Thursday, April 25, 2013

නාගයන් සමගි කිරීම සමරන බක් පුන් පෝ දිනය

මාස් කන්නය සරු වී අටු-කොටු පිරී භාග්‍යය ඉතිරී යන මාසය බක් මාසයයි. මේ සිංහලයින්ගේ සතුටු මාසයයි. සිංහල අලුත් අවුරුද්ද සාමාන්‍යයෙන් බක් මාසය තුල යෙදේ. ඒ හේතුවෙන් ආගමික නැඹුරුවට වඩා විනෝදාත්මක නැඹුරුවක් ඇති කාලයකි.

ගොයම් කපාගෙන අස්වනු ගෙට ගත් පසු ගමේ කොළු කුරුට්ටන් ඉපනැල්ල පාගමින් කුඹුරු වල සෙල්ලම් කරනු මේ කාලයේ සුලභ දසුනකි. මේ කාලයේ දහවල ග්‍රීස්මය දැඩිය. රාත්‍රිය දාහය සහිතය. ඒ දාහය අවසන් කරමින් අක් වැසි ලෙස හැඳින්වෙන ගිගුරුම් සහිත වැසි බක් මාසයේ පසළොස්වක පමණ වන විට සවස් කාලයේ ඇති වේ. බක් මහ අකුණු ලෙස හැඳින්වෙන මේ අකුණු සහිත වැස්සෙන් පොළොව සරු වන බව දැන සිටි සිංහලයෝ කල් නොයවාම ඊළඟ කන්නය පිණිස කුඹුරු සැකසීම අරඹත්.

බක් මාසය තුල සිදු වූ වැදගත්ම ශාසනික කර්තව්‍යය තථාගතයන් වහන්සේගේ දෙවන ලංකාගමනයයි. බුද්ධත්වයෙන් නව මසකට පසු ප්‍රථම ලංකාගමනයකර යක්‍ෂයන් දමනය කර යකුන්ගෙන් ලක්දිව තමන් වහන්සේට පූජා කරවාගෙන දහම පිහිටන දිවයිනක් බවට පත් කළ උන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වසකට පසු තමන් වහන්සේගේ මහා කරුණා නෙතට පාත්‍ර වුනු නාගයන්ගේ අභිවෘද්ධිය සළකා නාගදීපයට වැඩම කළහ.

බුදුරදුන් නාගදීපයට වැඩම කිරීම. ශිල්පී සෝලියස් මැන්දිස් විසින් අඳින ලද කැළණි විහාරයේ බිතු සිතුවමක්.
බුදුරදුන් නාගදීපයට වැඩම කිරීම, කැළණි විහාරයේ බිතු සිතුවමකින්.
ඒ කෙසේද යත්,

"මහත් ඍද්ධි ඇති මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයම් නාග භවනයෙහි රජ වී. උහුගේ නැගණි තොමෝ කන්වඩමන් නම් පව්වෙහි නා රජහට දෙන ලද්දීය. උහුගේ පුත්‍ර තෙමේ චූලෝදර නමි. උහුගේ මෑණියන් පිය වූ නා රජතෙම උතුම් වූ මිණිපළඟ මෑණියන්ට දී කාලක්‍රියා කළේය. එසේ හෙයින් මයිල් නාරජු හා බෑණනුවන් යුධය තෙම එළඹ සිටියේය. පර්වතවාසි වූ ඩ ඒ නාගයෝ මහත් ඍද්ධිමත් වූහ." යනාදී වශයෙන් මහාවංශය මේ සිද්ධිය විස්තර කරයි.

බුද්ධත්වයෙන් පස් වන වස බක් මස අමාවක් පෝ දා අළුයම මහා කරුණා සමාපත්තියට සම වැදී ලොව බලා වදාරන සම්මා සම්බුදුරජාණන් වහන්සේට යුධයෙන් නැසී යන කෙළ ගණන් නාගයන් පෙනිණි. උන් කෙරේ කරුණාවෙන් බුදුරජානන් වහන්සේ තමන් වහන්සේ පා සිවුරු රැගෙන ජේතවනාරාමයෙන් නික්මිණ. මෙකල ජේතවන දොරටුව අබියස කිරිපලු රුකක්‌ වාසභූමි කරගෙන සමිද්ධි සුමන නම් දිව්‍යරාජයෙක් වෙසෙයි. පූර්වභාවයේ නාගදීපයේ මනුෂ්‍යයෙක් වූ හෙතෙම තමන් වසන කිරිපලු රුක මුලිනුදුරාගෙන බුදුරදුන් සිරසට ඡත්‍රයක් කොට අල්වාගෙන උන් වහන්සේ පසුපස්සේ නික්මිණ.

මෙසේ අහසින් නාගදීපයට වැඩම කළ උන් වහන්සේ අහසේ වැඩ සිටිමින් අන්ධකාරයක් මවා නාගයින් කෙරේ බිය ඉපිදවූ සේක. අනතුරුව ඒ බිය පහ කිරීමට ආලෝකයක් උපදවා දී උන්ගේ බිය දුරු කළ සේක. අස්වැසුනු සිත් ඇති ඒ නාගයෝ බුදුරදුන් දෙපා වැඳ නමස්කාර කළෝය. එසේ සතුටු සිත් ඇති නාගයින්ට බුදුරජාණන් වහන්සේ සමගිය ඇති කරන ධර්මයක් දෙසූ සේක. දහම් අසා යුධ පිණිස වන් සිත අතහැර දැමූ ඒ නාගයෝ යුද්ධයට හේතු වූ ඒ මිනීපළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ. ඒ පූජාව පිළිගත් සර්වඥයන් වහන්සේ එහි බැස නාගයින් දුන් දානය පිළිගෙන වළඳා අන්තයෙහි දිය වැසි ගොඩ වැසි තුන්කෙළක් පමණ නාගයින් තුන් සරණෙහි හා සීලයෙහි පිහිටවූ සේක. ඒ යුද්ධයට පැමිණ සිටි මනීඅක්ඛිත නම් කැළණියේ නා රජ තෙමේ තථාගතයන් වහන්සේට අමතා "වහන්ස ඔබ වහන්සේ අප නොදුටු සේක්නම් අප සැවොම අද යුධයෙන් නැසෙම්හ. අප සියල්ලන් කෙරේ කළ කරුණාව මා කෙරේ විශේෂ කොට දක්වත්වා.. නැවත මෙහි ආගමනයෙන් මාගේ දේශයට වඩිත්වා"යි ආයාචනය කළේය. තුන් කල් දන්නා බුදුරජාණන් වහන්සේ තුෂ්නිම්භූත භාවයෙන් මේ ආයාචනය ඉවසූ සේක.

තවද බුදුරජාණන් වහන්සේ ඒ නාගයන් අමතා තමන් වහන්සේට ඡත්‍රයක් වූ ඒ කිරිපලු රුකද තමන් වහන්සේ වැඩ සිටි ඒ මිණිපලඟද යන මේ පාරිභෝගික වස්තු දෙක පූජා පිණිස පවරා දී තමන් වහන්සේගේ කෘත්‍ය සපිරුණේ නැවත ජේතවනයටම වැඩම කොට වදාළහ. මේ වනාහි බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනයයි.

නාගදීපය යැයි අද හඳුන්වන්නේ යාපන අර්ධද්වීපයට එපිටින් ඇති කුඩා දිවයිනක් වුවත් බුද්ධ කාලයේ නාගදීපය යනු මුළු යාපන අර්ධද්වීපයම හෝ ඊටත් වඩා විශාල පෙදෙසක් බව ඉහත විස්තරයෙන් පෙනේ. මේ යුද්ධයට එළඹෙන නාග සේනාව තුන්කෙළක් බව මහාවංශයේ දැක්වේ. යුද්ධය පවතින්නේ දියවැසි නාගයින් හා පර්වතවාසි නාගයින් අතරය. මහෝදර තෙමේ මුහුදේ පිහිටි නාග භවනක අධිපතියාය. ඔහුගේ නැගණිය පර්වතවාසි නාග රාජයෙකුට සරණ දෙන ලද්දීය. වර්තමාන යාපන අර්ධද්වීපයේ කඳු පර්වත නැති බැවින් 'කන්වඩමන්' නම් පව්ව ලෙස හැඳින්වෙන්නේ කුමක්ද යන්න එතරම් පැහැදිලි නැත. ඒ අද කන්තරෝඩේයි යන දෙමළ ඌරුවට හුරු වචනයෙන් හැඳින්වෙන පුරාණ කදුරුගොඩ විහාරයදැයි විමසිය යුතුය.

එසේම මහත් ඍද්ධි ඇතිව විසූ ඒ නාගයින්ට කුමක් වීද යන්නත් ගැටළුවකි. මේ සිද්ධියෙන් සතළිස් වසකට පසු විජය කුමරු තම්බපන්නියට සැපත් වන විට කපු කටිමින් සිටින්නේ බුදුන්ගෙන් බණ අසා උන් වහන්සේ වැඩහිඳී මිණිපළඟට පුද පූජා කළ, උන් වහන්සේට නැවත වැඩම කරන ලෙස ආරාධනා කළ නාගයින්ගේ දුහිතෘකාවක් හෙවත් නාග කන්‍යාවක් නොවේ; ප්‍රථම ලංකාගමනයේදීම ගිරි දිවයිනට නංවා පිටත් කළයි කියන යක්ඛ ස්ත්‍රියකි.

නාගයින් නාගදීපයට ගොඩ බැස්සේ යුධ කිරීමට පමණක්ද ? පර්වතවාසය නාගයින්ගේ තාවකාලික උපක්‍රමයක් පමණක්ද? නැතිනම් නාගයින් ලෙස අපේ පැරැන්නන් හඳුනා ගත්තේ තාක්ෂණික වශයෙන් දියුණු (මහත් ඍද්ධි ඇති) උභයචාරි (දිය-වැසි ගොඩ-වැසි) ජීවින් කොටසක්ද ?

35 comments:

  1. ප්‍රශ්නය:නාගයින් ලෙස අපේ පැරැන්නන් හඳුනා ගත්තේ තාක්ෂණික වශයෙන් දියුණු උභයචාරි ජීවින් කොටසක්ද ?

    ආචාර්ය උපාධියකට සුදුසු නිබන්ධනයකට ගැලපෙන ප්‍රස්තුතයක්.

    ලිපිය පුරා ප්‍රශ්න තොගයක් ඇතත් ප්‍රශ්න අතර රජු කියා මේ ප්‍රශ්නය නම් කරමි !

    ReplyDelete
    Replies
    1. එසේනම් ආචාර්ය උපාදියක් හදාරන්න පටන් ගැනීම මැනවි. :)

      Delete
  2. සිතුවිළිApril 26, 2013 at 10:10 PM

    හොඳ ලිපියක්, බොහෝ දුරට මහා වංශය පදනම් කොට ගත් ලිපියක්.
    මා අසා ඇති අයුරු මහා වංශය ලියවුනේ ගැමුණු රාජ සමයෙහිය. එසේ වූ විට බුද්ධ කාලයේ සිට ඒ දක්වා වසර පන් සියයකට වැඩි කාලයක් පිළිබඳ කථාව නිමැවෙන්නේ ජනකථා ඇසුරින් විය හැකිනේද?
    කාල පරාසය මුල්ම පරංගියා ගොටබට දා සිට අද දක්වා වැනිය, කිසිදු ලිකිත සාක්ශියකින් තොරය.
    ඉතින් එම මූලාශ්‍ර මත සැබෑ ඉතිහාසය ගොඩ නැගීම කල හැකිද?
    නාගයින් එවන් අරුම සත්ත්ව කොට්ටාශයක් වූවා නම්? පසුව ඔවුනට මක් වීද? ඒ ගැන ජනප්‍රවාද නැත්තේ ඇයි?
    නැතිනම් නාගයින් යනු යම් කිසි විසේශත්වයකින් යුතුව විසූ මිනිස් ගෝත්‍රයක්මද?
    අනේ මන්දා, මම නම් වැඩිය ඕවා හිතන්න කම්මැලියි.

    ReplyDelete
    Replies
    1. සිතුවිළි,

      මහාවංශය ලියැවුණේ ධාතුසේන රජ සමයෙහිය. මහාවංශය යනු ලක්දිව ලියැවුණු පළමු ග්‍රන්ථය නොවේ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කෙරෙන්නේ වළගම්බා රජ සමයයේය. මහාවංශය අපේ පළමු වංශකතාවද නොවේ. ඊට පෙර දීපවංශය ලියැවිණි.

      "මේ වංශතෙම පුරාතනයන් විසින් කරන ලද්දේ වී නමුත් කිසි තැනෙකම ඉතා විස්තර කරන ලද්දේය. නොයෙක් පුනරුක්ත දෝෂ ඇත්තේය. ඒ දොසින් තොර කරන ලද්දා වූ සුවසේ ග්‍රහණධාරණ කට හැක්කා වූ ප්‍රසාදසංවේග ජනක වූ පරම්පරායාත වූ ඒ මහාවංශය කථනය කරන්නෙමි. සජ්ජනයෙනි තෙපි ප්‍රසාද උපදවන්නා වූ තන්හි එසේම සංවේග ජනක තන්හි පහන් සිත් හා භයකම්පා උපදවමින් ශ්‍රවණය කරව්." යනාදී ලෙස ඉහත කරුණ මහාවංශයේම දැක්වේ.

      සැළකිය යුතු තවත් වැදගත් කරුණෙක් ඇත. දීපවංශය යනු මේ කාලය තෙක් නිරුපද්‍රිතව පැවති වංශකතාවයි. මහාවංශය ලියැවෙන සමය වන විට ප්‍රාදුර්භුතව පැවති නමුත් අද දක්වා පැවතීමට අපොහොසත් වූ වෙනත් ලිඛිත මූලාශ්‍ර නැතැයි සැළකීම අප දකින පරිදි නම් ශ්‍රාස්ත්‍රීය මුග්ධ කමකි.

      අද මහාවංශයට පහර දෙන්නෝ බොහෝය. ලොව වෙනත් කිසි ජාතියකට නැති සිංහලයාට ආවේනික අසාධාරණ වස්තුවකි මේ මහාවංශය. සිංහල පොළොවට සිංහලයාගේ ඇති උරුමය කියාපාන "ලිඛිත" මුලාශ්‍රයි මහාවංශය. අනෙක් දේට ඊනියා ලිඛිත මූලාශ්‍ර ඉල්ලන පඬි වරු සිංහලයාගේ උරුමයට මෙතෙක් ලිඛිත මූලාශ්‍ර නොඉල්ලීමට එකම හේතුවත් මහාවංශයමයි. ඒ නිසයි එය බුද්ධභාෂිතයක් ලෙස රැක ගත යුත්තේ.

      මහාවංශය යනු මහාවංශයමයි. මහාවංශයට පහර දෙන, සිංහයෙකුගෙන් මිනිස් දරුවෙක් ඉපදිය හැකිදැයි අසන විජය දාමරිකයෙකැයි කියා සිංහලයාට අවමන් කරන මෝල් වහන්සේලාට නිසි පිළිතුරු මහාවංශයෙන්ම දිය යුතුය. වෙනත් ගෝත්‍රිකයින් මහාවංශයට විරිත්තුවාට කමක් නැත. ඒ පෘතග්ජන ඉර්ශ්යාවයි. එහෙත් තමන් සිංහල යැයි කියා ගන්නා ගෝත්‍රිකයින්ට සමාවක් දිය යුතු නැත.

      සියළු දෙනාටම මහාවංශය කියවන ලෙස කරන ආරාධනයකි මේ.

      Delete
    2. සිතුවිළිApril 27, 2013 at 6:51 AM

      දීමට සරිලන පිළිතුරක් නැත.

      Delete
    3. සිතුවිළිMay 2, 2013 at 1:54 PM

      මිතුර කේ,

      මහාවංශය පිළිබඳ සමාජ ගතවී ඇත්තේ නොයෙකුත් දෙනා නොයෙකුත් ආකාරයෙන් ඒ පිළිබඳ මතුකරනා මතවාද පමණකි.
      මෙවන් මතවාද ඇතිකරන බොහෝ දෙනා සතුව තමන්ගේ සැඟවුනු න්‍යාය පත්‍ර ඇති අතර ඒ බව සමාජය පසක් කරගන්නා විට බොහෝ කල ගොසිනි.

      එමනිසා බොහෝ දෙනාට සහබාගි විය හැකි අයුරින් ඔබගේ බ්ලොග් අඩවිය තුලින් මහා වංශය ගැන කතිකාවතක් ඇති කලහොත් යහපත් නොවේදැයි විමසීමට මට සිතුනි.
      ඔබගේ ජෝසප්ගේ හා තවත් අයගේ අදහස් වලිනුත්, තෝරාගත් උපුටන පලකිරීම් මගිනුත් අපට එය තුලින් ඉතා වැදගත් සාකච්චාවක් නිර්මානය කල හැකිවේවි.

      Delete
    4. Joseph වෙනුවට KMay 3, 2013 at 9:36 PM

      හික් හික්...

      මමත් ඔය වැනිම පිළිතුරක් මීට වසරකට පමණ පෙර සී නිවුස් වල දුන්නා මතකයි. සමහර විට ඇනෝ අංකල් (anonymous one orig) ට විය හැකියි.

      එයා (කවුරු උනත්) ආවේ මහානාම කියල දෙමළ කොල්ලෙක් මහාවංශය කියල දෙමළ ඉතිහාසයක් ලිව්වා කියාගෙනයි. 'මෝල් වහන්සේලා' උන්ට ගැලපෙන නියම නම ! මගෙන් නේද අල්ලා ගත්තේ... හික් !

      සටහන: ඉහත ප්‍රතිචාරය ජොසෙෆ් විසින් අප්‍රේල් මස 28 වන දින මද්‍යහ්න 12:54 ට පමණ පල කරන ලද්දකි.

      Delete
  3. යාළුවා අපි කොටන කොමෙන්ට් කෝ?
    (මේකත් නැති වෙයිද දන්නේ නෑ)

    හැකිනම් මෙය කියවන්න.
    http://lankacnews.com/sinhala/main-news/93306/#comment-511338

    ReplyDelete
  4. මිතුරනි,මෙය කියවන සියලු දෙනාගෙන්ම සමාව අයදිමි. පසුගිය දින කිහිපයේ කිසිවක් ලිවීමට ඉඩක් නොලබාම ගෙවී ගියේය.

    ජොසෙෆ්,
    ඔබේ කොමෙන්ටුව අප නොදන්නා හේතුවකින් පල වී නැත. එය මගේ email box එකේ දිටිමි. එය ඔබේ නමින් මා පල කරන්නද, නැතිනම් ඔබේ බව කියා මගේ නමින් පල කරන්නදැයි කල්පනා කරමි. කෙසේ වෙතත් මට හමු වුනේ මෙහි පල නොවූ ඔබේ එකම එක ප්‍රතිචාරයක් පමණි. වෙන කිසිවෙකුගේ ඒවා (පල නොවී) තිබුනේ නැත.

    ඔබේ පමණක් නොව මගේ ඉතා දිගු කොමෙන්ටුවක්ද පල වී නැත. එය වියුක්ත චින්තනය ගැන ලියුවකි. එය email box එකෙත් නැත. මතක කර නැවත ලිවීමට උත්සාහ ගන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉතිං කෝ ඒක ?

      Delete
    2. ජොසෙෆ්, එය පෙර දින පල කලත් පල වී නැත. හේතුව මම නොදනිම්...
      අද නැවත පල කළෙමි. පමාවට සමාවන්න.

      සටහන: වෙන කිසිවෙකුගේ පල නොවූ ප්‍රතිචාරයක් මට හමු වුනේ නැත. වෙන කිසිවෙකුගේ ප්‍රතිචාර නැති වී ඇත්නම් ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරමි.

      Delete
  5. මේ මොන බොරු කතාද බුද්ධාගම දන්නේ නැති අයට හොඳයි.බුදුන් වහන්සේ ලොවට පහලවුනේ ලෝ වැස්සන්ගේ යහපත තකා මිසක් කාවවත් බය කර පලවා හරින්න නෙමයි.ත්‍රිපිටකයට කොහෙත්ම එකඟ කමක් නැති මාහා වංශය අතිශෝක්තියෙන් ලියපු කෙහෙල් මලක්.අනික ත්‍රිපිටකයට අනුව බුදහු යම් තැනකට වැඩියාද එතන සිටින කිනම්හෝ කෙනෙකු සතර මග සතර පලයෙහි පිහිටිවමට හැකියාවක් ඇත්දැයි බුද්ධ ඥානයෙන්ම විමසා බලා වඩිනවා මිස ආවාට ගියාට වඩින්නේ නැත.එසේ ලංකාවට වැඩියානම් මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට බුද්ධාගම ගෙන එනතෙක් එකදු බෞද්ධයෙක් මෙහි නිසිටීම කෙතරම් හාස්යජනකද.එය බුදුන්ට පවා කරන අපහාසයකි.අනික මහරහතුන් වැඩ සිටපු මේ බිමේ මහාවංසයෙන් පසු වුනේ කුමක්ද? ධාතු සේන රජුන් මුලාකොට ලියු මහාවංශය යනු නියම බුද්ධාගම අපෙන් සඟවා මහා රහතුන් බිහිවීම පවා වලක්වපු අලජ්ජි වජ්ජින්ගේ උගුලකි.බුදුන් ලංකාවට වැඩියා යයි පවසන ඔය කාලය තුල ත්‍රිපිටකයට අනුව උන්වහන්සේ වස් විසු කාලයකි.වස් කාලයක් භික්ෂුන්ට එලියට යාම අකැපයි කියූ බුදුන් එම ශික්ෂාව උල්ලංගනය කරයිද? ඔබ නියම බෞද්ධයෙකුනම් නිර්වාණය සොයන්නේකුනම්.වංශය කබල් නොගා ත්‍රිපිටක පෙළ දහමට අනුව කටයුතු කරන්නේ නම් මැනවි.

    ReplyDelete
    Replies
    1. සිතුවිළිMay 3, 2013 at 2:42 PM

      ඇනොනිමස්,
      ඔබගේ කථාව මාහට නම් හරවත් බවක් දනවයි, අප මිතුරු "කේ" එය කෙලෙස දකීදැයි ඔහුගෙන්ම අසා දැන ගනිමු.
      මහා වංශයට අනුව බුදුන් ලක්දිවට වැඩි කාලය, තෙවලා දහම අනුව වස් කාලයකැයි ඔබ කරන කතාව විමසිය යුතු කාරනයකි. එය ඔබ උපුටා ගත්තේ ත්‍රිපිටක්යෙහි ඇති කුමන තැනකින්ද? මේ පිළිබඳ ඔබ සාකච්චාවකට එලැඹෙනවානම් එය කාගේත් යහපත පිනිස විය හැක.

      භාවිතයට පහසු නමක් තෝරාගෙන ඔබගේ අදහස් පලකරන්න Anonymous වෙනුවට Name\URL යටතේ ඔබ තෝරාගත් නමින් අදහස් පලකල හැක.

      Delete
    2. හික්... මෙන්න නමක් නැති ජෝකර් කෙනෙක්.

      ෂික්... K ඉක්මන් උනානේ. ඒ නිසා උත්තර දීල වැඩකුත් නෑ. මේ ජෝකර් මේවට ආයේ උත්තර දෙන්න ඒවිද කියල විස්වාසෙකුත් නෑනේ.

      Delete
    3. සිතුවිළිMay 4, 2013 at 2:44 PM

      කේන්ති ගිය සැරට "5" අමතක වෙලා හැඩයි.

      කෙන්තියෙන් උනත් කිවයුතු කරුනු සම්පූර්ණව පිළිතුරනම් ගොනුවෙලා තියෙනවා.
      වැඩිය කියන්න ගිහිල්ලා මටත් මේ අඩවිය තහනම් කරයිද දන්නේ නැහැ!

      Delete
    4. අඥාත මිතුර,

      මා ඔබට ගොනු කළ පිළිතුර දිග වැඩි බැවින් පහලින් වෙනම ගොනු කරන්නම්. ඒ ගැන කමන්න. ඔබට පිළිතුරු වේනම් ලියන්න. එය ප්‍රිය මිතුරු සිතුවිළිගේත් අපේත් අනෙක් සහෘද පාඨකයන්ගේත් සිතුවිළි කලම්බවනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

      Delete
    5. මෙයා පහත ලින්ක් එකෙන් මෙතනට ආපු කෙනෙක්.
      --- http://lankacnews.com/sinhala/main-news/93620/#comment-512013
      'කොනකපාල' සහ/හෝ 'ආගමික' නමින් එහි කොටා ඇත. අපරාදේ මහන්සිය නේද, එයා මේවට උත්තර දෙන්න ආයේ එන්නේ නෑ ...

      හික්... මට මහන්සි නෑ ;)

      Delete
    6. පිස්සාMay 7, 2013 at 12:09 PM

      @Anonymous
      ඔබ හට "සරඝු" මහ රහතන් වහන්සේ පිළිබඳව යමක් පැවසිය යුතුය . ඔහු මහියංගනයේ සිටි යක්ෂ ගෝත්‍රික නායකයාගේ පුත්‍රයාය . බුදු රජාණන් වහන්සේ යක්ෂ ගති ධමණය පිණිස මහියංගනයට වැඩි අවස්ථාවේදී පැහැදී හෙතෙම පැවිදි විය. සම්බුදු පියාණන්ගේ ශ්‍රී දේහය චිතකයෙහි දවෙනවිට , ගිණි දළු අතරින් , සෘද්ධියෙන් උන් වහන්සේගේ ග්‍රීවා ධාතුව ලබාගනී . මහියංගන චෛත්‍ය රාජයාගේ තැන්පත් කරනුයේ මෙම ග්‍රීවා ධාතුවයි .
      මහාවංශය කියවීම , නොකියවීම හෝ එහි ඇති කරුණු දැනගැනීම නුඹට අයිති දෙයක් .
      නමුත් කරුණු නොදැන , ඔබ නොදන්නා නිසා යමක් නොමැති බව පැවසීම නිසා ඔබගේ දැඩි අනුවණ කම ප්‍රදර්ශනය කිරීමෙන් , මහා වංශය නොව ඔබ හාස්‍යට භාජනය වන බව කිවයුතුය .

      Delete
  6. අඥාත මිතුර,

    ඔබ කොහෙන් සැපත් උනත්, කුමක් කරන කොටගෙන සැපත් උනත් සාදරයෙන් පිළිගනිමි. ඔබේ චෝදනාත්මක රචනාවට එකින් එක ගෙන පිළිතුරු දීමට අවසර.

    1. "මේ මොන බොරු කතාද බුද්ධාගම දන්නේ නැති අයට හොඳයි.බුදුන් වහන්සේ ලොවට පහලවුනේ ලෝ වැස්සන්ගේ යහපත තකා මිසක් කාවවත් බය කර පලවා හරින්න නෙමයි."

    ඔබ මෙහි කරුණු තුනක් ඉදිරිපත් කරයි.
    (1) බොරු කතා: මේවා ඇත්තද බොරුද කියා අපි නොදනී. එහෙත් අප දන්නා එක් දෙයක් වෙයි. මේවා 100% ඇත්ත කියා ඔප්පු කිරීමට අපට හැකියාවක් නැති සේම 100% බොරු කියා ඔප්පු කිරීමට ඔබටද නොහැකි බවයි.
    (2) බුද්ධාගම දන්නේ නැති අයට හොඳයි: ඔව්; දන්නේ නැති අයට හොඳයි. ඒ වගේම දන්නා අයටත් හොඳයි.
    (3) බුදුන් වහන්සේ ලොවට පහල වීමට හේතුව: මේ කතාව ඇත්ත. ඒත් (අපේ කරුමෙටද මන්දා) කතාවේ තියෙන්නේ මෙහෙමයි. මට පෙන්නන්න පුළුවන්ද මේ කතාවේ කොතනද බය කරලා පලවා හැරි කෙනෙක් ගැන කියවෙන්නේ කියලා... පිං සිද්ධ වෙයි.
    ---
    2. "ත්‍රිපිටකයට කොහෙත්ම එකඟ කමක් නැති මහාවංශය අතිශෝක්තියෙන් ලියපු කෙහෙල් මලක්."

    මහාවංශය නොවෙයි මිතුර, ඕනෑම සාහිත්‍ය ප්‍රබන්ධයක්‌ (සත්‍ය කරුණු මත පදනම් වුනත්) අතිශයෝක්තිය තමයි. ඒකෙ ගැටළුවක් නෑ. ඇයි මේ මහාවංශය ගැන විතරක් මද කිපිලා? අනිත් පසින්, මහාවංශය තිරිපිටකයට එකඟ වෙන්න ඕනේ කියන නිගමනයට එන්නේ මොන තියරියක්, මූලධර්මයක් භාවිතා කරලද?
    ---
    3. "අනික ත්‍රිපිටකයට අනුව බුදහු යම් තැනකට වැඩියාද එතන සිටින කිනම්හෝ කෙනෙකු සතර මග සතර පලයෙහි පිහිටිවමට හැකියාවක් ඇත්දැයි බුද්ධ ඥානයෙන්ම විමසා බලා වඩිනවා මිස ආවාට ගියාට වඩින්නේ නැත."

    නිකමට වගේ මට කියන්න උන් වහන්සේ පරිලෙයිය වනයට වැඩම කිරීමෙන් සතර මග සතර පලයට පැමිණුනේ කවුද? අර විඩුඩභ රජු ශාක්‍ය සංහාරයට යන විට කිඹුල්වත පෙනෙන නොපෙනෙන මානයේ රාජ්‍ය සිමාවේ වියලී ගිය ගසක් මුලට වැඩම කළේ කාගේ සතර මග සතර පලය වෙනුවෙන්ද? හා... සමහර විට ඒ ගමන් "ත්‍රිපිටකයට අනුව" නැතිව ගිය (හොර ගමන්?) වෙන්ට ඇති...
    ---
    4. "එසේ ලංකාවට වැඩියානම් මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට බුද්ධාගම ගෙන එනතෙක් එකදු බෞද්ධයෙක් මෙහි නිසිටීම කෙතරම් හාස්යජනකද.එය බුදුන්ට පවා කරන අපහාසයකි."

    මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට බුද්ධාගම ගෙන එනතෙක් එකදු බෞද්ධයෙක් මෙහි නොසිටි බව ඔබේ නව සොයා ගැනීමක් විය හැකියි. ඒ ගැන අපේ අවංක සුභ පැතුම් ! ඔබේ ඒ සොයා ගැනීමේ හාස්‍යය අන් අය සමග බෙදා හදා ගැනීම පිණිස මේ බ්ලොග් එකේ පල කළ හැකි ලිපියක් ලෙස සවිස්තරව ලියා එවන්නේ නම් පල කිරීමට බාර ගනිමි.
    ---
    සම්බන්ධයි...

    ReplyDelete
    Replies
    1. ...ඉතිරිය.
      ---
      5. "අනික මහරහතුන් වැඩ සිටපු මේ බිමේ මහාවංසයෙන් පසු වුනේ කුමක්ද? ධාතු සේන රජුන් මුලාකොට ලියු මහාවංශය යනු නියම බුද්ධාගම අපෙන් සඟවා මහා රහතුන් බිහිවීම පවා වලක්වපු අලජ්ජි වජ්ජින්ගේ උගුලකි."

      අඥාත මිතුර,
      මෙතැන කරුණු සතරකි.
      (1) මහරහතුන් වැඩ සිටපු මේ බිමේ මහාවංසයෙන් පසු...: මහාවංශය ලියවීමෙන් පසු රහතුන් අඩු වී ගිය බව සත්‍යයකි. එහෙත්, රහතුන් අඩු වීම ඇරඹුණේ බුද්ධ කාලයේමයි. 'විනයෝ නාම සාසනස්ස ආයු' ලෙසින් තථාගතයන් වහන්සේ දෙසා වදාළේ එයයි. ඒ කාලයේ සිට රහතුන් අඩු වීම (නිවැරදිව කිවහොත් රහත් ඝනත්වය = මහණුන් දහසකට සිටින රහතුන් ගණන) සිදු විණි. ඔබේ මහාවංශ තියරියෙන් මේ අඩු වීම පැහැදිලි කරන්නේ කෙසේද?
      තව කරුණක් කියන්නම්, අහිංසක මහා වංශය පැත්තකින් තබන්න. කෙනෙකුට ඇවැසිනම් ධාතුසේන රජු කලා වැව ඉදි කළ නිසා, නැතිනම් තිස්සමහාරාමයේ ලොකු ගමරාළ සිය ඇඹේනිය සමග තරහ වූ නිසා, නැතිනම් මාගම් වරායට නැව් ආවේ නැති නිසා රහතුන් අඩු උනා කියා කිව හැකියි. එකිනෙක කිසි සම්බන්ධයක් නැති කරුණු දෙකක් ගලපන ඔබේ තියරියේත් ඉහත කී තියරි වලත් වෙනසක් නැත.
      (2) ධාතු සේන රජුන් මුලාකොට...: හඃ ! බලවත් සොලී රජුන් මර්ධනය කර ලක්දිව එක්සේසත් කළ, මහා වැව් බඳවා සිරිලක ධාන්‍යාගාරයක් කළ, අවුකන ඈ මහා පිළිම තනවා ධර්මද්වීපය බැබලවූ ධාතුසේන නිරිඳුන් මුලා කරලා ලු! ඌ බබා !!!
      (3) මහාවංශය යනු නියම බුද්ධාගම අපෙන් සඟවා මහා රහතුන් බිහිවීම පවා වලක්වපු...: මේ අමන-මරි-මෝඩ-තකතීරු-මෝල් කතාවකි. මිතුර, මුසප්පු නොවන්න, මීට වඩා හොඳ වචනයක් අපට කිව නොහැක. මහාවංශය බුද්ධ භාෂිතය නොවේ. මහාවංශය කියවා කිසිවෙක් සෝවාන්වත් වන්නේ නැත. වරද ඇත්තේ මහාවංශයේ නොවේ; වෙනත් අරමුණකින් ලියූ පොතක තමන් 'නියම' යැයි සිතාගෙන සිටින බුද්ධාගමක් සොයන ඔබගේය.
      (4) අලජ්ජි වජ්ජින්ගේ උගුලකි: මේ අලජ්ජි යැයි ඔබ කියන වජ්ජීන් ගැන අපට කියා දීම ඔබේ යුතුකමකි. ඔවුන්ගේ උගුල් ගැන උදාහරණ කිහිපයක් සපයන්නේ නම් අපේ දැනුමේ නිම් වළලු පුළුල් වනු ඇත.
      ---
      සම්බන්ධයි...

      Delete
    2. ...ඉතිරිය.
      ---
      6. "බුදුන් ලංකාවට වැඩියා යයි පවසන ඔය කාලය තුල ත්‍රිපිටකයට අනුව උන්වහන්සේ වස් විසු කාලයකි.වස් කාලයක් භික්ෂුන්ට එලියට යාම අකැපයි කියූ බුදුන් එම ශික්ෂාව උල්ලංගනය කරයිද?"

      අප දන්නා තරමින් බුදුරදුන් වස් වාසය කළේ වස් සාර මාසය තුලයි. ඇසල පුර පසළොස්වක පටන් ඉල් පුර පසළොස්වක දක්වා කාලය දළ වශයෙන් වස් කාලය වේ. බුදුරදුන් ප්‍රථම වර ලක්දිව වැඩම කළේ දුරුතු පුර පසළොස්වක වන අතර දෙවන ලංකාගමනය බක් අමාවක දින (පසළොස්වක ලෙසත් සමහර තැන් වල සඳහන්ය) වේ. තෙවන ලංකාගමනය වෙසක් පුර පසළොස්වක දින සිදු වූ බව සාමාන්‍ය පිලිගනිමයි. දුරුතු, බක් හා වෙසක් මාස වස්සාන සමය තුලට අන්තර්ග්‍රහණය කර ගැනීමත් ඔබේ හාස්‍යෝත්පාදක නව සොයා ගැනීමක් ලෙස සැළකිය හැකි වුවත් අපටනම් මේ සීමාව ඉක්මවා යාමකි. මේවා අපට සිනා උපදවන්නේ නැත.

      වස් කාලයේ එළියට යාම අකැපයි කීවේ නිඝන්ඨනාථපුත්ත විය හැකියි. ඔබ බුදුන් බුදුන් යයි කියන්නේ එතුමාට නම් අප ඔබ සමග එකඟ වෙමු. සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේනම් 'එළියට' යාම අකැපයි කීවේ නැත. සත් දිනක් දක්වා පිටත වාසය කිරීමට අවකාශ සලසන 'සත්තාහකරණය' නම් නීතියක් පවා උන් වහන්සේ දෙසා වදාරා ඇත.

      භික්ෂූන්ට ප්‍රාතිහාර්යය පෑම තහනම් කර වදාළ උන් වහන්සේ ඉන් මත්තෙහි යමා මහා පෙළහර පෑම ඔබේ තියරියෙන් පැහැදිලි කරන්නේ නම් ශික්‍ෂා උල්ලංඝනය ගැන සැක ඇති අයට සේවයකි. මිතුර ඔබේ පාණ්ඩිත්‍යය පෙන්වීමට මෙයත් හොඳ අවස්ථාවක්.
      ---
      7. "ඔබ නියම බෞද්ධයෙකුනම් නිර්වාණය සොයන්නේකුනම්.වංශය කබල් නොගා ත්‍රිපිටක පෙළ දහමට අනුව කටයුතු කරන්නේ නම් මැනවි."

      අනේ මම නියම බෞද්ධයෙක්යැයි ලේබල් ගසාගෙන නැත. මා නිර්වාණය සොයන්නෙත් නැත. එය තථාගතයන් වහන්සේ විසින් අප කෙරේ අනුකම්පාවෙන් දෙසා ඇති බවත් ඒ මග තවම විවෘත බවත් අදහමි. ඔබ ඔය කියන 'නියමම' බෞද්ධයෙක් නම් ඔබ කරන්නේ නිර්වාණය සොයන එකද? ඒ කියන්නේ බුදු වදන සැක බව නේද?

      අනේ මින් එහා කියා හරි හැටි අඳුනන්නේවත් නැති අප තරහ කාරයින් විය යුතු නැත.
      ---

      මිතුර,

      ඔබට මේ බ්ලොග් අඩවිය විවෘතයි. ඔබ මා ඉහත දැක්වූ අංක 4, අංක 5.4, අංක 6 හෝ අංක 7 ගැන සම්පූර්ණ විග්‍රහයක් කර ඔබේ මත සනාථ කළ හැකිනම් ඊට අවස්ථාව සපයමි.

      තෙරුවන් සරණයි !

      Delete
  7. 1.මහාවංශය අනුව විජයගෙන් සින්හල ජාතිය ආරම්භ වූ බව ඔබතුමාට පිළි ගන්නේද?

    2.සිංහයෙක්ගෙන් වුණු මූලාරම්භය තිබේවා, මහාවන්ශ කතුවරයා විසින් විජය වැන්නකු සහ උගේ 700 පිරිස ජාතියක ආරම්භය පිණිස යොදා ගැනීමට කුමක් මුල් වී දැයි ඔබතුමා සිතන්නේද?
    උතුරු ඉන්දියාවේ බසක සහ මසක නැති අමුතු කරුණු හෙළයන්ට තිබීමෙන් විජය වනාහී ඉතිහාසයේ එක් චරිතයක් විය හැකි බව මගේ අදහසකි.
    ඒ පිළිබදව ඔබ සැමගේ අදහස කිම?

    3. දේව , රාක්ෂෂ, නාග යන තෙපිරිස හෙළයේම ගෝත්‍ර සතරක් විය නොහැකිද?
    දේව කොටස අකාශ විද්‍යාවත්, නාග කොටස ධීවර කලාවත්, යක් කොටස ගොවි තැනත් කළ පිරිසක් ලෙසද සමහර තැන්හි පවසනවා මා දැක ඇත. මේ ගැන ඔබේ මත මොනවාද?

    4.මහ බඩා සහ කුඩා බඩා තරග කල රත්‍රන් පුටුව, සින්හාසනය (රජ කිරුළ )විය නොහැකිද?
    5.එයින් අදහස් වන්නේ බුදු රදුන්ට සින්හළ දීපය (සින්හාසනය)පිදූ බවක් විය නොහැකිද?
    6.මහත් සෘද්ධි ලෙස දක්වා ඇත්තේ ගැමුණු යුගයේද පැවති කුණ්ඩලීණී වැනි යෝග භාවනා හදාරා ලබා ගන්නා ලද අංගං පොරවලම උසස් තත්වයක් විය නොහැකිද?

    7.මහා වන්ශයේ විජයට පෙර කාළය ගැන සදහන් නොවන්නේ කිම? ( ඔබගේ අදහස )

    මහාවන්ශය ප්‍රතිෂේප කිරීම මගින් අප උන්නාටද වඩා වලක වැටෙන බවනන් සෑබෑය.
    එහෙත් එහි මත භේදාත්මක කරුණු විශාල වශයෙන් පවතින බවත් එසේම සැබෑවේ.

    ReplyDelete
    Replies
    1. මිතුර, අපත් අඥාතව සිට ඔබට නමක් දමා ගන්නැයි කිව නොහැක. අඩු තරමින් සංකෙතාක්ෂරයක් හෝ යොදා ගන්නේ නම් මැනවි කියා ඉල්ලීමක් කරමින් ඔබේ ගැටළු වලට පිළිතුරු කෙටියෙන් දෙන්නම්.

      1. මහාවංශයට අනුව සිංහල ජාතිය විජයගෙන් ආරම්භ නොවේ. එය නූතන 'ඉතිහාස' මහාචාර්ය වරුන්ගේ සොයා ගැනීමක් බවයි මගේ අදහස.

      2. ඉහත (1) පිළිතුර අනුව ඔබේ (2) ප්‍රශ්නය වලංගු නැත. මේ ප්‍රශ්නයේ 'සිංහයෙක්ගෙන් වුණු මූලාරම්භය' යැයි ඔබ කියන්නේ විජයගේ මූලාරම්භය ගැන යැයි සිතමි. සිංහයෙක්ගෙන් වුණු මූලාරම්භයක් විජයට ඇති බව සත්ත්‍යයකි. එසේම සිංහල ජාතියේ මූලාරම්භය ද මහාවංශ කතුතුමා සිංහයා වෙත ගෙන යයි. උපමාවක්‌ කියමි.
      චිම්පන්සියාගෙත් මිනිසාගේත් පුර්වජයා කිසියම් වානර විශේෂයක් යැයි කී විට මිනිසා චිම්පන්සියාගෙන් පැවතෙන බවක් ගම්‍ය නොවේ.
      විජය වනාහි ඉතිහාසයේ එක් චරිතයක් පමණි. එහෙත් ඔහු නිකංම 'චරිතයක්' නොවේ. වැදගත් චරිතයකි.

      3. මේ ගැන මුනිදාස කුමාරණතුංග වියතාගේ ලිපි කියවා ඇත්තෙමි. ඔබේ ගැටළුව නැවත කියවා බලන්න. පළමු කොටසේ යක්කු නැත. දෙවන කොටසේ රාක්ෂයෝ නැත. ඔබ මේ දෙකොටස එකක් ලෙස ගන්නේද? බොහෝ තැන් වල (කුමාරණතුංගයන්ගේ ලිපි වලදැයි හරියටම මතක නැත.) මේ දෙකොටසක් ලෙස ගනී. යක්කු කර්මාන්තකාරයින් බවත් රකුසන් රැකවලුන් බවත් ඒ ලිපි වල එයි. මේ ගැන ස්වාධින අදහසක් මා සතුව මෙතෙක් නැත.

      4. විය නොහැක. එය රත්‍රන්ද නොවේ.

      5. පැහැදිලිවම පළමුව යක්කුද දෙවනුව නාගයින්ද තෙවනුව දෙවියන්ද ලංකාරාජ්‍යය බුදුන්ට පුදා ඇති බව මගේ අදහස වේ.

      6. නොදනී. මෙය දියුණු තාක්‍ෂණයක් විය නොහැකිද කියා මම ඔබෙන් අසමි. (බෞද්ධ දැක්මට අනුව නාගයින් මනුෂ්‍යයින් නොවේ. උන් මනුෂ්‍ය ලෝකයේත් ඉඳහිට වසන මුත් සැබෑ වාසස්ථානය නාග ලෝකයයි.)

      7. මහාවංශයේ විජයට පෙර කාලය ගැන සඳහන් වේ. ඔබ මහාවංශය කියවන විට ඒ කොටස් මගහැරෙන්නට ඇත. ඔබ අදහස් කරන්නේ රාවණා ආදී දැන් ජනප්‍රිය 'පොරවල්' (මෙය එතුමාට අපහාස පිණිස නොවන බව සළකන්න) ගැන නම්, ඔවුන් ගැන එහි සඳහන් නොවේ. හේතුව සරලයි. මහාවංශය ලියැවුණු කාලයේ ඒ කතා තිබුණේ නැත. වාල්මිකී තමන්ගේ 'ඒ කාලේ හැරී පොටර්' මට්ටමේ කතාව ලියූ පසු පමණක්, විශේෂයෙන්ම පොළොන්නරු යුගයේ ද්‍රවිඩ බලපෑම් වලින් පසු, ඒ ගැන කතා ඇති වන්නට ඇත.

      ඔබේ ගැටළු වලට ස්තූතියි෴
      මහාවංශය ගැන ලිපියක් නුදුරු අනාගතයේ ලියවීමට ඉඩ ඇති බව මතක් කරමි.

      Delete
    2. ලොකු උන්නැහේ,

      ඔහේම කියනවනේ "මහාවන්ශය ප්‍රතිෂේප කිරීම මගින් අප උන්නාටද වඩා වලක වැටෙන බවනන් සෑබෑය." කියලා. ඒක ඇත්ත. මහාවංශය තමයි අපේ උරුමය... සහ ලෝකයට අපේ උරුමය පෙන්වන දර්පණය / කැඩපත.

      මේක සසඳන්න ඕනේ පරණ තෙස්තමේන්තුව සමග; ආගමික සන්ධර්භයක් ඇතුලේ නෙමෙයි - ජාතික සන්ධර්භයක් ඇතුලේ. රටක් නැතිව යුරෝපේ පුරා විසිරිලා දෙවන පංතියේ පුරවැසියෝ (සමහර රටවල් වලදී තුන්වැනි පන්තියේ.. සමහර රටවල පුරවැසි කමවත් නෑ...) විදියට හිටි ජුදෙව් ජාතිය අද වන විට ලෝකේ බලවත්ම ජාතිය බවට පත් කළේ පරණ තෙස්තමේන්තුව කියන ඒ පොතයි ඒ පොත ගැන ඒ ජාතියේ තිබුණ විශ්වාසයයි විසින්.

      1948 උන්ට රටක් ලැබුණා. 1948 අපිට රට ලැබුණා. උන් මළ බසක් වෙලා තිබුණු හිබෘ බස අවුරුදු 20 කින් පන ගන්වලා ගත්තා. අපිට අපේ රටේ 80% කතා කරන අපේ බාසාව අපේ රටේ රාජ්‍ය බාසාව කර ගන්න අවුරුදු 8-9 ගියා. උන් අද උන්ගේ බාසාවෙන් වැඩ කරනවා... අපි ??? අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ පර බාසාවකින්.

      හේතුව: අපි අපේ උරුමයට සමච්චල් කිරීම.

      ඔබ තුමාල "එහෙත් එහි මත භේදාත්මක කරුණු විශාල වශයෙන් පවතින බවත් එසේම සැබෑවේ." කිය කියා අඩුපාඩු හොයනවා. යුදෙව්වෝ තමන්ගේ පොතේ තියෙන අඩුපාඩු පෙන්වල දෙන උන්ට මිසයිල් එවනවා. අන්න එතනයි වෙනස.

      ඔබ තුමා උපතින් බෞද්ධ වෙන්නැති. මම කියන්නේ බයිබලේ කියවන්න කියල නෙමෙයි. ඒත් ඒකෙනුත් ඉගෙන ගන්න පාඩම් තියෙනවා.

      Delete
    3. පොඩි ළමයාMay 8, 2013 at 7:18 PM

      ("1948 උන්ට රටක් ලැබුණා. 1948 අපිට රට ලැබුණා. උන් මළ බසක් වෙලා තිබුණු හිබෘ බස අවුරුදු 20 කින් පන ගන්වලා ගත්තා. අපිට අපේ රටේ 80% කතා කරන අපේ බාසාව අපේ රටේ රාජ්‍ය බාසාව කර ගන්න අවුරුදු 8-9 ගියා. උන් අද උන්ගේ බාසාවෙන් වැඩ කරනවා... අපි ??? අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ පර බාසාවකින්.

      හේතුව: අපි අපේ උරුමයට සමච්චල් කිරීම.")

      අගයමි. සහ මේ අදහස අද පවතින සමාජයට ගෙන යා යුතු බව විශ්වාස කරමි.

      (ඔබ තුමාල"එහෙත් එහි මත භේදාත්මක කරුණු විශාල වශයෙන් පවතින බවත් එසේම සැබෑවේ." කිය කියා අඩුපාඩු හොයනවා. යුදෙව්වෝ තමන්ගේ පොතේ තියෙන අඩුපාඩු පෙන්වල දෙන උන්ට මිසයිල් එවනවා. අන්න එතනයි වෙනස.")

      එය බුදු දහමේ ඉගැන්වීමට පටහැනියි නොවේද?

      Delete
    4. [පොඩි ළමයා] එය බුදු දහමේ ඉගැන්වීමට පටහැනියි නොවේද?

      ඔව්, මිසයිල් එවීම බුදු දහමට පටහැනියි කියා කිව හැක. එහෙත් යුදෙව්වන් බුදුදහම අදහන්නේ නැත.

      Delete
  8. @කේ, Joseph
    ඔබ දෙපළගේ අදහස් ගැන තුති.
    කේ ගේ යොජනාව සලකා බලමි. එමෙන්ම එම ලිපියද (මහාවංශය ගැන) බලා පොරොත්තුවෙන් සිටිමි.

    ජෝසප්-

    ||ජාතික සන්ධර්භය සහ ආගමික සන්ධර්භය||
    වටිනා අදහසක්. ඔය මතයම දරමි. නමුත් පඩියන්ට නොතේරෙන දෙයකි. නැතහොත් අමතක කරන්නකි.එබැවින් ජාතියට විරුද්ධව ජාතියේ ආගම යොදා ගැනීම ඔව්හු දැනටමත් ප්‍රායෝගිකවම කරති.

    ||ඒ පොත ගැන ඒ ජාතියේ තිබුණ විශ්වාසයයි විසින්||
    මේ ගැන භක්තියක් ඇති කිරීම කළ හැකි වෙතැයි මම නන් නොසිතමි.
    විශ්වාසය සදහා, අපහැදිලි හා අපිට අනවශ්‍ය දේ අයින් කිරීම කළ හැක (නැට්ට පාගා නොගන්න) (නිවරැදි පර්යේෂණ කර ) * විජය මගින් අපට ගසන පහර - අප මේ රටේ වාසින් නොවන බවට කියන කුණුහරපය, මංකොල්ලකාරයෙක්ගෙන් ජාතිය ඇරැඹුණු බවට ඇති තර්කය නැති කළයුතුය*

    ||ඔබ තුමාල "එහෙත් එහි මත භේදාත්මක කරුණු විශාල වශයෙන් පවතින බවත් එසේම සැබෑවේ." කිය කියා අඩුපාඩු හොයනවා.||

    ජීවිතේට එසේ කර නැත. මගේ අදහස අපි මෙය අපේ ආයුදයක් ලෙසට සකසා ගැනීම කළ යුතු බවය. ඒ සදහා මෙහි, සෙවීමට අඩුපාඩු නැති කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. [Anonymous] මේ ගැන භක්තියක් ඇති කිරීම ...

      එසේ කළ යුත්තේ ඇයි ?

      ඔබේ මම්මා නාකි වූ පසු මිතුරන්ට පෙන්වීමට ලැජ්ජයි කියා සැලුන් එකට ගෙන ගොස් කොණ්ඩය 'මාලිංග' කර කනට 'ඩිල්ෂාන්' දමා නහය විද ඔඩෙල් එකෙන් බාච්චුවක් අන්දවා බෙයා ෆුට් එකෙන් සෙරෙප්පු දම්මනවාද? එසේ කළ පසු තවදුරටත් ඒ කලින් හිටි 'මම්මා' මද, නැතිනම් වෙන කෙනෙක්ද ?

      තේරුම් ගන්න 'විශ්වාසය' ඇති කිරීම ඒත්තු ගැන්විය හැකි නිදහසට කරුණක් බව සැබෑ වුවත් ඔබ කරන මෙහෙයුමෙන් පසු ඉතිරි වන්නේ 'මහාවංශය' නොවේ.
      ---

      [Anonymous] මෙය අපේ ආයුදයක් ලෙසට සකසා ගැනීම ...

      මා සිතන පරිදි මහාවංශය ආයුධයක් නොවේ. එය සන්නාහයකි. වෙන කිසිම ජාතියකට නැති ජාතික සන්නාහයකි. වංශකතා ඇත්තේ අපිට සහ අපිටම පමණි. දීපවංශය, මහාවංශය, ථූපවංශය, දාඨාවංශය, එළු අත්තනගලු වංශය ඈ සියල්ල අප රැක ගත යුතුය. මේවා එකිනෙක සංගත නොවන තැන් තිබිය හැක. නමුත් කළ යුත්තේ ඒ සියල්ල එසේම රැක ගැනීම මිස (ඒවා වෙනස් දෘෂ්ඨි කෝණ ලෙස දැකිය යුතුය.) සියල්ල සංගත කිරීමට ගොස් සියල්ල නැති කර ගැනීම නොවේ.

      මේවා නිවැරදි කිරීමට සිතිවිලි පහල වන්නේම සිංහල සිතක නොවේ. දෙවියන් වහන්සේ අදහන එක සත්‍යයක් මිස සත්ත්‍ය එකකට වැඩි ගණනක් තිබිය නොහැක කියා සිතන ද්විකෝටික තර්කයට ලඝු උනු පටු සිතක ඇති වන හීනමානය තුලින් පමණි ඔවැනි අදහස් පහල විය හැක්කේ.

      මගේ ජාතික මතවාදය පැහැදිලි යැයි සිතමි.

      Delete
    2. සිතුවිළිMay 9, 2013 at 4:03 PM

      ජෝසප්
      ඔබගේ මතය මා අගයමි,
      එකිනෙක වෙනස් මත දරන විට කල යුත්තේ ඒ මත ගැන සාකච්චා කර සැඟවුනු දේ සොයා යාම මිස, අපට වැටහෙන අයුරින් පදනම වෙනස් කිරීම නොවෙයි.
      ගැටළු ඇතිවන්නේ අප ලේකකයා වටහා නොගැනීම නිසයි. කල යුත්තේ හරවත්ව හා දත්ත සහිතව සාකච්චා කිරීමයි. කිසි සේත්ම විවේචනය හෝ පහර දීමනම් නොවෙයි

      Delete
  9. @Joseph

    ඔබගේ කරුණු සත්තකි. හීන මානයත් ඇති වන්නට හේතු පවතී.
    හුදෙක් ඔබ දකින ලෝකය ( ඔබගේ ජාතික මතවාදය)තුලින් ඔබට හීන මානයක් ඇති නොවනමුත් වෙනත් ලෝක දකින්නන් තුල එය නොපවතින බව සිතීමද විශාල මුළාවකි.
    එම හීන මාන සිස් කරන තුරු හීන මානය පැවතීම නොවලැක්විය හැක.
    ඉන්දියාව රාමායනයෙන් පහර ගසනවිට අපේ අය කුලප්පු වන්නේ එහෙයිනි. සන්නායකයේ නොව හිල් ඇති වන්නේ මිනිස් සිත් සතන් තුල වේ.සන්නායකයක්ම නොව එයම ආයුධයක් ලෙසද සැකසීම කළ යුතුවේ

    ||තේරුම් ගන්න 'විශ්වාසය' ඇති කිරීම ඒත්තු ගැන්විය හැකි නිදහසට කරුණක් බව සැබෑ වුවත් ඔබ කරන මෙහෙයුමෙන් පසු ඉතිරි වන්නේ 'මහාවංශය' නොවේ.||

    උපහැරණය කෙසේ වෙතත් ඔබට වඩා වැදගත් මහා වංශය එළෙසම පැවතීමද නැතිනන් මහාවංශය මගින් ජාතික අනන්‍යතාවය රැක ගැනීමද?

    || එසේ කළ පසු තවදුරටත් ඒ කලින් හිටි 'මම්මා' මද, නැතිනම් වෙන කෙනෙක්ද ?||

    පිළිතුරනන් ඒ මම්මාම වේ. ඒ වෙන අයකු යැයි මොකා මොන විදියට කීවත් ඒ මම්මා බව අප දනී. අප කළ යුත්තේ අන්න එයයි. විශ්වාසය දැන් අපේය.අනෙක් අතට දැන් හීන මානයද නැත (ලැජ්ජාව ) .
    අන්‍යන්ගේ විශ්වාසය අපට ප්‍රශ්ණයක් නොවේ. බයිබලය කර ඇත්තේ එයයි. ඇත්ත බලය එයයි

    මා කිවු නිවැරදි කිරීම කළ යුත්තේ ඊනියා බටහිර ක්‍රමයෙන් විය යුතුය.
    (යමක් උපකල්පනය කර එය නිවැරදි බවට පර්යෙෂණ කරනු විනා එය නිවැරදිදැයි බැලීමට කරන පර්යේෂණ නොවේ)ඇමරිකානු ක්‍රමයේ නිවරදි කිරීමක් ලෙසට ගැනීම වඩාත් උචිතය.

    ** උගත් පාඩම් කොමිසමේ සිටින්නන් වැන්නන් ඒ සදහා අත ගැසුවහොත් නන් ඔබ කියන්න 100% නිවරදිවේ**

    ReplyDelete
    Replies
    1. සිතුවිළිMay 9, 2013 at 4:12 PM

      මිතුර ලෝකය,
      ඔබගේ අවසන් වැකිය සියල්ලම කනපිට හරවයි. අද ලංකාවේ මුදලට ගත නොහැක්කේ කුමන් කන්ඩායමක්ද? යම් විදියකින් මෙය සිදු වනවානම් එය කරනා උන්ගේ අවංක භාවය ගැන අති සහතිකය කුමක්ද?

      එය එසේම තිබෙන්නට හැරියත් තව වසර සියයකින් පසුද සිංහලයන් එහි අඩු පාඩු ඇතත් එය අපගේ වංශ කථාවයි කියා ඒ ගැන සාකච්චා කරනු ඇත.

      එය මීට වසර 150කට පෙර සංශෝදනය වූවානම් අප අළුත් දෙය සැක කරමින් මුල් පොත සොයා වෙහෙසෙනු නැතිද?
      මුල් පොත එසේ තිබියදී නොවැටහෙන තැන් සාකච්චාව හොඳම ක්‍රමයයයි මානම් සිතමි.

      Delete
  10. සිතුවිළි මිතුර,
    ඔබ කියන්න සැබෑව.
    මම පැවසුවේ මහාවංශයේ සංශෝධනයක් ගැන නොව, එයට පරිභාහිරව හෝ යමක් සොයා ගෙන මහාවංශයෙන් කරුණු ගෙන හැර අපට පහරදෙන උන්ට නැවත ප්‍රති උත්තර දීමට (අවශ්‍ය තැන්හිදී භාවිතයට ) අපේ කියා තවත් යමක් "ශුද්ධ" ලෙස මතු කර ගැනම පිළිබදවයි.

    අපගේ වංශකතා තිබූ ලෙසටම ඉදිරියට ගෙන යෑම පිළිබද කිසිම තර්කයක් නැත. කළ යුත්තේ සුද්දෝ, දෙවියන් වෙනුවට අවශ්‍ය තැන්හිදී නූතන බටහිර විද්‍යාව යොදා ගන්නා සේ අපිද තවත් යමක් නිර්මාණය කර ගැනීම හෝ මතු කර ගැනීමයි.

    තවමත් මුදලට විකිණෙන් නැති අය සිටිති. එපමණම සංකා සහිතව අපේ උන් ගැන නොසිතන්න. නමුත් වැඩි හරියක් පිළිබදවනන් ඔබ කියන්න සැබවි.


    ReplyDelete
    Replies
    1. සිතුවිළිMay 9, 2013 at 8:45 PM

      ඔබ කියන අළුත්දෙය නිර්මාණය කර ගැනීම පිළිබඳ මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා බොහෝ සෙයින් වෙහෙසෙන හා ජනතාව යොමුකරවන බවක් මා සිතමි. එවැනි නායකත්වයක් සැබැවින්ම අපට අවශ්‍යව ඇති වේලාවකි.
      මා නලින් ද සිල්වා වියතානන්ගේ අනුගාමිකයෙකු නම් නොවෙයි.

      Delete
    2. ඔබ 'පැවසුවේ මහාවංශයේ සංශෝධනයක් ගැන නො'වේනම් ගැටළු බොහෝ දුරට ලිහුණා වේ. අපේ සටන් පාඨය 'මහාවංශයට අත නොතබනු !' යන්නයි.

      මුලින් ද කී පරිදි ඉතිහාසය යනු මේ යැයි දැක්විය හැකි ඊනියා "සත්ත්‍යයක්" නොවේ. එහි විකල්ප මත තිබිය හැක. ඉතිහාසය යනු මහාවංශය නොවන අතර මහාවංශය යනු ඉතිහාසය ද නොවේ. පොදුවේ සැළකු කල අපේ වංශකතාම සමහර තැන් වල පරස්පරතා දක්වයි. එය අපට ගැටළුවක් නොවිය යුතුය. වඩා වැදගත් වන්නේ ඉතාම වැදගත් තීරණාත්මක කරුණු වලදී අපේ වංශකතා එකිනෙක සමග එකඟ වීමයි. වංශකතා සහ ඉතිහාසය පටලවා නොගත යුතුය. ඉතිහාසය අවශ්‍ය වන්නේ උපාදි ලබා ගැනීමට හා සමහරුන්ට රස්සාවක් කිරීමටය. කලාතුරකින් සමහරු පාර්ලිමේන්තු යාමට ද එය භාවිතා කරති.

      "ඉතිහාසය කන්න පුළුවන්දැ" යි කෙනෙක් ඇසුවේ කට කහනවට නොවේ, ඒ කාලේ පණ්ඩිත වරු ඒ ප්‍රශ්නයට ඇඹරුන නමුත් ඊට පිළිතුර "ඔව්" යන්නයි. එහෙත් වංශකතා ඇත්තේ කෑමට නොවේ. ඒ අපේ අතීත උරුමයයි. වර්තමානයේ ආලෝකයයි. අනාගතයේ කැඩපතයි. සිංහලයා කවුද, කරන්නේ මොනවාද, කළ යුත්තේ කුමක්ද සහ කළ හැක්කේ කෙසේද ආදී
      ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ වංශකතා විසිනි. වංශකතා අතහැරි දිනෙන් සිංහලයා අවසන් වන බව අප දැන ගැනීම වැදගත්ය.

      අප කොන්දේසි විරහිතව වංශකතා වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ නිසාය.

      K ඔබ නිහඬ ඇයි ?

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !