Tuesday, January 1, 2013

2013 ට සුභ පැතුම්



සියළු දෙනාට සුභ නව වසරක් වේවා !

නව වසරේ දෙතිස් කතා දින දසුන මෙතැනින් ලබා ගන්න.

10 comments:

  1. මිතුර,

    ඔබ මා කියූ පරිදි 'contact us' පිටුවක් අරඹා ඇති බව දිටිමි. ඒ ගැන සතුටුයි. මා සිතුවේ නව වසර එළඹෙන විට ඔබ සුදුසු නමක් හා 'profile' එකක් සමග නව ඇරඹුමක් ගනීවි කියාය. පසුගිය සතිය මුළුල්ලේ ඔබේ බ්ලොග් එක බැලුවේ නැත. LCNහි නම් ඉඳහිට comment එකක් දෙකක් දැමුවෙමි. ඔබේ පෝය ලිපිය කියවිය යුතුයි.

    ඔබටත් සුබ නව වසරකට ආසිරි පතමින් දැනට නවතිමි.

    ReplyDelete
    Replies
    1. එයත් කළ යුතුයි. ඔබට තුති.

      පෝය ලිපිය කෙටි කිරීමට සිතුවා... ඔබලා මෙහි සාකච්ඡා කරයිනම් මා ලියන ලිපිය කෙටි වීම සුදුසුයි. අනෙක් පසින් මේ මාසික ලිපියේ මූලික අභිප්‍රාය පෝය දිනය හා එහි වැදගත් කම ගැන ලිවිමම නොවෙයි. එහෙත් වප් හා ඉල් මාස වල ලිපි දිගු වී පෝය ගැනම ලියවුණා වැඩි යැයි සිතුණා. මා තවමත් මේ බ්ලොගයේ ලිපි 25 ක් ලියා නෑ, ඉතින් තවම මෙය හැඩ ගස්වමිනුයි සිටින්නේ.

      ඔබේත් අදහස් අනුව ඉදිරිය හොඳ වේ කියා සිතමි.

      Delete
  2. පොඩි ළමයාJanuary 1, 2013 at 8:01 PM

    ඔබ සැමට සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  3. සිතුවිළිJanuary 1, 2013 at 8:04 PM

    තෙරුවන් සරණින්, සියළු දෙවි රැකවරනින්, මිතුරු "K" ටත්, මෙහි සරණ සියළු දෙනාටත් බලාපොරොත්තු මල් ඵල ගන්වා ගැනීමට ශක්තිය ධෛර්‍යය සපිරි අනාගතයකට මගෙන් ශුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. සිතුවිළි,

      ඔබේ පැතුම කියවන විට මා ඉතා ප්‍රිය කරන පැරණි ගීයක් සිහි වුනා.
      "අරුණාලෝකය අතරේ
      අද නව ලෝකය බිහි වේ
      තෙරුවන් සරණින්, දෙවි රැකවරණින්
      ජය-ගොස දසදෙස පැතිරේ..."

      එකළ ගී කෙතරම් රසවත්ද. ඔබට ස්තුතියි.

      Delete
  4. ඔබේ කැලැන්ඩරයේ මැයි (පොලොන්නරුව වටදාගේ), ජූනි (මිහින්තලාව), ජූලි (දළදා මැදුර) හා අගෝස්තු (සීගිරිය) මාස වලට යොදා ඇති පින්තුර වල ඇති ස්ථාන දනිමි. පෙබරවාරි මස පින්තූරය නාගදීපය හෝ එහි යාමට බෝට්ටු වලට නැගෙන ස්ථානය හෝ විය හැකි බව සිතමි. ඔක්තෝබර් හා ජනවාරි පින්තූර වල ඇති කඳු වැටිය හා ජලාශය කොහේද? මේ අසන්නටම සිටි ප්‍රශ්නයක්, එහෙත් ඔබ එම ලිපියේ ප්‍රතිචාර පල කිරීම අත් හිටුවා ඇති නිසා මෙහිදී අසමි.

    පෝය නිවාඩුව වෙළෙඳ නිවාඩුවක් නොකිරීම ගැන ආන්දෝලනයක් ඇති වූ බව ඔබ දන්නවා ඇතැයි සිතමි. ඔබේ කැලැන්ඩරයේත් වෙළඳ නිවාඩු නැත. ඒ ඇයි?

    ReplyDelete
    Replies
    1. 1. ජනවාරි: දිඹුලාගල කඳුවැටිය හිමිදිරි උදෑසන
      2. පෙබරවාරි: නාගදීපයට පිටත් වන බෝට්ටු නවතන ස්ථානය (පුන්කුඩුතිව්?)
      3. මාර්තු: ගෙමිදුල
      4. අප්‍රේල්: ගල්ගමුව ප්‍රදේශය
      5. මැයි: පොළොන්නරුව වටදාගෙය
      6. ජූනි: මිහින්තලය ආරාධනාගල
      7. ජූලි: දළදා මාළිගාවේ පත්තිරිප්පුව
      8. අගෝස්තු: සීගිරියේ කැටපත් පවුර හා ගමන් මාර්ගය
      9. සැප්තැම්බර්: යාපනයේ 'කශුනා බීච්' ලෙස හඳුන්වන වෙරළ තිරය (මේ නම වැරදි විය හැක.)
      10. ඔක්තෝබර්: මාදුරුඔය ජලාශය
      11. නොවැම්බර්: අසල්වැසි නිවසක්
      12. දෙසැම්බර්: සීගිරි කඳු මුදුනට පෙනෙන සවස් කාලයේ අහස.
      ---
      මා නිවාඩු දින උපුටා ගත්තේ 2012 ජූනි 7 දින නිකුත් කළ රජයේ ගැසට් පත්‍රයෙනි. එහි වෙළෙඳ නිවාඩු නැත.
      ---
      ජොසෙෆ්,
      ඔබ කියන අන්දෝලනය ගැන මගේ උනන්දුවක් නැත. පෝය දිනය වෙළෙඳ නිවාඩුවක් ලෙස ලකුණු කර තිබුණ කිසිදු දින දසුනක් මට මතක නැත. ඔබ 2012 දින දසුනක් ගෙන මැයි මාසය බලන්න. එහි වෙසක් දිනය පෝය නිවාඩුවක් ලෙසත් වෙසක් දිනට පසු දින ප්‍රසිද්ධ නිවාඩු/බැංකු නිවාඩු/වෙළෙඳ නිවාඩු ලෙසත් ලකුණු කර තිබේ.

      Delete
    2. සමා වේවා... දැනුයි දැක්කේ.
      කේ,
      දළදා මාළිගාවේ පින්තුරේනම් සුපිරි. ඉතුරු පින්තුර නරකයි කියනවා නෙමෙයි. ජනවාරි මාසේ (දිඹුලාගල) පින්තුරෙටත් මම කැමතියි. මේවා wallpaper ලෙස ගන්න ක්‍රමයක් නැතිද?

      Delete
    3. ජොසෙෆ්,
      ඔව්, ඔබ හරි. මමත් කැමතිම ඒ පින්තුරයට තමා. දිඹුලාගල එක් එක් කෝණ වලින් ගත් පින්තූර බොහොමයක් මා ළඟ තිබෙනවා. ඒ නිසා දිඹුලාගල මට එතරම් සුවිශේෂ වස්තුවක් නොවේ.
      Wallpaper ලෙස ඡායාරූප සැකසීමට තරම් හැකියාවක් මට ඇත්දැයි සැක සහිතයි. එහෙත් වැඩි විශාලනයකින් යුතු (උදා. 1024x768) ඡායාරූප ඔබ කැමතිනම් ලබා දිය හැකියි.
      මේ කටයුත්ත මුල් කාලයේ මා සිතට ආවත් පසුව එය අමතක කළේ මගේ බ්ලොග් අඩවිය කතා මිස පින්තූර අවධාරණය නොකරන බැවින්. එහෙත්, 'බිංදු' ගේ බුදු පිළිම සහ දර්ශන බ්ලොග් අඩවි දෙක සඳහා නම් ඔය යෝජනාව කදිම යෝජනාවක්.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !