Sunday, March 10, 2013

පොලිස් කතා දෙකක්

මේ දෙතිස් කතා නිතර කියවන සහෘදයෙක් අප වෙත එවූ කතාවක්. මේ කතාව වෙනසක් නොකරම ඉදිරිපත් කරන්නේ මේ කතාවම සුළු වෙනසක් සහිතව අපද අසා ඇති නිසායි. අප අසා ඇති කතාවද මේ සමගම දක්වමු. පළමුව ඉදිරිපත් කරන්නේ අප මිතුරු සිතුවිළි ලියා එවූ කතාවයි. දෙවනුව ඒ කතාව අප අසා ඇති ආකාරයයි.

රහස් පොලිසිය හාවා ඇල්ලූ හැටි

ඔන්න ඔස්ට්‍රේලියාවේ තිබුනාලු බොහෝම සරුසාර කැරට් වගාවක්. මේ කැරට් වත්තේ අයිතිකාර මහත්තයා බොහෝම වෙ හෙස මහන්සියෙන් මේක බලාකියාගෙන ඉන්නවාලු. හිටි ගමන් දවසක් උදෙ බලන කොට කොහේද යන වල් හාවෙක් මේකට වැදිලා කැරට් වගාවේ පැත්තක්ම විනාස කරලාලු, දැන අපේ ගොවි මහත්තයාට බොහෝම දුකයි. ඒත් මොනවා කරන්නද වැටවල් එහෙම හදලා ආරක්ශාව වැඩි කලාලු.

පහුවදා බලන කොට මූ අයෙමත් රිංගලා. තවත් කොටසක් හානි කරලා. මේ විදියට සතියක් යනකොට අක්කර ගානක කැරට් කොටුවෙන් භාගයක් විතර ඉවරයි. දැන් අපේ ගොවි මහත්ත්යාට හොඳටම කේන්තියි. ගොවිමහත්තයා මොකද කලේ. දැම්මා ඉන්ටර්නෙට් එකේ දැන්වීමක් ලෝකේ තියෙන සියළු රහස් පරීක්ශන කණ්ඩායම් වලට මේකව හොයලා දුන්නොත් විශාල තෑග්ගක් දෙනවා කියලා.

දන් වැඩේ පත්තු උනා. KGB, රෝ, CIA මෙකී නොකී හැම සංවිදානයකින්ම කණ්ඩායම් එව්වා. වැඩේ හරි ගියේ නැහැ මොකද හාවා නියම වැඩ කාරයෙක් ඌ බේරුනා. හැබැයි තවමත් රෑට රෑට කොටුවට වැඩේ දෙනවා. ඊට පස්සේ ගොවි මහත්තයා ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසියට විශේෂ කැඳවීමකුත් කර්න ගමන් ලංකාවේ CID එකටත් පොඩි මතක් කිරීමක් එව්වලු.

ස්කොට්ලන්ඩ් යාර්ඩ් කාරයෝ වැඩේ භාරගත්තා ඒගොල්ලෝ ඇවිල්ලා දවසක් කැලේට රිංගලා ඉඳලා එලියට ආවේ හාවවත් කන් කෙටියෙන් අල්ලගෙන. ඊට පස්සේ මූ කොහොමද මේ තරම් වැඩකාරයෙක් උනේ කියලා බලන්න උන් හාවවත් අරගෙනම ආයේ එංගලන්තයටම ගියා.

ඊට සතියකට විතර පස්සේ අපේ කට්ටිය "CID" කවදත් සුපුරුදු පරිදි ප්‍රමාද වෙලා ඔස්ට්‍රේලියාවට ලඟා උනා කියමුකෝ. දැන් ගොවි මහත්තයාට ප්‍රෂ්නයක් හාවා ඇල්ලුවා කියලා ලංකාවට දන්නලත් නැහැ. ආපු එවුන් හරවලා යවන්නත් බැහැ. අනිත් කාටවත් අල්ලන්න බැරි උන එකේ මුනුත් හාවා අල්ලන එකක් නැහැ ඔහේ හොයලා ආපුදෙන් කියලා හිතලා මේගොලන්ටත් කැලේට යන්න ඉඩ හැරියා.

අපේ කට්ටියත් මුළු දවසක් කැලේ ඇතුලේ හිටියා. හැන්දෑ වෙනකොට මෙන්න කට්ටිය එලියට එනවා සිංහ ලීලාවෙන්. ගොවි මහත්තයා පුදුම වෙලා බලාගෙන ඉන්නවා.

අපේ කට්ටියගේ පිටිපස්සෙන් තඩි වලහෙක් එනවා වටේ ඉන්න හැමෝටම වැඳ වැඳ අනේ මම තමයි කැරට් කාපු හාව මම ඇත්ත කියන්නේ මට ගහන්න එපා කියලා.

කොහොමද අපේ කට්ටියගේ වැඩ?


ඉන්දීය රහස් පොලිසියේ වික්‍රම

එක එක රටවල විවිධ තරඟ සංවිධානය කරනවනේ... ඔන්න ඉන්දියාවත් සංවිධානය කළාලු තරඟාවලියක්, නිකං දුවන පනින එකක් නෙමේ, මේක රහස් පරීක්‍ෂණ තරඟාවලියක්. ඉන්දියාව ඉතිං ඒ සම්බන්ධයෙන් කප් ගහපු රටක්නේ... හැමෝම දන්නවනේ අර බොම්බේ බෝම්බ සිද්ධිය, තුවක්කු ගත්ත කොල්ලෝ දුසිම් බාගයක් සතියක් විතර යනකං මුම්බායි නගරෙන් පැත්තක් අධි ආරක්ෂක කලාපයක් කරන් නටපු විගඩම... ත්‍රාසය-භීතිය සහ හාස්‍යය කැටි කර ගත් ප්‍රවෘත්ති විශේෂාංගය...

ඉතිං, ඉන්දීය ආරක්‍ෂක අංශ ඒ අතින් හරි දියුණුයි. IPL වගේ ලෝක මට්ටමේ ක්‍රීඩා තරඟාවලියක් අවුරුදු පතා සංවිධානය කරන, අඟහරු වලට චන්ද්‍රිකාවක් යවන්න ලක ලෑස්ති වෙන ඉන්දියාවට ඕක මොන කජ්ජක්ද.

තරඟාවලියට ලෝකේ හැම රටකින්ම වගේ තරඟකාරයෝ ආවා. ලෝකේ පිළිගත් රහස් පරීක්‍ෂණ සංවිධාන වලින් විතරක් නොවෙයි සමහර පෞද්ගලික රහස් පරීක්‍ෂකයොත් මේකට සහභාගී උනා, මොකද දිනුවොත් කාගේ බිස්නස් ද සරු වෙන්නේ. තරඟාවලියේ වැදගත්ම තරඟය උනේ නිදහසේ ඉන්න භයානක මිනීමරුවෙක් අල්ලා ගන්න එකයි. වීරප්පන් මළාට ඒ වගේ උන් ඉන්දියාවේ බොහෝමයි. කාගේත් අවධානය දිනා ගත් මේ තරඟෙට අවසානයට සුදුසුකම් ලැබුවේ කණ්ඩායම් තුනයි.

MI6, CIA සහ RAW ඒ කණ්ඩායම් තුනයි. මුල් කණ්ඩායම් තුන අනෙක් තරඟකරුවන් අභිබවා දස්කම් දැක්වීම නිසාත් රෝ සංවිධානය සත්කාරක රට නියෝජනය කරන නිසාත් තමයි තෝරා ගත්තේ, එහෙම නැතුව කොහොමද ප්‍රේක්ෂකයෝ රඳවා ගන්නේ. ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ මේක නොබැලුවොත් ලබන අවුරුද්දේ තරඟාවලිය තියන්න වෙන්නේ නෑ.

කාගේත් අවදානේ තිබුනේ කවුද මේ භයානක මිනීමරුවා කියන එකයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයත් දුර දිග හිතල බලල තමයි මේ මිනිමරුවම තෝරා ගත්තේ... මොකද, ඇල්ලුවට පස්සේ මිනිමරුවගේ සැප දුක අහන්න ලොකු තැන් වලින් ඇමතුම් එන්න පුළුවන්නේ... මේක ඉන්දියාව.

ඔන්න මිනීමරුවා ගැන තියෙන හොඩුවාවල් ඔක්කොම අර කණ්ඩායම් තුනට ලැබෙන්න සැලැස්සුවා. දැනට තියෙන ඉඟි අනුවනම් මේ මිනීමරුවා ගිරි වනොද්යානේ හැංගිලා ඉන්න තඩි සිංහයෙක්. එයාට දේශපාලන සම්බන්ධකම් නෑ. ඒත් ගැටළුව වෙන්නේ මහා විශාල වනාන්තරයක් වන ගිරි වනෝද්‍යානය ඇතුලේ එක සිංහයෙක් හරියටම අඳුනගෙන අල්ල ගන්නේ කොහොමද කියන එකයි.

මුලින්ම අවස්ථාව ලැබුනේ MI6 කණ්ඩායමට. ඒ අය සත්ත්ව සහ ශාක ගැන විශේෂඥයෝ පිරිසක් සමග කැලයට ඇතුල් උනා. මේ අය මාස තුනක් පුරා කැලේ පීරලා හැම ගහක-ගලක් ගානේ හොයලා සත්තු පහරපු ගොම ගොඩවල්-වතුර වලවල්-මැරුණු සතුන්ගේ සිරුරු හැම දෙයක්ම පරීක්‍ෂා කරලා අන්තිමට සවිස්තර වාර්තාවක් දුන්නා. ඒකෙ අන්තිමට තියෙනවා "ගිරි වනයේ සිංහයන් නැති බව ලැබී ඇති සාක්‍ෂි අනුව නිගමනය කරමු.". දෙවෙනි වාරය ලැබුනේ CIA එකට.

එයාල කළේ වෙනස් වැඩක්. එයාල මුලින් ඒ පැත්තේ අබිලින් වගේ සෙට් එකක් කුලියට ගත්තා. දැන් එනවා දිනපතා පුවත්. සිංහයා අතන... සිංහයා මෙතන... රාත්‍රියේ සිංහ ප්‍රහාරයක්... මුත්‍රා කිරීමට නිවසින් පිටතට ගිය සුරූපී තරුණිය සිංහයාට බිලි... සිංහයා දුටු ඉස්සන් ගොවියෙක් සිහි නැති වී වැටේ... අද්භූත ආලෝකයක් සමග ගමන් කරන සිංහයෙක්... සිංහයින්ගෙන් ප්‍රවේශම් වන ආකාරය... සිංහයාගෙන් තමන් ගලවා ගන්නා ලෙස බල කරමින් ගිරි නුවර වැසියෝ උද්ගොෂණයේ... සිංහයා අපිට එපා කියමින් තමිල්නාඩු තරුණයෙක් ගිනි තබා ගනී...

මේක ටික දවසක් නැගලා යන්න ගත්තා... නිකං ග්‍රීස් යකා සහ පිටසක්වල එළි වගේ. ඇසින් දුටු ශාක්‍ෂි සීමාවක් නැතුව එන්න පටන් ගත්තා. සති දෙකකින් පස්සේ සිංහයා ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා රාජ්‍ය ලේකම්වරිය ප්‍රකාශයට පත් කළා. ආරක්ෂක ලේඛම් සපත කළේ සිංහයා කුමන පරිත්‍යාගයක් කර හෝ නිතිය හමුවට පමුණුවන බවටයි. සති තුනකට පස්සේ ගිරි වනයට ගුවන් ප්‍රහාර එල්ල වෙන්න පටන් ගත්තා. හතර වෙනි සතිය අවසානයේ ජනාධිපතිතුමා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ සිංහයාට සාධාරණය ඉටු කළ ඇමරිකානු විරුවන්ට ප්‍රණාමය පුද කෙරුණු බවයි. ප්‍රහාර වලින් මිය ගිය සතුන් හා ඉන්දියානුවන් වෙනුවෙන් සමාව ඉල්ලීම අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම් විසින් පුවත්පත් හමුවක් ලබා දෙමින් ප්‍රකාශ කළ අතර, රාජ්‍ය ලේකම් වරිය ප්‍රකාශ කළේ ඉදිරියටත් ඇමරිකානු රජය ඉන්දීය රජය සුහද සම්බන්දතාවයක් පවත්වාගෙන යන බවත් එය තහවුරු කිරීම පිණිස ආසියාවේ විශාලම සුපිරි පහසුකම් සහිත වැසිකිලි පද්ධතිය ගිරි වනය ආශ්‍රිතව පිහිටුවීම පිණිස සිය රජය මුල්‍යාධාර සපයන බවයි.

මේවා මෙහෙම වෙද්දිත් රෝ සංවිධානය අවධාරණය කළේ සිංහයාගේ මරණ පරීක්ෂණය නොපැවැත්වුණු නිසා සිංහයා මල බව තමන් විශ්වාස නොකරන බවයි. සිංහයා ඇල්ලීම පිණිස තමන් සුදානම් බව ඔවුන් ප්‍රකාශ කළ නිසා සංවිධායකයින් ඔවුන්ටත් අවස්ථාවක් ලබා දුන්නා සිංහයා ඇල්ලීමට.

උදේ කැලයට ඇතුල් වූ ඉන්දියා රහස් ඔත්තු සේවා කණ්ඩායම රාත්‍රිය වන තුරුත් ආපසු නොපැමිණි නිසා සංවිධායකයින්ට සිදු උනා ගැලවීමේ හමුදාව කැඳවීමට. ගැලවීමේ හමුදාව ඔන්න කොහොමින් කොහොමින් හරි අර රෝ සෙට් එක හොයා ගත්තයි කියමුකෝ...

වලහෙක් ඉන්නවලු කකුලෙන් එල්ලලා එක ගහක අත්තක. රෝ සෙට් එක වට වෙලා නෙලනවලු වලහට... "කියපිය, තෝ නේද සිංහයා... තෝ නේද තරුණිය කැලේට ඇදන් ගියේ... තෝ නේද ගොවියාව බය කරලා මාරු උනේ... තෝ නේද අද්භූත එළි පත්තු කළේ... කියපිය, තෝව අද කම්බස් කරනවා... !!!"

වලහත් "ඔව්, බුදු රාලාමි... ඔව්, ඔව්, මම තමයි රාලාමි... මම තමයි සිංඑහා රාලාමි... මං තමයි රාලාමි තරුණිය කෑවේ... මං තමයි රාලාමි..." කියා කියා පාපොච්චාරණය කරනවලු.


ඔයාල හිතන විදියට කාටද තෑග්ග දෙන්න ඕනේ?
  • MI6 නම් රහස් පොලිස් හිස් තැනක් MI6 ලෙස ටයිප් කර ප්‍රතිචාර කොටසට යවන්න.
  • CIA නම් රහස් පොලිස් හිස් තැනක් CIA ලෙස ටයිප් කර ප්‍රතිචාර කොටසට යවන්න.
  • RAW නම් රහස් පොලිස් හිස් තැනක් RAW ලෙස ටයිප් කර ප්‍රතිචාර කොටසට යවන්න.

19 comments:

  1. රහස් පොලිස් හිස් තැනක් MI6 සිතුවිළි !
    හික් හික් හික් !

    ReplyDelete
  2. අමතක නොකරම වලහට තෑග්ග දෙන්න! උ පැත්ත ගියත් ඇත්ත කියලා තියෙනවා.

    ReplyDelete
  3. බ්ලොග් එක පාළුවට ගිහිං නේද? මොනවා හරි කරන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. සිතුවිළිMarch 18, 2013 at 2:07 PM

      ඒක හරි,
      මේ ලිපියට මම මොනවා ලියන්නද? ඒක නිසා සිහඬව හිටියා, අනෙක් අය කියනදේ බලාගෙන.
      සාකච්චාවට බඳුන් වෙන මාතෘකාවක් ගෙන එන එක හොඳයි වගේ තමයි
      ජෝසප්ගෙන් අගේ ඇති ලිපියක් අද කියෙව්වා භෞතික විද්‍යාව හා හේතු වාදය ගැන.

      Delete
    2. ඔව් සිතුවිළි, ඇත්තටම මම ඒ ටික ලියල පළ කළේ ඉරිදා උදේ. අදත් නැති නිසා මම හිතුවේ මේ බ්ලොග් එකේ පළ කරවන්න ඉල්ලීමක් කරන්න.

      මට හදිස්සියේ කල්පනා උණා දිග වැඩි ඇති කියලා. ඒකයි දෙකට කඩලා දැම්මේ. මෙතැන දැම්මනම් පල වෙන්න වැඩි වෙලාවක් ගන්නවනේ... (ඒ ලිපිය කොමෙන්ට් එකක් විදියට දාන්න බෑනේ !) හොඳ වෙලාවට මම ඒක ඊ මේල් එකක් විදියට හැදුවේ.

      Delete
    3. පොඩි ළමයාMarch 18, 2013 at 6:21 PM

      සිතිවිලි සදහන් කල ලිපිය කියවීමට මමත් කැමතියි. ඔබ දෙදෙනාගෙන් කෙනෙකුට හැකිනම් එයට බැඳියක් ලබා දෙන්න.

      ස්තුතියි.

      Delete
    4. ජොසෙෆ්,

      ඔබේ දිගු පිළිතුර අගය කළ යුතුයි. එහෙත් වැදගත් ප්‍රශ්නය නම් ඔහුට මෙතරම් බරපතල පිළිතුරක් දිය යුතුද යන්නයි. අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය උගන්විම, විශේෂයෙන්ම අධ්‍යාපන සුදුසුකම් නැති, ඒ හේතුවෙන් එවැනි දැනුමක් දරා ගැනීමේ හැකියාව නැති කෙනෙකුට එය ඉගැන්වීම, ඉතා අසීරු කරුණක්.

      ඔබේ ශිෂ්‍යයා විද්‍යාවෙන් ඔප්පු කළ දෙයක් පමණක් විශ්වාස කරමි කියා කියන විට, ඒ ගමන්ම ඔහු විශ්වාස කරන්නේ විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කෙරුණු දැනුමක් වන විට තත්වය තවත් බරපතලයි.

      කළ හැකිනම් හොඳයි, ඒත් ඔබ කරන්නේ අසීරු කර්තව්‍යයක්.

      ඔබට සුභ පතමි. එහෙත් ඔහු 1,2,3,4 අංක දමා ඉදිරිපත් කරන කරුණු ගැන සළකන විට ඔහුටම ජය ලබා දී ඉවත් වීම සුදුසුයැයි සිතමි. ඔහු නිහාරිකා ගැන කීම අපට සිනා උපදවන්නේ ඔහුගේ දැනුම පටුත්වය ඉන් හෙළි කෙරෙන බැවිනි. මානම් කියන්නේ ඔහුට ඉගැන්වීම තේරුමක් නැති බවයි.

      මගේ අදහස එය වුවත්, ඔබ දරන උත්සාහයට අකුල් නොහෙළමි. මමත් අවස්ථාවක් ලැබුණොත් ඔබට උදව් වන ප්‍රතිචාරයක් දමන්නම්.

      Delete
    5. පොඩි ළමයා සොයන බැඳිය: http://lankacnews.com/sinhala/main-news/91739/#comment-486963

      Delete
    6. සිතුවිළිMarch 19, 2013 at 9:43 AM

      මිතුර "කේ"

      සොම්බිට පිළිතුර ලෙස ජෝසප් පල කර ඇති එම ලිපිය නැවත නැවත කියවීමට තරම් රුචි උපදවන්නක්. එහි බැඳිය ඔබ පලකර තිබීම යහපත්.

      එහෙත් හැකිනම් ජෝසප්ගේ උදව් ඇතිව එය ලිපියක් ආකාරයෙන් මෙහි පල කරන්න. අවශ්‍ය විටෙක නැවත කියවීමට එය පහසුවක් වේවි.

      පසුගිය දොරමඬලාව නිසා හටගත් සමාජ කථිකාවත සමස්තයක් ලෙස ඉතා වැදගත්.

      Delete
    7. මමත් සොම්බිට ඊයේ ප්‍රතිචාරයක් දැමුවත් එය පළ වී නැත.
      මම සරල ප්‍රශ්න දෙකකි ඔහුට ඉදිරිපත් කළේ.

      * ගුරුත්වාකර්ෂණය ඇත්ත නම්,
      1. විශ්වයේ ඇති සියළු තරු, මන්දාකිණි, නිහාරිකා (ඒ ගැන ඔහු සඳහන් කර ඇත) ආදිය එකට එක්වී සම්පිණ්ඩනය වී එක ලක්ෂයකට ගොනු නොවන්නේ මන්ද?
      ii. තරු, මන්දාකිණි, නිහාරිකා, ධූලි වලා ආදී අභ්‍යවකාශ පදාර්ථ එකිනෙකින් ඈත් වෙමින් (ප්‍රසාරණය වන විශ්වය) පවතින්නේ කෙසේද?

      මේ ප්‍රශ්න දෙකට පිළිතුරු දීම ජොසෙෆ්ගේ සාපේක්ෂතාවාදය පාඩමට වඩා ඉතා පහසුයි. සොම්බිට තමන් අදහන ගුරුත්වාකර්ෂණය නිවැරදි නොවන බවත් පෙන්වා දිය හැකියි.

      මේ ප්‍රශ්න දෙක එම වෙබ් අඩවිය විසින් පළ නොකිරීම ගැන කණගාටුයි. සිතුවිළි, ඔබ කැමතිනම් මේ දෙක ප්‍රයෝජනයට ගන්න.

      Delete
    8. සිතුවිළිMarch 20, 2013 at 8:42 AM

      කේ,
      ඔබගේ ප්‍රශ්න දෙක මා නැවතත් සොම්බි වෙත ඉදිරිපත් කලා, එය පලවේ යැයි සිතමි.

      Delete
    9. සිතුවිළිMarch 22, 2013 at 8:24 AM

      කේ
      මා ඉදිරිපත් කල ඔබගේ පැනය පලවී ඇති අතර, එයට සොම්බිගෙන් එසේ වන්නේ මහා පිපුරුමෙන් හටගත් අධික ශක්තිය නිසා යැයි ඉතා සරළ හා යන්නේ කොහේද මල්ලේ පොල් පිළිතුරක් ලැබී ඇත. එය පොල් ගෙඩිය වැටෙන්නෙ ගුරුත්වාකර්ශනය නිසා කීවාට දෙවැනි නැත.
      මෙවන් අය සමග සාකච්චාවන්හි නිරත වීම වෙහෙසකරය. පල රහිතය. එම නිසා මා එම සාකච්චාව ඉදිරියට ගෙන නොයමි.
      ඔබ කැමතිනම් එහි පිවිස ඔහුට පිළිතුරු දෙන්න.

      Delete
  4. සිතුවිළිMarch 24, 2013 at 10:57 PM

    මිතුර කේ,
    වෙන කොහේවත් අති සාකච්චාවක් ගැන අපි මෙතැනත් කථා කර පලක් නැහැ.
    ඔබත් ඒ පැත්තේ ආනිසා එහෙදීම කථා කරමු.
    මෙතැන පනගන්වා තියා ගැනීමට පොඩි වැඩපිළිවෙලක් හිතමු.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මා නිවසේ සිට යොමු කරන ප්‍රතිචාර ඒ වෙබ් අඩවියේ පල නොවන බවයි පෙනෙන්නේ. ඔබලාට එවැනි ගැටළුවක් නැත්ද?

      අර නම මා යෙදුවෙත් පල නොවේයැයි යන අදහසින්, කන්තෝරුවේ පරිගණකයෙන්. එහි සිට පල කරන ප්‍රතිචාර නම් පිලි ගැනෙන බවයි අදත් ප්‍රතිචාරයක් පල වීමෙන් පෙනී යන්නේ. බලමු, ලිවීමට හිතේ දහසක් දේ තිබුනත් කාල වෙලාව තමයි හිඟ, මේ දින වල හදාරන පාඨමාලාව හේතුවෙන්. පෝය ලිපිය නියමිත දිනට පල කිරීමට උත්සාහ ගනිමි.

      Delete
    2. පොඩි ළමයා.March 25, 2013 at 8:01 PM

      ආ.. කර්පට්.....

      මමනම් කොමෙන්ටුව දැකපු ගමන් අඳුන ගත්ත. කලින් සිතිවිලි සහ ඔබ අතර මෙහි වූ සංවාදය කියවා තිබුණු නිසා ඔබගේ කොමෙන්ටුව කියවීමෙන් ලියා ඇත්තේ කවුද කියා හඳුනා ගැනීමට අපහසු වුනේ නැහැ.

      කේ, පහත සඳහන මාතෘකා පිළිබඳව දැන ගැනීමට කැමතියි,

      1. පස් මහා බැලුම් (මාමයි බෑනයි සංවාදය පලකිරීමේදී මෙවැනි ලිපියක් ගැන ඔබ ඉඟියක් දී තිබුනා මතකයි)
      2. අට විසි බුදුවරු

      ඔබ හදාරන පාඨමාලාවට අවහිර නොවන සේ මේ පිළිබඳව සිතා බැලීමට හැකිනම් ඔබට පින්.

      පාඨමාලාව අවසානයේ සාර්ථක ප්‍රතිපල අත් වේවා යැයි පතමි.

      Delete
    3. පොඩි ළමයෝ,

      පස් මහා බැළුම් ගැනනම් ලියැවෙනු ඇත්තේ ඇසල පෝය හෝ ඊට පසු. අටවිසි බුදු වරු ගැන ලිපියක් වෙසක් ආසන්නයේ ලියන්නම්. ඇත්තටම මේ දිනවල හරි අවිවේකයි, ඒ නිසයි ඔබලාගේ ප්‍රතිචාර වලට පිළිතුරක්වත් නොදුන්නේ. ජොසෙෆ් ඒ ගැන මතක් කර තිබෙනු දුටු විට තමයි මටත් ඒ ගැන සිහි වුණේ.

      සොම්බියා මා දෙවනුව කී දෙයට දී ඇති පිළිතුර කියැවූ විට ඔහු සමග සාකච්චා කිරීම පලක් නැතැයි සිතා ගත්තා. ඒ නිසා අර නමින් මා එම අඩවියේ කොමෙන්ට් දැමීම බොහෝ විට මෙතැනින් අවසන් වීමට හැක. ඔබලා කැමතිනම් ඒ (පායාසි රාජඤ්ඤ) ගැන සොයා බලන්න.

      එයත් වෙනම ලිපියක් ලිවීමට සුදුසු ප්‍රස්තුතයක් !

      Delete
    4. සිතුවිළිMarch 26, 2013 at 7:16 AM

      කේ,
      සොම්බි ගැන මා දුටුවේ නම් ඔහු සමග විද්‍යා මූලධර්ම තුළින් කථා කිරීම පලක් නැති බවයි. එය ජෝසප් ඔහු හා කළ කතා තුලින් හොඳින්ම තහවුරු කළා. ඔහු යල්පැන ගිය මූලික බටහිර විද්‍යාත්මක සංකල්පයන් මත එල්ලී සිට එතුලින් සියල්ල විග්‍රහ කිරීමට තැනීම තමයි වරද.
      මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා කරනුයේ ඔහුගේ විද්‍යා දැනුම තුළින්, විද්‍යාවේ ඇති එය විසින්ම ප්‍රතික්ශේප කල සංකල්ප හා එකිනෙක ගැටෙන සංකල්ප ගෙන විද්‍යාව තුළින්ම ඒවා පතුරු ගැසීමයි. (ඌරාගේ මාළු ඌරා පිටේ තබා කැපීමකි ) එවන් ගැඹුරු කරුනු සොම්බි හා සාකච්චා කිරීම පල රහිතයි.
      එමෙන්ම ධර්මය ගැන හරවත් යමක් සොම්බිගෙන් විමසූ සැම විටම ඔහු ඒකනම් එහෙම විය හැකියි, මටත් ඒ ගැන ශුවර් නැහැ, එහෙම කිව්වොත් නම් හරි, වැනි පිළිතුරු දෙනවා.
      මට හිතෙන හැටියට ඔහු කොවුර්හේ හේතුවාදී දහම හොඳින්ම ග්‍රහන කරගෙන සිටින්නෙක්.
      කොවුර්ගේ ප්‍රතිපත්තිය වූයේ අන් ආගම් වල මූලයන් ප්‍රශ්න කිරීමත්, බුදු දහමේ වටේ එල්ලා ඇති සරුව පිත්තල සැරසිලි වලට පහර දීමත්ය. බුදු දහමෙහි හරය ගැන කථාවත් නොකිරීමට ඔහු ප්‍රවේශම් වී සිටීම අප සැලකිල්ලට ගත යුතුයි.
      මේ මා දකින හැටි.
      කෙසේ වෙතත් සොම්බි හා විද්‍යාත්මක කරුනුසාකච්චා කිරීම පල රහිත බවට ඔබ පැමිනිනිගමනය නිවැරදි බව සිතමි.

      Delete
  5. සිතුවිළිMarch 30, 2013 at 7:28 AM

    මිතුර කේ,

    ඔබගේ මග පෙන්වීම ඔස්සේ සොයා ගිය විට පායාසි සූත්‍රය සොයා ගත හැකි විය.
    එය මහා කස්සප තෙරුන්ගේ සූත්‍රයකි. ඔබ කී පයාසි රාජඤ්ඤයා සමග වූ සාකච්චාවකි.
    එක් වරක් කියවා වටහා ගැනීමට තරම් මා නුවනැත්තෙක් නොවෙමි, අගනා සූත්‍රයකි.

    මේ මා හට හමුවූ එහි සිංහල පරිවර්ථනයේ යොමුවයි. (පරිවර්ථනයේ ඇතැම් දොස් ඇතැයි මට හැඟුනි )
    http://dahamsithum.wordpress.com/2012/09/08/23-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92-%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/

    ReplyDelete
    Replies
    1. මිතුර,
      පායාසි රාජඤ්ඤ සමග සාකච්චාව කළේ මහා කාශ්‍යප නොව කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ බව මගේ මතකයි. ඔබ එවූ බැඳිය බලා එය සැක හැර දැන ගතිමි. මගේ මතකය නිවැරදිනම්, මේ සිද්ධිය සිදු වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුවයි. ඒ ගැනනම් සඳහනක් මේ ලිපියේ නොවීය. පරිවර්තනය දෝෂ සහිත වීම කෙසේ වෙතත් 'සරල' කිරීමට ගොස් අනාගෙන ඇති බවක් පෙනේ.
      කෙසේ වෙතත්, අන්තර්ජාලය බොහෝ දහම් කරුණු වලින් ගහනය. 'පායාසි රාජඤ්ඤ' කියා සෙව්වත් හොඳ පරිවර්තනයක් සොයා ගත හැකි වීය යුතුයි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !