යයෙන් මම දනිමි. I know the place පුතා. මම දන්නව තැන.

      "ඇත්තෙන්ම 'හෙළ' යැයි කියන ඉතිහාසය, එය ඉතිහාසයක් නම්, ගැන අප දන්නා දෙයක් නැත."-----------හෙළ, සීහළ, සිංහල යනු අපට නම් එකමය. වත්මන් ව්‍යවහාරයේ සිංහල යැයි ද (කුමාරතුංග ආදී පඬිවරුන්ට අනුව) පැරණි ව්‍යවහාරයේ හෙළ යැයි ද පාලි බසින් සීහළ යැයි ද ඉංගිරිස් බසින් සින්හලීස් යැයි ද වත්මන් දෙමළ ව්‍යවහාරයේ සින්ගලා යැයි ද පැරණි දෙමළ ව්‍යවහාරයේ ඉල යැයි ද ගැමි ව්‍යවහාරයේ හිංගල යැයි ද කියනුයේ එකම බසකට හා එකම ජනකොටසකට බව අපගේ අදහසයි. එකම යැයි කී විට නොවෙනස් යැයි වරදවා නොගත මනාය. මේ වදන් අපට රිසි පරිදි ඒ ඒ තැන යොදන්නේ බොහෝ කොටම එකම අරුතිනි.

      "හෙළ ඉතිහාසය යනු ඉතා රසවත් ප්‍රබන්ධ සාහිත්‍යයකට වඩා වැඩි දෙයක් ලෙස අප විසින් නොසැළකේ."-----------මෙහිදී ඔබ අදහස් කරන ප්‍රබන්ධ සාහිත්‍ය කුමක් දැයි අපට පැහැදිලි නැති බැවින් ඒ ගැන මදක් විස්තර කෙරේ නම් අගනේය.

      "ඔබ විටින් විට නගන සමහර ප්‍රශ්න දුටු කළ අපද නොදන්නා බව තව තවත් තහවුරු වේ."-----------එවන් මතු අවස්ථාවකදී ඒ බැව් දක්වන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමි; ඒ පිළිතුරු නොලැබුණේ ඔබට අමතක වූ හෝ මඟ හැරුණු හෝ නිසා නොවන බැව් එවිට අප දන්නා බැවිනි.

      Delete
    2. හෙළ, එළු, සීහළ, සිංහල යනු අපද එකම අරුතින් යොදා ගත් කාලයක් තිබිණි. දැනුත් සමහර විටෙක අප විසින් එසේ යොදා ගැනේ. හිංගල යන්න කතා ව්‍යවහාරයේ මිස ලිඛිත ව්‍යවහාරයේ දැක නැත. අපද ඒ වදන භාවිතා කර නැත. එහෙත්...

      මහා පඬි කුමරතුඟුවන් හා ඔහුගේ හෙළ හවුලේ පිරිස විසින් රචිත ලිපි වල ඒ දෙක (එනම් සිංහල හා හෙළ යන දෙවදන) දෙඅරුතකින් යෙදෙන බැව් දැන ගත් විට සිතාමතාම සන්ධර්භය අනුව වදන තෝරා ගැනීමට පෙළඹුනේ අනවශ්‍ය ගැටළු මග හැර ගැනීම පිණිසය. ඒ ඇදුරන්ට අනුව, යක්-රකුස්-නා-සුර යන සතර කොටස හෙළයෝයැ. සිව් පිරිසක් බැවින් සිව්-හෙළ නමිනුදු ගැනෙයි. සිව්හෙළ කාල පරිණාමය වීමෙනි සිහළ යන වදන බිඳී ඇත්තේ.

      මීට අමතරව, දඹදිවින් මෙහි බට 'පරයා', එනම් විජාතිකයා විදෑ කුමරු නම් වෙයි. විදෑ යන්න පෙල බසට නැගීමෙනි 'විජය' යන නම තැනෙන්නේ. සිංහයෙකු පරම්පරා මුල් කොටගෙන ඇති බැවින් හෙතෙම 'සිංහ' ගෝත්‍ර වෙයි. මේ කතාවට අනුව පණ්ඩුකාභයා විසින් පරයින්, එනම් සිංහයින්, කපා දැමෙයි-ලාලනය කෙරෙයි. සිංහයන් ලාලනය කළ බැවින් සිංහල නම් වන්නේ පණ්ඩුකාභයා ගේ පරපුරයි. ඉහත සැකෙවින් දැක්වූ අදහස් දෙකම හෙළ හවුලේ අදහස් වේ.

      රවුලා හෙවත් රාවණයා, සහ ඔහුට පෙර විසූවයි කියන බලි-තරු-විශ්‍රවස් ඈ ප්‍රතාපවත් නරපතීන් ගැන කතාය අප විසින් ඉතා රසවත් ප්‍රබන්ධ සාහිත්‍යයක් ලෙස සළකන ලද්දේ. ඔබ ඒ කතා ඉතිහාසය ලෙස හඳුනා ගනීනම් ඒ ගැන වරදක් කීමට අපට හිමිකමක් නැත්තේමය. අප නොදන්නා තන්හි සැම විටම නොදන්නා බව පැවසීමට උත්සුක වූයෙමු. සමහර තන්හි නවමු අදහසක් (එනම්, මූලාශ්‍ර නොදැක්විය හැකි අපේම අදහසක්) දක්වන තැනෙක ඒ බව සඳහන් කළෙමු. බොහෝ විට එවැනි අවස්ථා වල සොයා බලා පිළිගන්නා ලෙස කෙරෙන ඇඟවීම ඔබටත් සුපුරුදු දසුනක් වන්නට ඇතැයි සිතුවෙමු. එහෙත්, 'ඔබේ අදහස' දක්වන්න කියා ඉල්ලන ප්‍රශ්න වලට හරි හෝ වැරදි හෝ කිව හැකි නිශ්චිත පිළිතුරක් නැති බැවින්, සමහර විට සන්දර්භයෙන් පිටතට ගත් කළ නිවැරදි නොවිය හැකි පිළිතුරු ලැබී තිබීමේ ඉඩක් ඇත. එවැනි අවස්ථා වල ප්‍රශ්නය සමග පිළිතුර ගලපා ගැනීම කියවන්නාගේ කාරියකි.

      Delete
    3. සිංහල නම සෑදුන අයුර ගැන හෙළ හවුලේ මත දෙකක් ඉදිරිපත් කළ විට, මහාවංශයේ කියැවෙන මතය ඉදිරිපත් නොකර සිටීම අසාධාරණයකි.

      මහාවංශයේ ඉදිරිපත් කෙරෙන අදහස වන්නේ, සිංහබාහු විසින් සිංහයා ලාලනය කළ බැවින් සිංහබාහුගෙන් ඇරඹෙන ගෝත්‍රය සිංහල වූ බවයි (මෙහිදී පළමු සිංහලයා සිංහබාහු වන අතර කුමරතුඟු මතයට අනුව පළමු සිංහයා පණ්ඩුකාභය වෙයි).

      Delete
    4. @ කණිෂ්ක: "රවුලා හෙවත් රාවණයා, සහ ඔහුට පෙර විසූවයි කියන බලි-තරු-විශ්‍රවස් ඈ ප්‍රතාපවත් නරපතීන් ගැන කතාය අප විසින් ඉතා රසවත් ප්‍රබන්ධ සාහිත්‍යයක් ලෙස සළකන ලද්දේ."

      බලි-තරු-විශ්‍රවස්-රාවන ආදීන් ගැන සඳහන් වන්නේ පෙරදිග දැනුම් පද්ධතියේ එන වෛදික-බමුණු පඬිවරුන් විසින් රචිත රාමායනය හා පුරාණ වැනි පොතපතේය​. සාහිත පොතපත ප්‍රබන්ධ (නවකතා-කෙටිකතා), විද්‍යාත්මක ප්‍රබන්ධ​, මිථ්‍යාකතා (mythology), ළමා කතා, ඉතිහාසය​, ආගම ආදී ලෙස කෙරෙන වර්ගීකරනය තුළ එක කොටසකට රාමායනය​, මහාභාරතය​, මහාවංශය​, ජාතක පොත වැනි පොතපත අනිවාර්‍යෙන්ම දැමිය යුතු බවක් හෝ එලෙස කළ හැකි බවක් හෝ අපි නොදකිමු. වෙසෙසින්, එසේ කළ නොහැකි බව හා නොකළ යුතු බව අපේ අදහසයි.

      Delete
    5. අප මේ අඩවියේ සැරි සරන්නේ බොහෝ කොටම ආත්මාර්ථය තකා නොහොත් යමක් දැන ඉගෙනීමට බව කලින් කී බවක් මතකය​. ඊට යමක් එක් කරන්නේ නම් ඒ එකම හේතුව හෝ අරමුණ නොවන බවත් වෙනත් යටි අරමුණු ද තියෙන බවත් කිව යුතු වේ. එනම්; අප කියන දෑ අඩුම තරමින් කණිෂ්ක (Joseph හා සිතුවිළි) කියවන බවත්, එකඟ වුවත් නැතත් ඒ ඇත්තන් අප කියන දෑ තේරුම් ගන්නා බවත් ඒ ඇත්තන් දෙන පිළිතුරු වලින් පැහැදිලි වන විට ඒ අපගේ ආශ්වාදයට හේතු වේ. එසේම, අප නඟන පැනයනට කණිෂ්ක (Joseph හා සිතුවිළි) දක්වන පිළිතුරු ද අපගේ ආශ්වාදයට හේතු වේ. මේ ආස්වාදය අන් අඩවියෙකින් සපයා ගැනීම දුෂ්කරය​. (මේ ආස්වාදයේ ආදීනවයත් නිස්සසරණයත් ගැන ද අප දැනුවත් විය යුතුය​.)

      Delete
  16. @ කණිෂ්ක:

    [1] අප දන්නා තරමින් මහාවංශ විස්තරයට අනුව විජය ඒමට පෙර ලංකාව මිනිස් වසයෙන් තොරය. මේ කරුණ ඔබ පිළිගන්නේද?

    [2] රාජාවලියේ දැක්වෙන මුහුද ගොඩ ගැලීම හා මහාවංශයේ දැක්වෙන මුහුද ගොඩගැලීම එකම සිද්දියක්ද? එම මුහුද ගොඩ ගැලීමෙන් ලංකාවෙන් 11/12 ක් තරම් විශාල පෙදෙසක් මුහුදුබත් වූ බවට රාජාවලිය කියන දේ ගැන ඔබේ අදහස කුමක්ද? (මේ සුනාමි දෙකම එක සිද්ධිය බවත් රාජාවලියේ විස්තරය අතිශයෝක්තිය බවත් සාමාන්‍ය පිළිගැනීමයි.)

    ReplyDelete
    Replies
    1. පාලි මහාවංශය අප කියවා නැත. එහෙත්, අප කියවා ඇති මහාවංශ පිටපත් දෙක අනුවම විජයයා පැමිණීමට පෙර ලක්දිව මිනිස් වාසයෙන් තොර බවට ස්ථිරවම කිව හැක්කේ නොවේ. තපස්සු-භල්ලුක ලක්දිව පැමිණීම මෙහි මිනිස් වාසයක් පැවති බවට ඉඟියකි (ඉඟියක් යනු හෝඩුවාවක් මිස ශාක්‍ෂියක් නොවේ - ඉඟි අනුව තීන්දු ප්‍රකාශයට පත් කළ නොහේ).

      එසේම බුදුරදුන් බුදු බැව් ලබා නව වන මාසයේ දී වැඩම කර ලක්දිව විසූ යකුන් එකෙක් නෑර ගිරි දිවයිනට පිටත් කොට යැවූ බැව් කියැවෙන විට, ඊට සූසාලිස් වසරකට පසු මෙය ඒ යකුන්ගේම රජ දහනක් වීයැයි කියැවෙන විට ඒ දෙකම පිළිගැනීම අසීරුය. සිදු වන්නට ඇත්තේ යකුන් සිටින විටම මිනිසුනුත් මෙහි සිටීමත්, බුදුරදුන් නියම යකුන් (අමනුෂ්‍යයින්) ගිරි දිවයිනට පිටත් කළ පසු (ලක්දිව මිනිසුන්ට උරුම කර දුන් පසු) හිටපු යකුන්ගේ ප්‍රතාපවත් බව හා බල පරාක්‍රමය ගැන ඇසූ දුටු ඒ මිනිසුන් තමන් යක්‍ෂ නම ආරෝපණය කර ගැනීමත් ය. අමනුෂ්‍ය යක්‍ෂයන් විසින් බුදුරදුන්ට පිදූ ලක්පොළොව බුදුරදුන් මනුෂ්‍යයින්ට පවරා ඇත.

      එබ්‍රහමික ආගම් වල එන දෙවියන් වහන්සේ විසින් ලෝකය මවා මිනිසාට එහි අධිපතිත්වය පැවරීම හා බුදුරදුන් විසින් ලක්දිව මනුෂ්‍යයින්ට පැවරීම අතර තරමක සමානතාවයක් හා පැහැදිළි වෙනසක් වෙයි. සමාන කම 'පැවරීම' යි. ඒ පැවරීම හේතුවෙන් පවරන්නාගේ අධිපතීත්වය පිළිගැනීම හා ඔහුගේ ආඥාව පිළිපැදීමට පැවරීම ලබන්නාට බල කෙරෙයි. වෙනස නම්, එබ්‍රහමික ආගම් වල දෙවියන් වහන්සේ කෙළින්ම ආඥාවක් මගින් ඒ බල කිරීම කිරීමත්, බුදුරදුන් එවැනි පැනවීමක් නොකරම ලක්දිවින් ඉවත්ව යාමත් ය. උන් වහන්සේ පසුව දෙවරක් ලක්දිව වැඩි මුත් මනුෂ්‍යයින්ට දම් දෙසූ බවට සඳහනක් නැත.

      එහෙත්, තමන්ගේ අන්තේවාසිකකම් කළ ශක්‍රයාට පරිනිර්වාණ මංචකයේ සිටින බුදුරදුන් විසින් ලක්දිව මනුෂ්‍යයින් රැක ගැනීම පවරයි. ඔහු උපුල්වන් දෙවිට ඒ වගකීම පවරන අතර හෙතෙම අද දක්වා ලක්දිවට අරක්ගෙන ලක්දිව රක්නා බව කියැවේ. එහෙත් මහාවංශය කියන්නේ උපුල්වන් දෙවි තවුස් වෙසකින් පැමිණ විජයයා හා පිරිසට පිරිත් පැන් හා පිරිත් නූල් සපයා දී අහසින් ගිය බවයි. මහාවංශය පැහැදිලිවම කුවේණිය හා ඇගේ ඥාති පිරිස අමනුෂ්‍ය කොටසට දමයි. මෙය එතරම් ගැටළුවක් කර ගත යුතු නොවන්නේ පැරණි ජන වර්ග විසින් ලියැවුණු බොහෝ කෘතිවල අන්‍ය ජන වර්ග අමනුෂ්‍යයන් ලෙස සඳහන් කිරීම සුලභ බැවිණි. රාමායනය හා මහාභාරතයත්, බොහෝ මැද පෙරදිග හා අප්‍රිකානු ශිෂ්ඨාචාර වලත් පැරණි කෘති වල මේ ලක්‍ෂණය දැකිය හැක.

      මෙහිදී තේරුම් ගත යුතු එකම කරුණ නම් මහාවංශය යනු සිංහලයන් විසින් තම වංශකතාව කීම පිණිස ලියැවුණු කෘතියක් මිස යක්‍ෂයින් විසින් ඒ අරමුණෙන් ලියැවුණු කෘතියක් නොවන බවයි. යක්‍ෂයන් විසින් ලියැවුණු කෘතියක් (වරිගපූරනිකාව වැනි) තිබේනම් එහි මේ යකුන් අමනුෂ්‍යයන් ලෙස කිසි සේත්ම සඳහන් නොවනු ඇති බවට අපට සැකයක් නැත.
      ~~~~~~~~~~~~~~~

      රාජාවලියේ අප විසින් කියවා නැත. එය පරංගි යුගයෙන් පසුව පරංගි ඌරුවකින් යුතුව ලියැවුනක් බව අපේ අදහස වෙයි. මේ අදහසට හේතු වන්නේ වරින් වර රාජාවලියේයැයි කියා පුවත් පත් වලින් කියැවූ උපුටන කිහිපයකි. එබැවින් ඒ ගැන වැඩිදුර කීමට අප සුදුසු නොවේ. ඉහත කරුණ සත්‍යනම් තර්කානුකුල නිගමනය වන්නේ එය සැක කළ හැකි නිබන්ධනයක් බවයි.

      Delete
    2. සිතුවිළිAugust 6, 2013 at 8:29 AM

      "පැරණි ජන වර්ග විසින් ලියැවුණු බොහෝ කෘතිවල අන්‍ය ජන වර්ග අමනුෂ්‍යයන් ලෙස සඳහන් කිරීම සුලභ බැවිණි"

      මේ අදහස ඉතාමත් සිහියෙන් මිනිස් වර්ගයාගේ පැවැත්ම හා ගති ලක්ශන විග්‍රහ කරන්නක් ලෙස දකිමි. මෙය මාද ස්වයංව නිරීක්ෂණය කොට එළැඹ තිබූ අදහසකි. අද දිනයේ පවා නොයෙකුත් අන්ත වාදී මත වාද දරන ආගම් අදහන්නන් බොහෝ කොට තම ඇදහීම් රටාව හෝ සංස්කෘතිකාංග පිළිනොගන්නා ජන කොටස මිනිසුන් ලෙස පිලිනොගැනෙන බව නිරීක්ෂණය කල හැක. එහෙත් ඔබ එවැනි යම් ජන වර්ගයක සාමාජිකයෙකුගෙන් එසේදැයි විමසුවහොත් පිළිතුර එසේ නැත කියා වෙයි. මෙය බොහෝ දුරට තම වර්ගයාගේ පැවැත්ම පිණිස කරනු ලබන අවිඥ්ඥානික ක්‍රියාවක්දැයි පැහැදිලි නැත. එහෙත් දෙමළ විරෝධයේදී හා මුස්ලිම් විරෝධයේදී සිංහල බෞද්ධයන් ඇතැමෙකු පවා මෙලෙස වන බව මාගේ දැකමයි.
      ජාති වාදය හා ආගම වාදය යන සංකල්ප බිහි වන්නේම මෙවන් මිනිස් ස්වරූපයක් නිසා බව මා සිතමි.
      සාකච්චාවට අදාල නොවන මතයක් වුවද, කණිෂ්කගේ මේ වැදගත් අදහස දුටු විට මෙය කියා සිටීමට මට සිත් විය.
      ඔබලාගේ සාකච්චාව ඉදිරියට ගෙන යන්න.

      Delete
    3. ඔව්, සිතුවිළි.

      මේ අදහස අපගේම අදහසක් බව කිව නොහැක. සමහර ග්‍රන්ථ වල කෙළින්ම නොවුනත් මේ අදහස කියවී තිබේ. අප පාසැල් සමයේ කියැවූ පොතක තිබුණේ චීන අධිරාජ්‍යයා චීනයෙන් පිටත භයානක අමනුෂ්‍යයන් සිටින බවට රාජ 'නියෝගයක්' පනවා පිට දේශ වල වෙසෙන 'මිනිසුන්' ගැන ලියැවුණු පොත් පත් එකතු කර ගිණි තබා, රටින් පිට වීමට උත්සාහ කළ ජනයාට දැඩි දඬුවම් පැනවූ බවයි.

      සමහර විට චීන මහා ප්‍රාකාරය තැනෙන්නට ඇත්තේ බාහිර ආක්‍රමණ වලින් ආරක්‍ෂා වීමට වඩා තම ජනයා බල ප්‍රදේශයෙන් පිටතට සංක්‍රමණය වීම වළක්වා ලීමට විය හැකි බවයි අපට සිතුනු දෙය. චීන මහා ප්‍රකාරය කෙසේ වෙතත්, බර්ලින් තාප්පය නම් තැනුණේ ඒ අරමුණින් බව ඔබත් දන්නා බව සිතමු.

      Delete
    4. @ කණිෂ්ක​: "පාලි මහාවංශය අප කියවා නැත. එහෙත්, අප කියවා ඇති මහාවංශ පිටපත් දෙක අනුවම විජයයා පැමිණීමට පෙර ලක්දිව මිනිස් වාසයෙන් තොර බවට ස්ථිරවම කිව හැක්කේ නොවේ."

      පාලි බස ගැන දැනුම දුර්වල බැවින් පාලි මහාවංශය කියවීමට හැකියාවක් අපට නැත​. එහෙත්, අතරින් පතර එන වදනෙක දෙකක පරිවර්තන ගැන වන වාදවිවාද මිස සමස්තයක් ලෙස අරුත විකෘති කෙරෙන පරිවර්තන දෝස ගැන අප අසා නැත​. එමෙන්ම​, අපද කියවු පරිවර්තන දෙකේම වචන වෙනස් නමුත් අරුත එකම වන සේ දැක්වේ. එමනිසා මෙහිදී අප දක්වන කරුණු පරිවර්තන දෝස වලින් තොර යැයි උපකල්පනය කෙරෙන අතර යම් සැකයක් වේ නම් පාලි බස හොඳින් දත් භික්‍ෂූන්වහන්සේ නමකගෙන් විමසීම මනාය​.

      අප ඇසූ පැනයට ඔබ ඔව්-නැත​-නොදනිමි වැනි ඍජු පිළිතුරක් දී ඇති බව නොපෙනේ. අප කියවා ඇති මහාවංශ පිටපත් දෙක අනුවම විජයයා පැමිණීමට පෙර ලක්දිව මිනිස් වාසයෙන් තොර බවට ස්ථිරවම කිව හැක්කේ වේ. ඒ බව් සනාත කිරීමට පහත කරුණු දක්වමු.

      [1] මහාවංශ හත්වන පරිච්චේදයේ දැක්වෙන ලෙස පරිබ්‍රාජක වෙසින් රුක්මුල සිටි උපුල්වන් දෙවියන්ගෙන් විජය ඇතුළු පිරිස මේ කවර දිවයිනක්දැයි ඇසූ විට මේ ලක්දිව බවත්, මෙහි මිනිසුන් නැති බවත්, තොපට බයක් නැති බවත් පිළිතුරු ලැබේ. - මෙය උපුල්වන් දෙවියන්ගේ බොරුවක් බවත්, මහානාම හිමියන් කෙළේ සිද්ධිය වාර්තා කිරීම පමණක් බවත් කාට හෝ කිව හැක​. එවන් කෙනෙකු, උපුල්වන් දෙවියන්ට කාරිය පවරන්නේ සෝවාන් ඵලයේ පිහිටි සක්දෙව් බවත්, සක්දෙව්ට කාරිය පවරන්නේ බුදුරදුන් බවත්, සම්‍යක්දෟෂ්ඨික දෙවියන් සීලය ප්‍රිය කරන පිරිසක් මිස අල්-ටකියා ක්‍රමයේ බොරු කීයන්නන් නොවන බවත් සිහිකටයුතු මනාය​.

      [2] ඉන්පසු, හත්වන පරිච්ඡේදයේ "පිරිවර යකින්නක් බැලි රුවින් තමා දැක්වීය​" ලෙස දැක්වේ. විජයගේ පිරිස බැල්ලියක් දුටු ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ දැක්වෙන නමුත් මහානාම හිමියන් පැහැදිලිව දක්වා ඇති ලෙස ඒ, තිරිසන් බැල්ලියක් නොවේ. එමෙන්ම​, සමාන්‍ය මිනිසුන්ට තමන්ගේ මිනිස් සිරුර හා රූපය එලෙස බලු වැනි රූපයකට මාරු කර ගැනීම 'වේෂ නිරූපන' වෟත්තිය දියුණු මෙකල වුව කළ නොහැක​. එබැවින්, මහානාම හිමියන් සඳහන් කරනුයේ මිනිස් යක් පිරිසක් ගැන නොවන බව පැහැදිලිය​.

      [3] ඉන්පසු, හත්වන පරිච්ඡේදයේ කුවේණි නම් යකිනි තොමෝ කපු කටිනා තවුසියක් වෙසින් රුක්මුල සිටි බව හා පසුව සොළොස් වියැති සිත්ගන්නා රුවක් මවා ගත් බව දැක්වේ. මෙහිදී නම් මිනිස් ගැහැනියකට එවන් වෙස් මාරුවක් කරගත හැකි නමුත් පසුව දැක්වෙන කරුණු අනුව කුවේණී යනු මිනිස් නොව අමනුස්ස යකිනියක් බව පැහැදිලිය​.

      [4] ඉන්පසු, හත්වන පරිච්ඡේදයේ, විජය කුමරු සිය අභිශේකය සඳහා ක්‍ෂත්‍රීය කන්‍යා මෙහෙසිය මදුරාපුරෙන් ගෙන ආ පසු කුවේණි වෙත "සොඳුර දරුවන් දෙදෙන තබා තී දැන් යා මනුෂ්‍යයෝ සෑ​ම කල්ම අමනුෂ්‍යන්ට බානහ යි" දැක්වේ. කුවේණි යනු අමනුස්ස යකිනියක් බව මින් පැහැදිලිය​.

      [5] මේ දක්වා [2,3,4 හි] දැක්වූ කරුණු හුදෙකලා පුද්ගල සිදුවීම් බවත් එම සිද්ධීන්හි ඇත්තේ අමනුස්ස යකුන් ගැන වුව රටේ අන් පෙදෙස්හි මිනිසුන් සිටි බව කාට හෝ පැවසිය හැක​. ඒ, එසේ නොවන බවත් මහානාම හිමියනට අනුව එකල්හි ලක්දිව ජනශුන්‍ය බවත් දැන් දක්වමු. මහාවංශයේ පසලොස්වන පරිච්ඡේදයේ දැක්වෙන "..... එකල ලංකාද්වීපයේ මනුෂ්‍යන් නැති බැවින් ද්වීපයෙහි සිටියා වූ දේව සමූහයාටද නාගයන්ටද මොනවට අනුශාසනා කොට සංඝයා සහිතව අහසට නැඟී දඹදිව් වැඩි සේක." විස්තරය අනුව මහානාම හිමියන්ට අනුවත් මහාවංශයට අනුවත් එකල ලක්දිව මිනිස් වාසයෙන් තොර බව ස්ථිර වශයෙන් කිව හැක​.

      සටහන 1: මින් කියවෙන්නේ කකුසඳ කෝනාගම කාශ්‍යප බුදුන් සමයේ බුදුදහම අවබෝධ කිරීමට තරම් සමත් මිනිස් වාසයෙන් ලක්දිව යුක්ත බවත් ගෞතම බුදුන් සමයේ ලක්දිව මිනිසුන් නොසිටි බවත්‍ ය​. පෙරසිටි මිනිසුන් කවර කලෙක වඳ වීද යැයි ස්ථිර වශයෙන් කීමට තොරතුරක් අප නොදුටු නමුත් ගෞතම බුදුන් බුදු වූ සමයේ සිට විජය කුමරු ලක්දිව පා තබන තෙක් ලක්දිව මිනිස් වාසයක් නොවූ බව ස්ථිර වශයෙන් කිව හැක​. තපස්සු-භල්ලුක සිද්ධිය මීට සංගත ලෙස සලකන්නේ නම් ඔබ කලින් කියූ ලෙස ඒ දෙදෙනා ලක්දිව ගොඩ බසින්නේ වතුර සොයා වැනි හේතුවක් නිසා මිස ඔවුන් මෙහි පදිංචි කරුවන් වීම නිසා නොවේ.

      සටහන 2. ඉහත පැනය අප ඔබෙන් විමසූයේ විජයට පෙර ලක්දිව මිනිසුන් පදිංචිව සිටි බව ඔබ පිළිගන්නේ ද නැති ද යන්න අපට අපැහැදිලි වූ නිසාත්, වැරදි වැටහීම් අවම කර ගනිමින් සංවාදයක් කරගෙනු යනු පිණිස ඒ ගැන ඔබේ ඍජු අදහස දැන ගැනීමට අපට අවැසි වූ නිසාත්‍ ය​.

      සටහන 3. විජයාගමනය සිදුවන සමයේ හා බුද්ධ කාලයේ ලක්දිව මිනිසුන් නොසිටි බවට මහාවංශයේ කියැවෙන දෑ අපි පිළිනොගනිමු.

      Delete
    5. @ කණිෂ්ක​: "බුදුරදුන් බුදු බැව් ලබා නව වන මාසයේ දී වැඩම කර ලක්දිව විසූ යකුන් එකෙක් නෑර ගිරි දිවයිනට පිටත් කොට යැවූ බැව් කියැවෙන විට, ඊට සූසාලිස් වසරකට පසු මෙය ඒ යකුන්ගේම රජ දහනක් වීයැයි කියැවෙන විට ඒ දෙකම පිළිගැනීම අසීරුය."

      අසීරු මිසෙක බැරිකමෙක් නැත​. මහාවංශයට අනුව බුදුරදුන් අමනුස්ස යකුන්ට ලක්දිවට නොඑන ලෙස තහනම් නියෝගයක් පනවන්නේ නොවේ. එබැවින් නැවත ආවා වන්නට පුළුවන​. එහෙත්, තතු එසේ නම් ලක්දිවෙන් පිටත් කෙළේ ඇයි දැයි පැනයක් කාට වුව මතු වේ.

      "සිදු වන්නට ඇත්තේ යකුන් සිටින විටම මිනිසුනුත් මෙහි සිටීමත්, බුදුරදුන් නියම යකුන් (අමනුෂ්‍යයින්) ගිරි දිවයිනට පිටත් කළ පසු (ලක්දිව මිනිසුන්ට උරුම කර දුන් පසු) හිටපු යකුන්ගේ ප්‍රතාපවත් බව හා බල පරාක්‍රමය ගැන ඇසූ දුටු ඒ මිනිසුන් තමන් යක්‍ෂ නම ආරෝපණය කර ගැනීමත් ය."

      මිනිසුන් හා යකුන් එකට විසීම එදත් අදත් සිදු වේ. මිනිසුන් මෙන්ම යකුන් ද කර්මානුරූපව තමන් උපදින තැන් උපාදානය කරගෙන ජීවත් වනු ඇත​. යකුන් පිටත් කිරීමෙන් මිනිසුන්ට රටක් උරුම විය හැකි ක්‍රමයක් නම් සිතා ගැනීම අපහසුය​. අපට වැටහෙන හැටියට ඔබේ විස්තරයට අනුව මිනිසුන් යක් නාමය ආරෝපනය කර ගන්නේ යකුන් පිටත් කළ පසුය​. විශාල පිරිසක් සිටියදී තමන් ගේ භූමිය රැක ගත නොහැකි, පිටින් ආ අමුත්තෙකුට භය වී, යටත් වී, පින්සෙන්ඩු වී දිවි රැක ගත් පසු උන්හිටි තැන් අහිමි කරගත් නෝන්ජල් යකුන් පිරිසකගේ නම ආරෝපනය කර ගැනීමට මේ මිනිසුන් කවර නම් නෝන්ජල් යක්කු සෙට් එකක් විය යුතුද​? මිනිසුන් අමනුස්ස යකුන්ගේ ප්‍රතාපවත් බව හා බල පරාක්‍රමය නිසා යක් නම ආරෝපනය කර ගත්තේ නම් ඒ මේ පිටත් කිරීමට පෙර විය යුතුය​. පෙර හෝ පසු හෝ අමනුස්ස යකුන්ගේ ප්‍රතාපවත් බව හා බල පරාක්‍රමය අසා දැක යක් නම ආරෝපනය කරගැනීමට නම් අමනුස්ස යකුන් හා ගනුදෙනු කරන ක්‍රමයක් මිනිසුන් දැන සිටිය යුතුය​. (ඔබ විසින් ප්‍රතික්‍ෂේප කෙරුනේ වුව, යක් රැහේ හෙළයින් අමනුස්ස යකුන් හා ගනුදෙනු කරන විදිහක් දැන සිටි බවට කලකට පෙර අප ලියූයේ ඒ ගැනයි.)

      Delete
    6. @ කණිෂ්ක​: "තමන්ගේ අන්තේවාසිකකම් කළ ශක්‍රයාට පරිනිර්වාණ මංචකයේ සිටින බුදුරදුන් විසින් ලක්දිව මනුෂ්‍යයින් රැක ගැනීම පවරයි."------මහාවංශ විස්තරයට අනුව බුදුරදුන් කියා ඇත්තේ විජය අතුළු හත්සියයක් පිරිස ද ලංකාව ද රකින ලෙසයි. එහිදී, ලංකාව යන්න ලක්දිව මනුෂ්‍යයන් ලෙස ඔබ තේරුම් ගැනීම කොතෙක් දුරට නිවරද ද යනු සිතා බැලිය යුතු දෙයකි.

      "මහාවංශය පැහැදිලිවම කුවේණිය හා ඇගේ ඥාති පිරිස අමනුෂ්‍ය කොටසට ම්දමයි. මෙය එතරම් ගැටළුවක් කර ගත යුතු නොවන්නේ පැරණි ජන වර්ග විසින් ලියැවුණු බොහෝ කෘතිවල අන්‍ය ජන වර්ග අමනුෂ්‍යයන් ලෙස සඳහන් කිරීම සුලභ බැවිණි."

      මෙහිදී මතුවන තත්වය නම්; එකල ලියැවුණු බොහෝ කෘතිවල අන්‍ය ජන වර්ග අමනුෂ්‍යයන් ලෙස සඳහන් වේ නම් මහාවංශය ද එම මඟම ගනිමින් කුවේණිය හා ඇගේ ඥාති පිරිස අමනුෂ්‍ය ලෙස දක්වා ඇතිනම් එම කෘති හා මහාවංශය සතු සමානකමක් ලෙස ඒ පිළිගැනීමට සිදු වේ. එවිට රාමායනය මහාභාරතය ආදිය ප්‍රබන්ධ ලෙස සැලකෙන තත්වයක් යටතේ මහාවංශය ද ප්‍රබන්ධයක් ලෙස සැලකීම හෝ එම සියළු කෘති එකම කුලකයක ලා සැලකීම හෝ ගැන කාට හෝ චෝදනා නැගීම අසීරුය​. එවන් තත්වයක් යටතේ එක්කෝ මහාවංශය සතු විශ්වාසනීයත්වය හානි වනු ඇත - නැතහොත් රාමායනය වැනි අනෙක් කෘති වල සඳහන් ප්‍රබන්ධ වැනි සිදුවීම් ද සැබෑ ලෙස සැලකීමට සිදුවනු ඇත​. එවැනි තත්වයක් යටතේ රාමායනය වැනි පොත් හි විවිධ වෙස් ගන්නා යක්‍ෂයින් මිනිසුන් ලෙස සැලකීමට සිදු වන අතර මෙය ලක් ඉතිහාසයට බලපානු ඇත​. (විදෙස් පොතපත මත පදනම් වී හෙළ ඉතිහාසය ගොඩ නැංවීම අප රුචි කරන මඟක් නොවන අතර අපේ ඉතිහාසය මහාවංශය මත පදනම් විය යුතු යන්න අපගේ අදහස බව දැනට පවසමු.)

      Delete
    7. @ කණිෂ්ක​: "මෙහිදී තේරුම් ගත යුතු එකම කරුණ නම් මහාවංශය යනු සිංහලයන් විසින් තම වංශකතාව කීම පිණිස ලියැවුණු කෘතියක් මිස යක්‍ෂයින් විසින් ඒ අරමුණෙන් ලියැවුණු කෘතියක් නොවන බවයි."

      අපගේ අදහස නම් මහාවංශය යනු මහාවිහාරික භික්‍ෂූන් වහන්සේ විසින් බුදුසසුන නොහොත් ලක්දිව ථේරවාද සම්ප්‍රදාය සුරකිනු වස් බොදු රජ පරපුර අගයමින් ලියූ කෘතියක් බවයි. වෙනත් වදනින් ඒ, බෞද්ධ වූ සිංහලයාගේ වංශකතාවයි. (මේ වැකිය Joseph ගෙනි. ඒ Josephට ලැබුනේ ඔබෙන්ම විය හැක​.) මෙහිදී තේරුම් ගත යුතු එකම කරුණ නම් මහාවංශයේ ලියා ඇති දේ මහානාම හිමියන් එලෙස ලීවේ ඇයිද යන්න බව අපේ අදහසයි.

      Delete
    8. @කණිෂ්ක: ඉහත සටහනට යමක් එක් කරන්නේ නම් "...එකල ලංකාද්වීපයේ මනුෂ්‍යයන් නැති බැවින්..." ලෙස මහානාම හිමියන් ලියා තබන්නට ඇත්තේ අද වැනි කලෙක අප වැනි උදවිය මේ යකුන් නාගයන් හා දෙවියන් මනුස්ස ද අමනුස්ස ද කියා පටලවා ගැනීම නොවනු පිණිස ම විය හැක​. කෙසේ වෙතත් අපගේ ඉහත සටහනේ දොසක් වේ නම් ඒ බැව් හෝ "...තොර බවට ස්ථිරවම කිව හැක්කේ නොවේ." ලෙස කියා ඇත්තේ මහාවංශයේ එකල මිනිසුන් සිටි බවට ද කරුණු දැක්වෙන නිසා නම් ඒ බැව් හෝ පෙන්වා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

      Delete
    9. සිත් මිතුර, ඔබ කියන යක් රැහ අපට හරි හැටි ගලපා ගත නොහැකි වචනයකි. වැද්දන් මිස යකුන් 'රැහ' යන වචනය භාවිතා කළ බවක් අප දන්නේ නැත. මහාවංශය කෙලින්ම කුවේණිය ඇතුළු පිරිස අමනුෂ්‍යයන් ලෙස වර්ගීකරණය කරන බැව් අප විසිනුත් ඉහත දක්වා ඇත. [මහාවංශය පැහැදිලිවම කුවේණිය හා ඇගේ ඥාති පිරිස අමනුෂ්‍ය කොටසට දමයි. මෙය එතරම් ගැටළුවක් කර ගත යුතු නොවන්නේ පැරණි ජන වර්ග විසින් ලියැවුණු බොහෝ කෘතිවල අන්‍ය ජන වර්ග අමනුෂ්‍යයන් ලෙස සඳහන් කිරීම සුලභ බැවිණි.]
      අප කියන්නේ මහාවංශය පාදක කරගෙන අපද ඒ නිගමනයටම බැස ගැනීම අවශ්‍ය නොවන බව මිස, මහාවංශයට අනුව ඒ අය අමනුෂ්‍යයන් නොවන බව නොවේ.

      නැවත කියමි. මහාවංශය පැහැදිලිවමත් සෘජුවමත් කුවේණිය හා ඇගේ ඥාති සමුහයා මනුෂ්‍යයින් නොවන බව කියයි.අපේ අදහස වන්නේ මහාවංශය මනුෂ්‍යයන් ලෙස හඳුන්වන්නේ අප අද මනුෂ්‍යයන් ලෙස හඳුන්වන කුලකයේ කුඩා උපකුලකයක් පමණක් බවයි. මහාවංශය සහ අද අප 'මනුෂ්‍ය' යන වචනය එකම අරුතින් යොදා නොගන්නා විට ඔබ නගන ප්‍රශ්නය එළෙස ඇසිය නොහැක.

      මේ ගැන පැහැදිලි කිරීම මෙවැනි කුඩා ලිපියකින් කළ නොහැක. අප මිතුරු ජොසෙෆ්ට කලකට පෙර මෙවැනි කරුණු ගැන ලියූවත් ඒවාත් සම්පූර්ණ කතාවක් නොකියයි. කීවත් ඒවා සොයා ගැනීමට ද නොහැකි විය. එබැවින් ඒ ගැන කාලය වැය කර සම්පූර්ණ ලිපියක් හෝ ලිපි කිහිපයක් හෝ පල කිරීම සුදුසු යැයි හඟිමි.

      ඔබට මේ සම්බන්දව කිව හැකි දේ ඇත්නම් ඒ දේ ලිපියක් කොට පල කිරීම සුදුසු බව යෝජනා කරමි. ප්‍රතිචාර තීරය වැනි සීමිත ඉඩකඩක් මෙවැනි ගාම්භීර සාකච්ඡාවකට තරම් නොවේ.

      Delete
    10. @ කණිෂ්ක​: 'රැහැ' යන්න වැද්දන් සම්බන්ධයෙන් පමණක් යෙදෙන්නක් බව මා නොදැන සිටි අතර 'යක් රැහේ හෙළයින්' ආදී ලෙස යෙදීමෙන් වූ යම් පටැලවීමක් අපහසුතාවක් වී නම් ඒ ගැන සමාව අයදිමි. මින් මතු එවන් වැරදි භාවිතා නොකරන්නට පරෙස්සම් වෙමි. 'රැහැ, ගෝත්‍රය, වරිගෙ, සනුහරෙ​' වැනි වදන් අප භාවිත කරනුයේ හුදෙක්ම සමූහය, ප්‍රජාව, පිරිස, කුලකය වැනි අරුතකිනි. එවදන්හි සිහළ අරුතත් එහි පරිවර්තන වන tribe වැනි වදන්හි ඉන්ගිරිස් අරුතත් එකම සේ අපි නොසලකමු.

      Delete
  17. "කොපර්නිකස්‌ට පෙර භාරතයේ ජීවත් වූවෝ පොළොව ඉර වටා ගමන් කරන බව දැන සිටියෝ ය. ඔවුන්ට එය ප්‍රත්‍යක්‍ෂයක්‌ විය. ඒ ප්‍රත්‍යක්‍ෂය ආධ්‍යාත්මික ව ලබාගත්තකි. භාවනාවෙන්, යෝගී අභ්‍යාසවලින් ආදී වශයෙන් මේ රටවල සිටි පඬිවරුන්ට ඒ දැනුම ලබාගත හැකි විය. එහෙත් මේ දැනුම පළමුව නැගෙනහිර යුරෝපයටත්, දෙවැනුව දකුණු යුරෝපයටත් ගිය විට එහි වැසියන්ට (බුද්ධිමතුන්ට) එය ආධ්‍යාත්මික ව ලබාගැනීමට නොහැකි විය. ඔවුන්ට එය මනසෙන් ග්‍රහණය කරගත හැක්‌කක්‌ නො වී ය. ඔවුන්ට එය වියුක්‌ත කතන්දරයක්‌ පමණක්‌ විය. ඒ කතන්දරය ඔවුන්ට සූර්යග්‍රහණ ඇතුළු ග්‍රහණ ආදිය තේරුම් ගැනීමට යොදාගත හැකි විය. මෙය එක්‌ සංස්‌කෘතියක ඇති දැනුමක්‌ තවත් සංස්‌කෘතියකට අවශෝෂණය කෙරෙන්නේ කෙසේ ද යන්න දැනගැනීමේ දී ද වැදගත් වෙයි. පොළොව සූර්යයා වටා යන්නේ ය යන දැනුම භාරතයේ ආධ්‍යාත්මික ව ලබාගත් දැනුමක්‌ විය. එය ඇතැම් පඬිවරුන්ට ප්‍රත්‍යක්‍ෂ දැනුමක්‌ විය. ඒ සංස්‌කෘතියේ විඤ්ඤුන් වූ එම පඬිවරුන් ගෙන් ලබාගත් දැනුම අනෙක්‌ අයට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකි වූවත් විඤ්ඤුන් ගෙන් ලබාගත් විශ්වාස කටයුතු දැනුමක්‌ විය. එහෙත් බටහිර පඬිවරුන් ඒ දැනුම ලබාගත්තේ වියුක්‌ත කතන්දරයක්‌ ලෙස ය. බටහිර සංස්‌කෘතියෙහි ඒ දැනුම ආධ්‍යාත්මික ව ලබාගත හැකි පඬිවරු නො සිටිය හ. එහෙත් එම සංස්‌කෘතියෙහි භාරතයෙහි තිබුණාට වඩා වියුක්‌ත චින්තනයක්‌ විය. බටහිර පඬිවරු භාරතීයයන් ගේ ආධ්‍යාත්මික දැනුම තම සංස්‌කෘතියට අවශෝෂණය කරගත්තේ තම සංස්‌කෘතියට සාපේක්‍ෂව වියුක්‌ත දැනුමක්‌ ලෙස ය. ඔවුන්ට එය උද්ගමනයක්‌ ද විය. පොළොව ඉර වටා යැම සියලු කාලයට ම නිරීක්‍ෂණය කළ නොහැකි වූ හෙයින් ඔවුහු පරිමිත නිරීක්‍ෂණ යම් ප්‍රමාණයක්‌ සියලු කාලයට ම සාධාරණ වූ දැනුමක්‌ බවට පත් කර ගත් හ." (නලින් ද සිල්වා) vidusara.com/2013/06/12/feature9.html

    අප දන්නා තරමින් යෙහෝව හා ඒබ්‍රහම් අතර සිදු වන්නේ පුද්ගලික සිදු වීමකි. පසුව එම පුද්ගලික අත්දැකීම යුදෙව්වන්ගේ පොදු ඇදහීමක් බවට පත් වේ. මෙහිදී අප දකින වැදගත්ම කරුණ නම් තමන්ගේ පිළිම රූප හැදීම හෝ වෙනත් කිසිම පිළිම රූප වන්දනාව හෝ යෙහෝවා යුදෙව්වන්ට සපුරා තහනම් කිරීමයි. මින් ගම්‍ය වන්නේ ඒ වන විට එම ජන කොටස් එවැනි රූප හා පිළිම වන්දනා කළ බවයි. සාමාන්‍ය මිනිසාට යම් රූපයක් පිළිමයක් ගහක් ගලක් වැනි දේට දේවත්වය ආරෝපණය කර ඊට වැඳීම පහසු දෙයක් සේම එකල අවැසි දෙයක් වන්නට ඇත. එවන් තත්ත්වක් තුල එසේ නොකර සිටීම අපහසු හා අභියෝගාත්මක දෙයකි. මෙය පැවති සමාජ ක්‍රමය තුල යම් අයුරකින් උඩුගං බලා පිහිනීමකි. මෙම ඇදහිල්ල විසින් යුදෙව් ජාතිය නිර්මාණය කෙරින. යෙහෝවා ගැන වැඩිදුර සිතු යුදෙව් බුද්ධිමතුන් අතින් වියුක්ත චින්තනය ගොඩ නැංවෙන්නේ එලෙසිනි. යෙහෝවා හෙවත් මෙම යුදෙව් දෙවියන් හා ඒ සම්බන්ධ වියුක්ත දැනුම බටහිර සුද්දන්ට ලැබෙන විට එම දෙවියන් සුද්දන්ගේ God බවට පත්වෙන අතර God අතිශය වියුක්ත සංසිද්ධියක් බවට පත්වේ. මේ බටහිර චින්තනයේ නොහොත් බටහිර උගතුන් බුද්ධිමතුන් පඬිවරුන් සතු වියුක්ත චින්තනයේ පසුබිම යනු අපගේ අදහසයි. මීට අනුරුපිව බොදු සම්ප්‍රදායේ යමක් වේ නම් ඒ කර්මයයි. එහෙත් බොදු සම්ප්‍රදායේ සියල්ල කර්මයට ඌනනය නොකෙරෙන නිසාත් කර්මය නියාම ධර්මයක් ලෙස එහි ක්‍රියාකාරීත්වය බුදුරදුන් යම් පමණකට විස්තර කර ඇති නිසාත් කර්ම විපාක දැක්වෙන සිදුවීම් පෙළදහමේ මැනවින් දැක්වෙන නිසාත් එය God තරම් වියුක්ත බවක් නොපෙන්වයි.

    මේ ගැන කනිෂ්ක ගේ හා යෙහෝවා ගැන අපට වඩා දන්නා Joseph ගේ අදහසක් වේ නම් බෙහෙවින් අගයමි.

    ReplyDelete
    Replies
    1. හිත මිතුරු සිත් විසින් නැගුනු මේ පැනයට පිළිතුරක් නොදී සිටියේ ජොසෙෆ් විසින් දෙන පිළිතුරක් බලාපොරොත්තුවෙනි. ඔහුත් කල් මරන බව පෙනී යන හෙයින් අප ඉක්මන් වීම සුදුසුයැයි කල්පනා කළෙමු.
      ~~~~~~~~~~~~~~~
      අප දන්නා පරිදි යුදෙව් දෙවියන් (ජෙහොවඃ) හා පළමු සන්නිවේදනය ගොඩ නගා ගන්නා ලද්දේ ආදම් විසිනි. දෙවැන්නා ඒබ්‍රහම් වේ. දෙවියන් පෙනී සිට ඔහුට දැක්වූ අදහස් ඔස්සේ පවුලෙන් ඉවත්ව (ඉබාගාතේ) ගිය ඔහු මහළු වයසේදී ලැබුණු දරුවා දෙවියන් වෙනුවෙන් බිලි දීම ඔහුගේ වැදගත් කමයි ( මේ බිල්ල අවසන් මොහොතේ ප්‍රතික්ෂේප කෙරුණු බවත් එසේ බේරුණු දරුවාගේ දරුවන් විසින් යුදෙව් ගෝත්‍ර ඇරඹුණු බවත් මේ කතාවේ සාරාංශයයි ). පිළිම ඇඹීම සහ වැඳීම දෙවියන් වහන්සේ විසින් ඒබ්‍රහම්ට තහනම් කෙරුණු බවක් අප දැන සිටියේ නැත.

      අප දන්නා තරම අනුවනම් "යෙහෝව හා ඒබ්‍රහම් අතර සිදු වන්නේ පුද්ගලික සිදු වීමකි. පසුව එම පුද්ගලික අත්දැකීම යුදෙව්වන්ගේ පොදු ඇදහීමක් බවට පත් වේ." යන ප්‍රකාශය හා එකඟ විය නොහේ. දෙවියන් හා ඒබ්‍රහම් අතර සිදු වන්නේ පෞද්ගලික දෙයක් බව සැබෑය. එහෙත්, 'පසුව ... යුදෙව්වන්ගේ' යන යෙදීම නිවැරදි නැත. මේ අවස්ථාවේ 'පසුව' යනුවෙන් හඳුනා ගත හැකි දෙයක් නැත.

      දෙවියන්ගේ මගපෙන්වීම යටතේ කානාන් දේශයට (?) යන ඒබ්‍රහම් එහිදී දරුවෙක් (ඊසාක්?) ලබයි. ඒ දරුවාගේ දරුවන් 20 (?) විසින් ඇති කරන පරම්පරා 20 ගෝත්‍ර 20 (?) ලෙස සංවිධානය කර ඒ එකතුවයි යුදෙව් ජාතිය ලෙස හඳුනා ගැනෙන්නේ. ඒ නිසා 'පසුව' පොදු ඇදහීමක් බවට පත් වීමට වඩා පොදු ඇදහීම හේතුවෙන් පසුව යුදෙව් ජාතිය ඇති කෙරුණු බවයි අපේ අදහස. මෙහිදී කිව යුත්තේ ඒබ්‍රහම් හා ඊසාක් යන දෙදෙනාම යුදෙව්වන් නොවන බවත් තුන් වන පරම්පරාව ප්‍රථම යුදෙව්වන් බවත්ය. ඒබ්‍රහම් හරි හරි වැඩ කර ඇති බව සිතෙන්නේ ඔහුට දාව දාසියකට ලැබුණු දරුවාගෙන් අරාබි ජාතිකයින් ඇති වුණු බව කියැවෙන නිසාය. ඒ වෙනම කතාවකි.
      ~~~~~~~~~~~~~~~
      කෙසේ වෙතත්, ඉහත කතා සියල්ලෙන් අපට කීමට අවශ්‍ය වන්නේ යුදෙව්වන්ගේ නියම දෙවි වන ජෙහොවඃ වියුක්ත දෙවි කෙනෙක් නොව සංයුක්ත, එනම් පංචේන්ද්‍රිය ඇසුරෙන් අවබෝධ කර ගත හැකි, දෙවි කෙනෙකු වූ බවයි. යුදෙව් දෙවියන් වියුක්ත බවට පත් වීම පසු කාලින, එනම් නූතනත්වය / පුනරුදය සමග ඇති වූ අදහසක් බව අපේ හැඟීමයි. යුදෙව් ආගම පිළිම නොපිළිගන්නා බවත්, ක්‍රිස්තුස් වහන්සේ පවා යුදෙව් අන්තවාදී කණ්ඩායමක නායකයෙකු ලෙස හැසිරෙමින් එක්තරා අවස්තාවක මිනිසුන් වඳින පුදන පිළිම වලට පහර දුන් බව කියැවේ. එහෙත්, පිළිම තහනම මෝසස් සම්බන්ධ කාරණාවක් මිස ඒබ්‍රහම් සම්බන්ද කාරණාවක් නොවන බව අපේ මතකයයි.
      ~~~~~~~~~~~~~~~
      එසේම, සුද්දන්ගේ ගෝඩ් ගැන කිව යුතු වන්නේත්, ඒ යුදෙව්වන්ගේ ජෙහොවඃමත් නොවන වෙනම දෙවි කෙනෙකුත් නොවන අමුතු 'සත්ත්වයෙක්' බවයි. වෙනත් වචන වලින් කීවොත් බටහිර සුද්දන් ඒ ඒ 'සුදු' සංස්කෘති වලට යුදෙව්වන්ගේ දෙවියන් ඒ ඒ ප්‍රමාණ වලින් සංයුක්ත කරගෙන ඇත (රෝමන් කාරයින් රෝම දේව මණ්ඩලය යුදෙව් දෙවියන්ගෙන් ප්‍රතිස්ථාපනය කිරීමෙනි රෝමානු කතෝලික ආගම ඇති වන්නේ---අද පාප වහන්සේ එදා සීසර්ට සම වේ). කාන්තාරවාසි ම්ලේච්ඡ ගෝත්‍රිකයින් විසින් ඒ යුදෙව් දෙවියන්ම තම ම්ලේච්ඡ සංස්කෘතියට ගලපා ගැනීමෙනි ඉස්ලාම් නම් ආගම (?) බිහි වන්නේ.

      අප සිතන අයුරින්නම්, වියුක්ත දෙවියන් වහන්සේ යනු වියුක්ත පුටුවකට නැතිනම් වියුක්ත සරල රේඛාවකට වඩා වෙනස් භූතාර්ථයක් නොවෙයි. ඒ ඒ සංස්කෘති වල වෙසෙන සංයුක්ත දෙවියන් එක භූතාර්ථයක් ලෙස වියුක්තව හඳුනා ගැනීම පිණිස පමණි වියුක්ත දෙවියෙක් සිටිනුයේ. එහෙත් ඒ ඒ මිනිස්සු අදහන්නේ සංයුක්ත දෙවි වරු වේ. උදාහරණයක් ලෙස, ලංකාවේ මීගමුවේ (කාපිරි මිශ්‍ර සිංහල) මිනිස්සු අදහන්නෙත්, මෙක්සිකෝවේ (මායා කාරයින්ගෙන් පැවතෙන) මිනිස්සු අදහන්නෙත් එකම දෙවි කෙනෙක් නොවේ. එහෙත් ඒ දෙගොල්ලන් විසින්ම රෝමයේ වෙසෙන පාප වහන්සේ තම ආගමික නායකයා ලෙස සලකත්. පාපයා මේ ජන කණ්ඩායම් දෙකටම එකෙක් වන්නා සේ දෙවියාද එකෙක් ලෙස සැළකිය යුතු වන බැවිණි වියුක්ත දෙවි කෙනෙක් අවශ්‍ය වන්නේ.
      ---------------
      සැ.යු.: ඉහත (?) ලකුණ යොදා සළකුණු කර ඇත්තේ සැක සහිත කරුණු වේ.

      Delete
    2. සිතුවිළිAugust 8, 2013 at 8:31 AM

      අගනා රචනාවකි, සාකච්චාවට බඳුන් කල හැකි තැන් බොහෝ වෙතැයි පෙනේ.
      මෙවන් අදහසකදී අප අතර සිටින ඒ ගැන ඉතාම දැනුමැති පුද්ගලයා වන ජෝසප්ගෙන් අදහසක් මතුවීම ඉතා කාලෝචිත විය හැක.
      එසේම සිත් හට මේ තුලින් මතුකොට ගත හැකි ප්‍රශ්න බොහෝමයක් ඇතැයිද සිතමි.

      Delete
    3. * http://lankacnews.com/sinhala/main-news/84822/#comment-407828
      * http://lankacnews.com/sinhala/main-news/76982/#comment-351026
      ------------
      ඉහත ලිපින දෙකේ යුදෙව් දෙවියන් ගැන මීට පෙර දුන් පිළිතුරු අඩංගු වේ.

      සාරාංශය ගතහොත්, යුදෙව් දෙවියන් වියුක්ත බව ඇත්තකි. එහෙත් ඒ දෙවියන් වියුක්ත වන්නේ දර්ශනය තුල මිස ඇදහිල්ල තුල නොවේ.

      SiTh, "යුදෙව් දෙවියන් හා ඒ සම්බන්ධ වියුක්ත දැනුම බටහිර සුද්දන්ට ලැබෙන විට එම දෙවියන් සුද්දන්ගේ God බවට පත්වෙන අතර God අතිශය වියුක්ත සංසිද්ධියක් බවට පත්වේ" යැයි කියන විට එයට එකඟ වීම අපහසුය. යෙහොවඃ සැබවින්ම කතෝලික GOD ට වඩා වියුක්තය. ඒ නිසා සිදු වී ඇත්තේ SiTh ගේ ප්‍රකාශයේ අනෙක් පැත්තයි. යෙහොවඃ තරම් වියුක්ත වෙනත් දෙවි කෙනෙක් වෙත්නම් ඒ අල්ලඃ පමණකි. එහෙත් අල්ලඃ අදහන මනුෂ්‍යයෝ වියුක්ත චින්තනයේ දක්‍ෂයින්දැයි යනු ප්‍රශ්නයකි. මේ ප්‍රතිඋදාහරණය මගින් ආචාර්ය නලින් ගේ, වියුක්ත යුදෙව් දෙවියන් හේතු කොටගෙන බටහිර වියුක්ත චින්තනය පැන නැගුනු බවට, වන ප්‍රවාදය බිඳ වැටෙනු ඇතිදැයි නොදනිමි.

      Delete
    4. ඉහත සටහනට ඌනපූරනයක් කළ යුතුව තිබූ නමුදු නොවැළක්විය හේතු මත ඒ කළ නොහැකි විය​. පළමුව කිව යුත්තේ නලින් ද සිල්වාගේ ලිපියක් අප උපුටා දැක්වූයේ අප ලියූ දේ ගැන සිතා බැලීමට අප පෙලඹුනේ ඒ නිසා බැවිනි. ඒ මිසක නලින් ද සිල්වා දක්වා ඇති අදහස් සනාථ කිරීමක් හෝ බිඳ හෙලීමක් හෝ අපගේ අරමුණ නොවූ අතර අප කියන දෑත් ඒ මහතා කියන දෑත් අතර වෙනත් අකාර වල සම්බන්ධතා හඳුනා ගැනීමක් ද නුවණට හුරු නොවනු ඇත​. දෙවනුව කණිෂ්ක හා Josephගේ ප්‍රතිචාර වලට බෙහෙවින් තුති පුදමි. (Josephගේ එක යොමුවක් අපටම දුන් පිළිතුරක් වන අතර අනෙක අපට අළුත් දෙයකි. එම සටහන් දෙකෙන්ම අපගේ දැනුම වැඩිදියුණු වූ අතර ඒ ගැන Josephට නැවත තුති.) තෙවනුව කිව යුත්තේ අප වෙසෙසින් Josephගේ අදහස විමසූයේ අප follow කරන ලද 30mins crash-course බයිබල් පාඩමේ අපට මඟ හැරුනු තැන් තිබිය හැකි බැවින් එවන් දොස් නිදොස් කර ගැනීමේ අරමුණෙන් ද යුතුව බවයි. අප ලියා ඇති ආකාරයේ ඇති අවුල් සහගත බව නිසා වැරදි වැටහීම් කිහිපයක් ඇතිව තිබෙන බව පෙනෙන නමුත් කණිෂ්ක හා Joseph දක්වා ඇති කරුණු සමස්තයක් ලෙස අපගේද අදහස වේ.

      Delete
    5. @ කණිෂ්ක​: "පසුව එම පුද්ගලික අත්දැකීම යුදෙව්වන්ගේ පොදු ඇදහීමක් බවට පත් වේ." ලෙස කීමේදී යුදෙව්වන් බොහෝ කලක සිට සිටි බවක් කෙනෙකුට හැඟී යා හැකි මුත් එවන් අදහසක් අපට නොවීය​. කෙසේ වෙතත් ඔබ දක්වන අදහසට අමතරව පළමු යුදෙව්වා ගැන බොහෝ මත තිබෙන බව ජාලයේ ඇති දෑ අනුව පෙනේ. [බලන්න www.keyway.ca/htm2005/20050219.htm හා www.chabad.org/library/article_cdo/aid/652019/jewish/Who-is-considered-the-first-Jew-and-why.htm] මේ බොහොමයකට අනුව පළමු යුදෙව්වා ඒබ්‍රහම් (අබරං ?) වේ. මේ කොයි මතයේත් ජීවවිද්‍යාත්මක පියාට ඇති සම්බන්ධය ඇදහිල්ලෙන් වෙන් කරන හැටි පෙනේ. පළමු යුදෙව්වා කවුරු වුවත් ඒ ගැන අපට කාරියක් නැත​. එමෙන්ම ----"මෙහිදී කිව යුත්තේ ඒබ්‍රහම් හා ඊසාක් යන දෙදෙනාම යුදෙව්වන් නොවන බවත් තුන් වන පරම්පරාව ප්‍රථම යුදෙව්වන් බවත්‍ ය. ---- පිළිම තහනම මෝසස් සම්බන්ධ කාරණාවක් මිස ඒබ්‍රහම් සම්බන්ද කාරණාවක් නොවන බව අපේ මතකයයි.​"----- යනු හරී දේ නම් අපි ඒ පිළිගනිමු.

      එකම සංස්කෘතියක වුව එකමදෙවි අදහන දහ දෙනෙකුගෙන් මේ එකමදෙවි ගැන ඇසුවොත් දහ ආකාරයක පිළිතුරු ලැබෙන බව ඔබට පෙනෙනු ඇත​. එමෙන්ම, එකම පුද්ගලයෙකු වුව වයස දහයේදී විස්සේදී ආදී ලෙස මේ එකමදෙවි ගැන සිය අදහස ලියා තැබුවේ නම් එකිනෙක වෙනස් සටහන් රැසක් ලැබෙනු ඇත​. වෙනස් සංස්කෘති ගැන කියනු කවරේද​? වෙනත් වදනින්, එකමදෙවි(ලා) අපරිමිත සංඛ්‍යාවක් පවතී. මේ කොයි සිදුවීමෙත් වන්නේ මනෝ විඥ්ඥාණයාගේ ඉපදීමත්, නිරුද්ධ වීමත් ම පමණි. එසේ වුව මේ එකමදෙවි ගැන සංයුක්ත වියුක්ත සංකල්ප ඇසුරින් සංවාදයක් කිරීමේදී අපට මෙම "ලෝක සූත්‍රයේ" දැක්වෙන මඟ මගහැර යාමට සිදු වනු ඇත​.

      Delete
    6. @ Joseph: "යෙහොවඃ සැබවින්ම කතෝලික Godට වඩා වියුක්තය." ---- ඔබ හරිය​. එමෙන්ම​, කොතෝලික Godට වඩා ක්‍රිස්තියන් God නොහොත් ප්‍රොතෙස්තන්ත God වියුක්ත වන්නේ නේද​? බොහෝ කතෝලිකයන් God තේරුම් ගන්නේ මනුස්සයෙකු වූ Jesus ඇසුරින් සේ පෙනෙන අතර Jesusගේ පිළිම රූප ඕනෑ තරම් තිබේ. දැන් Jesus හා God එකම නම් කතෝලික God අතිශය සංයුක්ත වේ. මෙය ලංකාව ඇතුළු කතෝලික රටවල පොදු තත්වය සේ පෙනෙන අතර අනෙක් නිකායන් මෙන් නොව කතෝලික සමය ලංකාවේ මුල් බැස ගැනීමට මෙම සංයුක්ත God බෙහෙවින් බලපාන්නට ඇත​. කෙසේ වෙතත් අපගේ ඉහත සටහනේ ".....අතිශය වියුක්ත සංසිද්ධියක් බවට පත්වේ." ලෙස අප අදහස් කෙළේ (ඉහත කණිෂ්ක විසින් ද සඳහන් කළ පුනරුද සමයේ මෙන්) බටහිර උගත් බුද්ධිමත් පඬිවරුන් සම්බන්ධයෙන් පමණක් මිස සියළු ජනයා සම්බන්ධයෙන් නොවේ.

      "එහෙත් අල්ලඃ අදහන මනුෂ්‍යයෝ වියුක්ත චින්තනයේ දක්‍ෂයින්දැයි යනු ප්‍රශ්නයකි."------ ගණිතයේ ඉගැන්වෙන algebra හි ඇරඹුම (al-jabr) හා වදනේ අරුත අරාබි-ඉස්ලාම් ප්‍රජාව හා සම්බන්ධය​. ඒ යම් ආකාරයක වියුක්ත චින්තනයක ඇරඹුම සේ සැලකිය හැක​. එහෙත් පසුකාලීනව මූලධර්මවාදීන් බලවත් වීම සමඟ අල්ලා ඇදහීම මොහොමඩ් අනුකරනය කිරීමක් ලෙසට සරලකරණය කෙරින. මෙය ඉස්ලාමයේ ශීඝ්‍ර ව්‍යප්තියට මෙන්ම ඒ හා සම්බන්ධ දේශපාලන හා ආර්ථික බල අධිකාරයට ද ඍජුවම සම්බන්ධය​. දැන් මුස්ලිමුන්ට ආගම අදහනවා යැයි කියා කිරීමට ඇත්තේ බිංදුවේ සිට වුව උත්සාහයෙන් කටයුතු කිරීමත්, වෙළෙඳාමෙන් හැකිතාක් ධනය ඉපයීමත්, කපටිකමින් හා මැරකමින් වුව ධනයත් ඉඩකඩම් දේපළත් රැස් කිරීමත්, හැකිතාක් ළමයි හැදීමත්, හරක් මස් ආදී හලාල් කෑමත්, පස් පාරක් වැඳීමත්, දිග රැවුලක් වවාගෙන ගෑනිට රෙද්දක් පෙරවීමත්, ඉඩක් ලද විගස මිත්‍යාදෘෂ්ඨික පිළීම හා ගස් වඳින්නන් මරා දැමීම හෝ හරවා ගැනීමත් ය​. මේ මොහොමඩ් එදා කළ දේය. මේ දේ අදට ගැලපෙන ලෙස උලමුන් කියා දුන් පසු සංයුක්ත මොහොමඩ් අනුකරණය කර දෙව්ලෝ යෑම මිස වියුක්ත අල්ලා ගැන වෙනත් දේ කර-කියා බෙල්ල කපා ගන්නා මුස්ලිමුන් දැන් නැත​.

      lankacnews.com/sinhala/main-news/76982/#comment-351026 ගැන; "ඩාවින්චි හා ඇන්ජිලෝ වතිකානුවේ පල්ලි වල ඇඳ ඇති රැවුල් වවා ගත් මැදි වයස් ශක්තිමත් පුරුෂයෙක් වන දෙවියන් විසින් මිනිසා මැව්වා යැයි තවදුරටත් උගන්වන්නේ නැත. දැන් කියන්නේ බුද්ධිමත් නිර්මාණයක් කර ඇති බවයි."

      අප ඔබෙන් එකමදෙවි සත්ත්වයෙකු දැයි ඇසූයේ මේ පටැලවීම අපට තිබූ බැවින් ද ඔබේ මෙම කොමෙන්ටුව අප නොදුටු බැවින් ද ඔබෙන් 'හරි පිළිතුර​' අපේක්‍ෂා කළ බැවින් ද වේ. සුභාරංචි කරුවන් ඇතුළු බොහෝ බැතිමත් කිතුනු පිරිස් අපට කියා දුන් ලෙස ඔවුනට God යනු සංයුක්ත සංකල්පයක් බවත් ඉහළට ඉගෙනගත් පිරිස් කියන ලෙසට ඔවුනට God යනු වියුක්ත සංකල්පයක් බවත් අපට පෙනින​. එදා ඔබෙන් නිරාකරනය කර ගැනීමට අවැසි වූයේ එම අවුලයි. "අද විද්‍යාව දියුනු වෙලා එයින් මැවුම් වාදය කුනුගොඩට යා යුතු යැයි සමහරු සිතා සිටිති. මේ නම් හිවල් බලාපොරොත්තුවකි." ලෙස Joseph කියන දෑ වැදගත් සේම ඒ අපගේද මතය වේ.

      lankacnews.com/sinhala/main-news/84822/#comment-407828 ගැන​: මෙහිදී යනු මාරයා හෙවත් පරිනිම්මිත වසවර්තී දෙව් ලෝ අධිපති වසවත් මාර දෙව් පුත් God ලෙස අරුත් දැක්වූයේ කිතුනු-ඉස්ලාම්-යුදෙව් එකමදෙවි වියුක්ත සංකල්පයක් ලෙස ගැමි බොදුනුවන්ට විස්තර කිරීම අපේ සංස්කෘතියා හා චින්තනය තුළ ඵල රහිත බැවින් සංයුක්ත සංකල්පයක් ලෙස ගැමි බොදුනුවන්ට විස්තර කළ හැකි හොඳම හා නිවැරදිම ක්‍රමය ඒ බැව් අපගේ අදහස වූ බැවිනි. (අනුන්ගේ God ගැන අපට වැඩක් නෑ-ඒ ගැන නොහිතා හිටු යන ක්‍රමය බාහිර ආගමික ආක්‍රමණ හමුවේ සාර්ථක ක්‍රමයක් නොවේ.) එම සංවාදයෙන් අප ඉවත් වූයේ කාරියබහුල වීම සේම ඊටත් වඩා එහිදී මතු වූ ඇතම් පැන වලට පිළිතුරු දෙතොත් පුළුන් ගෙදර නිලා නොව මෝටාර් ගැසීමට සිදුවන නිසාත් ඔබ පසුව ලියා තිබූ ලෙස "මට පිස්සු වගේ" තත්වයක් අපටද තරමක් හටගත් නිසාත් එවන් සංවාදයක් සඳහා හරිතැන එතැන නොව මෙතන බව තේරුනු නිසාත් ය​.

      Delete
  18. සිතුවිළිAugust 11, 2013 at 3:55 PM

    කණිෂ්ක, අගෝස්තු 8වැනිදා සිට සියල්ල එකතැන නැවතිලා!
    අළුත් ලිපියකට කාලේ හොඳයි නේද?
    ගොඩ වෙලා බලන අයට පාළුවක් නොදැනෙන්න නව ලිපි පල වන ආකාරයේ යම් ක්‍රමවත් බවක් ඇති කර ගතහොත් කෙසේද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.

      හිටි ගමන් දවසකට ප්‍රතිචාර දුසිමක් දෙකක් එනවා, එදාට කියවල ඉවරයක් නෑ. වෙන දවස් වලට දවස් දුසිමකටත් කියවන්න කිසි දෙයක් නෑ. මේ ගැන මොනවා නමුත් කරන්න වෙනවා.

      K,
      මේ දවස් වල ලියන්න දෙයක් නෑ කියලනම් කියන්න එපා. කොයි තරම් දේ තියෙනවද මේ දවස් වල කතා කරන්න.

      උදා:
      * රතුපස්වල
      * DCD
      * පළාත් සභා චන්දෙ ගැන
      * දකුණු කොළඹ අලුත් දිය කඩනය ගැන

      මේ වගේ කාලින මාතෘකා ගැන බොහෝ දේ ලියන්න හැකියි. ඒවාට කැමති නැත්නම්, කතරගම හරි නුවර හරි පෙරහැර ගැන ලියන්න පුළුවන්. කිසිම දෙයක් නැතිනම් විනෝද සමයමක් වත් දාන්න. ඇයි නිහඬ ?

      ඇත්තටම පැරණි ලිපි (විශේෂයෙන් පෝය ලිපි) අරගෙන බැලුවොත් උත්තර නොදුන් ප්‍රශ්න තියෙනවා කප්පරකට.

      Delete
    2. සිතුවිළිAugust 13, 2013 at 10:33 AM

      ජෝසප්,
      භික්ෂු වේශධාරී ප්‍රාදේශීය සභා මන්ත්‍රීයෙකු මුස්ලිම් පල්ලියකදී කල කතාවක් ඔබ දකින්නට ඇති කියා සිතමි. ඒ ගැන ඔබ දරන අදහස් කෙබඳුදැයි දැන ගැන්මට කැමැත්තෙමි.
      බුද්ධ චීවරය මුස්ලිම් ගැහැනුන්ගේ බුර්කාවට සම කල මූ කෙරෙහි බෞද්ධයන් කෙසේ පිළිපැදිය යුතුදැයි විමසීම නොවටීද?

      Delete
    3. @ සිතුවිළි: Josephගෙන් ඔබට පිළිතුරු ලබෙනු ඇත​, එතෙක්; ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කියන දෑ එතරම් බරපතල ලෙස මෙරට කිසිවෙකු විසින් හෝ නොසැලකේ. (බොහෝ ඇමතිවරුන් ගැන වුව ඒ සාධාරණය​.) මෙම කතාව හා අසා සිටීම යන දෙකම දෙපිරිසේම කැමැත්තෙන් මිස කිසිඳු බලහත්කාරයකින් සිදු වූ බවක් නොපෙනේ. තමන් අතිශය උතුම් කාරියක් සේ සලකන උපවාස සමය අවසන බෞද්ධ භික්‍ෂුවකගේ අනුශාසනා වලට සවන් දීම මුස්ලිමුන්ගේ කැමත්ත නම් ඒ, ඒ ඇත්තන්ගේ කැමැත්තය​. මෙය ඉස්ළාමයේ බංකොලොත් බවක් ද වෙනත් යමක් ද කීමට අප නොදනිතත් ඒ ගැන අපට කිරීමට දෙයක් නැත​.

      Delete
    4. සිතුවිළිAugust 13, 2013 at 1:50 PM

      සිත් ඔබගේ මතය හා ගැටුමක් නැත.
      ප්‍රා සභා මන්ත්‍රී කෙනෙකු කියන දෙය අප ගනන් ගන්නේ නැත.
      එහෙත් බෞද්ධ භික්ෂුවක කියන දෙය අප ඉහලින් පිළිගනිමු.
      අදාල මන්ත්‍රී වරයා සිවුරක් දරන විට?
      මාගේ ගැටළුව එයයි.

      Delete
    5. සිතුවිළි සහ ජොසෙෆ්,

      ඔබ ඔය ප්‍රකාශය LcN හැර වෙනත් මාධ්‍යයකින් තහවුරු කර ගත්තාද? වටරැක විජිත හිමියෝ නැමැත්තා විසින් කළැයි කියන ප්‍රකාශය ගැන මේ පුවත ඒ අඩවියෙන් කියැවූ අපට මේ සියලු දෙනා බොරු කියන බවයි සිතෙන්නේ.

      ඉහත පුවතට අනුව නම් විජිත නැමැත්තාට ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් දුන් පොරොන්දුවක් තිබෙයි. මේ පොරොන්දුව කවදා කොතැනදී කවුරුන් ශාක්‍ෂි කොටගෙන කෙරිණි දැයි මේ පුවතේ සඳහන් නොවේ. එය අඩුපාඩුවකි.

      විජිත නැමැත්තා ප්‍රකාශ කර ඇත්තේ "ජූලි 12 වනදා ඤාණසාර හිමියන් ඇතුළු පිරිසක් මහයංගනය පන්සලට ගොස් රාත‍්‍රී කාලයේ සාකච්චාවක් පැවැත්වූ බවත්" ඊට පසුදා එනම් "ජූලි 13 වනදා මුස්ලිම් පල්ලියට පහර දී ඌරු මස් කොටස් ගෙනවිත් දමා තිබුණු බවත්" ය.

      පුවත LcN විසින් පල කෙරෙන්නේ මේ කියන දිනයට පෙරයි.
      ---------------
      පොරොන්දු වූ ලෙස සිවුරු හැර යන්නැයි ඤාණසාර හිමිට වටරැක විජිත හිමියෝ කියති
      August 13, 2013 at 12:01 am | lanka C news
      ---------------
      එනම්, 13 දිනය එළඹෙන විටම වෙනත් වචන වලින් කිවහොත්, උඩරට මුස්ලිම් කවුන්සිලය විසින් සංවිධානය කර කිබූ විශේෂ උත්සව සභාව ඇරඹීමටත් පෙරම, එසේම වජිර නැමැත්තා එම සභාව ඇමතීමට පෙරම පුවත ප්‍රකාශයට පත් වී තිබේ. මෙය සිදු වූයේ LcN ට දිව්‍යඥානය පහල වූ නිසා නොව වජිර විසින් තම ප්‍රකාශය LcN වෙත කලින්ම ලැබීමට සැලැස්වූ නිසා බව අපේ උපකල්පනයයි.

      එය එසේනම්, අප කලින් නොදැන සිටියත් වජිර නැමැත්තා විමල් විරවංශ උපාසක තැනට 'සර්' කියන ඔහුගේ පක්‍ෂයේ ගැතියෙක් වීමට ඉඩක් පවතී. එවැනි විටක විමල් විරවංශ දේශප්‍රේමී තැනගේ හා ඔහුගේ දේශපාලන ව්‍යාපාරයේ සටකපට කම ගැන මිස සිවුරු දා ගත් මේ මනුෂ්‍යයාගේ කටින් පිට වූ වචන ගැන කතා කිරීම පලක් නැත.

      බුරන බල්ලන්ට බනින්නෝ මෝඩයෝය. ඒ ලිපියට වැටුණු සියලු ප්‍රතිචාර නොකියවූවත් අපේ මිතුරු ජොසෙෆ් තුමා ඊට ප්‍රතිචාර නොදක්වා සිටියේ මේ හේතුවෙන් නම්, එය අගය කරමු. අප විසින් අපෝහනය කළ දේ වැරදි නම් විමල් විරවංශ දේශප්‍රේමී තුමාට අපේ කණගාටුව ප්‍රකාශ කරමු.

      Delete
    6. සිතුවිළිAugust 14, 2013 at 8:27 AM

      කණිෂ්ක,
      ඔබ කියන දින වකවානු කථාව මට පැහැදිලි නැත.
      අදාල ප්‍රා. මන්ත්‍රී කියන මහියංගනයේ සාකච්චාව ප්වත්වා ඇත්තේ ජූලි මස 12 දින හා පහර දීම සිදුව ඇත්තේ ඊට පසු දින හෙවත් ජූලි මස 13දායි.
      මෙම කථාව සී නිව්ස් වාර්තා කරන්නේ අගෝස්තු මස 13දා එනම් මසකට පසුවයි.
      එසේම මුස්ලිම් කවුන්සිලයේ මේම ප්‍රකාශය කල බව දැක්වෙතත් එම රැස්වීම පැවති දිනය මෙම පුවතෙහි වාර්ථා නොවෙයි. එනමුත් අදාල ප්‍රකාශ්යෙහි වීඩියෝ පටයක්ද එහි ඇතුලත් කොට ඇත (ලිපිය කියවූ මුත් වීඩියෝව නොබැලුවෙමි )
      ඔබ කියන ආකාරයෙහි දින වකවානු ගැටළුවක් මාහට නිරීක්ශනය නොවුනි.
      ඉතින් ඔබ කියන නිගමනය කෙසේ එලැඹුනක්දැයි මා හට සිතා ගත නොහැක.
      කෙසේ වෙතත් අදාල ප්‍රා. මන්ත්‍රී ගේ දේශපාලනය හෝ, කාට නමදින්නෙකුදැයි මාහට කිසි සේත්ම වැදගත් වූයේ නැත.
      මා ප්‍රශ්න කලේ මෙවැන්නෙකු බුද්ධ චීවරයක් දැරීම මොන තරම් සසුනට නිගාවක් හා හානියක්දැයි යන්න පමණි.
      සැබැවින්ම මෙය සසුනට ඇති පැනයක් මිස දේශපාලනික කරුනක් නොවේ. එහෙත් සසුනත් අරාජිකය.

      Delete
    7. @ කණිෂ්ක​: ඔබේ ලියමනේ ජූලි 12-13 හා අගෝස්තු 13 පැටලවී ඇති දැයි සැක මතු වේ. කෙසේ වෙතත් මෙම සිදුවීම පිටුපස අහවල් දේශප්‍රේමි තුමා හෝ වෙනත් තුමෙකු හෝ සිටීමට ඉඩ ඕනෑ තරම් ඇත.

      (දන්නැති හින්දයි අහන්නේ)-මෙම මන්ත්‍රී හිමියන් කුමන පක්‍ෂයකින් ප්‍රාදේශීය සභාවට තේරී පත් වීද​?

      Delete
    8. @ සිතුවිළි: "බෞද්ධ භික්‍ෂුවක කියන දෙය අප ඉහලින් පිළිගනිමු."------මෙය සාමාන්‍ය තත්ව යටතේ අපේ හැසිරීමයි - නැතහොත් අපේ සාම්ප්‍රදායික ප්‍රතිපත්තියයි. එසේ වුව​, කවුරු කීවත් සිහි බුද්ධියෙන් ඇසීමත්, (වෙසෙසින් බුදුදහම හා සබැඳි දෙයක් නම්) දහමට හා විනයට ගැලපේ නම් පිළිගැනීමත් ඊටම අයත් ය​. දෙසුමෙහි වරදක් හෝ යම් නොගැලපීමක් වේ නම් කෙනෙකුට යුද ප්‍රකාශ කළ හැකි මුත් අප බොහෝ විට නිහඬව ඒ බැහැර කරමු.

      එමෙන්ම​, මෙහිදී මෙම ස්වාමීන්වහන්සේ අමතන්නේ "අපට​" හෝ බොදුනුවනට හෝ නොව මිත්‍යා දෘෂ්ඨික (බොහෝවිට, ඡන්ද දායක) පිරිසකට ය​. එවන් විටෙක උන්වහන්සේ ගන්නා මඟ අපේ සම්ප්‍රදායට වෙනස් විය හැක​. මෙහිදී උන්වහන්සේ මිත්‍යා දෘෂ්ඨියේ ඇති බරපතල බවත්, තෙරුවණේ ගුණයත් මේ පිරිසට පැහැදිලි කෙළේ නම් ඉතා වටනේය​. ඒ, එම පිරිසගේ මෙලොව පරලොව හිතසුව වනු ඇත​. ඒ වෙනුවට මිත්‍යා දෘෂ්ඨිය අගය කෙරෙමින් හා අන් භික්‍ෂූන් වහන්සේ දොස් දක්වමින් සිය දෙසුම කිරීම වරදෙකි.

      ඇතම් විටෙක, දේශපාලන කතා මිස මිත්‍යා දෘෂ්ඨියේ ඇති බරපතල බව හෝ තෙරුවන් ගුණ හෝ උන්වහන්සේ නොදැන සිටියා විය හැක​. නැතහොත් උන්වහන්සේට පැවැරුනු කාරිය උන්වහන්සේ ලද උපදෙස් අනුව කළා විය හැක​. විවිධ භික්‍ෂූන් වහන්සේ කලින් කල ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පවා බුදුදහමට අදාළ මෙන්ම අදාළ නොවන ද විවිධ දේ ගැන මතබේදයට ලක්වෙන කරුණු දෙසූ අවස්ථා ඕනෑ තරම් වේ. එවන් විටෙක​, ඔබත් lankacnews හි අදහස් පල කරන අති බහුතරයක් බොදු සේ පෙනෙන පිරිසත් ගැටළුවක් කරගෙන ඇත්තේ උන්වහන්සේගේ දෙසුමට වඩා ඊට සවන් දෙන පිරිස බව පෙනේ. බොදුනුවාට බරපතල ගැටළුවක් විය යුත්තේ උලමෙකු පැමිණ සිල් ගත් උවසුවනට බුදුදහම හෝ ඉස්ලාමය හෝ දෙසන්නේ නම් මිස භික්‍ෂුවකගේ දෙසුමක ඇති දොස් නොවේ.

      අන් ආගම් ඇදහීම් හෙළා දැකීමට ඉගැන්වෙන​, අන් ආගමිකයන් හා සිද්ධස්ථාන වැනසීමට කියා දෙන ආගමකට අයත් පිරිසක් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකගේ දෙසුමකට සිය ආගමේ වැදගත් දිනයක සවන් දීම ම වටිනා දෙයකි. (දේශකයන් වහන්සේ බයිලා දෙසීම වෙනම කරුණෙකි.) මෙවන් දේ එම ආගමේ උලමුන් ගේ විරෝධයකින් තොරව නිතර සිදු වේනම්, වෙසෙසින් සිල්වත් ධර්මදර භික්‍ෂූන් වහන්සේ ඊට මුල් වේ නම්, ඒ අගය කළ යුතු වෙනසකි. එහෙත් මේ, too good to be true වැනි දෙයක් සේ පෙනේ. යම් භික්‍ෂුවක බුදුදහම ගරහමින් ඉස්ලාමය අගය කෙරෙමින් දෙසන්නේ නම් බොහෝ විට නුදුරේදී සිවුර හැර දමා උලමෙකු වීමට ඉඩ වැඩිය​. එමෙන්ම මේ, භික්‍ෂූන් මුස්ලිමුන්ට බණ කියන​, උලමුන් හා පාදිලියන් බොදුනුවනට දම් දෙසන, දේශපාලකයන් ප්‍රිය කරන වැඩි දියුණු කළ සර්වාගමක ඇරඹුම ද විය හැක​. (එවන් සංක්‍රාන්ති කාලයක් සාමකාමි හැරවීමකට වැදගත් වේ.)

      ඉස්ලාමයේ හා බුදුදහමේ මෙන්ම ඉස්ලාම් සංස්කෘතියේ හා බොදු සංස්කෘතියේ (සමාන නොව​) අති භයානක ලෙස සමරූපි අංග බොහොමයක් ඇති බව අපි දකිමු. අපේ ජාතික ව්‍යයාපාරයේ නියමුවන් අපට ආගන්තුක බටහිර සංස්කෘතිය හා ගැටගැසී ඇති කිතුනු පල්ලිය ආක්‍රමණයනට පහර දීමට මැලි නොවෙතත් අරාබි සංස්කෘතිය හා ගැටගැසී ඇති වඩා භයානක ඉස්ලාම් ආක්‍රමණයට මුකුත් නොකියන්නේ එනිසාද නැතහොත් අල්-ටකියා ක්‍රමවේදයට අසුවීම නිසාද යනු සිතා බැලිය යුතු දෙයකි. (සියල්ල සිදුවන්නේ CIAඑකේ කැමත්තට යන්න අපි බැහැර කරමු.) ඉස්ලාමයට අනුව අල්ලා නම් එකමදෙවි විසින් එවන ලද ගබිරියෙල් නම් දේව දූතයෙකු මොහොමඩ් නම් අහක සිටි මනුස්සයෙකු අල්ලාගෙන දුන් පයින්ඩයක් නිසා ඇති වූවකි. බොහෝ උගතුන්ට අනුව ඒ, යුදෙව් ආගමේ කාන්තාර පරිසරයට ගැලපෙන විකාශයකි. ඉස්ලාමය යනු යුදෙව්, කිතුනු, හා බොදු ඉගැන්වීම් මොහොමඩ්ගේ පුද්ගලික රුචිකත්වයටත්, කාන්තාර පරිසරයටත්, පැවති ගෝත්‍රික සංස්කෘතියටත් සරිලන සේ සකස් (නොහොත් විකෘත) කරන ලද දෙයක් යනු අපගේ අදහසයි. අප වඩාත් පරෙස්සම් විය යුත්තේ එබැවිනි. මේ ඔබේ පැනයට ඕනෑවට වඩා දේ ඇති පිළිතුරක් නම් ඒ ගැන කමත්වා.

      Delete
    9. මේවාට කියන්නේ ඉල්ලන් කනවා කියාය.

      K, අපෙන් ඇසූ ප්‍රශ්නයකට පැනලා දෙන්න ගොස් ඇන ගත් තරම හොඳයි නේද? හූ හූ !

      ඒ ගැන සිතුවිළි හා සිත් විසින් කල පැහැදිලි කිරීම් ඇති නිසා මගේ පැහැදිලි කිරීම හූ හඬින් නිමා වේ.
      ---

      සිතුවිළි,

      මේ උන්නාන්සේ ගොස් ඇත්තේ උලමලාගේ උත්සවයකටයි. සාමාන්‍යයෙන් වවුලාගේ ගෙදරට ගියානම් එල්ලිලා හිටපන් කියා කතාවක් අපි අතර තිබේ. මුන්දෑටත් සිදු වී ඇත්තේ ඒ සන්තෑසියයි. සාමාන්‍යයෙන් ත්‍රස්තවාදීන් රංචුවක් මැදට ගොස් ඔවුන් කෝප ගන්වන දේ කීමට කිසිවෙක් එඩිතර වන්නේ නැත. මුස්ලිමුන් සහ (උලමුන් විශේෂයෙන්) යනු ත්‍රස්තවාදී විභවයක් සහිත සත්ව කොට්ඨාශයක් වූ විට මේ උන්නාන්සේ වඩාත් අසරණය. ඔහු එසේ යන්නේත් ආරාධනයක් පිට බැවින් තවත් අසරණ වේ.

      මොහු වෘත්තීය දෙස්පාලුවෙක් වූ විට තත්ත්වය වඩාත් බරපතලය. ඔහු බලන්නේ මෙතනින් එකතු කර ගත හැකි ජන්ද ගැන මිස බුදුසසුන හෝ තමන්ගේ දායකයන් ගැන හෝ නොවේ. ලංකාවේ පවතින ක්‍රමය ත්‍රස්තවාදියාගේ චන්දයටත් කල්ලතෝනියාගේ චන්දයටත් භූමිපුත්‍රයාගේ චන්දයටත් එකම වටිනාකමක් දෙන විට මේවා බලාපොරොත්තු විය යුතු කරුණුයි.

      Delete
    10. @ Sith,

      මේ උන්නාන්සේ අයිති පක්‍ෂය නම් නොදනී. එහෙත් LcN පසුගිය කාලය පුරාම බොදු බල සේනා සහ ඥානසාර උන්නාන්සේට එරෙහිව ගෙන ගිය ප්‍රචාර සළකන කල මේ උන්නාන්සේ කොටි සංවිධානයේ (දෙමල සන්ධානයේ) හෝ තානාපති කාර්යාලයකින් පඩි ලබන කෙනෙක් උනත් ගැටළුවක් නැත.

      Delete
    11. සිතුවිළිAugust 14, 2013 at 12:54 PM

      සිත් හා ජෝසප් මේ ගැන මතුකොට ඇති අදහස් ඉතා වැදගත් යැයි සිතමි. මෙවන් අවස්ථාවකදී අප මෙලෙස මේවා විමසා බැලීම වැදගත් බව මා සිතමි.
      සසුන රකින මහ නා හිමිවරුන් නැතිනම් සසුන සුරකින සතර වරම් දෙවිවරුන්ගෙන්වත් අපි ඉල්ලා සිටිමු මෙවැන්නන්ගෙන් සසුන රැක දෙන්න කියා...!

      ජෝසප් විසින් කේ හට ""හූ"" හඬකින් සලකා තිබීම ගැන නම් මට දුක හිතුනා එහෙම කරපු එක පව් වැඩක්.
      (ඇත්තටමනම් බකස් ගාලා හිනාවක් පැන්නා කොම්පුටරය දිහා බලාගෙන )

      Delete
    12. අපොයි දිනේ පටලවාගෙන උනු හදියක් !

      හදිසියේ ඒ ලිපිය කියවන අප සිතට නැගුනේ මේ ජූලි මේ ජූලි මිස මේ අගෝස්තු මේ අගෝස්තු කියා නොවේ. මහන්සියෙන් ලියූ සියල්ල එක වැරදි උපකල්පනයක් නිසා පලකට නැති වූ සැටි.

      මේක හොඳ පාඩමක්.
      (මට හූ !)

      Delete
    13. සිතුවිළිAugust 16, 2013 at 12:20 PM

      දිනේ පටලවා ගත්තා මදිවට අවසන් ඡේදයේදී මට මෝඩයා කියලත් කියූ නිසා ඔන්න මමත් එහෙනම් කියනවා

      කේ'ට හූ !!

      Delete
  19. සිතුවිළිAugust 13, 2013 at 1:55 PM

    අගෝස්තු 7 වැනිදා තැබූ සටහනකින් පසු බ්ලොගය අපට තබා කණිෂ්කයන් අතුරුදන් වී ඇති සෙයකි?
    විදෙස්ගතවී වත්ද?

    ජෝසප්, ඔහු කොහිද?

    ReplyDelete
  20. @ සිතුවිළි/Joseph : මේ කොමෙන්ටු දමා ඇත්තේ හදිසියේ කොමාවකින් නැඟිට්ටා සේ පෙනෙන ඔබ දැන හැඳින සිටි කෙනෙකැයි සිතෙන්නේද​...?

    lankacnews.com/sinhala/main-news/99268/#comment-574757

    lankacnews.com/sinhala/news/98887/#comment-571320



    ReplyDelete
    Replies
    1. අනාවැකිකාරයා ගැන අප කිසිවක් දන්නේ නැත.

      Delete
    2. අනාවැකිකාරයා කෙසේ වෙතත් 'හත් වලාමේ' නැමැත්තා නම් මෙහි පැමිණි කෙනෙක් බව ඔහු නමට යටින් කතා32 හි ලිපිනය යොදා ගැනීමෙන් පෙනේ.

      Delete
    3. සිතුවිළිAugust 14, 2013 at 12:42 PM

      මේ අනාවැකියා කවරෙකුදැයි නොදනිමි.

      Delete
    4. අනාවැකියා මාතර ආතර යැයි සිතන්නේද? නැතිනම් ඒ හීන් සැරේ හෝ කෞරුන්ද සම කියා සිතන්නේද?

      මටනම් ඔය තුන් දෙනාම කියන දේ පැටලේ. දැන් පැතුම් නමින් දමන කෙනාත් මේ අය සමග පැටලේ. එහෙත් අනාවැකියා නම් මේ සියලු දෙනාගෙන් වෙනස්ය. ඔහු කවරෙකුදැයි අනුමානයක් නැත.

      [ආතර මාමාට නිවන් සැප ලැබේවා !]

      Delete
    5. සිතුවිළිAugust 16, 2013 at 12:16 PM

      අනාවැකියාගේ බස් වහර මටනම් ඔය එක් අයෙකුගේවත් සමග ගැලපෙන්නේ නැත. (එහෙත් මා වැරදි වීමේ සම්භාවිතාව ඉතා ඉහල බව දනිමි )

      ඒ ආතරනම් විය නොහැකිය. පැතුම් නමින් ලියන්නා ගේ බස් වහර බොහෝ දුරට මා හිත මිතුරු =/? ( කවුරුන්ද සම )ගේම වැනිය.
      අනේ මන්දා සිත් මේ ප්‍රශ්නය ඇසුවේ ඇයි කියා අපට දැනගත හැකිද?

      ආතර මිතුරාට මමත් නිවන් සුව පතමි.
      (ඒ ඔහු අප හැරගොස් ඇතැයි යන දැඩි විශ්වාසයකින් නොවේ. ජීවත් වන්නෙකුට උවද කල හැකි හොඳම ආශිර්වාදය එය බැවිනි.)

      Delete
    6. @ සිතුවිළි, Joseph : එම පැනය ඇසූයේ අනාවැකි ගේ කොමෙන්ටු කියවූ විට මාතර ආතර සිහි වූ බැවින් ඒ මට පමණක් වූ දෙයක් දෝ යැයි සැක හැර ගනු පිණිසය. අනාවැකි පල කර ඇති තුන හතරක් වූ කොමෙන්ටු වලින් නිගමනයකට ඒම අපහසුය​. අනාවැකි වචන පේලි නොව ඡේද ලියන බව ද පෙනේ. =/? හෙවත් කවුරුන්ද සම නම් කිහිපයක් භාවිත කරන සේ පෙනෙන අතර හීන්සැරේ එසේ නොකරන්නේ ය යනු අපගේ අනුමානයයි. නම් ගම් නැති වෙස්මුහුණු ඇති ජංජාලයේ මේ අප වෙහෙසිය යුතු දෙයක් නොවේ යනු අපගේ අදහසයි.

      ෴_෴ ෴_෴ ෴_෴ ෴_෴ ෴_෴ ෴_෴ ෴_෴

      'නිවන් සැප ලැබේවා' යන්න කෙනෙකු මියගිය පසු කියන දෙයක් බවට පත්ව ඇත. ජීවත් වන කෙනෙකු අරබයා එසේ පැවසීම අද සමාජයේ ගුටිකන සීන් එකක් බවට පත්වෙනු ඇත​. කිතුනුවා හෝ මුස්ලිමා මළ පසු මොක් සුව ලබන ලෙස හෝ ස්වර්ගෙට යන ලෙස බොදුනුවා මළ පසු නිවන් සුව ලබන බව හෝ නිවනට යන බව බොදු නොබොදු ඇතම් පිරිස් සිතා සිටිති. මේ අඩවියේ අප කතාබහ කරන ඉතිහාසය වැනි අනංමනං නොව බුදුදහම හා සබැදි දේ අප සියළු දෙනාගේ නිවන් පිණිස හේතු වාසනා වේවා යැයි අපි පතමු. මාතර ආතර​, සිතුවිළි, කණිෂ්ක, Joseph අතුළු සියළු දෙනා නිවන් සුව ලබත්වා.

      Delete
    7. සිතුවිළිAugust 19, 2013 at 10:15 AM

      ජීවත් වන්නවුන්හට හාමුදුරුවන් පතන්නේ සසර මග කෙළවර පතනාවූ බෝධියකින් අමා මහ නිවන් සුව අත් වේවා කියායි.
      මිය ගිය එකාට අප කවුරුත් නිකම්ම නිකම් "නිවන් සැප ලැබේවා" කියා කියයි.
      මේ භාවිතයන් දෙකෙහි වෙනස මෙන් එහි අදහස් වලටත් අද අප වෙනත් අරුත් දී ඇති සෙයක් පෙනේ.
      එහෙත් බුදු හිමියන් නිවන යන පදයට දුන් අරුතින් පරි භාහිරව "බෞද්ධයා" එය වැහැරීම නොකල යුත්තකැයි මා සිතමි.
      ඒ එසේ වුවත් "බෞද්ධයා" යනු කවරෙකුදැයි යන්නම විමසිය යුතු පැනයක් වූ විට......?

      Delete
    8. බුද්ධ කාලයේ බෞද්ධයින් සිටියේ නැත. බෞද්ධයා යන්නම ඉංගිරිසි කාරයින්ගේ පාලනය තන්ත්‍රය යටතේ ඇති වූ යෙදුමකි. බුද්ධා අදහන උන් හැඳින්වීම පිණිස 'බෞද්ධ' යන වචනය භාවිතා කිරීම මුද්‍රණාල ඇරඹීමෙන් පසුව සිදු වන්නට ඇත. ක්‍රිස්තුස් අදහන උන් හැඳින්වීම පිණිස යෙදෙන කෛස්ත්‍රව (මෙය නිවැරදිව ලිවිය නොහැක-තාක්ෂණික දෝෂයකි) යන්නට සමානව වැහැරෙන වදන හා බෞද්ධ යන්න සමාන බව පෙනේ. (මෙහි සමාන කෙරෙන්නේ අරුත නොව ප්‍රභවයයි)

      සරලවම ගත් කළ බෞද්ධයා යන්නෙහි අරුත බුදුන් අදහන්නා වේ. යමෙක් නිවසේ බුදු පහනක් දල්වන්නේ වේද, පොහොයට පන්සල් යන්නේ වේද, භික්ෂූන් විෂයෙහි ගරුසරු දක්වන්නේ, දානමාන දෙන්නේ වේද, රත්නත්ත්රේ පිහිටයි-තුනුරුවන්නේ සරණයි ඈ ආසිරි වදන් තෙපලන්නේ වේද, මවු-පියන් නමදින්නේ වේද, මේ ආදී බාහිර ලක්‍ෂණයන් කරන කොට ගෙන හෙතෙම බෞද්ධයෙක් නම් වේ. (මේ ටික නිකං k ලීවා වගේ නේද...හික් ! නෑ නෑ, මමමයි ලියුවේ.)

      බෞද්ධයා යන්න වෙනත් අරුත් හි යොදා ගැනීම අපේ නූතන පඬි හිමි වරුන්ගේ කර්තව්‍යයකි. නියම බෞද්ධයා, ලේබල් බෞද්ධයා ආදී පද මේ අනුව ගත් කල වැරදි ව්‍යවහාර වේ. ආචාර්ය නලින්ගේ ඕල්කොට් බෞද්ධයා යන්න පමණක් තරමක් නිවැරදි බව කිව හැක. එහෙත් ඔහු බෞද්ධයා හැඳින්වීමට සිංහල බෞද්ධයා යන්න යොදා ගැනීමනම් තරමක් දුරට ගැටළු ඇති කරයි.

      Delete
    9. සිතුවිළිAugust 20, 2013 at 10:25 AM

      බුද්ධ කාලයේ කෙසේ වෙතත් අද බෞද්ධයෝ සිටිති, එහෙත් බෞද්ධයා යනු කවරෙකුදැයි උන්ම නොදන්නා බවට ඔබ හොඳ සාක්ෂියක් ඉදිරිපත් කොට ඇත.
      ඉතින් නිවන ගැන කුමන කථාද?
      නිවන අයිති මලවුන්ටමය.
      ඉන්න උන් බෞද්ධයෝය
      නිවන් යන්නේ මලාට පසුවය!

      Delete
  21. සියලු සත්වයන්ගේ මනදොල සපුරමින් ඔබ කරන්නාවූ මෙහෙවර වෙනුවෙන් සියවැනි මතකය මා විසින් මෙලෙස සනිටුහන් කරමි.

    ReplyDelete
    Replies
    1. සියලු සත්ත්වයන්ගේ මනදොල කෙසේ සපිරෙන්නේදැයි පැහැදිලි නැති මුත් සියවැනි ප්‍රතිචාරය දැක්වූ ඔබටත් අනෙක් සියලු මිතුරන්ටත් අපේ හදපිරි ස්තූතිය වේ.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !