Friday, May 31, 2013

සත්ව සුභ සාධන විභූෂණ

වෙසක් පෝ දිනයේ අපට අසන්නට / දකින්නට සිදු නොවිය යුතු සිදු වීමක් සිදු විය. ඒ බෝවත්තේ ඉන්දරතන නම් ස්වාමින් වහන්සේ කරුණු කිහිපයකට විරෝධතාව දක්වා දළදා මැදුර අබියසදී සිරුරට ගිණි තබාගැනීමෙන් ඇති වූ දැඩි පිළිස්සුම් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේදී අපවත් වීමයි. මේ සිදු වීම අප දැන ගත්තේ සිකුරාදා නොව ඉරිදා සවස සියල්ල අවසන් වූ පසුව වීම අපේ කම්පනය අඩු කිරීමට හේතු විය. අප පමණක් නොව ලක්දිව බොහෝ ජනයා පෙර නැසූ විරූ මේ පුවතින් කම්පනයට පත් වී සිටින බව සැකයක් නැත.

පහත දැක්වෙන්නේ අප මිතුරු ජොසෙෆ් විසින් මේ සිද්ධිය සහ අනුයාත මාධ්‍ය හැසිරීම අලලා ලියැවුණු රචනයකි. වචන කිහිපයක වෙනසක් පමණක් කර ඒ ලිපිය දක්වමු.

මේ රචනයේ අප ප්‍රිය නොකරන වචන ඇත. එහෙත් ඒවා ඉවත් කිරීම රචනයේ අරුතට හා ඉන් දෙන හැඟීමට කරන්නේ අසාධාරණයකි. උදාහරණයක් ලෙස 'හම්බ' යන වචනය ගනිමු. හම්බයින් යනු අල්ලාහඃ නම් දරුණු දෙවියෙකු අදහන එක් ජන වර්ගයක් පමණි. හම්බයින්ට අමතරව මරක්කල, බෝරා, ජා, පාර්සි, මැලේ, ඇෆ්ගන්, අරාබි ආදී විවිධ වර්ග වල මිනිස්සු මේ දෙවියන් අදහත්. යට දැක්වෙන රචනයේ කතු තුමා මේ වෙනස් කම් ගැන නොසළකා ඉස්ලාම් නමින් හැඳින්වෙන ඇදහිල්ල පමණක් සළකා 'හම්බ' පදයෙන් සළකා ඇති බව පැහැදිලිය.

තවද සඳහන් කළ යුතු වැදගත් කරුණක් වෙයි. මේ රචනය අපට ලැබෙන්නේ සඳුදාය. අප එය දකින්නේ එදා රාත්‍රියේය. වෙසක් ලිපිය පිටම අලුත් ලිපියක් පළ කිරීම සුදුසු නැති නිසාත්, විශේෂයෙන්ම මේ සංවේගජනක පුවතින් අප වෙබ් අඩවිය 'හිට්' කර ගැනීම ඇවැසි නැති නිසාත් මෙය සතියක් කල් පමා කිරීමට තීරණය කළෙමු. මිතුරු කතුතුමා ඒ ගැන උරණ නොවේවා.

කාල වේලාවක් ලැබුනොත්, මේ රචනය ගැන අපේ අදහස් ඉදිරිපත් කරමුව. එතෙක්, ජොසෙෆ් සමග එකතු වී ඒ අසරණ ස්වාමින් වහන්සේට අපද නිවන් පතමු. ඉනුත් නො නැවතී සසර සැරිසරන තුරු මෙවන් අඥාන කම් කිරීමට සිත් පහල නොවේවායි ද වැඩිදුරටත් පතමු.


චිකන් බාබක්යු කිරීම ලංකාවේ ඉහල මධ්‍යම පාන්තික සමාජයේ ආතල් එකකි. විනෝද සමයං (ගෙට් ටුගෙද) හා විනෝද ගමන් (ට්‍රිප්) වලත් විශේෂයෙන්ම මයිල් කෙළින් කරගෙන යන ගමන් (ඇඩ්වෙන්ච ටුව) වලත් මෙය අත්‍යාවශ්‍ය විනොදාන්ගයකි. කැලේ කුඩාරමක් අටෝගෙන බාබේරියන් නමින් අද හැඳින්වෙන අර්ධමනුෂ්‍ය සත්ත්වයාගේ ගති සිරිත් අනුගමනය කරමින් කරන මේ මස් පුළුස්සා අනුභව කිරීම එකී බාබේරියන් සත්ත්වයාගෙන් පැවතෙන යුරෝපීය මනුෂ්‍යයාගේ සභ්‍යත්වයට කොතරම් ගැලපුනත්, අවුරුදු 2600 ක ඉතිහාසයක් ගැන උදම් අනන, අනන්‍ය වාපි (වාරී නොවේ) සංස්කෘතියක් හා ගොවිතැනක් ගොඩ නැගූ ජාතියකට තරම් වේදැයි සළකා බැලීමට මේ කාලයයි.

හදිසියේ බාබක්යු ගැන සිහි වූයේ ඇයි කියා කෙනෙකුට ගැටළුවක් විය හැකියි. අපට එය සිහි වූයේ ඇමරිකානු හමුදාව විසින් ඉල්ලං කෑමට පෙරාතුව ඇමරිකානු අනුග්‍රහ සහිතව වියට්නාමයේ බලයට පත් ක්‍රිස්තියානි ආණ්ඩුවේ තිරය පිටුපස ප්‍රබලම චරිතය වූ න්හුඃ ආරියාව (මදාම් න්හුඃ) ලෙස හැඳින්වුණු කාන්තාව විසින් කළ ප්‍රකාශයක් සිහි වීමෙනි. ඈ ගැන විස්තර අන්තර්ජාලයේ ඇත. කියවා ගැනීම තම තමන් සතුය. මෙතැනට අදාළ වන එකම දෙය ඒ ක්‍රිස්තියානි රෙජීමයේ දුර්දාන්ත ක්‍රියා හා බෞද්ධයින්ට එරෙහිව කෙරුණු වර්ගසංහාර ක්‍රියාවන්ට එරෙහිව ජනමතය ගොඩ නංවනු වස් ස්වකිය කලේබරය ගිණි දැල් වලට පාවා දෙමින් ත්'ට් ක'වෑන් ඩ' හිමිපාණන් විසින් කළ උදාර ආත්ම පරිත්‍යාගය සමච්චලයට ලක් කිරීම පිණිස ඈ විසින් කළ උද්දච්ච හා තකතීරු ප්‍රකාශයයි (clap hands at seeing another monk barbecue show). "මේවා බල බල අපිට පට්ට ආතල්, තව මේ වගේ බාබක්යු කරන්න කැමති මෝඩයෝ ඉන්නවනම් දෙවියන් වහන්සේගේ නාමයෙන් අපේ ආණ්ඩුව ගානේ තෙල් සලාකයක් දෙන්නම්" යනු ඇගේ ප්‍රකාශයේ සිංහල අනුවාදයයි. මෙවැනි ප්‍රකාශ කීයක් අපි වෙසක් දින සිට අද දක්වා ඇසුවෙමුද?

මේ ප්‍රකාශ වලට හේතුව ගව ඝාතනයට විරෝධය පා (යැයි මාධ්‍ය විසින් වැරදියට පෙන්වා දෙනු ලැබූ) එක්තරා භික්ෂූන් වහන්සේ නමක් වෙසක් දිනයේ දළදා මාළිගාව අබියසදී සිරුරට පැට්‍රල් හලාගෙන ගිණි තබා ගැනීමයි. ගව ඝාතනය හෙවත් හරක් මැරීම තබා අම්ම-අප්පා මැරීමට වත් විරෝධය දැක්වීම පිණිස තමන් දිවි නසා ගැනීම අපි අනුමත නොකරමු. මේ දිවි නසා ගැනීම හේතුවෙන් දිවි රැකුණු එක ගොනෙක් වත් නැත. නමුත් සුවර්ණවාහිනිය යැයි නම් කෙරුණු පාපවාහිනියේ උන් නම් අම්බානක හිට්ස් (එනම් ප්‍රේක්ෂක දර්ශන) වැඩි කර ගත් බව පෙනිණි. බැලූ උන් ගොන්නු නම් පෙන්නූ උන් ඒ ගොන් මරාගෙන කෑ හම්බයෝ !! මේ අතර වෙබ් අඩවි මේ මළකුණ තවමත් විකුණන් කෑමට හදයි. ඒ අතර බංකොලොත් දේශපාලුවෝ, මින් තමන්ට ගත හැකි වාසියක් වේදැයි සොයති. උන් කටු කෑමට පොරකන ගිජුලිහිණි ! ගාලු පාර වසාගෙන අඟුරු වී ගිය මිනිය ඉල්ලා උද්ගෝෂණය කළ සිවුරු ඇඳ ගත් අම්බරුවන් පිරිස නම් කෝටුමස් කළ යුතුමය. අර ගොන් වහන්සේ නුවරදී ගිණි තබා ගන්නා බවත්, කොළඹදී ඔහු කලේබරය රෝහලේ දමා පරලෝකප්‍රාප්ත වන බවත්, ඉන් පසුව දෙපැයක් හිමිකරුවෙක් රහිත ඒ කලේබරය කොළඹ තබාගෙන තමන්ටත් වාසියක් සළසා ගත හැකි බවත් මේ අයගේ සැළසුම වූ බවයි අපට පෙනෙන්නේ. මේවා සහගහන අපරාද හලෝ !

මේ පුවත සම්බන්ද වෙබ් අඩවි පුවත් වලට විවිධ පිස්සන් සහ පුස්සන් විසින් දැමුණු ප්‍රතිචාර ගැනද වචනයක් සඳහන් කළ යුතුය. මෙහි උපුටා ගැනෙන්නේ සාමාන්‍යයෙන් අබෞද්ධ වන එහෙත් බෞද්ධ ලෙස පෙනී සිටින මාක්ස්වාදී පක්ෂයක් විසින් නඩත්තු කෙරෙන එක්තරා වෙබ් අඩවියක දැමෙන ප්‍රතිචාර පමණි.
  1. "වෙස්සන්තර හිස දන් දුන්නක් සේ මේ හිමියන් කල මේ උදාර පැතුම, ඒ ආකාරයෙන්ම ඉෂ්ටසිද්ද වේවා, සාදු, සාදු, සාදු." --- ගුබ්බෑයමේ සමරේ
    ඉන්නේ ගුබ්බෑයමේ, නම සමරේ. පැතුම උදාරයි ලු. හැබැයි වෙස්සන්තර දුන්නේ මොනවද නොදුන්නේ මොනවද දන්නේ නෑ.
  2. "බුදුරජානන්වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුද්ධත්වයට පත්වුණේ හරක්ව ඝාතනයෙන් නිදහස් කර ගන්න නම් නෙමෙයි." --- විශ්වවිද්‍යාල සිසුවෙක්
    මහලොකු විශ්ව විද්‍යාල සිසුවා, බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරපු කාලය දන්නේ නෑ, නැතිනම් දැන ගන්න උවමනාවක් නෑ. බුදු උනේ මොකකටද කියල දන්නේ නෑ, බුදු උනේ මොකකට නෙමෙයිද කියල නම් දන්නවා.
  3. "දළදා මැදුර අභියසදී මිනී මස් පුළුස්සන්න බෑ හැබැයි හරක් මරන්න පුලුවන්! පල ඌර යන්න" --- සිංහයා
    මේ එක සිංහයෙක්. දළදා මැදුර අභියස මිනී මස් පිලිස්සුවේ සිවුරක් දා ගත්ත ගොන් වහන්සේ කෙනෙක්. හරක් මරන්නේ හම්බයෝ. හම්බයෝ හරක් මරනවා කියලා ඒකට හිලව්වට මෙයා ගිණි තියා ගත්තම ඔක්කොම හරිද, නැතිනම් වැරැද්ද ඩබල් වෙනවද හලෝ?
  4. "පව පින අපේ සිතේ තියෙන්නේ. මොලේ ටිකක් අවුල් කෙනෙක් තම ගේ ඉස්සරහ තියෙන පොල්පැලයට ප්රානයක් ඇතය් සිතා එය මරාදැමීමට ඉගිල්ලීමෙන් හෝ වස විස දැමීමෙන් , ඔහුට ප්රානඝාතය හා සමාන පවක් ලබෙනවකියා මා සිතනවා." --- අමාරිස් අය්ය
    මේ තව ඒ වගේ මැන්ටල් කේස් එකක්. සිවුර ගිනි ගද්දි බණ අහන්න ඇවිත් ! ප්‍රාණ ඝාතය සිදු වෙන්න කරුණු පහක් සම්පුර්ණ වෙන්න ඕනේ බව එයා දන්නේ නෑ.
  5. "මෙය තණ්හාව නිසා ඈතිවූ තත්වයක්…කච්ජපුට පපුව පෑලී මියගියේ තණ්හාව නිසා….මේ හාමුදුරුවොත් සියදිවි නසා ගත්තේ තම අදහස මුදුන් පමුණුවා ගෑනීමට දෑරූ උත්සාහය ව්යවර්ථ වූ නිසා….එය තෘෂ්ණාව නිසා නොවෙයි නම් වෙන කුමක් ද…?" --- R.Dias
    මේ පාස්ටර් කෙනෙක්, බණ කියන්න ඇවිත්. හැබැයි එයා දන්නේ නෑ, පපුව පැලී මිය ගියේ කච්ජපුට නොවේ කියලා. මේ වගේ බෞද්ධ කමට හැම තැනම ගරහන පාහරයින්ට මේ වගේ පුවත් රජ මගුල්.
මෙන්න මේ විදියටයි මේ මරණය එක එකා අතින් වෙන්දේසි වෙන්නේ.

දැන් බලමු මේ වහන්සේ ලිවුවා කියන ලිපිය.

ඉන්දරතන හිමි විසින් ලියැවුනා යැයි කියැවෙන ඒ ලිපිය
  1. මේ ලිපියේ කරුණු පහක් අන්තර්ගත වේ. එහෙත් මාධ්‍ය වලින් උලුප්පා දක්වන්නේ හරක් මැරීම ගැන පමණි. ඇයි? මේ කාලයේ ට්‍රෙන්ඩ් එක හම්බ විරෝධය වීම හා හරක් මැරීම කෙලින්ම හම්බයින් හා ගැටගැසී තිබීමත්ය. සිංහල ජාතික ව්‍යාපාරය කිසියම් තෝරා ගත් ජන වර්ගයකට 'විරෝධී' විය යුතුද යන ප්‍රශ්නයට වහා පිළිතුරු සොයා ගත යුතුය. ඉහත ලිපියේ ඇති ඉතිරි කරුණු හතරම මේ ඊනියා 'හම්බ විරෝධය' හා කිසි සම්බන්ධයක් නැත.
  2. ත්‍රස්තවාදය තුරන් වේවා යන දෙවන ඉල්ලීම ගනිමු. මෙය දැනටත් සිදු වී ඇත. අනෙක් අතින්, ජේ ආර් උතුමාණන්ගේ සහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ රාජ්‍ය කාලයේ පැවති ලෙස රාජ්‍ය ත්‍රස්තවාදයක් දැන් නැත. වියුක්ත අරුතින් ලෝකය පුරා ඇති ත්‍රස්තවාදය තුරන් කිරීම නම් මෙවැනි හුදෙකලා ගිණි තබා ගැනීම් වලින් මැඩලිය නොහැක. ඒ අරුතින් මේ දෙවන කරුණේ කිසි වැදගත් කමක් නැත.
  3. තුන් වන කරුණ වැදගත්ය. එහෙත්, මාධ්‍ය ඒ ගැන නිහඬයි. ලෝකයේ ඉතා බලවත් රාජ්‍යයක් (හික් හික්) වන වතිකානුවේ අධිපති තුමා විසින් ලංකාවේ බැටළුවන් බලා ගැනීමට පත් කරන ලද බලවත් කාදිනල් තුමා ඉහත පනතට විරුද්ධ වීම හේතුවයි. මේකට ඉතිං දළදා මාලිගේ ඉදිරිපිට ගිණි තියා ගත්තට වැඩක් නෑ. බෞද්ධ චන්ද ගසා කා පාර්ලිමේන්තු ගිය හෙළ උරුමයේ පක්ෂ මුලස්ථානය ඉදිරිපිටයි ගිණි තියා ගන්න ඕනේ. නැත්නම් මැල්කම්ගේ බංගලාව රදගුරු මැදුර ඉදිරිපිට. කාට හරි උණු වෙන්නේ නැතෑ. අහිංසක දළදා හාමුදුරුවන් මේකට ඈඳා ගන්නේ ඇයි ?
  4. හතර වෙනි කරුණ, අහිංසක ප්‍රාර්තනාවකි. මේවා බොළඳ ප්‍රාර්ථනා වේ. බොහෝ යුවතියන් රේල්ලුවට බෙල්ල තියන්නේ, ගඟේ මූදේ පනින්නේ, වස බොන්නේ මේ වගේ ප්‍රාර්ථනා බිඳී ගිය විට තමා. ඒත්, උතුම් චීවරය දරා ගත් භික්ෂූන් වහන්සේ නමක් එසේ කළ යුතුද?
  5. පස් වෙනි කරුණ වැදගත්ය. එහෙත්, මාධ්‍ය ඒ ගැන සම්පූර්ණයෙන් අමතක කර ඇත. මේ ගැන මේ වහන්සේ ගිණි තබා ගැනීමට පෙර කරන ලද කර්තව්‍යයන් වෙත්දැයි අපි නොදනිමු. සමහර විට ඊට හේතුව ජනමාධ්‍ය වල ඉඩක් නොවීම විය හැක. හරිනම් කළ යුත්තේ එවැනි ව්‍යවස්ථාවකට අවශ්‍ය මුලිකාංග කෙටුම්පත් කර ඒ උදෙසා ජනයා ඒකරාශී කිරීම නොවේද? මේ වහන්සේ එසේත් කර කිසි කෙනෙක් නොපිළිගන්නා බැවින් ගිණි තබා ගත්තාවත්ද?
එසේම ඉහත ලිපිය ද සැක සහිත කරුණු වලින් ගහනය. රහස් පොලිසිය විසින් කළ යුතු වැඩ ගැන උපදෙස් දෙන්නට ගොස්, අනේ... මා ඇදගෙන ගොස් බලෙන් උපදෙස් ගන්නට හැකි නිසා ඒ ගැන කතා නොකරමි.

අනුන්ගේ යහපත පතා තමන් ලැබූ දිවිය කැප කළ ඒ වහන්සේට අමා මහ නිවන ප්‍රාර්ථනා කරමි.

මිතුරු ජොසෙෆ් විසින් අපට එවන ලද ලිපිය එපමණයි. එය කියවා අප සිත්හි පහල වූ හැඟුම් සමුදාය පහත දැක්වේ.

කෙනෙක් මිය ගිය පසු ඔහුගේ 'ප්‍රාණ කාරයා' දින හතක් යන තෙක් තමන් ජිවත් වන කාලයේ හැසිරුණු ස්ථාන ආශ්‍රිතව සැරිසරන බවට ගැමියන් අතර මතයක් තිබේ. සමහර විට ඒ ප්‍රාණියා ප්‍රේතාත්ම භාවයක් ලැබ තමන් විසූ තැන් වලටම අරක් ගන්නා බවත් කියැවේ. පසුගිය දින හතේ සිදු වූ කියුම් කෙරුම් අනුව අනේ ඒ කතාව සත්‍ය වී නම් කොතරම් අපූරුද කියා සිතිණි. තමන් වහන්සේගේ ප්‍රාණපරිත්‍යාගය හේතුවෙන් ඇති වූ ප්‍රතික්‍රියා හා ඒ ගැන කියැවුණු විවේචන ගැන දැන ගත හැකි වී නම් ඒ ස්වාමින් වහන්සේ පසුගිය දින සතට සත් දහස් වාරයක් ගිණි තියා ගන්නවා ඇත.

ඉහත ලිපියේ කතු තුමා කියන ආකාරයටම උන් වහන්සේගේ කලේබරය (මිනිය) සමාජයේ එක්තරා කොටසකට නහර පිනන රස අහරක් විය. මේ තත්වය ඉතා ශෝචනීයයි. ලංකා ඉතිහාසයේ දිවි නසා ගත් ප්‍රථම භික්ෂූන් වහන්සේ මුන් වහන්සේ නොවේ. එසේම විරෝධතා කිරීමට ගොස් ජීවිතය අහිමි කර ගත් ප්‍රථම භික්ෂූන් වහන්සේ ද මුන් වහන්සේ නොවේ. එහෙත් විරෝධතාවක් ලෙස දිවි නසා ගත් පළමු නම ලෙස මේ භික්ෂූන් වහන්සේගේ නම ඉතිහාස ගත වේ. එය එසේ විය යුතුද? මේ ආකාරයේ ආත්මඝාතක විරෝධතා සිංහල සංස්කෘතියට අනුකූලද?

එය පසෙක තිබියදී මුන් වහන්සේ විසින් ලියන ලද ලිපිය සළකා බලමු. එය ෆැක්ස් කරන ලද්දක් බව ඉහලින්ම ඇති ඉංගිරිසි අකුරු පේළියෙන් කියැවේ. එහි දිනය අප්‍රේල් මස 23. එහෙත්, ගිණිකෙළිය සිදු වන්නේ මැයි 24. සිදු විය හැකි එක දෙයක් නම් ෆැක්ස් යන්ත්‍රයේ දිනය වැරදි වීම. දෙවැනි එක මේ කර්තව්‍යය මාසයකට පමණ පෙර සිට සැළසුම් කෙරුණක් වීම. තුන් වන විකල්පය, අප්‍රේල් මස 23 දින ෆැක්ස් කෙරෙන්නේ හිස් කොලයක් වීමත් මැයි මස සිද්ධියෙන් පසු හෝ ආසන්න අවස්ථාවක ෆැක්ස් කෙරුණු ලිපි ශීර්ෂය මත අර ලිපිය ලියවීමත්ය. මේ ගැටළුව විසඳා ගත හැකියි කමල් සුරවීර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් හා මුල් පිටපත රස පරීක්‍ෂක වෙත යැවීමෙන්.

ඊළඟට අපට පෙනෙන්නේ රාජකාරී ලිපි ශීර්ෂයේ මුද්‍රිත විස්තරය. එහි මන්ත්‍රීට පෙර 'හිටපු' යන්න අතින් ලියා තිබීමත්, දුරකථන අංකය සහ සිරි සුගත දහම් පාසලේ ප්‍රධානාචාර්ය යන්න කපා දමා තිබීමත් ඊළඟට නිරීක්‍ෂණය වේ. මේවා විසින් අපට පෙන්නුම් කරන්නේ තමන් දරනු ලබමින් සිටි තත්වයන් ගෙන් පිරිහීමයි. ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙමින් සිටි මේ ස්වාමින් වහන්සේ ස්වකීය දේශපාලන පක්‍ෂයෙන් නෙරපුණු බවත් පුවත් වල සඳහන් විය. ඒත් හොඳ ලකුණක් නොවේ. තත්වයෙන් පිරිහෙමින් සිටින්නෝ උතුම් අරමුණකින් දිවි පූජා කළත් සමාජය බලන්නේ බිය ගුල්ලෙක් හෝ පරාජිතයෙක් හෝ දෙස බලන ලෙසයි. සමාජ බලපෑමක් කිරීමේ අරමුණෙන් දිවි පරදුවට තබයි නම් ඊට තමන් සුදුසු තත්වයක, එනම් ජයග්‍රාහී තත්වයක සිටිය යුතුයි. එවිටයි ඒ කැප කිරීම සමාජය මත කම්පනයක් ඇති කරන්නේ. දැන් ඕනෑනම් කෙනෙකුට මුන් වහන්සේ ගිණි තබා ගත්තේ මන්ත්‍රී ධුරය නැති වූ නිසාය, දහම් පාසැලේ ප්‍රධානාචාර්ය ධුරය නැති වූ නිසාය, පක්‍ෂයෙන් නෙරපුණු නිසාය යනාදී වශයෙන් අවලාද නැගිය හැකිය.

මීළඟට (ඒ හිමියන්?) අත් අකුරින් ලියා ඇති දේ විමසමු. "ලොවුතුරා බුදු හාමුදුරුවන්ගේ අසූ දෙදහසක් ධර්මස්කන්ධය ස්පර්ෂ වූ අති පාරිශුද්ධ දළදා..."

ධර්මස්ඛන්ධය අසූහාරදහසක් බවයි අප ඉගෙනගෙන ඇත්තේ. මේ ලිපියේ අසූ දෙදහසක් ධර්මස්ඛන්ධය ස්පර්ෂ කළ බව කියන්නේ ඉතිරි දෙදහසක් ධර්මස්ඛන්ධය ශ්‍රී මුඛයෙන් නොව ශ්‍රාවක මුඛයකින් හෝ නිර්මිත බුදු මුඛයකින් හෝ දේශනා කරන ලද බව සළකාද නැතොත් ඒ ස්ඛන්ධ දෙදහස දේශනා කිරීමට පෙර දන්ත ධාතුන් වහන්සේ හැලී ගිය බවට නව පුරාවිද්‍යාත්මක සාධක මතු වීම නිසාදැයි නොදනිමි. සමහර විට නියම ගණන අසූ දෙදහසක් වී අපට වැරදුණා වන්නට ද පුලුවන. වැරදුනේ අපට නම් කමල් සුරවිර ධර්ම චක්‍රයේ දමා ලිපිය ලීවේ තෝද කියා ප්‍රශ්න කිරීමට පොලීසියට සිදු වන්නේ නැත.

ලිපියේ හරය වන්නේ ඊළඟට ඇති කරුණු හතරයි. ගව ඝාතනය මුලට යෙදීම බොහෝ දෙනා ප්‍රශ්න කරයි. එහෙත් ලිපි ශීර්ෂය නැවත බැලුවොත්, එහි එන "සත්ව සුභ සාධන විභූෂණ" යන උපාධිය හා "ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමයේ රත්නපුර දිස්ත්‍රික් ලේඛකාධිකාරී" යන තනතුරු නාමය මමේ චෝදනාවට ප්‍රමාණවත් පිළිතුරු සපයයි. මුන් වහන්සේ පැවිද්ද ලබන විට කටින් කුමක් කියූවත් පැවිදි වූ පසු ජීවත් වී ඇත්තේ තිරිසන් අපාය සමීපයේය. ඇත්ත වශයෙන් උන් වහන්සේ වැදගත් කොට සළකන්නට ඇත්තේ ඒ හේතුවම විය යුතුයි. තමන් අවධානය යොමු කරන ක්ෂේත්‍රය කෙරේ අධිතක්සේරුවක් ඇති කර ගැනීම ඕනෑම කෙනෙක් කරන කාර්‍යයකි. දොස්තරට දොස්තර කම ලෝකෙන් උතුම්ම රැකියාව වන්නේත් කොන්දොස්තරට ඒ රස්සාව ලෝකෙන් උතුම්ම රස්සාව වන්නේත් ඒ අනුවයි. ලෝකෙන් උතුම් කාර්‍යය දොස්තර කම නොව කරන රැකියාව කුමක් වුවත් ලාභ ප්‍රයෝජන නොතකා බ්ලොග් එකක් ලිවිම බව අප කොතරම් තේරුම් කර දුන්නත් දොස්තර තේරුම් නොගනී. කොන්දොස්තර කෙසේ තේරුම් ගනිත්ද. මේ ස්වාමින් වහන්සේට ගව ඝාතනය ගැන කිසිම ගවයෙකුටවත් නැති වැදගත් කමක් තිබීමට හේතුව ඒ උදාහරණ මගින් තේරුම් ගත හැකිය. මුන් වහන්සේගේ වරද ගොනුන් ගැන වද වීම නොවේ, රටේ ලෝකේ අනික් මිනිස්සුත් මේ ගොන් රස්සාවම කරන බවට උන් වහන්සේ විසින් ඇති කර ගත් මුලාවයි වරද.

ඇත්ත කතාව නම්, ගව ඝාතනය යනු තමන් ගිණි තබා ගෙන විරෝධය දැක්විය යුතු තරම් දෙයක් ලෙස ලංකාවේ අද ජීවත් වන කිසිවෙක් නොසළකන බවයි. කාල තරණය කර එතැනට ගොස් මුන් වහන්සේ මෙතැනට ඇදගෙන ආ හැකිනම් කනට ගසා ඒ බව කියා දෙමි. දැන් ඉතින් කළ හැකි දෙයක් නැත.

ඉතුරු කරුණු සතර කරුණු වශයෙන් ගත් කළ වැදගත් වුවත්, මුන් වහන්සේ ඒ ගැන ගෙන ඇති ක්‍රියා මාර්ග පැහැදිළි නැත. විරෝධතාවය පා දිවි හානි කර ගන්නා කෙනෙක් එසේ කර ගැනීමට පෙර ඒ ගැන ප්‍රමාණවත් අරඟලයක් කර තිබිය යුතුය. දිවි නසා ගැනීමෙන් පසු පැමිණ අතපසු වූ කොටස් අවසන් කිරීමට හැකියාවක් ඇත්තේ නැත. එසේ කිසිවක් නොකර ඇති විට දිවි නසා ගැනීම උපමා කළ හැක්කේ ජනප්‍රිය නිළියක් ගැන ආසාවක් ඇති කර ගත් තරුණයෙක් ඒ ගැන කිසිවෙකුට නොකියා සිට 'අර අසුවල් නිළිය මට කරකාර බැඳ දෙව්' කියා ලිපියක් ලියා තබාලා දිවි නසා ගැනීමටයි. අඩු තරමින් ඔහු ඒ ලිපියේ තමන් ඒ නිළිය ලබා ගැනීමට දැරූ අප්‍රමාණ උත්සාහයත් එය ව්‍යර්ථ වීමට හේතු වූ කරුණුත් ලියා තැබිය යුතුයි. මේ ලිපියේ ඒ කිසිවක් නැත. අඩු තරමින් තමන් දිවි පුද කරන්නේ කාට එරෙහිවද යන්න ගැන වත් සඳහනක් නැත. සඳහන් වන එකම නම දළදා හාමුදුරුවන් පමණි. හරකුන්ගේ බෙලි කපන්නේ දළදා හාමුදුරුවෝද? ත්‍රස්තවාදයට වගකිව යුතු දළදා හාමුදුරුවෝ ද? පනත් සම්මත කිරීම දළදා හාමුදුරුවන්ට පවරා ඇත්ද? පූට්ටු සෑදීම හා වෙන් කිරීම දළදා හාමුදුරුවන්ගේ කාර්‍යයක්ද? ව්‍යවස්ථා සාදන්නේ දළදා හාමුදුරුවෝ ද?

ඉහත කිසිවක් දළදාව සම්බන්ධ කර්තව්‍ය නොවේ. එසේනම් විරෝධතාව දළදා හාමුදුරුවන්ට එරෙහිව නම් විය නොහැක. ලිපියේ කියවෙන්නේ මගේ ජීවිතය දළදා වහන්සේට පූජා කරමි කියාය. එසේනම් දළදා හාමුදුරුවන් මනුෂ්‍ය බිලි පිළිගෙන හරක් රැක දෙන, ත්‍රස්තවාදයට වැට බඳින, පනත් සම්මත කරන, පූට්ටු ගලවන, සහ ව්‍යවස්ථා සාදන කිසියම් යක්‍ෂයෙක්ද?

"මේ කාරණා ඉටු නොවේනම්" මුන් වහන්සේ කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද?

"මේ කාරණා ඉටු නොවේනම්... බලවේගයක් වී හෝ රජයට බලපෑම් කරමි." එයයි උන් වහන්සේගේ බලාපොරොත්තුව. රටේ ලෝකේ අනික් මිනිස්සුත් මේ ගොන් රස්සාවම කරන බවට උන් වහන්සේ විසින් ඇති කර ගත් මුලාවයි වරද යැයි අප විසින් කළ තක්සේරුව නිවැරදිය. මුන් වහන්සේ බලවේගයක් වීමට බලාපොරොත්තුවකින් ගිණි තබාගෙන දිවි හානි කර ගත්තත්, උන් වහන්සේ ප්‍රාර්ථනා කරන බලවේගය මේ මනුෂ්‍ය ලෝකයේ නම් ගොඩ නැගීමේ හැකියාවක් තිබේද. රජයට එරෙහි මනුෂ්‍ය බලවේගයක් ගොඩ නැගීමට තරම් උන් වහන්සේ සතු පිරිස් හෝ සිවිල් බලයක්, නැතිනම් අධ්‍යාත්මික ගුණ බලයක් නැත . සමහර විට භූත බලවේගයක් නම් සෑදීමේ හැකියාවක් තිබිය හැක. එවැනි බලවේගයක් සෑදුවත් ඒ බලවේග රජයට බලපෑම් කරන්නේ නැත. කළත් භූත බලපෑම් ගනන් ගන්නා රජයන් දැන් ලෝකයේ නැත.

මේ ලිපිය කියවා අපට ඇති වන ගැටළු මේවා ය. ජොසෙෆ්, ලිපිය සපයා දීම ගැන ඔබට ස්තූතියි. ගිණි තබා ගැනීමෙන් කළ මෝඩ කමට සමාව දුන්නත්, අප හිස මුදුණේ තබා ජීවමාන බුදුහිමියන් ලෙස සළකා වන්දනා කරන දළදා වහන්සේ මනුෂ්‍ය බිලී පිළිගන්නා, එනම් පුළුටු ගඳට කැමති, යක්‍ෂයෙකු කිරීමේ මරි-මෝඩ කමට සමාව දීමට නම් සිත සාදා ගැනීම අපහසුය.

අප සමාව දුන්නත් නැතත්, අප මොනවා කිව්වත් කළත් ගවයන් කෙරේ ආලයෙන් පෙළුණු මේ ස්වාමින් වහන්සේ ගවයන් වෙනුවෙන් දිවි පුදා ගව සංඥාවෙන් මිය ගව දෙනක කුස උපත ලබන්නට ඇත. අපද කොයි කොයි ආකාරයෙන් කවර තැනකදී මිය කොයි කොයි තැනක උත්පත්තිය ලබයි දැයි කිසිවෙකුට කිව නොහැක. එසේ හෙයින් නුවණැත්තන් විසින් සසර භය උපදවාගෙන ලැබුවා වූ ක්‍ෂණ සම්පත්තිය අපතේ යා නොදී අප්‍රමාදව කටයුතු කළ යුතුයි.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා !

41 comments:

  1. පොඩි ළමයාJune 2, 2013 at 7:03 PM

    "ත්‍රස්තවාදය තුරන් වේවා යන දෙවන ඉල්ලීම ගනිමු. මෙය දැනටත් සිදු වී ඇත. අනෙක් අතින්, ජේ ආර් උතුමාණන්ගේ සහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ රාජ්‍ය කාලයේ පැවති ලෙස රාජ්‍ය ත්‍රස්තවාදයක් දැන් නැත"

    ජෝසෙප් මාමාට "සුදු වෑන් ඇන්ඩ් ටුවර්ස්" අමතක වෙලාද? හි.. හි...

    ජෝසෙප් මාමේ ඔන්න කිවුව බන්නින්නනම් එපා ඔන්න.

    ඔබේ කොමෙන්ටු සහ ලිපි මා ඉතා ප්‍රිය කරමි නමුත් ඔබගේ පහත ප්‍රකාශය ගැනනම් වචනයක් නොකියා බැරිය.

    "තුන් වන කරුණ වැදගත්ය. එහෙත්, මාධ්‍ය ඒ ගැන නිහඬයි. ලෝකයේ ඉතා බලවත් රාජ්‍යයක් (හික් හික්) වන වතිකානුවේ අධිපති තුමා විසින් ලංකාවේ බැටළුවන් බලා ගැනීමට පත් කරන ලද බලවත් කාදිනල් තුමා ඉහත පනතට විරුද්ධ වීම හේතුවයි. මේකට ඉතිං දළදා මාලිගේ ඉදිරිපිට ගිණි තියා ගත්තට වැඩක් නෑ. බෞද්ධ චන්ද ගසා කා පාර්ලිමේන්තු ගිය හෙළ උරුමයේ පක්ෂ මුලස්ථානය ඉදිරිපිටයි ගිණි තියා ගන්න ඕනේ. නැත්නම් මැල්කම්ගේ බංගලාව ඉදිරිපිට. කාට හරි උණු වෙන්නේ නැතෑ. අහිංසක දළදා හාමුදුරුවන් මේකට ඈඳා ගන්නේ ඇයි ?"

    මා මෙය දකින්නේ කිතුනු ජනතාවට කරන ලද ඉතා දරුණු ගණයේ අපහාසයක් සහ චෝදනාවක් ලෙසයි. මෙය සිදු කරන්නේ කාදිනල් තුමා සහ පල්ලියෙන් බව ඔබට ඔප්පු කල හැකිද?

    හැමදාම මේ බෙර පදේම ගගහා ඉන්නේ නැතුව අන්‍යාගම් වලට ඇදිල යන සිංහල බෞද්ධයන්ව එසේ වීමට හේතු සහ එසේ නොවන තැනට පත් කරන්නට වැඩ පිළිවෙලක් ගැන සිතා බැලුවොත් නරකද? අඩු තරමේ මේ සම්බන්ද වැඩ පිළිවෙලක් පන්සලටවත් තියෙනවා කියා ඔබ සිතනවාද?







    ReplyDelete
    Replies
    1. බෑනෝ, අපහාසය කිම ? චෝදනාව කිම ?

      * වතිකානුව ලෝකයේ ඉතා බලවත් රාජ්‍යයක් - යනු fact එකකි. ඒ ආයුධ බලයෙන් නොවේ. දේශපාලන බලයෙනි. ඒ ගැන කතෝලික ජනතාව ආඩම්බර වෙති.

      * වතිකානුවේ අධිපති තුමා - වතිකානුවේ අධිපති තුමා යනු පාප් වහන්සේය. මෙසේ කීම අපහාසයක් හෝ චෝදනාවක් හෝ නොවේ. එය අපහාසයක් නම් පාප් තුමා මේ ක්‍රමය අවලංගු කර දැමිය යුතුයි. එය චෝදනාවක් නම් එය විභාග කරන ලෙස කතෝලික ජනතාව උන් වහන්සේට බල කල යුතුයි. ජේසු තුමා රටක් හදාගෙන අධිපති කම් නොකළ බව අපට අදාළ වන්නේ අප කිතුනුවන් නම් පමණි.

      * ලංකාවේ බැටළුවන් බලා ගැනීමට පත් කරන ලද - මෙය කතෝලික ජනතාවට ගැටළුවක් නොවේ. කතෝලික ජනතාව (ඇත්ත වශයෙන් යුදෙව් ජනතාව) බැටළුවන් බවත්, ජේසු තුමා යහපත් එඬේරා බවත් ඔබ කොහෙන්වත් අසා නැත්ද?

      * බලවත් කාදිනල් තුමා - එතුමා බලවත්ය. කෙනෙක් එය පිළිගන්නේ නැතිනම් ඒ කුහක කමමයි. ලංකාවේ ආගමික සංස්ථා අතරින් වඩාත්ම බලවත් කතෝලික (රෝමයෙන් පාලිත), ලංකා සභාව (ඇන්ග්ලිකානු පල්ලිය) බව මගේ පෞද්ගලික අදහසයි. ඒ සංස්ථා විරුද්ධ වෙමින් සිටියදී සම්මත වූ පනත් ඇත්තේ අතලොස්සකි. අන්‍යාගමික පනතට මේ දෙකම විරුද්ධයි. එයත් fact එකකි.

      * 'මැල්කම්ගේ බංගලාව' - මෙන්න මෙතනනම් කෙනෙකුගේ හිත රිදෙන්න පුළුවන්. ඒත් ඇත්තටම රිදෙන්න තරම් දෙයක් නෑ නේද? මෙතන අපහාසයක් වෙන්නේ කාදිනල්ට නෙමෙයි; ගිනි තියා ගත් හාමුදුරු නමට.

      මගෙන් සිදු වූ වැරැද්ද: කතෝලික පල්ලිය යන සංස්ථාව සිත්හි තබාගෙන ලියූ බැවින් ප්‍රස්තුත පනත ගැන කතා-බහ පැවති කාලයේ කොළඹ රදගුරු වූයේ කාදිනල් රංජිත් නොවන බව අමතක විය. ඒ කාලයේ දිව විකාගෙන ඊට එරෙහි වූයේ හිටපු රදගුරු ඔස්වල්ඩ් ගෝමස්ය. කාදිනල් රංජිත්ගේ මතය ඒ මතයම වන බැවින් 'බංගලාව' සම්බන්ධයෙන් මා වැරදි නැත. එහෙත් නිකංම මැල්කම් කියා කීමෙන් ගරු-සරු රහිත බවක් හැඟෙන බැවින් එය k විසින් රදගුරු බංගලාව හෝ රදගුරු මැදුර හෝ ලෙස වෙනස් කිරීම ගැන විරුද්ධත්වයක් නැත.
      ~~~~~~~~~~~~

      පොඩි ළමයා, ඉහත ලිපිය කතෝලික පල්ලිය ගැන ලිපියක් නොවේ. කතෝලික පල්ලිය සම්බන්ද වන්නේ පනත් විරෝධය නිසාය.

      ඔබ අසන ප්‍රශ්නය නොදන්නා කමට අසන බව සිතමි. එසේනම් වරදක් නොකියමි.

      පන්සල විසින් අමාරුවෙන් හදා ගත් ක්‍රමය තමා පල්ලිය විසින් ගබ්සා කරවන ලද්දේ. ඔය ප්‍රශ්නේ පල්ලියේ නිර්මානයක්. අර සමහර හැඩිදැඩි කොල්ලෝ නොන්ජල් උන් අල්ලන් හොඳටම තඩි බාල "ලැජ්ජා නැද්ද බං එක එකාගෙන් ගුටි කන්න", "රිදුනද", "අඬන්න එපා" ආදී වශයෙන් කිය කියා අරූව තව වෙහෙසනවා වගේ... ගුටි කාපු එකා අන්තිමට අඬන්නේ ගුටි කාපු නිසා නෙමේ අරූ ගහල ඊට පස්සේ අඬන්න එපා කියන නිසා.

      ඒ වගේ තමයි පල්ලිය තමයි සම්පුර්ණ බලය යොදලා සෝභිත හාමුදුරුවන්ගේ පනත ගෙනෙන එක නවත්තලා, දැන් අහන්නේ කෝ ඔයාලට ක්‍රමයක් නැද්ද කියලා.

      Delete
    2. පොඩි ළමයාJune 3, 2013 at 6:18 PM

      සිතිවිලි කීවාක් මෙන් මෙම ගැටළු පන නැගුනේ පල්ලියේ හැසිරීමෙහි යථා ස්වභාවය ගැන දැනීමක් නැති නිසා විය හැකි බව මටද සිතේ. කෙසේ වෙතත් ඔබගේ පැහැදිලි කිරීම් වලට ස්තුතියි.

      Delete
    3. ජොසෙෆ් විසින් දෙන පිළිතුරට හානියක් නොකර පොඩි ළමයාට පිළිතුරක් ගොනු කිරීමට අවසර. අපේ ප්‍රස්තුතය පහත ප්‍රශ්න දෙක.

      * හැමදාම මේ බෙර පදේම ගගහා ඉන්නේ නැතුව අන්‍යාගම් වලට ඇදිල යන සිංහල බෞද්ධයන්ව එසේ වීමට හේතු සහ එසේ නොවන තැනට පත් කරන්නට වැඩ පිළිවෙලක් ගැන සිතා බැලුවොත් නරකද?
      * අඩු තරමේ මේ සම්බන්ද වැඩ පිළිවෙලක් පන්සලටවත් තියෙනවා කියා ඔබ සිතනවාද?

      දෙවන ප්‍රශ්නයට පිළිතුර එසේ නැති බවයි. ඒ සමගම අසන්නම් එවැනි වැඩපිළිවෙලක් තිබිය යුතු වන්නේ ඇයි කියා?

      පළමු ප්‍රශ්නයට පිළිතුර ටිකක් බරපතලයි. මෙවැනි පිළිතුරක් ඔබට වෙන තැනකින් ලැබේදැයි සැක සහිතයි. ඔබ මේ පිළිතුර පිළිගන්නේ නම් නැවත තැනක කියන විට සිතා බලා කියන්න. බොහෝ විරෝධතා පැමිණිය හැක. බොහෝ විස්තර සහිතව බොහෝ ක්ෂේත්‍ර ආවරණය කරමින් ලිවිය හැකි වුවත් හැකි තරම් කෙටියෙන් ලිවීමට වෙර දරමු.

      බුදුදහම ආත්මාරක්ෂාව වෙනුවෙන් දැඩිව ක්‍රියා මාර්ග ගන්නා පද්ධතියක් නොවේ. එය ගතික පද්ධතියකි. විශ්වාසයන් වෙනස් වීමට ඉඩ හසර එහි පවතී. 1505 පරංගින් ගොඩ බසින තෙක් ලංකාව අඩු වැඩි වශයෙන් බෞද්ධ රටකි. අඩු වැඩි වශයෙන් කීවේ කොටසක් මහමදික / හිංදු යන අරුතින් නොවේ. මිහිදු හිමියන් වැඩම කිරීමටත් පෙර සිට පැවති දේශජ ආගම් මෙහි පැවතිණි. කතරගම මහසෙන්, ගලේ බණ්ඩාර, බිසෝ බණ්ඩාර, අයියනායක, හූනියම්, කළු බණ්ඩාර ආදී දෙවි වරුද, මහසොහොන්, ආදී යක්කුද සිංහලයින්ගේ පුද පූජා වලට ලක් වූහ. එසේ කියා ඒ මිනිස්සු අබෞද්ධයන් වූයේ නැත. ඇත්ත වශයෙන් බෞද්ධ/අබෞද්ධ කියා දෙයක් එකල තිබුනේ නැත.

      තමන් තුලට පමුණුවාගෙන දැකිය යුතු දහමක් වූ බුදුදහම මිනිස්සු තම තමනට ගැලපෙන පමණට පිළිපැද්දහ. සියලු මිනිස්සු බෞද්ධ කිරීමට පන්සලට උවමනාවක් නොවීය. බුදුදහම ඒ අයුරින් දේශජ දහමක් විය. එහෙත්, 1505 න් පසු පැමිණි පර-ආගම් එසේ නොවේ. ඉස්ලාම් ආගම වග කියන්නේ මක්කමටයි. කතෝලික ආගම රෝමයටයි. ලංකා සභාව කැන්ටබරියටයි. මේ සියලු දෙනා කටයුතු කරන්නේ ලංකාවේ සුභ සිද්ධිය තකා නොවේ.

      ඒ ආගම් සමග ගතික පද්ධතියක් පවත්වාගෙන යාමේ හැකියාවක් බුදුදහමට තබා කිසිදු පෙරදිග දර්ශනයකට නොවේ. විශේෂයෙන් බැමි දමා මිනිසුන් බය කර තබා නොගන්නා ගතික පද්ධතියක් වන බුදුදහම (හා දේවාගම් = සූනියම් ආදී...) ට අර ඒකදේව වාදී ආගම් සමග එකට පැවතිය නොහැක. රජය මැදිහත් වී වැට බැඳිය යුතු වන්නේ ඒ නිසාය. පන්සල මුල් වී එය කිරීම යනු පන්සලේ පදනම පන්සල විසින්ම ගලවා දැමීමකි. එය කර ගැනීමට වඩා මේ අවුරුදු 510 අල්ලාගෙන සිටියා සේ ඉතුරු ටිකත් අල්ලාගෙන සිටීමට උත්සාහ කිරීම යෙහෙකි කියා සිතමු.

      Delete
    4. ඔබ පෙන්වා දෙන්නේ මිහිදු හිමි පැමිණිමෙන් පසු ලංකාව සම්පුර්ණයෙන් බෞද්ධ නොවූ බවද? ලංකාවේ බුද්ධාගම කිලිටි බුද්ධාගමක් බවද? ඒ දෙකමද?

      ඉන් කුමක් අදහස් වුවත් ඔබ කියන දෙයින් ශක්තිමත් වන්නේ අසපු සහ ආශ්‍රම වලින් තහවුරු කරගෙන යන "මෙතෙක් කල් තිබුන බුදුදහම වැරදියි, අපි තමයි හරි එක හොයා ගත්තේ..." යන අදහසයි. දැන් ඔබත් කියන්නේ හරි එක ඔබ සොයා ගත් බවද? ලැජ්ජා වෙන්න එපා වහෙං ඔරෝ නැතිව කෙළින්ම කියන්න. අපි වෙන අතක් බලා ගන්නම්.

      Delete
    5. සිතුවිළිJune 6, 2013 at 9:09 AM

      කේ හා ජෝසප් මිතුරනි,
      කථාව ටිකක් ව්‍යාකූල තැනකට පැමිණි බවක් දුටුවා. විව්ධ මත දරන්නන් අතර කථා බහකදී එය එසේ වෙනවා. කෙසේ වෙතත් ජෝසප් ගේ හැරදායාමේ අදහසනම් එකවිට දරුනු වැඩි යැයි සිතමි.
      කලයුත්තේ හැකි අයුරින් සාකච්චා කිරීමයයි සිතමි.
      බුදු දහම යනු පූර්ණ අවබෝධයක් නැත්තෙකුට ඒකාංශ කොට යමක් කිව හැකි දෙයක් නොවේ යැයි මා සිතමි. අප කළ යුත්තේ හැකි තරම් සාකච්චා කිරීමත්, අනෙකා යමක් කීවිට එසේ කියන්නේ මන්දැයි පූර්ව නිගමන වලින් තොරව සිතා බැලීමත්ය. දහම පහදවා ගැනීමෙහි ඒකායන මග එයයැයි සිතමි.

      අසපු වාදීන් ගැන වුවත් ඔවුන් කියනා සියල්ල ඔවුන් කියනා නිසා පිටුදකීම නුසුදුසු යයි මා සිතමි. එහෙත් ඔවුන් නුසුදුසු දෙයක් කියනා විට එය වටහා ගැනීමට තරම් අප බුද්ධිමත් නම් කොතරම් ඔවුන් ඇසුරු කලද කම් නැත. අප වැරදි මගට යොමු නොවනු ඇත.
      ඔබලා අතර ඇති සාකච්චාව මැදට පැන ගැටළු පහදා දීමට මා තැත් නොදරමි. එහෙත් පැන නැගි ගැටළුව සාකච්චා කර පහදා ගනිමුයැයි සුහදව ඔබ දෙදෙනාගෙන්ම ඉල්ලා සිටිමි.

      Delete
    6. නෑ සිතුවිළි, මම කියන්නේ එහෙමම නෙමෙයි.

      Delete
    7. මිතුරු ජොසෙෆ්, පළමුව පමාවට සමාවන්න. ඔබේ ගැටළුවට පිළිතුරක් දීමට පෙර ඔබ ප්‍රශ්න කරන මගේ අදහස ඉදිරිපත් කළේ මේ මස 4 වැනි දින බව මතක් කරමින්ම පසුදින, එනම් 5 දින, විදුසර පුවත් පතේ ආචාර්ය නලින් ද සිල්වාගේ 'අපේ ප්‍රවාද ලිපිය කියවන ලෙස ආරාධනා කරමි.
      මෙන්න බැඳිය : http://www.vidusara.com/2013/06/05/feature9.html

      දැන් ඔබේ ගැටළුවට පිළිතුර. ඔබ ප්‍රශ්නාර්ථ ලකුණු තුනක් සහිතව ප්‍රශ්න දෙකක් අසා ඇත. ප්‍රශ්න දෙකම වැරදියි.

      ප්‍රශ්නය 1: ඔබ පෙන්වා දෙන්නේ මිහිදු හිමි පැමිණිමෙන් පසු ලංකාව සම්පුර්ණයෙන් බෞද්ධ නොවූ බවද?

      ප්‍රශ්නය 2: ලංකාවේ බුද්ධාගම කිලිටි බුද්ධාගමක් බවද?

      පළමු ප්‍රශ්නයෙන් ඔබ අදහස් කරන්නට ඇත්තේ මිහිඳු හිමිගේ ආගමනය හේතු කොටගෙන ලංකාව සම්පුර්ණයෙන්ම බෞද්ධ නොවීද යන්නයි. ලංකාව සම්පුර්ණයෙන්ම බෞද්ධ වූයේ මහින්දාගමනය හේතුවෙන් බව මීට පිළිතුරයි. එහෙත්,

      එය සතියකින් දෙකකින්, නැතිනම් වසර කිහිපයකින් සිදු වූ සෘද්ධියක් නොවේ. ඊට වසර සිය ගණනක් ගත විය.

      වසර සිය ගණනකට පසුව වුවත්, දේශජ ඇදහිලි සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමීමට බුදුදහම සමත් නොවීය. බුදුදහම ඉතාම නිවැරදිව අවබෝධ කර ගත් අය නිවන් අවබෝධ කර ගත් අතර ඉතිරි අය බුදුදහම ආරක්‍ෂා කොට පෝෂණය කලහ. ඇත්ත වශයෙන් අප වෙනුවෙන් අද දක්වා බුදුදහම ගෙන ආවේ අර අයියනායක දෙවියන් වෙනුවෙන් කොල අත්තක් එල්ලා කැලයට රිංගූ, අවුරුද්දට කුණු මුත්තා සමග ගනුදෙනු කළ, හේනේ කමතේ ආරක්‍ෂාවට නෑයකුන් පිහිට පැතූ ඒ ( අද අසපු වල පිංවතුන් විසින් නාමමාත්‍රික/උප්පැන්න බෞද්ධයන් වැනි සුරතල් නාම පද වලින් ආමන්ත්‍රණය කෙරෙන, සීලබ්බත පරාමාසයේ යෙදී සිටින්නේ යැයි අවඥාවෙන් සළකන ) ගැමි බෞද්ධයින් මිස මහා වෙහෙර විහාර ගොඩ නැගූ නාගරික ප්‍රභූන් නොවේ. නාගරික ප්‍රභූන් විසින් සෞභාග්‍යමත් කාල වලදී බුදුදහම ඉතා ඉහලට ඔසවා තබන්නට ඇත. එහෙත්, දුෂ්කර කාල වකවානු වල බුදුදහම රැකුණේ ගැමියන් අතරය.

      මේ ගැමියන් පවට ලැජ්ජා-බිය උපදවාගෙන දේව ධර්මය අනුව හැසුරුණු, ජිවිතාවසානයේ නිවන අරමුණු කරගෙන දන්-පින් කළ පිරිසක් මිස දහම් පොත් පාඩම් කරගෙන එය මෙය මගේ ජීවිතයට එකතු කර ගනිමි කියා සමාජයෙන් වෙන් වී සිටි පිරිසක් නොවේ. සමාජයේ පැරණි ඇදහිලි දිගටම පැවති අතර ඒවා ඉවත් කිරීමට හෝ සියලු දෙනා 'ඊනියා' බෞද්ධයින් කිරීමට හෝ එකල පන්සල (මහා විහාරය?) කටයුතු නොකළේය. වැද්දන්, අහිකුන්ඨිකයන් වැනි අබෞද්ධ ජනතාවක් ලංකාවේ ඉතිරි වූයේ ඒ සහනශීලිත්වය හේතුවෙනි.

      බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ අබෞද්ධ දඹදිවක බව සිහි කර ගැනීම මනාය. එහෙත් එහි නිදහස් චින්තනය තිබිණි. බ්‍රාහ්මණ බලය වැඩි වෙත්ම ඇති වූ චින්තන පරිවර්තනය හමුවේ නිදහස් චින්තනය දුබල වීමත් සමග බුදුදහම දඹදිවින් තුරන් වීම හා ඒ මත භාරතය ගොඩ නැගීම ලංකාවේ බෞද්ධ හිමිවරු අත් දකින්නට ඇත. උන් වහන්සේලා මේ නිදහස් බව ලංකාව තුල ඉහලින්ම රකින්නට ඇත්තේ එබැවිණි.

      නිදහස් චින්තනයක සිටින මිනිස්සු කුමන ඇදහිලි ඇතුව සිටියත් ගැටළුවක් නැත. බණ පදයක් ඇසීමෙන් බුදුදහම අවබෝධ කර ගැනීමට හෝ වැළඳ ගැනීමට එවැනි මිනිස්සු සමත්යහ. එහෙත් මිනිසාගේ චින්තන නිදහස අහුරන 'තෙපි වනාහි සර්වබලධාරී වූ, දරුණු වූ පලිගන්නා සුළු වූ, එක්තරා මැවුම්කරුවාන කෙනෙකුගේ නිර්මානයක. තෙපි ඒ භුතාත්මයා කැමති අයුරින් වාසය කරව්, තෙපි කැමති අයුරින් වාසය නොකරව්' යනුවෙන් අනුශාසනා කරන කල්ලියක දේශනා අදහන මනුෂ්‍ය රැළක් සමග අර සූත්තරය ක්‍රියාත්මක කළ හැකි නොවේ. එවැනි මිනිස්සු පළමුව ඒ අන්ධ විශ්වාසයෙන් ගලවා ගත යුතුය.

      ආරාධනා රහිතව කෙනෙකුට දහම් නොදෙසන ලෙස ප්‍රඥප්ති පනවා ඇති දහමක් වන බුදු දහම සමග ඒ හැසිරීම නොපෑහේ. ඒ නිසා නිදහස් චින්තනය ආවරණය කෙරෙන කුමන දහමක් වුවත්, එය ආගමක් යන නාමය යටතේ ආවත්, මුල් අවස්ථාවේ තහනම් කර ඉවත් කිරීමත්, ඔඩු දුවා ඇති අවස්ථාවක ව්‍යාප්තිය පාලනය කිරීමත් රජු සතු අත්හැරිය නොහැකි වගකීමකි. අන්සතු කළ නොහැකි වගකීමක් පන්සලට පැවරිය හැකිද? 1815 ඉංගිරිසින් හා අත්සන් කෙරුණු උඩරට ගිවිසුමට 'ජනයා විසින් අදහාගෙන පවත්වාගෙන එනු ලබන බුද්ධාගම හා දේවාගම් කඩ නොකොට පවත්වන බවට' පොරොන්දුවක් දීමට ඉංගිරිසින්ට සිදු වන්නේ ඒ වගකීම අත්හළ නොහැකි නිසාය.

      මිනිසෙක් බුදුදහමට හරවා ගැනීමෙන් බෞද්ධයෙක් නිවන් ලබන්නේ නැත. එහෙත්, සමහර ආගම් වල දෙවියා මල මිනිසුන්ගෙන් පළමුව අසන්නේ 'තෝ කී දෙනෙකුගේ කොන් කැපුවාද, තෝ කී දෙනෙකුගේ බෙලි කැපුවාද' කියා බව නූතන ජනප්‍රවාද වල කියැවේ.

      දෙවන ප්‍රශ්නයට පිළිතුර මේ තුලින් උකහා ගැනීමේ ශක්තිය ඔබට ඇති බව සිතමි.

      සටහන: අපගේ පළමු පිළිතුරේ ගතික පද්ධතියක් යනුවෙන් ගතික සමතුලිතතාවයේ ඇති පද්ධතියක් අදහස් කෙරුණු බව සළකන්න.

      Delete
    8. පිළිගත හැකි පැහැදිලි කිරීමක්.

      ඒ විග්‍රහයට අනුවනම් "නිවැරදි", "පිරිසිදු" වැනි විශේෂණ වලින් හඳුන්වන බුදු දහම වෙනමත් ශුද්ධ නොකළ, එහෙත් ඕනෑම මොහොතක නිවැරදි බුදු දහම අවශෝෂණය කර ගැනීමට සමත් මිනිසුන් කොටසක් විසින් පිළිපදින ලද "දේශීය" ඇදහිලි කොටසක් වෙනමත් තිබුණු අතර, මේ දෙක අතර සහජීවනයක් ද පැවතී තිබේ. (ඔබ ගතික සමතුලිතතාවය කියන්නේ සහජිවනයමද?) මුලින් කී බුදුදහම පැවිද්දන් උදෙසා වූ අතර දෙවනුව කී කොටස අදහන්නට ඇත්තේ ගිහියන් විය යුතුයි. හොඳයි, මේ අදහස් මගේ අදහස් සමග සමපාත වේ.

      වලිය ඉල්ලා අස් කර ගන්නා ලදී.

      Delete
    9. සිතුවිළිJune 7, 2013 at 3:30 PM

      බුදු අම්මෝ ඇති යන්තං,
      වලිය ඉල්ලා අස් කරගෙන. මම ගිනි නිවන හමුදාව ගෙන්නන්න නොම්මරේ හොය හොය හිටියේ.

      කේ ගේ පැහැදිලි කිරීමෙහි මා දකින වැදගත්ම කොටස තමයි චින්තන නිදහස ගැන ඔහු දක්වන අදහස. බුදු දහම චින්තන නිදහස මතම පදනම්ව ඇත්තාක් මෙන්ම බෞද්ධ සමාජය විසින්ද කොතෙකුත් අවශේශ ඇදහීම් තිබුනද චින්තන නිදහස භාධා කර නොගැනීම යනු විමසීමට භාජනය විය යුතුම කරුනකි.
      අද වන විට කුරුසයන්ගේ හා නින්ජාලාගේ චින්තන නිදහසට වැට බඳින ඇදහිලි නිසා සාමකාමී බෞද්ධයාගේ නිදහසද සීමා වෙමින් පැවතීම සියළු ගැටළු වලට මුල් වී ඇත.
      මේ ගැටළුව කේ විස්තර කර ඇති තරම් අපූරුවට විස්තර කිරීමක් මා වෙනත් තැනක දැක නැත.
      දැන මාද එයට එකඟ වෙමි. සින්හලයාගේ චින්තන නිදහස සුරැකීමට රජය සතුව මහා වගකීමක් ඇත. මානව නිදහස ගැන මොර දෙන උන් නො හඳුනන චින්තන නිදහස බෞද්ධයාගේ උරුමයකි. එය හැකිතාක් දුර රැක ගැනීම ධර්ම දේශනා දහසක් සංවිධානය කරනවාටද වැඩි කුසලයකැයි සිතමි.
      සටන් කල යුත්තේ අන්‍යාගම් කරනය වැලකීමට නොව. චින්තන නිදහස සුරැකීමටය.

      ඔන්න මම "කේ" ගේ අදහස මත පදනම් වෙලා සටන් පාඨය නවීකරනය කලා.

      Delete
    10. සිතුවිළිJune 7, 2013 at 3:34 PM

      කේ දුන් යොමුවෙන් මහාචාර්‍ය තුමාගේ ලිපියද කියෙව්වා.
      ඔබ සැම ඇසුර නිසා දැන් මට එතුමාගේ ලිපි වල අඩංගු කරුනු වඩා හොඳින් ග්‍රහනය වෙනවා.

      Delete
    11. "අපේ චින්තනයෙහි න්‍යාය චතුස්‌කෝටිකය වෙයි" මේ ආචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රකාශයකි. චතුස්කෝටිකය යන්න අමාරුවෙන් විස්තර කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ ද්විකෝටිකය හා චතුස්කෝටිකය යනු "තර්ක" නොවන බව කීවත් ඒ වෙනුවට වචනයක් කීමට අපට දැනීමක් නොවීය. න්‍යාය යනු ඒ අප නොදැන සිටි වචනය විය හැක.

      දන්නා කෙනෙක් වෙත්නම් තර්කය හා න්‍යාය යන වචන දෙක ගෙන පැහැදිලි කරන්න.

      Delete
    12. තර්කය ගැන නියමසිංහ පාඩමක් පටන් ගත් බවනම් මතකයි. උන්දැට කතා කරලා පිළිවෙලට ලිපි පෙළක් ලියවා ගත්තනම් අපිටත් ඉගෙන ගන්න තිබුණා. මමත් ඔය ගැන වැඩිය දන්නේ නෑ, මිනිස්සු එක්ක තර්ක කරන්න ගියාට.

      න්‍යාය ගැනනම් කියන්න තියෙන්නේ න්‍යායපත්‍රය ඇසුරින් තේරුම් ගන්න කියල තමයි. ඒක කිසියම් දෙයක් කරනකොට කරන පිළිවෙල ගැන තියෙන අන්‍යොන්‍ය එකඟතාවයක්. මම හිතන්නේ අපි ඉස්කෝලෙදි කුලක ගැන ඉගෙන ගන්නකොට න්‍යාදේශ න්‍යාය, සංඝටන න්‍යාය, විඝටන න්‍යාය, තදාස්ම්‍ය න්‍යාය, අනුපූරක න්‍යාය වගේ දේවල් ඉගෙන ගත්තා.

      උදාහරණයක් විදියට න්‍යාදේශ න්‍යායෙන් කියවෙන්නේ:
      කුලක චේදනය සහ මේලය කරනකොට කුලක දෙක මාරු කරලා අංකනය කළාට වරදක් නෑ වගේ දෙයක්.
      A U B = B U A
      කුලකම ඕනේ නෑ, එකතුව ගත්තත් න්‍යාදේශ න්‍යාය පිළිපදිනවා.
      a + b = b + a --------- (1)
      ඒත්, වෙනස (අඩු කිරීම) ඒ න්‍යාය පිළිපදින්නේ නෑ.
      a - b <> b - a --------- (2)

      තර්කය කියන්නේ ඉහත (1) සහ (2) සත්‍ය/ අසත්‍ය බව සමග ගැට ගැහිලා තියෙන දෙයක්.

      අපිට කියන්න පුළුවන් එකතුව න්‍යාදේශ න්‍යාය පිළිපදි කියලා. මේ ප්‍රකාශනය 'සත්‍ය' කියල කෙනෙක් කියනකොට 'අසත්‍ය' කියල තව කෙනෙකුට කියන්න පුළුවන්. තර්කය ඇති වෙන්නේ එතැනයි, මේ ප්‍රකාශ දෙකෙන් එකක් සත්‍යාපනය කරන්න යනකොටයි.

      ගෙදර වැඩ: තර්කය හා න්‍යාය යන පාරිභාෂික වචන වලට අනුරූප ඉංග්‍රීසි වචන මොනවාද?

      Delete
    13. සිතුවිළිJune 9, 2013 at 2:52 PM

      logic & Theorem ?

      Delete
    14. සිතුවිළි,

      Theorem යනු ප්‍රවාදය නොවේද?
      මටත් මේ වචන සියල්ල පැටලී ඇති බවයි පෙනෙන්නේ...

      අපේ ජොසෙෆ් කියන 'නියමසිංහ' තමයි නියම මිනිහා, කියලා මටත් හිතෙනවා. එයා කළ පාඩමේ බැඳිය ඔබ කිසිවෙක් සතුව තිබේද?

      Delete
    15. @ කේ: "දන්නා කෙනෙක් වෙත්නම් තර්කය හා න්‍යාය යන වචන දෙක ගෙන පැහැදිලි කරන්න." වචන දෙක නැතුව මේ ගැන පැහැදිලි කිරීමක් ඔබ විසින් මා වෙත පෙර දුන් පිළිතුරෙක වේ. වැඩි විස්තරයක් පසුවට.

      Delete
    16. SiTh,
      තර්කය යනු කුමක්දැයි අපට යම් අදහසක් වෙයි. චතුස්කෝටිකය යනු තර්ක ක්‍රමයක් නොවන බව කීවේ ඒ අදහස අනුසාරයෙනි.
      ඔබේ විස්තරය බලාපොරොත්තු වෙමි.

      Delete
  2. සිතුවිළිJune 3, 2013 at 4:28 PM

    මේ ලිපියේ සඳහන් බොහෝ කරුනු ගැන මාගේ මතවාදාත්මක ගැටීමක් නම් නැත.
    ජෝසප්ගේන් විටින් විට දකින ආකාරයේ ආවේගාත්මක ස්වරූපයේ රචනාවකි. එහෙත් එම ආවේගාත්මක ස්වරූපය විසින් එයට එරෙහි වන්නන් ඊට පෙරම දුර්මුක කරදැමීමේ පෞරුශයක්ද ගැබ්ව ඇත.
    පොඩිළමයාට ගැටළු පැනන් නැගී ඇත්තේ පල්ලියෙ හැසිරීමහි යථා ස්වභාවය ගැන දැනීමක් නැති නිසා විය හැකිය. එහෙත් මා දන්නා හැටියට ජෝසප් එය මනාව වටහාගෙන සිටින්නෙකි.
    කේගේ ලේඛන ස්වරූපය වෙනස් වුවද මෙහි සුවාසු දහසක් ධර්ම ස්කන්දය ගැන් කියන තැනදී මුඛය ගැන ප්‍රශ්න කිරීම බුදු රදුන්, බුදු දහම, දළදාව, ගැන භක්තිමත් කෙනෙකුට එක් විටම සිත කීරි ගැසෙන ආකාරයේ වදන් යෙදුමක් ලෙස දකිමි. "කේ" ඔබ එය එලෙස දකිනවානම් දැන් වුවත් නිවැරදි කිරීමට ඉඩක් ඇතැයි සිතමි. බැතිමතෙකු නොවී සිටීමට වෙර දරන මාහටද එය තිගැස්මක් ඇති කල බැව් සිතේ.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලියා තබා අප නිවසින් අතුරුදහන් වී නැවත පැමිණියේ අදයි. සංස්කරණය කළ යුතු තැන් කිහිපයක් පැවතිණි. ඒවා සංස්කරණය කළෙමි. ඡේදයක් දෙකක් අලුතින් එකතු කළෙමි.

      ඔබේ අදහසට ස්තූතියි.

      Delete
    2. උන්නැහේ මේක ලියන්න ඇත්තේ මගේ එක කියවලා... හික් !

      ඒකයි හේතුව. දැන් නම් බත් මුඛය වෙනස් කරලා...

      Delete
  3. පොඩි ළමයාJune 3, 2013 at 6:25 PM

    කේ,

    ඔබ විසින් එම හිමි නම විසින් ලියන ලදැයි කියන ලිපිය විශ්ලේෂණය කර ඇති අකාරය ඉතා මනරම්. Sherlock Holmes ගේ රහස් පරීක්ෂණ ගැන ලියවුනු පරිවර්තනයක් කියවන අකාරයේ හැගීමක් දැනුනු බවනම් කිව යුතුමය.

    තවද සිතිවිලි කියා ඇති දෙය හා මමද එකඟ වෙමි.

    ReplyDelete
    Replies
    1. මෙය ප්‍රසංශාවක් කියා පිළිගනිමු. ස්තූතියි.

      Delete
  4. කේ,

    ගිය සතියේ (ජූනි 6) අර ගිය අවුරුද්දේ ලිපියකින් විස්තර කළ බස් වලට කාඩ් ක්‍රමයක් හඳුන්වා දීම සිදු වුනු බව දන්නේ නැතිද? ඩයලොග් තමයි ඉදිරිපත් වෙලා තිබුණේ, තනියෙන් කළා වගේ. ඒත්, ඔබේ ලිපියේ තව ගොඩක් සමාගම් සහභාගී විය යුතු බව තිබුණා නේද?

    ඒ ගැන ලිපියක් ලියන්න අදහසක් නැතිද? මම ඇත්තටම මේ දවස දෙක ඇතුලත ලිපියක් පල වෙයි කියලයි හිතුවේ.

    ReplyDelete
    Replies
    1. බස් වලට කාඩ් ක්‍රමය හඳුන්වා දුන් බව පුවත් පත් වල දිටිමි. අප මුලින් පෙන්වා දුන් ලිපියේ තරම් සමාගම් එහි සිටියේ නෑ නේද? මේ ගැන ලිපියක් ලිවීමට තරම් ප්‍රමාණවත් තොරතුරු ප්‍රමාණයක් අප සතුව නැත. එනිසයි ලිපියක් නොලියැවුණේ.

      Delete
    2. ලබන වසරේ ජනවාරී මාසය වන විට දිවයින පුරාම බස් ගාස්තු ගෙවීමට විද්‍යුත් පෙරගෙවුම් කාඞ්පත් ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාප් පැවසීය.
      > http://lankacnews.com/sinhala/news/95465/

      Delete
    3. 'බස්‌ ට්‍රැවල්ස්‌' කාඩ්පත මත්තේගොඩට සහ මහරගමට හඳුන්වාදීම අද
      > http://www.divaina.com/2013/06/10/news34.html

      Delete
    4. "`ටච්` හඳුන්වාදෙයි"
      > http://www.divaina.com/2013/06/12/news28.html

      Delete
    5. [VIDEO] A pre paid pass for private bus passengers...
      > http://www.adaderana.lk/news.php?mode=head&nid=1573

      Delete
  5. සිතුවිළිJune 9, 2013 at 7:29 PM

    ජෝසප් ගේ අදහස හරි, දැන් කථාවට අළුත් ලිපියක් හා මාතෘකාවක් ගෙන ඒමට හොඳ කාලය.
    මේ ලිපියට ප්‍රස්තුත වුනු උන්නාන්සේ ගැන මීට වඩා මොනවා කථා කරන්නද? කෙසේ වෙතත් බෞද්ධ ජන සමාජයට අතිශයින් බලපෑම් කරනා සුළු මෙවන් කාලීන කරුනක් මෙම බ්ලොගයේ සාකච්චාවට බඳුන් කිරීම මම අගය කරනවා. එයට පෙරමුණ ගැනීම ගැන ජෝසප්ට අප තුති කළ යුතුයි.
    මෙවන් මාතෘකා නැවත සාකච්චා කිරීමට සිදු නොවේවා කියන ප්‍රාර්ථනයෙන් නව සාකච්චාවකට පිවිසෙමු.

    ReplyDelete
    Replies
    1. ඔබ දෙදෙනාගේ සිහි කැඳවීම් වලට තුති. නව ලිපිය අද පළ කෙරිණි.

      Delete
  6. මේ සමාජ ක්‍රමය තුල හැම සතුටක්ම හැම දුකක්ම සෑම සත්ක්‍රයාවක්ම සහ සෑම අමනකමක්ම වෙළඳ භාන්ඩයෝය. සියලුම මාධ්යක ආයතන පවතින්නේ අලෙවිය මතය මේ අමන සම්ප්‍රදායන් සියල්ල ප්‍රජාතන්ත්‍ර වාදය මානව නිදහස වැනි අලංකාර දවටන වලින් ඉන් හමන දුඟදද අවලස්සන ස්වරූපයද ආවරනය කර ඇත.මේ නිසාම මාදැඩිලෙස කම්පනයට පත්කල වෙසක් පොහෝදින සිදුවූ අමිහිරි සිදුවීම සම්බන්දයෙන් කිසිවක් නොලීවෙමි.
    දැන් පෙරට විත් තිබෙන්නේ තර්කයෙන් මෙහි හොඳනරක හරිවැරදි සෙවීමය. ඇත්තෙන්ම මේ තමයි වෙළඳාමේ හොඳම හරිය. එසේම මේ සියලු තර්ක මතුපිටින් බලා වැදගත් සියල්ල බැහැර කර ඇත. ගවඝාතනය ගැන හරියට හොයා බැලුවොත් බොහෝ විට මෙහි කිරිපිටි ජාවාරමද කොනක සිටින්නට පුලුවන් ඒ සඳහා බොහෝ හේතු කාරනා තිබේ. මෙතනදී ගවඝාතනයට එරෙහිව කටයුතු කල ප්‍රබල චරිතයක් අපට මෙන්ම අසරන ගවයාටද අහිමිව ඇත. වටිනා හිමිනමක් බොදු සමාජයට අහිමිවිය මේ හිමියන්ට මෙවැනි සිද්දියකට පෙළඹවූ පරිසර සාදකය කුමක්ද? එය අළුත් ප්‍රවන තාවයකි. මෙවැනි මානසික මුලාවන් ඇතිකරන සාදකයන් හඳුනා ගැනීම වහාම සිදුකල යුතුය. එසේ නැතිනම් අවංකව වැරදි වෙනුවෙන් පෙනී සිටින තවතවත් වටිනා චරිත මේ රටට අහිමිවනු ඇත.

    ReplyDelete
    Replies
    1. බන්දුල මහතා දෙතිස් කතා වෙත සාදරයෙන් පිළිගනිමු.

      ඔබේ ප්‍රකාශය ගැන කිසිදු ප්‍රතික්ෂේප කිරීමක් කළ නොහැක. මේ සමාජ ක්‍රමය තුල හැම සතුටක්ම හැම දුකක්ම සෑම සත්ක්‍රයාවක්ම සහ සෑම අමනකමක්ම වෙළඳ භාන්ඩයෝය. සියලුම මාධ්යක ආයතන පවතින්නේ අලෙවිය මතය යන කතාව මේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් පවා සත්‍යය වේ.

      වෙසක් දා සිදු වූ ඔබ කියන 'අමිහිරි සිදු වීම' ගැන කතා කිරීම අප සතියක් කල් දැම්මේ එය එතරම් අමිහිරි නිසාය. "...ගව ඝාතනයට විරෝධය පා (යැයි මාධ්‍ය විසින් වැරදියට පෙන්වා දෙනු ලැබූ) එක්තරා භික්ෂූන් වහන්සේ නමක්..." යනුවෙන් අප මිතුරු ජොසෙෆ් සඳහන් කරන්නේ ඔබ කියන කරුනේ විරුද්ධ පැත්ත යයි සිතමි. ඔබට අනුව, මේ හිමි නම ගවඝාතනය වෙනුවෙන්ම දිවි නසාගෙන ඇත. ... ගවයන් කෙරේ ආලයෙන් පෙළුණු මේ ස්වාමින් වහන්සේ ගවයන් වෙනුවෙන් දිවි පුදා ... ලෙස අප සඳහන් කළේ ඒ අදහසමයි.

      කෙසේ වුවත් අප විරුද්ධ වන්නේ උන් වහන්සේ විසින් ගත් ක්‍රියාමාර්ගයේ නොගැලපෙනසුළු ස්වභාවය ගැනයි. තමන්ට ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය පණිවිඩය හරියාකාරව ප්‍රචාරණය කර ගැනීමට නොහැකි වීම මුන් වහන්සේ තෝරා ගත් ක්‍රියා මාර්ගයේ වැරැද්දයි. නගර සභාවක් දෙකක් ගෝඝාතක ටෙන්ඩරය ලබන අවුරුද්දේ ලබා නොදීමට තීන්දු කර තිබීම හැර වෙන කිසි දෙයක් මින් සිදු වුනේ නැත. ඒ ටෙන්ඩරද ලබා නොදීම සිටීදැයි දැන ගැනීමට ලබන අවුරුද්ද වන තෙක් සිටිය යුතුය.

      ඔබට ඒ වන තෙක් මෙය මතක තිබුනොත්, කරුණාකර අපවත් දැනුවත් කරන්න.

      මහතාණෙනි, දිගටම අදහස් දක්වමින් රැඳී සිටින්න. ඔබ අවසන් වශයෙන් ලියා ඇති සඳහන ඉඟි කරන්නේ ඔබට තව කීමට දේ ඇති බවයි.

      Delete
  7. සිතුවිළිJune 13, 2013 at 8:05 AM

    තවත් එක් මුග්ද භික්ෂු වේශධාරියෙකුගේ නොමනා හැසිරීමක් ගැන මා සී නිව්ස් හි දැක්වූ අදහසකට තම අදහස් දක්වමින් අප මිතුරු ජෝසප් විසින් එවැන්නන් ගනින්නාන්සේලා ලෙස දක්වා ඇත.

    මේ වචනය "ගනින්නාන්සේලා" යන්න කෙරෙහිත් මාගේ වෙනස් වූ ගෞරවනීය කියැවීමක් ඇති නිසා එතැන සිටින වලිගය පාගාගෙන දඟලන උන්ට ගොදුරු නොවී, සියෙන් යමක් වටහා ගත හැකි මිතුරන් සමග මාගේ එම දැක්ම ගැන වදනක් පැවසීමට සිතුනි.

    මා සිතනා ආකාරයට, කහ නූලක් බැඳ අඹුදරුවන් පෝශනය කරමින් සාසන කාරියෙහි නියැලෙන මිනිසුන් ගනින්නාන්සේලා ලෙස පොදුවේ දැක්වේ.
    එහෙත් මෙවන් වූ තත්වයන් ඇති වන්නේ සසුනට ඇති අනුග්‍රහය ප්‍රජා නායකත්වය තුලින් ගිලිහී ගිය තත්වයකදීය. එවන් විටෙක සසුන් පෝශනය කිරීමට ඉදිරිපත් වීමම දිවි පරදුවට තැබීමකි.(ජනගහනයෙන් 80%ක් පමණ ඉස්ලාම්කරනය වූ බංගලාදෙශය ගැන සිතන්න ) එවන් අවධානමක් තුල ලොවට පෙනෙන අයුරින් ගිහි ජීවිත ගත කරමින් සසුන පෝශනය කරන්නා සැබැවින්ම උතුම් පුද්ගලයෙකි, එවැන්නෙකු බුදුන් දහම් සඟුන් හොඳින් දුටුවෙකි.
    කහ නූලක් බැඳ සසුන රකින්නාට දානයක් දීමද උතුම් කොට බුදු හිමියන් දෙසා වදාලේ එබැවිනැයි මා සිතමි.
    එහෙත් අද සිටින බොහෝමයක් භික්ෂු වේශධාරීන් බුදුන් දහම් සඟුන් දුටුවන් නොවෙති. වස්ත්‍රයක් ලෙස අරහත් ධජය පෙරවා සිටින වෙස් ගත්තවුන් පමණි. ඔවුන් ගෙන් ගනින්නාන්සේ කෙනෙකුගෙන් මෙන්වත් සසුනට වැඩක් නොවනා අතර සිදුවනුයේ අවැඩක්මයි. ඉතින් මෙවැන්නන් සසුනෙන් නෙරපා දැමීමට සමතුන් නැතිනම් අද ගනින්නාන්සේ කෙනෙකුවත් සිටිද්දැයි විටෙක සිතේ.

    මේ සියල්ල උපෙක්ශාවෙන දරා සිටින මහා තෙරවරුන් අතලොස්සක් අදත් ඇති නමුත් උන් වහන්සේලාට මේ ගැන කළ හැකි යමක් නැතිවී ඇත.
    ප්‍රජා නායකත්වය සසුනට අනුග්‍රහ දැක්වීම පසෙක තබා තම දේශපාලන උවමනා වෙනුවෙන් සසුන වනසමින් සිටියි.

    මේ තත්වය ගැන අප මිතුරන් යම් මතයක් දරයි නම් ඒ දැන ගැනුමට කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ගනින්නාන්සේ යැයි කීවේ භික්ෂුත්වයට නොගැලපෙන යන අරුතිනි. ඔබ කරන්නේ ඒ අදහස සනාථ කිරීමයි. ගස් නැගීම භික්ෂුවකට කැපද ? මට මුලින් කීමට අවැසි වුනේ මේ වඳුරා වෙඩි තබා බිම හෙලනු ! යනුවෙනි. සැර වැඩි නිසා නොකියා සිටියත්, ඔබේ ප්‍රතිචාරය මට අවැසි දේ වෙනත් අයුරකින් කීමට ඉඩ විවර කළේය.

      Delete
    2. සිතුවිළිJune 13, 2013 at 10:57 AM

      ඔබ හරි,
      වඳුරා වෙඩි තබා බිම හෙලනු කීවානම් කම් නැත. ඌ භික්ෂු වෙස් ගත් වඳුරෙකි.
      මා කීවේ ගනිනාන්සේ කියා මුන් වැනි උන්ට කීමෙන්, ගනිනාන්සේලාට අවමානයක් වන බවයි.

      Delete
    3. ඇත්ත, ඇත්තටම ඇත්ත.

      Delete
  8. සිතුවිළිJune 20, 2013 at 12:16 PM

    ජෝසප්, සිත් , සිතුවිලි, හීන්සැරේ හැමෝම දැන් බොදු බල සේනාවේ ප්‍රභලයෝ වගේ.
    ගලගොඩ අත්තේ හිමියන්ව බේරා ගැනීමේ දරුණු සටනක නියැලෙනවා සී නිව්ස් වල

    මොකද මේ හිටි ගමන් උනේ???

    ReplyDelete
    Replies
    1. @ සිතුවිළි : බොබසේ හෝ වෙනත් එවන් කුඩා සංවිධාන හෝ ගලඔඩඅත්තේ ඥානසාර හිමියන් හෝ බේරා ගැනීමට හෝ ඒ වෙනුයෙන් පෙනී සිටීමට හෝ අප කිසිදු තැතක් දරා නැත. ඒ, එම සංවිධාන වල හෝ පුද්ගලයින්ගේ හෝ අරමුණු හෝ ක්‍රියාමාර්ග ගැන කිසිදු පැහැදිලි අදහසක් අපට නැති බැවිනි. ඒ අය දැනට කරගෙන යන විදිහට ඔවුන් බේරා ගැනීමේ හැකියාවක් අපට තිබේද යන්න ද සැක සහිතය.

      Delete
    2. සිතුවිළිJune 27, 2013 at 10:18 AM

      එහිදී ඤානසාර හිමියන් වෙනුවෙන් කථා කළද, ඔබ සිටින තැනම සිටින නිසාම තමා මෙවැනි පැනයක් මෙතැන නැගුවේ!

      Delete
  9. [1] මෙම ලිපියේ මුල් වැකියත් (වෙසක් පෝ දිනයේ අපට අසන්නට / දකින්නට සිදු නොවිය යුතු සිදු වීමක් සිදු විය.) අවසන් වැකියත් (එසේ හෙයින් නුවණැත්තන් විසින් සසර භය උපදවාගෙන ලැබුවා වූ ක්‍ෂණ සම්පත්තිය අපතේ යා නොදී අප්‍රමාදව කටයුතු කළ යුතුයි) හා අප සපුරා එකග වුව මැද ලියා ඇති බොහෝ දේ අපගේ සංවේගයට හේතු විය. මේ ගැන cnews හි අප දැමු කොමෙන්ටුවක්: lankacnews.com/sinhala/main-news/94783/#comment-526828 මෙහි කියා ඇති ලෙසම උන්වහන්ස්ගේ චේතනාව දැන ගැනීමට පරසිත්දක්නා නුවන අපට නැති බැවින් උන්වහන්සේගේ ක්‍රියාව විවේචනයෙන් අපි වැලකුනෙමු. cnews හි අප කොමෙන්ටු දමන්නේ යම් ස්වයං වාරණයක් සහිතවය. ඒ, කරුණු කාරණා නොදත්තෙක් අප ලියන දෑ වැරදියට තේරුම් ගැනීමට ඉඩ වැඩි බැවිනි. මේ අඩවිය නිතිපතා කියවන්නේ කරුණු කාරණා තේරෙන පස් හය දෙනෙක්ය යනු අපගේ අනුමානය බැවින් එහි නොලියු යමක් මෙහි ලියමු. අපගේ අරමුණ මෙම සිදුවීමේ කතාබහට ලක් නොවන පැත්තක් පෙන්වීම මිස මෙම හිමියන් හෝ ක්‍රියාව හෝ වීරත්වයට නැංවීම නොවන බවද කිව යුතුය.

    [2] වාමාංශික පක්ෂ වල මුල පිරීමෙන් ජවිපෙ විසින් ස්ථාපිත කරන ලදුව අද ලංකාවේ සමාජය එකහෙළා පිළිගන්නා 'විරෝධතා දැක්වීමේ පටිපාටියක්' වේ. මුලින් සංවිධානයක් පිහිටුවා ගැනීම, කොටුව දුම්රිය පොළේ හා වෙනත් නගරවල අත් පත්‍රිකා බෙදා හැරීම, දේශන පවත්වා ජනතාව දැනුවත් කිරීම, පාරවල් අවහිර කර උද්ඝෝෂණ කිරීම හා පෙළපාලි යාම, සත්‍යග්‍රහ කිරීම, රැකියාවක් ඇතොත් වර්ජන කිරීම, කඩින් කඩ උපවාස කිරීම, අවසාන මාරාන්තික උපවාස කිරීම සහ මේ සියළු දේ මාධ්‍ය සාකච්චා, මාධ්‍ය නිවේදන හරහා දිනපතා ප්‍රචාරය කිරීම එම ක්‍රියා පටිපාටියයි. ආණ්ඩුවට එරෙහිව ෆන් එකට පෙළපාලි යන සරසවි සිසුවෙකු අහඹු ලෙස නිකුත් වන වෙඩි උණ්ඩයකින් මිය ගිය විටෙක රට වෙනුයෙන් දිවි පිදු විරුවෙකු බවට ගැටළුවකින් තොරව පත්වන සමාජයක ඉන්ද්‍රරතන හිමි මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කෙළේ නම් සහ අවසන දිවි පිදුවේ නම් බොහෝ පිරිස් උන්වහන්සේ වීරත්වයට නංවනු ඇත. එහෙත් මෙම සම්මත ක්‍රමය බැහැර කර තමන්ගේ හුදෙකලා ක්‍රමයක් අනුගමනය කිරීමේ ප්‍රතිපලය වී ඇත්තේ උන්වහන්සේ 'හරකෙක්' බවට පත්වීමයි. ඒ, මියගිය පසු හොරෙකු මිනීමරුවෙකුගේ වුව නුගුණ නොව ඇති හෝ නැති හෝ ගුණයක්ම සිහිකරන සමාජ සංස්කෘතියක් අපට තිබියදීත්ය.

    [3] මෙම සිදුවීම හෙළා දකින පිරිස් අතර එකම දෙවි දුන් දිවිය තොර කර ගැනීම වරදක් සේ සලකන අන්‍යාගමික පිරිස්, තමන්ගේ පාලන කටයුතු වලට මේ බාධාවක් සේ දකින දේශපාලකයන්, ජාතික ව්‍යාපාරයේ අයිතිකරුවන් තම තමන් යැයි සිතා සිටින පුද්ගලයන්, සමාජ නායකත්වයේ සිටිමින් තම තමන්ගේ පණ්ඩිත බව දක්වන ගිහි පැවිදි පිරිස් ද වේ. මේ අය අඩුම තරමින් දැන් තිබෙන ව්‍යවස්ථාව කුමක්ද උන්වහන්සේ ඉල්ලා සිටි 'සිංහල බෞද්ධ ව්‍යවස්ථාවක්' යනු කුමක්ද කියාවත් සොයා බැලිය යුතුය.

    ReplyDelete
    Replies
    1. [4] සැබෑ බොදුනුවා තෙරුවනට දිවි පුදයි. එහෙත් තෙරුවනට දිවි පිදීම යනු සිය දිවි නසා ගැනීමවත්, මරාගෙන මැරීමවත් නොවේ. 'තිසරණයට දිවි පුදමි' යන නමකින් cnews හි කොමෙන්ටු දැමු අයෙකුගේ එම නමට එරෙහිව අප දිගින් දිගටම කරුණු දැක්වුයේ අද බහුතර සමාජයට තෙරුවනට දිවි පිදීම යනු කුමක්දැයි නොතේරෙන බවට කිසිදු සැකයක් මට නොවූ බැවිනි. සිය දිවි නසා ගැනීම හා පරමත්ථ පාරමිතාවක් සපිරීම යනු දෙකරුනක් බවට දැනුමක් උන්වහන්සේට තිබු බව සංස්කරණය නොකළ වීඩියෝව අනුව පෙනේ. ලොවුතුරු බුදු බවම අරමුණු කෙරෙන මහායාන සම්ප්‍රදාය තුල මෙවන් දිවිපිදීම් 'වරද' සේ නොසැලකෙන නමුත් ක්ෂණ සම්පත්තියම උතුම් සේ සලකන ථෙරවාද සම්ප්‍රදාය තුල තෙරුවනට දිවි පිදීම යනු බොහෝ කොටම ජීවත් වෙමින් කෙරෙන්නකි. අප ඉතිහාසය තුල මෙවන් දේ සිදු නොවීමට ඒ, එක හේතුවක් විය හැක.

      [5] සිය දිවි නසාගැනීම හා/හෝ තත් කිරීම අනුබල දීම ආදිය දඩුවම් ලැබිය හැකි වරද වන අද පවතින (රෝම ලන්දේසි) නීතිය යටතේ බෝසතුන් දුෂ්කර ක්‍රියා කෙළේ නම් කව්රුන් හෝ පොලිසියට පැමිණිලි කිරීමත්, උසාවි නියෝග ලබා ගැනීමත්, බෝසතුන් රෝහල් ගතකර සේලයින් දීමත් ඉන්පසු උසාවියේ නඩු පැවරීමත් සිදු වීමට (සහ බුදු නොවීමට) ඉඩ තිබිණ. එසේම, බුදුරදුන් ආයු සංස්කාර කළ කල්හි ද සැරියුත් මුගලන් ආදී මහරහතුන් පිරිනිවීමට අවසර ඉල්ලු කල්හිද සියදිවි නසා ගැනීමට එරෙහි නඩු වැටීමටත් උන්වහන්සේට උසාවි ගානේ රස්තියාදු වීමටත් ඉඩ තිබිණ. ජීවිතය යනු අවසන් තත්පරය තෙක් වින්දනය කිරීමට ඇති දෙයක යනු මාර (හෙවත් යෙහොවගේ) ධර්මයකි. ආගම භේදයකින් තොරව සියළු සත්වයෝ මේ දිට්ඨියේ ඇත. සම මස් ලේ වියළුනත් බුදු වී මිස මින් නොනැගිටමි යැයි බෝසතුන් කළ අදිටනේ අරුත පින් ඇත්තෝ තේරුම් ගනිත්වා.

      [6] මෙම දිවි පිදීමෙන් හරක් මැරීම නැවතීමක් හෝ වෙනත් කිසිදු අමුතු දෙයක් සමාජයේ සිදු නොවනු ඇත. උන්වහන්සේ ක්ෂණ සම්පත්තිය හැරදා ලොව්තුරු බුදුබව පතා පරමත්ථ පාරමිතාවක් පිරීනම් (අප නොදන්නා) උන්වහන්සේගේ චේතනාව අනුව ඒ සම්බන්ධ දේ උන්වහන්සේට සපිරෙන්නට ඇත. (සුමේධ තවුස් තෙමේද ක්ෂණ සම්පත්තිය හැර දැමුහ.) ජීවිත හානියක් වැනි බරපතල දේ සිදුවිය යුත්තේ ඒ හා සමාන 'බරපතල යැයි අප විසින් සැලෙකෙන' දේ වෙනුයෙන්ය යනු සාමාන්‍ය සමාජ මතයයි. බෝසතුන්ගේ සිත අනෙකකි. බැල්ලක්ගේ සාදුක වෙනුයෙන් සීවලී හිමි පෙර බවයෙක කෑ දේ වමැරීය. එමෙන්ම, අබුද්දෝත්පාද කාල වල බෝසතුන් (අසදිස ආදී) මහා දන් දෙද්දී එම දන් නිසා කාගේ හෝ පැසසුම් නොලැබෙන්නට ඇත. ඒ වෙනුවට, 'මෙන්න පිස්සු ඩයල් එකක්, ගෙදර තියෙන ඔක්කොම නිකන් දෙනවා, අරන් යමු බං' කියමින් කියමින් අප වැන්නන් ඒ දන් රැගෙන යන්නට ඇත. ඉන් සපිරුණේ බෝසතුන්ගේ පාරමිතාව මිස සමාජයේ යමක් නොවේ.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !