Thursday, January 17, 2013

The Next Ambition

පහත ඉදිරිපත් කෙරෙන කතාව, අප සහභාගී වූ උත්සවයක ප්‍රධාන දේශනය කළ දක්ෂ දේශීය ව්‍යාපාරික මහතෙක් විසින් සඳහන් කළ සත්‍ය සිද්ධියක්. කතාවේ ස්වභාවය අනුව මෙය 'විනෝද සමයම' යටතේ පල කළ හැකි වුවත් එසේ නොකරන්නේ මෙය සත්‍ය සිද්ධියක් වන නිසාම පමණක් නොවෙයි; එය සිනාසී ඉවත දැමිය හැකි හුදු විහිළු කතාවක් පමණක් නොවන නිසයි. මේ කතාවෙන් නූතන සමාජයේ තරුණ තරුණියන්ගේ ආකල්ප ගැන ඉඟියක් කෙරෙන අතර ඒ ආකල්ප අපේ සමාජයේ ප්‍රගමනය කෙරේ දක්වන බලපෑම ගැන කතිකාවතක් ඇති කිරීමට හේතු වේයැයි සිතමි.

මනාව හැඳ පැළඳ ගත් හුරුබුහුටි තරුණියක් කඩිසර ගමනින් ශාලාවට ඇතුල් වූවාය. පරීක්ෂක මණ්ඩලය සිසාරා කෝමල බැල්මක් හෙළූ ඈ සියළු දෙනාටම සුබ උදෑසනක් පැතුවාය. පෙරලා තමන් වෙත සුබ පැතුම් එක් කළ පරීක්ෂක මණ්ඩලයෙන් ලද ආරාධනය මත පැනවුනු අසුනේ හිඳ ගත් ඈ තමන් වෙත යොමු වන සියළු ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු සැපයීමට සමත් විය.

තනතුරට අවශ්‍ය සුදුසුකම් සියල්ල ඇය විසින් සපුරා ඇති බව පෙනෙන්නට තිබිණි. පරීක්ෂක මණ්ඩලයේ සියළු දෙනා ඈ ගැන තෘප්තිමත් බව ඔවුන්ගේ සිනාමුසු මුහුණු ශාක්‍ෂි දැරීය. මේ මොහොතේ සමාගමේ විධායක අධ්‍යක්ෂ සිය කටහඬ අවදි කළේය.
අධ්‍යක්ෂක: Okay, think you have been selected for this position, what is your next ambition? (සිතන්න ඔබ මේ තනතුරට බඳවා ගත්තා කියා, ඔබේ මීළඟ අභිප්‍රාය කුමක්ද?) ඔහු ඇසුවේය.

අපේක්ෂිකාව: An MBA ! (ව්‍යාපාර කළමනාකරණ පිලිබඳ පශ්චාත් උපාධියක්‌!) කිසි තිගැස්මක් නැතිව පිළිතුර ගලා ආයේය.

මේ පිළිතුර අධ්‍යක්ෂවරයා පුදුමයට පත් කළ බව පෙනිණි.

අධ්‍යක්ෂක: You have just completed your first degree, have no experience in this field at all. Why do you want an MBA ? (ඔබ ඔබේ ප්‍රථම උපාධිය සම්පූර්ණ කළා පමණයි. ඔබට මේ ක්ෂේත්‍රයේ කිසි අත්දැකීමක් නෑ, දැන්ම ඇයි ව්‍යාපාර කළමනාකරණය ගැන සිතන්නේ?) ඔහු ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කළේය.

අපේක්ෂිකාව: to climb the career ladder ! (වෘත්තීය හිණිමග නැගීමට !)
...
ඇය වෙන තැනක රැකියාවක් කරන බව අපට පසුව ආරංචි විය.

ප.ලි.: මේ කතාවේ සිරස්තලය සහ දෙබස් ඉංගිරිසි බසින් යොදා ඇත්තේ ඉහත සම්මුඛ පරීක්ෂණය ඒ භාෂාවෙන් පැවති බැවිනි. දේශකයා සඳහන් කළ දෙය එලෙසම උපුටා දැක්වීමට හැකියාවක් නැතත් හැකි සෑම අයුරින්ම එතුමාගේ අදහසට සමීප වන ලෙස වචන තෝරා ගැනීමට සැළකිලිමත් වීමි.

29 comments:

  1. ඉක්මන කොටයි කිවේ කට කහවටයැ !
    අර 'වෙන තැන' කලින් තැනට වඩා හොඳ වේවා කියල පතනවා...

    ReplyDelete
  2. සිතුවිළිJanuary 18, 2013 at 11:41 AM

    ඕනෑම විශයයක් හෝ වෘත්තියක් පිළිබඳ හැදෑරීමකට වඩා "Paper Qualification" වැදගත් බවට අද සමාජයේ මුල්බැස ඇති උඩු යටිකුරු චින්තනයට තවත් උදාහරනයක්!

    ReplyDelete
  3. පැතු පමණින් සියල්ල ඉටු වෙනවා නම් මොනවා කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. සිතුවිළිJanuary 19, 2013 at 9:32 PM

      බිංදු මෙවැන්නන් හුදු පැතුම් පතා ඉටුවන තුරු බලා සිටින්නන් නම් නොවෙයි. මෙවන් පුද්ගලයන් ඔවුන්ගේ වෘත්තීය හිනිමග නැගීමට බාධා වන ඕනෑම බාධකයක් ඉවත් කර දමා තම ගමන යාමට දක්ෂයින්. එසේම මොවුන් බොහෝවිට තම මග හෙලිකර ගැනීම සඳහා යුක්තිය සාධාරනය නොතකා වැඩ කරන්නන් (unethical practices) ඇත්තන්.

      මේ කථාවේ ආයතන ප්‍රධානියා එක්වරම ඇයව ප්‍රතික්ශේප කිරීමනම් මා අනුමත කරන්නේ නැහැ. මෙවන් පුද්ගලයන් ආයතනයක් තුල හොඳ කණ්ඩායම් ක්‍රීඩකයන් නම් නොවෙයි නමුත් මොවුන් දක්වන දැඩි ඉදිරියට යාමේ අභිප්‍රාය නිසා ආයතනයක් තුල තර්ඟකාරීත්වය ගොඩ නැගෙනවා. එසේම එකිනෙකා තුල අවිශ්වාසය හා එකඟ නොවීම් සමග පැවැත්ම තහවුරු කරගැනීමේ සටන තීව්‍ර වනවා.

      මෙවැනි තතවයක් ආයතනයක හිතකර නොමැති බවක් පෙනුනද එය එසේම නොවෙයි.ඇතැම් විට එවැනි තත්වයක් ආයතනයක ඵලදායිතාවය නැංවීමටද දායක වනවා. එනමුත් මෙමගින් ආයතනයට බොහෝ ආදරය කළ එහෙත් වැඩි පලදායිතාවයක් නොදැක්වූ සේවකයින් කලකිරීමට පත් වනවා.
      එනමුත් සැබැවින්ම ඔවුන් ආයතනය හැරයාමට සියවරක් කල්පනා කරන්නන්. එම නිසා ඉන් විය හැකි අවධානමත් එතරම් බරපතල නැහැ.

      කෙසේ වෙතත් මෙය ආයතන ප්‍රධානියෙකු සූදුවක් (Gambling) සෙල්ලම් කරනවා සේ ගත යුතු තීරණයක්.

      සම්මුක පරීක්ෂනය කළේ මානම් මා ඒ තීරණය ගැනීමට බොහෝ කරුනු තක්සේරු කරනු ඇත.

      Delete
    2. සිතිවිළි,

      "සම්මුක පරීක්ෂනය කළේ මානම් මා ඒ තීරණය ගැනීමට බොහෝ කරුනු තක්සේරු කරනු ඇත." යන්නෙන් ඔබ අදහස් කරන්නේ කවර කරුණුද?

      මේ කතාව අපට කියන ලද්දේ මා මුලින් ද සඳහන් කරන හොරණ ප්‍රදේශය නිජ බිම කරගත් සිංහල ව්‍යාපාරික මහතෙකු විසිනි. ඔහුගේ දෙමාපියෝ ව්‍යාපාරිකයෝ නොවෙති, ඔවුහු ගුරුවරුය. එසේ තිබියදීත් ඔහු ප්‍රබල ව්‍යාපාරයක් ගොඩ නැගුවේය. ඔහු විවිධ විශ්ව විද්‍යාල වල විවිධ පාඨමාලා හදාරා ඇත. විවිධ රාජ්‍ය ආයතන වල උපදේශාත්මක තනතුරු දරයි, අධ්‍යක්ෂ මංඩල වල කටයුතු කරයි. ඔබ කියන බොහෝ කරුණු ඔහු තක්සේරු කර තිබෙන්නට ඇත.

      ඔහු රැකියා අපේක්ෂිකාවගෙන් ඉහත ප්‍රශ්නය නගන්නේ සම්මුඛ පරීක්ෂණ මංඩලය සිය ප්‍රශ්න අසා අවසන් වූ පසුවය. මේ ප්‍රශ්නයට ඇගේ පිළිතුර විසින් කෙරෙන්නේ තමන්ව තෝරා ගැනීම තමන් විසින්ම නිශේධ කිරීමයි. මේ තනතුරට MBA උපාධියක්‌ ප්‍රයෝජනවත් නොවන්නට ඇත. එහි ව්‍යංගාර්ථය නම්, ඈ සිය උපාධිය සම්පූර්ණ කළ වහාම වෙනත් රැකියාවක් තෝරා ගන්නා බවත්, එතෙක් සමාගම ඈ පුහුණු කිරීම පිණිස වැය කළ මුදල් අපතේ යන බවත්ය. ඕනෑම සේවකයෙක් සිය පලදායීතාවය උපරිම මට්ටමින් ලබා දෙන්නේ පළමු වසර තුලදී නොවේ.

      ඒ මා මේ කතාව දුටු සැටියි. ඔබ දකින ආකාරය සහ ඔබ සළකා බලන කරුණු විස්තර කරන්නේ නම් මා හදාරන පාඨමාලාවට ප්‍රයෝජනවත් විය හැක.

      Delete
  4. පොඩි ළමයාJanuary 19, 2013 at 12:16 PM

    සිතුවිලි කියන දෙයට මමත් එකඟයි.

    ලංකාවේ ඔය ඉනිමග නගින්න පටන් ගන්නේ 5 වසරේ ශිෂ්‍යත්වෙන් හැබැයි වැටෙන ඈයෝ සාමාන්‍ය පෙළ හෝ ඊට කලින් ඉදිකිරීම්, වඩු වැඩ වැනි වෘත්තියක් තෝරාගෙන ඉනිමග බැහැල යනවා. තව කට්ටියක් උසස් පෙළ දක්වා එනකොට බැහැල යනවා එතනින් ගොඩ වෙන කට්ටිය තමයි ඉනිමග ඉහලටම නගින්න බලන්නේ. මොකද කොළ "Paper
    Qualifications" නැත්නම් කොච්චර පළපුරුද්ද තිබුනත් පිළිගත් ආයතනයක ඉහල තනතුරකට අයදුම් කරන්න ලැබෙන්නේ නැති නිසා.

    හැබැයි කොළ තිබුනත් වැඩ බැරි සහ කොළ නැතුවත් වැඩ ඇති අය සමග කොලත් එක්ක වැඩ තියෙන සුළු පිරිසක් ලංකාවේ ඉතුරු වෙනකොට ගොඩ දෙනෙක් තමන්ගේ දැනුම උපන් රටේ දියුණුවට යොදවන්නේ නැතිව ගිහින් පිට රට වලට එහි ප්‍රතිපල ලබා දීම තමයි ඔය ඉනිමග නැගීමේ අවසානය වෙන්නේ.

    නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමේ පුරෝගාමියා වන C.W.W. කන්නන්ගර මැතිතුමන්ගේ මූලික අභිප්‍රාය මෙය නොවන බවනම් මගේ හැගීමයි.

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයා මේ කතාවේ මෙතෙක් නොදුටු පැත්තක් පෙන්වා තිබෙනවා. මට ඒක කියවන විට සිතේ රැඳී තිබෙන පැරණි ගීයක් මතක් වුණා.

      "සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ...
      අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ."

      නන්දා මාලනිය ගයන ඒ ගීතය ඕනෑම කෙනෙකුගේ නෙතට කඳුලක් එක් කිරීමට සමත්. බොහෝ දෙනා සිතන්නේ මේ ගීතය සරුංගලය ගැන ලියැවුණු ළමා ගීතයක් බවයි. මෙවැනි අපූරු අර්ථ පූර්ණ ගී දැන් නොලියවෙන්නේ ඇයි?

      Delete
  5. පොඩි ළමයාJanuary 20, 2013 at 7:09 PM

    කේ.

    ඔබ සදහන් කල එම ගීතයේ ඇති සංවේදීම පද පෙළ වන්නේ "සරුංගලේ උඩ ගියදා.... අපට නැතේ අපේ ළමයි". එය ඉතා කදිමට මා මතුකරන්නට උත්සහ කල අදහසට ගැලපෙනවා නේද?

    මා දකින අවාසනාවන්තම තත්වය නම් බලයට පත් වන කිසිම රජයකටවත් බුද්ධි ගලනය නැවත්වීමට තියා පාලනය කිරීමට තරම්වත් වැඩ පිළිවෙලක් නොමැති කමයි.

    කෙසේ වෙතත් ඔබට ස්තුතුයි හොද ගීතයක් ඇසීමට සලස්වූවාට.

    ඔබ මතුකළ දෙවන කාරණය "මෙවැනි අපූරු අර්ථ පූර්ණ ගී දැන් නොලියවෙන්නේ ඇයි?". මට සිතෙන හැටියට ඔබේ ප්‍රශ්නය පහත ආකාරයට වෙනස් විය යුතුයි.

    "මෙවැනි නිර්මාණ කරුවන් දැන් බිහි නොවන්නේ ඇයි?"

    මා දකින හැටියට වර්තමාන ලංකාවේ මෙය සිහිනයක්. හොඳ නිර්මාණ බිහි වන්නේ ශ්‍රේෂ්ට ගනයේ නිර්මාණ කරුවන්ගෙන් බව මගේ හැගීමයි. දැන් සිදු වන්නේ හතු පිපෙනාවක් වැනි මෙලෝ රහක් නැති නමට සංගීත කාරයන් වචන කිහිපයකට සංගීතය මුසු කර ඇඟට ලොකු ඇදුම් දමාගෙන ඔහේ කෑ ගැසීමයි. (උදා. "මට කොත්තුත් ඕනේ", 'මස්සිනා')

    ඉතින් මොවුන්ගෙන් ඔබ අදහස් කරන අපූරු අර්ථ පූර්ණ ගී කෙසේ නම් බලාපොරොත්තු වන්නද?



    ReplyDelete
    Replies
    1. පොඩි ළමයා,

      ඔබ කියන කතාවේ ඇත්තක් නැත්තෙත් නැත. මමද පසුගිය වසර වන තෙක් ඉතා දැඩිව ඔය අදහස දැරුවෙමි. මා මේ කතා කරන්නේ ගීත නිර්මාණ ගැනයි. එදා මහගමසේකරයන්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, කරුණාරත්න අබේසේකර ශූරින් ආදීන්, ගරු මර්සලීනු ජයකොඩි පියතුමා, එසේම පසුව සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස් වැන්නන් විසින් ලියැවුණු ගී කෙතරම් අපූර්ව ලෙස අපේ හදවත් ස්පර්ෂ කළාද? ඒ එකල පැවති සමාජ පසුබිම, අත්දැකීම් හා දැනුම මතයි. මා අදටත් අසන්නේ 80 දශකයට පෙර ගැයුණු ගීය. අද ඇසෙන්නේ ගීද, ඒවා විලාප සහ බැන අඩගැසීම් මිස ගී නොවේ. හොඳම උදාහරණය මහදුරු සුනිල් ආරියරත්නයෝය. ඔහු අද ලියන්නේ ගීතද... ?

      නමුත්...

      අද අළුතෙන් ගී නිර්මාණය නොවන බව සිතා සිටි මා කම්පනය කළ ගීයක් ගිය වසරේ අහම්බෙන් ඇසුවෙමි. ගායකයා කවුදැයි නොදැන සිටියත් ඒ ගීය ඉතා තදින් මසිතේ කා වැදිණි. පසුව සොයා බැලීමේදී ඒ ගීය ගයන්නේ සුනිල් එදිරිසිංහයන් බව දැන ගතිමි.

      "මේ තරම් සියුමැලිද කළුගල් සිතන්නට වත් බැරි නිසා
      මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
      කලා වැව ළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එළා
      රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපැදෙන රළ දිහා
      ඉසුරුමුණියේ නුබ තැනූ පෙම්බරිය කොතැනද කියා
      මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යැයි කියා"

      මේ ගීයේ ඇත්තේ පද හයකි. නමුත් ඉන් කියැවෙන කතාව පොතක් තරම් විශාලය. මේ ගීයට යොදා ඇති තනුව කොතරම් දුරක, කොතරම් භාරදුර වැඩක සිටියත් අප ඉන් උගුළුවා ලීමට සමත්ය. ගායනය ඊටම ගැළපේ. මෙන්න මේ ගීය අහම්බෙන් ඇසීමෙන් මා අද එවැනි ගී නොලියැවෙන බවට වූ මගේ අදහස වෙනස් කර ගතිමි. මේ ගීයේ රචකයා කවුරු වුවත් ඔහුට මාගේ ප්‍රණාමය පිළිගන්වමි. මේ ගීයට අසලින් තැබිය හැකි ගීයක් ඇත්නම් ඒ කීර්ති පැස්කුවෙල් විසින් ගැයුණු "කඳුල ඉතින් සමා වෙයන්" ගීතයයි. ඇත්තෙන්ම අද ප්‍රශ්නය ප්‍රතිභාපූර්ණ නිර්මාණ කරුවන් නොමැති වීමටත් වඩා කිසි දේකට ප්‍රමිතියක් නැති වීම බව මගේ අදහසයි.

      අන්න ඒ නිසයි මා ඒ ප්‍රශ්නය එසේ ගොනු කළේ...


      මා කළින් දැක්වූ නන්දා මාලිනිය ගයන සරුංගලේ ගීතය සැළකුවොත්, රට ගැන හැඟීමක් ඇති සිත් කීරි ගස්වන පද දෙපෙළ එහි අවසන් පද දෙකයි. මුලු ගීතය පුරා කුළු ගන්වන ලද හැඟුම් සියල්ල මුදා හරින්නේ එහි අවසන් දෙපදයෙනි.

      "සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි
      සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි"

      මේ ගී දෙපදය ගැන අවශේෂ විවරණ අවශ්‍ය නැත.


      ඉඳින් මෙවැනි අපූරු අර්ථ පූර්ණ ගී දැන් නොලියවෙන්නේ ඇයි?

      මගේ පිළිතුර නම් මෙවැනි ගී අසන සමාජයකට කිසිවක් අළෙවි කර ගැනීමට වෙළෙඳ ලෝකයට නොහැකි නිසා වන බවයි. වෙළෙඳ ලෝකය පවතින්නේ පාරිභෝගික සමාජය මතයි. එය පතන්නේ පාරිභෝගික සමාජයකි. අප අගය කරන ගී පාරිභෝගික සමාජයේ ඊනියා හරපද්ධතීන්හි අත්තිවාරමටම පහර දෙයි. ජනමාධ්‍යත් වෙළෙඳාමක් වී ඇති සමාජයක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිනම් සෞදි අරාබියේ පාසැල් වල දිනපතා උදෑසන මෛත්‍රී භාවනාව කෙරෙනත් පුදුමයක් නැත.

      Delete
    2. සිතුවිළිJanuary 20, 2013 at 10:42 PM

      කේගේම ප්‍රශ්නය මාතෘකාව වෙනතක යොමුකළත් මේ සුන්දර ගීත පිළිබඳ සාකච්චා කිරීම හරිම තෘප්තිමත් කාරනයක්.
      මීට පෙර මාගේ අළුතවුරුදු සුභපැතුමටත් කේ ලස්සන ගීතයක් මතක් කොට මේ පැනයම ඇසුවා මතකයි.
      කෙසේ වෙතත් පොඩිළමයා ප්‍රශ්නය සංස්කරනය කොට ඇති ආකාරය ඉතා මනරම්
      ඇයි මෙවැනි නිර්මාණ කරුවන් දැන් බිහි නොවන්නේ?
      මා නම් දකින්නේ පවතින ආර්ථිකමය සමාජ රාමුව තුල මෙවැනි මිනිසාගේ අධ්‍යාත්මය පිනවන නිර්මාණ වලට වෙළඳපොලක් නැතිවී තියෙනවා. මෙවැනි ගී රස විඳින්නේත් ඒවා මතක් කොට එහි රසය සාකච්චා කරන්නේත් ඔබ අප වැනි අල්ප පිරිසක් පමණයි. මුදල් නැතිව හෝ නිර්මාණ කරුවන් මෙවැනි නිර්මාණ බිහි කලද ජනමාධ්‍යයන් ඒවාට තැනක් දෙන්නේ නැහැ. ඉතාම අවාසනාවන්ත තත්වය තව තවත් වර්ධනය වීමක් මිස පිළිතුරක් නම් පෙනෙන්න නැහැ.
      කාලයාගේ ඇවෑමෙන් නැවතත් මිනිසුන් අධ්‍යාත්මික රස විඳීමකට යොමුවනු ඇතැයි පතමු.

      Delete
    3. සිතුවිළිJanuary 20, 2013 at 11:02 PM

      කේ කියන පාරිභෝගික සමාජයේ ඊනියා හර පද්දතිය මා ඉහත බිංදුට දුන් පිළිතුරෙන් ඔබට මැනැවින් පෙනෙනවා, අද අගය කිරීමට ලක් වී ඇති ව්‍යාපාරික විඥ්ඥානය එයයි. සමස්ථ සමාජය පාලනය කරන විඥ්ඥානය එයයි. සැබෑ ව්‍යාපාරිකයන් ලොවට හොරෙන් සිතන්නේ එලෙසයි. ඔබ කියන සුන්දර සාහිත්ත්‍යයෙන් පහර වදින්නේ හෙලා දකින්නේ එයයි.

      මාගේ උත්සහය වූයේ එය මතුකොට දැක්වීමයි. ඇයි කිසිවෙක් මගේ අදහසට පහර නොදුන්නේ?

      කේ මතුකළ සුනිල් එදිරිසිංහයන් ගයන ගීය මා අසා ඇතිමුත් මා සිතා සිටියේ මා කලින් අසා නැති පැරනි ගීතයක් කියායි. මතුපිටට ප්‍රභලව පැමිනිය නොහැකි මෙවැනි සුන්දර ගී අතරින් පතර හෝ භිහි වීම ඉතාම වැදගත්.

      Delete
    4. පොඩි ළමයාJanuary 22, 2013 at 7:16 PM

      කේ,

      ඔබ විසින් ලියා ඇති

      "වෙළෙඳ ලෝකය පවතින්නේ පාරිභෝගික සමාජය මතයි. එය පතන්නේ පාරිභෝගික සමාජයකි. අප අගය කරන ගී පාරිභෝගික සමාජයේ ඊනියා හරපද්ධතීන්හි අත්තිවාරමටම පහර දෙයි"

      යන්නට යමක් එකතු කිරීමට කැමැත්තෙමි.

      සංගීත සංදර්ශනයක් අවසානයේ වාදනය කරන ජාතික ගීයේ සංගීතයටත් පිස්සු හැදුනාක් මෙන් නටන සමාජයක්, අද ඇසෙන විලාප බැන අඬ ගැසීම් ඇරෙන්නට ඔබත් මමත් අගය කරන ගී නම් කෙසේ නම් අගයන්නද?

      අද පවතින වාතාවරණයට ඍජුවම පාරිභෝගික සමාජයත් වග කිව යුතු යැයි විශ්වාස කරමි. මෙහි ප්‍රශ්නය ඇත්තේ අද පරපුරේ උත්පත්තියත් සමග යයි මට සිතෙයි. ඔබත් මමත් බිලිඳු වියේ මවගේ තුරුලට වී නැලවිලි ගී අසා නැළවුණු ආකාරයට දැන් බොහොමයක් බිලිඳු දරුවන් නැළවෙන්නේ නැත. අප රසවින්දනය උගත්තේ මවු නැලවිලි ගීයේ තාලයට නැලවීමෙන් බව විශ්වාස කරමි.බොහොමයක් මවුවරු දැන් නැලවිලි ගී දන්නේද නැත. දැනගත්තත් තමන්ගේ දරුවා නලවන්නට වේලාවක්ද නැත. සමහර විට "ආයා අම්මා" සමග හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක දරුවා හැදී වැඩෙයි. ඔවුන් මුදල් සෙවීම අරමුණු කරගත් මේ සමාජයේ තවත් අහිංසක කොටස් කාරයන් පමණි. ඔවුන්ට දරුවාගේ යහ වර්දනය ගැන සිතීමට වෙලාවක් නැත.

      ඉතින් මෙසේ උස් මහත් වන දරුවන් හය හතර තේරුම් යන විට ඇසෙන්නට ලැබෙන ගෝෂා කාරී සංගීතයට සහ එයත් සමග දකින්නට ලැබෙන වීඩියෝ පටය දිහා කට අරගෙන අසා බලා සතුටුවීම ඇරෙන්නට වෙන කුමක් නම් කරන්නද?

      වර්තමාන සමාජයේ වෙනසක් ඇති වනවානම් එය පවුල් ඒකකයක් නැතහොත් කුටුම්බයක් තුලින් ආරම්භ විය යුතු බව විශ්වාස කරමි. නැතිනම් සිතිවිලි පතන "කාලයාගේ ඇවෑමෙන් නැවතත් මිනිසුන් අධ්‍යාත්මික රස විඳීමකට යොමු වීම" නම් හුදෙක් සිතිවිල්ලක් පමණක්ම වනවා ඇත.

      Delete
    5. පොඩි ළමයාගේ ඉහත රචනාව මැනවින් සිතා බලා ලියූ එකක් යැයි සිතමි. මගේ ප්‍රසංශාව පිළිගන්න.
      ---
      ඔබ ස්පර්ශ කළේ ඉතාම වැදගත් ස්ථානයකි. අප සත්‍ය වශයෙන්ම රස වින්දනය උගත්තේ මවගෙන්ය. මේ කතාව තමා සුනිල් එදිරිසිංහයන් 'දෙවැනි බුදුන්' ගීතයේ ගයන්නේ...

      "දෙසවන් සනසා මා නැළවූ ඔබ මියුරු මියැසියේ අරුත කියා දුනි
      ඒ මියැසිය අද මා ගයනා දින මා සිප ගන්නට ඔබ මා ළඟ නැත..... අම්මා///"

      මව්කිරේ රස නොබැලූ පරම්පරාවක් මව් ගයන නැළවිලි ගී රස කොහින් දැන ගන්නද?
      ---
      වර්තමාන සමාජයේ වෙනසක් වෙතොත් එය කුටුම්බය තුලින්ම ආරම්භ විය යුතු බවට වන ඔබේ අදහස මමත් ස්ථිර කරමි. කාලයාගේ ඇවෑමෙන්, 'සිතුවිළි' කියන ලෙස, එය සිදු නොවේයැයි මම නොකියමි. එහෙත් ඊට පෙර තව බොහෝ දේ සිදු විය යුතුය. ව්‍යංගයෙන් තොරව කියතොත් අපේ පරමායුෂ අවුරුදු 10 ට අඩු වී තුත්තිරි ගස් යට නඩු අසන යුගය එළඹිය යුතුය. එවැනි යුගයක් අපේ ජිවිත කාලය තුල එළඹේ යැයි මගේ බලාපොරොත්තුවක් නැත.

      Delete
    6. පොඩි ළමයාJanuary 24, 2013 at 11:12 AM

      කේ.

      ඔබට ස්තුතියි. ඔබ මතක් කරදුන් ගීතය මමද ඉඩ ලැබෙන හැම අවස්ථාවකම සවන් දෙන මියුරු ගීතයකි. නමුත් සිතේ සංවේගයක් ඇති වේ මක් නිසාද යත් මේ ගීතය රස විඳින අතර අසන්නට ලැබෙන

      "ඒ මියැසිය අද මා ගයනා දින මා සිප ගන්නට ඔබ මා ළඟ නැත..... අම්මා///" පද පෙළ සිත් කම්පා කරන බැවිනි.

      ප. ලි. උපදෙස් දීම සම්බන්දයෙන් ඔබ ජෝසේෆ් මාමාට දී තිබු උපදෙස නම් කටේ මසුරන් දැමිය යුතු ශ්‍රේෂ්ට ගනයේ කියමනකි. ඔහු ඔබට ඉතා ගෞරව කරන ආකාරයේ කියමනක් තැනක ලියා තිබුනා මතකයි. මාගේත් ගෞරවය පිළිගන්න.

      Delete
  6. සිතුවිළිJanuary 21, 2013 at 4:54 PM

    කේ,

    මා ඉන් අදහස් කලේ මෙවැනි පුද්ගලයින් සම්බන්ධ වීම තුල සමස්ත ආයතනයෙහි පවතින සංස්කෘතිය වඩා වේගවත් සංස්කෘතියක් බවට පත් විය හැකි බවයි. එසේම අද ව්‍යාපාර ලෝකයෙහි අගයන Aggressive Market Approach එකක් සඳහා එවැනි වඩා වේගවත් ආයතන සංස්කෘතියක් ගැලපෙන බවයි මා කිවේ.
    එහෙත් තම ආයතනයට වඩාත් සුදුසු සංස්කෘතිය කුමක්ද යන්න දන්නේ එහි පාලකයායි.
    එමෙන්ම ඔබ කියා ඇති පසුබිමක් සහිත පුද්ගලයෙකු උනු මේ පාලකයා Unethical Practices නැමති සංකල්පය අළුයම ලූ කෙළ පිඬකට සම කරනා බව හිතාගත හැකිය.
    මේ සම්මුක පරීක්ශනයෙහි කෙටි සාකච්චාව කියවීමෙන් හා බොහෝ දෙනා සම්මුක පරීක්ශනයන්ට භාජනය කොට ලත් අත්දැකීම් ඇසුරින්ම කීවෙමි.

    ආයතනයට අවශ්‍ය Ethics ද Unethics ද යන්න ආයතන සංස්කෘතිය තුල තීරණය වෙයි. ඔබ විවේචනය කරන ඊනියා පාරිභෝගික වාදී ව්‍යාපාර ලෝකයෙහි නම් Ethics වලට තැනක් නැත.

    ReplyDelete
    Replies
    1. ඔබ මතු කරන කාරණා ගැන එකඟ වෙමි. Ethics ගැන පමණට වඩා වද වන කෙනෙකුට ව්‍යාපාර ලෝකයේ ඇති අවස්ථා සීමිත බව පැහැදිලිය. එහෙත් ඒ සටකපට කම් අවැසි නොවන වෘත්තියක යෙදෙන්නෙකුට එය එතරම් අඩුපාඩුවක් නොවේ. කණගාටුවට කරුණ වන්නේ එවැනි කෙනෙකුට පවා මාසය අවසානයේ ලැබෙන වේතනය කෙලින්ම අර කී සටකපට කිහිප දෙනෙකුගේ නොපසුබට උත්සාහය හේතු කොටගෙන ලැබීමය.

      අන්න ඒ නිසා වඩා වැදගත් වන්නේ මේ කතාවේ සිටින යුවතිය වැනි ඉක්මන් නැගීමක් බලාපොරොත්තු වන අයය. ඉතින්, අර ව්‍යාපාරිකයා ඇය රැකියාවට බඳවා නොගැනීම මට ප්‍රෙහෙලිකාවකි. මා ඊට සිතා ගත් හේතුවයි ඉහත දැක්වූයේ. ඔබ කියන සංස්කෘතිය ගැන කරුණද හේතුවක් බව දැන් සිතේ.

      ඔබට ප්‍රශ්න දෙකක් ඇත - පිළිතුරු නොදී සිටීමේ නිදහස ඇත.
      1) ඔබේ කතා දෙකට ප්‍රතිචාර ලෙස මා එවූ email ලිපිය ලැබුනාද?
      2) අපේ ජොසෙෆ් මලයා ගැන ආරංචියක් තිබේද?

      Delete
    2. සිතුවිළිJanuary 21, 2013 at 10:59 PM

      ඔබ වෙත මා ලබා දුන්නේ මා බහුලවම භාවිතා කරන ඊ මේල් ලිපිනයයි, එහෙත් ඔබගේ පිළිතුර ලැබුනේ නැත.

      ජෝසප් සී නිව්ස් හී ලිපි වලට අද දිනයේ පිළිතුරු සපයා තිබුනා දුටිමි. එහි 3 වැනි සිල් පදය ගැන අප මිතුරෙකුට ඇතිව තිබූ පැනයක් වඩා පෞද්ගලික මට්ටමින් සාකච්චා කිරීමට ඇවැසිනම් මෙහි එන්න කියා ඔහු ආරාධනා කර තිබෙනවාද දුටිමි. ඔහු මෙහි ඉක්මනින් පැමිනේවි.

      Delete
    3. සිතුවිළිJanuary 21, 2013 at 11:08 PM

      මා කී ආයතනික සංස්කෘතිය යන සංකල්පය සේවක පිරිසක් සමග වැඩ කරනා ආයතනයක ඉතාමත් වැදගත් සිද්ධාන්තයක්. ආයතනයේ සමස්ත වැඩපිළිවෙල සැලසුම් වන්නේ ආයතන පාලකයා ආයතනය තුල අපේක්ශා කරන සංස්කෘතිය පදනම කරගෙනයි. බොහෝ ව්‍යාපාරිකයන් මෙය සවිඥානිකව මෙන්ම අවිඥානිකවද කරනු ලබයි.
      අපගේ මාතෘකා වූ තරුණිය වැනි උන්ගේ ප්‍රයෝජනය හොඳින් ලබනා ආයතනයකට උදාහරණයක් ලෙස ඔබට "ඔළුව" රූපවාහිනී හා එෆ් එම් සේවා සැලකිය හැකියි.

      Delete
    4. මං මෙහේ...,

      සිතුවිළි දැන් කතා ලියනවද? නියමයි... අපිට ඒවා කියවන්න ලැබෙන්නේ කවදාද?

      තුන් වෙනි සිල් පදය ගැන යක් පැටියාට කෙලින්ම පිළිතුරක් දිය නොහැකි හේතුවක් ඇත. බුදු දහමට අනුව පවින් වැලකීම එකකි, පව් කළ පුද්ගලයා ඉන් නිදහස් වීම වෙනම දෙයකි. සමා කිරීම මගින් පවට අනුබල දීමක් එහි නැත. යක් පැටියාට කෙලින්ම පිළිතුර දුන්නොත් අනවශ්‍ය වාද විවාද මිස සැබෑ මග පෙන්වීමක් කළ නොහැක. එසේම මටද එවැනි දෙයක ගැඹුරක් ගැන අත්දැකීමක් නැත. ඒ නිසා එය අවදානමකි. උපදෙස් දෙන්නා එහි අවදානම ගැන සැළකිලිමත් විය යුතුයි. ඒ නිසයි මා ඔහුට මෙතැනට ආරාධනා කළේ.

      K,
      'ඔබේ කතාව' යටතේ යක් පැටියා ඔහුගේ ප්‍රශ්නය ඉදිරිපත් කරනු ඇත. එය කළ පසු ඔබ පොරොන්දු වූ ලෙස පිටුවක් ආරම්භ කර ඔහුටත් මටත් සිතුවිළිටත් (ඔහුගේ email ලිපිනය ඔබ සතු බව පෙනේ) එහි බැඳිය එවන්න. ඔබ අධීක්ෂණය කරන්න, පිළිතුරු දීම මට බාරයි.

      Delete
    5. සිතුවිළිJanuary 22, 2013 at 3:08 PM

      ජෝසප්,
      ඔබගේ අදහස හොඳයි, මා එය අගය කරමි,

      යක් පැටියාට මා නැවත පිළිතුරක් දුනිමි, බොහෝ පන්ඩිතයින්ගේ උපදෙස් නිසා ඔහු වැනි අහින්සකයෙකු විනාශවේයැයි මා බිය වෙමි. ඔහුගේ අහින්සක දරු පවුල ගැන වගකීමක් ඔහුට වචනයකින් හෝ උපදෙසක් දුන් සැම සතුයි, ඔබ ඒ ගැන බොහෝ සිතීම ඔබගේ බුද්ධිමත් කමයි. හැකිනම් ඔහුට උපකාර කරන්න, සිය වරක් සිතූමෙන් හා සියළු පසුවිපාක සැලකීමෙන් පසු.

      Delete
    6. ජොසෙෆ්,
      අද නම් ඔබ කියන ඉල්ලීමක් ලැබී තිබුනේ නැත.
      සිතුවිළි,
      ඔබට අදත් මගේ ලිපිය ලැබී නැත්නම් spam folder පරික්ෂා කරන්න. එය ලියා තිබුනේ සිංහලෙනි.

      Delete
    7. ජොසෙෆ්,
      අදත් ඉල්ලීමක් ලැබී තැත.

      ඔබට මා උපදෙස් දීම ගැන උපදෙසක් දෙන්න කැමතියි:
      - උපදෙස් බලෙන් දෙන්න යන්න එපා, පන්න පන්න දෙන්න යන්න එපා !
      එසේනම් උපදෙස් දිය යුත්තේ කෙසේද?
      - ඉල්ලීමක් මත දෙන්න. උපදෙස අත්‍යාවශ්‍යනම් දෙන්න. ඒවා පිළිපදින බවට විශ්වාසනම් දෙන්න. ඔබ මගෙන් උපදෙස් ලැබූ අයුරු මතක් කර ගන්න. එක උපදෙසක් දීමට කිහිප වරක් මතක් කරන තුරු ඉන්න.

      නැතිනම් සිදු වන්නේ උපදෙස සහ උපදෙස් දෙන්නා විහිළුවට ලක් වීමයි. (මම මීට කියන වචනය 'අතුකෝරාල' වීමයි. අතුකෝරාල වෙන්න එපා...)

      Delete
    8. සිතුවිළිJanuary 24, 2013 at 7:42 AM

      මිතුර "කේ"
      මා මෙහි ලියනවා වැඩියැයිද කුමක් තිබුනත් අදනම් කිසිවක් නොලියමියැයිද සිතා ඔබගේ බ්ලොගය විවෘත කර බැලුවෙමි.
      එහෙත් ඔබ දී ඇති මේ මහඟු උපදෙස බලා ඔබට තුති නොකිරීම ගුනමකු කමකි.
      උපදෙස ජෝසප් අරබයා උවද මා එය හිස් මුදුනින් පිළිගනිමි.

      Delete
    9. ඔව්, මේනම් පින් පමුණුවා පිළිගත යුතු උපදෙසක්.

      ඇත්තටම යක් පැටියාට නම් මම බලෙන්වත් පන්න පන්නා පිළිතුරු දුන්නා නොවෙයි. අනික් අතින්, මුලින් ප්‍රශ්නය ඇසූ යක් පැටියාම දැනුත් සිටිනවා දැයි දැන ගැනීමට ක්‍රමයක් නෑ. මා ඔහුට මෙතැනට ආරාධනා කළ එහෙත් එහිදී නොකියූ හේතුව සීතිවිලිට වැටහෙන්නට ඇතැයි සිතමි.

      ඔහුට ප්‍රසිද්ධියේ පිළිතුරු දී 'පොර' වීමේ අභිප්‍රායක් හෝ කෙසේ හෝ පිළිතුරු දෙන්නට ගොස් ඇනයක් වීමේ අරමුණක් හෝ මගේ නැත. ඔහු කැමතිනම් ආවාවේ. ආවොත් පිළිතුරු දෙමි. හැදෙනවානම්, අපේ "පිස්සා" දුන් පිළිතුර ඔහුට ප්‍රමාණවත්ය. මා උත්සාහ කළේ ඔහු පියවරෙන් පියවර කරුණු අවබෝධ කර දීමට මිස අමුතු විශේෂ පිළිතුරක් දීමට නොවේ.

      ඒ නිසා ඔබේ උපදෙස හිස් මුදුනින් පිළිගනිමි. ඔබට පින්!

      Delete
  7. අද පෝය ... ???

    ReplyDelete
    Replies
    1. හලෝ ජෝෂප්, කේ, පොඩි ළමයා, සිතිවිළි,

      ප්‍රතිචාර මකන බ්ලොග්වලට නොලීවත්, මේ පුරුක දුන්නේ කලින් කතාවකට අනුවය.
      http://sinha-ali.blogspot.com.au/ යනු මා මෙතෙක් කී දෙයට පදනම් වූ තොරතුරු අඩංඟු තැනය. මේ නම් වලට අමතරව LCN වල +/- ලෙස ලිව්වේද ඔබමද?

      Delete
  8. සිතුවිළිJanuary 27, 2013 at 2:16 PM

    පොහොය ලිපියට මක් උනාද?

    ඒකත් ඉල්ලුම වැඩිවෙනකන් ඉඳලා දුන්නොත් හොඳයි කියලවත් හිතිලද කේ ට?

    ඔන්න අපි ඉල්ලුවා දැනවත් දෙන්න

    ReplyDelete
  9. මිතුරනි,

    පෝ දින ලිපිය නොලියවුනේ අවිවේකය නිසා සහ ඇස ඇරගෙන සිටීමටත් නොහැකි තරමට සෙම කිපීමෙන් ඇති වූ අසනීප තත්වය නිසාය. අද ඒ ලිපිය සම්පුර්ණ කර පළ කළෙමි. ඉල්ලුම වැඩි වෙනකම් සිටියොත් පළ කිරීමට අවස්තාවක් ලැබේවිද ???

    ප්‍රියන්ත මහතාගේ බ්ලොග් එකට ගොස් බැලීමි. එක ලිපියක්වත් සම්පුර්ණයෙන් කියෙව්වේ නැත. ඒවා වෙලාව ගෙන කියවමි. මගේ අදහස් එහිම ඉදිරිපත් කරමි. ඔබ 'පුරුක' දුන්නේ මට විය යුතුයැයි සිතාය ඉහත කරුණ ලියුවේ. +/- ගැන ප්‍රශ්නය ජොසෙෆ්ට වන්නට ඇතැයි සිතමි.

    ReplyDelete
  10. මිතුරනි.

    මා දවන ප්‍රශ්නය පිළිබඳව ඔබවන් කලන මිතුරන්ගේ උපදෙස් ගැනීමට උදක්ම බලාපොරොත්තු වෙමි. මෙම අඩවියට ඒමට ප්‍රමාද වුයේ නොදන්නා කම නිසා මිසක් අනවශ්‍ය කමක් නිසා නොවෙයි. මගේ සිත හදන පිළිතුරු දුන්, සිතිවිලි, Joseph ,කලන මිතුරු, පිස්සා වැන්නවුන්ට මෙතෙක් මාකල හා අනාගතයේ කිරීමට සිතන සියලු පින්කම් ගැන සිතා පින් දෙමි.

    මෙවන් වරදක් වෙයි සිනේකින්වත් නොසිතුවෙමි. මේ සිත පෙලන දුකට වඩා තවත් පව් ගෙවීමක් ලොවෙහි තිබිය හැකිද?

    මොහොතකට සිත පාලනයෙන් තොරවීම ගිනි ගොඩක් මැද පිච්චි මිය යාමට වඩා භයංකර බව මම අත්දැකීමෙන් දන ගතිමි.

    යක් පැටියා

    ReplyDelete