Friday, April 20, 2012

ද්විතියාගමන කථා

තව ද: අප බුදුහු බුදු වූ පස් වන හවුරුදු බග අව පසළොස්වක් දිනෙහි එදා උදය මුළු ලෝ බලා වදාරන සේක් චුලෝදර මහෝදර නම් දෙමයිල් නාරජුන්ගේ සීමාන්තරයෙහි පැනනැඟි මිණිපලඟක් නිසා කරන යුඬයෙහි නස්නා බොහෝ නයින් දැක, ඔවුන් කෙරෙහි උපන් මහාකරුණාවෙන් පුර්වභක්තියෙහි දෙවුරම් වෙහෙරින් නික්ම, දෙවුරම් දොරටුව සමීපයෙහි පිහිටි කිරිපලු රුක අරක් ගත් සමිඬි සුමන නම් දිව්‍යරාජයා විසින් උදුරා සිරසට කරන ලද එම කිරිපලු රුක් නමැති ඉදුමිණි නිල් සේසත් ධරා නිල් මේ කුළක් යට ගමන් ගත් පුර්ණ චන්ද්‍රයගේ ලීලා පරදවමින්, ආකාශයෙන් ම මණිනාග දිවයිනට වැඩ ඝොර වූ යුද්ධයට පටන් ගත් නාගසේනාවට පෙනි අහස පලග් බැද වැඩහිඳ, නො එක් පෙළහර දක්වා සාමග්‍රිතාවට නිසි වූ බණ වදාරා, දේශනා නමැති අමෘත වර්ෂායෙන් නයින්ගේ කෝපාග්නි සන් හිඳුවා සමගි වූ දෙමයිල් නාරජුන් විසින් පිළිගන්වන ලද මිණිපලඟ මතුයෙහි වැඩහිද, ඔවුන් විසින් ම පිළිගන්වන ලද දිව්‍යභෝජන වළදා, අනුමෙවෙනි බණ වදාරා, අසු කෙළක් නයින් ශරණශිලයෙහි පිහිටුවා මතු ම දුටුවා සේ වදුව - පුදව යි කිරිපලු රුක හා සමග මිණිපලඟ නයින්ට ම පාවාදී මෙසේ දෙවන ධාතු ප්‍රතිෂ්ඨාවෙන් ලක්දිවට අරක් දී දෙවුරම් වෙහෙර ම වැඩි සේක.

මෙසේ තමන් වහන්සේ මොහොතක් කල් වැඩහුන් ආසන යට පවා ශාසනාන්තය දක්වා දිව්‍යනාගරාජයන් විසින් කරන ලද පුජා මහිම ඇති හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

෴ පූජාවලිය | සම්‍යක් ප්‍රතිපත්ති පූජා කථා ෴
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !